එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ ගී හඞ - 01
1970, 71, 72,73 යුගය ගෙවි යද්දී සිංහල සංගීත ලොලීන් ආනන්දයෙන්, රසයෙන්, මිහිරෙන් තෙමූ නව ප්‍රවණතාවය වූ ’කන්ඩායම් ගී’ මල්වරුසාව තුරල් ව නොගොස් තිබිනි. ඒකම ආරකට භාරත ගීත රාමුවට කොටු වී ගැයුනු ගීත කලාවෙන් තෙහෙට්ටුවට පත්, ඔවුන් ගේ වින්දනයේ විඩාව දාහය නිවාදමමින් වට කන්ඩායම් ගී පිණිබිඳු ඔවුනට අමා දිය බිඳක් බඳුව තිබුනා යන්න තහවුරු කිරීමට සාක්ෂි ගෙනහැර පෑමට එදා එකී ගී ගැයු අද වියපත් වූ ශිල්පීන් සමත්ය.
දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක සමූහයා එක්රෙක් වූ ගෘහස්ත සංගීත සංදර්ශනයන් හිදී ඔවූහූ නැවුම් ආරක ගීත කලාවකින් සිය ආදරණිය රසිකයා පිනවන්නට සමත් විය. අඩසියවසකට පසුවද එදා රසයෙන් කුල්මත් වූ කුඩා ළපැටියන් පවා අද වැඩිහිටියන් ව සිටිමන් ඒ රසය හඹා යන්නට යුහුසුඵ වෙමින් සාමාජ මාධ්‍ය ජාලා පීරමින් සිටිති.
ඒ මන්ද යත්, ඒවා ජනගත වූ ’ගී තැටී’ කලාව අභාවයට ගොස් ඒ ගී තැටි වාදනය කල මාධ්‍ය ආයතනයද බොහෝ සේ අකර්මන්‍ය ව ගොස් අතැයි ඔවුන්ට හැගී ගොස් ඇති බැවිනි. වාසනාවකට, එයින් හටගත් රික්තය, සමාජ මාධ්‍ය කලාව විසින් සපුරාලන ලදුව, එයින් උක්ත රසිකයන්ගේ මනදොළ සපුරාලන්නට ගත් තැතකි මේ.
දුසිම් පහක තරම් පිරිමි ගායක පිරිස් අතරට එක්වූ කාන්තා ’කන්ඩායම්’ අතර එදා ජයකොඩි නැංවූ ත්‍රීත්වය ’ත්‍රී සිස්ටර්ස්’ ය. ඔවුනතර පෙරදිග සංගීතයේ මූලධර්ම සහ ප්‍රයෝගීක ක්රීයාකාරකම් හොඳින් ප්‍රගුණ කළ ’මල්ලිකා පෙරේරා’ නම් පියකරු ළඳ, ඇයගේ නැගනිය, තමා විසින්ම ගීයකින් ’ඔබ සොයනා කඵ කෙල්ල මමයි...’ ලෙස හඳුන්වාදුන් ’ඉන්ද්‍රානි පෙරේරා’ සහ පවුලේ ළාබාලතම සාමාජිකාව ’අයිරාංගනී’ යන සාමාජිකාවන් වුහ.
වරෙක ඔවුන් තිදෙන එකහඞින් ගයද්දී, තවත් වරෙක තිදෙනා ’විවිධ’ ස්වර තලයන්හි සැරිසරමින් එකම ගීයේ විවිධ පද උසුරුවා, ’කන්ඩායම් ගී’ කලාවට ආවෙනික රිද්මය රටාව, ගුණය රැකගන්නා ලදී.
සෙසු සාමකාලීන ශිල්පීන් සේම ඔවුන්ද, ලාංකීය සංගීත ඉතිහාසයේ කියැවෙන අග්‍රගන්‍ය සංගීතඥයන්ගේ නිර්මාණයන් රසගන්වන්නට වාසනා මහිමය ලද්දේය.
සරත් දසනායක
ක්ලැරන්ස් විජේවර්ධන
වික්ටර් දඵගම
බටහිර සංගීත ශීල්පිය උපක්රමයන් හොඳින් හදාරා ඒවා පෙරදිග සංගීත කාලවේ මූලධර්මයන් හා මුසුකරවාලමින්, සිංහල ගීත රසිකයන් හට මෝහණීය රසාකරයක් මවා දුන්නේය. ත්‍රී සිස්ට්රස් ගායිකාවෝ ගැයූ ගීත අල්පයක් හැරුනුවිට අන් සියල්ලම පාහේ සංගීතවත් කරන ලදුව, වාද්‍ය ශීල්පියොපක්රමයන්ගෙන් හැඩගන්වා ලුයේ පෙරකී සාමාජිකයන් සතරදෙනා විසිනි.
