namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, October 27, 2022

Melroy Dharmaratne with Shiromi Fernando

 එදා මෙන්ම හැමකල්හීම ළපැටියන්ගේ සිට වෘද්ධයන් දක්වා... අසනු මනා .....අහසින් පොළවට බට ගී පද රස විත..............


60 දශකයේ කණ්ඩායම් සංගීතය බිහිවු යුගයේ දොරට වැඩි ගායක කණ්ඩායම් ගණනින් පණහ ඉක්මවා ගිය බව කියැවෙන අතර එයින් අනතුරු දශකයෙන් ඔබ්බට පියනගා දසවසකට වඩා අයුවිඳි සංගීත කන්ඩායම් පැවතුනේ අතැගිලි ගණනකි. ඒ අතරින් ද සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න නියමු කාර්තව්‍යයේ යෙදුනු ඔහුගේ සහෝදරයන්ගේ කණ්ඩායම වු ධර්මරත්න බ‍්‍රදර්ස් කැපි පෙනෙයි. ඒ ඔවුන් අඩසියවස් ගණනක් ඉක්මවා අද පවා ආරාධිත සංදර්ශන වේදිකාවේ ශීල්ප දක්වන බැවිනි. 

ඒ නයින්  එකී කණ්ඩායමේ ගීත රසවිඳි එදවස ගීතලෝලීන්  මෙන්ම පසු පරම්පරාවන්හි එකී ගීත ශෛලියට පෙම්බැඳි රසික සහෘදයන් ඔහුව ගායකයෙකු තනු නිර්මාපකයෙකු සහ සංගීත සංයෝජයෙකු ලෙස හොඳින් හඳුනන්නේය. එහෙත් මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී ප‍්‍රබන්ධකයා ගැන දන්නෝ අල්ප සංඛ්‍යාත බව නිසැකය.

ඔහු. එදා ඔහුගේ සෙහේදරයන් වෙනුවෙන් මතුනොව, අවශේෂ ශීල්පීන් උදෙසා ලියු ගීත ද ගණනාවකි. ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක සත්සර නාදරටා නිමැයුම් ඔහු විසින්ම සිදුකරගන්නා ලද්දේය. එනමුදු, වෙනත් සංගීතඥයන් ද ඒ කාර්යභාරය ඉටුකළ අවස්ථා විරළ නොවේ. 

------------------------
ශිරෝමි මුල්වටයේ ළමා ගී ගැයු යුගය - 1969-1972 (අවු 09-12
---------------------

මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී සංකල්පනා මවන්නා පළමුකොට ධර්මරත්න බ‍්‍රදර්ස් ගායක කැළ වෙතින්ම හඳුනාගත හැකි වෙතත්, ඉන් පරිබාහිරව ඔහුගේ පබැඳුම් හොඳින්ම ගොණු වි ඇත්තේ එදා ළමා මෙන්ම වැඩිහිටි රසිකයන් ද මන්මත් කළ හුරුබුහුටි කෙළීලොල් ගී හඞකින් ඔවුන් ආමන්ත‍්‍රණය කළ ශිරෝමි ප‍්‍රනාන්දු ළමා ගායිකාව ආශ‍්‍රිතවය. 


බරසාර භාෂා භාවිතයෙන් මිදී, සරළ සුගම පද එක්තැන් කොට ඔහු ඇය වෙනුවෙන් ගී ලියාදුන්නේ ඇයට සවන්දෙන ළමා ශ‍්‍රාවකයන්හට ඒවා කිසිසේත් දුරවබෝධ නොවන්නට වගබලාගනිමිනි.



රස්සාවට ගොස් ඔහු එනවා ...............


මට සිනිබෝල හෙම දෙනවා ....


සෙල්ලම් බඩු ගෙනල්ලා දෙනවා ..........


මගේ තාත්තා හරිම හොඳයි....


මට රසවත් ආහාර කවලා ...


පාසල වෙත මෙමාව යවලා ..


රෑ වුනාම මා නිදිකරලා ...


නළවා දොයි දොයි කිව්වා ....

----------------------------------

 ----------------------------------


-------------------------
ආකාසේ රැුස් විහිදා ඉර පායා එන්නේ..... ආදරේ හිතෙනවා දැක්කම  - 1972 ගීත පටිගතකීරිම (වමේ - පී එල් ඒ සෝමපාල දකුණේ - නීල් රූපසිංහ)
---------------------
ඒ බාලළමාවරුන් සිය මව්පියන් ඔවුන්ගේ ලෝකයෙන් ඔවුන්ගේ ඇසින් දුටු ආකාරයයි. ඔවුහු පාසලේ පහළ ශ්‍රේණිවලදී ඔවුන් ගැන රචනයක් ලියා තබන්නේම් නම් එහි ඇතුළත් වදන් වැළ ඉහතින් වෙනස් නොවනු ඇත්තේය. යළිත් දිනක ඔවුන් සිය මිත්තණිය ගැන ලියනු ඇත්තේ කෙබඳු ලෙසද ? එහිදී අප ගීත ප‍්‍රබන්ධකයා නොදැනුවත් ව හෝ කවිසමයේ 
(මල්මද බිසව) වදනක් දෙකක් අතරින් පතර රුවාලන්නට උත්සුක වී ඇති බව පෙනීයයි

ආච්චි හැඩකාරි අපේ ගෙදරට සීදේවි ...............

දත්නැති කටමට පෙන්වාලා ..........

ආච්චි හිනහවෙලා ....

මල්මද බිසව වගේ ...

ලස්සන මුහුණ ඔබේ ...

රජකාලේ වුනු කථා කියන්නේ ..

ආච්චි හිනහවෙලා ....

-------------------------------

එහෙත් ඔහු නිරායාසෙයෙන්ම දුෂ්‍ය නොවු නැවුම් සිහිල් දියදහරක් බඳුවන් හදවත් ඇති ළපැටියන්ගේ දයා කරුණාපරවශ ගුණය මතුකොට දැක්වු අවස්ථාවන්ද හමුනොවන්නේ නොවේ. එහිදි ළදැරිය ගේ අවධානය දිනාගන්නේ බළලෙකු නොව බැළලියකි. ඇය එහිදි බළල් දෙමහල්ලන්ගේ වතගොත කියන්නීය.

--------------------------
පළමු ගී ඇල්බම් තැටි කවරයේ ශිරෝමි  - සූරිය ලේබලය (අවු 11 පමණ)
----------------------

පුඵන් කොට්ට අත්දෙක තබලා ...


හෙමින් හෙමින් වටපිට බලලා ....


ගමන් බිමන් යාමට හපනා බළල් හාමිනේ ..


හීන් සැරේ මා දෙස බලලා ...


ඥාව් ..ඥාව් ගීතය ගයලා ..


මගේ උකුල් තලයට පනිනා බළල් හාමිනේ ....


බළල් හාමිනේගේ සැමියා බළල් රාළහාමි............


රැුවුල් මුණ පුම්බාගෙන මට ආඩම්බර පාවි..........

--------------------------------

ඔහු ඉතා සියුම් ලෙස ක‍්‍රමයෙන් සිය ළමා ගීත සංකල්පනා පෙළ එදා සමාජයේ විවිධ පැතිකඩ කරා මෙහෙයවයි. එදා ඉතා බහුළ ලෙසත් පුඵල් ලෙසත් විසිරි පැතිර පැවති ළමා මෙහෙකාරකම එනම් ළමා ශ‍්‍රමය සුරකෑම පිළිබඳව සමාජයේ අවධානය යොමුකරවන්නට ළමයෙකුම යොදාගන්නේය.

-------------------
ශිරෝමි සිය ගී තැටිවලට නිවසේදී සවන්දෙයි
---------------

මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ ....


අසරණ අනාථ පුංචි බබෙක් මං ....


පිටකොටුවේ මරදානේ බොරැුල්ලේ ..................

-------------------------------


සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ 


වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ ...


සකළ බුජං අහිංසකයි ... 


අහිංසකයි වුනාට හරිම කඩිසරයි...


සකළ බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ ..,


සකළ බුජෝ අතුගාපන් අක්කා කියන්නේ ..


වයස අටයි පොඩි කොල්ලා ..,


පොඩි කොල්ලා වුනාට වැඩට දක්ෂයා ...

------------------------
හඳමාමා ළමා වැඩසටහනේ මෙහෙයුම්කරු ලැම්බට් පෙම්මාවඩු ගේ සරණ බන්ධනය දා - වමේ සිනහමුසු මුහුණින් - මෙල්රෝයි ධර්මරත්න - මනාලිය සමග ශිරෝමි 

----------------------

---------
ශිරෝමි ගී - 1971 වාද්‍ය වෘන්දයේ දී ජලතරංග සහ සිතාරය නැසිගිය පියදාස අතුකෝරාළ සංගීතවේදියා විසින්ද තබ්ලා වාදන නඩරාජා විසින්ද (ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය) මෙන්ම හවායන් ගිටාර් වාද්‍ය ශිල්පී උපේන්ද‍්‍ර ප‍්‍රනාන්දු විසින් ද සිදුකරන ලදී. පටිගතකිරීම - සරසවි ශබ්දාගාරය  - දඵගම කැළණිය - ශබ්ද ඉංජිනේරු ම ර්ර්වින් රොද‍්‍රිගෝ ගේ අධික්‍ෂනයෙනි. 

