එදා ඊ පී තැටි ගීයෙන් දොරට වැඩි ළපටි කැළ................
සිනමා කලාවේ මෙන්ම ගීත කලාවේ ද විවිධාකාර ’රැළි’ බිහිවන්නේ ලක්බිමේ පමණක් නොවේ. ඒ අනුව ’බීට්ල්ස්’ රැල්ල විසින් ශ්‍රි ලංකාවේ කන්ඩායම් ගී යුගය බිහිකරදුන්නේ 60 දශකයේදීය. ඉක්බිති උදාවූ දශකයේ මුල් භාගයේදීම දෙවැනි රැල්ලට මුල පිරුවේ ’ළමා ගායිකාව’ කි. ඇය පෙරකී කන්ඩායම් ගී රැල්ලේ ගසාගෙන ආ ’ධරමරත්න සහෝදර’ කන්ඩායමේ ඥාති දියනිය වූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ගේ ගී ප්‍රවාහයයි. ඇය ඒකලව ගැයු ගීත හතරකින් සමන්විතව නිකුත් වූ ’සූරිය’ තැටිය විසින් ඇතිකළ ආන්දෝලනය සුඵ පටු නොවිය.
----------
ශිරෝමි ප්‍රනාන්දු - 70 දශකයේ අගභාගය
-----------
ඒ ලක්බිමේ මුල්වරට වේගරිද්ම බටහිර ’පොප්’ ශෛලිය අනුව ’ළමා ගායිකාවක්’ ගීත ගයනා කිරීමේ ප්‍රවණතාවයයි. ඇයගේ ’කොන්ද නමාගෙන (ආච්චි)...’ සහ ’ පොඩිකාලේ දගකෙරුවාම (අම්මා-තාත්තා)’ ගීත අත්කරගත් අසාමාන්‍ය ජනප්‍රීයතාවයෙන් කුඵගැන්වුනු වෙනත් තැටි නිෂ්පාදකයන් ද සිය ලේබල් සඳහා ගයන්නට ’ළමා ගායිකාවන්’ සොයන්නට තැත් දෑරිමේ ප්‍රතිඵලය වූයේ ’නිව් සවුන්ඩ්’ නම් වූ ජනප්‍රිය ගීත ලේබලයෙන් ’දමයන්ති ඒකනායක’ සහ ’ලෝටස්’ ලේබලයෙන් ’ලිලන්ති කරුණානායක’ මෙන්ම ’මොණරා’ නම් වු උද්ධෘතයෙන් සහ ’සරස්වතී’ලේබලයෙන් ’ශිරෝමාලා ප්‍රනාන්දු’ කරළියට පැමිනීමයි. මීට අමතරව ’මලා ටී වඩුගේ’ නම් වූ දැරිය ද තැටියකට ගී ගැයුවාය. මේ සියල්ල 1971 සිට 1979 කාලය ආවරණය කරයි.
ශීරෝමි මෙම ප්‍රවාහයේ නියමු ගායිකාවයි. ඇයගේ ගී පද රචනා මෙන්ම තනු සහ සංගීත අධ්‍යක්‍ෂනය ද මාමාවරුන්ගේ සංගීත කන්ඩායමේ නියමුවා වු ’මෙල්රෝයි ධර්මරත්න’ සහ ’මැක්ස්වෙල්’ ඇතුඵ පිරිස විසින් සිදු කළහ.
01 පොඩි කාලේ දග කෙරුවාම .....
02 කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ....
03 සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ...
04 හඳහාමි සුදු හඳහාමී.................
05 පුඵන් කොට්ට අත්දෙක තබලා ...(බළල් හාමිනේ)
06 රුවට රුවක් නැත මෙහෙම රුවක් නැත..................
07 මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ .................
08 උඳුවප් මාසේ සීතල දවසක ....(ජේසු බබා)
09 මං සමනලයෙක් වෙලා ...................
