සිහල සිනමා සප්ත ස්‌වරය ඔපලූ සිසි කිරණ
80 දශකයෙන් මෙපිටට උපත ලබා එයින්
එපිට එදවස නිර්මාණය වූ සිංහල ගී රසවිඳින්නෝ ඊට පෙම් බැන්දෝ හඳුනාගන්නා මියුරු
ගීතාවලිය ට හඩ මුසුකල ගායක ගායිකාවන් රැසක් අතරින් හෘදයාංගම සිත් ආලෝලනය කරවන
ප්‍රේමණීය ගී ගැයු ගායකයෙකු ලෙස ඔහු ව හඳුනාගනු ලබනවා ඇත
එකී සංගීත රසික
රසිකාවියන් අතිබහුතරය සිසිර සේනාරත්න නම් සොඳුරු සංගීත අධ්‍යක්‍ෂකවරයා හා තනු
නිර්මපාකයා පිළිබඳව දැනුවත් නොවි සිටීම නොහැඳීනීම කණගාටුදායකය ඔහු ඒකලාව ද ඇතැම්
අවස්‌ථාවන්හිදී තම ප්‍රිය භාර්යාව වූ ජ්‍යෙෂ්ඨ ප්‍රවිණ ගායනශිල්පිණි ඉන්ද්‍රාණී
විජයබන්ඩාර හා කැටුව හඩ අවදි කල ගී නිර්මාණ සියල්ලම පාහේ මේ සංගීතඥයාගේම හද පත්ලෙන්
ගලා ආ මියුරු තනු ද අන්තර් වාද්‍ය සංගීත විරාම වලින් අලංකෘතය
ඔහු විසින්
නිර්මාණය කරනු ලැබු ගී කව් ගොන්නෙන් අසාර්ථක වූ රසිකයන් ආදරයෙන් වැළඳනොගත් ගැයුමක්
හමුනොවන තරම්ය
සිසිකිරණ විහිදාලන සොමි සඳ වතැති සිසිරයන් ගේ දිවිමග සටහන්
අතරින් බිඳිත්තක් මෙයාකාරයෙන් යව්වනයේ රසික ඔබ වෙත නිරාවරණය කරන්නට
සිත්විමි
ප්‍රවීණ සංගීතඥ තනු නිර්මාපක - සිනමා සංගීත අධ්‍යක්‍ෂ හා ගායන
ශිල්පී සිසිර සේනාරත්න - (1939 මැදින් මස 29 දාතමින් මෙහි සැපත්ව 2015 ක්‌වූ නවම්
මස 05 දාතමින් ජීවන ගමණ නිමකරනු ලැබිය)
දිවියේ පසු අවස්‌ථාවක සෙසු මිනිස්
වර්ගයා අතර තම නාමය රඳවන්නට සමත් වූවන්ගේ ළදරු අවධියේදීම ඔහුගේ හෝ ඇයගේ දෙම්පියන්ගේ
අකල් වියෝව හෝ වෙන්වීම සිදුව ඇති බව කියෑවෙයි මෙකී සංගීත ක්‍ෂේත්‍රයේ ම මෙකී
දිවයිනේ එවන් ප්‍රකට චරිතයක් වූයේ මහා සංගීතවේදී සුනිලුන්ය (සුනිල් සාන්ත -
1914-1981)
එයාකාරයෙන්ම ඔහුගේ ද දයාබර මැණියන්වූ ලක්‌දූවේ වයඹකොණ හලාවත එම්
ඒ ලිලාවතීය තම පුතුගේ ළදරු වියේදීම දිවිමග චාරිකාව හමාර කර නික්‌ම ගියාය ඔහු ගේ
ආදරණිය පියාණන් වූ හෙන්රි සොලමන් සේනාරත්න ද නව කුටුම්භයක් අරඹමින් මේ පවුල්
ඒකකයෙන් දුරස් වූයෙන් ළදරු සිසිර ගේ අනාගතයේ නිමැයුම්කරුවුයේ සේනාරත්න ආයූර්වේද
වෙදැදුරාණන්ය ඒ මෙකි අනාගත සංගීතවේදියාගේ මුත්තනුවණ්‌ය
ඇසූ පීරූ තැන් ඇති
සංස්‌කෘත - පාලි භාෂාන්තරයන්හි කෙළ පැමිණියෝ අතර එදා පාරම්පරික වෙදැදුරන්
ඉදිරියෙන්ම සිටියහ මුත්තනුවන්ගේ ගැඹුරු හඩින් ගැයෙන සංස්‌කෘත ශ්ලෝක පාඨ කුඩා සිසිර
එදා රසවිඳි ගායනයන් ය තමා ගේ පසු නිර්මාණකරණයට හා ගායන කෞෂල්‍යය ඔප්නැංවීමට ඉන් ලද
ආභාෂය අතිමහත් යෑයි ඔහු නොයෙක් වර සඳහන් කරනු ලැබ තිබිණි
පසුව අගනුවරට පිවිස
මරදාන සංඝරාජයේ සිප්සතර හදාරන්නට වූ සමයේ අසල්වැසි ධර්මදාස වල්පොළ නම් පාසල් මිතුරු
සමාගමයේ යෙදී සප්ත ස්‌වර සුරුවිරුකම් දියුණු තියුණු කරගනු ලැබීය
දෙමිතුරෝ
අසල්වැසි භාරත රාජ්‍යයෙන් ඇසෙමින් පැවති සිනමා ගී පෙළින් මන්මත්ව වශිකෘතව ගොස්
තිබිනි දෙදෙනා එකිනෙකා ට නොදෙවෙනිව එකී භාරත ගී රස උල්පතේ ගිලී කිමිදුනේ ඒවා යළි
යළි මුමුණමිනි
එකි ශීල්පකලාවේ වැඩිදුර හැදැරීමේ නොනිත් පිපාසයෙන් ඔහු පෙලෙන්නට
විය
මේ අතරවාරයේ එදවස කොළොම්පුරයේ සංගීතකලාවේ නම රැන්දු ආර් ඒ චන්ද්‍රසේන
ඇසුරේ තමා ඇසු දුටු ප්‍රගුණ කෙරුණු එකී ශීල්පයේ තතු විස්‌තර ධර්මදාසයන් විසින්
සිසිරයන් හා බෙදාහදාගනු ලබන්නට ඇත
විසිවන සියවසේ දෙවන භාගය එළැඹී යම්තම්
දෙවසරක ඇවෑමෙන් භාරතයේ ශාන්ති නිකේතනයේ මුල්ම හෙළ සිසුවාණන් වූ ලයනල් එදිරිසිංහ මහා
සංගීතවේදියාණන් ගේ සෙවණේ ඇරඹුනු රජයේ සංගීත විදුහලේ හා පුරා කියා ගී සිප්සර ලබන්නට
