භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999) - 03 වන කලාපය
විහාර බිමේ දී, ඇසළ පෙරහැර මංගල්‍යයේදී, පිංකම් පොළේදී බොදු බැතිමත් ගී රසිකයන් හට ඉතා හුරු පුරදු තම්මැට්ටම්, ගැටබෙර, දවුල් සහිත පසගතුරු නාද මුසුව ’සරත් දසනායක’ නිර්මණ වෙතින් මතුවුයේ 70 දශකයේ ඔහුගේ සිනමා නිර්මණයන්හිදීමය. ’නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවයෙන් (නිල්ල සොයා - 1976* ඇරඹි එය කෙමෙන් ’බිඳු බිඳු කදුඵ ගලා’ මතින් ’මල් මල් වාරම් හෙල පුරසාරම් සිහිවේ සිහිවේ මල්කැකුඵ....’ (මල් කැකුඵ - 1980* ඔස්සේ ගලා ගියේ තවත් බටහිර ඉංග‍්‍රිසි ගී ගැයු යොවුන් ශීල්පිනියක් වූ ’ෂ්‍යාමි ෆොන්සේකා’ ගේ ගී හඬ ඔස්සේය. ’ඩැල්රින්’ ගැයු පෙර කි නිර්මාණය වෙළඳ තැටිගත වන්නේ ද ඒ ක‍්‍රමවේදයටම අනුගතවය.
’හේවිසි නාද රටා පසුබිමේ ’ඔළිඳ කෙළිය’ ජන ගී රිද්මය සිහිගන්වන එය ඊට පෙරාතුව ’කස්තුරි සුවඳ’ , ’නිල්ල සොයා’ , ’ආශා දෑසින්’ , වැනි සිනමා කෘතින් හි ඔහු අනුගමනය කල සංගීත භාවිතාවේ දිගුවක් වැන්න.
’මගේ හදේ නැවුම් ලොවක් මැවෙන්නේ ......’
’පාවි සිතේ හැගුම් පැතුමි මැවෙන්නේ .....’
’පායා අඵත් සඳක් නැගෙයි සිනාවේ ...’
රෑනේ කිරිල්ලියක් රැුගුම් රගාවි.....’
-------------------
සමූහ ගැයුම - ඇන්ජලීන් ගුණතිලක- මිල්ටන් මල්ලවාරච්චි සමග ෂ්‍යාමි ෆොන්සේකා
සළරුව - මල් කැකුඵ
වසර - 1980
නිපැයුම - සේන සමරසිංහ
ගී පද සැකසුම - නැසිගිය කරුණාරත්න අබේසේකර
-------------------------------------
සවන්දෙන්න මෙතැනින්
----------------------------------
ංංංංංංංංංංංංංංංංංංංං
හොරණ ශ‍්‍රීපාලි කලායතනයේ නිහඬ නිසළ බව බිඳිමින්, සියොතුන් කැදැළි කර පියඹා යන්නට අරගල කරන යාමයේ ’විශාල ගෙඩියක්’ සහිත සංගීත භාන්ඩයේ තත් අතරින් යුහුසුඵව ’දීපා සරත් දසනායක’ නම් කොඵ ගැටයාගේ දසැගිලි දිවයන්නට පටන් ගනී. එහි තත්හැඬවීම නිසල වන්නේ හිමිදිරියේ ’සැවුළන්’ හඬතලන යාමයේය.
1959 වසර සිංහල සුභාවිත ගීත ලෝලීන් කැළඹිමට පත් වූ වසරක් වුයේ එසමයෙහි ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ පළමු නියමුවා ලෙස කටයුතු කල සංගීතවේදී එඩ්වින් සමරදිවාකර දිවි ගමනින් හදිසි සමුගැනීමයි. ඔහු ඒ වනවිට යොවුන් විය ඉක්මවා යමින් සිටි අතර මේ අවධියේ අටළොස් හැවිරිදි විය ගතකරමින් සිටි ’දිපා මිල්ටන් සරත්’ යෞවනයා, දිනක ’හේවගේ පේ‍්‍රමදාස’ නම් වු ගාන්ධර්වයාණෝ අමතා තමන්ට ’සංගීතය’ හැදෑරිමට ඇවැසි යැයි පවසනු ලැබූ අතර, ඔහු ශ‍්‍රීපාලියේ එක්තර කුටියක් වෙත යොමුකරවන ලදී. එහි විවිධාකාරයේ විවිධ ප‍්‍රමාණයේ සංගීත භාන්ඩ පිරි ඉතිරි තිබුනි. සුරත දිගුකර
’අන්න අතන තියන විශාල ගෙඩියක් වගේ එකක් තියෙන එක .....’ යනුවෙන් හඳුන්වා එය තමාට උගන්වන්නැයි අයැද සිටියේය.
