namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, December 27, 2021

සරත් දසනායක ගී මධු කුසලානය - 02

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999)  - 02 වන දිගහැරැම

 ආදරණිය ’සරත් අයියා.... මුඵ සිරුරම තනිකරම සංගීතයක්, ඔහු එතරම්ම දක්‍ෂ නිර්මාණකරුවෙකු බව නොපැකිළිව හැමවිටම එක සිතින් මුඵ හදින් කියා සිටිමි.




 මා ඇතුඵ අපේ කන්ඩායම වෙළඳ තැටි වෙනුවෙන් ගැයු ගීත ගණනාවකට මෙන්ම ගුවන් විදුලියේදී ගැයු ගීත වෙනුවෙන් ඔහු තැනු තනුවල ද ඒවාට මුසුකලේ සංගීතයෙන්ද නැගුනු මිහිර යුග ගණනාවක් පවතිනවා නිසැකයි. 



හොඳ හදවතක් තිබුනු කලාකරුවෙක්. උතුම් ගුණ ඇති විරළ හැකියාවක් තිබු මිනිසෙක්. 


’ත‍්‍රී සිස්ටර්ස්’ නායිකා ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය ඔහු පිළීබඳව පැවසු වදන් රැුසක් පිඬුකොට පෙර සටහන පිළීයෙළ කරන ලදී.


 ඔහු ගේ ස්වාධීන මෝහනීය ගී තනු නිර්මාණ අතර මතුවු සුවිශේෂී ගීතයක් ගයන්නට ශීල්පිනි සුජාතා අත්තනායක වරම් ලද්දීය. සරණබන්ධනයක උත්සවයේ නිමාව සනිටුහන් කරන්නා වු ’මනාලිය’ සිය ආදරණිය දෙමව්පියන් හැරදා ආගන්තුකයෙකු සමග නව දිවි ගමනකට නික්ම යන මොහොතේ ඇයගේ හදතුල නැගෙන සිතුවිලි දහරාව ගී පද වදන් බවට හැරවුයේ අජන්තා රණසිංහ නම් ශූර ගී පද රචකයා විසිනි. එදවස විවහමංගල්‍යඋත්සවයන්හිදී මේ ගීතයේ අනුවාදනය වැයුනු වාර ගණන අතිමහත් විය හැකිය. බොදුනුවන් පෝරුමස්තක විමේ චාරිත‍්‍රයේදී ගැයෙන ආශිර්වාදාත්මක පාලි ස්තෝත‍්‍ර පාඨයන් වූ ’ජයමංගල ගාථා’ නාදමාලාව සියුම්ව කැටිකොට ගත් මෙහි, භාවප‍්‍රකම්පනය ප‍්‍රබලත්වය වඩාත් තිව්ර කරනට ඊට යොදා ඇති වදන් මාලාව හේතුවෙයි. සාම්ප‍්‍රදායික පරිසරයක හැදි වැඩුනු යුවතියකගේ ජීවන රටාව චිත‍්‍රනය කරන එය, එකී උද්වේගකර අවස්ථාවට මුහුණ දෙන ඔ්නෑම ළඳකගේ ළමා - නවයොවුන් වියට අදේශ කල හැකිය. ඒ අනුව ඔවූහූ ඒ මොහොතේ එයින් වඩ වඩාත් සංවේදී වෙද්දී එය ශ‍්‍රවණය කරන ’පියාණන්ගේ’ හැගුම්බර බව ඉන් වඩාත් තිව්ර කරයි.


 ------

ඉන්ද්රානි පෙරේරා
-------

පුංචි දවස්වල නින්දට යද්දී....


පීතු පාදං නමාමහං කියලා ...


වැන්ද දෙපා යළි අදත් වඳින්නම්...


මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි.....


මල් බෝනික්කන් පූසි පැටව් ටික.........


පාට ගවුම් පොඩි අද තනි වෙනවා ...........


පියාණෙනී ඔබේ ආසිරි ඉඹ ඉඹ ......


ඉරණම් ගමනක් යන්නට යනවා .............



පියාණෙනි ඔබේ පුංචි කුමාරිය ...


පුංචි මනාලිය වි යන දවසේ ...


එපා අඬන්නට එපා අඬන්නට ..


පුංචි ’මුණුපුරෙක්’ කැන්දන් එන්නම්..


මා හෙට දවසේ ................


------------------

සරත් දසනායකයන් විසින් ගුවන් විදුලියේ මුල්වරට පටිගත කළ පිටපත මෙයින් සවන්දෙන්න

--------------------


දෙසවන පිනායන සරපුවරු වාදන, විද්යුත් ගීටාර් නාදරටා, මෙන්ම සැක්ස්ෆෝන් හඬ සංකලනයන් ඔහුගේ සිනමා සහ වෙළඳ තැටි සහ කැසට් මියැසිය සමන්විතය. එහෙත්, ගුවන් විදුලි ගීතයේදී, සිතාරයේ සහ වයලීන හඬට ඔහු වැඩි ඉඩකඩක් වෙන්කර දෙයි. 


ඉන්ද‍්‍රානි පෙරේරා ශිල්පිනිය ඇතුඵ සොයුරියන් විසින් දයානන්ද ජයවර්ධනගේ ’සමන්මලී’ උදෙසා ගැයුනු ’මන්දහාසේ මන්දහාසිනී.........’ (ධර්මසිරි ගමගේ)  ද, වෙළඳ තැටියක් උදෙසා ගැයුනු ’ආරධනා පුංචි පුංචි තාරකා’ (උපාලි ධනවල විතාන)  වාද්‍ය සංකලනය ඔවුන් ගුවන් විදුලියේ දී ගැයූ ’කුරුල්ලනේ නුඹලගේ සංතෝසය (කරුණාරත්න අබේසේකර) ගීතයේදී වඩාත් පෙරදිග සංගීත භාවිතාවයට නැඹුරු වෙයි. ’ගුවන් විදුලි වාද්‍ය වෘන්දය’ උදෙසා බාහිර බටහිර වාද්‍ය රසය මුසුකරගනු වස්, ඉන් පරිබාහිර ශීල්පීන් යොදාගැනීමෙන් වැළකි සිටි ඔහු ඒ කටයුත්ත ’ගුවන් විදුලි නිත්‍ය වාද්‍ය වෘන්දය’ ලවාම සිදුකරගැනීමට රිසි වුවා වැන්න. නමුත් එයින් ඔහුගේ නිර්මාණයන්හී රසපූර්ණබවෙහි කිසියම්ම හෝ අඩුවිමක් නැත්තේය.

  

-------
ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවෝ - 1970 - 1978
----------

1977 වසරේ  සිදුවූ දේශපාලන පෙරළියෙන්, නව අග‍්‍රමාත්‍ය ධූරය හොබවන්නට කලා හිතැති ’ආර් පේ‍්‍රමදාස’ සහෘද ජනනායකයා සමත් වු අතර, ඔහු ලංකා ගුවන් විදුලිය ඔස්සේ ’එල් පී’ ගණයේ ගී තැටියක් නිකුත්කරවා ගන්නට ද උත්සුක විය. එහි ගී නිර්මාණ ගණනාවක් සඳහා ’සරත් දසනායකයන්’ ඇරයුම් ලබන්නේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වු ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ හා සමගිනි.  තැටියේ පැහැදිලිව එහි ඇතුළත් සියඵ ගී පද රචනා ’ආර් පේ‍්‍රමදාස’ ගේ ලෙස සඳහන්ය. එය නිකුත් වු වහාම, ලංකා ගුවන් විදුලිය තමන් ගේ උදා ගී විකාශනයන් උදෙසා නිතිපතා එහි අඩංගු වු ගී වාදනය කරන්නට තෝරා ගනු ලැබූහ. 


01 මිනිසා මිනිසට එරෙහිව එන්නේ ......  සිතුවිලි නපුරට හැරෙන නිසයි .....(පන්ඩිත් අමරදේව)


02 සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි .... (ජෝති)


03 පෙරදිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නවහිරු කිරණ නැගේ ....(ජෝති)


04 අහසේ ඇවිද කවදෝ හෝ විඵඹ ගෙවී .... (දයාරත්න රණතුංග)


එහිදී ඔහුගේ තනු නිර්මාණයෙන් හැඩගැන්විනි.

ඔහු එදවස ඔවුන්ට හිතැතිව සමීපව කටයුතු කළේය 

ආර් පේ‍්‍රමදාස ශූරීන්ගේ නවකථාවන් වු ’ජීවන කදුඵ’, ’රන්මිණිමුතු’ පසුව සිනමා නිර්මාණ ලෙසින් දොරට වඩිද්දී, ඔහු ඒවා උදෙසා සිය ඉන්ද‍්‍රජාලික තනු මංජුසාව විවර කර, එයින් සිරුවෙන් තෝරාබෙරා ගත් රසපුර්ණත්වයෙන් අනූන ’ගී’ තනු යොදාගත්තේය. පහත සටහන් කර ඇත්තේ "සිතුවිලි" ගී තැටියෙන් මතුව, ගුවන් විදුලි උදා ගීතාවලිය රසගන්වන්නට නිරන්තරයෙන් යොදා ගත් "ජෝති" දෑ අභිමන් ගීයකි.


පෙරදිග අහසේ පෙරමුණ අරගෙන ................


සිතුවිලි නවහිරු කිරණ නැගේ ....


පෙර රජ දරුවන් ගිය මග යන්නට ....


සැරසෙව් පෙරමග ලකුණු දිගේ ................


මගේ රට සුරකින ජීවන දහමයි...


වැවයි දාගැබයි ඔබයි මමයි...


රන්කෙත පින්කෙත අතරින් මතුවුන...


ඉසුරු සුගන්ධය දසත හමයි......


-------------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------------

 

1978 දී ශ‍්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සිදුවු පෙරනොවු විරූ පෙරළිය එනම් ’කැසට්’ සංගීතයේ අගමනයෙන් ද පසුව ඔහු විසින් තැනු මහා ගී තනු මන්දිරයේ ඔපය දිනෙන් දින ප‍්‍රබාතයෙන් බැබළීය. ඒ යුගයේ සිට 80 දශකයේ අවසාන යුගය තෙක් බිහිවු දහස් ගනන් කැසට් පට කංචුකයන්හි ’සරත් දසනායක’ නාමය ලියැවි තිබුනු වාර ගණනද සුඵපටු නොවේ.














