namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, January 31, 2021

මහවැලි ගීත නාටකය - ස්වර්ණ ජයන්තිය - ධර්ම ශ‍්‍රී කුරුප්පු

විසිදෙවැනි නිදහස් සැමරුම් මහ උළෙල - 1970 පෙබරවාරි 04 දින ඇසුණු ගී හඞ -  ’සුභ නව යුගයක ඉර පායා එන්නේ.....’

(ස්වර්ණ ජයන්ති සැමරුම් අතීතාවලෝකනය) - 1970-2020



නව දශකයක ආරම්භයේ නව වසර උදා වී තිබේ නොබෝ දිනකින් අගනුවර නිදහස් චතුරශ‍්‍රයේ පැවැත්වීමට නියමිත මහා සමරු උළෙලට සියල්ලෝ ලක ලැහැස්ති වෙමින් සිටිති  



ලක්මව බිරිතානිය කීරිටයෙන් මිදී නිදහස් සුව විඳිනා විසිදෙවැනි සංවත්සරය එළඹෙන්නට ඉතිරිව ඇත්තේ තව දින කිහිපයකි  ඒ වෙනුවෙන් ඇපකැප වන රාජ්‍ය ආයතනයන් අතර වඩාත් ප‍්‍රමුඛස්ථානය ගන්නේ ස්ථාපනය කර යම්තම් තෙවසර සම්පුර්ණ කල ලංකා ගුවන් විදුලි සංස්ථාවයි 


මෙකී නිදහස් සමරු මහ මංගල්‍යය හැඩ වැඩ කරවාලන්නට එයින් මහ ඉගි නඵවක් වේදිකා ගත කරන්නට කටයුතු පිළියෙල කෙරෙමින් පැවතුනි 


අගමැති ඩඩ්ලි සේනානායක මැතිඳුන් ගේ අශීර්වාදයෙන් දියත් කරන්නට නියමිත අති දැවැන්ත සංවර්ධන වැඩසටහන රටේ ජිවනාලිය බඳු ගොවිතැන ඉලක්කර කරගනිමිනි අතීත රජරට ශ‍්‍රී සමෘද්ධිය යළි උදාකරනු පිනිස දිවයිනේ දැවැන්ත වාරි කර්මාන්ත සංවර්ධන වැඩසටහන මහවැලි නදිය ඇසුරේ දියත් කරන්නට කටයුතු සම්පාදනය කර තිබුනි.


ඒ කුමක්ද එයින් ඇතිවන ප‍්‍රතිලාභ කෙසේද යන මේ කරුණු පිළිබඳව දැනුවත් වූ රටවැසියන් අල්පයකි ඒ කරුණ නිමිති කොටගෙන ගුවන් විදුලි කාර්යාලයේ මෙකී කාර්ත්‍යය නම් කෙරුණේ ’මහවැලි’ ගීත නාටකය යනුවෙනි



ගුවන් විදුලි දෙපාර්තුවෙන් බැහැර වී නව සංස්ථාවක් ලෙස යළි ප‍්‍රතිස්ථාපිත ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහ පුටුව අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරයි එවක රජයේ ප‍්‍රවිණතම ජ්‍යෙෂ්ඨතම පරිපාලකයෙකු වු නෙවිල් ජයවීරයන් විසින් එය නියෝජනය කරද්දී අධ්‍යක්‍ෂ මන්ඩල සාමාජිකයන් පෙළක් ඔහු යටතේ කටයුතු කළහ


ගුවන් විදුලි ළමා පිටියෙන් ද රජයේ සංගීත විදුහලෙන්ද උත්තර භාරතීය භාත්ඛන්ඩේ නිකේතනයෙන්ද  බෞතිස්ම ලද්දාවු ආධුනික යෞවන යෞවනියන් පෙළ එවකට එහි ආ ගිය ක්‍ෂේත‍්‍රයේ මහ විරුවන් දැවැන්තයන් සමූහය යටතේ පුහුණුව ලබමින් සිටියේය


අයිවෝ ඩෙනිස්  - අමිතා වැදිසිංහ - මල්කාන්ති නන්දසිරි - සනත් නන්දසිරි - නීලා වික‍්‍රමසිංහ යන යොවුන් ගායක කැළ මේ ඉගිනඵවේ ගීත ගැයුම් පුහුණු වෙද්දී 