--------------------------------------------
’ශිරෝමි’ නම් ළමා ශිල්පිනිය බිහිකරදීමේ පුර්ණ ගෞරව බුහුමානය ඇයගේ ම මවගේ බාල සොයුරු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න ට හිමිවිය යුතුය. ඇයගේ ගීත සියල්ලකම පාහේ පද රචනාවන් මෙන්ම තනුව සහ සංගීත අධ්‍යක්‍ෂනය පවා සිදුකළේ ඔහුය. එහිදී ඔහු විවිධාකාර විෂය පඨයන් ඔස්සේ සිය ගී පද රචනා කෞෂල්‍යය මෙහෙයවූ බවක් පෙනීයයි. 70 දශකයේ මධ්‍යම පාන්තික සහ ඉහළ මාධ්‍යම පාන්තික දෙකොට්ඨාශයේ නිවෙස් හී දොරක් පාසා දකින්නට ලැබුනු ’ළමා මෙහෙකරුවන්’ ගේ අවසනාවන්ත, අසරණ දිවිපෙවෙත ඔහු සිය නිර්මාණ ඔස්සේ සකච්ඡා කලේය (සකළ බුජං, මම දුකින් තමයි ඉන්නේ කවුද...)
-----
ශිරෝමි ප්‍රනාන්දු - 70 දශකයේ මුල් යුගය
-----
ඒ ගීත සංගීතවත් කිරීමේදී ඒකාකාර රාමුවකට කොටුවීමෙන් වැළකී, පෙරාපරදෙදිග විවිධ වාද්‍ය භාන්ඩ සංකලනයෙන් ඔහු ඒවා රසගැන්වීය. පහත වාදනය වන ගීතය සංගීතවත් කරනු වස් ඔහු සාම්ප්‍රදායික ලාංකීය වාද්‍ය භාන්ඩයක් වන ’උඩැක්කිය’ ද බටහිර ශූෂිර වාදf්‍යා්පකරණයක් වන ’ඕබෝ’ වද යොදාගෙන ඇත.
-------------------------------------------------------------
’රුවට රුවක් නැැත............මෙහෙම රුවක් නැත.............
-------------------------------------------
ඇයගේ ගීත ජනාදරයට පාත්‍ර වෙමින් දිවයින පුරා මහත් ආන්දෝලනයකට ලක්වෙද්දී, කරළියට පැමිණී දෙවැන්නිය ’දමයන්ති ඒකනායක’ ය.
01 අම්මාගේ උකුලේ නැළවි ............
02 එක දවසක් සියා අපේ ගෙදර ඇවිල්ල......(බෝනික්කා)
01 උදේ සුපිපුනු මලක් බඳු...(නංගී)
02 මුඵ ලොව ලැබුනත්..... (පියා - දුවනිය සංවාදය)
-----------------------------
උදේ සුපිපුනු මලක් බඳු ...........................
-------------------------------------
---------------දමයන්ති ඒකනායක
----------
’කරුණාරත්න අබේසේකර’ විසින් පබඳින ලදුව ’මොහොමඩ් සාලි’ සංගීතවේදියා විසින් රසගන්වන්නට යෙදුනු අතර ඒවාද ’ශීරෝමි’ ගී රැල්ළේ පාවි යමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගියේය. එහි ඇතුළත් සංවාද ගීය ද සැළකිල්ලට ගෙනදෝ, ලිලන්ති කරුණායක සහ ඇනස්ලි මාලේවන ගේ සංවාදය ’සුළග සහ ළමයා’ අතරය. සත්සර රටාවන් ක්ලැරන්ස් විසිනි.
01 කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ.... (කරුණාරත්න අබේසේකර)
02 ඇය කොන්ඩේ දිගට දාලා ..(ටීචර්) - (ක්ලැරන්ස්)
03 අහසේ ඈත දිළීසෙනවා ....(කණාමැදිරියෝ) (ක්ලැරන්ස්)
04 වැනියන් කලු වැනීයන්...(කේ ඩි කේ ධර්මවර්ධන)
ගීත අතරින් ’කියන්න සුළගේ’ අත්කරගත් ජයග්‍රහනය දිගු පුඵළින් මහත් විය.
-------------
ලිලන්ති කරුණානායක
-----------------
-----------------------------------------------
ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා...
---------------------------------------------
ශිරෝමාලා ප්‍රනාන්දු මතු කි තිදෙනා අතරින්ම ළාබාළතම දැරිය වන්නට ඇත. මන්ද ඇයගේ හඞ එකී ගීතයන්හි ඉතා ළපැටි, හුරුබුහුටි කෙළිලොල් බවකින් සමන්විත බැවිනි. ශ්‍රී ලංකාවේ සිනමා-ගුවන් විදුලි-තැටි ගීත නිර්මාණ සාහිත්‍යයේ හදවත් බඳු ජ්‍යෙෂ්ඨතම ප්‍රවිණ සංගීත අධ්‍යක්‍ෂවරු’සරස්වතී’ තැටි ලේබලය උදෙසා, ’වාදක මන්ඩලය’ හොබවමින් මේ කුඩා දැරියගේ ගීත රසගැන්වූහ. ඒ අතර ....
