namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 22, 2015

ඔබ කොහි සැගවුනිද ?

දයාබර සංගීතවෙsදියාණෙනි (02 කොටස) - බැති උපහාර මනහාර ගී නාදය


ප්‍රවිණ සංගීතවෙsදී සරත් බාලසූරිය දිවිමග සළකුණු


උපත 1942 දෙසැමිබර් 10

විපත - අවිනිශ්චිතයි

උපන් ගම - කිරුළපන

සංගීතය හැද+රීම - රජයේ සංගීත විද්‍යාලය - 1962 (වයලීන් වාදනය)

(අමිතා දඵගම / වින්සන්ටි ප්‍රේමසිsරි / නවරත්න අත්තනායක සමකාලිනව)
බටහිර සංගීත නිපුණතා හා ප්‍රගුණ කිරීමි - ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර තුර්ය වාදන වෘන්දය - ක්‌ලැරිනටි වාදක - 1968

ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කමි (ගී නිර්මාණ) -
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය - 1973
- වෙළඳ තැටි සංගීත අධ්‍යක්‍ෂනය - 1966 සිට


සරත් බාලසුරිය සංගීතවෙsදියා යුධ හමුදා තුර්ය වාදක මන්ඩලයේ පෙරදිග රාගධාරි සංගීතය හැද+රු ප්‍රමුඛතම සාමාජිකයා වූ බව සඳහන් වෙs

ශ්‍රවණය කල සැණෙන් එහි ස්‌වර හඳුනා ගෙන ස්‌වර ලිපිය සටහන් කිරීමෙs අපුර්ව හැකියාවක්‌ අත් කර ගත් ඔහු ඒ හරහා ගායකයන් හා වෙනත් සංගීතවෙsදීන් ගේ නිර්මාණකරණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ශිල්පියෙකු විය

නැසිගිය පැටි්‍රක්‌ දෙණිපිටිය සංගීතවෙsදියා ද 50-60 දශකයේදී ඉහත ශිල්පයේ කෙළ පැමිණියෙකුව සිටි බවද කියෑවෙs

ගුවන් විදුලියේ සේවය කරණ සමයේදී මධුවිතට ඇබිබැහිවීමෙන් වරින් වර රෝගි තත්වයට පත්වූ ඔහු 1996 අප්‍රේල් මසයේදි ඒ සඳහා රෝහල්ගත ව සිටි බව වර්තා වෙs

ඔහුගේ ජීවන චාරිකාවෙs වඩත් අනුවෙsදනිය සිදුවිම සටහන් වන්නේ එහිදීය

දිනක ඔහුගේ සුවදුක්‌ විමසන්නට පැමිණි පවුලේ සාමාජිකයන් හට ඔහු දක්‌නට නොවිය

අපවන් රසිකයන් වෙත සුන්දර නිර්මාණ ගණනාවක්‌ තිලිණ කළ මෙs අපුර්ව නිර්මාණකරුවා රෝහලෙන් අතුරුදහන්ව ගොසිනි

එදා මෙදා තුර දශක 2 ක්‌ ඉක්‌මවා යන්නට ආසන්නය

සොයා විපරමි කරනු ලැබුවද ඔහු පිළිබඳව කිසිම තොරතුරක්‌ වාර්තා නොවූ බව සඳහන්ය
---------------
නෙමියෙන නිර්මාණපෙලින් බිඳක්‌
හෙළ දෙරණේ කඳුල සුසුම / සිරිපොද වැස්‌සේ / අනේ මස්‌සිනේ (නන්දා මාලනී)
බඹර රැගුමි (වික්‌ටර්)
ආදර සුභා / ආත්ම ගණනක (ශ්‍රීමතී)
මළවුන්ගේ නගරයේ (අබෙs / නාලනී)
--------------------

 ගී පද රචනය - හේම ශ්‍රී ද අල්විස්‌
තනුව හා සංගීතය - සරත් බාලසූරිය
ගායනය - ජ්‍යෙෂ්ඨ ශිල්පිණි ලතා වල්පොළ
(ජෙම්ටෝන් තැටි ලේබලය වෙනුවෙනි)

තොරතුරු මුලාශ්‍රය -
දුරකථන සංවාදය - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක ගීත රචක හේම ශ්‍රී ද අල්විස්‌ මහතා
මියෑසි හරසර - ලාල් ආනන්ද අබෙsධීර

මෙතැනින් අසන්න

Wednesday, December 16, 2015

සිරිපොද වැස්‌සේ රාත්‍රියේ - නන්දා මලනී

කොහි සැගවුනිද ඔබ ? - ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)  

 2015 උඳුවප් මස 10 දින

මුහුණුපොත්
ගී රසික හවුලේදීය


පළමුකොට ඔබට සුබ උපන්දිනයක් පතමි !!

යටගිය දවස ඔබ ඇතුඵ පන්සිඵ කැළ පුබුදුවාළූ ගී පුෂ්ප සුගන්ධය අදද රසික සිත් වසග කරනු ලබයි

ඒ අදදිනෙන් චතුර්දශකයකටත් ඔබිබෙනි

එපමණ කාලයක් ගතවී යෑයි කෙසේ සිතන්නද ?


ඒ අද යුගයේ මිනිස් දිවියක අයුසිමාවෙන් හරිඅඩකටත් වඩා වැඩිකාලයක් නොවේද ?

