namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, December 17, 2018

ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා ගී රස කලස.....

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ  - 1969  - 1989 තැටි -කැසට්  - ගුවන් විදුලි ගී  - 03 කොටස


එසේ අහසේ සැරිසරනා සියොතුන් මෙන්ම මියෑසි ශීල්ප කලාවේ තමන්ද රාමුගතව කොටුව හිඳින්නට නොරිසි බව යළිත් පසක්‌ කරන්නට ඇය පසුබට නොවිය ගීත කලාවේ තිරයෙන් පිටුපස හිඳිමින් දැවැන්ත කාර්ය භාරයක යෙදී ඒවා රසික සවන් පත් අතරට සුපැහැදිලිව ගෙන යනු පිණිස කැපවන ශිල්පීන් ගෙන් ප්‍රමුඛමතයා ශබ්ධාගාරයේ මුලාසනය දරා සිටින ඉංජිනේරු තැනය ඒ අතරින් නිතර කියෑවෙන නාමය වු ඩොනල්ඩ් අයිවන් නම් ඔහු සිය සාම්ප්‍රදායික කාර්ය භාරයෙන් මිදී තමන්ද සහෘද රසිකයෙකු ගී පද සාහිත කලාවේ දැනුමැත්තෙකු බව තහවුරු කලේ මෙලෙසිනි



රතුමල් ගවුමට  - ලස්‌සන වැටුනා.......

පොඩි සමණළියට  - අත්තටු ලැබුනා......

ඔබේ මුව පොඩියට - සිනා පුරෝගෙන.......

මා වෙත ඉගිලී එන්න දුවේ............

----------------------------

පද- නාද මැවිසුරු ඩොනල්ඩ් අයිවන්

නද - සරත් දසනායක

-------------------------------
අසන්න මෙතැනින්


සිංහල ගීතය ඇතුඵ සකල සාහිත කලාවේ ස්‌වර්ණවර්ණ යුගය වු 70 දශකයේ අටවැනි වසර ගෙවීයමින් තිබියදී ඉන්ද්‍රාණි ගී සැරසර චාරිකා සටහන් පෙළේ නව පරිච්ජේදයක්‌ ඇරඹෙන්නට කටයුතු සම්පාදනය වෙමින් තිබිණි

සිනමාලෝලීන් ගීතලෝලීන් උන්මාදනයට පත්කල කැළැහඳ සිනමා සිත්තම දොරට වැඩීමේ 25 වන සංවත්සරය යෙදී තිබුනේ මේ වසරටය හෙළ සිනමා ගී රැජිනිය වු රුක්‌මණි දේවි  - මොහිදීන් බෙග් සිනමා යුග ගී සරණියේ නොමැකෙන සැමරුම් සනිටුහන් කල කැළෑහඳ ඒ නමින් පළවු නවකථාව ඇසුරෙන් නිර්මාණය කෙරිණී මහගත්කතුවර ඩබ්ලිව් ඒ සිල්වා නවකථාවේදීද බී ඒ ඩබ්ලිව් ජයමාන්න සිනමා පටයේදීද කර්තෘත්වය හෙබවුහ 

වෙළඳ තැටි ගී කලාවේ ප්‍රකට සන්නාමයක්‌ වු ආර්ටෙක්‌ ලේබලයේ නිර්මාතෘ අජන්තා විජේසේනගේ නව සංකල්පයක්‌ අනුව රුක්‌මණි දේවිය ගේ අතිශය ජනප්‍රිය ගී තෝරා ඒවා ඉන්ද්‍රාණි - ක්‌ලැරන්ස්‌ ගේ හඞින් ද ඊට සමගාමිව ඉන්ද්‍රාණි  ගේ ගීත ගීත කෝකිලාවි රුක්‌මණි ලවා ද ගයනා කරවිමට කටයුතු පිළියෙළ කරමින් පැවතියේය

එහි මුල් අදියර සාර්ථක වී කැළැහඳේ රජත ජයන්තිය ගෙවෙද්දී එහි ගීත පෙළ යෞවනයේ ගී ලොවේ සිහින කුමරු ක්‌ලැරන්ස්‌ සහ ඉන්ද්‍රාණි ගේ හඩින් ගැයිනි දෙවැනි අදියර දියත් වන්නට පෙරාතුවම රුක්‌මණි දේවිය අනපේක්‍ෂිතව සිය මෙළොව දිවිය හමාර කළාය


දෙවා ගිනි මවා ලු  - මගේ හෘදයේ.......

ගියාදෝ අනේ මා - දමාලා ප්‍රියේ.....

රජානෙනි ඔබේ මා - පෙම් රාජා මාගේ.......

ගියාදෝ අනේ මා  - දමාලා ප්‍රියේ.........

-----------------------
පද - නැසිගිය හර්බට්‌ එම් සෙනවිරත්න

ගැයුම - රුක්‌මණී දේවි (කැළෑහඳ වෙනුවෙන්)

නාද මුසුව - එස්‌ එස්‌ වේදා (කැළෑහඳ සිනමා පටයේදී)

නව ගැයුම - ඉන්ද්‍රාණි පෙරේරා (ආර්ටෙක්‌ ලේබලය)

නව නාද මුසුව - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන
-----------------------------------
කැළෑහඳ නව පටිගතකිරීම මෙතැනින් සවන්දෙන්න


50 දශකයේ රසිකයන් මන්මත් කල ගීත වෙනත් ශීල්පීන් ගේ නමින් ප්‍රතිනිර්මාණය වීමේ ප්‍රවණතාවය දියත් වුයේ 70 දශකයේදීය එය ඉන්පසු දශකයේ වඩා ප්‍රකට ව  1990 දශකයට පිවිසෙද්දී ඇතිවු සංස්‌කෘතික  - දේශපාලනික - ආර්ථික යුග පෙරළිය විසින් වඩ වඩාත් පැතිර ගියේ  මුල් ගී විසල් ගණනක අනන්‍යතාවය බිඳහෙලමිනි

ඇය

අන්න  සුදෝ අර පාට වළා  - සන්ධ්‍යා මේ විනෝදේ ප්‍රිති කෙරේ'''''''''

ඔහු 

නැළවේවි ආදර සුවඳ වැදී  - යස ඕලූ පිපිලා නීල ජලේ ''''''''''


-----------------------
පද - නැසිගිය හර්බට්‌ එම් සෙනවිරත්න

ගැයුම - රුක්‌මණී දේවි සහ මොහිදීන් බෙග් (කැළෑහඳ වෙනුවෙන්)

නාද මුසුව - එස්‌ එස්‌ වේදා (කැළෑහඳ සිනමා පටයේදී)

නව ගැයුම - ඉන්ද්‍රාණි පෙරේරා සහ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන (ආර්ටෙක්‌ ලේබලය)

නව නාද මුසුව - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

වසර - 1978

-----------------------------------

ලාංකීය ගීත කලාව 80 දශකය පිවිසුනේ තැටි තාක්‍ෂණය ක්‍රමයෙන් වියෑකී එය ඊට වඩා හුරුබුහුටි අතේ ගෙනයා හැකි කුඩා ප්‍රමාණයේ කැසටයක එතුනු  චුම්බක පටි කර්මාන්තය හිස ඔසවද්දීය යොවුන් මදයෙන් කුල්මත් වී එකට එක්‌වි ගීත ගැයු එකම පවුලේ සහෝදර සහෝදරියන් හා මිතුරන් ගෙන් සැදුම් ලත්  කන්ඩායම් ගී ශිල්පීන් සිය යොවුන් වියට සමුදෙමින් විවහ දිවියට එළඹෙද්දී එකිනෙකා විසිරි ගියහ ත්‍රී සිස්‌ටර්ස්‌ සාමාජිකාවන්ද ක්‍රියාශීලි බවින් දුරස්‌වෙද්දී ඉන්ද්‍රාණි පෙරේරා කැසට්‌ ගී නිර්මාණ ද එළිදුටුවේය

සංගීතඥ ස්‌ටැන්ලි පීරිස්‌ ද නවක ශිල්පී සංගීතඥ රෝහණ වීරසිංහ ද ඇගේ පසුකාලීන නිර්මාණයන් සඳහා සත්සර රටා මැවිය



ඉර මුදුනේ  - ගිරවුන්නේ කළබලේ........


සඳ මුදුනේ  - සාවුන්නේ කළබලේ........

මනමාලියන් - මනමාලයන්.........

සුභ මේ නැකතේ හරි කලබලේ..........
-----------------------
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

වසර - 1980 පමණ
-----------------------------------
මෙතැනින් අසන්න



විසිඑක්‌වැනි සියවසේ හෙළ ගී සාහිත්‍යයේ - මියෑසියේ අවරගිර එළඹීදෝ ගොම්මන් අඳුරින් වැසි යද්දී  ඇය ද ඇගේ සමකාලිනයන් බොහෙමයක්‌ ගත් මග පියනගමින් එයින් දුරස්‌ වුවාය 

පාසල් සිසුවියක්‌ වු ඇයගේ ගී රස චාරිකාව ඇරඹෙද්දී දෙටු සොයුරිය මල්ලිකා එහි දසවස පසුකරමින් සිටියාය ඒ වනවිට ඇය ජී ඩී එල් පෙරේරා ගේ කලාපෙළ සාමාජිකාවක්‌ව ඔහුගේ සාමා සිනමා සිත්තම රසගන්වා සයවසක්‌ පමණ ගතවි තිබිණි

වනන්තරේ ගල් අරණේ විමානේට.........

නිරන්තරේ යන ගමනේ විඩාවට.........

