namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, May 18, 2023

Somapala Ratnayake Creations

 සොයුරු බැම්මෙන් බැඳි තත් සර .....ඔහු සෝමපාල රත්නායක නම් විය....................

බටහිර සංගීතයේ  නාද රසගුලාව මවන්නේ සංගීත භාන්ඩ සංවාදයේ යෙදෙන සංධවනියයි.  එයින් ශ්‍රාවකයා ගේ මනසේ විචිත්‍ර රූප මවයි. ඔවුන් ශ්‍රාවක ඔබට කිසියම් සිදුවිම් පෙළක් නෙකාකාර වු රස මවමින් කියාපායි.  අසල්වැසි භාරතීය බලපෑම නිසා එකී සංගීත ශෛලිය හුරු පුරුදු ලාංකිකයන්හට මතු කි ’බටහිර සංගීත’ මිහිර ආගන්තුකය. එවැන්නකට සමාධිගත වී සිත්සනහා ගන්නට සිය ශ්‍රවණෙන්ද්‍රියන් හුරුපුරුදු කරගත්තෝ ඉතා අල්ප විය හැකිය.



සංධවනි වාදක බලමුඵවක සාමාජිකයන් අත ශුෂිර ගණයේ භාන්ඩ ගණනාවකි. තත් භාන්ඩද එපමණටමය. අඵවෙන් වයා තත් ප්‍රකම්පනය කරවා හද කිතිකවන භාන්ඩ පවුලේ සාමාජිකයන්ගේ වෘද්ධතමයා ට පියවරක් පසුපසින් සිටින්නේ ’ෂෙලෝ’ වයි. ඔහුගේ දෙටු සොයුරා ’ඩබල් බේස්’ වන අතර ’කණිටු සොයුරන් අතර ’වියෝලා’ සහ ’වයලීන්’ සිටිති.

70 දශකයේ ද එය පිරිවරාගත් දශකයන් ද්විත්වයේදීද, කර්ණරසායන ගී තනු හැඩගන්වන්නට මතු කී බටහිර වාදf්‍යා්පකරණ මහත් රාශියක් යොදාගන්නට තරම් ලාංකීය ගාන්ධර්වයන් නාද රස හඳුනන්නෝ බවට පත් වී සිටියහ. එවයින් දිව්‍යමය ගාන්ධර්යාණෝ ’පන්සිඵ’ ද විළියෙන් විපිළිසර වන්නට ඇතිවා නිසැකය.

එයින් මතු කී ’ෂෙලෝ’ නම් වු තරමක් විසල්, පොළොව මත සෘජුව ස්ථානගතකරමින් අඵවෙන් වයා නාද උපදවූ වාද්‍ය භාන්ඩය වැයු රසවතුන් අතර ප්‍රමුඛයා ඔහුය. සිය දෙටු සොයුරා ගේ සංගීත සමාධිය එනම් ’ස’ ප්‍රසංගයේ වාද්‍ය වෘන්දයේ කොණක සිට ඔහු  දැහැන්ගත විය. 


ආශීර්වාද කරම් .............

තින් දිවයුරු ...මැවූ සුරගුරු ... නිතින් මල්බර ...............


ගුවන් විදුලියෙන් නිතර ගුවනට මුසුවූ මෙම ආසිරිපැතුම් ගී මිහිර ගැයු දෙදෙනාම අද අප අතරින් සමුගෙන ගොසිනි. ඒ මාලිනි බුලත්සිංහල සහ නීලා වික්‍රමසිංහ ප්‍රවිණ ගායන ශීල්පිනියන් දෙපොළයි. මහඇදුරු සුනිල් ආරියරත්න පබැඳු එහි සත්සර රටා පෙළගැස්වූ ඔහු ද කලකට පෙර ලක්වැසි ගීත ලෝලීන් හට සිදුකළ මෙහෙවර නිමවා දිව්‍ය ගාන්ධර්වයන් අතරට ගිය සංගීතවේදී සෝමපාල රත්නායකය.

