namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, September 26, 2024

ඉන්ද්‍රානි පෙරේරා ගී හඞ ලංකා ගුවන් විදුලියේදී .................

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 08

ධර්මරත්න සහෝදර ගායක කන්ඩායමේ නියමු ’මෙල්රෝයි ධර්මරත්න’ ද, සුපර් ගෝල්ඩන් චයිම්ස් නියමු ක්ලැරන්ස් ද, ප්‍රවිණ ගිටාර් වාදන ශූරී මයික් ගුණසේකරද, ෆෝචූන්ස් නියමු ’ස්ටැන්ලි පීරිස්’ ද ඇයගේ ඒකල සහ යුග  වෙළඳ තැටි ගීතයන් වෙත සත්සර වියමන් ගොතා දුන්නේය. වෙළඳ තැටියේදී ඇයගේ ගායන සහයකයා ලෙස වරෙක සිංහල ගී ලොව මිණි පහන ’එච් ආර් ජෝතිපාල’ කටයුතු කළ අවස්ථාවක් මෙළෙස සටහන් වෙයි.















මෙහි අංක 04 ඉන්ද්‍රානිය. ඇය ගුවන් විදුලියේ ගී ගැයු යුගයට සමකාලීනව වෙළඳ තැටියක පටිගතකිරීමකට සිය සොයුරියන් සමග සුදානම් ව සිටී

--------------------------------------------

මේ දෑස කාගේදෝ - මේ මොහොතේ කොයිබදෝ .........

සැන්දෑ ඉරේ ආවේ මුහුනේ ඔබේ .....

මේ දෑස මිහිරියේ දැන් ඉන්නේ කොයිබදෝ............

නේවාසිකාගාරේ පාඩම් පොතේ ..............

(ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්)

ඔවුන්ගේ පරපුරේ ජ්‍යෙෂ්ඨයා ’සී ටී ප්‍රනාන්දු’ ගේ පුත් ’ප්‍රියන්ත’ ගී ලොවට පිවිසි මුල් යුගය සටහන් වන්නේ 1977-78 දීය. ඇය ප්‍රියන්ත ගේ ගී සහයිකාව ලෙස ගැයූ අවස්ථාවකි  මෙ


නිරංජලා කාටෙදෝ ආදරේලු දැන් ............

ඉතිං මොකෝ ආසා නෑ ආදරේට මං....................


(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය - ක්ලැරන්ස්)

ඉන්ද්‍රානී ’මුන්ස්ටෝන්ස්’ මුල් යුගයේදී ගි ගයද්දී එහි සාමාජික ’ඇනස්ලි මාලේවන’ සමග යුග ගීයක් ගයා තිබිනි.

මම එදා ගොසින් ඇගේ සුසුම් වනා ...

ඇයි මෙසේ කරුණු ඇසුවා ......

රතු කුඩා දෙනෙත් කඳුළැලින් පුරා...

ඇය මගේ මුහුණ බැලුවා............

මම දනිම් ප්‍රියේ ඔබේ කතන්දරේ................


(ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයකි)

ඉන් දශකයක් ගතවෙද්දී ඇය නැවතත් ඔහු සමග ගැයුවාය. සංගීතවේදී සරත් දසනායක ඊට මධුරතර තනුවක් ද වාද්‍ය මුසුවක්ද එක් කළේය.

පවුරු වළල්ලක් බැඳලා...

සතර අතේ අවිගත් මුර සෙබඵන් යොදලා ..........

පවුරු වළල්ලම බිඳලා ...

මං එනවා මුරකාවල් අතරින් මිදිලා ..................

(ගී පද - කරුණාරත්න අබේසේකර, සංගීතය - සරත් දසනායක)


60 දශකයේ ක්‍රමයෙන් අතු පතර ලියලා වැඩිගිය හින්දි සිනමා ගී උන්මාදය 1976 අවධිය වෙද්දී තරමකින් මෙල්ල වී තිබුනේ එදවස ලාංකීය සිනමා ගීතයේ පෙරළිකාර නිර්මාණයන් ජනගත වෙමින් පැවති නිසාය. එහෙත් එයින් පවා ’හින්දි’ ගීතය වියැකී ගියා නොවේ. තත්කාලීන භාරත සිනමා ගීත කලාවේදී නිරන්තරයෙන් වැයුනු තත් වාද්‍ය භාන්ඩයක් වූයේ ’සන්තූර්’ ය. එය දන්ඩකින් පහර ලබන විශාල තත් ගණනාවක් දඩිලෙස කම්පනය වන්නට සලස්වා දෝංකාරමය තත් නාදයක් උපදවාගතහැකි අපූර්ව භාන්ඩයකි. උක්ත අවධියේදී සිංහල ගීත කලාව වෙත ප්‍රවිශ්ඨ වෙමින් පැවතුනු සන්තුර් නාද මිහිර වෙත වඩාත් දැඩිව ආශක්ත වූ සංගීතඥයන් අතර ’ක්ලැරන්ස් විජේවර්ධන ද විය. ඔහු මෙකී සංගීත භාන්ඩය උපයෝගී කරගෙන මනහර ගීත ගණනාවක් සිංහල සිනමා කලාවට සහ ගී තැටි කලාව වෙත දායද කොට දුන්නේය.

(මට මතකයි මන බැන්දු සිනා ඔබේ - මර්වින් මිහිඳුකුල, සොඳුරු ලොවට මල් වැහැලා - ජෝති සමග සුජාතා අත්තනායක - අපේක්‍ෂා සිනමාපටය, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මිල්ටන් මල්ලවාරච්චි සමග ඇන්ජලීන් ) මෙම තත් භාන්ඩයෙන් රසගැන්වුනු ගීතයක පබැඳුම වර්ණන් පෙරෙරා විසිනි. ඔහු ඇයට ලියු ගීත ගණනාවකි. ඒවා අතරින් බහුතරය ශ්‍රාවක ජනාදරයට පාත්‍ර වෙද්දී ඇය ඔහුගේ සහය ගායිකාව ලෙස කටයුතු කළ අවස්ථාවකි මේ


සමුගෙන යන්නෙමි   මම ඔබ තනිකොට අපේ මතු දියුණ කර.......

හිතකින් නොව මා නැව්නැග යන්නේ  - හිත ඔබේ තුරුලේ තියා.............


(ගී පද  - කරුණාරත්න අබේසේකර, සංගීතය - ක්ලැරන්ස්)

මේ ගීත එක්තරා යුගයකදී එනම් මින් දශක හතරකට එපිටදී, වෙළඳ ගී තැටි නි්ෂ්පාදකයන් විසින්  එළිදක්වන්නට යෙදුන, ලාංකීය බටහිර ගීත රසය ඉවකළ රසිකයන්ගේ නොමද ශ්‍රාවක සම්මානනයට පාත්‍ර ව තිබිනි. එදා නිරන්තරයෙන් ලංකා ගුවන් විදුලියේ වෙළඳ වැඩසටහන් අතරවාරයේ දී ඇසුණු මෙම ගීත පසුව සාමාන්‍ය ගුවන් විදුලි විකාශනයේදී නිරතුරු වාදනය වී, එදා ගීත දර්ශකයන්හි වාර්තා තබමින් පැවතුනි.

මේ අවධියේ දී එනම් 70 දශකයේ මුල් භාගයේදීම, ’මල්ලිකා’ මෙන්ම ’ඉන්ද්‍රානි’ ද ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඞ පරික්‍ෂනයෙන් සමත් ව ’සරළ ගී’ ගායිකාවන් ලෙස ලියාපදිංචි වි සිටියහ.

ඇය ගේ ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා සංගීත සංයෝජනය සිදුකරන ලද්දේද ඇය වෙනුවෙන් නිබඳව වෙළඳ ගී තැටි මියැසි විසිතුරු මැවූ  ’සරත් දසනායක’ සංගීතවේදියාණෝය. ඒවා ඉතා පැහැදිළිව පොප් සංගීත කලාවෙන් සපුරා බැහැරව, සාම්ප්‍රදායික ගුවන් විදුලි ගීතයේ හැඩතල රුවගුණ සහිතව නිර්මාණය වි තිබිනි. ඒ අනුව ඇයගේ ඒකල වෙළඳ තැටි ගී සහ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය වැයූ රසයට අනුකූලව ගැයුනු ගීත පැහැදිළිව වෙන්කර හඳුනාගත හැක්කේය.


වසර ගණන් ඇසුරේ සිටියත් හඳුනා ගම්ද කෙසේ ...?

අපගේ සිතුම් පෑහෙනු බැරිවී අහසට පොළොව ලෙසේ ......

(ගී පද  - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ  - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක)


සඳකිඳුරී මා සඳකිඳුරී.................

සඳගිරි පව්වේ රඟදෙන සඳකිඳුරී...........

දුනුහී තල ගෙන බඹදත් ඒවි.........

මගේ රුවින් ඔහු මන්මත් වෙවි.........

ඔහුගේ පහරින් හිමි මිය යාවී...........

සඳගිරි පව්වේ මා තනිවේවි....................

බරණැස මිණි කිරුළෙන් පිදුවත් මා......

රාජ බොජුන් සිහිලෙන් තැනුවත් මා.............


(මහාචාර්ය සුනිල් ආරියරත්න)


රතුමල් ගවුමට ලස්සන වැටුනා...........

පොඩි සමනලියට අත්තටු ලැබුනා...........

ඔබේ මුව පොඩියට සිනා පුරෝගෙන........

මා වෙත ඉගිලී එන්න දුවේ................

(ගී පද - ඩොනල්ඩ් අයිවන්)


එවකට ගුවන් විදුලි ගායක සමූහයට එක් වූ ආධුනිකයා ’අබේවර්ධන බාලසූරිය’ නමි. ඔහු හා ඇය ගුවන් විදුලියේදී හමුවූ අවස්ථාවකි මේ ඇය මෙහිදී එදවස කලාකෙත අස්වැද්දූ රසවතුන් අතර කැපි පෙණුනු ප්‍රවිණ රංගවේදී දිවංගත ’යූ ආරියවිමල්’ ශූරීන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නීය. ‘තාරාවෝ ඉගිළෙති’ නම් වූ ප්‍රහසන වේදිකා නාට්‍යයේ පෙනිසිටි ඔහු එහි ’සෝබාව දේ මෙපුර සිරි විසිතුරු....’ නම් වු අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යය ගීතය ’ගාමිණි සමරකෝන්’ සමග මුල් කාලීන වේදිකා ගතකිරීම් වලදී (1981-1986) ගැයුවේය. ආරියවිමල් අනේක විධ කුසලතාවයන්ගෙන් පරිපුර්ණ වු එවන් හැකියාවන් උරුමකරගත් දුර්ලභ ගණයේ මිනිසෙකි. ඔහු 80 දශකයේ අග භාගයේ අකාලයේ අප අතරින් සමුගෙන ගියේය. ’වැලිබත් ඉව්වා.............’ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි පටිගතකිරීමේදී එහි තාක්‍ෂන සහය ලබාදෙමින් පටිගතකිරීමේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කළේ ඔහුය. 


වැලිබත් ඉව්වා - මතකයි අපි දෙන්නා.........

ඔංචිලි පැද්දා මතකයි - අපි දෙන්නා............

මෙතුවක් එක්වි වැඩුනත් අපි දෙන්නා..............

අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා ............


තනි මංසල මට ඔබ නොව මුණගැසුනු නොහේ...

තනි පංගලමේ ගෙන් පිට යන්ට නොදේ...

වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නෙපෙනේ...

අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ .....

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සහ තනුව - ආචාර්ය වික්ටර් රත්නායක - 1975)

’නිරංජලා සරෝජිනී’ එවකට ගුවන් විදුලියෙන් දොරට වැඩි ආධුනික ගායිකාවක් විය. ඇයගේ ගීත කලාවේ අත්වැළ සැපයූවේ එකී රාජ්‍ය ආයතනයයි. ගීත ගායනයට පිවිස දශකයක් ආසන්න වෙද්දී 80 දශකයේ මුල් යුගයේ ඇයද බටහිර සංගීත ආර අනුව ගීත ගයන්නට ඉදිරිපත් වුවත් ඒවා ඉන්ද්‍රානීට සාපේක්‍ෂව ඉතා විරළය. 

80 දශකයේ එක්තරා යුගයකදී ’නිරංජලා’  සහ ’ඉන්ද්‍රානි’ දෙදෙනා එක්වූ දුර්ලභ සංයෝජනයක් ප්‍රකට වූ අවස්ථාවකි මේ. මේ නිර්මාණයේ කතුවරු දෙදෙනාම එදා ගුවන් විදුලි ගීත කලාව රසගැන්වූ අප්‍රකට රසවතුන් දෙපොළක් වීම විශේෂත්වයයි.


මනමාල නෙඵම් පිපිලා ..... ආලේට කෝළ කැඵම් හෙඵවා....

නීලා නුවන් හෙළනා... තාලෙට කෝළ කැඵම් හෙඵවා ...

මනමාල ගිරව් මිදිලා..තාලෙට මිහිර ගීත ගැයුවා...