---------------------------
පද - ප්‍රවිණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා

තනු - සංගීවේදී ජයතිස්‌ස අලහකෝන්

සිනමා පටය - සාමා

---------------------------------


දිවිගමනේ මැදිවිය ගෙවීයද්දී අදින් පන්තිස්‌වසකට ද පෙර ඈත යුගයකදී සිය මනුලොව චාරිකාව නිමවා නික්‌ම ගියාය 

ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා සිය සොයුරි අයිරාංගනී හා ලග රැඳෙමින් සිය  අතීත රස මියුරු ගීතාවලියේ මෙවන් රසමුසු තැන් සිහිකරමින් දොඩමඵ වන්නීය 

රසික අප හදවත් සත්සර රසයෙන් මුසපත් කල පින් මහිමයෙන් ඔවුන් දෙදෙන වෙත අයුරාරෝග සම්පත් පතමු 

-----------------          සමාප්තයි   ----------------------
ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)

Tuesday, December 4, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 09

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - විදුලි සරින් ඇදී යන ඔහු අතැගිලි   -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ - 09 වන අනාවරණය 
-----චන්ද්‍රසේන යුවළ ගීතයක් පුහුණුවෙද්දී------
මෙයාකාරයෙන් චන්ද්‍රසේන ගී තැටි පෙළේ තෙවැනි සාමාජිකයාගේ බිහිවීම සිදුවුනේ 1971 මැයි මස 20 දාතමෙනි මින් ඉහත නිකුත් වු ගී තැටි ඇල්බමයන්හිදීද වේග රිද්ම හර්මනි පොප්  ගී අතරට සරළ ගීතයක්‌ ඇතුලත් කරන්නට ඔහු වග බලාගත්තේ එකි ගී දෙආරයටම ප්‍රිය කළ රසිකයන්ගේ මනදොළ සපුරාලන්නට විය හැකිය ඒ ගී තුනම සඳහා තෝරාගත්තේ මේ ශිල්පී කන්ඩායමෙන් වඩාත් පරිණත ප්‍රවිණතමයා වු වික්‌ටර් රත්නායකයන්ය එසේම අභව්‍යය හේතු සාධක ඉදිරිපත් කරමින් ඒවා ප්‍රචාරය කිරීමෙන් වළකින්නට ගුවන් විදුලි බලධාරින්ට ඇති ඉඩකඩ අවම වෙයි 


කිසියම් කලකට පසු ගුවන් විදුලි සරළ ගී ශීල්පී ශ්‍රේණිගත පරීක්‍ෂනයට ඉදිරිපත් වී එයින් සමත් වු පුන්සිරි සොයිසා නම් යව්වනයා යළිත් වරක්‌ චන්ද්‍රසේනයන් හමුවට පැමිණියේ සිය මංගල සරළ ගී වැඩසටහන වෙනුවෙන් ගීත නිර්මානය කරගනු පිනිසය තැටියක මෙන්ම එහිදිද ශිල්පියා ගීත 04 ක්‌ නිර්මාණය කරගතයුතුව තිබුනි

ලංකාදීප කතු මඩුල්ලේ සාමාජික සමන් වීරසිංහ ගේ පදවැලක්‌ පහත පරිදි විය


සෙව්වන්දියකට පෙම් බැන්දා  - ආශා දහසක්‌ රස වින්දා........

නටුඅග කටුමත කටුක බව දැනේ - හදවත පාරයි වේදනා.......

එහි දෙවැනි නිර්මානය වු

රුසිරු දසුනක්‌ නෙතට යාවි නුහුරු හැගුමකි උපන්නේ.........

මේ පදවැල් සඳහා තනු නිර්මාණය කරමින් ස්‌වර ප්‍රස්‌ථාර සැකසු චන්ද්‍රසේනයන් ඒවාට ගායකයා පුහුණු කරනු ලැබුවේ සති අන්තයේ සිය නිවසේ නවාතැන් සපයමිනි එයින් නොනැවතී සිය මංගල සරළ ගී  වැඩසටහනට  බධා අවහිරතා ඇතිවිම වලක්‌වා ගනු පිනිස ඊට අඩුව තිබුනු ගීතය සඳහා සිය තෙවැනි ඇල්බමයේ නිකුත් වු   පුන්සඳෙන් රැස්‌ ගංතෙරෙන් ගීතය ගුවන් විදුලියේ ගයන්නට අවසරය ලබා දුන්නේය එහෙත් ඒ ගීතය තැටිගත කොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරවන්නට සැළැස්‌වීමෙන් වැළකි සිටිමේ පොරොන්දු ප්‍රකාරවය

තමන්ගේ තැටිය නිකුත්ව වසරකට පමණ පසු ඉහත කී වැඩසටහන පටිගත කෙරුණු අතර සෙසු ගීත සමගම  පුන්සඳෙන් රැස්‌ ගීතය යේ ගුවන් විදුලි පටිගතකිරීම ද ඇසෙන්නට වීම ඔහුට අදහාගත නොහැකි විය 


සිය නාමය වහකදුරු බවට පත් වී තිබීම නිසා අධුනිකයෙකු ගේ මංගල සරළ ගී වැඩසටහනකදී එයින් ඔහුට අහිතකර බලපෑමක්‌ ඇතිවිය හැකි යෑයි සිතු චන්ද්‍රසේනයන් ගීතයේ තනු නිර්මාපක දත්තය උදෙසා සිය බිරිඳ ගේ නාමය ඇතුළත් කරන ලෙස උපදෙස්‌ දෙන ලදී
ඒ අනුව ගුවන් විදුලි තැටියේ ඇතුළත් වී ඇත්තේ සංගීතය ශ්‍රීයාණි චන්ද්‍රසේන නමිනි



--------------------------------------------------------------------

පුන් සඳෙන් රැස්‌ ගං තෙරෙන් ................

කොත් කැරැල්ලෙන් බෝමඵවෙන්................

සීත සමීරෙන් චන්දන අරණෙන්...................

සතුට උදාවේවා ....................

මිහිර බෙදාදේවා...................


----------------------
පද සංකල්පනා - පී ඇම් සේනාරත්න සමග ශ්‍රියාණි චන්ද්‍රසේන (අන්තරා කොටස්‌)

තනුව - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - පුන්සිරි සොයිසා

නිෂ්පාදනය - ගුවන් විදුලිය
--------------------------------
මෙතැනින් සවන්දෙන්න


------------------------------------(සටහන)-----------------------
මෙය තනුවට ලියු පදපෙළකි සුපුරුදු ලෙසම සිය සිතේ ඇඳුනු අදහස චන්ද්‍රසේන විසින් මෙහි පද රචක පී ඇම් සේනාරත්නට පැහැදිලි කරදීමෙන් පසු ඔහු විසින් එහි ස්‌ථායි කොටසේ පද පුර්ණය සිදුකල පසු තරමක විපිළිසර වූ බවද අසල සිටි ශ්‍රියාණි චන්ද්‍රසේන මහත්මිය විසින් එහි අන්තරා කොටස්‌ සඳහා පද ගෙත්තම සිදුකල බවද වාර්තා වේ

70 දශකය සහ ඉන්පසු දශකයන්හි ගුවන් විදුලිය විසින් වාදනය කලේ මෙකී පිටපතයි එය පුර්ණ ගුවන් විදුලි මැදිරි පටිගතකිරීමකි 
--------------------------------------------------------------------

තමාගේ තැටි ගී බයිලා ලෙස සළකා ඒ වැඩසටහනේ පමණක්‌ විසුරුවා හරිද්දී අදාළ තැටියේ මෙකී ගීතය වාරණය ට හසුකර එහි ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහනේ පිටපත ප්‍රචලිත කරවීම තමාට විරුද්ධව සිදුවන සැලසුම් සහගත ක්‍රියා දාමයේ ද එක්‌ ජවනිකාවක්‌ යන්න වටහ ගැනීමට අසිරු නොවිය


ආර් ඒ සී ලේබලය වාරණය කිරීමේ නියෝගය එසේම තිබෙද්දී ඊලගට ගතයුතු පියවර ඔහු දැන සිටියේය ක්‍ෂේත්‍රයේ වෙනත් ජනප්‍රිය තැටි ලේබලයක නියෝජිතයන් හා එක්‌වු ඔහු සිය තැටි ලේබලය වාසනා නමින් වෙනස්‌කරගත්තේය

04 වන නිකුතුව වෙනුවෙන් පෙළගස්‌වන ලද ගීත පටිගත කරන ලද්දේ ඉහත කී අංක 03 දරන තැටි ලේබලයට පෙරතුව වීම විශේෂ සිදුවීමකි ඒ අනුව එකී ගීත 04 සඳහා කටයුතු සුදානම් කෙරුනේ 1971 වසරේදී ම නවම් මසයේදීය
මේ වකවානුවේ චන්ද්‍රසේනයන්ගේ කණිටු දියනිය දර්ශනී ක්‌ලිෆ්ටන් බාලිකාවේ ගුරුවරුන්ගේ ආදරය දිනාගනිමින් එහි සංගීත ප්‍රසංග සහ ඊට අදාළ  කටයුතු සඳහා සහභාගිවෙමින් සිටිය අතරවාරයේදීම ඇයව එහි 05 වන ශ්‍රේණියෙන් ඉවත්කරවාගෙන ගෝතමි බාලිකාවේ 06 ශ්‍රේණියට ඇතුළත් කරන්නට පියවර ගනු ලැබ තිබිණි

තම දියණියගේ දක්‍ෂතා සලකා බලා එහිදි ද සුදුසු පරිදි අවස්‌ථාවක්‌ ලබාදෙන්නැයි ඔහු විසින් නව පාසලේ සංගීත ගුරුවරිය ගෙන් කරනු ලැබු කාරුණික ඉල්ලීම කුඩා දර්ශනී ට පරාවළල්ලක්‌ වන්නට පටන් ගෙන තිබුනේ ඇයව සංගීත ආචාර්යතුමිය ගේ උදහසට නිතර නිතර ලක්‌  වන්නට සිදුවීමෙනි ඇය දර්ශනීව කොන් කරන්නට පටන් ගත්තාය

මේ සිදුවිම් කණවැකුණු චන්ද්‍රසේනයන් ඇය ද සිය තැටි ගී නිර්මාණයන් ගැයිම උදෙසා හවුල් කරගන්නට තීරණය කිරීම දර්ශනී චන්ද්‍රසේන ළමා ගායිකාවගේ උපත සනිටුහන් කලේය

ඒ අනුව අක්‌කා  - නගෝ වෙනුවෙන් ගීත 02 ක්‌ වෙන්කරුනේ පවුලේ හිතවතෙකු වු අමර කුමාරරත්න ලවා පද රචනා නිර්මාණය කරගැනීමෙනි


තැටියේ වානිජමය සාර්ථකත්වය සපුරාගනු පිනිස සුපුරුදු පරිදී සෙසු ගීත 02 න් එකක්‌ උදෙසා වික්‌ටර් රත්නායකයන්ද  ඉතිරි ගීතය 50 දශකයේ සිනමා පෙම්ගී ලොවේ රැජිනිය ලතා වල්පොළ ද මුල්වරට තෝරාගනු ලැබීය ඒ යුගලයම සිය දුක්‌ගැනවිල්ල ගීතයන් බවට පෙරළාගන්නට සහය පෑ  සුපුරුදු හිතවතා දවස කාර්යාලයේ සිරිල් ඒ සීලවිමලයන් වෙතිනි 

අවවාදාත්මක උපදෙසක්‌ කැටි වු ගීත යුගලයක්‌ වික්‌ටර් රත්නායක - චන්ද්‍රසේන - සීලවිමල සුසංයෝගයෙන් දැනටමත් එළි දැක්‌වී හමාර බැවින් මෙවර ලැයිස්‌තුව සඳහා  දේශාභිමානී ගීතයක්‌ ලියාදුන් සිලවිමලයන් ලතා වල්පොළ වෙනුවෙන් නිමැවු පූව_ තනුවකට පද පෙළගස්‌වමින් ඒ කටයුත්ත සම්පූර්ණ කරනු ලැබීය
-------------------
ජන්ම භූමි වන්දනා - පුන්‍ය භූමි වූ .......

මාතෘ භූමි වන්දනා - ස්‌වර්ණ භූමි වු.......

ලොව පුන්‍ය භූමි වු ...............................

සුර්ය රාජයා ඇදී - රැස්‌ විදා වඳි පුදේ......