----

ජනකාන්ත ගුවන් විදුලි ගායන ශිල්පියෙකුට හැරෙන්නට අන් කවර ආගන්තුක ගායන ශිල්පියෙකුට හෝ සිය තැටි ලේබලයන්හි ගීත ගයන්නට  60-70 දශකයන්හී වෙළඳ තැටි ව්‍යාපාරික භවතුන් ඉඩ දෙන්නට බලවත් සේ මැළිවිය. ඒ ඉතා අධික නැවුම් ගීත ප‍්‍රමාණයක් සිනමාවෙන්ද වේදිකාවෙන්ද ගුවන් විදුලියෙන් මෙන්ම තම ව්‍යාපාරික සගයන්ගේ තැටි ේලබලයන්ගෙන් ද නිරන්තරයෙන් බිහිවෙද්දී ආධුනික ගායකයන් ගේ ගීත ප‍්‍රතික්‍ෂේපවීමට වැඩි ප‍්‍රවණතාවයක් පැවති නිසා වන්නට ඇත. එසේ තිබියදී ගුවන් විදුලියේ පවා නමක් නොරැුඳු ළමා ශිල්පියෙකු වෙනුවෙන් බරපැන දරන්නට ඔවුන් කිසේසේත්ම එකග නොවිය. එහෙත් ශිරෝමි ප‍්‍රනාන්දු 60 දශකයේ දී සුමනා ජයතිලක සහ ලැම්බට් පෙම්මාවඩු ගේ හඳමාමා ළමා සගරාව ගුවන් විදුලි වැඩසටහනට පොඩි කාලේ දගකෙරුවාම (අම්මා - තාත්තා* අපුරුවට ගයනා කළ තිබු නිසාදෝ එය කිහිපවරක් පසුව ගුවනින් ප‍්‍රචාරය විමේ වාසිය පමණක් සළකා සූරිය ලේබලයේ මෙහෙයුම්කරු ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා සිය ලේබලයේ ඒ ගීතය නව සංගීත සංයෝජනයෙන් ගයන්නට ඉඩකඩ සළසා දෙන්නට එකග වු බව කියැවේ.



අදාළ තැටියට ලැබුනු අදහගතනොහැකි අසිමිත ජනප‍්‍රසාදය හමුවේ, එතැන් හි සිට ඔහු ගේ ලේබලයේ ඉඩකඩ සිගිති ඇය වෙනුවෙන් නිරන්තරයෙන් විවර විය. ලක් ඉතිහාසයේ මුල්වරට බටහිර නාදමාලා සහ වේගරිද්ම රටාවෙන් ළමා ගායන ශිල්පියෙකු සංගීත ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදීමේ භාග්‍යය යොවුන් සංගීතඥ මෙල්රෝයි ධරමරත්න හිමිකරගත්තේය. ඔහුගේ අපිරිමිත කැපවීම සහ ධෛර්යය නිසා ශීරෝමි ගී ජනාදරයට පත් වෙද්දී, ළමයින්ටද ලාංකීය ගීත කෙත සරුකිරීමේ ඉඩකඩ පවතින බව පසක් කරගත් සෙසු කලාකරුවන් ද, එතැන් හි සිට ළමා ගී වෙළඳ තැටි හඳුන්වාදීමේ ක‍්‍රමවේදය වෙත නැඹුරු වූහ. පසුව ඊට එකතු වු ඔවුන්ද සාර්ථකත්වය අරුනඵ දුටුහ.

මෙතැන් සිට ඉදිරි සතියට....................

ස්තුතිය - ප්රවීන  සංගීතඥ  ෙමල්ෙරා්යි ධර් මරත්න මහතා ෙවත


(සේයාරූ උපුටාගැනීම ශීරෝමි ප‍්‍රනාන්දු වැලිකල සහ මෙල්රෝයි ධර්මරත්න මුහුණූපොත් පිටු වෙතිනි)


Thursday, October 20, 2022

70 දශකයේ ගුවන් විදුලි සරළ ගීතයේ විකසිත වු බටහිර නාද රසය - SLBC Light Songs in western music style - 1970s

නාද මිහිර නොම වියැකී ගිය ඒ ගී රසය ගුවනින් ඇසුණා පමණි......වානිජ තැටි ගීය පරදවාලු ගුවන් විදුලි ගී වින්දන..


වත්මනෙහි වැඩිහිටි වියේ සිටින එනම් වයස අවුරුදු 45 ක් හෝ ඉන් ඔබ්බට ගමන් කරනු ලැබ ඇත්තා වු ගී රසවතුන් බොහොමයක් ගුවන් විදුලිය ඔස්සේ සිය රසිකත්වය වඩවා ගත්තෝ විමට ඇති ඉඩකඩ ඉතා බහුලය. එවැන්නෝ විමසු කළ ඔවුහු අපි පුංචි කාලේ රේඩියෝ නිතර ඇහැව්වා ................. යන වදනින් පිළිතුර සැපයෙනු ඇත්තේය. ඒහි ගැබ්වු ඔවුන්ගේ පුංචි කාළය පිළිබඳව වැඩිමනත් කරුණු හාරා අවුස්සා පැණයන් නගන්නේ නම් ඔවුහු මෙසේද කියනු ඇත්තේය.

-------------------------
සේයාරුව පිළිවෙලින් නරඹන්නාගේ වමේ සිට

01 ශීලා පරණමානගේ  - රන් හූයෙන් අතැගිලි පටලා - ගායිකාව

02 මර් වින්  පෙරේරා  -- දියඵම දිය ඇළි - ගායන ශීල්පියා

03 ප්‍රේමකීරති ද අල්විස්   -- දියඵම දිය ඇළි රචක ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක

04 මාලා වජිරා පෙරේරා - රන් හූයෙන් රචිකාවිය - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාව

පහළ වමේ සිට

01 සුසිල් පෙරේරා - - 70 දශකයේ ගීතවලට ඩ්‍රම්ස් වාදනය **

02 සරත් බාලසූරිය - රන් හූයෙන් සංගීතඥ - තනු නිර්මාපක 

--------------------------------
** සුපර් ගෝල්ඩන් චයිම්ස් - ශ්‍රී කාන්ත දසනායක
සුපර්ස්ටාර්ස් --  මහින්ද සිල්වා සහ නේසන් ත්‍යාගරාජා
සහ ඩන්කන් ක්ලයිඩ් ද වෙනත් ප්‍රවිණ ඩ්‍රම්ස් වාද්‍ය ශුරීන් අතර විය
-----------------------------

ඒ කාලේ අපේ රේඩියෝ එක මහ විසාලයි. ලොකු පෙට්ටියක් වගෙයි...........

එය එසේමය මෙකී ඒ කාලය යටත් පිරිසියෙන් 70 දශකයයි හෝ ඉන් එපිට යුගයයි. එදවස පැවති ප්‍රථමික තාක්ෂනය ඉලෙක්ට්‍රෝනික් තාක්ෂනය විකුම් පාන්නට පෙර අවධියේය. අතැගිලි දෙකක් එක්වු තරම් පුඵලැති ඒ තරම් උසැති උපාංග ගණනාවකින් සමන්විත වුද ඒවා අධික ලෙස රත්වීමෙන් ගන්ධයක් නිකුත් කරමින් තිබුනා වූද දෝත පෑ විට එහි වර්ගඵලය ද ඉක්මවා යන තරමේ ඕවලාකාර ස්පීකරයකින් සමන්විත වූද ඒ ගුවන් විදුලි යන්ත්‍රයන් වෙත සේවා සපයන ලාංකීය ගුවන් විදුලි සේවා මාධ්‍යයන් පවා තිබුනේ ප්‍රාථමික තාක්ශනයට යටත් වය. ඒ අනුව එයින් නිකුත්වන හඞ වත්මනෙහි මෙන් පැහැදිළිව පැතිරුනේ නැතිබව පෙර කී ශ්‍රාවකයන් අත්දෑකිමෙන් සිහිකැඳවාගනු ඇත. එහි බලපෑමට වඩාත්ම හසුවුයේ නිවේදකයන් ගේ හඞ ට වඩා ගීතයන්ගේ නාදයයි. ඒවයේ වාදනය වන වාද්‍ය භාන්ඩ සිය ගණනක් වුවත් සවනත වැකුනේ අල්ප ගණනකි. 


වේගරිද්ම ගීතයේ බටහිර ආර අනුගමනය කලේ නම් වැයෙන ඩ්‍රම්ස් නාදරටා එහිදී දුර්වලය. හොඳන් ඇසුනේ නැත්තේය. එහෙත් ගී ශ්‍රවණය කිරීමෙන්ම ලත් අත්දෑකිමෙන් හා පළපුරුද්දෙන් එහි එකී වාද්‍ය භාන්ඩය වැයෙන බව ඇතැම් ගීතලෝලී ශ්‍රාවකයන් හොඳින් වහට ගනු ලැබි තිබිණ.

ගුවන් විදුලියෙන් සති අන්තයේ වාදනය කෙරෙන වෙළඳ තැටි වෙළඳ වැඩසටහන් තුලින් සවනත වැකුණි. ඒවා උපරිම වාද්‍ය රසාස්වාදයක් ද මිහිරියාවක්ද ලබාදුන්නේය. ඒ පෙරකී සංකීර්ණ වාද්‍ය රසමුසුව නිසාය. ඊට සමගාමිව සරළ උත්තර භාරතීය වාද්‍ය රසයෙන් සමලංකෘත වු ගුවන් විදුලි කාර්යාලයයේ පටිගත වු ගීත වෙන්කර හඳුනා ගත හැකිවුයේ ද මතු කි අත්දෑකිම් සහ පළපුරුද්දෙනි. වැඩිකල් ගත්වන්නට පෙර ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නන් නිර්මාපක රසවතුන් ද ඔවුන් ගේ නිර්මාණ වෙළඳ තැටියෙන් නැගෙන ගීතවලට රසයෙන් නොපරදින්නට ගුණයෙන් නොපිරිහි පවත්වා ගන්නට ද වෙර දෑරූහ. ඒ කෙසේද යත් ඔවුන් ද බටහිර වාද්‍ය රසය තමන්ගේ නිර්මාණ සංගීතවත් කීරීමට යොදාගත් බැවිනි.


ඒ අනුව තැටියකින් හෝ 70 දශකය අවසන් භාගයේදී සංගීත වෙළඳ පොළ අක්‍රමණය කල කැසට් පටයකින් හෝ පවා ඇසිය නොහැකි නමුදු ගුවන් විදුලියෙන් පමණක් ම ඇසිය හැකිව තිබුනා වු ගීත එයින් බිහිකරන්නට පෙරමුන ගන්නා ලද්දේ අන් කවර කරුණකට වඩා තමන්ගේ කාර්ය භාරයේ වගකීම හොඳින් අවබෝධකරගත් ගුවන් විදුලි ශිල්පීන් විසිනි.


