සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද - 01 කොටස
70 දශකයේ යොවුන් සිත් උන්මාද කළ
මිල්ටන් මල්ලවාරච්චිගේ සුමියුරු අමරණීය ප්‍රේම ගීතාවලිය
ඈත රන් කැඵම් අතරින්.....
ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා............
රන් එතනෝ මල් එතනෝ.............
සයුරු තෙරේදි අවන් හලේදී..............
රනඹර ඉඳුදුනු............
මා හා එදා ප්‍රිය සාදයේ...............
අතීතයේ පවා මගේ ලගින් හිදී....................
පැරදීලා පලාගියේ නෑ.......................
ඉවුරු තලා ගංගා බැස යනවා...............
මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා..............
ඉහත ගී දම - මෙතැනින් සවන්දෙන්න
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
බිගු වැල රොන් සොයලා (වින්සන්ට් රත්නායක)..........
දිනක හිරු බැස යන වෙලාවක (වික්ටර් රත්නායක)................
නිලුපුල් යුවලේ රතු තොල් සගලේ (මර්වින්)..............
ආදරේ රන් බිගුන් නැසූ (මර්වින් පෙරේරා).............
කුංකුම අංජන චන්දන තවරා චන්දනි සිනහ වුනා (විල්බට් ඇන්තනි)........
බඹරු මත්වෙලා මලට ලංවේලා (විල්බට් ඇන්තනි)...........
අද හවසට මා හමුවනු මැනවී (සුජාතා අත්තනායක)............
සුරංගනා මල් ඇතිරූ මාවතේ (සුජාතා අත්තනායක).............
උණ පදුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වගේ (විජේසිරිවර්ධන පොළොන්නොවිට)...................
මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා (මර්වින් පෙරේරා)....
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොඵවි (දයාරත්න පෙරේරා)...........
මෙකී ගී බිඳිති- පෙළ - මෙතැනින් සවන්දෙන්න
ඉහත කී ගි පෙල කලක් සිංහල ගීතාවලියේ ගී රසික යව්වන සිත් මෝහනය කළ නිතර මුවග රැව් පිළිරැව් දුන් ගී පෙළ අතරින් හිනිපෙත්තේ රැදී අතර ඒවා දශක 04 තරම් කාලාන්තරයකට පසු අදත් එදා තරමටම පරම්පරා 02 කින් පසුවත් රසික හද කිති කවනු ලබයි
යව්වන ප්‍රේමයේ මිහිරියාව විවිධ පැතිකඩ ඔස්සේ විග්රහ කෙරෙන ඉහත ගී පෙළෙහි හිමිකරුවා ප්රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක කේ ඩි කේ ධර්මවර්ධනයන්ය
ගුවන් විදුලි ගී ද සමගින් වෙළඳ ගී තැටි හා පසුව නිකුත් කෙරුණු කැසට් පට සඳහා ලියෑවුනු වඩාත් ප්‍රේමණීය ලගන්නා ශෘංගාරාත්මක ගී පෙළහි හරි අඩකඩ ත් වඩා වැඩි තරමක ගී සංඛ්‍යාවක හිමිකරුවන් වූ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස් දෙපොළ අතරට තෙවනුව ඇතුළත් විය යුත්තේ ඔහුගේ නාමයයි
එදා මෙන්ම අදද ඇතැම් ගී රසිකයන් ද ඔහුගේ නම කියෑවුණු සැණින් මතකය අවදිකරන්නේ මෙකී කේ ඩි කේ - මිල්ටන් එක්ව මැවූ ඉහත කී ප්‍රේමගීතාවලිය පිළිබඳවයි
මෙතැන් සිට දිගැහෙරෙන්නේ ඔහු එදා මැවූ ගී රසාකරයෙන් පෙරාගත් ගී නිර්මාණ බින්දු මාත්‍රයකි
එකී නිර්මාණයන්ට පෙම්බැදි ගී රසික යොවුන් ඔබ මේ සුන්දර
නිර්මාණකරුවා හරිහැටි හදුනන්නේද ?