සිව්මහ ගගුන් ලෙසේ - ගී ගයා වයා ඇදේ.....

ලංකා භූමියේ .................

මේ බිමේ පොළෝ තලේ - පෑගුණත් ලැබේ බලේ............

සියල්ලෝම ආසාවෙන් - නෙත් විහිදේ .....................

-------------------------
නාදරටා සහ තනු - ආර් ඒ චන්ද්‍රසේන

පද - සිරිල් ඒ සීළවිමල

ගැයුම - ආචාර්ය වික්‌ටර් රත්නායක
---------------------
මෙතැනින් සවන්දෙන්න


-----------------------------(සටහන)---------------------------------
අධිවේගී සරපුරවරු වාදන මිහිර කැටිකොට නිර්මාණය කල මේ ගීතයේ විදුලි රේඛා නැගෙන විලසින් එකී නාදරටා මතුකරදෙන්නේ ආර් ඒ චන්ද්‍රසේනයන් විසින්මය එහිදි ද ඔහු සිය දියණිය ගැයු සිරිලංකා අලංකාර ලංකා ගීතයේ අතුරු වාදන ඛන්ඩ පරයා නැගෙන සුමියුරු නාදසංකලනයක්‌ මවනු ලබයි

60 දශකයේ ලංකාගමනය කල සරපුවරුව යොදා සිදුකල සිනමා සහ තැටි ගී නිර්මාණ පැවතියේය එහෙත් ඒවයේ එය අතුරු වාද්‍ය ඛන්ඩ රසවත් කිරීමට යොදා ගත්තේ  සිමාසහිතවය පුර්ණ ලෙස එය ගී අතුරු වාදන සඳහා යොදාගන්නට පෙළඹුනු පුරෝගාමි සංගීතඥයා ආර් ඒ චන්ද්‍රසේනය ඒ ඔහුගේ මෙකී ආර් ඒ සී තැටි ගී කට්‌ටලය වෙනුවෙනි 
-----------------------------------------------------------


චන්ද්‍රසේන වේගරිද්ම හර්මනි ගී ආර වෙනුවෙන් හා පුරා සහභාගිවෙන වැඩිහිටි කාන්තා හඞ වු ඇය ගේ ගායන ලතාවේ සුන්දර ඉසව්වක මං සළකුණු එසේ සටහන්වෙද්දී සියල්ලෝම සුපුරුදු ලෙසම වාද්‍ය වෘන්දය සමග මරදානේ සංගීතායතනයේ මයික්‍රෆොaන ඉදිරියේ ගීත පුහුණුවිම් කරගෙන ගියහ

දෙමසක කාලයකට යටත් වු පුහුණුවීම් සමය සහෝදරියන් දෙදෙනා හට වෙහෙසකාරි මෙන්ම සිත් කළඹන නීරස අත්දෑකීම් සපිරි අවධියක්‌ විය සුඵ අතපසුවීමකදී පවා පියා ගේ දෝෂාරෝපන තරවටු කිරීම් හා රැවුම් ගෙරවුම් අඩුවක්‌ නොවිය සියල්ල නිසි පරිදි නිසි වෙලාවට සම්පුර්ණ වී තිබිම අතවශ්‍ය විය 

ඉහත සඳහන් වු පරිදි තෙවන නිකුතුවේ පටිගතකිරීමට තෙමසක පෙරාතුව 1971 වසරේ පෙබරවාරි තුන්වෙනි දාතමෙන් චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ කැළණිය සරසවි ශබ්දාගාරයේ අසුන් අරා සිටියේ සිය නායකයා ගේ උපදෙස්‌ සහ මර්වින් රොද්‍රිගෝ පටිගතකිරීමේ ඉංජිනේරුවරයාගේ විධානය ලැබෙන තුරුය 

පළමු පැත්ත

01 සිතුම් පැතුම් මෝරා - තිලංගනී සහ දර්ශනී පද අමර කුමාරරත්න

02 ජන්ම භූමි වන්දනා - වික්‌ටර රත්නායක  පද සිරිල් ඒ සීලවිමළ

දෙවැනි පැත්ත

01 මල් කිණිත්ත වාගේ චූටි නංගි - තිලංගනී සහ දර්ශනී - ගී පද අමර කුමාරරත්න

02 සුළං සුළං - ලතා වල්පොළ - සිරිල් ඒ සීලවිමළ
----------------------------------------------------
සුළං බව ගිමන් ................

සුව නිවා දෙන සුළං................

කඳු පෙළින්  නැලවිලා.................

ගී මධු මතුවෙලා................

සුසමෙනි රාවෙනි..............

ස්‌වර රටා බිහිවුනා.................
-----------------------

පද සංකලනය - සිරිල් ඒ සීළවිමල - දවස-රිවිරැස හිටපු ප්‍රධාන කර්තෘ

නාදරටා සහ තනුව - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - කලාශූරී ලතා වල්පොළ

-------------------------------
මෙතැනින් සවන්දෙන්න
Music Hosting - Upload Audio -
------------------------------(සටහන)-----------------------------------------
ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියා සිය වාදකයන්ගෙන් ගායකයන්ගෙන් මතුනොව නිරතුරු ලග රැඳෙමින් ඒවා තාක්‍ෂණය හා මුසුකරවන ශබ්ද මැවිසුරාණෝ වු මර්වින් රොද්‍රිගෝ ගෙන්ද ඔවුන්ගේ ප්‍රතිභාව උපරිමව පෙර  මිරිකා ගන්නට පසුබට නොවීය

සිය දෙටු දියණිය යොදවා කුඵඳුලේ සිදුකල තාක්‍ෂනික ප්‍රයෝගය යළිත් ක්‍රියාත්මක කරනු වස්‌ මේවාරයේ තෝරාගත්තේ ලතා වල්පොළ ශීල්පිනියයි  ඒ වෙද්දී ඇය තම සලරූ ගීත කලා චාරිකාවේ දිගු දුරක්‌ ගෙවා දමමින් සිටියා පමණක්‌ නොවේ  ගුවන් විදුලි සරළ ගීතයේද නෙමැකෙන මං සළකුණු සටහන් කර තිබුනාය

තමන් කරන්නට අදහස්‌ කරන කටයුත්තේ මුලීක ආකෘතිය  පැහැදිලි කර දෙද්දී ඇයගේ මැළවුනු වත කියාපෑවේ අභියෝගය භාරගන්නට සුදානම් නැති බවකි තමන් එවැන්නක්‌ මීට කලින් කර තිබුනේ නැතැයිද එහි සාර්ථකත්වය පිළිබඳව සැකසංකා ඇතැයි ද යනුවෙන් ලැබුනු පිළිතුරෙන්  පසුබට නොවු චන්ද්‍රසේනයන් නිරන්තරයෙන් සැනසිලි බස්‌ තෙපළමින් ඇයව දිරිගන්වන්නට විය

ගායකයාගේ මුවට යොමුකරවා ඇති මයික්‍රෆොaනය ට අමතරව සැලකිය යුතු වාදක මන්ඩල සාමාජිකයන් ගණනාවක්‌ වෙනුවෙන් වෙන්කරන්නට පහසුකම් තිබුනේ අමතර එකම මයික්‍රෆොaනයකි

මේ අනුව වරකදී පදමාලාවේ තෝරාගත් කොටස්‌ යොදාගෙන ගීතය පටිගත කරනු ලැබීය දෙවන වාරයේදී හිස්‌පැළඳි ස්‌පීකර් කට්‌ටලයෙන් ඒ ගීතය ඇසෙද්දී යළිත් ගීතයේ අවශේෂ කොටස්‌ ගැයිනි 

මුලින් කී පටිගතකිරීම් යුගළය පළමුවැන්න දෙවැන්න හා එකවර වාදනය වීමට සලස්‌වා එය තෙවන පටි ධාවකයකින් එක්‌කරගනු ලැබීය

මෙයාකාරයෙන් හර්මනි ශෛලිය තමාගේම හඞ  තමාම එසේ දෙවැනි වරටත් මුසුකරවා එකී ක්‍රමවේදය අනුව නිපැයු තාක්‍ෂනික ප්‍රයෝග ඇතුලත් චන්ද්‍රසේනයන්ගේ දෙවැනි නිර්මානය ද ලතා වල්පොළ ශිල්පිනිය ගේ කුඵඳුල් නිර්මාණයද ජනගත විය

බටහිර නාදමාලා ඔස්‌සේ ගීතයෙන් කියෑවෙන අදහස මතුකරන්නට මෙහිදි චන්ද්‍රසේනයන් උත්සහ කරනු ලැබ ඇති සේය ... මාරුතය හමද්දී එය වාද්‍ය භාන්ඩ ඔස්‌සේ අපුර්ව ආකාරයෙන් මවනු ලබයි

මේ නිර්මාණය පිළිබඳව ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියනිය ගායන ශිල්පිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය වැඩිදුරටත් මෙසේ කියයි

තාත්තා ඒ දිනවල ශ්‍රීලනීපයේ තනතුරු හෙබවු කාලයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු ප්‍රවිණ සිනමා ගී ගායිකා ජී එස්‌ බී රාණි පෙරේරා මහත්මිය හොඳින් හඳුනනවා

ඇය පසුව සමගි පෙරමුණු රජය විසින් ගුවන් විදුලියේ තනතුරකට පත්කර තිබුනා

70 දශකයේ මැදභාගයේ එක්‌තරා දිනක ඇය තත්තා සමග මෙසේ කියා තිබුනා

මාස්‌ටර් ගේ ගෝලයෙක්‌ ඊයේ පෙරේදා රේඩියෝ සිලෝන් එකේ සිංදුවක්‌ රේකෝඩ් කලා එයා මාස්‌ටර් ගේ තැටි සිංදුවල ඇහෙන ඒවා කොපිකරලා ඒ ස්‌ටයිල් එකට තමයි කිව්වේ.....................

මතු දිනයක මෙතැන් සිට ඉදිරියට ........
සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත

Tuesday, November 20, 2018

ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා ගී සරණිය.....

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ  - 1969  - 1989 තැටි -කැසට්  - ගුවන් විදුලි ගී  - 02 දිගහැර‍ැම '''''''''


සලරූ ගී රස  උල්පත් අතර සිය නාමය රැඳවු සංගීතඥ සරත් දසනායකයන් ද ක්‌ලැරන්ස්‌ ට නොදෙවැනිව  ත්‍රී සිස්‌ටර්ස්‌ වෙළඳ තැටි ගීතාවලිය රසගන්වනු වස්‌ සිය නොමසුරු දායකත්වය ලබාදුන්නේය 



තාක්‍ෂනයෙන් ලෝ දනා හා සම්බන්ධතා පැවැත්වන්නේ නම් ඊට සීමා මායිම් - වැට කඩොඵ සිමා නොවූ 70 දශකයේ පවා  දූපත් මානසිකත්වයෙන් මිදී බටහිර ගීත කලාවේ ප්‍රකටව පැවති විවිධ ගායන ශෛලීන් අතැඹුලක්‌ සේ දැන හැඳින ගත් දසනායකයෝ ඒවා එකහෙළා සිය මව්රටේ ගීත ලෝලීන් වෙත හඳුන්වාදෙන්නට පසුබට නොවූහ  ඒ සඳහා සිය නිර්මාණ කෞෂළ්‍යය මෙහෙයවූහ

අපි මිතුරෝ මුහුදු ගියෝ .......