අරුත්ගන්වන්නට අසමත් වුවද භාරත ගී රසයෙන් කුල්මත්ව එහි මහිර සොයා යමින් සිටි හෙළ ගී රසික කැළ යළිත් තම සුපුරුදු හෙළ ගීයට ආශක්ත කරවුයේ අරුත්බර පදමාළාවන්ට සප්තස්වර රටා මුසු කරවාලු එදා පන්සිඵකැළ ය ඒ අතර ඔබ ගේ නමද කියවිය යුතුමය

පෙර සසර පුරුද්දටදෝ ළමාවියේ සිට පිහිටා ආ මියුරු සත්සර රටා මැවිමෙs කලාව දියුණු තියුණු කරගෙන ආ ඔබ ඇගZලි තුඩු වරෙක යුහුසුඵව දිවගියේ ශ්රවණ මාත්රයෙන් මැවු ස්වරලිපි ඔස්සේය
ඔබෙs නාමය එදා රසික දනන් තුඩග නිතර රැවි පිළිරැවි දුන් බව කිවෙs නමි එය සත්යයෙන් තොරය

අදද ඔබ නියෝජනය කල සරස්වතිය අසිරි ලැබු ඒ ක්ෂෙත්රයේ පවා ඔබ හඳුනන්නෝ අතළොස්සකි වෙත්නමි ඔවුහු ද ඔබෙs එදා සමකාලිනයෝ වන බව නිසැකය

අන් අවසෙස් රසිකයන් පිළිබඳව කුමන කථාද?

එදා යුගයක් ඒකාලෝක කළ සුන්දර නිර්මාණ ගොන්න අතරින් ඔබෙs නිර්මාණ ද සෙස්සන් ගේ හා කිසිසේත් දෙවැනි නොවෙති

ඒ පිළිබඳව ඔබේ ඒ නිර්මායන්ට පෙමිබැඳි රසිකයා දෙස් දෙනු ඇත

එහෙත් ඔබේ ඒ සුන්දර සත්සර රටා පිළිබඳව හඩ අවදිකරන්නෝ විරළය අල්පය

එහෙත්

දයාබර සංගීතවෙදියාණෙනි!

ඔබ අප අතර රැඳුනු යුගය යමිතමි දෙදශකයක් නොඉක්මවා ගියද
ඒ කෙටිකාලයේදී නිහඩවම සහෘද අප වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු බව සැබැය
එහෙත්
ඔබ අපහදවතින් කිසිකළෙක හෝ ගිළිහේ යෑයි නොසිතන අමරණීය ගී පෙළක තනු රචකයාව සොඳුරු අදියුරුවාණෝව නොකියාම නිහඩවම නොපෙනි ගියේ මන්දයි විමසමින් අදට නවතින්නෙමි

           සුභ ගමන් !!!

---------
    ප ලි
     මතුයමි දිනක යළි අප හමුවට එනතුරු පෙරමග බලා සිටින්නෙමි
     එදා ඒ මැවූ මිහිරියාව යළි පුබුදුවනු වස් අදින් වසර 40 කට ඉහතදී වෙළඳ තැටියක ඔබවා ඔබෙs සත්සර රටාවෙන් හැඩගැන්වූ  ඒ    ගීය ඒලෙසම අද යළි අමුණා එවන්නෙමි
    එය ඔබෙs නාමයට උපහාරයක් වෙsවා !!
-------------------------------
සිරිපොද වැස්සේ රාත්‍රියේ
පහන් කණුව යට ඔබ හැමදාමත්
රැගත් සුරා පිරූ විතින්
පුවත් නොද+න බමන ගතින්
සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

----------------------------------
ගේය පද ඇමුනුවේ මහඇදුරු සුනිල් ආරියරත්නයන් බවද
ස්වකීය හඩ අවදිකරමින් ඔබේ සත්සර පණගැන්වුයේ නන්දා මලනීය විසින් බවද

අද රසික කැළ වෙනුවන් සටහන් කරන්නට අවසර

අසන්න මෙතනින්

Thursday, December 10, 2015

සිහිනෙන් තැවරූ අංජන - එදවස සවනත වැකී මෙදවස මිළිණව ගිය හෙළ ගී මං සළකුණු - 1970


 හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත්   අමරදේවයන් ප්‍රණාම පූජා

-------------------------------------------------------------


බො\දු වත්පිළිවෙත් දහම හී හැසිර ඊ මත පාදක වූ කවි ගී වෙනත් කලා නිර්මාණ රසවිඳීමෙs භාග්‍යය ලත් මෙදිවි වැසියන්හට කවර කලෙක හෝ අල්ප නොවෙs

එයිනුදු වඩාත් සුලභ මුලශ්‍රය බවට හැරුනේ බුදුන්වහන්සේගේ පූව_ ජන්ම විස්‌තර කෙරුණු ඇතැමිහු එදවස මෙහි හා භාරතයේ පැතිර පැවතුනා යෑයි අනුමාන කෙරෙන ජනකථා සංග්‍රහයක්‌ ලෙස හඳුන්වාගනු ලැබූ පූජනීය පන්සිය පණස්‌ ජාතකයයි

එයිනුදු චුල්ල ධනුද්දධර / චන්දකින්නර / වෙස්‌සන්තර කථා පාදක කොටගත් නෙක කලා නිර්මාණ කලින් කල බිහිවිය

ඒ අතර අපි කවියාණන් ඇසුරුකර ඇත්තේ එහි පැණුනු කවි ගී ලොවෙs එතරමි කථාබහට ලක්‌ නොවුනු එහෙත් ඉහත කථාංගයන්ට දෙවනි නොවූ සුන්දර කථා පුවතකි

ඒ විධුර ජාතකයයි

මෙහි බෝසත් චරිතය විධුර පන්ඩිතයන් වූ අතර පූර්ණක්‌ යක්‌ සෙනවියාද හෙතම පියඹ එරන්දතී නමි නා මෙණෙවිය ද විය

හෙළ ජනප්‍රවාදයේ පැණෙන ඒදමිපතීන්ගේ පුත්‍රයාණෝ ද+ඩි නාමය ද+රූ මාණවකයාණෝය
තවද එතුමෝ අඵත්නුවර ද+ඩිමුණ්‌ඩ දෙවියන් ලෙස අදද බොදුදන පුදපුජා ලබයි

