namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, December 27, 2020

සංගීත් නිපුන් මහචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලි නිර්මාණ යුගය - 70 දශක‍යේ අතීතාවර්ජනා...........

දූර ඈත දිනක රෑ දුම්රියේ ලියවුනු ගී පද රස පවත....................



මින් අඩසියවසකට ආසන්න යුගයක එක්තර දිනයකදී ගොම්මන් අඳුරු යාමයේ කන්ද උඩරට අගනගරයෙන් කොළොම්තොට බලා පිටත්වන දුම්රිය යෝධ අඳුරු වළා පටල මෙන් අහස් කුස අරා නැගී සිටින පර්වතයාය පසුකරමින් හැල්මේ විත් තැනිතලා බිමේ පළමු මහනැවතුම්පොළ වූ ’රඹුක්කන’ ට සේන්දු විය.


මැදිරියේ තැනින් තැන රැඳවූ විදුලි බුබුඵ මළානික දුබල ආලෝක ධාරා විහිදුවමින් අතරින් පතර අසුන් අරා නිදිලොව ට පියමං කරන්නට තැත් දරන මගීන් ගේ මුහුණු දුබල කහ පැහැයකින් සිත්තම් කරන්නා සේය.


එක්තරා මැදිරියකට ගොඩ වී අසුන් කොනකට බර වු ඔහුගේ සිත කැළඹි ගිය පොකුණක් වැන්න. මොහොතකට පෙර දී සිය ප‍්‍රියාදරියගේ ප‍්‍රියතෙපුල් ද මදහස උතුරන ඇගේ වත කමල ද ඔහුගේ සසළ සිත නිසල කරගන්නට ඉඩ නොදෙනා සෙයකි.


ඇයගේ රුවයළි දෙනුවන් හමුවේ රැුඳෙන්නට යටත් පිරිසියෙන් සත් දිනක් ගතවෙනනු ඇත්තේය. ඇතැම් විට ඊට දිගු කාලයක් ද විය හැකිය. 


දුම්රිය සුපුරුදු තාලරටාව මවමින් සෙමින් වේදිකාවෙන් ඔබ්බට ඇදීයයි. දිනිඳු සැගවී ගිය අහස් කුසේ ඈත ඉමෙන් මෝදු වන තරිඳු කිරණ දහරින් ඈත දුරට විහිදී ගිය කෙත්යාය නැහැවි යන්නේ අනේකාකාර කවි සිතුවිලි දහරා මනස අරක් ගනිමින් තිබියදීය.


වරක් හඞ තැලූ දුම්රිය කෙත්යාය මැදින් සෙමින් ඇදීගොස් නතරවිය. කෙත්යායේ ඈත ඉමේ දිස්වන ආලෝක පුලිගු දහරා ඇදී ආ ඉසව්වෙන් මතු වී නැගෙන සිහින් බටලී රාවය සිතේ තෙරපෙන ගී කවි සිත්තම් දියුනු තියුනු කරන්නා සේය.


උකුළ මත රුවාගත් කඩදාසියක සිය පැන්තුඩ පනගැන්වූ ඔහු යමක් සටහන් කරයි.


මළානිකව හඳ එළිය ගලා එන .............


අම්බලමක හෙවනේ ................


බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර ............


දැල්වෙන එළිය බඳේ ......................



මැදියම් රැුය තවම එළඹී නැති සෙයකි. එහෙත් නිශා යාමයේ පූර්ව භගයෙන් සෑහෙන කොටසක් ගෙවි ගොස් තිබිනි. තරිඳු අහස් කුස ඉස්මත්තට පැමිණ ඇත. ඈය මේ යාමයේ කුමක් කරනවා ඇද්ද ? නිසැකවම ඇය තවමත් නිදිලොවට නෙපිවිස සිටින්නට පුඵවන.


ඈත එපිට ගම්මානෙන් නැගඑන .............


බටලී හඞ අතරේ ......


ඉතාම දුක්බර කවියක් මතුවෙද ............


ඇය නිදි නොමැති පැළේ .........................



දුමරියේ රිද්මය යළි නැගඑද්දී සීත පවන් පහසින් ඔහුගේ නිදිබර දෙනෙත් පියවී යන්නට යන සේය. තවකාලිකව හෝ ඇතිවන පෙම් වියෝගය හද කෙතරම් පාරවන්නේදැයි ඔහුට හැගෙයි. නුබගැබ විසිරි පවතින මල් ඔවිල්ලක් මවන තාරකාවන් වරෙක බොඳවී නොපෙනී යයි. යළි මතුවෙයි. එය ඇය සතියේ කෙළවර  මා හමුවී පිය තෙපුලින් සන්තර්පනය වී සතිඅග දැනෙන වියෝගය මෙනි.


වේදනාව නෙතු අගට ගලාලා ............


ඉකිලන නිහඞ රැුයේ ...............


නීල නුවන් තරු කැට බොඳවෙනවා .............


කාටත් හොර රහසේ .....................



මින්පෙර නොළියු චමත්කාර කවි සිතුවිල්ලකි. ඉදිරි දිනක මෙය සුදුස්සා අතට පත් කරවිය යුතුය. ඔහු අතින් අමයුරු නාදරටාවකින් එය ඔපවත් වී සොඳුරු පෙම්කවක් ගැයෙනු ඇත්තේය. ඔහුට සිතිනි.


---------------------------------------------------------------------


80 දශකයේ මුල් භාගයේ එක්තර දිනයකි. දසත අඳුර වෙලා ගත් නිසල නිශා යාමයකදී විසිත්ත කාමරයේ විසල් ගුවන් විදුලි යන්ත‍්‍රයෙන් පාඵව තනිකම දුරලා නැගෙන්නේ රාත‍්‍රී අසන්නන්ගේ ඉල්ලිම් මෙහෙයවන නිවේදක යුවතියගේ හඞයි. සමරවීර මුදලිගේ දොන් පේ‍්‍රමකීර්ති ද අල්විස් සියහඞින් තමාගේම පෙළපත් නාමය තෙපළා ඔහුගේ ’සැරිසර පුවත් සගරාව’ නිමා කළා පමණි.



වේලාව රාත‍්‍රී නමය පසුවි විනාඩි විස්සයි......


සිංහල දෙවැනි සේවයෙන් මෙතැන් සිට ඔබ වෙත අසන්නන්ගේ ඉල්ලීම් ................


(සංඳා තේමා වාදනය පසුබිමෙන් නැගි එයි)


අසන්නන්ගේ ඉල්ලීම් ආරම්භ කරමින් විශාරද සනත් නන්දසිරි ගයනා කරන ගීතයක් ඔබ සැම වෙනුවෙන්


පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක...... ගම්පහ පද්මාවෝ මහේශ්වරී ...රේඛාවෝ ඊශ්වරී ... මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනි සුබසිංහ..... 


මේ ගීතයේ පබැඳුම සුනිල් සරත් පෙරේරා විසිනි සංගීතය ගයකයා සතුයි.....


මෙතැනින් සවන්දෙන්න

Listen Music Files - Download Audio -
         --------------------------------------

එදා ඇසුණු ගී බ්ලොග් සටහන් එකතුව 2020 

27 දෙසැ 2020
(විශේෂ ස්තුතිය - ප්රවින ගී පද රචක හිටපු ගුවන් විදුලි  - රෑපවාහිනි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සරත් පෙරේරා ශූරින් වෙත) 


Monday, September 7, 2020

එදා ඇසුණු ගී - 70 දශකය

එසේ  ’ඇය’ වෙනුවෙන් ලියු.... ගැයූ .....වගයි - 01 දිගහැරුම...

ඉතිහාසයේ සෑම කල්හීම සෑම සංස්කෘතියකම පාහේ සාහිත ලෝකයේ සුවිශේෂී ස්ථානයක් අත්කරගන්නේ කාන්තාවයි. දිවිගමනේ යෙදනෙ ඇයගේ භූමිකාව  පිළිබඳව සඳහන් නොවුනු නොලියැවුනු ගද්‍ය පද්‍ය වම්පු කාව්‍යය තොරතුරු  කවි ගී නෘත්‍ය සිනමා වෘතාන්ත ජනකථා වීරකාව්‍යයන් විරළය. 



ඇය ගතකරන දිවියේ මුලික අවධි මෙන්ම මුහුණපෑ දුක් කරදර කම්කටොඵ ව්‍යාසන මෙන්ම විවිධාකරයේ සුභාසුභවාදී අත්දෑකිම් ඒවාට පාදක වෙයි.


බිළිඳිය - ළදැරිය - සිගිත්තිය- බාලිකාව - සිසුවිය - නව යෞවනිය යුවතිය භාර්යාව මව මිත්තනිය ලෙසින් දිවිමග චාරිකාවේ ඇය පසුකරයන මංසළයන්හීදීී ලොව මිනිස් සමාජයේ තැනුම් ඒකකය වු පවුල් සංස්ථාවේදී වරෙක ඇය දියණියකි අක්කන්ඩියකි නැගනියකි පෙම්වතියකි භාර්යාවකි මවකි සුඵමවකි සේවිකාවකි ගුරුවරියකි නැන්දනියකි - මිතුරියකි  - ලේලියකි - නෑනන්ඩියකි - මිනිබිරියකි - මිත්තනියකි මේකී භූමිකාවන් හමුවේ ඇය ලබන්නා වු මුහුණදෙන්නා වූ අත්දෑකීම් සිංහල ගී පද සංකල්පනාකරුවන් ගේ පරිකල්පනය නම් වූ නෙතින් දුටු අයුරු මතුකර දක්වනු පිනිස මේ සටහන පෙළගස්වනු ලැබ තිබේ.


ශිෂ්ඨ සම්පන්න ලෝක සම්මතය ට ගරුකරමින් සරණ බන්ධනයෙන් එක්ව බැඳීමෙන් පසු මෙළොව දිවිගමනේ නිමාව දක්නා තෙක් එක්ව අත්වැල් පටලා ගමන් කරන්නට සපථ කරගන්නා යුවතිපතින්ගේ ඒකායන පැතුම දරු සම්පතයි. එයින් ඇය උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලබන්නේ සිය හිමියා එපමණ බුහුමන් ලබන පිය පදවිය උරුමකරමිනි. 


සිංහල ගීත සාහිත්‍යය ද ’ඇය’ වෙනුවෙන් ලියු ගී කවි පදවැළ් වලින් පරිපුර්ණය පොහොසත්ය. ඒවා සර්වකාලීනය අර්ථපුර්ණය ධ්වනීපුර්ණය රසපුර්ණය. 