මාඵ අරන් එන්න ගියෝ......

දියඹ බලා රැල්ල කපා......

ඔරුව පැද පැද යන්න ගියෝ......

ඈත ගගුලට යයිදෝ.....

කොහොම කියන්නදෝ......

දැල් දමලා - මඵ පුරවා......

හොඳට කාසි අරන් එයිදෝ........

-----------------------------
පද සංකලනය - කරුණාරත්න අබේසේකර

තනුව - සරත් දසනායක
---------------------------------------
අසන්න මෙතැනින්



සිංහල පොප් ගීත ධාරාවේ  සෙසු ප්‍රමුඛයන් වු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න - වර්ණන් පෙරේරා - මිල්ටන් පීරිස්‌  - මයික්‌ ගුණසේකර - අර්නස්‌ට්‌ සොයිසා යන මේ නාද සිත්තම්කරුවන් කලින් කලට ඇයටද ඇගේ ගායිකා කණ්‌ඩායමේ නිර්මාණ රසගැන්වීය


මේ වකවානුව එළඹෙද්දී සෙන්ටීමීටර් 18 එනම් අගල් 07 ක විශ්කම්භය ඇති මෙකී තැටි අභාවයට යමින් පැවතියේ ඊට වඩා හුරුබුහුටි කුඩා ප්‍රමාණයේ නමුත් විනාඩි 60 ක පමණ සාමාන්‍ය ධාවන කාලයකින් යුත් විද්යුත් චුම්බක පටියකින් සමන්විත කැසටයේ ආගමනය නිසාය 

එහි ගබඩාකෙරෙන ශබ්දයේ ගුණාත්මක බව පිළිබඳව සාපේක්‍ෂව ගැටඵ පැවතියද ඒ මත නිරන්තරයෙන් ශබ්ද පටිගත කරගැනීමේ පහසුකම නිසා එහි ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් ඉහළ ගියේය

ශ්‍රී ලාංකීය කැසට්‌ ගීත නිර්මාණ කලාවේ පුරෝගාමි නැසිගිය විජය රාමණායක 1978 වසරේදී ඒ කටයුත්තට අතගසද්දීම  සිය තරංගා වෙළඳ ලේබලයෙන් ඊ පී තැටි නිකුත්කර තිබිණි

මැද පෙරදිග රැකියා වෙළඳ පොල නුපුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට හා පුරා විවර වු මෙකී වසරේ දී එහි ගොස්‌ පැමිණෙන්නන් ගේ සුරතින් නොගිහිළි ගිය උපකරණය මෙකී කැසට්‌ පට ධාවක යන්ත්‍රයයි

අධිවේගයෙන් ඉහළ ගිය කැසට්‌ පට ඉල්ලුම සපුරාලන්නට හනික යුහුසුඵ වු විජය රාමණායක සිංහල ගීත කැසට්‌ පට පෙළට සමගාමිව ඒ වනවිටත් වෙළඳ පොළ යහමින් සංසරණය වෙමින් පැවති ඊ පී තැටි වෙනුවෙන්ද එකම ගීත පෙළ නිකුත් කලේය


වෙළඳ තැටි නිපැයුම් ක්‍ෂේත්‍රයට අධුනිකයෙකු වු ඔහුගේ තරංගා ලේබලයේ දෙවන තැටිය වෙන්කෙරුනේ වේග රිද්ම පොප් ගීයට පෙම්කළ යොවුන් රසිකයන්ගේ ආදරණිය ශිල්පිනිය වු ඉන්ද්‍රාණි පෙරේරා වෙනුවෙනි

එහි තනු රටා ද සත්සර නාදරටා ද පෙළගැස්‌ම සඳහා එවකට ක්‍ෂේත්‍රයේ ප්‍රවිණතමයෙකු වු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න වෙත ඇරයුම් කෙරිණි එවකට ද මෙල්රෝයි - ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු ගීත සමුච්ඡය ගී ලොව ජයකෙහෙළි නංවමින් සංසරණය විය

එවකට මිළ අධීක සුඛෝපභෝගී විද්යුත් උපකරණයක්‌ ලෙස පැවති තැටි ධාවන යන්ත්‍ර සහ කැසට්‌ ධාවක පෞද්ගලිකව සතුකරගැන්මට අසමත් වු දිවයිනේ සාමාන්‍ය ගීත රසිකයන්ගේ වේගරිද්ම පොප් ගී පිපාසය සංසිඳවුයේ ගුවන් විදුලියේ එකම වෙළඳ සේවයයි

ඒ එදවස කරුණාරත්න අබේසේකරයන් සිය ගුවන් විදුලි නිවේදක මඞුල්ල සමගින් ඉදිරිපත් කල සති අන්ත වෙළඳ වැඩසටහන් පෙළකිනි ඒවා විනාඩි 15 ක කාලයකදී ගීත 03 ක්‌ පමණක්‌ වාදනය කෙරුණු අනුග්‍රහක වෙළඳ වැඩසටහන් වු අතර එකී ව්‍යාපාරිකයන් සියල්ලෝම එක්‌කෝ අගනුවර ස්‌වර්ණාභරණ වෙළඳ ආයතන පවත්වාගෙන යන්නන් හෝ රත්නපුරයේ මැණීක්‌ ව්‍යාපාරිකයන්ය ඊට අමතරව දිවයිනේ සුවිසල් අවමංගල්‍ය සේවා අයතනයන් ද විය

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන - ඉන්ද්‍රාණි පෙරේරා  සහ ඔවුන්ගේ ගායක කන්ඩායම් ප්‍රමුඛව වර්ණන් පෙරේරා - නිහාල් නෙල්සන් - එම් එස්‌ ප්‍රනාන්දු - පොල් ප්‍රනාන්දු - අනිල් භාරතී - ඇනස්‌ලි මාලේවන   පමණක්‌ නොව මිල්ටන් මල්ලවාරච්චි  -  මිල්ටන් පෙරේරා - වික්‌ටර් රත්නායක වැනි සරළ ගී ශීල්පීන් ගේ වේගරිද්ම වෙළඳ තැටි ගීත පවා ගුවන් විදුලි රසිකයන් හඳුනාගත්තේ මෙකී අනුග්‍රහක වැඩසටහන් වලට පින්සිදු වන්නටය

සලා දෙතොල් මල් පෙති විදා -දෙනෙත් නිල්මිණි.......

කිරිසුවඳට මුව හරවා - පුතු හිනැහෙනවා......

පුතු හිනැහෙනවා  - පොඩි පුතු හිනැහෙනවා.....

ටිකිරි කැකුඵ මුව දක්‌වා - පුතු හිනැහෙනවා........

-----------------------------
පද - නැසිගිය කේ ඩි නිකලස්‌

තනු - මෙල්රෝයි ධරමරත්න

නිෂ්පාදනය - වෙළඳ තැටියකි (තරංගා)
----------------------------------------
අසන්න මෙතැනින්

මෙයාකාරයෙන් ගුවන් ගත් වේගරිද්ම බටහිර නාද සංකලනයන් මුසුවු ඉන්ද්‍රාණි පෙරේරා ගීතාවලිය ට සවන් පත් හුරුකරගත් ගුවන් විදුලි රසිකයන් ගේ දෙඇස්‌ බැමි ඉහළ නංවාලු ඇගේ ගුවන් විදුලි සරළ ගී නිර්මාණය තරංග අතරට මුසු වුයේද 70 දශකයේ මධ්‍ය යුගය ගෙවි යද්දීය

සඳකිඳුරී මා සඳකිඳුරී........

සඳගිරි පව්වේ රගදෙන සඳකිඳුරී................

දුනු හී තල ගෙන බඹදත් ඒවි......

මගේ රුවින් ඔහු මන්මත් වෙවී.................

ඔහුගේ හී පහරින් හිමි මියයාවි..............

සඳගිරි පව්වේ මා තනිවේවි........................

---------------------------------------
පද - කරුණාරත්න අබේසේකර

නද - සරත් දසනායක

------------------------------
අසන්න මෙතැනින්
Upload Music Files - Play Audio -   
ඒ ගුවන් විදුලි සරළ ගීතයේ සළකුණු වු ඉන්ද්‍රාණි පෙරේරා ගී හඞ රස මිහිරයි 

ඇගේ වේගරිද්ම පොප් ගී රස මැවු සංගීතවේදී සරත් දසනායකයන් විසින්ම ඇය වෙනුවෙන් ගුවන් විදුලි සරළ ගී රස මතුකරදෙන්නට උත්සුක විම සිත්ගන්නා සුඵය 

වෙනත් සටහනකින් දිර්ඝ ලෙසත් සවිස්‌තර ලෙසත් සාකච්ඡාවට බඳුන් කළ යුතු මෝහණිය තනු උල්පත වු සරත් දසනායක ඉන්ද්‍රජාලික නිර්මාණ පෙළ අතර බිංදු මාත්‍රයකින් නැගෙන අපිරිමිත රසයයි 

ඇය සිය දෙටු සොයුරිය මල්ලිකා අනුව යමින් ජාතික ගුවන් විදුලියේ හඞ පරික්‍ෂණයෙන් සමත් ව ශ්‍රේණිගත ශීල්පී ලැයිස්‌තුවේ එසේ සිය නාමය රඳවාගන්නට සමත්වුයේය ශ්‍රී ලාංකීය හෙළ ගී මියෑසියේ සදා නොමියෙන නොමැකෙන මතක සටහන් රැන්දු තනු රස උල්පත සංගීතවේදී සරත් දසනායක ගුවන් විදුලියේදීද  ඔවුන් වෙනුවෙන් ශිල්ප දැක්‌වීය වැඩිදුරටත් මෙසේ

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය  - මදකට අපට දියෝ........

විසල් වනේ හොඳ ලස්‌සන තැනකට - පිවිසෙන අයුරු කියෝ...................

පියපත් සළලා රිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ ?................

කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ ?..................

---------------------------------------
අසන්න මෙතැනින්



පද - කරුණාරත්න අබේසේකර


නද - සරත් දසනායක

------------------------------


ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)


එදා ඇසුණු ගී - 2018 නොවැම්බර් 


Tuesday, October 30, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 08

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය රැව් පිළිරැවේ දේවා... අදත් හෙටත්.........  -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ - 08 වන දිගහැර‍ැම


එහෙත්  පැහැබර වෙමින් තිබු චන්ද්‍රසේන නිර්මාණ දිවිමග අම්බරයේ අඳුරු වලා යළිත් එක්‌රෙක්‌ වන්නට විය 


එය  1970 වසරේ එක්‌තරා ඉරුදිනයකි සියල්ලෝ වැඩරාජකාරිවලින් ඉසිඹු ලැබු විවේකී දිනයයි ඒ

ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රීයාත්මක ය

වේලාව මධ්‍යයන දොළහ පසුවි විනාඩි තිහයි 

.....................................