69-70 වකවානුවෙs එක්‌ දිනක තම ප්‍රිය බිරිඳගේ ගමි පියස වූ රඹුක්‌කන ප්‍රදේශයට පියමං කරන්නට සිදුවු අප කවියාණෝ එකළ බහුල දසුනක්‌ වූ කවිකොළ පොත් විකුණන්නෙක්‌ ඇස ගැටී පෙරළා අගනුවර කරා එන ගමනේ පරිශීලනය කරනු වස්‌ මිළදි ගනුලැබූ විධුර ජාතක පුස්‌තකයේ රසභාවයෙන් උදමිව තම සිත්තුළ ජනිත වූ නවමු සිතිවිළි වළා කැටි ඔස්‌සේ උපන් කවිරස මල් වරුසා රසිකයා වෙනුවෙන් පසුදිනක එදා ගුවනින් පතිත වූ අයුරින් බිඳකුදු නොවෙනස්‌ව අද රසික සවනට මෙසේ ගෙන එමි

තවද

අප කවියාණෝ උපුටා දක්‌වමින් සටහන් කළ යුත්තක්‌ නමි මෙයින් කියවෙන්නේ විධුර ජාතක කථා පුවතම නොවන වගයි එහෙත් එයින් ජනිත වූ කවි සිතිවිලි මාලාවකි

මෙs නිර්මාණයේ ස්‌වර රටා ඇමිණුම මිට විසිවසරකට පෙරාතුව ඔබ මා අතරින් සමුගෙන ගිය ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතවෙsදී වික්‌ටර් දඵගම විසින් කරනු ලැබ ඇත්තේ අතිශය සුන්දර ලෙසය ඊට ඔහු යොදා ඇති නාද මාලාව පදමලාවෙන් ජනනය වන අදහසට අතිශයෙන්ම ගැලපී යන බව වැටහෙනවා ඇත
මෙයින් මැවූ එරන්දතිය නිසැකයෙන් ම ඔබෙs මනසේ මැවි මැවි පෙනෙනවා ඇත

ඒ කිමිද ?


70 දශකය උදා විකාශනය එකළු කල හෙළ නාදමාලා කැටිව එදා ඇසුණු සුන්දර ගීපදවැල් ගොන්නක හිමිකරු වූ මෙs ජ්‍යෙෂ්ඨ පරිපාලකයාගේ නිසගZ ප්‍රතිභාවයයි ඒ

මුල් ගුවන් විදුලි තැටිගත කිරීම - 1970
----------------------------------
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැඵමි පෙරළා
පාද කිකිණි සොළවා
එරන්දතිය එනවා ..........
..........................
----------------------------------
ගේය පදරස කැලතීම- ප්‍රවිණ ගී පද රචක ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරී සුනිල් සරත් පෙරේරා

තනුව හා සංගීත අදියුරු රටා - ප්‍රවිණ සංගීතවෙsදී අභවප්ප්‍රාප්ත වික්‌ටර් දඵගම

ගායන ලීලා - පිලිපීනයේ රැමෝන් මැග්සාසෙයි හා භාරතයේ පද්ම ශ්‍රී අභිධාන සමිමානිත පන්ඩිත් අමරදේව හා සහය ශිල්පිනි (එවකට ආධුනික) අමිතා වැදිසිංහ දඵගම


--------------------------------
(මුලාශ්‍රය සුනිල් සරත් පෙරේරා මහතාණන් හා කරනු ලැබු දුරකථන සංවාදයකිනි)

මෙතැනින් සවන්දෙන්න

Sunday, December 6, 2015

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා - හෙළ ගී කෙමිබිමෙs යටගිය දවස පිපි තඹුරු - 70 දශකය ගුවන් විදුලි සරළ ගී

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා - හෙළ ගී කෙමිබිමෙs යටගිය දවස පිපි තඹුරු - 70 දශකය ගුවන් විදුලි සරළ ගී


ජගත් සමිභාවනාවට පාත්‍ර වූ ද ඉන්දීය ඉතිහාසය පවා ගොඩනැගීමට පාදක වූද හෙළයේ බුදුසමයේ ලිඛිත ඉතිහාසයේ මුදුන් මල්කඩ වූ මහාවංශය ඇසුරෙන් කරනු ලැබූ ශ්‍රව්‍ය-දෘෂ්‍ය කලා නිර්මාණ සුලභ නොවෙs

මෑත යුගයේ මහාචාරය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහූ හා ප්‍රවිණ නාට්‍යවෙsදී හෙන්රි ජයසේනයන්ගේ කුවෙsණි වෙsදිකා නාට්‍යයන් මෙහිදි සිහිකටයුතුය

උක්‌ත කෘතිය ඇසුරු කරමින් කරන ලැබූ හෙළ ගී සාහිත්‍යයේ දුලබ ප්‍රස්‌තුතයක්‌ ලෙස සැලකිය හැකි මෙs නිර්මාණය ඇසු දනමන පිනවන සුන්දර රූපාවලියක්‌ ඔවුන්ගේ සිත්හි මවනු ලබයි

ගී මල් මුතු වට වැසි 70 දශකයේ මැද භාගයේ එහි තෙමෙමින් ඔහු ද හෙළ ගීයේ මහගෙදර වූ ජාතික ගුවන් විදුලියට ගොඩවැදී ඒ ඔස්‌සේ තිලිණ කරනු ලැබූ එදාමෙදා තුර ශ්‍රාවක මනබැඳි අති සුන්දර ගී සමුච්චයෙන් වර්තමාන රසිකයන්ගෙන් වසන් වී දුරස්‌ වූ උක්‌ත නිර්මාණය ඔහුගේ මුල්ම සරළ ගී එකතුවෙන් උපුටා ගන්නා ලද්දකි

ගී සාහිත්‍යයේ වඩාත් පොදු සුලභ ප්‍රස්‌තුතයන්ගේන් ඔබිබට පියමං කරමින් නව ඉසවි කරා තම නිර්මාණ වපසරිය පුඵල් කරන්නට ළැදි ඔහු විසින්

//සුනිල්වන් නුවන් යුග වසා.........// ඔස්‌සේ ස්‌වකීය ගී නිර්මාණ චාරිකාව ඇරඹුවෙsය

එය සර්වකාලීන මාතෘකාවක්‌ වූ ස්‌වකීය දිවියේ තීරණාත්මක කඩඉමකදී තරුණ දූ දරු - දෙමිවිපිය ගැටුමකට හේතුභූත වූ සංසිද්ධියක්‌ පාදක කොටගත්තකි
 
