මර්සලිනු ජයකොඩි පියතුමා - සුනිල් සාන්ත - එඩ්වින් සමරදිවාකර - කරුණාරත්න අබේසේකර - ප්‍රේමකීර්ති ද අල්විස් යුගයක විසිතුරු - (1956-1976)
ගී කව්පද රචනය ඇතුඵ වෙනත් සාහිත්‍ය රචනයන්හිදී කව්‍යාලාංකරණය තුලින් පරිසර වැනුම් සඳහා යොදා ගන්නා බස් වහරේ නිතර උපයෝගී කරගන්නා සත්ව වර්ග නාමයන් කිහිපයකි
(රණ) මොනරා හෙවත් රණමයුරා (රණ) හංසයා හෙවත් රණතිසරා - සැළලිහිණියා ආදී මෙකි නොකී පක්‍ෂීන්ද මුව - වගවළස් - සිංහ ආදී සිවුපාවුන්ද නයා පිඹුරා වැනි උරග ගණ නාමද ඒ අතර වෙති
සත්ව මළකුණු බුදින පිළිකුල් සහගත උරග සමාජිකයා කබරයා එනම් කබරගොයා ඉහත සත්ව ගණයා හා නොපෑහේ ඔහු සිංහල සාහිත්‍ය වංශ කථාවේ හමුවන චරිතයක් නොවුවද හෙළ ජන ගීයේ නොසඳහන් නොවේ
ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කලෙත් අරන් ළිඳට ගොයා......
ළිඳ වටකර කබරගොයා - කකුල කාපි දියබරියා.....
යන මේ අතිශය ජනප්‍රිය ජන කවිය අනුව යමින් වරෙක හෙළයේ මහා ගාන්ධර්ව ගුරුදෙවි සුනිල් සාන්තයන් මෙසේ ගැයුවේය
ටිකිරි ටිකිරි ටිකිරි ලියා - කලෙත් අරන් ළිඳට ගොයා....
ළිඳ වටකර කබරගොයා - ටිකිරි දැකලා පැනලා ගියා.....
ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි මලී.......
--------------
සවන්දෙන්න
ගුවන් විදුලියේ ඊර්ෂ්‍යා පරවශ බලවේග විසින් 1950 දශකයේ උදාවේදී නෙරපා හැරි ඔහුගේ 60 දශකයේ අවසන් භාගයේ සිදුවූ පුනාරාගමනයේදී බිහිවු මෙම ගීතය එදා යුගයේ රසිකයන් ගේ ගී පවස සංසිඳවු නිර්මාණ අතර නිති රැඳී පැවතිනි
එහෙත් ඊට පෙර ඉහත මුල් ජන කවියේ ආභාෂය ලබමින්දෝ ස්‌වර්ගස්‌ත ගරු මර්සිනු ජයකොඩි එනම් පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලිය ලද එකම කතෝලික පැවිදි උතුමා සිය සමිප ඇසුර ලැබු සුනිල් සාන්තයන්ගේ මියෑසි රටා අනුව මෙසේ ලියා තැබුවේය
කබරගොයා උගේ සුරතලී - සෙයා ඇදේ නගා දියසුළී......
නැඹුරු වි බලා කුඩා සුදුවළා - ඔබේ රුවට වශී වෙලානේ....
යමු නැළවිල්ලේ නැළවිල්ලේ - නැළවිල්ලේ....
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ.....
ඒ රසිකයන් බොහෝ දෙනෙකු දැනුවත් පරිදී ශ්‍රී ලාංකීය ප්‍රථම අව්‍යාජ හෙළ ගැමි සංස්‌කෘතිය විදහා පෑ සිනමා සිත්තම වු ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව වෙනුවෙන් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි එහි සත්සර මිහිර මවන්නට එකගත්වය පළකල සුනිලුන් ගේ කොන්දේසියක් අනුවය
ඉන් දශක දෙකකටද පසුව එදා නව පරපුරේ යොවුන් ගී නාදයෙන් යව්වන රසිකයන් මන්මත් කල වික්‌ටර් රත්නායක ගේ ගීයකට පද මුසුකල ප්‍රේමකීර්ති ද අල්විස් ද අඩුවැඩි ලෙසින් සිය පුර්වගාමීන් කළ කි දෑ ගුරු කොට ගන්නට ඇත
ළිඳ ලගටා යන්ට එපා දියබරියා කයි - වැට ලගටා යන්ට එපා කබර ගොයාඑයි.....
ගග ලගටා යන්ට එපා අභිමානා එයි - ගම හැරදා යන්ට එපා මා මෙහි තනිවෙයි......
----------------
සවන්දෙන්න
රේඛාව රිදීතිරයේ ඇඳී තෙවසරක ඇවෑමෙන් එන්ම 1958 වසරේදී කළඑළි බට දස්‌කම සිනමා සිත්තමේදී මෙසේ ඇසුණු ගී හඞකි
බඩ බිම තියා - තියා - යනවා - යනවා - කබරගොයා ............................