මෙතැන් සිට බයිලා ගී තිරයක්‌ 

ආරම්භ කරමින් තිලංගනී චන්ද්‍රසේන සහ චම්පා අතපත්තු ගැයු ගීතයක්‌


චන්ද්‍රසේනයන් ගේ මුහුණ රත්පැහැ ගැන්වීනි ඔවුහු බයිලා නමින් හඳුන්වාගන්නේ මේවාද ? එසේනම් වේගරිද්ම බටහිර නාදමාලා අඩංගු ගී සියල්ලම බයිලා නොවේද ? යළිත් සුපුරුදු පරිදි තමාට එරෙහි බලවේග මෙවර අඵත් වටයකින් ක්‍රියාත්මක ව ඇති සේය නැග ඇවිලෙමින්  පැවතෙන කෝපාග්නිය අසිරුවෙන් පාලනය කරගත් ඔහු ට මේ වෙනුවෙන් ගතයුතු පියවර කවරේදැයි වටහගන්නට අසිරු වුවා සේය


ඔහු ඔවුන් වෙත නිල ලිපියක්‌ සකස්‌ කළේය තම නිර්මාණයන්ට සිදු ව ඇති අසාධාරණය නිවැරදි කරවා දෙන මෙන් අයෑද සිටියේය

දින සති ගනනක්‌ ගෙවි ගියද කිසිම පිළිතුරක්‌ නැත  යළිත් ලිව්වේය  ප්‍රථිපලය එකමය

අසිරුවෙන් දශක 03 කටත් අධික කාලයක්‌ තිස්‌සේ තමා ස්‌වෝත්සහයෙන් ගොඩනගාගත් ප්‍රතිරූපය බිඳහෙළන්නට එකී බළමුඵ යළිත් කරලියට බැස ඇත

අවසානයේ ඔහු එහි බලදරුවන් මුණගැසී  තමාම සිය දුක්‌ගැනවිල්ල ඉදිරිපත් කරන්නට තීරණය කරන ලදින් එහි පිවිසියේය  ඔහුව සංගීත අංශයේ ඉහළම බලධාරීන් වෙත යොමු කෙරිනි  a සාකච්ඡා වටයකින් පසුව තමාගේ දුක්‌ ගැනවිල්ල සලකා බැලීම  සඳහා ඒකපුද්ගල කමිටුවක්‌ පත් කරන්නට ඔවුන් එකග කරගන්නට චන්ද්‍රසේනයන් සමත් විය

ඒ අනුව එවක එහි අතිශූර පියානෝ වාදකයෙකු හා විෂයානුබද්ධ විශේෂඥයෙකු බඳු ඒලියන් ද සොයිසා ශිල්පියාණන් ඒ සඳහා පත් කරන ලදී  ඔහු චන්ද්‍රසේන ගී තැටි නිර්මාණ අධ්‍යයනය කර තම නිගමනය ලිඛිතව යොමු කර තිබිනි

එකි ගී නිර්මාණ බයිලා ගණයට වර්ගීකර්ණය නොකළ හැකි බවත් ඒවා වේගරිද්ම සාමාන්‍ය හර්මනි ආරේ ගීත බවත් තීරණය විය

චන්ද්‍රසේනයන් යළිත් ජයගත්තේය තමාව අවතක්‌සේරුකරවට ලක්‌කල ඒ ලේබලය ඉවත් කරගැනීමට අවකාශ සැලසී ඇත

හෙටදිනයේ නැවතත් තම නැවුම් නිර්මාණයන් සාමාන්‍ය වැඩසටහන් අතරේ ප්‍රචාරය වනු ඇත සැනසුම් සුසුම හෙඵ ඔහු පෙරළා සුපුරුදු වැඩ රාජකාරි කරගෙන ගියේය

එක්‌ දිනක සුපුරුදු පරිදි නිවසේ දුරකථනය හැඪවෙන්නට පටන් ගත්තේය පනිවුඩය ගුවන් විදුලියේ හිතවතෙකුගෙනි


මාස්‌ටර් අන්න ලොක්‌කා ඕඩරයක්‌ දිලා මාස්‌ටර් ගේ සින්දු එකකවත් ගහන්න එපා කියලා 

ඒ මදිවට ඒවා තැටි ගබඩාවෙන් අයින් කරන්නත් කියලා 

අන්න දුවලා ගේ තැටියේ ඔක්‌කොම ඉරි ඇඳලා .................

අනිත් අන්තයෙන් කියැවිණි


පුන් සඳෙන් රැස්‌ ගං තෙරෙන් ................

කොත් කැරැල්ලෙන් බෝමඵවෙන්................

සීත සමීරෙන් චන්දන අරණෙන්...................

සතුට උදාවේවා ....................

මිහිර බෙදාදේව...................

හඳට හඳක්‌ නැත මෙහෙම හඳක්‌ නැත...............

පෝයදාට පෑ හඳ වාගේ..................

හඳට හඳක්‌ නැත මෙහෙම හඳක්‌ නැත........

සිරිකත සනහන හඳ වාගේ............

----------------------
පද සංකල්පනා - පී ඇම් සේනාරත්න

තනුව - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - ආචාර්ය වික්‌ටර් රත්නායක
--------------------------------

මෙහි වෙළඳ තැටි පිටපත සවන්දෙන්න
Share Music - Download Audio -
-------------------------------------(සටහන)---------------------------------
මේ නිර්මාණයේ පද රචනය සිදු කිරීමේදී ඊට සිය මව වු ශ්‍රියාණි චන්ද්‍රසේන මහත්මියද සහය වු බව දර්ශණී චන්ද්‍රසේන දියණිය විසින් හෙළි කරන ලදී මෙහි ගුවන් විදුලි පිටපත පුන්සිරි සොයිසා විසින් ද ඊට ප්‍රථමයෙන් වෙළඳ තැටිය වෙනුවෙන් වික්‌ටර් රත්නායකයන් විසින්ද ගායනා කර තිබුණි 

චන්ද්‍රසේන වෙළඳ තැටි වාරණයට හසුව තිබු අවධීයේ දී මෙහි පුන්සිරි සොයිසා ගේ පිටපත ගුවන් විදුලියේ නිතර වාදනය කරනු ලැබූ අතර එය අඛන්ඩව අදද සිදුකරයි

පදවැළ ඇසුරු කල ශාන්ත රසය මනාව ජනිත වන ලෙසින් එහි තනුව නිර්මාණය වි ඇති අතර ඊට බාධා නොකරන සංගීත රටාවන්ගෙන් ගීත යුගළයම සමන්විත වේ
--------------------------------------------------------------------------------


එවරද ඔහුට එරෙහි දුෂ්ඨ බලවේග සම්පුර්ණයෙන්ම ජයගෙන ඇත ඔවුන්ගේ අභිප්‍රාය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකය තමන්ගේ ගීත ශ්‍රාවකයා අතරට ගෙනයන්නට තිබුනු එකම මාධ්‍යයේ දොර සම්පූර්ණයෙන්ම වැසි ගොස්‌ අවසානය  දශක 02 කට පෙර සුනිල් සාන්තයන්  බි ඇස්‌ පෙරේරා  වෙත ක්‍රියාත්මක වු හස්‌තය එයාකාරයෙන්ම සිය තෙවැනි බිල්ල ලෙස තමන්ව තෝරාගෙන අවසන් බව ඔහුට වැටහි ගියේය මෙතැන් සිට තම සංගීත දිවිය හුදකලා වේද ? තමාගේ සංගීත දිවියේ අවසානයද මේ ?

එසේ විය යුතු නැත ඊට ඉඩ දිය යුතු ද නැත ඊර්ෂ්‍යා පරවශ දුදනෝ සෙස්‌සන්ගේ සමෘද්ධිය නොඉවසති නෙපතති එය මෙකී ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව අන් සැම කටයුත්තකදී යමෙකුට අත්විඳින්නට සිදුවන කටුක සත්‍යයයි  එවරද ලැබු අතුල් පහර ඉවස දරා  නැගී සිටීමට අදිටන් කරගනු ලැබ සිය තෙවැනි ඇල්බමය සඳහා කටයුතු පිළියෙල කිරීම ඇරඹීය


ඔහු විසින් හෙළ ගී ලොවට දායද කරදුන් අධුනිකයන් සතරදෙනෙකුගෙන් දෙදෙනෙකු ම හුරුව සිටි වේග රිද්ම රටාවෙන් බැහැරට යොමුකරන්නට උත්සුක නොවුයේ එකී ශීල්පීන් ගේ අනාගත අනන්‍යතාවය ඒ මත රැඳී පවතිනු ඇතැයි ඔහු ට වැටහි ගිය නිසා බැවිනැයි අනුමාන කිරීම යුක්‌තියුක්‌තය

මෙවර ඔවුන් තිදෙනෙකුටම එකවර අවස්‌ථාව ලබාදෙන්නට ඔහු තිරණය කරනු ලැබුවා සේය ඒ අනුව පාසල් සිසුවකු වු සිය නවතම සොයාගැනීම වු පුන්සිරි සොයිසා තිලංගනි  - හා සිසුවියක්‌ වු ලියෝනි හා එක්‌ව සහභාගි කරවා අවස්‌ථාවක්‌ ලබාදෙන්නට තීරණය කරන ලදුව එහි එක්‌ සුවිශේෂී බොදු ගීතයක්‌ සඳහා ප්‍රවිණයෙකු වු වික්‌ටර් රත්නායකයන් ද  සෙසු ගීත සඳහා ධනපාල උඩවත්ත හා නිහාල් නෙල්සන් යොදාගන්නා ලදී

----------------------
කියයි මිහිරි කථා - නිතර රසට ගොතා.......

බොළඳ සුපෙම් ලතා - මලකී නාරිලතා.......

ඔමරි කරන ලතා - සුවඳ සමන් ලතා.....

ආවෙමි හද පතා - සිනාවෙයන් ලතා......

මන්ද මන්ද මැණීකේ ඔය ඇස්‌දෙක රතුවි......

මම සන්ඩුවුනේ ඔච්චමටයි එදා තරහ වී......

සවන පිණන මන බන්දන ......

ගී අසමින ඔබට ගයන.....

සැපතකි මට ඔබේ සෙවණ........