පණිභාරත - රැුජින සෙල්වනාගයම් - පද්මිනී දහනායක - කුලසිරි බුධවත්ත ඇතුඵ පිරිසගේ  නර්තනාංග ඇස රසඳුන් ගැල්වීය


සියඵ දෙනා නොඉවසිලිවන්තව අපේක්‍ෂාවේ දෑස් විදහා බලා සිටි මෙහොත එළැඹිනි


මහවැලි මහා ගීත නාටකය වෙනුවෙන් ඉදිකෙරුණු මන්ඩපයේ සම්භාවනීය පිරිස වෙනුවෙන් පැනවු අසුන් අරා විරාජමාන වු ඒ මහ පුරුෂයන් අතර පළාත් පාලන අමත්‍යධූරන්දර අර් පේ‍්‍රමදාස සහ එම ආර්යාව කැළණිය පදෙස එකාලෝක කල විජේවර්ධන පරපුරේ අමුත්තන් අතර ප‍්‍රමුඛයා වු ජේ ආර් ජයවර්ධන මුදල් අමත්‍ය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ සම්භාවනීය ආරාධිතයන් අපේක්‍ෂා කලේ සිය නියමුවා අගමැති ඩඩ්ලි සේනානායකයන්ගේ සම්ප‍්‍රාප්තියයි



සුබ දිනයේ සුබ හෝරාව එළැඹි තිබේ නෙක පැහැ විදුලි බුබුඵ දහරා රැුස් මාලා හාත්පස එකාලෝක කරද්දී  උත්සවාකාරයෙන් භේරි තුර්ය වාදන මිහිර පසුබිමේ දෙව්දුනු පැහැයෙන් රගන  විදුලි පුංජයන්ය එඅයුරින් එකාලෝක වු වේදිකාව සිසාරා  රංගන ශිල්පීන් වැයෙන පදට පාද තබමින් රගන්නේ ලක්මව ඇකයේ සැනහෙන මහවැලි නදී කොමළියගේ රුසිරු වරුණාව මෙන්ම ඇගේ ගමන් මං සළකුණු කියා පාමිනි


අගමැති ඩ්ඩ්ලි සේනානායකගේ කිත් පැසසුම් යසස් ලැබගත් මහවැලි ගීත නාටක නඵකැළ සහ එහි නිමැයුම් මෙහෙයුම් කරුවා වු ගුවන් විදුලිය එහි නිර්මාතෘවර කලාකරුවාට ණයගැති විය යුතුය


ඔහු කවරෙකුද යන්න පසු පරම්පරාවන්හි සාමාජිකයන් නොහැඳින සිටින නමුදු එදවස වියතුන් - රසවතුන් - කලා නිර්මාපකයන් ට ඔහුගේ නාමය කිසිසේත් අගන්තුක නොවේ


ඔහු ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියමු නෙවිල් ජයවීරයන් ප‍්‍රමුඛ පළමු නිල අදියුරු මඩුල්ලේ සාමාජික ධර්ම ශ‍්‍රී කුරුප්පු රසවතාණන්ය මෙයින් සටහන් කෙරෙන්නේ ඔහුගේ වගතුගයි



සබරගමු වැසියෙකු ඔහු පිළිබඳ පවත ඇරඹෙන්නේ අදින් සියවසකට පමන පෙර දුරුතු මහේ තෙවැනි දිනදීය. රුවන්පුර ’සීවලී’ සිප්හලට අකුරු කරන්නට පිවිසෙන්නට පළමු සිය ගමේ විහාරස්ථානයෙන් ශ‍්‍රාස්ත‍්‍රාලෝකය දල්වා ගත් ’ධර්ම ශ‍්‍රී’ සිය සියගම්පියසේ වැසියෙක- වු ’බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය’ මහතෙරිඳු ඇසුරේ ගුරුහරුකම් ලබමින්   ’පාලි’ ’සංස්කෘත’ ඥානාලෝකයෙන් සිය දිවිය ඒකාලෝක කරගත්තේය.