එහෙත් ඒ යුගයේ ම වෙනත් සරළ ගී වැඩසටහනකට ගැයු //සැඳැ අඳුර ලොව ගලන වෙsලාවට // ඔහු රසික හදවතේ ළැගුමිගන්වනු ලැබූ ගීතයයි

උක්‌ත මාතෘකාවෙs ආ පද පේළිය මෙs අනුවෙsදනීය කථාංගයේ සාරයයි ඒ බව උද්දීපනය කරන්නේ ගීතයේ නාදමාලාවට විරාමයක්‌ තබමිනි

ඒ පදපේලීයේ විරාමය හැගZවූ  ස්‌වර නාදමාලාව හා අතුරු සංගීත ඛන්ඩය තමා ගැයූවද එය පසුව පටිගත කරන ලද පිටපත නිකුත් වූ පසු දක්‌නට නොවූ බව ඔහු විසින් සඳහන් කරන්නට යෙදුණි

-------------------------

නිලුපුල් දෙණුවන් ආදරයෙන් පිබිෙ\දනවා


එමිහිය ඇගේ වරළස සුදු මල් ගවසනවා


රන්හූයෙන් රටා දමා සඵව වියනවා


සිනිඳු සඵව විජයිඳු ගත වට ද+වටෙනවා

-------------------------------

මුල් පිටපත - 1977?
පද සංකල්පනාව - එච් එල් පී පියදාස (සෝමතිලක ජයමහ මිතුරු)

තනු නිර්මාණය හා සංගීතය - සෝමතිලක ජයමහ


වාද්‍ය වෘන්දය - නැසිගිය ප්‍රවිණ සංගීතවෙsදී එමි කේ රොක්‌සාමි (වයලීන්)

තිස්‌සසිරි පෙරේරා / ඩී ඩී ගුණසේන ඇතුඵ කණ්‌ඩායම

මෙතැනින් අසන්න
(තොරතුරු මුලාශ්‍රය - ප්‍රවිණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ හා සමග කෙරුණු දුරකථන සංවාදයකිනි)

Sunday, November 22, 2015

ආදරයේ යමුණා ගග ගළලා

එදා ගී රසකළස පොබකළ මිළිනව යමින් පවතින අමිල ගී නිර්මවළිය

ආදරයේ යමුණා නදිය - අපිරිමිත මව් සෙනෙහස ට ඇමිණුනු ගේය පද මුතු

 
එකළ හේවුඩ් නමින් හැඳින්වූ අද සෞන්දර්ය විශ්ව විද්‍යාලයය හෙළබිම ගා
න්ධර්ව න් ගේ තෝතැන්නක්‌ව තිබිණි

රජයේ සංගීත විද්‍යාලයය එකළ එය හැඳින්වූ පොදු නමයි මෙහි ශිල්ප සොඳින් ද+න ගන්නට ගිය 60 දශකයේ සිසුකැළ අතිබහුතරය 70 දශකයේ ගුවන් විදුලි ගිතාවලියේ බැබළවූ පහන් සිඵ විය

එවකට එහි නියමුවා වූයේ උත්තර භාරතයේ ලක්‌නවි භාත්ඛන්ඩෙs සරසවියේ හාපුරා කියා වරම් ලත් ප්‍රවිණ සංගීතවෙsදී ලයනල් අල්ගමයන් ය

නව පරපුරේ ශිල්පිනී චම්පා කල්හාරි ජයසේකරගේ පියාණන් වූ එස්‌ ඩි එස්‌ ජයසේකර මහතාණන් එහි නිත්‍ය දේශකයන් වූ අතර පන්ඩිත් අමරදේවයන් එහි බාහිර දේශකයන්ය

වික්‌ටර් රත්නායකයන් හා මර්වින් පෙරේරා කලෙක එහි ශිල්ප හැද+රූ දෙමිතුරෝ විය

පසුව රෝහණ විරසිංහ ලක්‍ෂමන් විජේසේකර ආනන්ද විරසිරි ප්‍රේමසිරි නානායක්‌කාර මාලනී බුලත්සිංහල යන නමි ලැයිස්‌තුගත විය

මෙයින් උක්‌ත උද්ධෘතය හා බැඳෙන 70 දශකයේ සංකේතය බඳු වූ සොඳුරු ගී පෙළක උරුමකරු වූද මර්වින් පෙරේරා ශිල්පියා කඵතර පයාගල ස්‌වකීය ගම් පෙදෙසේ ළමාකළ දේවස්‌ථාන ගීතිකා කන්ඩායමෙs සමාජිකයෙකුව අත්කරගත් ශිල්පීය ඥානය පසුව රජයේ සංගීත විදුහලේදී හින්දුස්‌ථානි සංගීතය ප්‍රගුණ කරමින් අත්කරගත් නිපුණතාවය හා පමණ ද+න මනාව මුසුරනලදුව හෙළ ගී රසිකයා වෙත එදා තිලිණ කරන ලදී

ඔහු ගැයූ ගී සංඛ්‍යාත්මකව එතරමිම විසල් නොවූවද ඒවයේ ගුණාත්මකබව අති සුවිසල් විය
අතිශය භාවපූර්ණ මියුරු තනුරටා මැවිමෙs ඉන්ද්‍රජාලික හැකියාවන්ගෙන් පරිපුර්ණ සංගීතවෙsදීන් කැළ අතර ඔහු ගේ නාමය පෙරටුවම කියෑවිය යුතුමය ලියෑවිය යුතුමය

යමිදිනක හෙළ සංගීතයේ වංශකතාව ලියෑවෙන දිනක මර්වින් පෙරේරා නාමය ට එහි පරිච්ඡේදයක්‌ වෙන් කළ යුතුමය