පෙරකී ’අල්පය’
අරනස්ට් සොයිසා,
මෙල්රොයි ධර්මරත්න
මිල්ටන් පීරිස්,
මයික් ගුණසේකර
වික්ටර් රත්නායක
පන්ඩිත් අමරදේව
සෝමදාස ඇල්විටිගල
යනාදින් නියෝජනය කරන්නට යෙදුනි.
එපමණකුදු නොවේ, ඔවූහූ දෛවෝපගතව ශ්‍රි ලංකාවේ පහල වූ විශීෂ්ඨතම ගී පද රචකයන් ගේ නිර්මාණ කලාවේ ’වසන්ත සමය’ හා සමපාත ව
කරුණාරත්න අබේසේකර
මහාචාර්ය සුනිල් ආරියරත්න
කුලරත්න ආරියවංශ
ප්‍රේමකීර්ති ද අල්විස්
මහගම සේකර
අජන්තා රණසිංහ
ධර්මසිරි ගමගේ
කේ ඩි කේ ධර්මවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන
හේම ශ්‍රී ද අල්විස්
හඩ්සන් සමරසිංහ
යන දැවැන්තයන්ගේ ගී පබැඳුම් රසගැන්වූහ.
වෙළඳ තැටි ගණනින් තිහකට අධීක සංඛ්‍යාවක් එනම් ගීත ගණනින් 120 ක්ද ඉක්මවා නිකුත් කරවා ’කන්ඩායම් ගී’ ලොව රැජිනියන් වූ ඔවුන් ඒ වාර්තාවෙන් සෙසු සියඵ ’කන්ඩායම්’ අබිභවා සිටී. ගීත කලාව පිරිහි යමින් පවතින් වර්තමානයේ මෙන්ම මෑත අනාගතයේදීද එකී වාර්තාව බිඳ හෙලන ගායිකාවන් කිසිවෙකු සමත් නොවෙනවා ඇති බව නිසැකය.
සිහින ලොවක් - 1972
ජීවන ගංගා - 1974
සමන්මලී - 1978
නිර්මාණකරුවෝ ’ත්‍රී සිස්ටර්ස්’ ගී සිය සිනමාකෘතිවලට ඇඳාගෙන එයින් වැඩිමනත් ජනප්‍රසාදයක් ලබන්නට ඇත.
මෙම ළඳුන් තිදෙනා එකට එක්ව ගීත ගයන්නට ද පෙරාතුව පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව ’මල්ලිකා’ සිනමා ගීත කලාවට ප්රවිශ්ඨ ව සිටියාය.
1965 දී ’ජී ඩී එල් පෙරේරා’ හැදූ ’සාමා’ හිදී ’සුගතපාල සෙනරත් යාපා’ නමින් එවකට අධුනික ශීල්පියෙකු වූ මානවකයා ගේ ගී පද රචනයක් සංගීතවේදී ’ජයතිස්ස අලහකෝන්’ යටතේ ඇය ගයනා කළාය.
වනන්තරේ ගල් අරණේ විමානෙට ..............
නිරන්තරේ යන ගමනේ ...................
--------------------------------------------
ඇයගේ භාවපූර්ණ ගී නාදය ඇගැයූ ’ආචාර්ය ප්‍රේමසිරි කේමදාස’, තමන් සංගීතයෙන් හැඩ ගැන්වූ ’වනසරා’ - 1969 හි ගයන්නට ඇයට ඇරයුම් කළේය. එිහිදි ඇය සිංහල ගීත කලාවේ එතරම් සාකච්ඡාවට බඳුන් නොකළ නැවුම් ප්‍රස්තුතයක් මතුකර දුන්නේ කරුණාරත්න අබේසේකරයන් ලියූ පදමලාවකිනි. ස්ත්‍රී ලාලිත්‍යය වැනුම් අපමණව පවතින සාහිත්‍ය කවි කලාවේ ශෝභාසම්පන්න, පාංශූ දේහධාරී ’පුරුෂ දේහ’ වැනුම් විරළය.
අබේසේකරයන්ගේ කවි සිතුවිල්ල පවසනා පරදී එවන් දේහවිලාසය ’යුවතියකගේ’ නිදිගත් සිතුවිලි කළඹා අවදී වී වියරු වෙසක් ගන්නේද ?
