namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, January 31, 2024

එදා සිංහල ගම්මානය - 06

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 06

 නව සහශ්‍රකය එළෙඹෙද්දී ගම්මානය යටකර දමමින් නාගරික සංස්කෘතිය වේගයෙන් පැතිර යමින් පැවතියේය. ළපැටියන්හට නිදහසේ දුවපැන ඇවිදින්නට තිබු බිම්කඩ අහිමි වි, ’උයන්’ සහ ඉංග්‍රිසි ව්‍යාවහරය රජකරමින්  ’සිටි’ සහ ’ගාර්ඩ්න්’ වදන් වලින් හැඳින්වූ බිම්කඩවල් බිහිවුයේ ’රබර් සහ ’පොල්’ වතු අතුරුදහන් කරමිනි. එහි පැමිණි ආගන්තුකයන්ගේ පළමු කාර්යය වූයේ ලැබුනු කුඩා බිම්කොටස වටා තාප්පයක් ඉදිකර ගේට්ටුවක් සවිකරගැනීමේ කටයුත්තයි. කසළ බැහැරකිරිමේ ක්‍රමවේදයක් නොතිබුනු මෙහි වැසියන් ගෙන් ඇතැමුන් ඒවා මාවත් අද්දරට විසිකර දැමිමේ අවකල් ක්‍රියාවේ නිරත වූහ. ගැමිදරුවන්හට දුවපැන ඇවිදින්නට ඉතිරි වුයේ සිමිත ඉඩකඩකි. ඔවුන්ගේ වැඩිහිටියන් බතසරිකරගත් කුඹූරු යායේ කෘමි උවදුර දුරුකරගත්තේ අධීක විෂ සහිත කෘමිනාශක යොදාගනිමිනි. ඒවා නිසා රාත්‍රිය එළැඹුනු බව කියමින් සිය අපූරු සමූහ ගායනයේ නිරත වන ’රැහැයි’ ගහනයටද බලපෑම් වන්නට ඇත. විෂ මුසුවුනු දියකඩිතිවල දිවිගෙවූ මැඞියන් සහ මාඵන් වඳව යාම නිසා ඒවා ’මදුරු’ රජදහන් සහ රෝග පතුරුවන තෝතැනි විය.

’රැහැයියන්’ මුහුණ පෑ ඉරනමට ලක්වූ අනෙක් අසිරිමත් කෘමි ගහනය වූයේ ’කණාමැදිරියන්’ සහ ’රෑ බදුල්ලන්ය’. මින් දශක දෙක තුනකට ඉහත රාත්‍රි චාරිකාවක යෙදෙන්නෝ, එක පොදියට තරු කඩා හැළෙන්නා සේ ඔබමොබ ඇදීයන ’කණමැදිරි’ සේනා අතරින් ඇවිද ගියහ. විදුලි බලය රහිත ගම්මනායන් හි වාසය කළ එදා පොඩිත්තෝ මේ අත්දැකීම් හොඳහැටි විඳගන්නට ඇතිබව බව නිසැකය. එවැනි නිවස් බොහොමයක අලෝක ප්‍රභවය ’කුප්පි ලාම්පු’ ය. ඉඳහිට හාත්පස එළිය විහිදුවන ’පැට්‍රෝමැක්ස්’ ලාම්පූ ද නොදැල්වූවා නොවේ එහෙත් ඒ උත්සවයකදී, පිංකම් පොළකදී, ගොයම් බැත පැගීම වැනි පොදු කටයුත්තකදීය.

සිගිත්තන්ගේ රාජධානියේ පොල්කටු අං සවිකළ පොල්පිති ගොණුන් ඇදගෙන යන්නෝ මෙන්ම කොළපත් වල නැගී චාරිකා කරන්නෝ අතර පොල්අත්තක් රිටිදෙකතුනක අටවාගත් ’සෙල්ලම් ගෙයකට’ වැදී ’කෝම්පිට්ටු’ සාදන්නියෝ ද නිහඞවම තමන්ගේ කාර්යය කරගෙන ගියාය. ඔවුන්ගේ බෝනික්කන්ගේ ආහාර වේල එය විය හැකිය.  හැන්දෑකරයේ ගම්මානයට පිවිසෙන්නෙකුට නිතර ඇස ගැටුනු දසුන්ය. මේ සොඳුරු අතීතාවලෝකනයන් පසුකාලීනව වැඩිහිටියන් වූ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යය ඔප මට්ටම් කළහ. ඒවා ඇතුළත් කළ කවි ගී සිංදු නවකථා කෙටිකථා සටහන් බිහිවිය.