වතපුරා වැවුනු පුඵන්රොදක් වන් සුදු රැවුළින් යුතු ඔහුව   රූප මාධ්‍යයෙන් හඳුනාගන්නට අපහසු නොවේ.  තමන්ට පැවරුනු කාර්ය භාරය නොසැළී නෙැපැකිළී මහත් කැපවීමකින් ඉටුකරදෙන්නට සැදි පැහැදී සිටි ඔහු විසින් 70 දශකයේ සිංහල ගීත වසන්ත සැණකෙළියේ පෑ විස්කම් දස්කම් වත්මන් පරපුරේ ගී රසවතුන් නොහඳුනනවා විය හැකි වුවද ඔහු විසින් නිමවන්නට යෙදුනු ගීතාවලිය පිළිබඳව ඉතා හොඳින් දැනුවත්ය.

ලංකා ගුවන් විදුලි ආයතනයට සම්බන්ධ වී එහි සේවය කරනාතරවාරයේ සංගීතවේදී ’සෝමපාල රත්නායක’ විසින්  අඩසියවසකට ඉහත යුගයකදී හැදු ගීත අදද ශ්‍රාවක මනසින් බිඳකුදු හෝ ඈත් නොවීමෙන් පසක් වන්නේ ඔහු ගේ රමණිය ගී තනු සහ නාදරටා නිර්මානයන්හී සඵලතාවයයි.

ගායනශිල්පි මිල්ටන් මල්ලවාරච්චි ගීතාවලිය ඔප්නංවන්නට ඔහු විසින් පෑ දායකත්වය හුවා දක්වන ගී යුගළයකි මේ


ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා...........

යලි ඔබ සවනේ නොරැඳි නොඇසි ....

සුළගේ මිලින වුනාවේ ..................

සඳ උතුරා ගංගාවේ ...........

ඔබේ රුව දෝ මැවුනේ ...................

----------------------------

මෙතැන්න සවන්දෙන්න

--------------------------


1979 තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ සම්මානනීය ’හඳයා’ සිනමාපටයේ ළමුන් විසින් ගැයූ ගී ද්විත්වයද, ඔහුගේ රූපවාහිනි ආගමනයෙන් අනතුරුව නිමැයුනු ’සැකිළී රූ’ රසගුලාවේදී ඇසුණු ගීතයන්හිද සත්සර නිර්මාණකරුවා ද සෝමපාලයන්මය.


01 කවුරුද කවුරුද දැන් ලොක්කෝ ......

   අපිමයි අපිමයි දැන් ලොක්කෝ................


02 සිගිති ලොවේ හුරතල් හඳයා .......

    සිහින රටේ සිට ආ හඳයා ...........

    ළපටි සිතුම් හඳුනන හඳයා .............

    අදත් හෙටත් හිනැහෙයි හඳයා....................


03 මුහුද මගේ ගොඩබිමයි .......

නැව මගේ නිවසට සමයි...

සියඵ සතුන් මගේ තමයි...

දොස්තර හොඳහිත මමයි...


විකපිඩීයා වෙබ් අඩවියේ ලියැවි ඇති පරිදි, සියවස් පහක  අධිරජ කිරීටයෙන් ලක්මව නිදහස ලැබු දිනය ගතවෙද්දී ඇයගේ ඇකයේ ඔහු තෙමස් වියැති බිළීඳෙකි. අගනුවර සිට කඳුරට පුරය දක්වා අධිරද යුගයේ ඇරුණු මාවතේ මහාකඳුහෙල් ගිරිදුර්ග පෙළ අවසන් වු වහාම මුණගැසෙන්නේ ’සෝමපාල’ ඇතුඵ පිරිසගේ ජාතභූමියයි. එතැන්හි සිට ගව්වක පමන දුරින් මහවැලි නදියෙන් එතෙරව මද දුරකින් ඒ මාවත අද්දර පිහිටුවා තිබුනු ’එම් ජී පී’ අක්ෂර ත්‍රිත්වයෙන් සැම දැන හැඳිනගත් ’කලායතනයේ’ ඔහු ස්වර සප්තකයේ’ මහිමය හැදෑරිය. ඒ පියස ’වික්ටර් රත්නායක’ නම් වු මහරු සංගීතවේදියාද ගුරුහරුකම් ලැබු බිමයි. 



