namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, January 4, 2026

Sinhala music of 70s - Originals - Bagpipe music in Sinhala Songs

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 08  බෑග් - පයිප් (ස්කොට්ලන්තය)

පැසකට වායු පුරවාගනිමින් වාදනය කරනු ලබන මෙයින් නිකුත්වෙන නාදය පෙර සඳහන් කළ කවර හෝ ශුෂිර භාන්ඩයකින් නිපදවා ගත නොහැක්කකි. එය ඇතැම්විට දේශිය පංචතූර්ය නාද සංකලනයේ හොරණෑවේ හඞ ටද නෑකම් කියයි.

අති පුරාණ ග්‍රීක ශීෂ්ඨාචාරයේදී භාවිතා වූයේ යැයි කියන ’අස්කෝස්’ නම් වූ ශූෂීර වාද්‍ය භාන්ඩය බෑග්පයිප් හී ආදි මුතුන්මිත්තා යැයි සඳහන් කෙරෙන්නේ විකපීඩියා අන්තර්ජාල වෙබ් අඩවියයි

එක්සත් රාජධානිය හා කලකදී එහි යටත් විජිත ලෙස පැවතුනු රටවල් ගණනාවක සන්නද්ධ හමුදා තූර්ය වාදන වෘන්දන්හිදී මෙම උපකරණය භාවිතා කරනු ලබන අතර විශේෂ උත්සව සහ ප්‍රසංගයන්හිදී එය නොවැරදීම කළඑළි බසී. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ හමුදා තූර්ය වාදන වෘන්දයන්හිදීද මෙම උපකරණය භාවිත වන අතර ජාතික නිදහස් දින උළෙල, රණවිරු සැමරුම් සහ වෙනත් එයාකාර රාජ්‍ය උත්සවයන්හිදීද සංදර්ශනයන්හීදීද ’බෑග්පයිප්’ හඞ නෑගි ප්‍රතිරාව නංවයි.


මෙම වාද්‍ය භාන්ඩයේ වාදන රසය ඇතුළත් කරමින් 60 දශකයේ උත්තර භාරතීය සිනමා ගීතාවලිය හැඩගන්වන්නට එහි සුරුවිරුවෝ සමත්විය. ඒ 1964 වසරේ තිරගත වූ බොලිවුඩි සිනමාවේ දැවැන්තයෙකු වූ ’රාජ් කපූර්’ ගේ ’සංගම්’ සිනමාපටයේ ගැයුනු ’මෙරෙ මන්කි ගංගා... (බෝල් රාධා බෝල් සංගම් හෝ කා කෙ නහී....) හිදී මෙම අපුරු බටහිර සංගීත භාන්ඩය වැයෙන අතර එහි ජවනිකාවන්හිදී ද ’රාජ් කපූර්’ එය වයන අයුරු දැක්වෙන වීඩීයෝ පිටපත් යූ ටියුබය පුරා ඔබට දැක ගත හැකිවනු ඇත.

ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් මතුනොව ගුවන් විදුලියෙන් ගීත ඇසූ සංගීතලෝලීන් අතර පවා අතිශයන්ම ජනප්‍රිය වූ එම ගීතය ද එකී සිනමාපටයද පිළීබඳ මතක ඡායා 70 80 90 දශක පුරා ඔවුන් අතර රැව්පිළිරැව් දුනි.

සිංහල සිනමාවේදී හෝ වෙනත් ගීතවලදී ඒ තාක් භාවිත නොවූ ’බෑග්පයිප්’ නාදයට පෙම් බැන්දේ, සමකාලීන දෝස්ති සිනමාපටයෙන් ඇසුනු ’මවුත් ඕගන්’ රාවයටද පෙම්බැඳි ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වු අතිදක්‍ෂ සංගීතවේදියා විසිනි. ’සංගම්’ ගීත රාවය නැගුණු අවධියේ සිට ඔහු එය සිය සිනමා නිර්මාණයකට ඇඳාගැනීමට අර අඳිමින් සිටින්නට ඇත. එකී සිහිනය සැබෑ වන්නට තවත් වසර පහක් පමණ ගත වු අතර සිනමාවේදී කිංස්ලි රාජපක්‍ෂ විසින් නිර්මිත ’කළණ මිතුරෝ සිනමාපටයේදී ඔහු සිය මවුත්ඕගන් සිහිනය සමග ’බෑග්පයිප්’ සිහිනයද සැබෑ කරගත්තේ සිංහල සිනමාවේ මුල්වරට ’බෑග්පයිප්’ වාද්‍ය රසය ඇතුළත් ගීයක් රසික සවනට යොමු කිරීමෙනි.


අභිමාන ධීර වීර වූ අතිජාත භූමි ලංකා ..................

ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා ධීර ලංකා ලංකා මාගේ ලංකා ............................

ගීතරචනා කලාවේ මහගුරු බඳු කරුණාරත්න අබේසේකරයන් විසිනි විරචිත එය ගායනා කරන්නට යෙදුනේ අල්හාජ් මොහිදීන් බෙග් ඇතුඵ කන්ඩායම විසිනි.

මෙතැනින් සවන්දෙන්න

-----------------------------


ඉන් පසුව ද ඔහු මේ ශූෂීර වාද්‍ය භාන්ඩයට බැඳි පෙම අතහැරියේ නැති බවට සාධක හමුවන්නේ 1972 වසරේ සිංහල සිනමා වංශ කතාවට එක්වූ එස් රාමනාදන් ගේ ’හිතක පිපුණූ මල්’ සිනමාපටයෙනි. විවිධ ගණයේ විවිධ රස කැන්දූ විචිත්‍ර ගීතාවලියකින් හැඩගැන්වූ එහි දොස්තර ආර් ඒ ස්පිටල් රසවතා විසින් 20 සියවසේ මුල් යුගයේ සටහන් කළ වැදි පැදි පෙළක අනුසාරයෙන් රසගැන්වූ ගීතයක් ඇතුළත්ය.



මා මෙනි මා දෙයියා දෙයියා..................

කාබෙන් පාබලයක්කම යේ ..................

යමු දෙන්නා .......

බිමින් යන්නට බොල්පිනි බැරිනම් ....

වඩනා මිමා ලණු බැඳගන්...

යමු දෙන්නා...


මෙතැනින් සවන්දෙන්න

-----------------------------

විමල් ජේ සාගර (ආචාර්ය ෂෙල්ටන් ගේ බාලසොයුරු) ඇතුඵ ගායක කන්ඩායම ගැයූ මෙහි දී ඔහු පැකිළීමකින් තොරවම ඇති පදමට ’බෑග්පයිප්’ නාදරටා වයා ගයවන්නට පෙළඹෙයි. ඒ කවරඅයුරකින් ද යත් මෙහිදී මනාව වටහගත හැකි වනු ඇත.

එපමණද ?

ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පමණද ’බෑග්පයිප්’ රසය සිංහල ගීත රසයට හා මුසුකළේ ?

=============

ෂෙල්ටන් ප්‍රෙුමරත්න පන්ඩිත් අමරදේව සහ චන්ද්‍රිකා සිරිවර්ධන සමග 70 දශකයේ ගුවන් විදුලියේදී ගීතයක් පටිගත කිරීමට සුදානම්ව.................. මේ බොහෝවිට ඒ දෙදෙන ගැයූ ’රන්වන් රන් කෙත සිපගෙන හමනා....’ නම් වූ යුග ගීය විය හැකිය. එය ’රන්කෙතයි ගොවිදෑතයි’ ලෙස 1975 වසරේ ගුවන් විදුලියේ විකාශය වූ නාට්‍යමය සංගීත විචිත්‍රාංගය විය හැකිය. අතිශය ජනප්‍රියත්වයට පත් ගායිකා මාලිනි බුලත්සිංහල ගැයූ ’සඳමඩලේ සිට තරුමඩලේ සිට...’ ගීය ඇතුළත් වූයේද මෙම වැඩසටහනේය. එය ’මවුත්ඕගනය’ යටතේ විස්තර කරන්නට යෙදුනි.


ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ දයාබර ශිෂ්‍ය නැසිගිය මර්වින් ප්‍රියන්ත විසින් ඔහු ගේ මඟපෙන්වීම යටතේ ඒ වෙනුවෙන් අසීරූ මවුත්ඕගන් වාදන රටාවක් මැව්වේය.

====================================

වර්තා වෙන පරිදි එය එපමණය. ඒ අන් කවර කරුණක් හෝ නිසානොව, වාදකයන් සපයා උපයා ගැනීමේ අසිරූතාවය නිසා වන්නට ඇතැයි ලියුම්කරු අනුමාන කරයි. පෙර සඳහන් නළ පරිද්දෙන් ම ’බෑග්පයිප්’ වාදකයන් රැඳෙන්නේ පුහුණුවන්නේ සැරිසරන්නේ ’ත්‍රිවිධ හමුදා තූර්ය වාදක ක්‍ෂේත්‍රය පමණක් වන නිසාය. ඔවුන් ද එදා සිටින්නට ඇත්තේ අල්ප ගණනනි. එසේම බාහිර වානිජමය පටිගතකිරීම් සඳහා ඇවැසි අවසරය ලබා ගැනීම සහ කාලය මිඩංගු කරගැනීමේ අපහසුතා ද එමට තිබෙන්නට ඇතැයි සිතීම සාධාරණය. අනෙක් අතට, තත්පර ගණනක හෝ නිමේෂයක එක් සංගීත ඛන්ඩයක් උදෙසා එතරම් වෙහෙසකර කටයුත්තක නිරතවෙන්නට ඒ යුගයේ පවා සංගීතකරුවන් මැළී වන්නට ඇත. එහෙත් ෂෙල්ටන් ප්‍රේමරත්න යනු එසේ ලෙහෙසියෙන් පහසුවෙන් තමන්ට පැවරුණු වගකීම සැහැල්ලුවෙන් සළකන්නෙක් නොවන වග ඔහුගේ නිර්මාණ ගණනාවකින් පසක් කර දෙයි. ඔහු විනාඩි කිහිපයක කටයුත්තකට තම ක්‍ෂේත්‍රයේ සෙස්සන්ට වඩා දින සති මාස ගණන් වෙහෙසෙන්නට මැළි කමක් නොදක්වන චරිතයකි. 

එහෙත් ඔහු ’බෑග්පයිප්’ වාදනයට ඇඵම් කළ බව හැඟෙන්නේ මතු කී ලෙස 1971 කළණ මිතුරෝ ගීතය සඳහා එය තෝරාගෙන පසුව ’හිතක පිපුණු මල්’ වෙනුවෙන්ද එය වාදනය කළ බැවිනි.

මෙයින් නැගෙන හඞ විසින් ලියුම්කරු කැඳවාගෙන යන්නේ පෝදාක විහාර බිමකටයි. ඒ එය තරමකට පංචතූර්ය නාදයේ ’හොරණෑ’ වට නෑකම් කියතැයි සිතෙන බැවිනි. 

බෑග්පයිප් වාදනයක් හසුකරගැනීමට සිංහල ගීත කොපමණ ප්‍රමාණයකට සවන්යොමුකරයුතුවේද ? අපැහැදිළිය. එවන් ගීත තවත් හමුවේනම් මේ ලිපිමාලාවේ අතරතුර මා ඔබට නිසැකවම එය මතුකරදක්වමි. එය සපථ කරමි.

------------------------------------------------------------

මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක......

Tuesday, October 14, 2025

Sinhala music of 70s - Originals - Oboe-Basson_Clarinet

 ඕබෝ - ක්ලැරිනට් සහ කොර් ඇංගලීයිස් බැසූන් සහ පෙරදිග ’ෂෙනායි’ සමග නාදස්වරම්


සැක්සපෝනය නම් වූ සුශිර වාද්‍ය භාන්ඩය (wind) නුහුරු නුපුරුදු වූවන් යම් තරමකට හෝ එය හැඳිනගත්තේ රූපවාහිනි සංගීතමය විචිත්‍රාංග වෙතිනි. 1979 ස්වාධීන රූපවාහිනියද 1982 ජාතික රූපවාහිනිය ද සිය විකාශන කටයුතු දියත් කිරීමෙන් පසුව, මෙරට ජනතාව එදවස වඩාත් ඇඵම් කළ විනෝදාංගයන් ද්විත්වය වූ ’සංගීත සංදර්ශන’ සහ ’සිනමාව’ පුංචි තිරයට රිංගා ගත්තේය. ඒ අනුව සතියකට වරක් සංගීත සංදර්ශනයක අනුකරණය සහිත මැදිරි සංගීත සංදර්ශනයක්ද පැරණි ජනප්‍රිය චිත්‍රපටයක් ද එහි ප්‍රදර්ශනය කෙරිනි.

ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා ගේ ’ෆෝර්චූන්ස්’ කන්ඩායම එහි පෙනි සිටිද්දී ඔහු අතදරා ගත් ’ස්වර්ණ පැහැ’ උපකරණය කෙරෙහි සුඵ ප්‍රමාණයක හෝ සංගීත ලෝලීන් අවධානය යොමු කරන්නට ඇත. (අප රට රසිකයන් පුරුදුව ඇත්තේ ගීතයේ තනුව සහ රිද්මය හෝ පදමලාව රසවිඳගන්නට මිසක එහි වැයෙන සංගීත සංයෝජන රටා මිහිර විඳගන්නට නොවේ)



මෙහි සාකච්ඡා කෙරෙන්නේ ’සැක්සෆෝනය’ හැඩරුව ගත් එහෙත් කාලවර්ණ ඊට සමාන සුශිර සංගීත භාන්ඩය වූ ’ඕබෝ’ ව ගැනය. එයට හැඩරුවෙන් ඉතාමත් ම සමපාත වන ’ක්ලැරිනට්’ සහ ’කොර් ඇන්ගලිස්’ නම් වූ කටවහරෙන් ’නළා’ වන් අප රසිකයන්ට එතරම් එතරම් හුරු නැත. ඇත්තේ වී නම් ඒ සංගීත වාදන ක්‍ෂේත්‍රයේ ක්‍රියාශීලී සහ ඒවා හැදෑරූවන් අතර පමණක් බව උදක්ම විශ්වාසය.