සිසිරයන්ට ඇවැසි විය
දෙවසරක ඇවැමෙන් තමා සෙවූ පැතූ එකී ගීරස වින්දනයේ අක්‌මුල්
හා ඇතිතතු මෙහි නොමැත්තේ යැයි කුකුසක් හට ගත්තේ එයින් ලැබුණු උත්තර භාරතීය සංගීත
ශිල්පයේ මුලික යමෙකුට කඨෝර යෑයි හැගෙන මූලධර්ම නිසාවෙනි එයින් මුකුලිත වූ ඔහු
ගීරසඋල්පත සිඳීයන්නක් සේ හැගිගිය නිසාවෙන්දෝ එයින් ඉවත් වූයේ එතැන් සිට ස්‌වාධීන
නිර්මාණකරණයේ නිරතවන්නට ඉටාගෙනය
මෙසමෙයේදී සිංහල සිනමාව නම් වෘක්‍ෂය දඵා ළා
වැඩෙමින් පැවතුණු අතර එහි අතුඅග පිපි සුන්දර ගී පුෂ්ප සුගන්ධය දසත පැතිරව යමින්
තිබිණි
මේ ලෝකේ නවාතැන වේ දෙදිනයි මෙහි
වාසේ.......................
සිංහල ටීටර් කලාවේ මහගුරු වු සිරිසේන
විමලවීරයන් විසින් රිදීතීරයේ දිගහරිනු ලැබූ පොඩි පුතා සිනමා නිර්මාණයට ඈඳා පෙරකි
සුමියුරු භාරත සිනමා ගී තනුව සිසිරයන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබුයේ
එයාකාරයෙනි
මෙයුගයේම මහා සංගීතවේදී ගුරුදෙවි සුනිල් සාන්තයන් විසින් මවනු
ලැබු සප්තස්‌වරය රැව් පිළිරැව් දුන්නේ වචනයේ පරිසාප්ත අර්ථයෙන්ම සිංහල සිනමා පටයක්
ව උපත ලැබ තිබුණු අව්‍යාජ පුරෝගාමි සිංහල සිනමා සිත්තම වූ රේඛාවේදීය
ඊට ගී
හඩ මුසු කරන්නට කෙළිලොල් යව්වනයෙකු සිටි සිසිරයන් භාග්‍යවන්ත විය එය මෙකී ගායකයා
හෙළ ගී රසිකයන් ගේ හදේ ලැගුම් ගැන්වූ ඔහු ගේ ද දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි එහි
කාන්තා හඩ මුසුකළ එකම යව්වනිය වූද අගනුවර මියුසියස් විදුහල් බලිකාවියක් සිටි
ඉන්ද්‍රනී විජයබන්ඩාර යුවතිය හා දිවිමග චාරිකාව අරඹන්නට මුල් වූ
නිමිත්තයි
රේඛාව තිරගත වී වසර සයවසරක ඇවෑමෙන් ඊට වෙසක් කැකුඵ අතු අග ඉඳ නටන
විලාසේ යෑයි තම නවයොවුන් හඩ මුසුකල ඉන්ද්‍රාණී 1962 පින්බර වෙසක් කැකුඵ පිදුණ සමයේ
අවසාන දිනයේ සිසිරයන් හා දෑගිලි පටලවාගත්හ එවිට ඔහු එපමණම කාලපරිච්ජේදයක රජ්‍ය
සේවයේ වගකිවයුතු නිලදරුවෙකු ලෙසින් ශ්‍රී ලංකා රේගුවේ සේවය කරමින්
සිටියේය
නිලදරුවන් නම් අපට බොහෝය එහෙත් ඔබවන් සුන්දර මධුර මනෝහර ගී තනු
නිර්මාපකයන් ගායකයන් නම් නැතිසේමයදි
රජ්‍ය නිලදරු සිසිර මෙන්ම සංගීතඥ
සිසිර ගේ අගය වටහගත් ප්‍රධානියා වරෙක තෙපළිය
එතෙක් ලක් රිදීතිරයේ ඇඳුනු
සිනමා සිත්තම් පෙළ වෙනුවෙන් ගී සත්සර රටා මැවූ ගාන්ධර්ව ලැයිස්‌තුවට ඔහුගේ නම
එක්‌වුයේ එයිනුත් තෙවසරක විරාමයකදීය ඒ කිංස්‌ලි රාජපක්‍ෂ නම්වු ප්‍රතිභාපූර්ණ රංගන
ශිල්පියාගේ අදියුරුවෙන් දොරට වැඩි 1965 වසරේ නවම් මස පස්‌වැනි දින මුල්වරට තීරයේ
ඇඳි හඳපාන කථාංගයෙනි
එහි දී ඔහු හෙළසිනමා ගී වංශය පවතිනතාක් කල් එදා වැයුණු
ගැයුණු නිපැයුණු ගී රසබැඵවෝ අගයන්නෝ දිවි පවතින තුරාවටත් දිවමන් යළි යළි සිහිවෙන
නිර්මාණ ගණනාවකට සත්සර රටා මුසුකරමින් නොනැවතී ඒවා තම හඩ අවදිකරමින්
පණපෙවීය
ඉන්ද්‍රාණී විජයබන්ඩාර ඒකල හා සමූහ ගායනා
මල් මල් මල් ලස්‌සන
වනමල් පිපිලා තුරුමත හිනැහෙන්නා
ඔබ නැති මේ බිම පාඵයි -
අඳුරුයි
සිසිර - ඉන්ද්‍රාණී යුග
ඈත අහසේ නැගි දිණිදු
පායා
සිසිර සේනාරත්න ඒකල ගායනා
01 පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ
නැත මහ මන්දිරේ
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි එහි තිබේ හොඳ
ආදරේ
02 ආලෝකේ පතුරා මුඵ ලෝකේ ඔපලා - චන්ද්‍ර හෙමින් එයි
නැගී
ලොව මිහිර නොබලා - රස සිහින පෙණිලා මගේ මැණික සුවසේ
නිදී
කොවුලන්ගේ මධු ගීත - සුලගින් ගෙනා සීත සුවදායකයි රෑ
මෙහි.......................
