namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, September 26, 2021

මර්වින් ප‍්‍රියන්ත මවුත් ඔ්ගන් නාද ප‍්‍රතිභා ප‍්‍රභා...... Mervyn Priyantha Mouth ORGAN MUSIC

දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ......................01 වන සටහන හඳුනාගන්නට පෙර ඔහු ගේ නිසග ප‍්‍රතිභාව අත්විඳගන්න...


ලාංකීය සුභාවිත ගීතයේ ’මවුත්ඔ්ගන්’ වාදන ශිල්පය පිළිබඳ ලුහුඬින් විමසා බැලීමකි... (01)



මරදාන දුම්රිය වේදිකාවෙන් සෙමින් ඉදිරියට ඇදී ගිය බලවේග දුම්රිය කට්ටලය අංගනය ඔස්සේ ගමන් කරයි. මගීන් අතරින් ඇදී ආ කර්ණරසායන ගී අනුවාදනයක් හමුවේ අඩසියවසකටද ඔබ්බෙන් දුර ඈත අතීතයකට මතකය දිව යයි. සුවහස් සංඛ්‍යාත භාරතිය ගී රසිකයන් පිනවූ ඒ ගී රාවය එතැන් හි සිට නිරතුරු හින්දි සිනමා ගී උන්මාදයෙන් මත් වූ ලාංකීය ශ‍්‍රාවක රසිකයන් ගේ හදවත් හි නිරන්තරයෙන් රැුඳි පවතියි. 


භාරත තිරයේ කඵ - සුදු දසුන් මවා රගදැක්වුනු ලෙසින් ගී ගයමින් වයමින් නගරයේ තැන් තැන්හි ගීතලෝලීන් කුල්මත් කල ’මිතුරන් යුගළය’ වැයු ඒ සිගිති වාද්‍ය භාන්ඩයෙන් ඇදී ආ සංගීත රාවය දුම්රිය මැදිරිය සිසාරා හාත්පස පැතිර යයි. මියැසියෙන් මන්මත් වන්නන් ගේ දෙසවනට නුහුරු නොවන එය ’මවුත් ඔ්ගනයයි’. 


දුම්රිය ’කැළණිය’ නැවතුමේ වේදිකාවට සේන්දු වූ වහාම එය කලිසම් සාක්කුවේ රුවා ගත් ’වාදකයා’ කඩිමුඩියේ මැදිරියෙන් ඉවතට පැන ඉදිරියට දිව ගියේ ඉදිරි මැදිරියකට ඇතුඵ වි සිය සුපුරුදු කාර්යයේ නිරත වන්නට විය හැකිය. එයාකාරයෙන් සාක්කුවේ රුවාගෙන එහාමෙහා ගෙන යා හැකි හුරුබුහුටි මේ ලාභ වාද්‍ය භාන්ඩය එක්තරා යුගයක පදික වේදිකාවේ විකිනීමට තබා තිබු විවිධාකාරයේ අරුමෝසම් භාන්ඩයන් අතර නොරැුඳුනේ  නම් ඒ කලාතුරකිනි.


සංගීතයට ඇඵම් කළ ළපැටියන් එය ඇස ගැසුනු වහාම දෙමව්පියන්ට ඇවිටිලි කර එය රැුගෙන දෙන්නට යැයි කියා සිටියේ නම් එසේ කරන්නට ඔවුන්ට අසිරු නොවුනි. මක් නිසාද යත් එය එතරම් ලාභදායි වාද්‍ය භාන්ඩයක් වු නිසාය.


ඒ අපුරු සංගීත භාන්ඩයේ මියැසි නාද රටාවෙන් හැඩ වැඩ වූ ’සිංහල ගීතාවලිය’ ආවර්ජනය කරමින් අතීත තතු විමසුමක යෙදෙනු වස් දැරූ තැතකි මේ.