එහෙත් 50 දශකයේ සිට අතිමහත් වූ ගීත සංඛ්‍යාවක් සංගීතවත් කරන්නට ඒවයේ අන්තර්වාදනයන්හීදී මෙම වාද්‍ය භාන්ඩ තුනම හරිහරියට වාදනය කෙරි ඇත. එහෙත් ඒවා අසවල් භාන්ඩය යැයි දන්නෝ පෙරකී සංගීතය හදරන අතළොස්ස පමණකි.

කුමක්ද මේ ’ඕබෝව’ ?

ශ්‍රී ලාංකීක රසිකයන්හට අවිෂය වූ ඔවුන් එතරම් අවධානයක් යොමු නොකරන එමෙන්ම මෙහි සංවිධානය කළහොත් අතළොස්සක් පමණක් සහභාගි වන ’සිම්පනි ඔකස්ට්‍රා’ වන්හිදී විවිධාකාර වාද්‍ය භාන්ඩ වයන සිය ගණනක පිරිස හමුවේ. වාද්‍ය වෘන්දය මෙහෙයවන්නා ගේ විධානයන් අනුව ඔවූහූ කිසියම් බටහිර සම්භාව්‍ය සංගීත ඛන්ඩ වයති. එවන් කන්ඩායමක ’ඔබේා්’ සහ ’ක්ලැරිනට්’ වාදකයන් එමට සිටිති. ශ්‍රී ලංකාවේ මේ කටයුත්තේ යෙදුනු එකම සංගීතඥයා වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දිවමන් ව සිටිද්දී ඔහුගේ ’මානසවිල’ ’පිරිනිවන් මංගල්ලය’ වැනි සංගීතමය ප්‍රණිතාංගයන් විසින් ඔහූ රාමුවකට කොටුවූ අඥාන ශ්‍රී ලාංකීක රසිකයන් බටහිර සංගීතයේ සීමාවන් මේ යයි එසේ පෙන්වා දක්වා සිටිමට උත්සහ දැරීය. 


අදටද ’ඕබෝ’ ඇතූඵ ඒ පවුලේ සංගීත භාන්ඩ අතදරා වයන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදා බටහිර තූර්ය වාදක කන්ඩායම් පමණි. එදවසද කේමදාස ඇතුඵ පිරිස එවන් සංගීත භාන්ඩ හඞවල් සිය නිර්මාණ රසගන්වන්නට ඇවැසි විටකදී, ඔවුන් ගේ සහය පැතූහ.


අතීත කථාවෙන් අල්ප මාත්‍රයක් 

දාරුමය වූ මෙම භාන්ඩයන්හී ද්විත්ව වායූ ධාරාවන්ගෙන් පණගන්වයි දැන් දැන් ප්ලාස්ටික් සහ රෙසින් වැනි කෘතිම ද්‍රව්‍ය යොදාගනිමින්ද ඒවා සාදනු ලබන බව සඳහන්ය.

විකපීඩියා හි වැඩිදුරටත් කියැවෙන්නේ මේවායේ ආදී මුතුන්මිත්තන් ලෙස සැළකිය හැකි වාදf්‍යා්පකරණ පුරාණ මිසර සහ රෝම ශීෂ්ඨාචාරයන්හි ද භාවිතා කෙරී ඇති බවය.

13 සියවසේ මැද පෙරදිග අරාබි සංස්කෘතියේදී ’සූමා’ ලෙස හඳුන්වාගත් උපකරණය ද මෙහි ආදිකාලින සමාජිකයෙකුව තිබිනි. නවලොව ’ඕබෝ’ ව පරිණාමය වන්නේ ප්‍රංශයේ දීය ඒ 17 වන සියවස තරම් ඈත යුගයකදීය. එකල එය ප්‍රංශජාතිකයන් විසින් ’හෝබෝයි’ ලෙස හඳුන්වන්නට යෙදිනි, එතැන්හී සිට එය බ්‍රිතාන්‍ය, ඇතුඵ යූරෝපිය සංගීත ප්‍රජාව අතර වේගයෙන් ජනාදරයට පත් විය.

අප්‍රිකානු බ්ලැක්වූඩ් නම් ලීයෙන් ද නිමැවූ ’ඕබෝව’ තියුනු ශෝකී හඞක් නංවයි. ඒ නිසා සිනමා පසුබිම් සංගීතයේදී ශෝකී, සංවේගාත්මක ජවනිකාවන් හිදී පසුබිමෙන් මෙම උපකරණයේ හඞ නංවන්නට යෙදිනි. එයාකාරයෙන්ම  ශ්‍රී ලාංකීක සංගීතවේදීන් ’විරහ’ පදමාලාවක් සහිත ගීත වලදී හර්මනි හෝ අන්තර්වාදනයේදී මෙය වාදනය වන්නට සැලැස්වීය.



70 දශකයේ ගීත ලෝලී ඔබට එදවස අතිශයින්ම ජනප්‍රසාදයට පත් මෙම ගීතය සිහිකැඳවාගත හැකිද ?

ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ..............

ගැට තුඹකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ ......................

හිත පාඵයි ගම පාඵයි නුඹ නොමැතිව නෑනෝ ..................

කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ .....................

ශෝකි හඞක් සහිත ’විල්බට් ඇන්තනි’ නම් වූ ප්‍රතිභාසම්පන්න ගායන ශීල්පියා විසින් ගැයූ මෙය සිය පෙම්වතිය ද නෑනන්ඩියද දුරු කතරක විවහයකින් බැඳීමෙන් මානවකයෙකු ගේ සිතෙහි කැකෑරී එන   ශෝක වේදනාව මතුකර දක්වයි. මෙම ගීතය පුරාවමට ඇසෙන්නේ අප සාකච්ඡාවට බඳුන් කරන ’ඔබෝ’ වේ හඞය. මෙම ගීතයට සවන් යොමන නුහුරු රසිකයෙකුට පවා දැන් මෙම වාද්‍ය භාන්ඩයේ ප්‍රායෝගිකත්වය පිළීබඳ අදහසක් ඇතිකර ගත හැකිය. එමෙන්ම ඔබෝවේ හඞ සිය සවනට හුරු කර හැකිවන්නේය. ඇතැම්හූ මෙය පෙරදිග උත්තර භාරතීයන්ගේ ’ෂෙණායි’ වාද්‍ය භාන්ඩය ලෙසද හඳුනාගනී. කම්නැත ඒවායෙන් නිකුත්වන්නේ එකිනෙකාට සමීප හඩවල්ය. සංගීතය ගැඹූරින් හදාරන්නහට හැරෙන්නට එය ඔබට මට එතරම් වැදගත් නැත


මෙතැනින් රසවිඳින්න

---------------------------


ක්ලැරිනටය ද මෙහි තෙවැනි වාදf්‍යා්පකරණය වූ ’කෝර් ඇන්ගලිස්’ ද මේ හඞට නෑකම් කියන හඞවල් පිටකරයි. මේවායේ හඞ ට ආශක්ත වන සංගීත ලෝලීන්ට නුහුරු පාඵ බවක් සිතට දැනෙයි. එය වඩාත් හොඳින් අත්විඳිය හැක්කේ හුදකලා නිශා යාමයකදීය. කාර්ය බහුල නොවු බාහිර බාධක ශබ්ද නැති පරිසරයකදී මේ තත්වය වඩාත් ප්‍රකටය.



මෙම බටහිර වාද්‍ය භාන්ඩ නිකුත් වන හඞ හොඳින් වෙන්කර හඳුනාගත හැක්කේ බටහිර සංගීතය හදාරන්නන් හටය. සෙසු සාමාන්‍ය රසිකයන්හට එය තරමක අසීරූ කරුණකි. මෙම වාද්‍ය හඞට නෑකම් කියන පෙරදිග වාද්‍ය භාන්ඩය වන්නේ ’ෂෙනායි’ නමින් හඳුන්වන උපකරණයයි. එයින් නිකුත් වන හඞ ලාංකීයන්ට හුරු කාවඩි සංගීතයේදී භාවිතා කරන ශුෂිර වාද්‍ය භාන්ඩයටය.

ඉන්දීය හින්දු ආගමික කටයුතුවලදී වාදනය කෙරෙන ’ෂෙනායි’ පෙරදිග සංගීතයේදී ගීත සහ පසුබිම් සංගීත කටයුතු සඳහාද යොදාගැනේ. ශ්‍රී ලංකාවේ ජීවත් වූ අග්‍රගන්‍ය ෂෙණායි වාදකයා වූයේ ප්‍රවිණ ගුවන් විදුලි ගායිකා ’ඉන්ද්‍රාණි බෝගෝඩ’ ගේ වැඩිමහල් සොයුරු ප්‍රවිණ සංගීතවේදී නැසිගිය ’චන්ද්‍රදාස බෝගෝඩ’ ය. එදා ඇසුණු බොහෝ ගුවන් විදුලි ගීතවල දී වැයුනු ෂෙණායි වාදකයා ඔහුය.

දක්‍ෂින භාරතීය ’කර්නාටික’ සංගීත ශෛලියේදී වැයෙන ’නාදස්වරම්’ නම් වූ දිගු ශුෂිර වාද්‍ය භාන්ඩය ෂෙණායි’ හඞට වඩාත් සමිපය. එය ලංකාවේ ජීවත් වන ඔබට මට නුහුරු නැත්තේ කතරගම ඇතුඵ පෙරහරවල් වලදී නර්තනයේ යෙදෙන ’කාවඩි’ කන්ඩායමට සංගීතය සපයන්නෝ අත එය වැයෙන නිසාය.

ෂෙණායි උත්තර භාරතීය සංස්කෘතියේදී නුහුරු නුපුරුදු වාද්‍ය භාන්ඩයක් නොවේ. ඔවුන්ගේ මංගල උත්සව ’ සහ වෙනත් ආගමික කර්තව්‍යයන්හිදී ෂෙනායි’ වාදන සවන්දිය හැකිය.

’ඔබෝවේ’ ඉන්දියානු අනුප්‍රාප්තිකයා ’ෂෙණායි’ ලෙස හැඳිනගත්තාට එහි වරදක් නැත.


අරාබියානු (පර්සියානු) මහා අධීරාජ්‍යයේ සංස්කෘතිය සහ ඉන්දීය හින්දු සංස්කෘතිය එකිනෙක අත්වැල් බැඳගෙන මිශ්‍රිත වූයේ 15 වන සියවසේ උත්තර භාරතයේ හටගත් ’මූගල්’ අධීරාජ්‍යය නිසාය. පර්සියානුවන්ද අන් කවර සංස්කෘතියකටද නොදෙවෙනි ලෙස සිය අනන්‍යතාවය රැකගෙන සංගීත කටයුතු සිදුකරගත් පිරිසකි.  එහි දී මුල්වරට මෙම වාද්‍ය භාන්ඩය භාවිතා කෙරෙන්නට ඇතැයි යන්න අනුමානයයි.

’නාදස්වරම්’ වැයෙන සිංහල ගී


ත වේද ? එසේය ඇත්තේය. ඒ ප්‍රවිණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ට පින්සිදුවන්නටය. 1979 වසරේදී තිරගත වූ ’සරුංගලේ’ හින්දු - සිංහල සංස්කෘතිය මනාව කැටිකොට දැක්වූ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි නිමැයූ එහි පසුබිම් සංගීතය සහ ගීත නිර්මාණය කළේ ’වික්ටර්’ විසිනි. එහි ගැයුනු පහත ගීතය නොහඳුනන්නෝ කවරහූද ?

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි.....

විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි....

තවිල් නදින් සවන් පිරෙන්නයි .....

කොකුමගරා නළල දිළෙන්නයි....................

(නිරංජලා සරෝජිනි සමග අබේවර්ධන බාලසූරිය ගැයු ගීතයේ පද රචනය ආරියරත්න සොයුරු තිලකරත්න කුරුවිට බන්ඩාරයන්ගේය)

---------------------------

ඒ සිනමාවේදීය එහෙත් ගුවන් විදුලියේදී ?

එය අසිමිතව ශ්‍රාවක ප්‍රතිචාර ලද ගීයකි



මන්නරාම් පිටි වැල්ලේ ....................

මදටිය වැල් ඔන්චිල්ලේ.......................

කොන්ඩේ කඩන් සඳට අඩන් සිංදු කියන්නේ ................

කූන්ඩුමනී..................

(දිවංගත ෆ්‍රෙඩී සිල්වා ගේ හඩ මුසුවූ ගීතයේ පද නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශීෂ්ඨ ගී පද රචකයාගෙනි) - 1973

---------------------

බැසූනය

සුපුන් සඳක් නැගීලා ....

කිරි බැබළෙන පාරුවේ ....

සුපුන් සඳක් ගළලා ...

පළිඟු පුලින තලාවේ .......