මනමාල නැටුම් නටලා ..තාලෙට මිහිරි ගීත ගැයුවා.....

මනමාල ගිරව් වටලා ... කෝළෙට තාල නැටුම් නැටුවා...

මනමාල බැඵම් හෙළලා ... කෝළෙට තාල නැටුම් නැටුවා .....

(ගී පද - ධර්මසේන ගීකියනගේ, ගී තනුව - සරත් ධර්මසේන)


තොරතුරු සාම්පාදනය - ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසිනි


ඉදිරි දෙසතිය පුරා මේ ගී රසවිඳිනු මැන නැවත හමුවෙන තුරු.....

Wednesday, September 11, 2024

ඉන්ද්‍රාණි පෙරේරා සිනමා ගී ඕවිල්ල.......02

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 07

 දිවංගත සංගීතවේදී ’සරත් දසනායක’  මතු කී අයුරු ඉන්ද්‍රාණි පෙරේරා ගේ ද සොයුරියන්ගේ ද ගී කැදැල්ල හැඩගන්වා ඔප්නංවා සැලසුම් කරනු ලැබුවා වූ  මහ සැලසුම්කරුවන්ගෙන් එක් අයෙකු බවට සාක්‍ෂි ඉහත ගෙනහැර පා දක්වන්නට යෙදුනි. එමතුදු නොව ඔහු ඒ කැදැල්ල ගොඩනැංවූ වනස්පතියේ දෘඩ ශාඛාවකි. බෙලහීන ව මැළවි ගිය කල්හී ’කැදැල්ලේ’ අස්ථාවර බව මොනවට කැපී පෙණුනි. (මතු කීවා සේ එහි සෙසු මූලික මෙහෙයුම් කරුවෝ මෙන්ම සැලසුම් කරුවෝ වුයේ ’වික්ටර් දඵගම’, සහ ’ක්ලැරන්ස්’ ය)

ඔබ ද මා ඇතූඵව ගී ලෝලී වැඩිහිටි අප හොඳින් දන්නා කරුණ වන්නේ ’දසනායක’ සංගීතකරුවාණෝ ’70’ දශකයේ සිනමා සංගීතයේ ද මහ පෙරළිකරුවන්ගෙන් අයෙකු බවයි. ඉඩ ලද හැකි පරිදි, ’ඉන්ද්‍රානි’ ව ඔහු සිය සිනමා සත්සර ගෙත්තම් කරන්නට එක්කරගත්තේය. මෙහි දැක්වෙන්නේ ඇය සහ ජෝති සිනමාවෙද එකට හමුවූ අවස්ථා අල්පයකින් වඩාතම් මනහර නිර්මාණයයි.














ජෝති - 


සරා සිහින රේඛා ....

පැතම් මල් පිපිළා .....

නවාතැන් සොයා පෙම් හදේ .....


ඇය - 

මවා ප්‍රේම ඡයා ...

ඔබේ දෑස පායා ...

කියාගන්න බෑ අදරේ.............


(1979 - ’අනුෂා’ සළරුවේදී ගැයුමට පද මුසුව උපාලි ධනවලවිතානගෙනි)


’පැට්‍රිික් දෙණිපිටිය’ ඇයට ආගන්තුක නොවූ බටහිර ගීත ශිල්ප කලාව ප්‍රගුණ කරන ලදුව එහි පරප්‍රාප්ත වූ අතිවිශීෂ්ඨයෙකි. ඔහු කිසියම් තාලයක් සවනත වැකෙද්දී ඒ ක්ෂණයකින් එය  බටහිර ස්වර ප්‍රස්ථාරයකට ගොණු ගත කරවීමේ අපුර්ව කුසලතාවයකින් හෙබියේය.  එදා ඇයගේ යව්වනයේ දී, සමකාලීන යව්වන යව්වනියන් උන්මාදයට පත්කල ගායන ශීල්පී ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ ගීත ගොන්න බිහිකරදෙන්නට උරදුන් ප්‍රමුඛයන්ගෙන් අයෙකි. එහෙත්, හෙළ සිනමා ගීතාම්බරයේ පායා රශ්මි ප්‍රභා විහිදවන්නට සමත් වු වාර ගණන අල්පය. කෙසේ වුවද, ඒ හැම වාරයකදීම ඔහු ශ්‍රාවක රසික හදවතෙහි ගැඹූරට කිමිද යන්නට සමත් වූ මධුරතර ගී නිර්මාණයන් බිහිකරන්නට සමත් වූයේය. විමසනු මැනවි


සමනල රෑනක් සේ .........අන්නත හැඟුම් මැවේ ...............

කෙසේදෝ කියන්නේ...මගේ දිව දෙතොල් අතර හැංගේ .............

පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවෙී.................

ළා දල්ලක් සේ මහද නැඟි ... නෙත් යුග එක් රැවක දිලේ ...................

(සැණකෙළිය - 1974, ගීත සංකල්පනා - කරුණාරත්න අබේසේකර) සහය ගායනය - මිල්ටන් මල්ලවාරච්චි


එදවස ගීත තැටි කලාවේ අංක 01 ස්ථානයේ වැජඹුනු ගායිකාව සහ ගායකයා යොදවා ඓළෙසින් යුග ගීතයක් ගයවා, සිනමාවේදී විමලදාස පෙරේරා එදා ’සැණකෙළිය’ එහි නිෂ්පාදකයා හට සැණකෙළියක් මවා දෙන්නට ඇති බව නිසැකය. සිනමා පටය තිරගත වී එයින් මැකි වියැකි අඩසියවසක් ගෙවි ගොසිනි. එහෙත් ගීතය ඔබත් මමත් අප පිනවන්නේය නළවන්නේය.

හෙළ සිනමා සංගීතයේ පමණක් නොව සංගීත කලාවේ පහන් ටැඹක් බඳු ’ආචාර්ය කේමදාස’ ගේ අරුම පුදුම ස්වර සංකලනයන් හමුවේ හඞ අවදිකරන්නට ඇය වරම් ලද්දේ ’ටී අර්ජුන්’ ගේ ’සරා - 1978’ සිනමා සිත්තමේදීය. වෙනත් ගායක ගායිකාවන් සේම එතැන්හිදී ඇය පළමුවරට සිංහල සිනමාවේ සංගීත භාවිතාව නව මගකට යොමු කළ පහන් ටැඹ ’ආචාර්ය ප්‍රේමසිරි කේමදාස’ ගේ ස්වර සංකලනයන් හා අනුගත වෙමින් හඞ අවදිකරන්නට පෙළඹෙන්නීය. 

ඉන්ද්‍රානී සහ ක්ලැරන්ස් - 80 දශකය

ඊට පෙර කවර විටකදී හෝ ඔහු ඇය හෝ ඇයගේ ගායක කන්ඩායම ට සංගීත අධ්‍යක්‍ෂනය කරනු තබා, ඒ රිද්මය ගුරුකොට ගත් කවර හෝ ගායක ගායිකා කන්ඩායමකට එකදු ගීතයක් හෝ නිර්මාණය කර ඇති බවක් වර්තා වන්නේ නැත.  මුල් කාලීනව ’නෙවිල් ප්‍රනාන්දු’ (ලොස් කැබැයියරෝස් නායක) 60 දශකයේ පිවිසුමේදී ’කන්ඩායම් ගීතය’ දිවයිනේ රසික ජනතාව අතරට ගෙන ගියේය. මේ ’නෙවිල්’ ඔහුගේ සංගීත කුලකයෙන් බැහැර ගිය පන්ඩිත් අමරදේව මෙන්ම කේමදාසයන් ගේ ද සිත් වසඟ කළේ ඔහුගේ අසාමාන හඞ පෞරුෂයෙනි.  1964 වසරේ ආචාර්ය ලෙස්ටර් ගේ ’දෙලොවක් අතර’ සිනමාපටයේදී අමරදේවයෝ ඔහුව කැඳවා ’ගයන ගැයුම් නටන නැටුම්.....’ නිර්මාණය කරවා ගත්තේය. ඉන් දශකයට පමණ පසුව කේමදාසයන් ද ඔහුව කැඳවා ගත්තේ තමාට පැවරුනු ’දුලිකා (සිනමාවේදී කේ ඒ ඩබ්ලිව් පෙරේරා-1973)  උදෙසාය. 

එහිදී ඔහු මහඇදුරු සනත් නන්දසිරි ගේ හඞ හා එක් වෙමින් ’සීත රෑ යාමේ අඳුරේ....’ ගීතයේ ’දුලිකා...’ පසුබිම් අත්වැල සැපයුවේය.

කේමදාසයෝ ’ත්‍රී සිස්ටර්ස්’ නායිකා ’ඉන්ද්‍රානී’ ව කැඳවද්දී ඇය එදා රසිකයන්ගේ සදාදරණිය පොප් ගායිකා කිරුඵ දරා සිටියාය.  ඒ අනුව ඇය ලක් සිනමා කලාව ඔස්සේ යමින් ශ්‍රී ලංකාවේ එවකට දිවිගෙවු අති විශීෂ්ඨ අග්‍රගන්‍ය සංගීතඥයන් සියල්ලම පාහේ සිය ගායන කෞෂල්‍යය ඔපවත් කර ගැන්මට දිනා ගන්නට සමත්ව සිටියාය. මේ ඒ බව හකුඵවා දැක්වීමට කෙටි සටහනකි.

--------------------------------

ගාලා සුවඳ රස අඳුන් - සෝමදාස ඇල්විටිගල  (සිහින ලොවක් - 1972)

රෝස කැලේ රතු කැකුළී - සරත් දසනායක (දිනුම් කණුව - 1974)

සමනළ රෑනක් සේ - පැට්‍රික් දෙණිපිටිය (සැණකෙළිය - 1974)

වසන්තයේ මල් කැකුළයි - ක්ලැරන්ස් විජේවර්ධන (සිකුරුලියා - 1975)

රුසිරු මියුරු හීනයක් - පන්ඩිත් අමරදේව (තරංගා - 1975)

මල් මල් හැඟුමින් පැතුම් පිරී - පී එල් ඒ සෝමපාල (දමයන්ති - 1975)

තුන්යම රෑ කාංචනා පව්වෙන් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (සරා - 1978)

පෙම්මල නිල්වන පෙත මැද පිපිලා - ආචාර්ය වික්ටර් රත්නායක (අනුපමා - 1979)

------------------------------------------------------------

යම් දිනක සිංහල සිනමා සංගීත වංශ කථාවේ  ලියැවෙන්නට නියමිත සත් මහ නරපතියන් ඔවුන් වෙති. අද අප ඔබ හද දිනු යුග යුග නොමියන සදාතනික ගී නිර්මාණ පෙළ දායදා කරදුන්නේ ඔවුන් නොවේද ?

මේ ඇය කේමදාසයන් විසින් මැවු සත්සර රස ගුලාව මතුකළ ලතාවයි.


මැදියම් රෑ .... කාංචනා පව්වෙන් ...මං ආවා ...මං ආවා...............

කාන්සියේ තනි තනියේ ඉන්නේ ඇයිද බලා ...

දිස්වෙන ලස්සන ඉඟ සුඟ ලෝකේ...

දිස්වෙන දෑසක දිස්නය නොදැනේ සෝකේ.....

ආදරේ හාදවේ .. හාදුදී ... ආදරේ....

මේ නුරා යාමේ .................


දඟයුග අහිසංකයි .. හදයට ගිනිසිඵ හුඟක් සැරයි...

ආදරේ ..ආදරේ...මේ නුරා යාමේ ......

හා පුරා මී විතේ.......

හා පුරා ජිවිතේ...

ආදරේ ගැවේ....


සුර සැප දෙන තුරු හැඟුම් සළා .................

නිදිදුව අප හැර වසන්වෙලා ...............

--------------------------------

(ගී පද ඔගස්ටස් විනයාගරත්නම්)


1973-4 පමණ ගතවේද්දී ’ද ගෝල්ඩන් චයිම්ස් ’ කන්ඩායම ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ නියමු කාර්යභාරයෙන් වෙළඳ ගී තැටි කිහිපයක් දොරට වඩමවා තිබුනි. එහි දි ඔහු ඊට නැවුම් හඞක් මුසුකරවන්නට සමත් ව සිටියේය. ඔහු ’අනිල් භාරතී’ ය.  

--------
කන්ඩායම් ගීයේ පුරෝගාමියා - නෙවිල් ප්‍රනාන්දු - 1961 (1938 - 1975)
---------

ඒ අනුව ’ඉන්ද්‍රානී’, ’ක්ලැරන්ස්’  ’මිල්ටන්’ ගේ බටහිර ගීත ශ්‍රාවක රසික තව්තිසා විමනේ පහළ වු අංකුර දිව්‍ය පුත්‍රයා ’අනිල්’ ය. කරුණු එසේනම් ’අනිල් සහ ඉන්ද්‍රානී’ දෙදෙන යොදවා සිනමා ගීතයක් ගයනා කරවා ගන්නට පැකිළෙන්නේ කවරෙක්ද ? ඒ අවස්ථාව පැහැර හරින්නට ’දමයන්ති’ සිනමා සළරුවේ හිමිකරුවා සුදානම් නොවිය. ඔහු ඒ කාර්ය භාරය විදෙස් ගී තනු රටාව සිරුමාරුවෙන් ශීල්ප දැක්විමේ විශේෂඥ ’පී එල් ඒ සෝමපාලයන් වෙත පැවරීය.