ගුවන් විදුලි ගීත බටහිරකරණය කරනට පෙරමුණ ගත්තාවු ගාන්ධර්වයන් අතර නැසිගිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙන්ම ආචාර්ය වික්ටර් රත්නායක ද පසුව සරත් බාලසූරිය, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, රෝහිත විජේසූරිය,මර්වින් පෙරේරා, සේන ජයන්ත වීරසේකර, පී එල් ඒ සෝමපාල, පැට්‍රික් දෙණිපිටිය, මොහාමඩ් සාලි, වික්ටර් දඵගම, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ලයනල් අල්ගම  වැන්නෝ නම්කළ හැකිය. ඔවුහු අවසර ඉඩකඩ ලැබෙන පරිදි සීමිත ලෙස සීරුවෙන්  ඒ කටයුත්තට අත ගැසීය. ඊට සිය ආයතනික සිමා මායිම් අසිරූවෙන් අපහසුවෙන් ලිහිළ් කරවාගෙන දොරට විවර කර දුන් එහි එදවස සංගීත පාලක ධූරය හොබවු ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ භූමිකාව ද කෘතඥ පුර්වකව සිහිකටයුතු මනාය. සංගීතවේදී සරත් දසනායකයන් විසින් ද ගුවන් විදුලි ගීත මහත් රාශියකට සංගීතය මුසුකරමින් තනු නිර්මාණය කළද ඔහු එහි ක්‍රමවේදයට අනුගත වෙමින් බටහිර සංගීත භාන්ඩ අවම ලෙසින් යොදාගත් බවක් පෙනීයයි. එහෙත් ඔහු වෙළඳ සහ සිනමා සංගීතයේදී එය පුර්ණලෙස වෙනසකට භාජනය කළේය.


මවුත් ඕගනය - එකොස්ටික් ඩ්‍රම්ස් කට්ටලය - එකෝඩියනය - විද්යුත්කරණය කල වයිබ්‍රෆෝනය, ඕබෝ, කොරැංගලිස්, ඉන්ග්ලිෂ් මැන්ඩලීන්, ක්ලැරිනට් සහ පසුව 60 දශකයේ මධ්‍ය යුගයේදී ලක්දිවට සපැමිනි ඉලෙක්ට්‍රෝනික සරපුවරුව (ඕගන්) ද ක්‍රම ක්‍රමයෙන් ගුවන් විදුලි ගීතය රසගන්වන්නට හැඩගන්වන්නට විය. 


ප්‍රතිඵලය වුයේ වෙළඳ පොළට නිකුත් කර තිබුනු  වානිජමය තැටි ගී රසඋල්පත පරදවා ගුවන් විදුලි ගීතය ශ්‍රාවකයන්ගේ හද බැඳ ගැනීමට සමත් වීමයි. මීට නිදසුන් අල්පයක් හෝ ගෙනහැර නොපෑවේ නම් මෙම සටහන අර්ථවිරහිත වනු ඇතැයි සිතේ. මෙම ගීත එදවස ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පී වික්‍රමයන් බව එදවස මෙන්ම මෙදවසද දැන කියා ගත් ශ්‍රාවකයන් අතිශයින් විරළ ය. එහෙත් සංගීතඥ ගායකයන් එය හොඳින් දනිති.


මේ අතරවාරයේ ඇතැම් ගායන ශීල්පීන් තමන්ගේ ගීතයන්හි වාද්‍ය රසය උත්පාදනයට හේතු වු සංගීත සංයෝජනයන් පිළීබඳව වඩාත් සැළකිලිමත් වු අතර, ගුවන් විදුලි කටහඞ පරීක්‍ෂනයටද පාත්‍ර වන්නට වරම් ලැබ ශ්‍රේණිගත සරළ ගී ගායනයට අපොහොසත් වු නිසාදෝ සිය පෞද්ගලික බරපැණ වියහියදම් කරමින් බාහිර ශබ්දාගාර සහ වාද්‍ය මන්ඩලයන් තමන්ම සපයා ගනිමින් තමා විසින්ම ගීත පටිගත කරවා ඒවයේ මුල් පිටපත් ඇතුළත් හඞ චුම්බක පටි ගුවන් විදුලිය වෙත ගෙනගොස් භාරදිමේ අවදානම් කටයුත්තේ නිරතවිය. එය එසේ අවදානම් වන්නේ කෙසේද යත්, ඒවා ප්‍රචාරය කිරිමේ පුර්ණ අනුමැතිය ලබාදීමේ වගකීම සතුවුයේ සංගීත පාලකවරයා හටය. ඔහු හෝ ඇය එය ප්‍රතික්‍ෂේප කළේ නම් එවිට  අදාල ගායකයා ගේ පෙර කී සියඵ උත්සහයන් අපතේ යන්නට ඉඩ තිබින. 


මෙම වර් ග ෙය් ගායන ශිල්පීන්ට හොඳම සහ ප්‍රමුඛතම නිදසුන වුයේ චන්ද්‍රකුමාර් කඳනාරච්චිය. ඔහු ගේ නෙඵම් විළේ කැඵම් පෙරා (ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය උපාලි කන්නන්ගර තනුව ගායකයා සතුය) මෙන්ම ඇගේ සිනහව තහනම් (ගී පද කේ ඩි කේ ධර්මවර්ධන තනුව ගායකයා සතුය සංගීතය උපාලි කන්නංගර) එවැනි ප්‍රමුඛතම නිදසුන් ද්විත්වයකි. ඔහුගේ වාසනා මහිමය එයින් මතුවුයේ ඒවා ගුවන් විදුලිය විසින් ප්‍රචාරය කරන්නට අකමැත්ත පළ නොකිරීමත් ඒ නිසා ඒවා අවසානයේ ගුවන් විදුලි ශ්‍රාවකයා ගේ මනා අවධානයට ලක් වි ප්‍රසාදයට පත් වීමෙන් ඔහු එදවස ගුවන් විදුලි ගායන ශීල්පියෙකුගේ තත්වය හා සමවන මට්ටමට පැමිණිමෙනි. 70 දශකයේ මුදල් හදල් සතුව තිබිම නිසා තම නිවසේ පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමිකරුවන් වු රසිකයන් හට එදා වෙළඳ පොලේ කිසිවිටක චන්ද්‍රකුමාර් කඳනාරච්චිගේ ඉහත ගීත ඇතුළත් වෙළඳ තැටියක් මිළඳි ගන්නට අවස්ථාව නොවිය. මන් ද යත් ඒවා ද එක්තරා අන්දමකින් ගුවන් විදුලි ගීතම වු නිසාමය. (එහෙත් පසුව ඒවාද කැස්ට පටවලට ගායනා කරන්නට යෙදුනි)


පූර්ව කැසට් තාක්‍ෂන යුගයේදී, තමා උන්මාදනීය කළ ගුවන් විදුලි ගීයක් නැවත නැවත ශ්‍රවණය කිරීමේ වරම ලබන්නට රසිකයන් සිහින මැව්වද ඒ සිහින සැබෑ කරදෙන්නට නම් වෙළඳ තැටි ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී අදාළ ගායකයා ලවා ඒ ගීතය බාහිර ශබ්දාගාරයක ප්‍රතිනිර්මාණය කරවා තැටිවලට නංවා අලෙවි කළ යුතුවියයුතුමය. සූරිය තැටි ලේබලය හිමිකරු වු ජෙරල්ඩ් වික්‍රමසූරිය රසවතා මෙන්ම ජෙම්ටෝන් ලේබලයේ හිමිකරු විජයපාල හෙට්ටිආරච්චි ව්‍යාපාරික භවතාණන් ඊට ඉදිරිපත් වූ නිසා මෙකී ශ්‍රාවකයන්හට පන්ඩිත් අමරදේව, නන්දා මාලිනී සහ වික්ටර් රත්නායක මෙන්ම සනත් නන්දසිරිගේ ගුවන් විදුලි ගීතවල නව පටිගතකීරිම් රසවිඳින්නට අවස්ථාව හිමිවිය.


පන්ඩිත් අමරදේව ගැයු 

අනෝතත්ථ විල නෙඵම නෙළාලා (අමිතා වැදිසිංහ සමග) - ගී පද සුනිල් සරත් පෙරේරා සංගීතය වික්ටර් දඵගම

මින්දද හීසර වැදී සැළෙන හඞ  - ගී පද මඩවල එස් ර්ත්නායක

බඹරෙකු ආවයි නිරිත දිගේයා - මඩවල එස් රත්නායක


වික්ටර් රත්නායක ගැයු

ප්‍රේම පරාදිසේ - ප්‍රේමකීරති ද අල්විස්

සිහින සතක් දුටුවෙමි මම - ප්‍රේමකීරති


අමිතා වැදිසිංහ ගැයු

රන් දොරින් එන්න ආදරේ - කරුණාරත්න අබේසේකර - වික්ටර් දඵගම


නන්දා මාලිනි ගැයු

සාරි පොඩිත්තක් හැඳගෙන - සුනිල් ආරියරත්න

ආදරයේ කෝඩුකාරයෝ - සුනිල් ආරියරත්න

සකුරා මල් පිපිලා හරි පුදුමයි - සුනිල් ආරියරත්න

රුක් අත්තන මල මුදුනේ - මහින්ද අල්ගම

මල් මල් හීනය මි බඳ උදයේ - සුනිල් ආරියරත්න


සුජාතා අත්තනායක ගැයු

බොළං පොඩි නංගී ටිකක් හිටපං - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක

ආගන්තුක කුරුල්ලා - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක

මංගල කසී සඵ මාලා - සුනිල් ආර් ගමගේ - නෙවිල් ප්‍රනාන්දු (ගුවන් විදුලි ගීය) නවරත්න අත්තනායක (තැටිය)

පුංචි දවස්වල නින්දට යද්දී - අජන්තා රණසිංහ - සරත් දසනායක


ඉන්දනි විජයබන්ඩාර ගැයු

රතුපාට මල් මට තාම මතකයි - අජන්තා රණසිංහ - දයාරත්න රණතුංග

ඔබේ කටහඞ තාම මතකයි - කරුණාරත්න අබේසේකර - සිසිර සේනාරත්න


සී ඩී ෆොන්සේකා ගැයු

ඔයාට රත්නේ මං ආදරේයි - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - සී ඩී ෆොන්සේකා

ඊට නිදසුන් අල්පයකි. මේ ලැයිස්තුව බොහෝ දිගය ඒවයේ ගුවන් විදුලි පිටපතක් ද, වෙළඳ තැටි ගී පිටපතක් ද 70 දශකයේදීම බිහිවිය. ඒවා නිකුත් කළ වාහාම වත්මනෙහි මෙන් 70 දශකයේදීම ගුවන් විදුලිය විසින් තමන්ගේ පිටපත් යටපත් කර දමා පෙරකී වෙළඳ තැටිය වාදනය කරන්නට සැළැස්වීමේ අරමුණ පසක් කරගැනීමට අසිරුය. එය අදාළ ව්‍යාපාරිකයන් ගේ බලපෑම හෝ වෙනත් සැගවුනු අරමුනු තිබෙන්නට ඇත. ඒ නිසා එදා ගී ශ්‍රවණය කළ බොහෝ ගුවන් විදුලි අසන්නන් අද පවා ඒවයේ මුල් ගුවන් විදුලි ගී ඇද්දැයි පවා අදද නොදනී. එනමුදු එදා ගුවන් විදුලියේ සිටි ඇතැම් ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් සිය ආයතනය විසින් නිපදවු ඒවයේ මුල් ගීතයම අඛන්ඩව වාදනය කළ අවස්ථා ද විරළ නොවු බවට ඔවුන්ට ගෞරව පිණිස සටහන් කර තබමි.


