නාද මිහිර නොම වියැකී ගිය ඒ ගී රසය ගුවනින් ඇසුණා පමණි......වානිජ තැටි ගීය පරදවාලු ගුවන් විදුලි ගී වින්දන..
වත්මනෙහි වැඩිහිටි වියේ සිටින එනම් වයස අවුරුදු 45 ක් හෝ ඉන් ඔබ්බට ගමන් කරනු ලැබ ඇත්තා වු ගී රසවතුන් බොහොමයක් ගුවන් විදුලිය ඔස්සේ සිය රසිකත්වය වඩවා ගත්තෝ විමට ඇති ඉඩකඩ ඉතා බහුලය. එවැන්නෝ විමසු කළ ඔවුහු අපි පුංචි කාලේ රේඩියෝ නිතර ඇහැව්වා ................. යන වදනින් පිළිතුර සැපයෙනු ඇත්තේය. ඒහි ගැබ්වු ඔවුන්ගේ පුංචි කාළය පිළිබඳව වැඩිමනත් කරුණු හාරා අවුස්සා පැණයන් නගන්නේ නම් ඔවුහු මෙසේද කියනු ඇත්තේය.
-------------------------01 ශීලා පරණමානගේ - රන් හූයෙන් අතැගිලි පටලා - ගායිකාව
02 මර් වින් පෙරේරා -- දියඵම දිය ඇළි - ගායන ශීල්පියා
-----------------------------
ඒ කාලේ අපේ රේඩියෝ එක මහ විසාලයි. ලොකු පෙට්ටියක් වගෙයි...........
එය එසේමය මෙකී ඒ කාලය යටත් පිරිසියෙන් 70 දශකයයි හෝ ඉන් එපිට යුගයයි. එදවස පැවති ප්‍රථමික තාක්ෂනය ඉලෙක්ට්‍රෝනික් තාක්ෂනය විකුම් පාන්නට පෙර අවධියේය. අතැගිලි දෙකක් එක්වු තරම් පුඵලැති ඒ තරම් උසැති උපාංග ගණනාවකින් සමන්විත වුද ඒවා අධික ලෙස රත්වීමෙන් ගන්ධයක් නිකුත් කරමින් තිබුනා වූද දෝත පෑ විට එහි වර්ගඵලය ද ඉක්මවා යන තරමේ ඕවලාකාර ස්පීකරයකින් සමන්විත වූද ඒ ගුවන් විදුලි යන්ත්‍රයන් වෙත සේවා සපයන ලාංකීය ගුවන් විදුලි සේවා මාධ්‍යයන් පවා තිබුනේ ප්‍රාථමික තාක්ශනයට යටත් වය. ඒ අනුව එයින් නිකුත්වන හඞ වත්මනෙහි මෙන් පැහැදිළිව පැතිරුනේ නැතිබව පෙර කී ශ්‍රාවකයන් අත්දෑකිමෙන් සිහිකැඳවාගනු ඇත. එහි බලපෑමට වඩාත්ම හසුවුයේ නිවේදකයන් ගේ හඞ ට වඩා ගීතයන්ගේ නාදයයි. ඒවයේ වාදනය වන වාද්‍ය භාන්ඩ සිය ගණනක් වුවත් සවනත වැකුනේ අල්ප ගණනකි.
වේගරිද්ම ගීතයේ බටහිර ආර අනුගමනය කලේ නම් වැයෙන ඩ්‍රම්ස් නාදරටා එහිදී දුර්වලය. හොඳන් ඇසුනේ නැත්තේය. එහෙත් ගී ශ්‍රවණය කිරීමෙන්ම ලත් අත්දෑකිමෙන් හා පළපුරුද්දෙන් එහි එකී වාද්‍ය භාන්ඩය වැයෙන බව ඇතැම් ගීතලෝලී ශ්‍රාවකයන් හොඳින් වහට ගනු ලැබි තිබිණ.