වරෙක බටහිර නාදමලාවෙන්ද තවත් විටෙක හින්දුස්ථානි රාගධාරි සංගීත ශිල්පීයෝපක‍්‍රම ද ඒවා හැඩගන්වා තිබේ. 


පළමුකොට මෙකී ගීතාවලියේ පෙළගැස්ම ඇරඹිය යුත්තේ ’බිළිඳිය’ ගෙනි. එය සමාප්ත විය යුත්තේ ’මිත්තණිය’ ගෙනි. ඈත යුගයේ සිට සිහල ගීත කලාවේ සමනළ සමය එළැඹි වියැකී ගිය මෑත අතීතය දක්වා ළදැරියන් වෙනුවෙන් පබැඳුනු ගී පදමාලාවන් සංඛ්‍යාත්මකව ද මධූරත්වයෙන්ද අනල්පය.  


ඇය හෝ ඔහු හෝ ඔවුන් දෙදෙන එක්ව සිය කැදැල්ල ඒකාලෝක කරනු පිනිස කුඵඳුලේ ඇරයුම් කරන්නේ දියණියකට නම් ඒ අහිසංක පැතුම මල්ඵල ගැන්විනි නම්  බිළිඳියකගේ රන්රසුදැල් රාව බඳුවන් කිරි සිනා හඞින් ඒ කැදැල්ල පිරී ඉතිරී යන අවධිය ගේය පද නිර්මාපකයෙකු සිය සංකල්ප රූපාවලියට හසුකරගන්නේ යම්බඳු ආකාරයක විය හැකිද ? 


එක්තරා යුගයක සිංහල ගීත සාහිත්‍යයට කලාව වෙනුවෙන් නවාංගයන් මුසුකල ක්ලැරන්ස් විජේවර්ධන නම් ගී පද රචකයා - සංගීතඥයා 

සිය සිත්හි නැගුනු සිත්තම් චිත‍්‍රනය කලේ මෙයාකාරයෙනි ඒ ඉන්ද‍්‍රාණි පෙරේරා නම් පාසල් සිසුවිය ගීත ගායනා ලොවට හඳුන්වාදෙන්නටය.


රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා ..


පදවන්නට සිතුනා .....


රන්තැටියේ කිරි පැණි පුරවාලා


ගෙන එන්නට සිතුනා ....


රන්වන් තටු ඇති ...


සමණළයින් දැක ඇයගේ දෙතොල් පිරුණා ...


රන්වන් මුහුණේ ..


ලස්සන දැකලා ..


සිපගන්නට සිතුනා ...


රසවිඳිනට පිවිසෙන්න මෙතැනට

--------------------------------


Music File Hosting - Embed Audio Files -

-------------------

සංවාදය  ’ලක්හඞ’ ගුවන් විදුලියේ ’ඉන්ද‍්‍රසිරි සුරවිර’ විසිනි. 2003-4 යුගයේ එහි විකාශය වු සංගීතමය වැඩසටහනකින් උපුටාගන්නා ලදී.

----------------------------


   ඉරණමේ ආශිර්වාදය ලදුව පැතු පැතුමන් සිතූ ලෙස ඉටුකෙරී මව්පිය පදවිය ලබනට වරම් ලබා තමන් වෙත තිළිණ කරදුන් බිළිඳිය වෙත ඔවුන්  දක්වන අපිරිමිත සෙනෙහස වදන් වැල් පෙළකට මෙළෙස හැරවුයේ යතිවර රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ය. ඒ අතුල අධිකාරී සමිතා මුදුන්කොටුව ගැයුම් මිහිර හා කලතනු පිණිසය.


සඳතරු මල් මට දන්දුන් ..


මගේ රුසිරු නුඹ අරගන්නයි ...


හිරුතෙද වන් මට දන්දුන්


මගේ ඔටුනු නුඹ ලාගන්නයි ...


දායාද එයැයි මගේ දෝණිට


අප දෙන්නාගේ ...


ගණ දෙවිඳුන් මට දන්දුන්.....


මගේ නුවණ නුඹ අරගන්....


පතිනි මවුන් මට රැුකදුන්...


පතිනි බලය නුඹ අරගන්...


ඇළදොළ ගං මට දන්දුන්


හදේ සිසිළ නුඹ අරගන් ..


මහවනවිල් මට දන්දුන් ..


හිතේ සුවඳ නුඹ අරගන් ...


අලෝකේ පතුරා


දායාද එයැයි මගේ දෝණිට


අප දෙන්නාගේ ...

---------------------------------


උදා ළහිරු උනුසුම ද සැඳෑ සෞම්‍ය සඳු සිසිලස සුවයද වාර සිය ගණනක් විඳි බිළිඳිය දැන් අත්පොඩි නගා හිනැහෙන ළදැරියකි. ඇය ආයාසයෙන් සුරතල් බස් තෙපළන්නට උත්සහ දරන්නීය. ඇගේ හසකැන් පහසින් ප‍්‍රමුදිත මව්පිය දෙදෙනා ගේ සිතුවිලි දහර ගේය පද රටාවකට පෙළගස්වන්නේ වාග්ගෙයකාර ශීල්පයේ නිපුණ ක්ලැරන්ස් විජේවර්ධනයන්ය ඒ අතක ඇගිලි ගණනකට සමානවූ අක්කා- නගෝ පාසල් යුවතියන් පෙළක් උදෙසාය. ඔවුන් ගීත ගැයු ශීල්ප රටාව අනුව යමින් ඉංග‍්‍රිසි බසින් වින්ස් ලෝ සික්ස් ලෙස තමන් හඳුන්වාදෙන්නීය. 


මුතුවාගේ බබළනවා 


නෙත ඈගේ දිළීසෙනවා 


දුවරෝසි හිනැහෙනවා


සුරලෝකේ සිහින මවන්


දුවරෝසි තනිව ඉඳන්


දගකාරි පහන අපේ


හැඩකාරී ඇයය නෙතේ


සිරියාවී සැමගේ සිතේ


දුවරෝසී මැණික අපේ


-----------------------

පිවිස මෙතැනට විඳිනු මැන ගී රසය රිසිලෙස

---------------------------


Download Music - Play Audio -

බිළිඳිය ළදැරියකව පෙරපාසල් වියේ ගතකරමින් සිටී. නිවහන රජමැදුරක සිරිය නංවමින් ඒ අවට දුවපැන ඇවිදින ඇයව තනිකර දමා හෙට දිනය සරිකරනු වස් රැුකියාවට පිටත්ව යන්නට කෙසේ නම් මවකගේ සිත ඉඩදේද ?


එවන් මවක ලද අත්දැකීමක චන්ද‍්‍රසේන රංගේ නම් වු ගුවන් විදුලි ශිල්පියා විසින් ගී පදවැල් බවට පෙරළන්නේ දයාරත්න රණතුංග සංගීතවේදියා ගේ ස්වරසංකලනයකින් හැඩගැන්වීමටය. ගැයුම් රසය මතුකරදෙන්නී මහාචාර්ය අමරා රණතුංග විසිනි.


චූටී චූටී මගේ දුව චූටී


ඔන්න අම්මා යන්න හදන්නේ


චූටි විහිඵවක් කරලා චූටි තොත්තුවක් දීලා


අම්මට දුව යන්න කියන්න


බලන්න ඔය චූටී මුණ හැන්දැ නොවී එන්න කියන්න


ෙඅම්මට දුව යන්න කියන්න


පුංචි කාලේ මටත් ’චූටි’ කිව්ව මගේ අම්මා..


ඒ කියන්නේ චූටිගේ ලොකු අම්මා...


හබුං කවන වේලාවේදී විහාර මහ දේවි ගැන...


කියලා දේවි.............


මිරිස් සැරයි කියලා හේම අහක බලා ගත්තෝතින්...............


ලොකු අම්මා ඒ කථාව කියල නොදේවී....



හැන්දෑවට මං ආවම චූටි එක්ක මිදුලේ


මල් පඳුරේ මම හැංගිලා ඉන්නම්


කුරුල්ලෝ එන වෙලාවේදී 


අද හවසත් අර පොඩි චූටික්කා ඒවී


ඒ ආවාම මම හැංගිලා චූටිට සෙල්ලං කරන්න


චූටික්කව චූටිට මං අල්ලලා දෙන්නං

-----------------------------------------------

ගීතය මෙහි වාදනය වෙයි.

----------------------------------------

Listen Music Files - Free Audio - සටහන -

----------------------------------

ගීතයේ ප‍්‍රසංගිකත්වය ඔප් නංවන ළදැරියකගේ හඞ ඊට කවා ඇත්තේ තත්කාලීනව ගුවන් විදුලි විකාශයන් සිය හඞින් වර්ණවත් කල නැසිගිය ’පේ‍්‍රමකිර්ති ද අල්විස්’ විසිනැයි කියැවේ. ඒ අන් කවරෙකු හෝ නොව ඔහුගේම ’සුරංගි’ දියණියයි. ගුවන් විදුලියේ ගීතය වාදනය කෙරෙද්දී සියඵ නිවේදක නිවේදිකාවන් එය හඳුන්වා දෙන්නට පුරුදුව සිටියේ ’විශාරද අමරා රණතුංග සමග සුරංගී ද අල්විස්’ ලෙස වුවද ඇය ගේ හඞ පටයක් ගීතයට තාක්‍ෂණිකව පුරුද්දා ඇති බවකිය පැවසෙන්නේ.


පද රචනයේදී ’මගේ අම්මා චූටිගේ ලොකු අම්මා.....’ යෙදුම පිළිබඳව සැක උපදවාගන්නන් ඇතැම් මිණිපිරියන් සිය මිත්තණිය  ’ලොකු අම්මා’ නමින් අමතන්නට පුරුදු වි ඇති බව පසක් කොට ගනිමින් එයින් අත්මිදෙති.

-----------------------------------------------------------------

මෙයින් ඔබ්බට මතු දිනයකට ................


සේයාරුව - මෙණුදි සිරිවික‍්‍රම මහත්මිය ගෙනි

----------------------------------------------

එදා ඇසුණු ගී බ්ලොග් විමන - 08 බිනර මස 2020

Tuesday, June 9, 2020

ආර් මුත්තුසාමි සිනමා සංගීත මෙහෙවර.....