අගනුවර වෙත පසුකලක පිවිසි ඔහු ’සිලෝන් සිම්පනි’ සංගීතසමූහයේ සාමාජිකා බර්ගර් ජාතික ජෝයිස්’ මහත්මියගෙන්ද, ආර් ඒ චන්ද්‍රසේන, එම් කේ රොක්සාමි, ප්‍රේමසිරි කේමදාස යන ප්‍රවිණයන්ගෙන්ද බටහිර සංගීතයේ ශීල්පියක්‍රම ප්‍රගුණ කරන ලදුව ’ෂෙලෝ’ වාද්‍ය භාන්ඩයේ තත් හැඞවීමේ ශිල්පයේ නිරත විය. 

’හඳයා’ ගෙන් පසුව දශක දෙකක තරම් කාලයකදී සිනමාකෘති සියයක පමන සංගීත මෙහෙයුම් කර්යභාරයේ නිරතව සිටියද, ඒවා බොහොමයක් ඔහුගේ පෙරකී ගුවන් විදුලි ගීතාවලිය තරම් පරසිඳු වුයේ නැති බව පෙනීයයි.


අරුන්දතී තාරකාව සේ දිළී දිළී ........

නුවන් පෙති විඩා බලා හිඳ සැලී සැලී .........

බ්‍රහස්පතී මැනික් යොවුන් සිත් බැඳි බැඳි .......

දවස්පති රුවින් සිනාසෙයි නැගි නැගී .................


-------------------------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------------

විවිධ නිෂ්පාදකරුවන් විසින් හැඩගැන්වූ සංගීතමය ප්‍රණිතාංගයන් වෙත දායකත්වය ලබාදී, එයින් අමයුරු ගී පෙළක් ලක් දනන් වෙත දායද කරන්නට ඔහුගේ ඉරණම් ප්‍රතිභාව ඉඩකඩ ලබාදුන්නේය. වරෙක ඔහු ගී අරුතෙන් කියැවෙන පණිවුඩය වඩාත් දියුනූ තියුණූ කරන්නට, විසල් ගණනක වාද්‍ය භාන්ඩ සංකලනයක් යොදා ගන්නට උත්සුක විය.


නිදහස් අදහස් දැයට හොවා .................

නිවහල් සිතිවිලි බසට කවා ................

දෙසබස රැස වැඩු නියාමක වී..............

ජන යුගයේ ජන යුගයේ ....................

----------------------------

මෙතැනින් අසන්න

------------------------


කුංකුම අංජන චන්දන තවර රංජනී සිනාසුනා......

නළළ පුරා තිලකය තියලා මට ආදර බස්දුන්නා ......

මා හද සනසන්නී බැඳි ආලය පවසන්නී............


එක්තරා දිනයක රූපවාහිනි ’නන්දන වින්දන’ රූ සරණියේදී ළබැඳි ගායන මාධූර්යය ’මිල්ටන් මල්ලවාරච්චි’ ගයද්දී, තනු සහ සංගීත නිර්මාණය නාමාවලිය යටතේ තිරයේ ඇඳුනේ ඔහුගේ නමයි. එය මිල්ටන් ගීතසමුච්ඡයේ අතිශය ආකර්ෂනීය ගී මුතුකැට අතරට එක්ව තිබිණ.


සිහිනෙන් ඔබමට පෙනෙනවනම්..........

අවදි නොවි ඉන්නම් ..........

කිසිදා ඔබේ අත නොලැබේනම් ...........

හැමදා තනි වෙන්නම්..................


කැසට් පටයකින් ශ්‍රවණය වු වේගරිද්ම සංගීතය ගැබ්වු මිල්ටන් ගීතයකට මුල් වූ ’ගුවන් විදුලි’ සරළ ගීතයේ දී සාම්ප්‍රදායික බටහිර සංගීත ආරෙන් මිදි ඔහු හඞ අවදිකළේ ද සෝමපාල රත්නායක සංගීතවේදියාගේ මියුරුනාදරටාවන් වෙතටය.


රණබර ඉඳුදුනු සිතුවම් වෙලා ........

බිගුරැස් මල්පෙති මතමත් වෙලා ..........

වසන්තේ උදා වුනා .................


----------------------

ගුවන් විදුලි පිටපතට සවන්දෙන්න

---------------------

භාව ප්‍රකම්පිත ගී හඞ අවදිකරන්නියන්ගේ ප්‍රමුඛ සාමාජිකා ගුවන් විදුලි ගායිකා ආචාරිනී නිලා වික්‍රමසිංහ ගේ ගැයුමකට හදකිතිකවා දැහැන්ගතකරවන මියැසි රටාවක් එක්කරන්නට තරම් ඔහු බුහුටි වුයේ ඊට නියම අව්‍යාජ ගුවන් විදුලි ගීතයක හැඩතල අත්කරදෙමිනි. ඒ ඉහත ගීතාවලිය හා සමකාලීනව 70 දශකයේ මධ්‍ය භාගයේදීමය.