පසුකාලිනව සිංහල සංගීත ක්‍ෂේත‍්‍රයට අනුපමේය දායකත්වයක් ලබාදෙන්නට සමත් වෙමින්, එහි දැවැන්තයන් බවට පත් වූ නාමයන් කිහිපයක් ඔහුගේ සමකාලීනයන් ගේ නාමාවලියට ඇතුළත් වන්නේය.
’සේන ජයන්ත වීරසේකර’, ’මර්වින් පෙරේරා’ , ’ඔස්ටින් මුණසිංහ’ , ’පුන්‍යසිරි මහවත්ත’, ’නවරත්න අත්තනායක’ (ගායිකා සුජාතා අත්තනායක ගේ සැමියාණන්* ඒ අතර වේ. ඒ ’රජයේ සංගීත විදුහලේදීය’.
’බී වික්ටර් පෙරේරා’, ’එස් ඩී එස් ජයසේකර’, ’ ඩී ආර් පීරිස්’, ’බී ඇස් විජේරත්න’ , ’කේ ඒ ධර්මසිරි පෙරේරා’ වැනි පෙරදිග උත්තර භාරතිය සංගීත ගුරුකුලයේ කැපි පෙනෙන ඇදුරන් වෙතින් ’දසනායක’ හෙවත් ’දසේ’ එහිදී සිප්සතර හැදෑරිය.
1963 වසර ගතවෙමින් පවතිද්දී, සංගීතවේදී ’ආර් මුත්තුස්වාමි’ යටතේ ’හැඳල විජයා චිත‍්‍රාගාරයේ’ වාද්‍ය වෘන්දයේ අසුන් අරා සිටින්නන් අතර ’සරත් දසනායක’ ද විය. එහි ඔහු පෙරකී ’විශාල ගෙඩිය සහිත සංගීත භාන්ඩය’ උකුලේ හොවා සිටියේය. එහි දෙඅත් රුවාගත් ඔහු ’උඩරට මැණීකේ’ සලරූ ජවනිකාපෙළ වෙනුවෙන් සත්සර හඬ මුසුකරන්නට යෙදෙනි.
----------------------------
හිමිදිරියේ හිරු එළියට ...................
මං යනවා එහා ගමට .....
නුඹ නැතිදා කෙළෙසද මා ගමේ ඉඳින්නේ ....
අඳුර වැටෙන්නා ....
ගැල පැදවෙන්නා...........
පසුබිම -
1977 වසරේ දී පමන ’සිල්වර්ලයින් රෙකෝඩ් බාර්’ ආයතනය ස්ථාපිත වී නිකුත් කරන්නට යෙදුනු මුල්ම ඊ පී තැටි පෙළ අතරින් ’ආචාර්ය දයාරත්න රණතුංග’ වෙනුවෙන් වෙන්කළ ඇල්බමයේ ඇතුළත් අප‍්‍රකට ගීතයයි. එහි ඇතුළත් වු ’උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ.............’ සහ ’පෙම් සිළිලාරේ තුන්සිත ඉතිරි....’ ගුවන් විදුලිය ඔස්සේ අතිශය ජනාදරයට පත්ව උක්ත ගීතයේ ප‍්‍රභාව මිළින ව ගියද, සරත් දසනායක සංගීතවේදියා ගේ නාද භාවිතාව සුවිශේෂීව ප‍්‍රකට කරන මන්මත් කරවන වස්දඬු රාව ඇතුළත් වූ ගීතයකි.
