namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, November 24, 2022

R Muththusamy songs of 60-70s මුත්තුස්වාමි ගී රස සරණිය

ඔහු ආර් මුත්තුස්වාමි නම් විය ............. විවිධ රස කැළතු සත්සර ලාලිත්‍යය


මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ පළමු සිනමා සංගීත නිර්මාණ ඇතුළත් වුයේ 1956 තිරගත වු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පළමු සිනමාකෘතිය වු ’රේඛාවේ’ ය. එවර ඔහු ඒවා පටිගතකිරීම් මෙහෙයවීමට ඉන්දියාවට ගියේ නැති බවත් ඒ වෙනුවට ඒ යුගයේ බටහිර සංගීත විද්‍යාව හදාරා එහි නිපුණත්වය ලද බී ඇස් පෙරේරා සංගීතඥයා ඊට යොමුකරවු බවත් සඳහන්ය. 




රේඛාවේ ’ඉන්ද‍්‍රානි විජයබන්ඩාර’ සහ ’සිසිර සේනාරත්න’ මෙන්ම ’අයිවෝ ඩෙනිස්’ සහ ’තිලකසිරි ප‍්‍රනාන්දු’ ගැයු සියඵ ගීත වල තනු නිර්මාණය පමණක් සිදුකල සුනිලුන් ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ කාර්ය භාරය පෙරකී බඹරැන්දේ ශ‍්‍රීනාත් පෙරේරා වෙත පැවරීය. 


ලෙස්ටර් ගේ ’රේඛාව’ එදවස සම්මත සිනමා ආකෘතියෙන් බැහැර වීම නිසාදෝ මුල්‍යමය සාර්ථකත්වය නොළද්දේය. භාරතයේ මහා සිනමාකරු ’රාජ් කපූර්’ ඔහුගේ ’රේඛාව’ නරඹා එය අගය කර ලෙස්ටර් ට හැකිනම් තවත් අවස්ථාවක් උදාකරදෙන ලෙස ලාංකීය සිනමා කර්මාන්තයේ එදවස දැවැන්තයෙකු වූ ’සිනමාස්’ සමාගමේ අධිපති ’කේ ගුණරත්නම්’ ගෙන් ඉල්ලා සිටි බව ද කියැවේ.


ඒ අනුව ලාංකීය සිනමාලෝලීන්හට දැවැන්ත පසුතල සහිත බටහිර ක‍්‍රියාදාම ගණයේ සිනමා කෘතියක් ලෙස ’සංදේශය’ නරඹන්නට අවස්ථාව ලැබුනේ 1960 වසරේදීය. එය දක්‍ෂින භාරතීය සිනමා වට්ටෝරුවේ සංඝටක වූ ’සංගීතය’, ’සටන්’ සහ ’උද්වේගකර දර්ශන’ යන්ගෙන් සමාලංකෘත වූ නිසාදෝ අති සාර්ථක සිනමා පටයක් ලෙස කිරුඵ පැළැන්දේය.


එහි ඇතුළත් ’අරිසෙන් අහුබුදු’ ශූරීන් ගේ ගී පද රචනා උදෙසා නැවතත් ලෙස්ටර් ගේ ඉල්ලීමට අවනත වෙමින් ’සුනිලුන්’ මධුර ගී තනු නිර්මාණය කළේය. එහෙත් මෙවර ගුණරත්නම්ගේ නිර්්දේශය නිසාදෝ ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ භාරදුර කටයුත්ත පැවරුනේ දක්‍ෂින භාරතියෙකු ව පසුව ලාංකීය පුරවැසි භාවය ලත් නැසිගිය ’ආර් මුත්තුසාමි’ සංගීතවේදියා වෙතය.


ඔහුගේ කාර්යභාරයේ සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කිරීමේ වගකීම රසික ඔබ වෙත පැවරේ. ලතා වල්පොළ ගායන ශිල්පිනිය   මෙන්ම එච් ආර් ජෝතිපාල ගායන තරුව ගැයු සංදේශයේ ගීත සියල්ලම සැටවස් පිරී අදද එදාමෙන් ශ‍්‍රාවක හද පිනවමින් පවතින්නේය.


01 පුන්සඳ එළියයි එන මද සුළගයි මල් මල් සුවඳයි .....................


02 ?න ගිරා ?න අඹේ මී බීබී රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ ..................


03 රැුජින මමයි අපේ රාජ්ජේ මගේ සැමියා රජා තමයි.......................


04 සුදට සුද වළාකුලයි නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි ...................


සහ ජෝති ඇතුඵ පිරිස ගැයු 


05 පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා .................


මෙන්ම බෙග් ඇතුඵ පිරිස ගැයු


06 කෝ හතුරෝ කෝ හතුරෝ .................


ධර්මදාස වල්පොළ ගේ හඞ ඇතුළත්


07 කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා .................


නරඹන්න ’පුන්සඳ එළියයි...,

-----------------------


එදවස සිනමා පටයක අවම වශයෙන් වත් අඩංගු විය යුතුව තිබුනු ගීතමාලාව සම්පුර්ණ කර දුන්නේය. සංදේශයේ මේ අත්‍යන්ත සාර්ථකත්වයට සුනිල් සාන්ත සහ මුත්තුසාමි දෙපොළ ගේ මෙම සංගීතමය කාර්ය භාරය ද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන්නට ඇතිබව නිසැකය. මන්ද යත් එදවස සිනමා ගීතයක් සවන්දෙන්නට නම් සාමාන්‍ය ජනයා අදාළ සිනමා පටය නැවත නැවතත් නරඹනවා හැරෙන්නට වෙනත් විකල්ප නොතිබුනු නිසාවෙනි. නමුත් යමක් කමක් තිබූ අයට නිවසේ ග‍්‍රැමෆෝන් තැටි ධාවන යන්ත‍්‍රයක් තිබුනේ නම් එහි ගීත ඇතුළත් තැටිය ගෙනැවිත් වාදනය කරමින් රස විඳින්නට හැකි විය. (එහෙත් සංදේශය සිනමා පටයේ තැටියක් නිකුත් කරන ලද්දේදැයි නොපැහැදිලිය*.


ඉහත පූර්විකාවෙන් ප‍්‍රවේශය උදාකර ගන්නේ පෙරකී භාරතීය සම්භවයක් සහිත ලාංකීය සංගීතවේදී ආර් මුත්තුස්වාමි එනම් රාමයියා මුත්තුස්වාමි ගේ සංගීත කාර්යභාරයේ තොරතුරු අතරින් බිඳක් මතුකරදෙනු පිණිසය.


ඉහත ලැයිස්තු ගත වුයේ ඔහු හා පුරා කියා සිංහල සිනමාපටයක සංගීත සංයෝජනයේ යෙදුනු අවස්ථාව නොවේ. ඉන් වසර පහකට පමණ පෙර දී  තිරයේ ඇඳුනු ’මාතලන්’ නම් සිනමාපටය වෙනුවෙන් ද යොවුන් ලතා වල්පොළ ශිල්පිනිය යොදවා ඔහු ඒ ප‍්‍රමාණයේම ගීත සංඛ්‍යාවක් බිහිකරදුන්නේය. ඒවයේ සංගීත අදියුරු මතුනොව සත්සර රටා තනු පවා ඔහුගේය.



එතැන් සිට ’60 දශකයේ’ සිංහල සිනමා සංගීත බලාධිකාරිය පැවැත්වූවන් අතර ඔහු ප‍්‍රමුඛයෙකුව සිටියේය. විසල් වාද්‍ය වෘන්දයක් යොදවා දිර්ඝ අන්තර් වාදන සංගීත ඛන්ඩ  ඔහු සිය සිනමා ගී නිර්මාණ සඳහා යොදාගත්තේය




වසන්ත සමයේ මි අඹ වනයේ ..........

අනන්ත සුවයකි ගෙන දෙන්නේ ..........

ගිමන් හරින්නට සමන් වැලක් යට .........

නිරන්තරේ ඒ යාදෙන්නේ................


(ධර්මදාස වල්පොළ ගැයුම - ’ඉපදුනේ ඇයි- 1967 )

සවන්දෙන්න ’වසන්ත සමයේ’

-----------------------

කර්ණාටක සංගීතයේ හසළ දැනුමකින් හෙබියා වූ ඔහු ගේ පරපුර එහි සංගීතවේදීන් ලෙස කටයුතු කළ බව කියැවේ. එහෙත් ඔහු ඒ කර්ණාටක ශෛලියේ ඇලිගැලී සිටියේ නැති අතර තමන්ට පැවරී ඇති භාරදුර කාර්ය භාරය, එනම් ගීත මගින් අදාළ සිනමාපටය ජනප‍්‍රිය කරවීමේ වගකීම හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරනු ලැබ ඇති බවට සාක්‍ෂි එමට හමුවෙයි.


රාගධාරී ශෛලිය භාවිත කරමින් එදවස ලාංකීය රිදිසිණු හඞ නිළි රැුජින ’රුක්මණි දේවී’ වෙනුවෙන් ඔහු එදා කල නිර්මාණයක රසය එදත් අදත් නොඅඩුව පවතී.


සිතාරේ ...සිතාරේ ...සිතාරේ...........


අතැගිලි පිරිමදින හඞට ගයන සිතාරේ ...වයන සිතාරේ............


(ගී පද - කරුණාරත්න අබේසේකර - සම්පත - 1966)


සවන්දෙන්න ’සිතාරේ...........'

-----------------------


බටහිර සංගීතයේ ආභාෂය ලබනට නිසි තැන නිසි පරිදි කටයුතු කරන්නට ඔහු කිසි විටක පැකිලුනේ නැත. විමසනු මැනවි. එදවස බටහිර ඉංග‍්‍රිසී ගිත ගයක කන්ඩායමක් වු ’ද ජෙට්ලයිනර්ස්’ ප‍්‍රමුඛ ගායිකා ’මිනෝන් රත්නම් ප‍්‍රනාන්දු’ ගේ හඞ එම් එස් ආනන්දන් හැදු  ’සත පනහ’ වෙනුවෙන් යොදාගත් ආකාරයයි මේ



අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී .........


ඔව් මේ රැ ............


කවුරුද එන්නේ හොරාවගේ මත්වි එය හොඳ නෑ ...........


මම නැළවෙන්නේ  ඔබේ සිතේ හැංගී ඔව් මේ රැ ...


සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා ඔව් මේ රැ ......


(සත පනහ- 1965) ගී පද හර්බට් ඇම් සෙනවිරත්න ගෙනි.