ඒ පිළිබදව දැනුවත් වි සිටිද ?
ඔහුව හදුනාගන්නට රිසි ඔබටයි මේ ලිපි දාම තිළිණය
සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්තුතිය - ප්රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)
මතු සම්බන්ධයි.......................
ගුවන් විදුලියේ රන් යුගය සැරසු ගි මිණි පොකුරු - ඇය ගයන්නී සොයුරාණන් හැදූ ගීත මෙසේ.................
70 දශකය යනු රිජ්වේ තිලකරත්නයන් මුලසුන අරා සිටි ගුවන් විදුලියේ රන් යුගයයි
එසමයේ ගීත ගායනා ක්ෂේත්රයට පිවිසි නවක ගායන ශිල්පි ශිල්පිනියන් අතර රැඳී සුභාවිත සුගායනා ලැදි රසික දනා මතු දශක ගණනාවකදී ද හෘදයාංගමව සිහිපත් කරවන ඇය ඉන්ද්‍රාණි බෝගෝඩ ය ගණනින් නොවිසල් සංඛ්‍යාවක් නිර්මාණ ගැයූවද ඒවා එකිනෙක පරයා ශ්‍රාවක හදට සමිප කරවන්නට සමත් වූ ඇයගේ ජීවන මං සළකුණු සැකෙවින් සටහන් කරන්නට ගත් උත්සහයකි මේ
රුහුණු දේශයේ තම උපන් ගම් පියස වූ මාතර පුරවරයේ ජන්ම ලාභය ලැබ එහි විසූ ඇය ට ද රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඖෂධ සංයෝජකයෙකු ලෙස කටයුතු කරනු ලැබු තම පියාගේ වෘත්තිය දිවිය නිසාවෙන් ගම් පියසෙන් බැහැර ව පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට සිදුවූ බව කියාසිටියි එයිනුදු වැඩිමනත් කාලයක් සිප්කිරි ලැබු බෙලිඅත්ත මහ විදුහල හෘදයාංගමව සිහිපත් කරන්නීය
සංගීතයට ඇඵම් කරමින් එකී ක්ෂේත්රයේ මුලින්ම රැඳුනු තම සුඵපියාණන් වූ සෝමපාල බෝගොඩ ගායන ශිල්පියා ගේ අතේ එල්ලී පාසල් දැරිවියක් ලෙස ඔහුගේ සංගීත වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් ඇගේ සප්ත ස්වර ශිල්ප චාර්කාව ඇරඹෙයි
එයින් අනතුරුව රජයේ සංගීත විද්‍යාලය වූ හේවුඩ් නමින් එවකට හැඳින්වූ ආයතනයේ බාහිරව ලියාපදංචි වෙමින් ගාන්ධර්ව සංගීත පරීක්ෂණය ට පෙනිසිටියාය
තම පියාණන්ගේ රාජකාරිමය කටයුතු නිසා නිවස්න නිති මාරුකරන්නට සිදුවූ ඇය ඇතුඵ පවුලේ සාමාජිකයන් මෙකී සිද්ධිදාමය වූ අවධියේ විසුවේ ඈත රුහුණේ බෙලිඅත්තේය
වැඩිමහල් සොයුරන් වූ ගුවන් විදුලි වාදක මන්ඩලයේ තබ්ලා වාදක රංජිත් බෝගෝඩ හා එහි වැඩසටහන් උදෙසා බාහිර ශිල්පියෙකු ලෙස කටයුතු කරනු ලැබූ එවකට සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි චන්ද්‍රදාස බෝගෝඩ අනුව යමින් ඇයද එහි සරළ ගී ගායනා ශිල්පීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන්නට තීරණය කර තිබිනි
එවකට එහි සංගීත අංශයේ ප්‍රධානී පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් ගේ නිර්දේශයෙන් ඇය හට ඒ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස කටයුතු කරන්නට වරම් ලැබුනු ඒ අවස්ථාව ඇගේ සංගීත දිවිය එකලු කල රිදී රේඛාවයි