’70 දශකයේ’ සහ ඉන් එපිට සියවස් ගණනක ඈත යුගයක් කරා විහිදෙන ’ගැල්කරු’ වෘත්තියේ යෙදෙන ’කරත්තකරුවෙකුගේ’ පේ‍්‍රමවිප‍්‍රයෝගයේ ලතැවුල් ප‍්‍රකට කරන විරහ ගීතය, ගැල්ගමනේ රිද්ම ලාලිත්‍යයද ’කරත්ත කවි’ ගැයෙන ජන ගී රාවය ද චිත‍්‍රනය කරන සත්සර රටාවකින් හැඩගන්වා තිබේ.
ගී පද - නැසිගිය උපාලි ධනවල විතාන
ගැයුම - ආචාර්ය දයාරත්න රණතුංග
ලේබලය - සිල්වර්ලයින්
නිපැයුම- කෙනත් සී පෙරේරා - සිල්වර්ලයින් රෙකෝඩ් බාර්
-------------------
මෙයින් රසවිඳින්න
----------------------------------------
සරසවිදෙවගන වරම් ලබමින්, ’සිතාරය’ හැඬවූවන් වූ ’පියදාස අතුකෝරාළ’ , ’වයි ඇම් සුමනසිරි’ හා එක්වූ තෙවැන්නා ’සරත් දසනායක’ ය.
ඉන් තෙවසරකට පසු ’බිබිල මධ්‍ය මහ විදුහලේ’ සිසුදරු දැරියන් පිරිවරා එහි සංගීත කාමරයේ සුමියුරු සිතාර් තත් හඬ නැංවු ඔහුගේ රුව නිතිපතා අගනගරයේදී ද යමෙකුට දැකිය හැකි විය.
’සෝමපාල ලීලානන්ද’ නම් වු පුවත්පත් කලාවේදී යොවුන් සහෘද රසවතා ’දසනායකයන්’ දිනක මරදානේ ’ඩ්රිබර්ග් ඇවිනියු’ (වත්මන් ජයන්ත වීරසේකර මාවත* වෙත කැඳවාගෙන ගියේය. එතැන්හිදී ඔහුගේ සිතාරයේ තත් නිම්නාද නැංවුනේ දේශයේ සංගීත කලාවේ මහාපහන් ටැඹක් බවට පත්වූ ’පේ‍්‍රමසිරි කේමදාස’ යන් ගේ මියැසි විසිතුරු වෙනුවෙනි. එහිදි ඔහු තමන්ට මුණගැසුනු නවක සිතාර් වාද්‍ය ශීල්පියා හට ’සරිගමපධනි...’ පෙරදිග ස්වර ප‍්‍රස්ථාරයන් බටහිර රේඛා ප‍්‍රස්ථාරයන් වෙත පරිවර්තනය කිරිමේ ගුරුහරුකම් කියා දුන්නේය. එයිනුදු නොනැවතී ගීතයකට ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (හර්මනි - කවුන්ටර් මෙලඩි පොයින්ට්ස්* ආදේශ කිරීමේ බටහිර ශීල්පීයොපක‍්‍රමයේ මුලධර්මයන් කියා දුන්නේය. එතැන් හි සිට ’දසනායක’ නම් වු මියැසි මිණිකැටය’ මනාව ඔපමට්ටම් වී ප‍්‍රභාරශ්මියෙන් වඩාත් දිදුලන්නට විය.
01 ’සීතල වතුර ගලයි ....................’ (පන්ඩිත් අමරදේව)
02 ’මංගල දිනයේ රසමධු පානේ ...............’
’ඉවකල කොමළිය .. කුලගෙට එනවා.............’
’කුලගෙට එනවා - කුලගෙට එනවා..........’
(ලතා - ධර්මදාස වල්පොළ) -
රූං රූං රුං රුං මී මැස්සෝ.....
පෙම් බඹරුන් මෙන් මී මැස්සෝ.....