ඔහුගේ එකි නිර්මාණපෙළ අතරින් මෙs ගී මිණ පසුව පටිගත කරනු ලැබ විකෘතියට ලක්‌ නොවී නොඉඳුල්ව පවතින්නාවූවක්‌ යෑයි අනුමාන කරමි
----------
එදා පරපුරේ ගායන ශිල්පීන් අතර මර්වින් පෙරේරා සංගීතවෙsදියා ගේ මුල් කාලීන පටිගතකිරීම් අතර හමුවන මෙs ගීතයේ ඔහුගේ හඩ සාපේක්‍ෂව වඩාත් ළයාන්විතය හෘදයාංගමය ගීයෙන් ප්‍රකාශවන අදහස වඩාත් ඔප් නැංවෙන්නේ තීව්රවන්නේ ඔහු මෙs සඳහා යොදා ඇති සංගීත රටාවන් නිසා බව පෙනීයයි

වර්තමාන හ 80 දශකයේ වැඩිමනත් කෙරුණු වෙළඳ පටිගතකිරීමි හි දක්‌නට නොලැබෙන මිහිරියාවක්‌ මෙකී යුගයේ ගීතයන්හි ප්‍රකට වන එක්‌ කරුණක්‌ විය හැක්‌කේ ඊට භාවිතා කරන ලද වාද්‍ය භාන්ඩ විය හැකිය

ගුවන් විදුලි වාදක මන්ඩලයේ නිරන්තරයෙන් වැයුණු වයලීන / ෂෙලෝ / සිතාර් තත් භාන්ඩ අතරින් වැයෙන ටියුබර්ෆොaන් / ඕබෝ නාද රටා ඒ යුගයේ පටිගත කරන ලද ගීතයන්හි අනන්‍යතාවය මනා ලෙස ගෙනහැර දක්‌වයි

මෙකී වාද්‍ය භාන්ඩ තම නිර්මාණ සඳහා බහුලවම යොදාගත් ශිල්පීන් අතර ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැපි පෙනෙයි

ඔහු වෙනත් ශිල්පීන් හට සංගීත නිර්මාණයේ යෙදුණු අවස්‌ථාවන්හිදී ශ්‍රීමතී තිලකරත්න ශිල්පිනියගේ ද මිල්ටන් මල්ලවාරච්චි (පියාසලනා ළිහිනියෙකු / සුඛ වෙsදනා දුක්‌ වෙsදනා / ලබන්න බැරි සුව සහනය / මා නෙත් කැද+ල්ලේ / පියාපත් සලා / ආවා ආදරෙන් ) සරළ ගී එකතුව හැඩවැඩ ගැන්වූයේ මෙs නාදරටාවෙනි ඊට අමතරව ගුවන් විදුලි ළමා ගී එකතුව මුල් පටිගතකිරීමි හි මිහිරියාව රැඳුනේ ඒකි කරුණ නිසාවෙනි

මීට පරිබාහිරව මොහොමඩ් සාලි සංගීතවෙsදියා මිල්ටන් පෙරේරා ශිල්පියා රූපා ඉන්දුමතී හා අයිරින් ද අල්විස්‌ වෙනුවෙන් කරන ලද නිර්මාණ එකතුව සිහිකටයුතුය (සියඵ සත්වයෝ නිදුක්‌ වෙත්වා / දෙරණ මෙනි දුක්‌ උහුලනා / දෙපිය නගා එන්නට බෑ / විලෙන් පෙරෙන දිය / හෙළ ජාතික පියුමිවෙලේ ) ඒ අතර කැපි පෙනේ

මෙs නිර්මාණ හෙළ සුභාවිත ගීතාවලිය ප්‍රිය රසිකයන් අතර අමරණිය වන්නේ මෙs සොඳුරු නාදරටවන් ද නිසවෙන් බව නිසැකය

-----

(මර්වින් පෙරේරා ගුවන් විදුලි සරළ ගී තැටිගතකිරීමකිනි -ගුවන් විදුලි මුල් පිටපත - 1974?)

ගී පද ඇමුණුම- නැසිගිය ප්‍රවිණ නිවෙsදක ගී පද රචක කේ ඩි කේ ධර්මවර්ධන ??

තනු රටාව හා අන්තර් ආමුඛ වාදන රටා රුසිරු - නැසිගිය ප්‍රවිණ ශිල්පී සංගීතවෙsදී මර්වින් පෙරේරා

-------------------------------

අදරයේ යමුණා ගගZ ගළලා- සෙනෙහයේ දිය රැළි ඇද හැලේනා

අමා හිමවි ගිරි සිසිලස රඳනා - අම්මෙs ඔබයි ලෝකය මා සොයනා

 

මෙතැනින් අසන්න

Thursday, November 12, 2015

ඉරට උඩින් සක්වලට උඩින්

අමරණිය 70 - අව්‍යාජ හෙළ ගී මිහිරියාව කැන්දන පසගතුරු නද අතරින් නැගි තමිමැට නාද -ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ශිල්පිණී සුජාතා අත්තනායක එදා සුගායන ලිලා

නැසිගිය ප්‍රවිණ සංගීතවෙsදී සරත් දසනායක ප්‍රණාම!


 ---------------------------------
එදා ගුවනින් ඇසුණු සිංහල ගී මග නැවුමි මාවතක රැඳවු ආනන්ද සමරකෝන් කලාකරුවාණන් ගත් එමගZ කටු කොහොළින් නොවැසෙන්නට ස්‌වකිය ගී හඪ මෙහෙයවුයේ සුනිල් ශාන්තයන්ය

දේශිය සංගීතයක රසභාව කෙසේනමි ප්‍රචලිත කරන්නේද+යි කණින් කොණින් ඇසෙන්නට වූ යුගයක
එහි වළ ගොඩැලි මට සිලුටු කරමින් මුදු සුමුදු කරවූවෝ පන්ඩිත් අමරදේවයන්ය කේමදාසයන්ය - ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය

අනතුරුව වික්‌ටර් රත්නායක නමි අපූව_ සංගීතවෙsදියාය

පසුව එළඹියේ හෙළ ගීතාවලියේ තවත් රන් යුගයකි ඉන් ඉක්‌බිති පරපුරක එකි මංපෙත සැරසු ගාන්ධර්වයන් අතර ඔස්‌ටින් මුණසිංහ හා සිනමා ගීයේ ස්‌වකීය ආධිපත්‍ය මොනවට පිළිබිඹු කරමින් පෙළහර පෑ අප කථානයකයණාන් සරත් දසනායක නමි විය

ඔහු හා සමකාලිනව භාරත සිනමා සංගීතයේ පෙරළිකාර රාහුල් දේවි බර්මන් ගේ විප්ලවීය තනුරටාවන් ඊට බලපෑවෙs යමිසේද සිංහල සිනමාවෙs ඊට නොදෙවෙනි මං සළකූණු සනිටුහන් කරමින් යුගයක සුමධුර තනුරටා හිමිකරුවා ඔහුම විය

හෙතෙම සිනමා ගීතයෙන් බැහැරව තම සුපුරුදු රටාවෙන් පියවරක්‌ ඔබිබට ගොස්‌ දේශිය පසගZතුරු නාදරටා සංකලනය කරමින් නිර්මානකරණයේ යෙදුණු අවස්‌ථා විරළය

එදා ගී රස විඳි ශ්‍රාවක ප්‍රජාවෙන් වසන්ව වර්තමානයේ නොඇසි ගිය ඔහුගේ අපූව_ නිර්මාණයකි මෙය
මෙහිදි ඔහු තම නිර්මාණ පෙළහර පෑම සඳහා තෝරාගන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියෑවුනු පදවැළකි - ගී නිර්මාණයකදී එතරමිම සාකච්ඡාවකට නොම බඳුන් වූ මාතෘකාවකි ඒ නිසාම එය රසිකයන් හට නවමු අත්ද+කීමක් වනු අතරම සිංහල ගීතාවලිය අතර සුවිශේෂීය

මීටි සරත් දසනායකයන් විසින් එහි යටිපෙළින් කියෑවෙන පදඅරුත මනාව ප්රකට වන සේ යොදා ඇති සංගීත අදියුරුව පිරික්‌සා බැලිම වටී

(තැටිගත කළ මුල් පිටපතයි - 1975?) -------------------------

ඉරට උඩින් සක්වලට උඩින් පෙමි රළ පතරේ පවිව උඩින්

කඩුඵ උඩින් පැනයන්න ලියේ සුමුදු වටොර නළවා

රන්මිණ් කුන්ඩල නූපුර හඩවා - ස්‌වප්න විමානෙන්
සීතා දේවිය යන්න ගියේ


චන්ද්ර කලාවෙs රාජ භවන ලගZ - ජය ටැඹ වෙතටම යන්න ලියේ

යන්න ලියේ ......................................................
------------------------------------
පද රටා නමැයුම - ආචාර්ය අජන්තා රණසිංහ
තනු හා සංගීත රටා නිමැයුම - ප්‍රවිණ සංගීතවෙsදී නැසිගිය සරත් දසනායක
ගායන සහය - ආචාර්ය වික්‌ටර් රත්නායක


සිංහල සංගීතයේ රවි ශංකර් - ප්‍රවිණ සංගීතවෙsදී සරත් දසනායක -


රජයේ සංගීත විද්‍යාලයෙන් ශිල්ප හදාරා කලක්‌ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයා ලෙස ඔහුගේ අමරණිය නිර්මාණ බොහෝ ගණනක සිතාර් වාදනයේ යෙදුනි

ඒ ඔහුගේ සංගීත මංජරිය නමි මරදානේ ජයන්ත විරසේකර මාවතේ එකල (60 දශකය) පිහිටා තිබුණු කලායතනයේදීය

ඊට සමගාමීව ඉසිපතන විදුහල ඇතුඵ පාසල් ගණනාවක සංගීත විෂය භාර ආචාර්යවරයා ලෙස රජයේ සේවයේ යෙදමින්

70 දශකයේ මුල් භාගයේදී කරුණාරත්න අබේසේකරයන් ගේ පබැඳුමි උදෙසා ශාන්? 45 භ්‍රමණවට ඊපී තැටි ලේබලය යටතේ ගීත 4 ක්‌ ඔහු විසින් මුලින්ම ජෝතිපාලයන් උදෙසා නිර්මාණය කරන ලදී

1 නීල ද+ස පූරා
2 ඔබ නිදන්න ඔබ නිදන්න
3 අද අමුතුම රැයකි
4 මල්සර මල් දුන්නේ

පසුව විශ්මය සිනමා පටයේ ගී නිර්මාණයේ යෙදී සිටියදී ම සෝමපාල ලීලානන්දයන්ගේ නිර්දේශයෙන් ඉහත ගී ශ්‍රවණය කළ සේන සමරසිංහයන් විසින් දසනායකයන්ගේ සිනමා සංගීත දිවියේ රන් දොරට්‌ විවර කරදුන් //සදහටම ඔබ මගේ // සිනමා සිත්තමෙs ගී රස ගැන්විම සිදු කරල ලදී

පෙමි රස වෑහෙන / අමර පෙමි ලතාවෙs / වාසනාව දොර ඇරලා / ද+සේ මාගේ

ඔහුගේ දෙවන නිර්මාණය වූ //කස්‌තුරි සුවඳ // ඔහු ගේ ගී රසභාවය වඩාත් කුඵගැන්වුනු කෘතියයි

ලස්‌සන ලෝකෙක / පෙමිවතියන්ගේ / ගිගිරි ජගරි අංඩවනා / මල් වයසේ මධු සිහිනේ / පාට පොදක්‌ තිලක ලා

පසුව සමරසිංහ - දසනායක සුසංයෝගය 70-80 දශකයේ සිනමා ගීතාවලියේ අමරණිය මංපෙතක්‌ සටහන් කරවන ලදී