නර්තන ජවනිකාවකට යොමුකර නිපැයුනු මෙහි දිර්ඝ ධාවන කාලය එදවස ගුවන් විදුලි කාල නියාමයන්ට හරස් ව ගිය කල්හී. එහි ’කෙටි’ පිටපතක් ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් වාදනය කරන්නට නිමවා ගනු ලැබිය.


පාලා කරුණා දයා ගුණේ.... හැමදා හැමටම බෙදා සෙනේ ...........

යුතුකම් ඉටුකර මෙලෝ තලේ ....ජයමුතු මාලා දමා ගෙලේ ...................

සොම්නස සම්පත ලබන්නටයි... සුවසෙත ජයසිරි ලැබෙන්නටයි....

මව් පිය දෙදෙනා රකින්නටයි...ජයටැඹ වෙත පා තියන්නටයි...

ඉපදුනු රටදැය නගන්නටයි...හෙළ බස රස මසු කරන්නටයි.....

උපන් බිමේ ජය ලබන්නටයි.. පැතුම් විමානේ පිපෙන්නටයි.....

(කරුණාරත්න අබේසේකර)

-------------------------------





හවායන් ගිටාරයෙන් රස මැවු ගාන්ධාර්වයාණෝ - පැට්‍රික් දෙණිපිටිය (60 දශකයේ මුල් භාගයේදී)

මේ ගී මෙහි දෙඇස් යොමන ඇතැම් පාඨක රසිකයන් රසවිඳගන්නේ පළමුවරට විය හැකිය. ඒවා එතරම් මාධ්‍යය මතුපිට රැඳුනා නොවේ.  මේ ගී රාවයන් විශ්ලේෂනයට බඳුන් කරන මැදහත් රසික ඔබ ඇයගේ අසමසම ගායන කෞෂල්‍යය පිළිබඳව පවසන්නේ කිමෙක්ද ?

ඇය සිනමාවේදී ගැයූ යුග ගීත ගණනින් අල්ප වුවද රසයෙන් ද ඒහා බැඳුනු ජනප්‍රසාදයෙන් ද අනල්පය. එකී කිසිම ගීතයක් බිඳකුදු හෝ අදද එදවස ගී ලෝලී රසික හදවත් වලින් තුරන් ව නැත්තේය. යළිදු අවර්ජනය කරමු.


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජිවිතේ - වික්ටර් රත්නායක සමග - සෝමපාල ලීලානන්ද, සරත් දසනයක - සදහටම ඔබ මගේ  - 1973

පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රවේ  - දේවානන්ද වෛද්‍යසේකර සමග - ධර්මසිරි ගමගේ, පන්ඩිත් ආචාර්ය අමරදේව  - තරංගා - 1975

රුසිරු මියුරු හීනයක් - ධර්මසිරි ගමගේ, අමරදේව - තරංගා - 1975

මල් මල් හැඟුමින් පැතුමි පිරී - අනිල් භාරතී සමග - කරුණාරත්න අබේසේකර, පී එල් ඒ සෝමපාල - දමයන්ති - 1975

මල්සර හදකට තුරුඵවෙලා - ජෝතිපාල සමග - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ක්ලැරන්ස් - සිකුරුලියා - 1975


ඉන්ද්‍රානී පෙරේරා සිනමා ගී රස කළස

පා යුග නැටුවේ....(කුණ්ඩලකේශී - 1978) - සරත් බාලසූරිය, ජෝර්ජ ලෙස්ලි රණසිංහ

පෙම් සිත මගේ සංවර නෑනේ - (සුගන්ධි - 1979) - සරත් බාලසූරිය, සුනිල් විමලවීර

මීවිතේ මදිරා මතේ (කෝලංකාරයෝ - 1981) - අර්නස්ට් සොයිසා, කරුණාරත්න අබේසේකර

චාමර ගීත ඇසේ (සුදු අයියා-1982) - එම් කේ රොක්සාමි, ශ්‍රී නිහාල් ජයසිංහ

ආශා දෑසේ සිහිනේ (අනුරාධා - 1982) - කිංස්ලි රාජසිංහ, අජන්තා රණසිංහ

මුව පොව්වනේ  - (චලිත රංගලී - 1985) - ක්ලැරන්ස් විජේවර්ධන

යව්වන රඟමඞලේ (සුරනිමල - 1992) - සරත් දසනායක, අජන්තා රණසිංහ

දෙසතියකින් නැවතත් හමුවෙමු.....................

Wednesday, August 28, 2024

ඉන්ද්‍රාණි පෙරේරා සිනමා ගී ඕවිල්ල.......01

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 06

 සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රකට ගායන ශීල්පීන් ගේ හඞ අනුකරණය කරමින් ගයන්නෝ මෙන්ම ගයන්නීයෝ එමටය. එහෙත් ’ඉන්ද්‍රානි’ සතු අතිශය දුර්ළභ, හඞ පෞරුෂය අනුකරණය කරන්නට කිසිම යුවතියකට පහසු නොවනු ඇති බව නිසැකය. ඇය ගේ හඞ පිළිබඳව අනාවැකි කිවේ ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ රසවතාණෝය. ඒ 1968 තරම් දුර ඈත යුගයකදීය. ’දිල්හානී දුවණි’ සවන්දුන් ඔහු ඒ හඞින් මත් වී වසඟ ව ගීයේය. ඒ අනාවැකි සඵල කරමින් ඇය නිරන්තරයෙන් ඒකල ගායිකාවක් ලෙස සිය අනන්‍යතාවය ගොඩනගාගන්නට සමත්වූවාය. සිංහල සිනමා ගීතයේදී පෙම්වතියන් උදෙසා හඞ ආදේශ කරමින් ඇය ඒ කටයුත්තට පිවිසියේ 1973 වසරේ සේන සමරසිංහයන් විසින් නිපදවූ ’සදහටම ඔබ මගේ’ සිනමා පටයෙනි.














නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ...........

දෙතොලග හී සැරේ.......මී මධු සුවඳ සදා දේ ..........................

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ..........

පිණි වරුසා වේවා ............

ඒ පෙම් කතරේ මා එන අතරේ..........

තනි තරුවක් සේ පාවෙනවා ...............


සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ ...

මැකී නොයේවා සදාතනික වේවා.............

සසරින් සසරේ එන්නෙමි මිහිරේ........

ධිවරියක් සේ පාවිලා ................

( ගී පද සෝමපාල ලීලානන්ද, සංගීතය සරත් දසානයක)



නැගණිය ’අයිරාංගනී’ සහ අක්කන්ඩිය ’මල්ලිකා’ දෙහිවල ප්‍රිස්බෙටෙරියන් බාලිකා විදුහලේ දිගින් දිගට අකුරු කරන්නට යද්දී ඇය පසුව ’ස්ටැෆර්ඩ්’ කාන්තා විදුහලෙන් අකුර කරන්නට ගියාය. එතැන්හිදී ඇය ගේ සිප්හලේ සංගීත අචාරිනි පොට්ගර් මහත්මිය විදුහල්පතිනිය ලියනගේ මහත්මියගේ ද ආශිර්වාදයෙන් ඇයව මෙකී විශ්ව බස හදාරන්නට යොමු කළාය. 

ඉන්ද්‍රාණි පෙරේරා සිය ගීත චාරිකාවේ ඇරඹුම හෙළිදරවු කරමින් 

’ මගේ පංතියේ හොඳම පාසල් මිතුරිය ගේ නම ’මාරි’ ඇය ගේ ඥාති සොයුරා ’ඇනස්ලි’ (මාලේවන), මාරි ගේ දැන හැඳුනුම්කමින් ඔහු මාව ඔහු ගීත ගැයූ ’මූන්ස්ටෝන්ස්’ ගායක කන්ඩායමට හඳුන්වාදුන්නා එයින් පස්සේ ඔහු මගේ පියා ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ සහ ’ක්ලැරන්ස්’ වෙත හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස මගේ හඞ ඔවුන් විසින් පටිගත කරගත්තා. ඔවුන් තීරණය කළා මාව ගීතයකට යොදාගෙන පටිගත කිරීමක් සිදුකරන්න. මා සැමවිමට ඔවුන් දෙදෙනා හට මගේ හෘදයාංගම කෘතඥතාවය පුදකරන ගමන් ආදර ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

රත්නපුරයේ දී ක්ලැරන්ස් සිය සංගීත දිවිය සරු කරගන්නට සහය පැතූ ’ශ්‍රී සඟබෝ කොරයා’ එදවස දිවයිනේ කීර්තිමත්ම පෞද්ගලික සමාගමක් වූ ලීවර්ස් ලංකා සමාගමේ සේවය කළේය. තමාට අතහිත දුන් ඔහුට කළගූණ දැක්වීමට ඉටා ගත් ක්ලැරන්ස්, ඔහුගේ සිඟිති දුවණියන් දෙදෙනා අරභයා ගීත ද්විත්වයක් තැනුවේය. මූන්ස්ටෝන්ස් ගැයූ ’රමණී’ එතරම් රසිකයන් අතරට නොගියත් ’ඉන්ද්‍රාණි’ යොවුන් දැරිය ගැයූ ’දිල්හානී’ අලෙවි වාර්තා බිඳ හෙළමින් වේරම්භ වායුවක් සේ ගීත ලොව කළඹාලීය. 

ඉන්ද්‍රාණී ගෙන් නොනැවතී ඇයගේ සොයුරියන් ගේ ’ත්‍රී සිස්ටර්ස්’ ගීත හැදූ ප්‍රමුඛයා ’ක්ලැරන්ස්’ සිනමා සංගීත අධ්‍යක්‍ෂනයේ දොරටු විවර කරගත් ’සිකුරුලියා’  - 1975 හිදී ඇයව ඊට සම්බන්ධ කරගත්තේ එහි රඟදුන් දඟකාර යුවතිය ’සමන්මලී’ (රංගනය සුවිනීතා වීරසිංහ) ගේ රැඟුමක පසුබිම් ගායනය උදෙසාය. 


ගලින් ගලට පැන දිදුලන පෙණකැටි මත්තේ.............

මලින් මලට ඉගිළෙන සමනල තටු මත්තේ..........

ලියා එවන්නට තවමත් මා ඔය පැත්තේ...........

බලා හිඳින්නෙමි තවමත් ඇය ඔබ නැත්තේ.................


ඈත මගදිහා බලලා නෙත කකියනවා.........

හිතේ කාන්සිය හා මට තරහත් එනවා....................

පාඩමක් උගන්වන්නම් නෑවිදින් සිටින්නම්...

හෙට අපුදෙන් මගේ හැටි මම කියලා දෙන්නම්................

(සංගීතය සහ ගී පද  - ක්ලැරන්ස් විජේවර්ධන, සංගීත මුසුව - සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායම)



’මාජී මන්ත්‍රිනායක’ රංගනයන් වෙනුවෙන් ඇය ’ත්‍රී සිස්ටර්ස්’ නම් වූ ගීත සඳැල්ලේ බලකණුව ’සරත් දසනායක’ ගේ ඇරයුමෙන් ඔහු සංගීත රටාවන් මුසුකළ ’දිණුම් කණුව’ (1974) වෙත හඞ මුසුකරන්නීය. 


එකමත් එක රටකින් ඔබ ඒවී.............

ඔබ ගෙන ඈතට යන්නට යාවී...................

කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඩන්...........

රෝස කැලේ රතු කැකුළී.................


දෙතොලේ පොපියන ගීය ගයන්නට ..............

දෑසේ නළියන කදුඵ සළන්නට ............

ලස්සන දවසක් හෙට හමුවේවා........

රෝස කැලේ රතු කැකුළී........


ඉරට අකීකරු..සඳට අකීකරු ... රෝස කැළේ ....රතු කැකුළී.........

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සරත් දසනායක)



ලාංකීය ගී තැටි කර්මාන්තය දඵ ළා මල්ඵල හට ගන්වමින් තිබූ වසත් සමය මීට සමගාමිව ගෙවෙමින් පවතිද්දී, ’ත්‍රී සිස්ටර්ස්’ නොඉඳුල් කුඵඳුල් නිර්මාණ පොකුරු පිටින් එයින් ජනගතවෙමින් පැවති ස්වර්ණමය අවධියයි මේ. මේ යුවතියන් ගයන්නේ කොතැන්හීදීද එතැන්හිදී රසික ජනතාවට තුරු මත බැඳි බිඟු පොදියක් සේ ඔවුන් වටකරගනිමින් පොදිබැඳ ආහ. සිනමා කලාවේ ද විචිත්‍රතත්වය වඩාත් හොඳින් ප්‍රකට වූ මෙසමයේ ඊට සම්බන්ධ අර්ථපතීන්, සිනමාවේදීන් මේ දිගැසියන්ගේ හඞ සිය නිර්මාණයන් තුළට ගොණුකර ගැනීමේ උන්මාදයෙන් පෙඵනහ. 