විසිවන සියවසේ මුල් යුගයේ දිවයිනේ නම්දැරූ පුවත්පත් වු ’සිංහල බෞද්ධයා’ ’සිංහල ජාතිය’ සෙවනේ ලේඛන කලාවේ ප‍්‍රවිණත්වය ලබන ලදුව, පෙරකී පුවත්පත් කතුවරයන් වූ  ’හේමපාල මුනිදාස’ සහ ’පියදාස සිරිසේන’ යන දැවැන්තයන් යටතේ  සහය කතුවර ධූරය හෙබවීය.ඒ එවකට පිළිගත් ඉහළ අධ්‍යපාන සුදුසුකම් වූ ’ලංකා මැට්රිකියුලේෂන්’ විභාග කඩුල්ලෙන් එතෙරව ’ප‍්‍රාචින භාෂෝපාකාර සමිති’ පරික්‍ෂනයෙන්ද එතෙරට පැන ගනිමිනි.


ඉන් මෑත අවධියකදී, ලාංකීය පුවත්පත් මාධ්‍ය කලාවේ මහගුරු ’ඩී බී ධනපාල’ ශූරීන් ගේ ඇරයුමෙන් ඔහු ’ලංකාදීප’ කතුමඩුල්ල ට එක්වෙද්දී 1947 වසර ගෙවෙමින් තිබිනි.


 එයින් නික්ම ගොස්, ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක සිරිමතනාන් විසින්  ’ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ’ නිල පුවත්පත වු ’සිංහලේ’ කතුධුරය හොබවන්නට ඔහු තෝරාගන්නා ලදින් ඊට අතහිත දී එතැන් සිට ’බණ්ඩාරනායක දර්ශනය’ පොදුජන විඥානය වෙත කාවැදීමේ වගකීම භාර ගනු ලැබිය.


එසේ කටයුතු කරමින් සිටියදී  ’සිරිමාවෝ’ අගමැතිනියගේ ආශිර්වාදයෙන් කියුබානු නායක ’පිදෙල් ක‍්‍රස්තෝ’ ගේ පස්වැනි විප්ලවීය සැමරුම ට සහභාගී වන්නට වරම් ලද්දේය.


60 දශකයේ මධ්‍ය භාගයට එළඹෙද්දී එවකට මව්බිමේ සිදුවෙමින් පැවති ’දේශපාලන පෙරළියක’ ක‍්‍රියාකාරියෙකු ව සිටිමින් ශ‍්‍රිලනිපයේ දැවැන්තයකු වු ’සී පී ද සිල්වා’ ඇතුඵ සාමාජිකයන් සමගින් විරුද්ධ පිළ වෙතට නික්ම ගියේය.


එහි ප‍්‍රතිඵලයක් ලෙස, 1965 වසරේදී පත්වූ නවරජය යටතේ එය දෙවර්ෂ පූර්ණය පසුකරද්දී සංස්ථාවක් ලෙස ස්ථාපිත ’ලංකා ගුවන් විදුලියේ’ ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂ ධූරයකින් පිදුම් ලැබිය. ඒ අධ්‍යක්‍ෂ මන්ඩලයේ මහ පුටුව හොබවන්නට වරම් ලද්දී කීර්තිමත් පරිපාලකයකු වූ ’නෙවිල් ජයවීර’ මහතා ය.


ඔහුද ’ධර්ම ශ‍්‍රී’ ඇතුඵ කන්ඩායම ගුවන් විදුලියේ එතෙක් පැවතී ගමන් මග වඩාත් පැහැබර කරන්නට ඉන් ශ‍්‍රාවකයන්හට උපරීම රසාස්වාදයක් සලසමින් ඔවුන් ඥානනය කරනට ’විය හැකි දේ’ හා ’කල හැකි දේ’ සොයා බැඵහ.


එහිදී ඔහු ඉදිරිපත් වී ’සිංහල ජනවහර’ ’ජනශ‍්‍රැතිය’ පිළිබඳව නව වැඩසටහන් පෙළගස්වන්නට කටයුතු සම්පාදනය කරන ලද අතර ’දෙවිසිවන නිදහස් සැමරුම් උළෙල’ උත්සවාකාරයෙන් සැමරීමේ පිනිස ගන්නා ලද ක‍්‍රියාමාර්ග හමුවේ කැපී පෙනන කාර්යභාරයක් ඉටු කරනු ලැබිය.