මවුත්ඕගනය සහ විදුලි ගිටාර් සමග ඩ්‍රම්ස් කට්ටල වාදන මුසුව (මවුත් ඕගන් - මර්වින් ප්‍රියන්ත සහ හර්බට් ගුණවර්ධන)

මල් පිපිළා ජිවිත උයනේ මල් පිපිළා - දයාරත්න රණතුංග - සංගීතඥ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973 

ගී ලියන්න මට කිවේ ඔබේ නෙතයි - දයාරත්න රණතුංග - දයාරත්න රණතුංග - 1974

සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන - අමරා සහ දයාරත්න - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974

සඳ මඩලේ සිට තරු මඪලේ සිට - මාලිනි බුලත්සිංහල - ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න - 1975

රාමා සිතා ඔබයි මමයි - ක්‍රිස්ටෝපර් පෝල් - ෂෙල්ටන් ප්‍රේමරත්න - 1974

රන් හූයෙන් අතැගිලි පටලා රන් මාලය - ශීලා පරණමානගේ - සරත් බාලසූරිය - 1975

කතරට කුමටද වසන්තයක් - වික්ටර් රත්නායක - එම (මවුත් ඕගන් වාදක නැසිගිය හර්බට් ගුණවර්ධන) - 1974

පායන සඳ ගැන මොනව හිතන්නද - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1973 (මවුත් ඕගනය - හර්බට් ගුණවර්ධන)

සඳ හිරු තරු මැත පොකුරු ගැහී යන - වික්ටර් රත්නායක - එම - 1973 (හර්බට් ගුණවර්ධන)

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ - වික්ටර් රත්නායක - 1974 (හර්බට් ගුණවර්ධන)

--------------------

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ
සවන්දීම - මෙතැනින්

ගී පද ප්රේමකීර්ති ද අල්විස් 
------------------------

විදුලි ඕගනය (වාදක - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු) 

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973

සුභා කියා මා ඔබ අමතන්නද - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973

නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනන්දු - 1973

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා - අමරා රණතුංග - සංගීතඥ සරත් ද අල්විස් - 1974

ගංගා දියරෑළි ගලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974

දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන - අමරා රණතුංග - පුලස්ති ඉන්දික - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

--------------------------
නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා
සවන්දීම - මෙතැනින්
 

මෙම ගීතයේදී සැක්සෆෝන්, විදුලි ඕගනය, හවායන් ගිටාරය මනා සේ යොදාගෙන ඇතිබව පෙනේ

ගී පද - චන්ද්‍රසේන රංගේ

 ------------------------

ඩ්‍රම්ස් කට්ටලය (වාදක - සුසිල් පෙරේරා)

ඔවිල්ලේ පෙම් සඳැල්ලේ රන් තොටිල්ලේ - ෆිලික්ස් අන්ටන් සහ චන්ද්‍රානි මානෙල් කල්දේරා  - වික්ටර් දඵගම - 1972

හද ගී පොතේ පිටුවක් ඉරා - ෆිලික්ස් ඇන්ටන් - චන්ද්‍රා බන්ඩාර - ප්‍රේමනාත් කොඩිතුවක්කු - 1973

වන බඹර තුඩින් පිපි තඹුරු විලෙන් - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1973

දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

එක මොහොතක් ඔබ සෙවනේ - මර්වින් පෙරේරා - අමිතා දඵගම - මර්වින් - 1974

නිලුපුල් යුවලේ - මර්වින් පෙරෙරා - එම - 1973

විදුලි දුම්රියේ චංචල නාදෙන් - රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1973

ආදර සුභා වසනා වේවා - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975

ආත්ම ගණනක සිතුවිලි අතරේ - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975


එකොඩියන්ස් (වාදක - )

දෙපා නගන්නට හිත නැතුවා පෙම් විමන් මෙසේ- බන්දුල විජේවිර - එම - 1976


සැක්සෆෝන් (එම් කේ රොක්සාමි - ස්ටැන්ලි පීරිස්)

බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973

සරතැසි නිවා දිවි කතරේ - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973

මල්සර උක්දඞු දුන්නෙන් පැනි බී - ආචාර්ය වික්ටර් රත්නායක - වික්ටර් රත්නායක - 1973

අපි සවුදිය පුරමු - වික්ටර් රත්නායක - එම - 1973

දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

අකුරු සතරකි මනස පැටලිලා - මරව්න් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

ම්ල් පෙත්තක පන්හිඳකින් - රොම්ලස් පෙරේරා - සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි - 1973

පිය මදහස මුව මුකුඵ - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1974

සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - සුජාතා අත්තනායක - 1972

-----------------------
බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන 
සවන්දීම - මෙතැනින්
 

 ------------------------

ඕබෝ - ක්ලැරිනට් (මොහොමඩ් සාලි - ඒ ජේ කරීම්)

රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස් - මොහාමඩ් සාලි - 1971

විලෙන් පෙරෙන දිය - අයිරින් ද අල්විස් - මොහොමඩ් සාලි - 1970

හෙළ ජාතික පියුම් විලේ - අයිරින් ද අල්විස් - ලක්ෂ්මන් රොද්‍රීගෝ - මොහොමඩ් සාලි - 1970

සිප එන සමනළ මුදුනින් - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1972

පියාපත් සලා මම ඔබ සොයා එමි - මිල්ටන් මල්ලවාරච්චි - එම් කේ රොක්සාමි - 1972

පිය හිමියනි මා හදවත - රූපා ඉන්දුමතී - ලක්ෂ්මන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1972

අමරස පෙම් රසයෙන් කැළතෙන් - ශ්‍රීමතී තිලකරත්න - වික්ටර් රත්නායක - 1972

මංගල කසී සඵ මාලා දෑතේ රන් වළලු - සුජාතා අත්තනායක - නෙවිල් ප්‍රනාන්දු - 1971

රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස්

සවන්දීම - මෙතැනින්

ගී පද හේම ශ්‍රී ද අල්විස්
 ------------------------


කොරැංගලිස් (වාදක එම් එම් නූර්)

පියාසලනා ළිහිණියෙකු සේ - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර රත්නායක - 1972

සුඛ වේදනා දුක් වේදනා මේ තරමි - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර් රත්නායක - 1972

අනන්තයට මා ඉගිල්ලු ඔබේ සිතුම් - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1973

කල්පනා රැැහැනින් බැඳි - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1972

එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න- පුන්‍යසිරි මහවත්ත - 1973

---------
එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න
සවන්දීම - මෙතැනින්


ගී පද ප්රේමකීර්ති ද අල්විස් 
------------------------

මේ ගී සමග වැයුනු මියුරු වාදන ගුවන් විදුලියෙන් නෙපැහැදිළිව ඇසුණු යුගය 1977 වසරෙන් පසු නිමවෙතැයි සිතුවද එය වෙනත් ආකාරයෙන් සඵල වුයේ එදවස නවින තාක්‍ෂණය කැටිකොට ගත් ජපාන ඉලෙක්ට්‍රෝනික කැසට් සහ තැටි ධාවකයන් සහිත යන්ත්‍රවලින් ඒවා මිළදී ගෙන සවන්දීමට හැකියාව ලැබිමෙනි. එහෙත් ගුවන් විදුලි ගීතයක මුල් රසය පැහැදිළිව විඳගැන්මේ සිහිනය සැබෑ වුයේ ගුවන් විදුලිය එෆ් එම් තාක්ෂනය අත්කර ගත් 80 දශකයේ පසු භාගයේදීය. එතැන් හි සිට තැටියෙන් වාදනය කරණ ගීතයේ තැටි ධාවන ශ්බ්දය පසුබිමෙන් පැහැදිලිව ඇසෙද්දීම කලකට ඉහතදී යෙදු සංගීත රසයේ මිහිර එඅයුරිනිම් විඳගැන්මට ඉඩ කඩ අත්විය.

80 දශකයේ දී ක්‍රම ක්‍රමයෙන් පටිගත කල අන්තර්ගතය ඉතා පහසුවෙන්  මකාදමමින් නැවත නැවතත් භාවිත කිරීමේ හැකියාව නිසාත්, සාක්කුවේ ලාගෙන තැනින් තැනට ගෙනයාමේ පහසුකම නිසාත් කැසට් පටය අධිවේගයෙන් ජනප්‍රසාදයට ලක් වෙද්දී ඒවා විසින්ම තැටි තාක්ෂනය වෙළඳ පොලින් අතුගා පිස දමන ලදී. අතිවිශාල ගීත සංඛ්‍යාවක් නිරන්තරයෙන් කැසට් පට මගින් සතිපතා වෙළඳ පොළට අඵතෙන් නිකුත් වෙද්දී ගුවන් විදුලි ගීත නිෂ්පාදනයේ පැවති සිමා මායිම් අවහිරතා ද මගහැරි ගොස් බාහිර කැස්ට ගීත සහ ගුවන් විදුලි ගීත ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි තරමට ඒවයේ සංගීත සංයෝජනයන් නවීකරණයට බඳුන් විය. 