එන්න දයාවී.................
-----------------------
පද සංකලනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

තනුව සහ සංගීත රටාවියමන - ආර් ඒ චන්ද්‍රසේන

ගායනය - ධනපාල උඩවත්ත
-----------------------------------
අසන්න මෙතැනින්

1971 වසරේ මැයි මස විසිවෙනිදින දාතමින් කැළණිය දඵගම සරසවි ශබ්දාගරයේ දොරටු විවර වුයේ සංගීත අධ්‍යක්‍ෂ ආර් ඒ චන්ද්‍රසේන සහ ඔහුගේ වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් ඇතුඵ කන්ඩායමටයි ඒ මෙම තැටිගත කිරීමේ කටයුත්ත සිදුකිරීමට මැදිහත් වු ශබ්ද ඉංජීනේරු මර්වින් රොද්‍රිගෝ ගේ සහභාගීත්වයෙනි

පළමු පැත්ත

01 දේවෝ වස්‌සතු කාලේන (චිරං ජයතු මංගලම්)  පුන්සිරි - තිලංගනී  - ලියෝනි - ගී පද - පි ඇම් සේනාරත්න

02 පුන් සඳෙන් රැස්‌ ගං තෙරෙන්  - වික්‌ටර් රත්නායක - පී ඇම් සේනාරත්න - ශ්‍රීයාණි චන්ද්‍රසේන

දෙවැනි පැත්ත

01 රෙදි වියන කෙල්ල ලස්‌සනයි - නිහාල් නෙල්සන් - සරත් මුණසිංහ

02 කියයි මිහිරි කථා - ධනපාල උඩවත්ත - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
-----------------------------------------------
දේවෝ වස්‌සතු කාලේන......

සස්‌ස සම්පත් තිලේතුච...............

පීතෝ භවතු ලෝකෝච.............

රාජා භවතු ධම්මිකෝ....................


චිරං ජයතු මංගලම් .........

මංගලම්  - මංගලම්  - මංගලම්........

ජය කුසුම් - ජය පැතුම් - ජය හැගුම්..............

චිරන් ජයතු මංගලම්.....................
-------------------------------
පද සංකල්පනා - පී ඇම් සේනාරත්න

තනුරටා සහ සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - පුන්සිරි සොයිසා - ලියෝනි - තිලංගනී චන්ද්‍රසේන
--------------------------------------------------
අසන්න මෙතැනින්

----------------------------------(සටහන)------------------------------------
අභිනව සමගි පෙරමුණු රජය පත්වී ගතවෙමින් තිබුනේ යම්තම් වසරක කාලයකි එහි උත්සව කටයුතු සහ වෙනත් විශේෂ අවස්‌ථාහිදී ආසිරි ගීතයක්‌ ලෙස  යොදාගැණීමේ අභිලාෂය අනුව මෙකී අදහස ගීත රචක සේනාරත්නයත් වෙත ඉදිරිපත් කරන ලද්දේ චන්ද්‍රසේනයන් විසිනි 

ඒ අනුව බිහිවුනු මේ ආසිරි ගීතය බටහිර සංගීතයේ හර්මණි ශීල්පීය ක්‍රමවේදයන් අනුව බිහිවුනු පළමු සිංහල ආසිරි ගීතය ලෙස සැලකිය හැකිය

මෙතැන් සිට ඉදිරියට ..................මතු දිනකදීසේ යා රැ අනුග්රහය -  විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත

Tuesday, October 16, 2018

ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා ගී සරණිය.....

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ  - 1969  - 1989

ලාංකිය වෙළඳ තැටි පොප් ගී යුගයේ විසිතුරු බිඳක්‌------------



ශ්‍රි ලාංකීය ගීත කලාවේ නව රැල්ල වු කණ්‌ඩායම් ගීතාවලියේ පුරෝගාමීන් අතර ක්‌ලැරන්ස්‌ විජේවර්ධන නාමය අමරණිය වෙයි 60 දශකයේ මධ්‍ය භාගයේ සිට සිරු මාරුවෙන් නොවි එකවර පැන නැංගා වු ගායක කණ්‌ඩායම් පණසකටත් අධික සංඛ්‍යාවකින් සමන්විත වු මේ ගීත කලාව වෙනුවෙන් ක්‍ෂේත්‍රයේම බලධාරීන් ගෙන් ලැබුනු කෙණෙහිළිකම් හේතුවෙන් එය දස වසක පමණ අයු කාලයකින් තුරන් ව ගියේය

ගීත 04 ක තාක්‍ෂණය සහිත වු තැටිය සිය මාධ්‍යය කරගත් කණ්‌ඩායම් ගී කලාවට  ගීත 12 කට අධික සංඛ්‍යාවක ධාරිතාවය සහිත ව එළිදුටු තැටියේ අනුප්‍රාප්තික කැසටය හා මනාව අනුගතවන්නට පැවති අපහසුතාවය ද එහි පිරිහිමට හේතු වු බව ඇතැමුන්ගේ මතයයි

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන නම් ඉන්ද්‍රජාලික තනු නිර්මාපකයා සංගීත අධ්‍යක්‍ෂවරයා නොවන්නට ගීත ක්‍ෂේත්‍රයේ නොම කියෑවෙන්නට තිබුනු නාමයන් අතර ඉන්ද්‍රාණි පෙරේරා ද වෙයි

ඇය සිංහල ගීත කලාවේ මහගෙදර වු ජාතික ගුවන් විදුලියෙන් සම්පුර්ණයෙන්ම පරිබාහිරව ගීත ලෝලී පෞද්ගලික ව්‍යවසායකයන් ගේ අනුග්‍රහයෙන් එදවස ඔවුනට පැවති එකම සංනිවේදන මාධ්‍යය වු වෙළඳ තැටිය නිසා බිහිවු ශිල්පිණියකි ඒ බව නොදන්නෝ ද විරළ ය

තවත් වසරකින් පමණ සිය ගායන දිවිමගේ ස්‌වර්ණ ජයන්ති සැමරුමේ අසිරිය ලබනු පිනිස සැරසෙන ඇය සිය මංගල ගායනයෙන් රසිකාභිවන්දනයට පාත්‍ර වන්නට තරම් භාග්‍යවන්ත වුවාය 


දිල්හානී දුවණී......

නාඩා නිදියන්නේ....

නිවසට සුරතල් .....

ආලෝකය දී....

නාඩා නිදියන්නේ..........
---------------------

ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන්ගේ නිර්මාණයකි

(හඞ පටය  - ඉන්ද්‍රාණි පෙරේරා ලක්‌හඞ ගුවන් විදුලි විකාශය වෙනුවෙන් මීට වසර 14 පමණ පෙරාතුව එහි එවක නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර සමග කල සාකච්ඡාවක කොටසක්‌ ද ඇතුළත්ය)
-------------------------
සවන් යොමන්න මෙයින්


දිල්හානී දුවණී  ------ නම් වු මේ අපුර්ව නිර්මාණයේ ගැබ්වෙන්නේ ක්‌ලැරන්ස්‌  වාග්ගේයකාර ශීල්පියාණන්ගේ ප්‍රතිභාවයයි 1969 වසරේ දී එහි උපත සිදුකරදෙනු වස්‌ සිය බරපැණ දරන්නට පෙරට පැමිණීයේ ඒ යුගයේ ප්‍රකට පොත්හල් හිමියෙකු ද ගීත රසිකයෙකුද සංගීත කලාව ප්‍රගුණකළවුවෙකු ද වු ජෙරල්ඩ් වික්‍රමසූරියයි 

ඔහු සුප්‍රකට සූරිය රක්‌ත වර්ණ සහ කාලවර්ණ තැටි ලේබලයේ නිර්මාතෘවරයා ද වේ

පළමුව පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් වෙතින් ද පසුව බී වික්‌ටර් පෙරේරා ගෙන්ද සංගීත විෂය හැදෑරූ සිය වැඩිමහල් සොයුරි මල්ලිකා පෙරේරා අනුව යමින් අසමසම හඞක්‌ සතු කරගත් එකුන්විසි වියෑති යවිවනියකු වු ඉන්ද්‍රාණි එතැන් සිට ක්‌ලැරන්ස්‌ ගී නිර්මාණ දාමයකට එක්‌වුයේ වරෙක ඒකලවද තවත් වරෙක  මල්ලිකා සහ නැගණිය අයිරාංගනී යන දෙදෙනාද හා එක්‌ව ගයමිනි

ඔවුන් තිදෙනාට එසේ ගයන්නට ඇරයුම ද ජෙරල්ඩ් වික්‍රමසූරිය ගීත ලෝලියා විසින්ම සිදු කෙරිණි නාමය ත්‍රි සිස්‌ටර්ස්‌ ය 
සමකාලීන කාන්තා සමුහ ගායක කණ්‌ඩායම් බිහිවි කරළියට පැමිණ තිබියදී ඒ අභීයෝග සියල්ල අභිබවනය කරමින් බටහිර වේගරිද්ම ගී රටාව ලැදි ලාංකීය සිහල ගී රසිකයන් ගේ මනදොළ සපුරාලන්නට මේ යොවුන් යුවතියන් සමත්වුහ

70 දශකය ඇරඹෙද්දී ත්‍රී සිස්‌ටර්ස්‌ නොගැයු වේදිකාවක්‌ සැණකෙළි බිමක්‌ - ප්‍රමුඛ පෙළේ ප්‍රිය සාදයක්‌ නොපැවති තරම්ය මෝරා අතුඉතිලා වැඩමෙsන් දසත පැතිරයමින් පැවති හෙළ සිනමා රූ කලා වනස්‌පතියේ  ගී පුෂ්පයන් රැසක්‌ හටගන්වා සුගන්ධය විහිදුවන්නට මේ තෙ සොයුරියන් ඇරයුම් ලැබීය

ඉන්ද්‍රාණී ගී කලාරසය මැවු ගොදුරු බිමට ඔබ්බෙන් එහා ඉවුරු බිමේ ගීත කලාවේ දැවැන්තයා වුද එවකට ගුවන් විදුලි වාද්‍යා සංසදයේ නියමුවා ලෙස කටයුතු කරමින් සිටි මහා සංගීතඥ සෝමදාස ඇල්විටිගල යටතේ ගයන්නට ඇය ඇතුඵ සොයුරියෝ භාග්‍යමත් වුහ ඒ සිරිල් වික්‍රමගේ නම් වු එවකට ද  ප්‍රවිණ රංගධරයා අදියුරු භූමිකාව රග දැක්‌වු සිහින ලොවක්‌ සිනමා සිත්තම උදෙසාය

ගාලා සුවඳ රස අඳුන්......

කාලා සුවඳ රස බොජුන්......

බිලා මිහිරි මිවිතෙන්......

ජීවිතේ ගෙවී යාවි මෙළෙසින්......

සෑමදාම සන්තෝසයෙන්........