පන්ඩිත් අමරදේවයන් 1962 වසරේදී ’රන්මුතු දූව’ රසගන්වාලමින් ඇරඹු සිනමා සංගීත චාරිකාවේ සැළකිය යුතු දුරක් මේ වනවිට ගෙවමින් සිටියේය. ඔහු විසින් බිහිකළ සිනමා ගීත ගොන්න එකක් නෑර නොමද රසික ප්‍රසාදයට පාත්‍ර වී පැවතින. 

1975 අප්‍රේල් 04 දාතමින් තිරයට නැංවූ විමල් වෛද්‍යසේකරගේ ’තරංගා’ පසුබිම් වන්නේ එවකට ලක්දිව අපනයන ආර්ථිකය බලගැන්වූ ’තේ වතු’ කාර්මාන්තය ආශ්‍රිතව සිදුවු පෙම්පුවතකි. ’තරංගා’ (මානෙල් වානගුරු) තේ වතු කර්මාන්තයට කම්කරු දායකත්වය පෑ පවුලක යුවතියකි. ඇයගේ හඞට ආරූඪ වුයේ ඉන්ද්‍රාණි ගේ හඞයි, ඒ කටයුත්තේ ඇදුරා පන්ඩිත් අමරදේවයන්ය. 

පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රාවේ නිසංගා ..........

රුවන් කොණින් සුපෙම් හැඟුම් සංයෝග පෙම් ගී තරංගා .................

(ගායන සහය - දේවානන්ද වෛද්‍යසේකර, ගී පබැඳුම - ධර්මසිරි ගමගේ)



බටහිර ගී තනු නිර්මාණයේ විශිෂ්ඨයන් අතර ප්‍රමුඛව කියැවෙන ’පැට්‍රික් දෙණිපිටිය’ සංගීතවේදියාගේ නාමය කවර කලෙක හෝ කිසිවිටක ගිළිහී යා දිය හැකි නොවේ. ඔහු වෙනම සටහනකින් ඇගයුමට පාත්‍ර විය යුතු ශ්‍රේෂ්ඨයෙකි.  60 දශකයේ ’සී ටී ප්‍රනාන්දු’ ගීය ද 70 දශකයේ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගී ය ද නිතර රසගැන්වූ  ඔහු විමලදාස පෙරේරා සිනමාවේදියා විසින් ’සැණකෙළිය’ සත්සර රටා මවන්නට ඇරයුම් ලබයි. ’ඉන්ද්‍රානී පෙරේරා  නම් විශිෂ්ඨතම මෙන්ම ජනප්‍රිය පොප් තරුව එහිදි ’මිලටන් මල්ලවාරච්චී හා එක්ව ගයන්නීය.


සමනල රෑනක් සේ.......හඩන්නට හැඟුම් මැවේ.........

කෙසේදෝ කියන්නේ මගේ දිව දෙතොල් අතර සැංගේ ....................

පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවී.........

ළා දල්ලක් මෙන් මහද සැලී - නෙත් යුග එක් රුවක දිළේ....................

(කරුණාරත්න අබේසේකර ගී පද  - 1975)



හී ලී විජේතුංග ගේ කෙටි කථාවක් ඇසුරෙන් විජය ධර්ම ශ්‍රී හැදූ ’දුහුඵ මලක්’ එදවස සිනමා කලා කවයේ වඩාත් කතාබහට ලක් වූ සිනමා සිත්තමකි. එහි ඇතුළත් වූ ඇතැම් ශෘංගාරාත්මක ජවනිකා මෙන්ම කථා සාරය ’අසම්මත පෙම’ ඇසුරෙන් ගොඩනැගී තිබීම ඊට හේතු වන්නට ඇත. මතභේදාත්මක වුවද අතිශය මධුරතර සරත් දසනායක ගී තනු රැසකින් හැඩ වැඩ වූ එහි එක්දරු මවක් ලෙස රංගනයේ යෙදුනු ’නීටා ප්‍රනාන්දු’ සිය සැමියා ගෙන් වසන් වී ඔහුට හොරා තහනම් පෙමක රස බලමින් රාත්‍රි සමාජ ශාලාවක සිය අනියම් පෙම්වතා වූ රොහාන් (රවින්ද්‍ර රන්දෙණිය) සමග අන`ඟ රැඟුම් පාමින් මධුවිත සප්පායමෙන් එහි නුරාමතින් රඟදෙන නලඟනකගේ රැඟුම් ගැයුම් නරඹද්දී වැයෙන ගීතයේ හඞ ’ඉන්ද්‍රානි පෙරේරා’ ගෙනි.


සීතලේ වෙලී ...තාරුකා පිපී ...

දෑස නුරා ගී පහර වැදී...කාගේද හද සැඵනා...

සිහින තොටිල්ලේ පොකුණේ..පෙම් වතුරේ මා ගිඵනේ ....

පාවී ආවේ ..යව්වන රෑ සමිරේ....

(ප්‍රේමකීර්ති ද අල්විස් ගී පද - 1976)

බී ඇස් පෙරේරා ගේ ’රොඩිගම’ දොරට වැඩියේ 1974 වසරේදීය. ඒ ඇයගේ ද ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේදී මල් වසන්තයයි. 


සීත සුළං සාගරයේ - ගීත රසින් මාගේ ළයේ...

මධුරස අමර සුවය දේ - මිහිරැති සිහින ආකරේ..............


(සංගීතය - ස්ටැන්ලි ඕමාර්, ගී පද නිමල් ජී ප්‍රේමවංශ)

----------------------------------------------

’අනුපමා’ ප්‍රවිණ සිත්තරෙකු වු ’දයා රාජපක්‍ෂ’ ගේ සිතුව්ම් කථාංගයකි. එය සිනමා තිරය වෙත පිවිසි දා  ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත නාදරටා ගැබ්වු ’ඉන්ද්‍රානි’ ඒකල ගී හඞින් ප්‍රේක්‍ෂක රසික සමූහයා මත් ව ගියහ.


පෙම්මල නිල්වන පෙත මැද පිපලා .......... සිව්දිග රොන් අතු පතුරන්නේ...

මල්වර වූ ලඳ මුවරද උතුරා...මල්සර නෙත් සිතු බැඳලන්නේ ..................

(ගී පද  - තිලකරත්න කුරුවිට බන්ඩාර)

-------------------------------------

මහාචාර්ය සුනිල් ආරියරත්න 1979 වසරේදී හැදූ ’පොඩි මල්ලී’ සංගීතවත් කරන ලද්දේ ආචාර්ය වික්ටර් රත්නායක විසිනි. එහිදි ඇය සිය සුපුරුදු පොප් ශෛලිය පවත්වාගනිද්දී, සිය හඞ රංගනශිල්පිනියගේ චරිතය ට ගැළපෙන ලෙස ළෙලවමින් නැවුම් රසයක් මවන්නීය. තම අවට නෙත ගැටෙන සරළ දසුනක් ඔස්සේ සිය අනන්ත අපරිමාණ වූ පරිකල්පන දහර ගලා යවමින්, ඔබ අප නොදකින නවමු කෝණයකින් කවි සංකල්පනා මැවිමේ ශූර වීර ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රතිභාසම්පන්නයා එයින් අපුරු උපමා රූපක එක්තැන් කරන්නේය. විමසනු මැනවි..

සරත් දසනායකයන්ගේ සිරූවෙන් එක්තැන් කළ ස්වර ඇමුණුම් පෙළට අනුව ජන ගී හඞ නංවාලමින්ද ,  ක්ලැරන්ස් විජේවර්ධන, මයික් ගුණසේකර, අර්නස්ට් සොයිසා වැනි ප්‍රවිණයන් මැවූ බටහිර පොප් වේගරිද්ම ගී ලතාව අසුරු කරමින්ද  , පන්ඩිත් අමරදේව ගේ සත්සර රටා රාමුව තුළට පිවිස ළයාන්විත නිවුණු හඞින් ආදරණිය රසිකයා ආමන්ත්‍රණයෙන්ද සිය නිසඟ ප්‍රතිභාව විදහා පෑ ඉන්ද්‍රාණි පෙරේරා එහිදී සිය ගායන ලාලිත්‍යයේ නව ඉමකට සේන්දු වන්නීය. 


දුම් වැටියක් සේ දැවි අඵවෙයන්..හෙමින් හෙමින් ජීවීතේ .....

දෙතොළින් දෙපයට පෑගෙන්නට පෙර ..දෝත පුරා රස මදිරා ...

උරා බිබි මත්වෙමු....ආ...ආ....ආාා...හ්


ගිනි සිඵවකි මං .....ඇවිළෙන රාග ගින්නේ ...

ඔබ උණුසුම් උකුලේ සීතල කර කිමද කිමද නොනිවන්නේ..?


දෙසතියක විරාමයකින් යළිත් මෙතැන් සිට.....

Thursday, August 15, 2024

ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් අන්දරය - 05

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 05

 ඒ යුගය තෙක් සිංහල සංගීත ක්‍ෂේත්‍රය පසුකර ආ කඩඉම් ව පැවතියේ  01 නාඩගම් ගීතය  02 නූර්ති ගීතය  03 ටීටර් ගී  04 ග්‍රැමෆෝන් ගී 05 ගුවන් විදුලි ගී උත්තර භාරතිය හින්දුස්ථානි සංගීත ශිල්පියෝක්‍රම අනුව ගිය 06 සිනමා ගී 07 සාම්ප්‍රදායික ජන ගී 08 ආගමික ස්තෝත්‍ර යාදිනි, ඇදිහිලි

ත්‍රිත්වයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකා ’මල්ලිකා’ ඉහත කියැවුනු සියඵ වර්ගයේ ගී හොඳින් ශ්‍රවණය කර එවයේ ගැයුම් මූලධර්ම සහ කලාවන් හදාරා පුරුදු පුහුණු ව සිටියාය. බටහිර සම්භව්‍ය ගී ඇතුළත්  වෙළඳ තැටි, උර්දු, හින්දි, ද්‍රවිඩ ගී ඇතුළත් තැටි, ලතින් ඇමෙරිකානු ජන සංගීත ශෛලීන් ඈ මෙකි ශිල්පීය ක්‍රම ද ඇය ඇතුඵ සොයුරියන් විසින් නිරතුරු ශ්‍රවණය කරමින් ඒවායේ සියුම් වෙනස්කම් දැන හැඳින සිටියහ.












ඉතා කෙටි කාලයකදී ඔවුන් විසින් අත්කරගන්නට යෙදුනු පරිණතභාවය මෙන්ම ඉපැයූ ප්‍රේක්‍ෂක ශ්‍රාවක බුහුමන් ආදියට හේතු වූයේ උක්ත කරුණ විය හැකිය. 70 දශකයේ මධ්‍ය භාගයේ දී ඉන්ද්‍රානි පෙරේරා ශිල්පිනයගේ සැමියා ’ජේම්ස්’ පෙරේරා’ සහ හැටන් නැෂනල් බැංකුවේ විධායක ’ක්‍රිශාන්ත කුරේ’ මහත්වරුන් එක්ව ’ලෝටස්’ (නෙඵම් මල) තැටි ලේබලය එළිදැක්වීය. එහි සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේ ප්‍රවිණ සිනමා සංගීතවේදී ’සරත් දසනායක’ සංගීතවේදියාය. 

 ඔහු ඉන්ද්‍රානී ඇතුඵ ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ගේ ගායන ලතාවන්, ඔවුන් තම තමන්ගේ හඞ හසුරුවාගන්නා ලීලාවන්, ඒ හඞ පැතිර පැවතෙන ස්වර පරාසයන් ඉතා හොඳින් දැන අවබෝධ කරගෙන සිටි ගාන්ධර්වාණෝය. ඔවුන් වෙතට රසිකයන් දිනවා දී වසඟයට පත්කරවාලීමේ රහස් යාන්ත්‍රණයේ මූලධර්ම ඔහු හා  ’ක්ලැරන්ස්’ අතර බෙදාගෙන තිබින. එය කෙතරම් දුරකට ඵලදරා ඇද්දැයි යන්න විමසා දැන තහවුරුකරගැනීමට අද වැඩිහිටියන් වූ එදා රසිකයන් සෑහේ.