(වික්ටර් රත්නායක - නන්දා මාලිනී) -
නමින් වූ අපුරු, මධූරතර ගී රටා ගැයෙන වැයෙන ’සීතල වතුර’ , ’මී මැස්සෝ’ සිනමා නාමාවලි තිරයේ ’සහය සංගීත අධ්‍යක්‍ෂ - සරත් දසනායක’ වදන් පෙළ ඒවා නැරඹූ පේ‍්‍රක්‍ෂක සහෘදයා ගේ නෙත ගැටිනි. පෙරකී අමරණීය සිංහල සිනමා ගීතයන්හි වැයෙන්නේ ඔහුගේ සිතාර් වාදනයයි.
ලක්දීපයේ මෑතකාලීන ඉතිහාසයේ, සිංහල සංගීත ලෝලීන් අත්විඳි ’ඔපෙරා’ එනම් සංගීත ස්ංධවනි වේදිකා ගතවුයේ සංගීතවේදී ’පේ‍්‍රමසිරි කේමදාසයන්’ ගේ අප‍්‍රතිහත ධෛර්යේ සහ කැපවීේම ප‍්‍රතිඵලයක් ලෙසින් බව නොදැනගත් ශ‍්‍රාවකයන් සිටිය නොහේ. ඔවූහු සිංහල සංගීත වංශ කථාවේ නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් වූ ඒ සංසිද්ධිය මහත් සොම්නස් සිතින් මෙනෙහි කරති.
1967 ඉල් මසින් 07 දාතමින්, කොළඹ කාන්තා විදුහල් ශාලාව සිසාරා නැගුනු විවිධාකාර සංගීත භාන්ඩ නාදයන් අතරේ ’සරත් දසනායක’ ද සිය සගයන් වූ ’වයි ඇම් සුමනසිරි’ සහ ’පියදාස අතුකෝරාළ’ ඇතුඵ තවත් ශීල්පීන් අර්ධ ශතකයක සංඛ්‍යාවක් ඉක්ම වූ පිරිසක්ද සමගින් සිය අතැගිලි සිතාරයේ තත් අතරේ රගදෙන්නට සළස්වා නැංවු කන්කඵ නාදරටාව ද විය.
සීතල නළවැල් තුරු අතරේ..........
මිදුම් කඳුමුදුනේ වැතිරේ .......
මේ කුඵ පියඹා යයි අඹරේ ...........
ලස්සනයි හරි ලස්සනයි..............
-----------------------------
ගැයුම - නැසිගිය ඇන්ජලීන් ගුණතිලක සමග නැසිගිය හරූන් ලන්ත‍්‍රා
ගී තනුව - නැසිගිය සංගීතඥ තිලක් කරුණාතිලක
සිනමාපටය - සඳ නැග එද්දී
වසර - 1967
----------------------------------
මෙතැනින් සවන්දෙන්න
---------------------------------
’තිලක් කරුණාතිලක’ නම් වු සහෘද මියැසිනාදනිර්මාපකයාගේ මෝහණීය තනුවකින් හැඩ වූ ’සඳනැග එද්දී’ නමින් සිනමාතීරය ඒකාලෝක වෙද්දී ගැයුනු ගීතයේ මිහිරෙන් සහෘදයන් වශීකෘත ව දැහැන්ගත වුයේ ’සරත් දසානයක’ ගේ සුළලිත ’සුසංවාද ප‍්‍රසංවාද’ ස්වරරටා සහ වැයුම් නිසාය.
’කේලම් - මුසාබස්’ ඇතැම් ලාංකීකයන්හට එදාද අදද සැමකල්හීම ’රසබස්ය’ ප‍්‍රියතෙපුල්ය. කෙතරම් ද යත් ඇතැමුන්හට එය ’සප්තස්වරයේ’ මිහිර අභිබවා රසය ගෙනදෙන්නේය. ඔවුනට පින්සිදුවන්නට, 70 දශකයේ මුල්යුගයේ දී සිංහල සිනමාවට ප‍්‍රතිභාපූර්ණ නවක සංගීතඥයෙකු ලෙස ’සරත් දසනායක’ දයාද කෙරෙන්නේය. ඒතාක් එක්ව කටයුතු කල ’කේමදාස - දසනායක’ සුසංයෝගය විරසකයක් බවට හැරෙද්දී ඔවූහු එතැන් හි සිට ස්වාධීනව කටයුතු කරන්නට පෙළඹෙන්නේය.