සවන්දෙන්න ’අද අපි ඉන්නේ’

-----------------------


මේ යුගය  පසුවි යද්දී ලංකාවේ සංගීත භාවිතාව මහත් පෙරළියකට ලක්වෙමින් පැවතියේ ’බීට්ල්ස්’ වැනි බටහිර සංගීත කන්ඩායම් අනුකරණය කරමින්  හතු පිපෙන්නා සේ බිහිවු විසල් ගණනක ’ගායක කන්ඩායම්’ නිසාය.  ක්ලැරන්ස් විජේවර්ධනගේ ’මූන්ස්ටෝන්ස්’ කළඑළි බසිද්දී තවත් යොවුන් ශිල්පියෙකු වු ’නෙවිල් ප‍්‍රනාන්දු’ නම් අතිදක්‍ෂ ගිටාර් වාදකයා විසින් තමන්ගේ ’ලොස් කැබැයියරෝස්’ සතරදෙනාගේ ගායක සංසදය බිහිකර තිබිනි. 

ආචාර්ය ලෙස්ටර් ද  එයින් කුල්මත් වී පන්ඩිත් අමරදේවයන් ලවා සිය සිනමා නිර්මාණයක් වූ ’දෙලොවක් අතර’ ට ,’නෙවිල් ගේ කන්ඩායම’ යොදාගත්තේය. 

මෙම රසවතුන් අතරින් සමහරු සාම්ප‍්‍රදායික භාරතිය සංගීත භාන්ඩ යොදා ගනිද්දී තවත් අය බටහිර ලතින් ඇමෙරිකානු වාද්‍ය භාන්ඩ සහ  බෙරවර්ග භාවිතයට පෙළඹි සිටියේය. ’ඩ‍්‍රම්ස්’ කට්ටලය වාදනය කරමින් ගැයු ගීත ඒ අතර කෙමෙන් විසිර පැතිර යද්දී ’මුත්තුස්වාමි’ සංගීතවේදියා එයින් උපරිම ඵලනෙලා ගන්නට සමත් විය. 


යුරෝපයේ හිම වැටෙනා තාලෙට .............


සිතල සුවය දැනේ .........


ජපානයේ පිපි හිරිමල් සුවඳයි අප වෙත තුරුඵ වුනේ ..........


මේ ලක් පොළවේ නිල්කඳුවැටි මැද සීතල සුවය ගෙනේ ........


තේ කඳු පාමුල පිපිමල් සුවඳයි අපදැක තුරුඵ වුනේ .............


(ලතා සහ ධර්මදාස වල්පොළ ’උතුම් ස්ත‍්‍රි - 1969 වෙනුවෙන් - ගී පද - නැසිගිය ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ)


නරඹන්න යුතලයේ දී ’යුරෝපයේ හිම’

-----------------------------


1970 වසර උදාවෙද්දී ’මුත්තුස්වාමී’ සංගීතවේදියා ලංකා ගුවන් විදුලි ද‍්‍රවිඩ වාද්‍ය වෘන්දයේ මෙහෙයුම්කරුවාණෝ ලෙස පත්කරනු ලැබ සිටියේය. එතැන් හි සිට සිනමා සංගීත කර්මාන්තයෙන් ඉසිඹු ලද ඔහු විසින් සිය ප‍්‍රතිභාව ගුවන් විදුලි ගීත කලාව කරා විහිදුවන්නට විය. 


ශ‍්‍රීණීධරිත ස්වර්ණ භූමියයි..............

කමනීය විජය භූමියයි............

අසමානය ජනම් භූමි සම්මානනීය භූමියයි...............

(ලතා වල්පොළ 1972 ජනරජ ව්‍යවස්ථා උළෙල සැමරුම් ගී පද හේම ශ‍්‍රී ද අල්විස් විසිනි)


රහසක් ඇත ඔබ හට පවසන්නට .........

සෙව්වෙමි සසර පුරා ...........

පෙරමග බල බල .............

පියමැන ඉන්නෙමි .........

ඔබමුණ ගැසෙන තුරා ............


(ලතා  - ධර්මදාස වල්පොළ ගුවන් විදුලි සරළ ගී - හේම ශ‍්‍රී ද අල්විස් ගී පද සංකල්පනා - 1972)


සවන්දෙන්න ’රහසක් ඇත’

-----------------------

උක්ත වසර ගෙවිගිය කාලය සිංහල ගී තැටි ඇල්බම් කර්මාන්තයේ වසන්තයයි. විවිධ වෙළඳ සමාගම් පවත්වාගෙන ගිය ගිත කලාවට පෙම්බැඳි රසවතුන් එකිනෙකා පරයා ජනප‍්‍රිය ගුවන් විදුලි ගායක ගායිකාවන් යොදා නව ගීත මෙන්ම එදවස අතිශය ජනප‍්‍රසාදයට පත් ගුවන් විදුලි ගීත ද ප‍්‍රතිනිර්මාණය කරමින් සිය තැටි ලේබල් ඔස්සේ ජනගත කරන්නට තරග කලේය. ඔවුනතර 


’සූරිය’ - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

’ජෙම්ටොන්’ - විජයපාල හෙටිටආරච්චි

’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලය ලංකා නියෝජිත - පැට‍්‍රික් කොරේරා

’අර් ඒ සී’ සහ ’ශ‍්‍රීමත්’  මෙන්ම ’වාසනා’ ලේබල - සංගීතවේදී ආර් ඒ චන්ද‍්‍රසේන

’නිව් සවුන්ඩ්’ - ලක්‍ෂමන් පෙරේරා

’ලෝටස්’ - ක‍්‍රීශාන්ත කුරේ

’සිල්වර්ලයින්’ - කෙනත් සී පෙරේරා

’ෂානක’ - නවරත්න අත්තනායක (සුජාතා අත්තනායක ගී)

’තරංගා’ - විජය රාමණායක

අදද එදාමෙන් අමර වරම ලද මිල්ටන් මල්ලවාරච්චි, ඉන්ද‍්‍රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මලිනී, ටී එම් ජයරත්න, නීලා වික‍්‍රමසිංහ, සෝමතිලක ජයමහ, ලතා ව්ලපොළ, ඇනස්ලි මාලේවන, ළමා ගායිකාවන් වූ දමයන්ති ඒකනායක, ලිලන්ති කරුණානායක, ශිරෝමි ප‍්‍රනාන්දු ජනප‍්‍රිය ගී ගණනාවක් එළිදුටුවේ ඉහත ලේබලයන්ගේ නැවුම් ගී ලෙසය (ඒවායෙන් සමහරක් ගුවන් විදුලි ගී නොවේ* ’ජොති’ සහ ’එම් එස් ප‍්‍රනාන්දු’ වැනි ජනප‍්‍රිය ආරේ ගායකයන් ගැයු ගුවන් විදුලි ගී නැතුවා නොවුනද එය ඉතා අල්පයකි. ඔවුන් දෙදෙනාගේ අතිශය ජනප‍්‍රිය ගීත බහුතරය සිනමාවෙන් හැරෙන්නට බිහිවුනේ ’වෙළඳ තැටි’ වෙතිනි. 

’වෙළඳ තැටි’ නිෂ්පාදකයන් නොසිටින්නට ’ලංකාවේ කන්ඩායම් ගී යුගය’ බිහිනොවන්නට ඉඩ තිබිනි. මක්නිසාද යත් ඔවුනට එක්තරා යුගයක ගුවන් විදුලියේ දොර කවුඵ වැසී එය තහනම් පදෙසක් බවට පත් වි තිබුනු නිසාවෙනි.

සංගීතවේදී ආර් මුත්තුස්වාමී හට 1973 දී ’ගොපඵ හඞ’ සිනමාකෘතිය සංගීතවත් කරන්නට වරම් ලබන ලදුව හරූන් ලන්ත‍්‍රා ශිල්පියාගේ අතිශය ජනප‍්‍රිය නිර්මාණයක් වු ’මගේ නාමලී බැඳි ආදරේ...........’ බිහිකරදුන්නේ  නමුදු එය අවසනාවකට හින්දි ගී තනුවක ප්‍රතිනිර්මානයෙන් එළිදුටුවේය.. ඒ අතරවාරයේ ඔහුටද මතු කී වෙළඳ ගී තැටි ඇල්බමයක් සඳහා සිය නිසග ප‍්‍රතිභාව යොමුකරන්නට අවස්ථාව ලද්දේය. ඒ කෙනත් සී පෙරේරා ගේ ’සිල්වර්ලයින්’ ලේබලය වෙතටය. ඔහු බොහෝ අවස්ථාවලදී ගුවන් විදුලි ගී ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට වඩා නැවුම් හරවත් මධුරතර නිර්මාණ සිය ශ‍්‍රාවක පාරිභෝගික භවතුන් උදෙසා පිරිනමන්නට ඇප කැපවි සිටියෙකි. ඒ වෙනුවෙන් දිව ? වෙහෙසුනු ඔහු නිසා ලාංකීය සංගීත කෙතට හරවත් ගී රැුසක් එකතුවිය. සිය නැවුම් ගී නිර්මාන ’ගුවන් විදුලියේ’ මැදිහත්වීමකින් තොරව ප‍්‍රසිද්ධකරලීමේ අපහසුතාවය මනාලෙස වටහගෙන සිටි නිසාදෝ ඔහු සෑම ඉරුදිනකම  පෙරවරු 10 සිට අඩපැයක කාලයක අනුග‍්‍රහක වෙළඳ වැඩසටහනක් ගුවන් විදුලියේ එදවස සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවය වෙතින් වෙන්කරවාගෙන ප‍්‍රවිණ ගුවන් විදුලි ශිල්පී නාට්‍යවේදී දිවංගත ගැමුණු විජේසූරිය ශිල්පියා එහි නිවේදක කාර්යය භාරය ඉටුකරගන්නට යොදා ගත්තේය. ශ‍්‍රාවක අපද ’සිල්වර්ලයින්’ නිකුත් කළ නැවුම් ගී රසය විඳගත්තේ මෙම වැඩසටහන ඔස්සේය.

මුත්තුස්වාම් සංගීතවේදියා එවරද ’පෞද්ගලික වෙළඳ තැටි ගී’ යනු හොඳින් ලාභ ඉපදවිය යුතු ව්‍යාපාරයක් යන්න මනාලෙස අවබෝධකරගෙන සිටින්නට ඇති අතර ඒ අනුව විවිධ තාක්‍ෂනික ශීල්පීයෝප‍්‍රකම ද යොදාගැනීමෙන් නොනැවත බටහිර  ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩ වැඩිමනත් ව යොදා එමෙන්ම එහි එන ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (Harmony)  - (Counter Melody) විමසා බලනු මැනවි මුත්තුස්වාමී ස්වරාලංකරණ රසෝඝය ආචාර්ය සුජාතා අත්තානයක කමණිය ස්වර සමාධියෙන්.

ප‍්‍රාථමික තාක්‍ෂනයකදී වුවද කළහැකි උපරිම ශබ්ද ප‍්‍රයෝග භාවිත කරන්නට එදවස සංගීතවේදීන් සහ සංයෝජකයන් උත්සුක වූහ. ඒ සිය නිර්මාණයෙන් උපරිම වෙනසක් රසයක් ජනිත කරවන්නටය.