මනමාලියේ වෙලේ පිළිහුඞු හාමිනේ - මට තේරුනා බැලු කාරනේ ........................
ගොයම් පැසිලා කුඹුරේ - රන්වන් කරල් පැසීලා දිලේ ...................
හෝ හෝ ... රන්වන් කරල් පැසීලා දිලේ .............................
----------------
සවන්දෙන්න
Music File Hosting - Play Audio -
ගී පද රචනා කලාවේ අටවැනි වස ගතකරමින් සිටි කරුණාරත්න අබේසේකරයන් එසේ ලියා තැබුවේ රේඛාවෙන් සිය කෝකිල නාදය නැංවු යව්වනිය ඉන්ද්‍රාණි විජයබන්ඩාර වෙනුවෙනි
එවකට ප්‍රේක්‍ෂක ප්‍රවණතාවය වු ද්‍රවිඩ වට්‌ටෝරු සිනමාවෙන් නොමිදුනු මෙකි නිර්මාණය ද දක්‍ෂිණ භාරතීය අධ්‍යක්‍ෂ නීලකණ්‌ඨන් ගේ වල්විලේ ඔරුනාල් කතා පුවතේ අනුකරණයක් බව මහඇදුරු සුනිල් ආරියරත්න විසින් සඳහන් කර ඇත ලාංකීය මුල්ම සිනමා වෘතාන්තය වු කඩුවුනු පොරොන්දුව අධ්‍යක්‍ෂණය කල ඉන්දීය ජාතික ජ්‍යෙතිෂ් සිං එය මෙහෙයවනු ලැබීය
සිමාසහිත සිලෝන් තියටර්ස් වෙනුවෙන් මුල් යුගයේ විකට නඵවෙකු ලෙස ජනාදරයට පත් බර්ට්‍රම් ප්‍රනාන්දු එහි නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කලේය
මේ සටහනේ පුර්වීකාව මෙසේ අවසන්කරමින් පිවිසෙන්නේ මේ සුමධුර නාදමාලාවේ නිමැයුම්කරුවා ගේ පුවත කියාපානු පිණිසය
ඔහු යව්වනවිය පසුකර යන්නටද පෙර මෙහෙවර නිමා නොකර නික්‌ම ගිය සංගීතඥ එඩ්වින් සරමදිවාකරයන්ය
1916 වසින් ඇසළ මස 22 දිනදී බස්‌නාහිර පළාත්බද වත්මන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් කටාන ග්‍රාමයේ ජන්ම ලාභය ලැබු සමරදිවාකර ඒ දිස්‌ත්‍රික්‌කයේ අනෙත් අන්තයේ දොම්පේ පැලහැල වලව්වේ විලියම් සමරදිවාකර සහ කටානේ පී ඩී එලිසබත් දම්පතීන්ගේ පුතණුවන්ය
කිතුණු ජනසංයුතියෙන් සාර වූ මීගමුවේ කිතුගොස නැංවු මාරිස්‌ටෙලා විදුහලින් අකුරු කල හෙතම සිය පියාණන්ගේ වයලීන් වාදන මිහිරෙන් මන්මත්ව ආත්මීය ජන්ම වාසනා මහිමයෙන් ලද ශිල්පීය ඥානය උපයෝගී කරගනිමින්දෝ ගුරු ඇසුරකින් තොරවම ජපන් හා ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හැඞවීය
සුප්‍රකට සඳලංකාවේ සුබසිංහ පවුලේ සාමාජික ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ මග පෙන්වීමෙන් නයිනමඩමේ ජේ කේ එස් පෙරේරා නම් සංගීත ගුරුවරයා යටතේ ක්‍රමවත්ව සංගීතය හැදෑරිය
වද්‍ය භාන්ඩ ඇසුරේ විවිධ අත්හදාබැලීම් කරන්නට නොහිම් ආශාවකින් පෙළෙන්නට වූ හෙතම වරෙක ජපන් මැන්ඩලීනයක් වයලීනයේ අඵවෙන් වයන්නට උත්සහ දැරීය
එක්‌තරා දිනක ගුවන් විදුලියෙන් ඇසුනු සුමියුරු වාද්‍ය සංගීතයකි සිදුවිය යුතු ලෙසම ඊට වද්‍ය වෘන්දයක සහය ලැබිය යුතුය යමෙකුට එසේ හැගී ගියද ඒ වැඩසටහන මෙහෙයවු ප්‍රවිණ පුරෝගාමි නිවේදක ඩී ඇම් කොළඹගේ එසේ නොවීය එය ඔහු දෙබැම හකුඵවාලු විස්‌මයජනක දසුනකි
