දෙරණ තල දෝවා අරුණැල්ලේ නාද දුන් නීල කොබෙයි පවත..................... ස්වර්ණවර්ණ එදා ගුවන් විදුලිය....1975
රුහුණු කුමාරිය සුපුරුදු ලෙස දිනපතා මාතර පුරවරයෙන් හිමිදිරියේ පිටත්වෙයි. යොවුන් පෙම්වතුන්ද පෙම් සටනින් ජයලද්දෝද එදා මෙන්ම අදද හෙටද එහි නිරතුරු ගමන් කරනු ඇත.
එසේම අඩසියවසක යුගයකදී බොහෝ දේ විපර්යාසට ලක්වී ඇත්තේය. නව තාක්‍ෂණය උපකරණ ආකල්ප අදහස් සිතුම් පැතුමි මේ සියල්ලම එසේය. ඔවුන් අතරැුඳි ජංගම දුරකථනය වෙත නිරන්තරයෙන් නෙත්යොම සිටිමින් ඇතැමුන් යුහුසුඵව මාපටැගිලි ඒ මත චලනය කරවන්නේ නොයෙක් ආකාරයේ වෛවර්ණ චලන රූප මෙහෙයවමින් ක‍්‍රිඩා කරන්නටය. සවන්පත් වසාගත් උපකරණය ඊට නිතිපතා සම්බන්ධ වේ. එදා මෙන්ම අදද නෙකාකාර දසුන් කවුඵ අතරින් ඈත් මැත් වෙද්දී කිසිවෙකු හෝ ඒ දෙස හිස ඔසවා නොබලන්නේ දුරකථන තිරයේ දිස්වන දෑ සියලු දසුන් පරදා ඔවුන්ගේ නෙත් පැහැර ගන්නා නිසා වන්නට ඇත.
පරිසරයේ සිරි අසිරිය විඳගන්නට එය නෙත් රසඳුන් කරගන්නට ඔවුහු ප‍්‍රිය නොකරනා සේය. තාක්‍ෂණය විසින් ඒ සියල්ල ඔහුට ඇයට අහිමි කර ඇති සේය.
අඩසියවසකට ආසන්න යුගයක දුර අතීතයේ දිනක රුහුණු කුමාරි ඇකයේ සැනහෙමින් අගනුවර කරා පියමං කරන යොවුන් පති පතිනි යුවළකි. එදවස ද දිනකර මෙදවස මෙන් කවුඵ අතරින් එබි බලද්දී ඔහු හිමිදිරි අරුණෝදයේ රුසිරු දසුන් වින්දනය කරයි. ඇය හිස මත දැඩි බරක් වගකිමකි. තවත් හෝරා කිහිපයකින් ඇය සිය දිවියේ සුවිශේෂී අත්දැකීමට මුහුණ පාන්නට සැරසි සිටින්නීය. එහෙත් ඒ කාර්යය නිසි ලෙස ඉටුකරගන්නට හැකිවේදෝ යන සිතුවිල්ල ඇයගේ මනස කළඹාලයි. ඇය ඊට මනාලෙස තවමත් සුදානම් නැත. අගනුවරට පිවිසෙන්නට පෙර ඉටුකරගතයුතු සම්පුර්ණකරගතයුතු කාර්යයක් අසම්පුර්ණය. අභියෝගය සුඵපටු නොවේ.
රුහුණු කුමාරිය පෙනෙන දුරින් රළ රැුළි නංවන සිඳු නාදය පරදවා සිය ඝෝෂාව නංවයි. ජීවන චාරිකාව ද ඇයගේ චාරිකාව ද එකළෙසය. නැවතුමක ගිමන් හරින්නට සැරසි ඇය කෙමෙන් නිසලවෙයි. යළි හඞ නංවයි.
ඔවුන් මෙසේ අරුණෝදයේ කඵ සෙවනැළි මෑත් වන්නටද පෙරාතුවම රුහුනු කුමාරි දුම්රියේ අසුන් අරා අගනුවරට සේන්දු වන්නේ ඇයට තැපෑලෙන් ලැබුනු ලිපියේ සඳහන් කාර්යාලයටය. එය එදවස අයෙකුට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකට සම්බන්ධ වනු පිනිසය. දිවයිනේ ඇති එකම විද්යුත් මාධ්‍යායතනය වු එය ’ලංකා ගුවන් විදුලියයි’. ලක්දිව පුරා අධිපත්‍යය පතුරාලු ජනතාවට වඩාත් සමීප රාජ්‍ය ආයතනය වු එහි එක්රොක්වන්නට සිහින මවන්නෝ මහත්ය. ඒ අතරින් ගැයුමෙන් වැයුමෙන් හඞ අවදිකිරීමෙන් රංගනයෙන් අසමසම දස්කම් විස්කම් පෑවෝ පමණක් එහි පියනගන්නට වරම් ලබයි. ඒ දුලබ හිමිකම ලද්දෝ තමන් දිවයිනේ වඩාත් වසනාවන්තයෝ ලෙස සළකති.