---------------------

1967 තිරගත වූ ’සිහින හතක්’ සිනමාපටය සංගීතවත් කළ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඉහත මධුරතර යුග ගීතය ඊට ඇතුළත් කළේ යුග යුග ශ්‍රාවකයන් හදබැඳ තබනු පිණිසය. ආචාරය සුජාතා අත්තනායක සමග මිල්ටන් පෙරේරා ගේ හඞ මුසුවු එහි ඇති ශෘංගාරාත්මක අන්තර් වාදන ගොන්න අතර පසුබිමින් ඔබට ’බැසූන්’ නම් වූ සුවිසල් ශුෂීර වාද්‍ය භාන්ඩයේ හඞ ශ්‍රවණය කළ හැකිය. 

එහෙත් වර්තා වන පරිදි මෙම අවධියේදීම ලංකා ගුවන් විදුලි සේවයේ වාද්‍ය වෘන්දයද නියෝජනය කළ වැඩසටහන් සම්පාදක සංගීතඥ ’රෝහිත විජේසූරිය’ ද එය සිය ගුවන් විදුලි ගීතයන් සඳහා වාදනය කළ බව කියැවේ.  (බිනරමලී එක්ක එන්න බිනරමහේ මැද...පායපන් මගේ පැලට පායාපන් සඳ.....) නම් වූ ගීතයේ ඒකල ගැයුම් හඩ ඔහුගෙනි. රංජිත් හේවාබටගේ ලියු එහි තනු නිර්මාපකයා ද ඔහුය. 


දෑස පා සිනා කියන රහස තේරුනා .............

පෙම්ලොවක් දෙපා මුලේ මවාඉමි............

අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි................

---------------------------

නැසිගිය හේම ශ්‍රි ද අල්විස්ගේ පදවැළකට ගැයුනු මේ ගීතයේ ගායිකාව ඔහුගේ ප්‍රිය බිරිඳ ’අයිරින් ද අල්විස්’ ය. ඇය 70 දශකයටද පෙර ගීත කලාවට පිවිස 60 දශකයේ රසිකයන් පිනවූ ජ්‍යෙෂ්ඨ ගායිකාවකි. මෙම ගීතය සංගීතවත් කලේ ’ශ්‍රි ලංකා නාවුක හමුදා’ සංගීත වාද්‍ය වෘන්දයේ නියමු නැසිගිය කොමදෝරු ’ප්‍රේමලාල් දන්වත්ත’ සංගීතවේදියා විසිනි. ඒ 1968 වසර තරම් ඈත යුගයක වුවද ගීතය නව සහස්‍රකයේ උපන්නෝ පවා හඳුනාගැනීමෙන් එය ලැබු රසික ප්‍රසාදයේ ගණන් මිමි පසක් කොට ගත හැකිය. එහි සංගීතය සපයනු ලැබුවේද නාවුක හමුදා තූර්ය වාදන වෘන්දයයි.

එහි ආරම්භක සංගීත ඛන්ඩයේ මුලින්ම වැයෙන්නේ ’බැසූන්’ වාදනයකි.

ලාංකීය ක්ලැරිනට් වාදකයන් අතර නැසිගිය ඒ ජේ කරීම් ගේ නාමය සටහන් කළ යුතුය

අද මේ වාද්‍ය භාන්ඩ කිසිවක් ආගාධයට ගොස් ඇති සිංහල සංගීත කලාවේ දක්නට නැත. වෘත්තීමය පළපුරුදු සංගීතඥයන්ද අද නැත. සිටියද ඔවුන් නිහඩය. නව පරම්පරාවේ ලාංකිකයෝ අතළොස්සක් හැරෙන්නට කිසිවෙකුට 70 දශකයේ ගීත කලාව රුස්සන්නේ නැත. එයින් කියැවෙන්නේ ලාංකිකයන්ගේ නව පරපුරේ රසිකත්වයේ දරුණු සෝදාපාඵවයි. එහෙත් එවැන්නක් ඔවුන්ද පිළීගන්නේ නැත. උන්මත්තකයන් කිසිවිටටත් තමන් ඒ තත්වයට පත්වී ඇති බව වටහනොගන්නා සේය. ඒ නිසාම ඔවුන් ගේ ඥාතින් ආවතේව කරන්නන් ඔවුන් වෙත ලබාදෙන ඖෂධ ගන්නේ නැත. ඒවා රෝහල් ගතකොට වෙනත් ක්‍රමවලින් ලබාදෙයි. ඔවුන් කිසිවෙකු දිනක යථා තත්වයට පත් වුවද, තමන් පෙර මානසික රෝගියෙකු ලෙස කල් ගත බව අවංකව පිළිගන්නට සුදානම් නැතිවා සේය.

මේ වාද්‍ය රස සංකල්පනා පිළිබඳව තව තව තොරතුරු එක්තැන්කොට මෙහි රුවා දමන්නට හැකිවුවද එහි ද සිමා මායිමි තිබිය යුතුබව පිළිගනිමින් විරාමයට යමි.

පහත ලැයිස්තුවේ මේ ශුෂිර පවුලේ වාද්‍ය රසයෙන් රසගැන්වූ 70 දශකයේ සිංහල ගීතාවලිය ඔබට සිහිගන්වයි.

මෙහි ලැයිස්තු ගත වූ ගීත ගොන්න අනුව මෙම ශූෂිර භාන්ඩයන් විසින් සිංහල ගීත කලාව කොතරම් මනෝහර ලෙස හැඩ ගන්වා ඇද්දැයි ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත. සෑම සංගීත අධ්‍යක්‍ෂවරයෙකු පාහේ ඒවා සිය නිර්මාණ සඳහා භාවිතා කරන්නට යෙදුනි. ඒ අතරින්ද නැසිගිය මොහොමඩ් සාලි සංගීතවේදියා ගේ නාමය ද මතුකර දැක්විය යුතුය ඔහු ඕබෝ සහ ක්ලැරිනට් ඉතා පියකරු ලෙස සිය නිර්මාණයන්හිදී අන්තර්වාදන උදෙසා යොදා ගන්නට යෙදුනි

උදුම්බරා හිනැහෙනවා..(ඩබ්ලිව් ජයසිරි - බඹරු ඇවිත් - 1978, ප්‍රේමසිරි කේමදාස)- අයිවෝ ඩෙනිස්, ටී එම් ජයරත්න,සුනිලා අබේසේකර, කල්පනා ලොව මල්වනේ ... (මහාචාර්ය සුනිල් ආරියරත්න,ප්‍රේමසිරි කේමදාස), රන්තරු දෑසෙහි සැංගී සිනාවේ... (හේම ශ්‍රී ද අල්විස්, මොහොමඩ් සාලි), හෙළ ජාතික පියුම් විළේ (හේම ශ්‍රී ද අල්විස්, සාලි) - අයිරින් ද අල්විස්, දෙරණ මෙනි දුක් උහුලනා සිත ..(ප්‍රේමකීර්ති, සාලි) - රූපා ඉන්දුමති සහ පිරිස, අනන්තයට මා ඉගිළෙන..,කල් බලමින් ළතවෙන නෙත්... , කල්පනා රැැහැනින් බැඳී..- (ප්‍රේමකීර්ති , වික්ටර්) , පිය මදහස මුව (ප්‍රේමකීර්ති, වික්ටර්), එක ගිනිකූරයි මුඵ ගෙදරම (ප්‍රේමකීර්ති, පුන්‍යසිරි මහවත්ත), - ශ්‍රීමතී තිලකරත්න ,සුඛ වේදනා දුක් වේදනා  - (කරුණාරත්න අබේසේකර, වික්ටර්), පියා සලනා ළිහිණීයෙකු සේ (කරු අබේසේකර, වික්ටර්) - මිල්ටන් මල්ලවාරච්චි. කල්පනා ලොව මල්වනේ.... (අජන්තා රණසිංහ, ප්‍රේමසිරි කේමදාස) - අබේවර්ධන බාලසූරිය. මංගලම් කියලා ..(කරු.අබේසේකර, වික්ටර් දඵගම) - ත්‍රී සිස්ටර්ස් ගායිකාවන්, මංමුළාවී පාර හොයාගෙන ...(සුනිල් ආරියරත්න,ගුණදාස කපුගේ), දිළීඳුන් අතරේමයි විමානේ...(කේසර සිංහයෝ-1972, කරු. අබේසේකර,ප්‍රේමදාස අතුකෝරාළ) - ධර්මදාස වල්පොළ, මා එක්කලා අමනාපව (ප්‍රේමකීර්ති ද අල්විස්,එච් එම් ජයවර්ධන) , නාග සළඹ වැයෙන පදට..(සුනිල් සරත් පෙරේරා,ටියුලින් ජයරත්න) - මලිනී බුලත්සිංහල,පියාපත් සලා මම..(එම් කේ රොක්සාමි,) - මිල්ටන් මල්ලවාරච්චි, අනේ මස්සිනේ ...(සුනිල් ආරියරත්න,සරත් බාලසූරිය), අරුණාලෝකය අතරේ (සුනිල් ආරියරත්න,සෝමපාල රත්නායක),හිරු බිහිරී සඳ ගොඵයි..(සුනිල් ආරියරත්න,ෂෙල්ටන් ප්‍රේමරත්න)  - නන්දා මලිනී, මගේ ලොවට ඔබ වඩින තුරා..(අජන්තා රණසිංහ,ප්‍රේමසිරි කේමදාස), ඔබගේ සෙවණේ රැඳෙන... (කුලරත්න ආරියවංශ, ක්ලැරන්ස්), පාළොස්වක සඳ (අජන්තා රණසිංහ,කේමදාස) - අමරදේව සමග - නීලා වික්‍රමසිංහ, මංගල කසිසඵ මාලා .... - සුජාතා අත්තනායක (සුනිල් ආර් ගමගේ, නෙවිල් ප්‍රනාන්දු), සුන්දර සිරිබර සිරිලංකා..(හේම ශ්‍රී ද අල්විස්,ධර්මදාස වල්පොළ,ආර් මුත්තුසාමි) - ලතා සහ ධර්මදාස, මධු බඳුන් විස බඳුන්...(සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක) - නිර්මලා රණතුංග, පෙම්කල වරදට මට ....(දයා ද අල්විස්,චන්ද්‍රදාස බෝගෝඩ) - ඉන්ද්‍රානි බෝගෝඩ, චාමිකර ලක් දෙරණේ (ගාමිණි විජේතුංග, මොහොමඩ් සාලි)- රූපා ඉන්දුමතී, රේඛා කවුදෝ ඇවිදින්....(කේ ඩි කේ ධර්මවර්ධන,සිසිර සේනාරත්න) - ඉන්ද්‍රනී විජයබන්ඩාර, අමරස පෙම් රසයෙන්..,(ප්‍රේමකීර්ති, වික්ටර් රත්නායක) - ශ්‍රීමතී තිලකරත්න, හිතට නොගෙන යන... (ප්‍රේමකීර්ති,වික්ටර්) - ෆ්‍රෙඩී සිල්වා, රුවට රුවක් ඇත........(මෙල්රෝයි ධර්මරත්න) - ශීරෝමි ප්‍රනාන්දු, නවම් මහේ පිපුනු මලී...(ඩෝල්ටන් අල්විස්,ස්ටැන්ලි ප්‍රනාන්දු), නීල වර්ණ වන වදුලේ...(තිලකරත්න කුරුවිට බන්ඩාර,එච් එම් ජයවර්ධන), පාවී පාවී මේ එන්නේ..(ගාමිණි විජේතුංග,ප්‍රේමසිරි කේමදාස), පෙති ගෝමර ඉහුනු බඳට...(කුලරත්න ආරියවංශ,එච් එම් ජයවර්ධන), පින්න පිපුනු ලන්ද ...(කුලරත්න ආරියවංශ,රෝහණ වීරසිංහ), උපුල් නුවන් වසා ..(බන්ඩාර කේ විජේතුංග,වික්ටර් රත්නායක - පොඩි මල්ලී - 1979) - නන්දා මාලිනි සමග  - ටී එම් ජයරත්න

 

 

මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක......


Wednesday, September 24, 2025

Sinahala songs of 70s - Review - Number 06

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 06 (හවායන් ගිටාරය - )

 ශ්‍රි ලංකිය සංගීතයේ වාද්‍ය භාන්ඩ රසය හඳුන්වාදෙන බ්ලොග් ලිපි මාලාවේ තවත් පියවරක් මෙසේ දිගහරින්නෙමි. මෙවන් ආකාරයේ ලිපි ප්‍රධාන මාධ්‍යයන්හිදී එතරම් සුලභ නොවේ ඊට හේතු සාධක ලෙස මින් අඩසියවසකටත් එහා නිර්මිත මෙම ගීතාවලිය පිළීබඳව පැහැදිළී මතකාවර්ජනයන් සහිත සෘහද රසිකයන්ගේ ඌණතාවය හේතු වන්නට ඇතැයි අනුමාන කරමි. එහෙත් මෙම ලිපි ඔබට පෙරනොවූ විරූ ආනන්දජනක නැවුම් අත්දැකීමක් අත්කර දෙන බව නම් නිසැකය. මෙම ලිපියෙන් එදා සිංහල සංගීතයේ අතිශය ජනප්‍රිය ගීත රැසකට යොදාගත් තවත් එක්තරා ’තත්’ සංගීතෝපකරණයක තතු දිගහැර පාන්නෙමි.