අදටත් හෙටටත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳුනු ඇගේ ගායන ලාලිත්‍යය කියා පෑ එකී සුමිහිරි සරළ ගීතාවලියේ උපත සිදුවුයේ එතැන් සිටයි
එහි පැවති ක්‍රමවේදය අනුව එතැන් සිට සයමසකට වරක් ඇයට සරල ගී වැඩසටහනක් සඳහා තම හඩ මුසුකරන්නට ඉඩහසර ලැබී තිබිණි
එවකට ද යුග දිවියට එළඹ සිටි ඇය තම දයාබර සැමියාණන් වූ ධර්මදාස පරණගම ද කැටුව මාතරින් අඵයම දුරයේ අගනුවර කරා පිටත්වන රුහුණු කුමාරි දුම්රියේ අසුන් ගන්නේ එදිනට තමාට නියමිත් ගුවන් විදුලි සරළ ගී වැඩසටහන ට සහභාගි වන්නටය එහිදී එක් වැඩසටහන් උදෙසා ගීත හතරක් තැටිගත කරන්නට අවසර ලැබිණි
වරෙක එසේ කැඳවීම ලැබුනු විරාමයේ පුහුණුවී සුදානම් ව සිටියේ ගීත තුනකටය සතරවන ගීතයේ තනුව සූදානම්ය එහෙත් වදන් පෙළ ?
එහෙත් නියමිත දිනයේ වහාම අගනුවර ගුවන් විදුලි කාර්යාලය වෙත වාර්තා කළ යුතුමය
සුපුරුදු ලෙසම හිමිදිරි උදයේ ඉන්ද්‍රාණි - ධර්මදාස යුවල රැගත් රුහුණු කුමාරිය අගනුවර වෙත සෙමින් සෙමින් ඇදී යන්නට විය දුම්රියේ ගොරහැඩි නාදය වරෙක බාලවූ නිමේෂයේ හාත්පස කුරුඵ ගී හඩ සවනත වැකෙයි ළා හිරු රැස් පෙරී ඈත මෑත පොල් රූප්පාවෙන් මවන්නේ මනහර දසුනකි
යාබද අසුන්ගෙන සිටි ඇගේ සැමියා ධර්මදාසයන් කඩදාසියක යමක් සටහන් කරනු පෙනේ දුම්රිය තම ගමාන්තය කරා එළඹ තිබිණි ඔහු අදාළ වැඩසටහනට අඩුව පැවති ගේය පද පේළිය සම්පූර්ණ කර තිබිණි
සීත දියරැල් සලා - පියුම් පිපුණා බලා.................
දෙරණ තල සෝබා අරුනඵ දේ - සියොත් කැල නාද දේ.........................
චන්ද්‍රදාස ඔයාගේ නංගී බොහොම ලස්සනට සිංදු කියනවා මම අහගෙන එදා මේකට ගැලපෙන හඩ තියෙන්නේ එයා ලගම තමයි මේක එයාගේ ඊලග සරළ ගීත වැඩසටහනට යොදාගන්න කියන්න
එසේ කියමින් පසු දිනක ගුවන් විදුලි කාර්යාලයේ සේවය කල සහෘද කවියෙකු ගේය කාව්‍ය රචනයක් සටහන් කල කඩදාසි කැබැල්ලක් ඉන්ද්‍රණි සොයුරු සංගීතවේදී චන්ද්රදාසයන් අත තැබීය එය ඇය වෙත ලැබුනු වහාම ඊට සුදුසු තනු සොහොයුරා විසින් යොදනු ලැබීය
ගීත පටිගතකරන දිනය එළඹ තිබිණි නොඋස් නෙමිටි තරමක් කෘශ සිරුරකට හිමිකම් කී මැදිවිය පසුකරමින් ගිය පුද්ගලයෙක් මැදිරියේ කොණක සිට ඇය එය පුහුණුවනු නරඹමින් සිටියේය
ඔහු ඇය ඇමතීය
මට තමයි ඩෝල්ටන් අල්විස් කියලා කියන්නේ අපේ අයතනයට ක්ෂේත්රයට නවකයෙක් වුනාට ඔයා බොහොම දක්ෂ විදියට ගීත ගයනවා මං දවස් ගණනක් බලාගෙන හිටියා
ඩෝල්ටන් අල්විස් අර තරම් සුන්දර ගීතපදමාලාවන්ගේ හිමිකරු කොතරම් නිහතමානී පුද්ගලයෙකුද ඔහු
ඇය තමාටම මිමිණිය
අමරවරම ලැබූ එදා සිංහල සරළ ගීතාවලියට බැබඵ තවත් ගී මිණක උපත එදින සිදුවිය
01 මගේ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ - නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ...............