 සිංහල ගී කෙත සරු කරන්නට වැඩිමනත්ව කන්කඵ මියුරු ගී බිහිවීම ඇරඹි 50 දශකයේදී ඒවායින් සැළකිය යුතු සංඛ්‍යාවක් ’සිනමා පසුබිම් ගායනා’ ලෙස ගැයුනු අතර දක්ෂිණ භාරතීය සංගීතඥයන්ගේ රසපුර්ණ තනු නිර්මාණයන් කැටිකොට ගත් ඒවා ගැයුනේද ලක්භූමියෙන් එපිට අසල්වැසි ඉන්දීය පටිගත කිරිමේ චිත‍්‍රාගරයන්හිදීය. ඊට වාදනයෙන් දායක වුවෝ ද අදාළ චිත‍්‍රාගාරයේ වෘත්තිය නිත්‍ය වාදක මන්ඩලය වු අතර ඔවුන් දිනකදී වෙසෙසින් ද‍්‍රඩිඩ හා වෙනත් භාෂා මාධ්‍යයන්ගෙන් බිහිවුනු ගීත අතිවිශාල සංඛ්‍යාවකට වාදන සහය දක්වමින් මහත් අත්දෑකිම් රාශියකින් සන්නද්ධව සිටි බව කියැවේ


හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකො අයියේ ...


ඩිංගක් හිතන්නකෝ අයියේ..,


දග ළමයින් නරකයි බොහෝ සැරයි ...


හොඳ ළමයට කවුරුත් ආදරෙයි....


සෙල්ලම ළෙල්ලම වෙනවාමයි..


ඒකෙන් ඇස් රතු වෙනවාමයි....


ඔ....ඔ...ඔ්..ඔ්..ඔ් ..ඔ..ඔ..ඔ...............


මැර කොල්ලන් එක්කලා හාදකම්...


උඩ පැනිලි නැටිලි නාඬගම් ...


හොඳ නෑ කැතයි..චී චී..කැතයි..


ලැජ්ජා නැද්දෝ .....


-------------------------------

මෙතැනින් සවන්දෙන්න

----------------------------


ළමාවිය පසුකල නව යොවුන් වියට පියමං කළ ගායික ’ඉන්ද‍්‍රානි විජයබන්ඩාර ගේ හඬින් ගැයුනු එය 1957 වසරේ මැදින් මස 29 දාතමින් ලක්දිව සිනමා හල් ගණනාවක තිරගත වු ඉන්දීය ජාතිකයන්වූ ටී ආර් සුන්දරම් හා ක‍්‍රිෂ්ණා රාවෝ සම අධ්‍යක්‍ෂනයෙන් නිමැවුනු ’සුරයා’  සළරුවේ අතීත මතක සැමරුම් පණගන්වයි. සුප‍්‍රකට දක්‍ෂිණ භාරතිය සංගීතඥ එස් දක්‍ෂිණමූර්ති ස්වර නිමැයූ අනුකාරක ගීතයක් වු එහි නාදමාළවේ වැයෙන ’මවුත්ඔ්ගන්’ හඬ මුල්වරට සිංහල ගීතයකට ඇතුළත් වු අවස්ථාව විය හැක්කේය.



සිතාර්, වයලීන්, තබ්ලා, එස්රාජ්, තාම්පුරා, ඔ්බෝ, බටනලාව, ඇතැම් විට ගිටාරය සමගින් ඔ්බෝව ද ෂෙහෙණායිද  මෙන්ම පසුව වයිබ‍්‍රෆෝන් නාදය ඇසේ නම් එය ගුවන් විදුලියේ නිපදවු ගීතයක් ලෙසත් ඩ‍්‍රම්ස්, ගිටාර් වර්ග,සරපුවරු, සැක්සෆෝන්, කොම්බෝ, ට‍්‍රම්ෆට්, නාද නැගේ නම් එය  ’45 ඊ පී එල් පී කොමර්ෂල්’ තැටි ගීයක් ලෙසත් හැඳිනගැනීමේ සාම්ප‍්‍රදායික ගතානුගතික වර්ගීකරණය ට හේතුව එක්තරා යුගයක ’ගුවන් විදුලි ගී’ උදෙසා බටහිර වාද්‍ය භාන්ඩ යොදා ගැනීම වාරණයට ලක් වී තිබු නිසා විය හැකිය.