හවායන් ගිටාරය - 

ගිටාරයකැයි හඳුන්වාදී තිබුනද මේ තත් භාන්ඩය වයන්නෝ හට එය උරස රුවාගෙන හෝ ළමැද රුවා ඒ කාරයය කළ නොහැක. එය පෙර කී සන්තූරය මෙන්ම ආධාරකයක් මත රඳවා වැයෙන වාදf්‍යා්පකරණයකි.  ශ්‍රි ලාංකීය සංගීත සහෘදයන් වෙත ’හවායන්’ වාදන තිලිණ කළේ 50 දශකයේ සිට එය මනාව ප්‍රගුණ කරගත් මහරු සංගීතඥ නැසිගිය පැට්‍රික් දෙණිපිටිය විසිනි. තමා විසින් තනු නිර්මාණය කරන ලදුව සංගීතවත් කරන ගීත සඳහා ඔහු ගේ අනන්‍යතාවය ප්‍රකට කලේ මෙම වාද්‍ය භාන්ඩය වැයිමෙනි.

මහා සංගීතඥ සුනිල් සාන්ත ගේ සිසුවෙකුව 50 දශකයේ මුල් භාගයේ දී කොළඹ බම්බලපිටිය හන්දියේ  ඔහුගේ සංගීත පංතිවලට සහභාගි වූ පැට්‍රික් පසුව තම ගුරුදේවයාණන් ගේ ගුවන් විදුලි පටිගතකිරීම් වෙනුවෙන් සිය හවායන් ගිටාරය වයන්නට වාසනා මහිමය උදාකරගත්තේය.


මිහිකත නළවාලා ......................

මගමල් ගන්වාලා ....................

පාසල වෙත යන මේ .....................

පිටිසර හෙළ ගුරුලිය සැරදේ.................

සුදුහෙළ සාරිය ඇඳලා හැඩකොට ඉඟවට රැලි ළෙලවා ............

දිගුනිල් වරළස පිරා නිසිලෙස මල් ගවසා බැඳලා ...

ගෙලවට මුතුමාලේ ... දෝතේ වළලු සැලේ ....

සිරියා සපුරා පිරියා පතුරා ....

යන සුරතල් ලීලා .....................

-----------------------------------

යන පදවැල ගුවනින් සවන වැකෙද්දී යමෙකුගේ චිත්ත රූපය මවන්නේ සන්සුන් ගමනින් විනිතව පාසල වෙල පියනගන ’ගුරුලියකි. කුමාරතුංග මුණිදාසයන්ගේ හෙළ හවුලේ සමාජික සාහිත්‍යවේදී හියුබත් දිසානයකයන් විසින් 50 දශකයේ සුනිලුන් වෙත ලියාදුන් මේ පදවැළ ඔහුගේ ප්‍රියාදර බිරිඳ වු ’ලිලා සාන්ත’ පාසල් ගුරුතුමිය ගැන යැයි ඇතැම් අය පවසති. මේ ගීතය 1976 වසරේදී පමණ ලංකා ගුවන් විදුලි සංස්ථාව නිකුත් කළ ’සැළලිහිණීයෝ’ එල් පී ගී තැටියේ ද ඇතුළත් වී තිබුනු අතර එහි ආරම්භක සංගීත වාද්‍ය ඛන්ඩය ’හවායන්’ ගිටාරයෙන් වයන්නේ සංගීතවේදී පැට්‍රික් දෙණිපිටිය විසිනි.

සුනිලුන් ගේ තවත් ගෝලයෙකු වු දිවංගත අන්ධ ගායක හෙන්රි කල්දේරා ගේ ගීතවල සංගීත ඛන්ඩ සැරසුවේ (ඒවයේ තනු හෙන්රි ගේමය) ද පැට්‍රික් දෙණිපිටිය මය. ඔහුගේ ඇතැම් ගීත වල ද ’හවායන්’ වාදන රසය ගැබ්වී ඇත.


වම් කෙළවර පැට්‍රික් දෙණිපිටිය සංගීතවේදියා සහ දකුණේ සිටගෙන සී ටී ප්‍රනාන්දු නම් වූ අසහාය රිදී සිණු පොප් ගී නාදය - 1950-1977 (සී ටී ගීත සඳහා සියඵ අන්තර්වාදන සංගීත ඛන්ඩ නිර්මාණය කළේ පැට්‍රීක් දෙණිපිටිය විසිනි.




පෙණුනු සුව දසුන් දස අත මිළින වී ගියා ...................

දකිනු රිසි නොවි සිතකට දෙවනවද ඔයා ..................

යහන මත වඩියි හිරු දෙවි දෙඇස පිය පියා...............

ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා.....................

---------------------------------------------

මනරංජනීය තනු නිර්මාණ රැගත් උක්ත ගීතාවලිය මතු නොව, සිංහල ගීත ලෝලීන් ගේ සදාතනික මතකයේ රැඳෙන පහත ගීත ද ’හවායන්’ වාදන රටාවන්ගෙන් සමාලංකෘතය. ඒවා අතර ’ප්‍රැටික් දෙණිපිටිය’ නාමය බොහෝ වාර ගණනක ලියැවි තිබිණි. ඒ මන්ද යත්, ඔහු  හෙළ ගීතාවලියේදී ’හවායන් ගිටාරයේ’ ස්වාමියා වන නිසාය. ඒ වාර්තාව මතු දා කද කිසිදිනක බිඳහෙළන්නට සමතෙක් පහළ නොවනු නිසැකය. එහෙත් ඔහු දිවමන් ව සිය කාර්යය කරගෙන ගිය සමයේ මේ වාද්‍ය භාන්ඩයට පෙම්කළ තවත් යෞවනයෙකු ගේ ද නම ගී තැටි කවරවල සඳහන්ය.

හේ ’උපේන්ද්‍ර ප්‍රනාන්දු’ නම් විය.

පැට්‍රික් දෙණිපිටිය අතිශය කාර්ය බහුල වූ 70 දශකයේ දී, උදේ හවා දිනපතා නිතිපතා අගනුවර හා අවට ශබ්දාගාර වල පටිගතකීරීම් සිදුකෙරෙද්දී ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කලේ උපේන්ද්‍රය. ඔහු හැඳු වැයූ තනු ද රසික සම්භාවනාවට නොමදව පාත්‍ර විය.

උපේන්ද්‍ර ප්‍රනාන්දු කඵ කමිසය හැඳි ක්ලැරන්ස් විජේවර්ධන ට දකුණු පසින් සිටගෙන සිටී (1972 පමණ මංගල සාදයකදී)

කරුණාරත්න අබේසේකරයන් ගේ පෑන් තුඩින් ඇඳුනු පහත පබැඳුම් ඔබට මතකද ?


දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න....

මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න...

අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න...

අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න.....

--------------------------------------------------


වළාකුලක් පලා අම්බරේ ....

සිනානගන සඳේ කැන් පිරේ...

ඔබේ මුහුණ දකින වරේ... 

සඳේ අඳුර තුරන් කෙරේ...

පසළොස්වක පෝය මට අදයි..............


උක්ත ගීතය පුරා ඇසෙන හවායන් නාදරටා වයන්නේ උපේන්ද්‍ර විසිනි. කළෙක ඔහු මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියා ඇසුරේ ඔහුගේ නිර්මාණ සඳහා හවායන් වයමින් දායකත්වය දැක්වීය


දුරකථනයකින් ... මම ඔබ අමතමි...

හමුවිය නොහැකි නිසා...............

මගේ හිත හඳුනන ....

ඔබ පිළිගත්තද ...

ඇතැමුන් කියන මුසා ...................

---------------------------------

ජෝති ගැයු ඔහුව නව මගකට යොමුකළ උක්ත ගීතයේ මෙන්ම පහත ගීතය පුරා රැව් පිළිරැව් දෙන ’හවායන්’ වාදන ’උපේන්ද්‍ර’ ගෙනි.


ගංගාවයි මහමුහුදයි ආවේ නම් එක්වෙලා...

ඔයයි මමයි කවදෝ හෝ එක්වේ පින පෑදිලා ...

ඈත දියඹේ ඇදෙන රැල්ල මෑත බලා එන ඇදිල්ල.....

මුහුදු රැල්ල සිඹ සිඹ යනවා .............

ඒ වගේ දුරගෙවාලා කවුඵ උඩින් පියාඹන්න...

ඔබේ පැළට මා පැමිණෙනවා ...

කවුඵ දොරින් එක්වෙලා ලා ඔබ බල බල ඉන්නවා...

පිළීආරගෙන දෑත පාලා සනසන බව දන්නවා...

(ගී පද කරුණාරත්න අබේසේකර සංගීතය - මෙල්රෝයි ධර්මරත්න)

--------------------------------------------

හත සඳහන් ගී එකතුවේ ඇති අන්තර්වාදනයන්  සරසන වාද්‍ය භාන්ඩ අතර ’හවායන්’ ගිටාරය ද වෙයි. ශ්‍රි ලංකාවේ එදවස දිවිගෙවු ප්‍රතිභාසම්පන්න සංගීතවේදීන් එය සිය නිර්මාණ සඳහා සුදුසු ලෙසින් මද පමණින් මුසුකර ඇති ආකාරය එහි පහතින් වාදනය වන නියැදි ගීත ඛන්ඩයන්හිදී ඔබට රස විඳිය හැකිවන අතර ඒවා සියල්ලම එදා සිදුකෙරුණු මුල් පටිගතකිරීම් බව සැළකුව මනාය.

සමනළ රෑනක් සේ ....(කරුණාරත්න අබේසේකර-සැණකෙළිය-1974,පැට්‍රීක් දෙණිපිටිය) - ඉන්ද්‍රානි පෙරේරා - මිල්ටන් මල්ලවාරච්චි, දුරකථනයකින් මම ඔබ.. (කරු අබේසේකර, මෙල්රෝයි ධර්මරත්න) - එච් ආර් ජෝතිපාල, මිහිකත නළවාලා.. (හියුබත් දිසානයක,සුනිල් සාන්ත) - සුනිල් සාන්ත, අපරට සුරකින සුර රජිඳේ..(සිරිල් ඒ සීළවිමල,පැට්‍රික් දෙණිපිටිය) - එච් ආර් ජෝතිපාල, උමයංගනියෝ සුරරාජනියෝ ..(කේ ඩි කේ ධර්මවර්ධන,පැට්‍රිික් දෙණිපිටිය),  ගංගාවයි මහමුහුදයි .............(කරු. අබේසේකර,මෙල්රෝයි ධර්මරත්න) - ජෝති, මගේ මේ රට වාසනා..(හේම ශ්‍රී, සරත් බාලසූරිය) - ලතා වල්පොළ,යුරෝපයේ හිම වැටෙනා කාලේට... (පහත සඳහන්ය), ඉවුරු තලා ගංගා.., (කේ ඩි කේ ධර්මවර්ධන,පැට්‍රික් දෙණිපිටිය), උපුල් කොපුල් වෙහෙසී ඇතේ - (කේ ඩි කේ ධර්මවර්ධන, පැට්‍රික් දෙණිපිටිය), මා නිසා ඔබ ..(ප්‍රේමකීර්ති,පැට්‍රික් දෙණිපිටිය) - මිල්ටන් මල්ලවාරච්චි, මගේ උපන්දින ඔබදුන්.., වළාකුලක් පළා අම්බරේ...(කරුණාරත්න අබේසේකර,උපේන්ද්‍ර ප්‍රනාන්දු) - මිල්ටන් පෙරේරා, මා සොඳුරු සුරතළීයේ... (ජොර්ජ් ලෙස්ලි රණසිංහ, සුසිල් ප්‍රේමරත්න,පැට්‍රික් දෙණිපිටිය) - සුසිල් ප්‍රේමරත්න, චාරුලතා ආවේ ....(කරුණාරත්න අබේසේකර, මොහොමඩ් සාලි) - ලක්‍ෂමන් රොද්‍රිගෝ, සඳපානේ මල් පිපුණා..(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,සිසිර සේනාරත්න-හිතට හිත-1966) - ඉන්ද්‍රානි සේනාරත්න සහ හරූන් ලන්ත්‍රා. නීල ජලාසේ රගනා ....(කරුණාරත්න අබේසේකර,සිසිර සේනාරත්න) - සිසිර සේනාරත්න

 අන්තර්ජාලයේ කියැවෙන පරිදී 19 සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත දූපත් සමූහයක් වූ ’හවායි’ දූපත් ආශ්‍රිතව ජනිත වූවා යැයි කියැවෙන මෙම උපකරණය පසුව ඇමෙරිකානු ජන සංගීතයේ දී නිරතුරු භාවිතයට ගැනෙන්නක් බවට පත්විය. විවිධ බටහිර සංගීත ආරයන් හිදී භාවිතයට ගැනුනු එයින් වාදනය වූ බටහිර ගීත එමට ඇතත්, සිංහල ශ්‍රාවකයන්හට එහි ආගන්තුක බව දුරු කර දැමුවේ මින් දශක හතකට පමණ පෙර එය සිය ප්‍රියතම වාද්‍ය භාන්ඩය බවට පත් කර ගත් දෙණිපිටය සංගීත වේදියා විසිනි.

මෙතැන් හි සිට ඉදිරියට ඉදිරි දිනක...................