වෙනෙකුගේ දුක් පීඩා වෙනුවෙන් ..........

ගුවන් විදුලි ගායිකා පරපුරේ 70 දශකයේ පහන් කන්ද මත දිදුළ පහන් තරුව බඳු ආචාර්ය නන්දා මාලිනී ගුවන් විදුලි නිර්මාන වෙත නාදසංකලන මුසුකරදෙන්නට වරෙක ඔහු ඉදිරිපත් විය. එහි ඇයගේ  70 දශකයේ ගුවන් විදුලි ගීතාවලියේ ඇයගෙන් පරිබාහිර සංගීත සංයෝජනයන් සහ තනු වලින් විනිර්මුක්ත වූ අතළොස්සක් වු ගීත අතර නොමැකෙන සිහිවටනයක් බවට පත්විය.


දනිම් හැඳින්නෙමි හිමි සඳිනේ ................

ඉරත් ඔබට මට සඳත් ඔබට මට මවත් ඔබය මට ............

හිමි සඳිනේ ..................


------------------------------

ප්‍රේමකිර්ති ද අල්විස් නම් වූ සුන්දර නිර්මාණකරුවා වෙතින් ගීත රචනා ප්‍රවාහයක් එකවර මතු වි නැගි ගලා ගියේ 70 දශකයේදීය. ඔහු 1969-1982 අතර කාලයේ දී ගුවන් විදුලියට ටද වෙළඳ ගී තැටි සඳහා මෙන්ම සිනමාවටද එකවර අතිවිශාල ගී සංඛ්‍යාවක් රචනා කළ අතර ඒවා අතර රසිකයන් විසින් ආදරයෙන් නොවැළඳගත් ගී තිබුනේනම් ඒ අතක ඇගිලි ප්‍රමාණයකය. සංගීතවේදී සෝමපාල රත්නායකගේ නෙතට ද ප්‍රේම් ගී රචනා නිරන්තරයෙන් ගැටෙමින් තිබුනු අතර ඒවා ඔහු අතින් මධුර ගී කාව්‍ය ලෙසින් රූපාන්තරනයට ලක්විය.


සමන් පොකුර මැණික් කැටය .............

හංස දේණුවේ ..........................

මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ .................

මිනිස් ළඳකි ආදරයෙනි ඔබ ලග ඉන්නේ ................

සුරංගනා කථා වලින් පළක් නැත ප්‍රීයේ ....

බඳුරු ඝටය කප්රුක හද උයන් තුළ තියේ

අඳුර තරම් ..එළියක් ආදරයෙන් පිරිළයේ ...


තව කොතනද කියනු මැනවි හැගුම් ඉදිරියේ ...................

රතැගිලි තුඩු රන්මුදු ලා මොටද සරසවා ....

මහමැදුරක දොරටු තුලින් පිවිසි රෑ දිවා ...

ධන සම්පත් පිරි ගෙයක් පළක් ලොව නැතේ...

ආදරයෙන් අමතනු මැන එයම මට ඇතේ .....


--------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

සිංහල සංගීත ලෝකය විචිත්‍රවත් කරනු වස් මතු දැක්වූ කමණීය ගීතාවලියට අමතරව තවත් බොහෝ ගීත නිර්මාණය කරදුන් ’සෙලෝ’.. වාද්‍ය ශුරී සෝමපාල රත්නායකයන් ’70’ වසරක ජීවන චාරිකාව’ නිමාකරමින් 2017 වසරේ ජූලි 18 දිනදී මෙළොව හැර ගියේය.