එහෙත් එය පදනම් විරහිත ප‍්‍රලාපයක් බවට පත් කෙරුණු නැවුම් ආරක ’ගුවන් විදුලි ගී’ රැුසක් කළඑළි බට යුගයක් විය. ඒ 70 දශකයේ මධ්‍ය භාගයයි. එතැන් සිට විවිධාකර වු විසිතුරු නාද සංකලන මතුකෙරෙන සියඵ ආකාරයේ ’බටහිර තූර්ය භාන්ඩ’ මගින් රසගැන්වුනු විචිත‍්‍රවත් ගීත එහි නිෂ්පාදනය වී පටිගත කෙරෙන්නට විය.


එකි දශකයේ එහි ප‍්‍රබල භූමිකාවක් හෙබ වූ ප‍්‍රවිණ ගායිකා ’ජී එස් බී රාණි පෙරේරා’ විසින් සිය ’ගීත තරංගනී’ ’ප‍්‍රබුද්ධ ගී’ වැඩසටහන් උදෙසා සිමා මායිම් වලින් තොරව සංගීත නාද රස මවන්නට ඊට සම්බන්ධ වූ ශිල්පීන් හට අවසර දී තිබු බව කියැවේ.


ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස ’ප‍්‍රබුද්ධ ගී’ ඔස්සේ නිර්මාණය කෙරුණු ගීත  සහ වික්ටර් දඵගම මෙන්ම සුවිසල් දැවැන්ත වාද්‍ය වෘන්දයක සහය නිරන්තරයෙන් ලබනු රිසි වු ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ ආචාර්ය වික්ටර් රත්නායක මෙන්ම ගුවන් විදුලි වද්‍ය වෘන්දයේ ප‍්‍රධානී සෝමදාස ඇල්විටිගල අදි ප‍්‍රවිණයන් ’ගීත තරංගනී’ උදෙසා දායකත්වය සැපයූ බව සඳහන්ය.


මේ අතරවාරයේ සංගීත අංශයේ ප‍්‍රධානී ’ආචාර්ය දයාරත්න රණතුංග’ ද ගුවන් විදුලි ගීතයේ  කැපී පෙනෙන වෙනස්කම් සිදු කරන්නට උත්සුක විය. 



උත්තර භාරතීය බොලිවුඩ්  සිනමාවේ රසපූර්ණ ගී තනු ඇතුළත් ’දෝස්ති’ සලරූව අනුව යමින් කිංස්ලි රාජපක්‍ෂ නිපැයු ’කළණ මිතුරෝ’ 1971 වසරේදී රජතමය තිරයේ දිගැහැරුනේ මුල් හින්දි ගී තනු අනුකරණය නොකළ නැවුම් නොඉඳුල් මනහර ගී නිර්මාණ පෙළක් ගී රසිකයන් වෙත දායාද කරමිනි. 


එහෙත් මුල් හින්දි සිනමා කෘතියේ ගැයුනු ගීතයන් හි අතුරු වාද්‍ය ඛන්ඩ රසගැන්වූ ’මවුත්ඔ්ගන්’ නාදරටා නවආරකින්  ප‍්‍රතිනිර්මාණය කරමින්  ’කළණ මිතුරෝ’ ගී නිර්මාණ අභියෝගය ජයගන්නට එදවසද ප‍්‍රවිණ  සත්සර රටා මෙහෙයුම්කරුවා වු ’ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ සමත්විය. මවුත් ඔ්ගන් වාදන ශුරී ප‍්‍රවිණ සැක්සෆෝන් වදක කුමාර් මොල්ලිගොඩය.


ආචාර්ය වික්ටර් රත්නායක නම් යෞවන ගායන ශිල්පියාගේ ළයාන්විත ගී හඞ ඇතුළත් එහි පද සංකල්පනාවන් නැසිගිය ඔගස්ටස් විනයාගරත්නම් සහ කරුණාරත්න අබේසේකරයන් ගෙනි.
පහත සඳහන් ගී නිර්මාණයන්ගෙන් ආචාර්ය වික්ටර් ගැයු ගීත ත‍්‍රිත්වයක් වෙනුවෙන් මවුත් ඔ්ගන් වාදන ඇතුළත් වි තිබින.