සියොතුන් හඩන්නේ මොණරුන් රගන්නේ නෑ ඔවුනොත්
නිදියාගනී
කොඳ මල් සීනාසේ - විල් නීල් ජලාසේ
රණ හංසයෝ පීනතී - සඳ කැන්
බිබි නැහැවෙති
කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා - සුර කෙල්ල නේ ඈ
නිදී
මගේ මැණික සුවසේ නිදී............................
වදන් ඇමිණුම
- නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න (හඳපාන චරිතාංග රංගනශිල්පියෙකු ලෙස ද කටයුතු
කලේය)
සිනමා පිටපතේ මෙම මුල් ගීතය සවන්දෙන්න මෙතැනින්
(මුලාශ්‍ර හා වැඩිදුර පරිශීලනය - මියැසි හරසර කෘතිය - ලාල් අනන්ද අබේධීර)
යළි
හමුවෙමු............
හෙළ සංගීත වංශයේ රන් අකුරෙන් ලියැවෙන වික්‌ටර් රත්නායක පියමග සටහන් අතරින් අංශු මාත්‍රයක් -
ආවා ආදරෙන් රන් කැඵම් දිදී - 1974
සුංසවාද යනු ගීතය එක්‌තරා ස්‌වර පරාසයක ගැයෙද්දි ඊට වෙනස් ස්‌වර පරාසයක ගැයුමක් හෝ වැයුමක් මුලින් කී ගැයුමට හෝ වැයුමට පසුබිමින් මුසුකරලීම යනුවෙන් සරළව පැහැදිලි කළ හැකිය
මෙකී ශිල්පිය ක්‍රමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත මත පදනම් වූවක් වූ අතර ඒ මත පදනම් වූ නිර්මාණ 40 දශකයේ පටන් ලාංකීය ගීත කලාවේ දක්‌නට ලැබුනි
එවකට ඊට මුල් වූ ශීල්පීන් අතර ප්‍රමුඛයා ලෙස සැලකිය හැක්‌කේ මියුසික් ස්‌කූල් ආයතනයෙන් සහතික ලාභි බැද්දගේ ශ්‍රීනාත් පෙරේරා එනම් බී ඇස් පෙරේරා (එනමින් හැඳින්වූ සිනමා නඵවා නොවේ) යෑයි කියැවේ
ප්‍රයෝගික සුමියුරු කන්කඵ ගීත නිර්මාණයන්ට සෘජුව යොදාගත නොහැකි රාගාශ්‍රීත හින්දුස්‌ථානි සංගීතය පමණක් හැදෑරූවන් බහුතරය නිතැතින්ම ඊට අදාළ ගුරුකුලයකට ගැතිව කටයුතු කරනු ලබන බවක් හැගී යයි එකී සංගීතායතන මගින් ඔවුනට ලැබෙන ගුරුහරුකම් නිසා එක්‌තරා අන්දමක දැඩි මතධාරීන් ලෙස අනම්‍යව කටයුතු කරන්නට පෙළඹීම නිසා ද එසේ වන්නේ යෑයිද සිතිය හැකිය
ඔවූහූ බහුතරය ඉහත සඳහන් කෙරුණු බටහිර සංගීත ශීල්පීය ක්‍රමයන් නුරුස්‌සති ඒව ප්‍රචලිත වීම හා ඒ මත පදනම් වූ නිර්මාණ පිළිකෙව් කරති
පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහිවූ 90 දශකයට එපිටින් දේශිය පොදුජන ගී රුචිය වඩවාලන්නට හා එය හැඩගස්‌වන්නට මූලික කාර්යභාරයක් ඉටුකළ රාජ්‍ය ගුවන් විදුලියේ සංගීත ප්‍රතිපත්තිය තීරණය වුයේ දෙවනුව සඳහන් කළ හින්දුස්‌ථානි රාගධාරී සංගීත ශීල්පය හැදැරූ ගුරුකුලයේ නිර්දේශ හා ඕනෑ එපාකම් මතය
බටහිර සංගීතයේ භාවිතා වන වාද්‍ය භාන්ඩ ඒ ආයතනය තුලට වැද්දා ගැනීම පවා කලෙක සිමා වී තිබුණු බව ද කියැවේ
නමුත් ශ්‍රාවක වින්දන ඔවුනට ආවේනිකය සියල්ලෝ හින්දුස්‌ථානි රාගාශ්‍රීත ගීත ප්‍රියකරන්නෝ වෙත්ද ?