ආචාර්ය දයාරත්න රණතුංග විසින් ම ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන් ආධුනික ගායක සෞම්‍ය කුමාර යාපා බන්ඩාර ගැයු මිදි ඇඹුලයි කියලා (ගී පද නැසිගිය උපාලි ධනවල විතාන) මෙන්ම මි මැසි සඳ නැති නිසංසලේ වැනි ගුවන් විදුලිය විසින් නිපැයු  ගීතවල වාද්‍ය රසය කැසට් ගීතය හා කරට කර තිබුනේය. සමකාලීනව ක්‍ෂේත්‍රයේ වැජඹුනු ස්වර්ණලතා කවිශ්වර ගැයු ගුවන් විදුලි ගීත ද මේ ගණයට ඇතුළත් කළ හැකිය (බිඳුනු පෙමක විරහ විරාම්  - පුන්සිරි සොයිසා සහය ගායනය)


අනාදිමත් කාලයක සිට ලාංකීය ගීත රසිකයන් ගේ බුහුමනට නිරන්තරයෙන් පාත්‍ර වුයේ ගායන ශිල්පියා හෝ ශිල්පිනිය වුවද මෑත කාලයේදී එය ක්‍රමයෙන් වෙනස්ව ගී පද රචකයා ගේ ප්‍රතිභාව සහ සංගීතඥයා මැවු රසය ද දැන හැඳින අවබෝධයෙන් විඳ ගැනිමේ ක්‍රමවේදය ඔවුන් අත්කරගනිමින් සිටී. එහෙත් ඒ රසය නිවැරදි ලෙසින් වයා මතුකරවාදුන් ආදරණිය වාදක සාමාජිකයන්ගේ ප්‍රවිණතාවයන් සහ කුසළතා ඇගයීමට ඔවුන් තවත් පමා වන බවක් හැගේ

සිංහල සංගීත කලාව දැඩි ලෙස පිරිහිමට පත්ව යමින් නව නිර්මාණය රසයෙන් හීන දීන ව ජනගත වෙද්දී, අදටත් කමණිය ආනන්දජනක ගී තනු සහ වැයුම් ඉතිරිව පවතින්නේ එදා ඇසුණු ගීතාවලියෙහි පමණි. මතු පරපුරට වාද්‍ය රසයේ මහිමතාවය දැන හැඳිනගැනීම උදෙසා මෙවන් ආරයේ ලිපි නිබඳව බිහිවේවා....

-------------------------------

01 න් හූයෙන් අතැගිලි පටලා රන් මාලය ගෙලවට සරසා ....................


  සිතේ සතුට සහ ඇසෙනා රාවය..... මංගලම්.........මංගලම්...භවතු සබ්බ මංගලම්.........


ගැයුම - 70 දශකයේ ගුවන් විදුලි ගායිකා ශීලා පරණමානගේ


පබැඳුම - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා 

මියැසිය - නැසිගිය සංගීතඥ සරත් බාලසූරිය 

------------------------------------------------

02 දියඵම දියඇළි දියරැල හා ...........


'ගල ගල යයි සමුදුර සොයලා ..............

'හද උපදී ආදරේ................


ගැයුම - සංගීතඥ නැසිගිය මර්වින් පෙරේරා

පබැඳුම - නැසිගිය ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස්

මියැසිය - මර්වින් පෙරේරා

ඩ්‍රම්ස් වාදනය - ප්‍රවිණ ඩ්‍රම්ස් වාදනශූරී සුසිල් පෙරේරා (ගායිකා ආචාර්ය සුජාතා අත්තනායක ගේ බාල සොයුරා)

----------------------------------
සවන්දීම - මෙතැනින්

---------------------------------------------

පාදක සටහන්

රන් හූයෙන් අතැගිලි පටලා - ගායන ශීල්පිනිය ශීලා පරණමානගේ, මෙම ගීතය ගායනා කරන තුරුම 70 දශකයේ ලංකා ගුවන් විදුලි ගායක මඞුල්ලේ ප්‍රමුඛතම විරිදු ගී ගායිකාවක් ලෙස කටයුතු කළාය. ඇය එහිදි එදවස ජනප්‍රියව පැවති විරිදු ගී වැඩසටහන් පෙළෙහි විශිෂ්තම ගායිකාව වූ දයා නෙල්ලම්පිටියට පමණක් දෙවැනි වන්නට ඇත. සෑම දිනයකම සන්ධ්‍යා භාගයේ ගුවන් විදුලියෙන් විසුරුවා හරින ලදි විනාඩි 15 ක විරිදු ගී වැඩසටහන්වලදී ඇයගේ ද දයා ගේ ද ගී නොඇසුනේ නම් ඒ කලාතුරකිනි. කුසුම් පීරිස්, රත්නාලංකා අබේවික්‍රම සහ 60 දශකයේ දයා වයමන් නම් වු ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාවන් අතර ගීත පබැඳුම් කලාවේ දස්කම් පෑ තෙවැන්නිය වුයේ මාලා වජිරා පෙරේරාය. ඇය පබැඳු වෙනත් ගී අතර ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගැයු හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා රසිකයන් අතර ගේ හදවත් පිනවු නිර්මාණයක් බවට පත් වී තිබිණි.

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග්

2022 වප් මසින් විසිවෙනිදිනදීය.

Special thanks to Mrs. Sheela Paranamanage, Mrs. Nishanthi Balasooriya and Mr. Crishantha Fernando.



Thursday, October 13, 2022

වින්සන්ට් ප්‍රේමසිරි ගුවන් විදුලි විරහ ගී කදුඵ...

 බොදු සාහිත රසාකරයෙන් බිඳක් ඇසුරුකර මැවු ගීයකින් උපන් ගී රස දාමය....


බොදුණුවන්ගේ පූජාර්භ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඇතුලත් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් කුරුණෑගල රාජ්‍ය සමයේ දී සිංහල පන්සිය පනස් ජාතක පුස්තකය සංග්‍රහ කරන ලද්දේ යැයි ඉතිහාසගත පුවත් වාර්තා කරයි. එහි ඇතුළත් පැරණි භාරතීය කථාගංයන් අතරින් ඇතැම් ඒවා යුග යුග ලාංකීය ජන දිවිය ඒකාලෝක කරන්නට සමත් වු අතර ඒවා ඇසුරෙන් නිපදවු විවිධාකාර කලා රසාංගයන් ඊට හේතු පාදක විය. කෝලම් ජන නාටක සංදේශ කාව්‍ය දැනට අභාවයට ගොස් ඇති නූර්ති මෙන්ම කවිකොළ  සහ පසුව බිහිවු වේදිකා නාට්‍ය සිනමා කෘති ගීත ටෙලි නිර්මාණ මහත් රාශියක් ඒ අතර වෙයි 















------------------------------

සේයාරුව නරඹන ඔබේ දකුණත සිට පළමුවැන්නා  ප්‍රාග් ඓතිහාසික ලංකා ඉතිහාසය සහ බෞද්ධ සාහිත්‍යයේ රසමුසු තැන් මතුකරගනිමින් භාවපූර්ණ විරහ ගී ගැයු එකම ගුවන් විදුලි ගායන ශිල්පීයා වූ ද සිනමා සහ ගුවන් විදුලි සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම සිනමා නඵවෙකු (ජෝඩු වළලු - 1980)  කටයුතු කළා වූද නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාණන්ය.ඔහු 1979 වසරේ සාර්ථක ලෙස තිරගත වූ පතිරාජ එල් එස් දයානන්ද විසින් අධ්‍යක්‍ෂනය කරන ලද විසිහතර පැය සිනමාකෘතියේ  සත්සර නාදපතිය.

දෙවැන්නා ආචාර්ය වික්ටර් රත්නායකයන්ය සතරවැන්නා වික්ටර් ගේ හිතමිතුරු ගුවන් විදුලි ගායක සංගීතඥ දිවංගත මර් වින් පෙරේරාය.

Photo Credit - Crishantha Fernando (pupil of late Mr. Mervyn Perera) 
-------------------------

එහි එන ඇතැම් ජනකථාවන් අතිශයින්ම ලුහුඞුය. පරිච්ජේද දෙත තුනකින් පමණක් සමන්විතය එහෙත් එහි අතිශය බහුතර සංඛ්‍යාවක කථාංග මධ්‍යම ප්‍රමනයේ ඒවා වන අතර දීර්ඝතම වෘතාන්තය උම්මග්ග ජාතකය ලෙස හැඳින්වෙයි.

තමන් උපතින් උරුමකරගත් අසාමාන්‍ය ප්‍රඥා බල මහිමය  මෙහෙයවා එහි උපදේශක තනතුරුධාරියා විසින් සිය දේශයේ රජුත් රටවැසියා සහ සෙසු පාලකයන් වෙනත් අධිපතියෙකු යටතේ සේවය කලා වූ උපදේශකයෙකුගේ කූටෝපායකින් ග්‍රහනයට නතු කරගෙන විනාශකර දෑමීමේ කුමන්ත්‍රණයක් ව්‍යවර්ථ කල අයුරු එහි විස්තර කරයි.

එය අතුරු කථා ද කිහිපයකින් සමන්විතය. එයිනුදු කලා සාහිත රසය ප්‍රියකරන හෙළ බොදු වැසියන් අනාදිමත් කාලයක සිට හොඳින් දන්න හඳුනන දික්තල - කාලගෝල - දික්පිටියා කථාව සුවිශේෂිය.

'රූපත් යුවතියක් වු දික්තල විවහ කරගන්නේ ඒ අභිප්‍රාය මස්තකප්‍රාප්ත කරගන්නට සත්වසරක් බැළමෙහෙවර කළා වු විරූපී කුදු කාලගෝලය. කලකට පසු ඇගේ නිවසට නෑගම් යන යුවළට පළලැති ගංගාවක් තරණය කරන්නට සිදු වෙයි. තොටියෙකු ගේ සහය නොළබන ඔවුන්ට ඊට පිහිටවන තැනැත්තා දික්පිටියා නමිනි. ඔහු පළමුව යුවතියව එයින් එතෙර කරදෙන්නට ගිවිසගෙන ඇය හා ගංගාව තරණයේ දී ප්‍රියතෙපුලින් මන්ත්‍රණය කර ඇයගේ සිත්දිනා ගෙන එතෙර ඉවුරට ලගා වී පලා යයි. 