------------
අගමැති -  ඩඩ්ලි ‍ සේනානායක 
------------

ඒ අතරවාරයේදී, අගනුවර නිදහස් මන්දිරය අබියස රගදක්වනු ලැබ දිවයින පුරා නගරාශ‍්‍රිතව සංදර්ශන ඉදිරිපත් කරන ලද  ’මහවැලි’ ගීත නාටකයේ මහ මෙහෙයුම්කරුවා ද නිර්මාණකරුවා ද ඔහුය. ඒ වනවිට වර්තමාන ලක්දෙරණේ මෑත කාලීනව දියත් කරන්නට යෙදුනු දැවැන්තම ව්‍යාපෘතිය වූ ’මහවැලි ව්‍යාපාරය’ යථාර්ථයක් බවට පත්වීමේ සළකුණු මතු කරමින් ’පොල්ගොල්ල වේල්ල සහ හැරවුම් ව්‍යාපෘතිය පණ ලබමින් පැවතියේය. මහවැලි ගීත නාටකය එහි ප‍්‍රචාරක මෙවළම් අතරින් කැපී පෙණුනි. ’මහවැලි නදී’ කුමරිය ලක්මාතාව සනහමින් ඇයගේ ඇකයේ දැවටී එතෙන ලතාවේ අසිරිය පියවරෙන් පියවර  කව්පද පේලියෙන් මතුකලේ මහවැලි ගීත නාටකයයි.



’ලක්මාතා’, ’උඩරට මැණිකේ’, ’ගුත්තිල විත්ති’ නමින් වු නවකථා කිහිපයක් සිය කතුවර මෙහෙවරෙන් හැඩ කල ඔහු ’සිගිරී’ පර්වතයට පෙම් බඳිමින් ’සිගිරි සින්දු’, ’සිගිරි හස්ත’ ග‍්‍රන්ථයන්ද ’සිහගිරි පවත’ ද පබැඳීය.


ඒ වසරේදීම සිදුවූ දේශපාලන සංක‍්‍රාන්තිය හමුවේ සියල්ල යළිදු උඩුයටිකුරු වි ගියද ඔහු සිය ස්ථාවරයේ නොසැළි සෙල්මුවා පිළිරූ සේ ?ඳි සිටියද අත්විඳින්නට සිදුවු කෙණෙහිළිකම් හමුවේ කලකිරී එතැන් සිට නිහඞ දිවිපෙවෙතකට යොමු විය.


’සිහගිරි පවත’ ගීත නාටකයද තවත් නවකථා රැුසක ද රචකයා වු ඔහු පසුකාලීනව ක්‍ෂේත‍්‍රයන් දුරස් වී සිටිමින් අටසැත්තෑ ගණනක මිහිමත ජන්ම දින සැමරුම් අත්විඳිමින් විසිඑක්වැනි සියවස උදාවන්නට තෙවසරකට පෙරාතුව නිකිණි මසින් 18 දිනකදී මිනිස් ලොව  මෙහෙවර නිමා කරමින් ’ලක්මාතවගේ’ ඇකයෙන් ගිලිහි සැගවී ගියේය.


1970 නිදහස් සමරු දින මහෝත්සවය - ’මහවැලි’ ගීත නාටකයේ කලඑළි මංගල්‍යය. - 1970 නවම් මස 04 දිනදී ’නිදහස් මන්දිරය’ අබියස අබිමන් පෑ ඉගිනඵව

----------------------------------------------

ගැයුම - අමිතා දඵගම - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි -  සනත් නන්දසිරි -  රෝහිත විජේසූරිය ඇතුඵ කන්ඩායම


තනු සහ සත්සර රටා  - නැසිගිය මහ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල


සංගීත සංයෝජන  - නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී ඩී ආර් පීරිස්


පද බැඳුම - නැසිගිය ධර්ම ශ‍්‍රී කුරුප්පු

-----------------------------------

’මහවැලි ගීත නාටකයේ’ දොරට වැඩුමේ තේමා ගීතය-


සුභනව යුගයක ඉරපායා එන්නේ...............


අරුණෝදයේ මල් කැකුඵ පොපියවන්නේ .............


ජනමන පිනවන මන්ද මාරුතේ ........


නැවුම් සුවඳ විහිදෙන්නේ .............


අතීත ලංකා ..............


වර්තමානයෙන් ................


අනාගතේ අජ සිහින දකින්නේ .............