ගුවන් විදුලියෙන් සති අන්තයේ වාදනය කෙරෙන වෙළඳ තැටි වෙළඳ වැඩසටහන් තුලින් සවනත වැකුණි. ඒවා උපරිම වාද්‍ය රසාස්වාදයක් ද මිහිරියාවක්ද ලබාදුන්නේය. ඒ පෙරකී සංකීර්ණ වාද්‍ය රසමුසුව නිසාය. ඊට සමගාමිව සරළ උත්තර භාරතීය වාද්‍ය රසයෙන් සමලංකෘත වු ගුවන් විදුලි කාර්යාලයයේ පටිගත වු ගීත වෙන්කර හඳුනා ගත හැකිවුයේ ද මතු කි අත්දෑකිම් සහ පළපුරුද්දෙනි. වැඩිකල් ගත්වන්නට පෙර ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නන් නිර්මාපක රසවතුන් ද ඔවුන් ගේ නිර්මාණ වෙළඳ තැටියෙන් නැගෙන ගීතවලට රසයෙන් නොපරදින්නට ගුණයෙන් නොපිරිහි පවත්වා ගන්නට ද වෙර දෑරූහ. ඒ කෙසේද යත් ඔවුන් ද බටහිර වාද්‍ය රසය තමන්ගේ නිර්මාණ සංගීතවත් කීරීමට යොදාගත් බැවිනි.
ඒ අනුව තැටියකින් හෝ 70 දශකය අවසන් භාගයේදී සංගීත වෙළඳ පොළ අක්‍රමණය කල කැසට් පටයකින් හෝ පවා ඇසිය නොහැකි නමුදු ගුවන් විදුලියෙන් පමණක් ම ඇසිය හැකිව තිබුනා වු ගීත එයින් බිහිකරන්නට පෙරමුන ගන්නා ලද්දේ අන් කවර කරුණකට වඩා තමන්ගේ කාර්ය භාරයේ වගකීම හොඳින් අවබෝධකරගත් ගුවන් විදුලි ශිල්පීන් විසිනි.
ගුවන් විදුලි ගීත බටහිරකරණය කරනට පෙරමුණ ගත්තාවු ගාන්ධර්වයන් අතර නැසිගිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙන්ම ආචාර්ය වික්ටර් රත්නායක ද පසුව සරත් බාලසූරිය, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, රෝහිත විජේසූරිය,මර්වින් පෙරේරා, සේන ජයන්ත වීරසේකර, පී එල් ඒ සෝමපාල, පැට්‍රික් දෙණිපිටිය, මොහාමඩ් සාලි, වික්ටර් දඵගම, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ලයනල් අල්ගම වැන්නෝ නම්කළ හැකිය. ඔවුහු අවසර ඉඩකඩ ලැබෙන පරිදි සීමිත ලෙස සීරුවෙන් ඒ කටයුත්තට අත ගැසීය. ඊට සිය ආයතනික සිමා මායිම් අසිරූවෙන් අපහසුවෙන් ලිහිළ් කරවාගෙන දොරට විවර කර දුන් එහි එදවස සංගීත පාලක ධූරය හොබවු ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ භූමිකාව ද කෘතඥ පුර්වකව සිහිකටයුතු මනාය. සංගීතවේදී සරත් දසනායකයන් විසින් ද ගුවන් විදුලි ගීත මහත් රාශියකට සංගීතය මුසුකරමින් තනු නිර්මාණය කළද ඔහු එහි ක්‍රමවේදයට අනුගත වෙමින් බටහිර සංගීත භාන්ඩ අවම ලෙසින් යොදාගත් බවක් පෙනීයයි. එහෙත් ඔහු වෙළඳ සහ සිනමා සංගීතයේදී එය පුර්ණලෙස වෙනසකට භාජනය කළේය.
මවුත් ඕගනය - එකොස්ටික් ඩ්‍රම්ස් කට්ටලය - එකෝඩියනය - විද්යුත්කරණය කල වයිබ්‍රෆෝනය, ඕබෝ, කොරැංගලිස්, ඉන්ග්ලිෂ් මැන්ඩලීන්, ක්ලැරිනට් සහ පසුව 60 දශකයේ මධ්‍ය යුගයේදී ලක්දිවට සපැමිනි ඉලෙක්ට්‍රෝනික සරපුවරුව (ඕගන්) ද ක්‍රම ක්‍රමයෙන් ගුවන් විදුලි ගීතය රසගන්වන්නට හැඩගන්වන්නට විය.
