namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, February 14, 2024

එදවස සිංහල ගම්මානය - 07

සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 07

 හේන් ගොවිතැනෙහි දී, ගැමියා ට මහත් සේ කහ වෙහෙසන්නට සිදුවෙයි. තෝරාගත් බිම් කොටස එළි පෙහෙළි කිරීමට දින කිහිපයක් ගතවිය හැකිය. විසකුරු සර්පයන්ගෙන් සහ කටු සහිත ශාඛයන්ගෙන් බේරී සිටීමට ’වාංපතුල්’ නම් වූ පදම් කරගත් ’හරක් හම් කැබැලි දෙකක් වැල් පොටකින් පාද වලට තබා ගැට ගසනු ලැබේ. විවිධ කැති, පොරෝ.උදඵ ආදී වානේ ආම්පන්න සහ උපකරණ ඒ සඳහා යොදාගනී. ඉන් පසුව එය ගිනි තබනු ලබයි. පසුව වනයෙන් කපා ගත් දැව දඞු සිටුවා අටවා ගන්නා ඉනිවැට බොහෙවින් ශක්තිමත් විය යුත්තේ වල් ඌරන් රංචුවක ආගමනය පවා මැඩපැවැත්විය හැකි වන පරිදිය.


මිරිස්, පුහුල්, වට්ටක්කා, කැකිරි, මෑ වර්ග, අල වර්ග වැනි බෝග අස්වැන්න නෙළා ගන්නට කල්ගත නොවේ එහෙත් ඇල් වී සහ කුරක්කන් එසේ නොවේ. ’තල’ ’බඩ ඉරිගු’ ’මුං’ හේන්ද මෙම ලැයිස්තුවට අයත්ය.

උස් ගසක හෝ දැව දඞු මත පැලක් අටවා ගැනීමද අත්‍යවශ්‍ය කටයුත්තකි. භෝග වැපිරීමෙන් පසු එහි සිට රෑ මැදියම් පුරා පැල් රැකිම සිදුකළ යුතුය. නැතහොත් මේ දක්වා දැරූ උත්සහය අපතේ යා හැක්කේ භෝග වනසතුන්ගේ ආහාරය බවට පත්වීමෙනි. ඒ අනුව අස්වනු නෙළා ගැනීම එනම් තම මහන්සියේ ප්‍රතිඵලය අත්කරගැනීම සැබැවින්ම ඔහුට ජය මංගල්ලයකි.

ගම්මානයක ජනජිවිතය කැටිකොටගත් කලා නිර්මාණයන්හට  රසිකයන් මහත් සේ පෙම්බැන්දේ ඔවුන්ගෙන් බහුතරයක්ම ගැමියන් හෝ දිවියේ එක්තරා අවධියක ගැමිපරිසරයක හැදී වැඩුනු නිසා වන්නට ඇත. 50 දශකයේ ලංකා ගුවන් විදුලි සේවය විසුරුවා හැරි ’කුරුඵ බැද්ද’ සහ එය පාදක කොට එනමින් නිපැයූ සිනමා කෘතිය ද එය ලද අසාමාන්‍ය ජනප්‍රසාදය නිසා පසුව රගදැක්වුනු ’මුවන් පැළැස්ස’ නාටකය සහ එයින් හැදුනු සිනමාපට ත්‍රිත්වයද රසිකයන් ගේ නිබඳ බුහුමනට පාත්‍ර විය.ප්‍රවින සිනමාවේදීන් වූ ධර්ම ශ්‍රී කල්දේරා, යසපාලිත නානායක්කාර, මූ අරුක්ගොඩ පිළීවෙලින් ඒවා නිර්මාණය කර දුන්නේ ප්‍රේමසිරි කේමදාස සහ සරත් දසනායක යන මහා ගන්ධර්වයන්ගේ ගී රස කළස මුසුකරවාගනිමිනි. 1980 දශකයේ සහ ඉන්පෙර 20 වන සියවසේ මුල් යුගයේ පැවති ලක්දිව ඈත ගම්දනව්වක අසිරිය විඳගැන්මට රිසිවූවන් එකි සිනමා නිර්මාණ නැරඹීම යෙහෙකි. පහත සටහන් ව ඇත්තේ මුවන් පැළැස්ස සිනමා නිර්මාණ පෙළෙහි නැගුනු මියැසියේ ගැබ්වුනු  ගැමිදිවියයි.  මේවයේ කියැවුනු චරිත මනංකල්පිතය. එහෙත් ඔවුන් සැබැවින්ම එදා ගම්මානයක දකින්නට ලැබුනු චරිතයන් ඇසුරෙන් නිර්මාණය වූ බව හෙළිදරවු කළේ මෙහි රචකයන් වූ ’මුදලිනායක සෝමරත්න’ සහ’වික්ටර් මිගෙල්’  යන රසවතුන්ය.