සරත් දසනායකයන් පන්ඩිත් අමරදේව සමග තනුවක් නිර්මාණයේදී පසුබිමින් බලා සිටින්නේ සිනමාවේදී රංගන ශිල්පී  මිල්ටන් ජයවර්ධනය (දකුණේ)

----------------------------

රැුල්ලෙන් රැුල්ලට පාවෙන ඔරුවේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

නිල්ලතා පුරා - නන්දා මාලිනි (කුලරත්න ආරියවංශ)

චූටි නංගියේ අදින් පසුව අක්කා - නීලා වික‍්‍රමසිංහ (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

සංසාර සාගරේ ජිවිතේ යාත‍්‍රාව - නන්දා මාලිනී - (සුනිල් ආරියරත්න)

දිසාපාමොක් ඇදුරුතුමනී  - ටී එම් ජයරත්න (උපාලි ධනවල විතාන)

ඔරුව වසා වැලි පුරවා එගොඩ ගොඩේ - ටී එම් ජයරත්න (උපාලි ධනවලවිතාන)

හැඩකාරයි මං පොඩිකාලේ - චන්ද‍්‍රානි ගුණවර්ධන (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රෑ දුරුරට දී හිම වරුසා  - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)

බොල් වී අහුරු - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)(

උඩවැඩියා මලක් වගේ - සුජාතා අත්තනායක   (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රන් කුරහන් හේන උඩින්  - නිරංජලා සරෝජිනී (උපාලි ධනවල විතාන)

--------------------------------

මතු කියවුනු ගී රස මිහිර බිඳිති මෙයින් ...........අසන්න

---------------------------------

සරත් දසනායක ස්වාධීන අමයුරු ගී සළකුණ දැරූ අනන්‍යතාවය කිනම් වේද?

හින්දි ගී තනු බිහිවුයේ උත්තර භාරතීය ජන සංගීතයේ ආභාෂය ලබමිනි. ඒවාට පසුව බටහිර සංගීත ශීල්පීය න්‍යයානුකුලව ’හර්මනි’, ’කවුන්ටර් මෙලඩි’ අනුගත කර ’ජනප‍්‍රිය පොප් ගී’ බිහිකරගනු ලැබිය. ලාංකීය ’ආර් ඩී බර්මන්’ ’ලක්‍ෂ්මීකාන්ත් - ප්‍යොරේලාල්’ වූ ’සරත් දසනායක’ යන් සිංහල ජන සංගීතයෙන් සිය නිර්මාණපෙළ පෝෂනය කරගන්නට යෙදුනි.


උක්ත ගී පෙළ අතර සටහන් වූ


’නිල් වන ලන්දේ මල් මකරන්දෙ’් - ’පාට පොදක් තිලකලා’ - ’මුව මදහාසේ සීපද රාවේ’ - ’නිල්ල නගන ස්වර්ණ කිකිණි’ - එවන් නිර්මාණයන් ය.


ඉංග‍්‍රිසි ගී ගයමින් රසික සමාජයේ එක්තරා කොටසකට පමණක් ගී රසය බෙදාදුන් අසමසම ගී හඬකින් පරිපෝෂිත ’ඩැල්රින් ආනෝල්ඩා සූබි’ නම් වූ බර්ගර් ජාතික ගායිකාව සිංහල ශ‍්‍රාවක රසියන් වෙත හඳුන්වාදීමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට හිමිවේ. ඒ 70 දශකයේ මැද භාගයේදීය නමුදු 80 දශකයේ උදාවේදී ඇය සිංහල සංගීතය වෙත පියවර ගණනාවකින් වඩාත් සමීප වී , ජන ගී ආර මතුකල නිර්මාණයන් උදෙසා සිය හඬ මුසුකරද්දී එහි සියඵ ගෞරව බුහුමන හිමිකරදියයුත්තේ සංගීතවේදී සරත් දසානයකයන් හටය.


’ඔළිඳ කෙළිය’ නාද රටාව සිහිගන්වන මෙහි ඇයගේ බටහිර ආරට හුරු ගී හඬින් එක්කල අපුර්වත්වය කොතරම් වේද?


බාල ගැටිස්සි කැන්දන් යන්න හදනවා...............


තරිකිට.............


දොන්ත බබක්කට ලැජ්ජයි ...


දෙන්න දෙයක් නෑ ................


------------------

නිෂ්පාදනය - සිල්වර්ලයින් රේකෝඩ් බාර් 


නිෂ්පාදක - කෙනත් පෙරේරා


ගී පද - අජන්තා රණසිංහ


වසර - 1977 පමන

-------------------------

70 දශකයේ ගී නිර්මාණකරණයේදී සමකාලීන ගුවන් විදුලි ශිල්පීන් අනුගත වි තිබුනු නව ප‍්‍රවණතාවය වුයේ ’ජන ගී’ ආභාෂය ලබන්නට රිසි විමයි. අදාල විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව මනාසේ හදාරා නිර්මාණකරණයේ යෙදුනු සරත් දසනායකයන්ද ඒ අනුව කටයුතු කලා විය හැකියැයි අනුමාන කළ හැකිය. ’පාරු කවි, නෙඵම් කවි, ජසයා ලෙන්චිනා නාඩගම, රබන් ගී ඇතුලත් වෙළඳ තැටියක් උදෙසාද ඔහුගේ දායකත්වය ලැබ තිබුනි. (ලෝටස් එල් පී තැටිය - ෆෝක් සෝන්ග්ස් ඇන්ඩ් රිදම්ස් ඔෆ් ශ‍්‍රී ලංකා)


’ජන ගී ආර’ ප‍්‍රචලිත කරන්නට යෙදී, දේශිය ජන සංගීතය ප‍්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක යෙදුනු ’70 දශකයේ’ ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් විශේෂ සංගීතමය විචිත‍්‍රාංග කිහිපයක් දියත් කර තිබුනි. සී ද එස් කුලතිලකයන්ගේ අර්ථපතීත්වයෙන් දියත් කෙරුණු ’ජන සංගීත පර්යේෂණ ඒකකය’ උදෙසා ’සරත් දසනායක’ ද, දායකත්වය ලබා දුන්නේ එවකට ආධුනික ශීල්පියෙකු වූ ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර දීමෙනි. එය පසුව ගී පද රචනා කලාවේ ප‍්‍රවිණත්වය ලද ’කුලරත්න ආරියවංශ’ ගේ කුඵඳුල් ගී සංකල්පනාව විය. ඔහුගේ මෙම අපුර්ව නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිය ශ‍්‍රාවකයන් වෙත නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී තැටියේ (1976) ඇතුළත් කරන්නට තෝරා ගන්නා ලද්දේය.


ආදරයෙන් මා හද වට එතෙන ලතා......................


’ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා .....................’


’දිගින් දිගට නිල් වරළස මුදන්නියා............’


’නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා.............’


’රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා.....’


’දුරින් දුරට මා සිතගෙන මටත් හොර ඇදෙන්නියා.....’


’පාන්දරින් මල් පිපුනා බඹරු දනී ....’


’සිහින් තුසර පිනි වැටුනා අහස දනී...’


’සෙමෙන් විහග ගී නැගුනා පවන දනී..’


’නුඹට බැඳුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී....’


-----------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------


සේයාරෑ උපුටාගැනීම - මුහුණූපොත ඇතුඵ අන්තර්ජාලයෙනි. ඒවා ඊට එක්කල රසවතුන්හට ස්තුති පුර්වකවයි.

සරත් සත්සර රස සරය මෙතැන් සිට ඉදිරියට...

Monday, December 13, 2021

Sarath Dasanayake Song Collection - සරත් දසනායක ගී එකතුව

 භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999) 

 සිංහල සිනමා - ගුවන් විදුලි - තැටි - කැසට් ගී කලාවේ මල්බර වසන්ත සමයක අතීතාවලෝකනය.


සිනමාවේදී සේන සමරසිංහයන් ගේ අමරණිය සිනමා නිර්මාණ පෙල හේතුවෙන් සිංහල සිනමා ගී කර්මාන්තය ලැබූ අමිල සම්පත නැසිගිය සංගීතවේදී සරත් දසනායකයි.

සරත් දසනායක වද්‍ය වෘන්දය මෙහෙයවන අමරණිය සේයාරැව


පිළීවෙළීන් සුනිල් සාන්ත - බී ඇස් පෙරේරා - එඩ්වින් සමරදිවාකර - ෂෙල්ටන් පේ‍්‍රමරත්න -  පන්ඩිත් අමරදේව - පේ‍්‍රමසිරි කේමදාස - සෝමදාස ඇල්විටිගල යන ජ්‍යෙෂ්ඨයන්ගෙන්  පසුව ’70’ දශකයේදී පළමුවරට සිනමා පසුබිම් සංගීත නිර්මාණය, ගී තනු සහ සංගීත සංයෝජනයන් වෙත නැඹුරු ව, වහා ප‍්‍රවිණත්වය ලද ඔහු දිවයිනේ පහළ වු අති දක්‍ෂ, සුරුවිරු සිතාර් වාදන ශීල්පියෙකු බව දැන හැඳිනගත්තෝ සිමිතය.


ඉහත ලැයිස්තුව නියෝජනය කල සියඵ සංගීතවේදීන් අනුකාරක උත්තර භාරතීය සිනමා සංගීත තනු පිළිකෙව් කළෝ වෙති. ඉඳහිට, ආයෝජකයාගේ බලවත් පෙරැුත්තය නිසා උපුටාගත් තනු එකක් දෙකක් භාවිතා කළද ඔවුන්ගේ නිර්මාණ සියල්ලම පාහේ පූර්ණ ස්වත‍්‍රන්ත‍්‍රය.


එම් කේ රොක්සාමි - ආර් මුත්තුසාමි යුගළයද මියුරු රසපූර්ණ ස්වාධීන නිර්මාණපෙළකින් සිංහල සිනමා ගීතය සැරසූහ. එහෙත් ඔවුන් ද අන්සතු තනු නිර්මාණයන් එක්තරා සංඛ්‍යාවක් සිරු මාරුවෙන් සපයා ගත්හ.


පෙර කී ශීල්පි ලැයිස්තුව වෙත, නොපැකිළිව ඇතුළත් කල හැකි ’සරත් දසනායක’, මධූරතර ගී පෙළක් සිංහල සිනමා ගීතාවලියට දායාද කොට දුන්නේය. 


සදහටම ඔබ මගේ - 1973


පෙම්රස වෑහෙන මංගල ගීතේ - අමර පෙම් ලතාවේ - දෑසේ මාගේ සැතපෙනා  - වාසනාව දොර ඇරලා බලනවා


නිල්ල සොයා - 1976


නිල්ල නගන ස්වර්ණ කිකිණී - දෑසේ මාගේ සැතපෙනා - සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ 


කස්තුරි සුවඳ - 1975


පාට පොදක් තිලකලා - මල් වයසේ මධු සිහිනේ - පෙම්වතියන්ගේ මහ සාගරේ - ලස්සන ලෝකෙක ඉපදීලා  - ගිගිරි ජගරි


ආශා දෑසින් - 1978


විකසිත පැතුමන් ඔබෙ ළයේ - අනංග රංගී එමල් සැරය වැදීලා - මුව මදහාසේ සීපද රාවේ- ආරාධනා ඉවසා


මල් කැකුඵ - 1980


සාගර ඉවුරේ - බිඳු බිඳු කදුඵ ගලා - හසරැුල් සුසුමන් 


චංචල රේඛා - 1982


කීන දං මිටක් කඩං ආවා - හස කැඵම් උදා වේවා එදා සේ - මී අඹ අත්තේ කොහෝ කොහෝ 


ඈතින් ඈතට - 1983


බෝධියේ විහාරයේ පිදු පියුම් වැනිවූ - රන්මාල රන්තෝඩු හංගා තියා - කැන්දන් යන්නං රන්මල් මාලා දාලා - සීතයි හරියට හිම ගානයි.