ප්‍රතිඵලය වුයේ වෙළඳ පොළට නිකුත් කර තිබුනු වානිජමය තැටි ගී රසඋල්පත පරදවා ගුවන් විදුලි ගීතය ශ්‍රාවකයන්ගේ හද බැඳ ගැනීමට සමත් වීමයි. මීට නිදසුන් අල්පයක් හෝ ගෙනහැර නොපෑවේ නම් මෙම සටහන අර්ථවිරහිත වනු ඇතැයි සිතේ. මෙම ගීත එදවස ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පී වික්‍රමයන් බව එදවස මෙන්ම මෙදවසද දැන කියා ගත් ශ්‍රාවකයන් අතිශයින් විරළ ය. එහෙත් සංගීතඥ ගායකයන් එය හොඳින් දනිති.
මේ අතරවාරයේ ඇතැම් ගායන ශීල්පීන් තමන්ගේ ගීතයන්හි වාද්‍ය රසය උත්පාදනයට හේතු වු සංගීත සංයෝජනයන් පිළීබඳව වඩාත් සැළකිලිමත් වු අතර, ගුවන් විදුලි කටහඞ පරීක්‍ෂනයටද පාත්‍ර වන්නට වරම් ලැබ ශ්‍රේණිගත සරළ ගී ගායනයට අපොහොසත් වු නිසාදෝ සිය පෞද්ගලික බරපැණ වියහියදම් කරමින් බාහිර ශබ්දාගාර සහ වාද්‍ය මන්ඩලයන් තමන්ම සපයා ගනිමින් තමා විසින්ම ගීත පටිගත කරවා ඒවයේ මුල් පිටපත් ඇතුළත් හඞ චුම්බක පටි ගුවන් විදුලිය වෙත ගෙනගොස් භාරදිමේ අවදානම් කටයුත්තේ නිරතවිය. එය එසේ අවදානම් වන්නේ කෙසේද යත්, ඒවා ප්‍රචාරය කිරිමේ පුර්ණ අනුමැතිය ලබාදීමේ වගකීම සතුවුයේ සංගීත පාලකවරයා හටය. ඔහු හෝ ඇය එය ප්‍රතික්‍ෂේප කළේ නම් එවිට අදාල ගායකයා ගේ පෙර කී සියඵ උත්සහයන් අපතේ යන්නට ඉඩ තිබින.
මෙම වර් ග ෙය් ගායන ශිල්පීන්ට හොඳම සහ ප්‍රමුඛතම නිදසුන වුයේ චන්ද්‍රකුමාර් කඳනාරච්චිය. ඔහු ගේ නෙඵම් විළේ කැඵම් පෙරා (ගී පද ප්රේමකීර්ති ද අල්විස් සංගීතය උපාලි කන්නන්ගර තනුව ගායකයා සතුය) මෙන්ම ඇගේ සිනහව තහනම් (ගී පද කේ ඩි කේ ධර්මවර්ධන තනුව ගායකයා සතුය සංගීතය උපාලි කන්නංගර) එවැනි ප්‍රමුඛතම නිදසුන් ද්විත්වයකි. ඔහුගේ වාසනා මහිමය එයින් මතුවුයේ ඒවා ගුවන් විදුලිය විසින් ප්‍රචාරය කරන්නට අකමැත්ත පළ නොකිරීමත් ඒ නිසා ඒවා අවසානයේ ගුවන් විදුලි ශ්‍රාවකයා ගේ මනා අවධානයට ලක් වි ප්‍රසාදයට පත් වීමෙන් ඔහු එදවස ගුවන් විදුලි ගායන ශීල්පියෙකුගේ තත්වය හා සමවන මට්ටමට පැමිණිමෙනි. 70 දශකයේ මුදල් හදල් සතුව තිබිම නිසා තම නිවසේ පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමිකරුවන් වු රසිකයන් හට එදා වෙළඳ පොලේ කිසිවිටක චන්ද්‍රකුමාර් කඳනාරච්චිගේ ඉහත ගීත ඇතුළත් වෙළඳ තැටියක් මිළඳි ගන්නට අවස්ථාව නොවිය. මන් ද යත් ඒවා ද එක්තරා අන්දමකින් ගුවන් විදුලි ගීතම වු නිසාමය. (එහෙත් පසුව ඒවාද කැස්ට පටවලට ගායනා කරන්නට යෙදුනි)
