namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 4, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 09

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - විදුලි සරින් ඇදී යන ඔහු අතැගිලි   -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ - 09 වන අනාවරණය 
-----චන්ද්‍රසේන යුවළ ගීතයක් පුහුණුවෙද්දී------
මෙයාකාරයෙන් චන්ද්‍රසේන ගී තැටි පෙළේ තෙවැනි සාමාජිකයාගේ බිහිවීම සිදුවුනේ 1971 මැයි මස 20 දාතමෙනි මින් ඉහත නිකුත් වු ගී තැටි ඇල්බමයන්හිදීද වේග රිද්ම හර්මනි පොප්  ගී අතරට සරළ ගීතයක්‌ ඇතුලත් කරන්නට ඔහු වග බලාගත්තේ එකි ගී දෙආරයටම ප්‍රිය කළ රසිකයන්ගේ මනදොළ සපුරාලන්නට විය හැකිය ඒ ගී තුනම සඳහා තෝරාගත්තේ මේ ශිල්පී කන්ඩායමෙන් වඩාත් පරිණත ප්‍රවිණතමයා වු වික්‌ටර් රත්නායකයන්ය එසේම අභව්‍යය හේතු සාධක ඉදිරිපත් කරමින් ඒවා ප්‍රචාරය කිරීමෙන් වළකින්නට ගුවන් විදුලි බලධාරින්ට ඇති ඉඩකඩ අවම වෙයි 


කිසියම් කලකට පසු ගුවන් විදුලි සරළ ගී ශීල්පී ශ්‍රේණිගත පරීක්‍ෂනයට ඉදිරිපත් වී එයින් සමත් වු පුන්සිරි සොයිසා නම් යව්වනයා යළිත් වරක්‌ චන්ද්‍රසේනයන් හමුවට පැමිණියේ සිය මංගල සරළ ගී වැඩසටහන වෙනුවෙන් ගීත නිර්මානය කරගනු පිනිසය තැටියක මෙන්ම එහිදිද ශිල්පියා ගීත 04 ක්‌ නිර්මාණය කරගතයුතුව තිබුනි

ලංකාදීප කතු මඩුල්ලේ සාමාජික සමන් වීරසිංහ ගේ පදවැලක්‌ පහත පරිදි විය


සෙව්වන්දියකට පෙම් බැන්දා  - ආශා දහසක්‌ රස වින්දා........

නටුඅග කටුමත කටුක බව දැනේ - හදවත පාරයි වේදනා.......

එහි දෙවැනි නිර්මානය වු

රුසිරු දසුනක්‌ නෙතට යාවි නුහුරු හැගුමකි උපන්නේ.........

මේ පදවැල් සඳහා තනු නිර්මාණය කරමින් ස්‌වර ප්‍රස්‌ථාර සැකසු චන්ද්‍රසේනයන් ඒවාට ගායකයා පුහුණු කරනු ලැබුවේ සති අන්තයේ සිය නිවසේ නවාතැන් සපයමිනි එයින් නොනැවතී සිය මංගල සරළ ගී  වැඩසටහනට  බධා අවහිරතා ඇතිවිම වලක්‌වා ගනු පිනිස ඊට අඩුව තිබුනු ගීතය සඳහා සිය තෙවැනි ඇල්බමයේ නිකුත් වු   පුන්සඳෙන් රැස්‌ ගංතෙරෙන් ගීතය ගුවන් විදුලියේ ගයන්නට අවසරය ලබා දුන්නේය එහෙත් ඒ ගීතය තැටිගත කොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරවන්නට සැළැස්‌වීමෙන් වැළකි සිටිමේ පොරොන්දු ප්‍රකාරවය

තමන්ගේ තැටිය නිකුත්ව වසරකට පමණ පසු ඉහත කී වැඩසටහන පටිගත කෙරුණු අතර සෙසු ගීත සමගම  පුන්සඳෙන් රැස්‌ ගීතය යේ ගුවන් විදුලි පටිගතකිරීම ද ඇසෙන්නට වීම ඔහුට අදහාගත නොහැකි විය 


සිය නාමය වහකදුරු බවට පත් වී තිබීම නිසා අධුනිකයෙකු ගේ මංගල සරළ ගී වැඩසටහනකදී එයින් ඔහුට අහිතකර බලපෑමක්‌ ඇතිවිය හැකි යෑයි සිතු චන්ද්‍රසේනයන් ගීතයේ තනු නිර්මාපක දත්තය උදෙසා සිය බිරිඳ ගේ නාමය ඇතුළත් කරන ලෙස උපදෙස්‌ දෙන ලදී
ඒ අනුව ගුවන් විදුලි තැටියේ ඇතුළත් වී ඇත්තේ සංගීතය ශ්‍රීයාණි චන්ද්‍රසේන නමිනි



--------------------------------------------------------------------

පුන් සඳෙන් රැස්‌ ගං තෙරෙන් ................

කොත් කැරැල්ලෙන් බෝමඵවෙන්................

සීත සමීරෙන් චන්දන අරණෙන්...................

සතුට උදාවේවා ....................

මිහිර බෙදාදේවා...................