’ලස්සන නම් නෑ පෙනෙන්නේ....’
’ඉස්සර සුවඳයි දැනෙන්නේ...’
’මෙදා සොඳුරු පිය දසුන්...’
’එදා සිහිනයකි කසුන්....’
’මතක් උනත් අමිල සැපතකි....’
-------------------------
සේයා සළරූව - විශ්මය
වසර - 1978
ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර
-------------------------
මෙතැනින් සවන්දෙන්න
---------------------------
ලෙසින් සංගීත් නිපුන් සනත් නන්දසිරි ගී නාදය මතුවුයේ ’විස්මය’ සළරුවෙනි. එය 1978 වසරේදී, සහෘද පේ‍්‍රක්‍ෂක ජනයා වෙත තිළිණ කෙරෙද්දී , ’සරත් දසනායක’ ක්‍ෂේත‍්‍රයේ බොහා් දුර පියමං කර තිබුනේ බරඅඩි තබමිනි. (මෙම සටහන් පෙළේ මුල් කොටස පරිශීලනය කරනු වටී*. එනමුදු, ඊට පදනම වැටී එය නිර්මාණය කෙරෙද්දී, එනම් 70 දශකයේ මුලාරම්භයේදී අමයුරු සත්සර රටා මවන්නෙකු ලෙස ඔහුව හඳුනගත්තෝ විරළ වූහ. එතැන්හිදීද ’සෝමපාල ලීලානන්දයන්’ ’විස්මයේ’ අර්ථපතියන් හට ’දසනායක’ පිළිබඳ තතු විත්ති හෙළිකර ඔහුගේ ගුණ වරුණාව හෙළිකර තිබුනි. ’භාත්ඛණ්ඩේ’ ඇබෑසි විදුහල වෙත අසල්වැසි භාරතය කරා යොමුවන්නට තිබු සිතැගි අකාමකා දැමූ ඔහු, ඒ වෙනුවට ’විස්මය’ ට ’උත්තරභාරතීය රාගධාරී’ සංගීත රටා පෙළක් තිළින කර දෙන්නට ඉටා ගත්තේය.
රජයේ සංගීත විදුහලේදී ’ප‍්‍රීති නීලා ජයසුන්දර’ නම් වු යුවතිය දැන හැඳින, ඇයව සිය ’ජීවන මංපෙත මලින් සරසන්නට එක්කර ගත්පසු ඔවූහු දෙපුතුන් වු ’රංග’ ’සංඛ’ සහ ’ලක්මාලී’ දියණියගේ පි‍්‍රයතෙපුළින් ජීවන ගමනේ විඩාදාහය සංසිඳවා ගත්හ.
මතු කී පරිද්දෙන්, ’විස්මය’ ට පසුව ’විස්මයජනක’ මියැසි වසන්ත සමයක උදාව සනිටුහන් කල ’සරත් දසනායක’ සංගීත යුග මෙහෙවර සම්පුර්ණ කරන්නට අත්වැල සැපයුවේ ඔහු හා සංසාරගත සෙවණැල්ලක් සේ ඇදෙමින් ආ ප‍්‍රාණසම කළණ මිතුරු ’සෝමපාල ලීලානන්ද’ ය. සදහටම හෙළ ගී කෙත සරු කරන්නට සමත් වූ, රසපූර්ණ ගීතාවලියට රන් දොරටු විවර වූ ’සදහටම ඔබ මගේ’ සිනමාපටයේ බරපැනධාරී රඹුක්කන ප‍්‍රකට ව්‍යාපාරික රසවතාණෝ ’සේන සමරසිංහ’ වෙත ඔහුව කැඳවාගෙන යන්නට ’ලීලානන්ද’යන් මෙවර සමත්විය. ඒ නිර්දේශය ලබනට, ’සරත් දසනායක’ ට වසනා මහිමය උදාකර දුන්නේ ’ජෝති’ ගැයු ’ගී තැටියයි’. ( තොරතුරු පෙර සඳහන් විය* එය ශ‍්‍රවණය කල ව්‍යාපාරික රසවතාණෝ දෙවරක් නොසිතා එකහෙළා මේ අප‍්‍රකට ආධුනික සංගීතඥයා හට සිය ’භාරදුර වගකීම’ පවරන්නට එකග වුවේය.