01 උපන් කාට උනත් මේ චංචල ලෝකේ ............... (ඔගස්ටස්)


02 කලණ මිතුරු දහමයි ..............(කරු අබේසේකර)


03 භවෙන් භවේ .............. (ඔගස්ටස්)


04 දිනෙක යන මෙතැන් සිට 
..............(කරු අබේසේකර)


05 මහ මෙර සාගර
– 
..............(කරු අබේසේකර)


06 අභිමාන ධීර වීර - මොහිදින් බෙග් - 
..............(කරු අබේසේකර)


07 යුග්ම තාරකා දිළිසෙන (කලාශූරී ලතා වල්පොළ විසිනි) - ඔගස්ටස් 


කළණ මිතුරු දහමයි...


පිරුණු සදාදරයි ...


මා හද රන් පොකුණේ ............


දිළෙන පහන් සිඵවයි..................


කෙනෙක් නොමග යානම්...


ඔහුට කියාදෙමි මං .....


නියම මග පාදා ..


මට ඇති සතුට එයයි.....


------------------------

ගැයුම - ආචාර්ය වි්ක්ටර් රත්නායක


නාද සංකලනය - ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න


වසර - 1971


සිනමා වෘතාන්තය - ’කළණ මිතුරෝ’


ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර


මවුත් ඔ්ගන් වාදක - කුමාර් මොල්ලිගොඩ

------------------------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------


එහි ඇතුළත් වු අර්ථපුර්ණ භාවපූර්ණ ගී පදවැළකින් ලෝ දහමේ යථාර්ථය මොනවට චිත‍්‍රනය කරදෙයි. 


උපන් කාට වුනත් මේ චංචල ලෝකේ.....


දුකයි සැපයි පමණි තනියට ලග ඉන්නේ ....


එයින් සැපත වහා ඔබ අතහැර යන්නේ...


නමුත් දුක පැල් බැඳ සදහට නවතින්නේ....,


මිතුරෙකු ලෙස දන්න ....


දුක ළං කරගන්න


එවිට අහස පොළොව දෙපඵ උනත්..


හැකිවෙයි ඉවසන්න...


------------------------

ගැයුම - ආචාර්ය වි්ක්ටර් රත්නායක


නාද සංකලනය - ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න


වසර - 1971


සිනමා වෘතාන්තය - ’කළණ මිතුරෝ’


ගී පද - නැසිගිය ඔගස්ටස් විනයාගරත්නම් 


මවුත් ඔ්ගන් වාදක - කුමාර් මොල්ලිගොඩ


------------------------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------

ඉන් තෙවසරක පමණ කෙටි කාලයක ඇවෑමෙන් පෙරකී අයුරු ’මවුත් ඔ්ගනයේ’ නාදරටා සංකලන ඇතුළත් ගී ’ගුවන් විදුලියෙන්’ එළිදුටුවේ ’ආචාරය දයාරත්න රණතුංග’ ගේ මැදිහත්වීමෙනි.


01 මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා (චන්ද‍්‍රසේන රංගේ)


02 ගී ලියන්න මට කිවේ ඔබේ නෙතයි (ගාමිණි ලේල්වළ)


03 සමකෝණි ති‍්‍රකෝණයකි ඔබත් මාත් ඇයත් (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)


04 චූටි මගේ දුව චූටි (චන්ද‍්‍රසේන රංගේ)


------------------------

මල් පිපිලා ...........


ජිවිත උයනේ මල් පිපිලා ...


ආත්මයේ ..දසන්තයේ...


සුවඳ හලා..ප‍්‍රාර්ථනා මල් පිපිලා ......


මගේ දෙතොලට ඔබේ දෙකොපුළ හිමිනැත...


මගේ දෑතට ඔබේ රතැගිලි හිමිනැත....


ඒත් මගේ හිත දෙනෙතට උරුමයි කම් නැති මියුළැසියේ...


ඒ ඇති මට මගේ නෙත් යුග පියෙන තුරා..........