එසේ පොදුජන බහුතරයකගේ ගී රසය පොබයූවේ ඔවුන් විසින් වුවද ඊට විකල්ප ශිල්පිය ක්‍රම ඔස්‌සේ බිහිවූ ගී නර්මාණ ප්‍රචලිත කරන්නට පෞද්ගලික අංශය දායක වූයේ ඒ යුගයේ ගී නිකුත්කිරීමේ තාක්‍ෂණය වූ තැටි හරහය එයාකාරයේ ගීතයන්ට හොඳ වෙළඳ පොලක් පවතින බව ඔවුන්ට වැටහි යන්නට ඇත
සුනිල් සාන්තයන් විසින් 40 දශකයේ ඔහුටම ආවෙනික ව නවමු ආරකින් හින්දුස්‌ථානි ශිල්පීය ක්‍රම බැහැරකරවාලමින් එළිදැක්‌වු ගි පෙළ ලැබු අසිමිත රසික ප්‍රසාදය එකී ව්‍යාපාරික මතය කෙරෙහි හේතුවන්නට ඇතැයි සිතේ
මෙම තැටි ගී නිකුතුව ඔස්‌සේ ප්‍රචලිත වූ ගී නිර්මාණයන්හි ඒකාකාරි ගුවන් විදුලි ගී අභිබවා බටහිර වද්‍ය භාන්ඩ වැඩිමනත්ව මුසු වඩාත් කන්කඵ මිහිරි සංගීත රටා අඩංගු වී ඇති බව ශ්‍රාවකයන් අවබෝධකරගන්නට ඇත
60 දශකයේදී රජයේ සංගීත විදුහලේ රාගධාරී හින්දුස්‌ථානි ශුද්ධ සංගීත විෂයානුකූල ශිල්ප හදාරමින් සිටි දෙවැනි පරම්පරාවේ සිසුකැල මේ නව ප්‍රවණතාවය වඩාත් හොඳින් වටහගන්නට ඇත
මර්වින් පෙරේරා හා වික්‌ටර් රත්නායක ඒ අතරින් කැපි පෙනේ
අධ්‍යයන කටයුතු අවසන්ව එයින් බැහැරව නිර්මාණකරණයේදී එනම් ව්‍යාවහරික සංගීතය වෙත නැඹුරුවෙන්නට සිදුවෙද්දී ඔවුනට ඊට අනුගතව කටයුතු කරන්නට සිදු වි තිබෙන්නට ඇත
ඒ අනුව ඔහුවූ හින්දුස්‌ථානි - බටහිර - දේශිය ජන සංගීතය යන මේ ත්‍රිත්වය සංකලනයෙන් නැවුම් ගී තනු හා සංගීත රටා බිහිකරනු ලැබිය
දශක ගණනකට ද පසුව වත්මන් ගී ශ්‍රාවකයන් අත්විඳින්නේ කුල්මත්කරවන්නේ මිහිරියාවෙන් මත්වන්නේ එකී ගී රටාවයි
ඒ අතරින් එදා 60 දශකයේදී වික්‌ටර් රත්නායක නම් ආධුනික ශිල්පියා රසික හදවතේ ලැගුම්ගැන්වුයේ බටහිර සුසංවාද ශිල්පීය ක්‍රමය මනාව භාවිතා කරන ලද ඔහු හඩමුසුකල සිසිල් සුළං රැල්ලේ නම් ගීතයයි
එදා ඇසුණු වෙනත් ගී අතරින් එයින් ඇතිකළ විපර්යාසය ගී ශ්‍රාවකයා ට මනාව වැටහෙන්නට ඇතැයි කිව හැකිය
පසුව එළඹි 70 දශකයේදී වික්‌ටර් රත්නායක විවිධ අත්හදාබැලීම් ඔස්‌සේ නව නිර්මාණ ගණනාවක් බිහිකරමින් ප්‍රවිණත්වයට පත්ව ලැබූ අසිමිත ජනප්‍රියත්වයට හේතුවුයේ එකතැන පල් නොවුනු ඔහුගේ ගී ආරයි
දශක හතරක සංඛ්‍යාත්මකව විශාල නිර්මාණ ගණනාවක් බිහිකළ ඔහු තරම් ඒ සඳහා සුසංවාද ශිල්පය භාවිතා කළ වෙනත් ලාංකික සංගීතවේදියෙකු ඇද්දැයි යන්න සැක සහිතය
හැළහැප්පිලි හිග නොවන සංගීත ක්‍ෂේත්‍රයේ එකී චාරිකාව නිමග්න වීමේදී ඔහු අපමණ කැපකිරීම් හා දුක් කම්කටොඵ විඳගන්නට ඇත
සුසංවාද රටා සියඵ ආකාරයේ බටහිර තූර්ය වාද්‍ය භාන්ඩ මුසුව එයින් නොනැවත ජන සංගීතය ඇසුරේ රබාන උඩැක්‌කිය බෙර දවුල් තම්මැට්‌ටම් පමණක් නොව කර්ණාටක සංගීතයේ වාද්‍ය භාන්ඩ ද ඔහුගේ නිර්මාණ සඳහා යොදාගැණනි
ඇවැසි විටක තම ශ්‍රාවකයා වෙත ගීතයේ උපරිම වින්දනය හා මිහිරියාව ලගා කරදෙන්නට කැප වී විඳින්නට සිදුවූ අසීරුතා නොමසළකා දැවැන්ත වාද්‍ය වෘන්දයන් යොදාගන්නට ඔහු නොමැළි විය (මල්සර උක්‌දඩු දුන්නෙන් පැණි බී)
ගායන ශිල්පියෙකු ව තමා ම වෙනුවෙන් නිර්මිත ගී තනු හා සංගීත සංයෝජන අභිබවා ගියේ ඔහු සමකාලීන වෙනත් ශිල්පීන් උදෙසා කල නිර්මාණයන්ය
ඒකි නම්වැළ දීර්ඝය නමුත් ඒ අතරින් මිල්ටන් මල්ලවාරච්චි හා ශ්‍රීමතී තිලකරත්න අබේවර්ධන බාලසූරිය යන මේ ශිල්පීන් නම්කළයුතුමය
අන්තර් වාද්‍ය ඛන්ඩ පමණක් නොව ගීයක ආමුඛ සංගීත ඛන්ඩය වෙත පවා ඔහු කොතරම් අවධානයක් යොමු කරන්නට ඇත්දැයි යන්නට නිදසුන් බොහෝය
තමා ගැයූ
තම්බපන්නී දිපවංසේ ජන්මදිනයේ - මුවා වුණා සඳක් සිනාපාලා - උදයට මා හිරු එළිය - ගුරුපාර දිගේ සිනහ සළලා
කිහිපයකි එනමුත් වඩාත් මෝහණිය සංගීත සංයෝජන මුසුකරවුයේ වෙනත් ශිල්පීන් වෙතයි
ඔබයි මමයි මැවූ සිහින- පියාසලනා ලිහිණියෙකු සේ - සුඛ වේදනා දුක් වේදනා - ආවා ආදරෙන් රන් කැඵම් දිදි - ඉන්දුමතී හා බිංදුමතී - ලබන්න බැරි සුව සහනය
මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන්ද
කල්පනා දැහැනින් බැඳී- අනන්තයට මා ඉගිල්ලු - පිය මදහස මුව මුකුඵ හිරු ගෙනෙවිල්ලා පුතු ලග - කල්බලමින් ලතවෙමි නෙත් නෙඵම් විල මමයි - රත්තරං මැණික් මුතු
ශ්‍රීමති තිලකරත්න වෙනුවෙන්ද
සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - ඉරට උඩින් සක්‌වලට උඩින් - දෙතැනක පිපුණත් එකමල් එකම සුවඳ
සුජාතා අත්තනායක වෙනුවෙන්ද
මං නැති දා මේ රට - අනුරාධපුරය ඔබයි - ඔබෙන් තොර ලෝකයක් අවසන් හුස්‌ම පොද
අබේවර්ධන බාලසූරිය වෙනුවෙන්ද
තනු හා සංගීත සංයෝජනය කල සුමියුරු නිර්මාණ ගණනාවකින් අල්ප ගණනකි
මෙකී සුසංවදි ශෛලිය අනුව ගැයුම පසුබිමෙන් ඇසෙන වයලින් වාදන පෙළකින් සැරසු මෙම ගීතයේ අසිමිත ජනප්‍රියත්වය නිසා මිල්ටන් මල්ලවාරච්චි විසින් එය වාර ගණනාවක් නොයෙක් අවස්‌ථාවන්හිදි යළි ගැයිණි නමුත් ඒවා කිසිවක් මෙම මුල්ම පටිගත කිරීම ඉක්‌මවා යනු තබා සම හෝ නොවේ යන කරුණ සම්බන්ධයෙන් බහුතරය රසිකයා එකග වනු නොඅනුමානය
පද සංකල්පනාව - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක නැසිගිය - කරුණාරත්න අබේසේකර ශුරීන්
තනුව හා සංගීත සංකලනය - ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ගායන ශිල්පී වික්‌ටර් රත්නායක
සවන්දෙන්න මෙතැනින්
එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය (1924-1980)
ආර් ඒ චන්ද්‍රසේන තම වාද්‍ය වෘන්දය මෙහෙයවමින් එවකට ජනප්‍රිය ශිල්පිනී ගායිකා මේබල් බ්ලයිත් විසින් ගයනා කරන සිනමා ගීතයක් සංගීතවත් කරනු ලබයි - 1950 දශකයේ දෙවැනි භාගය ලංකා චිත්‍රාගාරය වනලිය - අධ්‍යක්‍ෂණය බී ඒ ඩබ්ලිව් ජයමාන්න
01 ප්‍රවිණ සිංහල සිනමාවේ පුරෝගාමි චිත්‍රපට අධ්‍යක්‍ෂ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රධානි බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන්
02 1950 දශකයේ අතිශය ජනප්‍රිය සිනමා ගී ගනනාවකට පදවැල් ඇමිණු ගී පද රචක ඒ ජේ ද සොයිසා
03 මයික්‍රෆෝනය ට හඩ මුසුකරමින් ගායන ශිල්පිණි මේබල් බ්ලයිත්
04 සිංහල සිනමා සංගීතය විප්ලවීය වෙනසකට බඳුන් කරන ලද දැවැන්තයෙකු බවට පසුව පත්වූ ආචාර්ය ප්‍රේමසිරී කේමදාස (මයික්‍රෆෝනය පසුබිමින් කැමරාව දෙසට මුහුණලා පාදය දුරට විහිදුවා)
ඕබෝ සැක්‌සෆෝනය ක්‌ලැරිනට් ට්‍රම්පට් වාදකයන් (කෙළවර සිටගෙන) ඩ්‍රම්ස් වාදක ශිල්පයාට වම්පසින් වයලීන් කණ්‌ඩායම එවකට හා පසුව ඔබ මෙහි සාමාජිකයන් හඳුනගන්න සමත් වේ නම් කරුණාකර සටහනක් මගින් එකී විස්‌තර දක්‌වන මෙන් ඉල්ලා සිටිමි
(විශේෂ ස්‌තුතිය - ඡායාරූපය අනුග්‍රහය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)
------------------------------------------------------------------------
(සීණුව දෙවරක් නාද වෙයි) වේලාව පෙරවරු නවය පසුවි විනාඩි තිහයි මේ ශ්‍රී ලංකා ගුවන්
විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි මෙතැන්දි සිට කණ්‌ඩායම් ගී තීරයක් ආරම්භ
කරමින් සුපර් ගෝල්ඩන් චයිම්ස්
ඩ්‍රම්ස් වාදන පමණක්‌ද නැත නැත ගීටාර් වාදන විවිධාකරයෙන් සැක්‌සෆෝන් ට්‍රම්පට් ඒ
සියල්ලට ම වඩා අධිවේග රිද්මය විසින් අමුතු චමත්කාරයක් මවනු ලැබ තිබේදි
යළිත් දෙවැනි ගීතය වාදනයට සුදානම් වන සෙයකි
අසවල් ගායකයන්ගේ අසවල් ගීතය වන්නේනම් යන සිතිවිල්ල සමග හෘද ස්‌පන්දනයද ඉහළ ගොසිනි
නිවේදිකාවගේ හඩ ඇසේ එවර ඇය මෙසේ කියයි
දැන් තිලංගනී හා දර්ශනී චන්ද්‍රසේන ගැයු ගීතයක්
ඒ සියල්ල රස වෑහෙන විදුලිරටා වේගයෙන වැයෙන විදුලි සරපුවරු නාදමාලා වලින් අනූනය
දවස පුරාවටම අඩුවෙන්ම ඇසෙන දුර්ලභ එතරම් සුන්දර සුමියුරු
ඕගන් වාදන මොහොතකින් ඇසෙනු ඇත
ශ්‍රී ලංකා අලංකාර ලංකා ?