එක්‌තරා යව්වනයෙක් සිය පාදයක ගෙජ්ජි වැලක් රුවාගෙන එය හඞවන්නේ අතදැරි වයලීනය වයමින් නර්තනයක යෙදෙමිනි වහා ගොස් අසල තිබු මැන්ඩලීනය ගෙන එය වයන්නට පටන් ගත්තේය යළිත් වයලීනය අතදරා එය වයන්නට විය ඔහු අන් කිසිවෙක් නොව මේ යව්වන එඩ්වින් සමරදිවාකරය
ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ ආශීර්වාදයෙන් භාරතයේ ශාන්ති නිකේතනය වෙත යොමුකරනු ලැබු සමරදිවාකරයන් ගේ අභිනව ගුරුවරයා වුයේ සුසිල් කුමාර් හංජා චෞද්රිය
එහි ශිල්ප හදාරනු පිනිස සැපත් වු භාරතයේ යසිසුරු ලත් ප්‍රභූ පවුලක සාමාජිකාවක් වු ප්‍රීතී ඝෝෂ් සුප්‍රකට ටාටා සමාගමේ ඉංජිනේරු සිය පියාණන් ඇතුඵ පවුලට එරෙහි වෙමින් සමරදිවාකරයන්ගේ සෙවණ ද රැකවරණයද පැතීය
විනයවිරෝධියෙකු බවට පත්ව තාගෝර් සෙවණින් නෙරපා හරිනු ලැබ සිටියදී චෞද්රි ගුරුවරයා සිසු දරු පෙම් උපදවා සිය ප්‍රියතමයා වෙනුවෙන් මැදිහත් වහා මැදිහත්විය
හෙළද්වීපය නිදහස් අරුණඵ ලැබ වසරක ඇවැමෙන් පෙරළා පැමිණි මේ නවයුවල බටහිර වෙරළ තීරයේ නගාරාශ්‍රිතව සංගීත පාඨමාලා ඇරඹීය
ඔහුගෙන් ස්‌වරඥානය ලබන්නට වසනා මහිමය ලද්දෝ අතර පසුව හෙළ ගීතයට අපිරිමිත සේවයක් කල ලයනල් අල්ගම සහ ශාන්ති දිසානායකද මෙන්ම ජේර්ජ් පල්ලේවත්ත එච් එම් පියසේන වැන්නෝ ද සිටියහ
ලංකා ගුවන් විදුලියේ ස්‌ථාවර වාද්‍ය වෘන්දයක පහළවීම සිදුවුයේ සමරදිවාකරයන් ඒ හා බැඳුනු 1952 වසරේ දීය ඒ වනවිට සුනිල් සාන්ත නම් මහා ගාන්ධර්වයාද එයින් නික්‌ම ගොස් සිටියේය
මේ වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් අතර
ජේ ඒ පොඩි අප්පුහාමි - (තබ්ලා) - ගායන ශිල්පී ජේ ඒ මිල්ටන් පෙරේරා ගේ පියාණන්
ඇම් ඒ පියදාස - (වයලීන්)
සදානන්ද පට්‌ටිආරච්චි (දිල්රුබා)
ඒ ජේ කරීම් - (ක්‌ලැරිනට්)
ඩී ඩී ඩැනි - බටනලා
යන පසුව හෙළ ගීතය පොබකරන්නට දායකත්වය දැක්‌වු සාමාජිකයන් ගෙන් සමන්විත විය
ශ්‍රී චන්ද්‍රරත්න මාණවසිංහයන් ඇතුඵ කන්ඩායම මේ යුගයේ එනම් 50 දශකයේදී ගුවන් විදුලියේ නවාංගයක් වු ගීතනාටක රචනා කිරිමේ යෙදී සිටියහ ඔහුගේ සෝණගං තීරය ගීත නාටකය මියෑසි නාද රටා සමරදිවාකරයන්ගෙනි ගැයුම පුෂ්පාරාණී ආරියරත්නගෙනි
සුළග හමා ළපලු නටයි - රහස් කියා ආදරේ
ලලිත ලතා මඩුලු පෙනෙයි - සෝණ ගගේ ගං තෙරේ
සවන්දෙන්න
මෙකී දශකයේදී ගුවන් විදුලියේ රවින්ද්‍රනාත් ඨාකුරයන්ගේ ගීත ගැයූ වංග ජාතික ප්‍රිතී ඝෝෂ් - එඩ්වින් කැදැල්ලට එකඵ කලේ ග්ලැඩ්වින් සහ ඩොනල්ඩ්ය
තමා පෞද්ගලික දිවිය හා ගීත කලාව එකක්‌ම ලෙසින් සැලකු සමරදිවාකරයන් දිවා - රෑ ඒ වෙනුවෙන් ගතකලේය නිදිවැරුවේය හෘදරෝග සම්බන්ධයෙන් ලැබුනු අනතුරු හැගවීම් නොතකා හරිමින් සිය සුපුරුදු දිනචරියාවෙන් බැහැරව යන්නට අදිමදි කලේය
ළමාකාලයේ සිට සිහින මැවූ ලෙස සංගීත ශිල්පයේ විවිධ අත්හදා බැලීම් පුඵල් කරමින් දිල්රුබාව සහ එස්‌රාජයේ මුලධර්ම එකමිටට මුසුකරවා තැනු වාද්‍ය භාන්ඩයට දිල්රාජ් යෑයි නම් තැබිය වරෙක සාම්ප්‍රදායික පංච තුර්ය නාද මන්ඩලයේ වාද්‍ය භාන්ඩයක් වූ හොරණෑව වඩාත් ක්‍රමවත් කරන්නට පියවර ගත්තේය