--------------------
පද - මහගම සේකර

නද - සෝමදාස ඇල්විටිගල

නාද මුසුව - ද ගෝල්ඩන් චයිම්ස්‌ - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

සිත්තම - සිහින ලොවක්‌

අදියුරු - සිරිල් වික්‍රමගේ

වසර - 1972
-----------------------------
අසන්න මෙතැනින්

70 දශකයේ ජාතික ගුවන් විදුලියේ සාම්ප්‍රාදායික රාගධාරි සංගීත රටා අනුව ගැයෙන වැයෙන ගී නිර්මාණයන් ගේ ඒකාකාරි බව තුනී කරදෙන්නට ඊට නැවුම් ජවයක්‌ ආරෝපනය කරන්නට ඊට ලැබෙන පක්‍ෂග්‍රාහි ලේබලය ඉරාදමන්නට සිංහල ගී පිළිකුල් කළා වු මධ්‍යම පාංතික සිංහල රසිකයන් ගේ ඉංග්‍රිසි විකාශයන් රසවින්දනයේ එකි ප්‍රවණතාවය බිඳදමවා ඔවුන් ද සිංහල ගුවන් විදුලියට කැඳවන්නට සමත් වු කණ්‌ඩායම් ගීත කලාවේ කාන්තා හඞ ප්‍රමුඛ නියෝජනය ත්‍රී සිස්‌ටරස්‌ විය

පරිපුර්ණ රාජ්‍ය ආයතන මට්‌ටකින් ස්‌වාධීනත්වයක්‌ ලැබගත් එවකට සංස්‌ථාවක්‌ බවට පත් ව සිටි ජාතික ගුවන් විදුලිය සිය පැවැත්ම සාදා දුන් වෙළඳ වැඩසටහන් මෙහෙයවුයේ මෙකී බටහිර ආරේ සිංහල ගීතාවලියට පින් සිදුවන්නටය


ඒ අනුව සති අන්ත ශනි - රිවි දෙදින පුරාවමට අනුග්‍රාහක වෙළඳ ගීතමය වැඩසටහන් රසගැන්වුයේ වරෙක ක්‌ලැරන්ස්‌ ගේ මූන්ස්‌ටෝන් හෝ ගෝල්ඩන් චයිම්ස්‌ සහ පසුව බිහිවු සුපර් ගෝල්ඩන් චයිම්ස්‌ ය එසේ නොවේ නම් බොහෝ විට ඉන්ද්‍රාණි පෙරේරා ඒකල ගැයුමකි නැතහොත් ඇගේ සොයුරියන් ද හා සමග ත්‍රී සිස්‌ටර්ස්‌ ගැයුමකි


එතැන් සිට ගුවන් විදුලි ගීත කලාව පොබයු ශීල්පී කැළ මේ තෙසොයුරියන් හට සිය නිර්මාණ රස ගගුලේ කිමිදෙන්නට ඇරයුම් කළහ


කරුණාරත්න අබේසේකර - ප්‍රෙමකීර්ති ද අල්විස්‌ - හඩ්සන් සමරසිංහ  පද බැඳුමෙන්ද  මහ සංගීතවේදී ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ප්‍රධානී සෝමදාස ඇල්විටිගල ද එහි සාමාජිකයන් වු වික්‌ටර් දඵගමද ඔවුන් අතර ප්‍රමුඛයන්ය


-
මංගලම් කියලා - මල්මිටක්‌ දමාලා'''''

කිංකිණි සළාලා - ආසිරි පතන්නේ''''

සිත් පුරා බැඳිලා - ජිවිතේ පුදාලා''''

ආදරෙන් වෙළීලා - මේ මනාලී ඉන්නේ''''

වස්‌තුවක්‌ ලැබිලා - සම්පතින් පිරිලා'''

පා මනාල ලිලා - පෙම්බරා බලන්නේ'''''''

------------------------------------
පද  - ප්‍රවිණ නිවේදක ගුවන් විදුලි මාධ්‍යවේදී නැසිගිය කරුණාරත්න අබේසේකර

නද - ප්‍රවිණ සංගීතඥ නැසිගිය වික්‌ටර් දඵගම

--------------------------------
අසන්න මෙතැනින්

ඇය මැවු ගී රස උල්පතින් අංශූ මාත්‍රයක වගතුග යළි කියා පාන්නට පෙර විරාමයක රැඳෙමු'''''''

(ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)
එදා ඇසුණු ගී - 2018 ඔක්‌තෝබර්
------------------------------------------------------------

Wednesday, October 3, 2018

Victor Ratnayake - Sunil Ariyaratne - දේශාභිමානී ගී

එදා ඇසුණු උදා ගී - සක්‌ හඞ  - රණබෙර - පසගතුරු නද මිහිර  - ආචාර්ය වික්‌ටර් රත්නායක - මහාචාර්ය සුනිල් ආරියරත්න සුසංයෝගයේ සුරස සුමිහිරි ගී රන්දම්

40 දශකයෙන් ඔබ්බෙහි පැවති ජාතික ගුවන් විදුලියට සිය  විකාශයන්හි ගීත ප්‍රචාරය කරනු පිනිස සම්පුර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය වෙතින් යෑපෙන්නට සිදුවි තිබිණැයි කියෑවේ


සිමාසහිත කාර්ගිල්ස්‌ ආයතනයේ (වර්තමානයේ ඒ නමින් හැඳින්වෙන ආයතනයේ මුල් ව්‍යාපාරිකයන්) නියෝජිතත්වය ලද එච් එම් වී ලේබලය සහ මිලර්ස්‌ ආයතනය විසින් ප්‍රවර්ධනය කෙරුණු කොලොම්බියා යන මෙකී ජාත්‍යන්තර තැටි ලේබල ඔස්‌සේ නිකුත් වු ග්‍රැමෆොaන් තැටි ඒ සඳහා මහෝපකාරී විය

1946 යුගයේ පමණ සුනිල් සාන්තයන් විසින් පටිගත කරනු ලැබු ඕලු පිපිළා..... වෙල ළෙල දෙනවා ගුවන් විදුලිය විසින්ම නිරමිත මංගල තැටි ගීතය බව සඳහන් වෙයි

ක්‍රමයෙන් එසේ තැටිගත කරන ලද ගීත සංචිතයේ සැළකිය යුතු වර්ධනයක්‌ සිදු කෙරුණේ 1973 එහි මුලාසනය හොබවන්නට පත්කෙරුණු පරිපාලකයෙකුද කවියෙකුද කලා රසවතෙකු ද වු රිජ්වේ තිලකරත්නයන්ගේ යුගයේදීය විවිධ නාමයන් යටතේ විචිත්‍රවත් සංගීත වැඩසටහන් ගණනාවක්‌ බිහි කරවා සහ ශ්‍රේණිගත කරන ලද සරළ ගී ගායන ශිල්පි ශිල්පිණියන් ගේ දායකත්වය ලබමින් නිර්මිත ඒ නමින් ම හැඳින්වු වැඩසටහන් ප්‍රමාණාත්මකව මෙන්ම ඒ හා සමානව ගුණාත්මකවද ඉහළ නංවන්නට උර දුන්නේ ඔහු විසිනි

ඊට ඇවැසි ශීල්පි බළ මුඵව ඒ යුගයේදී මනාලෙස මුවහත් වි පන්නරය ලබා සුදානම් ව සිටියේ රජයේ සංගීත විදුහලේ (වර්තමාන සෞන්දර්ය සරසවිය) සහ භාරතයේ භාත්ඛන්ඩේ විශ්ව භාරතී කලා නිකේතනයේ තමන් ලැබු විශීෂ්ඨ පුහුණුව සහ මගපෙන්වීම අනුව යමිනි 

එකී වැඩසටහන් පෙළගැස්‌මේ සුවිශේෂී අංගයක්‌ වු ප්‍රබුද්ධ ගී යටතේ උපත ලද ගී සමුච්ඡය හා සරළ ගීත 04 කින් එකක්‌ දේශානුරාගය ජනනය කෙරෙන සුඵ පදමලාවකින් සමන්විතව ගැයුනු ගී ද ඇතුඵව වෙනත් සුවිශේෂී සැමරුම් සහ තරගාවලී අවස්‌ථාවන් හිදී ගැයුනු ගීත එකතුවෙන් බිහිකරවු නිර්මාණ එදා උදා - දේශභිමාණී - අරුණ කිරණ වැඩසටහන් අඩ සියවසක යුගයක්‌ ඇවෑමෙන් අදද  වර්ණවත් කරයි

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මෙන්ම ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ සත්සර රටාවන්ගෙන් ඇතැම් විට ගුරුහරුකම් මග පෙන්විම් ලද ආචාර්ය වික්‌ටර් රත්නායකයන් විසින් ලංකීය සංගීත ක්‍ෂේත්‍රයට අමතරව එහි උපාංගයක්‌ වු මෙකී ගීතාවලියේ ප්‍රගමණය පිනිස කළ මෙහෙවර සුවිසල්ය

ගණනින් නොඅඩුවූ තමන්ගේ සෙසු ගුවන් විදුලි ගී නිර්මාණයන්ට මෙන්ම දෑ අබිමන පොබයන මේ ගී ප්‍රබන්ධයන් උදෙසාද ලෝ වැසි දනන් ඇසුරේ පවතින විවිධාකරයේ විචිත්‍රවත් නැවුම් සත්සර ශිල්ප රටා අනුගමනය කළ ඔහු එයින් සෑහීමකට පත්නොවීය


උඩ - පහතරට සබරගමු සම්ප්‍රදායේ පාරම්පරික නාදරටා මතුකරනු වස්‌ දේශිය තුර්ය භාන්ඩ හැකි උපරිම සංඛ්‍යාවක්‌ වැයෙන්නට වග බලගත්තේය එයින් ඒ උදෙසා හෙළ ගැමි සුවඳ තැවරූවේය සිය ගම්පියසේ - ආරමයේ දෙවොලේ  - තොවිල් පොළේ  - පිංකම් පොළේ සවනට හුරු පුරුදු නාදරටා නැවුම් වී නවතාවයකින් ගුවන් විදුලි ගීයෙන් ඇසෙද්දී නිතැතින්ම ඒවා වෙත ඇදී ගියහ 

පංචතූර්ය නාදය හා මුසුවී නැගෙන සමූහ ගී ගැයුම් විවිධ තාලයන් ට අනුගතව එක්‌වර ගැයෙන අරුමය ? අත්විඳින්නේ වික්‌ටර් ස්‌වර සංකලනයෙනි රස මිහිරෙනි


දෑ අබිමන් ගීත රසගන්වද්දී දවුල් - ගැටබෙර - තම්මැට්‌ටම - උඩැක්‌කිය - අත්රබාන - තාලම්පොට - සංඛය - පහතරට බෙරය  නංවන නාදයන් හා වස්‌දඞුව - ඕබෝව - වයිබ්‍රෆොaනය  - සැක්‌සෆොaනය  - ක්‌ලැරිනටය  නිසි පරිදි මුසුකරවා එයින් ද නොනැවතී ස්‌පාඤ්ඤ ගිටාර් පෙළ - වයලීන - සිතාර  - එස්‌රාජයන් - ෂෙලෝ  -එකේඩියන් - හවායන් ගිටාර් - සන්තූරය මතුනොව ට්‍රම්පටය - ට්‍රොම්බෝනය - ඩ්‍රම්ස්‌  - කොංගෝ බෙර - සරපුවරු  වාදන මිහිරෙන් ශ්‍රාවකයා තැති ගන්වා ගී රසයේ උපරිම වින්දනය අත්කර දීම ආචාර්ය වික්‌ටර් ගේ සම්ප්‍රදායයි 

