එදා මෙන්ම හැමකල්හීම ළපැටියන්ගේ සිට වෘද්ධයන් දක්වා... අසනු මනා .....අහසින් පොළවට බට ගී පද රස විත..............
60 දශකයේ කණ්ඩායම් සංගීතය බිහිවු යුගයේ දොරට වැඩි ගායක කණ්ඩායම් ගණනින් පණහ ඉක්මවා ගිය බව කියැවෙන අතර එයින් අනතුරු දශකයෙන් ඔබ්බට පියනගා දසවසකට වඩා අයුවිඳි සංගීත කන්ඩායම් පැවතුනේ අතැගිලි ගණනකි. ඒ අතරින් ද සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න නියමු කාර්තව්‍යයේ යෙදුනු ඔහුගේ සහෝදරයන්ගේ කණ්ඩායම වු ධර්මරත්න බ‍්‍රදර්ස් කැපි පෙනෙයි. ඒ ඔවුන් අඩසියවස් ගණනක් ඉක්මවා අද පවා ආරාධිත සංදර්ශන වේදිකාවේ ශීල්ප දක්වන බැවිනි.
ඒ නයින් එකී කණ්ඩායමේ ගීත රසවිඳි එදවස ගීතලෝලීන් මෙන්ම පසු පරම්පරාවන්හි එකී ගීත ශෛලියට පෙම්බැඳි රසික සහෘදයන් ඔහුව ගායකයෙකු තනු නිර්මාපකයෙකු සහ සංගීත සංයෝජයෙකු ලෙස හොඳින් හඳුනන්නේය. එහෙත් මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී ප‍්‍රබන්ධකයා ගැන දන්නෝ අල්ප සංඛ්‍යාත බව නිසැකය.
ඔහු. එදා ඔහුගේ සෙහේදරයන් වෙනුවෙන් මතුනොව, අවශේෂ ශීල්පීන් උදෙසා ලියු ගීත ද ගණනාවකි. ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක සත්සර නාදරටා නිමැයුම් ඔහු විසින්ම සිදුකරගන්නා ලද්දේය. එනමුදු, වෙනත් සංගීතඥයන් ද ඒ කාර්යභාරය ඉටුකළ අවස්ථා විරළ නොවේ.
------------------------ශිරෝමි මුල්වටයේ ළමා ගී ගැයු යුගය - 1969-1972 (අවු 09-12
---------------------
මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී සංකල්පනා මවන්නා පළමුකොට ධර්මරත්න බ‍්‍රදර්ස් ගායක කැළ වෙතින්ම හඳුනාගත හැකි වෙතත්, ඉන් පරිබාහිරව ඔහුගේ පබැඳුම් හොඳින්ම ගොණු වි ඇත්තේ එදා ළමා මෙන්ම වැඩිහිටි රසිකයන් ද මන්මත් කළ හුරුබුහුටි කෙළීලොල් ගී හඞකින් ඔවුන් ආමන්ත‍්‍රණය කළ ශිරෝමි ප‍්‍රනාන්දු ළමා ගායිකාව ආශ‍්‍රිතවය.
බරසාර භාෂා භාවිතයෙන් මිදී, සරළ සුගම පද එක්තැන් කොට ඔහු ඇය වෙනුවෙන් ගී ලියාදුන්නේ ඇයට සවන්දෙන ළමා ශ‍්‍රාවකයන්හට ඒවා කිසිසේත් දුරවබෝධ නොවන්නට වගබලාගනිමිනි.
රස්සාවට ගොස් ඔහු එනවා ...............
මට සිනිබෝල හෙම දෙනවා ....
සෙල්ලම් බඩු ගෙනල්ලා දෙනවා ..........
මගේ තාත්තා හරිම හොඳයි....
මට රසවත් ආහාර කවලා ...
පාසල වෙත මෙමාව යවලා ..
රෑ වුනාම මා නිදිකරලා ...
නළවා දොයි දොයි කිව්වා ....
