එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ ගී හඞ - 06
සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රකට ගායන ශීල්පීන් ගේ හඞ අනුකරණය කරමින් ගයන්නෝ මෙන්ම ගයන්නීයෝ එමටය. එහෙත් ’ඉන්ද්‍රානි’ සතු අතිශය දුර්ළභ, හඞ පෞරුෂය අනුකරණය කරන්නට කිසිම යුවතියකට පහසු නොවනු ඇති බව නිසැකය. ඇය ගේ හඞ පිළිබඳව අනාවැකි කිවේ ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ රසවතාණෝය. ඒ 1968 තරම් දුර ඈත යුගයකදීය. ’දිල්හානී දුවණි’ සවන්දුන් ඔහු ඒ හඞින් මත් වී වසඟ ව ගීයේය. ඒ අනාවැකි සඵල කරමින් ඇය නිරන්තරයෙන් ඒකල ගායිකාවක් ලෙස සිය අනන්‍යතාවය ගොඩනගාගන්නට සමත්වූවාය. සිංහල සිනමා ගීතයේදී පෙම්වතියන් උදෙසා හඞ ආදේශ කරමින් ඇය ඒ කටයුත්තට පිවිසියේ 1973 වසරේ සේන සමරසිංහයන් විසින් නිපදවූ ’සදහටම ඔබ මගේ’ සිනමා පටයෙනි.
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ...........
දෙතොලග හී සැරේ.......මී මධු සුවඳ සදා දේ ..........................
පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ..........
පිණි වරුසා වේවා ............
ඒ පෙම් කතරේ මා එන අතරේ..........
තනි තරුවක් සේ පාවෙනවා ...............
සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ ...
මැකී නොයේවා සදාතනික වේවා.............
සසරින් සසරේ එන්නෙමි මිහිරේ........
ධිවරියක් සේ පාවිලා ................
( ගී පද සෝමපාල ලීලානන්ද, සංගීතය සරත් දසානයක)
නැගණිය ’අයිරාංගනී’ සහ අක්කන්ඩිය ’මල්ලිකා’ දෙහිවල ප්‍රිස්බෙටෙරියන් බාලිකා විදුහලේ දිගින් දිගට අකුරු කරන්නට යද්දී ඇය පසුව ’ස්ටැෆර්ඩ්’ කාන්තා විදුහලෙන් අකුර කරන්නට ගියාය. එතැන්හිදී ඇය ගේ සිප්හලේ සංගීත අචාරිනි පොට්ගර් මහත්මිය විදුහල්පතිනිය ලියනගේ මහත්මියගේ ද ආශිර්වාදයෙන් ඇයව මෙකී විශ්ව බස හදාරන්නට යොමු කළාය.
ඉන්ද්‍රාණි පෙරේරා සිය ගීත චාරිකාවේ ඇරඹුම හෙළිදරවු කරමින්
’ මගේ පංතියේ හොඳම පාසල් මිතුරිය ගේ නම ’මාරි’ ඇය ගේ ඥාති සොයුරා ’ඇනස්ලි’ (මාලේවන), මාරි ගේ දැන හැඳුනුම්කමින් ඔහු මාව ඔහු ගීත ගැයූ ’මූන්ස්ටෝන්ස්’ ගායක කන්ඩායමට හඳුන්වාදුන්නා එයින් පස්සේ ඔහු මගේ පියා ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ සහ ’ක්ලැරන්ස්’ වෙත හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස මගේ හඞ ඔවුන් විසින් පටිගත කරගත්තා. ඔවුන් තීරණය කළා මාව ගීතයකට යොදාගෙන පටිගත කිරීමක් සිදුකරන්න. මා සැමවිමට ඔවුන් දෙදෙනා හට මගේ හෘදයාංගම කෘතඥතාවය පුදකරන ගමන් ආදර ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.
රත්නපුරයේ දී ක්ලැරන්ස් සිය සංගීත දිවිය සරු කරගන්නට සහය පැතූ ’ශ්‍රී සඟබෝ කොරයා’ එදවස දිවයිනේ කීර්තිමත්ම පෞද්ගලික සමාගමක් වූ ලීවර්ස් ලංකා සමාගමේ සේවය කළේය. තමාට අතහිත දුන් ඔහුට කළගූණ දැක්වීමට ඉටා ගත් ක්ලැරන්ස්, ඔහුගේ සිඟිති දුවණියන් දෙදෙනා අරභයා ගීත ද්විත්වයක් තැනුවේය. මූන්ස්ටෝන්ස් ගැයූ ’රමණී’ එතරම් රසිකයන් අතරට නොගියත් ’ඉන්ද්‍රාණි’ යොවුන් දැරිය ගැයූ ’දිල්හානී’ අලෙවි වාර්තා බිඳ හෙළමින් වේරම්භ වායුවක් සේ ගීත ලොව කළඹාලීය.