ඒ වැයෙන්නේ කිනම් වාද්‍ය භාන්ඩයක්ද ? - හෙළ ගීයෙන් මතුවුනු දක්‍ෂිණ භාරතීය සත්සර රාවය....


දැන් වේලාව පෙරවරු දහයයි. 


මෙතැන් සිට චිත‍්‍රපට ගී තිරයක් ගුවනට මුසුවෙයි. ආරම්භ කරමින් ’ඉපදුනේ ඇයි’ චිත‍්‍රපයට විශාරද සුජාතා අත්තනායක ගැයූ ගීතයක් ...
(ගීතය වාදනය වෙයි)

මින් තිස්වසකටද දුරාතිතයේ දිනයක දුර පෙනෙන කඳුයායෙන් එබි බලන ළා හිරු කිරණ කෙමෙන් සැඩ වෙමින් පැවති පැයේ නිවසේ ආලින්දයේ  ගුවන් විදුලි යන්ත‍්‍රයෙන් ඒ හඞ නිකුත් වෙමින් තිබිනි. දියුණු සුපැහැදිලි හඞ නැංවෙන වත්මන් තාක්‍ෂනය එළෙඹෙන්නට පෙර අවධියක එයින් නැගෙන ඒ හඞ අපැහැදිලිය දුර්වලය. විටෙන් විට කර්කශ ආගන්තුක නාද මතුවි ඇසී නෑසි යයි. විටෙක නිවේදිකාවගේ තියුණු හඞ පරයා පසුබිමෙන් ඇසෙන ’ස්ස්ස්.............’ නාදයකි.

එකී සියඵ බාධා කම්කටොඵ නොතකා ගීතයට, වෙසෙසින් සිනමා ගීතයට පෙම්බැඳි රසිකයන් සිය දැවැන්ත ගුවන් විදුලි යන්ත‍්‍ර ආසන්නයට රොක්වනු ඇත්තේය. ඒ තමන් කලකට ඇතැම් විට මෑතක සිහින ලොවක සැරසරමින් අඳුරේ දුටු විස්මිත සිනමා දසුන්ද ආවර්ජනය කරමින් මෝහණිය සුමියුරු ගී රසවිඳිනට ඇති එකම අවස්ථාව එයම වන නිසාය.

’සූජාතා’ ඇය හෙළ සිනමාව ද සුවහස් ගණනක රසික දනන් ද සිය ළයාන්විත හඞින් වසග කරවාගන්නට සමත්වී සිටින්නීය. ඒ අසමසම ගී හඞ ගුවනට මුසුවෙමින් මෙසේ ගලාඑන්නේ අදින් දශක දෙකකටද ඉහතදී නොවේදැයි සිතෙයි. ඇය ගේ හඞ මුසුවූ සිය ගණනක සළරූ ගී අතර දැන් ඇසෙමින් පවතින ගීතයේ කිසියම් අපුර්වත්වයක් දැනෙයි. 

එහි අඛන්ඩව පසුබිමෙන් වැයෙන තාල වාද්‍ය භාන්ඩය කුමක්ද ? ඒ නාදය ඇසෙන කවරාකාරයේ හෝ සිනමා ගීයක් තබා ගුවන් විදුලි වෙනත් ගීතයක්ද මතකයට නොපිවිසෙයි. 

හිස වඩාත් ගුවන් විදුලි යන්ත‍්‍රයට දෙසට යොමු කරමි. එය  තත් භාන්ඩයක් විය යුතුය.

වැංග් ...වැංග් ...වැංග් ... වැංග්.. වැංග් ...වැංග්...  ’සුජාතාවන්’ සිය ගීයේ අන්තර්වාදනය ද අන්තයේ අපර කොටස් ගයයි. නාදය නිරන්තරයෙන් තාලය අනුව මතුවෙයි.

මුවග හසරැුල්ලක් නැගී යයි. කිම්ද ඒ ? පසුගිය දිනක මා ද එවැනි හඞක් මතුකලා නොවේද ? ඒ හඞ මේ නාදය ට සමාන නොවේද ? එතරම්ම සරළ සංගීත භාන්ඩයක් ?  

ඒ ’අමතර පංති’ නම්වු සංකල්පයක් අසන්නටවත් නොමැති යුගයේ සැන්දෑ යාමයේ එක්ව නිවෙස් අතර දුවපැන ඇවිදිමින් කෙළිදෙළෙහි යෙදෙන අසල්වැසි මිතුරු මිතුරියන් නැති දිනයක කාන්සිය දුරකරදුන් සුමිතුරා මේ ගුවන් විදුලි යන්ත‍්‍රයයි. එනමුදු අඳුරු අහස්කුස දෙදෙරවමින් විදුළි රේඛා ඇදීයන මොහොතක ඊට අත තබන්නට අවසර නැත. 

ඉඳහිට හෝ මාවතේ වාහනයක ශබ්දයද නොඇසෙන ඒ යුගයේ හුදකලා නිසසලතාවය අතරේ  ගුවන් විදුලියෙන් ඇසුණු ගී සිතුවිළි දහරා හා වෙළි පැටලී නිරන්තරයෙන් නැග එන්නා සේය. 


කොණක ඉවත දමා තිබුනු ’කම්බි’ පොටක එක අන්තයක් මුවේ ඉදිරිදත් අතර රඳවා තදින් විකා ගැනීමෙන් පසුව හොඳින් ඇදී තිබෙන ලෙස ඉතිරි අන්තය සුරතේ ඇගිලි අතර රුවා ගනිමි. වම් අතේ අතැගිලි කම්බි පොට මත ළෙලවද්දී නැගෙන්නේ ඉහත කී හඞමය.

වැංග් ...වැංග් ...වැංග් ... වැංග්.. වැංග් ...වැංග්... 

’මේ සිංදුවේ ඇහෙන්නේ කම්බි පොටේ සංගීතයද? ’

එවැනි අදහසක් සිතේ නැගුනද එය එසේම නොවන බව  ඉඳුර දැන පසක් කර ගනු පිනිස පසුකාලීනව සිදුකළ ’මහෙයුමක’ තතු ලුහුඞින් මෙළෙස ලිය තබන්නෙමි.

එකී රසාලිප්ත ගී නිර්මාණයේ තනු සහ සංගීත රටා නිර්මාපකයා කවුරුන්දැයි දැන හැඳින ගතිමි. ඔහුගේ ගුරුකුලයේ ශිල්ප හැදෑරූවන් විසින් සිය මව් භූමියේ තම දෙස - රැුස - බස ට අනුකූලව  ගී රසමිහිර නංවනු පිනිස යොදාගන්නා පෙරකී අති සරල අපුර්ව වාද්‍ය භාන්ඩය හැඳින්වෙන්නේ ,මොර්සින්ග්’ නමින් බව හෙළිදරවු කර ගතිමි.

කුමක්ද මෙකී ’මෝර්සින්ග්’ තත් භාන්ඩය ?

’මෝෂිං’ දක්‍ෂිණ භාරතීය කර්ණාටික සංගීත ශෛලියේ වද්‍ය උපකරණ වු ’මෘදංගය’ ’ඝටම්’ වැනි භේරි නාදය පතුරවන්නා වූ වාද්‍ය භාන්ඩ හා මුසුකරමින් වදනය කරනු ලබන්නා වූ සරළ වාද්‍ය භාන්ඩයකි.

අසුගේ ලාඩමේ හැඩය ගත් ලෝහ වළල්ලක් අතරින් යෙදු ලෝහ පතුරකින් සමන්විත වූ එය මුඛයේ ඉදිරි දත් අතර රඳවාගැනීමෙන් පසුව සුරතේ අතැගිලි යොදාගෙන ලෝහ පතුර ස්පන්දනය කරවීමෙන් නියමිත ’නාදය’ උපදාගනු ලබයි.

වසර දහසකටත් ඉපැරණි ඓතිහාසිකත්වයකින් යුත් ඊට අනුරූපි වාද්‍ය භාන්ඩ විවිධාකාර පෙර අපර දෙදිග සංස්කෘතින් හි දී ද යොදාගනී. දක්‍ෂිණ භාරතයට අමතරව චීනය ජර්මණිය ඉරානය ප‍්‍රංශය ඉතාලිය හංගේරියාව යන රටවල් හිදී අදාළ ජන සංගීත උදෙසා සංගීතය සැපයීමට ද නිරතුරු යොදාගනු ලබන බව කියැවෙයි.

අති දැවැන්ත සිනමා කර්මාන්තයක්ද ඊටම සැසඳෙන ගී නිර්මාණ ඉතිහාසයකින්ද සුසැදි ’බොලිවුඩ’ සිනමා ගී නිර්මාණ උදෙසා  1950 දශකයේ සිට යොදාගත් ’මෝෂිං’ වාදේ‍යා්පකරණයේ සහය ලද එවන් සිනමා ගීත ද විසල් ගණනකි. නමුදු එහි ’හඞ’ මතුකර හඳුනාගැනීමේ ’ඉව’ කින් හෙබි ශ‍්‍රාවකයන් පමණක් එය හොඳින් හඳුනාගන්නවා ඇත.

මේ අතිසරල එනමුත් සූක්‍ෂම නාදජනකය දකුණු භාරතයෙන් ’හෙළ සිනමා ගීතය’ ට මුල්වරට දායද කරදෙනු ලැබු වාද්‍ය සුරුවා ’රාමයියා මුත්තුසාමි’ නම් වේ. අදාළ නාමයෙන්ද මතුකරදක්වන ලෙසට ඔහු ද ’දකුණු හාරතීයෙකි’.  සිංහල සිනමාවේ ළදරුවියේ දී එහි සත්සරයේ  නාදරස මිහිර මවනු පිනිස උක්ත දිපයෙන් ලක්බිමට සැපත් වූ සංගීත අධ්‍යක්‍ෂවරුන් අතර ඔහු ද වෙති.  

සෙස්සෝ සිය කාර්යය නිමවා දී යළිදු සිය මව් භුමිය වෙත නික්ම යද්දී ’මුත්තුසාමි’ ට ඊට ඉඩ කඩ අවස්ථාව අහිමි කලේ ලක්සිනමාවේ පූරෝගාමි ආයෝජකයා වූ ’එස් එම් නායගම්’ නම් ව්‍යාපාරික දැවැන්තයා විසිනි. සිය ධනබල පරාක‍්‍රමයෙන් කඳාන ප‍්‍රදේශයේ ඉදිකරන්නට යොදුනු ’සුන්දර සවුන්ඩ්’ ශබ්දාගාරයේ සේවය නිරත කරවු නිත්‍ය වාද්‍ය වෘන්දයේ නියමුවා ලෙස රැුඳෙන්නට පළමුව දෛවය විසින් නියම කරන ලද ඔහුට දෙවනුව හෙළ සිහල කුලදෘහිතෘ රත්නයක් සිය පියඹ ලෙස අභීසෙස් කරවාගන්නට ඉඩ කඩ විවර කර දුන්නේය.