පහත වැයෙන ’නළලත කියඹු ලතා’ ගීතයේදී ’රිවර්බ්  (Reverb) නම් තාක්‍ෂනය භාවිත කර ඇති බවක් හැගීයයි. එහිදී ගායන ශිල්පියා ගේ හඞ දෝංකාර නවයි. ඇතැම් සිනමා ගී සහ විශේෂ තැටි ඇල්බම් පටිගත කිරිමේදී මෙවන් ශබ්ද ප‍්‍රයෝග එදවස භාවිත කරනු ලැබ තිබින

නළලත කියඹු ලතා ..............

පළඳින සිරිළියේ .........

හිරු සඳු මිහි මඞලේ ............

ඔබ රුව නෙවෙද ප‍්‍රියේ ..............

නළලතා කියඹු ලතා ..............

තුඩ තුඩ මියුරු නදින් .........

ඔබ ගී වරුණ ඇසේ ...

කවි ගී මුතුහරසේ ............

ලියැවෙයි සතර දෙසේ .............

පෙම්හද පොකුරු පියුම් හදඔබේ ලියේ .............

පහනේ සිඵව ලෙසින් බැබලේ ...........

මෙරූප නාරිලතා ගුණ රූ වරුණ කියා .......

දයාද ඇයි පැතුවේ රන්මිනි අගය කියා ..........

අරුමය අරුම ලොවේ ...........

ඒකයි සොඳුරු ලියේ ....

යහගුන නිමල යොවුන් හදඔබේ ලියේ ..........

ධනයට වැඩියෙන් නැතිවද අගේ .............

(ගී පද ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහ - 1975*

ලේබලය - සිල්වර්ලයින්

නිපැයුම - කෙනත් සී පෙරේරා


සවන්දෙන්න ’නළලත කියඹු ලතා’වට

-----------------------

’රාමයියා මුත්තුස්වාමි’ සංගීතවේදියාගේ වෘත්තිය දිවියෙන් අසුරු සැණක තොරතුරු මෙලෙස කැටිකොට දැක්වුයේ වෙසෙසින් ඔහු එහි රාමුවකට, ශෙලීයකට කොටුනොවු ස්වාධීන පුඵල් දැක්මක් සහිත නිර්මාණකරුවෙක් බව පසක් කරනු රිසියෙනි.

ආර් මුත්තුස්වාමී  ගාන්ධර්වයාණෝ 1988 ජූනි මස 27 දාතමේදීී සිය දයාබර පියඹ ’නිලීයා මුත්තුස්වාමී’ සහ ’දරු තිදෙනා’ මෙන්ම සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවකයන් තනිකර දමා මෙළොවින් නික්ම ගියහ.

---------------------------------------------------------------------

මුත්තුස්වාමි සංගීතවේදියාණෙනි ඔබට මොක් සුව පතමි...........













Thursday, November 17, 2022

Nihal Nelson's Songs of 70s

 රගමින් ගයන්නේය... ගයමින් රගන්නේය...  අසමසම වේගරිද්ම පෞරුෂය ඔහුමය - 

 70 දශකයේ දී ගුවන් විදුලියෙන් ඇදී පාවි ගීය නිහාල් ගී රසාකාරය......


1967 වසරේ එක්තරා දිනයකදී ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරයන් විසින් එක්තරා ගීතයක් ගුවණට මුසුකරන්නට පෙරාතුව ’මල් වෙඩිල්ලක්................’ දල්වන්නට සුදානම් වන්නේ යැයි හඳුන්වාදුන් ඔහු එවකට භද‍්‍ර යෞවන වියේ සිටි අංකුර ගායන ශීල්පියෙකු විය. 


ගීත රචනා කලාව, ගීතයක ආකෘතිය සහ සැකැස්ම පිළීබඳව ඉතා පුඵල් අවබෝධයක් හා අත්දැකීම් වලින් සන්නද්ධ වූ අබේසේකරයන්ගේ අනාවැකිය පුර්ණ ලෙස සත්‍ය වී එය ශ‍්‍රි ලාංකීය ගීතාම්බරයේ හාත්පස එකාලෝක කල මල් වෙඩිල්ලක්ම විය. 


ලස්සනට පිපුණු වනමල් ගල් පීදෙන දියවැල් ..............


මං ආසා කරන මැණික් කැටේ නිල් ....................


දුර ඈත කැලේ ගල් ගුහාවක වෙසෙනවා කල් .....


ලස්සන මගේ කිරිල්ලි සුරතල් .....................


එදවස ප‍්‍රවිණ සංගීතඥයෙකු ලෙස කටයුතු කල ආර් ඒ චන්ද‍්‍රසේන සංගීතවේදියාගේ සත්සර නිමැයුම අනුව ගී ගැයු ඔහු ඉහත පදවැළ නිසාම වැඩිහිටි ගී රසිකයන් හොඳින් හඳුනන ගායන ශිල්පී නිහාල් නෙල්සන්ය.

ඉන් අනතුරුව එළැඹි 70 දශකයේදී පෙරළිකාර භූමිකාවක නිරත වු ඔහු ..... එදවස සරළ ප‍්‍රසංග වේදිකාව මතට ගොඩ වී ගැයීමෙන් නොනැවතී ඔහුටම ආවේනික සුවිශේෂී රංගනයක නිරත වෙමින් වරෙක බඳ ළෙලවමින්ද තවත් වරෙක හිස බමවමින්ද ක්ෂණයකින් දෙවුර නටවමින්ද විදුලි වේගයෙන් සිය ඉරියව් මාරු කරමින් ද අදමෙන් පුඵල් නොවු පටු වේදිකාවේ සිමිත ඉඩකඩ තමාගේ භූක්තියට සරි කරගනිමින් ගැයුවේය.

බයිලා චක‍්‍රවර්ති එම් එස් ප‍්‍රනාන්දු හැරුණුවිට ගායන ලීලා භාවය නෙතින් නරඹන්නට රිසිවූ අයෙකු වෙත්නම් ඊට පාත‍්‍රවූයේ ඔහුය. එදාමෙදා තුර කිසිවෙකුට හෝ ඔශුගේ අපුර්ව ගායන ලීලාව හඞ අනුකරණය කරන්නට හැකිවුයේ නැත්තේමය. වරෙක අමරදේව, ජෝති, මිල්ටන් මල්ලවාරච්චි.පෙරේරා ඇතුඵ පිරිස අනුකරණය කරමින් ගයන්නෝ ඔහුව තම විෂයපඨයට හසුකරගන්නට සමත් නොවිය. අඩසියවසක් ඉක්මවා කාලය ගතවීත් එ කරුණ එසේමය. 

80 දශකයේ හටගත් කැසට් ගී වියවුල එනම් කැසට් මහාරැුල්ල ට හසුවී වාර්තාගත කැසට් පට ප‍්‍රමාණයකට ගී ගයන්නට ඔහුට හැකීවුවද ඒවායේ අරුත්බර බව සහ වදන්කෝෂය පිළිබඳව ගුවන් විදුලි සංයමයට නතු වු ශ‍්‍රාවකයන්හට ගැටඵ බොහොමයක් තිබිණි. ඒ නිසා ඔහු ද සෙසු වේගරිද්ම බයිලා ගායක ගායිකවන් හට අත්වන්නට වු ඉරණමට මුහුණ පාන්නට සිදුවී ’ගුවන් විදුලි’ යෙන් නිහාල් ගී හඞ නෑසි ගියේය. එහෙත් පෙරකී සෙසු ශීල්පීන් සහ ඔහු අතර එහිදී කැපී පෙනෙන වෙනසක් පැවතියේය. 



කැසට් පට විප්ලවයට නතුවන්නට පෙර ’නිහාල් නෙල්සන්’ ඒ සංගීත කලාවේ පුර්වගාමි තාක්‍ෂනය වු ’වෙළඳ ඊ පී තැටි’ ගීත කලාවටද මනාසේ අනුගතව සිටියේය. එහෙත් එහිදී ඔහු අනුගමනය කල ක‍්‍රමවේදය පසුව ඔහු තෝරාගත් මගින් හාත්පසින්ම වෙනස් විය. සංයමයෙන් නිවුනු හඞින් අරුත්බර ළයාන්විත ගීත ගණනාවක් එදා වෙළඳ තැටියෙන් ඔහුගේ ළයාදර ගී හඞින් කළඑළි දුටුවේය.


කරුණා සුවඳ තවරාලු ...........


හද පියුමේ ...


මවගේ සෙනෙහසයි ...


උල්පත සැනසීමේ ....


දුවලා ඇවිත් පෙර ලෙස මා ...


එක පිම්මේ ...


අම්මා කියන්නේ කාටද අද අම්මේ .................


--------------------

සවන්දෙන්න


70 දශකයේ ඉරුදින සනිඅන්තයක ගුවන් විදුලියට දෙසවන් යොමාගත්තවුන් කුල්මත් කල ඔහුගේ නිවුනු හැගුම්බර වදන් මාලා එදා එළෙස ගුවන් තරංග අතරට මුසුවි ලක්දිව සිසාරා පැතිර විසිර ගියේය. පෙර කී ලෙස ඔහුව මුලින්ම හඳුන්වාදුන් කරුණාරත්න අබේසේකරයන් විසින් සිය වෙළඳ අනුග‍්‍රහක වැඩසටහන් මාලාව ඔස්සේ නිතිපතා නිහාල් නෙල්සන් තරුණයාගේ ගී එයින් ඇසෙන්නට ඉඩකඩ සළස්වා දුන්නේය.

වරෙක ඔහුගේ හඞින් එදවස නිතර මගතොට නුපුරුදු නොවන දසුනක් වු ’කරත්තකරුවා’ ගේ භූමිකාවට පණ පෙවිනි. තමා ගයන ගීතය වඩාත් රසවත් කරන්නට සිය ශ‍්‍රාවකයන් මිහිරෙන් ආනන්දයෙන් මත් කරන්නට ඔහුට ඇවැසි වි තිබිණි. තමාගේ පටිගතකීරීම උදෙසා සහභාගී වෙමින් සිටි වාද්‍ය වෘන්දයේ ප‍්‍රමුඛතම සාමාජිකයා වු සංගීතවේද ස්ටැන්ලි පීරිස් සිය සැක්ස්ෆෝනය අතදරා සිටියේ ගීතයට ඇතුළත් වූ නියමිත අන්තර් වාද්‍ය ඛන්ඩ එයින් වයන්නට ඔහුට පැවරී තිබුනු නිසාය. 

