සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 08
අඩසියවසකට එපිට යුගයක දිවි ගෙවූ ලාංකීය ගැමියන්ගේ නිවෙස් ආශ්‍රීතව ’ළිං’ කැණ තිබූනේ නම් ඒ පහත් බිමක, තැන්නක, ජලාශයකට ආසන්නව වන්නට ඇත. සෙස්සෝ නිවසේ ඉහුම් පිවුම් අවශ්‍යතා සඳහා දිය ගෙන එන්නට බැහැර යා යුතුව තිබිනි. මේ කටයුත්තේ යෙදුනේ ’ළඳුන්’ ය. ඔවුහූ මැටි කළයක් පමණක් ගෙන යන්නේ නම්, පෙරළා එන්නේ බොහෝ විට එය උකුළේ රුවාගෙනය. මේ දසුන ආශ්‍රිතව ගෙතුන මැවුනු කලා නිර්මාණ එමටය. මූර්ති කැටයම්, සිතුවම්, ගී කවි ඒ අතර ප්‍රමුඛය. දුෂ්කර වියළි පදෙස් හි වෙසෙන්නෝ බඳුන් කිහිපයකට දිය ගෙන එති.
එවැන්නන් හට රිසිසේ පැන් පහස සළසාගත නොහැක්කේමය. වත්මනුන් මෙන් ජල සම්පත අපතේ යන්නට සැළැස්විමේ හැකියාවක් ඔවුනට තිබුනේ නැත. ස්නානය සහ රෙදි සේදීමට යන ගම්වැස්සෝ එහිදි සිය කටයුත්ත සිදුකරගන්නා අතරවාරයේ අල්ලාප සල්ලාපයේ යෙදෙති. වන්දනා ගමනකට හැරෙන්නට ඉඳ හිට හෝ ගමෙන් බැහැරට පා නොතබන්නෝ හමුවුයේ එහිදි නොවේනම් කඩමන්ඩියේදීය.
මගතොටේදී හමුවෙන ආගන්තුකයන් හා සල්ලාපයේ යෙදෙන්නට හිරිමල් වියේ ළඳුන් මැළිවන්නේ, ගැමියන්ගේ රොස්පරොස් ඇනුම් බැනුම් දොස් අසාගන්නට සිදුවේ යැයි බියගනිමිනි. ඉක්මන් ගමනින් නිවස කරා පියනගන ඇය කුමක් හෝ හේතුවක් ඉදිරිපත් කරමින් තමා හා දොඩමඵ වන්නට එන්නන්ගෙන් මිදී වසන් වී යන්නට තැත් දරයි. අවසනදී ඔහුගේ සිතබිඳි ඇති බව දන්නා ඇය ඔහු පැතූ පිළීතුර සපයයි.
මොකද මැණිකේ හනික යන්නේ ...? තාම නෑනේ රෑ වෙලා ......
කලයේ දිය නෑ..ළිපට දර නෑ... මග ඇතී අම්මා බලා ......
ඔහොම.. පිටු පා ඒ දවස්වල කිසිම දුකදී නෑ ගියේ ...
ඔය නෝක්කඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රීයේ ...
ලගදී ඉඳලා වෙනස් වීලා වාගේ මැණීකේ මා කෙරේ....
සත්තකට නෑ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ............
(කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද සංගීතවත් කොට ගැයුම දේවානන්ද වෛද්‍යසේකරගෙනි සහය මාලා නන්දනී - 1955?)
සරු අස්වනු ගෙට ගත් පසු, සිත් සනහන, සැහැල්ලු සිතින් ගතින් කල්ගතකරන හෙළයන්ගේ මහ සැණකෙළියේ අව්‍යාජ විසිතුරු අත්විඳින්නට නම් යමෙකු දිවිගෙවිය යුතුව තිබුනේ දුර ඈත ගොවි ගම්මානයකය. ඒවා සංකර ව, නාගරිකරණයෙන් දුෂිත වන්නට පෙර යුගයක පැවති විසිතුරු දැන් ශේෂව පවතින්නේ සාහිත්‍ය නිර්මාණයන් හි පමණකි. ’නාගරිකරණයට’ වහ වැටී එකා දෙන්නා නගර කරා සංක්‍රමනය වීම ඇරඹුනේ 70 දශකයේ මුල තරම් ඈත යුගයකදීය. එහෙත් එහි අවසන් කාලපරිච්ඡේදයේදී එය සිඝ්‍රයෙන් ඉහළ ගියේය. ගමට කොටුවි සිටි අවිහිංසක, කෝළ හැගුම් ඇත්තාවු යුවතියන් ’සරුව පිත්තල’ ලෝකයකට වහ වැටී පෙරනොවූ විරූ ලෙස නගර කරා ඇදී නවාතැන්ගෙන රැකියා කරන්නට පටන් ගත්තේ 1978 සිටය. එකිනෙකා හා බැඳුනු සාමාජ වගකීම් ලිහි බිඳි ගොස් විසිරි ගිය පවුල් ඒකකයේ දරුවන් ගේ ඛේදජනක පුවත් වාර්තා සමාජයට හෙළිදරවු වන්නේ ඉඳහිටය. වසන් ව ගිය සිදුවිම් එමට තිබිය හැකිය.