පූර්ව කැසට් තාක්‍ෂන යුගයේදී, තමා උන්මාදනීය කළ ගුවන් විදුලි ගීයක් නැවත නැවත ශ්‍රවණය කිරීමේ වරම ලබන්නට රසිකයන් සිහින මැව්වද ඒ සිහින සැබෑ කරදෙන්නට නම් වෙළඳ තැටි ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී අදාළ ගායකයා ලවා ඒ ගීතය බාහිර ශබ්දාගාරයක ප්‍රතිනිර්මාණය කරවා තැටිවලට නංවා අලෙවි කළ යුතුවියයුතුමය. සූරිය තැටි ලේබලය හිමිකරු වු ජෙරල්ඩ් වික්‍රමසූරිය රසවතා මෙන්ම ජෙම්ටෝන් ලේබලයේ හිමිකරු විජයපාල හෙට්ටිආරච්චි ව්‍යාපාරික භවතාණන් ඊට ඉදිරිපත් වූ නිසා මෙකී ශ්‍රාවකයන්හට පන්ඩිත් අමරදේව, නන්දා මාලිනී සහ වික්ටර් රත්නායක මෙන්ම සනත් නන්දසිරිගේ ගුවන් විදුලි ගීතවල නව පටිගතකීරිම් රසවිඳින්නට අවස්ථාව හිමිවිය.
පන්ඩිත් අමරදේව ගැයු
අනෝතත්ථ විල නෙඵම නෙළාලා (අමිතා වැදිසිංහ සමග) - ගී පද සුනිල් සරත් පෙරේරා සංගීතය වික්ටර් දඵගම
මින්දද හීසර වැදී සැළෙන හඞ - ගී පද මඩවල එස් ර්ත්නායක
බඹරෙකු ආවයි නිරිත දිගේයා - මඩවල එස් රත්නායක
වික්ටර් රත්නායක ගැයු
ප්‍රේම පරාදිසේ - ප්‍රේමකීරති ද අල්විස්
සිහින සතක් දුටුවෙමි මම - ප්‍රේමකීරති
අමිතා වැදිසිංහ ගැයු
රන් දොරින් එන්න ආදරේ - කරුණාරත්න අබේසේකර - වික්ටර් දඵගම
නන්දා මාලිනි ගැයු
සාරි පොඩිත්තක් හැඳගෙන - සුනිල් ආරියරත්න
ආදරයේ කෝඩුකාරයෝ - සුනිල් ආරියරත්න
සකුරා මල් පිපිලා හරි පුදුමයි - සුනිල් ආරියරත්න
රුක් අත්තන මල මුදුනේ - මහින්ද අල්ගම
මල් මල් හීනය මි බඳ උදයේ - සුනිල් ආරියරත්න
සුජාතා අත්තනායක ගැයු
බොළං පොඩි නංගී ටිකක් හිටපං - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක
ආගන්තුක කුරුල්ලා - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක
මංගල කසී සඵ මාලා - සුනිල් ආර් ගමගේ - නෙවිල් ප්‍රනාන්දු (ගුවන් විදුලි ගීය) නවරත්න අත්තනායක (තැටිය)
පුංචි දවස්වල නින්දට යද්දී - අජන්තා රණසිංහ - සරත් දසනායක
ඉන්දනි විජයබන්ඩාර ගැයු
රතුපාට මල් මට තාම මතකයි - අජන්තා රණසිංහ - දයාරත්න රණතුංග
ඔබේ කටහඞ තාම මතකයි - කරුණාරත්න අබේසේකර - සිසිර සේනාරත්න
සී ඩී ෆොන්සේකා ගැයු
ඔයාට රත්නේ මං ආදරේයි - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - සී ඩී ෆොන්සේකා
ඊට නිදසුන් අල්පයකි. මේ ලැයිස්තුව බොහෝ දිගය ඒවයේ ගුවන් විදුලි පිටපතක් ද, වෙළඳ තැටි ගී පිටපතක් ද 70 දශකයේදීම බිහිවිය. ඒවා නිකුත් කළ වාහාම වත්මනෙහි මෙන් 70 දශකයේදීම ගුවන් විදුලිය විසින් තමන්ගේ පිටපත් යටපත් කර දමා පෙරකී වෙළඳ තැටිය වාදනය කරන්නට සැළැස්වීමේ අරමුණ පසක් කරගැනීමට අසිරුය. එය අදාළ ව්‍යාපාරිකයන් ගේ බලපෑම හෝ වෙනත් සැගවුනු අරමුනු තිබෙන්නට ඇත. ඒ නිසා එදා ගී ශ්‍රවණය කළ බොහෝ ගුවන් විදුලි අසන්නන් අද පවා ඒවයේ මුල් ගුවන් විදුලි ගී ඇද්දැයි පවා අදද නොදනී. එනමුදු එදා ගුවන් විදුලියේ සිටි ඇතැම් ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් සිය ආයතනය විසින් නිපදවු ඒවයේ මුල් ගීතයම අඛන්ඩව වාදනය කළ අවස්ථා ද විරළ නොවු බවට ඔවුන්ට ගෞරව පිණිස සටහන් කර තබමි.