එයින් මහත් සේ නොසන්සුන් වූ ඇගේ සැමියා දිය පහරට පැන එය තරණය කිරීම අසිරු නොවන බව දැන වහා එතෙර වී ඔවුන් ලුහුබැඳ ගොස් ග්‍රහණයට ගනී. දික්පිටියා විසින් තර්ජනය කොට බියවද්දා පහර දී පළවා හරින්නට .තැත් දැරුවද එය නොතක පසුපස වැටී යන ඔවුන් මතු කි ප්‍රඥාසම්පන්න උපදේශක මහෞෂධ යන්ගේ රාජ්‍යයට ඇතුඵ වේ. ඔවුහු ඔහු ඉදිරියට පමුණුවන අතර අව්‍යාජ සැමියා කවරෙක්දැයි නිශ්චය කර ගැන්මට ඔහු මිනිසුන් දෙදෙනා වෙන් වෙන්ව කැඳවා බිරිඳ ගේ දෙම්ව්පියන් නම්ගොත් විමසයි. පරීක්‍ෂණයෙන් සමත් ව විරූප කුදු මිනිසාට නැවතත් සිය බරිඳ හිමිකරගන්නට වාසනාව ලබයි.

කාලශූරී පුන්‍යසේන ගුණසිංහයන් මෙම පරසිඳු කථාංගය ඇසුරෙන් දික්තල - කාලගෝල නාඩගම නිපදවා වේදිකා ගත කරන්නේ 60 දශකයේදීය. එහි කාලගෝල නම් වු පාත්‍රයා විසින් ගැයුණු ගීයක් පසුව නිරතුරුව එදවස පැවති එකම විද්යුත් මාධ්‍ය වු ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ විසුරුවා හරින්නට යෙදී ශ්‍රාවකයන් අතර අතිශයින්ම ජනප්‍රසාදයට පත්විය. 


ආලේ බැන්ද මාගේ රම්‍යවන් ......


ඒ ඒ ... ආලේ බැන්ද මාගේ රම්‍යවන් ...


මේ සුනිමල මගේ දික්තල .....


අවුරුදු සතක් තුටීන මෙහෙවර කළ මෙමා ....


ගත් ලඳුන් අගේ .. ඇගේ රූපේ බෝ අගේ ....


යන්නට ගමට මේදීන ...


මව්පියන් දකින ලෙසීන ..


තැගිලෙසට දැන් ..


ගෙනයාමි රසකැවුම් .....
----------------------------------

මෙතැනින් සවන්යොමන්න


ගුවන් විදුලිය වෙනුවෙන් ගැයූවේ

( එම් ඩි චන්ද්‍රපාල ) 


70 දශකයේ ගීත වර්ගීකරණ සුචිය ට අනුකූලව ඉන්පෙර දශකයේ සහ ඒ යුගයේ වේදිකා ගත වූ නාට්‍යයන්හි ගැයුණු ගී ඉලක්කකොටගෙන වේදීකා නාට්‍ය ගී වැඩසටහනක් දිනපතා විසුරුවා හරින ලදී. එහි නිතර සවන වැකුණු එය පෙර කී නාට්‍ය නරඹන්නට අවස්ථාවක් නොලද්දවුන් මතුනොව දික්තල - කාලගෝල කථාව පවා නොදන්නවුන් අතර පවා මහත් සේ ජනප්‍රිය විය.


සිංහල සිනමා කර්මාන්තයේ සාරඵල ලැබු එහි මල්බර වසන්ත සමය බඳු පෙර කී දශකයේ ඊට අවතීර්ණ වු යොවුන් නිර්මාණකරුවන් අතර එච් ඩී ප්‍රේමරත්න නාමය කෑපි පෙනෙයි. ඔහුගේ කුඵඳුල් සිනමා නිර්මාණය වු සිකුරුලියා වස්තු බීජය ට පදනම් වුයේ එවක දනන් තුඩ නිතර රැව්දුන් මතු කී දික්තල - කාලගෝල කථාවයි. ඒ ඇසුරෙන් ඔහු මනරම් නව නිර්මාණයක් බිහිකරගන්නට සමත් විය. 

කුදු යොවුන් තරුණයෙකු සිය ධනවත් පියාණන් යටතේ සේවය කරන්නෙකුගේ භද්‍ර යොවුන් වියේ  අභිරූපී දියණියකට පෙම් බඳිනු ලබයි. ඔවුන්ගේ අසරණකම දඩමිමා කරගෙන සිය කාර්යය සඵල කරගන්නා ඔහු සිය මනාලිය සමග නවදිවියක් අරඹන්නට තැත් දරන්නේ ඇයට දැඩිව ප්‍රේම කරමින්ය. ලද ඉඩ හසරකින් අයුතු ප්‍රයෝජන ගෙන ඇය සිය සැමියා ගේ මෝටර් රථයේ රියදුරු හා පලායයි. පසුව අගනුවර පේළිනිවාසයකට කොටුවී අනාචාර දිවියකට නතු වෙයි.

විනෝද චාරිකාවක නිරත ව සිටිද්දී සැමියා මගදමා රියදුරු සමග ඔහුගේ රථයෙන් නික්ම යන උද්වේගකාර ජවනිකා පෙළ අතරින් ඔහු ඇය හා ගතකල සිමාසහිත විවහ දිවියේ රසමුසු තැන් ශෝකභරිතව ආවර්ජනය කරන දර්ශන තිරයේ මැවෙද්දී පසුබිමින්  නැගෙන්නේ ප්‍රේමවිප්‍රයෝගයෙන් ආතුර ව ඔහු ගයන විරහ ගීයයි. සිංහල සිනමා ගීතාවලියේ අනුස්මරණිය මතක සටහනක් ඉතිරි කර තැබු එය ක්ලැරන්ස් විජේවර්ධන නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවාගේ ද කුඵඳුල් සිනමා ගී ප්‍රයන්තයයි. සිංහල විරහ ගී කලාවේ නොමැකෙන මං සළකුණු සටහන් කල ගුවන් විදුලි ගායක ජේ ඒ මිල්ටන් පෙරේරා ඊට ගායනයෙන් සහය කරගන්නට සංගීතඥ ක්ලැරන්ස් අපමණ උත්සහයකින් පසුව සමත් විය.


කොමළ ලියා ...


බොළඳ ලියා .....


මාව දමා යන්න ගියා ...


සියුමැලියා ... සිකුරුලියා ......

-------------------------
මෙතැනින් සවන්යොමන්න

(ගී පද සැකසුම - නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි) - 1975


දික්තල - කාලගෝල රසපුවත නවමානයකින් මෝදු වූ තවත් ගුවන් විදුලි ගීයක් සමකාලීනව ශ්‍රවණය කරන්නට එදා රසිකයන්හට අවස්ථාව ලැබීය. එහිදි කාලගෝල ගේ වියෝග ශෝකාලාපය භාවපුර්ණතිව මතුකර දෙන්නේ නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාය.


දික්තලා නංගියේ ...............


මම තරහා නෑ ...


නුඹ මට හිමි නෑ .....


මම තරහ නෑ ....


කාලගෛා්ල මං විරූපි බව මම දනිමි........


මිනිස්කම නොවෙයි රූපය නිසා පැරදුනී ........


නීතිය මට ඇය දුන්නත්...මිනිස්කම මගේ...


නුඹට බාර දෙන්නට මට අණකරයි මලේ ......


මෙමා නොලඳ ආදරයට නොගරහමි ළඳේ....


ඉතිං නුඹට ඇය භාරයි ඇය භාරයි...


රැකගනිම් මලේ ....

---------------------------

ගී පද සංකල්පනාව සහ සංගීතය -

ප්‍රවිණ ගුවන් විදුලි ගායක - රංගනශිල්පී - සංගීතඥ වින්සන්ට් ප්‍රේමසිරි

---------------------------

මෙතැනින් සවන්දෙන්න


නිර්මාණකරුවා කාලගෝල ලවා ඇයව අමතන්නේ ගැමි වහරට නුහුරු නොවන නංගියේ ....... යනුවෙනි. ඔහුගේ වේදනාත්මක ආයචනය ට සවන් යොමන ශ්‍රාවකයන් ගේ හදවතෙහි එයින් මෝදුවන අනුකම්පාව ගායකයාගේ හඞිව් වඩාත් තිව්ර වෙයි.

එවන් අත්දැකීමක් තමන් ලද්දේ නමි එවන් අකරතැබ්බයකට තමන් ගොදුරු වුවේ නම් සිතෙහි හටගන්නා වු කැළඹීම කෙබඳු වේදැයි සිතන්නට පොළඹවයි. 

--------------------
උපුලී තැටි කවරය - 1976 - ලංකා ගුවන් විදුලි සංස්ථාව නිකුත් කරන ලදී.
---------------------

දික්තලා නංගියේ නම් වු මෙම භාවප්‍රකම්පිත නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලිය එදවස සිය අසන්නන් ගේ වින්දනය වෙනුවෙන් ඉඳ හිට නිකුත්කරන ලද්දාවූ ඊ පී  තැටියකට තෝරා ගන්නට පාදක වු සුවිශේෂි හේතු කාරනා තිබෙන්නට ඇත. එදවස ගුවන් විදුලිය අර්ථපුර්ණ රසපූර්ණ සංගීතමය ප්‍රණිතාංගයන්ගෙන් නිරතුරුවම විචිත්‍රවත් විය. ඒ එම ආයතනය එකි තත්වයට පත්කරදෙන්නට දහදිය ශ්‍රමය හෙළන ලද්දාවූ එහි මුල් පුටුව හෙබවූ නැසිගිය රිජ්වේ තිලකරත්නයන්ගේ උත්සහයේ මල්ඵල ගැන්වීමයි. මතු කී ඊ පී තැටිය උපුලී නමින් නම්කෙරුණේ මෙම ගීතයට සමකාලීනව ගුවන් විදුලියෙන් බිහිවුනු ආචාර්ය අමරා රණතුංග ගැයු ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ නම් වු (උපුලී) නැවුම් ප්‍රස්තුතයක් අළලා බිහිවු අපුර්ව ගීතයේ අසිමිත රසික ප්‍රතිචාරය නිසාවෙන් එය ඊට ඇතුළත් කීරිම නිසාය. (උපුලී ගී පද සංකල්පනය චන්ද්‍රසේන රංගේ විසිනි)

70 දශකයේ ශ්‍රාවක වින්දනය සාපේක්‍ෂව  යම් තරමකින් හෝ ඉහළ මට්ටමක පැවති බවද පාරිභෝගිකවාදී සමාජයකට අවතිර්ණ නොවු එදා රසවතුන් අව්‍යාජව කලා නිර්මාණයන්ටද ඒවා බිහි කළ කලාකරුවන්හටද දැඩිව ආකර්ශනය වි තිබුනු බවට ද පැහැදිළිය. මානව අවශ්‍යතා අදට වඩා සරළව තිබූ එදා සමාජයේ ඔවුනට විවේකය තිබුනු අතර ඒ කාලය  අපතේ නොහැර වඩ වඩාත් අර්ථසම්පන්නව භාවිතා කරන්නටද නැඹුරු ව තිබුනු බවද කිව හැක්කේය. 