සදාකල් රැුඳේවා - 1985


මෙය මා පැතූ ජවිතේ බඳු  - මා පුතුනේ ....


සිංහ පැටවු - 1988


ලංකා හෝ ලංකා එතෙර පවා ලංකා - මින්පෙරත් ඔබ මගෙදෝ


----------------

සරත් දසනායක හා එක්වෙමින් සේන සමරසිංහ - සෝමපාල ලීලානන්ද  - මිල්ටන් ජයවර්ධන රසවතුන් ගොඩනැංගු ගී මියුරස පහයේ විසිතුරු බිඳිති..... මෙතැනින් සවන්දෙන්න

---------------------------

නම් වු ’සේන සමරසිංහ සිනමා නිර්මාණ’  ලැයිස්තුවේ ගී ගැයු ගායක ගායිකාවන් සඳහන් කරනු අනවශ්‍ය වන්නේ ඒවා එතරම්ම සිනමා ලෝලි ශ‍්‍රාවක රසික ප‍්‍රසාදයට ලක් වී පවතින නිසාත්,ඒවා පිළීබදව ඔවුන් හොඳින් දැනුවත් වී ඇති නිසාත්ය. ඒවායේ ගී පබැඳුම් අති බහුතරය සේන සමරසිංහ - සරත් දසනායක සුසංයෝගයේ නොබිඳුනු රන්දාමය වු ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ’සෝමපාල ලිලානන්ද’ ගෙනි.



ඉන් පරිබාහිරව, ඔහුගේ ගී රසඋල්පතින් වෑහුනු නොසිඳෙන නොබිඳෙන රස ගී පැන් වරුසා අතර

පන්ඩිත් අමරදේව  - ආචාර්ය නන්දා මාලිනී
වෙනුවෙන් සරත් දසනායක මියැසිය මුසු කල අවස්ථාවක්



ලෙනින් මොරායස් හැදූ ආවා සොයා ආදරේ  - 1974

න්මසු රන්කිරි ගරුඬ තලාවක  - ජෝති  - ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මා සැඩ සුළගක මැදිවි පැටලීලා - ලතා වල්පොළ  - එම

රොන් සොයා පියඹන සමණලියක සේ - ලතා වල්පොළ - එම

සොයා සොයා එමි දැකුමට ඇත්තේ - ලතා වල්පොළ ඇතුඵ පිරිස  - එම


රංජිත් පෙරේරා තැනූ දිනුම් කණුව - 1974

මියුරු කල්පනා නෙතක දැල්වුනා - වික්ටර් රත්නායක, (පේ‍්‍රමකිර්ති  ද අල්විස්)

ඉරට අකීකරු සඳට අකීකරු - ඉන්ද‍්‍රානි පෙරේරා - (සුනිල් ආරියරත්න)

 

තිමති වීරරත්න ගේ ’සංගීතා’ - 1975

ඔබේ සැම මගේ සතුටයි -  ජෝති (කරු අබේසේකර)

ලෝකයේ වෙනස් වුනේ  - ජෝති (කරු අබේසේකර)

සල් සපු නා නිල් මානෙල් - ජෝති (කරු අබේසේකර)

මී පිරුණු සුවඳ මල් වනේ  - ජෝති - ඇන්ජලීන් (එම)

ඉර හඳ වැඳලා - ජෝති  - ඇන්ජලීන් (එම)


චන්ඩි පුතා - 1975

අම්මලා දුක් ගන්නේ  - ලතා වල්පොළ (සෝමපාල ලීලානන්ද)

බඹරා වගේ ඇත තවම විසේ - ජෝති (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

තනියේ ආවාරේ - ඇන්ජලීන් (සෝමපාල ලීලානන්ද)


විජය ධර්ම ශ‍්‍රී නිර්මාණ - දුහුඵ මලක් - 1976

බොඳ මිදුම් කදුරැුල්ලේ - අබේවර්ධන බාලසූරිය  - සුජාතා අත්තනායක (අජන්තා රණසිංහ)

රෝමය ලෙසේ  - මිල්ටන් මල්ලවාරච්චි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්කල - නන්දා මාලිනී (අජන්තා රණසිංහ)

සීතලේ වෙලී තාරුකා දිලී - ඉන්ද‍්‍රානි පෙරේරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්)


යළිත් ලෙනින් මොරායස් වෙතින්  - උන්නත් දාහයි මලත් දාහයි - 1976

නිල්මිනි සැංගි පාවෙි - ලතා වල්පොළ (කරුණාරත්න අබේසේකර)


යළි යළිත් ලෙනින් මොරායස් ගෙන් - හිතුවොත් හිතුවාමයි  - 1977

චුක්කි චුක්කි චුක්කි කියලා මාව රවටලා  - ලතා වල්පොළ - වික්ටර් රත්නායක (ඔගස්ටස් විනයාගරත්නම්)

ආදර කිතියෙන් හද සැඵනා දැනුනා දැනුනා රස දැනුනා - ලතා වල්පොළ (ඔගස්ටස් විනයාගරත්නම්)

මා එදා දෑතින් සනහා ඔබ දුන්  - ඇන්ජලීන් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)


ජේ කේ චාල්ස් පෙරේරා ගේ  - විස්මය - 1978

ලස්සන නම් නෑ පෙනෙන්නේ  - සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)

අමුතු අමුතු අරුණඵ මල් - සනත් නන්දසිරි (ඩෝල්ටන් අල්විස්)


මිල්ටන් ජයවර්ධන හැදූ  - මධුවන්තී - 1978

පැතුම් නිනව්වේ ආශා සුන්වි - මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

ගිගිරි කිඳුරු රාවේ සවන් පුරා යාවේ - ජෝති - ඇන්ජලීන් (ඔගස්ටස්)


දයානන්ද ජයවර්ධන නිර්මාණ - සමන්මලී - 1979

ආශා මල් පවන් දල්වලා  - ලතා - ධර්මදාස වල්පොළ (සිරිල් ඒ සීලවිමල)

හදවත මාගේ තටුසලා - ජෝති - ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මන්දහාසි මන්දහාසිනි - ත‍්‍රී සිස්ටර්ස් (ධර්මසිරි ගමගේ)


මිල්ටන් ජයවර්ධන හැදූ - නුවන් රේණු - 1979

සැන්දෑවේ මා හා කිදේ රහසේ - මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

මේ සීත නිල්ල මියුරු සමීරේ - වික්ටර් රත්නායක සහ ලතා වල්පොළ (අජන්තා රණසිංහ)


දයා විමලවීර ගේ  - ජීවන කදුඵ - 1979

සුරංගනා ලොවින් බසින් කුමරියේ - ජෝති - ඇන්ජලීන් (උපාලි ධනවලවිතාන)

සිඳු පතුලේ මුතු  - ඇන්ජලීන් (ධර්මසිරි ගමගේ)

සිතිවිලි සයුරේ රළරැුලි අතරේ  - චන්ද‍්‍රිකා සිරිවර්ධන (ඇන්ටන් අල්විස්)


යසපාලිත නානායක්කාර නිර්මාණ - ටක් ටික් ටුක් - 1980

යන එන හැමතැන සොයන්නේමි - ජෝති (ඔගස්ටස් විනයාගරත්නම්)

නිසංසලේ සැලේ කැඵම් පෑහේ - ජෝති - ඇන්ජලීන් (ඔගස්ටස් විනයාගරත්නම්)


යසපාලිත නානායක්කාර නිර්මාණ - මුවන් පැළැස්ස - 02 - 1980

පැණි මොර මල් පැණී මොර මල් - ටී එම් ජයරත්න (ජෝරජ් ලෙස්ලි රණසිංහ)

නිල්වන ලන්දේ මල් මකරන්දේ - වික්ටර් රත්නායක - නන්දා මාලිනී (අජන්තා රණසිංහ)


හර්බට් රංජිත් පීරිස් ගේ ’එක්ටැම්ගේ’  - 1980

උන්මාද සිතුවම් මැවේ බිඳේ - ගුණදාස කපුගේ (සුනිල් ආරියරත්න)


යසපාලිත නානායක්කාර හැදූ නැවත හමුවෙමු - 1982

සිහින අහසේ වසන්තේ  - ජෝති - ගේ‍්‍රෂන්  (උපාලි ධනවල විතාන)

සෙනෙහස පෑවා යළි හමුවූවා - ජෝති  - ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)


දයා විමලවීර - මිහිදුම් සිහින - 1982

සරා සඳේ සිනහා සේලේ - ජෝති (කුලරත්න ආරියවංශ)

කදුළැලි නෑනේ අප රැුහේ - මිල්ටන් මල්ලවාරච්චි - චන්ද‍්‍රිකා සිරිවර්ධන ඇතුඵ පිරිස 

මල් තලාවේ රෑ වලාවේ - ලතා වල්පොළ - (අජන්තා රණසිංහ)

සාස්තරේ සාස්තරේ කාටදෝ - ඇන්ජලීන් 


මාලිනී ෆොන්සේකා නිර්මාණ - සසර චේතනා - 1984

බුදුනේ බුදු පියාණෙනි  - ටී ෂෙල්ටන් පෙරේරා (සුනිල් ආරියරත්න)

හිම කඳු යහනේ  - ගේ‍්‍රෂන් ආනන්ද - නිරංජලා සරෝජිනී (කුලරත්න ආරියවංශ)


යසපාලිත නානායක්කාර ගේ ජය සිකුරුයි - 1984

පායා දිනිඳු පායා - ඇන්ජලීන් (දයාසේන ගුණසිංහ)

නන්දන උයනේ මියුරස තවරා ගේනා  - ජෝති ඇන්ජලීන් (සුනිල් ගුණවර්ධන)

මල් සිනහා පෑවේ නිල් ගගුලේ - ගේ‍්‍රෂන් ආනන්ද (බන්ඩාර කේ විජේතුංග)


සුනිල් සෝම පීරිස් ගේ දිනුම - 1986

හිතුමතේ ජිවිතේ කඩුතුඩු මත - ගේ‍්‍රෂන් ආනන්ද (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

ඩිං ඩොං ඔ් බේබි සිංග් අ ‍සොන්ග් - ගේ‍්‍රෂන් ආනන්ද  (බන්ඩාර කේ විජේතුංග)

මල් රොන් වයසේ පෙම් කවි ලෝකේ - ගේ‍්‍රෂන් ආනන්ද සමග ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)


රෝයි ද සිල්වා ගේ ගෙදර බුදුන් අම්මා - 1988

සක්වල එතෙරට ඇසෙනා  - නන්දා මාලිනී  - එඩ්වර්ඩ් ජයකොඩි


(පෙරකී ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ඔහු ගේ අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ ගී නිර්මාණ සංක්‍ෂිප්තවය.)