ඇය අගනුවර ’විශාඛා’ බොදු මානවිකා සිප්හලේ උසස් පෙළ හදාරමින් සිටි ’නිලියා පෙරේරා’ නම් සුරූපි යෞවනියයි. ගුවන් විදුලි ගායකයෙකු ලෙස ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිටි සිය දෙටු සොයුරු ’හෙන්රි පෙරේරා’ ගේ සුරතේ එල්ලී හැඳල විජයා ශබ්දාගාරයට පිළපන් ඇය යොවුන් මුත්තුසාමි ගේ රූපකායේ හැඩවැඩ ද ඔහු ගේ සංගීත සාමාධියේ හැඩවැඩ ද සියැසින් රසවිඳගත්තාය. එයින් උන්මාදයට පත් වූවාය. සිය දෙමව්පියන් ද ධනය ද යන මේ සියල්ල සත්සරනද පතුරන මෙකි විජාතික සිහින කුමාර ගේ දස්කම් හමුවේ අඵයම ලූ කෙළ පිඩක් සේ ඉවත ලා  ඒ මොහොතේ  සිටම ඔහුගේ ජීවන සහකාරිය බවට තමා පත්කරගන්නා ලෙස අයැද සිටියාය.


මං පොඩිකාලේ දැක්කට පස්සේ ..............

දැක්කේ අදයි ඔයා ...........

ලස්සන මුනේ මල්මදහාසේ ..........

කවුරුද ගත්තේ හොරා ............

මේ ජවනිකා පෙළ දිගැහෙරන එසමයෙහි දී හෙළදිව් සතරදිග්භාගයේ ගුවන් විදුලි රසිකයන් එකී පදපෙළ ගයමින් කුල්මත් කරනු ලැබුවේ අන් කවරෙකුත් නොව ’නිලියා’ දැරියගේ දෙටු සොයුරා විසිනි. ඒ මෙකී කර්ණාටික සංගීතඥයා ගේ සත්සර නාදරටා මුසුවෙනි.

මේ පුවතට පසුබිම් වූ 1960 න් ඇරඹි දශකයේ මුලාරම්භයට ද පෙර සිට සිංහල සිනමාවේ පෙම්වතුන් ගේ අසමසම පසුබිම් හඞ හිමිකරුවන් වූ ’ලතා - ධර්මදාස වල්පොළ’ දෙපොළ හෙළ ගී විජිතයේ කිරුඵ පළඳවාලුයේ ’රාමයියා මුත්තුසාමි’ විසිනි. ඔහු ඊට සිය නොඉඳුල් මෝහණිය තනු නිර්මාණ රටා පෙළක් යොදාගනිමින් සිටියේය.

ඔය බැල්ම ඔය කැල්ම් ...

නිලුපුල් නෙතේ ...

පුබුදාමි මල් මාගේ ...

නොඉඳුල් හිතේ ...

සඳරැුල්ල කිරැුවැල්ල ...

ඉතිරීගියා ...

සැනහෙන්න අපදෙන්නා...

දිනුවා කියා...

(1961  - කුරුඵ බැද්ද සිනමා පටය - ගී පද - කරුණාරත්න අබේසේකර)

සමකාලීනව සියමව්භූමියේ සිනම ගී ගාන්ධර්වයන් විසින් නිතිපතා වයන්නට තෝරාගත් ’මෝෂිං’ තමාට මතු ලැබෙන්නට නියමිත හෙළ සිනමා ගී වෙනුවෙන් යොදාගන්නට ඔහු සැලසුම් කරමින් සිටින්නට ඇත.

ඒ සිහිනය යථාර්ථයක් කරගත් තතු විමසා බලනු පිනිස 1959 වසරේ තිරගත වු ’පුරුෂරත්නය’ සළරූ පටයේ එක්තරා ළමා ගීතයක යටගියාව මතුකර ගැන්ම වටී. 

අයියාට මේ රජගේ මල්ලි හදාලා..............

ඔබේ මල්ලි හදාලා ............

රජ ගේ වත් නැත මේ ලස්සනට තියාලා ................

නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්නා ඔහේ..........

කරදර නැතුව පාඩුවේ......


(ළමා ගයක ගායකා දෙපොළ මාස්ටර් මොරින් සහ බේබි ඩොරින්)
--------------------------------
ගැයුම - මොස්ටර් මොරින් සහ බේබි ඩොරින්

ගී පද - කරුණාරත්න අබේසේකර

සංගීතය ප‍්‍රවිණ කර්ණාටික සංගීතඥ රාමයියා මුත්තුසාමි (ලාංකීය පුරවැසි බව ලද) -

සිනමා පටය - පුරුෂරත්නය

වසර - 1959
---------------------------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Listen Audio -
ඇසූපිරූ තැන් ඇති සුවිශීෂ්ඨ නිර්මාණ කෞෂළ්‍යයකින් හෙබි නිවේදක කරුණාරත්න අබේසේකර යන් එහි පදමාලාවේ හිමිකරුවාය. 

හින්දි සහ ද‍්‍රවිඩ තනු අනුකරණය කිරීම විලාසිතාවක් මෙන්ම ගෞරවයක් කොට සැළකු නිර්මාණ සාක්‍ෂරතාවයේ ප‍්‍රථමික යුගයේ පැවති සිංහල සිනමා සංගීතය ඉන් මුදවා නොඉඳුල්  මධූරත්වයෙන් පිරී ඉතිරී යන්නට කටයුතු කල පුරෝගාමි සංගීතඥයන් අතර ’මුත්තුසාමි’ නාමය ස්වර්ණාක්‍ෂරයෙන් සටහන් විය යුතුමය.

’මෝෂිං’ වාදන රටා හෙළබසින් පබැඳුනු ස්වත‍්‍රන්ත‍්‍ර ගී නිර්මාණයක හා පුරා කියා මතුව නැග එන්නේ  එහිදිය. ගීයේ අතුරු වාදනය රසගන්වන්නේ එයිනි.

ඉන් පියවරක් ඔබ්බට ගොස් එය තාල විරාම නංවනු පිනිස යොදා ගැනෙන්නේ  1967 වසරේදී රිදි තිරයට පිවිසි  ’ඉපදුනේ ඇයි’ සිනමාසලරුවයි. එවකට ලංකා ගුවන් විදුලියේ අතිශූර නිවේදක සංසදයේ ශිල්ප දක්වමින් සිටි නිවේදිකා ’චන්ද‍්‍රා වයමන්’ ගේ අරුත්බර සංවේදී පදපෙළකින් හැඩවූ එහි හඞ මුසුකරදෙන්නට ඔහු කාන්තා ගැයුමක ලාලිත්‍යය මේ යැයි පසක් කරදුන් විශාරද ’සූජාතා අත්තනායක’ යුවතිය හට ඇරයුම් කරන්නට යෙදිනි.

ඊට පූර්වයෙන් ද ඊට පසුවද එදාමෙදා තුර අඩසියවසක තරම් දිගු කාලයකින් ද බිහිවු දැවැන්ත සංඛ්‍යාවක හෙළ ගී අතර අප‍්‍රකට වු පෙරකී වාද්‍ය මිහිර මතුකරදුන් එහි සියඵ බුහුමන් ’රාමයියා මුත්තුසාමි’ ශිල්පියා සතුය. 

පූර්ව සියවසේ නිමාව සටහන් වන්නට දෙළොස්වසකට මත්තෙන් ලක්මවට දස දහස් ගණනින් සිය දූ පුතුන් අකාලයේ අහිමි වූ අවිචාර අඳූරු යුගයක සෙවණැළි අතරෙ සිය මෙහෙවර නිමවා නික්ම ගිය ’රාමයියා මුත්තුසාමි’ නාමය හෙළබිම පවතින තුරා මිළින නොවේවා.. යනු රසික ඔබ අප ගේ ඒකායන පැතුම විය යුතුය.

ගාමිණි මැණී සෝමා දේවි සිහිකර සිගිති දුවේ ................

දෑ අනුරගේ වඩවනු ඔබගේ ....

ලැබ මව් තුරුඵ සුවේ ....

දොයි දොයි දොයිය බබා ....

බයි බයි බයිය බබා .....


---------------------------------
ගැයුම - විශාරද සුජාතා අත්තනායක

ගී පද සංකල්පනා - නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා චන්ද‍්‍රා වයමන්

තනු රටා සහ සංගීත සංයෝජනය - ප‍්‍රවිණ කර්ණාටික සංගීතඥ  දෙමළ ජාතික රාමයියා මුත්තුසාමි (ලාංකීය පුරවැසි බව ලද) -

සිනමා කෘතිය - ඉපදුනේ ඇයි

වසර  - 1967
--------------------------------------

(මෙතැනින් රසවිඳින්න)

Special Thanks  - Mr. Kumara at FACEBOOK  - APE SINDU KAMARE
Embed Music Files - Audio Hosting -






Monday, March 9, 2020

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සිසුන්ගේ නිර්මාණ - 2018

තමා.. දන්නවාද තමන් දැන් සින්ග් කරපු නෝට් එක ? -  ’ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස’ - 1987 



1980 දශකයේ අපර භාගයේ දිනක සංගීතවේදී ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් ගේ රාජගිරියේ පිහිටි නිවසට ගොඩවැදුනු ලැජ්ජාශිලි පාසල් යුවතියකි. ඇය ව එහි කැඳවාගෙන ආවේ ඇගේ පාසල වූ කොළඹ ආනන්ද බාලිකාවේ සංගීතාචාරිනියයි. පෙර කී සිසුවිය ඇයගේ ද සංගීතාරිනියයි. ඇය එතුමියගේ වඩාත් සිත්ගත් ප‍්‍රියතම සිසුවියයි. ඇය නොබෝදිනකින් උසස් පෙළ හදාරා සිය ඇකයෙන් මිදී වෙන්වී යන්නීය. එතැන් සිට ඇයගේ සත්සර සිල්ප සතර ද ඇනහිටින්නට ඉඩ කඩ බොහෝය. ඇය සිය හැකියාව නිසැකවම අපතේ හරිනවා ඇත. මතු දිනක තමා මෙන් හෙළදිව රසිකයන් පිනවිය යුතු යුතු විශිෂ්ඨ හඞ පරාසයක් සතු ගායිකාවක් අහිමි වි යනවා ඇත.  මෙතරම් දක්‍ෂ සිසුවියක එසේ අකලට මිලිණ වි පර වී යනු දැක්ම මේ ගුරුමාතාවට ඉවසුම් නොදේ. 