ඉහත සිද්ධිදාමයන්හී පොදු තේමාව වන්නේ තම ස්වාමියා ගේ බාහිර ස්වරූපය එනම් ඔහුගේ දේහ වීකෘතිතා - විරූපීත්වය නිසා ඔහුගෙන් දුරස්ව පරපුරුෂයන් ගේ ඇසුර සොයා ගිය බිරින්දෑවරුන් සහ එය ඉවසා දරා ගත්තවුන්ගේ චර්යාවයි. ඒ සංසිද්ධිය මතුකොට දැක්වු සිනමා කෘති ගණනාවක් සිංහල රිදී තිරය වර්ණවත් කලේය. ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෑසනිසා (විරූපි නිරුදක ගේ බිරිඳ තවුසා හට පෙම්බැඳිම) මෙන්ම ඩබ්ලිව් ඒ බී ද සිල්වා ගේ හුලවාලි (ධාරා සිය සුරුපී බිරිඳ ගේ නොමනා පැවැත්ම නිසා ඇයව බිබිලේ ඇත්තෝ ට දන්දීම) යන සිනමා කෘති දෙකයි.

තමා දැඩිව පේමබැඳි බිරිඳ සුභා ගේ නික්ම යෑමෙන් අනතුරුව ධාරා ගේ කැළඹි ගිය චිත්ත සන්තානය ගීයක වදනින් අපුරුවට සිත්තම් කරන්නට ප්‍රවින මාධ්‍යවේදී නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් සමත්විය


කුඩා ගමේ මද්දහනේ 

අව් රස්මිය නිවා ...

හුරී කඳුපෙතේ දඩමං ..

දිගේ ගියා මේමා ...

එවන් ගමන් මා නම් ගියේ 

සෙනෙහස ගැන සිතා ...

නුඹේ කරට රිදී පොටක් ..

පලදඤ්ඤයි සුභා ...

--------------------

ගී පද  - නැසිගිය ධර්මසිරි ගමගේ

සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක

කථාව සහ දෙබස් - නැසිගිය චිත්‍රශීල්පී දයා රාජපක්‍ෂ

ගැයුම - ගායනශුරී සුනිල් එදිරිසිංහ

සිනමාපටය - හුළවාලි

-------------------------

යු තලයේ නරඹන්න


පන්සිය පනස් ජාතක කථා මෙන්ම වෙනත් දේශිය සහ විශ්විය  සම්භව්‍ය සාහිත්‍ය කෘතීන් හෘදයංගමව ඇසුරු කරමින් යමෙකු විසින් කරන්නට යෙදුනු නිර්මාණයන් ගුරු කොටගෙන තවත් බොහෝ රසවතුන් විවධාකරයේ කලාකෘති බිහිකළ බවට ගෙනහැර දැක්විය හැකි අපමණ නිදසුන් අතරින් එකකි මේ.

----------------------
අලිඛිත ලක් ඉතිහාසයේ ජනප්‍රවාදගත රාවණ පුරාවෘත්තය භාරතයේ රාමායණ මහා කාව්‍යය ඇසුරෙන් එහි පැණෙන ලංකාපුරය පාදක කොටගෙන සියවස් සංඛ්‍යාත කලාන්තරයක ලක්පොළොව ජනයා තුඩග රැව්දෙමින් පවතියි. ඒ අුනව එහි කථා නායිකාව වු සූරූපී සීතා කුමරිය පැහැරගන්නේ ලක්දිව යක්‍ෂ ගෝත්‍රික පාලක රාවණයන්ය. ඒ ඇයව විවහ කරගැනීමේ අභීලාෂයෙනි. අවසනදී රාවණ සිය භූමිය ද දවා හඵකරගැනීමකට ලක්ව සිය කිරුළ ද අහිමිව අවසනදී සිතාවන්ගේ වල්ලභ රාම කුමරු අතින් ජීවිතක්‍ෂයට පත්වෙයි. එහෙත් හෙළ පුරාණය මතුකරගන්නට වෙහෙස වු මෑත කාලීන විද්වතුන් වූ දිවංගත අරිසෙන් අහුබුදු ශූරීන් ද ඒ පිළිබඳව පර්යේෂාත්මක කෘතියක් රචනා කළ සංස්කෘත භාෂාවේ ප්‍රමාණික විද්වතෙකු වු නැසිගිය නාගොඩ ආරියදාස සෙනෙවිරත්නයන් වැන්නෝද දැරුවේ වාල්මිකි සෘෂිවරයාගේ රාමායනයට වෙනස් මතයකි. 

70 දශකයේදී අතිශය ජනප්‍රසාදයට පත් ගුවන් විදුලි සහ වෙළඳ තැටි ගී මහත් රාශියක් පබැඳු දිවංගත කේ ඩි කේ ධර්මවර්ධන ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක රසවතාණෝ තමා රාමායනය පුවත ඇසුරෙන් ලියු එක් ගීයකින් පෙර කී ලාංකීය විද්වතුන්ගේ මතය ට අනුකුලතාවය දක්වයි. ඒ විරහශෝකාලාපය ද හඞ මුසුකලේ වින්සන්ට් ප්‍රේමසිරිය. එය එකල ඔහුගේ දෙවැනි ජනප්‍රියතම ගීතයයි. රසිකයන් ඔහුව දැන හැඳිනගත් නිර්මාණයයි. එහි සත්සර ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේය

මෙහිදී ඔහු රාමායන මහා කාව්‍යයේ අපුරූවට සාරංශ ගත කරනු ලබන්නේ එහි සිය මතවාදය පැහැදිළිව ශ්‍රාවකයාට සංවේදනය කරන්නට ඉඩහසර සළසමිනි.  වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවා ගේ භාවපූර්ණ ගී හඞින් ඒ පදපෙළ ජීවය ලබා රාවණ නරපතියා වෙත රචකයා අපේක්‍ෂිත දයානුකම්පාව මනාලෙස අත්කරදෙයි. ඊට රසික ඔබද සාක්‍ෂි නොදරන්නේද ?


සීතාවනි ඔබ හැඩ රුව ඇති බව...

දිවිහිමියෙන් පතිදම් සුරකින බව...

දනිමි ඔබත් දැනගත යුතු මේ බව...

ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව...

මගේ කුලගොත වත...

ඉහළයි හැමවිට ...

දෑ අභිමානය රකිනෙමි හැමවිට...

අන්සතු අගනක් සිරකරගැනුමට...

දීන නෙවෙයි මේ රාවණ පෙළපත....

මගේ සෙහොයුරියක් පෙර දවසක්දා..

රාම කුමරුගෙන් හිරිහැර වින්දා ...

පිළිතුරු ලෙස ඔබ සිරකර තැබුවා..

රජපෙළපත අභිමන් ජය ලැබුවා ...
-------

සවන්දෙන්න මෙතැනින්


මෙයාකාරයෙන් වින්සන්ට් ප්‍රේමසිරි සංගීතවේදී සුළවතාණෝ රාවණ නරපතියා සහ කාලගෝල අසරණ ගැමියා යන දෙදෙනා අරභයා ශ්‍රාවක අපේ දෙඇස් කෙවෙණි තුළ කදුඵ බිඳුවක් නංවන්නට සමත්වෙති. ඔවුහු මනංකල්පිත චරිත විය හැකිය. එහෙත් අව්‍යාජ නිර්මාණකරුවන්හට  මානව චිත්තාවේග ප්‍රකම්පනය කරන්නට සිමා මායමි නැති බවට මෙව් කදිම නිදසුන්ය. අවසනාවකට ඔවුන්ගේ පරපුරේ නික්ම යෑමෙන් අනතුරුව හෙළ කලා අඹරේ මෝදු වු අඥානත්වයේ අඳුරු කඵ වලාපටල දැන් දැන් අප හිස මතින් ඇදී, යමින් පවතී. එය කිසියම් මොහොතක හෝ ජනු සාහිත්‍යයේ විස්තර කෙරෙන  මුරුගසං වරුසාව අපගේ හිසමත පතිත කරවනු ඇත. එයින් පසු මේ භූමිය කලා - රසය සෝදාපාඵවී ගිය පාලු මුඩුබිමක් බවට පත් වෙනු ඇද්ද?

යළි මුණගැසෙන තුරු සමාප්තය සටහන් කරමි

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් ලිපි එකතුව
ප්‍රභාත් රාජසූරිය - 2022 වප් මසින් දසසතරවැනි දාතමෙනි.


Wednesday, October 5, 2022

බන්දුල විජේවීර ගැයු ගී - Bandula Wijeweera creations of 70s

 බන්දුල විජේවීර මියුරස ගී වින්දන දැහැන - 70 දශකය


මල් වටේ රෝස කැකුඵ ...............


මැදින් මට පෙනේ ....................


නිල්වලා යහන් ගැබේ ...


කිරිසිනා දිලේ 


යන්තැනේ සෝක තැවුල් ...


නිවාලන මිනේ...


එනුමැනේ මගේ යහනට


ඈත නොඉන්නේ ...

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

නැසිගිය ප්‍රවින පුවත්පත් කලාවේදී ගීත රචක ගාමිණි විජේතුංගයන් ලියු මෙකි පදවැළ ගීයකට හරවා තනු නිර්මාණය කර ඇත්තේ ගෝඨයිම්බර වැළපිල්ල නම් වු ජන ගීතයේ නාදමාලාව ඇසුරිනි. 70 දශකයේ සී ද එස් කුලතිලකයන් ගේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ කාර්ය භාරය වුයේ සාම්ප්‍රදායික ජන සංගීතය ප්‍රවර්ධනය කිරීමයි. ඒවා ඇසුරෙන් නව නිර්මාණයන් බිහිකිරීමයි. මෙහි නාදමාලාව වෙනුවෙන් සංගීත සංයෝජනය සිදුකළේ පසුකාලීනව සංගීතඥයෙකු නොව ගායකයෙකු ලෙස ගුවන් විදුලි ශ්‍රාවකයන් විසින් හඳුනාගත් බන්දුල විජේවීරයන්ය. ගැමි හඞකින් මනාව සන්නද්ධව පර්යේෂන ගී ගායන බලඇණිය වර්ණවත් කළ නන්දා පතිරණ ශිල්පිනිය ගේ හඞින් එය රසගැන්විනි. ඒ අනුව 1973-1983 දශකයේ නිරතුරුවම පර්f්ය්ෂණ ගී වැඩසටහන ඔස්සේ එය ගුවනින් විසුරුවා හරින්නට ගුවන් විදුලි බලධාරීන් කටයුතු කරන ලදී. 