----------------------------------
----------------------------------
-------------------------
ආකාසේ රැුස් විහිදා ඉර පායා එන්නේ..... ආදරේ හිතෙනවා දැක්කම - 1972 ගීත පටිගතකීරිම (වමේ - පී එල් ඒ සෝමපාල දකුණේ - නීල් රූපසිංහ)
---------------------
ඒ බාලළමාවරුන් සිය මව්පියන් ඔවුන්ගේ ලෝකයෙන් ඔවුන්ගේ ඇසින් දුටු ආකාරයයි. ඔවුහු පාසලේ පහළ ශ්‍රේණිවලදී ඔවුන් ගැන රචනයක් ලියා තබන්නේම් නම් එහි ඇතුළත් වදන් වැළ ඉහතින් වෙනස් නොවනු ඇත්තේය. යළිත් දිනක ඔවුන් සිය මිත්තණිය ගැන ලියනු ඇත්තේ කෙබඳු ලෙසද ? එහිදී අප ගීත ප‍්‍රබන්ධකයා නොදැනුවත් ව හෝ කවිසමයේ (මල්මද බිසව) වදනක් දෙකක් අතරින් පතර රුවාලන්නට උත්සුක වී ඇති බව පෙනීයයි
ආච්චි හැඩකාරි අපේ ගෙදරට සීදේවි ...............
දත්නැති කටමට පෙන්වාලා ..........
ආච්චි හිනහවෙලා ....
මල්මද බිසව වගේ ...
ලස්සන මුහුණ ඔබේ ...
රජකාලේ වුනු කථා කියන්නේ ..
ආච්චි හිනහවෙලා ....
-------------------------------
එහෙත් ඔහු නිරායාසෙයෙන්ම දුෂ්‍ය නොවු නැවුම් සිහිල් දියදහරක් බඳුවන් හදවත් ඇති ළපැටියන්ගේ දයා කරුණාපරවශ ගුණය මතුකොට දැක්වු අවස්ථාවන්ද හමුනොවන්නේ නොවේ. එහිදි ළදැරිය ගේ අවධානය දිනාගන්නේ බළලෙකු නොව බැළලියකි. ඇය එහිදි බළල් දෙමහල්ලන්ගේ වතගොත කියන්නීය.
--------------------------පළමු ගී ඇල්බම් තැටි කවරයේ ශිරෝමි - සූරිය ලේබලය (අවු 11 පමණ)
----------------------
පුඵන් කොට්ට අත්දෙක තබලා ...
හෙමින් හෙමින් වටපිට බලලා ....
ගමන් බිමන් යාමට හපනා බළල් හාමිනේ ..
හීන් සැරේ මා දෙස බලලා ...
ඥාව් ..ඥාව් ගීතය ගයලා ..
මගේ උකුල් තලයට පනිනා බළල් හාමිනේ ....
බළල් හාමිනේගේ සැමියා බළල් රාළහාමි............
රැුවුල් මුණ පුම්බාගෙන මට ආඩම්බර පාවි..........
--------------------------------
ඔහු ඉතා සියුම් ලෙස ක‍්‍රමයෙන් සිය ළමා ගීත සංකල්පනා පෙළ එදා සමාජයේ විවිධ පැතිකඩ කරා මෙහෙයවයි. එදා ඉතා බහුළ ලෙසත් පුඵල් ලෙසත් විසිරි පැතිර පැවති ළමා මෙහෙකාරකම එනම් ළමා ශ‍්‍රමය සුරකෑම පිළිබඳව සමාජයේ අවධානය යොමුකරවන්නට ළමයෙකුම යොදාගන්නේය.
-------------------ශිරෝමි සිය ගී තැටිවලට නිවසේදී සවන්දෙයි
---------------
මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ ....
අසරණ අනාථ පුංචි බබෙක් මං ....
පිටකොටුවේ මරදානේ බොරැුල්ලේ ..................
-------------------------------
සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ ...
සකළ බුජං අහිංසකයි ...
අහිංසකයි වුනාට හරිම කඩිසරයි...
සකළ බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ ..,
සකළ බුජෝ අතුගාපන් අක්කා කියන්නේ ..
වයස අටයි පොඩි කොල්ලා ..,
පොඩි කොල්ලා වුනාට වැඩට දක්ෂයා ...