දේවිනී දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ? මමත් ඔයා වගේම හරිම දුක් විඳගෙන මෙතැනට ආපු දුප්පත් පවුලක දැරිවියක්. ඔයා අපේ සංගීත කලාවට ආයෝජනයක් සම්පතක්. ඔයාව ඔහොම නාස්ති වෙලා යන්න ඉඩ දෙන්න බෑ මට ගුරුවරියක් විදියට. මම ඔයාව එක්ක යනවා ’කේමදාස’ සර් ලගට එයා මේ දවස්වල බොහොම භාරදුර වැඩක් කරනවා ... මේ ඔපෙරා එකක් ’මානසවිල කියලා... එකේ එක රෝල් එකකට එයා ළමයෙක් හොයනවා රට වටේම .... මට සහතිකයි ඔයා තමයි වඩාත් ම සුදුසුම කෙනා..... අපි යං සර් මුණගැහෙන්නේ

අනේ .. මිස් මටනම් බෑ.... 

බෑ කියන්නේ ඇයි ළමයෝ ... ඔයා වගේ ළමයි මුඵ ගැන්විලා ඉඳලා හරියන්නේ නෑ.. අපි යං මම සර්ට ඔයා ගැන කියලා තියෙන්නේ.... සර් මට කිව්වා ඔයාව එකක් එන්න කියලා ... සර් ඉන්නේ රාජගිරියේ .. මේ කිට්ටුව ... 

---

ආචාර්ය කේමදාසයන් තමා අභිමුව හිස පහතට නැඹූරුකොටගෙන සිටගෙන සිටින යුවතිය දෙස තියුණු බැල්මක් හෙළිය. 

මොකක්ද සම්පූර්ණ  නම ?

තුෂාරා දේවිනී ලියනාරච්චි .. සර් 

ආ.. කොහේද ගම ?

මම ගම්පහ .. මුදුන්ගොඩ .. 

පොඩිකාලේ ඉඳලද ’මාලිනී’ මිස්ගෙන් සංගීතය ඉගෙනගන්නේ ?

නෑ සර්... මම ඒ ලෙවල් කරන්න ආනන්ද බාලිකාවට ආවේ... ටී වී එකේ ’මාලිනී’ මිස් සිංදු කියනවා අහලා හරිම ආසා හිතුනා එයාගෙන් සංගීතය ඉගෙනගන්න ..

ඊට කලින්...

’ගම්පහ රත්නාවලී බාලිකාවේ හිටියේ සර් ....

හොඳයි... 


(කේමදාසයන් සිය නිවසේ කොනක තබා ඇති පියානෝව ඉදිරිපිට අසුන් ගනියි. ස්වර පුවරුවේ ඈත කොනක ඇති යතුරු මේ මහා සංගීත්වේදියාගේ අතැගිලි පහස ලබයි)

හ්ම්.... මම මේක ප්ලේ කරනකොට ඒ ස්වරයට ආදාළව මොනවාහරි කියන්න ඔ්නෑ  හරිද ...?

හරි සර්.....

ඇයි... මොකද ..? මොනවත් මතක් වෙන්නේ නැද්ද ? ඔය ’ලම්...ලම්..ලම්...’ කියලා හරි කියන්න බලන්න....

(ඔහු ගේ අතැගිලි ක‍්‍රම ක‍්‍රමයෙන් ස්වර පුවරුවේ එකිනෙක යාබද යතුරු මත රගදෙනු පෙනෙයි. ඒවා සෙමින් සෙමින් පුවරුවේ මෑත කෙළවර වෙත ලංවේයි)

ලම් ..................ලම් ..................ලම් ....................

(ඇයගේ හඞ ක‍්‍රමයෙන් උස්ව නැගී මතුවි එද්දී  කේමදාසයන් ගේ මුව සිහින් හසරැුලි නැගෙනු පෙනෙයි. එක්වර සැණකින් ඔහු එක්තරා යතුරක් මත නතරවෙයි)

තමා.. දන්නවාද තමන් දැන් සින්ග් කරපු නෝට් එක  ?

නෑ සර්....

මේක තමයි අති උච්ච සප්තකයේ උච්ච ’නි’ ඒ කියන්නේ ’බී’ නෝට් එක මේක අයිති සොප‍්‍රානෝ ගනයට

මේක ගායනා කරන්නට පුඵවන් අය මුඵ ලෝකෙටම ඉන්නේ සිමිත ගණනක් වෙන්න පුඵවන් . මේක මිනිස් කටහඞ ඉක්මවා යන පරාසයට අයිති ස්වරයක්. ඒක හරි දුර්ළභ අවස්ථාවක්.. එයාලා ගේ හඞ ඒ රටට සම්පතක්. එයාලාව රක්‍ෂණය කරනවා ඒ රටවල්. ඒ විතරක් නෙවයි ඒ ගායනයන් සංරක්‍ෂනය කරනවා ඔවුන්. 

අද ලංකාවේ සංගීත ගුරුවරු මොකද කරන්නේ ? තමන්ගේ ගෝලයාටත් තමන්ට ගායනා කරන්නට පුඵවන් සිමිත ස්වර පරාසය තුලට කොටු කර දමනවා. ඒ සිසුවාගේ ගායන හැකියාවන් එයින් මොට වි යනවා.  

තමන්ට ගායනා කල හැකි පිච් එක පුද්ගලයාට ආවේනිකයි. ඒ ඒ පුද්ගලයාට ස්වභාවිකව පිහිටා තිබෙන රේන්ජ් එක එකිනෙකට වෙනස්. අපේ දක්‍ෂයන් ඉන්නවා නමුත් වරද ඇත්තේ ඔවුන් හඳුනාගැනිමේ ක‍්‍රමවේදයේ. ඉතිං නිරපරාදේ අපේ සංගීත කලාවට උරුම කිව හැකි වටිනා සම්පත් අපට සදාකාලිකව අහිමි වි යනවා.


යළිත් ආචාර්ය කේමදාසයන් ගේ අතැගිලි කෙමෙන් පියානෝවේ අන්තය දෙසට ගමන් කරයි. ඔහු සිය නවතම සිසුවිය ලවා ඒ ඒ ස්වරය නිවැරදිව ගායනා කරවයි. ...

හොඳයි දැන් ඇති.. මෙතැනින් එහාට යන්න ඔ්නෑ නෑ. ඔය කටහඞ පරිස්සම් කරගන්න. 

මගේ ඔපෙරා එකේ ප‍්‍රධාන චරිතය ’ගෝල්ඩ් ෆිෂ්’ මම තමන්ව ඒ චරිතයට තෝරා ගත්තා.... දැන් පුහුණුවිම් දිගටම තියනවා... සහභාගි වෙන්න ඔ්නෑ තේරුනාද ?

ස්තුතියි සර්....

ඇය ගේ සියොළග සතුට උතුරා පිටාර ගලන්නා සේය. ඇයට සිය කටුක අතීත සැමරුම් සිහිවෙයි.

මම ඔ් ලෙවල් කරද්දී ලැබුනු අවස්ථා අවමයි. වාර ගනනක් මා ඉස්මතු විම පෙරට ඒම වැළකුණා. ඒවාට පාසලේ අදිසි බලවේග ක‍්‍රියාත්මක වුනා.මම ගොඩක් අසරණ වුනා. 

මගේ යෙහෙළියන් හා එකතු වෙලා පසලේ නංගීලාට මම ජනප‍්‍රිය ඉංග‍්‍රිසි ගීත පුරුදු පුහුණු කලා. ඒවාට සංගීතය සැපයුවේද මමමයි. ඒක දැකලා ඉස්කෝලේ ’වෙස්ටර්න් මියුසික්’ මිස් මට අවස්ථාව දුන්නා උත්සව අවස්ථාවලදී ගායනා කරන්න. එවැනි ගීතයක් අහපු ’ගම්පහ අපේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ’ සර් මගේ විස්තර තොරතුරු අහලා වැඩිදුර සංගීතය ඉගෙන ගන්න අවස්ථාවක් සලසා දුන්නා. මම ’මාලිනී බුලත්සිංහල මිස් ගෙන් සංගීතය ඉගෙනගන්න ඔ්නෑ කිව්වාම .. අපේ තාත්තා හොයලා බලලා ඇය මරදාන අනන්ද බාලිකාවේ සංගීතාචාරිනිය බව හොයගත්තා. ඒ අනුව මට අවස්ථාවක් ලැබුනා ඒ පාසලට උසස් පෙළ හදාරන්නට ඇතුළත් වෙන්න.

’මාලිනී’ මිස් මගේ ගායන හැකියාවන් ගැන බොහොම පැහැදුනා. ඇයගේ සමහර ගීත වල ’අත්වැල් ගායනා වෙනුවෙන් (කෝරස්* අවස්ථාව සළසා දුන්නා. ඇය බොරලැස්ගමුවේ සිය නිවහනට ආපසු යන විට මම නැවතිලා හිටිය නුගේගොඩ අපේ මාමාගේ ගෙදරට පවා ඇයගේ වාහනයෙන් මාව ඇරළවාගෙනයි යන්නේ. 

උසස් පෙළ කරන්නට ආපු මට ඒ පාසලේ මුල්කාලයේ සිට ඉගෙනගත් සංගීතය හදාරන සිසුවියන්ගෙන්  එතරම් යහපත් ප‍්‍රතිචාර නොලැබෙද්දී ඒ හැම තැනකදීම මගේ යෝධ සෙවණැළ්ල ආරක්‍ෂිකාව ලෙස පෙනී සිට මව්තුමියක් මෙන් මාව රැුක බලා ගත්තේ ආදරණිය ’මාලිනී’ මිස්. ඇය එතරම් උතුම් ගතිගුණ තියන මානව දයාවෙන් පිරිපුන් ගුරු මාතාවක්.


...............................