මේ යුගයේ හෙළයේ මුල් පිටුව හොබවමින් සිටියේ එහි පහළ වූ අභිනව දේශපාලන පක්‍ෂය එනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයේ පුරෝගාමියා වු එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක සිරිමතුන්ය සහසිකයෙකු ගේ වෙඩි පහරකින් මෙළොව දිවිය නිමා කරන්නට සිදුවු ඔහු වෙනුවන් සෝ ගී මාලා ලියෑවිනි ගැයිනි ඊට සුනිල් සාන්තයන් ද තවත් අයද සහභාගි වෙද්දී ස්‌වර රචනයෙන් දායකවන්නට සමරදිවාකරයන් වර ලැබීය
එතැන් සිට දොළාස් දිනක් සටහන් කරමින් හිරු නැග බැස යද්දී දිනක ගුවන් විදුලි කාර්යාලයේ යළිත් සෝ සුසුම් මාලා රැව් දෙන්නට විය ඒ එහි වාතලය සිසාර දිවගිය ගී හඞ අතරේ මුසුවෙමින් ඇදිගිය එඩ්වින් සමරදිවාකරනම් මේ ජවසම්පන්න ප්‍රතිභාපුර්ණ ගාන්ධර්වයාගේ අවසන් සුසුම් පොද වෙනුවෙනි ඒ 1959 වප් මසින් 08 වැනි දාතමිනි
ඒ කුටුම්භයේ දරුකැළින් තෙවැන්නාගේ ආගමනය සිදුකරනු වස් සිය මව්පිය තුරුළට වන් ප්‍රිති ඝෝෂ් හෙවත් සමරදිවාකර පතිනිය දරාගත නොහි කම්පිතව සිය සැමියාගේ දේශයට වෙත අවසන් වරට පියනැගුවේ ඔහුට සමුදෙන්නටය
සිය පෙම්බර සැමියාණන් පණ සේ සුරැකි වාද්‍ය භාන්ඩ ඔහුගේ ම ගෝල පිරිස වෙත පරිත්‍යාග කලේය ඔහු නිදන තැන ස්‌මාරකයක් ගොඩනගා මතු කිසිදින ලක්‌දිව පා නොතබනු පිනිස සිය මව් භුමිය වෙත නික්‌ම ගියාය
සිය පියාණන් ගේ උනුසුම් සුව පහස ලබන්නට වරම් නොලද දියණිය රූමා පිළිබඳ නොපැහැදි මතකාඅවර්ජනය සිදුකලේ සමරදිවාකර ගෝල පිරිස විසිනි
එඅයුරින් අකලට මිලිණව ගිය අමිල හෙළ ගී කුසුම එඩ්වින් සමරදිවාකරයන් පිළිබඳව පසුදිනක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙසේ ලියා තැබූවේය
ඔහුගේ ඇගපත පුරා සංගීතය කිඳි රැඳී විහිදී තිබුණේය එය එහෙම පිටින්ම මධූර මෝහනයකි
සමරදිවාකර වැනි කලාකරුවන් කවර ජාතියක වුවද පහල වන්නේ කලාතුරකිනි කලාකරුවෙකු තුල සහජයෙන්ම තිබිය යුතු සියඵ දස්‌කම් සමග නියම ගති ගුණ ඔහු තුල තිබුණේය
ඔහුගේ චරිතයත් සංගීතය මෙන්ම මිහිරිය ඔහුගේ කථාබහ ඉක්‌මන්ය වැඩකටයුතු ඉක්‌මන්ය ඓහෙත් ඒ සියල්ලේම ව්‍යක්‌ත භාවයක් තිබුනේය
ඔහුගේ අභාවය ගැන සැළවෙනවාත් සමගම ඔහුගේ පූණ_ ප්‍රභාවයෙන් යුතු අවසන් දර්ශනය මා සිත ඇඳි ගියේය කඵදු දහරා ගලා ගියේය මිහිරිතම කලාකරුවෙකුගේ මළගමය ඒ
එඩ්වින් සමරදිවාකරයන් විසින් තනු නිර්මානය කරන්නට යෙදුනු එකම සිනමා සිත්තම වු දස්‌කම වෙනුවෙන් ඔහු තැනූ සියඵ ගී සය දශකයක ඇවැමෙන් අදද එදාමෙන් එකසේ දිවමන්ය නිති නිති රසික හද පිනවයි සුභාවිත ගී රසය පොබයයි) ඒවායේ සියඵ ගී පද රචනා නැසිගිය කරුණාරත්න අබේසේකරයන් වෙතිනි ඔහු ඇදහු පිළිපැදී බුදුදහමේ ඉගැන්වෙන අනියත බව මතුකර දක්‌වන්නට එයින් උත්සහ කොට තිබේ
මඩ දිය පිපුණට - පිරිසුදු කිරිසුදු ඕලු.....
රජ සිටු දූවරු - වරළස පළඳා ලංකාර වේදෝ......