02 ථූපවංශ භූමියේ මම උපන්නෙමි - මහාවංශ භූමියේ මම උපන්නෙමි
යළිත් එන්නෙමි - යළිත් එන්නෙමි
එදා ඩොල්ටන් අල්විසුහු කියූ දේතෙපඵ බස් කොතරම් නම් නිවැරදිද හතරවන දශකයේදීද එදා ජනප්‍රියතම ගී අතරට එක්වන්නට එය සමත්විය
මේ ගීත කලාවට මහත් සේ ඇඵම් කල ඒවා නිති ප්‍රවර්ධනය කල ඒවා ම රසිකයන් අතර ප්‍රචලිත කරවන්නට මහත් සේ තම ශ්‍රමය කැපකල රසවතෙකු වූ රිජ්වේ තිලකරත්නයන් විසින් පනවන ලද කොන්දේසිකට අනුව අදාල වැඩසටහනේ ගීත පෙළගැස්මේදී මව්ගුණ බොදුගුණ දේශාභිමානී යන මේවා ද අඩංගු විය යුතුව තිබිණි
ඒ අනුව ඇයගේ සරල ගී වැඩසටහනකදී වදන් එක්තැන් වූ මේ ගීතය ද ඩෝල්ටන් අල්විස් නම් එකී ප්රවිණ ගී පද රචකායණන්ගේය
ථූපවංශ භුමියේ - මම උපන්නෙමි....................
මහාවංශ භූමියේ - මම උපන්නෙමි....................
යළිත් එන්නෙමි යළිත් එන්නෙමි...................
ජාතියේ උදාර වූ කල්පනා කැඵම්...................
මගේ ප්‍රාණ වායුවෙන් මම වින්දින්නෙමි................
මම වින්දින්නෙමි..........................
(ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකිනි)
පද සංකල්පනාව - ප්රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක නැසිගිය ඩෝලටන් අල්විස් ශුරීන් විසිනි
තනු නිර්මාණය හා සංගීතය - ප්රවිණ සංගීතඥ චන්ද්‍රදාස බෝගෝඩ
වසර - 1973 ?
සවන්දෙන්න මෙතැනින්
Listen Music - Listen Audio -
==========================================
ගුවන් විදුලි සිංහල සරල ගීත ක්ෂේත්රයේ නොමැකෙන නාමයන් සනිටුහන් කලෝ බොහෝය එහෙත් ඊට වරම් ලැබූ පවුල් සංඛ්‍යාව ඉතා අල්පය ඒ අතරිනදු මාතර පුරවරයේ බෝගෝඩ පවුල කැපී පෙනෙන්නේ මෙඅයුරිනි
ඉන්ද්‍රාණි බෝගෝඩ ශිල්පිනියට ඇති ඥාති සබඳතාවය අනුව
සෝමපාල බෝගොඩ - (සුඵ පියා - ගායකයාණන්)
චන්ද්‍රදාස බෝගොඩ - (වැඩිමහඵ සොයුරු - සංගීතඥයානන්)
රංජිත් බෝගෝඩ - (වැඩිමහඵ සොයුරු - වාදකයාණන්)
ධර්මදාස පරණගම - (සැමියා - ගී පද රචකයාණන්)
විනී බෝගෝඩ - (සුඵ පියාණන් ගේ පුතු- ඥාති සහෝදර - ගායකයාණන්)
රෝහණ බෝගොඩ - (සුඵ පියාණන් ගේ කනිෂ්ඨ පුතු - විනි බෝගොඩ කනිෂ්ඨ සහෝදරයා)
ජානක බෝගෝඩ - (වැඩිමහල් සොයුරු වැඩිමහල් පුතු)
දිනේෂ් බෝගෝඩ - (වැඩිමහල් සොයුරු බාල පුතු)
==============
නීල වර්ණ නීල කොබෙයියෝ - මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියාසලන - සිතට සුවඳ පවන් සලන.......