----------------------------

ගී පද - චන්ද‍්‍රසේන රංගේ


ගී තනු - ආචාර්ය දයාරත්න රණතුංග


සංගීත අධ්‍යක්‍ෂනය  - ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු

ගී හඬ - ආචාර්ය දයාරත්ත රණතුංග


මවුත් ඔ්ගන් නද - ප‍්‍රවිණ ශිල්පි ගුවන් විදුලි වාදක මන්ඩල හිටපු සාමාජික මර්වින් ප‍්‍රියන්ත

--------------------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

ඔහුගේ ප‍්‍රිය භාර්යාව මහාචාර්ය අමරා රණතුංග ද තමාට හුරු පුරුදු හින්දුස්ථානී රාගධාරී සංගීත නාදරටාවන්ගෙන් මදකට මෑත්වෙමින් ගුවන් විදුලි ගීතයෙන්  බටහිර තූර්ය වාදන මිහිර මතුකරගන්නට උත්සුක වුයේ එවකට හතු පිපෙන්නා සේ බිහිවෙමින් තිබුනු ’වෙළඳ තැටි ගී’ හා කරට කර තරග කරමිනි. ඊට නිදසුන් ලෙස  01 රාධා ක‍්‍රිෂ්ණා රාමා සිතා (චන්ද‍්‍රසේන රංගේ)  - තනුව - සංගීතඥ සරත් ද අල්විස් 0202 ඊයේ ? ඔබ සිහිනෙන් දෙඩවු (චන්ද‍්‍රසේන රංගේ* 03 03 සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන (හියුබත් දිසානායක)- ළමා ගායක පුතු පුලස්ති ඉන්දික සමග 


ඩ‍්‍රම්ස්’ ’සරපුවරු’ සහ ’විදුලි ගිටාර් පෙළින්’ ඔපවත් වූ නාදරටා සහිත උක්ත ගිතාවලියේ සංගීත සංයෝජනයන් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ’ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු’ සංගීතවේදියා ගෙනි. 


70 දශකයේ මුල් වසර කිහිපයක අතරවාරයේදී  ’ආචාර්ය දයාරත්න රණතුංග’ නම් වු සංගීත පාලකවරයා සිදුකරන ලද මෙකී පෙරළියෙන් අනතුරුව ’ගුවන් විදුලි සංගීතය ප‍්‍රණීතාංගයන්’ ඉදිරිපත් කළ නිෂ්පාදකවරුන් ගේ ආශීර්වාදයෙන් ’මවුත්ඔ්ගනයේ’ නාදසංකලනයේ මිහිර මුසුකළ තවත් අපුර්ව සංගීත ශීල්පියෙකු වූයේ නැසිගිය සරත් දසනායකයන්ය. 70 දශකයේ අවසන් වසර ගෙවි යද්දී කළඑළි දුටු දේශාභිමානී ගියක රාව ප‍්‍රතිරාව නැංවු එකී නාදය ඇතුළත් ගීතයේ හඞ චන්ද‍්‍රිකා සිරිවර්ධන විසින් මුසු කරනු ලැබුවාය. මෙකී වෘතාන්තයට පසුබිම් වු පුවතට අදාළ සොඳුරු යොවුන්  ’මවුත් ඔ්ගන්’ වාද්‍ය ශිල්පියා හැඳිනගන්නට මත්තෙන් ඔහුගේ දෙතොල් පහස ලැබු ගලා ගිය වායු ධාරාපෙළින් ඔපවත් වු මෙකී නිර්මාණයේ රස විඳිනු වටී.


දැයේ නමින් පෙර දිවි දී............


මගේ දෝතට ආ පුතුනේ .............


වීර විකුම් පෑ පැරකුම් කුමාරයකි .....


හෙළ පුතුනේ ..............


දිනූ බිමේ හමන පවන් පොදක් ළයට ගෙන පුතුනේ...............


බුදුන් වඳින ඔය දෑතින්...


දැය නංවනු මැන පුතුනේ.....

------------------------

ගී පබැඳුම - ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ


යුගය - 1979 පමණ


ගැයුම - චන්ද‍්‍රිකා සිරිවර්ධන


තනු සහ නාදරටා  - නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී සරත් දසනායක


මවුත් ඔ්ගන් වාදන ශිල්පී - මවුත් ඔ්ගන් නද - ප‍්‍රවිණ ශිල්පි ගුවන් විදුලි වාදක මන්ඩල හිටපු සාමාජික මර්වින් ප‍්‍රියන්ත

---------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------------

මතු දිනයකදී  මෙතැන් සිට නැවතත් .............................