 විවහයෙන් පසු ක්‍ෂේත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන සිටියද සෞන්දර්ය අධ්‍යාපන සරසවියේ සංගීතය පිළිබඳ උපාධිධාරියෙකු වන  මගේ සැමියා පාඨශාලාචාර්ය  ’තුෂාර සමරසූරිය’  ගෙන්ද ............පුතුන් දෙදෙනාගෙන්ද මා ලද සහයෝගය අපමණයි. 

’කේමදාස ගායන වෘන්දයේ්’ මගේ සහෝදර ගායන ශිල්පී ’සමන්ත පෙරේරා’ සංගීතඥයා ගේ ඇරයුමකට අනුව නිර්මිත මෙම ගීතයේ පද සංකල්පනාව සිදු කරනු ලැබුවේ මා විසින්මයි. තනුව සහ සංගීත අධ්‍යක්‍ෂණය ’සමන්ත’ සොයුරාගේ.

-------------------
පද රචනය - තුෂාරා දේවිනි ලියනාරච්චි

තනුව සහ සංගීතය - සංගීතඥ සමන්ත පෙරේරා

ගායනය - තුෂාරා දේවිනි ලියනාරච්චි


---------------------------------
මෙතැනින් නරඹන්න













Sunday, February 9, 2020

හෙළදිව - භාරතය සිසාරා එදා රැව්පිළිරැව් නැගි කව්වාලි ගී රස.....

සිංදු නදී තෙර විකසිතවී සකල මහ භාරතය පිනවූ අනර්කලිය ඇයයි...................... ‍02 සටහන - ඉස්ලාමිය  "කව්වාලි" ජන ගී ආර...
මෙතැන් සිට ඉදිරියට ..............



උත්තර භාරතීය රාගධාරී සංගීත පදනම මත හැදි වැඩී යැපුණු භාරතීය ’බොලිවුඩ් සිනමා සංගීතය’ කෙරෙහි එතරම් ආශක්ත නොවු යොවුන් පරපුරක ප‍්‍රබෝධය සිදුවු වකවානුව 1970 දශකයේ අගභාගය සහ 80 දශකයේ මුල් යුගයයි. ලක්බිමේදී ද භාරතයේදීද ඔවුහු සිය මව්රටේ ප‍්‍රමුඛ ධාරාවේ ගීත ශෛලිය රසවින්දනයෙන් දුරස් වී ’බටහිර’ ඉංග‍්‍රිසි ගීත කලාව වෙත නැඹුරු ව සිටියහ.

වේගරිද්ම ඩිස්කෝ පොප් සංගීත රටා අනුව ප‍්‍රසංග වේදිකාවේ රංගනයේ යෙදෙමින් ගැයු ’බොනි ඇම්’ සහ ’ඇබා’ උන්මාදයෙන් උක්ත රසිකයන් පෙළෙමින් සිටි බව දක්නට ලැබිනි.

ඒ බව ඉවෙන් මෙන් දැන හැඳිනගත් දේශිය සංගීතඥයන් තමන්ගේ මව්භූමියේ භාෂා මාධ්‍යයෙන් ඩිස්කෝ පොප් සංගීතයෙන් රසගැන්වූ සිනමා ගී නිර්මාණයන් සිය ගී ශ‍්‍රාවක යොවුන් පරපුර උදෙසා නිර්මාණය කරන්නට පෙළඹුනේ මෙකී 80 දශකයේ උදාවේදිය.

’කුර්බානි’ සිනමා සිත්තම එහි පෙරගමන්කරුවා බවට පත්වුයේය. ’ඇබා’ ගායිකාවන්ගේ ගායන ලතාව සිහිගැන්වූ ’නාසියා හසන්’ ගේ ගීතය ට අමතරව එහි කුමාරි කාන්චන්  නම් වු ගායිකාව ගේ හඞ මුසුවු ගීතයද හින්දි සිනමා සංගීතයේ නව ප‍්‍රවණතාවය සටහන් කළේය. (’ලෙයිලා ඔ් ලෙයිලා ලෙයිලා.....’)

කරුණු එසේ තිබියදී ’කුර්බානි’ සංගීත සංයෝජනයේ සුවිශේෂිත්වය ප‍්‍රකට කලේ එහි ගැයුනු තෙවැනි ගීතයයි. භාරතයේ සම්මානනීය ගායන පෞරුෂය වු ’කිෂෝර් කුමාර්’ සමග ’අන්වර්’ සමග ’අසීස් නසාර්’ ගැයු එකී නිර්මාණය රසිකයන් යළිත් බටහිර සංස්කෘතියෙන් සම්ප‍්‍රදායික පෙරදිග ආගමික සංස්ථාව වෙත කැඳවාගනු ලැබිය. 


සූෆි ඉස්ලාමීය ආගමික ජනගායනා ශෛලියක් ලෙස හැඳිනගත් ’කව්වාලී’ රටාව එහි පදනම විය.









----------------
"කුර්බානී" ගීය -  මෙතැනින් සවන්දෙන්න

Download Music - Download Audio - ’කව්වාලි’ ශෛලිය කෙසේද යත් ?

08 වැනි සියවසේ ’පර්සියාවේ’ සම්භවය වූවා යැයි සැළකෙන එය  ඉස්ලාමීය ජනගායනා විශේෂයකි. ’උර්දු’ මූලික කොට ගත්තද  ’හින්දි’ බසින්ද ගැයේ.  සාමාජිකයන්  දසදෙනෙකු පමණ වූ ගායක කන්ඩායම සම්පාදනය කරගැනීමේදීද වාද්‍ය භාන්ඩ සංයෝජනයේදීද  ගීතය ගැයිමේදීද  ඊටම සුවිශේෂි වු ලක්‍ෂණ එහි ගැබ්වි තිබේ.

01 මධ්‍ය ළයකින් ඇරඹෙන ගායනය
02 ගීතය ගයන අතරවාරයේ උච්ච ස්වරයෙන් ගැයෙන වේග රිද්මය වෙත නැඹූරුවීම
03 ගයනයේ පසුභාගයේදී පසුබිම් ගායකයන් විසින් නංවන ’ආලප්’ 



එහි දක්නට ලැබෙන අතර ප‍්‍රධාන ගායකයන් දෙපොළකින් ද සෙසු සහය ගායකයන් කන්ඩායමකින්ද ’කව්වාලි’ ගායක - වාද්‍ය වෘන්දය සමන්විතය. සර්වබලධාරි දෙවියන් වහන්සේ අමතා තුතිපුද ගායනා ඉදිරිපත් කරන මේ සම්ප‍්‍රදායේදී ’කාන්තා පක්‍ෂය’ ට එය නියෝජනය කරන්නට වරම් අහිමිය.

අසුන්අරා නොසිට දෙපා නවා බිම වාඩි ගත් ගායක බැතිමතුන් පේළි දෙකකින් පමණ සමන්විතය.

සූෆි ඉස්ලාම් බැතිමතුන් වැඩිමනත්ව වෙසෙන පකිස්තානයේ පන්ජාබ් සහ සින්ඩ් දේශයන්හීදීද ඉන්දීය භූමියේ දී හයිද‍්‍රාබාද් පළාතේද නැගෙනහිර දිග බංග්ලාදේශ් වැසියන්ගේ බිමේ ’චිතගොං’ හි දීද මෙකි ගීත ප‍්‍රසංග බහුලව සිදුකෙරේ.


’සර්පිනාව’ එනම් ’හාර්මෝනියම්’ වාදනය වෙද්දී පසුබිමෙන් ’තබ්ලා’ හෝ ’ඩොල්කිය’ තාල වාදනය උදෙසා යොදගනී. ’අත්පුඩි’ තැලීම ද ගායනය හා සමගාමිව සිදුකෙරෙන අතර ගායනයේ ප‍්‍රාණවත් බව රැුකගැනීම සඳහා එය මහෝපකාරී වේ.

ලාංකීය ’සිංහල ගීත’ කලාව සහ ’කව්වාලි’ -

භාරත දේශ වැසියෙකු ව සිට පසුව ශ‍්‍රි ලංකාව සිය නිජභූමිය බවට පත්කරගත් ’මොහිදීන් බෙග්’ හට ලාංකීය සිනමා සංගීත කෙත සරුකරනට දොර කවුඵ විවර කරදුන්නේ පසුගිය සියවසේ මුල් භාගයේ ලාංකීය ග‍්‍රැමෆෝන් සංගීතයේ පුරෝගාමියෙකු වු ’මෙහොමඩ් ගවුස්’ සංගීතඥයා විසිනි.

සිය ගම්භීර අසමසම ගායන පෞරුෂයෙන් ආරම්භක දශකයේ  සිංහල සිනමා ගීතය පෝෂණය කළ ’බෙග්’ ගේ ශෛලිය ද ඔහුගේ උර්දු අනන්‍යතාවය සහ සංස්කෘතිකාංග ද  මනාව දැන වටහගත් භාරතීය සහ ලාංකීය සංගීතඥයන් ඔහු වෙනුවෙන් පෙරකී ’කව්වාලී’ ශෛලියේ ගී නිර්මාණය කරදුන්හ.

1958 වසරේදී තිරගත වූ ’එල් එස් රාමචන්ද‍්‍රන්’ යන්ගේ ’දෙයියන්නේ රටේ’ සිනමා පටය සඳහා ඔහු ගැයු මෙම ගීතය ආධුනිකයෙකු හට ’කව්වාලි’ ගායන සම්ප‍්‍රදාය පිලිබඳව නිරවුල් අවබෝධයක් අත්කරගැනීමට රුකුල් දේ. සිංහල සිනමා නිර්මාණයක ’කව්වාලී’ සංගීත රසය මතු කරන්නට තැත් දෑරු මුල් අවස්ථාව එය විය හැකි යැයි අනුමාන කෙරේ.

එහි සංගීත සංයෝජන නැසිගිය ’පී එල් ඒ සෝමපාල’ විසින් සිදුකරනු ලැබ ඇති අතර ගීත පබැඳුම නැසිගිය ’කරුණාරත්න අබේසේකර’ ගෙනි.



මොකටද කාසි බාගේ හොයා තියා.............

යනකොට ගෙනියනවද අනේ ඔයා.................

මොකටද කාසි බාගේ හොය තියා..............


වෙනසක් අපේ නැතේ එයා කියා.............

මෙයා කියා...........

ජකෝලිය පොරෝලියා කොරෝලිය................



(’ආලප්’ කොටස - 01)

මසුරා නොකි නොබි නිදා .........

නාකි වී මැරි යනවා..........

අපි ඒ කකා බිබි නටා දැන් ....

මළත් හිනා වෙනවා................