70 දශකයේ මධ්‍ය භාගය වෙද්දී, ලංකා ගුවන් විදුලිය ප්‍රමුඛතාවය දුන්නේ ’දේශිය ජන සංගීතය’ ප්‍රචලිත කිරීමේ කර්තව්‍ය ඉටුකරගැනීමටය. ඒ අනුව ඔවූහූ ’ජන සංගීත පර්යේෂණාංශය’ ස්ථාපිත කරන ලද්දේ සංගීතඥ සී ද එස් කුලතිලක ගේ නියමු කාර්යභාරය යටතේය. 60 දශකයේ මධ්‍ය භාගයේ සිට පන්ඩිත් අමරදේව සහ මහගම සේකර සමගින් මඩවල එස් රත්නායක යන මෙකී සහෘද කලාකරුවන් විසින් දියත් කළ ’ජන සංගීත’ නිර්මාණ බිහිකිරීමේ කටයුත්ත දඵ ලා අතු ඉති ලියළා ඵලදරා, ඒ යටතේ බිහිවූ ජන ගී ආශ්‍රිත නව නිර්මාණ මෙම යුගයේ මහත් සේ ජනාදරයට පත් වෙමින් තිබිනි. මේ  ’රැල්ල’ ද කල්යල් බලමින් ඉලක්කකොට ගත් ’ලෝටස්’ ආයතනය විසින් ජන ගී ඇල්බමයක් නිකුත් කරන්නට යෙදිනි. එහි දී ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝ තමන් වගා කරගත් ’ජන ගී’ ගායන කෞෂල්‍යය මනාව ප්‍රකට කරන්නට යෙදිනි. තමන්ට වඩාත් හුරුපුරුදු ’පොප් වේගරිද්ම’ රටාවෙන් මෑත් වූ ඔවුන්, සිය විශීෂ්ඨ ගායන කුසලතාවය මොනවට හෙළිදරවු කරවා සිටියහා.

විමසා බලන්න

අර බලන්න ඉර ගිරවිගේ පැටියෝ............

අර බලන්න සඳ සාවිගේ පැටියෝ........

අර බලන්න ගී අසනා දෙවියෝ ...................

අගිසි සින්දු භදකාලි සමග සළොලිත්...........

තදිඟු තාදිඟු තරි රේරුම තරි..............

(ඔංචිලි වාරම් ගී  - ඉන්ද්‍රානී පෙරේරා - ලෝටස් ලේබලය - සංගීතය සරත් දසනායක 1975)

-------------------

ත්‍රී සිස්ටර්ස් අක්කන්ඩිය මල්ලිකා පෙරේරා ගායන මධුරත්වය කිරා මැන බලන්නට ඇය ගැයු පොප් වේග රිද්ම ගීත පෙල නොසෑහෙන නොපෑහෙන බව යමකු කිවේ නම් එය ප්‍රවාදයක් නොවන්නා සේම ඇය ඊට හාත්පසින්ම වෙනස් ආරක ස්වර සංකලනයක කැටිවූ ’ජන ගීතය’ ක මිහිර වින්දේ නම් ? අසනු මැනවි මෙම අතිශය දුර්ලභ ගීතය. මේ ඇය පුබුදුවාලන්නේ සිංහල ජන සම්ප්‍රදායයි. සියවස් ගණනක දුර අතීතයකට දිවයන හෙළ ජන අනන්‍යතාවයයි.  

බොදුනුවන්ගේ ’පන්සිය පනස්’ ජාතක පොතෙහි එන වඩාත්ම ජනප්‍රසාදයට පාත්‍ර වූ ජාතක කථාව ’උම්මග්ග ජාතකය’ නම් වේ. එහි කියැවෙන්නේ බුදුන්වහන්සේගේ අතීත ආත්ම භවයක උන්වහන්සේ සිය අසමසම ප්‍රඥා බල මහිමය මෙහෙයවා රටක්, ජනතාවක්, රාජ්‍ය නායකයෙක් සතුරු උවදුරකින් මුදා ගත් දීර්ඝ පුවතකි. ’මහෟෂධ’ පන්ඩිත නම් වූ ඔහු රාජ්‍ය උපදේශකයෙකුව සිටිමින් හා රාජසභාව නියෝජනය කරමින් තමන් වෙතට පැමිණෙන වැසියන්ගේ දුක් ගැනවිලි ගැටඵ නුවණින් විසඳා දෙයි.

වරෙක විරූපි මිටි මිනිසෙකු වූ ’කාලගෝල’ සිය සුරූපි බිරිඳ කඩවසම් තරුණයෙකු හා හාදවී තමන් අතැහැර ගිය පැනය ඉදිරිපත් කරයි. ඇය ’දික්තලා’ ය. තරුණයා ’දික්පිටියා’ ය. සිංහල බොදුනු ගැමි ජනතාව අතර යුග යුග හද රැඳි මෙම පුවතින් ’දික්තල - කාලගෝල’ නාඩගම ප්‍රතිනිර්මාණය කලේ ප්‍රවිණ නාට්‍ය ශිල්පී පුන්‍යසේන ගුණසිංහ විසිනි. එහි ’දික්තලා’ ගේ දුක්ගැනවිල්ලයි මේ


රතදර සිරියා පරදන ...රූපෙට වටිනා ..නිමල කොමළ තරුණි....

ඈත්තේ දීපේ මාගේ බොහොසේ මේ වූ දුක පමනයි...

නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියාටා ...මව් පියො මට බැඳඳාුන්....

අයියෝ මාගේ යව්වන කාලේ ..මෙහෙමද පසුවන්නේ .....?

(දික්තලා-කාලගෝල නාඩගම - මල්ලිකා පෙරේරා සහ ගායිකාවන්, ලෝටස් ලේබලය - සංගීතය සරත් දසනායක)


1974 වසරේදී ’ජීවන ගංගා’ සිනමාපටය තිරයේ දිගැහැරෙන්නේ මෙම ගායිකාවන්ගේ ’ජන ගි’ කලාව ප්‍රකට කළ, අපූරු නිර්මාණයක් සමගිනි. එහිදී ඔවුන් තිදෙන ’ඔළිඳ කෙළිය’ "පාරු කවි" ජන ගී ආර වර්ණවත් කරන්නේ ’ඉංග්‍රිසි’ වදන් මුසු කරමිනි. 

ඔමරි ලතා කොමළ කථා - සම්පත සොම්නස දෙන්න ල`බා..............

මුහුණ බලාපන් අඟර බලාපන් ...

අඟර දඟර පාන කෙල්ල කවුද කියාපන්...

රෑට පේන සිහින බලා පේන කියාපං...........

නින්ද නොයන්නේ මන්ද ලඳුන්නේ ...

බැද්දට හඳ පාන වගේ කිරි බැබළෙන්නේ ...

මැද්දට පැන විද්ද හීය කොහිද වදින්නේ....

Don't worry my child....

Back to joke in smile...

If you want to marry my honey...

(බර්ටි පල්ලිගුරුගේ ගී පද, සංගීතය - එම් කේ රොක්සාමි, දයාරත්න රණතුංග - 1974)

එකම පවුලක සොයුරියන් ව සිටිමින්, සංගීත විෂයය නය්‍යාත්මකව හොඳින් ප්‍රගුණ කර, සංගීත කන්ඩායමක් බිහිකරගෙන, දිවයිනේ එදවස විසු විශිෂ්ඨතම සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේ, ප්‍රතිභාසම්පන්න එසේම පරිණත ගී ප්‍රබන්ධකයන්ගේ නිර්මාණ රසගන්වා, දශකයක පමණ කාලයක අඛන්ඩව ක්‍රියාශිලීව සිට නැවුම් ගීත ඇතුළත් ඇල්බම ගණනාවක් නිකුත් කරන්නට සමත් වූ එදා මෙදා ඉතිහාසයේ ක්‍රියාශිලී වු එකම ගායිකාවන් පිරිස බවට වාර්තා අතරට එක්වන්නට සමත් වූයේ ’ත්‍රී සිස්ටර්ස්’ පමණකි. ඒ අනුව දිනක දිවයිනේ සංගීත වංශ කථාව ලියැවෙන යුගයකදී, ඔවුන් උදෙසා වෙසෙසින් නව පරිච්ඡේදයක් වෙන්වනු ඇත්තේය.














ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ශබ්දාගාරයේ ගීත පටිගතකිරීමේ පුහුණු සැසියක නිරතවෙයි - සංගීතවේදී සරත් දසනායක මහතා පසුබිමේ අධික්ෂණයේ යෙදයි.
-----------------------------------------------------------

ඔවුන්ගේ සාර්කත්වය පසුබිමේ මේ යුවතියන්ගේ දයාබර පියාණන් ඒ ඒ පෙරේරා මහතා ගේ අනවරත කැපවීම සහ උත්සහය සටහන් වි තිබේ. මීට ඉහත සටහනේ ඇතුළත් වූ සමූහ සේයාරුවේ ඔවුන් තිදෙනාට මැදිවි සිටියේ ඔහුය.

1978-79  යුගය ගෙවියද්දී  ත්‍රී සිස්ටර්ස් ඇතුඵ ගායක කන්ඩායම් ප්‍රචලිත වන්නට මහෝපකාරී වූ ද ඔවුන් සහ ශ්‍රාවකයා අතර සහසම්බන්ධය ගොඩනැගි ’පාලම’ වූ ’වෙළඳ තැටිය’ ක්‍රමයෙන් නව තාක්‍ෂනයට ඉඩ දෙමින් අභාවයට යමින් පැවතින. එහි අනුප්‍රාප්තික මාධ්‍යය වූ ’කැසට් පටයේ’ ගීත 24 පමණ වූ විසල් ගණනක් ගබඩා කළ හැකි විමේ අවාසිය වූයේ එතරම් ගීත සංඛ්‍යාවක් එක්වර නිකුත් කරන්නට දැරිය හැකි බරපැන සහ දැරිය යුතු උත්සහය අධික විමයි. මෙම සාධකය සෘජුලෙස බල නොපාන්නට ඇතත්, ඊට සමගාමිව දශකයක කාලයක් පමණ සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට දායක වෙමින් පැවතියා වූ ’කන්ඩායම් ගී’කෙත ද ක්‍රමයෙන් වල් වදිමින් පුරන් වෙමින් පැවතියේය. ’ත්‍රී සිස්ටර්ස්’ නව නිර්මාණ උල්පත ඒ වනවිට සීඳියමින් පැවතී 80 දශකයේ අභිමුව දී පුර්ණ ලෙස ඇණහිටියේය. එය මුඵ කන්ඩායම් ගී කලාවටම පොදු සාධකයක් විය.

'එතැන්හි සිට අදටත් වේගරිද්ම පොප් සිංහල ගීත කලාවෙ ඔවුන් විසින් හටගන්වන්නට යොදුනු රික්තය එසේම පවතින අතර අඩසියවසක් තරම් කාලයකදී පවා, කාන්තා සංගීත කන්ඩායමක් බිහිනොවි පවතින්නේ ගී ගායනා කලා හැකියාවෙන් සපිරි එකම පවුලේ සොයුරියන් තිදෙනෙකු සහිත පවුල් දස දහස් ගණනින් සිටිද්දීය.

ඔවුන්ගේ තැන ගන්නට යොවුන් සංගීත කන්ඩායම් බිහි වුවද, ඔවුහූ හුදු ’වාදකයන්’ එනම් වෙනත් ගායක ගායිකාවන්ට පසුබිම් සංගීතය සපයන්නන් බවට රූපාන්තරණය වෙමින් සිටියේය. ඒ කිසිවෙකු වු තම කන්ඩායම් විසින් නව නිර්මාණ බිහිකර ගන්නට උත්සුක නොවිය.  

එසේවුවද 80 දශකය පුරාවටමද ඔවුන් ගැයු ගී නිර්මාණ බිඳකුදු හෝ වියැකි ගිය නැත. පූර්ව දශකයේ ඔවුන් සිය ආදරණිය ශ්‍රාවක රසිකයන්ගෙන් ලද ප්‍රණාම ප්‍රතිචාර එසේම පැවතින. පෙරදා ’ගුවන් විදුලියෙන්’ පමණක් ශ්‍රවණය කළ හැකි වූ ඒ ගීත තත් යුගයේ ’රූපවාහිනි’ තිරය ඔස්සේ දිස්වෙද්දී, ඈත දුර ගම්මානයන්හි විසූ ඔවුන්ගේ රසිකයන්ගෙන් අති බහුතරය පළමුවරට ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන්ගේ රුව දක්නට ඇත.

කන්ඩායම් ගීත කලාවට ආවේනික ’හර්මනි’ සංගීත භාවිතාව ඔවුන්ගේ ගීතයන්හිදී පවා ඉතා පැහැදිළිව නිරික්‍ෂනය කළ හැකිය. ඒ අනුව ගීතයේ ආරම්භක පද තනි හඞකින් ගැයේ. පසුව එන පද පිරිසේ සෙස්සෝ එක්ව ගයති. යළි නැවත තෝරාගත් පද, වෙනත් තනි හඞකින් ගැයෙන්නේය.  කන්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව ’මල්ලිකා’ ගේ හඞ් ප්‍රමුඛ වූ මතු කියැවුනු ගීතාවලිය අතර ’ඉන්ද්‍රානි’  ගේ හඞ පෙරටුකොටගත් ත්‍රී සිස්ටර්ස් ගීත ද එමටය. පහත ගීත විමසනු මනාය.


