namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, December 8, 2022

Muwan Pelessa මුවන් පැළැස්ස අතීතාවලෝකන පුවත

 ’පුබ්බඩයා’ හෙවත් ’ඇටගෙම්බා’ ඇතුඵ පිරිස ගේ අන්දරය - 1979 - 1983

1983 ජූලි මස ගෙවි යද්දී සිංහල සිනමාවට සේවය කල ද‍්‍රවිඩ ජාතික කාර්මික ශීල්පීන් ඇතුඵ වැඩි පිරිස ඉන් ඉවත්වී මෙබිම ද හැරදා යද්දී සිනමාශාලා ගණනාවක්ද චිත‍්‍රාගාර සහ ඒවයේ සංරක්‍ෂනය වෙමින් පැවති සිනමා සේයාපට ද යළි පිළිසකර කළනොහැකි ලෙස අභාවයට ගියේය. 

ඉන් තෙමසක් පමණ ගත වෙද්දී කෙමෙන් සිනමා කර්මාන්තය පිබිදීමේ සළකුණු පෙනී ගියද එය ඉහත ව්‍යාසනයෙන් පෙර තිබු තත්වයට පැමිණීයේ යැයි කිව නොහැකිය.  බොහෝ සිනමා ශාලාවල රාත‍්‍රි සිනමා දර්ශනය අවලංගු වි පැවතින. 


ලංකා ගුවන් විදුලියෙන් එදවසද විසුරුවා හරිමින් පැවති දිර්ඝතම සහ ජනප‍්‍රියතම මාලා නාටකය ’මුවන් පැළැස්ස’ ඇසුරෙන් නිර්මාණය කරන ලද සිනමා පට ද එහි නිෂ්පාදකයන් හට ධනඋල්පතක් වන්නට ඇත. එහි 60 දශකයේ වෙඩික්කාරයා පසුව 70 දශකයේ කදිරා බවට පත්වී පසුව 80 දශකයේදී ’වීරා’ බවට රූපාන්තරණය විය. 

1983 ඔක්තෝබර් මස 13 දින සිකුරාදා දින දිවයින පුරා ප‍්‍රදර්ශනය කෙරුනේ පෙරකී ’වීරා’ ’කෝරළේ මහත්තයා’ ’මැණීකේ’ ’ගුරුන්නාන්සේ’ සහ ’පිනා’ ඇතුඵ ගම්වැසියන්ගේ මනංකල්පිත ජීවන අන්දරයයි. 

ඒ සිනමාහල් ලැයිස්තුවට දැනට අවිද්‍යාමාන මහනුවර ’වේල්ස්’ සිනමාහල ද ඇතුළත්ය. ඒ භූමිය දැනට කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයට යාබද රථගාලක් ලෙස භාවිත කෙරේ.  මහනුවර අවට ගම්වලින් රැුස්කකා එක්රොක් වූ මුවන් පැළැස්ස ගුවන් විදුලි අසන්නන් සහ ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ගෙන් සිනමා ශාලා දර්ශනවාර පීරි ඉතිර ගියේය. ඇතැම් දිනවල දර්ශන වාර 05 ක් ද ඉක්මවා ප‍්‍රදර්ශනය කරන්නට යෙදුනේ, එක් දර්ශනවාරයක ප‍්‍රදර්ශනය ඇරඹි පැයක් ගතවූ විට සිනමාහලේ පිටත දිගුපෝලිම් වල රැුඳි සිටින පේ‍්‍රක්‍ෂක ජනයා වෙත ඊලග දර්ශනයේ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත්කරවා ඔවුන් සිනමාශාලාව තුලට කැඳවා එහි ශාලා දොරටු විවෘත කෙරෙන කොරිඩෝවේ රඳවා තබා ගනිමිනි. ඒ නිසා ඔවුනට සිනමා දර්ශන නැරඹිම කෙසේ වෙතත් එහි හඞ පටය සහ ගීත පැහැදිලිව රස විඳිමේ අවස්ථාව හිමිවිය. ඔවුනතර මේ ලියුම්කරු ද විය.

එහි එවැනි දැඩි තදබදයකට ලක් වන්න සිදු වූ දෙවන අවස්ථාව එයයි. පළමුවැන්න ඊට වසර 04 කට පෙර 1979 දීය. ඒ මුවන්පැළැස්ස ’පළමුවන කොටස’ යි. එහි එදවස නිරතුරු තිරයේ දිස්වුනු වෙනත් සිනමා පට මෙන්ම ’කඵ සුදු’ සිනමාපටයකි. 

’වීරා’ ට අභියෝග කරන්නට බියගුඵ ’කෝරළේ’ (හියුගෝ ප‍්‍රනාන්දු* විසින් සිය කටකාර ඇඹේනිය වු ’මැණිකේ’ (රත්නාවලී කැකුණවෙල* ගේ සිදාදියේ සිටි මලයන්ඩිය (පුංචි ආරච්චිල මහත්තයා - ජෝ අබේවික‍්‍රම* විසින් ගම්මානය ත‍්‍රාසයට පත් කරමින් බීමත්ව ඇවිද යමින් කරණ බැණ අඩගැසීම් පැහැදිලිව දෙසවන වැකිණි. ඒ අතර පිනා (ෆ්‍රෙඩී සිල්වා* ගේ නෝංජල් කේලම් බස් ද අතරින් පතර විය. කොරිඩෝවේ රැුඳි සිටි පේ‍්‍රක්‍ෂක ජනයා ගුවන් විදුලියෙන් අදාළ කොටස ප‍්‍රචාරය වෙද්දී සිය චිත්තරූපාවලියේ සටහන් කරගත් චරිත යළි පණගන්වා ගන්නට එය කදිම අවස්ථාවක් විය. 

’ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස’ එදවස සිංහල සිනමා සංගීතයේ දැවැන්තයෙකු බවට පත්වී සිටියේය. ’මුවන් පැළැස්ස’ දෙවන කොටස එහි අනෙක් දැවැන්ත චරිතය වු ’සරත් දසනායක’ විසින් සංගීතවත් කරන්නට යෙදුනු අතර තෙවැන්න සහ පළමුවැන්න ’කේමදාස’ තනු නිර්මාණයෙන් හැඩවැඩ විය.

චරිත

කෝරළේ මහත්තයා - හියුගෝ ප‍්‍රනාන්දු

මැණිකේ - රත්නාවලී කැකුණවෙල

වීරා - රවින්ද‍්‍ර රන්දෙණිය

තිසා - මාලිනී ෆොන්සේකා

පිනා - ෆ්‍රෙඩී සිල්වා

ඩිංගි ගුරුන්නාන්සේ - ගැමුණූ විජේසූරිය

වානිජකරණයට හසු වන්නට පෙරතුව ලාංකීය නෙඉඳුල් ගම්මානයක තතු රැුගත් රූපරාමු රැුසකින් ’මුවන් පැළැස්ස තෙවැන්න වර්ණවත් විය.  එහි චරිත නිර්මාණය කෙරුනේ අනාදිමත් කාලයක සිට  සෙසු ලෝකයාගෙන් හුදකලාව පවතින සාම්ප‍්‍රදායික ලංකීය ගැමි සමාජයේ දිවිගෙවු චරිතයන් අනුකරණයෙනි. එවන් ගමක බොහෝවිට ’දාමරිකයන් රැුළක් සහ එහි නායකයා’ ’නෝංජල් අවිහිංසකයන්’ ’බොහෝ ඇසු පිරූ තැන් ඇති වැඩිහිටියන්’ සිටියහ.  මුවන් පැළැස්ස ගමේ පන්සලේ පිංකමකට ගැමියන් සහභාගිවන්නට නියමිතව තිබින. ගම්මානයේ කුඩා දරු දැරියන් එක්රැුස් වී පන්සල් භූමිය කොඩිවැල් වලින් සරසමින් සිටිද්දී පසුබිමින් වාදනය වන ගීතයකි. ’කේමදාස’ ගුවන් විදුලි සහ වෙළඳ තැටි නි්ර්මාණයන් වෙත හඞින් ජීවය කවමින් සිටි නැසිගිය ප‍්‍රවිණ ශීල්පිනී මාලිනී බුලත්සිංහල ඇතුඵ ළමා පිරිස විසින් එය ගයනා කරන්නට යෙදිනි.


බුදුරැුස් මල් පිපෙන සමේ .................

බුදුරැුස් මල් සුවඳ දැනේ ..................

දහසක් මල් පිපෙන ගමේ ................

දහසක් මල් ඔබයි පුතේ .................


ගැයුම - මාලිනි බුලත්සිංහල ඇතුඵ පිරිස

සංගීතය - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

ගී පද - ධර්මසිරි ගමගේ

-----------------------------------

මෙතැනින් අසන්න


’මුවන් පැළැස්ස’ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් හට හුරු පුරුදු චරිතයන් ම සිනමා නිර්මාණයන් සඳහා ’හඞ’ මුසුකිරීම නිසා ඒවා නරඹන ඔවුන්හට තමන් නිවසේ ගුවන් විදුලියේ රසිවිඳි ශ‍්‍රව්‍යමය මාලා   නාට්‍යයේ දෘෂ්‍යමය වින්දනය සිනමා කෘතියේදී විඳ ගන්නට ඇතත් එයින් එක් එක් ශ‍්‍රාවකයා සිය මනසේ චිත‍්‍රනය කරගෙන සිටි එකී චරිත ස්වභාවයන් සහ ඒවයේ පෞරුෂයන් හට සිනමාපටය විසින් එක්තර මට්ටමකට හානි සිදු කරන්නට ඇති බව පැවසිය හැකිය. ඊට අමතරව, බහුතරයන් ගැමි ජනතාවම වු ගුවන් විදුලි රසිකයන් හට එහි හුවමාරු වෙන දෙබස් තමන්ගේ එදිනෙදා ව්‍යාවහර බසට ඉතා සමීප වීම යන මේකරුණ නිසාද එය ඔවුන්ගේ හදවත් හි නොමැකෙන සළකුණු සටහන් කරන්නට ඇත.

ආරච්චිල - කෝරළේ මහත්තයා (විජේරත්න වරකගොඩ)

මැණීකේ - (රත්නාවලී කැකුණවල)

කදිරා - විරා - (වික්ටර් මිගෙල්)

ගුරුන්නාන්සේ සහ පිනා ද්විත්ව චරිත (ගැමුණු විජේසූරිය)

 මුවන් පැළැස්සේ චරිතාංග නංඵවන් ගේ මතු දැක්වුනු පාරිභාෂික වදන් කෝෂයෙන් උපුටාගත් නිදසුන්. 1960 දශකයේ සිට මෙම කථාංගයේ රචකයන් ව සිටි වෛද්‍ය ’මුදලිනායක සෝමරත්න’, ’වික්ටර් මිගෙල්’ ’ශ‍්‍රී නිමල් පද්මකුමාර’ ඒවා නොමදව සිය දෙබස් ඛන්ඩයන්හි ඇතුළත් කිරීමට වගබලාගත් අතර එයින් එහි තාත්විකබව මනාව රැුකගත්හ.