විලේ මලක උපන්නී ?
රොන්සුනු මල්පැණි දිගන්තේ ?
එලෙස ළමා ශ්‍රාවක අප කුල්මත් කළ ඒ ගීතයන්හි නිර්මාපකයන් පද රචකයන් මේ කිසිවෙකුත්
පිළිබඳව දැන ගන්නට එදා අපට අවැසි නොවිය
නමුත්
එලෙස දිනෙන් දින වසරින් වසර ගතවී පරිණත වැඩිහිටි සිසුන් වූ අප මේ සුමියුරු
ගීතාවලියේ සංගීතය වාදන රටා මේවා කවරෙකුගේද ?
යන්න පිළිබඳව සොයා බලන්නට සිත්වූයේ සංගීත විෂයයේ පුඵල් බවේ සංකීර්ණ බවේ දිග පළල
අවබෝධ වන්නට පටන් ගත් අවධියේය
සෙසු ශිල්පීන් සරල ගීතාවලිය මත පදනම් වූ ගායන රටාවේ ගැඹුරු බව පදමාලාවන්හි අරුත්බර
බව පමණක් නොවදි අරුත්සුන් බවදි සංගීත අධ්‍යක්‍ෂණයේ සංයෝජනයේ විසිතුරු යන මේ කරුණු
නිරවුල් කරගන්නට සමත් වූ වයස් මට්‌ටමකදී ඒ අපුරු සංගීතඥයා ගේ වතගොත සොයා දැනගන්නට
පෙළඹවීය
ඔහු නවක ගායක ගායිකාවන් රැසක් හඳුන්වාදෙමින් ඔවුන් ගේ හෙට දිනය යහපත් කරන්නට
පසුනොබා ගුරුහරුකම්ලබා දෙමින් මැවු තම මුල්ම ස්‌වරරටාවෙන් ඔවුන් ගැයු ගීතය ඔස්‌සේ
ඔවුන්ව ජනප්‍රියත්වයේ නම් සෝපානයේ මුදුන් ඉමටම කැඳවාගනිමින්දි සිංහල ගීත
ක්‍ෂේත්‍රයේ ප්‍රගමණයට අනුපමේය දායකත්වයක් ලබාදුන්
ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේනයන්ය රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේනය
ඔහු පිළිබඳව අදදවසේ ගී ශ්‍රාවකයන් සහෘදයන් නොදන්නා දෑ බොහෝ ය ඇතැම්විට එදා එකී ගී
පෙළ රසවිඳී රසික ඔබද ඒවා නොදන්නා බව නිසැකය
ඔහුගේ නිර්මාණ දිවිය කිසිසේත් රෝසමල් යහනාවක් නොවීය පියමං කල ගී මං පෙතේ විඳින්නට
සිදු වූ දුක් ගැහැට කැපිළි කෙටිලි අවමන් ගැරහුම් නම් මහා ප්‍රවාහය විසින් ලද
සිමාසහිත කිත් පැසසුම් තලාපෙළා පොඩිකර දැමුවා වැන්න
මෙතැන් සිට එදා එකී ගී ශ්‍රවණිත අගය කළ ශ්‍රාවක ඔබවෙත නිරාවරණය කෙරෙන්නේ ඒ මහා
පෞරුෂය දරාගත් කුඩා සිරුරකින් හෙබියා වූ මෙකී ගාන්ධර්වයාගේ දිවිගමනේ තොරතුරු බිඳකි
ප්‍රිය රසිකය
පහත පේළි කරා සෙමෙන් ඔබේ දෙනුවන් මෙහෙයවනු ලබත්වා මක් නිසාද යත් ඔබ මින් පෙර නොඇසු
දෑ මෙහි ඇතැයි යන්න හැගෙන නිසාවෙනි
මේ ලක් පොළොවේ තම සහෝදර ජනයන් වෙත සංසාරිකව තමා උරුමකරගත් සංගීත ශිල්පයේ විසිතුර
පාන්නට දෛවය විසින් යොමුකරවන ලද ඔහුට මුහුණදෙන්නට සිදුවූ අනුවේදනීය සිදුවිම් පෙළක
අනාවරණයයි මෙසේ ලියෑවි ඇත්තේ
එයින් රසික සහෘද ඔබටද මතු නොව මෙකී ශීල්ප සතර හදාරන විද්‍යර්ථීන්හටද තම දිවිමග
චාරිකාව වඩාත් සුමුදු සුමට කරගැනීම සඳහා එය මහෝපාකරීවනු ඇත
මේ සටහනේ ඇරඹුම පිණිස හෙළයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල පුරවරය වෙත
පිවිසෙමු
ඒ විසිවන සියවසේ දෙවැනි දශකයි 1924නිකිණි මස 07 වන දිනයයි චන්ද්‍රසේන දරුවා
සාමාජිකයන් එකොළොස් දෙනෙකු ගේ පවුලේ තෙවැන්නා ලෙස රණසිංහ ආරච්චිගේ පීරීස් පෙරේරා
හා සෙලෙස්‌තිනා ඩයස් යන මේ දම්පතීන්ට දාව උපත ලැබීය ඔහු අකුරු කලේදිඑවකට රාහුලය
නමින් හැඳින්වූ මහනුවර සිරි සුමංගල විදුහලෙනි එහෙත් අකුරට යන ඔහුගේ ගත එහි රැඳුනද
සිත පියඹා ගියේදිවාදනය වෙතටයි පියාගේ දැඩි විරෝධය හමුවේ පෙර අත්බැව්හි පටන් ප්‍රගුණ