(ජී එස් බී රාණි පෙරේරා)
--------------
සවන්දෙන්න
ඉපිද මැරේ යළි ඉපිදේ - නොතිර සසර සාගරේ.......
නොතිර සසර සාගරේ - අතරතුරේ නෙමැරි මැරේ දස දහස් වරේ......
නිසල නැසේ සසල වෙතේ - නෙතිර සසර සාගරේ..........
(පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව)
---------------
සවන්දෙන්න
(උපුටාගැනීම හා සේයාරූ සහ වැඩිදුර විස්‌තර සඳහා - ගාන්ධර්ව අපදාන -03 - මහචාර්ය සුනිල් ආරියරත්න)
(හෘදයාංගම ස්‌තුතිය - මහඇදුරු සුනිල් ආරියරත්න වෙත)
ස්වභාවික පුෂ්පයන් පමණක්මය සුවඳ විහිදුවන්නේ .......................... සිංහල ගීතාවලියේ දිදුලණ මිණිකැට වන් එදා ඇසුණු අමරණීය ගී පෙළ එලෙසින්ම
Tuesday, January 23, 2018
Tuesday, January 16, 2018
වජීරා බාලසූරිය එදා ගැයු ගී රස මිහිර......
සැටවසක ට පෙර එදවස - සවනත සුවදෙන සත්සර වජ්රය 1952
ආනන්ද සමරකෝන් - සූරියසංකර් මොල්ලිගොඩ - සුනිල් සාන්ත - දේවාර් සුරියසේන -නෙඵම්දේවී - සරණගුප්ත අමරසිංහ - වින්සන්ට් සෝමපාල - අමරදේව යන මේ නාමාවලියේ සාමාජිකයන් අතරින් බොහෝ දෙනෙකු වත්මන් රසිකයන්හට ආගන්තුක විය හැකිය
සිංහල සංගීතය වෙනුවෙන් ඔවුන් කළ කි දෑ එයින් එහි ප්‍රගමණයට ඇති වු බලපෑම යනා දී මේ කරුණු සාමාන්‍ය ගී රසිකයන් හට නොවැදගත් යෑයි ඔවුන් විසින්ම තීරණය කරති ගීතය රසවිඳිමින් හෝ නොවිඳිමින් ඔවුන් මේ ශිල්පීන් ගේ එදා යුගයේ ගී සවන්දෙති
ඒ අතරින් ඇතැම්හු ගීතයක හදවත බඳුවන් රිද්මය - තනුව ඉවත ලා එහි පදමාලාවේ අපුර්වත්වය අගයමින් එහිම ඇලී ගැලී සිටිති
එදා ඇසුණු එවන් ගී රසවිඳින අද රසිකයන්ද ඉහත වයස්‌කාන්ඩයේ හෝ ඊට තරමක පහළින් සිටියද ඔවුහු සිය දිවියේ ප්‍රඥා දශකයේ රැඳි සිටින්නන්ය ඒ අනුව ගීතය නම් කලා නිර්මාණය අගයද්දී අගතිගාමී නොවී මධ්‍යස්‌ථව සිය නැණැස මනා ලෙස යොදවා එහි රසය උකහගැනීම වැදගත්ය
ඉහත නාමලැයිස්‌තුව නියෝජනය කරන ඇතැමුන් දැවැන්තයන්ය ඔවුහූ සිංහල සංගීතය නමැති ජලප්‍රවාහයේ දිශානතිය හැරවු මහාවේලී වැන්න
ඔවුන් ගියමග යන්නට සැදී පැහැදී සිටි අනුප්‍රාප්තික ශිල්පී ලැයිස්‌තුවට එදා ඇතුළත් වු නාම කිහිපය අතර
එන් කේ කාරියවසම් - තිලකසිරි ප්‍රනාන්දු සහ ජී ආර් එඩ්වඩ් -ඩබ්ලිව් එෆ් විමලසිරි - වසන්තා සන්දනායක - පුෂ්පරාණි ආරියරත්න - ශීලා පීරිස් - ස්‌වර්ණා ද සිල්වා - කමලානි පෙරේරා - ප්‍රිම්රෝස් ජයසිංහ - චන්ද්‍රා ද සිල්වා සහ වජිරා බාලසූරිය වැන්නවුන් ද වෙති
ඔවුහු ඒ යුගයේ සමකාලීනයන් වු අතර ග්‍රැමෆෝන් යුගයේ පසු භාගය නියෝජනය කලහ
ඩබ්ලිව් එෆ් විමලසිරි නම් අප්‍රකට සංගීතඥයා පිළිබඳව ලුහුඞු සටහනක් තැබීම හොබනේය ඔහු පන්ඩිත් අමරදේවයන්ගේ ද නිජභුමිය වු මොරටුවේ කොරළවැල්ලේ වැසියෙකි ඩබ්ලිව් ඩී ඇල්බට් පෙරේරා පසුව අමරදේවයන් ලෙස ගී ලොව අබිසෙස් ලැබු අයුරින් විමලසිරි ද ඊට පිවිසෙන්නට පෙරාතුව දෝ අර්නස්‌ට් ප්‍රනාන්දු නම් වුයේ යෑයි අමරදේව චරිතාපදනය ලියු ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් සටහන් කරනු ලැබ තිබේ