සුපුරුදු හිතාදර ස්වරයෙන් ආමන්ත‍්‍රණයෙන් ඔහුව අමතමින් .... ගීතයේ අවසානයේ ක්ෂණික විරාමයකට ඉඩ නොතබා අදාළ කරත්ත කවියේ අනුවාදනය වයන්නට හැකිදැයි විමසුවේය. පිළිතුර අවාසි සහගතය. එය අසිරූ බවට කියවිනි.  නිහාල් නෙල්සන් ගායනශිල්පීයා තම උත්සහය අතහැරියේ නැත. එය නැවත නැවතත් උත්සහ කර බලන ලෙස ත් එය කළහැකි බව තමාට විශ්වාස යැයි සිතෙන බවටත් ඇවිටිළි කළේය.

අවසානයේ ජයගත්තේ ඔහු නොව එවන් අපුරු ගීතයක් වින්දනය කරන ඔබ සහ ශ‍්‍රාවක අපය.  ඔහු නිසා සිංහල ගීතයක පළමුවරට එදාමෙදා තුර සීව්පද කවියක් බටහිර සැක්ස්ෆෝන් ශූෂිර වාද්‍ය භාන්ඩයෙන් වාදනය වෙයි. 



කිංකිණි හඞට සමවෙනා ...............


ගිගිරි සැලේ ගවකුර හඞට මුසුවෙනා .................


ඇදපන් පුල්ලි ගොනෝ .................


මගේ දරුපැටියයි අඹුවයි ඇත බඩගින්නේ .............


දැන් කීපදිනක් මගටමට ගෙවුනේ ...


? සීත නිසා තොල් අතරින් සීපද වැයුනේ ...


සීපද වැයුනේ ..................


---------------

නරඹන්න යූ තලයෙන්


මෙතැනින් 
මෙතැනින්  රූපය මත ක්ලික් කරන්න

70 දශකයේ මධ්‍ය භාගය වෙද්දී ගුවන් විදුලියේ ඉරුදින මධ්‍යයනය ශ‍්‍රාවක අපහට ද සුවිශේෂි විය. ඒ නිවසේ තැටිපටි සතුනොවූ අපහට වේගරිද්ම ගී සවන්දෙන්නට සතියේ ඉතිරිව තිබෙන එකම විනාඩි පහළොව එදාට එළඹෙන නිසාය. එය නම්කෙරී තීබුනේ ’බයිලා ගී තිරය’ ලෙසය. නමින් පලක් නැත.  එම් එස් ගේ, නිහාල් නෙල්සන් ගේ, වෝල්ටර් ප‍්‍රනාන්දු (එම් එස් සොයුරු*, ඒලියන් ද සොයිසා, සෝමසිරි ප‍්‍රනාන්දු, පෝල් ප‍්‍රනාන්දු, ඇතූඵ පිරිස ගේ ගී අසන්නට ඒ මොහොත වෙන්වෙන බැවිනි එහි දිනක නැගුනු නිහාල් ගී රාවයෙන් කියවුනේ මෙවන් පණිවුඩයකි.


ඔරු පදින්න පහළ ගගට එන්න යන්න මාලී............


බොරු කරන්නේ නැහැනේ ඔබට ඇත්තයි මම මාලී.........


සරු දිවියක රස බලන්න කාලේ ලගයි මාලේ ....


පෙරූ රත්තරං වාගේ අපේ ආදරේ මාලී....


මා ප‍්‍රිය මාලී ... මා ළැදි මාලී ...


ආදර මාලී මගේම මාලී ...................


-------------------

සවන්දෙන්න මෙතැනින්

ඔහුගේ ඇතැම් ගීතයන්හි රිද්මය පමණක් නොව ඔහුගේ වදන් උසුරුව ද එහි අධිවේගීය. 90 දශකයේ ඔහු නිර්මාණය කල ’කුක්කු කූක් කූක් කුකුළා හඞනවා............’ නම් වු ගීතයකින් ඔහු තමන්ටම ආවේනික රංගනයට මැනැවින් අනුගත වන වදන් මාළාවක් අධිවේගයෙන් තෙපළයි.

’පත්තරවල විස්තරවල ඇස්ඇරගෙන තත්පරයට අපි කියනවා..............’ එහෙත් එය ඔහු කිසිවිටක පසුකාලීනව ප‍්‍රගුණ කළ ශීල්පයක් නොවන බවට සාක්‍ෂි ඔහුගේ 70 දශකයේ ගැයු ඉහත ’මාලී..........’ ගීතයෙන් ගෙනහැර දැක්විය හැකිය. එහිද ඔහු සිඝ‍්‍රගාමි වදන් උච්චාරණයටකට යොමුවෙයි. 


ගීතය අධිවේගයෙන් ධාවනය වෙයි. අමුතුම රසයකි රිද්මයකි. සංයමයෙන් සතිය පුර ගැයෙන ගුවන් විදුලි සරළ ගීත ශ‍්‍රවනයට හුරු වි සිටි ශ‍්‍රාවක අපට මේ නවක වේගරිද්මය රසාකරයකි. පසුකාලීනව දැනගැන්මට ලැබුනේ ඒ ඔහු අමතන්නේ ඔහුගේ සැබෑ ආදරවන්තියටම බවයි. දශක සතරක සරුදිවියක රස ඔහු හා විඳි සදාදරණිය ’මාලි’ එක්තර කාලයකට ඉහතදී ඔහු ද මෙළොව ද හැර ගිය බව සන්තාපයෙන් සිහිකටයුතුය.


මා ලොකු වූ පසු දොස්තර මහතෙකු වෙන්නද පියතුමනී.......?

ලෝගුව දාගෙන නිතිවේදියෙකු වෙන්නද කියනු මැනේ ....

සිහිති සුරතළෙකු ගේ භූමිකාවටකට එසේ පණපොවන ඔහු තවත් වරෙක ඔවුනට ගීයෙන් ජනකථා කියාදෙන වැඩිහිටියා බවට හැරෙයි


ඔන්න එකමත් එක රටක හිටියා කොක්කු ජෝඩුවක්....

දෙන්නා ගමනක් යන ගමන් දුටුවා ඉදිබු රංචුවක්....

වෙන්න ඇති ඔවුනට උහුලගන්න බැරි ඇබැද්දියක්...

අන්න ඒකයි ඔය යන්නේ සොයං වතුර පිරි විළක් .....

(නිතිඥ ජෝන් ද සිල්වා ශූරීන් ගේ ටවර් හෝල් නත්‍ය ’ශ‍්‍රි වික‍්‍රම’ හි ගැයුනු ’දන්න වංහුං අප කන්නසාමි රාජධූරයේ...............’ ගීතයේ නාදමාලාව අනුව ගැයේ)

-------------------

මෙතැනින් සවන්දෙන්න

70 දශකයේ ජනාදරයට පත්වු වෙළඳ තැටි ලේබලයක් වු ’ඊබීඩීකේ- නිව් සවුන්ඩ්’ යටතේ ඔහු එවන් ගී ගැයුවේය.


යුරෝපයේ අති සුන්දර ප‍්‍රංහ රටේ පැරිස් නුවර.......


බෙදා හරින යොවුන් මිහිර ප‍්‍රංශ රටේ පැරිස් නුවර............


80 දශකයේ දී මාධ්‍යයෙන් වෙසෙසින් මුද‍්‍රිත මාධ්‍යයෙන් ඔහු වෙත එල්ල වු ගල්මුල් විවේචන එමටය. ඒ ඔහු ගේ සංගීත ආර සහ ගීත සඳහා යොදාගන්නා පදමාලාවන් ග‍්‍රාම්‍ය සහ අශීෂ්ඨ යැයි කියමිනි. ජෝති ද දිවමන් ව සිටියදී 80 දශකයේ මැද භාගයේදී පමන සංගීත ලෝකයේ  ’ප‍්‍රබුද්ධ’ සහ ’පීචං’ යනුවෙන් ගායන කල්ලි දෙකක් පිළිබඳව සංවාදයක් ක‍්‍රියාත්මක වෙද්දී නිහාල් නෙල්සන් ව ’පීචං’ ගණයේ ලා සැළකිනි.  එකී සියඵ විවේචනයන්හට පදනම වැටුනේ 1980 පමණ ඔහු විසින් ගැයු ’ගුණේ අයියගේ බජව් දාන කාමරේ...........මේක ගුණේ අයියගේ බජව් දාන කාමරේ......’ නම් වු ගීතයකට මුවා වෙමිනි. එහිදී ඔහු ඉහත සහ පහත පළවන අරුත්බර මියුරු ගීතාවලිය ගයා ඒවා ගුවනින් අසා ඔහුටම ආවේනික ශ‍්‍රාවක සංසදයක් නිර්මාණය කරගෙන තිබිනි. පෙරකී දශකය අවසන් වෙද්දී ද ඔහු ආන්දෝලානාත්මක චරිතයක් බවට පත් වුයේ ගවමස් අනුභවය විවේචනය කරමින් ගැයු වේගරිද්ම ගීතයක් හේතුවෙනි. එවකට රටේ පාලකයා විසින් එය රූපවාහිනි පටිගතකිරීමක් සිදුකරන ලෙස නියෝග කර තිබු බවද කියැවේ. ඒ යුගයේ එය නිරතුරු ඔහුගේ රුව ද සහිතව ජාතික රූපවාහිනි මාධ්‍යයෙන් විසුරුවා හැරිනි. වසරකදී පුද්ගලයෙකු අනුභව කරන ගවමස් ප‍්‍රමාණය ගණිතමය සුත‍්‍රයක් ලෙසින් ගීතයට නංවා ගයන එයින් ඔහුගේ අවධාරණය වඩාත් තිව්ර වීම එකී ගීතයේ විශේෂත්වයයි. ඔහුට ඉන් තිස්වසරකට පමන පෙර ’ලස්සනට පිපුණු වනමල් .................’ ගීතය පබැඳූ කවියාණන් වු ’සරත් මුණසිංහ’ එවකට බමුණුගම ශාන්තවිමල නමින් පැවදිව සිටි අතර ’ගවමස් කෑමේ ප‍්‍රතිවිපාක ගීතය’ ද ඔහු විසින් රචනා කරන්නට යෙදිනි.


කිරිදුන්නේ මිනිසුන්ටයි සිරුරෙනි ඇගේ

පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ

ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ .............


70 දශකයේ ඔහුගැයු ගීත වර්තමානයේ සමාජ මාධ්‍යයන්හී පවා එතරම් අසන්නට දකින්නට නැතත්, ඒවා ඔහු ගේ ගායන නිසග ගායන කෞෂල්‍යය ප‍්‍රකට කල සොඳුරු නිර්මාණයන්ය.


ලස්සන ඇස්දෙක පුංචි කරන් ................

ඔබ මා දෙස නොබලා ..................

කී දේ කොහොමද ඉන්නේ අසා ..................

මා සුසුමන් නෙහෙළා .........................