පියානෝ - ඒලියන්ද සොයිසා,
වයලීන් කන්ඩායම - එම් කේ රොක්සාමි, වික්ටර් දඵගම, අමරසිරි පීරිස්
ස්පාඤ්ඤ ගිටාරය - මර්වින් විජේවර්ධන
හවායන් ගිටාරය - පැට්‍රික් දෙණිපිටිය
ක්ලැරිනට් - සරත් බාලසූරිය
සැක්ස්ෆෝන් - ස්ටැන්ලි පීරිස්
සිතාරය - වයි එම් සුමනසිරි
ඩබල් බේස් - එම් මානික්කවාසගර්
ජෑස් - ෆාරුක් මිස්කින්
බොංගෝ - ඩබ්ලිව් ශ්‍රියාරත්න (ෂෙල්ටන් ප්‍රේමරත්න සොයුරු)
කොංගෝ - ඩබ්ලිව් විජේසිරි
මෙකී ප්‍රවිණයන්ගේ අති විශීෂ්ඨ වාද්‍ය රසය හේතුවෙන්දෝ ඇයගේ ගීත සංගීත නාද රසයෙන් පිරි ඉතිරි ගිය බවක් හැගී යයි.
01 කිංචි පිංචි හාවා යද්දි තනිවෙලා ................ (කරුණාරත්න අබේසේකර ගී තනුවට සංගීතය සංගීතවේදී වික්ටර් දඵගම)
02 රණ මොනරු රන්වන් රන් රණ මොනරු .................(ගී පද සහ සංගීතය - ක්ලෝඩ් ද සොයිසා වෙතිනි)
-------ශිරෝමාලා ප්‍රනාන්දු
-------
---------------------------
රණ මොනරු රන්වන් රන්...............
--------------------------------
යන මේ ගීත සමනළ වර්ණ මොනරෙකුගෙන් විචිත්‍රවත් වූ තැටි කවරයකින් හෙබි ඇයගේ ඇල්බමයේ ඇතුළත් විය.
ස්වරාලංකරණයෙන් විශීෂඨතා සහ නිපුනතා අත්කරගැන්මට තරම් පරිණත නොවුනු වයසක පසුවන ’දරු දැරියන්’ ලවා සම්පුර්ණ ගීතයක් ගයවා ගන්නවාට වඩා ඇයව හෝ ඔහුව ගායනයට නිරාවණය කිරීම සිමා කරන ’සංවාද’ ගීයක් නිර්මාණය වඩාත්ම වාසිදායක වන්නට ඇත. එහි ප්‍රතිපලය පහත ගැයුනු ගීතයන්ය. ගීත ප්‍රබන්ධ කලාවේ ’මහගුරු’ ලෙස හැඳින්විය හැකි, ප්‍රවින ගුවන් විදුලි මාධ්‍යවේදී දිවංගත කරුණාරත්න අබේසේකර හැදූ මේ සංවාදයේ යෙදුනේ ජනකාන්ත ගායක එච් ආර් ජෝතිපාල සමග එදවස ළමා ගායිකාවක් වූ ’මැණික් චන්ද්‍රිකා’ ය. තනු රටාවද සංගීත සංයෝජනයද එය නිකුත් කල ’ෂාන්ස්’ ලේබලයේ නිර්මාතෘ ’ෂන්මුගම්’ සංගීතඥයාගෙනි.
දරිය -
තාත්තී ....? තාත්තී....?
’ජෝති’ -
දසමසක් කුසේ හොවලා ...
ලේ කිරි ලෙසින් පොවලා...
ඔබව හැදුව පුංචි කලේ ...
දැරිය
අම්මා.....
ජෝති
රෑ දවාලේ වැස්ස අව්වේ ...
ජිවිතේම වෙහෙස වූයේ ...
හොඳට හැදෙන තාලේ කිවේ ...
දරිය
තාත්තා ....