මවුත්ඕගනය සහ විදුලි ගිටාර් සමග ඩ්‍රම්ස් කට්ටල වාදන මුසුව (මවුත් ඕගන් - මර්වින් ප්‍රියන්ත සහ හර්බට් ගුණවර්ධන)
මල් පිපිළා ජිවිත උයනේ මල් පිපිළා - දයාරත්න රණතුංග - සංගීතඥ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973
ගී ලියන්න මට කිවේ ඔබේ නෙතයි - දයාරත්න රණතුංග - දයාරත්න රණතුංග - 1974
සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන - අමරා සහ දයාරත්න - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974
සඳ මඩලේ සිට තරු මඪලේ සිට - මාලිනි බුලත්සිංහල - ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න - 1975
රාමා සිතා ඔබයි මමයි - ක්‍රිස්ටෝපර් පෝල් - ෂෙල්ටන් ප්‍රේමරත්න - 1974
රන් හූයෙන් අතැගිලි පටලා රන් මාලය - ශීලා පරණමානගේ - සරත් බාලසූරිය - 1975
කතරට කුමටද වසන්තයක් - වික්ටර් රත්නායක - එම (මවුත් ඕගන් වාදක නැසිගිය හර්බට් ගුණවර්ධන) - 1974
පායන සඳ ගැන මොනව හිතන්නද - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1973 (මවුත් ඕගනය - හර්බට් ගුණවර්ධන)
සඳ හිරු තරු මැත පොකුරු ගැහී යන - වික්ටර් රත්නායක - එම - 1973 (හර්බට් ගුණවර්ධන)
නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ - වික්ටර් රත්නායක - 1974 (හර්බට් ගුණවර්ධන)
--------------------
නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ
සවන්දීම - මෙතැනින්
ගී පද ප්රේමකීර්ති ද අල්විස්
------------------------
විදුලි ඕගනය (වාදක - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු)
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973
සුභා කියා මා ඔබ අමතන්නද - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973
නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනන්දු - 1973
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා - අමරා රණතුංග - සංගීතඥ සරත් ද අල්විස් - 1974
ගංගා දියරෑළි ගලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974
දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන - අමරා රණතුංග - පුලස්ති ඉන්දික - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975
--------------------------
නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා
සවන්දීම - මෙතැනින්
මෙම ගීතයේදී සැක්සෆෝන්, විදුලි ඕගනය, හවායන් ගිටාරය මනා සේ යොදාගෙන ඇතිබව පෙනේ
ගී පද - චන්ද්‍රසේන රංගේ
------------------------
ඩ්‍රම්ස් කට්ටලය (වාදක - සුසිල් පෙරේරා)
ඔවිල්ලේ පෙම් සඳැල්ලේ රන් තොටිල්ලේ - ෆිලික්ස් අන්ටන් සහ චන්ද්‍රානි මානෙල් කල්දේරා - වික්ටර් දඵගම - 1972
හද ගී පොතේ පිටුවක් ඉරා - ෆිලික්ස් ඇන්ටන් - චන්ද්‍රා බන්ඩාර - ප්‍රේමනාත් කොඩිතුවක්කු - 1973
වන බඹර තුඩින් පිපි තඹුරු විලෙන් - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1973
දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974
එක මොහොතක් ඔබ සෙවනේ - මර්වින් පෙරේරා - අමිතා දඵගම - මර්වින් - 1974
නිලුපුල් යුවලේ - මර්වින් පෙරෙරා - එම - 1973
විදුලි දුම්රියේ චංචල නාදෙන් - රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1973
ආදර සුභා වසනා වේවා - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975
ආත්ම ගණනක සිතුවිලි අතරේ - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975
එකොඩියන්ස් (වාදක - )
දෙපා නගන්නට හිත නැතුවා පෙම් විමන් මෙසේ- බන්දුල විජේවිර - එම - 1976