Wednesday, May 3, 2023

Premasiri Khemadasa - Pandith Amaradeva Creations

 ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - පන්ඩිත් අමරදේව ’පිරිත්’ ස්වරමාලාවේ ඇසුර ලබමින් .......................................  ඔබව දැහැන් ගත කරයි .....1965-1978


සිම්පනි එනම් සංධවනි ලාංකීය සංගීත රසිකයන්හට එතරම් හුරු පුරුදු නොවන බවක් පෙනෙයි. අගනුවර සහ ප්‍රධාන නාගරික පදෙස් අවට දිවිගෙවන රසිකයන් මෙන්ම විදෙස් ගත ව පෙරළා සපැමිනියවුන් එවැනි සංගීත රසයන් කරා ඇදුනද නගරයෙන් දුර බැහැර බහුතර ගීත ලෝලීන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. 










ශ්‍රී ලංකීය සංගීත ක්‍ෂේත්‍රයේ සංධවනී නිර්මාණය කර සංදර්ශන පැවැත්වූ එකම සංගීතඥයා ලෙස ඉතිහාස ගත වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් බව නොදන්නෙක් නැත. ඔහු අඩසියවස් කාලයකට පමන පෙර 1967 වසරේදී පළමුවරට ’සිංහල අවුරුද්ද’ නමින් සංධවනියක් ඉදිරිපත් කරන්නට යෙදුනු අතර එය පසුව 70 දශකයේ දී එක්තරා වෙළඳ ආයතනයක ලේබලයක් යටතේ තැටිගත වී වෙළඳ පොළට පැමිණියේය.

එහි අඩපැයක පමන කාලයකට කැටි වූ සංගීත ඛන්ඩයක් අඩංගු ව තිබුනු අතර ඒ වාද්‍ය ඛන්ඩ පසුව ලංකා ගුවන් විදුලි වැඩසටහන් වල ’තේමා’ සංගීතය ලෙස යොදගන්නා ලදුව නිරතුරු අදාළ වැඩසටහන විකාශය වෙද්දී වාදනය කරන්නට යෙදුනි.

පසු කාලීනව දිවයිනේ ප්‍රමුඛතම සංගීතවේදීන් බවට පත් වූ සරත් දසනායක, රෝහණ විරසිංහ, ඩී ඩී ගුණසේන, වැන්නන් පෙරකී සංධවනියේ වාද්‍ය ශිල්පීන් ලෙස සහභාගී වී විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් අත්කර ගත් බව කියැවේ. 

සංධවනියක් යනු කිම ? මසැසින් නරඹන දසුන් ද දෙසවනින් සවන් යොමන සංවාදයක් ද දැන අවබෝධ කරගැනීම පහසුය.භාෂා මාධ්‍යය හඳුනන්නේ නම් වටහා ගත හැක්කේ නම් එවිට එහි අරුත ශ්‍රාවකයා නිරායාසයෙන්ම හඳුනාගනී. නමුත් සංධවනියකදී සංගීතඥයා ගේ මනසේ ඇඳෙන රූප දසුන් ඔහු හොඳින් ප්‍රගුණ කර ඇති සංගීත ස්වර භාෂා මාධ්‍යයක් ලෙස උපයෝගී කොටගෙන එයින් ශ්‍රාවකයාට කිසියම් පණිවුඩයක් සංනිවේදනය කිරීමයි. ඒ අනුව එයින් කියැවෙන පණිවුඩය ශ්‍රාවකයා දැන හැඳින ගත්තද නොගත්තද ඔහු ද ඔහුට ආවේනික රූප දසුන් සිත්හී මවාගෙන එයින් දැහැන්ගතව කිසියම් වින්දනයක් ලබන්නේය. 

මෙහි වැයෙන ’සිංහල අවුරුද්ද’ හිසින් යුත් වාද්‍ය ඛන්ඩ මාලාව අවධානයෙන් රසවිඳිමෙන් එහි වැයෙන්නා වු විවිධ සංගීත භාන්ඩ සහ ඒවයේ ස්වර රටා පළපුරුද්දෙන් පුහුණුවෙන් අවබෝධකරගැනීමෙන් එයින් සංනිවේදනය කරන්නට යන අදහස ගැන අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ශ්‍රාවකයා විසින් අත්කරගෙන ඇති සංගීත ඥානය ඔහුගේ වින්දන ශක්තිය මතය.