ඉන්ද්‍රාණී ගෙන් නොනැවතී ඇයගේ සොයුරියන් ගේ ’ත්‍රී සිස්ටර්ස්’ ගීත හැදූ ප්‍රමුඛයා ’ක්ලැරන්ස්’ සිනමා සංගීත අධ්‍යක්‍ෂනයේ දොරටු විවර කරගත් ’සිකුරුලියා’ - 1975 හිදී ඇයව ඊට සම්බන්ධ කරගත්තේ එහි රඟදුන් දඟකාර යුවතිය ’සමන්මලී’ (රංගනය සුවිනීතා වීරසිංහ) ගේ රැඟුමක පසුබිම් ගායනය උදෙසාය.
ගලින් ගලට පැන දිදුලන පෙණකැටි මත්තේ.............
මලින් මලට ඉගිළෙන සමනල තටු මත්තේ..........
ලියා එවන්නට තවමත් මා ඔය පැත්තේ...........
බලා හිඳින්නෙමි තවමත් ඇය ඔබ නැත්තේ.................
ඈත මගදිහා බලලා නෙත කකියනවා.........
හිතේ කාන්සිය හා මට තරහත් එනවා....................
පාඩමක් උගන්වන්නම් නෑවිදින් සිටින්නම්...
හෙට අපුදෙන් මගේ හැටි මම කියලා දෙන්නම්................
(සංගීතය සහ ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන, සංගීත මුසුව - සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායම)
’මාජී මන්ත්‍රිනායක’ රංගනයන් වෙනුවෙන් ඇය ’ත්‍රී සිස්ටර්ස්’ නම් වූ ගීත සඳැල්ලේ බලකණුව ’සරත් දසනායක’ ගේ ඇරයුමෙන් ඔහු සංගීත රටාවන් මුසුකළ ’දිණුම් කණුව’ (1974) වෙත හඞ මුසුකරන්නීය.
එකමත් එක රටකින් ඔබ ඒවී.............
ඔබ ගෙන ඈතට යන්නට යාවී...................
කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඩන්...........
රෝස කැලේ රතු කැකුළී.................
දෙතොලේ පොපියන ගීය ගයන්නට ..............
දෑසේ නළියන කදුඵ සළන්නට ............
ලස්සන දවසක් හෙට හමුවේවා........
රෝස කැලේ රතු කැකුළී........
ඉරට අකීකරු..සඳට අකීකරු ... රෝස කැළේ ....රතු කැකුළී.........
(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සරත් දසනායක)
ලාංකීය ගී තැටි කර්මාන්තය දඵ ළා මල්ඵල හට ගන්වමින් තිබූ වසත් සමය මීට සමගාමිව ගෙවෙමින් පවතිද්දී, ’ත්‍රී සිස්ටර්ස්’ නොඉඳුල් කුඵඳුල් නිර්මාණ පොකුරු පිටින් එයින් ජනගතවෙමින් පැවති ස්වර්ණමය අවධියයි මේ. මේ යුවතියන් ගයන්නේ කොතැන්හීදීද එතැන්හිදී රසික ජනතාවට තුරු මත බැඳි බිඟු පොදියක් සේ ඔවුන් වටකරගනිමින් පොදිබැඳ ආහ. සිනමා කලාවේ ද විචිත්‍රතත්වය වඩාත් හොඳින් ප්‍රකට වූ මෙසමයේ ඊට සම්බන්ධ අර්ථපතීන්, සිනමාවේදීන් මේ දිගැසියන්ගේ හඞ සිය නිර්මාණයන් තුළට ගොණුකර ගැනීමේ උන්මාදයෙන් පෙඵනහ.