(විශේෂ ස්තුති පුර්වක ප‍්‍රමාණය - ප‍්‍රවිණ සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ හිටපු සාමාජික මවුත් ඔ්ගන් වද්‍ය ශිල්පී මර්වින් ප‍්‍රියන්ත වෙත)

---------------------------------------------------------------------------------------------------------------------

Wednesday, September 8, 2021

එම් කේ රොක්සාමි ගී එකතුව - M K Rocksamy Song Collection -PART - 04

එම් කේ රොක්සාමි තැනූ  - වැයූ අම මී ගි බිඳු - 04 වන  දිගහැරු

 අකාස්මිකව මතුදිනක වෙන්නට නියමිත කිසියම් විපතක් උපවිඥානයෙන් පැන නැංවීදෝ ’වෙන්කට්’ මෙවදන් ඉන්ද‍්‍රජාලික ’වදන් මැවිසුරු’ කරුණාරත්න අබේසේකරයන්ගෙන් ලියවා ගනු ලැබ ’බෙග්’ ලවා ගයනා කරවා සිය නිර්මාණය සැරසිය.



ඔහු ගැයු අනෙක් ගීය ’ශ‍්‍රී නිහාල් ජයසිංහ’ නම් වූ කලාකරුවාගේ පබඳිනු ලැබු අතර මෙකී ගීත ද්විත්වයම දශක ගණනක ඇවෑමෙන් ’බෙග්’ ගැයූ විශීෂ්ඨතම බොදුබැති ගී පෙළ සමග රැුඳෙන්නේය









සකල සතම බොදු බැතියෙන්.....


නමදින සුරහැර හැම වේලේ ...................


සුගත තථාගත ලෝක සිවංකර .................


සම්බුදු සිරිපාදේ ........................

---------------------------

මෙතැනින් සවන්දෙන්න

50 දශකයේ සිට ඔබ්බට ’රොක් මාස්ටර්’ වු ඔහු තරම් කාර්ය බහුල වූ සංගීතඥයෙක් නොසිටින්න ඇතැයි හැගී යන්නේ ඔහු එදවස ’සැක්සෆෝනයෙන්’ හා පසුව ’වයලීනයෙන්’  සහභාගී නොවු ගුවන් විදුලි ගීත පටිගකරීමක්, සිනමා ගී පටිගතකිරීමක් හෝ වෙළඳ තැටි - කැසට් ගත කිරීමක්, ඒක  පුද්ගල සංගීත ප‍්‍රසංගයක් නොතිබුු තරම් නිසාය. 70 දශකයේ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹි ගුවන් විදුලි ගායක ගායිකාවන් විමසද්දී බොහෝ විට ඔවුන් ගේ වාද්‍ය වෘන්දයේ ’රොක්සාමි’ වාදනය කරනවා දක්නා ලදැයි හෙළිරවු කරති.


අතිශය නිහතමානී උදාර මානව ගුණාංගයන්ගෙන් පිරිපුන් ඔහු ගේ ශ‍්‍රම දායකත්වය වෙනුවෙන් තමන්ට ලැබිය යුතුව තිබුනු ගෙවිම් අනුග‍්‍රහකයන් විසින් පැහැර හැර තිබුනද, අමතක කර දමා තිබුනද ඔහු ඒවා පසුපස හඹා යන්නට වෙර නොදැරූ බව ඔහුගේ හිතවතුන් කියා සිටියි. තමන් නිරතවන කාර්ය භාරය තමන්ගේ වගකීම නොපිරිහෙලා නොපැකිළිව ඉටු කර දෙන්නට හැමවිටම උත්සහ දැරූ ඔහු එය ඉතා හොඳින් අඩුලුහුඬකම් වලින් තොරව සිදුකර දෙන්නට වගබලා ගත්තේය. ඒ ’දිමනාව’ ඔහු කිසිසේත් ප‍්‍රමුඛ කොට නොසැළකු නිසාය.