ඇය කලාන්තරයක් පුරා සිහින මවමින් පෙරුම් පුරමින් සිටි ’සරළ ගීත ගායනා’ වැඩසටහන වෙත දොරටු විවර කර දුන් කැඳවිම් ලිපිය ලද ඇයට පස්වනක් ප‍්‍රිතියෙන් පිනා යන්නට වරම් නොවීය. ඇයට එහි ගායනා කරන්නට නියමිත ගීත සතරකින් එක් ගීතයක ’තනුව’ පමණක් ඇය සතුය එහි තාලය පමණක් ඇය මනාව ප‍්‍රගුණ කර තිබුනද පදමාලාව අහිමිය. ඇයගේ හදවත යකුඵ පහර දෙමින් ස්පන්දනය වන්නේ එබැවිනි. තවත් සුඵ කාලයකින් ඇය දැන කියා ගත් ’තනුවට’ වදන් සම්පුර්ණකරගත යුතුමය.
පතිකුලයට පිවිසි නවකයන් වූ ඇය සිය සැමියා කැටිව හිස ගිනි ගත් ලෙසින් දුරුරට පියමං කරන්නේ ඒ නිසාවෙනි.
ඔහු සිය බෑගයෙන් ගත් කඩදාසියක් මත කිසිවක් සටහන් කරනු ඇයට පෙනෙයි. වරෙක හිසරුවා කවුඵවෙන් එපිට තැනක ඔහුගේ නුවන් රඳවයි. යළි හිස පහත හෙළා කිසිවක් කඩදාසිය මත කුරුටු ගායි. පෑන් හිස දෙතොල් අතර රඳවයි.
හිරු සිය සුපුරුදු චාරිකාව අරඹා ඇත. නිල්ල අතරින් අහස් කුස කරා පියඹා යන සියොත් ?න් සොඳුරු දසුන් මවයි.
අත රැුඳි පත සිසාරා ඔහුගේ සුරත දිව යනු ඇයට පෙනෙයි. එහි මුතු අකුරින් වදන් වැල් මතුවෙයි. රුහුණු කුමාරිය සිය ගමනින් අඩක් නිමවා ඇති සේය. උකුල මත රුවා ගත් පතෙහි පදවැල් පේළී මාලා එක්තැන් වෙයි.
ඔහුගේ මුහුනේ ඇඳි මන්දස්මිතය ඇයගේ කැළඹුනු සිත නිවාළන පවන් රොදක් බඳුය. දුම්රිය අගනුවර පෙනෙන මානයේ ඇදීයද්දී ඔහු සිය සුරත රැුඳි පත ඇයගේ උකුල මත තබයි.
’කියවන්න .............’
’ආ....නේ .. හරිම ලස්සන කවියක්................. ’
මාතර සිට කොළොම්පුරය දක්වා සැතැපුම් සියයක දුරකදී දුම්රිය කවුඵ දොරින් නෙත ගැවසුනු දසුන් අකුරු වැල් බවට පත්වී එහි අපූරුවට පෙළගස්වා තිබිනි.
සීත දියරැුල් සලා .........................
පියුම් පිපුනා බලා ......................
දෙරණ තල දෝවා අරුනඵ දේ ....................
සියොත් කැළ නාද දේ .......................
දෙරණ තල දෝවා නැගි අරුනඵ හමුවේ හදගැස්ම සමනය වී සැක සංකාවෝ පහවී ගිය සේය. තවත් හෝරාවකින් දෙකකින් තම ගායන දිවියේ මුහුණදෙන්නට නියමිත තවත් කඩඉම අභියෝගය ජයගැන්ම උදෙසා ඊට එරෙහිව නැගි බාධක දුරු වි ගොසිනි. තවත් නොබෝ දිනකින් එය සිරිලක අහස් කුස සිසාරා ඇසෙනු ඇත. තවත් සොඳුරු නිර්මාණයකින් ශ‍්‍රාවක සිත් සැනහෙනු ඇත.
කලක් ගත වී එක්තරා දිනක නිශා යාමයේ තැන්පත් ස්වරයෙන් කියැවුනු ගුවන් විදුලි නිවේදනයකි.
’මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල පළමුවෙනි සේවයයි................’
මෙතැන් සිට ’සරළ ගී’ , අද සරළ ගී වැඩසටහන ආරම්භ කරන්නේ ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානී බෝගෝඩ ගැයු ගීතයකිනි................’
මේ ගීතයේ පද රචනය ’ධර්මදාස පරණගම’ සංගීත නිර්මණය සංගීතවේදී චන්ද‍්‍රසේන බෝගෝඩ ..............’
කල් බලන් සිටිය බඹරින්දා ....
විල්තෙරින් හමන මදනළ හා ...........
මුසුව ගිය රත් දෙතොල් පොපියා .....
හාදු දී මා දිහා බැලුවා .................
විල්තෙරේ රේණු සුකුමාලා ...
රත්පියුම් රේණු මා දැකලා ....