Thursday, September 4, 2025

Sinahala songs of 70s - Review - Number 05

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 05

 මෙම කථාංගයෙන් ලාංකීය කලාකරුවන් ද මත්ව ගියේ යම්සේද යත්, එදා හෙළ සිනමාවේ කැපි පෙනුනු සිනමා නඵ  - සිනමාකරු ’කිංස්ලි රාජපක්‍ෂ’ විසින් එහි තේමාව අනුකරණය කරමින් ’කලණ මිතුරෝ’ සිංහල සිනමා කෘතිය නිපදවන්නට යෙදිනි. මේ 1971 දීය.  එදවස ’හින්දි ගී’ තනු අනුකරණය කිරීම සිංහල සිනමාකරුවන්ගේ සම්ප්‍රදායක් බවට පත්වී තිබෙද්දී පවා, ඒවා අලෙවිකරණය කරමින් සිය සිනමාපට වලට ප්‍රේක්‍ෂක ජනයා ආකර්ෂනය කිරීම සාමන්‍ය තත්වයක් බවට පත්වී තිබියදී පවා, ’දෝස්ති’ හි අතිශය ජනාදරයට පත් ගී තනු අනුකරණය නොකරන්නට ’කිංස්ලි’ රාජපක්‍ෂ’ ගේ සිනමා සංගීතඥයා ලෙස තෝරාගෙන තිබු ’ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්’ හට රිසි නොවිය. ඒ ඔහු කවදත් භාරත ගී කොපිකලාව පිළිකෙව් කල අභිත නිර්මාණකරුවෙකු ලෙසට පිළීගෙන තිබු නිසා විය හැකිය. ඒ වෙනුවට ඔහු ඊට නොදෙවෙනි ලෙස ’මවුත්ඕගනය’ යොදා ගීත පොකුරක් නිර්මාණය කර දුන්නේය.












අරුත්බර දාර්ශනික සංකල්ප රූපාවලියක් මත පදනම් වූ ’උපන් කාට උනත් මේ චංචල ලෝකේ....’ (කරුණාරත්න අබේසේකර), ’කළණ මිතුරු දහමයි..පිරුණු සදාදරයයි.....’ (කරු අබේසේකර) ඒ අතරින් විශිෂ්ඨත්වයෙන් අගතැන්පත්ය.

මෙම ගීතාවලියේ බලපෑම නිසාදෝ ’70 දශකයේ’ මුල්යුගයේ සිට වෙනත් නිර්මාණකරුවන්ද ’මවුත්ඕගනයේ’ රසය වෙත ඇදී යන්නට විය. ආචාර්ය වික්ටර් රත්නායක’ සහ ’ආචාර්ය දයාරත්න රණතුංග’ ඒ අතරින් කැපී පෙනෙයි. 

ඊට සංගීතඥ ප්‍රේමරත්නයන් විසින්ම පසුව ලංකා ගුවන් විදුලියට නිර්මාණය කළ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල ගැයූ ’සඳ මඞලේ සිට තරු මඞලේ සිට......’ සම්පුර්ණයෙන්ම පාහේ මවුත්ඕගන අන්තර්වාදනයෙන් වැයුනු සුප්‍රකට නිර්මාණයයි.  මේ යුගයේදීම මේ උපකරණය ට පෙම්බැඳි ’ආචාර්ය වික්ටර් රත්නායක’ ද සිය නිර්මාණයක් උදෙසා මෙම වාද්‍ය භාන්ඩය යොදාගැන්මට උත්සුක විය.


නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ .....

ගිලිහෙද්දෙන් එක පෙත්තක් .... තවත් එහි තිබේ රොත්තක්.....

ගිලිහුනු පෙත්තකට මොටද අඞන්නේ .....

(ගැයුම ආචාර්ය රෝහණ විරසිංහ, ගී පද රචනය නැසිගීය ප්‍රේමකීර්ති ද අල්විස් ගෙනි)

----------------------------
රෝහණ වීරසිංහ- නව නිර්මාණ රසකලස මැවූ 80 දශකයේ මුල් යුගයේදී
----------------------------------

’මවුත්ඕගනය’ සිංහල ගීත ලෝලීන් අතරට ගෙනයන්නට පසුකාලීනව දායක වූ සංගීතවේදියා සංගීතඥ නැසිගිය සරත් දසනායකයන්ය. ඒ ද ’ලංකා ගුවන් විදුලි’ ගී නිර්මාණපෙළ වෙනුවෙනි.







දෑයේ නමින් පෙර දිවි දී මගේ දෝතට ආ පුතුනේ .....................

වීර විකුම් පෑ පැරකුම් කුමාරයෙකි හෙළ පුතුනේ ....................

දිනූ බීමේ හමන පවන් පොදක් ළයට ගෙන පුතුනේ ..........................

බුදුන් වඳින ඔය දෑතින් දැය නංවනු මැන පුතුනේ .......................


(චන්ද්‍රිකා සිරිවර්ධන ගේ ගැයුමට පද සංකලනය නැසිගිය සමන් චන්ද්‍රනාත් වීරසිංහගෙනි)

සරත් දසනායක - පන්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී සමග ගීතයක් පුහුණවීමකි - 70 දශකය (සේයාරුව - අන්තර්ජාලයෙනි)

1972 වසරේ තිරගත වූ ’සිහසුන’ සිනමාපටය නිර්මාණය කළේ ප්‍රවිණ සිනමාවේදී නැසිගිය ටයිටස් තොටවත්තයන් විසිනි. ප්‍රහාසන ගණයේ කථාංගයක් වූ එහි ප්‍රේක්‍ෂකයන් ආකර්ශනය කර ගන්නට නිෂ්පාදකයන් එදා යුගයේ දිවයිනේ අංක 01 ජනප්‍රියතම පොප් සංගීත කන්ඩායම යොදාගත්තේය. ඔවූහූ නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ’ගෝල්ඩන් චයිම්ස්’ ගායක වාදක කන්ඩායමයි.  සංගීතවේදී ටී ෂෙල්ටන් පෙරේරා විසින් මියැසි නාදරටා හැදූ එහි දී ’මවුත්ඕගනය’ සමගින් ද ගෝල්ඩන් චයිම්ස් ගැයූ එකම ගීතය ශ්‍රවණය කරන්නට රසිකයන්ට අවස්ථාව හිමිවිය.


උඩරට මැණිකෙට පටසඵ පොරවන................

සුදු මුදු මීදුම් දෝනාවේ.....................

කඳුරට දිවයන දුම්රිය මැදිරිය ආලේ ආලක මන්දාවේ......................

(ගී පද සහ සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධනගෙනි)

උක්ත ඡේදයක සඳහන් වූ ’කලණ මිතුරෝ’ ගීතය උදෙසා මවුත්ඕගනය වාදනය කලේ ඒ වාද්‍ය භාන්ඩය වෙසෙසින් ප්‍රගූණ නොකළ එහෙත් එවකට දිවයිනේ ප්‍රමුඛ සැක්ස්ෆෝන් වාදන ශිල්පියෙකු වූ ’කුමාර් මොල්ලිගොඩ’ ය.  එහෙත් පසුව එහි සංගීත නිර්මාණයට දායක වූ ආචාර්ය නැසිගියි ෂෙල්ටන් ප්‍රේමරත්න යටතේ සත්සර හැදෑරු යව්වනයෙක් මෙකී සංගීත භාන්ඩයම උදෙසාම කැපවිය. ඔහු නැසිගිය ’මර්වින් ප්‍රීයන්ත’ ය.    ’සඳ මඩලේ සිට.....’ වයන අසිරූ මවුත්ඕගන් වාදනය ඔහුගෙනි. 

එහෙත් වික්ටර් රත්නායක ගේ ගී වෙනුවෙන් ද සූපර් ගෝල්ඩන් චයිම්ස්’ වෙනුවෙන් ද එය වාදනය කලේ නැසිගිය ’හර්බට් ගුණවර්ධන’ විසිනි.

මර්වින් ප්‍රියන්ත සුජීවත්ව සිටි යුගයේ පැවැත්වූ සාකච්ඡාවකින් කියැවුනු පරිදී, මෙම සංගීත භාන්ඩය භාවිතා කරන්නට බොහෝ දෙනා ප්‍රිය නොකරන්නේ එය දෙතොල් අතරට ඉතා සමීපව තබා ඒ මත අත්තුල්ලමින් වාදනය කළ යුතු උපකරණයක් බැවිනි. එහිදී වාදකයාගේ ඛේටය එහි තැවරෙයි. ආශ්වාස ප්‍රශ්වාස පුහුණුව මනාව පවත්වා ගැනිමකින් තොරව එය වාදනය කිරීම අසිරුය. එසේම ස්වර කවුඵ පිහිටා ඇත්තේ එකිනෙකට ඉතාමත් ආසන්නයෙන් නිසා එය නිසි ලෙස හසුරුවාගැනීමේ ශිල්පීය ක්‍රමය ප්‍රගුණ නොකරගන්නා තුරු නියමිත ස්වර වාදනය කරන්නට අසිරු විය හැකිය. 

ලියුම්කරු ගේ ළමා අවධිය එනම් 70 දශකයේදී මෙම වාද්‍ය භාන්ඩය අනුකරණයෙන් හැදූ ළමා මවුත්ඕගන් පදික වේදිකා පුරා විකිණීමට තබා තිබුනු අතර රූපවාහිනි මාධ්‍යය නොතිබූ ඒ යුගයේ ගුවනින් ඇසු ගීත රසයේ ඇලුණු ළමා අප ඒ වාද්‍ය භාන්ඩ වාදනය කිරීමේ කුතුහලයකින් නොපෙඵනා නොවේ.



මවුත් ඕගනයේ වගතුග බිඳක්

විකපීඩියා හි සඳහන් වන පරිද්දෙන් ඊට පර්යාය පද ලෙස ’ෆ්‍රෙන්ච් හාර්ප්’  සහ ’හර්මනිකා’ යොදාගනු ලැබේ. ඇමෙරිකානු ජෑස් ශෛලිය, සම්භාව්‍යය ගීත ෂනාරය, මෙන්ම රොක්’ සංගීත කලාංගය උදෙසාද එය පොදුවේ භාවිතා වේ.  සුළං කවුඵ වලට පසුපසින් ඇති කූටීරයේ ඇත්තේ ලෝහ පතුරුය. ඒ අතරින් ඇදී යන වායු ධාරාවෙන් කම්පනය වන ලෝහ පතුරු විසින් මීට අවේනික හඞ උත්පාදනය කරයි.

19 සියවසේ මුල් යුගයේ යුරෝපයේ උපන් හර්මනිකා වාද්‍ය භාන්ඩය පසුව ක්‍රමයෙන් ලොව පුරා සංගීතකරුවන් අතර ප්‍රචලිත වන්නට විය. විවිධ පුද්ගලයන් විසින් නවීකරණයට භාජනය කරන්නට යෙදුනු එහි ප්‍රභේද ගණනාවක් පහළ විය. 1898 දී එය පෙරදිගට සංක්‍රමණය වී ජපානයේ ලැගුම් ගත්තේය. එතැන් හි සිට ජපන් ගැමි ජන ගී වාදනය රසගන්වන්නට මේ උපකරණය නැතිවම බැරි විය. 

ශ්‍රි ලංකාවේ සංගීත කලාවේ මුල් යුගය වූ ’නූර්ති’ ගීතයේ හෝ ඉන් පසුව ප්‍රචලිත වූ ’ග්‍රැමෆෝන්’ ගී කලාව පිනිස හෝ මෙම වාද්‍ය භාන්ඩය වාදනය වූ අවස්ථාවක් ගෙනහැර දක්වන්නට තරම් නිදසුන් ඇත්තේ නැත. යටත් පිරිසෙයින් 60 දශකයේ සිනමා සංගීතයේ හෝ ඒ යුගයේ ජනගත වූ ’කන්ඩායම්’ ගීතයේ පවා එහි හඞ අසන්නට නැත. පෙර සඳහන් කලා සේ ලාංකීය සංගීතඥයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කළේ උත්තර භාරතීය ’දෝස්ති’ සිනමාපටයයි.


සිංහල ගීත කලාවේ මවුත්ඕගන ගී පෙළ අතරින් 

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ (ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක), මල් පිපිලා ජීවිත උයනේ (චන්ද්‍රසේන රංගේ, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු), රූං පෙත්ත කැරකෙනවා (උදය චාමරසිංහ), ගී ලියන්න මට කීවේ (ගාමිනී ලේල්වල), සමකෝණි ත්‍රිකෝණයකි (සමන් චන්ද්‍රනාත් වීරසිංහ) - - දයාරත්න රණතුංග  , කතරට කුමටද වසන්තයක්  (ප්‍රේමකීර්ති), පායන සඳ ගැන (පුන්‍යසිරි මහවත්ත),  - වික්ටර් රත්නායක, රාම සීතා ඔබයි මමයි.. (හඩ්සන් සමරසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න) - ක්‍රිස්ටෝපර් පෝල්, සඳ මඞලේ සිට (සමන් චන්ද්‍රනාත්,ෂෙල්ටන් ප්‍රේමරත්න) - මාලිනී බුලත්සිංහල, දැයේ නමින් පෙර දිවි දී (සමන් චන්ද්‍රනාත්, සරත් දසනායක) - චන්ද්‍රිකා සිරිවර්ධන, කළණ මිතුරු දහමයි (කරු අබේසේකර-කළණ මිතුරෝ-1971,ෂෙල්ටන් ප්‍රේමරත්න), කතරට කුමටද වසන්තයක්..(ප්‍රේමකීර්ති, වික්ටර් රත්නායක) - වික්ටර් රත්නායක, උන්මාද සිතුවම්... (එක්ටැම්ගේ-1980, සුනිල් ආරියරත්න,සරත් දසනායක) - ගුණදාස කපුගේ, පියමං කෙරුවෙමු මහවේ මැද්දෙන්... (සෝමතිලක ජයමහ, සෝමතිලක ජයමහ) - ඔහු සමග නීලා වික්‍රමසිංහ. ගිය ඉරිදා ඔබ මා සමගයි ...(ඉන්ද්‍රානි පෙරේරා, මෙල්රොයි ධර්මරත්න)

අප මතකයෙන් කිසිදා බැහැර නොවේ 



සන්තූර්

උත්තර භාරතීය සිනමා කලාව ආශ්‍රීතව බිහිවූ මධූරතර සිනමා ගිතාවලිය හැඩගැන්වූ තවත් ’තත්’ වාද්‍ය භාන්ඩයකි මේ. මේ සංගීත භාන්ඩයේ භාවිතය පිළීබඳව මින් ඉහත දී මෙම බ්ලොග් විමානයේ පළවු සටහන් පෙළ පරිශීලනය කිරීමට පාඨක ඔබට ඇරයුම් කරමි. එහි ලියැවී තිබුනු ලෙසට, ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්‍ෂකයන් හදවතින්ම වැළඳගත් 70 දශකයේ ජනප්‍රියතම සිනමා පට වූ ’ගීත් - 1970’ සහ ’අභිමාන් - 1976’ හි ගැයුනු ගීත කන්කඵ නාද මාලාවන්ගෙන් ඔපවත් වුයේ මෙකී ’සන්තූර’ යේ ද ආධාරයෙනි. එහෙත් 70 දශකයේ මුල් යුගයේදී පවා මෙම භාන්ඩය ලාංකීය සංගීතඥයන් අතරට පිවිස තිබුනේ නැති තරම්ය. එය සිංහල ගීත කලාවට ’ලංකා ගුවන් විදුලි සරළ ගී’ ය තුළින් හඳුන්වා දුන්නේ ’ආචාරය රෝහණ වීරසිංහ’ විසිනි. 