මෙතැනින් අසන්න

Tuesday, November 10, 2015

එදා හෙළ කලා කෙත එකළුකල අමරණීය නිර්මාණපෙළින් බිංදු මාත්‍රයක්‌


ප්‍රවිණ සිනමාවෙsදී ගී පද රචක කලාපෙළ පුරෝගාමි සුගතපාල සෙනරත් යාපා අමා ගී මි බිඳක්‌ - 1969

----------------------------

ඔහු -


සිනමාවෙsදී ජී ඩී එල් පෙරේරා විසින් කලා ලැදි සරසවි අසිරි ලැබූ නවක යවිවනයන් උදෙසා 62 වසරේ ඇරඹු කලාපෙල සමාජිකයෙකුව සාමා සිනමාපටයේ නිර්මාණයට දායක විය

එහි චරිතයක්‌ රගZපා ගේය පද අමුණා (වනන්තරේ ගල් අරනේ විමානේට .........ගායනය ආධුනික ශිල්පීනී මල්ලිකා පෙරේරා)

රජ්‍ය ලිපිකරු සේවයේ යෙදී සිටිමින් මිනිසා හා කපුටා කෙටි වාර්තා චිත්‍රපටය නිපදවා

හෙල කලා කෙත අස්‌වදන්නට සමත් වූ නවකයන් රැසක ආගමනය සනිටුහන් කල

හන්තානේ කථාව  නිර්මාණය කරන ලදී

විජය කුමාරණතුංග / විජය ධර්ම ශ්‍රී / බරටි ජයසේකර / බර්ටි ගුණසේකර / දයා තෙන්නකෝන් රංගන ප්‍රභා මැවූ

වික්‌ටර් රත්නායක / සනත් නන්දසිරි

සත්සර ප්‍රභා මැවූ

එහි සංගීත නිර්මාණය ආචාර්ය කේමදාසයන් විසිනි

විශේෂ දර්ශනය - 20 දෙසැමිබර් 1969
තිරගත වූ දිනය - 26 පෙබරවාරි 1970

කථා සැකිල්ල -


මනමෙs / සෙවනැල්ල (සිරි ගුණසිංහ) ඇසුරු කරමිනි

සරසවි සිසු සුභා (ස්‌වර්ණා මල්ලවාරචිචි) හා ඇගේ ගැමි පෙමිවතා සිසු අනුර (ටෝනි රණසිංහ) අතරට මැදහත්ව සුභා පොළඹවා ගත් සෙල්ලක්‌කාර සිසු බන්දු (විජය කුමාරණතුංග)

විශේෂ කරුණු -

විවෙsනයට ලක්‌වූ බන්දු- සුභා පෙමි ජවනිකාවන්

විජය කුමාරණතුංග සමන්ති ලැනරෝල් සම්මුඛ පරික්‍ෂණයකින් තෝරාගන්නා ලද්දන් විම

එකම ගීයකට පද රචකයන් දෙදෙනෙකුගේ දායකත්වය

සරා සොඳුරු මල් පැටලී මිහිර මවන ජීවිතයයි (වික්‌ටර් - නන්දා )

පිරිමි ගී පද කොටස්‌ - මහගම සේකර
කාන්තා ගී පද කෙටස්‌ - සුගතපාල සෙනරත් යාපා

චිත්‍රපට අධ්‍යක්‍ෂක විසින්ම ස්‌වකීය නිර්මාණයට ම ගී රචනා කල ප්‍රථම හා එකම අවස්‌ථාව ?

ඔහුගේ වෙනත් නිර්මාණ -

පෙමිබර මධු - 1977 / ඉන්දුට මල් මිටක්‌ - 1981

(මුල් පිsටපත)-------------------------

ගැයුම මහාචාර්ය සනත් නන්දසිරි සමග සහය ශිල්පී අතුල සෝමසිරි ?

අනන්ත වූ දෙරණ සරා - ද+ස නිවන නිලක්‌ සොයා
අහස්‌ ගවිව නැග ගත්තේ නිල්ල දකින්නයි

ගගZක ගලන සිගZsති දොළක - සිහිළ විඳින්නයි
ගසක වෙළෙන සිගZති වැලක- පහස ලබන්නයි


...................................

තනුව හා සංගීත අධ්‍යක්‍ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
----------------------------

(පරිශිලනය- සුනිල් මිහිඳුකුල කෘති)


මෙතනින් සවන්දෙන්න



Wednesday, November 4, 2015

වැහි කුමරිය


සුන්දර අතීතයේ මතක රූ ඡායා -  ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක රැ ගායන ශිල්පී අතුල සෝමසිරි ගී නිර්මණපෙළ - 1970?


ගැයු ගී සංඛ්‍යත්මකව  අල්පව නමුත් ඒවා උසස් නිර්මාණබවට පත් කරගැනීමට වෙහෙස වූ අතළොස්‌සක් ශිල්පීන් අතර අතුල සෝමසිරි නාමය ගිලිහි යා නොදේ

ඔහුගේ නාමය ගුවන් විදුලියේ මෙන්ම සිංහල සංගීතයේ රන් යුගයේ කරළියට පැමිණෙන්නේ එවක උදා ගී තීරයේ ඇසුණු

//සිංහල ජය ගීත හඩට සිංහල කොඩි වැල් ළෙලදෙන ..................................//

නමි නිර්මණයේදීය

මාධ්‍යයන්ගෙන් ගිළිහි  ඔහුගේ නිර්මණ අල්පය  මෙන්ම නාමය ද වියෑකි යන වෙනත් අමිල නිර්මාණවෙsදීන් අතරට එකතු වී තිබීම කණගාටුදායකය

කරුණු එසේ වුවද වෙsගයෙන් පිරිහි යමින් පවතින සුන්දර අව්‍යාජ ගැමි සුවඳ වහනය වන දේශිය ජන සංගීතය මත පදනමි වූ a ඒවා කිසිම අයුරකින් ප්‍රධාන කුලකයේ ශිල්පීන් ගේ නිර්මණයන්ට දෙවැනි නොවෙs

මෙs ඔහු ඒ යුගයේ ගැයූ නිර්මාණ අතර ඉහත කරුණ ස්‌පුඨ කරන්නට සමත් ද+නටමත් සැගZව ගොස් ඇතැයි කිවහැකි අද්වීතිය නිර්මාණයකි

