එදා ගී රසකළස පොබකළ මිළිනව යමින් පවතින අමිල ගී නිර්මවළිය
ආදරයේ යමුණා නදිය - අපිරිමිත මව් සෙනෙහස ට ඇමිණුනු ගේය පද මුතු
එකළ හේවුඩ් නමින් හැඳින්වූ අද සෞන්දර්ය විශ්ව විද්‍යාලයය හෙළබිම ගා
න්ධර්ව න් ගේ තෝතැන්නක්‌ව තිබිණිරජයේ සංගීත විද්‍යාලයය එකළ එය හැඳින්වූ පොදු නමයි මෙහි ශිල්ප සොඳින් ද+න ගන්නට ගිය 60 දශකයේ සිසුකැළ අතිබහුතරය 70 දශකයේ ගුවන් විදුලි ගිතාවලියේ බැබළවූ පහන් සිඵ විය
එවකට එහි නියමුවා වූයේ උත්තර භාරතයේ ලක්‌නවි භාත්ඛන්ඩෙs සරසවියේ හාපුරා කියා වරම් ලත් ප්‍රවිණ සංගීතවෙsදී ලයනල් අල්ගමයන් ය
නව පරපුරේ ශිල්පිනී චම්පා කල්හාරි ජයසේකරගේ පියාණන් වූ එස් ඩි එස් ජයසේකර මහතාණන් එහි නිත්‍ය දේශකයන් වූ අතර පන්ඩිත් අමරදේවයන් එහි බාහිර දේශකයන්ය
වික්‌ටර් රත්නායකයන් හා මර්වින් පෙරේරා කලෙක එහි ශිල්ප හැද+රූ දෙමිතුරෝ විය
පසුව රෝහණ විරසිංහ ලක්‍ෂමන් විජේසේකර ආනන්ද විරසිරි ප්‍රේමසිරි නානායක්‌කාර මාලනී බුලත්සිංහල යන නමි ලැයිස්‌තුගත විය
මෙයින් උක්‌ත උද්ධෘතය හා බැඳෙන 70 දශකයේ සංකේතය බඳු වූ සොඳුරු ගී පෙළක උරුමකරු වූද මර්වින් පෙරේරා ශිල්පියා කඵතර පයාගල ස්‌වකීය ගම් පෙදෙසේ ළමාකළ දේවස්‌ථාන ගීතිකා කන්ඩායමෙs සමාජිකයෙකුව අත්කරගත් ශිල්පීය ඥානය පසුව රජයේ සංගීත විදුහලේදී හින්දුස්‌ථානි සංගීතය ප්‍රගුණ කරමින් අත්කරගත් නිපුණතාවය හා පමණ ද+න මනාව මුසුරනලදුව හෙළ ගී රසිකයා වෙත එදා තිලිණ කරන ලදී
ඔහු ගැයූ ගී සංඛ්‍යාත්මකව එතරමිම විසල් නොවූවද ඒවයේ ගුණාත්මකබව අති සුවිසල් විය
අතිශය භාවපූර්ණ මියුරු තනුරටා මැවිමෙs ඉන්ද්‍රජාලික හැකියාවන්ගෙන් පරිපුර්ණ සංගීතවෙsදීන් කැළ අතර ඔහු ගේ නාමය පෙරටුවම කියෑවිය යුතුමය ලියෑවිය යුතුමය
යමිදිනක හෙළ සංගීතයේ වංශකතාව ලියෑවෙන දිනක මර්වින් පෙරේරා නාමය ට එහි පරිච්ඡේදයක් වෙන් කළ යුතුමය
ඔහුගේ එකි නිර්මාණපෙළ අතරින් මෙs ගී මිණ පසුව පටිගත කරනු ලැබ විකෘතියට ලක් නොවී නොඉඳුල්ව පවතින්නාවූවක් යෑයි අනුමාන කරමි
----------