රාත්‍රියේ මුල්පැය කිහිපය ගෙවිගොස් සිය දවසේ වැඩසටහන් නිමා කරනු පිනිස සැරසෙන ගුවන් විදුලිය ශ්‍රාස්‌ත්‍රිය සංගීතය නමින් විනාඩි පහළොවක වැඩසටහනක් විකාශය කරනන්ට පුරුදුව සිටියේය ඒ මින් දශක තුනකටත් එපිට යුගයකදී මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම හින්දුස්‌ථානී ශෛලියේ ශුද්ධ සංගීතය වෙනුවෙන් වෙන්කර තිබිනි
භාරතයේ භාත්ඛන්ඩේ සංගීතායතනයේ ඩිප්ලෝමාධාරීන් විසින් එය මෙහෙයවන ලදී ඩබ්ලිව් එෆ් විමලසිරි ද එදවස එහි වාදන රටා මැවු වෘත්තීය ශිල්පීන් ලැයිස්‌තුව නියෝජනය කලේය
මේa විමලසිරි වෙනුවෙන් දදියළිදු වරෙක අමරදේවයන් වෙනුවෙන්ද යුග ගී හඞ සහයිකාව බවට පත් වු සුන්දර යුවතියකි ඇය
විද්වත් මතය අනුව සිහල භාෂවේ අක්‍ෂරහෝඩියෙන් හටගැනෙන ඇතැම් ශබ්ද අතිශය කන්කඵ ලෙස ඇයටම ආවේනික ශෛලියකින් උසුරුවන්නට සමත්කම් පෑ ඇය ගේ ඒ හැකියාව ඉක්‌මවායන්නට සමත් වු ශිල්පිනයක් එකළද පසුවද නොවු බව කියෑවෙයි
ඇය නම් වජීරා සෝමා බාලසූරිය ගුරු මාතාවයි දැනුමැති රසිකයන් ඇයව නොහඳුනන්නේ නොවේ ඒ එකල ගුවන් විදුලියෙන් ඇසුණු රසාංගයක් වු ගීත නාටකයක ට පබැඳුනු අපුරු නිර්මාණයකි
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් දැවැන්ත බස් වෙසරදයාණන්ගේ පන්හිඳෙන් ගලා ආ එය
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ..................... යන පෙර ගැයියෙන් දෙසවන් කර පියඹා ආවේය
එහි ගැයුම් රස මතුකල පන්ඩිත් අමරදේවයන් ගේ සහයිකාව ඇයයි
එපමණද ?
කිසිසේත් නැත...
ඇය එකලාව හඞ අවදිකරන්නට ද වරම් ලැබීය
අම්මා මාව දොයිකරන්න හදපු හැටි අගේ.....
දොයි දොයි දොයි කියලා - බයි බයි බයි කියලා.....
උකුල උඩින් හොවාලා - වතුර ටිකක් පොවාලා........
සවන්දෙන්න මෙතැනින්
-----------------------
වඳිමු සුගත සෑසි පියා - සුදු අරලිය මලින් පුදා......
සසර දුකින් එතෙර වන්න - පතමු නිවන් සැපත සැමා........
අසන්න මෙතැනින්
----------------
සාදු සාදු මා බුදුහිමි සමිඳා - දෝත නගා පුද දේ ......
තුන්ලෝකේ අගරාජා.......
අසන්න මෙතැනින්
----------------
මේ හඞ සපිරි ගීත නිරතුරු ගුවන සිසාරා පැතිර ගිය කලෙක් විය ...ඒ එදා ය ගී රසවින්දන නම් මහා සාගතය හසුවි වසර ගණනක් එහි දුර්විපාක විඳ එය මැළවී ගියවුන් මේ රසය කෙසේ විඳගනු ඇද්ද ?
අංකුර කලා රසවතුන්ගේ කෙම්බිමක් වු කැළණි පුරවරයේ සාන්ත පාවුලුවෙන් අකුරු කල ඇය ගුවන් විදුලියේ ආධුනික ගී ගායනා තරගයකින් සිය පළමු කඩුල්ල තරණය කළාය ඒ 1952 පමණ යුගයේදීය
චිත්‍රසේනයන් වෙතින් නර්තනය ද හදරා එහි ම දියත්වු ඇල්බට් පෙරේරා ගේ හෙවත් අමරදේවගේ සංගීත සිප්හල වෙතින් ගායනයද හැදැරුවාය
එදවසම
සඳපානේ වැලිතලා- සුරකුමරියො මල් සලා.....
මිහිරි ලලිත ගී- ගයා නටති මේ රැයේ .........