 ----------------------------

සරත් දසනායක සර්වකාලීන සිනමා ගී මිණිමුතුදාමයේ රුසිරු මෙතැනින් 

----------------------------


1983 - බෝධීයේ විහාරයේ, (ඈතින් ඈතට - නීලා වික‍්‍රමසිංහ)  1984 - බුදුනේ බුදු පියාණෙනි (සසර චේතනා  - ටී ෂෙල්ටන් පෙරේරා)   ජනපති සම්මාන, සරසවි සම්මානිත ගී නිර්මාන බිහිකල ඔහු තමා උපයා සපයා ගත් බරපැන යොදා දයා විමලවීරයන් ගේ අදියුරු භූමිකාවෙන් නිර්මාණය කරල ලද ’මිහිදුම් සිහින’ - 1982 වෙනුවෙන් ජෝති ගැයු ’සරා සඳේ සිනාහ සේලේ’ නිර්මාණය අරභයා ජනාධිපති සම්මාන දිනා ගත්තේය. මෙළෙසින් ඔහුගේ නොසිඳෙන ගී උල්පතින් මතුවුයේ සිනමා ගී පමණකුදු නොවේ. සංඛ්‍යාත්මකව  ඒවා ඉක්මවා රසපුර්ණ වේගරිද්ම වෙළඳ ගී තැටි නිර්මාණ රැුසක් ද ඊට ඇතුළත්ය. ඒවා අතර වැඩිමනත්ව ඇත්තේ ඉන්ද‍්‍රානි පෙරේරා සිය සොයුරියන් දෙපොළ හා එක්ව ගැයු ත‍්‍රී සිස්ටර්ස් ගී තැටි නිර්මාණයන්ය. ඒවාද එදාමෙදා තුර නොමද රසික සම්භාවනාවට පාත‍්‍ර වෙමින් අඩසියවසකට පසු අදද ජනප‍්‍රියතම ගීත ලෙස කිරුඵ පැළඳ සිටී.


සාගරය පරදා උතුරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්), අපි මිතුරෝ මුහුදු ගියෝ (කරුණාරත්න අබේසේකර), . වාසනාව දෝතට ගෙන (කරුණාරත්න අබේසේකර),නෙල්ලි කැලේ වැල්ල දිගේ (පේ‍්‍රමකීර්ති ද අල්විස්), මගේ හිත වෙනතක යා වි ඇතිබව (කේ ඩි කේ ධර්මවර්ධන), සතුටු සුළං රැලි හමා ගියා (කරුණාරත්න අබේසේකර), කවුදෝ කවුදෝ මා සෙව්වේ (කේ ඩි කේ ධර්මවර්ධන), තැල්ල ගෙලේ ලා ඉහේ මල් ගවසාලා (කරුණාරත්න අබේසේකර),රුහුණු බිමේ කතරගමේ කඳ සුරිඳේ (කරුණාරත්න අබේසේකර),පෑහි එක ලෙස බැඳි බොමු අපි ජය පානේ (හේම ශ‍්‍රී ද අල්විස්), පවුරු වළල්ලක් බැඳලා (කරුණාරත්න අබේසේකර), එක කූඩුවක හැදි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

-------------------------
ඇය ගේ ගී නාදය තම දිවිගමන පුරා රසිකයන්ගේ සිතෙහි රැව් පිළීරැව් දෙනු ඇති බව නිසැකය.  ඊට සරත් දසනායකයන් පෑ දායකත්වය මෙතැනින් රසවිදගන්න.
-------------------------

එහෙත්, ඔහු ගේ සිනමාගමනයට පුර්ණ ලෙස දොරටු විවර වූ, දෛවෝපගත වෙළඳ තැටිය උදෙසා හඬ දායකත්වය පිරිනැමුවේ ද එවකට සිංහල සිනමා ගී ලෝකයේ අගරජු ලෙස කිරුඵ දරා සිටි ’ජෝති’ ය. ඒ 1972 වසරේදී පමන සංගීතඥ ’ෂන්මුගම්’ ගේ තනු නිර්මාණ රැුගත් ඔහු විසින්ම තම නමින් ’ෂාන්ස්’ නම් වු ලේබලයෙන් නිකුත් කල වෙළඳ තැටියක් උදෙසාය. එහි අනුක‍්‍රමික අංකය - ෂාන්ස් 1001 වේ. විවිධ මුලාශ‍්‍ර වල මෙම තැටියේ ඇතුළත් ගීත 04 පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් කෙරී තිබිණ. එහෙත් අදාළ තැටිය පිරික්සීමේදී එහි සත්‍ය ලෙසම ඇතුළත් වි තිබුනේ ගීත 03 කි.


01 නීල දෑස පුරා ...සිහින් ලෙවෙන් පෙරා (කරුණාරත්න අබේසේකර)

02 අද අමුතුම රැුයකි ..හොඳ සීතල පැයකි....(කරුණාරත්න අබේසේකර)

03 මල්සර මල් දුන්නේ...(කරැණාරත්න අබේසේකර)

04 බයිලා අනුවාදයක් 

--------------------------

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට...

නුගරුකක් වෙමින් උතුරා යන විඩාවට...

පිපි මලක් වුනා මල් නොපිපුණු තටාකෙට ....

ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩාමට....


අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමඵ ..

හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුඵ සුඵ ....

තිගැස්සි වෙමින් ඔබ විය යුතුද බියසුඵ ...

දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුනඵ ....

------------------

නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය.
වසර - 1972 පමන

මෙතැනින් සවන්දෙන්න

-----------------------


ඊට අමතරව එවකට ’තිලකසිරි රත්නායක’ වැනි ආධුනික ශීල්පීන් එකරැුයින් ජනප‍්‍රසාදය හිනිපෙත්ත වෙත ඔසවා තැබූ


තුංමංසල ලග බලා සිටින්නෙමි (උපාලි ධනවල විතාන)

 සුමුදු රටා එපා ළඳේ (උපාලි ධනවල විතාන)


ගුවන් විදුලි සහ සිනමා ගීයෙන් රසික හදවත් මෝහණය කල ඉන්ද‍්‍රානි විජයබන්ඩාර වෙළඳ තැටි ගී කලාවෙන් මතුවු


පුරා හඳේ සිනා වගේ (ධර්මසිරි ගමගේ)

ආවේ ආවේ බයෙන් වගේ (ධර්මසිරි ගමගේ)

හිරෝෂිමා පුරවරයේ මල් යායේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මේ දෑස මාගේ (ධර්මසිරි ගමගේ)


’දයාරත්න රණතුංග - නිලා වික‍්‍රමසිංහ’ නම් වු ප‍්‍රවිණයන් වෙළඳ ගී තැටියෙන් පුනාරාගමනය කල

පෙම් සිළිලාරේ තුන්සිත විහිදී (කරුණාරත්න අබේසේකර)

හිමිදිරියේ හිරු එළියට (උපාලි ධනවල විතාන)

උදුම්බරා මනාලියේ රුවින් උතුම් (උපාලි ධනවලවිතාන)



බටහිර ගී ආර  හෙළ ගී රසිකයන් වෙත වෙත කැන්දූ ’ඩැල්රින් ආනෝල්ඩා සූබි’ ගැයු

රාං කුරුල්ලයි රාං කිරිල්ලියි සන්ඩු දබර කරතෙයි (කරුණාරත්න අබේසේකර)

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා රන් වළල්ල (අජන්තා රණසිංහ)



50 දශකයේ රිදිතිරයේ  මතු වු නැවුම්  පෙම්ගීහඬ ලතා වල්පොළ ගී තැටි කලාවෙන් හැඩකල

සංසාරේ පතා ආවේ පෙම්බරා ගේ ලෝකේ (චිත‍්‍රානන්ද අබේසේකර)

මල්සර හිනැහෙන්නේ සත්සර නදදෙන්නේ (කරුණාරත්න අබේසේකර)


පන්ඩිත් අමරදේවයන් ද රසයෙන් මත්කල

පාවෙලා නිල් වළාවේ නදී තලාවේ (කුලරත්න ආරියවංශ)
රෑ දුරැ රට හිම වරැසා (අජන්තා රණසිංහ)

----------------------

රසවෑහෙන මතු දැක්වෙන ගී මාලාවේ රුවගුණ මෙතැනින්

-------------------------------


ඔහුගේ සත්සරයෙන් හැඩවෙද්දී, යෞවනයන්ගේ සිහින ගී කිරුඵ දැරූ පේ‍්‍රමණීය හඬ ’මිල්ටන් මල්ලවාරච්චි’ ද විය.


සිනාරැුල්ල සිසි කිරණේ (චිත‍්‍රානන්ද අබේසේකර)

පෙර එක දවසක සඳ නැති සවසක (උපාලි ධනවල විතාන)

ඔබ දැන් කීවත් කදුඵ සලා (චිත‍්‍රානන්ද අබේසේකර)

දෙනෝ දහස් ගැවසෙන සරසවියේ (විජය රාමණායක)

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල් (බන්ඩාර කේ විජේතුංග)

නීල දෑස දෑසේ සතපාලා (උපාලි ධනවල විතාන)

අප එක පදෙසක නිවසන්නේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මා නුවන් හඬවා (කේ ඩි කේ ධර්මවර්ධන)

ඔබේ සිනාවේ සිනා ඉනාවේ (කේ ඩි කේ ධර්මවර්ධන)


-------------------------------

ඔබේ සිනාවේ ...සිනා ඉනාවේ...

හැගුම් රැුඳි ආවේ මත් විහගුන් වාගේ ...

ලැගුම් සොයාවි සොයාවි.................

------------------------

ලේබලය - ජෙම්ටෝන්

ගී පද - නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන

වසර - 1974 පමණ

----------------

මෙතැනින් සවන්දෙන්න

------------------


සරත් දසනායකයන් පෙරදිග සංගීතයේ මෙන්ම බටහිර සංගීත ශීල්පියෝපක‍්‍රම ඉතා හොඳින් හදාරා ඒවා මනාව ග‍්‍රහනය කරගනු ලැබුවා පමණක් නොව ඉතා හුරුබුහුටි ලෙසත්, චමත්කාර ජනක ලෙසත් ඒවා සිය නිර්මාණ හරහා ජනගත කරනන්ට යෙදුනු බවට ඉහත ශ‍්‍රවණය කරන්නට ඉදිරිපත් කොට ඇති ගීත රසවින්දනයෙන්, මනා ලෙස වටහගත හැක්කේය.