එතැන් හි සිට, ඒ තාක් සිංහල සිනමා ගීතාවලිය වසාගනිමින් අසල්වැසි උත්තර භාරතයෙන් ඇදී ආ ’අනුකාරක තනු’ නම් වු පොදවැසි ගෙන ආ ’අඳුරු වලා’ කෙමෙන් තුනි වී ගියේ හෙළජන ගීආර නම් වූ ප‍්‍රභාකීරණ පැතිර වු ’සරත්’ නම්වු දිනකර නිරාවරනය කරමිනි.
පෙර සඳහන් කළ ඔහුගේ සිනමා ගී රස ගගුලේ කිමිද යන්නෝ, තත්කාලීන භාරත සිනමා ගී රසය අතික‍්‍රමණය කිරීමේ භාරදුර එසේම අසීරු අභියෝගය දිනු ජයග‍්‍රාහක කිරුළට ඔහු සුදුසු වන්නේ මන්දැයි මනාව පසක් කර ගනු ඇත්තේය. එදිනෙදා බස්වහරෙන් කියු ලෙසම ’සරත් දසනායක’ රහට ගීත හැදූවේය....................’ එය එසේ මෙසේ ’රසයක්’ නොවේ ජාත්‍යන්තරය ජයගත් අති දැවැන්ත බොලිවුඩයේ සංගීත කලාවේ දැවැන්තයන් හා හුදකලාව කරන ලද සටනකි, අරගලයකි.
එදාමෙදාතුර යුග යුග ශ‍්‍රාවක සිත් සතන් සර්වකාලීනව මෝහණය කරන නිර්මාණරසයන් තිළිණ කළ ඔහු පිළිබඳව ලාංකීක ගීත ලෝලීන් මෙන්ම සිනමා නිර්මාණකරුවන් ද, රංගනශිල්පීන්ද ආඩම්බර විය යුතුවා මෙන්ම ඔහුට කෘතවේදී පුර්වකව ණයගැති විය යුතු වන්නේය. මක් නිසාද යත්, ’70’ සහ 80 දශකයේ සිනමාව පිළිබඳව කථාබහ කරද්දී, එහි සාර්ථකත්වය පිටුපස සිටියවුන් අතර ඔහුගේ නාමය අමරණිය වන හෙයිනි.
එපණකුදු නොව , ඔහු නොවන්නට, ’70 - 80 - 90’ දශකයන්හී සිනමා ලෝලීන් සැනසූ නැළවූ ජෝති හඬ මෙතරම් ජෝතිමත් නොවන්නට ඉඩ තිබුනි.
ලක්මවගේ ඇකයේ පහස ලබන සෙස්සන් හට උරුම වූ ආයුරාරෝග සම්පත්තිය ඔහුට අහිමි වී තිබුනද, ගීතයට පෙම් බඳින ඔබටද මටද අපි සියල්ලන්හටම දිවිගමනේ දාහය විඩාව සංසිඳවා ගන්නට, සිත සැනහී සුවපත් කරවා ගන්නට මහරු මියැසි නාදරටා ගොන්නක් තිළිණකොට දී තිබේ. සටහන් මාලාවේ අන්තයට ලගා වූ මොහොතේ, මතු කී පරිදි ඔබ, ඔහුගේ ගීතාවලියෙන් වසග වි ඇතිබව නම් නිසැකය.