කිරිමෙනෙල් (අපරාධමය)

දඞු කඳේ ගහනවා (පුරාතනයේ සිට පැවතෙන, පාදයන්ගේ වළලුකර අසලින්  බරැුති ලී දඞු යුගලයකට සිරකර තැබිම)

පතබෑවෙනවා (වෙඩි වැදි වැටෙනවා)

සෝලි වැටෙනවා (දෝෂාරෝපනයට ලක්වීම)

කඵකුඩු බස්නය (වෙඩි පහර)

හිමේ (මහවනයේ)

සීවරං දෙයියන් (සතරවරම් දෙවියන්)

කෝලිත්තං කොරනවා (උකුඵ මුකුඵ කරනවා)

මුලිච්චි වෙනවා (මුණ ගැහෙනවා)

මහඋඵ ගෙදර (බන්ධනාගාරය)

කොලනැති ගහ (එල්ලුම් ගහ)

වින්නැහිය (විපත)

කොටාබානවා (බුදිනවා)

(ගැමි ’වාග්කෝෂය’ ඉතා පුඵල්ය එය එසේම පළාතෙන් පළාතට තරමක් වෙනස්ය. ඒවා ලැයිස්තු ගත කරන ලද ග‍්‍රන්ථාලිය ද ඒ නිසා විසල්ය)

හම්බන්තොට දිසාපති ධුරයේ කටයුතු කළ ’ලෙනාඩ් වුල්ෆ්’ ගේ බැද්දේගම නවකථාවේ ද සඳහන් කර ඇති ලෙස, ’අහිංසක අසරණ ගැමියන්’ (එමි ’සිළීඳූ‘ නම් වු චරිතය විමසන්න*  සතු දේපොළ සහ ඉඩකඩම් අසාධාරණ ලෙස කොල්ලකෑමේ යෙදුනු පාලක පැළැන්තිය ’ආරච්චිල සහ ඔහුගේ සහචරයන්’ ය. මුවන් පැළැස්සේ කෝරාළ ද ඒ කටයුත්තේ යෙදෙයි. ’වීරා’ ඊට එරෙහිව නැගි සිටින බලවේගයයි. කෝරාළ ගේ මස්සිනා වූ ’පුංචි ආරච්චිල’ ද ’වීරා’ ද ේම වෙනුවෙන් ගැටෙයි. ඒවා සමථයකට පත් කරන්නට ඇතැම් විට ගම්මානයේ සූරුපී එහෙත් නිර්භිත ’තිසා’ (මාලනී ෆොන්සේකා) මැදිහත් වෙයි.

’තිසා’ ගේ ධෛර්යසම්පන්න භාවය නිරතුරුව ’ගුරුන්නාන්සේ’ ගේ පැසසුමට ලක්වෙයි. කෝරළේ මහත්තයාගේ ව්‍යාජ ගර්වය නිරතුරුවම ඔශුගේ ඇඹේනිය වූ ’මැණීකේ් ගේ පරිභවයට ලක්වෙයි. ඇය බොහෝ විට ඔහුට ’පුබ්බඩයා’  ’ඇටගෙම්බා....’ වැනි අපහසාත්මක වදන් වලින් දමා ගසද්දී බාල මහඵ තරුණ වැඩිහිටි සිනමා පේ‍්‍රක්‍ෂකාගාරය සිනමාහලේ පියස්ස ගැලවි යාදෝ යැයි සිතෙන පරිදි හඞනගා සිනාසෙමින් මහත් විනෝදයක් ලබයි. .  (මුවන් පැළැස්ස’ නරඹන්නට මෙකි සෑම වයස් ඛාන්ඩයක සාමාජිකයන් පැමිණ සිටියහ. නිවස්වල දී පවා ඔවූහූ ඊට සවන්දුන්නේ පවුල් පිටිනි එහෙත් තමා ආශාවෙන් සවන්දුන් දැනටමත් එනම් සිනමාපටය තිරගත වන අවධියේ පවා සවන් දෙන නාටකයට සෙස්සන්ගේ ප‍්‍රතිචාරය  ද නියම ලෙස අත්විඳගන්නට ඔවුනට මෙහිදී අවස්ථාව ලැබී තිබුනි.)

සැබැවින්ම මුවන් පැළැස්ස ශ‍්‍රාවකයන්ගේ ද සිනමා ලෝලීන් ද විනෝදමත් කලේ ’පිනා’ නම් වු නෝංජල් එහෙත් ඇතැම් අවස්ථාවලදී විචක්ෂණශීලී ව ක‍්‍රියා කරන චරිතයට වඩා ’මැණීකේ’ විසින් ’කෝරාළ’ වෙත දමාගසන අපහසාත්මක වදන්ය. ඒ අනුව මුවන් පැළැස්ස සිනමා කෘති ත‍්‍රිත්වයේම ’උපහාසාත්මක’ චරිතය වුයේ ’නෝංජල් පිනා’ නොව මෙකී ’කෝරාළ’ මහත්තයාය. එයින් මෙම නාටකයේ නිර්මපාකයා ගම්මානයේ ’වෙදදැරා’ හැරුණුවිට ප‍්‍රමුඛතම ’ප‍්‍රභූවරයා’ වූ ’කෝරාළ’ පරිභවයට ලක්කරයි. මෙම කථාංගය ගැමි ජනතාව අතරට යන්නට එකී කාරණය ද හේතුභූත වන්නට ඇත. මක්නිසාද යත් සැබෑ දිවියේදී පරිභවයට ලක්කරන්නට සිහිනෙනුදු නොසිතන සිය ගම්මානයේ ප‍්‍රභූවරයා මෙහිදී එය සිදුවනු අත්දැක කිසියම් ආකාරයක ආත්මතෘප්තියක් ලබන්නට හැකි වූ නිසා බැවිනි. 