1අපි මිතුරෝ මුහුදු ගියෝ - කරුණාරත්න අබේසේකර, සරත් දසානයක 

2 ආරාධනා පුංචි පුංචි තාරකා - උපාලි ධනවලවිතාන, සරත් දසනායක

3 දෑසේ සිනාවෙන් ඔබේ කල්පනා  - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

4 දීගේ අද වාගේ රබන් ගසන්නා - වර්ණන් පෙරේරා, ක්ලෝඩ් ප්‍රනාන්දු

5 ජේසූ බිළින්දා ලෝකේ උපන්දා - ක්ලැරන්ස් විජේවර්ධන, ක්ලැරන්ස්

6 පෑහී එක ලෙස බැඳී - ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම

7 නිදියාගන් නොකර දඟේ - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

8 රන් පහනකි පැල්පතේ - ක්ලැරන්ස් විජේවර්ධන, ක්ලැරන්ස්

9 රුහුණු බිමේ කතරගමේ කඳසුරිඳේ නිති සැරදේ - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

10 සමනල කඳු - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

-----------------------------------

මෙතැනින් සවන්දෙන්න 

’මල්ලිකා පෙරේරා’ ඇගයූ, ඇය පිළිබඳ අතීත මතකය අවදිකරන්නට යුහුසුඵ වුනු ’මාධ්‍ය’ නැති තරම්ය. එනමුත්, සිංහල සංගීතයේ නව ප්‍රවණතාවයකට උරදී, දශකයකට ආසන්න කාලයකදී ගීත රැසක් දැයට දායද කරදුන් ඇය සහ සොයුරියන් ගේ දායකත්වය කිසිසේත් ලඝුකොට තැකිය හැකි නොවේමය. මතු අනාගතයේ දී කවර කළෙක හෝ යළිත් හෙළ ගීත කලාවට ’වසන්තය’ උදාවනු ඇත්තේය. එවිට එකී පරපුර, තෙසොයුරියන්ගේ යුගය හෘදයාංගමව සිහිකරනු ඇතිබව නිසැකය.

මෙතැන් හි සිට ඉදිරියට ...............

(ප්‍රණාම පූර්වක ස්තුතිය - සේයාරූ සහ තොරතුරු -  - ප්‍රවිණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස් නායිකාව)

Wednesday, July 31, 2024

Three sisters musical band of 70s

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 04

 මේ තැටිය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මිත ගීත අතරින් එකක් ඇයගේ දිවිගමනේ අනුවේදනීය සිදුවීමක් සටහන් කරයි. ඇය පාසල් දැරියක්  ව සිටියදී නැගණිය අයිරාංගනී හට යම්තම් සයවස් සපිරෙද්දී, දැරියන්ගේ මව මෙළොවින් සමුගත්තාය එතැන් හි සිට අක්කන්ඩිය ’මල්ලිකා’ ඔවුන්ගේ දෙවන මව් පදවිය භාරගත්තාය. මේ අවධියේදී එනම් 1968 දී පමණ බටහිර ගීත ලොලීන් අරභයා ඉංග්‍රිසි බසින් ගීත ගැයු ’ඩැල්රීන් ආනෝල්ඩා’ සිය ’ෆයර් - ෆලයිස්’ වාදක කන්ඩායමේ සහය ගායිකාව ගේ භූමිකාව ඉටු කරන්නට ඉන්ද්‍රනි දැරිය තෝරාගන්නට යෙදුනි. 

-------------

සේයාරුවේ පිරිස

1 ශබ්ද ඉංජිනේරු -  - මර්වින් රොද්‍රිගෝ - සරසවි  - දඵගම කැලණිය

2 අයිරාංගනී බාල නැගනිය

3 ජෙරල්ඩ් වික්‍රමසූරිය - ’සූරිය’ තැටි ලේබලයේ නියමුවා - චිල්රන්ස් බුක්ෂොප් - කොටුව

4 ඉන්ද්‍රානි ත්‍රී සිස්ටර්ස් මෙහෙයුම් ගායිකා

5 මල්ලිකා  - අක්කන්ඩිය

-------------------












මතකය ඇසුරින් සිහියට ගන්නට ..........

නිතරම වෙහෙසුනෙමි ........................

මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි......

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි...

පැහැදිළි නැති එක ඡායාවක් ඇත....

ඒ ඔබ බව දනිමි...................


කරුණු එසේ පෙළගැසී පැවතියද , මතු අවසනට සඳහන් ගීයේ අරුත් වඩාත් පෑහෙන්නේ වැඩුනු වියේදී සිය ආදරණිය මෑණියන් අහිමි වූ ’ඉන්ද්‍රානී’ ඇතුඵ සොයුරියන්ට වඩා, ළදරු ’හිරන්‍යා’ ටය. ළදැරිය ජිවිතයේ පළමු වසර උපන්දින සාදය පවත්වන්නට මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී 1987 වසරේ වප් මස 27 දිනදී  ඇයගේ සදාදරණිය මෑනියන් ’මල්ලිකා පෙරේරා’ අනපේක්‍ෂිත ලෙස අකාලයේ මෙළොව හැර යන්නීය. ඒ ඇයගේ සැමියා ගේ ගම්පියසේ රුවන්වැල්ලේ  නවාතැන් ගෙන සිටිද්දීය. ඒ වනවිට ඇය ජිවිතයේ පස්වන දශකය පවා ගෙවා නොසිටියාය. 

ඇයගේ අකල් වියෝව සැළවූ   වහාම රාජගිරියේ නිවසට රැස්වූ කලාකරුවන් අතර සංගීතවේදී ’වික්ටර් දඵගම’ සහ ’සරත් දසනායක’ දෙපොළ ද විය. ඔවූහූ ත්‍රී සිස්ටර්ස් සෙසු සාමාජිකාවන් දෙදෙනා සමග, වියෝදුක බෙදාහදා ගත්තෝය. එකී වසරේ පළවු ’දිවයින’ ඇතුඵ ජාතික පුවත්පත් ඇතුඵ මාධ්‍යය විසින් මේ අනුවේදනීය පුවත රසික දනන් හට දන්වා සිටියේය. 

’අක්කා. අසනීපයක් නැතුව, එකපාරටම .......... නැතිවුනාට පස්සේ ඒ අඩුව හිස්තැන නංගීටයි මටයි... හරිම තදින් දැණුනා. එයාට දරුණු ආඝාත තත්වයක් (ීඑරදනැ) හටගෙන තිබුනා. ගායිකා ඉන්ද්‍රානි විසින් පැවසුවාය.

ඇය වියෝවෙද්දී රූපවාහිනි මාධ්‍යයේ ආගමනය සිදුවී යම්තම් වසර පහක් පමණක් ගතවී තිබුනු අතර, එවකටද ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුනු ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝ තිදෙන ඊට පෙර දශකයේ තමන් ගැයූ අතිශය ජනප්‍රිය ගීත, රූපවාහිනි සංගීතමය වැඩසටහන් උදෙසා පෙනීසිටිමින් ගායනා කරන්නට යෙදුනි. අදත් සාමාජ මාධ්‍යයන් ඔස්සේ ද ඒ රූපදසුන් නැරඹිය හැක්කේය. 

---------------------------------

ආදරණිය අක්කන්ඩිය මෙලොවින් සමුගෙන යන්නට සැරසී..............
(1987 වසරේ දිවයින පුවත්පත වාර්තා කළ අයුරු)

1 ඉන්ද්‍රානි පෙරේරා

2 අයිරාංගනී

3 ප්‍රවිණ ගායිකා ලතා වල්පොළ

4 ප්‍රවිණ වේදිකා නාට්‍ය ශිල්පිනී මර්සි එදිරිසිංහ

5  සරත් ද අල්විස් සංගීතවේදියා - සුපර්ස්ටාර්ස් සරපුවරු රසවතා

------------------------









ත්‍රී සිස්ටර්ස්’ නම් පූරාවෘත්තයකි.

එදවස සංගීත ක්‍ෂේත්‍රයේ හමා ගිය සැඩ මාරුතය ’කන්ඩායම් ගීතයයි. ඒ පිරිස් අතර මේ යුවතියන් වෙසෙසින් ඉස්මතුව කැපී පෙනෙන්නේ මන්ද ? කාන්තාවන් වෙසෙසින් යොවුන් තරුණියන් සබාපිරිස් මැද ප්‍රසිද්ධියේ පෙනී සීටිමින් නර්තනයේ රංගනයේ යෙදුනු අවස්ථාවන් දැකිය හැකි වූයේ දිවයිනේ නගර කිහිපයකට සීමා වූ නාගරික සංස්කෘතියේ පිරිස් අතර පමණකි. එවන් වටපිටාවකදී මතු වූ ඔවුන් ඒ නිසා දිවයිනේ පුරෝගාමි කාන්තා ’ගායක’ කන්ඩායම විය. එහෙත් ඔවූහූ ’සංගීත’ කන්ඩායමක් නොවූහ. මේ කිසිවෙකුත් වෙනත් කන්ඩායම් ගී ගැයූ පිරිස් මෙන් වාද්‍ය භාන්ඩ වාදනය කිරීමේ යෙදුනේ නැත. එමතුදු නොව වෙනත් කන්ඩායම් ගොඩනැගුනේ පුරෝගාමී එක් සාමාජිකයෙකුගේ සංගීත පෞරුෂය වටාය. ඔහු ගීත පද රචනයේ යෙදුනේය, ඇතැම් විට තනු නිර්මාණයේ නිරතවූයේය.  මෙය වඩාත් පැහැදිලි කිරීම පිනිසි නිදසුන් ගෙනහැර පෑම සුදුසය.

  

ධර්මරත්න සහෝදරයෝ - මෙල්රෝයි ධර්මරත්න තනු රචනය සහ ගීත පද රචනය

ලා සියෙලනියන්ස් - නොයෙල් බ්‍රයන් රණසිංහ - තනු නිර්මාපක සහ සංගීත සංයෝජක

සමනලයෝ - රේමන්ඩ් ෆොන්සේකා - තනු නිර්මාණය 

ලා බම්බාස් - ප්‍රියා පීරිස් - තනු රචක

මූන්ස්ටෝන්ස් - ක්ලැරන්ස් විජේවර්ධන - ගී තනු සහ සංගීත සංයෝජනය සේම ගී පබැඳුම

ගෝල්ඩන් චයිම්ස් - ක්ලැරනස්

සුපර් ගෝල්ඩන් චයිම්ස් - ක්ලැරන්ස්

ජෙට්ලයිනර්ස් - ටෝනී ප්‍රනාන්දු - තනු රචනය

මී මැස්සෝ - ජෝ බී පෙරේරා  - තනු

ජේ සහෝදරයෝ - පෙරින් ජයසේකර - තනු සහ පද  රචනය

ලොස් කැබැයියරෝස් - නෙවිල් ප්‍රනාන්දු ු තනු සහ සංගීත සංයෝජනය

මොවුනතරින් ’ධර්මරත්න සහෝදරයෝ’ , ’ලොස් කැබැයියරෝස්’ ’මූන්ස්ටොන්ස්’ සහ ’ලා සෙයිලනියන්ස්’  මේ යුවතියන්ගේ  කන්ඩායමට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියහ.  මෙකී වරප්‍රසාදය ’ත්‍රී සිස්ටරස්’ සොයුරියන්ට හිමිව තිබුනේ නැත. ඔවුන් ගීත නිර්මාණයේ සියඵ කටයුතු උදෙසා බාහිර පාර්ශ්වයන් මත පූර්ණ ලෙස යැපෙන්නට සිදුව තිබිනි. මූන්ස්ටෝන්ස් හි කාන්තා සාමාජිකාව ලෙස කටයුතු කිරීම නිසා, ඒ කර්තව්‍යන් සිදු කිරීමට සියඵ සුදුසුකම් සපුරා තිබූ සාමාජිකයා ගේ සහය ලබාගන්නට ඔවුන් සමත්විය. ඒ අන් කවරෙක් නොව ’ක්ලැරන්ස්’ ය. 

’වික්ටර් දඵගම’ සහ ’සරත් දසනායක’ දෙදෙන වෙත එළඹෙන්නේ ’කරුණාරත්න අබේසේකර’ ගේ ගීත රචනාවන් සපයාගැනීමෙනි.

------------------

දකුණේ - සංගීතවේදී වික්ටර් දඵගම  -ත්‍රී සිස්ටර්ස් පුහුණු කරමින්

වමේ - සංගීතවේදී සරත් දසනායකයන්
----------------------


මතු කි සංගීතවේදීන් දෙපොළ, 70 දශකයේ මුල්භාගයේ සිටම ඔපවත් වෙමින් ආ ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ දිදුළන මිණිකැට ද්විත්වයකි. ඔවූහූ ’ජනප්‍රිය සංගීතය’ යනු කවරකාරයේ නිර්මාණ විය යුතු දැයි හොඳින් දැන අවබෝධ කොට ගෙන වටහ ගෙන සිටියේ සත්‍යාභියාසයෙන් සහ සහජ නිර්මාණශීලිත්වයෙනි. සිංහල සිනමා ගීත කලාවේ සදාතනික නිර්මාණ ගණනාවක මෙහෙයුම්කරුවා ’සරත් දසනායකයන්ය’. 