කරන්නට ඇතැයි යමෙකුට හැගීයන සංගීතය විෂයෙහි ඔහු ඇලි ගැලී සිටියේය ඒ තුර්ය භාන්ඩ
සාදමින් ඒවා වාදනය කරමින් හා අසල්වැසියන්ගේ ඒවා අඵත්වැඩියාකරදීමෙනි
යම් දිනක ඉවසීමේ සීමාවේ අන්තයට ගිය පියාණන් විසින් අඵත්වැඩියා කර තිබු වයලීනයක්
උදුරා පොළවේ ගැසීමේ ප්‍රථිපලය වූයේ තමා හැදුණු වැඩුණු නිවස ද පවුල ද හැරදමා නික්‌ම
යන්නට ගත් හිතුවක්‌කාර තීරණයයි
එය ඉරණම විසින් ඔහු යා යුතු මග තීරණය කල සිදුවිමක් වැන්න ඔහු අගනුවරට සේන්දු විය
කලාවට ලැදී කලාවේ නිමග්න මිතුරෙකුගේ නිවසේ නවාතැන් ගෙන වේදිකා නිළියක් වූ එකී
මිතුරාගේ භාර්යාව රගපෑ අන්ධ ආලය නාට්‍යයේසර්පිනා වාදකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ හසර
ලබා ගැනිනි
1930 අවසන් වසර කිහිපයක එක්‌තරා දිනයකදී මාතර පැවැත්වුනු එය නැරඹිම සඳහා පැමිණ සිටි
මහ සංගීතඥ ආනන්ද සමරකෝන් හා නාලන්දයේ ප්‍රවිණ ගුරුවරයෙකු වූද ගුවන් විදුලයේ ළමා
පිටියේ මහ මෙහෙයුම්කරු අධිනිතිඥ යූ ඒ එස් පෙරේරා චන්ද්‍රසේනයන්ගේ එතැන් සිට දිවිමග
එළිය කරන්නට පායා හා හිරු සඳු ය
එදා ලැබි ඔවදන් හිස්‌මුදුණින් පීලිගනිමින් යළි පාසල් ගමණ ඇරඹු චන්ද්‍රසේන අදද පවතින
කොටහේනේ කුමාර මහා විදුහලට ඇතූළත්ව එයින් නික්‌ම පසුව පුවත්පත් කලාවේ විස්‌කම්
දෙව්පුත් බවට පත් ඩී බී ධනපාලයන් විදුහල්පති අසුන් අරා සිටි කැළණීයේ ධර්මාලෝකයේදී
ශිල්ප දැක්‌වීය
විවේක වේලාවන්හිදී ගුවන් විදුලි ළමා පිටියේ වාදකයෙකු ලෙස ශිල්ප දක්‌වන්නට පටන්
ගත්තේ සුපුරුදු සර්පිනාවෙන් පමණක්‌ම නොවේ තමා ඉන්ද්‍රජාලික වාදකයෙකු බව මනාව පසක්
කරවමින් තබ්ලා වටද වයලීනයටද මැන්ඩලීනයටද ඔහුගේ අතැගිලි පහස ලබන්නට ඉඩ හැරියේ නියමු
යූ ඒ එස් හෙවත් සිරි අයියාගේ නළල රැළිගන්වමිනි
තම දෑතට හසුවන කිනම් හෝ අයුරක හෝ වාද්‍ය භාන්ඩයක් සොළොස්‌හැවිරිදි මෙතරම් තරුණ
දරුවකු මෙයාකාරයෙන් වාදනය කරන්නේ කෙලෙසකදැයි තමාගේ ඇස් අදහගත නොහැකිව තිබු බවත්
එය නිසැකවම අනවග්‍ර්‍ර සංසාරයේ දුරඈතක සිට ප්‍රගූණ කරමින් එන්නා වූ දස්‌කමක් විය
හැකිය යන්න තමාගේ අදහස වන බවත් චන්ද්‍රසේනයන් මෙළොව හැරගියදා යූ ඒ එස් පෙරේරා
මහතානන් ලියූ සටහනක සඳහන් ව තිබේ
ශිල්පය මැනැවින් හදාරා ගායිකාවක් ලෙස කිරුඵ දරන්නට සිහින මවමින් හඩ පරික්‍ෂණයක්
අරභයා ගුවන් විදුලියට ආ ගිය මියුසියස් බාලිකාවියක් වූ ශ්‍රීයාවතී පෙරේරා ඔහුගේ
දිවිමග අත්වැල දරන්නිය බවට පත් වුයේ දිනදසුනේ පිටු 1946 වසර වෙනුවෙන් පෙරළෙද්දීය
අගනුවරින් තාවකාලිකව සෙංකඩපුර වෙත යළි සේන්දු වූ නවයුවළගේ පසුව ස්‌ථිර නවාතැන බවට
පත් වූයේ එවක මරදානේ ඩේවිඩ් මාවත වූ වර්තමාන එල්ෆින්ස්‌ටන් රංගශාලාව පදෙසය
1948 යනු ලක් ඉතිහාසයේ වංශකතාව මෙන්ම මෙකී සංගීතඥයා ගේ දිවිගමන ද එකාලෝක කල වසරයි
අදද පැරණි රසංග තීරයේ සවනත වැකෙන දසබලධාරී බුදුරජු පෙරකළ ගීතය ගැයූ ආර් ඒ
චන්ද්‍රසේන නම් ගායකයා ගේද සංගීතඥයා ගේ ප්‍රභා කාන්තිධාරා ලක් පොලොව මත විහිදගියේ
එකී වසරේදීය
එය ඔහුගේ පවුලේ හිතවතෙකු වූ වසන්ත කුමාර නම් ශිල්පියා නිර්මාණය කළ සඳකිඳුරු මුද්‍රා