1978 වසරේ ’සිරිපතුල’ සිනමා නිර්මාණය තිරගත වෙද්දී දිවයින පුර බොදුනුවන්ගේ ප‍්‍රබෝධයක් ඇතිවෙමින් තිබිනි. දිවයිනේ මුල්වරට ඉන්දිය රජයේ අනුග‍්‍රහයෙන් ’කපිලවස්තුපුර සර්වඥධාතු’  ලක් දිවයිනට වැඩමවා උත්සවාකාරයෙන් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රදර්ශනය කරමින් තිබු සමයයි ඒ. රොක්සාමි හැදු ’සකල සතම’ එදා දොරින් දොර නගරයෙන් නගරය ගමක් ගමක් පාසා රැුව් පිළිරැුව් දුන්නේ බෙග් මාස්ටර් ගේ ජනප‍්‍රියතම බොදු ගීතය වු ’බුද්ධං සරණං ගච්ඡුාමි’ කරට කර සිටිමිනි.


එහෙත් එතැන් හි සිට පස්වසක් ඉක්ම ගිය කල්හී මෑත ලක් ඉතිහාසයේ එදාමෙදාතුර රගදැක්වූ අතිශය අමානුෂික කෘරතර ජවනිකා පෙළ අගනුවර විදී වේදිකා කරගනිමින් පෙළගැසෙමින් පැවතියේ ’ඇසළ මහේ’ අවසන් සතිය ගෙවියද්දීය. බටහිර ගොපඵ සිනමාවද පරදාළු ගත ළොමුදැහැගෙන්වෙන් ත‍්‍රාසජනක රූපරාමු ලොව සතර දිග්භාගයේ රූප මධ්‍යයෙන් දිගැහැරෙනු ලැබීය. 


එකී සියවසේ දැවැන්තම ’අග්නි බිලි පූජාව’ ලක් පින් බිමේ පැවැත්වෙද්දී මැදියම් ? අහස සිසාර හත්පස ඒකාලෝක කරමින් අග්නිජාලා පැතිර ගියේය. අපිරිමිත සෑදෑ ගුණයෙන් සහ පෙරනොවූ විරූ දෑ අබිමනින් දෝ ඔවුහු යුහුසුඵව ’ප‍්‍රාණය ඉල්ලා හඞා වැටෙන මානවයන් ’ අග්නි දෙවියන්හට පුදදෙන්නට විය. 


මාර්ගයේ ඔබමොබ දිවයන රථ පදවන්නන් විරුද්ධ පිළේ සාමාජිකයන් වී නම් ඔවුන්ගේ ආගමික ශුද්ධ ග‍්‍රන්ථයක් වූ ’රාමායණයේ’ කියැවෙන ලෙසින්  ’සීතාවන් ගේ පතිවත කිරාමැන බැලිමේ’ ප‍්‍රායෝගික පරික්‍ෂණයට එහිදී සජීවි ලෙස රග දැක්වෙමින් තිබුනි. මේ වාරයේ ඊට ’සිතාවරුන්’ මෙන්ම ’රාමා - ලක්‍ෂමන්’ වරුද බුරුතු පිටින් ගොදුරු කෙරිනි.


එසේ තැන්හි තැන්හි ’කිහිරි අගුරු’ බවට පත් වූ සිරුරු වගතුග පසුවිපරමේදී දැන හැඳින ගැන්මට ලැබුනු අනුවේදනීය පුවත් බොහෝ වන්නට ඇත. එදා ’සිරිපතුල’ කථා පුවත ගෙනහැරපාමින් බොදුණුවන් සැදැහ වඩවූ ඔහු ’කේ වෙන්කටසාලවන්’ මෙදා එසේ ඔවුන් අතර සිටි අල්පයක් වූ ’පවිටු මැරයන්’ හමුවේ ඛේදනීය ලෙස සිය අවසන් හුස්ම කඵ දුම්රොටු අතරට මුසුකර දී තිබිනි.