සැක්සෆෝන් (එම් කේ රොක්සාමි - ස්ටැන්ලි පීරිස්)
බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973
සරතැසි නිවා දිවි කතරේ - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973
මල්සර උක්දඞු දුන්නෙන් පැනි බී - ආචාර්ය වික්ටර් රත්නායක - වික්ටර් රත්නායක - 1973
අපි සවුදිය පුරමු - වික්ටර් රත්නායක - එම - 1973
දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975
අකුරු සතරකි මනස පැටලිලා - මරව්න් පෙරේරා - මර්වින් පෙරේරා - 1974
දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974
ම්ල් පෙත්තක පන්හිඳකින් - රොම්ලස් පෙරේරා - සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි - 1973
පිය මදහස මුව මුකුඵ - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1974
සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - සුජාතා අත්තනායක - 1972
-----------------------
බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන
සවන්දීම - මෙතැනින්
------------------------
ඕබෝ - ක්ලැරිනට් (මොහොමඩ් සාලි - ඒ ජේ කරීම්)
රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස් - මොහාමඩ් සාලි - 1971
විලෙන් පෙරෙන දිය - අයිරින් ද අල්විස් - මොහොමඩ් සාලි - 1970
හෙළ ජාතික පියුම් විලේ - අයිරින් ද අල්විස් - ලක්ෂ්මන් රොද්‍රීගෝ - මොහොමඩ් සාලි - 1970
සිප එන සමනළ මුදුනින් - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1972
පියාපත් සලා මම ඔබ සොයා එමි - මිල්ටන් මල්ලවාරච්චි - එම් කේ රොක්සාමි - 1972
පිය හිමියනි මා හදවත - රූපා ඉන්දුමතී - ලක්ෂ්මන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1972
අමරස පෙම් රසයෙන් කැළතෙන් - ශ්‍රීමතී තිලකරත්න - වික්ටර් රත්නායක - 1972
මංගල කසී සඵ මාලා දෑතේ රන් වළලු - සුජාතා අත්තනායක - නෙවිල් ප්‍රනාන්දු - 1971
රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස්
සවන්දීම - මෙතැනින්
ගී පද හේම ශ්‍රී ද අල්විස්
------------------------
කොරැංගලිස් (වාදක එම් එම් නූර්)
පියාසලනා ළිහිණියෙකු සේ - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර රත්නායක - 1972
සුඛ වේදනා දුක් වේදනා මේ තරමි - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර් රත්නායක - 1972
අනන්තයට මා ඉගිල්ලු ඔබේ සිතුම් - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1973
කල්පනා රැැහැනින් බැඳි - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1972
එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න- පුන්‍යසිරි මහවත්ත - 1973
---------
එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න
සවන්දීම - මෙතැනින්
ගී පද ප්රේමකීර්ති ද අල්විස්
------------------------
මේ ගී සමග වැයුනු මියුරු වාදන ගුවන් විදුලියෙන් නෙපැහැදිළිව ඇසුණු යුගය 1977 වසරෙන් පසු නිමවෙතැයි සිතුවද එය වෙනත් ආකාරයෙන් සඵල වුයේ එදවස නවින තාක්‍ෂණය කැටිකොට ගත් ජපාන ඉලෙක්ට්‍රෝනික කැසට් සහ තැටි ධාවකයන් සහිත යන්ත්‍රවලින් ඒවා මිළදී ගෙන සවන්දීමට හැකියාව ලැබිමෙනි. එහෙත් ගුවන් විදුලි ගීතයක මුල් රසය පැහැදිළිව විඳගැන්මේ සිහිනය සැබෑ වුයේ ගුවන් විදුලිය එෆ් එම් තාක්ෂනය අත්කර ගත් 80 දශකයේ පසු භාගයේදීය. එතැන් හි සිට තැටියෙන් වාදනය කරණ ගීතයේ තැටි ධාවන ශ්බ්දය පසුබිමෙන් පැහැදිලිව ඇසෙද්දීම කලකට ඉහතදී යෙදු සංගීත රසයේ මිහිර එඅයුරිනිම් විඳගැන්මට ඉඩ කඩ අත්විය.