ඔබ රජවිමනක සැනසෙනවා ........

මා මහමග යනවා ................

---------------------

මෙතැනින් සවන්දෙන්න


ඉහත කරුණු සියුම් ලෙස සැළකිල්ලට බඳුන් කරද්දී ’නිහාල් නෙල්සන්’ යනු ද තමන්ටම ආවේනික ගායන ශෛලියක් ගොඩනගාගත්, සුවිශේෂී චරිතයක් බව පසක් වෙයි. එහෙත් එයින් ඔහු වේගරිද්ම බයිලා රාමුවකට කොටුකළ හැකිද යන්න විමසා බැලිය යුත්තේ ඔහු ගේ ඉහත 70 දශකයේ ගීත අතර එන එක්තරා සංවේදී පදමළාවක් රැුගත් ’කරුණා සුවඳ ගීතයෙනි. එවැනි ගී ඔහු ගයා ඇත්තේ ඉතා අල්පයකුදු වුවත් ඒ එකම නිර්මාණයෙන් පවා නිහාල් නෙල්සන් ශිල්පියාණන්ගේ නිසග ප‍්‍රතිභාව කැපී පෙනෙන්නේය.

වත්මන් පරපුර මතුනෙව එදා සංගීත කලාව ද ප‍්‍රියකල රසිකයන් බහුතරය එතරම් හොඳින් හඳුනා නොගත් එහෙත් අතිදක්‍ෂ සංගීතවේදියෙකු වූ නැසිගිය ’ලාල් තේනබදු’ විසින් මතු කි නිහාල් නෙල්සන් ගීතාවලියේ බහුතරයක් ගීත තනු නිර්මාණය කර සංගීතවත් කල  අතර අතිශය නිහඞ ගීත පදමාලා නිර්මපකයෙකු ව සිටිද්දී ගායන ක්‍ෂේත‍්‍රයේද ඔහුට සමකාලීනව විස්කම් පෑ වර්ණන් පෙරේරා විසින් ද පසුව වේගරිද්ම ගීත රචනා කලාවේ කැපී පෙනෙන භූමිකාවක නිරත වූ නැසිගිය හේමසිරි හල්පිට ද  ඔහුගේ ගීත රචනය කරන්නට යෙදුනි. මෙම සටහන සමගින් අමුණා ඇති ගීත සියල්ලම පාහේ ලංකා ගුවන් විදුලි සේවා බලධාරීන් විසින් දැඩි සංගීත ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය 70 දශකයේදී පවා අනුමත කරන ලදුව නිරන්තරයෙන් සති අන්තයේ ලංකා ගුවන් විදුලි සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවයේ විසුරුවා හරින ලද ගී නිර්මාණයන්ය. එනම් සත්‍ය වශයෙන් ම ගුවන් විදුලියේ නිර්මණය නොකෙරුණද ඒවා ’නිහාල් නෙල්සන් ගුවන් විදුලි ගී’ ලෙස නම්කීරිමේ වරදක් නොපෙනෙන්නේය. මක් නිසාද යත් 70 දශකයේ පවා ඔහු ගැයු වේගරිද්ම ගීත සුවිසල් ගණනකින් ගුවන් විදුලි නිලදරුවන් විසින් සීරූවෙන් කිරාමැන තෝරා බෙරා ගන්නා ලද අතළොස්සක ගී නිසාය.

වෙළඳ තැටි ධාවන යන්ත‍්‍ර හෝ පසුව කැසට් යන්ත‍්‍ර නිවස්වල නොතිබු ගුවන් විදුලි ශ‍්‍රාවක කැළ ’නිහාල් නෙල්සන්’ නම් ගායනශිල්පිය හඳුනාගත්තේ මෙහි පෙළගස්වා ඇති ගීත ඔස්සේය. 


නමගම අසලා ...


වතගොත සොයලා ...


දැනහඳුනාගත්ත නිසා අපි ඇසුරු කලා ...


හැමදින දැකලා ... දෙහදම බැඳිලා ...


පෙර සසරේ පුරුදු ලෙසින් ...


ආදරේ කලා .....


සැණකෙළි උයනේ අපි හමුවුනු දවසේ ....

--------------

සවන්දෙන්න

අඩසියවසක් ඉක්මවා සිංහල වේගරිද්ම පොප් කලාවේ රැුඳී සිටින, ඔහුටම ආවේනික ගායන හා නර්තන ක‍්‍රමවේදයකින් ගීතලෝලීන් සැනසූ ප‍්‍රවිණ ගායනවේදී නිහාල් නෙල්සන් වෙත චිර ජීවන ආයුරාරෝග සම්පත්තිය පතමු.

----------------------------------------------

තැටි කංචුක සේයාරූ - අන්තර්ජාලයෙනි (srilankanrecords.com)

විශේෂ ස්තුතිය - ප‍්‍රවිණ ගීත රචක ගායනවේදී වර්ණන් පෙරේරා මහතා වෙත

--------------------------------------------------------

නිහාල් නෙල්සන් ගායන ශීල්පියාණන් කලට වේලාවට සම්බන්ධ කරගන්නට නොහැකි වීම නිසා ඉහත ගීතාවලියේ පද සහ සංගීත සංකලන තොරතුරු නිසි පරිදි එකරැුස් කරගන්නට නොහැකි විම සම්බන්ධයෙන් කණගාටුව පළකරමි. ඔහු සමබන්ධ කරගන්නට හැකි වු වහාම එහි ඒ තොරතුරු සටහන් කරන්නට පියවර ගනිමි.


ස්තුතියි


එදා ඇසුණු ගී

ගී මුතුමාලා බ්ලොග්

18 ඉල් මස 2022

Thursday, November 10, 2022

කස්තුරි සුවඳ - දමයන්ති - ආවා සොයා ආදරේ

 රිදීතිරයේ මුල් ගී රසය ගුවන් තරංග අතරේදී බොඳව ගිය වගනම්....................



ගීතය ගැයෙන ජවනිකාවන් අනුව ඊට වැයෙන වාද්‍ය රටා ද වාදේ‍යා්පකරණද තෝරා උපරිම ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක වින්දනයට සිය නිර්මාණය නතුකරගැනීම සංගීත අධ්‍යක්‍ෂවරයාගේ වගකීමයි. එයින් සිනමාපටයේ වානිජමය අගය කිහිප ගුණයකින් තිව්ර වනවා ඇත. ඒ කෙසේද යත්, රූපවාහිනි සේවා කිසිවක් නොතිබු යුගයේ සිය සිනමා කෘතිය ජනප‍්‍රිය කරගැනීමට සඳහා ඔවුනට ඉතිරිව තිබුනු හොඳම විකල්පය වුයේ ගුවන් විදුලියයි. එහිද ඊට අවසර ලැබුනේ එකම ගුවන් විදුලි සේවාවකිනි. ඒ සිංහල දෙවැනි සේවය හෙවත් වත්මන් වෙළඳ සේවයයි.


එිහිදි ඉදිරිපත් කෙරෙන විනාඩි පහළෙවක ප‍්‍රචාරාත්මක වැඩසටහනේ වාදනය කිරීම පිණිස තෝරාගැනෙන්නේ සිනමා පටයේ වඩාත්ම ශ‍්‍රාවක ආකර්ශනයට පාත‍්‍ර විය හැකි ගීතයන්ය.  ඒවා එතැන්හි නිතර වාදනය වීම නිසා ද එහි මියුරසයෙන් ද මත්වන ශ‍්‍රාවකයා තම කුහුල සංසිඳවා ගන්නේ හැකි සමීපතම සිනමාහල කරා පිවිස අදාළ සිනමා පටය නැරඹීමයි. 


60  දෙවන භාගයේ සහ 70 දශකයේ වේගරිද්ම සිනමා ගී බොහෝ විට පෙම්වතා හෝ පෙම්වතියගෙන් එක් අයෙකු ගායනා කරමින් හෝ දෙදෙනාම පෙනී සිටින රාත‍්‍රි සමාජ ශාලා දර්ශනයන් පසුබිමින් වැයුනි. එහිදීීද බොහෝ විට කැබරේ හෝ වෙනත් ආකාරයේ බටහිර නර්තනාංගයක් ඇතුළත් වේ.  එහිදී වේගවත් රංගනයක යෙදෙන නිළියගේ ජවනිකා උද්දීපනය කරනු වස් දිර්ඝ සංගීත ඛන්ඩ ගීතය අතරතුර වැයෙයි.


එහි ප‍්‍රතිඵලය වුයේ ගීතය විනාඩි පහක ධාවන කාලය ද ඉක්මවා වාදනය වීමයි. එය අනතුරුදායකය. මක් නිසාද යත් එතරම් දීර්ඝ ගීත පුර්ණ ලෙස ගුවන් විදුලියේ වාදනය කරවා එහි කාලය කා දැමීමට බලධාරීන් ගේ එකගතාවය පළ නොවන නිසාය. එයින් සිය නිර්මාණය ගුවන් විදුලිය වෙතින් ප‍්‍රතික්‍ෂේප වේ නම්, එය නිෂ්පාදකයාට මරු පහරක් වනු ඇත්තේය. ඊට පිළියම වුයේ පෙරකී දිර්ඝ අන්තර් වාදන කපාකොටා ගීතය සාරංශගත කීරීමයි. එවන් ආකාරයෙන් ලුහුඞු බවට පෙරඵ ගීත ගණනාවක් ලාංකීය ගීත ශ‍්‍රාවකයා අතිමහත් ලෙස වස’ කරගත් නිර්මාණයන්ය. එවන් ගී මෙම සටහන දෙස විමසුම් ඇස යොමුකරන රසික ඔබේ මතක සැමරුම් අතර වේද?


1975 වසරේ දී අතිශය ජනාදරයට පාත‍්‍ර වූ ලෙනින් මොරායස් ගේ ආවා සොයා ආදරේ හි ඇතුළත් වු එක්තරා ගීයකට පළමුව අවධානය යොමු කරනු මනාය. එහි මධුරත්වයෙන් අනූන ගීතාවලියේ සත්සර සකසුවාණෝ නැසිගිය සරත් දසනායකයන්ය. 


රොන් සොයා පියඹන සමනලියකසේ ....


රිසිලෙස සරණෙමි වන පියසේ ......


තුරුළිය අතුඉති මුකුඵ කලා ...


මල් මල් සෙමෙර සළා ...


ළිහිණි ගිරා ... කලා රසේ ..


විඳ විඳ කිචිබිචි කියනු ඇසේ....

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........


 -------------------------------


කලාශූරී ලතා වල්පොළ ගේ හඞ ඇතුළත් වූ එහි පුර්ණ ගීතය ශ‍්‍රවනය කරනට ගුවන් විදුලි ශ‍්‍රාවකයන්හට වරම් ලැබුනේ නැත. 


