namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 22, 2015

ඔබ කොහි සැගවුනිද ?

දයාබර සංගීතවෙsදියාණෙනි (02 කොටස) - බැති උපහාර මනහාර ගී නාදය


ප්‍රවිණ සංගීතවෙsදී සරත් බාලසූරිය දිවිමග සළකුණු


උපත 1942 දෙසැමිබර් 10

විපත - අවිනිශ්චිතයි

උපන් ගම - කිරුළපන

සංගීතය හැද+රීම - රජයේ සංගීත විද්‍යාලය - 1962 (වයලීන් වාදනය)

(අමිතා දඵගම / වින්සන්ටි ප්‍රේමසිsරි / නවරත්න අත්තනායක සමකාලිනව)
බටහිර සංගීත නිපුණතා හා ප්‍රගුණ කිරීමි - ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර තුර්ය වාදන වෘන්දය - ක්‌ලැරිනටි වාදක - 1968

ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කමි (ගී නිර්මාණ) -
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය - 1973
- වෙළඳ තැටි සංගීත අධ්‍යක්‍ෂනය - 1966 සිට


සරත් බාලසුරිය සංගීතවෙsදියා යුධ හමුදා තුර්ය වාදක මන්ඩලයේ පෙරදිග රාගධාරි සංගීතය හැද+රු ප්‍රමුඛතම සාමාජිකයා වූ බව සඳහන් වෙs

ශ්‍රවණය කල සැණෙන් එහි ස්‌වර හඳුනා ගෙන ස්‌වර ලිපිය සටහන් කිරීමෙs අපුර්ව හැකියාවක්‌ අත් කර ගත් ඔහු ඒ හරහා ගායකයන් හා වෙනත් සංගීතවෙsදීන් ගේ නිර්මාණකරණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ශිල්පියෙකු විය

නැසිගිය පැටි්‍රක්‌ දෙණිපිටිය සංගීතවෙsදියා ද 50-60 දශකයේදී ඉහත ශිල්පයේ කෙළ පැමිණියෙකුව සිටි බවද කියෑවෙs

ගුවන් විදුලියේ සේවය කරණ සමයේදී මධුවිතට ඇබිබැහිවීමෙන් වරින් වර රෝගි තත්වයට පත්වූ ඔහු 1996 අප්‍රේල් මසයේදි ඒ සඳහා රෝහල්ගත ව සිටි බව වර්තා වෙs

ඔහුගේ ජීවන චාරිකාවෙs වඩත් අනුවෙsදනිය සිදුවිම සටහන් වන්නේ එහිදීය

දිනක ඔහුගේ සුවදුක්‌ විමසන්නට පැමිණි පවුලේ සාමාජිකයන් හට ඔහු දක්‌නට නොවිය

අපවන් රසිකයන් වෙත සුන්දර නිර්මාණ ගණනාවක්‌ තිලිණ කළ මෙs අපුර්ව නිර්මාණකරුවා රෝහලෙන් අතුරුදහන්ව ගොසිනි

එදා මෙදා තුර දශක 2 ක්‌ ඉක්‌මවා යන්නට ආසන්නය

සොයා විපරමි කරනු ලැබුවද ඔහු පිළිබඳව කිසිම තොරතුරක්‌ වාර්තා නොවූ බව සඳහන්ය
---------------
නෙමියෙන නිර්මාණපෙලින් බිඳක්‌
හෙළ දෙරණේ කඳුල සුසුම / සිරිපොද වැස්‌සේ / අනේ මස්‌සිනේ (නන්දා මාලනී)
බඹර රැගුමි (වික්‌ටර්)
ආදර සුභා / ආත්ම ගණනක (ශ්‍රීමතී)
මළවුන්ගේ නගරයේ (අබෙs / නාලනී)
--------------------

 ගී පද රචනය - හේම ශ්‍රී ද අල්විස්‌
තනුව හා සංගීතය - සරත් බාලසූරිය
ගායනය - ජ්‍යෙෂ්ඨ ශිල්පිණි ලතා වල්පොළ
(ජෙම්ටෝන් තැටි ලේබලය වෙනුවෙනි)

තොරතුරු මුලාශ්‍රය -
දුරකථන සංවාදය - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක ගීත රචක හේම ශ්‍රී ද අල්විස්‌ මහතා
මියෑසි හරසර - ලාල් ආනන්ද අබෙsධීර

මෙතැනින් අසන්න

No comments:

Post a Comment