ඒවාට රසිකයන් දැඩිව ඇඵම් කරන්නට ඇත්තේ, එවන් නිර්මාණ ජනගත වූ යුගයේ, ඔවූහු තමා වෙසෙන. අත්දකින හාත්පස පැතිරුනු තමන්ගේම ගම්මානය ඒ නිර්මාණ තුළින් ද අත්දුටු නිසා විය හැකිය. එනම් ගම ඇසුරෙන් නිර්මිත එදා සිනමා සහ ටෙලි නඵ ඔවුන්ගේ සැබෑ දිවියේම පැතිකඩ හුවා දැක්වූ ඒවා විය. 

ඒවා ඔවුනට නොදන්නා පරිසරයක නොදන්නා මිනිසුන් ගැන කියන අත්භූත කතා නොවීය. එවැනි අමුතු ලොවක් ගැන දැනකියා ගැනීමට, උනන්දුවක් දැක්වීමට කාරණය කිම්ද ? ඇරත්, එයින් එදා ඔවුනට ඇති ඵලය කිම ? ඔවුන්ගේ දරු මුණුපුර සමාජිකයන් ද ඔවුන් මෙන් ගම්මානයේ හතර මායිමෙන් එහා යන්නට උවමනාවක් තිබුනේ නැත. 

ඉතා කලාතුරකින් ඉඳහිට එකකු දෙදෙනෙකු ඔවුන්ගේ බසින් ’අකුරු සෑස්තරය’ ඉගෙන දුර ඇති නගරයේ පාසලට ගොස් එහිම අවට නැවතී,  ඔවුන්ගේ ’සිදාදියේ’ එනම් අපේ ’නගරයේ’ රැකියාවට සේන්දු වන්නට ඇත.

මිනිස් සත්වයාගේ මූලික අවශ්‍යතා වූ ආහාර, වාසස්ථාන, ඖෂධ හැරෙන්නට වෙනත් අතිශය සිමිත අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමුකළ ගැමියන්, දඩයමින් සපයා ගත් සත්ව මාංශ කල්තබා ගැනීමට උපයෝගි කරගත්තේ සුපිරිසිදු ’මි පැණි’ ය. සොබාදහම් මාතාවගේ විශ්මයජනක අනර්ඝ නිපැයුමක් වූ ’මී පැණි’ වල අගය අසිමිතව. සිරුරේ හටගන්නා රෝ පීඩා, තුවාල සුව කරගැන්මට කදිම ඔසුවකි මෙ’ ’මී පැණී’ සංයා්ගය.



සිදාදියට ආ එවැනි ගැටයන් ගේ ජීවිත එතැන් හි සිට සංකීර්ණ වෙයි. එහි නෙක විසිතුරු වලින් වශිවෙන ඔහු ඒවා තමන් හට අත්කර ගැනීමේ කුතුහලයෙන් උන්මාදයෙන් පෙළෙන්නට පටන් ගනී, එහෙත් ඊට කාසි බාගේ හිගය. ඔහුගේ ඊලග ඉලක්කය දිවා රෑ නොබලා බැලමෙහෙවරෙහි යෙදෙමින් ඊට කැපවීමයි, එසේ කරන්නට අපොහොසත් වූවෝ අසහනයෙන් පෙළෙන්නට පටන් ගනිති. බලහත්කාරයෙන් පටවා ගත්  මනසින් විඳීන දුක් පීඩා විසින් ඔහුව පළමුව මානසික රෝගීයෙකු බවට පත්කර දෙවනුව කායික රොගීයෙකු ලෙස කිරුඵ පළඳවන්නේ නිරයකය.  එයින් ඔහු අකාලයේ අහිමිකරගන්නේ උතුම් මිනිසත්බවය. 