------------------------
හඳමාමා ළමා වැඩසටහනේ මෙහෙයුම්කරු ලැම්බට් පෙම්මාවඩු ගේ සරණ බන්ධනය දා - වමේ සිනහමුසු මුහුණින් - මෙල්රෝයි ධර්මරත්න - මනාලිය සමග ශිරෝමි
----------------------
---------
ශිරෝමි ගී - 1971 වාද්‍ය වෘන්දයේ දී ජලතරංග සහ සිතාරය නැසිගිය පියදාස අතුකෝරාළ සංගීතවේදියා විසින්ද තබ්ලා වාදන නඩරාජා විසින්ද (ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය) මෙන්ම හවායන් ගිටාර් වාද්‍ය ශිල්පී උපේන්ද‍්‍ර ප‍්‍රනාන්දු විසින් ද සිදුකරන ලදී. පටිගතකිරීම - සරසවි ශබ්දාගාරය - දඵගම කැළණිය - ශබ්ද ඉංජිනේරු ම ර්ර්වින් රොද‍්‍රිගෝ ගේ අධික්‍ෂනයෙනි.
----
ජනකාන්ත ගුවන් විදුලි ගායන ශිල්පියෙකුට හැරෙන්නට අන් කවර ආගන්තුක ගායන ශිල්පියෙකුට හෝ සිය තැටි ලේබලයන්හි ගීත ගයන්නට 60-70 දශකයන්හී වෙළඳ තැටි ව්‍යාපාරික භවතුන් ඉඩ දෙන්නට බලවත් සේ මැළිවිය. ඒ ඉතා අධික නැවුම් ගීත ප‍්‍රමාණයක් සිනමාවෙන්ද වේදිකාවෙන්ද ගුවන් විදුලියෙන් මෙන්ම තම ව්‍යාපාරික සගයන්ගේ තැටි ේලබලයන්ගෙන් ද නිරන්තරයෙන් බිහිවෙද්දී ආධුනික ගායකයන් ගේ ගීත ප‍්‍රතික්‍ෂේපවීමට වැඩි ප‍්‍රවණතාවයක් පැවති නිසා වන්නට ඇත. එසේ තිබියදී ගුවන් විදුලියේ පවා නමක් නොරැුඳු ළමා ශිල්පියෙකු වෙනුවෙන් බරපැන දරන්නට ඔවුන් කිසේසේත්ම එකග නොවිය. එහෙත් ශිරෝමි ප‍්‍රනාන්දු 60 දශකයේ දී සුමනා ජයතිලක සහ ලැම්බට් පෙම්මාවඩු ගේ හඳමාමා ළමා සගරාව ගුවන් විදුලි වැඩසටහනට පොඩි කාලේ දගකෙරුවාම (අම්මා - තාත්තා* අපුරුවට ගයනා කළ තිබු නිසාදෝ එය කිහිපවරක් පසුව ගුවනින් ප‍්‍රචාරය විමේ වාසිය පමණක් සළකා සූරිය ලේබලයේ මෙහෙයුම්කරු ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා සිය ලේබලයේ ඒ ගීතය නව සංගීත සංයෝජනයෙන් ගයන්නට ඉඩකඩ සළසා දෙන්නට එකග වු බව කියැවේ.
අදාළ තැටියට ලැබුනු අදහගතනොහැකි අසිමිත ජනප‍්‍රසාදය හමුවේ, එතැන් හි සිට ඔහු ගේ ලේබලයේ ඉඩකඩ සිගිති ඇය වෙනුවෙන් නිරන්තරයෙන් විවර විය. ලක් ඉතිහාසයේ මුල්වරට බටහිර නාදමාලා සහ වේගරිද්ම රටාවෙන් ළමා ගායන ශිල්පියෙකු සංගීත ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදීමේ භාග්‍යය යොවුන් සංගීතඥ මෙල්රෝයි ධරමරත්න හිමිකරගත්තේය. ඔහුගේ අපිරිමිත කැපවීම සහ ධෛර්යය නිසා ශීරෝමි ගී ජනාදරයට පත් වෙද්දී, ළමයින්ටද ලාංකීය ගීත කෙත සරුකිරීමේ ඉඩකඩ පවතින බව පසක් කරගත් සෙසු කලාකරුවන් ද, එතැන් හි සිට ළමා ගී වෙළඳ තැටි හඳුන්වාදීමේ ක‍්‍රමවේදය වෙත නැඹුරු වූහ. පසුව ඊට එකතු වු ඔවුන්ද සාර්ථකත්වය අරුනඵ දුටුහ.