රුහුණු - පිහිටි - මායා සිංහලයේ...


ඈත අතීතේ දිස්වේ දිස්වේ........


ලංකා ඉතිහාසේ කැට තලයේ ..........


ආදි මුතුන්මිත්තන් අපගේ..............


වීර විකුම් පෑ ලක් පොළොවේ ............


සැම බිම් අගලක නැවතත් පෙර මෙන් .............


සරු බිම් ...ගොවි බිම්....ජය බිම් වේ.....


සෝබන කෝමල රේඛා සටහන් ......


ඈත අතීතේ දිස්වෙන්නේ ..............


යව්වන පරපුර නව ජීවනයේ ............


පහන් දරක් දැක සැනහෙන්නේ .....


-----------------------------
මෙතැනින් සවන්දෙන්න






------------------------------
02  ගායනය රෝ්හිත විජේසූරිය - ලාලනි සෝමසිරි ඇතුඵ පිරිස
--------------------------------
සාගරයක් මැද පුංචි රටක් ඇත................

මෙහෙම රටක් තව ලෝකයෙවත් නැත ..............

-------------------------
මෙතැනින් සවන්දෙන්න


සටහන - 1970 පෙබරවාරි 04 දින නිදහස් උත්සවය උදෙසා ඊට තෙවසරකට පෙර අභිනවයෙන් සංස්ථාපිත  ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් විශේෂ වැඩසටහන් ද ඒ ආශ‍්‍රිතව ප‍්‍රශස්ත ගී නිර්මාණද ගණනාවක් එළි දැක්විය. ඒ නිර්මාණ මෙළෙස ඉන් මත්තටද නිරතුරු එයින් වාදනය කරන්නට යෙදුනු අතර දශක ගණනාවක් ඇවෑමෙන් ඒවා එදා ලංකා ගුවන් විදුලි ශ‍්‍රාවක දනන් ගේ වින්දන පරාසය පුඵල් කළේය. ප‍්‍රවිණ ගී පද රචක හේම ශ‍්‍රී ද අල්විස් ශූරීන් විසින් විරචිත ගීතයක් ඔහුගේ භාර්යාව වූ ප‍්‍රවිණ ගුවන් විදුලි ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය විසින් ලක්‍ෂමන් රොද‍්‍රීගෝ ගුවන් විදුලි ගායන ශීල්පීයා ඇතුඵ දරු කැළගේ සහභාගීත්වයෙන් පටිගත කරන්නට යෙදුනි. ගීතයේ පදපෙළ ඇසුරෙන් ඊට පාදක වූ ප‍්‍රස්තුතයේ දින වකවානු පැහැදිලිව ලියැවුනු එකම ? සිංහල ගීතය එය විය හැකිදැයි විමසනු වටි. 


හෙළ ජාතික පියුම්  විලේ ..............


සුවඳ කැකුඵ මල් වැනි ...............


අතමිට මොළවා සුරකින් දේ ............


මොනවද දරුවනේ ....?


සව්සිරියෙන් සපුරන්නට ....


උදාවන අනාගතේ ...


රන්මිණිමුතු වැනි අදහස් ...........


අතමිට මොළවා අතේ ....................


විසිදෙවසරකට පෙර ලැබු ..............


නිදහස් සුව වළඳවා .............


ලංකා මව සැනහේ ..............


තොල් පෙති අග හසරැුලි මවා ...........


දෑ අභිමානය බිහිකල අද දිනේ .............


අනගාරික ධර්මපාල හිමි සමරමු සිව්හෙළේ ..........


---------------------------------------------------

මෙතැනින් සවන්දෙන්න

Play Music - Free Audio - (විශේෂ ස්තුතිය - ප‍්‍රවිණ මාධ්‍යවේදී සෝමසිරි කස්තුරිආරච්චි මහතා වෙත)

(ඉන්ද්රානී කුරැප්පු මහත්මිය වෙත - ධර්ම ශ‍්‍රී කුරුප්පු දියණිය)

සේයා රූ - ’ධර්ම ශ‍්‍රී කුරුප්පු - වෙබ් අඩවිය


Tuesday, January 5, 2021

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

 එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු - 01

හින්දි සිනමා ගීත මාධූර්යය නොපරදින්නට සිංහල සිනමා ගීත රසය දියුණු තියුණු කරන ලද්දාවූ ලාංකීය සිංහල සංගීතඥ බලමුඵව නියම ලෙස පෙළ ගැසෙන ලද්දේ 70 දශකයේ මුලාරම්භයේ සිට බව පෙනියයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සිය නිර්මාණ නිම්වළලු පුඵල් කරද්දී  ආචාර්ය වික්ටර් රත්නායක සහ සරත් දසනායක ඊට නවකයන් ලෙස සම්බන්ධ විය.