ගී පද රචනය - සුනිල් සරත් පෙරේරා රෑ

තනුව හා සංගීතය  - ශිල්පී අතුල සෝමසිරි


-------------(මුල් පිටපත - 1970?)-------------

වැහි කුමරිය වළා කුලෙන් බිමට බහිනවා
නළ කුමරුන් ආරංචිය

 ගමට කියනවා //

තමිමැට - ඩංකුටු ඩංකුටු නාද නගනවා

ළිඳ වටකර ගෙන මැඩියන් //

සිදු කියනවා //
-----------------------------


(රිජ්වෙs තිලකරත්න රන් යුගය - ගුවන් විදුලි සමූහ ගී වර්ගීකරණය -70 දශකය )
අසන්න මෙතැනින්

බොරුවට අඩ අඩ - ශිරෝමි ප්‍රනාන්දු-මෙල්රෝයි ධර්මරත්න

සිංහල ගීතාවලියේ 70 දශකයේ වෙළඳ තැටි යුගය නියෝජනය කළ අමයුරු ළමා ගී රස කළස

ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු සමග ප්‍රවිණ සංගීතවෙsදී ශිල්පී මෙල්රෝයි ධරම්රත්න

ගී පද / තනුව / සංගීතය / ගායනය

මෙල්රෝයි ධරම්රත්න - (ධර්මරත්න සහෝදරයෝ ගායක කන්ඩායම - 1966-1974)

------------(මුල් පිටපත - 1972)-------
බොරුවට අඩ අඩ - අමිමිට වද දෙන
පුංචි මගේ සුදු දු කුමාරි -

හැමතැන දුව පැන ගේ හැඩි කරවන මගේ සුරතල් සුදු දගZකාරී

වැඩපොළ කර දෙන නෑ බෑ නොකියන - අමිමිගේ තාත්තිගේ දූ කුමරී

මල්ලි හැඩුවම විගහට නළවන - අමිමිගේ තාත්තිගේ දූ කුමරී

------------------------------------

ක්‍රිකටි ක්‍රීඩාවෙsදී තුන් ඉරියව්වෙන් දස්‌කමි පානා ක්‍රීඩකයන් පිළිබඳව කියෑවෙයි ඔවුන් ඒ කන්ඩායමට මෙන්ම ඒ ක්‍රිඩාවටද සමිපතකි

ඒ අයුරින් සංගීත ක්‍ෂේත්‍රයේ තුන් ඉරියවිවෙන් දස්‌කමි පාන්නෝ කවරහූද ?
එවැන්නෝ එකී ක්‍ෂේත්‍රයේ විරළ නොවෙsද ?

ග්‍රැමෆොaන් ගී යුගයේදී පවා එවැන්නෝ පිළිබඳව සඳහන් නොවන තරමිය
ඔවුහූ පිළිබඳව රසිකයා නිසි ලෙස ද+නුවත් වී සිටීද ?

සිංහල සළ රූ ඉතිහාසයේ මුල් යුගයේ හියුගෝ මාස්‌ටර් නමින් හැඳින්වෙන මීගමුවෙs හියුගෝ ප්‍රනාන්දු ශිල්පීයා එවන් අනුපමෙsය දස්‌කමි ද+ක්‌වූවෙකි

ඔහුට හිමි නිසි ගෞරව බුහුමන නොලබාම කිසිවකු ද+නුවත් නොවීම ඔවූශූ ක්‍ෂේත්‍රයට තම දායකත්වය උපරිම අයුරින් දක්‌වා නිහඩවම සමුගෙන ගියේය

60 දශකයට එළඹෙද්දී පසුව එවැන්නෝ යුගළක්‌ ප්‍රකටව හඳුනාගන්නේ හෙළ ගීයේ බටහිර සංගීතය නියෝජනය කළ අපූර්ව මිනිසුන් දෙදෙනෙකි මුල් පුද්ගලයා ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන්ය
අනික්‌ ශිල්පියා කවරහූද ?

ඔහු එදා මෙන්ම අදද නිහඩ දිවි පෙවෙතක්‌ ගතකරන මෙල්රෝයි ධර්මරත්නයන්ය
තමා විසින් ම ගේය පද පෙළගස්‌වා ඊට ඇවැසි තනු නිර්මාණයෙන් හැඩ ගන්වා ඉන්ද නොනැවති වාද්‍ය භාන්ඩ තෝරා සංගීත සංයෝජනය කරවා යළිත් ස්‌වකීය නිසගZ හැකියාව මොනවට ප්‍රදර්ශනය කරවමින් ඊට තමාගේම හඩ මුසුකරනු ලබයි

ඔවූහු එකී ක්‍ෂෙත්‍රයේ අසිරිමත් මිනිසුන් නොවෙs යෑයි කිව හැකි නොවෙsමය
ඔහුගේ පද රචනා සරළය මටසිලුටුය තනු නිර්මාණ ළගන්නා සුඵය එපමණක්‌ නොව සිංහල ගීය සුමට ලෙස විද්Hqත්කරණය කරන්නට තරමි සුක්‍ෂමය
--------------------

හෙළ සංස්‌කෘතියේ මව - පුතු අවියෝජනීය බැඳීම මෙන්ම පිය - දියණි බන්ධනය අළලා කරනු ලැබු ගී නිර්මාණ අතළොස්‌ස අතරින් එතරමිම ප්‍රකට නොවි වර්තමානයේ සැගZව ගිය නිර්මාණයකි
මෙහි රසිකයන් අතර ළපටි දියණියන්ගේ පියවරුන් ගේ හද කිතිකවා දියණි සෙනෙහස තියුණු කරවන්නට මෙම නිර්මාණය සමත් වනු ඇත

සවන් යොමන්න මෙතැනින් යොමුව
අතීතයේ රසවිඳි අමරණිය හෙළ ගීතාවලියේ මහරු මිහිර යළි විඳගන්න