සප්තස්වරයේ රසභාවය දියුණු තියුණු කිරීමේ සැ`ඟවුනු ගුරු මුෂ්ඨී නතුකරගත් ’වික්ටර් දඵගම’ ගුවන් විදුලි සහ වෙළඳ තැටි ගීත නිර්මාණ කලාවේ නිපුණයෙකි. ඔහු ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන් වෙනුවෙන් අපුරු වාද්‍ය සංකලනයක්  මවා දුන්නේ ඉලෙක්ට්‍රෝනික බටහිර සංගීත භාන්ඩ අතරට පෙරදිග සංගීතයේ වාද්‍ය රැජිනිය වූ ’සිතාරය’ යොදවා එහි තත් හඞ, නියමිත පරිමාණයෙන්, නියමිත මාත්‍රාවෙන් මුසුකරවීමෙනි. දෙසවන් යොමා දැහැන් ගතව ශ්‍රවණය කළ මනාය.

'

01 සමරු පොතේ ...ඔබට දිනක ලියා.........

දුන් පොරොන්දුව ආවේ නැද්ද මතක තියා....

කෙසේ මා පිටු පාලා .....................

(කරුණාරත්න අබේසේකර පද)


02 ඉඳුනිල් මැණිකා .........කියමින් අමතා............

'අසමින් පවසා ...ඔබේ පිංතුරේ හරි ලස්සනයි...............

(කරුණාරත්න අබේසේකර)

---------------------------

නොපැකිළිව, යුහුසුඵව, මන්දෝත්සාහී නොවී කටයුතු කිරීම නිසා ඔවූහූ සීමිත කාලයක් ඇතුළත වෙළඳ තැටි ගණනාවකට සරිලන ගීත නිර්මාණය කරගන්නට ඔවූහූ සමත් වූහ. 1970 වසරේ මුල්ම දිනයේ පටන් ගීත ලොවට ප්‍රවිශ්ඨ වූ මෙම කන්ඩායමේ ජනප්‍රසාදය තෙවසරකදී පමණ ඉවුරු දෙගොඩ තලා, වෙනත් කන්ඩායම් යටකර දමමින් පැතිර ගලා ගියේය. වේගරිද්ම පොප් ගීතයට ඇඵම් කළ එතෙක් බටහිර ගායිකාවන්ගේ ගීත රසවිඳි සිංහල රසිකයන්, තම මව්රටේ හැදුනු වැඩුනු, තම දේශයේ බිහිවුනු නවආරක පොප් සංගීතය වෙත ආශක්ත කර ගැනීමේ මෙහෙවර ඉටුකරදුන්නේ මුල්වරට ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝය. ලක් ඉතිහාසයේ ඒ දක්වා එහි රික්තයක් හටගැනී තිබිනි.  

ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය පැවසූ අයුරු, තමන් හට ’තැටි’ නිෂ්පාදනය අයතනයන් විසින් සිදු කරන්නට යොදුනු ආරාධානා පිළිගෙන ඒ අනුව ගී පද රචකයන් අභිමුවේදී ඒවා සපයාගෙන, තනු නිර්මාණය කරගන්නට සමත් වූ බව සටහන් කළ මනාය. ’තරුණ යුවතියන්’ හට ගැළපෙන ලෙස, එදා ගී පද රචකයන් අරුත්බර නිර්මාණ සපයන්නට යෙදුනු බව ඇය කියා සිටියාය. ඒ බව ’ත්‍රී සිස්ටර්ස්’ ගීතාවලිය හදාරද්දී මනාව පසක් වෙයි. පහත නිදසුන් විමසනු වටී.

ත්‍රි සිස්ට්රස් සොයුරියෝ  නාඹර වියේ එකම කැදැල්ලේ එකට වසමින් යුග දිවි ගමන් අරඹන්නට පෙර කාලයකදී ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයා ඔවුනට ලිය දුන් වගනම්.....


එක කූඩුවක හැදී, යව්වන කාලයේදී................

පළමුව අප තිදෙනාගෙන් කවුරුද ඉගිළෙන්නේ ....?

එතකොට දෙදෙනෙකු තනිවේවි...

මේ පොඩි කුඩූවේදී ....

අහක බලාගෙන පාඵ ලොවේ....

නෙත්යුග තෙත්කර කඳුඵ රැහැන් මැද ඉන්නට හැකිවේදෝ.........

දවසක තව කිසිවෙකු ඒවි දෑතට තෑගි දිදී............

සිහින මවාගෙන ඇයද ඇදී ....

අවසන තනිවි මෙහිම රැඳෙන්නට තනි මට හැකිවේදෝ..........

(සංගීතය - සරත් දසනායක - 1973)

------------------------

කරුණාරත්න අබේසේකරයෝ වරෙක හිරිමල් වයසේ දුව පැන ඇවිද කෙළිදෙළෙන් පසුවන මේ කෙවිළියන් තිදෙනා සිය කවි ඇසින් දුටුවේ මෙළෙසය. ’හර්මනි’ මූලධර්ම අනුව එකහඞින් ගයන ඔවුන් තිදෙනා මෙහිදී පද කැටිති තම තමන් අතර බෙදාහදාගෙන ඒකලව ගයන්නීය. මෙහි ඉතා පැහැදිළි ලෙස යුවතියන් තිදෙනා ගේ සමූහ ගැයුම ද ඒකල ගැයුම් ද සටහන් වි තිබේ. එකම පවුලකින් පැවත එමින් එකිනෙකට වෙනස් හඞවල් ත්‍රීත්වයක් උරුමකරගත් මේ හඞවල් එකිනෙක අතර කැපී පෙනෙමින් මතුවන විචිත්‍රත්වය මෙම ගීතයේ දී ප්‍රකටය.


තරුණියන්ගේ හිත මලක් වගේ ..........

ආදරේ උදම්වෙලා පිපෙයි..........

ජිවිතේ විනෝදයෙන් ගෙවේ....

අන්න එහෙම දාට ලොවම ලස්සනයි.............

පියුමට යන්නේ සොයා බඹරාමයි... (ඉන්ද්‍රානී)

කුමුදට එන්නේ සඳේ රේඛාවයි ...(අයිරාංගනී)

මුහුදට යන්නේ ගලා දියපහරයි (මල්ලිකා)

තරුණිය වෙත ඔබයි ඇදෙන්නේ....

(සංගීතය සහ තනු - වික්ටර් දඵගම - 1972)

----------------------------
අඩ මසකින් යළි පිවිසෙන්න .....

Wednesday, July 17, 2024

ඉන්ද්‍රානී පෙරේරා ප්‍රමුඛව ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ගැයු ගී .........

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 03


 ’ත්‍රී සිස්ටර්ස්’ පොප් ගීත කලාවේ දෘඩ පදනම යෙදූවේ ’ක්ලැරන්ස්’ විජේවර්ධනයන් විසිනි. ඔහූ ඔවුන් වෙනුවෙන් නිකුත් වු තැටි ඇල්බමයකට ගීත යුගළ ද්විත්වයක් නිර්මාණය කරදුන්නේය. ඒවායේ මූලික හඞ මෙහෙයවන්නිය ’මල්ලිකා’ ය. ගී පද සංකල්පනයන් සකසා තනු ද සංගීත සංයෝජනයන්ද ඔහු විසින්ම සිදු කරන්නට යෙදුනි. මෙම ගීතවල සුරස අන්තර් වාදන ඛන්ඩ ක්ලැරන්ස් ගේ ගුරුහරුකම් ලබා ඉලෙක්ට්‍රෝනික ලීඩ් ගිටාරයෙන් වාදනය කරන ලද්දේ ’ඩික්සන් ගුණරත්න’ නම් වූ ප්‍රතිභාපූර්ණ වාදන ශිල්පියා විසිනි. 


----------------
ත්‍රී සිස්ටර්ස් ළපැටි විය - පියා ඒ ඒ පෙරේරා මහතා ගේ උකුළේ  - අයිරාංගනී  අසුන් ගෙන ’ඉන්ද්‍රානී’ සහ මව මියුරියල් පෙරේරා සමග වම් කෙළවර සිටගෙන ’මල්ලිකා’ දැරියන් -  1960 -62 පමණ යුගයේ සේයාරූ ගතකරන්නට ඇත.
-------------------
















ඔහු එදා වැයූ ගිටාර් වාදන රටා වලින් ඇතැම් ඒවා තමා විසින්ම අවස්ථානුකූලව නිර්මාණය කර ගන්නට යෙදුනු බව ඔහු කියා තිබින. ක්ලැරන්ස් විසින් උපදෙස් දුන්නේ අදාළ කොටස කිසියම් වාද්‍ය ඛන්ඩයකින් හැඩ කරන්නට පමණක් බව යැයි හෙළිදරවු කෙරිණි. මේ ගීටාර් වාදන රටා ඇතුළත් ගීත හා සමකාලීනව බිහිවුනු ගීත ගණනාවකට විදුලි ගිටාර් වාදනයන් මුසුකලේ එදවස එය එක්තරා අන්දමක ’රැල්ලක්’ බවට පත් වි තිබුනු බැවිනැයි අනුමාන කෙරේ.

ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ගේ උදාව උදෙසා උරදුන්නෝ අතර ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ රසවතාණෝ නිති ඇගයිය යුතුය. ඔහු සිය ලේබලය ’සූරිය’ වෙතින් එළිදැක්වූ තැටියකදී මෙම ගීත ඇතුළත් කෙරිනි.

මෙකී නැවුම් සංගීත ඛන්ඩ ඇතුළත් ගැයුම්, එදා ගුවන් විදුලිය විසින් හැදූ ගීත වෙතින් පැහැදිළීවම වෙනස් මඟක් ගන්නට හේතුභූත වූයේද උක්ත කරුණයි.  ක්ලැරන්ස් ගේ නිර්මනයක් හි දී ’සිතාරය’ හෝ ’වයලීන’ හඞ නොඇසුනු තරම්ය. 

මෙම ගීත ඇතුළත් තැටියේ දී ගීතයක් ් ’මල්ලිකා’ විසින් ද අනෙක් යුගළය ඇගේ සොයුරි ’ඉන්ද්‍රානී’ විසින් ද ඉතිරි ගීතය  බඩපිස්සිය ’අයිරාංගනී’ විසින්ද හඞ මෙහෙයැවීම සිදු කරන ලද්දේය.

අනන්‍යතාවය මනාලෙස රැකි තිදෙනාගේ ගී හඞවල් දිශානති තුනකට විහිද පැතර යන ලිලාව ප්‍රකට කළ ගීත ඇල්බමයකි මේ. අන්තරා කොටස්හිදී ’මල්ලිකා’ සිය හඞ මුසුකරමින් හර්මනි කලාවට එක්කළ ජවය එහි තිර ලෙස සටහන් ව පවතී. 


01 පිපෙන පියුම් සඳෙහි කැඵම් ........

ඔබගේ සිතුම් වලට සමයි...................

හදෙහි පැතුම් තෙලෙහි සිනා.............

මාගේ සිතේ පවස නිවයි....................

(හර්මනි ප්‍රමුඛ හඞ මුසුව - මල්ලිකා පෙරේරා)


02 සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැගී...........

සිහින් දෙපා පොඩි  හොවලා ලොවට එන හැටි..........

පළඟැටි ගී තනුව අනුව මලක් මත නැගී ...........

සඳකුමරිය පිණිකැට නා නැවත යන හැටී.................

(හර්මනී ප්‍රමුඛ හඞ - ඉන්ද්‍රානි පෙරේරා)



03 මම කිරිල්ලියක් වෙලා........අහසේ මිදුම් වලා ....

රැනින් ඉගිල්ලිලා ... එමි ඔබව බලා .....................

(හර්මනී ප්‍රමුඛ  - ඉන්ද්‍රනි)


04 මේ ගීය මම ගයන්නේ වැහි වළාකුල සොයා.........

මම බයෙන් මෙන් ගැහෙන්නේ අද වහිදෝ කියා........

මම ආදරෙන් බලන්නේ එනවද ඔබ කියා.....

අද හවසට වැස්සොත් මම ඒවි මගේ දයා.....................


(හර්මනි ප්‍රමුඛ හඞ මුසුව - අයිරාංගනී)

---------------------------

එදා සිඟිති යොවුන් ඔබට මතකදැයි බලනු මැනවි මේ මුල් ගී...?

මෙහි ඉතිරි ගීත යුගළය ලිපියේ පහත වාදනය වන්නට සළස්වා ඇත

’කැසට් පටය’ නම් වූ හුරුබුහුටි කුඩා චුම්බක පටි යුගය මෙහි පිවිසෙන්නට පෙරාතුව අනාදිමත් කාලයක් පුරා ’හඞ’ අලෙවිකරන්නට පරසිඳු ව පැවති මාධ්‍යයය ’තැටියයි’. විශාල ප්‍රමාණයේ තැටි යුගය අවසන් කරමින් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අඟල් 08 ප්‍රමාණයේ තැටිය දොරට වැඩියේ 50 දශකයේ අවසනදීය. ඉන් පසුව එළැඹි දශක ද්විත්වයේදී මෙම තැටි ලාංකීය ගීත ව්‍යාපාරික ප්‍රජාව ගේ ඒකායන, ස්ථිරසාර බෙදාහැරීමේ මාධ්‍යය ලෙස පැවතිනි.