50-80 දශකයන්හි බොහෝ ලාංකීය සිනමාපට විසින් ගමේ බලපුඵවන්කාර ධනවත් ප‍්‍රභූ දාමරිකයා එහි සාමාන්‍ය තරුණයෙකුගේ අණසකට තාවකාලිකව හෝ නතු කරගනී. එය මනංකල්පිත කථාවකින් හෝ සිදුවන දකින සාමාන්‍ය පේ‍්‍රක්‍ෂක දනන් පෙරකී චරිතය අරභයා සිය සන්තානයේ නිදන් ව ඇතී වෛරී සහගත ආවේග පිටකර දමති. 

එහෙත්  මැදපෙරදිග රැුකියා උල්පත, විවෘත ආර්ථක ක‍්‍රමවේදය නිසා 80 දශකයේ සිට වේගයෙන් විපර්යාසයකට ලක්වූ ලාංකීය ’ගම්මානයේ’ කුල ධූරාවලිය ද පංතී භේදයද ක‍්‍රම ක‍්‍රමයෙන් වේගයෙන් දිය වී යමින් පවතින වර්තමානයේ මතුකී වෘතාන්ත ආකෘතිය තවදුරටත් වළංගු නොවන බව පැහැදිළිය. වත්මනේ අර්ධ නාගරිකත්වයට ගොදුරු වූ ගම්මානයේ වෙසෙන්නේ එහි වතු වෙන්දේසියට ලක්ව ඒවා අත්පත් කරගනිමින් බාහිරින් සංක‍්‍රමණය වූ නන්නාදුනන පිරිසකි. ඔවූහූ අතර එදවස ගම්මානයේ පැවති අන්තර් මානව සම්බන්ධතා අවමය. බටහිර පන්නයට අනුව ඔවූහූ ’හුදකලාව’ වෙසෙන්නට ප‍්‍රිය කරති. 

’මුවන්පැළැස්ස’ ගුවන් විදුලි නාට්‍යයේ අතීතාවර්ජනය

50 දශකයේදී හක්ගල්ලේ පී කේ ඩී සෙනෙවිරත්නයන් ලියූ ’සිකුරු තරුව’ කොටස් 218 කින් අවසන් වී ගිය පසු, ගුවන් විදුලි බලධාරීන්ට ඒ අඩුව සපුරාගැනීමේ භාරදුර කර්තව්‍යය ඉටු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති විය. (1952-1957) එය ලාංකීයයන්ට ඉතා හුරු පුරුදු ’ගැමිදිවිය’ අළලා නිර්මාණය කෙරුණු නිසා යළිත් ඇවැසි වුයේ ඒ ආකෘතියේ ම ආදේශකයකි. එදවස ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් ’එස් බී සේනානායක’ විසින් ඒ සඳහ වෙදැදුරු මුදලිනායක සෝමරත්න’ ට ඇරයුම් කර සිටියේ ඔහු ඒ වකවානුවේදී ද ඒ රාමුවට කොටුවු ගුවන් විදුලි නාට්‍ය රචනයේ යෙදුනු නිසා බව කියැවේ. 

’සිකුරු තරුව’ බඳු මාලා නාට්‍යයක් අඛන්ඩව රචනා කීරිමේ අභියෝගයට පුර්ව සුදානමක යෙදුනු ඔහු ලාංකීය ගැමි ජීවන රටාව සහ පරිසරය හොඳින් අධ්‍යයනය කරන්නට යෙදිනි. එය සැබැවින්ම සංකීර්ණ මානව ශාස්ත‍්‍ර ගවේෂනයක් වන්නට ඇත. ’ඇදැහිලී - සිරිත් විරිත්’ ’ජන ගී සහ කථා’ ’යාදිනි - යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සහ අභිචාර විධි’, ’රෝග සහ ආබාධ සුවකිරීමේ කලාව’, ’පරිපාලනය’, ’ගැමි වහර’ ’නැළවිලි ගී සිංදු’ 



වලින් සමන්විත වු එය සංකීර්ණ ජාලයකි. ඒ සඳහා ඔහු තෝරාගත් ආදර්ශ පරිසර පද්ධතිය වූයේ මතු සඳහන් ලෙසින් බාහිර ලෝකයා හා අවම සබඳතා පැවැත්වූ හුදකලාව වෙන් ව පැවති උඩරට පළාතේ මාතලේ පරිපාලන දිස්ත‍්‍රික්කයේ ලග්ගල, කයිකාවල  මෙන්ම මහනුවර ට ඔබ්බෙන් වු ’මිනිපේ’, ’මහිංයගනය’, ’මි මුරේ’ ’මැද මහනුවර’ වැනි පදෙස්ය. 

මෑත කාලීන 90 දශකයේ පවා මේ ගම්මනායන්හි ස්ථිර ව දිවිගෙවු වැසියන්ගේ ජනවහර සහ සිරිත් විරිත් මතුනොව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පවා සංකර නොවි පැවතීම හේතුවෙන් ඔවූහූ නාගරික පරිසරයකදී පවා සෙස්සන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමේ හැකියාවක් තිබිනි.

ගැමියන් විසින් හේන් වගාව සඳහා තාවකාලිකව වනගහනය එළිපෙහෙළි කරගත් බිම්කොටස මිනින්දෝරු වාර්තාවන්හිදී ’පැළැස්ස’ නමින් සඳහන් කෙරෙන්නට යෙදුනු බව කියැවේ. හම්බන්තොට දිසාවේ සටහන් වී තිබුනු එවැනි ’පැළැස්ස’ ගණනාවකට පසුව විශේෂන පද යාවි පවතී එයින් වඩාත් චිරප‍්‍රසිද්ධ ’අගුණකොළපැළැස්ස’ ය. එවැනි ’පැළැස්ස’ කට පිවිසි ’සෝමරත්න’ මහතා හට ඒ හරහා දිවගිය ’මුවෙකු’ ඇසගැටී එතැන් පටන් ඔහු රචනා කරන්නට යෙදෙන මාලා නාටකය ’මුවන්පැළැස්ස’ ලෙස නම්කෙරිනි.