එදා පරපුරේ ගායන ශිල්පීන් අතර මර්වින් පෙරේරා සංගීතවෙsදියා ගේ මුල් කාලීන පටිගතකිරීම් අතර හමුවන මෙs ගීතයේ ඔහුගේ හඩ සාපේක්‍ෂව වඩාත් ළයාන්විතය හෘදයාංගමය ගීයෙන් ප්‍රකාශවන අදහස වඩාත් ඔප් නැංවෙන්නේ තීව්රවන්නේ ඔහු මෙs සඳහා යොදා ඇති සංගීත රටාවන් නිසා බව පෙනීයයි
වර්තමාන හ 80 දශකයේ වැඩිමනත් කෙරුණු වෙළඳ පටිගතකිරීමි හි දක්‌නට නොලැබෙන මිහිරියාවක් මෙකී යුගයේ ගීතයන්හි ප්‍රකට වන එක් කරුණක් විය හැක්‌කේ ඊට භාවිතා කරන ලද වාද්‍ය භාන්ඩ විය හැකිය
ගුවන් විදුලි වාදක මන්ඩලයේ නිරන්තරයෙන් වැයුණු වයලීන / ෂෙලෝ / සිතාර් තත් භාන්ඩ අතරින් වැයෙන ටියුබර්ෆොaන් / ඕබෝ නාද රටා ඒ යුගයේ පටිගත කරන ලද ගීතයන්හි අනන්‍යතාවය මනා ලෙස ගෙනහැර දක්‌වයි
මෙකී වාද්‍ය භාන්ඩ තම නිර්මාණ සඳහා බහුලවම යොදාගත් ශිල්පීන් අතර ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැපි පෙනෙයි
ඔහු වෙනත් ශිල්පීන් හට සංගීත නිර්මාණයේ යෙදුණු අවස්‌ථාවන්හිදී ශ්‍රීමතී තිලකරත්න ශිල්පිනියගේ ද මිල්ටන් මල්ලවාරච්චි (පියාසලනා ළිහිනියෙකු / සුඛ වෙsදනා දුක් වෙsදනා / ලබන්න බැරි සුව සහනය / මා නෙත් කැද+ල්ලේ / පියාපත් සලා / ආවා ආදරෙන් ) සරළ ගී එකතුව හැඩවැඩ ගැන්වූයේ මෙs නාදරටාවෙනි ඊට අමතරව ගුවන් විදුලි ළමා ගී එකතුව මුල් පටිගතකිරීමි හි මිහිරියාව රැඳුනේ ඒකි කරුණ නිසාවෙනි
මීට පරිබාහිරව මොහොමඩ් සාලි සංගීතවෙsදියා මිල්ටන් පෙරේරා ශිල්පියා රූපා ඉන්දුමතී හා අයිරින් ද අල්විස් වෙනුවෙන් කරන ලද නිර්මාණ එකතුව සිහිකටයුතුය (සියඵ සත්වයෝ නිදුක් වෙත්වා / දෙරණ මෙනි දුක් උහුලනා / දෙපිය නගා එන්නට බෑ / විලෙන් පෙරෙන දිය / හෙළ ජාතික පියුමිවෙලේ ) ඒ අතර කැපි පෙනේ
මෙs නිර්මාණ හෙළ සුභාවිත ගීතාවලිය ප්‍රිය රසිකයන් අතර අමරණිය වන්නේ මෙs සොඳුරු නාදරටවන් ද නිසවෙන් බව නිසැකය
-----
මේ ආදරයේ යමුණා ගඟ ගලලා ගීතය මා කැමති ගීතයක්.. එහි සබැඳිය අක්‍රීයයි. මේ පටිගත කිරීම නැවත මෙහි හෝ යූටියුබ්හි පළ කිරීමට හෝ මාවෙත එවීමට හෝ හැකි ද?
ReplyDeletethamalumaliththa@gmail.com