පැණිමොර මල් වෙනදා මෙන් පිපේදෝ........

තුරුමුදුනේ රස මීවද බැඳේදෝ ........

දුටුව සිහින යළි සැබැවින් පෙනේදෝ....

යන එන තැන මග මරුවැල් ඇදේදෝ.....

කන්දේ දෙවියනේ ...ලෙනගල මුදුනේ වෙසෙනා කන්දේ දෙවියනේ.....


ජීවිතයට නොකළ වැරදි පවට පැටලිලා ...

නිති සපුන් ලුහුබැඳ එන්නේ...

වන ගංගා ලේ කොටුවෙන්නේ...

උපන් කැලේ සිරගේ කොට මන්ද පෙළන්නේ...

එයින් එහා නෑ පැනයන්නේ...

මිනිසා මිනිසෙකු බිලිගන්නේ ...

(මුවන් පැළැස්ස - 02 තේමා ගීතයේ පද ජෝර්ජ් ලෙස්ලි රණසිංහගෙනි. සරත් දසනායක සත්සරයේ ගැයුම ටී එම් ජයරත්න - 1980)


02 ළමා ළපටි දෙමව්පියෝ ... කුරුඵ කොබෙයි පුංචි මුවෝ... 

තුරු වදුලේ සෙවණැල්ලේ .. සෙනේ වඩනවා...

වන අරණේ ගෙයින් ගෙයට අවිහිංසක කවි සීපද ගමෙන් ඇහෙනවා...


 පිපියන් පැණී මොර මල් වෙනදාමෙන් පිපීයන්...

 මැවීයන් තව ලස්සන මැවියන්.... වනාන්තරේ තව ලස්සන මැවීයන්


(මුවන් පැළැස්ස - 03 තේමා ගීතය සුනිල් ආරියරත්නගෙනි, සංගීතය ප්‍රේමසිරි කේමදාස, ගැයුම නන්දා මාලිනී - 1983)

සටහන

කන්දේ දෙවියෝ එදා ගැමියන්ගේ දුක් දෝමනස්සයන්, වගාහානි, වගාපාඵ, වනසත්ව උවදුරු, වසංගත හමුවේ ඔවුන් පිහිට පැතූ අදිසි බලවේගයයි. උතුරුමැද, ඌව, නැගෙනහිර කලාපයන්හී ඔවුන් හා සමිප සබඳතා පැවැත්වූ ’වැදි ජනතාව’ අදහන්නේ ද ඔහුමය.  ’කන්දේ යකා’ ලෙසද හැඳින්වේ. 

ඈත වන්නිකරයේ ගැමියන් තමන්ගේ දුක් කම්කටොඵ,රෝ දුක් බිය නිරාවරණය පතා පිහිට අයදින්නේ ප්‍රධාන ධාරාවේ ’දේව මන්ඩලයට’ ද වඩා ’කන්දේ දෙවියන්ටය’. අදිවාසි වැදි ජනතාවගේ ආගමික විශ්වාසයන් ගොණු වි පවතින්නේ මේ ’කන්දේ දෙවියන් වටාය. ඔවුනට අනුව ඔහු වැඩ ඉන්නේ වනමැද මහ ගල් පර්වතයකදීය. 