අසන්න මෙතැනින්
-------------------
හෙළයේ මහා සුබස් ගුරු පියාණෝ කුමාරතුංග මුණිදාසයන් ගේ පදවැලක මිහිර පෙරදෙන්නට එසේ ඇය ඔහුට සහය වුවාය
එයින් නොනැවතී ඔවුහු යළිත් දිනක මෙසේ ගැයුහ
සිගිරියේ සිතුවම් රමණී - අති සුන්දර කීරති දැරු ලෝකේ ......
සිගිරියේ සිතුවම් රමණී.............
ඊට සවන යොමුකරන්න මෙතැනින්.............
-----------------------
කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි ලේබලයේ වජීරා නාමය නොසඳහන්ය ඇත්තේ සෝමා ලෙසිනි
1955 මහරගම ගුරු ඇබැසි විදුහලට ඇතුලත්ව එයින් ගුරුමව් වරම් ලැබ වේයන්ගොඩ මැදි විදුහල - රත්මලානේ ධර්මාරාම ව- ග්‍රැන්ඩ්පාස් (කොළඹ 14) ස්‌ටේස් පාර යන මෙකි විදුහල් හි රැඳෙමින් සිප්සතර බෙදා දුන්නාය
පසුව එම් බී එච් වාරියපොළ නම් අධ්‍යාපන නිලදරුවා සිය ජීවන සහකරු බවට පත් වු නිමේෂයේ සිය ගැයුම් රසකලස හිස්‌කර දැමුවාය ඒ උත්තරීතර මාතෘත්වයේ කිරුළ දරනු පිනිසය එයින් ඇය ලොවට දැයට රටට හිතැති වැඩැති දරු දෙදෙනෙකු බිහිකළාය
අගනුවර ශ්‍රි ජයවද්දන පුර රෝහලේ අති සුප්‍රසිද්ධ අක්‍ෂි ශල්‍ය ජිවකයාණෝ දුෂ්‍යන්ත වාරියපොළ ඇගේ දෙටු පුතුය පරිගණක මැවිසුරු පුබුදු මද්දුමයාය
(මාධ්‍යවේදී විජිත් කුමාර් සේනාරත්න ලියු සඳ මිදුලේ රන් මිවිත කෘතියෙන් ඔහු අවසරයෙන් උපුටාගනු ලැබීය)
-------------------------------

Thursday, January 4, 2018
ගුරු ගුණ වරුණා......
ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ....... 07 දිගැහැරුම
මෙසමයේ සිංහල ගීතාවලිය සිය තැටි ගී සමය පසුකරමින් කැසට් පට යුගයේ හිරිමල් විය ගතකරමින් සිටියේය ඒ වෙනුවෙන් අපිරිමිත දායකත්වයක් ලැබ දුන්නේ සිමාසහිත සිංග්ලංකා සමාගමයි එහි බර කරට ගත්තෝ අතර ක්‌ලැරන්ස් විජේවර්ධන සහ ප්‍රවිණ ගී නිර්මාණකරු කුලරත්න ආරියවංශ ද විය ඔවුහු නන්දා මලනී ගේ නැවුම් ගීත ඇතුලත් කැසට් පට පෙළක් නිකුත් කරමින් සිටියහAdd caption |
අලය වන් මනරම් කවිකම් දෙන - සිතුමින කොද විස්‌කම් .................
හදවත් වී සමහන් මෙගැයුම් කර - සිඳ බිඳලවි බවගිම් ..............
පැණසර මහබෝසතුන් විරතට පැමිණ නොහිම් - පබවත වෙත බැඳෙමින් පුදදුන් උණුකදුළින් .........
ආලය නම් මනුදම් අදහම් නිති - එතැනය සබය සුදම් ........................
සවන්දෙන්න මෙතැනින් ....
---------------------
මිට සමාන ලයමානයකින් උපන් ඔහුගේ මෙකී දෙවන නිර්මාණයද ඉහත ගීය පරදවා රසික සිත් ආලෝලනය කරනු ලැබිය
හිතුමතේට දීග ගිය දුවේ - නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ......
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....
ඇස් දෙක වන් පුංචි දුවේ - නුඹ නැති ගෙය ගෙයක් නොවේ......
ගෙයි ඇවිඵ පහන නිවේ - පපුවේ ගිනි පුළිගු දැවේ........
සවන්දෙන්න මෙතැනින් ....