ගම්මානයේ හැදිවැඩී මතුකී සොබාදහම් මතාවගේ ඇකයේ පහස විඳී සොයුරියන්ගේ අතීතාවලෝකයකි මේ.


රෑහි රංචු හඞ අහලා ........හැන්දෑවට තරු බලන්න...

බකිනි ගහේ ඉගි කරනා කණාමැදිරි මල් ගනින්න...

ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න ...

අක්කන්ඩී ඉනි වැට ගාවට යමුද හිනා මල් මවන්න...?


කුප්පි ලාම්පුවේ එළියෙන් බිත්තියේ හෙවනැලි අඳින්න...

ඉරටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න...

කෝම්පිට්ටු ගෙදර ඉඳං රංඩු වෙවි හැඩ කරන්න ...

අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...


හැන්දෑවට හඳ එළියේ  සාරි පොඩිත්තක් අඳින්න...

හීතලෙට නිදි පැදුරේ තුරුඵ වෙලා නිදාගන්න..,

ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්ට ...

අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...?

(ප්‍රියානන්ද විජේසුන්දර ගී සංකල්පනාව පණපෙවීම නීලා වික්‍රමසිංහගෙනි සංගීතය රෝහණ වීරසිංහ - 1979)

අතීත ගම්මානය, ශ්‍රම විභාජනය යෙදුනු පිරිස් දිවිගෙවූ සමාජයකින් සමන්විත වූහ. එය රාජ නියමයද විය. කම්මල් කරුවන්, වළං තනන්නන්, රීදීරත්රන් වැඩ කරුවන්, විහාර සිත්තම් කරන්නන්, පටපිළි සෝදා පිරිසිදු කර ඒවා සපයන්නන්, කූඵ වට්ටි පෙට්ටි වියන්නන්, දෝලා කුණම් රැගෙන යන්නන්, හේවායන්, බෙර ඇතුඵ වාද්‍ය උපකරන වයන්නන් සහ නර්තනයේ යෙදෙන්නන්, නැකත් කරුවන්, උඵවඩුවන් සහ සැළසුම් ශීල්පීන් සහ මුහුදුකරයේ ධීවරයන්, ඇතුන් අල්ලන්නන්, වෙදැදුරන්, රහමෙර සහ පොල්,තල්, කිතුල් ආශ්‍රීත අතුරු ආහාර වර්ග නිෂ්පාදකයන් යන මොවුන් සිදුකල රැකියාව අනුව අදාළ ’කුලය’ තීරණය විය. 



කිතුල් සහ පොල් ගස් මගින් රා මදින්නන් ඒ අතර විශේෂිතය, රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය හකුරු වැනි අතුරු නිපැයුම් බිහිකරන්නේ ඔවුන්ය. ’රා මදින්නෙකුගෙන් ගැමි තරුණයෙකු කරන ආයචනයකි මේ. සුපුරුදු ජන සම්ප්‍රදාය අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු අව්‍යාජ ලෙන්ගතුකම පළ කරමින්  වැඩිහිටියා  ’මගෙ සුදු මාමේ..........’ යනුවෙන් ඇමතූ අවස්ථා අරුම නොවේ. 

’කිතුල් නිෂ්පාදන’ එක්තරා ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත බව නූතන පර්යේෂන පත්‍රිකා ලිපි ලේඛන අනුව කියැවෙයි. අහිතකර ’කොලොස්ටරෝල්’ දුරුකරගැනීම මෙන්ම හිතකර කොලොස්ටරෝල් වර්ධනය කරගැනීමටද ඉහවල් වන ඒවා, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන, දියවැඩියා රෝගීන්ට පවා හිතකර බව සඳහන්ය. 


ළපටි රා තරුණ අපටයි බෙදන්නේ ..පැහුනු රා මහඵ අයටයි ඔබින්නේ....

විනාකිරට ඉතුරු කොටස තබන්නේ.. අච්චාරු වලින් සදන්නේ..

මගේ සුදු මාමේ නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ..................