------------------
සවන්දෙන්න මෙතැනින්
------------------------
'
මේ ආකෘතිය ට අනුගතව ඊට සමාන්තර යුගයේ බිහිවුනු ගීතයකි මේ.
පියා -
ලස්සනට වෙන්නට හදන්නේ .....
අඵත් මෝස්තර හොයන්නේ ....
තිස්සේම සිංදුයි අහන්නේ ....
දුවනිය -
අක්කා ...........
දුවනිය
දවසේ හිතෙන හිතෙන ගානේ ...
තුන හතරක් ගවුම් ඇඳන් ....
රෝස මලක් පෙනයි මූනේ ....
පියා
නංගී ....
--------------------------
සවන්දෙන්න මෙතැනින්
-------------------------
උක්ත සංවාදයද සුපුරුදු ලෙසම ’කරු අයියා’ යන ආදරණිය වදනින් කලාලොව දැන හැඳිනගත් ’කරුණාරත්න අබේසේකරයන්’ ගේය. තනු නිර්මාණය සහ සංගීතය ’ආර් ඒ චන්ද්‍රසේන’ සංගීතවේදියාගෙනි.
ශීරෝමාලා ට නොදෙවෙනි, ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කරන්නට ඇතැයි අනුමාන කරන ළපැටි දගකාර හඞකින් ගී ගැයූ ළදැරිය ’මාලා ටී වඩුගේ ළමා ශිල්පිනියගේ තැටි ගීත, එදවස ගුවන් විදුලි ළමා ගී විචිත්‍රාංගයේ දී දරුවන් වෙත තිළිණ කලේ ලංකා ගුවන් විදුලි සේවය විසිනි. එහි වාදක මන්ඩලයේ ප්‍රවිණ සරපුවරු වාදකයෙකු ලෙස කටයුතු කල සංගීතවේදී ස්ටැන්ලි එම් ප්‍රනාන්දු තනු නිර්මාණය කරමින් සංගීතවත් කල ඇයගේ නිර්මාණ පබැඳූවේ එදවස එහි තාක්‍ෂනික කාර්ය මඞුල්ලේ සාමාජික චන්ද්‍රසේන රංගේ විසිනි.
ගල්ලෑල්ලේ කුරුටුගාන ශීරුමාලී අර බලන්නකෝ.....
පාට පාට රූප පොතක් ගුරුතුමි ගෙනෙල්ලා....
වෙලට උඩින් ඉර පායා...
ගමට උඩින් හඳ පායා....
හරිම ලස්සනයි ඒ පිංතුරේ....
---------------------
සවන්දෙන්න මෙතැනින්
----------------------------
70 දශකයේ වෙළඳ තැටි උදෙසා ගී හඞ එක්කල සෙසු දැරියෝ ළමා වියෙන් නික්ම, නව යොවුන් වියට එළඹ සිටියහ. ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියාගේ දෙටු දියනිය විසිවසට එලඹි ’තිලංගනී’ සමග ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කල ’චම්පා අතපත්තු’ ද, එවකට දොළොස් හැවිරිදි වියේ පසුවූ ’දර්ශනී චන්ද්‍රසේන’ ද මෙන්ම ළමා ගී පද සාහිත්‍යයට අනුගත නොවූ ’වින්ස්ලෝ සික්ස්’ නම් වූ හාර්මනි සංගීත කන්ඩායමේ සහෝදරියන් ද ඔවුන් අතර වෙති.
මරදාන හන්දියේ වර්තමාන ’එල්ෆින්ස්ටන්’ රගහලට යාබද මාවතේ ’චන්ද්‍රසේන සංගීතායතනය’ පවත්වාගෙන යනු ලැබූ සංගීතවේදී ’ආර් ඒ චන්ද්‍රසේන’, ඔහුගේ නමින් ’ආර් ඒ සී’ තැටි ලේබලයේ මෙහෙයුම් කටයුතු ද සිදු කරනු ලැබීය. ඔහුගේ දියණියෝ ද, සිසුන්ද ඒ ගී තැටි ඔස්සේ ගීත රසිකයන් හඳුනාගත්හ. චන්ද්‍රසේනයන් ගේ වාද්‍ය වෘන්දයේ එදවස වාද්‍ය කලාවේ කෙළ පැමිනි ප්‍රවිණයන් ගණනාවක් සේවය කළහ. ඒ කාරණය නිසාවෙන් ඔහුගේ තැටි ගීතයන් විදුලි ඕගන් රටා ඇතුඵ වාද්‍ය රසයෙන් අනූන විය. ’මල් කිනිත්ත වාගේ...’ ගීතය එදවස ලංකා පරිපාලන සේවයේ නිලදරුවෙකු ලෙස කටයුතු කල අමර කුමාරරත්න විසින් එය රචනා කරන ලදී.