---------------------
මෙවර ඔහු ගේ නිර්මානක්‍ෂිය යොමුවුයේ වෙසෙතුරු සිරිත වෙතටය
බාලේ පෙම්බර කොණ්‌ඩා බැන්දත්
තපසට නොගනිති වන්නා
දෙකනේ පුස්‌කොළ තෝඩු තිබුවත්
තපසට නොගනිති වන්නා
මල් යහන් කවි උදෙසා වැයෙන බෙරපද හා මෙකී නාද මාලාව ද ගාරායක් නැටුමේ කවි තාලය ද මුසුකරවා මෙහි ගී හඞ මතුකරවාගනු ලැබ තිබේ
සංගීතාචාර්ය ඔස්‌ටින් මුණසිංහ වෙත ලැබුනු තෙවැනි පත්විම සිදුවුයේ 1983 වසරේදී කොල්ලුපිටියේ මහනාම මහ විදුහලටය එහිදි ඔහු ගේ කාර්ය භාර්යය වඩාත් පුඵල් ලෙස ඉටුකරගන්නට අවස්‌ථාව සැළසුනේ එහි එවකට විදුහල්පති කේ එම් ද සිල්වා මහතා ගේ ද නොමද සහයෝගය ලැබිමෙනි
මහානාම පාසල් ගීතයේ පද රචකයා විදුහල්පති කේ පී ද සිල්වා ලෙසත් තනු නිර්මාපකයා ඔස්‌ටින් මුණසිංහ ලෙසත් සටහන් වි තිබේ
එහි උදා ගුරු සිසු හමුවේ සම්ප්‍රදායික න්‍යය පත්‍රයට අනුව වැයෙන ජාතික ගීයේ සහ පාසල් ගියේ වාද්‍ය වෘන්දයේ සර්පිනාව සියතින්ම වැයුවේ සංගීතාචාර්යවරයා ලෙස එය සිය වගකීම ලෙස සලකමිනි
වසර පුරා එහි සිසුන් සමස්‌ත ලංකා මට්‌ටමින් හා වෙනත් සංගීත තරග සඳහා සුදානම් කිරීම එහි පැවැත්වෙන වෙනත් උත්සව සහ රැස්‌විම් හි සංගීත කටයුතු මෙහෙයවීම ආදි මෙකි නොකි වගකීම් රාශියක් සිය උරමතට ගෙන කටයුතු කිරීමට ඔහුට සිදුවිය
යම් ආර්ථික අපහසුතා සහ අසිරූතා ඇති සිසුන් කෙරෙහි පීතෘත්වය කැටි වු දයාපරවශ හැගීමෙන් කටයුතු කරමින් හැකි සැම විටම සිය පෞද්ගලික මුදලින් ඔවුන් හට උදව් උපකාර කරන්නට කිසිවිටක නොපැකිළි විය කලා උළෙල සහ වෙනත් කටයුතු සඳහා ගොම්මන් අඳුර වැටෙන තුරු තමා හා රැඳි සිසුන් ගේ වියහියදම් සපුරා දෙමව්පියන් අමතා ඔවුන් ආරක්‍ෂිතව සිය නිවස් කරා පිටත් කර හරින්නට කටයුතු කලේය
සිය සිසුන් තමන් වෙතින් පෞද්ගලික අධ්‍යාපනය හැදෑරිමට යොමුවිම පිළිකෙව් කළ මුණසිංහයන් සැමවිටම කියා සිටියේ එය සදාචාරාත්මන නොවන බවත් තම යුතුකම උපරිමව පාසල තුලදී ඉටුකරන බවත්ය
සිය සිසු දරුවන්ට වෙත කෙරෙන කෙණෙහිළිකම් අසාධාරනකම් හමු වේ ඊට විරෝධය පා දැඩි ලෙස සංවේදී වු ඔහු උසස් පෙළ ප්‍රයෝගික පරික්‍ෂණයට මුහුණ දුන් සිසුවකු ට සිදුවු අකටයුත්තකදී ඊට මැදිහත් වී එය වහා නිවැරදි කළේය
අදාළ පරික්‍ෂණයේදී බාහිර පරික්‍ෂකයා හමුවේ ඉතා නිවැරදිව සුසර කරගත් වයලීනයක් මනහර ලෙස වයන සිසුවෙකුගේ වාදනයට මහත් ආශාවෙන් සවන් දී සිටි ඔහුට ඊලග මොහොතේ අසන්නට ලැබුනේ මෙවැනි නියෝගයකි
ඕක හරියට ටියුන් කරගෙන නෑ ...........මෙහෙ අරන් එනවා ඕක......................
අදාළ පුද්ගලයා සිසුවා ගේ වයලීනය නාදය වීකෘත කරවා යළිත් වාදනය කරන්නට අණ කරනු ලැබීය
නොසිදුවිය යුත්තක් සිදුවෙමින් තිබෙනු අත්දැකි මුණසිංහයන් ද නොසිදුවිය යුත්තක් කරන්නට පෙළඹිය ඔහු අදාළ කුටියට කඩා වැදිනි
ගන්නවා ඕක මෙහට ...... ආ .... දැන් ගහනවා
ඊලග නිමේෂයේ කුටිය සිසාරා ගිගුම් දුන්නේ ඔහුගේ ගර්ජනාවයි
යළිත් නිවැරදිව සුසර වු වයලීනය අතට ගත් සිසුවා එය වයන්නට විය
කෝපයෙන් දිදුලමින් පිටතට පැමිණි සංගීතාචාර්යවරයා පසුපස ආ පරික්‍ෂකයා නොඉවසමින් වචනයකුදු හෝ නොදොඩ එතැනින් මගහැර යන්නට ගියේය
ඒ අසාධාරනය අයුක්‌තිය නොඉවසු දයාවෙන් සිහිල් වු මුණසිංහයන් ය
නැවතත් හමුවෙමු .....
Subscribe to:
Posts (Atom)