මෙවැනි සංධවනී වලට සවන් යොමා දෙසවන හුරුකරගත්තවුන් හට ’සංගීතය’ නම් විශ්වීය බසේ තම නිම්වළලු පුඵල් කරගෙන එහි සරළ සංඝටකයක් වූ ’ගීතය’ වඩාත් අර්ථසම්පන්න ලෙස දැන හැඳින අවබෝධකරගැනීමේ හැකියාව ලබනු ඇත්තේය. ගීතය ’අන්තර් වාදන’ සංගීත ඛන්ඩ වෙතින් සංගීතඥයා කුමක් අදහස් කරන්නේද යන්න ශ්‍රාවකයා හැඳිනගත්තේ නම් මුලින් කී ශීල්පියාගේ ප්‍රයන්තය අපතේ නොයයි.  

අවසනාවකට ලාංකීය ශ්‍රාවකයන් අදටත් එදාටත් දෙසවන හුරුකරගෙන ඇත්තේ ගීයක  පදමාළාව විමසා බලා පිරික්සන්නට මිස එහි ස්වරසංකලනයෙන් සංගීත සංයෝජනයෙන් කියැවෙන අදහස පිළීබඳව නොවේ. 

’70 දශකයේ’ නිකුත් වූ මෙම සංධවනී මාලාව රැගත් වෙළඳ තැටියේ කංචුකයේ සඳහන් ව ඇති සටහන මෙම ’සිංහල අවුරුද්ද’ නම් වූ සංධවනියේ එක් එක් සංගීත ඛන්ඩය වඩාත් හොඳින් හැඳිනගන්නට ඉගි සපයනු ඇත.

1979 තිරගත වූ ’වීර පුරන් අප්පු’ සිනමාපටයේ පසුබිම් සංගීත රටා නිර්මාණය භාරවුයේ ද කේමදාසයන්හටය. ඔහු විසින් ඊට දශකයට පමන පෙර පිළියෙළ කල ’සිංහල අවුරුද්ද’ සංධවනියේ වැයුනු එක්තරා සංගීත ඛණ්ඩයක් එකී සිනමා පටයේ කුඩාපොළ හිමි ඇතුඵ කිහිපදෙනෙකු ගේ විහාරස්ථාන ආශ්‍රීත ජවනිකා පෙළකට පසුබිම් වාදනයක් ලෙස භාවිත කරන්නට යෙදිනි. ඉතා සංයමයෙන් සිතාරයෙන් සහ බටනලාවෙන් වැයෙන ඊට තාලවාද්‍ය භාන්ඩ ඇතුළත් නොවේ.



(ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1967 පමණ පටිගත කරනු ලැබු සංධවනීයක ’සිංහල අවුරුද්ද’ ලෙසින් නම්කෙරුණු සංගීත පර්ච්ඡේදයෙන් මෙම නාදරූපකාව්‍යය උපුටා ගැනිනි. මෙහි ’සිංහල අවුරුද්ද’ මියැසි බසින් ඔබට කියාදෙයි. මෙම හඞ පටයේ විනාඩි 4 තත්පර 20 දී ඇරඹෙන්නේ ’හිස තෙල් ගැමේ’ චාරිත්‍රයයි’. එහි මතු වි නැගෙන්නේ රුවන් සුතුරේ නාදමාලාවයි.  මෙම භාරදුර කර්තව්‍ය සඳහා අතිවිශාල වාද්‍ය වෘන්දයක් සහභාගී වූ බව කියැවේ සංගීතඥ ’සරත් දසනායක’ ද මෙහි සිතාර් වාද්‍ය වෘන්දය නියෝජනය කළබැව කියැවේ.

---------------------------

මෙතැනින් සවන්දෙන්න
----------------------------

මෙකී සංගීත ඛන්ඩයට ඉතා සමිප නාදමාලාවක් ඔහු විසින් සංගීතවත් කරන්නට යෙදුනු තවත් සිනමා පටයක් වූ ’විමලදාස පෙරේරා’ ශූරීන් ගේ’ ’සමනල කුමරියෝ’ හි ගැයෙන තේමාගීතය වෙනුවෙන් ඔහු භාවිතා කරන්නට යෙදිනි. ඒ ගීතය ගැයුවේ මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි සමගින් තවත් ගුවන් විදුලි ගායිකාවක් වූ ’නාලිනී රණසිංහ’ විසිනි. මේ 1972 වසරයි.


සුමන සමන් දෙවි විමන කෙරෙන් එන ...................

ගිමන නිවන මහිමේ ....................

සුමුදු උදෑසන මුණිපා නමදින ...............