ගීත් - (සන්තූර් වාදනය - පන්ඩිත් ශීවකුමාර් ෂර්මා) - 1970 - ගැයුම - සුමන් කල්යානපූර්


අප්නා දේශ් - 1972 -  සංගීතය රාහූල් දේව් බර්මන් - (පළමු අන්තර්වාදනය සන්තුරයෙනි) - ලතා මංගේෂ්කාර් සමග කිශෙෘ්ර් කුමාර්






ඒ ඔහු එකී සංගීත භාන්ඩය ඉන්දියාවෙන් මිළදී ගෙන මෙහි ගෙනැවිත් ප්‍රගුණ කර, වාදනය කළ නිසාය


70 දශකයේ ගී රසික ඔබට සිහිකැඳවන වග නම්


කුඹූකේ ළීඳෙන් දිය නා අපූරුයි.......

රන් කඳ වාගෙයි රන් මැණීකේ ......................

සීතලට වතුරට නුහුරුද මන්දා .......................

හිතට දුකයි මගේ රන් මැණීකේ .....................

ගිණීකන ගිණි අව්වේ කොටනදා ......................

වෙල් නියරේදී මට පෙණුනා..................

අනේ හැබෑමට මොකදෑ මන්දා ..................

හීතට ඉබේටම දුක හිතුනා ..............................


නිර්මලා රණතුංග සහ අබේවර්ධන බාලසූරිය නම් වූ එකල ගුවන් විදුලි ගායකයන් විසින් ගැයූ මෙම ගීතය ආචාර්ය අජන්තා රණසිංහ ගේ පදරචනයක්ි. මෙහි සංගීත නිර්මාණය කළේ ආචාර්ය රෝහණයන්ය. ඒ 1976 වසරේදීය. ඒ වනවිට ’සන්තූර්’ මිහිර රැගත් ’අභිමාන්’ සිනමා පටය අගනගරයේ සිනමාහල් වල වර්තා පිහිටුවමින් තිරගත වෙමින් පැවතිනි.

ඒ ශ්‍රාවක ප්‍රේක්‍ෂක පෙළ අතර ඔබද සිටියේ නම්, ඔබට මෙම රූපරාමු මතකයෙන් බැහැර කළ නොහැකි වනවා නිසැකය.

එහි ’සන්තූර් නාද මිහිර ඔබ විඳගනු ලැබුවා විය යුතුය. එයින් ඔබේ දෙසවන මෝහණය කළේ එදා භාරතයේ අග්‍රගන්‍ය සන්තූර් වාදන ශීල්පී පන්ඩිත් ශීවකුමාර් ශර්මා විසිනි.


එසේ ලක්බිම ට සැපත් වූ ’සන්තූරය’ අසාමාන්‍ය වේගයකින් ලාංකීය ගාන්ධර්වයන් අතින් අත යන්නට විමේ ප්‍රතිඵලය වූයේ ඒ වාදන රැගත් ගීත රැසකින් සිංහල ගීතාවලිය පොෂනය වීමයි. 1979 තිරගත වූ එච් ඩී ප්‍රේමරත්නයන්ගේ ’අපේක්‍ෂා’ පෙම් පුවත සංගීතයෙන් හැඩගැන්වූයේ ලාංකිය සංගීත කලාවේ පතළ නමක් දිනූ ’ක්ලැරන්ස් වීජේවර්ධන’ විසිනි. එහි වැයුනු අතිශය ජනප්‍රිය ගීත තුනකට ’සන්තූර්’ වාදනයෙන් සහය වූයේ ද ’රෝහණ වීරසිංහ’ මය.


රසවිඳීන්න

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..............

සැසඳෙන විසිතුරු ලොවක් සොයා ..................

බවය පුරා ආ පැතුම් පුරාගෙන ..................

ඔබ හමුවී නව කෙනෙක් වුනා .......................

(ඇන්ජලීන් ගුණතිලක සමග මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීත පද රචනය ධර්මසිරි ගමගේ විසිනි)

ආරම්භක සංගීත ඛන්ඩයේ සන්තූරය වැයෙයි දෙවන අන්තර්වාදනයේ ද ඇසෙයි




සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා ....................

උතුරා ගැඵ ග`ඟුලක් අද වියළීලා ......................


(ඇන්ජලීන් සහ මිල්ටන් - පද - ක්ලැරන්ස් විසිනි)




සොඳූරු ලොවට මල් වැහැලා ..................

තව්තිසාවේ හද මැවිලා ................

හැඟුම් පහන් තාරකා ...................

පෙමට පායලා .......................

(ජොති සම ආචාරය සුජාතා අත්තනායක - ගී පද ජොර්ජ් ලෙස්ලි රණසිංහ ගෙනි)



පසුකාලීනව මෙකී සන්තූර් රැල්ල සිඳී බිඳී ගිය බවක් පෙනෙන්ට තිබුනත් එය සිංහල ගීත කලාවේ පරිහාණිය සමගම සිදුවු දෙයක් ලෙස සැළකිය හැකිය. එනම් ගීත කලාවද ඉවක් බවකින් තොරව පරිගණක ඉලෙක්ට්‍රෝනික සංගීතය හා මුසු වෙන්නට සැළැස්වී නිසා, එහි රසය කෘතිමව සැකසුනා මිස, අව්‍යාජ නියම සංගීත භාන්ඩ වල රසය ඊට මුසුකරන්නට නිර්මාණකරුවන් පැකිඵන නිසා එය සිදු වුවා විය හැකිය.


සන්තූර් රැල්ල නැගී මතුවි ආ 1976-1984 පමණ කෙටි යුගයේ සිංහල ගීත ලොවට පිවිසි ජනාදරයට පත් ගීත අතර

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි - ගුණදාස කපුගේ (සුනිල් ආර් ගමගේ), කූඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි - අබේවර්ධන බාලසූරිය - නිර්මලා රණතුංග (අජන්තා රණසිංහ),'සමුගෙන යන්නේමි .............(කරු. අබේසේකර,ක්ලැරන්ස් විජේවර්ධන) - ඉන්ද්‍රානී පෙරේරා මහ වර්ණන් පෙරේරා. සුරංගනා ලොවින් වඩින් කුමරියේ... (ජීවන කදුඵ - 1979, උපාලි ධනවලවිතාන, සරත් දසනායක) - ජෝති - ඇන්ජලීන්

වැනි ගීත පැවතුනි.


සන්තූරයේ වගතුග - 

එක් ස්වරයකට තත් හතරක් තරම් විශාල සංඛ්‍යාවක තත් ඊට යොදාගෙන තිබේ. තත් සියයක වාද්‍ය භාන්ඩය සන්තූරය නම් වේ. අතරැඳි සිහින් පටි දෙකකින් වාදනය කරන එයින් නැංවෙන්නේ දෝංකාරත්මක නාදයකි. ශ්‍රී ලාංකීකයනට එදටද වඩා අදට ආගන්තුක භාන්ඩයක් වූ සන්තූරය ඉන්දියානුවන්ට එසේ නොවේමය.

අභිමාන් - 1976  - සංගීතය - එස් ඩී බර්මන් - ලතා මංගේෂ්කර් සමග කිශෝර් 








චිට්චෝර් - 1976 - සංගීතය - රවින්ද්‍ර ජේන් - ගැයුම ජේසුදාසන් - පළමු අන්තර්වාදනයේ මුලින්ම ඇසෙන්නේ සන්තූරයයි

Tuesday, August 12, 2025

Sinahala songs of 70s - Review - Number 04

ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි... 04

1 980 වසර උදාවී, යම්කලක් ගතවන්නට වු කල්හී. වෙනත් සෙසු ප්‍රමුඛ ශිල්පීන් අනුව යමින් ගුවන් විදුලි ගායනවේදී ’ටී එම් ජයරත්න’ ද, ගීතකලාවේ ප්‍රමුඛතම වාහක මාධ්‍යය බවට අධීවේගයෙන් පැතිර යමින් සිටි ’කැසට්’ පට උදෙසා දායක විය. මේ ලිපියේ පේළි අතර නෙත්යුග ගෙනයන ඔබට එදා නුහුරු නුපුරුදු නොවු ගීයක තතු අදද හොඳින් මතකයේ රැඳි ඇතිබව නිසැකය. එය ’ප්‍රේමකීර්ති ද අල්විස්’ නම් වූ ප්‍රතිභාපූර්ණ කවියාගේ ’කඳුල’ නම් වූ පබැඳුම ඇසුරෙන් අප ගායනවේදියා ගැයූ ගීයකි. එහි ’ස්ටැන්ලී පීරිස්’ සංගීතවේදියා ගේ ස්වර-විකුම් විසින් මතුකළ, ’ඉකිගසා හඞන වයලීන් නාද පෙළහර’ මැවුයේ අන් කවරෙක් හෝ නොව ’රොක්සාමි’ ය.   


හිතින් මා නොසැළී හිඳිද්දී කදුළ නුඹ ඇවිදින් ............

නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනු මැනවි ..................




ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා කලෙක එනම් මීට අඩසියවසකට මදක් එපිට යුගයකදී මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ චිත්‍ර ගුරුවරයා ලෙස සේවය කරමින් සිටියේය. මෙකී  70 දශකයේ මුල් භාගයේ දී ඔහුට එහිදී සංගීතයට අතිදක්‍ෂ ප්‍රියමනාප සිසුවෙකු මුණගැසිනි. ඔහු පසුකාලීනව දසත පතල ලක්දිව ප්‍රමුඛතම සංගීතවේදියෙකු වන්නට වසනා මහිමය උදාකරගනු ඇතැයි ස්ටැන්ලී පිරීස් ගුරුතුමා නොසිතන්නට ඇත. ඔහු අන් කවරෙකුවත් නොව ප්‍රවිණ සංගීතවේදී රූකාන්ත ගුණතිලකය.  

70 දශකයේ වෙළද තැටිගත කිරීම් අතිමහත් රාශියකට වාදනයෙන් සහය වූයේ ස්ටැන්ලි පිරීස් ගේ ෆෝර්චූන්ස් වාදකයන්ය. ඒ ගීත අතරින්ද ඔහුම තනු යොදා සංගීත අධ්‍යක්‍ෂණය කර වාදන සහය සැපයූ ගීතද එමටය. එදා ද එනම් එකී දශකයේ මධ්‍ය භාගයේදීද ශ්‍රී ලංකාවේ ප්‍රථම නිළී රැජිනිය වූ ’රුක්මණි දේවී’ ගේ යශෝකීර්තිය බිදකු දු හෝ පිරිහී ගොස් තිබුනේ නැත 1976 පමණ වනවිට ඇය රංගන කලාවට පිවිස තිස් වසරක් පමණ ගෙවිගොස් තිබුනු අතර ගායන දිවිය ට පිවිස 40 වසර ට ආසන්න වෙමින් පැවතිනි

අතිශය නිහතමානී නිරහංකාර චරිත ස්වභාවයකින් යුත් රුක්මණිය ගේ ඒ බව පසක් කරන සිදුවීමකට කෙළින්ම සම්බන්ධ වන්නේ ද සංගීතවේදී ස්ටැන්ලී පීරිස්ය. එක්තරා ප්‍රසිද්ධ වෙළඳ තැටි සමාගමක් උදෙසා පිළීයෙළ වූ නව ගී තැටිගත කීරීමකට ඇයගේ ගායන රසය මුසුකරවාගන්නට එකි ආයතනයේ බලධාරීන් ට රිසි විය. එවකට ගීත රචනා කලාවේ පිරිපුන් ’ලීනස් මෙන්ඩිස්’ පූජකතුමා එහි පද රචනා කළ අතර තනුව ස්ටැන්ලි පීරිස් ගෙනි. ගීතය් සහය ගායන ශිල්පියා එවකට ආධුනිකයෙකු වූ ’ෆීලික්ස් ඇන්ටන්’ ය. ඔහු එවකට ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මන්ඩල සාමාජිකයෙකි. 