පන්ඩිත් අමරදේවයන් 1962 වසරේදී ’රන්මුතු දූව’ රසගන්වාලමින් ඇරඹු සිනමා සංගීත චාරිකාවේ සැළකිය යුතු දුරක් මේ වනවිට ගෙවමින් සිටියේය. ඔහු විසින් බිහිකළ සිනමා ගීත ගොන්න එකක් නෑර නොමද රසික ප්‍රසාදයට පාත්‍ර වී පැවතින.
1975 අප්‍රේල් 04 දාතමින් තිරයට නැංවූ විමල් වෛද්‍යසේකරගේ ’තරංගා’ පසුබිම් වන්නේ එවකට ලක්දිව අපනයන ආර්ථිකය බලගැන්වූ ’තේ වතු’ කාර්මාන්තය ආශ්‍රිතව සිදුවු පෙම්පුවතකි. ’තරංගා’ (මානෙල් වානගුරු) තේ වතු කර්මාන්තයට කම්කරු දායකත්වය පෑ පවුලක යුවතියකි. ඇයගේ හඞට ආරූඪ වුයේ ඉන්ද්‍රාණි ගේ හඞයි, ඒ කටයුත්තේ ඇදුරා පන්ඩිත් අමරදේවයන්ය.
පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රාවේ නිසංගා ..........
රුවන් කොණින් සුපෙම් හැඟුම් සංයෝග පෙම් ගී තරංගා .................
(ගායන සහය - දේවානන්ද වෛද්‍යසේකර, ගී පබැඳුම - ධර්මසිරි ගමගේ)
බටහිර ගී තනු නිර්මාණයේ විශිෂ්ඨයන් අතර ප්‍රමුඛව කියැවෙන ’පැට්‍රික් දෙණිපිටිය’ සංගීතවේදියාගේ නාමය කවර කලෙක හෝ කිසිවිටක ගිළිහී යා දිය හැකි නොවේ. ඔහු වෙනම සටහනකින් ඇගයුමට පාත්‍ර විය යුතු ශ්‍රේෂ්ඨයෙකි. 60 දශකයේ ’සී ටී ප්‍රනාන්දු’ ගීය ද 70 දශකයේ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගී ය ද නිතර රසගැන්වූ ඔහු විමලදාස පෙරේරා සිනමාවේදියා විසින් ’සැණකෙළිය’ සත්සර රටා මවන්නට ඇරයුම් ලබයි. ’ඉන්ද්‍රානී පෙරේරා නම් විශිෂ්ඨතම මෙන්ම ජනප්‍රිය පොප් තරුව එහිදි ’මිලටන් මල්ලවාරච්චී හා එක්ව ගයන්නීය.
සමනල රෑනක් සේ.......හඩන්නට හැඟුම් මැවේ.........
කෙසේදෝ කියන්නේ මගේ දිව දෙතොල් අතර සැංගේ ....................
පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවී.........
ළා දල්ලක් මෙන් මහද සැලී - නෙත් යුග එක් රුවක දිළේ....................
(කරුණාරත්න අබේසේකර ගී පද - 1975)
හී ලී විජේතුංග ගේ කෙටි කථාවක් ඇසුරෙන් විජය ධර්ම ශ්‍රී හැදූ ’දුහුඵ මලක්’ එදවස සිනමා කලා කවයේ වඩාත් කතාබහට ලක් වූ සිනමා සිත්තමකි. එහි ඇතුළත් වූ ඇතැම් ශෘංගාරාත්මක ජවනිකා මෙන්ම කථා සාරය ’අසම්මත පෙම’ ඇසුරෙන් ගොඩනැගී තිබීම ඊට හේතු වන්නට ඇත. මතභේදාත්මක වුවද අතිශය මධුරතර සරත් දසනායක ගී තනු රැසකින් හැඩ වැඩ වූ එහි එක්දරු මවක් ලෙස රංගනයේ යෙදුනු ’නීටා ප්‍රනාන්දු’ සිය සැමියා ගෙන් වසන් වී ඔහුට හොරා තහනම් පෙමක රස බලමින් රාත්‍රි සමාජ ශාලාවක සිය අනියම් පෙම්වතා වූ රොහාන් (රවින්ද්‍ර රන්දෙණිය) සමග අන`ඟ රැඟුම් පාමින් මධුවිත සප්පායමෙන් එහි නුරාමතින් රඟදෙන නලඟනකගේ රැඟුම් ගැයුම් නරඹද්දී වැයෙන ගීතයේ හඞ ’ඉන්ද්‍රානි පෙරේරා’ ගෙනි.