නාටකයේ ආරම්භක ගීතයයි එය එහි කථාංගයේ ද රචකයා වූ පාඨශාලාචාර්යය සෝමපාල කැකුළවලගේ පද
සැකසුමකි
අගනුවර කලා ලැදී සංගීත ශිල්පය හැදෑරීමේ පිපාසාවෙන් පෙළෙන සිසු දරුවන් වෙනුවෙන්
මරදාන චන්ද්‍රසේන කලායතනයේ දොර කවුඵ විවෘත වුයේ අදින් පන්සැට වසරකට ඔබ්බෙන් 1951
වසර ගෙවෙද්දීය එවකට භාරතයේ භාත්ඛන්ඩයේ හා ශාන්ති නිකේතනයේ ශිල්ප හැදාරා ලක්‌බිමට
සැපත් වූ දෙවැනි ගාන්ධර්වයා ලෙස සැලකෙන සුනිල් සාන්තයන් ද නුදුරින් බම්බලපිටියේදීද
සංගීත පාඨමාලාවක් පවත්වාගෙන යමින් සිටියේය
දසුන නෙත ගැටුනු මතින් යමෙකුගේ නිසග හැකියාව දැන හඳුනාගැනීමේ ගුප්ත හැකියාවක් ලද
ඉන්ද්‍රජාලික චන්ද්‍රසේනයන් ගේ පෙළඹවීම මත එහි ඇතුළත්ව මෙකී සංගීතායතනයේ ඔහුගෙන්
ගුරු හරුකම් ලබා ශිල්ප හැදෑරුවන් අතර පසුව සිංහල ගීතාවලිය බැබඵවෝ ගණනාවක් විය
මෙසමයෙහි චන්ද්‍රසේන නාමය අගනුවර කලා ලෝලීන් ගේ මුවග තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේ
ඔහුගේ සප්තස්‌වරය කැවූ වේදිකා නාට්‍ය ගණනාවක් එළිදැක්‌වීම නිසාය ඒ අතර පසුව දසත
පතල දැවැන්තයන් වූ හර්බට් එම් සෙනෙවිරත්න ජී ඇස් බී රාණී ඇතුඵ පිරිසක් චරිත
නීරූපනය කළ දස්‌කොන් ද අරුණ ශාන්ති ජේශප් සෙනවිරත්න රගපෑ නගර ශෝභනී ද විය
ඒ චන්ද්‍රසේන නාමධාරී මිළග පරපුර දරු සම්ප්‍රාප්තිය ඉහත වසරින් ඇරඹුනු දශකයේදී
සිදුවුයේ කෙසේද යත් පවුලට සිරිදුව කැන්දු කුඵඳුල් දුවණිය තිලංගනී ද පුතු ලලිත් ද
දශකය ගෙවීයද්දී තෙවැන්නිය දර්ශනී ද ඩේවිඩ් මාවත කැදැල්ල ට එකතුවීමෙනි
අඳුරු වළා පටල ඈතින්වත් නොදිස් වූ පැහැබර කාන්තිමත් නීලම්බරයේ හමනා මදපවනේ පහස
ලබමින් චන්ද්‍රසේන කුටුම්භයේ දිවි තවලම කිරිසිනහා උතුරවමින් ඇදී යන්නට විය...........................
විරාමයකින් මතු හමුවෙමු.....................(විශේෂ ස්‌තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)
මූලාශ්‍රය - චන්ද්‍රසේන ගාන්ධර්ව අපදාන - මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් විරචිතය
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හෙටටත් අදටත් සර්වකාලීනය - මියුරුය ඒ අමයුරු ගී සරය - ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් ගී යුගය - 1915-1950
ලෝ නාථා බුදුහිමි රාජා - පා ප්‍රේමා මුදු සිත ලොවටා
ගායනය - ආර් ඒ චන්ද්‍රසේන - ශ්‍රියානි චන්ද්‍රසේන යුවළ විසිනි
පටිගත කිරීම - සිල්වර්ෆෝන් ශබ්දාගාරය (ප්‍රාථමික මට්‌ටමේ පැවති අවම තාක්‍ෂනික පහසුකම් සහිත ශබ්දාගරයකි) - කොළඹ යුනියන් පදෙස (වර්තමානයේ දක්‌නට නැති 90 දශකය දක්‌වා පැවති එම්පයර් සිනමා ශාලාව අසල පිහිටා තිබිණි)
හිස් මාස්‌ටර්ස් වොයිස් ලේබලය - නිෂ්පාදනය - සිමාසහිත කාර්ගීල්ස් සමාගම කොටුව - 1949 ?
තැටි අනුක්‍රමික අංකය - WN 151
පද රචනය - ශ්‍රියානි චන්ද්‍රසේන
තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන
විශේෂ කරුණු - චන්ද්‍රසේන යුවළ විසින්ම සම්පූර්ණයෙන්ම දායක වූ ගී නිර්මාණයකි ගායනා කිරීමේදී ආර් ඒ චන්ද්‍රසේනයන් ස්‌පාඤ්ඤ ගිටාරය අතදරා වයමින් ගායනා කරනු ලැබූ බව වාර්තා වේ
මෙතැනින් සවන්දෙන්න