’සිංහල අවුරුද්ද’ ලාංකිකයාගේ ප්‍රමුඛතම ජාතික උත්සවයයි. වානිජකරණයට ලක් වන්නට පෙර, එහි පරම රමනිය විචිත්‍රතත්වය ළපැටියන් ලෙස එදා වින්දනය කළෝ, අතීතයට පිවිස, සිය මතක සැමරුම් සටහන් මහත් අභිරුචියෙන් සිහිකැඳවති. එයාකාර සුන්දරත්වය නැවත විඳගැන්මේ උන්මාදයෙන් පෙලුනද, විපර්යාසට ලක්වි ඇති සමාජයක එය යථාර්තයක් විමේ සම්භාවිතාවය අවමය.
අටුකොටු පමණක් නොව ගහකොළ ද මලින් ඵලින් බරවෙන්නේ බක්මහේදීය. උෂ්ණකලාපීය රටකට ආවේනික කාලගුණික තත්වයන් ගේ කටුක බව වඩාත් තිව්ර වන මේ අවධිය හෙළයන්ට ’වසන්ත සමයකි’.
අද මෙන්ම එදාද, කලහකාරී, පිඩාකාරී, ඝෝෂාකාරී නගරය සුසාන බිමක වෙස් ගන්නේ, මතු කි ලෙස එහි පැමිණි වැසියන් පෙරළා සිය ගම්බිම් කරා යන බැවිනි.
අරිසෙන් අහුබුදු ශූරීන් පන්ඩිත් අමරදේවයන් සමග එහි නෙක විසිතුරු දුටුවේ මෙඅයුරිනි.
කෝමළ වසත් කුමරි, නමත් මිහිරි...චාමර ගෝමර ....රැඳි මනරම්...
නව සිරිනි...මල්බරිනි.....වැජඹේ වැජඹේ....
මල් මල් ගුමු ගුමු ගන්වන්නී...මී වදවල පැණී පුරවන්නී...
කුරුඵ සරින් කන් පිනවන්නී...මුඵ ලොව උයනක් කරවන්නී......
ජම්බු ගහට රත පොරවන්නී..බක්මී ගහ කහ අන්දන්නී...
අඹ දඵ ළා රත තවරන්නී..මිහිකත විසිතුරු කරලන්නී....
එරබුදු පැහැයෙන් පුරවන්නී..නාගස් සුවඳන් කැරළන්නී..
විලේ නෙඵම් මල් පොපයන්නී....
අරිසෙන් අහුබුදු ගී පද සංකල්පානව පන්ඩිත් අමරදේවයන් විසින් නව්‍යකරණයට බඳුන් කරන ලදුව, 70 දශකයේ පටිගත කරන ලද්දේ ගුවන් විදුලියේදීය. ගැයුම - පන්ඩිත් අමරදේව ඇතුඵ ගායිකා පිරිස.
පිබිදුනු සිතින්, හසරැල් නංවමින්, කෙළි දෙලෙන් තුටින් කල් යවන්නට ඉතිරිව පවතින එකම සමිත කාල පරාසය ’සිංහල අඵත් අවුරුද්ද’ යි. ලැබුනු විවේකය එසේ කෙළි කවට බස් තෙපළමින් ගතකරද්දී, ඔවුහූ විවිධ ක්‍රිඩා ඉසව් වල නිරතවන අතර ඒවා සියල්ලම පාහේ සාමූහිකත්වය, අනf්‍යා්න්‍ය සුහදතාව සමිපබව වඩවන වාදබේද දුරු කරන දමයි. පංච දැමීම, ඔළිඳ කෙළිය වැනි ගෘහස්ත ක්‍රිඩා ද අං ඇදීම, පෙරපොල් ගැසීම, චක්ගුඩු පැනීම, මේවර කෙළිය එළිමහන් ක්‍රිඩා මෙන්ම දෙවියන් උදෙසා ගෞරව බුහුමානයෙන් සිදුකරන යාතු කරම් ලෙස සැළකේ. එනම් පිළීවෙතින් පෙළගැසෙමින්. කිසියම් සිමා බන්ධන ඇතිකරගනිමින්, එක්තරා අන්දමක හික්මීමකින් යුතුව ඒවා සිදු කරන්නට නියමිතව තිබුනි. මේ අතරින් කුඩා දරුවන් ’බිංකුන්ඩා’ නම් වූ පස් තට්ටුව මතුපිටට යටින් දකින්නට ලැබෙන පණු වර්ගයා උපයෝගී කරගනිමින් එක්තර කේවල ක්‍රීඩාවක නිතර වෙන්නේ ගී ගයමින්ය.