දීපා මිල්ටන් සරත් දසනායක වියෝ වී මේ සටහන පිළියෙළ කරන 2021 වසරේ උඳුවප් මහ දක්වා විසිදෙවසරක් ගතවි තිබේ. ඉහත ලියැවුනු සියල්ල සම්පුර්ණ කරනට ඔහු මිනිස් දිවියේ ගතකල කාලය සත්පණස්වසරක් පමණකි. හෙළ කලා කෙතේ සුවහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂක දනන්, රසිකයන්, ශ‍්‍රාවකයන් පිනවූ, නැළවූ, සෙසු මහරු නිර්මාණකරුවන් බහුතරයක් සේම, සරත් දසනායක කලාකරුවාණන්ද දිවිමගේ සැටවිය ඉක්මවා යන්නට වරම් නොලැබිය. එබඳු ශිල්පීන් ගේ අකාල සමුගැනීමෙන් හිස් වී පුරන් වී ගිය ’හෙළ ගී කලා කෙත’ සැඩහිරුරැුසින් දැවී තැවි යන නිරුදක කතරක් බවට හැරෙමින් පවතිද්දී, ඔහු වැන්නේ යළි කවදා කෙසේ මතුදින පහළවේද ?
(’සරත් දසනායක’ දිවිමග තොරතුරු මුලාශ‍්‍රය - ගාන්ධර්ව අපදාන පුස්තක පෙළ - ’සරත් දසනායක’ - මහාචාර්ය සුනිල් ආරියරත්න වෙතිනි.)
සේයා රූ උපුටාගැනීම - ’ස්වාධීන රූපවාහිනියේ ඉන්ද‍්‍රසිරි සුරවිරයන් විසින් මෙහෙයවූ ’සරත් දසනායක’ අනුස්මරණ වැඩසටහනක ’යු තලයේ’ දර්ශන පෙළකිනි
පසු සටහන
ආදරණිය සංගීතවේදියාණෙනි,
හින්දි ගී රසයෙන් මත් වි සිටි කුඩා මා, ගුවන් විදුලියේ සිනමා තොරතුරු අඩපැයකින් අඩක විකාශනය වු වැඩසටහනේදී ඒ ගී පරදවන සුඵ සුමියුරු සිංහල ගීත ශ‍්‍රවණය කරන්නට ලැබී, එයින් වසග වුනෙමි. ඒ ගී ශ‍්‍රවණය කරන්නට රිසි ව, අසිරුවෙන් සපයා ගත් බරපැන සකසුරුවමින් විය පැහැදම් කරමින් ’සිනමාහල්’ වෙතට පිවිසියෙමි. දැවැන්ත තිරය ප‍්‍රභාමත් කරමින් ඒ මත දිදුළන නාමාවලියේ ඔබේ නාමය දුටුවෙමි. එතැන් හි සිට දිනක අඳූරු ශාලාවෙන් තරු විසිරුනු අහස් තලය කරා පැමිණෙන හෝරාවේදීද, දිනක අවරට යන ළා හිරු රැුස් පොපියන සන්ධ්‍යා කාලයේදීද, සිතින් යළි යළිත් සියවරක් ඒ ගී මෙනෙහි කරමින් මුමුණන්නට විය. රැුය ගෙවි පැයෙන් පැය දිනෙන් දින සතියෙන් සතිය... කාලය පියඹා ගියද, හදවතේ රැුව් පිළිරැුව් දුන් ඒ අමයුරු ගී රසය තුනි වි නොගියේය. දිනෙන් දින තව තවත් නව ගී ’ගුවන් විදුලියෙන්ද’ ’තැටි ධාවකයෙන්ද’ ’පටි ධාවකයෙන්ද’ ශ‍්‍රවණය කළෙමි. ඒ දහසක් ගී රස අතරින් ඔබේ නමින් ඉපදී ගැයුනු ගී මිහිර ද බිඳකුදු බොඳවි නොගියේය.
ඒ හැම මාධ්‍යයකින් ඇසෙන්නට ගත් නව ගීතයක අපුර්වත්වයක්, පෙර නොවිඳි රසයක් මිහිරක් දැනුනු විටදී එහි නිර්මාපකයා කවුරුන් වෙත්දැයි විමසිලිමත් වූයෙමි. ආශ්චර්යයකි, ඒ ගීතය ද ඔබෙනි. ’තැටියේ’ ද ඔබේ නාමය පැහැදිළිව ලියැ වි තිබෙනු දුටුවෙමි, කැසටයේද ඒ නාමය එසේ සටහන් වී තිබිණ. ගුවනින් ඇසෙන ගීතයක වාදනය ඇරඹුමේදී ඔබගේ නාමය කියැවිණි නම්, නිසැකවම එය මා කුල්මත් කරනු ලබන බව පසක් කොට ගතිමි.