ඒ වසරේදීම සංගීතඥ පී එල් ඒ සෝමපාලයන්ගේ අනුකාරක නමුදු මධුර රසයෙන් අනූන ගීත පෙළක් දොරට වැඩියේ කේ වෙන්කට් ගේ දමයන්තී සිනමා පටයෙනි. සමකාලීනව ක්ලැරන්ස්ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායමේ නැවුම් හඞ පෞරුෂය අනිල් භාරතී ද ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවන්ගේ හඞ පෞරුෂය කැටිකොටගත් යොවුන් ඉන්ද‍්‍රානි පෙරේරා ද ශ‍්‍රවකයන්ගේ අතිශය ගෞරව සම්මානයට පාත‍්‍ර වෙමින් සිටියේය. නිෂ්පාදකයන් අදාළ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්නට සිතුවා සේය. ඔවූහූ බටහිර ගීතයක නාදමලාව අරභයා කරුණාරත්න අබේසේකර නම් වු ප‍්‍රවිණ ගීත නිබන්ධකයා ළවා ගී පද පෙළක් අමුණාගත්හ. ඒ ගීතයටද ගුවන් විදුලියේ පෙරකී ඉරණමට මුහුණ පාන්නට සිදු වී තිබුනද, ලුහුඞූ ගී කොටසක් හෝ වාදනය කරවාගන්නට සමත් වීම ඔවුන් ලද මහ ජයග‍්‍රහනයක් වන්නට ඇත. මන්ද යත්  ගීතා කුමාරසිංහ යොවුන් නිළිය දමයන්ති ලෙස පෙනී සිටින එකී සිනමා පටයේ ප‍්‍රදර්ශන සාර්ථකත්වයට උක්ත ගීතයේ ගුවන් විදුලි පිටපතද සම්මාදම් වු හෙයිනි.



මල් මල් හැගූමින් පැතුම් පිරී .....................


සඳෙහි රන්වන් කැඵම් දිදී .......


ආදර නැකතට සියල් සිරී ....


සැරදේ පතමී දිගාසිරී ....


පාලා කරුණා දයා ගුණේ ....


හැමදා සැමටම බෙදා සෙනේ ....


යුතුකම් ඉටුකොට මෙලෝ තලේ ...


ජයමුතු මාලා දමා ගෙලේ .....


සොම්නස සම්පත ලබන්නටයි ...


සුවසෙත ජයසිරි සැදෙන්නටයි..


මවුපිය දෙදෙනා රකින්නටයි ....


ජය ටැඹ වෙත පා තියන්නටයි....

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........

 

 -------------------------------

ප‍්‍රිය ශ‍්‍රාවක ඔබ අදද ගුවන් විදුලියෙන් ඒ ගීතය රසවිඳින්නට ඉල්ලීමක් කළහොත් ඔබහට ශ‍්‍රවණය කළ හැකි වන්නේ අබේසේකරයන්ගේ පුර්ණ පදපෙළින් ඉහත ලියැවි ඇති කොටස පමණක් බව ස්ථීරය. කෙසේ වෙතදු ගීතය ශ‍්‍රාවක සම්මානයට පාත‍්‍ර වීමේ බුහුමන් වැඩිමනත්ව හිමිවිය යුත්තේ නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී මහගුරු සුනිල් සාන්ත සිසු පැට‍්‍රික් දෙණිපිටිය වෙතයි. ඔහු සිය සුරත ළෙලවමින් වයන කමණීය හවායන් ගීටාර් නාදරටා පොකුරක් පෙරකී ගීතයේ පද අතර දැවිටි දැවටී සවන් පත් යුග පිනවන බැවිනි.


ගීතය ඇතුළත් සිනමා දර්ශනයේ දී දැඩිව වැයෙන ඩ‍්‍රම්ස් වාදන රටා පෙළකි. ඒවා රසවින්දේ දමයන්තී පේ‍්‍රක්‍ෂකයන් හෝ අදාළ ඊ පී තැටිය තමන් සතුකරගත් පෞද්ගලික තැටි ධාවක රසිකයන් පමණි


මෙවැනි අවස්ථාවන් ගණනාවක් අතරින් තවත් එක් ප‍්‍රකට නිදසුනක් ගෙනහැර දක්වනු රිසිවෙමි. මෙම සමාජ ශාලා රාත‍්‍රි ආලිංගන නැටුම් සිය සිනමාපට සඳහා පේ‍්‍රක්‍ෂයන් ආකර්ශනය කරගැනීමේ ඇමවල් අතරින් වඩාත් තියුණු එකක් වන්නට ඇත. සේන සමරසිංහයන් තමා විසින් මෙහෙයවන්නට යෙදුනු කස්තුරි සුවඳ සළරුවේදී නැවතත් සරත් දසනායකයන් ලවා කිසියම් සංගීතමය පෙරළියක් කරන්නට තැත් දැරූ අතර එයද පුර්ණ ලෙස ඵල දැරුවේ දශක ගණනක් පුරා සිනමා ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක සිත් සතන් ආලෝළනය කරන්නට සමත්වීමෙනි.


එවකට ගායන ලොවේ සැණකෙළි ප‍්‍රසංග වේදිකාවේ මෙන්ම ඒක පුද්ගල ප‍්‍රසංග වේදිකාවේ හිණිපෙත්තේ සිටි තිදෙනාම එකම ගීතයක්වටා රොද බඳවා ගන්නට ඔහු සංගීතඥ සරත් දසනායකයන් පොළඹවීය. ඒ  ස ප‍්‍රසංගයේ නියමු වික්ටර් රත්නායක ද  සැණකෙළි ප‍්‍රසංග වේදිකාවේ නියමු එම් එස් ප‍්‍රනාන්දු සහ පොදුජන ගයන ආනන්දය එච් ආර් ජෝතිපාලයන්ය.  එය එක්තරා අන්දමකින් පෙරකී දමයන්ති ගීතයේ අනුකාරක සංගීත භාවිතාවක් ලෙස පෙනීයන්නට හේුතුවූයේ එහිද අතරවාරයේ දිර්ඝ ඩ‍්‍රම්ස් වාදන ඛන්ඩ යොදා ජවනිකාවේ රගන කැබරේ  නිළියගේ නර්තන ලාලිත්‍යය හැඩගන්වන්නට තැත් දරා ඇති බවක් පෙනෙන බැවිනි. එහෙත් එය එසේම විමේ සම්භාවිතාවය අඩුය.


මල් වයසේ මධු සිහිනේ ..............


ආදර මාලිගයේ ...


පෙම් මදිරා ..ග’ පිරිලා ...


උතුරා ගලා හැලේ ...


ජීවිතේ පුරා ආදරේ පෙරා ..


දැන් බොනු මැන ජය පානේ ...


බඹරෙකි ..කුසුමෙකි ..එක්ව ගී ගැයුවේ...


මොණරෙකි උරගෙකි නෑ එහි රැු’ුවේ ....


සඳවට පරයන පුංචි කැකුඵ මල ...


එනු බොනු ජයපානේ ...

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........

-------------------------------

(ගී පද සෝමපාල ලීලානන්ද විසිනි)


සෝමපාල ලීලානන්ද ලියූ පුර්ණ පදපෙළ ගුවන් විදුලි චිත‍්‍රපට ගී තීරය ශ‍්‍රවණය කල රසිකයන්හට තබා වෙළඳ තැටිය මිළදී ගත්තවුන්හටද  කිසිවිට නිරාවරණය වුයේ නැත.  විනාඩි 06 ද ඉක්මවා යන  තර්ම් දිර්ඝ කාලයක වැයෙන මුල් සිනමා ගීතයට තැටියේ ඉඩකඩ සපුරා ගැනීමේ ගැටඵ එහිදි පැන නැංගා විය හැකිය.
 ---------------------------
(තැටි කවර කංචුක සේයාරුව උපුටාගැනීම)
http://srilankanrecords.com

එදා ඇසුණු ගී  - ගී මුතුමාලා බ්ලොග් එකතුව


Thursday, November 3, 2022

Melroy Dharmaratne lyrics and music of 70s

එදා මෙන්ම හැමකල්හීම ළපැටියන්ගේ සිට වෘද්ධයන් දක්වා... අසනු මනා .....අහසින් පොළවට බට ගී පද රස විත..............
02 පරිච්ජේදය

70 දශකයේ පෞද්ගලික තැටි ධාවන යන්ත‍්‍ර සිය නිවස් හි තබාගත් ශ‍්‍රාවක රසවතුන් ගේ තැටි ඇල්බම් එකතුවල ඇයගේ ගී තැටියක් නොතිබුනේ කලාතුරකිනි. ඒ තැටිවල ගීත වෙන්වුයේ ඒ යුගයේ ඔවුන්ගේ නිවස්වල කුඩා දරු දැරියන්ගේ රසවින්දනය උදෙසාය. ගුවන් විදුලි ළමා ගී නිරතුරුවම බිහිවෙමින් එයින් ඇසුණත්, ප‍්‍රියසම්භාෂන උපන් දින සැමරුම් උත්සවයන්හිදී රගදෙන්නට ඒවයේ ඇතුළත් රිද්මය සහ සංගීතය නොපෑහුනු විටදී, ඇයගේ වේගරිද්ම ගී පෙළ ප‍්‍රමුඛත්වයේ වැජඹුනි.












මේ අකාරයෙන් 70 දශකය එළඹෙන්නේ සිංහල ගීත කලා ක්‍ෂේත‍්‍රයේ නව පිබිදීමක නවෝදයක මල්ඵල හටගැන්වීමෙනි. ඔහු ද එතැන් හි සිට එකිනෙකට සමගාමිව සිය ගීත රචනා කලාව ද තනු සහ සංගීත සංයෝජන කටයුත්තද පුඵල් කරගන්නේය. එතැන්හිදී ඔහු වෘත්තිය ගායන ශීල්පීන් වෙත පබැඳු ගීත සංකල්පනාවන් හි පසුබිමින් දිවයන්නේ ලෝ දහමයි. බොදුණුවන්ගේ ආගමික පදනම සකස්වි ඇති අනිත්‍යතාවයයි. එහි කියැවෙන අල්පේච්ඡුතාවය ඇතැම් තැන්හිදී ඔහුගේ වදන් වැල් අතරට පිවිස සිටී.  විමසනු මැනවි. 


මුතු මැණීක් රන් කුමන 

 පලේ ............


හදවතට සහනය නැත්නම් ..,


මාලිගාවේ රාජ සම්පත් ඔ්නේ නෑ...