සීතලේ වෙලී ...තාරුකා පිපී ...
දෑස නුරා ගී පහර වැදී...කාගේද හද සැඵනා...
සිහින තොටිල්ලේ පොකුණේ..පෙම් වතුරේ මා ගිඵනේ ....
පාවී ආවේ ..යව්වන රෑ සමිරේ....
(ප්‍රේමකීර්ති ද අල්විස් ගී පද - 1976)
බී ඇස් පෙරේරා ගේ ’රොඩිගම’ දොරට වැඩියේ 1974 වසරේදීය. ඒ ඇයගේ ද ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේදී මල් වසන්තයයි.
සීත සුළං සාගරයේ - ගීත රසින් මාගේ ළයේ...
මධුරස අමර සුවය දේ - මිහිරැති සිහින ආකරේ..............
(සංගීතය - ස්ටැන්ලි ඕමාර්, ගී පද නිමල් ජී ප්‍රේමවංශ)
----------------------------------------------
’අනුපමා’ ප්‍රවිණ සිත්තරෙකු වු ’දයා රාජපක්‍ෂ’ ගේ සිතුව්ම් කථාංගයකි. එය සිනමා තිරය වෙත පිවිසි දා ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත නාදරටා ගැබ්වු ’ඉන්ද්‍රානි’ ඒකල ගී හඞින් ප්‍රේක්‍ෂක රසික සමූහයා මත් ව ගියහ.
පෙම්මල නිල්වන පෙත මැද පිපලා .......... සිව්දිග රොන් අතු පතුරන්නේ...
මල්වර වූ ලඳ මුවරද උතුරා...මල්සර නෙත් සිතු බැඳලන්නේ ..................
(ගී පද - තිලකරත්න කුරුවිට බන්ඩාර)
-------------------------------------
මහාචාර්ය සුනිල් ආරියරත්න 1979 වසරේදී හැදූ ’පොඩි මල්ලී’ සංගීතවත් කරන ලද්දේ ආචාර්ය වික්ටර් රත්නායක විසිනි. එහිදි ඇය සිය සුපුරුදු පොප් ශෛලිය පවත්වාගනිද්දී, සිය හඞ රංගනශිල්පිනියගේ චරිතය ට ගැළපෙන ලෙස ළෙලවමින් නැවුම් රසයක් මවන්නීය. තම අවට නෙත ගැටෙන සරළ දසුනක් ඔස්සේ සිය අනන්ත අපරිමාණ වූ පරිකල්පන දහර ගලා යවමින්, ඔබ අප නොදකින නවමු කෝණයකින් කවි සංකල්පනා මැවිමේ ශූර වීර ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රතිභාසම්පන්නයා එයින් අපුරු උපමා රූපක එක්තැන් කරන්නේය. විමසනු මැනවි..
සරත් දසනායකයන්ගේ සිරූවෙන් එක්තැන් කළ ස්වර ඇමුණුම් පෙළට අනුව ජන ගී හඞ නංවාලමින්ද , ක්ලැරන්ස් විජේවර්ධන, මයික් ගුණසේකර, අර්නස්ට් සොයිසා වැනි ප්‍රවිණයන් මැවූ බටහිර පොප් වේගරිද්ම ගී ලතාව අසුරු කරමින්ද , පන්ඩිත් අමරදේව ගේ සත්සර රටා රාමුව තුළට පිවිස ළයාන්විත නිවුණු හඞින් ආදරණිය රසිකයා ආමන්ත්‍රණයෙන්ද සිය නිසඟ ප්‍රතිභාව විදහා පෑ ඉන්ද්‍රාණි පෙරේරා එහිදී සිය ගායන ලාලිත්‍යයේ නව ඉමකට සේන්දු වන්නීය.
දුම් වැටියක් සේ දැවි අඵවෙයන්..හෙමින් හෙමින් ජීවීතේ .....
දෙතොළින් දෙපයට පෑගෙන්නට පෙර ..දෝත පුරා රස මදිරා ...
උරා බිබි මත්වෙමු....ආ...ආ....ආාා...හ්
ගිනි සිඵවකි මං .....ඇවිළෙන රාග ගින්නේ ...
ඔබ උණුසුම් උකුලේ සීතල කර කිමද කිමද නොනිවන්නේ..?
දෙසතියක විරාමයකින් යළිත් මෙතැන් සිට.....