එපමණක්‌ ද නොව අබිමන් ගී ගැයෙද්දී පදමාලාවෙන් ඉල්ලා සිටින්නේ නම් ඊට අනුගතව යුග හෝ සමූහ ගැයුමක්‌ නම් ඒ අනුව කටයුතු සම්පාදනය කරවා ගායක ගායිකාවන් විවිධ රිද්ම තලයන් වෙත පිවිස ගැයෙන තාලයන් මතුකර දැක්‌වීම වික්‌ටර් ගීතාවලියේ අනන්‍යතාවයයි

එහිදි ඔහු සිය සමකාලීනයන්ගෙන් ආභාෂය ලබයි එහෙත් ඒ සමගින්ම වික්‌ටර් ලකුණ ගිලිහි යා නොදී රැකගනියි අනාදිමත් කාලයක සිට  ගුවන් විදුලි දේශාභිමාණී ගීතාවලිය වෙත තම සවන් නැඹූරු කරාවගත් ශ්‍රාවකයන් හට සෙසු සංගීතඥයන්ගේ මෙන්ම ආචාර්ය වික්‌ටර් ගේ නිර්මාණ සැණින් වටහ ගත හැකි වන්නේ එහි ගැබ්වි ඇති මේ වික්‌ටර් අනන්‍යතාවය නිසාය

පෙනීයන පරිදී ලක්‌ ගී ඉතිහාසයේ අන් කවර හෝ කලකට වඩා රසවින්දනයේ සිමා මායිම් පටු වී කොටු වී පවතින වර්තමානයේ මෙකී ගීතාවලියේ රසය දැන වටහා හඳුනා රසවිඳින්නෝ තම දිවියේ පස්‌වන දශකය හෝ ඉන් ඉහළ තලයේ දිවි ගෙවන්නන්ය එනමුත් මතුයම්  පිරිහිමේ විරාමය සළකුණු වෙත්නම් එතැන් සිට නැවතත් සිගිති - යොවුන්  - වැඩිහිටි ගී රසිකයන් මේ වටා රොද බැඳගනු ඇත 

ලාංකීය ගීත කලාවට අනුපමේය දායකත්වයක්‌ සැපයූ මේ නිර්මාණකරුවන් ලක්‌ පොළවේ එදාමෙදා තුර දිවිගෙවු සදා අමරණියයයන් අතරට එක්‌ වෙනවා නිසැකය

ස ප්‍රසංගයද - ගුවන් විදුලි ගීතයද -  වෙළඳ තැටිය ද  - කැසට්‌ පටයද ග්‍රහණය කරගත් වික්‌ටර් සත්සර ලකුණ හෙබවූ ගී පදමාලා වැඩිමනත් ගණනක හිමිකරුවා  මහඇදුරු සුනිල් ආරියරත්නයන්ය  දෙස - බස - රැස පොබයු ගී පද ද එතුමෝ පහත පරිදි ලියා තැබූහ

එතුමෝ සිය පුර්වගාමීන් වු ආනන්ද සමරකෝන් - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ  - රැයිපියල් තෙන්නකෝන් - හියුබත් දිසානයක  - අරිසෙන් අහුබුදු - මර්සලීනු ජයකොඩි පියනම පබැඳු ගී පද මාලා මනාව ඇසුරු කරන්නට ඇත අධ්‍යයනය කරන්නට ඇත එය ස්‌පුඨ කෙරෙන්නේ උක්‌ත පුරෝගාමීන් අතරින් ඇතැමුන් ගේ ජීවන තොරතුරු ගැඹුරින් සොයා දැන විමසා බලා සටහන් කර පළ කරන ලද ග්‍රන්ථයන් පරිශීලනයෙනි



පහත පළවන ගී සංකල්පනා සියල්ලම පැහැදිළිවම 1970-1980 දශකයට ඇතුලත් වීම විශේෂ සිද්ධියකි සුනිල් ආරියරත්නයන් සිංහල ගීත රචනා දෙවැනි පරපුරේ පුරුකක්‌ නියෝජනය කරමින් ඊට පිවිසෙන්නේ ද 70 දශකයේ ආරම්භයේදීය ගුවන් විදුලිය - වෙළඳ තැටිය සහ කැසටය - රූපවාහිනිය යන මෙකී මාධ්‍යයන්හී සිය අණසක පැතිරූ සෙසු සමකාලිනයන් හා උපරිම ලෙස ක්‍රියාශිලී වු ආරියරත්නයන් නන්දා මාලිනිය වෙනුවෙන් ඇගේ ආදායම් වාර්තා සළකුණු කළ සත්‍යයේ ගීතය සහ පවන යන ඒක පුද්ගල ප්‍රසංගයන් ගේ සම්පුර්ණ ගීතපෙළ  වෙනුවෙන් සිය පෑන් තුඩ මෙහෙයවීය

90 දශකයෙන් පිරිහි බිඳ වැටෙමින් යන සිංහල ගීත සාහිත්‍යයේ ඉරණම් ගමන දෙස උපේක්‍ෂා සහගත වෙමින් කෙමෙන් ඉන් බැහැරව ගොස්‌ වත්මනෙහි ඊට සමුදී සිටින්නා සේය



රුවන් මුවා පොළෝ  - තලේ ....
ගොයම් සුනීල මන්ඩලේ.....
සුදම් සිතින් ගයන්නේ සිංහ ගීතයයි .....
ත්‍රි සිංහලේ .........

(ආචාර්ය නන්දා මලනී - ගුවන් විදුලියේදී - 1972 පමණ)

සවන්දෙන්න මෙතැනින්
--------------------------
Listen Music Files - Listen Audio Files -

තම්පබන්නී - දීපවංසේ - ජන්මදිනයේ .....

නීල කරදිය වළල්ලේ රන් මලක්‌ පිපුණේ....

(වික්‌ටර් සිය හඞින්ම - ගුවන් විදුලියේ - 1973 පමණ)

සවන්දෙන්න මෙතැන්හිදී
----------------------------
Listen Music - Podcast Hosting -


දස මස කුස ඉඳ - ඉරහඳ දුටු සඳ....

මොකක්‌ද අම්මේ - රෑ දුටු සිහිනය....
පින්කෙත පින්බර - පුන් සඳ කැන් මැද......

(ළමා ගායිකා රෝහිණී ජයසිංහ - ආචාර්ය නන්දා ගුවන් විදුලියේදී - 1974 පමණ)

සවන්දෙන්න මෙතැනින්
------------------------------

Share Music - Podcast Hosting -

සරුපස දිලේ පූදින ගොයමක්‌ සේම....
මසුරන් දෙරණ ආකාසේ තරු සේම.....
අත නොවෙසා බඩකට පුරවනු කෝම.....
නොඉඳින් මලේ අත පොරවා හැමදාම....

(වික්‌ටර් රත්නායක ස ප්‍රසංගයේදී 1976 පමණ)

ස ගී රසය මෙතැනින්

Upload Music - Share Audio -

--------------------------

මිහිළිය නළලේ - අංජන තිලකේ.....
සිරිලංකා දෙරණේ - තිසරණ සරනින්......
භූ පාලනා - ජනතා දිනේ දිනේ......

(පන්ඩිත් අමරදේව ගුවන් විදුලියේදී - 1973 පමණ)

අසන්න මේයින් පිවිස
-----------------------
Embed Music Files - Download Audio -

ජයසිරි සෙත සාදනා - මිණිමුතු රළ පාදනා.....
අපේ රැහේ අඵත් ඉරක්‌ පයනා......
ඒ එළියෙන් හිතේ හඳක්‌ පායලා.......

(කලාශුරී ලතා වල්පොළ හුලවාලි සිනමා පටයේදී - 1973 දී)

--------------------------
තොටිල්ලේ ලී වැටෙන් එහා.....
තව වැටවල් ගොඩක්‌ ඇතේ....
තොටිලි වැටෙන් පනින පුතා....
ඒ වැටවල් බිඳිනු ඇතේ....

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී -1975 පමණ)

රසය විඳිනු පිනිස මෙතැනට පිවිසෙන්න
---------------------------
Download Music - Free Audio -
අනුරාධපුරය ඔබයි - සිරිසර දෙදහස්‌ වසරක්‌
ඈත අතීතයේ

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී - 1978 පමණ)


අසන්න මෙතැනින්
----------------------------
Upload Music Files - Upload Audio -
ගංගා එන්නකෝ ගංගා....
මං බලාන ඉන්නේ....
ඔබ එනතුරු ගංගා.....

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී -1976 පමණ)

අසන්න මෙතැනින්
----------------------------
Embed Music Files - Audio Hosting -
අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට...
සිව් රියනේ හිත සතුටින් නිදන්නට...
මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට...
පුඵවනි මරණ මංචකයේ පුවත මට....

(අබේවර්ධන බාලසූරිය වෙළඳ තැටියකදී - 1977 පමණ)

අසන්න මෙතැනින්----------------------------
Music podcasts - Embed Audio Files -
සිංහල ගීතකලාව රසගැන්වූ වික්‌ටර් - සුනිල් ආරියරත්න සුසංයෝගය ඊට සමකාලීනව ක්‍රියාශීලිවු කේමදාස- ධර්මසිරි ගමගේ  මෙන්ම සරත් දසනායක - අජන්තා රණසිංහ සහ සරත් බාලසූරිය - උපාලි ධනවල විතාන නිර්මාණ මිතුරුදම් අතර කරට කර සිටියේ ඔවුන්ට පුර්වගාමී - අමරදේව - මානවසිංහ  මුත්තුසාමි - කරුණාරත්න අබේසේකර - අමරදේව - මහගම සේකර ගත්මග පියමං කරමිනි

ඉහත ගී සමුච්ඡයේ මුල් ගායනා රස විඳ හුරු පුරුදු රසික ඔබ ආචාර්ය වික්‌ටර් ගේ සූක්‍ෂම බටහිර - දේශිය එසේම මෝහණීය සංගීත සංකලනයන්ගේ අරුමය වටහගනු ලබනවා නිසැකය....

------------------------------------
තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි

අන්තර්වාදනය

ජම්බුද්විපයෙන් වැඩමවා - ප්‍රබුද්ධ බුද්ධ පුත්‍රයන්........

පාදවා අනන්ත යු නේත්‍ර යුග්මයන්......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි 

අන්තර්වාදනය - 02

චන්ද්‍ර සූර්ය රුක්‌ඛ වන්දනා - කෙලෙස්‌ මලින් බැඳී.....

දැන් වඳිම් බුදුන්  - දහම් - මහ සගුන් නිති.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි....

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි ........

------------------------
වර්ගීකරණය - ගුවන් විදුලි ගී  - දේශාභිමානී ගී

පද සංකල්පනාව - මහඇදුරු සුනිල් ආරියරත්න

මියෑසි නාද රටා - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගැයුම් - 
විශාරද නීලා වික්‍රමසිංහ - ආචාර්ය රෝහණ වීරසිංහ - ලක්‍ෂමන් විජේසේකර? ඇතුඵ කණ්‌ඩායම
-----------------------------------------

මෙතැනින් අසන්න
-----------