ජිවිතේම ප‍්‍රිතිමත් කරන්නේ ආදරේ


(අචාර්ය සුජාතා අත්තනායක - වෙළඳ තැටි ගීයකි - සංගීතය පරමේෂ් කෝණේශ් වෙතිනි) - 1975 පමණ

අවසනදී මිනිසා කිමෙක්ද අපේක්‍ෂා කරන්නේ ?. ඔහු ගේ අවසාන නිෂ්ඨාව කවරාකාරයේද ? ඔහු පැතූ පැතුම් සිතූ සිතූම් සඵලවේද? ඔහු කිසිසේත් අපේක්‍ෂා නොකළ ව්‍යාසනයකට කෙදින කවර විටක මුහුණපාන්නට සිදුවේද?

නුතන මිනිසා ගතකරන සරුවපිත්තල දිවිපෙත පිළිබඳව ඔහුගේ නිර්මාණදැළ්කවුඵවෙන් එබිබලා ලියු මනරම් අර්ථපුර්ණ පදවැළකි මේ. එය ඔහු දසවැනි සියවසේ දිවිගෙවු ඔ්මර් ඛයියාම් දර්ශනය හා සසඳයි.

-------------------
තිස්ස නාෙගාඩවිතාන
--------------------

රූ රූ අංගනාවෝ - මත්පැන් - සුරාබඳුන් - සංගීතේ වේ මගේ ජිවිතේ

එයයි ඔ්මර් ඛයියාම් ගේ දර්ශනේ

ඉඩම් ගන්නවා ...ලස්සන ගෙවල් හදනවා ....

මැරුණු දාට රියන් හතරේ පදිංචිවෙනවා ...


එකතු කරනවා ...හෙටටත් සිහින මවනවා ..

අද හවසම සිව් දෙනෙකුගේ කරඋඩ යනවා ...


නිදන් හොයනවා...සමහරු මැණික් ගරනවා ...

වාසනාව තරාදියේ කිරා බලනවා ...


පේ‍්‍රම කරනවා...සමහරු විවාහා වෙනවා ....

අනාගතය ගැන ගුවනේ ... විමන් හදනවා...


කෙනෙක් දිනනවා ඇතැමෙක් පරාද වෙනවා ..

ජිවිතයත් දාදුකැටේ බවට හැරෙනවා ..


හම්බ කරනවා - හොඳහැටි විනෝද වෙනවා

නුපන් හෙටගැන ඉබේම අමතකවෙනවා


(තිස්ස නාගොඩවිතාන - වෙළඳ ගී තැටිය සංගීතය - ප‍්‍රබන්ධකයා සතුයි)

පේ‍්‍රමසල්ලාප - වියෝග - උත්ප‍්‍රාස, ගී පබැඳුම් විසිර පැතිර පවත්නා සිංහල ගී සාහිත්‍යයේ ලෝ පුජිත ක‍්‍රිඩා ඉසව් පිළිබඳ ලියැවුනු ගීත ඇත්නම් ඒ ඉතා අල්පවශයෙනි. ඒ අතරිනිදු කරාටේ ක‍්‍රිඩාව පිළිබඳව ලියැවෙන්නට ඇතැයි සැළකෙන පළමු සහ එකම ගීතයෙන් පවා ඔහු යත්න දරන්නේ සිය ශ‍්‍රාවක රසිකයන් හට ලොව බලපවත්නා නියාම ධර්මයන් පසක් කොට දෙන්නටය.



කරාටේ රීතිය ආරක්‍ෂාවයි...

කරාටේ රීතිය යුක්තියයි..


වාසිය නම්බුව පිණිස නොවේ...

කළයුතු මාරක සටනක් නොවේ..


කරාටේ කරාටේ ශූරයා .......

අන්තර්ජාතික කඵපටි විරයා ...

සමස්ත ලංකා කරාටේ ශූරයා....


ගඩොල් ලී බඩු රට උඵ ..

අතින් පයින් ඇන දෙපඵ කරයි....

කඩුපිළි - කිණිසි  - යකඩ පොලු...

අවි දරන්නෝ මෙල්ල කරයි..............

-------------------------------------------

(ඩෙස්මන්ඩ් ද සිල්වා ගීත සමුච්ඡුය - සංගීතය ද ගී රචකයා සතුය)


80 දශකයේ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ගේ දෙසවන් පිනවු නැවුම් ප‍්‍රස්තුතයක් හුවා දැක්වු ගීයක වදන් මැවිසුරු ඔහු බව දැනකියා ගන්නට ලැබිනි. එහි කිසියම් තැනක ඔහු මෙසේ සටහන් කරන්නට යෙදිණි. එහිදි ඔහු මතුකරදක්වන්නට තැත් දරන්නේ ලෝකයේ යාථාර්ථයයි. එයින් හටගැනෙන උත්ප‍්‍රාසය කොතරම්ද ? නිවිහැනහිල්ලේ ඔහුගේ පදවැළ ඔස්සේ සිත මෙහෙයවා මෙනෙහි කරන්නෙකුට, එයින් උකහගත හැකි යහපණිවුඩය කෙබඳුවේද? 19 වන සියවසේ ලෙබනනයේදී ජන්ම ලාභය ලදුව පසුගිය සියවසේ මුල් භාගයේදී නික්ම ගිය දාර්ශනික කවියෙකු කලීල් ජිබ්රාන් ගේ , "Garment" , නම් වූ ගද්‍ය කාව්‍යයේ අභාෂය ලබා ඔහු විසින් පබැඳු අපුර්ව ගීත කාව්‍යයකි මේ.


-------------------------------------------------------
Upon a day Beauty and Ugliness met on the shore of a sea. And they said to one another, 'Let us bathe in the sea.' Then they disrobed and swam in the waters. And after a while Ugliness came back to shore and garmented himself with the garments of Beauty and walked his way. And Beauty too came out of the sea, and found not her raiment, and she was too shy to be naked, therefore she dressed herself with the raiment of Ugliness. And Beauty walked her way. And to this very day men and women mistake the one for the other. Yet some there are who have beheld the face of Beauty, and they know her notwithstanding her garments. And some there be who know the face of Ugliness, and the cloth conceals him not from their eyes.
-------------------------------------------------------------------------------------


කුඵණු ගුනේ දයාසෙනේ පිරුණු සුරූපි

දුදනෙකුගේ පව් සෙවණේ වැඩුනු විරූපි

සුරූපිටයි කොයි කවුරුත් ඇඵම් කරන්නේ

ඉරිසියාව විරූපි ගේ හද වැජඹෙන්නේ ...

එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු


දොළට ගියා දිය නාන්න දවසක් දෙදෙනා..

ඇඳි සඵපිලි මෙතෙර තබා ජලයට පැන්නා ..

සුරුපි ට පෙර විරූපි මෙගොඩ පැමිණුනා ..

සුරූපි ගේ සඵ ඇඳගෙන හනික පිටවුනා..


අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරුපි කියලා 

සැබෑවට රැුවටෙන්නේ විරූපි දැකලා 

දුටු පමණින් විරූපි යැයි අහක නොබලලා ..

ඇසුරින් ඇය හඳුනාගනු කවුරුද කියලා ...



එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු


එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි...

එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ ...

සුරුපී විරූපි නම් පටබැඳුනේ ...

ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුනේ ...


එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු

------------------------------

ගී පබැඳුම සහ සංගීතය - මෙල්රෝයි ධර් මරත්න
ගැයුම - උපාලි  ෙප ෙර් රා සමග සමන් ද සිල්වා
-------------------------------

ඉහත ගැයුණු ගීත එකකුදු ශ‍්‍රාවක හදින් එදා මෙන්ම අදද බිඳකුදු හෝ ගළිහි ගියේ නැත. ඒවා ලාංකීය ගීත ලෝලින් ලැබු මහරු ගීත නිධානය වෙතට එකතුවු අමිළ මිණිකැට බඳුය. යෝනිසෝමානසිකාරයෙන් කලා නිර්මාණ රසවිඳින්නට සමත් වු හැමකල්හිම විසූ වෙසෙන වෙසෙන්නට නියමිත පැණවතුන් ඒවා නිති තිනි අගයනු නොඅනුමානය. එ හැමදෙන පෙරකී ගීත මිණිමුතු ඔපළා පාදා මතුකරදුන් මෙල්රෝයි ධර්මරත්න නම් ගීත නිබන්ධකයා ද ඔහු තුළ ජීවත්වන මාධ්‍යකරුවා මෙන්ම සංගීතකරුවා සේම අගයනු මනාය. 


                         සමාප්තය

ප‍්‍රභාත් රාජසූරිය
ගී මුතුමාලා බ්ලොග් අඩවිය
02 ඉල් මසින් 2022

Thursday, October 27, 2022

Melroy Dharmaratne with Shiromi Fernando

 එදා මෙන්ම හැමකල්හීම ළපැටියන්ගේ සිට වෘද්ධයන් දක්වා... අසනු මනා .....අහසින් පොළවට බට ගී පද රස විත..............


60 දශකයේ කණ්ඩායම් සංගීතය බිහිවු යුගයේ දොරට වැඩි ගායක කණ්ඩායම් ගණනින් පණහ ඉක්මවා ගිය බව කියැවෙන අතර එයින් අනතුරු දශකයෙන් ඔබ්බට පියනගා දසවසකට වඩා අයුවිඳි සංගීත කන්ඩායම් පැවතුනේ අතැගිලි ගණනකි. ඒ අතරින් ද සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න නියමු කාර්තව්‍යයේ යෙදුනු ඔහුගේ සහෝදරයන්ගේ කණ්ඩායම වු ධර්මරත්න බ‍්‍රදර්ස් කැපි පෙනෙයි. ඒ ඔවුන් අඩසියවස් ගණනක් ඉක්මවා අද පවා ආරාධිත සංදර්ශන වේදිකාවේ ශීල්ප දක්වන බැවිනි. 

ඒ නයින්  එකී කණ්ඩායමේ ගීත රසවිඳි එදවස ගීතලෝලීන්  මෙන්ම පසු පරම්පරාවන්හි එකී ගීත ශෛලියට පෙම්බැඳි රසික සහෘදයන් ඔහුව ගායකයෙකු තනු නිර්මාපකයෙකු සහ සංගීත සංයෝජයෙකු ලෙස හොඳින් හඳුනන්නේය. එහෙත් මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී ප‍්‍රබන්ධකයා ගැන දන්නෝ අල්ප සංඛ්‍යාත බව නිසැකය.

ඔහු. එදා ඔහුගේ සෙහේදරයන් වෙනුවෙන් මතුනොව, අවශේෂ ශීල්පීන් උදෙසා ලියු ගීත ද ගණනාවකි. ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක සත්සර නාදරටා නිමැයුම් ඔහු විසින්ම සිදුකරගන්නා ලද්දේය. එනමුදු, වෙනත් සංගීතඥයන් ද ඒ කාර්යභාරය ඉටුකළ අවස්ථා විරළ නොවේ. 