මහ මූකලානේ ගල් පර්වත ආශ්‍රීතව බවුන් වැඩූයේ භික්‍ෂූන්ය. ඒ හැරුනුවිට යෝගී තාපසයන් ද ඒ කර්තව්‍යයේ නිරතව සිටියහ. එක්තරා නොදන්නා ඈත අතීතයක භාවනානුයෝගීව සිටිමින් මහ අධ්‍යාත්මක බල උපදවා අත්කරගත් යෝගීන් වෙසෙන්නට ඇත. ’කන්දේ’ දේවත්වයට නංවා ගරු බුහුමන් දක්වන්නේ එවැනි අයෙකුට විය හැකිය. එදා ආදිවාසින් ඇතුඵ ගැමියන්ගේ මුතුන් මිත්තන්ගේ ලෞකික අවශ්‍යතාවයන් නොපමාව ඉටුකරදෙමින්, ඔවුන්ගේ දුකට පිහිට වූ යෝගීන් එමට සිටින්නට ඇත.

දැඩි නියං කාලයක ’වැසිවාර’ හටගැන්වීම, වසංගත රෝග උපද්‍රව පැතිරෙද්දී, ඒවා ට ඇවැසි වන ශාක ඖෂධ නම්කර සපයා ගැන්මට උදව් කිරීම, කෘෂිකාර්මික කටයුතු වලදී නැතිවම බැරි හරකාබාන සම්පතට වැළඳෙන රෝග සමනය කර දීම මෙකී යෝගීවරුන් විසින් ඉටුකරදෙන්නට ඇත. අද පවා එවැන්නෝ පොදු සාමාජයෙන් දුරස් වී හුදකලාව සිය අධ්‍යාත්මික ගවේෂනයේ නිරත ව සිටියත්, ලෝ සත්වයන්ට කරුණාවෙන් අධාර උපකාර කිරීමේ ’මෛත්‍රි’ කරුණා දයා ගුණය අනුව, නිසි පමනින්, නිසි කලට ඔවුන්ගේ දුක් පිඩා අවම කරගැනීමට පිහිට වනු ඇත.

මහ පර්වතයකදී මහබැද්දේ සතුන් දඩයමින් දිවිගෙවූ ’වෙඩික්කාරයන්’ සිටියහ. මාලා නාටකයේ දී ඔවුන්ව නියෝජනය කලේ ’කදිරා’ චරිතයයි. මතු කියැවෙන පදවැලේ ඔහු රජයේ නිලදරුවන්ගෙන් විඳි ගැහැට හුවා දක්වයි. ’ආරච්චිල’ නිතිරිති ක්‍රීයාවෙහි යෙදවූ නිසි බලධාරියාය. එකී තනතුර දෑරූ ඇතැමුන් අහිංසක ගැමි ජනතාවට සිදුකල හිරිහැර. අසාධාරනකම් එමටය.  රූපත්  ගැමි ළඳුන් ඔවුන්ගේ ග්‍රහණයට ලක්විමේ කිසිවෙකුගේ හෝ අභියෝගයට ලක්නොවේ. කලෙක හම්බන්තොට දිසාපති ධූරය හෙබවූ ලෙනාඩ් වුල්ෆ්  ගේ ’බැද්දේගම’ නවකථාව සහ එයින් බිහිවුනු ’සිනමා පටය’ මෙය කදිමට චිත්‍රනය කරන්නට සමත් විය.  සතුන්ට වෙඩිතැබීම සඳහා ඇටවු කදිම උගුලකි ’මරුවැල’ එහි එක් කොනක් සම්බන්ධ වන්නේ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවේ කොකාටය එය පෑගුවිට කොකා ගැස්සී, ගොදුර වෙඩිපහරට ගොදුරුවෙයි.

සී ද එස් කුලතිලක,ධම්ම ජාගොඩ, රෝහණ බැද්දගේ ඇතුඵ පිරිසගේ ’පළිගු මැණීකේ’  රූපවාහිනි ටෙලි සිත්තම (1984) විසිවන සියවසේ අවසානයේ ගම්මානයේ පිරිහීම සාකච්ඡා කරයි.