ඔහුගේ සංගීත නිර්මාණ ඉතා හොඳින් දෙසවන,හිස,ගෙල, බාහු, පාද, වටොර කාන්තිමත් ආභරනයන්ගෙන් සරසා ගත් උඩරට මනාලියක් වැන්න, ඒ කෙසේද යත්, ඒවා රසයෙන් අනූනය, මිහිරි වන්නේ තනුවෙන් පමණක් නොව, මුසුකොට ඇති අන්තර් - ආමුඛ සංගීත ඛන්ඩයන්ගේද රසපූර්ණත්වයෙනි. කිසිවෙකුට හෝ කිසිම අයුරකින් ඔහු තම, එක්තරා සංගීත ආරකට පමණක් ඇබ්බැහි වූ, නිපුනතාවයක් දැක්වූ, නිර්මාණකරුවෙකු ලෙස ලඝුකොට තබන්නට ඔහු ඉඩ තැබුවේ නැති බවට නිදසුන් එමටය. මෙම ලිපිමාලාවේ මතු දැක්වෙන විවිධාකාර වු ගීත ශ‍්‍රවණයේදී ඒය පසක් කොට ගත හැකි වනවා ඇත.


ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා ...............

රන් වළල්ල අතේ දමාලා ................

ඉගක් නළෝලා හදක් නළෝලා ....

ආවේ රන් මැණීකා .............


මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි.....

දකින දකින අයගේ ඇස් පිනයි.....

පරෙවි කිරිල්ලි..වගේ ඉගිල්ලී ....

ඈ යයි මුකුඵ පෙන්වලා ...


--------------

ගී පද  - අජන්තා රණසිංහ

ලේබලය - සිල්වර්ලයින්

ගැයුම - ඩැල්රීන් ආනෝල්ඩා සූබි

වසර - 1977 පමන

----------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

70 දශකයේ ගී පුෂ්පකරණියේ සුපිපි අරවින්දයක් වු ඔහු එසැණීන් යුහුසුඵව නොපමාව සිය කාර්ය භාරය පුඵල්කරගන්නට නොපැකිළිය. සිනමාවෙන් - වෙළඳ තැටියෙන් නතර නොවු ඔහු ගුවන් විදුලි සරළ ගීත නිර්මාණ කලාව වෙත පිවිසිමෙන් එහිද සිය නිසග ප‍්‍රතිභාවය විදහා දැක්විය. ඔහු ගේ ස්වර සංකලනයෙන්ගෙන් එසේ හැඩවැඩ ගැන්වු එකදු ගීතයක් හෝ ශ‍්‍රාවක හද පැහැර නොගත්තේ නම් එය ඉතා විරළ සිදුවිමක් විය. පහත නිදසුන් විමසනු වටී



උදෑසනම පොඩි අපි දිව එනවා  (ලලිත් සිරිවර්ධන ඇතුඵ පිරිස ගැයු ළමා ගීයකි), ගී පද  - ගාමිණි විජේතුංග

කුරුම්බැට්ටි මැසිමේ මගේ (එල්සි රොද‍්‍රිගෝ ළමා ගීය) - අජන්තා රණසිංහ

උක්දඬු දුන්නෙන් උපන්නෙමි (චන්ද‍්‍රිකා සිරිවර්ධන සරළ ගීයකි) - ගී පද - සමන් චන්ද‍්‍රනාත් විරසිංහ

දැයේ නමින් පෙර දිවිදී මගේ දෝතට (චන්ද‍්‍රිකා) - සමන් චන්ද‍්‍රනාත්

සූරිය කුමරුන් වඩින උදෑසන තුන් සිංහලයට (සුජාතා අත්තනායක)  - උපාලි ධනවල විතාන

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියෝ (ඉන්ද‍්‍රානි පෙරේරා  - මල්ලිකා සහ අයිරාංගනී* - කරුණාරත්න අබේසේකර

සඳ කිඳුරි මා සඳ කිඳුරි - (ඉන්ද‍්‍රානී පෙරේරා) - සුනිල් ආරියරත්න

වසර ගනන් ඇසුරේ සිටියත්  - (ඉන්ද‍්‍රානී පෙරේරා) - ධර්ම ශ‍්‍රී වික‍්‍රමසිංහ

රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ - (අබේවර්ධන බාලසූරිය සමග ත්‍යාගා එන් එඩ්වර්ඩ්) - අජන්තා රණසිංහ

ආදරයෙන් මා හද වට එතෙන ලතා  - (අබේවර්ධන බාලසූරිය)- කුලරත්න ආරියවංශ මංගල ගී පද රචනය. 

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට   (ජෝති - ගුවන් විදුලි ගී) ගී පද කරුණාරත්න අබේසේකර

අනන්ත සුදුරළ රැුලි විසිරෙයි (ජෝති  - ගුවන් විදුලි) - කරුණාරත්න අබේසේකර

රතු මල් ගවුමට ලස්සන වැටුනා (ඉන්ද්රානී  - ගුවන් විදුලි ගී) - ඩොනල්ඩ් අයිවන්

නිවන් පුරට යන ගමනේ සහන් එළිය දෙන ගමනේ (සුජාතා අත්තනායක* - අජන්තා රණසිංහ

රන්ඩු වෙවි යාඵ වෙවි දුවපැන වතු මිදුලේ (චන්ද‍්‍රිකා සිරිවර්ධන සහ සුනිල් සිරිවර්ධන) - සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ

නවමිනි රන්මුතු ඇත පිරිලා (ජෝති - ගුවන් විදුලි) - කරුණාරත්න අබේසේකර

--------------------
සරත් දසනායක ලංකා ගුවන් විදුලි අසන්නන් මන්මත් කල ගී එකතුවට සවන් යොමන්න මෙතැනින්

---------------------------

-------------------------------

උක්දඬ දුන්නෙන් උපන්නෙමි.....

මල් මල් උයනක වෙසෙන්නෙමි...

රැ සඳ ලෙස හිනැහෙන්නෙමි...

මමයි අප්සරාවි......


සුමධුර ගීත ගායාලා...

ඔබටයි අමතන්නේ ...

මා හද මල් බඳුනේ....

පෙම්මල හිනැහෙන්නේ ...


-------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

එදා ඔහු විසින් රසගන්වන්නට යෙදුනු නිර්මාණ එදා ලෙසම එහි නැවුම් නොඉඳුල් ස්වරූපයෙන් ඇතැම් අවස්ථාවන්හිදී සම්පුර්ණවද, ඇතැම් විට ලුහුඬින්ද ශ‍්‍රවණය කරන්නට යෙදුනු සංගීත කලාව පිළීබඳව අවබෝධයක් ලද නොලද සියඵ රසිකයන්හට ’සරත් දසනායක සංගීත භාවිතය’ පිළිබදව යම් නිශ්චිත නිගමනයන්ට එළෙඹෙන්නට අවස්ථාවක් ලබන්නට ඇත. ඔහු පිළිබඳව අත්නොහැර, කිවයුතු දෑ බොහෝය එබැවින්........................

 ---------------------------------(සරත් දසනායක ගී මියැසි රාවයේ මහිමය මෙතැන් සිට ඉදිරියට මතු දිනයකදී......)


Monday, November 22, 2021

Mouth ORGAN MUSIC in Sinhalese Songs of 70-90s මවුත් ඕගන් මාධූර්යය කැටිකොටගත් එදා ඇසුණු ගී........

දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ................  ලිපි මාලාවේ පස්වැන්න......


 80 දශකයට පිවිසීමෙදී ගී ක්‍ෂේත‍්‍රයට අභිනවයෙන් පා තැබූ ගායිකාවන් දෙදෙනෙකු ගේ සුවිශේෂී ගායන කෞෂල්‍යය නිසා ඔවුන් දෙදෙන ඉතා කෙටි කාලයකින් රසික අවධානය දිනා ගන්නට සමත් වුවේය. එයින් පළමුවැන්නිය ජාතික තරුණ සේවා සභාව ඔස්සේ සිය කලාදිවිය ඔපමට්ටම් කරගත් ’චන්ද‍්‍රලේඛා පෙරේරා’ ය. ආචාර්ය රෝහණයන් ඇයටද ඇගේ අතගන්නට පෙරුම් පිරූ නවක ශිල්පී රුකාන්තයන් හට ද කුලරත්න ආරියවංශයන් ගේ පබැඳුමකට ස්වර නිර්මාණයන් සහය වෙද්දී මවුත්ඔ්ගනයේ කාර්ය භාරය ඉටුකරන්නට ’මර්වින් ප‍්‍රියන්ත’ නොපැකිළිව ඉදිරිපත් විය..



මට මුඵ ලොවම ඔබයි...............


මගේ මුඵ ලොවම ඔබයි ..........


සිනහව කදුළ ඔබයි .........


ජය පැරදුමත් ඔබයි .................

-----------------------
මෙතැනින් සවන්දෙන්න

දෙවැන්නිය ’මායා දමයන්ති පෙරේරා’ ය ඇය සිය කණිටු සොහොයුරිය ’අනෝජා වීරසිංහ’ නම් ප‍්‍රවිණ සිනමා රංගන ශිල්පිනියගේ අඩිපාරේ යමින් බදුලු පුරවරයෙන් කලා කෙතට පිවිසියාය. 


පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ ............


නළලත මා සිත්තම් කල කුංකුම තිලකේ ..........


ඔබ දුටු ලස්සන ඇයි බොඳවි මැකුනේ ..............


පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිළකේ .....................


(ස්වර නිර්මාණය - ප‍්‍රවිණ සංගීතඥ සරත් ද අල්විස් - 1983 ගී පද  - නැසිගිය හේමසිරි හල්පිට)


---------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------


ඔහු ගුවන් විදුලිය ද කැසට් පටයද වේදිකා නාට්‍ය ද වෙනුවෙන් ගීත ගණනාවක තනු සහ සංගීත නිර්මාණය නිරත වුවද ඒවා එතරම්ම ශ‍්‍රාවක අවධානය රඳවා තබා ගන්නට සමත් වුයේ නැතත් 70 දශකයේ අවසන් භාගයේ දී ඔහු එවකට ජනප‍්‍රසාදයේ හිනිපෙත්තේ වැජඹි ප‍්‍රවිණතම ගායන ශීල්පිනිය ’සුජාතා අත්තනායක’ උදෙස තනු නිර්මාණයෙන් ද සංගීත සංයොජ්නයෙන්ද දායකත්වය දැක්වු ගීතයක් ගුවන් විදුලි ගීත ලෝලීන්ගේ මතකයේ සදා ලැගුම් ගත්තේය. එය ඔහුගේ සංගීත කලා දිවියේ හැරවුමකි. මර්වින් ප‍්‍රියන්ත නම් ගී තනු නිර්මාපකයා,සංගීත සංයෝජකයාගේ දොරට වැඩුම එයින් සනිටුහන් වන නිසාය.


මගේ යෙහෙළියන් නවතැනේදී ....


මුකුඵ වෙවි ඔබ ගැන පවසනවා...


මසිත අහිංසක රුවක් මැවි....


සිගිති පෙමක් අද මතුවෙනවා.......