නීල වර්ණ නීල කොබෙයියෝ .................
උඩින් ගියත් බිමින් ගියත් - මගේ හිsතින් ඉගිළ නොයන්නේ .......
අඳුරු බිඳෙන සොඳුරු සිහින - කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ .......
නීල වර්ණ නීල කොබෙයියෝ .......
එරන් මාල එරන් තෝඩු - එරන් වළලු නැතෙයි පතන්නේ ......
අමාවකේ නිමා නොවන සිනා බිඳක් රැගෙන වරෙන්නේ ........
(ගුවන් විදුලි සරළ ගී)
වසර- 1975
පද සංකල්පනාව- ජී එච් කේ රත්නසිරි
තනුව හා සංගීතය - චන්ද්‍රදාස බෝගෝඩ
සවන්දෙන්න මෙතැනින්
===========
80 දශකයේ දීද වරින් වර තමන්ට ලැබුනු සරළ ගී වැඩසටහන් ඔස්සේ සුපුරුදු ලෙස මාතර සිට පැමිණ ඇය තම ශ්‍රාවකයන් කුල්මත් කලාය
බෝගෝඩ කලා රසවතුන් අතර මේ ගීතාවලියේ සත්සර රටා ඇමිණූ ඇයගේ සොයුරු චන්ද්‍රදාස බෝගෝඩයන් ගේ ජීවන වතගොත දිගැහැරලන්නට අවස්ථාවයි මේ
තම පියාණන්ගේ රැකියාව නිසා පවුලේ සමාජිකයන් සමග තැනින් තැනට යන්නට සිදුවීමෙන් මාතර වැලිගම මෙතොදිස්ත විදුහලෙන් කෑගල්ලේ තෝලංගමුව මහ විදුහල වෙත අකුරු කරන්නට පැමිණි චන්ද්‍රදාසයන්ගේ සංගීත ඇදුරුතුමාණෝ වෝලටර් හිග්ගොඩ නම් විය හින්දුස්ථානි සංගීතයේ තිඹිරිගෙය වූ අසල්වැසි භාරතයෙන් ඒ පිළිබඳව ඩිප්ලෝම සහතික ලබා පෙරළා විත් රජයේ සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය ඒ අදින් වසර 58 පමණ ඉහතදී තම ගම්පියසේ හක්මන මෙතෝදිස්ත කණිටු විදුහලෙනි
නිරන්තරයෙන් අභ්‍යාසයේ යෙදෙමින් හා දැඩි කැපවීමකින් තමා උගත් ශිල්පය දියුණු තියුණු කරගත් හෙතෙම රාගාශ්‍රීත නවතනු පබඳා ඒවා ස්වර ලිපි ගත කරන්නට පටන් ගත්තේය
හා පුරා ඔහු ගේ ස්වත්රන්ත්ර නිර්මාණයක් ලෙස එළිදුටුවේ ඉහත සඳහන් සීත දිය වැල් සලා ගීතයේ තනුවයි ඔහු විසින් එය තම සොයුරිය ට මනාව පුහුණුකරවා ඇයගේ ගුවන් විදුලි සරළ ගීයකට යොදා ගන්නට උපදෙස් දී තිබිණි
තමන්ගේ ශීල්පීය නිපුණතාවය වඩාත් පුඵල් කරගැනීමට හා එය ඔප මට්ටම් කරගන්නට නම් අගනුවර ඇසුරේ ජීවත් වීමේ වැදගත්කම වැටහී ගියද ඔහු උපන් ගම් පියස වූ තෙලිජ්ජවිල හැරදමා නොගියේය වැඩසටහන් හා වෙනත් වෘත්තිය කටයුතු සඳහා අගනුවර පිවිස අදාළ කටයුත්තේ නිමාවේදී යළිත් නිවස කර පියමං කලේය