(නැවතත් සුපුරුදු ගායන රටාව වෙත අවතීර්ණ වීම -)

වෙනසක් අපේ නැතේ එයා කියා....

මෙයා කියා....

ජකෝලිය පොරෝලියා කොරෝලිය....
--------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music Files - Audio Hosting -
ඉන් සිව්වසරක විරාමයකින් නැවතත් ’බෙග්’ සිය මව්බිමේ සාම්ප‍්‍රදායික ගී ගැයුම් රසය මතුකළේ සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙන් ’ශාන්ති කුමාර් සෙනවිරත්න’ විසින් නිපැයූ ’සංසාරේ’ සලරූ පටය වෙනුවෙනි. එහිදීද ජන කවි ආර අනුව යමින් සුපුරුදු ’කරු අබේසේකර’ ගී පද සංකල්පනා මුසුකරද්දී එහි මියැසි රටාව නැසිගිය ’බැද්දලියනගේ ශ‍්‍රීනාත් පෙරේරා එනම් බී ඇස් පෙරේරා සංගීතඥයා විසින් පෙළ ගස්වන ලදී. 




මනුසතා ලෝකේ ඉපදී...............


මංමුලා උනා මගදී..............

හරිකියා කලේ වැරදි............

මරුවගේ අතේ පරිදී...........



(ආලප්)

වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනි..........

ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි....

වල්ගය නැති ගොනා මැස්සන්ට බැටදුනි....

දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි.....



මනුසතා ලෝකේ ඉපදී....

මංමුලා උනා මගදී....

හරිකියා කලේ වැරදි....

මරුවගේ අතේ පරිදී.....

---------------------
මෙතැනින් සවන්දෙන්න
Upload Music - Download Audio -
මේ අවධිය වෙද්දී හෙළ සංගීතය නම් වු පියුම් කුසුම් විලේ අසිරිමත් රත්පියුම් විකසිත වෙමින් පැවතෙද්දී එහි ’රන් පියුම’ බඳුවු පන්ඩිත් අමරදේයෝ පෙරළා සිය ජන්ම භූමිය වෙත පැමිණ සිටියහ. සිංහල සිනමා රන්දාමය සත්සරයෙන් සරසවාලන්නට ඇරයුම් ලද ඔහු තමා එදා මෙදා තුර අත්කරගත් ශිල්පිය ඥාන සම්භාරය මුදා හරිමින් ඒ වෙනුවෙන් විවිධාකාරයේ පර්යේෂානාත්මක නිර්මාණ බිහිකරන්නට සෑදි පැහැදී සිටියේය.
’ලතින් ඇමෙරිකානු’ සංගීත ආර අනුව කන්ඩායම් ගීත කලාව විකසිත වෙමින් පැවතෙද්දී ඊට මතු ලැබෙන්නට නියමිත රසික සම්භාවනාව පෙරදුටු ඔහු නෙවිල් ප‍්‍රනාන්දු සංගීතඥයා සමග එක්වී ’ගයන ගැයුම....’ වැනි නිර්මාණ උපදවා ගත්තේය. (දෙලොවක් අතර - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්)

1968 තිරගත වූ අමරණාත් ජයතිලක ගේ ’ආදරවන්තයෝ’ සිනමා පටයේ සාපේක්‍ෂව කෙටි ධාවන කාලය නිසාවෙන් ඒ සමග ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ ’රන්වන් කරල්’ කෙටි වෘතාන්ත  සලරු පටය ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු සලස්වා තිබිණි. එහි ඇතුළත් වූ අපුරු නැවුම් සමූහ ගායනයක් දශක ගණනාවක් ගතවනතුරාවට පේ‍්‍රක්‍ෂක - ශ‍්‍රාවක රසතුවන්ගේ හදවතින් නොගිළිහි පැවතුනි. මිනිත්තු හතළිස්පහක ධාවන කාලයකින් යුත් මෙය කෘෂිකාර්ම දෙපාර්තුමේන්තුවේ අනුග‍්‍රහයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් ඉදරිපත් කරන ලදී. ’ගෙවිළියකගේ සහ ගොවි තරුණයෙකුගේ පුවතක් ඊට පදනම් විය.


ආලේ බැන්ද මාගේ පණේ ....................

සෝමාවති මගේ සෝමාවතී .................

වැව් බැන්දා දිය බැන්දා සෝමාවතී .................

---------------------
මෙතැනින් සවන්දෙන්න

Music podcasts - Listen Audio Files -
එකදු ගායිකාවක් සහභාගි කර නොගෙන ගායකයන් සමූහයක් පමණක් යොදාගනු ලැබ ඇති මෙකී නිර්මාණය උදෙසා ඔහු ’කව්වාලි’ ගීත ආකෘතිය ප‍්‍රශස්ත ලෙස යොදාගෙන ඇති ආකාරය හොඳින් වටහගත හැකිවේ.


ඒ ගීත ශෛලියේ දී වැයෙන ’හාර්මෝනියම්’ නාදරටා හා මුසුකොට ඇති ’තබ්ලා’ වද පරයා මතුවන ’අත්පොළසන්’ හඞ  මෙහිදී පැහැදිලිව ශ‍්‍රවණය කරන්නට හැකිවන අතර එවකට ලංකා ගුවන් විදුලියේ සේවය කල ප‍්‍රවිණතම තබ්ලා වාදක ’ඩී සී කොඩිතුවක්කු’ ගේ පුතණුවන් වු ’පේ‍්‍රමනාත් කොඩිතුවක්කු’ යව්වනයා අමරදේවයන් වෙනුවෙන් එය වාදනය කරනු ලබයි.

’කව්වාලි’ සංගීතයේ හැඩරුවට ඥාතීත්වයෙන් සබඳකම් දැක්වු තවත් සමූහ ගැයුමක තතු විත්ති හෙළිදරවු වන්නේ 1969 දී දොරට වැඩි ’ජී ඩී එල් පෙරේරා’ ගේ ’රෝමියෝ ජුලියට් කථාවක්’ නම් වු සිනමා වෘත්තාන්තයෙනි. එසමයෙහි හෙළ සිනමා සංගීතයේ නව ප‍්‍රවණතාවයන් මතුකර දෙන්නට ඇප කැප වු සංගීතඥයන් අතර රැුඳි ’ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ එහි සංගීතය මෙහෙයවිමේ කටයුත්ත භාරගෙන තිබිණි.

බටහිර සම්භව්‍ය ගායන ශිල්පී ලෝ පරසිඳු ’ජිම් රීව්ස්’ ගේ ශෛලිය අනුගමනය කරමින් නිමැයු ’මයි ඩී‍්‍රම්ස් අ රෝසස් ෆෝ මයිලව්’ නම් වු ගීය මහා සංගීතවේදී සුනිල් සාන්තයන් ලවා ගයනා කරවනු පිනිස එහි ගී ප‍්‍රබන්ධක ගරු මර්සලිනු ජයකොඩි පියනම හා එක්ව කටයුතු සම්පාදනය කලේ ඔහුය.

ඉන් නොනැවතී පූර්වයෙන් සඳහන් කල ගී ශෛලියේ ලතාව ප‍්‍රකට කල ’සමූහ ගැයුමක්’ ඊට එක්කරන්නට ඔහු සමත්විය. එහි ගැයුම සංගීතවේදී සරත් සන්දනායක විමල් ජේ ශ‍්‍රියාරත්න සහ සුමිත් අහංගම  ඇතුඵ පිරිස විසිනි. එහි ද ගී සංකල්පනා ජයකොඩි පියනමගේය.


බැඳි තත් බිඳුනා .............

මිණිවෙණ වැයුනා .............

දෝත පිදුනා ....

ඉහ මල් පිපුණා ................

-----------------
මෙතැනින් සවන්දෙන්න



මේ අනුව සිංහල සංගීතයේ ’කව්වාලි’ ලකුණ මනාව ප‍්‍රකට කලේද සිනමා පසුබිම් ගායනාවන් ඇසුරෙන් ඊට සමබ්න්ධ වු ශිල්පීන් විසින් බව පෙනී යයි.

--------------        සමාප්තයි   ---------------
10 දාතමින්  නවම් මස 2020 වසරේදී

Monday, January 13, 2020

Nazia Hassan - එකම ගීයකින් ලොවක් වසග කල පසළොස් වියැති පාසල් සිසුවිය


සිංදු නදී තෙර විකසිතවී සකල මහ භාරතය පිනවූ අනර්කලිය ඇයයි......................


බටහිරින් වත්මන් ඇෆ්ගනිස්ථානය දක්වාද නැගෙනහිරින් බංග්ලාදේශය තෙක් ද පැතිර පැවති එදා මහා භාරතයේ ධන ධාන්‍යයෙන් අඪ්‍යව ශ‍්‍රී සමෘද්ධියෙන් අනූනව විසු සිටුවරයන් ගේ මහිමයද ඔවුන්ගේ පුතුන් දියණිවරුන් ගේ වතගොත ද පුරාණ හින්දු බොදු සාහිත්‍යයේ නිරන්තරයෙන් සටහන් වී තිබෙනු දක්නා හැකිය.

බුදුන් දවස සැවත් පුර විකුම් පෑ ’ධනංජය’ සිටුවරයා ද ඔහුගේ දුවණිය ’විශාඛා’ වන් ද ඒ අතරින් මතු වි කැපි පෙනෙයි. නච්ච - ගීත - වාදිතයෙන් සිය ස්වාමිවරුන් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද නිති සැනසූ  සුරගුන් වන් දිගැසියන් නාටිකාංගනාවන් හා සබැඳි තතු විත්ති ද එහි ඇතුළත්ය.

දහස් වස් යුග්මයක් හා ඉන් අඩක් ද ගතවි  එදා භාරතය ස්වාධින පාලකයන් කිහිප දෙනෙකු අතර බෙදී විසිරි ගිය වත්මනෙහිදී ඔවුන්ගෙන් ජනවර්ගය මත පදනම් වු රාජ්‍යයන් යුගළක් ආසියානු කලාපයේ බලවතුන් ලෙස වැජඹෙති. ඉන් එදා බටහිර දිග භාරතය වු මෙදා ’පකිස්ථානය’ ලෙස නම් වූ ඉස්ලාමික රාජ්‍යයේ සිටුවරයෙකු ගේ අපූරු දියණියකගේ කථා පුවත හකුලා දක්වමින් සටහන් කරන්නට දැරු තැතකි මේ.