සැතපෙන සිතුවිලි අවදිකරන සුඵ .............
රණවිරු දේහ විලාසේ................
ගත ගොරහැඩි වී සිත දැඩි නැත වී...
කටු නටු අග පිපි මල සේ...............
දෙබැම නළල් තල සවිබල උරහිස........
අපමණ සිහින මවයි....
දෙනෙත හෙලන තැන ...
දෙපිය ගැටෙන තැන ...
ජීවන රසය කවයි............
මිනිස් හඞින් තොර...
ඝන තුරුළිය සෙවණේ...
එඩිතර කම ලග අවිහිංසක බව ...
මුසුවන අයුරු පෙනේ.................
(වනසරා - 1969)
---------------------------------
1973 වසරේ තිරගත වූ ’ගොපඵ හඞ’ සිනමා පටයේදී ඇය ගේ ගී හඞ මුල්වරට ඔපමට්ටම් කරදෙන්නට ඉදිරිපත් වන්නේ සංගීතවේදී ආර් මුත්තුස්වාමි ය. ’ශ්‍රී නිහාල් ජයසිංහ’ ගේ ගීත සංකල්පනාවකි මේ
පුංචි පුංචි මල් වගේ රංචු රංචු වී...........
මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ ........
පුංචි පුංචි සමනලුන් රංචු රංචු වී...........
මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ..................
(සහය ගායිකා - මල්ලිකා කහවිට)
-------------------------------------
දයානන්ද රොද්‍රිගෝ ගේ ’ජීවන ගංගා’ ව රිදීතිරය මතින් ගලා ගියේ 1974 වසරේදීය. එනම් ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන්ගේ සමනල සමය ගෙවුනු සමයේදීය. ඒ සාමාජිකාවන්ගේ ගීයක් ඇතුළත් වූයේ නම් එය සිනමාපටයේ වානිජමය ඉලක්ක සපුරාගැනීමට දිරි නොදෙන්නේද ? නැත, එය සිනමාපටයට ආභරණයක් මය. එහිදී ’මල්ලිකාවන්’ යුග ගී ගැයුමෙන් සහය වන්නේ සිනමා ගීත කලාවේ අගරජ ’ජෝති’ ටය.
-----------------------
60 දශකයේ ගී ලොව එකාලෝක කල තරු පොකුරක අසිරිය -
වමේ සිට දකූණට
දෙවැන්නා - සී ටි ප්‍රනාන්දු, ඊලඟට පිළිවෙලින් මල්ලිකා පෙරේරා, ඇන්ටන් ජෝන්ස්, මොරිස් දහනායක, එම් එස් ප්‍රනාන්දු, ලතා දිසානායක සහ ප්‍රෙඩී සිල්වා
-------------------
ඇය
ජීවන ගංගා බැස යද්දෙන් ...
විඳගමු රන්රස ඒ මැද්දෙන්...
පීර පීර මල් නොසළා ....
බොන්නකෝ පැන් පුරලා .................
ඔහු
රොන්රස ඉල්ලා නලියන තොල්පෙති................
සීතල ග`ඟුලක නළවන්නම්........
ඇය
අපට මොටද සඳඵතලා....
ඔහු
ගන්න සුරත සකුන්තලා .......................
(ආනන්ද සරත් විමලවීර ගී පද රචනයේ සංගීතය ආචාර්ය දයාරත්න රණතුංග සමග එම් කේ රොක්සාමි නමුදු ලිඛිත වාර්තා සටහන් කරන්නේ එහි සංගීතය ජස්ටින් සිල්වා’ ගේ බවයි. ඔහු ඒ සිනමාපටයේ වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයා ලෙස කටයුතු කළ බව කියැවෙයි)
---------------------
ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදීයා ගේ සත්සර වියමනකින් පරිපුර්ණ වූ කවි සිතුවිල්ලකි මේ. ’ගජගා වන්නමේ’ නාදරූප හැඩතලයකින් එය සමන්විතය.
කස පුපුරණවා ............
එළි කැරකනෙවා.....පෙරහැර එනවා ..................
කස පුපුරණවා .... පෙරහැර එනවා .............
වයනා තලෙට තබනා පාදේ ...
කදිටම වයනා හේවිසි නාදේ .....
( ගී පද සංකල්පනාව - බර්ටිජයසේකර- 1972)
-----------------------------------------------
මෙතැන් සිට ඉදිරියට...............දෙසතියක විරාමයකින්.................