ගහෙන් ගහට අතුර දිගේ නගින්නා ..ළපටි කැකුඵ මල් බල බල තලන්නා...

මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා..අනේ වාසනාවන් මේ මදින්නා....

(සුසිල් සේනාධීර ගේ ගී පද ගැයුම සී ටී ප්‍රනාන්දු, මියැසිය පැට්‍රික් දෙණිපිටිය -1964?)

පහත කියැවෙන යුවතියගේ පෙම්වතා ඇතැම් විට ඇයගේ ඇවැස්ස මස්සිනා ම විය හැකිය. එදා සිරිත අනුව පවුලේ ’නෑනා’ ගේ අනාගත අතපැතීමේ හිමිකම දැරුවේ ’මස්සිනා’ ය. ඔහුට ඒ සඳහා සියඵ අයිතිය හිමිය. ’ගැමිවහර’ අනුකරණය කළ විශේෂාංග වැඩසටහන්, සංගීතමය විචිත්‍රාංගයන්, වේදිකා සහ ගුවන් විදුලි නාට්‍යයන්, සිනමා කෘතින්ටත් වඩා බහුලව සංසරණය වූයේ නවකථා සහ කෙටිකථා නිර්මාණයන්ය.

කෙනෙකු වෙසෙසින් යුවතියක්, පිරිමි අයෙකු අමතද්දී ’ඔහේ.........’ ,මේ ඇහුණද...?, වැනි වදන් භාවිතා කළ ප්‍රාදේශිය ගැමිවහර ද අප්‍රකට නොවේ. තමන් අවමානයට පරිභවයට ලක් කෙරේයැයි හෝ එවැනි කටයුතු ’මුණේ දැළි ගෑම’ කි. ඇළේ දොළේ බඩවැටියේ, කූඹුරේ, නානතොටේ, කමතේ දී, තමන් පසුපස හිතවතෙකු ලුහුබඳී නම්, අන් අයගේ අවධානයට ලක් විමේ අවදානම දැරීමට එදවස ගැමි යුවතියෝ මැළිවූහ. 



ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑනා මගේ.....?

හෙනේ ළිඳට මම යනවා...මා පසුපස ඔබ එනවා ....

ගම්මානය හිනැහෙනවා...ඔහේ..... ඔතැන නවතිනවා....


සෙවණැල්ල වගේ යනෙන මගේ දැළි ගෑවෙයි මුණේ මගේ ....

ඇයි එහෙම අනේ නැනා මගේ කරුණාවක් නැතුව වගේ....?

නියම කලට බහ දෙනවා... එතකොට හිත සැනසෙනවා....


ඔබටත් හඳ පායනවා...අනේ .....එතෙක් ඉවසනවා.....

(ඩෝල්ටන් අල්විස් ගී පබැඳුමට සංගීතය සහ ගායනය  - ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරි බෝතොට- 1969)

ඒ ගැමිළඳුන් හැමවිටම ගම්මානයේම මානවකයෙකුගේ බිරිඳ බවට පත්වූවා නොවේ. ’නෑනා - මස්සිනා’ පෙම් පුවත බිඳි විසිරි එකිනෙකා අහිමි වූ අවස්ථා එමට තිබෙන්නට ඇත. එහෙත් එදා ගැමි තරුණ තරුණියන්ගෙන් අති බහුතරය ඒ  අහිමිවීම්, වියෝවීම්  ඉරණමට පවරා ලෝ දහම් දැන හැඳින අවබෝධකරගත් අය වූහ. කිසිවිටක එකිනෙකා කෙරෙහි ක්‍රෝධ වෛර සහගත සිතුවිලි ඇතිකරගත්තේ නැත. ඔහු ද ඇයගේ හෙට දිනය සරුසාර වන්නට පැතූ ලෙසම ඇයද පෙරළා ඔහුට යහපතක් ම වන්නට පතන්නට ඇත. මේ බව නිර්මාණකරනයේදී මතුකොට දක්වා අගයා පසසන්නට එදා නවකථා, කෙටිකථා කරුවන් පසුබට නොවිය. ගැමියන්ගේ හදවත්හි සදාලැගුම් ගත්, ඔවූහු අදරින් වැළඳ ගත් ’මුවන් පැළැස්ස’ නම් වු ගුවන් විදුලි කථාංග මාලා නාටකය සිහිගැන්විම යෙහෙකි. ඒ ගම්මානයේ ඔදතෙද කැටිකොටගත් හැඩිදැඩි තරුණයා ’දඩයක්කාරයා’ පසුව ’කදිරා’ ’වීරා’ ලෙසින් නම්කෙරිනි. ඔහු තමන්ට හෝ තම අසල්වැසි ඥාතිවර්ගයාට සිදුවු අසාධාරණයකදී වියරු වැටුනෙකු ලෙස ක්‍රියා කලද කිසිවිටක තමන් හට අහිමි, තමන් ප්‍රතික්‍ෂේප කළ දෙයක්, බලෙන් අත්පත් කරගන්නට හෝ අයෙකුට හිරිහැර පිඩා කරන්නට ගියේ නැත. 