60 දශකයේදී පන්ඩිත් අමරදේවයන් ඊට දයක වෙද්දී දක්‍ෂිණ භාරතීය දේශවාසී පසුව ලාංකීක පුරවැසි බව ලද රාමයියා මුත්තුසාමි සිනමාවේදීන්ගේ ප‍්‍රියතමයා ද ලංකීය ද‍්‍රවිඩ සංගීතඥ එම් කේ රොක්සාමි ජනප‍්‍රසාදයෙන් දෙවැන්නාද වු බව කියැවේ.


50 දශකයේදී ’සැක්සෆෝනය’ අතදරමින් ගී රාව ප‍්‍රතිරාව නැංවූ ’රොක්සාමි’ අතිවිශීෂ්ඨ වයලීන් වාදන ශූරයෙකු බව රසිකයන්ද සෙසු ශිල්පීන්ද හොඳින් දැන හැඳින සිටියේය.


හින්දී සිනමා ගී තනු අනුකරණය කරන ලෙස දන්වනු ලැබූ අවස්ථා ගණනාවක් හැරෙන්නට ග‍්‍රහනය ලිහිල් වූ සැමවිටම ඔහු කර්ණරසායන ස්වාධීන නව ගී තනු ද සංගීත සංයෝජනයන්ද සිය සිනමා සංගීත නිර්මාණ උදෙසා එක්කරනු ලැබිය.


ඉන්දීය ජාතික සිනමාවේදී ’එම් මස්තාන්’ විසින් අදියුරු භූමිකාව හොබවනු ලැබූ ’ධීවරයෝ’ 1964 වසර වර්ණවත් කලේය. එහි ගීත පොකුර ’රොක්සාමී’ නම් වූ ගාන්ධර්වයාගේ නිර්මාණ බලමහිමය මනාලෙස ප‍්‍රකට කළේය.



සතුට සෝකේ ජය පරාදේ  - ලතා වල්පොළ


සාමය සමගිය පතුරාලා  - ලතා වල්පොළ - මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා


නිලට නිලේ විහිදී යයි අමර දසන්තේ - ලතා වල්පොළ සහ ධර්මදාස වල්පොළ


ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද - ලතා වල්පොළ - මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා


ආගාධ සාගරයේ ඈත දියේ බිළි බෑවි - ජේ ඒ මිල්ටන් පෙරේරා


වැල්ල සිඹින රැුල්ල අපට මෙහෙම කියනවා - ලතා වල්පොළ - මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා


රෑ බෝ වී යයි - මිල්ටන් පෙරේරා සහ හරූන් ලන්ත්රා


සමග ගී තනු අනුකරණය කරන ලද


මාලිගාවේ මහ රැජිනී  - සුජාතා අත්තනායක



හොඳම ගීතය ලෙස සරසවි සම්මානයෙන් පුද ලද ඔහුගේ රසාලිප්ත ස්වත‍්‍රන්ත‍්‍ර තනුවකින් සුසැදි ගීතයක් කලඑළි දුටුවේ 1967 වසරේ තිරයේ ඇඳි ’මහ රෑ හමුවූ ස්ති‍්‍රය’ සිනමා සලරුවෙනි. යාපන වැසි ’කේ වෙන්කටසාලවන්’ සහ ’රොක්සාමී’ නම් වු ඔවුන් ඉස්ලාම් භක්තික ’මොහිදීන් බෙග්’ ද සමගින් සිය සහෝදර සිහල රසිකයන් වෙනුවෙන් අත්වැල් පටලා ගත් කුඵඳුල් නිර්මාණයයි ඒ.


සරවන බව කඳසුරිඳුගේ තෙදබලේ ................


පවසන තුරුලිය පොබකල මදනළේ .........................


(ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකර)


මෙතැනින් සවන්දෙන්න

--------------------------


Embed Music Files - Download Audio -




මෙතැනට එළඹෙද්දී සංගීත අධ්‍යක්‍ෂනය ’එම් කේ රොක්සාමි’ නාමය යටතේ සිනමා නිර්මාණ පෙළක මතකයේ නිදන් වූ ගීත රැුසක් ශ‍්‍රාවකයන් පිනවමින් තිබිනි.



හිනා වෙන්නේ ඇයි මේ  - ප‍්‍රමාදය හින්දයි මේ - සංසාරේ 1962 (ජෝති සහ චන්ද‍්‍රා ද සිල්වා)


සඳුන් ගසේ සමන් වැලක් පිපෙන්නේ  - අදට වැඩිය හෙට හොඳයි - 1963 (මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට)


බාළොලි ලොළි දොයිය බබා - අදට වැඩිය හෙට හොඳයි - (ලතා වල්පොළ) - සංගීත සංයෝජනය 


බාළොලි ලොළි දොයිය බබා - අදට වැඩිය හෙට හොඳයි - (ඉන්ද‍්‍රානි විජේබන්ඩාර) - - සංගීත සංයෝජනය 


දිය රැුල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ - සුහද සොහොයුරෝ - 1964 (ෆ්‍රෙඩී සිල්වා - පුෂ්පරාණි ආරියරත්න)


මැණීකක් රකිනා නා රජිඳෙකු සේ - චන්ඩාලි - 1964 (මොහිදීන් බෙග් - ජී එස් බි රාණි පෙරේරා)


සඳ රැුජිනියනේ වැජඹෙන ගුවන අරා - සැකය - 1965 (සුජාතා අත්තනායක)


විණාවේ සත්සර නාදේ ඔබ පිරිමාදිනා තාලෙට - සැකය - (හරූන් ලන්ත‍්‍රා සහ සුජාතා)


එයින් කිහිපයකි.


’රොක්’ අයියා නමින් කලාලොව සහෘද මිතුරු කළ විසින් අමතනු ලැබූ ඔහුගේ ගී සත්සර රටා යෝධ සෙවණැල්ල එතැන් සිට ඉදිරියට දුරින් දුරට ඈත කොණ දක්වා පැතිර ගියේය.


නිදහස් කාහළ නාදය රැුව්දේ හෙළදිව අඹර පුරා.......සිගිති සුරතල් - 1968 (මිල්ටන් පෙරේරා)


කොමළ පපා මුකුඵ පපා අපේ ලගට එන්නකෝ.......  ඔහොම හොඳඳ - 1970 (ඇන්ටන් ජෝන්ස් ඇතුඵ පිරිස)


හදමල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා.............රන්රස - 1967 (හරූන් ලන්ත‍්‍රා)


ඔබේ මව්බිම සිංහලයි ඔබේ මව්බස සිංහලයි.....සූරයන්ගෙත් සූරයා - 1969 (සුජාතා අත්තනායක)


රජකම් කෙරුවත් කළකම් පළදේ............ඔහොම හොඳද - 1970 (ජෝති)


මල්කැකුළි ගෝමරී මනාලී මල් ගොමුවේ..සිරිල් මල්ලී - 1974 (ජෝති)


ඔබගේ රුව මාගේමයි සසරේ මල් පීදීමයි.... හරිම බඩු තුනක් - 1976 (එම් එස් ප‍්‍රනාන්දු සමග රංජනී පෙරේරා)


ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා....නීලා - 1977 (ලතා වල්පොළ සහ සූජාතා අත්තනායක වෙන් වෙන්ව)


සීතල රටේ මීදුම වැටේ .....සකුන්තලා - 1977 (සූජාතා අත්තනායක)


කුංකුම රත අංගරාජ ....දෙවියනි ඔබ කොහිද 1977 (පන්ඩිත් අමරදේව) - සංගීත සංයෝජනය  පමණයි (තනුව අමරදේවයන් සතුයි)


ආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී - දෙවියනි ඔබ කොහිද - 1977 - (සුජාතා අත්තනායක සහ වික්ටර් රත්නායක)


සුමියුරු ස්වත‍්‍රන්ත‍්‍ර තනු නිර්මාපකයෙකු මෙන්ම සංගීත සංයෝජයෙකු වූ ඔහුගේ එකී ප‍්‍රතිභාව නිසිලෙස ක‍්‍රියාවේ යොදවන්නට මේ වකවානුවේ අතිබහුතර සිනමාකරුවන් සහ මුල්‍ය දායකත්වය දැක්වූ අර්ථපතියන් ඉඩදුන්නේ නැත. ඔහු ප‍්‍රතිනිර්මාණය කළ ’අනුකාරක’ ගීත ගොන්න අතිමහත් විය. ඒවා ද සිනමා ලෝලී දනන් තුඩ තුඩා රැුව් පිළීරැුව් දුන්නේය.