ඇය හිරිමල් යෞවනයේ එළිපත්තේ පසළොස් හැවිරිදි වියේ එනම් ශ‍්‍රාස්ත‍්‍රාලයේ නමවැනි කැලෑසියේ සිප්සතර හදාරමින් සිටිද්දී එදවස මහා භාරතයේ මෙදවස ’ඉන්දියාවේ’ සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවක දනන් එකරැුයකින් සිය වසගයට ගන්නට වසනා මහිමය ලද්දීය.

රන්රසුදැල් හඞ සරි මෝහනීය ස්වරයෙන්ද දුටුවන් නෙත් - සිත් එකසරින් පැහැර ඇඳ බැඳ තබාගන්නට සමත් මනස්කාන්ත රූ සිරියකින්ද සන්සුන් තැන්පත් සංවාද ලීලාවකින් ද හෙබි පුන්සිසි පරදන වත කමලකින් යුත් අහිංසකාවිය වරෙක කෝල බැලුම් හෙළමින් ද වරෙක දසන් පා මදහස පාමින්ද පිඨිකාව මත ඔබ බොම යමින් ගයන්නීය.


ඇය සිය ජන්මභූමිය වූ ’පාකිස්ථානය’ ද දේශාපලනික පසමිතුරන් බවට පත් වී ඇති අසල්වැසි ’ඉන්දියාව’ ද එක රැුයකින් එකම එක ගීයකින් එකවර මන්මත් කලාය.

ඒ මෙදතාමයෙන් චතුර්දශකයකට මත්තෙන් ඈත බටහිර හිරු නොබසිනි අධීරාජ්‍යයයේ අගනගරයේ පැවති සැඳැ සාදයකදී සිය මවබිමේ කලාකාමි සිනමාලෝලී වැසියෙකු ගේ ඇරයුම අනුව ඔහුගේ අදියුරු භූමිකාවෙන් මතුදිනයක කළඑළි දක්වන්නට නියමිතව තිබුනු භාරතීය සිනමා පටයකිනි. ඊට ඈඳුනු ’බටහිර ගීතකලා සංස්කෘතිය අනුව නිර්මාණය වු ’ඩිස්කෝ’ ගනයේ ගීතයක් ගයන්නට ඇයට වරම් හිමිවූයේ  ලන්ඩනය සිය නිත්‍ය වාසය කොටගත් භාරතීය සංගීතඥයෙකුගේ මගපෙන්වීම යටතේය.

මෙකී අවධිය එනම් 80 දශකයේ නවෝදාවේ දීද දියත පුර වසංගතයක් ලෙස පැතිරයමින් පැවතී  ’ඩිස්කෝ පොප්’ ගී උන්මාදය  ’ඉන්දීය’ ’බොලිවුඩ්’ සිනමා ධාරාව වෙත තියුණු ලෙස කාන්දු කරවා ඊට පෙම්බැඳි සුවිසල් රසික සමූහයා ඉන් වසග කරවුයේ ඇයයි.

බටහිර ගීත ශීල්ප කලාවේ එදා කිරුඵ දැරූ ’ඇබා’ ගයිකාවන් ගේ ගී හඞ පරදවන සුඵ තියුණුව නැගී නිම්නාද නංවන ඇගේ ගී හඞ ඉන්දීය සිනමාවේ ’ඩිස්කෝ’ ගීත ශෛලියේ අනන්‍යතාවය රැුකදුන්නෙය. 


1981 වසරේදී බොලිවුඩ් හින්දී සිනමා රජ්‍යයේ රන්මිණි කිරුඵ සරි සම්මානනීය සම්භාවනීය ’ෆිල්ම් ෆෙයාර්’ සම්මානයෙන් එදාමෙදා තුර පුද ලද්දාවු ළාබාලතම ගායිකාව ලෙස අබිසෙස් ලද ඇයගේ ඒ වාර්තාව අදටත් නොඉඳුල්ය.
පිය උරුමයෙන් සියඵ යසඉසුරු ලබනට වරම් ලද ඉස්ලාම් බැතිමතියක් වූ ඇය එය දෙගුණ තෙගුණ කරගනිමින් කෙටිකලකින් මිලියන සංඛ්‍යාත ගී කැසට් පට නිකුත් කළාය. එහෙත් එදා බොදු භාරතයේ සාධුගුණාංග ශීලයෙන් සුපේක්‍ෂිත මහදන් පැවැත්වූ ’විශාඛාතමෝ’ අනුව යමින් තමා වෙත ලෝ දනන් වැසි වැස්සවූ ධන සම්පත යළි ඔවුන් වෙතටම නිර්ලොභිව පිරිනැමුවාය.

ද‍්‍රරිද‍්‍රතාවයෙන් මුවවිට රැුඳී අසරණ වූ සිය දනව්වැසි දරු දැරියන් සොයා ගොස් ඔවුන් ධනයෙන් සුවපත් කළාය. ඔවුන්ගේ හෙට දවස යහපත් කරන්නට ඇය තමා ඉපැයූ ධන සම්භාරය නොමසුරුව වැය කළාය.

කරුණු එසේ පෙළ ගැසෙමින් තිබියදී ඉමක් කොනෙක් නොපෙනෙන අනන්ත වූ සසර චාරිකාවේ එක් නැවතුම්පළකට සේන්දු වී නිවි සැනසිල්ලේ ගිමන් හරින්නට ’ඉරණම’ ඇයට ඉඩහසර ලබා දෙන්නට සැදී පැහැදී සිටියේ නොවේ. සුන්දරත්වය බිඳකුදු පැහැර නොගිය පන්තිස් විය පසුකරමින් සිටි ඇයගේ සුරත දැරූ ’ළපැටි සිගිති අත්පොඩියට’ ද ලොව පුර තමාට වසග වූ සුවහස් රසික දනන් හටද සමුදෙන්නට ඇයට නියම කරනු ලැබීය.

මිහිමත පහළ වූ මිනිස් දියණියක් සිහිනෙකුදු හෝ නොලබන්නට නොඅසන්නට පතන්නාවු ව්‍යාධියකට ගොදුරු වූ ඇය සැඩමාරුතයක් හමුවේ පෙතිගිළිහි කඩවී බිඳවැටෙන්නට නියමිත වු සෙව්වන්දියක් බඳු විය. ඔදතෙදින් - රුව - ජවයෙන් ගිළිහි යමින් සිටි ඇය වරෙක  සිය සදාදරණිය සිගිතිත්තිය වෙනුවෙන් වැඩිපුර දිනක් හෝ මෙළොව රැුඳි සිටින්නට ඉඩ කඩ සලසා දෙන්නැයි වෙදැදුරන්ගෙන් අයැද සිටි බව කියැවේ.

නවසහශ‍්‍රයක අරුණඵ රැුස් දහර පැතීරී යද්දී  වසන්තයේ සුපිපී දිළී ’නාසියා හසන්’ නම් වු  සුසිනිඳු දෙඵම් කුසුමිය පරවි මිළිණ වි යන්නට ද පෙරාතුවම ඇගේ කදුඵ බිඳු පිණිපොද තැවරූ පෙති ගිළිහි සුළගේ විසිර ගිය බව එක්තරා හිමිදිරියක දන්වනු ලැබිය.

-----------------------------------
සිනමා නිර්මාණය  කුර්බානී - 1980 ජූනි 20 දිනදීය

නිර්මාණකරු - ෆෙරෝස් ඛාන් 

ජනප‍්‍රියතම ගීතය - අප් ජස් අ කොයින් මේ ............... (DISCO POP)

සුවිශේෂීත්වය - ඉන්දීය සිනමා නිර්මාණයන් උදෙසා ’ඩිස්කෝ’ ශෛලිය හඳුන්වාදීම

ගායනය - ළමා ශිල්පීනී නාසියා හසන් (අවුරුදු 15)

සංගීත නිර්මාණය - බිඩ්ඩු (ලන්ඩනයේ වෙසෙන භාරතීය සංගීතඥ)

සිනමා පටයේ සංගීතය - කල්‍යානජී අනන්දජී

-----------------------------------------
ගීතය ට මෙතැනින් සවන්දෙන්න


---------------------------------

Download Music - Embed Audio -
නවයොවුන්  නාසියා හසන් සමග එදවස සිදුකල සංවාදයක් (ක්ලික් කරන්න)
පාදක සටහන්

නාසියා හසන් -

- 1965 අපේ‍්‍රල් තෙවැනි දිනදී පකිස්තානයේ උපත ලැබුවාය. ධනවත් ව්‍යාපාරිකයෙකු වු බශීර් හසන් ගේ දෙවැනි දියණිය වු ඇයට සෙහායිබ් නමින් කණිටු සොයුරෙක්ද සාරා නමින් ජ්‍යෙෂ්ඨ සොයුරියක්ද සිටියාය. බිරිතාන්‍යයේ රිච්මන්ඩ් සහ ඇමෙරිකන් ඉන්ටනැෂනල් යුනවර්සිටි හිදී ඇය ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධිය ලබා සිටියාය. ඇයට තිස්විය සපිරෙද්දී ඉෂ්ඨිකාර් බෙග් නම් ව්‍යාපාරිකයා හා විවහයෙන් අරේස් නම් පුතෙකු ලද්දීය. ’්කුර්බානි’ විසින් පතල කිතුගොස ලක්බිමට ද පැතිර තිබු නිසා එහි නොමැකෙන සිිහිවටනයක් වු උක්ත සඳහන් ගීතය ඇතුඵ සෙසු ගීත ලාංකීය රසිකයන් අතර ද මහත් සේ ජනප‍්‍රිය වී තිබිණි.




බිද්දු අප්පයියා -

 1944 වසරේදී බැංගලෝරයේ උපන් ඉන්දිය ජාතික මේ සංගීතඥයා 1960 දශකයේදීම බිරිතාන්‍යය සිය නිත්‍ය වාසය සඳහා තොරාගනු ලැබ එහි සිට සංගීත නිර්මාණ කටයුතු සිදු කළේය. සිය මව්රටේදීම ’රොක්’ සහ ’පොප්’ සංගීතයට දැඩි සේ අශක්ත වූ ඔහුට ඒ සඳහා මහෝපකාරී වී ඇත්තේ එවකට ඉන්දිය ශ‍්‍රාවකයන් සවන්දෙන්නට පුරුදු ව සිටි ’ලංකා ගුවන් විදුලියේ ඉංග‍්‍රිසි විකාශයන්ය.


------------------------------------------

මෙතැන් සිට ඉදිරියට ..............