බන්දුල විජේවිර ගායන ශිල්පියා නොව සංගීතඥයා හැඳින්වීමට පිවිසුමක් ලෙස ඉහත ගීතය පිළීබඳව අවධානය යොමුකරන ලද්දේ ඔහු ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට පෙර පවා දක්‍ෂ සංගීතඥයෙකු ලෙස කටයුතු කරන ලද බව පසක් කර දෙන්නටය. උක්ත ගීතය කරළියට පිවිසි 1975 පමණ යුගයේදී පවා ඔහුගේ හඞ අසන්නන්ට නුහුරු වුවද ඒ වසර ගතවු වහාම ඔහු ගුවන් විදුලි වැඩසටහනකට ගායනා කරන ලද්දා වු වෙනත් ගුවන් විදුලි ගීතයක් නිසා එකරැයින් ඔහු එදා ගුවන් විදුලි ගායන ශීල්පී මඞුල්ලේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගත්තේය. එහි ගෞරව බුහුමන අන් කවරෙකුට හෝ නොව හිමිවිය යුතතේ ඔහුටමය. කෙසේද යත්, එහිද නැසිගිය උපාලි ධනවලවිතාන නම් වු සොඳුරු රසවතාගේ පද සංකල්පනයට තනු සහ සංගීත සංයෝජනයන් මැවුයේ ඔහුම නිසාය.



දෝත පුරා මුතු මාල කථා ...........


දෑස පුර මනමාල කථා .........


ඈත ඉමේ සුදු සේළඑලා ....


නැළවෙන කුසුමිය නාරිලතා..............
----------------------------------

යූ තලයේ වීඩීයෝව නරඹන්න
------------------------

පෙරකී ගීත ද්විත්වයම 70 දශකයේ මහරු ගුවන් විදුලි ගීත නිධානයේ අමිල නිර්මාණ ලෙස නොසළකන්නට කරුණු නැත. රජයේ සංගීත විදුහලේ ශීල්ප ඥානය අත්කරගන්නා ලදුව පසුව ගුවන් විදුලිය ඔස්සේ ලාංකීය සංගීත කලාවට මහගූ මෙහෙවරක් ඉටුකළ ශිල්පි ශීල්පිනියන් අතර ඔහුද වෙයි.


ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඔහුව සිය සංගීත සංයෝජන රටා ඇතුළත් හුළවාලි සිනමා පටයේ ගී ගයන්නට තෝරාගැනීම නිසා, සිය නාමය වඩාත් හොඳින් කලා රසිකයන් අතරට පිවිසියේය.

කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ ...............


පතිකුලයට අද ..................


කැන්දන් එනවා ...........


දුම්බර මැණිකේ ...............


මනුකුල සිරිතට ...


පතිකුලයට අද ...


කැන්දන් එනවා ..


දුම්බර මැණිකේ...



ඉක්බිති දශකයේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ අනික් යාවජිව සාමාජික රෝහණ බැද්දගේ සමගින් එක්ව මාමායි බැණයි ද්විපුද්ගල ප්‍රසංගයේ යෙදෙන්නට පෙරාතුව ඔහු එක්තර සිමිත ප්‍රමානයක ගුවන් විදුලි ගීත සඳහා හඞින් සහයෝගය පළකළ අතර ඒවා එකකුදු නෑර ශ්‍රාවකයන්ගේ ආදර ගෞරව සම්මාන සත්කාරයට බඳුන් විනි.


01 හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි ....


තැන් තැන ඇවිදිනවා ...


හිතෙන හිතෙන තැන ..


නවතිනවා..


(මහාචාර්ය සුනිල් ආරියරත්න - ආචාර්ය වික්ටර් රත්නායක)


එහෙත් බන්දුල විජේවීර ගේ අසමසම ගී හඞ රැව්පිළිරැව්දෙන්නට වඩාත් තෝතැනි වුයේ ගුවන් විදුලිය එදවස නිර්මාණය කළ දේශාභිමානී අරුණා්දයේ ගීතාවලියයි. තමාට පැවරුණු වැඩසටහන් සම්පාදක තනතුර ඉතා හරවත්ව අපතේ නොහැර අවභාවිතා නොකර හෙබවු නැසිගිය ප්‍රවිණ ගායන ශිල්පිනී ජී එස් බී රාණි පෙරේරා විසින් නිර්මාණය කරන ලද ජනප්‍රසංගනී, ප්‍රබුද්ධ ගී ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයන් රසවත් කළ සමූහ ගීතාවලියේ දී පසුබිමින් නැගී තරව රැව්දුන්නේ ඔශුගේ හඞය.


සාගර වෙරළේ වැව් බැන්දෝ අපි .......


කැටපත් පවුරේ ගී ලිවෝ අපි .........


නොසැළෙන නොබිඳෙන නොබැඳි පවුල අපි ............


(සෝමපාල රත්නායක - ගාමිණි විජේතුංග?)

ගායන සහය - නැසිගිය නීලා වික්‍රමසිංහ සමග ආනන්ද වීරසිරි

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------


වැව්තල බඳවා ගොවිතැන් කරවා .............


අටුකොටු සහළින් පුරවන්නයි...


මී මුත්තන් අපේ පණනළ හෙඵවේ....................


(ආචාර් ය රෝහණ වීරසිංහ සමග )

--------------------

උදාර සිංහල යශෝ කීර්තිය


අහස උසට රැව්දෙන සංකේතය


පුත ඔබ ඉපදුනු සිංහල දේශය


වසා සැළෙන මේ සිංහ ධජය මේ


මිණිමුතු සැදුනේ කෙත්වතු සැදුනේ


විරුවන් දිනුවේ මේ සෙවණේ


(ගී පද - නැසිගිය ස්වර්ණ ශ්‍රී බන්ඩාර සංගීතය - බන්දුල විජේවිර)

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

සහ තවත් ජනප්‍රිය ගීත ගණනාවක දී ඔහුගේ යොවුන් ගී හඞ ඇසෙයි.


ඊට අමතරව පුංචි කාලේ අපි සිංදු කියපු හැටි, බිඳුවෙන් බිඳුවට මාල සදා දෙන්නයි (පන්ඩිත් අමරදේව නීලා වික්‍රමසිංහ සමග), දෙපා නගන්නට හිත නැතුවාථ, නිදහස ගැන කවි කියන්න රසකර සී පද, (චිත්‍රානන්ද අබේසේකර)  පොත්ගුල අතරේ තර්කවාද මැහැළිය තුරුලේ (ස්වර්ණ ශ්‍රී බන්ඩාර), රිදී නිම්නය කදුඵ නිම්නය ඔබය මගේ වැනි ගී සදාතනික සිහල ගී නිමැයුම් අතරට පිවිසෙයි.


ගුවන් විදුලි සරළ ගීයට ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හඳුන්වාදුන් ශීල්පියා විජේවිරයන්ය. 


-----
එඩ්වර්ඩ් ජයකොඩි සහ රෝහණ බෝගොඩ
------

සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි.............


යළට මහට කෙත් සරු වි පැහෙන්නයි............


ගොයම් කරල් රන් පාටින් දිළෙන්නයි............


අවුරුද්දේ සුභ ආසිරි ගෙනෙන්නයි.........


නව හිරු පායා නව සඳු පායා ..............


(ගැයුම - එඩ්වර්ඩ් ජයකොඩි සමග රෝහණ බෝගෝඩ ගී පද නැසිගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

--------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

ගුවන් විදුලි ගීතාවලිය පුරා පැතිර විසිර පවතින පෙම් ගී සමුච්ඡයේ ඉඳහිට නැවුම් තේමාවක් ඔස්සේ ලියැවුනු ගීත ද හමුවේ. ළපැටියන් නිතර ගැවසෙන දෙහිවල සත්වෝද්‍යානය ට පිවිසෙන ළමා වැඩිහිටියන් දොරටුවෙන් වමට හැරී එහි දිවිගෙවෙන විසිතුරු සාගර මත්ස්‍යයන්ගේ විමන වන මින් මැදුරට පිවිසෙන්නට අමතක කරන්නේ නැත.


එහිතුළ ගතකරන කෙටිකාලාන්තරයකදී, ඇසට ඇසක් හැටුනේනම් ? නුරා නෙත් පහර වැදුනේ නම් ? ඔවුන් ගේ ආදර අන්දරය සටහන් කෙරෙන ලීලාව කෙබඳුවේද ?


සිරිකත සරසවි ............අතිනත අරගෙන


හෙළකත හමුවෙන ....තැන මෙතැනයි....


මින් මැදුරයි ...මිණි යුග දෙනෙතයි...


නුරා බැලුම් හද සළිත කරයි............


මින් මැදුරේ මින් මැදුරේ මින් මැදුරේ බැඳි ආදරේ.......................


තාවතිංස දෙව් විමානයේ ...


අසිරිය මැවෙනා මින් මැදුරේ


නන්දන උයනේ චන්දන සිහිළස


මින් යුග දෙණුවන් අතර මැවේ.................. 


මීනරංග රග ඇගේ නුවන් යුග...


මහද රගහලේ රග දෙනවා ...............


සිත්නොවමත්වී සුවසේ මගෙ නතේ


ඇගේ නෙත් යහනේ නැළවෙනවා..................

----------------------------

ගී පද - චන්ද්‍රසිරි රාජපක්‍ෂ


තනුව සහ සංගීතය - ශිල්පි බන්දුල විජේවිර


ගීතය නිර්මාණය - ලංකා ගුවන් විදුලිය  - 70 දශකය අවසන් යුගය

-----------------------

යූ තලයේ වීඩියෝව නරඹන්න