තෝත් නාටපිය මාත් නටන්නම්...
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ....
තොට පොල් බෑයයි.. මට පොල් බෑයයි...
තොට බත් හැන්දයි ..මට බත් හැන්දයි....
(කමල් ඩී අතුකෝරාළ - 1972)
මහගු ඔසුවක් බඳු ’මී පැණි - බඹර පැණි’ ආහාරය සඳහා එක්කර ගන්නට වැදි ජනයා පුරුදුව සිටී. එසේම ගැමියන්ද ඒවා සොයා වන වදිති. වනස්පතී වෘක්‍ෂයන්හී සහ හුදකලා පර්වත බිත්ති මත ඒවා ගොඩනගන්නේ මි මැසි - බඹර කැළ විසිනි. බඹර වද නෙළිමේ අන්තරාකාරී කාර්යයේ නිරතවන්නෝ එය මනාව පුරුදු පුහුණු වී සිටිති. රැගෙන යන පන්දම දල්වා වදය දුම්ගසන්නේ එය පිහිටා ඇති තැනට රඳවා ඇති ලණු ඉනිමගේ ඉහළට නැගීමෙනි. අතපසු වීමකින් පහළට පතබැවී අත්වන නියත මරණය මෙන්ම බඹරුන් ඇවිස්සීමෙන් උන්ගේ විෂදළ පහරට ලක්වී රෝගාතුර විය හැකිය. මොරමල් පිපෙන කාලයට රොද බැඳී මී මැස්සන් ගේ මී වද පැණි පිරී ඇතැයි කියැවේ. ඒ අනුව එය මී වද කැඩීමට වඩාත් සුදුසු අවධියයි.
සිව්පද ජනකවි අතර ’බඹර කැපීමේ’ කවි ද ඇතුළත්ය. සහයකයා සමග බැද්දට යන බඹර කපන්නා, ඒවා ගායනා කරයි. මෙහි කියැවෙන ගැමි තරුණයා ඒ කටයුත්තට සහභාගි කරවාගෙන ඇත්තේ නෑනන්ඩියයි ඇය හෙළ පහළ රඳවා ඔහු සිය කාර්යය ඉටු කරන්නට සූදානම්ය. වැදගත් භාරදුර කටයුත්තක යෙදෙන විට ඔවූහූ බැද්දට අධීපති කන්දේ දෙයියන්ට යාතිකා කරති. පිහිට ආරක්‍ෂාව පතති. එසේ කරන්නේ කොළ අතු කැබැල්ලක් එල්ලීමෙනි. ’රෑස්ස ගහ කොළ සහිත වනය ජනවහරේ ’මහ මූකලාන’ ය. එහි අතුරු අන්තරා බහුලය. ඇතැම් වනසතුන් මිනිසුන් මගහැර සැගවී යද්දී, අහම්බෙන් මුණගැසුනු ’වළසා’ රුදුරුය. වහා සිය ඉදිරි ගාත් අමෝරාගෙන සෘජුව කඳ කෙළින් කොට තබා ගන්නා ඔහුගේ ශක්තිමත් ඉදිරි බාහුවෙන් පහර කන්නාගේ සිරුරේ මස් ගැලවී එල්ලා වැටේ. අත්තක වෙළි සිටිනා පිඹුරා ගේ ග්‍රහණයට හසුවන්නා ඔහුගේ තෙරපුම නිසා සිරුරේ අස්ථි බිඳිමේ අවදානමට පාත්‍ර වේ. දෙවියන්ට භාරහාර වූ වනයට පිවිසෙන්නේ ඒ නිසාය. ඈත වනන්තරයට රිංගා නොගොස්, බඹර වද කැපීම සිහිනයකි. බඹර කපන්නාු සහ ඇය මෙළෙසින් සංවාදයේ යෙදති.
බැද්ද වටට සුදුමොර මල් පිපීලා....
සද්ද කර බඹරු ඒ වග කියලා .....
ඉටි ත් පැණිත් ලොව හැමටම බෙදාලා ...
යන්නන් බඹරු දුක් මැසිවිලි කියාලා......
කන්ද දෙයියන්ට පින්දීපං නෑනෝ ...
පින්දෙඤ්ඤං අයියන්ඩි පිංදෙඤ්ඤකෝ
කොළ අතු කපාලා එන්නකෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියන්ඩි එල්ලෙඤ්ඤකෝ...
අයියන්ඩියේ සීරුවෙ වැල්පොටේ බසී...
මාදෙ ගලට වැහි වැහැලා.....
(සී ද එස් කුලතිලක ජන සංගීත පර්යේෂන ගී, ටී එම් ජයරත්න සමග නීලා වික්‍රමසිංහ - 1975)