එගොඩහ වෙලේ ඉස්මත්තෙදි දුටුවාට... ඇළ කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට...

මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට..නාඞන් මස්සිනේ පෙරපින් නැතුවාට......


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ...මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ ...

හෙටදින නුඹත් දීගෙක ගිය පසු නෑනේ...මාසේපෝයදා වාගෙයි ගම්මානේ.....


ගෙපැළේ මට තනියෙන් හිඳින්නට.... බාලේ ඉඳං බැඳි ආලය විඳීන්නට....

රෑ තුන් යමේ මේ හැටි දුක් විඳීන්නට..හිනෙන් මිසක හැබැහින් එක්නොවන්නට..


නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි...

පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි..කුරහන් කපන දා මා සිහිකරන්නයි...


(අජන්තා රණසිංහ, අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වර්ඩ් වෙනුවෙන් සංගීතය සරත් දසනායක - 1976)

මෙතැන් සිට ඉදිරි ලිපියකට....................



10 comments:

  1. මේ ගීත අතීත මතක අවදි කරවනවා.. "මගෙ සුදු මාමේ" ගීතය නම් මේ ඇහුවේ ඒ සුන්දර අතීතයේදී ඇහුවාට පසු පළමු වතාවට වෙන්න ඕන...
    අගෙයි.. ජය ම වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !

      මේ ගීත වලට පාදක වූ පරිසරය, වෘත්තීන්, මිනිසුන් ද, සිරිත් දැන් නැතිව ගොස්.

      මේවා නමුත් යටපත් වී යා නොදේ....
      මේවා නමුත් යටපත්

      Delete
  2. ගම රට පරිසරය කොයිකද වෙනස් වුණේ
    ඇයි ඒ සරලකම අපගෙන් දුරස් වුණේ
    සංවර්ධනය අරගෙන ආවාද විණේ
    පැනයකි, මම සොයමි පිළිතුරු තවම අනේ!

    ReplyDelete
    Replies
    1. දියුණුව කියන්නේ ගොඩගැසීමය
      කියලා සිතා කළ විසූකදස්සනය
      අසහනයෙන් විඳවයි මොන කරුමයද
      මේ්බව පසක්වන තුරු තව විඳවනු නියත....

      Delete
  3. මුල් ගීත එලෙසම අසන්නට ඉඩ සැලැස්වීම ගැන තුති.

    ReplyDelete
  4. රෑ පැල් රකින සිංදුව කමෙන්ට් එකට ඔබන්න එනකොට ඒකම දාල නේ. සැක්..

    රා වලට තවත් සිංදුවක් තියේ නේද.

    වාරු නැගෙන් සිත වීරිය ගන්නට අතුරේ යනෙනා ගමනේ..


    මෙහෙ තල් රා තියේ.. ඕන නං ආහැකි. 🤭🤭🤭
    https://awanhala.blogspot.com/2024/02/life-in-mannar.html

    ReplyDelete
    Replies
    1. මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ.

      වැනි නිර්මාන ද තිබේ.....

      තල් තරමට නැතත් පොල් ද ගුණදායකය... අරක්කු හා සසඳන විට...

      බොහෝම ඉක්මනින් මේ ලක්ෂන අතුරුදන් වනු ඇත.

      මේ ගීත අහන නව පරපුර අවම වශයෙන් එිවයින් කියවෙන්නේ මොනවදැයි යන්න වත් වටහගන්නට මෙය වැඩදායක වනු ඇතැයි සිතමි

      Delete