(ගැයුම ආචාර්ය සුජාතා අත්තනායක - සංගීත නිර්මාණය සහ තනු රටා- මර්වින් ප‍්‍රියන්ත -  ගී පද  -  නිමල් රත්නසිරි රෑපසිංහ  - 1979 - ගුවන් විදුලි ගීයකි)


-----------------

මෙතැනින් සවන්දෙන්න

------------------


සිය සුපුරුදු වාද්‍ය භාන්ඩයටම ඇලි ගැලි නොසිටි ඔහු විසින් වරෙක ’එකෝඩියනය’ ද වරෙක ’කී බෝඩය’ ද හඬවමින් වාදන සහය දැක්වු ගීත ගණනාවක් පසුව ගීත රසිකයන්ගේ ප‍්‍රියතම ගීත ලැයිස්තුවේ සටහන් වුයේය. ඒවා අතර


ජගත් වික‍්‍රමසිංහ සමග කී බෝඩ් වාදනය -


උන්මාද වූ පේ‍්‍රමාදරේ  - දමයන්ති ජයසූරිය සමග කමල් අද්දරආරච්චි - සප්ත කන්‍යා - 1993 ගී පද - කැමිලස් පෙරේරා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ (අධ්‍යක්‍ෂනය - නැසිගිය එච් ඩී පේ‍්‍රමරත්න* 



බුදුනේ බුදුපියානනේ - නැසිගිය ටී ෂෙල්ටන් පෙරේරා - සසර චේතනා - 1984 ගී පද මහචාර්ය සුනිල් ආරියරත්න සංගීතය නැසිගිය සරත් දසනායක (අධ්‍යක්‍ෂනය - මාලිනි ෆොන්සේකා*



කදුඵ බිඳක් මා වෙනුවෙන්  - රුකාන්ත ගුණතිලක - ගී පද - බන්දුල ජයසිංහ - සංගීතය රෝහණ වීරසිංහ

කිරුඵ මුතුලිහි සර සර හඬින් වැගිරෙනා - ජානක වික‍්‍රමසිංහ ගී පද - රත්න ශ‍්‍රි විජේසිංහ - සංගීතය - නැසිගිය එච් එම් ජයවර්ධන


සඳක් නම් බැස යන්න තිබුනා - රොහාන් ශාන්ත බුලේගොඩ - ගී පද - ? - සංගීතය එච් එම් ජයවර්ධන


අපි කථා නොකර ඉමු සිනා නොවි ඉමු - ජානක වික‍්‍රමසිංහ -ගී පද - ? සංගීතය - නැසිගිය ගුණදාස කපුගේ

ඉවාන් පවුලුෂා  -රූපවාහිනි ’යාත‍්‍රා’ වැඩසටහන - සෙනේෂ් දිසානායක ගැයුම -  අප්සරා ද සිල්වා - සංගීතය - ප‍්‍රියන්ත ඩිරෙක්ට්ස්


ගීතයෙන් වසග වන රසිකයෝ අතරින් ඇතැමුන් වාද්‍ය භාන්ඩයක් අතදරා තමා වශී කල ගීතය වයන්නට ද වයමින් ගයන්නටද පුරුදුව සිටිති. එහිදී ශ‍්‍රවණේන්ද‍්‍රියේ සංවේදිතාවය හොඳින් වඩවා ගත්තෝ ස්වර ඥානයද සතුවුයේ නම්  එහි නියමිත ස්වරය නියමාකාරයෙන් වාදනය කරයි. එවැන්නෝ සුලබ නොවෙති. බහුතරයක් රසිකයන් වයන්නේ අපස්වරයන්ය. එහෙත් ඒ බවක් දැන වටහනොගෙනය.


’මර්වින් ප‍්‍රියන්තගේ’ පූජාර්භ ගුරුදේවයාණෝ ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සංගීත ඇදුරුතුමන් විසින් ඔහුට පැවරූ භාරදුර කටයුත්තක් නියමාකාරයෙන් ඇද පඵදු රහිතව සම්පුර්ණකරදෙමින් ඔහු යෞවන වියේදීම සිය ආචාර්යවරයාගේ සම්භාවනාවට පාත‍්‍ර වූ බව මතු කියැවිනි. 


එහි සංකීර්ණ ස්වර ලිපියේ ස්වභාවය නැවතත් ආවර්ජනය කරමින් ඔහු හඬ අවදිකළේය.


මාලිනී බුලත්සිංහල ගේ ’සඳ මඬලේ සිට තරු මඬලේ සිට....දිවැස් හෙළන පුතුනේ’ ගීතයේදී එතුමා මා වෙත පැවරූ අන්තර්වාද්‍ය ඛන්ඩයේ ස්වර ලිපියේ දී මධ්‍ය ’ස’  ස්වරයේ සිට මධ්‍ය ’ධ’ ස්වරය දක්වා ස්වර පහක පරතරයක් මා අවරණය කළ යුතුව තිබුනා පමණක් නොව එතැනින් යළිත් ’රි’ ස්වරයේ උච්ච ’ස’ දක්වා ද පසුව මධ්‍ය ’ම’ සිට උච්ච ’ම’ දක්වා ද ගමන් කරන්නට සිදුවූවා. එවැනි ස්වර ලිපියක වාදනය එතුමාට ’කජු කනවා’ වගේ වැඩක්. නමුත් එවකට අධූනිකයෙකුව සිටි මා වැන්නෙකුට එය මහත් අභීයෝගයක්. විශිෂ්ඨයෙකු යටතේ ගුරු හරුකම් ලබමින් එවැනි දෑ කෙරෙහි ඒ යුගයේ යොමුවීම නිසයි මට ක්‍ෂේත‍්‍රයේ අඩසියවසක් තරම් දිර්ඝ කාලයක් ස්ථාවරව රැුඳෙන්නට හැකියාව සහ පන්නරය ලැබුවේ. ඒ නිසා මා එතුමාට සදා ණයගැති විය යුතු බව යළි යළිත් පසක් කරන්නට කැමතියි.  


70 දශකයේ මධ්‍ය භාගය ගෙවියද්දී, ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ නිර්මාණ ගණනාවකට සහය වු ඔහු විසින් වැයූ සුරම්‍ය වාද්‍ය ඛන්ඩයක මතකාරවර්ජනයේදී මතුවු නිර්මාණයකට පදපෙළීන් සහය වූයේ ’ගාමිණී ලේල්වල’ කවියා විසිනි.


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි......................


කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..............................


හිතැගි කළඹ කැටයම් කල නීල පළිගු ගොඵ කැඩපත ..............


හද සිත්තල සිතුවම් කල රූකඩ මඬු මුව රගහල .........

---------------------

රසවිඳින්න මෙතැන් හි සිට

------------------------


පෙරකී ගීතයේ අන්තර්වාද්‍ය රස නිෂ්පත්තියේදී  ’මවුත්ඔ්ගනය’ සහ ’බටනලාව’ සුසංවාදී පිළීසඳරක යෙදෙයි, එහෙත් දැහැන්ගත වී ඒකාත්මික සිතින් නිර්ාමාණයේ මිහිර උරාබොන්නන් මියැසිකලාව පිළීබඳව සුඛාවබෝධයන් ලද්දේ වීනම් පමණක් ඒ බව වටහගනු ලබනවා ඇති අතර සාමාන්‍ය රසිකයන්හට එහි අරුමයක් නැත්තේය.


’ඒ ගීතයේ අන්තර්වාදනය’ ’ගිටාරයකට’ සුදුසු ලෙසයි සකස් වි තිබුනේ නමුත් ’දයා අයියාගේ’ (දයාරත්න රණතුංග) උපදෙස් පරිදි එය මා ’මවුත්ඔ්ගනයෙන්’ වාදනය කරමින් එයින් නැවුම් රසයක් ජනිත කරවන්නට සමත් වූවා. එහි ගෞරව බුහුමානය ඔහුට හිමිවිය යුතුයි.


1996 වසරේ දී ඔහු දිවයිනෙන් බැහැරව යයි. ඒ කළකිරීමෙන් හෝ ජීවන මාර්ගයක නිරතවන්නට නොව තමා ළමා වියේ සිට ප‍්‍රිය කල ’ගීත කලාව’ වෙනුවෙනි. හා පුර කියා ’වාදක මන්ඩලයේ සාමජික’ තනතුර දරමින් ඔහු විදේශ සංගීත චාරිකාවක නිරත වන්නේ සුනිල් එදිරිසිංහ - මාලිනි බුලත්සිංහල - එඩ්වර්ඩ් ජයකොඩි සහ චරිතා ප‍්‍රියදර්ශනී කන්ඩායම හා එක්වය.

යළිදු වරෙකදී , නව සහස‍්‍රකයේ උදාව සමගින් හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පන්ඩිත් පද්ම ශ‍්‍රී අමරදේව ගේ වාද්‍ය වෘන්දයේ ’සරපුවරු’ වාදකයා ලෙස කටයුතු කරමින් ඔහු යුරෝපයේ සංචාරයක නිරත වන්නේ රටවල් 12 ක දිර්ඝ චාරිකාවක් අරඹමිනි.


’සිසිර - ඉන්ද‍්‍රානී’  යුවළ විසින් පැවැත්වූ ’සිසින්ද‍්‍රා’ ප‍්‍රසංගයේද ’දයාරත්න  - අමරා රණතුංග’ ගේ ’උදුම්බරා’ සත්සර සංදර්ශනයේදීද ඔහුගේ දායකත්වය ගිළිහි නොගියේය.


මවුත්ඔ්ගනය’ දිර්ඝ ස්වර වැයීමට සුදුසු වාද්‍ය භාන්ඩයක්. ’දෝස්ති’ හින්දි සිනමා පටයේදී එය මනාලෙස පිළිඹිබු කොට දක්වා තිබෙනවා. ළයාන්විතව ඇදී යමින් ශෝකී හුදකලා අවස්ථාවන් මතුකොට දැක්වීමට එහි නාදය පොහොසත්ය. 


ඔහු කියා සිටී.


මර්වින් ප‍්‍රියන්ත’ සංගීත අධ්‍යක්‍ෂනය කළ සිනමා නිර්මානයන්
නොපවතීද ?


සංගීතඥයෙකු කාර්ය භාරය පුඵල් වන්නේ ද ඔහු වෙත අත්දැකීම් සම්භාරයක් අත්කරදෙන්නේද ’සිනමා සහ වේදිකා නාට්‍ය’ සංගීත රසමුසුකිරිමේදීය. ’පතිනියකගේ හෝරාව’ සහ ’ජොලි හලෝ’ ඔහුගේ සත්සර රටාවන්ගෙන් හැඩ වැඩ වූ සිනමා නිර්මාන යුගළකි.