1964 වසරේ ගුවන් විදුලි අසන්නන් හට ’මුදලිනායක සෝමරත්න’ ගේ ’මුවන්පැළැස්ස’ මුල්වරට කණ වැකිනි. එහි චරිතයන් හට පණපෙවූවන් එතැන් හි සිට අඛන්ඩව සත්වසක් (1971* සතිපතා එක්රැුස්ව කොළඹ ලංකා ගුවන් විදුලි මුලාස්ථානයේ මැදිරියේ සවිකර තිබු දැවැන්ත මයික‍්‍රෆෝනය වට පෙළගැසෙන්නට සිදුවිය. 

නෙතලි නානායක්කාර - බිනරමලී

විජේරත්න වරකාගොඩ - මැක්වුඩ් නම් සුදු නිලධාරියා සහ පසුව ආරච්චිල

මුදලිනායක සෝමරත්න - සුදුබන්ඩා

ගැමුණූ විජේසූරිය - වෙදමාමා

වික්ටර් මිගෙල් - වෙඩික්කාරයා

රත්නාවලී කැකුණවෙල - එතනහාමි

1971 දී වෛද්‍ය මුදලිනායක ’ඇමෙරිකාව’ බලා පිටත්වූයෙන් ලාංකීය ජනප‍්‍රියතම සහ එකම විද්යුත් මාධ්‍යයේ ජනාදරයට පත් එකම නාට්‍යය නෑසි ගියේය. ශ‍්‍රාවකයන් ගේ නොසන්සුන් තාවය අවබෝධකරගත් ගුවන් විදුලි මාධ්‍ය දැවැන්තයා වූ ’තේවිස් ගුරුගේ’ මහතා ඒ පිටපත නැවත රචනා කල හැකි අයෙකු විදැයි ’මුවන් පැළැස්ස’ ශිල්පීන් රැුස්කරවා විමසන ලදින්, ඒ කටයුත්ත එහි පළපුරුදු සාමාජික ’වික්ටර් මිගෙල්’ ගුවන් විදුලි ශිල්පියා විසින් භාරගන්නා ලදී. 1971 මැදභාගයේ සිට එය යළිත් අඛන්ඩව ප‍්‍රචාරය වන්නට පටන්ගත්තේ ඊට ආවේනික සංගීත ඛන්ඩය පෙරටුකොටගෙනය.

------------------------------

එතැන් හි සිට වෙඩික්කාරයා ’කදිරා’ ලෙසත් එතනහාමි ’මැණීකේ’ ලෙසත් මෙන්ම ආරච්චිල ’කෝරළේ මහත්තයා’ ලෙසත් වෙදමාමා ’ඩිංගි ගුරුන්නාන්සේ’ යළිඋපදින්නේ  මුදලිනායක සෝමරත්නයන්ගේ බුද්ධිමය දේපොළ ගැටඵව නිරාකරණය කරගන්නට සිදුවිම නිසාය. එහෙත් එයින් ශ‍්‍රාවක වින්දනයට අබමල් රේණුවක හෝ හානියක් නැත. ඔවුනට සිය නාට්‍ය පිපාසය සංසිඳවා ගන්නට අවැසි වුයේ කුමනාකාරයේ හෝ ’ගැමි වෘතාන්තයකි’.  ඒ ප‍්‍රවණතාවය අදටත් එසේමය වෙනස ’ගුවන් විදුලියේ’ කාර්යභාරය ’රූපවාහිනිය’ විසින් භාරගැනීම පමණකි. උක්ත පිපාසය සංසිඳවාලන්නට දැන් හතු පිපෙන්නාසේ බිහිවි ඇති රූපවාහිනි නාලිකා එදාමෙන් ’සතිපතා’ නොව ’දිනපතා’ එකී වගකීම ඉටුකරදෙන්නට සැදී පැහැද සිටින්නේ එදාට වඩා සිය දහස් ගුණයකින් කාර්ය බහුල සාමාජයේ සාමජිකයන්ගේ අමිල කාලය කබාසිනියා කර දමමිනි.

රත්නාවලී කැකුණවල ප‍්‍රවිණ ගුවන් විදුලි ශීල්පිනිය ගේ දෙටු සොහොයුරු ’වික්ටර් මිගෙල්’ ශිල්පියාණන්ගේ අභාවය සිදුවු 1994 වසරේ දී, ’මුවන්පැළැස්සේ’ කාර්යභාරයේ භාරදුර බව සෑහෙන පමණකින් තුනි වී තිබිනි. ඒ වනවිට ද ලංකාවේ ගුවන් විදුලි ශ‍්‍රාවකයා රූපවාහිනි නාලිකා තුනකින් ග‍්‍රහණයට ගෙන සිටි බැවිනි. එහෙත් ’ශ‍්‍රී නිමල් පද්මකුමාර’ විසින් ඒ කටයුත්තද නොනැවතී කරගෙන යෑමේ වගකීම කරට ගත්තේ එය ආසියානු ගුවන් විදුලි ඉතිහාසයේ වාර්තාගත දිර්ඝතම මාලා නාටකය බවට පත් කරමිනි.