------------------------
ශිරෝමි මුල්වටයේ ළමා ගී ගැයු යුගය - 1969-1972 (අවු 09-12
---------------------

මෙල්රෝයි ධර්මරත්න නම් වු ගී සංකල්පනා මවන්නා පළමුකොට ධර්මරත්න බ‍්‍රදර්ස් ගායක කැළ වෙතින්ම හඳුනාගත හැකි වෙතත්, ඉන් පරිබාහිරව ඔහුගේ පබැඳුම් හොඳින්ම ගොණු වි ඇත්තේ එදා ළමා මෙන්ම වැඩිහිටි රසිකයන් ද මන්මත් කළ හුරුබුහුටි කෙළීලොල් ගී හඞකින් ඔවුන් ආමන්ත‍්‍රණය කළ ශිරෝමි ප‍්‍රනාන්දු ළමා ගායිකාව ආශ‍්‍රිතවය. 


බරසාර භාෂා භාවිතයෙන් මිදී, සරළ සුගම පද එක්තැන් කොට ඔහු ඇය වෙනුවෙන් ගී ලියාදුන්නේ ඇයට සවන්දෙන ළමා ශ‍්‍රාවකයන්හට ඒවා කිසිසේත් දුරවබෝධ නොවන්නට වගබලාගනිමිනි.



රස්සාවට ගොස් ඔහු එනවා ...............


මට සිනිබෝල හෙම දෙනවා ....


සෙල්ලම් බඩු ගෙනල්ලා දෙනවා ..........


මගේ තාත්තා හරිම හොඳයි....


මට රසවත් ආහාර කවලා ...


පාසල වෙත මෙමාව යවලා ..


රෑ වුනාම මා නිදිකරලා ...


නළවා දොයි දොයි කිව්වා ....

----------------------------------

 ----------------------------------


-------------------------
ආකාසේ රැුස් විහිදා ඉර පායා එන්නේ..... ආදරේ හිතෙනවා දැක්කම  - 1972 ගීත පටිගතකීරිම (වමේ - පී එල් ඒ සෝමපාල දකුණේ - නීල් රූපසිංහ)
---------------------
ඒ බාලළමාවරුන් සිය මව්පියන් ඔවුන්ගේ ලෝකයෙන් ඔවුන්ගේ ඇසින් දුටු ආකාරයයි. ඔවුහු පාසලේ පහළ ශ්‍රේණිවලදී ඔවුන් ගැන රචනයක් ලියා තබන්නේම් නම් එහි ඇතුළත් වදන් වැළ ඉහතින් වෙනස් නොවනු ඇත්තේය. යළිත් දිනක ඔවුන් සිය මිත්තණිය ගැන ලියනු ඇත්තේ කෙබඳු ලෙසද ? එහිදී අප ගීත ප‍්‍රබන්ධකයා නොදැනුවත් ව හෝ කවිසමයේ 
(මල්මද බිසව) වදනක් දෙකක් අතරින් පතර රුවාලන්නට උත්සුක වී ඇති බව පෙනීයයි

ආච්චි හැඩකාරි අපේ ගෙදරට සීදේවි ...............

දත්නැති කටමට පෙන්වාලා ..........

ආච්චි හිනහවෙලා ....

මල්මද බිසව වගේ ...

ලස්සන මුහුණ ඔබේ ...

රජකාලේ වුනු කථා කියන්නේ ..

ආච්චි හිනහවෙලා ....

-------------------------------

එහෙත් ඔහු නිරායාසෙයෙන්ම දුෂ්‍ය නොවු නැවුම් සිහිල් දියදහරක් බඳුවන් හදවත් ඇති ළපැටියන්ගේ දයා කරුණාපරවශ ගුණය මතුකොට දැක්වු අවස්ථාවන්ද හමුනොවන්නේ නොවේ. එහිදි ළදැරිය ගේ අවධානය දිනාගන්නේ බළලෙකු නොව බැළලියකි. ඇය එහිදි බළල් දෙමහල්ලන්ගේ වතගොත කියන්නීය.

--------------------------
පළමු ගී ඇල්බම් තැටි කවරයේ ශිරෝමි  - සූරිය ලේබලය (අවු 11 පමණ)
----------------------

පුඵන් කොට්ට අත්දෙක තබලා ...


හෙමින් හෙමින් වටපිට බලලා ....


ගමන් බිමන් යාමට හපනා බළල් හාමිනේ ..


හීන් සැරේ මා දෙස බලලා ...


ඥාව් ..ඥාව් ගීතය ගයලා ..


මගේ උකුල් තලයට පනිනා බළල් හාමිනේ ....


බළල් හාමිනේගේ සැමියා බළල් රාළහාමි............


රැුවුල් මුණ පුම්බාගෙන මට ආඩම්බර පාවි..........

--------------------------------

ඔහු ඉතා සියුම් ලෙස ක‍්‍රමයෙන් සිය ළමා ගීත සංකල්පනා පෙළ එදා සමාජයේ විවිධ පැතිකඩ කරා මෙහෙයවයි. එදා ඉතා බහුළ ලෙසත් පුඵල් ලෙසත් විසිරි පැතිර පැවති ළමා මෙහෙකාරකම එනම් ළමා ශ‍්‍රමය සුරකෑම පිළිබඳව සමාජයේ අවධානය යොමුකරවන්නට ළමයෙකුම යොදාගන්නේය.

-------------------
ශිරෝමි සිය ගී තැටිවලට නිවසේදී සවන්දෙයි
---------------

මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ ....


අසරණ අනාථ පුංචි බබෙක් මං ....


පිටකොටුවේ මරදානේ බොරැුල්ලේ ..................

-------------------------------


සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ 


වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ ...


සකළ බුජං අහිංසකයි ... 


අහිංසකයි වුනාට හරිම කඩිසරයි...


සකළ බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ ..,


සකළ බුජෝ අතුගාපන් අක්කා කියන්නේ ..


වයස අටයි පොඩි කොල්ලා ..,


පොඩි කොල්ලා වුනාට වැඩට දක්ෂයා ...

------------------------
හඳමාමා ළමා වැඩසටහනේ මෙහෙයුම්කරු ලැම්බට් පෙම්මාවඩු ගේ සරණ බන්ධනය දා - වමේ සිනහමුසු මුහුණින් - මෙල්රෝයි ධර්මරත්න - මනාලිය සමග ශිරෝමි 

----------------------

---------
ශිරෝමි ගී - 1971 වාද්‍ය වෘන්දයේ දී ජලතරංග සහ සිතාරය නැසිගිය පියදාස අතුකෝරාළ සංගීතවේදියා විසින්ද තබ්ලා වාදන නඩරාජා විසින්ද (ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය) මෙන්ම හවායන් ගිටාර් වාද්‍ය ශිල්පී උපේන්ද‍්‍ර ප‍්‍රනාන්දු විසින් ද සිදුකරන ලදී. පටිගතකිරීම - සරසවි ශබ්දාගාරය  - දඵගම කැළණිය - ශබ්ද ඉංජිනේරු ම ර්ර්වින් රොද‍්‍රිගෝ ගේ අධික්‍ෂනයෙනි. 

----

ජනකාන්ත ගුවන් විදුලි ගායන ශිල්පියෙකුට හැරෙන්නට අන් කවර ආගන්තුක ගායන ශිල්පියෙකුට හෝ සිය තැටි ලේබලයන්හි ගීත ගයන්නට  60-70 දශකයන්හී වෙළඳ තැටි ව්‍යාපාරික භවතුන් ඉඩ දෙන්නට බලවත් සේ මැළිවිය. ඒ ඉතා අධික නැවුම් ගීත ප‍්‍රමාණයක් සිනමාවෙන්ද වේදිකාවෙන්ද ගුවන් විදුලියෙන් මෙන්ම තම ව්‍යාපාරික සගයන්ගේ තැටි ේලබලයන්ගෙන් ද නිරන්තරයෙන් බිහිවෙද්දී ආධුනික ගායකයන් ගේ ගීත ප‍්‍රතික්‍ෂේපවීමට වැඩි ප‍්‍රවණතාවයක් පැවති නිසා වන්නට ඇත. එසේ තිබියදී ගුවන් විදුලියේ පවා නමක් නොරැුඳු ළමා ශිල්පියෙකු වෙනුවෙන් බරපැන දරන්නට ඔවුන් කිසේසේත්ම එකග නොවිය. එහෙත් ශිරෝමි ප‍්‍රනාන්දු 60 දශකයේ දී සුමනා ජයතිලක සහ ලැම්බට් පෙම්මාවඩු ගේ හඳමාමා ළමා සගරාව ගුවන් විදුලි වැඩසටහනට පොඩි කාලේ දගකෙරුවාම (අම්මා - තාත්තා* අපුරුවට ගයනා කළ තිබු නිසාදෝ එය කිහිපවරක් පසුව ගුවනින් ප‍්‍රචාරය විමේ වාසිය පමණක් සළකා සූරිය ලේබලයේ මෙහෙයුම්කරු ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා සිය ලේබලයේ ඒ ගීතය නව සංගීත සංයෝජනයෙන් ගයන්නට ඉඩකඩ සළසා දෙන්නට එකග වු බව කියැවේ.



අදාළ තැටියට ලැබුනු අදහගතනොහැකි අසිමිත ජනප‍්‍රසාදය හමුවේ, එතැන් හි සිට ඔහු ගේ ලේබලයේ ඉඩකඩ සිගිති ඇය වෙනුවෙන් නිරන්තරයෙන් විවර විය. ලක් ඉතිහාසයේ මුල්වරට බටහිර නාදමාලා සහ වේගරිද්ම රටාවෙන් ළමා ගායන ශිල්පියෙකු සංගීත ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදීමේ භාග්‍යය යොවුන් සංගීතඥ මෙල්රෝයි ධරමරත්න හිමිකරගත්තේය. ඔහුගේ අපිරිමිත කැපවීම සහ ධෛර්යය නිසා ශීරෝමි ගී ජනාදරයට පත් වෙද්දී, ළමයින්ටද ලාංකීය ගීත කෙත සරුකිරීමේ ඉඩකඩ පවතින බව පසක් කරගත් සෙසු කලාකරුවන් ද, එතැන් හි සිට ළමා ගී වෙළඳ තැටි හඳුන්වාදීමේ ක‍්‍රමවේදය වෙත නැඹුරු වූහ. පසුව ඊට එකතු වු ඔවුන්ද සාර්ථකත්වය අරුනඵ දුටුහ.

මෙතැන් සිට ඉදිරි සතියට....................

ස්තුතිය - ප්රවීන  සංගීතඥ  ෙමල්ෙරා්යි ධර් මරත්න මහතා ෙවත


(සේයාරූ උපුටාගැනීම ශීරෝමි ප‍්‍රනාන්දු වැලිකල සහ මෙල්රෝයි ධර්මරත්න මුහුණූපොත් පිටු වෙතිනි)