ගීතය නම් වූ කලා නිර්මාණයේ ගුණාංගයන්ගේ ගුණාත්මක බව එනම් ප‍්‍රබන්ධයේ අරුත්බර බව, ගායනයේ රසභාවය, සංගීත වද්‍ය ඛන්ඩයන්ගේ උපයෝගීතාවය ඒවයේ විවිධත්වය යන මේ කරුණු කෙරෙහි හොඳින් සැළකිළිමත් වෙමින් ඒවා තමන්ට හැකි උපරිම අයුරින් සම්පුර්ණ කරන්නට එකී එකී කටයුත්තේ නිරතව සිටි ශිල්පීන් එදා වග බලගත්හ. පරම්පරා ගණනක් පවතින දශක ගණනක් මතකයේ රැුඳෙන සුමධුර,රසපූර්ණ,භාවපූර්ණ ගීත බිහිවන්නට ද ඒවා යුග යුග පවතින්නට ද එය හේතුභූත වු බව කිව හැකිය. ගීත සහෘදයන් එදා මෙන්ම අදත් සැනහෙන්නේ එදා ඔවුන්ගේ අප‍්‍රතිහත ධෛර්යයේ අප‍්‍රමාණ කැපවිමේ ප‍්‍රතිඵලය ලෙස නිපැයුනු මෙකී නිර්මාණපෙළිනි. හුදු මුල්‍ය වාසිය හා ප‍්‍රසිද්ධය ම  නොව ’හොඳ නිර්මාණයකට දායක වුයේ යැයි’ නම් වු සිය ආත්ම තෘප්තිය ම ඔවුන් ගේ දිවිමග නිරතුරු සුවපත් කරවා දෙනු නිසැකය නොඅනුමානය.


-------------------

මර්වින් ප‍්‍රියන්ත විසින් 80 දශකයේ නිකුත් කල ගී අනුවාදන කැසට් පටයෙන් උපුටා ගන්නා ලද්දකි 

රසවිඳීන්න මෙතැනින්

-----------------------

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

                                    සමාප්තයි.

                                  ----------------

                                 එදා ඇසුණු ගී

2021 බිනර මස 15 දාතමිනි.


Monday, November 8, 2021

Mouth ORGAN MUSIC in Sinhalese Songs of 70-90s මවුත් ඕගනයේ වාදන රසය ගැබ්වු එදා ඇසුණු ගී

දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ................  සතරවෙනි අංකය......










-----------------------

ප‍්‍රවිණ සංගීතඥ මර්වින් ප‍්‍රියන්ත කැදැල්ල -

වමේ සිට ප‍්‍රභාත් රවිසර , බිරිද අනෝමා චාන්දනී , සංගීතඥ මර්වින් ප‍්‍රියන්ත , ප‍්‍රගීත් කෝකිල සමගින් ප‍්‍රතාප් රාජිත

---------------------------------------


1982 වසර ගතවෙද්දී සංගීතවේදී සරත් දසනායකයන් ගේ නිසග කලා කෞෂල්‍යය මනා සේ ප‍්‍රකට කෙරෙමින් කළඑළි බට සිංහල සිනමා මෙන්ම වෙළඳ තැටි හා ගුවන් විදුලි ගීත සමුච්ඡුය සැළකිය යුතු තරම් වු අතර ඒවා අතරින් අතිබහුතරය රසිකයන් විසින් හදවතින් වැළඳගන්නට යෙදීනි. ඒ ඔහු ක්‍ෂේත‍්‍රයට පිවිස පළමු දශකය සම්පුර්ණ වු වසරයි. එතරම් දිගු කාලාන්තරයකදී  උපයා ගත් බරපැන යොදා සිය සිහින මාලිගාව යථාර්තයක් බවට පත් කරගනිමින් ඔහු හා පුරා නිපැයු අපුරු සිනමා පටය ආදයම් වර්තා බිඳහෙළමින් තිරගත වු අතර එය ’මිහිදුම් සිහින’  ලෙසින් නම් කෙරුණු අතර සිනමාවේදී දයා විමලවීරයන් ගේ අදියුරු දායකත්වය ඊට හිමිවිය. එහි ඇතුළත් වූ පසවු ජනපති සම්මානයෙන් පුද ලද ජෝතී ගීය ගැයෙද්දී  ’මර්වින්ප‍්‍රියන්ත’ ගේ සුපුරුදු  ’මවුත් ඔ්ගනය’ රාවය එහි මතුවි නැග ආවේය.

------
සංගීතවේදී සරත් දසනායක 

සරා සඳේ සිනා සෙලේ ................


ගිලිහි වැටිලා ...


වළා තලේ ඔබේ දෑසේ ...


සිනහා මැවිලා ...


තනිවි අඳුරේ ... සුසුමේ ගෙවිලා .........


(ගැයුම - නැසිගිය එච් ආර් ජෝතිපාල ගී පද - කුලරත්න ආරියවංශ - සංගීත අදියුරු නැසිගිය සරත් දසනායක - දයා විමලවීර ගේ ’මිහිදුම් සිහින’ ජවනිකාවේ නිරූපනය නැසිගිය විජය කුමාරණතුංග  - 1982)

යූතලයේදී නරඹන්න මෙතැන්හි යොමුවෙන්

--------------------------------------

බටහිර  වැසියන්හට ආගන්තුක මාධ්‍යයක් නොවුවද ලාංකීකයන් හට නැවුම් සොඳුරු අත්දෑකිම් ලැබදෙමින් දීපව්‍යාප්ත රූපවාහිනි මාධ්‍යය දියත් වුයේ 1982 නවම් මසින් 15 දිනදීය. එය ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව නිලවශයෙන් සිය විකාශයන් දිපව්‍යාප්තව ඇරඹු ලාංකිය මාධ්‍ය වංශ කථාවේ නොමැකෙන සිහිවටනයක් සනිටුහන් කල දිනයයි.


නිවසින් බැහැරව ගොස් තරමක හිරිහැර කරදර තෙරපිම් වලට ලක්වෙමින් තමනට හුරු පුරුදු සිනමා වෘතාන්ත අත්දෑකිම් නිවසේ සාලයේ සිට නුහුරු ලෙස අත්විඳින්නට අවස්ථාවන් ලද ලාංකිය පේ‍්‍රක්‍ෂක සමූහයා හට ඊට ඉඩකඩ ලැබුනේ ’රූපවාහිනි වෘතාන්ත කලාව එනම් පසුව ’ටෙලි නාට්‍ය’ ලෙස හැඳින්වූ වැඩසටහන් මගින් බව ඔවුන් හොඳින් දනිති.


සිනමා වෘතාන්තයක මෙන් ’ශිල්පී නාමාවලිය’ මෙන්ම ’තේමා ගීතයන්ද’ ඇතුළත් වූ එය නිවසේ ආලින්දය එක්තරා ’මිනි සිනමා ශාලාවක්’ බවට පරිවර්තනය කර දෙන්නට තරම් ප‍්‍රබල විය.


තමන්ට නැරඹිය හැකි එකම රූපවාහිනි චැනලය එනම් ’ජාතික රූපවාහිනිය’ ඔස්සේ සතියකට වරක් හෝ දෙවරක් පමණක් විකාශනය කෙරුණු ’ටෙලි වෘතාන්තයන්’ අත්විඳිනට සිය පෞද්ගලික කාර්යයන් පවා අතපසු කරමින් රූපවාහිනි යන්ත‍්‍රය වටා රොඳ බඳින්නට විය. ඒතාක් ගුවන් විදුලි මාලා නාටකයන් ශ‍්‍රවණය කරමින් චිත්තරූප ඔස්සේ ඒවායේ ගැමි ආදර අන්දරයන් රසවිඳ හුරු ඔවුන් හට ඒවා දැන් සජීවිව නැරඹිමේ වරම ලැබි තිබේ. 


1982 වසරේදී ජානක විමලවීර නම් වු කලාකරුවා විසින් නිර්මාණය කල ’නුඹ නාඩන් සෙනෙහලතා’  ’ටෙලි වෘතාන්තයක’ තේමා ගීතය වෙනුවෙන් නැගෙන සුමියුරු මවුත්ඔ්ගන් වාද්‍ය ඛන්ඩ අතරට හඬ මුසු කලේ සංගීත් නිපුන් මහඇදුරු සනත් නන්දසිරි විසිනි. එහි මතුවි නැගඑන්නේද සුපුරුදු ලෙසම ’මර්වින් ප‍්‍රියන්ත’ ශිල්පියාණන්ගේ වාද්‍ය නිපුණතාවයයි.

-----------------
සංගීත් නිපුන් මහඇදුරැ සනත් නන්දසිරි



සීමා බන්ධන නර්තන රේඛා............


සිතුවම් බොඳකර මියෙන වගයි...................


මායා රංගන විසිතුරු රඳවා ....


නොනිමි නිසරු මග තිබෙන වගයි .................


(ගී පද සංකල්පනා නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදක ආනන්ද සරත් විමලවීර විසිනි_

----------------------------------

පහතින් සවන්දෙන්න

---------------------------------

සුමියුරු හෙළ ගී වංශකතාවේ අතීත මතක පත්ඉරු එකිනෙක පෙරළා සැමරුම් ආවර්ජනය කරන ඔහු තම දෙතොලග රැුඳුනු ’පුංචි වුනත් හරිම සැර ගම්මිරිස් ඇටය’ බඳු වු මවුත්ඔ්ගනයේ දගකාරකම් හෙළිදරවු කර සිටියේය.

’කෙටි සංගීත ඛන්ඩ වාදනය කරද්දී නම් එතරම් අපහසුවක් නොදැනුනත් දිර්ඝ වාදනයන්හිදී තොල් පැළි යන තරම් අපහසුයි. ආශ්වාශ ප‍්‍රශ්වාසයන් පාලනය කර ගනිමින් ඉතා සංයමයකින් හා මනා පුහුණුවකින් මේ කාර්යයේ නිරත විය යුතුයි. දිගු වාදන ඛන්ඩ අවසානයේදී ආහර පාන ගන්නා විට දැනෙන අසිරුතාවය සුඵ පටු නැහැ...


80 දශකය වෙත එළඹෙද්දී ගුවන් විදුලි ශ‍්‍රාවකයන් හට ඇසුනු අභිනවයෙන් දොරට වැඩි සැළකිය යුතු ගණනක ගීත අතර එක්තරා සුවිශේෂි යුග ගීතයක් ද විය. 50 දශකයේ සිට පැවත ආ සිනමා ගී සාම්ප‍්‍රදාය ඉන් ඔබ්බට විස්ථානය කරමින් ඊට ගායක - ගායක යුගලයක් හඬ මුසුකළේය. පබැඳුම මතුනොව ගී තනු සහ ස්වර සංයෝජනයද සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නගේය. ඔහු ගේ නිර්මාණයට යළිත් වරක් මවුත් ඔ්ගනයෙන් පණ පෙව්වේ ද ’ප‍්‍රියන්ත’ ය. ඒ ද වෙළඳ තැටියක් වෙනුවෙනි. හඬ මුසුව ’සමන් ද සිල්වා සහ ’උපාලි පෙරේරා’ විසිනි.