---------------------
දර්ශනී සහ තිලංගනී - - 70 දශකයේදී
--------------------
දර්ශනී සහ තිලංගනී ගැයු ජනප්‍රිය ගීත යුගළයකි
මල් කිණීත්ත වාගේ චූටි නංගි ලස්සනයි.....
අක්ක කන්නේ බොන්නෙ යන්නෙ එන්නේ හරිම තාලෙටයි.................
රාජසබේ තැගී ගෙනා ...................
සාරකථා මේවා තබා...
කාසිපනම් නැතුව නිකම් බෑ ළමයෝ කියන්ටා .......
-----------------------
සවන්දෙන්න මෙතැනින්
----------------------------
තිලංගනී සහ චන්ද්‍රසේන සංගීතායතනයේ ශිෂ්‍යා ’චම්පා’ ද එක්ව ගැයූ ගී තැටි ත්‍රීත්වයක ගීත ද ’කරුණාරත්න අබේසේකරයන් ගේ පද සංකල්පනාවන්ගෙන් සමන්විත විය. ඒ සියඵ ගීතවල තනු, සංගීත අධ්‍යක්‍ෂනය, වාදක මන්ඩල මෙහෙයවීම, ආර් ඒ චන්ද්‍රසේනයන් විසින් සිදු කරන්නට යෙදුනි.
’රොන්සුනු මල්පැනි දිගන්තේ ...................’
යව්වන යව්වන වසන්තේ ...................’
’රස ජීවන සිතුවිල්ලේ ...සුව සාදන සැනසිල්ලේ ...
හද සෝබන ගී නාදේ...ඔබ ගයන්න ඇයි නාවේ ..............’
--------------------
මෙතැනින් සවන්දෙන්න
---------------------------
’විලේ මලක උපන්නී... ජලේ රළක නිදන්නී...
මලේ සුවඳ විඳින්නී...පැළේ එළිය ලබන්නී....
අරුණෝදේ උදාගිරෙන් නැගෙන හිරුද සිනාසේ......
චිරං ජයතු මංගලම් ....මංගලම්..
ජය කුසුම්..ජය පැතුම්.. චිරං ජයතු මංගලම්...
’සිරිල් ඒ සීලවිමල’ එදවස පරසිඳු දිනපතා ජාතික පුවත්පත වූ ’දවස’ අගසකසු ධූරය හෙබවීය. ඔහු ද චන්ද්‍රසේන තැටි ගී සඳහා ගී පබඳීම සිදුකළේය. ඔහුගේ තාක්‍ෂනික ප්‍රයෝග සහිත සංකීර්ණ බටහිර තනු උදෙසා වදන් සැකසීම ඔවුන් හට අභියෝගයක්ම වන්නට ඇත. පහත ගී පද රචනය විමසනු මනාය. එය සාර්ථක පද ගැළපීමක් නොවූ නමුත් ඒ සියඵ කඩතොඵ ’සංගීත රසය’ විසින් අකාමකා දමනු ලැබිය.
සිරිලංකා අලංකාර ලංකා ................
මැණික් ගල ලංකා..මැණික් බිම ලංකා ...............
පොළෝ ගැබ හංගා ඉන්නා අසාවෙනි.............
(සිරිල් ඒ සීලවීමළ ගී පද)
චන්ද්‍රසේන සංගීත පාසලේ ශීෂ්‍ය ’ලලිත් ගම්හේවා’ මේ ’දැරියන් සහ යුවතියන්’ අතර කැපී පෙනුනු එකම ’යෞවනයා’ විය.
අපේ සිංහලේ ඔපකලේ .....
සම්බුදුන්ගේ ශ්‍රී දන්තදා .....
හිසේ රන්දවා ...
වැඩමුවේ ...හේමමාලි කුමරි එදා....