යටත් විජිත යුගයේ අවසන් සියවසේදී එනම් ඉංග්‍රීසින් විසින් ලක්දිව කිරුඵ දැරූ යුගයේදී උඩරට ගම්මාන ඇතුඵ මුඵ දිවයින පුරා ගැමියන්ගේ ජන ජිවිතය උඩු යටිකුරු වූයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික කුල ධූරාවලිය කඩාකප්පල් වී ගිය නිසාය. පිය පුතු උරුමයෙන්, සිය සෙසු සගයන් ද හා එක්ව සිදුකල කාර්යභාරයන් රාජකාරි අහිමි වි යන තැනට වැඩ සැළසුනු ඔවුන් හට අවසානයේ තමන් පරම්පරාවෙන් වගාකළ ගොවිබිම් ද අහිමි කරන ලදුව, අන් කිසිවෙකුගේ බැළමෙහෙවරෙහි යෙදෙමින් ජිවිකාව සළසා ගැනීමට සිදුවි තිබින. ප්‍රභූ පවුල් වලට මෙහෙවර කරන්නට සිදු වී, ඔවුනට ගැති වී, අහිමි කරගත් අභිමානය කරණකොටගෙන අවසානයේ ’නිවටයන්’ බවට පත් කෙරූ ගැමියන්ද විය. පෙරකී ගැමි මාලා නාටකයේ ’පිනා’ චරිතය ගොඩනගාගන්නට  මෙවැන්නන් ගේ කල්ක්‍රියාව හේතුවන්නට ඇති බව නිසැකය.


ඔවුන්ගෙන් ඇතැමුන් ඉංග්‍රීසීන්ගේ වතුපිටිවල කුළියට වැඩ කරමින්, ඔවුන් ගේ උසස් නිලධාරීන් සහ ඒ නිලධාරින්ගේ ඌෂ්ණය අරෝපනය කරගත්තවුන්ගේ එනම් ’හාමු’ මහතැන්ලාගේ වැඩකරුවන් විය.  ’හඳයා’ නාමය ලැබුවේ ’ගොන් වස්සන්ය’ එහෙත් ඒ නමින් උක්ත කී ගනයේ මිනිසුන්ද නොසිටියා නොවන්නට ඇත. ’හාමු’ ලා දිවිගෙවූ සුණු පිරියම් කළ, උඵ සෙවිලි කල නිවෙස් නැතැතින්ම ’බංගලා’ විය. ඒවා රජදවස දිවිගෙවූ ප්‍රභූවරූ නිවැසි ’වලව්’ හා සමව පැවතින. කිසියම් අවශ්‍යාතාවයකට (මෙය බොහෝ විට අග හිගකම් නැති බැරිකම් විය) ’බංගලාවට’ ගිය මේ නිවට ගැමියන් ගර්වයෙන්, අහංකාරයෙන් පෙඵනු හාම්පුතුන් හමුවේ නිරුත්තර විය.   ’ඇයි උඹ මේ ඉසව්වේ...?’ පැණය ට පිළීතුර හැමවිටම ’නෑ අපේ හාමු මහත්තයෝ මේ...මේ... නිකං ආවා..........’ විය.

ධනයෙන්, පිරිස් බලයෙන්, සමාජ තත්වයෙන්, කුලයෙන් අඩ්‍ය වූ සිමිත පවුල් කිහිපයක් එක් එක් ගම්මානයකට බෝවීමේ වසංගතය ඇරඹෙන්නේ ’යටත් විජිත යුගයේදීය’. ඔවූහූ ඉංග්‍රිසි නිලදරුවන්හට ඉතා යටහත් පහත්ව සිටිමින්, ඔවුන්ගේ කුදු මහත් අවශ්‍යතා නොපැකිළිව ඉටුකරදුන් පුද්ගලයෝ වූ අතර ඊට හිලව් ලෙස පදවි තානාන්තර සහ ඇතැම් විට ඉඩකඩම් යායවල්ද තමන් සතු කරගන්නට ඔවූහූ සමත්වූහ. එතැන් හි සිට අහිසංක ගැමියන්, බලය පා තමන්ගේ අණසකට නතුකරගනිමින් ඇතැම් විට ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් සහ සාමාජිකාවන්ගෙන් සියඵ ආකාරයේ කායික අවශ්‍යතා හා වෙනත් දෑ ඉටුකරගත්තේ නොමිළයේය. ඊට හිලව් ලෙස තමන් ඉහළට බැළමෙහෙ කර අත්පත් කරගත් දේපොළ, වතුපිටි වලින් සිය නිවාස, ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩදෙන ලදී, මේ දෙකොට්ඨාශය අතර අරගලය පාදක කොටගෙන ලියැවුනු පබැඳුනු කලා නිර්මාණ මෑත අතීතය දක්වා එමටය. 