එයින් කන්ඩායම් (හර්මනි) ගීත කලාවේ යෙදුනු ශිල්පීන් හට අතහිත දෙන්නට මුලින්ම ඉදිරිපත් වූයේ ජාත්‍යන්තර ’පිලිප්ස්’ ලේබලයෙන් දිවයිනේ තැටි ව්‍යාපාරයේ යෙදුනු ’පැට්‍රික් කොරේරා’ විසිනි. ඒ 60 දශකයේ මධ්‍ය භාගයයි. ’ත්‍රී සිස්ටර්ස්’ ගේ පූර්වගාමීන් වූ ’ධර්මරත්න බ්‍රදර්ස්’ මෙන්ම ’සමනලයෝ’, ලා සියෙලනියන්ස්, ලා බම්බාස්, ලොස් කැබෙයියරෝස්  වැනි ගායක කන්ඩායම් දොරට වැඩම වූ ’පිලිප්ස්’ ත්‍රී සිස්ටරස් ගේ ආගමනය සිදුවු යුගයේ තරමක පරිහානියට පත් වෙමින් තිබුනු අතර, ලාංකීය ගී තැටි ව්‍යාපාරයේ දෙවැන්නා වූ ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ තම ආයතනයේ ’සූරිය’ ලේබලයෙන් ක්ලැරන්ස් ගේ ’මූන්ස්ටෝන්ස්’ ගී මෙන්ම ’ඩෙකා’ ලේබලයෙන් ඉන්ද්‍රානී ගේ ’සිගිරිය’ (වන දෙව්ලිය තුරුළේ) නිකුත් කරවා දුන්නේය. ඒ වනවිටද සහෝදරියන්ගේ කන්ඩායම සංවිධානය වී නොතිබිනි. 

පහත දැක්වෙන තැටි ලේබල අතරින්, ’අයි එම් අයි’ යනු   ඉන්ද්‍රානි, මල්ලිකා, අයිරාංගනී යන නම් ත්‍රිත්වයේ ඉංග්‍රිසි මුල් අකුරු පීළිවෙලයි. එදවස ’සමූපකාර තොග වෙළඳ සංස්ථාව’ (සතොස) ආයතනයේ කළමනාකාර ධූරයේ කටයුතු කළ මේ යුවතියන්ගේ පියාණන් විසින් ආයෝජනය කළ මුදලින් එකී තැටි ලේබලය එළිදැක්විනි.


ලෝටස් - ක්‍රිශාන්ත කුරේ සහ ජේම්ස් පෙරේරා

ආර්ටෙක් - අජන්තා විජේසේන 

අයි එම් අයි - ඒ ඒ පෙරේරා (ත්‍රී සිස්ටර්ස් පියාණන් තම දුවනියන් වෙනුවෙන්) 

ජෙම්ටෝන් - විජයපාල හෙට්ටිආරච්චි (විසාකාමාල්ස් ආයතනය)

සූරිය - ජෙරල්ඩ් වික්‍රමසූරිය (චිල්රන්ස් බුක්ෂොප්)

සිල්වර්ලයින් - කෙනත් පෙරේරා (සිල්වර්ලයින් රේකෝඩ් බාර්)

නිව් සවුන්ඩ් - ලක්‍ෂමන් පෙරේරා (නිව් සවුන්ඩ් එන්ටප්‍රයිසර්ස්)

තරංගා - විජය රාමණායක (තරංගා රේකෝඩ් බාර්)

---------
1970 දොරට වැඩුම ... වම් කෙළවර ඉන්ද්‍රානි මැද - මල්ලිකා -දකුණේ - අයිරාංගනී
---------

ඉහත අයි එම් අයි (IMI) යනු ඔවුන් තිදෙනාගේ නාමයේ මුල් අක්ෂරයන් ගෙන් නිර්මිත පවුලේ තැටි ලේබලයකි. එහි බරපැන සොයුරියන්ගේ පියා  ඇතුඵ පිරිසගෙනි. 

සිංහල පොප් ගායිකා පිරිස ගේ ගී මුතුහර අමුණාදෙන්නට පෙළ ගැසුනු ’ඊ පී තැටි’ () තැටි නිෂ්පාදක පිරිස්ය. 

එදා ශ්‍රාවක පිරිස් වයන පදට පා තබා සාද ප්‍රිය සම්භාෂනයේ රඟදුන්නේ ද, බටහිර නාද මාලා සහ රිද්ම රටාවන් වෙත සෙනෙහස රඳවා පාඵව කාන්සිය දුරුකරන්නට නිවසේ ’තැටි’ වාදන යන්ත්‍රයේ වාදනයට තෝරා ගත්තේද ’වේගරිද්මයේ’ ප්‍රමුඛයන් ගැයු ගීතයන්ය. ඒ අතර ගායිකා පිරිස් අල්ප දෙනෙකු අතර ත්‍රීී සිස්ටර්ස් ප්‍රමුඛ විය.


නිව් සවුන්ඩ් - සුදු අසු පිට නැගලා....(හඩ්සන් සමරසිංහ, අර්නස්ට් සොයිසා) නීල දෑසේ මාගේ ආසාව පිරිලා (බී කේ සංඝදාස, අර්නස්ට් සොයිසා) 


අයි එම් අයි - මංගලම් කියාලා..(කරු අබේසේකර, වික්ටර් දඵගම), තරුණියන්ගේ හිත මලක් වගේ..(කරු, වික්ටර් දඵගම). අහසට නැගුනට සරුංගලේ (කරු, වික්ටර්), 


සූරිය - පිපෙන පියුම් සඳෙහි කැඵම්... , මේ ගීය මම ගයන්නේ, සිහින් සිනිඳු දුහුල් රිදී, මම කිරිල්ලියක් වෙලා.. (ක්ලැරන්ස්) නෙත්යුග රන්තරු (හේම ශ්‍රී ද අල්විස්, වික්ටර් දඵගම), ආදරේ කියන්න දන්නේ නෑ (ටී ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම),පෑහි එක ලෙස බැඳි- (ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම), උදයේ පිපෙනා (කරු, දඵගම), ඉඳුනිල් මැණිකා ..(කරු, දඵගම), නෑ අදරේ නෑ (හේම ශ්‍රී, දඵගම), ගාමිණි පැරකුම් රජවරු (ප්‍රියා පීරිස්, ප්‍රියා පීරිස් - ලා බම්බාස්), සමරු පොතේ ඔබට දිනක ලියා,  වාසිටි කෙල්ලෝ... (කරු අබේසේකර, දඵගම) 


ජෙම්ටෝන් - ආත්මයක්, එක කූඩුවක හැදී (ප්‍රේමකීර්ති ද අල්විස්, සරත් දසනායක) 


ලෝටස් - හිතේ සන්තෝසයයි, දෑසේ සිනාවෙන්, සැන්දෑවෙලා එන්නම් කියාලා , අව්වට වැස්සට...(කරු අබේසේකර, වික්ටර් දඵගම) සිරිකත වැඩියා අද දවසේ, හා හා හොරේ දැනුනා, එදා තරම් මගේ සිතේ, මතකය ඇසුරින් (ක්ලැරන්ස් විජේවර්ධන), උදාර සිංහල බිමේ උපන් (කරු අබේසේකර, ක්ලැරන්ස්), මගේ දෑස නැළවි සඳරේණු දුවනී (ෂෙල්ටන් වීරරත්න, ක්ලැරන්ස්)


සිල්වර්ලයින් - කඵ දීග ගියාලු, කුමාරිහාමි, (වර්ණන් පෙරේරා, මයික් ගුණසේකර)


තරංගා - සලා දෙතොල් මල් පෙති, නොනිදා පහන් කලේ, (කේ ඩි නිකලස්, මෙල්රෝයි ධර්මරත්න), කාලෝ කාලෝ, ගිය ඉරිදා ඔබ (මෙල්රෝයි)


ඉහත පෙළගස්වන ලද්දේ මේ කන්ඩායම ඇතුඵ ඉන්ද්‍රානී පෙරේරා විසින් ගැයූ ගීත ඇල්බම් සීමිත සංඛ්‍යාවකි. මේවා වෙළඳ පොළට නිකුත් වී කෙටිකාලයකින් අනපේක්‍ෂිත අලෙවි වාර්තා තබමින්, විකිණි යද්ද, ලංකා ගුවන් විදුලියේ සති අන්ත වෙළඳ වැඩසටහන් ද, කන්ඩායම් ගී වැඩසටහනද වර්ණවත් කරන්නට විය. 

’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝ ප්‍රසංග වේදිකාව රසගන්වන්නට නැතිවම බැරි, ගායන තාරකාවන් බවට පත් විය.

අජන්තා විජේසේන නම් වූ වෙළඳ තැටි ව්‍යාපාරික රසවතා ගේ ’ලෝටස්’ ලේබලයද මෙම යුවතියන්ගේ ගී රාවයෙන් නිම්නාද විය. ඊට අත්වැල සැපයූවේද ’ක්ලැරන්ස්’ ය. එහිදී දෙවැන්නිය ’ඉන්ද්‍රානි’ ඒකලව ගයා  ශ්‍රාවකයන් හදවතින් වැළඳ ගත් ගීත හතරක තොරතුරු මෙපරිදිය. ගායිකා ඉන්ද්‍රානි හෙළිදරවු කළ ලෙස එක්තරා දිනයක් ඇතුළතදී ගීත දහයක් තරම් සංඛ්‍යාවක් පද රචනා කොට ඒවාට තනු නිර්මාණය කරන්නට ක්ලැරන්ස් නම් ඉන්ද්‍රජාලික ගේයවාග්කරුවාණෝ සමත් ව සිටියේය.එයින් යෝජිත ඇල්බමය සඳහා ගීත 04 ක් තෝරාගත් ’ඉන්ද්‍රානි’ ඒවා මනා ලෙස පුහුණුවි ගායනයේ යෙදුනාය. 

මෙළෙස ගී තැටි ඇල්බම යුගළයක් ඔස්සේ එකක් අඩුම ධාවන කාලයකට සිමා කරවා (විනාඩි 02 කට යම්තමින් ඉක්මවා) ’ඉන්ද්‍රානි’ ඇතුඵ ගායිකාවන්ගේ වඩාත්ම ජනාදරයට පාත්‍ර වූ ගීත අටක් බිහිකරවාදිමේ කෘතගුණ පූර්වක ප්‍රණාමය දිවංගත ’ක්ලැරන්ස් විජේවර්ධනයන්ට’ හිමි විය යුතුය. 

ඔහුගේම ස්වර නිර්මාන ඇතුළත් වූ  අපේක්‍ෂා සිනමාපටයට 1978 දී ගැයූ ’සැණකෙළියේ සඳඑලියේ...’ ගීතය බිහිවන තෙක්ම, අදට වඩා එදා නිතර සංවිධානය වූ ’සැණකෙළි’ බිම් වලදී වැඩියෙන්ම සවනත වැකුනේ ඇයගේ ’සැණකෙළියේ, ගීතයමය.


01 සිරිකත වැඩියා අද දවසේ ...................

දහස් පැතුම් ඇත මගේ මනසේ.............

ආසිරි ගී මැද ......

මා ඔබ සතුවන බව වැටහේ............


02 හා හා හොරේ දැනුනා දැනුනා ...

මට නාවේ මොකෝ කියලා ..............

මා හා ඔබේ තරහක් තිබුනානම්....

කිවේ මොකෝ සිතුනා .........................


03 එදා තරම් මගේ හිතේ දැනුනේ නෑ මට වෙනසක් ................

දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුඵ දස දහසක්....

සැණකෙළියේ කිසිම දිනක දැනුනේ නෑ මට වෙනසක්................

පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියුවුනු පොඩි රහසක්............

-------------------------
මුල් ගීත මිහිර......

මේ තැටිය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මිත ගීත අතරින් එකක් ඇයගේ දිවිගමනේ අනුවේදනීය සිදුවීමක් සටහන් කරයි. ඇය පාසල් දැරියක්  ව සිටියදී නැගණිය අයිරාංගනී හට යම්තම් සයවස් සපිරෙද්දී, දැරියන්ගේ මව මෙළොවින් සමුගත්තාය එතැන් හි සිට අක්කන්ඩිය ’මල්ලිකා’ ඔවුන්ගේ දෙවන මව් පදවිය භාරගත්තාය. මේ අවධියේදී එනම් 1968 දී පමණ බටහිර ගීත ලොලීන් අරභයා ඉංග්‍රිසි බසින් ගීත ගැයු ’ඩැල්රීන් ආනෝල්ඩා’ සිය ’ෆයර් - ෆලයිස්’ වාදක කන්ඩායමේ සහය ගායිකාව ගේ භූමිකාව ඉටු කරන්නට ඉන්ද්‍රනි දැරිය තෝරාගන්නට යෙදුනි. 


මධු මී පැණි බඳු රස ගී ගැයූ ත්‍රී සිස්ටර්ස් වංශ කථාව මෙතැන් සිට යළිත් දෙසතියකින්.................

දුර්ලභ සේයා රූ සහ තොරතුරු සම්පාදනය -ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය - ත්‍රී සිස්ටර්ස් නායිකාව ගෙනි

ඇයට කෘතඥ පූර්වක ස්තුතිය...