මාධ්‍යය ඇසුර හා ප්‍රසිද්ධිය පිළිකෙව් කල මේ සංගීතවේදියාණෝ නිහඩවම තම නිර්මාණකරණයේ නිම් වළලු පුඵල් කරගනු ලැබීය
බෝගෝඩ පරපුරට උරුම සංගීත කලාව ඉදිරියට පවත්වා ගනිමින් චන්ද්‍රදාසයන්ගේ පුතුන් වූ ජානක ද ඔහුගේ සුඵපියා වූ රංජිත් අනුව යමින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදකයෙකු ලෙස ද දිනේෂ් සංගීතය පිළිබඳව උපාධි ලැබ එහිම සංගීත පාලකවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි
වසර 30 ක ගුරු දිවියෙන් ඉසිඹුලැබ 1986 පමණ නිල්වලා අධ්‍යාපන විද්‍යා පිඨයේ සංගීත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබිය
ප්රවිණ සංගීතවේදි චන්ද්‍රදාස බෝගෝඩ හැදූ ඉන්ද්‍රාණි බෝගෝඩ ගැයු ගී පෙළ අතරින්
සීත දියරැල් සලා (ධර්මදාස පරණගම) - 1974
මගේ නීල නෙතු සගලින් (ඩෝල්ටන් අල්විස්) - 1975
ථූපවංශ භූමියේ (ඩෝල්ටන් අල්විස්) - 1975
මා ප්‍රිය හිමියනි (ක්‍රිස්ටි ගුණසේකර) - ටී ෂෙල්ටන් පෙරේරා සමග - 1975
නීල වර්ණ නීල කොබෙයියෝ - (ජ් එච් කේ රත්නසිරි) - 1976
සීරිමා බෝපත් චාමර (ධර්මදාස පරණගම) - 1976
පෙම් කල වරදට (දයා ද අල්විස්) - 1979
පූජාසනයේ (පුෂ්ප තරංග රණතුංග) - 1981
සිගිරි නාරිලතා (රත්නකුමාරි අමරසූරිය) - 1981
================================
ළබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ ..................
මල ඊයේ යළි නැත එළඹෙන්නේ................
කඳුලින් කවුරුද ජය පැන් බොන්නේ....................
දහදිය බිඳු මත ලොව ඉදිවන්නේ ...............................
නිෂ්පාදනය - ජී එස් බී රාණි පෙරේරා
වැඩසටහන - ප්රබුද්ධ ගී
අරමුණ - වගා සංග්‍රාමය - ප්‍රවර්ධනය - දේශාභිමානී ගී නව නිර්මාණ
වසර - 1974 ?
පද සංකල්පනාව - ප්රවිණ පුවත්පත් කලාවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනු නිර්මාණය හා සංගීතය - ප්රවිණ සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ බටනලා වාදන ශිල්පී එච් එම් ජයවර්ධන
සවන්දෙන්න මෙතැනින්
Listen Music - Audio Hosting -
(මුලාශ්‍ර පරිශීලනය - මියැසි හරසර- ලාල් අනන්ද අබේධීර
විශේෂ ස්තුතියි - ඉන්ද්‍රාණී බෝගෝඩ මහත්මිය වෙත)