නිලූකා මන් ආදරේයි කුසුම් සරයි .................නිලුකා - 1977 (ජෝති)


චිං චිං නෝනා චිං චිං කංකං බූරු කංකං...චිං චිං නෝනා 1977 (ජෝති සහ ෆ්‍රෙඩී සිල්වා ඇතුඵ පිරිස)


හෘර්දේ රස මාලිගේ ප‍්‍රිති දේ මා හදේ.........සකුන්තලා 1977 (සූජාතා අත්තනායක)


සුදුපාට මිදුම් ගලාලා...එදත් සුරයා අදත් සූරයා - 1974 (ජෝති සහ ඇන්ජලීන්)


රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා...කව්ද රාජා - 1976 (ජෝති)


දිනේ ලංකා මගේ ලංකා සදාකාලේ සිනා නංගා - කව්ද රජා - 1976 (ඇන්ජලීන් ගුණතිලක සහ ෆ්‍රෙඩී සිල්වා)


පන්දම් අල්ලා ගත් නම්බු නාමේ - කව්ද රජා - 1976 (ජෝති)


මල්වැහි සීතල මල් වැස්සේ - හොඳට හොඳයි - 1975 (ජෝති සහ ඇන්ජලීන්)


මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා...එදත් සූරයා අදත් සූරයා (ලතා වල්පොළ)


ඒ අතරින් අල්පයකි

තම කිරිකැටි බිළිඳා තුරුඵ කරගත් මවක් සේ ’වයලීනය’ තුරුඵ කරගත් ඔහු නිරතුරු එසේ ගැවසුනේ ’චිත‍්‍රාගාරයට’ වඩා ’ලංකා ගුවන් විදුලි පටිගතකිරීමේ මැදිරි’ තුලය. එහි බොහෝ වාර ගණනකදී ඔහු පන්ඩිත් අමරදේව,සෝමදාස ඇල්විටිගල, ඩී ආර් පීරිස්, වික්ටර් දඵගම, වික්ටර් රත්නායක,පී එල් ඒ සෝමපාල, සෝමතිලක ජයමහ, තිලකසිරි ප‍්‍රනාන්දු,බී වික්ටර් පෙරේරා, දයාරත්න රණතුංග,ඩී ඩී ඩැනී,සෝමපාල රත්නායක,පේ‍්‍රමදාස අතුකෝරාළ, පියදාස අතුකෝරාළ, පේ‍්‍රමදාස මුදුන්කොටුව,පැට‍්‍රික් දෙණිපිටිය,සී ඩී ෆොන්සේකා, නන්දා මාලිනී, සරත් බාලසූරිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්  ආදී මෙකී නොකී ගාන්ධර්වයන් රැුසකගේ ගී තනු ගී වාද්‍ය ඛන්ඩ ප‍්‍රස්ථාර ලිපි සිය වයලීනයෙන් පණගැන්වීය. ඒ සිය හදවතින් මතු වී පැන නැගී ගී මියැසි නාද රටාවන්ට අමතරවය.


බුදු සාමිනේ සිරිපා පියුම් කරමි බැති පිණි පා......................


ගුණෙනි සොමි සෙත පෑමෙනි කරුණා සුවේ සතපා ................


(කරුණාරත්න අබේසේකර) ගැයුම - ඉන්ද‍්‍රානි සේනාරත්න විජයබන්ඩාර


මෙතැනින් සවන්දෙන්න

----------------------

Embed Music Files - Audio Hosting - style="font-size: large;">

(විශේෂ ස්තුතිය - ඉන්ද‍්‍රානී රොක්සාමී මහත්මිය වෙතට)



-----------------------------(මතු සබැඳේ)-------------------------------------