--------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------
Embed Music Files - Share Audio -
තවත් කලක් ගතවිනි මේ 1976 වසරයි. එක්තරා දිනකදී නිකුත් වුනු ’ගුවන් විදුලි මාසික වැඩසටහන් විස්තරය කැටි කොට ගත් එය සගරාවක් යැයි කිවනොහැකි නමුත් කඵසුදු’ තරමක් නොපැහැදිලි මුද‍්‍රිත අකුරු සහ සේයාරූ වලින් සමන්විත පත‍්‍රිකාවකි. එහි පසුපිටේ මුද‍්‍රිත උඩුකය සේයාරුව යොවුන් යුවතියකගේය. ඊට දකුණු පසින් ගීතයක පදපේලී හා එහි නිර්මාණ තොරතුරු මුද‍්‍රිතය.
නීල වරළ නීල කොබෙයියෝ ..................
මං ආදර නීල වරළ නීල කොබෙයියෝ .................
සිත වටකර පියාසලන.........
සිතට සුවඳ පවන්සලන ...................
උඩින් ගියත් බිමින් ගියත් .............
මගේ සිතින් ඉගිල නොයන්නේ ......................
අඳුර නිවෙන සොඳුරු සිහින ..................
ම වෙත ගෙනෙන්නේ .................
එරන් මාල එරන් තෝඩු ............
එරන් වළලු නැතෙයි පතන්නේ ........
අමාවකේ නිමා නොවන ....
සිනා බිඳක් රැුගෙන වරෙන්නේ .................
ගීත රචනය - ජී එච් කේ රත්නසිරි
සංගීත නිර්මාණය - චන්ද‍්‍රදාස බෝගෝඩ
ගායනය - ඉන්ද‍්‍රානී බෝගෝඩ
--------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------
ගීතය වාදනය කරන්නට පෙරාතුව නිවේදක තනතුර හොබවන්නා ගේ මුවින් ’ඉන්ද‍්‍රානී’ නාමය පිටවෙද්දී නිමේෂයක කලපරතරයකදී ශ‍්‍රාවකයෝ කුතුහලයෙන් මත්වී යතී. ඒ එදවස ගීත ලොවේ ජයදද බැන්දූ ’ඉන්ද‍්‍රානී’ තුන්කට්ටුවෙන් ඇය කිනම් සාමාජිකාවදැයි දැනගන්නා තෙක්ය. වරෙක ඇය ජ්‍යෙෂ්ඨතමයා වු ’ඉන්ද‍්‍රානී සේනාරත්න විය හැකිය (එදා ගුවන් විදුලියේ ඇගේ අනන්‍යතාවය හෙළිකළ පරිදි* හෝ පොප් වේගරිද්ම ගායිකාව වූ ’ඉන්ද‍්‍රානී පෙරේරා’ ද විය හැකි අතර ඇතැම්විට අධූනික ගායිකා ’ඉන්ද‍්‍රානී බෝගෝඩ’ ද වන්නට හැකිය.
සාලයේ දැවැන්ත රේඩියෝ පෙට්ටිය අසල ගැවසෙමින් සිටිනා ගී ශ‍්‍රාවකයන්ගේ කසුකුසුව මතුවෙයි.............
’අන්න අන්න ’සඳකිඳුරී මා .................. ’ යන්න හදනවෝ ...................... ආ නෑ.... නෑ ............... ’ඈත එපිට සඳවටකර තරු පායනවා ......... ද ? ඔබේ කටහඞ තාම මතකයි ... වෙන්න ඇති .... අනේ නෑ දෙන්නාම නෙවයි ඒ ඉන්ද‍්‍රනි බෝගෝඩ ගේ නේ ....................’
නිර්මාපකයා ගේ අනන්‍යතාවය සැගවී දශක දෙකක ඇවැමෙන් ඇයට ඔහු අහඹු ලෙස මුණගැසී පසුව මෙම නිර්මාණයට පාදක වූ නිමිත්ත ද ඔහු විසින් හෙළිදරවු කරන ලදී.
’එක් දිනක් මා නිවසට යන්නට රැුඳි සිටි බස්නැවතුමේ සොඳුරු වදනින් සන්තර්පනය වෙන යොවුන් යුවළකි. අපිළිවෙලට හිසපීරූ අවලස්සන කාල වර්ණ දේහයක් හෙබි ඔහු පැහැපත් සුන්දර වත කමලකින් හෙබි සිය අදරවන්තිය හා ළංවී බස් තෙපලමින් සිටී.
ගැමිජනවහරේ ’තැඹිලි ගෙඩිය මත වැසු කපුටා’ කියමන සරි ඇය ආදරය කරණ ’නීල වර්ණ නීල කොබෙයියා’ ගේ පවත බිහිවුනේ එයාකාරයෙනි.
1970 දශකය නම් වූ ලාංකීය ගීත කලා වංශ කථාවේ සකල යස ඉසුරු සපිරි ’දුටුගැමුණු’ යුගයේ ’ඉන්ද‍්‍රානී බෝගෝඩ’ නම් වු ගාන්ධර්ව යුවතියගේ ’ගී ස්වයංවරය’ එසේ සටහන් විය යුත්තේය.
එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් සටහන් පෙළ
ප‍්‍රභාත් රාජසූරිය
2019 උඳුවප් මසින් සතරවැනි දිනයේදීය.