ගීතයේ පුහුණුවීම සිදුකෙරුනේ මහනුවර කටුගස්තොට ’ස්ටැන්ලි පීරීස්’ මහතාගේ නිවසේය. ඊට එවකට දිවයිනේ ජනකාන්ත ප්‍රමුඛතම ගායන ශිල්පිනීය රුක්මණි දේවී ද සහභාගි විය යුතුව තිබුනි. එහෙත් ඇය වන් දැවැන්ත නිළියක් ගායිකාවක් එක් ගීතයක් පුහුණු වන්නට ආධුනිකයෙකු සමග ’මීගමුවේ’ සිට දුරකතර ගෙවා මහනුවරට පැමිණේවීද ?  ඒ සැකය ස්ටැන්ලි පීරීස් සංගීතවේදියා ද වෙළාගනිමින් පැවතිනි. ඔහු ඇයට ඊට ආරාධනා කර බලන්නට තීරණය කර තිබුනි.

ඇය එකහෙළාම නොපැකිළිවම මහත් සතුටින් ඒ ආරධනාව භාරගත්තේය. මහනුවරට පැමිණ ගීතය පුහුණු වී යන්නට ගියාය.

නිලම්බරේ කැඵම් පිරි සර සඳ වගේ.....

මගේ හදේ සදා රැඳී ඉන්න පියළඳේ.....

නිලම්බරේ කැඵම් පිරී සරා සඳ වගේ........

ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.........

ඒ ගීතය රසවිඳ හඳුනානොගත් කිසිවෙකු ඒ යුගයේ සිටියේ නැත. අදද එය වැඩිහිටි රසිකයන් අතර එසේමය. 

ඒ ගීතයට විදුලි ඕගනය වාදනය කළේ එවකට යම්තමින් පාසල් වියෙන් සමුගත් රූකාන්ත ගුණතිලකය. 

’රොක්සාමි සංගීතවේදියා’ ගේ ළමැදට තුරුඵවන්නට  ’වයලීනය’ හා පොරබදා නිබඳව ඒ වසනා මහිමය විඳගත්තේ ’සැක්ස්ෆෝනයයි’. ඒ අදින් අඩසියවසකටද ඔබ්බෙන් වූ යුගයකය. එදවස ගුවන් විදුලි ගායකයෙකු ලෙස කටයුතු කරමින් එහි සේවයේ යෙදී සිටි ’ෆීලික්ස් ඇන්ටන්’ අරභයා ’ප්‍රේමකීර්ති’ පබඳාලූ, මෙකී සංගීතවේදියා හැදූ ගීයකදී ඔහුගේ ගුරුහරුකම් ලබමින් ’සැක්ස්ෆෝන්’ සගයෝ එකිනෙකා හා තරග වදිමින්, ගීතය ගැයෙන කාලය පුරාවටම මනකල් සංවාදයක නිරතව සිටියහ, එහිදි සිංහල ගීයක කලාතුරකින් ශ්‍රවණය කළහැකි මෙම බටහිර වාද්‍ය භාන්ඩයේ නැගෙන ස්වර පරාසයේ  විවිධ නාදසංකලනයන් ඔබට මට මොනවට රසවිඳිය හැකිවන්නේ එයින් මතුකළ මිහිරෙන් දැහැන්ගත වෙමිනි.


නෙත පිනන රුසිරු වත ඔබේ................

සිත එකග කරන සිත ඔබේ ...............

රන් දිමුතු මුතුද ළග තිබේ .....

මගේ සියඵ දෙයම මතු ඔබේ..............

ඒ හැරණුවිට මෙම සංගීතවේදයාණන්ගේ ගුරු ඇසුර ලැබ ගැයුනු ප්‍රියා සූර්යසේන ගේ  ’සරතැස නිවා දිවි කතරේ...........’ , ’මුඵ මුහුදම හඞයි.....’ ’මේ අත්බැවේ පුරා................’ ’තොල ගෑ අමාවේ රහා..........’ (මේ සියල්ල ප්‍රේමකීර්ති ද අල්විස් ගී පබැඳුම් ය) හිදී  ’සැක්ස්ෆෝන් වාදන රසය මනාලෙස විඳගත හැකි වන්නේය.



ග්‍රැමෆෝන් යුගයේ සිට පරපුරු දෙකක් එකට යා කළ පුරුකක් බඳු සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේනයන් 60 දශකය පසුකරයද්දී සිරිලක සපැමිනි  ’විදුලි ඕගනය’ නොපමාව සිය නිර්මාණ සඳහා යොදගන්නට සමත් වූ අතර. මරදානේ පවත්වාගෙන ගිය සිය සංගීත පාසල ඇසුරේ ’ආර් ඒ සී’ තැටි ලේබලය ලියාපදිංචි කරවා තමන් විසින්ම සංගීතය නිමැයූ ගීත එළිදක්වන ලදී. ඒවයේ ඇතුළත් ’මෝහෙන් මුළාවෙල’ , ’ළිඳෙන් වතුර බීලා’, ජන්ම භූමි වන්දනා...’ (සිරිල් ඒ සිළවිමල), පුන් සඳෙන් රැස් ගං තෙරෙන් ..(පී එම් සේනාරත්න)  - වික්ටර් රත්නායක, මල් කිණිත්ත වාගේ චූටි නංගි (අමර කුමාරරත්න), චිරං ජයතු මංගලම්, (කරු අබේසේකර), විලේ මලක උපන්නී (කරු අබේසේකර). සිරි ලංකා අලංකාර (සිරිල් ඒ සිළවිමල), රොන්සුනු මල්පැණි දිගන්තේ (කරු අබේසේකර) - තිලංගනී සහ දර්ශනි චන්ද්‍රසේන සොයුරියන් සහ චම්පා අතපත්තු යන මේ ගීතාවලිය වෙනුවෙන් තමන් විසින්ම විදුලි වේගයෙන් විදුලි සරපුවරුව වාදනය කරමින් ඒවාට නැවුම් රසයක් එක්කරන ලද්දේය. 

-------
Clarinet
---------------

එතරම් සංවාදයට පාත්‍ර නොවී පැවති එහෙත් මනහර ගී තනු සහ සංගීත සංයෝජනයක් ඉදිරිපත් කළ ’මොහොමඩ් සාලි’ හට සිනමාරූපී සංගීත රටා මවන්නට එතරම්ම වරම් නොළද නමුත් ඔහු විසින් තැනූ ගුවන් විදුලි සහ වෙළඳ ගී තැටි මියැසි නිර්මාණ අනල්පය. බටහිර සංගීතයේදී ප්‍රමුඛත්වය ලැබෙන ශුෂිර වාද්‍ය පවුලේ සාමාජික සංගීතෝපකරණ වැඩි වැඩියෙන් භාවිත කරන්නට ප්‍රියතාවයක් ඔහු සතු විය.

ආචාර්ය දයාරත්න රණතුංගයන් හටද ලාංකීය සිනමා සංගීත විෂයෙහි සුරුවිරුකම් පාන්නට ඉඩකඩ නොලැබුවත්, ඔහු සේවය කළ ලංකා ගුවන් විදුලියේ සංගීත විෂයෙහි ඉහළ නිළයක් දරමින්, ඔහු ගුවන් විදුලියෙහි සිංහල සංගීත සංයෝජනයන් උදෙසා නව මුහුණුවරක් දෙන්නට තැන් දරුවේය.  ’මවුත්ඕගනයෙහි’ සහ ’බටනළාවෙහි’ හඞ එකිනෙක මුසු කරමින්. ප්‍රසංවාදී ශෛලිය අනුගමනය කරන ලද, සුවිශේෂී නිර්මාණයකි ඔහු විසින්ම ගැයූ ’ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි.................’ (ගී පද ගාමිණී ලේල්වළ) නම් වූ ගුවන් විදුලි සරළ ගීතය.

--------
cello
--------

මහඇදුරු සනත් නන්දසිරි ද සිය දස්කම් පෑවේ ’ගුවන් විදුලි’ ගී නිර්මාණයේදීය, ’වයිබ්‍රෆෝන්’ නම් වූ වාදf්‍යා්පකරණයේ නාදරසය ඔහුගේ සංගීත අධ්‍යක්‍ෂනයේදී නිරතුරුවම දක්නට ලැබිනි. එකී වාද්‍ය භාන්ඩයේ හඞ ඇතුළත් තවත් ගී ගණනාවක නිර්මාණකරුවාණෝ පන්ඩිත් අමරදේවයන්ය.

සංගීතවේදී පැට්‍රීක් දෙණිපිටිය අසාමන්‍ය ප්‍රතිභානයක් දයාද කොටගත් ශූර නිර්මාණකරුවෙකු විය. ’සී ටී ප්‍රනාන්දු’ ගායනාවන්හී නැගෙන මියුරු අන්තර්වාදන පෙළෙහි හිමිකරුවා ඔහුය. ආධාරකයක් මත රඳවා වයන  ’හවායන් ගිටාරය’ හා ළබැඳි ව සිටි ඔහු තම නිර්මාණයන් සඳහා එකී සංගීත භාන්ඩයේ පිහිට පැතීය. බටහිර සංගීත විධික්‍රමයන්හී   රසාලිප්ත බව මතුකරදෙන්නට ඔහුට ලැබුනු පළමු අවස්ථාව 1967 වසරේ තිරගත වූ ඩඩ්ලි වානගුරු ගේ  ’සැගවුනු මැණික’ සිනමාපටයයි. එහි ලතා වල්පොළ සහ ධර්මදාස යුවළ ගැයු  ’පිපිලා හද විළේ ....පිපි සුමුදු සිනිඳු....’සිංහල සිනමා  ගීත රසිකයන්ගේ හදවත් හී රැඳි පවතින සදාතනික නිර්මාණයකි. (මතු සඳහන්ය)

මේ සාමාජිකයන් වයලීන් පවුලේ විවධ ’තත් භාන්ඩ’ මෙන්ම ’බටහිර - පෙරදිග’ ශුෂිර () ගණයේ භාන්ඩ ගණනාවක් විවිධ අවස්ථාවන්හිදී සිය නිර්මාණ වර්ණවත් කරනු වස්, යොදා ගන්නට පෙළඹිය. ඒවා වාදනය කරනු ලැබුවේ ද ප්‍රවිණ සංගීතඥයන් විසිනි. 

-------
Bassoon
--------

වයලීනය - එම් කේ රොක්සාමි, පන්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කලණි පෙරේරා, ඩී ඩී ගුණසේන, තිස්සසිරි පෙරේරා, එඩ්ගා පෙරේරා, සෝමරත්න පෙරේරා, අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා, ප්‍රින්ස් මහත්මිය, ඩග්ලස් ෆර්ඩිනැන්ඩස්. ඇන්තනි සාමි, අසෝක ජයවර්ධන. සනත් සතිස්චන්ද්‍ර. ෂෙල්ටන් විජේසේකර, වික්ටර් දඵගම, සේන වික්‍රමාරච්චි, පී කරුණාරත්න  


’ෂෙලෝ’  - සෝමපාල රත්නායක

ඩබල් බේස්’- හියුගෝ ජයමහ මුදලි, නේසන් මානික්කවාසගර්

බටනලාව’  -  ඩී ඩී ඩැනී, ප්‍රේමසිරි කේමදාස, පී ඩංස්ටන්ද සිල්වා, එම් ඩබ්ලිව් පීරිස්, වී හේමපාල පෙරෙරා, එච්  එම් ජයවර්ධන. ජානක බෝගෝඩ,  

’ෂෙණායි’ -  වික්ටර් විජයන්ත, චන්ද්‍රදාස බෝගෝඩ), 

ඕබෝ  සහ  කොර්- ඇන්ගලිස් -  එම් එම් නූර්, සුගතසිරි

ක්ලැරිනට් - ඒ ජේ කරීම, ටී එෆ් ලතිෆ්, සරත් බාලසූරිය, අමරසේන

බේස් ක්ලැරිනට් - කැනියොන් ප්‍රනාන්දු

බැසූන් -  රෝහිත විජේසූරිය

------
cor - angalis
--------------

විශ්වීය බසක් එනම් භාෂා, ගෝත්‍ර, ජනවර්ග,ජාතීන් අතික්‍රමනය කළ ’සංගීත බස’ ශ්‍රවණය කර එහි මිහිර විඳගැන්මට බිලියන ගණනක රසවතුන් සැදී පැහැදී සිටී. ඒ නිසාවෙන්දෝ එක්තරා යුගයකදී, සිංහල සංගීතඥයන්ද තම ගීත නිර්මාණයන්හි අනුවාදනයන් විවිධාකාර පෙර අපර දෙදිග වාද්‍ය භාන්ඩයන් එකට මුසු කරවා වයන්නට කටයුතු සම්පාදනය කළහ. 1950-70 දශකයන් හි බිහිව, ශ්‍රාවකයන් අතර මහත් සේ ප්‍රචලිතව, ඔවුන්ගේ ආදර ගෞරව බුහුමන් ලද ගීත අනුවාදනයන්  වයවා ඒවා වෙළඳ තැටි ඔස්සේ වෙළඳපොළට නිකුත් කරන ලද අතර, ඔවුන් පොරොත්තු වූ සේම, ඒවා ද  අලෙවි වාර්තා තබමින් සිඝ්‍රයෙන් ජනගත විය. 