80 දශකයේ දී ක්‍රම ක්‍රමයෙන් පටිගත කල අන්තර්ගතය ඉතා පහසුවෙන් මකාදමමින් නැවත නැවතත් භාවිත කිරීමේ හැකියාව නිසාත්, සාක්කුවේ ලාගෙන තැනින් තැනට ගෙනයාමේ පහසුකම නිසාත් කැසට් පටය අධිවේගයෙන් ජනප්‍රසාදයට ලක් වෙද්දී ඒවා විසින්ම තැටි තාක්ෂනය වෙළඳ පොලින් අතුගා පිස දමන ලදී. අතිවිශාල ගීත සංඛ්‍යාවක් නිරන්තරයෙන් කැසට් පට මගින් සතිපතා වෙළඳ පොළට අඵතෙන් නිකුත් වෙද්දී ගුවන් විදුලි ගීත නිෂ්පාදනයේ පැවති සිමා මායිම් අවහිරතා ද මගහැරි ගොස් බාහිර කැස්ට ගීත සහ ගුවන් විදුලි ගීත ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි තරමට ඒවයේ සංගීත සංයෝජනයන් නවීකරණයට බඳුන් විය.
ආචාර්ය දයාරත්න රණතුංග විසින් ම ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන් ආධුනික ගායක සෞම්‍ය කුමාර යාපා බන්ඩාර ගැයු මිදි ඇඹුලයි කියලා (ගී පද නැසිගිය උපාලි ධනවල විතාන) මෙන්ම මි මැසි සඳ නැති නිසංසලේ වැනි ගුවන් විදුලිය විසින් නිපැයු ගීතවල වාද්‍ය රසය කැසට් ගීතය හා කරට කර තිබුනේය. සමකාලීනව ක්‍ෂේත්‍රයේ වැජඹුනු ස්වර්ණලතා කවිශ්වර ගැයු ගුවන් විදුලි ගීත ද මේ ගණයට ඇතුළත් කළ හැකිය (බිඳුනු පෙමක විරහ විරාම් - පුන්සිරි සොයිසා සහය ගායනය)
අනාදිමත් කාලයක සිට ලාංකීය ගීත රසිකයන් ගේ බුහුමනට නිරන්තරයෙන් පාත්‍ර වුයේ ගායන ශිල්පියා හෝ ශිල්පිනිය වුවද මෑත කාලයේදී එය ක්‍රමයෙන් වෙනස්ව ගී පද රචකයා ගේ ප්‍රතිභාව සහ සංගීතඥයා මැවු රසය ද දැන හැඳින අවබෝධයෙන් විඳ ගැනිමේ ක්‍රමවේදය ඔවුන් අත්කරගනිමින් සිටී. එහෙත් ඒ රසය නිවැරදි ලෙසින් වයා මතුකරවාදුන් ආදරණිය වාදක සාමාජිකයන්ගේ ප්‍රවිණතාවයන් සහ කුසළතා ඇගයීමට ඔවුන් තවත් පමා වන බවක් හැගේ
සිංහල සංගීත කලාව දැඩි ලෙස පිරිහිමට පත්ව යමින් නව නිර්මාණය රසයෙන් හීන දීන ව ජනගත වෙද්දී, අදටත් කමණිය ආනන්දජනක ගී තනු සහ වැයුම් ඉතිරිව පවතින්නේ එදා ඇසුණු ගීතාවලියෙහි පමණි. මතු පරපුරට වාද්‍ය රසයේ මහිමතාවය දැන හැඳිනගැනීම උදෙසා මෙවන් ආරයේ ලිපි නිබඳව බිහිවේවා....