තිස්හයවසක අයූකාලයක් යෙහෙන් වැජඹෙමින් පැවතී ’ලක් සළ රූ’ කලාවේ ප‍්‍රාණනාළිය බඳු ’චිත‍්‍රාගාර’ ’අමිල අගයකින් යුතු සිනමා සළ රූ සේයා පටල’ ’සැකසුම් උපාංග’ ’සිනමාශාලා’  අඵදුහුලී රැුගත් දුම්වළාපටල අඳූරු අහස් කුස වඩාත් අඳුරු කරමින් වසා පැතිර ගියේ එතැන් සිට මතු එළඹෙන හෙළ සිනමාවේ අඳුරු යුගයේ සේයා රූ මවමිනි.


දශක දෙකකට අධික කාලයකදී මතු සඳහන් කළ රසපූර්ණ සත්සර නාද රටා මවමින් ගීත ලොළීන් සිත් රංජනය කළාවු මෝහනීය  නාදමාලා වැයූනු ඒ මාහැගි වයලීනයේ තත් රැුහැන් සිඳි ගැලවී ගොස් තිබුනි. ’උදේ හවා දශක ගණනාවක් සිය ස්වාමියා ගේ ළමැද පහස ලැබු එය අඵ දුහුවිලි පිරුණු ඉදිරි අංගනයේ පොළව සිප අසරණව වැතිරි සිටියේය. පසෙකින් පොඩිකර දැමු ’රොක්සාමි’ ගේ සරණ බන්ධනයේ සේයා රූ සිහිවනය ඊට තනි රැුක්කා සේය.

 


 සහෝදර කලාකරුවන් දශක ගණනක සිට  දැයක් නැළවු සැනසූ  ’රොක්සාමි’ සංගීතවේදියා ඇතුඵ ඔහුගේ පවුලේ සාමාජිකයන් යුහුසුඵව නොපමාව රැුක ගන්නට දිවි පරදුවට තබා ක‍්‍රිය කළේය. ලගින්ම පදිංචි වී සිටි ’ඩයමන්ඩ් පෙරේරා’ සහෝදර වාදක සහෘදයා සිය අතිජාත මිතුරු වාදකයාද එවකට පිළිවෙලින් 17 සහ 15 වියැතිව සිටි ඔහුගේ පාසල් යන දියණිවරුන්ද ඔවුන් දෙදෙනාට වැඩිමල් ’පුතු’ ද රැුකබලා ගනු ලැබ අතර දුර ඇමතුමක දුර අන්තයේ රැුඳි සහෝදර සංගීතවේදී ’සරත් දසනායක’ යන් වෙතින් ’සදාදර වයලීනය’ තමන්ට සදහටම අහිමි නොවූ බව දැනගත් ’රොක්සාමි’ සිය නෙතින් රූරා ගලා හැළෙන කදුඵ බිංදු වෙතින් හදවත දවාඵ සංතාප ගින්න නිවාගත්තේය.


’ලංකාණ්ඩුව’ විසින් පවත්වාගෙන යනු ලැබු ’සරණාගත කඳවුරු ගතවි’ සති මාස ගනන් හිස් අහසට දුක් සුසුම් පොදි මුදාලු දස දහස් ගණන් දනන් අතරට ඔහුගේ දුක්වේදනාද එක්කරන්නට ඉඩ නොතැබූ ’කේමදාසයන්’ ඔවුන් ඔහුගේ නිවහන වෙත කැන්දා ගනු ලැබිය.


’ඒ දක්වා කලා ලෝලී ලක් වැසියන් වෙත දයා පරශව සහන් සුවය ලගාකර දුන් ’සරසවි දේවීය’ එයින් නික්ම ගියැ වැන්න. එසේ උදා වූයේ ’ලාංකීය සිනමා  - නාට්‍ය - සංගීත’ කලාවේ පරිහානි යුගය වන්නට ඇත. එතැන් සිට යම්තම් පස්වසක් ඉකුත් වී මද කලක් ගතවූ  කල්හී 1988 නොවැම්බර් 20 දින දී මේ අසහාය සංගීතවේදියා ද අවසන් සුසුම් පොදින් ලක් මව පුදා සපනස්වියක දිවිමග සැරිය නිමා කලේය.

                                        සමාප්තයි

(විශේෂ ස්තුතිය - ඉන්ද‍්‍රානි රොක්සාමි මහත්මිය වෙතට)