’අමර පෙම් ලතාවේ ..... ’ මියැසි ලතාවෙන් අප නැළවූ ඔබගේ වේගරිද්මය කැටිවු සංගීත වාද්‍ය රටා රැුසක සංකලනයෙන් ද ගායන පෞරුෂයන් ත‍්‍රිත්වයක මුසුවෙන් ද නැගුනු ’මල් වයසේ මධු සිහිනෙන්.... සිහින ලොවකට පාවි යද්දී ගුවන් විදුලි චිත‍්‍රපට ගී වැඩසටනින් ’රොන් සොයා පියඹන සමණළියකසේ.................’ නැග ආ ළයාන්විත ලතා ගී ලතාවෙන් හදකිතිවන්නට විය. සතිඅග නිවසේ විවේකයේදී ආලින්දය සිසාර මතුවූ ’ත‍්‍රී සිස්ටර්ස්’ ගී රාවය අතර වූ ’සාගරය පරදා උතුරා........’ .’වාසනාව දෝතට ගෙන සිනහ සලා.................’ රසයෙන් පිරී ඉතිර ගියේ ඔබගේ ඉන්ද‍්‍රජාලික මියැසි පෙළහර වෙතින් බව කෙසේ අදහා ගන්නද?
ඇසළ සැණකෙළි සමයේ නෙක වර්ණ විදුලි බුබුඵ රැුසින් එකාලෝක වූ ’සැණකෙළි බිමේ’ කොනක දිවයන’ ’මෙරි - ගෝ රවුමේ’ ’සතුටු සුළං රැුළි හමා ගියා....කදුඵ කලුව ඈත පැන ගියා............’ ගී අනුවාදනයෙන් නැගුනේ ද ඔබ ගේ රිද්ම රටා බව දැනකියාගත් දා, ඔබ සක්දෙවිඳු පිනවන ’පන්සිඵ’ පරයා මතුවි නැග ආ ගාන්ධර්වයා බව පසක් කොට ගත්තෙමි.
එයාකාරයෙන් හෙළ සිනමාවේද, ගීතකලාවේද වසත් සමය පුබුදාලන්නට ඔබ කළ මෙහෙවර, ඔබ දෑරූ වෙහෙස මදකුදු ලඝුකොට තැකිය නොහේ. සහෘදයන් පිනවනු පිනිස, රටක දැයක දුලබව පහළ වන ඔබ වැන්නන් වෙත නිසි කල නිසි ලෙස හිමිවිය යුතු බුහුමන් ප‍්‍රණාම ප‍්‍රසාද අවසනාවන්ත ලෙස නොලැබ ගියද, මාද ඇතූඵ එක්තරා යුගයක් නියෝජනය කල සුවහස් සංඛ්‍යාත රසික දනන් ගේ හද පතුලේ ඔබගේ නාමය සදා නිධන්ව පවතිනු ඇත.
එබැවින්, ආදරණිය ගාන්ධර්වයාණෙනි, අසාහාය සංගීතවෙදියාණෙනි, සසර ගමන නිමා කරන්නට මත්තෙන් යළිදු වරක් හෝ සහෘද අප පිනවන්නට අප හමුවේ පහළවනු මැනවි.
නිවන් පුරට යන ගමනේ ....
සහන් එළිය දෙන ගමනේ ....
මගින් මගට නතර නොවි...
පෙරුම් පුරන්නයි ...
ලක්බිම උපනුපන් ජාති මතු උපදින්නයි.......
---------------------
ගැයුම - ආචාර්ය සුජාතා අත්තනායක
නිපැයුම - ගුවන් විදුලිය
යුගය - 1977 වසර පමණදී
පදගෙතුම - ආචාර්ය අජන්තා රණසිංහ
සත්සර වියමන - සරත් දසනායක අසහාය සංගීත වේදියා වෙතිනි
--------------------
සවන්දෙන්න
----------------
ංංංංංංංංංංංංංං සමාප්තයි ංංංංංංංංංංංංංංංං