මෙම වැඩසටහන ඇතැම් විට එදාමෙදාතුර කිසියම් හෝ රූපවාහිනි නාලිකාවක ප‍්‍රචාරය කරන්නට යෙදුනු ජනප‍්‍රියතම ටෙලිනඵව ද අභිබවා කිහිප ගුණයකින් ජනප‍්‍රියව පැවති බවට නිදසුන් බොහෝය.  ඇත්තෙන්ම එහි මිහිරෙන් අනුනය. මේ චරිතයන්ගේ රූපකාය නිරන්තරයෙන් එක් එක් ගුවන් විදුලි අසන්නාගේ මනසේ ඇඳි ඔහුටම ආවේනික රුවකින් සමන්විත විය. 1969 සිනමාවට මුලින්ම මේ අරභයා සැපත්වුයේ මුවන් පැළෑස්ස නොව ’බිනරමලීය’ ය. ඒ වෙද්දී මෙකී මාලානාටකයේ ’බිනරමලී’ චරිතය ඇසුරෙන් ගුවන් විදුලි ගීත පවා එළිදුටුවේය.


රන් රැුස් කෙඳි - දසත විදා අහස්තලේ මැද

තරුමුතුහර ගෙළ පළඳා  - වලා සේල ඇඳ ...

බිනරමලී එක්ක එන්න බිනරමහේ මැද ....

පායාපන් මගේ පැලට පායාපන් සඳ ....

රෝහිත විජේසූරිය සංගීතවේදියා ඇතුඵ පිරිස එය ගයනා කරන්නට යෙදුනු අතර ගී පද රංජිත් හේවාබටගේ විසිනි. (1967 පමන)

----------------------------

මෙතැනින් සවන්දෙන්න

බිනරමලී තිරයේ ඇඳි හරියටම දශකයක් ගෙවෙද්දී 1979 වසරේදී ’මුවන් පැළැස්ස’ සිනමා පට මාලාවේ පළමුවැන්න කළඑළි දුටුවේ ’ධර්ම ශ‍්‍රී කල්ෙද්රා’ සිනමා වේදියාගේ නිර්මාණයන් ලෙසිනි. එහි ඒ යුගයේ මුවන්පැළැස්ස ගුවන් විදුලි නාටකයේ යුවතියගේ චරිතය ’නාමලී’ මතුවි ආයේය.

සිනමාපටය ඇරඹෙද්දී උක්කුබන්ඩේ සහ නමලී දියමත පැදයන ඔරුවක රැුඳෙමින් මෙම ගීතය ගයන්නේය. 


පාඵගමේ පාඵපැලේ පාලු මකන්න ........

ආසයි මම ලගදිම ඔබ කැන්දන් යන්න .......

පමානොවි ඒ අදහස ඉටුකර ගන්න ......

ලගදීම ඔ්නෑ බව කියන්න සහේට ගන්න .............

(ටී එම් ජයරත්න සහ මාලිනි බුලත්සිංහල)

--------------------------

මෙතැනින් සවන්දෙන්න

’නාමලී’ ගම්මානයේ සෙසු ළඳුන් සමග දියනාන ජවනිකා පෙළක පසුබිමින් වැයෙන්නේ මෙම ගීතයයි

නාමලි කුමාරි නාමලෙන් උපන්නදෝ ..........

නාරිලතාවී ..ඉරෙන් හඳෙන් උපන්නදෝ ..............

(මාලිනි බුලත්සිංහල, නිරංජලා සරෝජිනී ඇතුඵ පිරිස)

---------------------------

මෙතැනින් සවන්දෙන්න

සිදාදියේ වෙසෙන මිතුරු කැළ ආරච්චිල ගේ මුවන් පැළෑස්සේ නිවසට පැමිණෙන අතර එහිදී මධුවිතෙන් සප්පායම් වී ඔහු සහ මැණිකේ අරභයා ගයන ගීතයකි.

පැළඳ කඩුකස්ථාන ගමට නම්බුව ගේන .........

ගමේ ආරච්චි මැතින්දා වීරයා .................

සද්ද විද්ද කටුපුල්ලේ ගෙදර වීරයා ............

පරාද වි නෑ බඳු හපන් සූරයා ..............

වංසෙ පුජිත වුයේ රාජ පරම්පරාවේ ............

සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ ...

රාජකාරිය දන්නේ ...........

-------------------------

ගැයුම - එම් එස් ප‍්‍රනාන්දු ඇතුඵ පිරිස

ගී පද - කරුණාරත්න අබේසේකර

තනු - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

-------------------------------

මෙතැනින් සවන්දෙන්න


චරිත - 

කදිරා - රෙක්ස් කොඩිප්පිලි

මාලිනී ෆොන්සේකා - නාමලී

වොලී නානායක්කාර - උක්කුබන්ඩේ

වීනා ජයකොඩි - සිළිඳු

හියුගෝ ප‍්‍රනාන්දු - ආරච්චි 

රත්නාවලි කැකුණවෙල - මැණීකේ

ගැමුනු විජේසූරිය - වෙදමාමා

ෆ්‍රෙඩී සිල්වා - පිනා

දේවිකා කරුණාරත්න -බිසෝ

කිංස්ලි දිසානයක  -උන්ඩියා

රැුල්ෆ් විජේකෝන්  -හඳුනා

---------------------
From Left to Right

වික්ටර් මිගෙල් (කදිරා)
විජේරත්න වරකාගොඩ (කෝරාළ මහත්තයා)
නෙතලි නානායක්කාර (නාමලී -තිසා)
රත්නාවලී කැකුණවෙල (මැණීකේ)
ගැමුණූ විජේසූරිය (පිනා සහ ඩිංගි ගුරුන්නාන්සේ)
ශ‍්‍රී නිමල් පද්මකුමාර (80 දශකයේ සිට)
----------


වර්ණයෙන් එළිදුටු ’මුවන්පැළෑස්ස 02’ 1982 වසරේදී සිනමාහල් චාරිකාවේ යෙදුනේය. එහි නියමුවා තවත් ප‍්‍රවිණ සිනමාවේදියෙකු වූ ’යසපාලිත නානායක්කාර’ ය.