එක ඉත්තක පිපුණ වෙනස් මල් දෙකක් වැනි...


එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ ...


’සුරූපි විරූපි’ නම් පට බැඳුනේ ..


ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුනේ..


එපා එපා රැුවටෙනු රූපෙට එපා රැුවටෙනු .....


----------------------

මෙතැන්හිදී සවන්දෙන්න

---------------------------

1987 වසර ගතවෙද්දී, සිනමා කෘතියක ඇතුළත් ගීතයන් හි රසමිහිර පිළිබඳව දැඩිව සැළකිලිමත් වූ නිර්මාණනකරුවන් අතර කැපි පෙනුනු ’එච් ඩී පේ‍්‍රමරත්න සිය පස්වැනි සිනමා කෘතිය ප්‍රෙු්ක්‍ෂකයන් වෙත තිළීණ කරන්නට යෙදුනු අතර ’මංගල තෑග්ග’ ලෙසින් නම්කෙරුණු එයින්ද ඔහු මධුරතර ගීතාවලියක රස මිහිර විඳ ගැන්මට ආදරණිය රසික ප‍්‍රජාවට අවස්ථාව ලබා දුන්නේය. 80 දශකයේ සිනමා සංගීතයේ නවමං පදා දුන් සංගීතඥයන් අතරින් කැපි පෙනෙන එච් එම් ජයවර්ධනයන් වෙතින් ඔහු ඊට මග පදාගත්තේ එකී ගාන්ධර්වයාගේ ප‍්‍රතිභාවය මොනවට හෙළිදරවු කරමිනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් වූ අතිශූර ගී පද මවන්නා එකි කටයුත්තට දායක කර ගැන්මට ඔහු නොපැකිළිය. ප‍්‍රතිඵලය වුයේ යුග යුග පවතින, මතකයෙන් බොඳනොවන තවත් සොඳුරු ගී නිර්මාණයක් හෙළ සිනමා ගීත රසිකයන් හට හිමිවීමය.

 

එක යායේ කකා වැටි .......................


එකා වගේ එකට හිටි................


එක පවුලේ උපන් ලෙසේ කර ආරස්සා ...


නාස් ලණුව දමනවාලු ...


කරත්තයට බඳිනවාලු ...


අපට හිටිය ළපටි කැකුඵ නාඹර වස්සා ................


------------------------------------

ගැයුම - සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර


ගී පද - නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් ගෙනි.


තනු සහ මියැසි රටා නැසිගිය එච් එම් ජයවර්ධන වෙතිනි


මවුත්ඔ්ගන වාද්‍ය රසය මතු කලේ  - මර්වින් ප‍්‍රියන්ත 


වසර - 1987


සිනමා කෘතියේ නම - මංගල තෑග්ග


මෙහෙයුම් නියමුවා - නැසිගිය එච් ඩී පේ‍්‍රමරත්න

--------------------------------------

මෙතැනින් රසවිඳින්න ජවනිකා පෙළ නරඹන්න

---------------------------------------------

සේන ජයන්ත වීරසේකර’ හෙළහවුලේ මහ ප‍්‍රතාපසම්පන්නයා වූ ’ජයන්ත වීරසේකර’ ශූරීන් ගේ පුත‍්‍ර රත්නයයි. වර්තමානයේ මරදාන දුම්රිය අංගනයට සමාන්තරව ටවර් රංගශාලාව අභිමුඛව දිවයන මාවතේ ඔවූහූ විසූහ. ඒ මාවත ඔහුගේ නමින් හැඩගැන්වීම නිසා එහි ඔබ මොබ යන්නන් පිය - පුතු දෙපොළ ද නිති සිහිකරනු ඇත. 


එක්තරා සුවිශේෂී නාදමිහිරක් ජනිත කරවු දෙඅතේ රුවාගත් රිටි කැබලි යුග්මයකින් හඬ උපදවාලූ ’ග්ලිකොන්ස්පිල්’ නම් වු වාද්‍ය භාන්ඩය ගුවන් විදුලි වාද්‍ය වෘන්දය නියොජ්නය කරමින් හැඬවුයේ ’සේන ජයන්ත’ රසවතාණෝය. ඔහු ගේ මියැසියකින් හැඩගැන්වුනු ගුවන් විදුලි ගීයක රසය දියුණු තියුණු කරනු පිනිස අප කථානායකයා හට ඇරයුම් කෙරිනි. 


ස්වර ලිපියේ ’මවුත් ඔ්ගනයේ’ රසය ජනිත කරවන්නට නියමිත කොටස් යටින් ඉරිඇඳ ඉස්මතුකොට දක්වා තිබිණ. සුපුරුදු පුහුණුවිම් සැසි කිහිපයක්  අවසනදී මැදිරියේ පටිගත කිරිමේ යන්ත‍්‍රය ධාවනය කරවුයේ හෙළ කලා කෙතේ විවිධ භූමිකා රග දැක්වූ රංගනශීල්පියෙකු ද වූ යූ ආරියවිමල් ය. ඒ වෙද්දී දින දසුනේ 1976 වසර සටහන් වි තිබින. 

------------------------------------------------------
ප‍්‍රවිණ ගුවන් විදුලි රංගන ශීල්පි ගායක රෝහණ සිරිවර්ධන


සීත කඳුරැල්ලේ .................


පිබිදේ කුසුම් වලා ...


හිනැහේ ...


දුර කඳුයාය සුළං රොදේ ......


----------------------------------

ගැයුම - රෝහණ සිර්වර්ධන


ගී රචනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර


තනුව - රෝහණ සිරිවර්ධන විසින්මය


සංගීත රටා - නැසිගිය සේන ජයන්ත වීරසේකර


වසර - 1976


නිපැයුම - ලංකා ගුවන් විදුලිය

------------------------

ගීතය අසන්න පහතින්
---------------------------

සංගීත භාන්ඩ වාදනය කරනට ප‍්‍රියවූවෝ ඒවා හැදෑරිම සඳහා එහි නිපුණත්වය  ලද ප‍්‍රවිණයන් ගේ ගුරු උපදෙස් හා ඇසුර පතති. පසුව අභ්‍යාසලාභීන් තම ගුරුදේවයන් හා සමවන ලෙස එහි ප‍්‍රවිණත්වය ලබති. නමුදු, ’මවුත්ඔ්ගන්’ එසේ හැදෑරිම ප‍්‍රඥාගෝචර නොවන බව ද එය ස්වයං අභ්‍යාසයෙන්, පුහුණුවෙන් හා දැඩි ඉවසීමෙන් වාදකයා විසින්ම හදරනු ලබන්නේ නම් සාර්ථකත්වයේ ජයටැඹ කරා පහසුවෙන් ලග විය හැකි බවද ඔහු කියා සිටී. ශ‍්‍රී ලංකීය සංගීතලෝලීන්ට නුහුරු අත්දැකීමක් වූ ’මවුත් ඔ්ගන්’ වාදකයන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන්නට යෙදෙන ’සිම්පනි’ සමූහ වාද්‍ය සැසි බටහිර ලෝකයේ අප‍්‍රකට නොවන බව ඔහු කියා සිටී. 

එදවස කලාකරුවන් අතර දක්නට ලැබුනු අනොන්‍ය සුහදතාවය, සහෝදරත්වය, බැඳීම ද ප‍්‍රශස්ත උසස් ගණයේ ගී සහ වාද්‍ය නිර්මාණ බිහිවන්නට හේතු වූ බව පසක් වේ. ගීතලෝලී වැඩිහිටි ප‍්‍රජාව ඇසුරේ හැදී වැඩී ’රසිකත්වය’ වඩවා ගත් ශ‍්‍රාවක දනන් අතර කුඩා දරු දැරියන් පවා එදා සිටි අතර ඔවුන් නිරතුරුවම ’හොඳ නිර්මාණ’ කවරේදැයි මනාව අවබෝධ කර ගනු සිටියහ. ඊට බාධා අකුල් හෙළන්නට හෝ එය මොටකරදමන්නට එදවස අනේකාකාර විද්යුත් මාධ්‍යයයන් නොතිබූ අතර ලංකා ගුවන් විදුලිය විසින් පවත්වා ගෙන ලැබු උසස් සංගීත ප‍්‍රතිමිය සහ ප‍්‍රතිපත්තිය ඔවුන් හට ආශීර්වාදයක්ම විය.

1978 වසරේදී ජාතික ගුවන් විදුලියේ නිත්‍ය වාද්‍ය වෘන්දයේ සාමාජිකත්වය ලද ’මර්වින් ප‍්‍රියන්ත’ පසුකාලීනව පන්ඩිත් අමරදේව සහ වෙනත් ශිල්පීන් රාශියක් වෙනුවෙන් වාදන කර්තව්‍යයේ නිරත විම පිනිස නිරන්තරයෙන් විදේශ ගතවන්නට වු අතර එය කරණකොටගෙන පසුව එයින් සමුගෙන ගියේය. ඒ වෙද්දී ඔහු පසුව ජනප‍්‍රියත්වය ලද ගුවන් විදුලි ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණය කරන්නට යෙදිනි මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ එදා නිවහනට ආසන්නව එනම්  ’ජා ඇල වැලිගම්පිටිය’ පදෙසේ දිවිගෙවමින් ඔහු අදටත් ක්‍ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරිව සිටි.  

---------------------------
ආචාර්ය වික්ටර් රත්නායක



කැන්දා ඔබ එහා ගමට ගෙනගියදා සිට ...


මන්දා මගේ සිත පාඵයි බහක් නොදුන්නට ..


බැද්ද කොණේ පිපුනු මලක සුවඳ නුරාවට ..


නැද්ද ළඳේ සිත බැඳුනේ සිටිය තුරාවට ..


(පබැඳුම - ගුණසේන කඩිගමුව - තනු සහ සංගීත රටා - මර්වින් ප‍්‍රියන්ත ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක - නිපැයුම - ලංකා ගුවන් විදුලිය 1981 දී නිකුත් වු එල් පි තැටියක ඇතුළත් විය*

---------------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------------

එසේ ඔහු වැයු මධුර මනෝහර ගීතාවලියේ ප‍්‍රත්‍යවලෝකනයේ විරාමයකට ඉඩ කඩ පාදා ගනිමින් ලිපිය අවසන් කරන්නේ එහි ඉදිරි පියවර වෙත මතු පිවිසෙන අදිටනින්ය. එහෙත් ඊට පළමුව යළිදු වරක් සුපුරුදු මවුත්ඔ්ගන් ගී අනුවාදනයකින් දැහැන් ගතවනු වටී.


ගී අනුවාදනය - ඉඳුනිල් ගගුළැල් පියුමින් වටවූ.........

---------------------------------
මෙතැනින් සවන්දෙන්න

--------------------------------

ස්තුතියි  - ප‍්‍රවිණ මවුත්ඔ්ගන් ශීල්පී මර්වින් ප‍්‍රියන්ත වෙත