(කරුණාරත්න අබේසේකර ගී පද)
---------------------
මෙතැනින් සවන්දෙන්න
ඔහු දිනක සිය සංගීතාගාරය වෙත කැඳවාගත් අටහැවිරිදි දැරියකට ගීතයක් පුහුණු කරන්නට යෙදුනි. ඇය නියමිත පරිදි එය ගායනා කළ යුත්තේ ඇයගේ සෙනෙහෙබර මව සමගය. දැඩි පුහුණුවකින් පසුව ඇය නියමිත දිනයේ නියමිත ශබ්දාගාරයේදී චන්ද්‍රසේන සංගීතවේදියා ගේ මෙහෙයවීමෙන් අදාළ ගීතය ගයනා කළාය. ඇයගේ දෙමව්පියන් ඔහුගේ සුහද සමීප මිතුරෝ වූහ. ඔවුන් ඔහු හා එක්ව දශක ගණනාවක් සමීප ව කටයුතු කළහ. ඔවුන් දෙදෙනා ශ්‍රි ලංකාවේ ප්‍රවිණතම ජ්‍යෙෂ්ඨ ගායන ශීල්පීන් යුවළක් වු ’ධර්මදාස වල්පොළ’ සහ ’ලතා වල්පොළ’ ය. දියණිය ’ධම්මිකා’ ය. ඇය සිය මව හා සමග ගැයු පළමු යුග ගීතය වු එය ’බිස්වා’ ලේබලයෙන් ජනගත විය. ගී පද අමර කුමාරරත්නගෙනි.
-----------------------
මෙතැනින් සවන්දෙන්න
-----------------------
ඉහත ගීත සියල්ල සාවධානව සවන්යොමන ශ්‍රාවකයා මනාව අවබෝධ කරගන්නේ ඒවා සඳහා පුඵල් ලෙසත් බහුල ලෙසත් යොදාගෙන ඇති වාද්‍ය සංකලනයේ විචිත්‍රත්වයයි. වෙළඳ තැටියකදී එයාකාර සංගීත සංයෝජනයක් අත්‍යවශ්‍ය විය. ගීතයේ අරුත මෙන්ම එදා යුගයේ වාද්‍ය මිහිර ද රසිකයන්ගේ නොමද සැළකිල්ලට බඳුන් වූ බැවිනි. ඒ කරුණෙන්ද, ප්‍රමුඛතමයා වූයේ ආර් ඒ චන්ද්‍රසේනයන්ය. ඔහු ඒ කටයුත්තේ නිපුණයෙකුව, විශේෂඥයෙකුව සිටියේය. ඒ බව ඉහත වැයෙන ඔහුගේ නිර්මාණයන් වෙතට අවධානය යොමු කරන්නෙකුට පසක් වෙනවා ඇත.
-------------------------
බටහිර ගීත ගැයු ’ජෙට්ලයිනර්ස්’ සංගීත කන්ඩායමේ මෙහෙයුම්කරු ’ටෝනි ප්‍රනාන්දු’ සහ ඔහුගේ ප්‍රිය බිරිඳ ගායිකා ’මිනෝන් රත්නම්’ ගේ දරුවන් දෙදෙනා විසින් ද එක් ඊ පී තැටියකට ගීතයක් ගයන්නට යෙදුනේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගුවන් විදුලි ළමා ගීතයක පදමාළාවක් ඇසුරෙනි.
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කොලේ ...
හායි හායි අපි ඔන්න සෙල්ලම් කාලේ ....
මං පළවෙනියාව කියලා අම්මට හරි අස හිතිලා...
දෙනවා කිව්වා තෑගි ගෙනෙල්ලා...
තාත්තා මට ආදරේලු .... අම්මා දේවි ඇඳුම් මසාලා ....
(කරු අබේසේකර)
ඊ පී තැටි පරපුර ඇසුරේ ගී ගැයු ළමාපෙළහෙි අන්දරය මෙපමණකින් නිමා වේ. ඔවුන් අතරින් වැඩිම ගීත ගණනක් ගැයූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ද ඇයට පසුව එකී ලැයිස්තුව නියෝජනය කළ ’ලිලන්ති කරුණානායක’ කැපි පෙණුනේය.
විශේෂ ස්තුතිය
කරුණාරත්න අබේසේකර පුත් දීලීප අබේසේකර මහතා ඇතුඵ ශ්‍රී ලංකා ඊ පී තැටි සංරක්‍ෂක සංසදය වෙත
--------------------The End ---------------------------------