සමනල කඳුවැටියේ ....

පාමුල පිහිටි මනා .....

සමනල ගම සොබනා .....

---------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

මෙකී සංගීත නිර්මාණද්වයෙන් ඔහු පර්යේෂනාත්මකව සිදුකල කටයුත්ත කුමක්දැයි සුභාවිත සංගීතයට දෙසවන් හුරුකරගත් ශ්‍රෘවකයන්හට දැන හැඳිනගන්නට අපහසු නොවන බව නිසැකය.

සංගීත ඛන්ඩයත් ගීතයත් ආකෘතියෙන් සර්වසම වෙයි. එය සිංහල බොදු සංස්කෘතියට ඉතා සමීපය.  බොදු ආගමික මෙහෙයන් හි නිතර නිරත වන සංගීතලෝලීන් ඊට කේමදාසයන් විසින් ගුරුකොට ගත් මූලික නාදමාලාව කුමක්දැයි හඳුනාගනු ඇත.

එය අන්කවරක් හෝ නොව බොදු ’මහපිරිත්’ දේශනාවන්හී පැණෙන සුවිශේෂී පිරිතක් වූ ’රතන සුත්‍රය’ යි.  සර්වරාත්‍රීක පරිත්ත දේශනාවන් හට සවන් යොමා ඊට දෙසවන හුරුකරගත්තෝ හට මැදියම් රැය එළඹෙන යාමයේ නිහඞ නිසසල නිශා යාමය සසල කරවමින් නිවුනු සංයමයෙන් ශාන්ත ස්වරයෙන් එය සජ්ජායනයේ යෙදෙන සගගන සමූහයා සිහියට එනු ඇත.


යානිධ භූතානි සමාගතානී .............

භුම්මානිවයා නිවහංතලික්ඛේ...............

තථාගතං දේව මනුස්ස පූජිතං ................

බුද්ධං නමස්සමා සුවත්ථි හෝතු ..................

යේ ඛීණ බිජා අවිරුහිඡාන්දා ....

නිබ්බන්ති ධීරා යථායං පදිපෝ .........

ඉදම්පි සංඝේ රත්නං පනිතං .............

ඒතෙන සජ්ජේන සුවත්ථි හෝතු ...................


ආදි වශයෙන් එකසිරුවට හෙමින් ඇදීයන ස්වරයෙන් ’රතන සුත්‍රය’ සජ්ජායනය වෙයි. 

කේමදාසයන් ගේ උක්ත නිර්මාණයන්ට පෙරාතුව බොදුණුවන්ගේ ’පරිත්ත’ සඡ්ජායනාවන්ගේ ඇසුර ලබමින් නිර්මාණකරණයේ යෙදුනේ ’පන්ඩිත් අමරදේව’ විසිනි. ආචාර්ය ලෙස්ට්ර ජේම්ස් පිරිස් ගේ ’රන්සඵ’ සිනමා සිත්තම අරභයා ’මහගම සේකර’ විසින් පෙළගැස්වූ සිරිපා නමස්කාර බැති ගී වදන්, අමරදේවයන් ගේ සුපැහැදිළි හඞින් නිවුනු ස්වරයෙන් ගැයේ. ඒ ගී දැහැනට සමවදින, සවන පුරුදු පුහුණු කළ ශ්‍රාවකයා ගේ සිත පහන් වී නිවිසැනසෙයි.  නිසොල්මනේ සිරිපා අඩවියෙන් කෙමෙන් පහළ ගලා බසින සිගිති මහ වාලුකා නදි තමෝ  මෙන්  ඔහුගේ  ගී හඞ රැව්  පිළිරැව් දෙයි. 


සිරිපා පියුමේ රොන් සුණු තැවරේ.................

ගිමන් නිවන පහන් හමා ඒ ....................

නිවි පහන් වී ළය සැනහේ ............

නිවන් දොරට මග පානා ................

සමනොළ රන්කොත මුදුනේ .............

බැන්ද වියන් සේ ..........

අරුණු වළා රන් සඵ පැටලේ .....................

හද කිමිදී ලොව්තුරු සුවයේ ...............