’කදිරා’ යහගුණයෙන් හෙබි හැඩිදැඩි තරුණයෙකු වුවද ඉඳහිට දාමරිකකම් කරන්නේ ’කෝරාළ’ ඇතුඵ පිරිස විසින් සිදුකරන අකටයුතුකම් වලට එරෙහිවය. මුලින් රංබන්ඩේ සහ කදිරා මිතුරන් වුවද පසුව විරසක ව ඔහුට විරුද්ධව කෝරාළ හා එක්ව කි‍්‍රයා කරයි. ඔහු ඇතුඵ පිරිස ගේ කුමන්ත‍්‍රණ නිසා ’කදිරා’ අවසානයේ පොලිස් නිලදරුවන්ට කොටුවන අතර ඔවුන්ගෙන් වෙඩිපහර කා මියයද්දී පවා රංබන්ඩා ට ඔවදන් දෙමින් ඔහු ගේ අකටයුතුකම් උදෙසා සමාව භජනය කරයි.

ගමේ විහාරබිමේ පැවැත්වෙන පිංකමකට ඒ දෙසට සෙමෙන් ඇදෙන පෙරහැරක ගම්මුන් පෙළගැසි ගමන් කරයි. චන්දකින්නර ජාතකය සිහිකැඳවන  ’කිඳුරු නැටුම’ එහි එක අංගයකි. ’නීල’ වර්ණයෙන් සැරසුනු කිඳුරා සහ කිඳුරිය එහි රගමින් ගමන් කළ පසු දෙදෙනා එක්ව පවත්වන නර්තන සංදර්ශනය නැරඹීමට ගම්මුන් එක්රොක්වි සිටිති. ඒ අතර ’මලී’ සහ ’රංබන්ඩේ’ ද සිටිති. නර්තනාංගය අතවාරයේ දෙදෙනා ඇස්කොණින් අදහස් හුවමාරු කරගනිති. පෙරදිග සංගීත ශෛලීය සහ සාම්ප‍්‍රදායික ජන සංගීතය ඇසුරේ නිර්මාණකරණයේ යෙදෙන්නට රිසි වු දිවංගත සංගීතවේදී සරත් දසනායකයන් එවන් ගීත නිර්මාණ ගණනාවකින් 70 දශකයේ සිනමා ගීත කලාව හැඩවැඩ කරයි.  පහත ගීතයේදී ඔහු සාම්ප‍්‍රදායික නාඩගමි සංගීතයෙන් අභාෂය ලබයි. 

 

නිල්වන ලන්දේ මල් මකරන්දේ ............

අසිරි හිමව් පෙත හොබවමිනා .........

කිඳුරු රජින්දේ මෙසඳ 

(වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී )

සංගීතය - සරත් දසනායක

නීරූපනය - ශ‍්‍රීයානි අමරසේන සමග රොබින් ප‍්‍රනාන්දු (නර්තනය කුලසිරි බුදවත්ත සහ සහය ශීල්පිනිය)

-------------------------

යූ තලයේ නරඹන්න


-----------------------

සෙසු චරිත

කදිරා - රෙක්ස් කොඩිප්පිලි

මුතු - ස්වර්ණා මල්ලවාරච්චි - 

ඩිංගි ගුරුන්නාන්සේ - ගැමුණු විජේසූරිය

මලී -  ශ‍්‍රියාණි අමරසේන

පිනා - ෆ්‍රෙඩී සිල්වා 

පිංචා මාමා - වින්සන්ට් වාස්

රංබන්ඩේ - රොබින් ප‍්‍රනාන්දු

---------------------

මුවන් පැළැස්ස මෙම කොටස උදෙසා සැකසුනු තේමා ගීතය ලියැවෙන්නේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ නම් වු ප‍්‍රවිණ ගී පද රචක පුවත්පත් කලාවේදියා විසිනි. හිමේ ඇවිදින කදිරා ගේ දර්ශනය පසුබිමින් නාමාවලිය තිරයේ දිස්වෙද්දී ටී එම් ජයරත්න ගායන ශීල්පියා ගේ හඞ ඊට මුසුවෙයි

මුවන් පැළැස්සේ වැසියන් ගේ (සත්‍ය වශයෙන් ලාංකීය ගැමියන්ගේ)නොමද ගෞරව බුහුමානයට පාත‍්‍ර වන්නේ අයියනායක (කන්දේ) දෙවියන්ය. කුමන හෝ අවදානම් හෝ සුබ කටයුත්තක යෙදෙන්නට පළමුව ඔවූහු ඔහු සිහිකර කොළ අතු එල්ලා භාරහාර වෙති. 

ගම්මානයේ ඔබ්බනේ ඇති වනයේ (හිමේ) සැරිසැරිය යුත්තේ සැළකිල්ලෙනි එහි මරුවැල් (අඩිපාරට එල්ල කර එක්තරා උසකින් ගසක ඇටවු කොටන තුවක්කුවේ කොකා ට අමුණා ඒ හරහා ඇද ඇති ලණුපොටකි. එය මැඩීම කොකා ගැස්සී වෙඩි පහරකට ලක්විමේ අවදානමට මුහුණු පායි*  අටවා තිබෙන්නට හැකිය. 

පැණිමොර මල් පැණිමොර මල් වෙනදා මෙන් පිපේදෝ..........

තුරු මුදුනේ රස මීවද බැඳේදෝ ........

දුටුව හීන යළි හැබැහින් පෙනේදෝ..........

යන එන තැන මග මරුවැල් ඇදේදෝ .....

කන්දේ දෙවියනේ කන්දේ දෙවියනේ ..........

ලෙණගල මුදුනේ වෙසෙනා කන්දේ දෙවියනේ............