-------------------------------
01 රන් හූයෙන් අතැගිලි පටලා රන් මාලය ගෙලවට සරසා ....................
සිතේ සතුට සහ ඇසෙනා රාවය..... මංගලම්.........මංගලම්...භවතු සබ්බ මංගලම්.........
ගැයුම - 70 දශකයේ ගුවන් විදුලි ගායිකා ශීලා පරණමානගේ
පබැඳුම - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා
මියැසිය - නැසිගිය සංගීතඥ සරත් බාලසූරිය
------------------------------------------------
02 දියඵම දියඇළි දියරැල හා ...........
'ගල ගල යයි සමුදුර සොයලා ..............
'හද උපදී ආදරේ................
ගැයුම - සංගීතඥ නැසිගිය මර්වින් පෙරේරා
පබැඳුම - නැසිගිය ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස්
මියැසිය - මර්වින් පෙරේරා
ඩ්‍රම්ස් වාදනය - ප්‍රවිණ ඩ්‍රම්ස් වාදනශූරී සුසිල් පෙරේරා (ගායිකා ආචාර්ය සුජාතා අත්තනායක ගේ බාල සොයුරා)
----------------------------------
සවන්දීම - මෙතැනින්
---------------------------------------------
පාදක සටහන්
රන් හූයෙන් අතැගිලි පටලා - ගායන ශීල්පිනිය ශීලා පරණමානගේ, මෙම ගීතය ගායනා කරන තුරුම 70 දශකයේ ලංකා ගුවන් විදුලි ගායක මඞුල්ලේ ප්‍රමුඛතම විරිදු ගී ගායිකාවක් ලෙස කටයුතු කළාය. ඇය එහිදි එදවස ජනප්‍රියව පැවති විරිදු ගී වැඩසටහන් පෙළෙහි විශිෂ්තම ගායිකාව වූ දයා නෙල්ලම්පිටියට පමණක් දෙවැනි වන්නට ඇත. සෑම දිනයකම සන්ධ්‍යා භාගයේ ගුවන් විදුලියෙන් විසුරුවා හරින ලදි විනාඩි 15 ක විරිදු ගී වැඩසටහන්වලදී ඇයගේ ද දයා ගේ ද ගී නොඇසුනේ නම් ඒ කලාතුරකිනි. කුසුම් පීරිස්, රත්නාලංකා අබේවික්‍රම සහ 60 දශකයේ දයා වයමන් නම් වු ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාවන් අතර ගීත පබැඳුම් කලාවේ දස්කම් පෑ තෙවැන්නිය වුයේ මාලා වජිරා පෙරේරාය. ඇය පබැඳු වෙනත් ගී අතර ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගැයු හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා රසිකයන් අතර ගේ හදවත් පිනවු නිර්මාණයක් බවට පත් වී තිබිණි.
එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග්
2022 වප් මසින් විසිවෙනිදිනදීය.
Special thanks to Mrs. Sheela Paranamanage, Mrs. Nishanthi Balasooriya and Mr. Crishantha Fernando.
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
ReplyDeleteහිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී
කුමරතුඟුන් ගේ බස මසුරංය අගී
ඒත් පැරණි සරු දේ රැක ගනිමු නැගී
අලුත් අලුත් දෑ තැනුවෝ...
Deleteහැදු විදිය කියාපැවෝ...
මෙසේ අලුත් ආරක ගී...
ගයා ඔවුන් දැයදිනුවෝ...
පරන, පරන දෑ අරගෙන
අද ඇත්තෝ පල්වෙනවෝ.
එකතැන කැරකෙනවෝ...
උඩපැන නලියනවෝ...
නලියා දඟලනවෝ...
කවි කතන්දරේ
නිදිගේ පංච තන්තරේ
මතුකර රහ දොළොස්පැයේ
වඩවයි දිරි මගේ හිතේ