-------------------------


1978 වසර ශ්‍රි ලාංකික බොදුනුවන්හට සුවිශේෂි මතක සැමරුම් ඉතිරි කොට තැබු වසරකි.  එවකට භාරත දේශාධිපති අගමැති ’මොරාජි දේසායි’ ද එහි නියමුවා බවට පත් වි වැඩිකාලයක් ගත වි තිබුනේ නැත. ඔහුගේ ආසිරිවාදයෙන් කපිලවස්තුපුරදී කැණිම් කොට සොයාගත් බුදුන්වහන්සේගේ සර්වඥ ධාතු මුල්වරට මෙහි වැඩමවන්නට එවකට මෙහි අභිනව පාලකයන් සමත්විය. සංස්කෘතිත අමාත්‍ය ධුරය හෙබවූ ඊ ඇල් බී හුරුල්ලේ මහතා විසින් ගුවන්තොටුපළේ විශේෂ යානයකින් එය මහත් ගෞරව පූර්වකව හිසමත තබා වැඩමවූ අනතුරුව දිවයින පුරා දසත පැතිරුනු ප්‍රසිද්ධ සිද්ධස්ථානයන්හිදී එය ප්‍රදර්ශනය කරන්නට යොදුනු අතර ඒ හැම ස්ථානයක ඉතාදිගු පෝලිම්වලට එක්වූ බැතිමතුන් මහත් ශ්‍රද්ධාබැතියෙන් ඊට නමස්කාර කළහ.

ඒ අවට නගර ආශ්‍රිතව නිතර ඇසුනු බොදුගීයක් එදා ශ්‍රාවකයන්හට එතරම් හුරුපුරුදු නොවුනද බොදුගී ගායනයේ නිපුන අල්හාජ් මොහිදීන් බෙග් ගේ හඞ මුසුවූ එහි භක්ති රසය නොඅඩුවම ගැබ් වී තිබිනි.  


සකල සතම බොදු බැතියෙන් ........

නමදින සුරහැර හැම බේදේ ...........

සුගත තථාගත ලෝක සිවංකර ......

සම්බුදු සිරිපාදේ ...................

සිරිපාදේ ........සිරිපාදේ .......හා හා ...සිරිපාදේ ....

දිවංගත කරුණාරත්න අබේසේකරයන් ගේ සාහිත නිර්මාණයක් ව,සංගීතවේදි නැසිගිය එම් කේ රොක්සාමි ගේ නාදමාලාවකින් ඔප් නැංවූ එය එවකට දිවයින පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුනු ’බොදු තේමාවක්’  

රැගත් ’ශ්‍රී පතුල’ සිනමාපටයේ තේමා ගීය විය. පන්ඩිත් අමරදේවයන් ගේ බොදු පාලී ගාථාපාඨ සජ්ඡායනයේ අසමසම මහිමතාව විශිෂ්ඨතාවය පිළිඹිබු වන ’සිරිපතුල’ සිනමාපටයේ දී, ඔහුගේ හඞින් බොදු ජනතාව බුදු සිරිපා සටහන නමදීමේදී මුවට නංවන ’ශ්‍රි පාදලංචන ගාථාව’ ගැයෙයි.


යං නර්මාදිය නදියා ...............

පුලිනේචතිරේ ...................

යං සච්චබද්ද ගිරිකේ .............

සුමනාජලග්ගේ ....

යං සත්ථ යෝනක පුරේ ........

මුනිනොචපාදං .........

තං පාද ලාංජන මහං .....

සිරසා නමාමි...........

--------------------------

මෙතැනින් සවන්දෙන්න

----------------------------

සිරිපතුල සිනමාපටය උදෙසා ’බෙග්’ මාස්ටර්  විසින්  ගයන තවත් ගීයක පදසංකලනයෙන් අබේසේකරයන් බොදුනුවන්ගෙන් පැණයක් විමසයි. 


මිනිසාමයි ලොව දෙවියන් වන්නේ .........

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...............

ඇසින් දුටුදේ බොරුවි නෙයෙයිදෝ ..........

දෙකනින් ඇසූ දේ නොවේ ....................

තන්හා පොදි ගසා ................

තව කෙනෙකුන් නසා ..........

මොනවද අවසානේදී අරගෙනයන්නේ ? ...................


බුද්ධ වර්ෂ 2566 වෙසග පුන්පොහෝ දින ඒ අසිරිය අත්විඳින ගී ශ්‍රාවක ඔබ සැමගේ සිත් නිවි පහන් වේවා.......................