බුලත් මඩියක් හපාලා,... හඳයා බංගලාවේ දොරකඩ හිටියා................

හාමු මොරොන්දං සුපිරින්ටැන්ඩන්ට් තේජස් භාවෙන් හිටගත්තා.....

’මොකටද අවේ හඳයා’ සුපරින්ටැන්ඩන්ට් ඇසුවා...

’නිකං ආවේ..රළහාමි....හඳයා..උරහිස කැසුවා....’

’නිකං මොකද මෙහි ආවේ’.... සුපරින්ටැන්ඩන්ට් ඇසුවා...

’එහෙනං නිකම්ම පලයං ’...සුපරින්ටැන්ඩන්ට් කිව්වා...


’හුගක් දෙනා අද ලෝකේ බොරුවට බයාදු වෙනවා...’

’හඳයා යනතෙක් ඉඳලා සුපිරින්ටැන්ඩන්ට් හිතුවා...

’ආපසු අත්පුඩි ගහලා ..’ හඳයව ගෙන්නාගත්තා...


මිනිහට හොඳහැටි බැනලා .. ආ කාරණේ දැනගත්තා.....

(ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදපෙළට මියැසි රටාව ප්‍රේමසිරි කේමදාසගෙනි, ගැයුම - ෆ්‍රෙඩී සිල්වා - 1977)

නැවතත් ඉදිරි දිනයක .........................



12 comments:

  1. නිකං නොවෙයි - මං ආවේ
    කියවා - බලන්නයි ලියු දේ
    ඒවා අගෙයි- මල් වාගේ
    හිතත් ගත්තා- ඉතිං හරිනේ

    ReplyDelete
    Replies
    1. වඳවී යන ගම්මානය....
      ගැන විමසන අයට දෙන්න....
      යමක් ලියා තබනෙමි මතු...
      මතුද බලා දැනගන්නට....

      තාක්ෂණය ආවා ඔන්න....
      දෙපිට කැපෙන පිහිය වැන්න...
      ගම දියවී නගරෙ වන්න...
      ඒක හේතුවෙලා මෙන්න.....

      පෙනුමට ඇත ගම්මානය.
      දැකුමට නැත සිරිත විරිත...
      කියුමට මොන දේ තිබුනද....
      පෙරකල වූ දේමය එය..
      ..

      Delete
  2. සැබෑවට නැති අපි මනසෙන් මවාගත් ගමක් ගැන තමයි මේ හුඟක් ලියවිලි. ඒත් ගීත නම් මිහිරියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙිි ගමිමානයේ රුවගුණ අත්විඳි අවසාන පරපුර 60 දශකයේ උපන්නවුන් ය. ඔවුන්ද ළමයින් අවධියේය.

      1985 පමන වෙද්දී මෙම ගම්මානය වේගයෙන් අතුරුදහන් වෙමින් තිබින.

      70 දංශකයෙන් පසු අයට මෙය සිහින යකි.

      මෙම ගම්මාානය අත්විඳි 1920-50 යුගයේ අය ගේ අත්දැකීම් කැටිවු ගීත ඔබ මෙහි දිගින් දිගට රසවිඳිනු ඇත.

      Delete
  3. හ්ම්ම්..හරි අපූරුයි...
    ස්තූතියි මේ විවරණාත්මමකසටහන්පෙ ළට

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි ඇවිත් කියවා බැලීම ගැන. වාර්තාමය ලිපියකට ලැබෙන ප්‍රතිචාර රචක අප දිරිගන්වනු ලබයි.

      Delete