මෙතැන් සිට ඉදිරි සතියට....................
ස්තුතිය - ප්රවීන සංගීතඥ ෙමල්ෙරා්යි ධර් මරත්න මහතා ෙවත
(සේයාරූ උපුටාගැනීම ශීරෝමි ප‍්‍රනාන්දු වැලිකල සහ මෙල්රෝයි ධර්මරත්න මුහුණූපොත් පිටු වෙතිනි)
මෙල් රෝයි ධර් මරත්න මහතා සහ ශිරෝමි ප්‍රනාන්දු මහත්මිය නමින් තැබුණු මේ අපූරු සටහන, අපේ ද සොඳුරු අතීතයක මතක සටහනක් ලෙසින් දකිමි... විඳිමි...
ReplyDeleteස්තුතියි, ප්‍රභාත්.
ප්‍රණාමය වේවා...හිතවතිය, ළමා ගී අසන්නට ළමයින් නැත. ඔවුන් වැඩිහිටියන් හා සමය.ළමෝ ගතින්ද සිතින්ද එපරිදි දිවිගෙවු යුගයක ආවර්ජනය එදා ළමුන් වු අපගේම සංතෘෂ්ඨිය පිණිස මිස අන් කවර කරුණකටද ?
Deleteඅපූරු සටහන ක්
ReplyDeleteඔබට ස්තුතියි ඇනෝනිමස් මහත, මහත්මිය, මෙනෙවියනි
Deleteඅපට මතක අපේ රසබර අතීත මතක බිඳක් ගෙන ආවාට ස්තුතියි.
ReplyDeleteසටහනකින් හෝ, මෙළෙස අගය කිරීම, මා දිරිගැන්වීමකි. ස්තුතියි
Deleteඅපේ ලමාවිය රසවත් කල ලමා ගි.. හදමාමා වැඩසටහන.. කවදාවත් මතකයෙන් ඇත් නොවේ.. මේ වාගේම ඒ කාලේ සවස ප්‍රචාරය වු විරිදු ගි පිලිබදවත් ලියන්නකෝ.. මට තාම මතකයි ඒ විරිදු ගිතයක්.. පටාචර සාමිනේ ඇයි නිතරම කරදරේ මෙහෙකරැවෙකු වන මට ඇයි මේතරම් ආදරේ
ReplyDeleteවිරිදු ගී එක්තරා ප්‍රමානයක් මා සතුයි
Deleteඑවැනි ලිපියක් දැනටමත් ලියා අවසන් ඉදිරි දිනක පළකරන්නම්
යුගයක ළමයිගෙ ගැන දැන ගන්නත්
ReplyDeleteහොඳම මඟකි මේ ගී ටික ඇසුමත්
ඇහැකියි ආයෙම දරුවෙක් වෙන්නත්
මේ ගී සුමුගෙන් වූයෙමි මන්මත්!
විපරිත ලොවේ විගඩම් අසනා දෙසවන්
Deleteබහු රූ කෝලම් දැක නැටවෙන දෙනුවන්
ළමයින් වුවත් කරනා කියනා කියුමන්
අදහාගත නෙහැක කුමටද රසගී දැන්
බොහෝවිට ළමා ගී යනුවෙන් ගැයුනේ වැඩිහිටියන්ගෙ බසය, අදහස් ය. ඒවායින් ළමා සිතිවිලි නිරූපනය වූයේ මද වශයෙනි. ධර්මරත්නන ශූරින්ගේ ළමා ගී මෙම ඌනතාවයෙන් මිදුනු ලස්සන නිර්මාණයන් ය..
ReplyDeleteළමයින් එවිට නොමේරූ වැඩිහිටියන් බවට හැරේ, අකලට පැසෙනා ඵල සේය, ඒවා නිීරසය, ගුණවිරහිතය, වහා නැසෙයි.
Deleteඅද ළමයින්, වැඩිහිටියන් ට උපදෙස් දෙන්නේ ඔවුන් ළමාවරුන් බව ඔවුන් ම නොදැනය. හෝ තවත් අය, එය නොඅදහයි.