--------------------------
ගී පද  - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ 

තනු සහ සංගීතය - සරත් දසනායක

ගැයුම - ටී එම් ජයරත්න

පසුබිම් නිරූපනය - රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි (කදිරා)
----------------
මෙතැනින් අහන්න 
 

මුවන් පැළැස්ස සිනමාපට මෙන්ම ගුවන් විදුලි මාලා නාට්‍යය සඳහා බරපැන ’ලින්ටන් මාස්ටර්ස් ටෙලර්ස්’ අධිපති ’මුණිදාස ද සිල්වා’ මහතා ගෙනි. එහි සියඵ සිනමාපට සඳහා රංගනයේ යෙදෙමින් හඞ මුසුකරද්දී රත්නාවලී කැකුණවල සහ ගැමුණූ විජේසූරිය සුවිශේෂීය ඔවුහු එහි පෙනී සිටිමට අමතරව හඞින් ද දායකත්වය දක්වන ලදී. සැත්තෑපස් විය ඉක්මවා යන්නට සැරසෙන ලංකා සිනමා ඉතිහාසයේ වෙනත් මාධ්‍යයකින් නිර්මිත එකම කථාංගයක් ඇසුරෙන් කොටස් ත‍්‍රීත්වයක සිනමා පට තුනක් බිහිවිමේ වාර්තාව සතු වූ අවස්ථා ද්විත්වයකි. ඒ මෙම ’මුවන්පැළැස්ස’ සිනමා නිර්මාණය සහ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන් ගේ තුන් ඇඳුනු නවකථා ඇසුරෙන් බිහිවු ’ගම්පෙරළිය’  ’කළියුගය’ සහ ’යුගාන්තය’ යි. ඒ අතරින්ද සතරවසක් තරම් කෙටි කාලයකදී කොටස් 03 ක් බිහිවු එකම අවස්ථාව ’මුවන් පැළැස්ස’ ය.

’මුවන්පැළැස්ස’ ගුවන් විදුලි නාටකය 80 දශකයේ මධ්‍යභාගය වෙද්දීද, එය 60 දශකයේ අත්කරගෙන තිබූ ශ‍්‍රාවක ප‍්‍රතිචාරයෙන් මදකුදු හෝ නොවෙනස්ව පැවති අතර එය සිනමා කර්මාන්තයට ධනඋල්පතක් බව දැන හැඳිනගත් ආයෝජකයන් ඒ චරිත අළලා වෙනත් සිනමාපටද නිපදවීය.

1984 වසරේ තිරගත වූ ’බිනරි හා සුදු බන්ඩා’ (රොබින් ප‍්‍රනාන්දු සහ ශ‍්‍රීයානි අමරසේන)

1990 වසරේ ’මුවන් පැළැස්සේ කදිරා’ 


මාල පබල වැල් කරවට ලන්නට ............

තෝඩු අරුංගල් පෑහි ඉන්නට ............

දවසක් ඒවිලු බිනර මහේ ...........

කෝල කොමල ඉගි වලින් හිනා වී ...........

හීන් හඞින් කොඳුරමින් එදා කී .......

හිරිමල් හීපද තාම ඇසේ ...............

----------------

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස තනු සහ සත්සර නාද 

ගැයුම - පන්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

සිනමාපටය - බිනරී සහ සුදුබන්ඩා - 1984

-----------------

මෙතැනින් සවන්දෙන්න


එයින් කැපී පෙනුණි.

මුවන් පැළැස්ස  මේ 2022 වසර ගතවන විටදීද අටපණස් වසක් තරම් දිර්ඝ කාලයක් ගතවී, අදද ගුවන් විදුලි වෙළඳ සේවයෙන් සඳුදින රාත‍්‍රි යාමයේ විසුරුවා හැරෙයි. 

(මුවන් පැළෑස්ස නාටකයේ යටගියාව මුලාශ‍්‍ර  - ශ‍්‍රී නිමල් පද්මකුමාර ලියු ’මුවන් පැළැස්ස පසුබිම් කථා - දිණමින ලිපියකිනි)

මෙම ලිපිය වෙසෙසින් සකස්කලේ 1980 දශකයේ දෙවන භාගයෙන් මෙපිට උපන්, ගුවන් විදුලි නාටක කලාව පරිශීලනයෙන් ඈත් වූ රූපවාහිනි යුගයේ හැදි වැඩී බිහිවූ රසික ප‍්‍රජාව අරභයාය. 

------------------
Eda Asunu Gee
Composed by - Prabath Rajasooriya
06 December 2022

යුනිකෝඩ් අක්ෂර දෝෂ නිසා ඇතැම් වදන් වීකෘතියට ලක්වි ඇත නමුත් එය ලිපිය වටහගන්නට බාධා සිදුනොකරන ඇති බවට විශ්වාසය. ඊට කණගාටුව පළ කරමි






5 comments:

  1. මවමින් මනස් සිතුවම් කටහඬින් එදා
    හඬ නළු දුන් මිහිර මතකයෙ රැඳෙයි සදා

    ReplyDelete
    Replies
    1. කවර නඵවකටද එය දෙවැනි වුනේ
      කවුරුද එදා මේ නඵරස නොමවින්දේ
      කවර ටෙලිනඵවද එය පැරැද්දුවේ
      කවුරු කෙළෙස කීවත් එය පළමුතැනේ

      Delete
  2. ලිපිය කියවද්දී මතකයට එන්නේ මුවන්පැලැස්ස පමණක් නොවේ. අපගේ අතීතය ද මතකයට නැගෙයි.

    ReplyDelete
    Replies
    1. කිසිදා කිසිලෙස නොම වියැකෙ
      න අතීතයක්.....

      කවර තරමකින් කිවද රසෝඝයක්....

      කිකලකවත් යළි නොමඑන වසන්තයක්
      කමනීයයි එදා පුවත් හැමදාමත්

      Delete