---------------
Double - bass
--------------------

දන්නෝ බුදුන්ගේ- (සිරිසගබෝ නූර්තිය- 1912),  සිරිබුද්ධගයා විහාරේ ..(රුක්මණි දේවි සමග එච් ඩබ්ලිව් රූපසිංහ - 1939), පින්සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ (සී ටී ප්‍රනාන්දු සහ සූරියරාණී - 1952?), ඔඵ පිපිළා වෙල ළෙල දෙනවා (සුනිල් සාන්ත-1946), ඕඵ නෙඵම් නෙරිය රගලා... (රේඛාව - 1956 - සුනිල් සාන්ත, සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි), හෙළ ජාතික අභිමානේ (සී ටී ප්‍රනාන්දු - පැට්‍රික් දෙණිපිටිය), උඩරට කඳුකර සිරියා පරදන (චිත්‍රා සෝමපාල, පී එල් ඒ සෝමපාල-1952?), අන්න බලන් සඳ රන් තැටියෙන්... (කුණ්ඩලකේශී- 1961, ට්‍රිලිෂියා ගුණවර්ධන සහ බෙන් සිරිමාන්න) වැනි පැරණි ගී මෙන්ම පසුව 60-70 දශකයේ එළිදුටු   ’දිල්හානී දුවණි (ඉන්ද්‍රානි පෙරේරා-1969), දුරකථනයකින් මම ඔබ අමතමි.... (එච් ආර් ජෝතිපාල - 1973), මගේ හද ඔබ ලග...(වික්ටර් රත්නායක- 1973), .. නෙත්යුග රන්තරු යුවළ ..(ත්‍රී සිස්ටර්ස් - 1971)  අනුවාදනයෙන් ජනගත වූ, සදාතනික  මතක සටහන්   එක්තැන් කළ ගීත ගණනාවකින් කිහිපයකි. ඒ සඳහා ’ස්ටැන්ලි පීරිස් (ෆෝචූන්ස්), ගුවන් විදුලි වද්‍ය වෘන්දය (සෝමදාස ඇල්විටිගල). සූපර් ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන), වැනි එදා සුප්‍රකට තූර්ය වාදක රසවතුන් එක්විය. 

-----------
Shehmai
=======

එමෙන්ම වානිජමය අරමුණු දෙවැනි කොට, ගීතයේ මධුරබව රැකගැනීමට පළමු තැන දුන් ඔවුහූ, සිය නිර්මාණ සඳහ විවිධාකාර බටහිර වාද්‍ය රසයන් මුසු කරගන්නට සමත් වූ අතර, එකිනෙකා අතර සංනිවේදන ක්‍රමවේද අවම වූ 60-70 දශකයන්හීදී එකී වාද්‍ය ශිල්පීන් සොයා දුරු කතර ගෙවා ඔවුන් මුණගැසෙන්නට ගිය පුවත්ද විරළ නොවේ.

'

ඒ අනුව 

මවුත් ඕගනය - කුමාර් මොල්ලිගොඩ, හර්බර් ගුණවර්ධන,මර්වින් ප්‍රියන්ත

ග්ලිකොන්ස්පිල් - සේන ජයන්ත විරසේකර

වයිබ්‍රෆෝන් ටියුලින් ජයරත්න, සේන ජයන්ත වීරසේකර

සැක්ස්ෆෝන් එම් කේ රොක්සාමි, කුමාර් මොල්ලිගොඩ, ස්ටැන්ලි පීරිස්, රංජිත් පෙරේරා, පී සුගත්සිරි, බොනී වික්ටර් 

හවායන් ගිටාරය -පැට්‍රික් දෙණිපිටිය, උපේන්ද්‍ර ප්‍රනාන්දු

ලීඩ් ගිටාර්  - මහින්ද බන්ඩාර,මයික් ගුණසේකර,අර්නස්ට් සොයිසා,ෂානක පෙරේරා, 

රිදම් ගිටාර්  - උපාලි කන්නන්ගර, ඩික්සන් ගුණරත්න,මිල්ටන් පීරිස්, පද්මසිරි  පැස්කුවෙල්

ඩ්‍රම්ස්  කට්ටලය - ඩන්කන් ක්ලයිඩ්, ශ්‍රී කාන්ත දසනායක, මහින්ද සිල්වා, සුසිල් පෙරේරා, නේසන් ත්‍යාගරාජා, ඊ ඒ පීටර්

කොංගෝ සහ බොන්ගෝස් - නෙවිල් සිල්වා, ප්‍රේමනාත් කොඩිතුවක්කු 

ට්‍රම්ෆට්    -සෙබස්තියන් ප්‍රනාන්දු, මොරිස් ද සිල්වා, නාවුක හමුදා තූර්ය වාද්‍ය වෘන්දය, පාපා මිස්කීන්, ජෝර්ජ් සිල්වා 

පියානෝව - ඒලියන් ද සොයිසා   

මැන්ඩලීනය - ඇන්තනි සුරේන්ද්‍ර ලෙස්ලි අසෝකා 

විදුලි ඕගනය - සරපුවරුව - ක්ලෝඩ් ප්‍රනාන්දු, ආර් ඒ චන්ද්‍රසේන, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, සරත් ද අල්විස්, 

එකෝඩියන්ස් - සරත් වික්‍රම

ගිටාර් - මර්වින් විජේවර්ධන, ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා, හේමපාල පෙරේරා, ඩයමන්ඩ් පෙරේරා. සරත් ප්‍රනාන්දු  තිලක් පෙරේරා 


පෙරදිග සංගීත භාන්ඩ


සිතාරය - සරත් දසනායක,පියදාස අතුකෝරාළ, රෝහණ වීරසිංහ, වයි එම් සුමනසිරි, ශාන්ති දිසානායක, කරුණාරත්න සිල්වා, සරත් බාලසූරිය, ගාමිනි කස්තුරිආරච්චි, එඩ්ගා පෙරේරා, ධර්මසිරි පෙරේරා

තබ්ලා -ටී ෂෙල්ටන් පෙරේරා, විමල් ජේ ශ්‍රියාරත්න,'ප්‍රේමනාත් කොඩිතුවක්කු, විජේරත්න රණතුංග, රංජිත් බෝගොඩ, ම නෝජ් පීරිස්, ධනංජය සෝමසිරි, හේමපාල ගාල්ලගේ, සෝමසිරි බැද්දේගම, රංජිත් බෝගෝඩ

සරෝද් - උපාලි ද සිල්වා

එස්රාජ් - පියදාස අතුකෝරාළ

ඩොල්කි - ධනංජය සෝමසිරි, ප්‍රේමනාත් කොඩිතුවක්කු 

සර්පිනාව - ඒලියන් ද සොයිසා, මොහොමඩ් සාලි

සන්තූර් - රෝහණ වීරසිංහ. ඇන්තනි සාමි, උපාලි ද සිල්වා, 

තනුවක සේයාව හදවතේ මතුවි නැග ආ විටදී එය ’සියුම් හඞින්’ මුමුණා ගයනා කර පෙන්වීම කරනු ලබද්දී, ඒවා ස්වර ලිපි බවට පරිවර්තනය කරගැනීමේ විශේෂඥ සහජ නිපුණතාවයකින් හෙබි ශීල්පීන් එදවස ක්‍ෂේත්‍රයේ සිටියහ. ඒ අතරින් ටී එෆ් ලතීෆ්, පුන්‍යසිරි මහවත්ත සහ අමරසිරි පීරිස් ලංකා ගුවන් විදුලිය වෙනුවෙන් සේවය කරමින් ඒ කටයුත්තේ නිතරවූහ. ඔවුන් විසින් ඒ ස්වර ලිපි සකසා වාදක මන්ඩලය වෙත නියමිත පරිදි කලට වේලාවට ඉදිරිපත් කළ පසු, ඔවූහූ සංගීත අධ්‍යක්‍ෂවරයා සහ තනු නිර්මාපකයාගේ අභිමතයට අනුකූල වෙමින් අදාළ සංගීත ඛන්ඩ වයමින් පුහුණූවෙති. ඒ ඔස්සේ ස්වර දැහැනට සමවදින වාද්‍ය වෘන්ද සාමාජිකයෝ, අදාළ ගීතය සජීවීව පටිගත කරද්දී, ස්වර ලිපියේ අඩංගු නොවු විවිධාකාර වාද්‍ය ඛන්ඩ සිය සංගීත භාන්ඩයන්ගෙන් වයමින් ඊට අමුතුම අලංකරණයන් එකතු කරති. ඒවා පසුකාලීන පටිගතකිරීම් වලින් බොහෝ විට ගිලිහි යද්දී, ගීතය සමවැද රසවිඳින ශ්‍රාවක රසික පෙළ එයින් තැතිගනිති.

------------------------------

කිසියම් ගීයක් රසිකයන් ගේ හදවත් පැහැරගත්තේද, එය යළි යළිත් වේදිකාවන් සහ ප්‍රසංගයන්හිදී ගායනා කෙරෙන්නේය. එපමණකින් නොනැවතී, එය යළි යළිත් පටිගත කෙරෙන්නේය. එවිට ඒ කටයුත්තට මැදිහත් වන සංගීත අධ්‍යක්‍ෂවරයා ගේ බලාධිකාරිය ක්‍රියාත්මක වී මුල් ගීතය උදෙසා යොදාගත් වාද්‍ය භාන්ඩ පවතින තත්වයට අනුකූලව, අනුග්‍රහකයාගේ මුල්‍ය දායකත්වයට සරිළන ලෙස වෙනස් වෙයි. එ කාරණය සැළකිල්ලට බඳුන් කර, මෙතැන් හි සිට පෙළගස්වා ඇති කරුණු අදාළ වන්නේ පටිගතකර එළිදක්වන ලද ’මුල් ගීතය’ ට පමණක් බව සිහිකටයුතුය. පහත වර්ගීකරණය සිදුකර ඇත්තේ අදාළ සංගීත භාන්ඩය ගීතයේදී වැයෙන කාලාන්තරය සැළකිල්ලට ගනිමිනි.

----------------------------------

සංගීත විෂයෙහි නිමග්න නොවු සාමාන්‍ය ශ්‍රාවකයා හට ඉහත ලැයිස්තුවේ වාද්‍ය භාන්ඩ නාමයන් ආගන්තුකය එහෙත් ඒවා ඇසුරෙන් නිරමිත ගීතාවලිය එසේ නොවනු නිසැකය. අවසනාවකට මේ රසවින්දනය සොයා යන ඔවුන් හට ඒවයේ ’මුල් පටිගතකිරීම්’ සාමාජ මාධ්‍යයන් ඔස්සේ හෝ වෙනත් මුලාශ්‍ර මගින් සපයාගෙන ශ්‍රවණය කරන්නට සිදුවීම නොවැළැක්විය හැකිය.


මවුත්ඕගනය - 

ඊට ආවේනික සංගීත රාවයක් නංවන එහි නාදය යම්තමින් හෝ අනුකරණය කරන්නේ ’විදුලි ඕගනය’ පමණකි. ගීතයක හෝ සංගීත ඛන්ඩයක දී වැයෙන මවුත්ඕගනයක හඞ හඳුනාගැනීම කිසිසේත් අසීරු නොවන්නේ ද එහෙයිනි. අතීතයේ ගැයුනු විවිධ වානිජමය මා සිනමාරූපී ගීත නිර්මාණ සඳහා වැයුනු එහි නාදමාලා ඇතුළත් නව ගීත නිර්මාණය නොවන තරම්ය. 

අදටත් එකී වාද්‍ය භාන්ඩය පොදු මගී ප්‍රවාහන සේවාවන් හි ගීත ගයන්නන් අත රැඳෙනු දැකිය හැක්කේය. ඒ නිසා වත්මන් ළමා තරුණ රසිකයන් එය ඔවුන්ට පමණක් සිමා කරගත යුතු වාදf්‍යා්පකරණයක් යැයි දුර්මතයක සිටිනවා විය හැකිය. ගීතයක අනන්‍යතාවය රඳවා රැකගන්නට මෙම ශුෂිර සංගීතෝපකරණය සමත් වන්නේය. වැඩිහිටි රසිකයන් වූ අපගේ අතීත මතක සැමරුම් ගී සිතෙහි රුවා තබාගන්නා  ’ යතුර’ වූයේ මවුත්ඕගනයයි. 

ඔවුත්ඕගනය හැ සබැඳි ගී යටගියාව 60 දශකයේ මධ්‍ය භාගය දක්වා දුරාතීතයට දිවයයි. ඒ උත්තර භාරතයේ ආදායම් වර්තා තබමින් තිරගත වූ තාක්‍ෂනයෙන් ’කඵසුදු’ වුවද ’සංගීතයෙන්’ පොහොසත්ව, ශ්‍රාවක ප්‍රේක්‍ෂක රසික දනන් මෝහණයට පත් කරවූ ’දෝස්ති’ නම් වූ සිනමාපටය නිසාය. ’ලක්‍ෂමිකාන්ත්’ සහ ’ප්‍යරේලාල්’ නම් වූ සංගීතඥයන් දෙපොළ විසින් සප්තස්වරයෙන් හැඩ ගැන්වූ මධුරතර තනු නිර්මාණ ඇතුළත් දෝස්ති හි මියැසි අනන්‍යතාවය රැකදුන්නේ එහි ගීත වලදී වැයුනු ’ඔවුත්ඕගනය’ ම වේ. 1965 පැවැත්වූ 12 වෙනි සම්භාවනීය ’ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හයක් (06) දිනු එය 1964 වසරේ තිරගත වූ හොඳම සිනමාකෘතිය ලෙස නම්කරනු ලැබීය.


එවැනි සිනමාපටයක් අසල්වැසි ලක්දීපයේ වැසියන් ගේ අවධානයට ලක් නොවි පවතිද්ද ?  එය එදවස ලාංකීය සිනමාහල් වල තිරගත වෙමින් සිංහල ප්‍රේක්‍ෂකයන්ද කුල්මත් කළේ ඔවුනට වසර ගණනකට මතකයේ රැඳෙන සොඳුරු සංගීතමය අත්දැකීමක් අත්කරදෙමිනි.


(’දොස්ති’ මවුත්ඕගන රසඋල්පත )

මෙතැන් සිට ඉදිරියට ................