----------------------
පද සංකල්පනා - පී ඇම් සේනාරත්න සමග ශ්‍රියාණි චන්ද්‍රසේන (අන්තරා කොටස්‌)

තනුව - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - පුන්සිරි සොයිසා

නිෂ්පාදනය - ගුවන් විදුලිය
--------------------------------
මෙතැනින් සවන්දෙන්න


------------------------------------(සටහන)-----------------------
මෙය තනුවට ලියු පදපෙළකි සුපුරුදු ලෙසම සිය සිතේ ඇඳුනු අදහස චන්ද්‍රසේන විසින් මෙහි පද රචක පී ඇම් සේනාරත්නට පැහැදිලි කරදීමෙන් පසු ඔහු විසින් එහි ස්‌ථායි කොටසේ පද පුර්ණය සිදුකල පසු තරමක විපිළිසර වූ බවද අසල සිටි ශ්‍රියාණි චන්ද්‍රසේන මහත්මිය විසින් එහි අන්තරා කොටස්‌ සඳහා පද ගෙත්තම සිදුකල බවද වාර්තා වේ

70 දශකය සහ ඉන්පසු දශකයන්හි ගුවන් විදුලිය විසින් වාදනය කලේ මෙකී පිටපතයි එය පුර්ණ ගුවන් විදුලි මැදිරි පටිගතකිරීමකි 
--------------------------------------------------------------------

තමාගේ තැටි ගී බයිලා ලෙස සළකා ඒ වැඩසටහනේ පමණක්‌ විසුරුවා හරිද්දී අදාළ තැටියේ මෙකී ගීතය වාරණය ට හසුකර එහි ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහනේ පිටපත ප්‍රචලිත කරවීම තමාට විරුද්ධව සිදුවන සැලසුම් සහගත ක්‍රියා දාමයේ ද එක්‌ ජවනිකාවක්‌ යන්න වටහ ගැනීමට අසිරු නොවිය


ආර් ඒ සී ලේබලය වාරණය කිරීමේ නියෝගය එසේම තිබෙද්දී ඊලගට ගතයුතු පියවර ඔහු දැන සිටියේය ක්‍ෂේත්‍රයේ වෙනත් ජනප්‍රිය තැටි ලේබලයක නියෝජිතයන් හා එක්‌වු ඔහු සිය තැටි ලේබලය වාසනා නමින් වෙනස්‌කරගත්තේය

04 වන නිකුතුව වෙනුවෙන් පෙළගස්‌වන ලද ගීත පටිගත කරන ලද්දේ ඉහත කී අංක 03 දරන තැටි ලේබලයට පෙරතුව වීම විශේෂ සිදුවීමකි ඒ අනුව එකී ගීත 04 සඳහා කටයුතු සුදානම් කෙරුනේ 1971 වසරේදී ම නවම් මසයේදීය
මේ වකවානුවේ චන්ද්‍රසේනයන්ගේ කණිටු දියනිය දර්ශනී ක්‌ලිෆ්ටන් බාලිකාවේ ගුරුවරුන්ගේ ආදරය දිනාගනිමින් එහි සංගීත ප්‍රසංග සහ ඊට අදාළ  කටයුතු සඳහා සහභාගිවෙමින් සිටිය අතරවාරයේදීම ඇයව එහි 05 වන ශ්‍රේණියෙන් ඉවත්කරවාගෙන ගෝතමි බාලිකාවේ 06 ශ්‍රේණියට ඇතුළත් කරන්නට පියවර ගනු ලැබ තිබිණි

තම දියණියගේ දක්‍ෂතා සලකා බලා එහිදි ද සුදුසු පරිදි අවස්‌ථාවක්‌ ලබාදෙන්නැයි ඔහු විසින් නව පාසලේ සංගීත ගුරුවරිය ගෙන් කරනු ලැබු කාරුණික ඉල්ලීම කුඩා දර්ශනී ට පරාවළල්ලක්‌ වන්නට පටන් ගෙන තිබුනේ ඇයව සංගීත ආචාර්යතුමිය ගේ උදහසට නිතර නිතර ලක්‌  වන්නට සිදුවීමෙනි ඇය දර්ශනීව කොන් කරන්නට පටන් ගත්තාය

මේ සිදුවිම් කණවැකුණු චන්ද්‍රසේනයන් ඇය ද සිය තැටි ගී නිර්මාණයන් ගැයිම උදෙසා හවුල් කරගන්නට තීරණය කිරීම දර්ශනී චන්ද්‍රසේන ළමා ගායිකාවගේ උපත සනිටුහන් කලේය

ඒ අනුව අක්‌කා  - නගෝ වෙනුවෙන් ගීත 02 ක්‌ වෙන්කරුනේ පවුලේ හිතවතෙකු වු අමර කුමාරරත්න ලවා පද රචනා නිර්මාණය කරගැනීමෙනි


තැටියේ වානිජමය සාර්ථකත්වය සපුරාගනු පිනිස සුපුරුදු පරිදී සෙසු ගීත 02 න් එකක්‌ උදෙසා වික්‌ටර් රත්නායකයන්ද  ඉතිරි ගීතය 50 දශකයේ සිනමා පෙම්ගී ලොවේ රැජිනිය ලතා වල්පොළ ද මුල්වරට තෝරාගනු ලැබීය ඒ යුගලයම සිය දුක්‌ගැනවිල්ල ගීතයන් බවට පෙරළාගන්නට සහය පෑ  සුපුරුදු හිතවතා දවස කාර්යාලයේ සිරිල් ඒ සීලවිමලයන් වෙතිනි 

අවවාදාත්මක උපදෙසක්‌ කැටි වු ගීත යුගලයක්‌ වික්‌ටර් රත්නායක - චන්ද්‍රසේන - සීලවිමල සුසංයෝගයෙන් දැනටමත් එළි දැක්‌වී හමාර බැවින් මෙවර ලැයිස්‌තුව සඳහා  දේශාභිමානී ගීතයක්‌ ලියාදුන් සිලවිමලයන් ලතා වල්පොළ වෙනුවෙන් නිමැවු පූව_ තනුවකට පද පෙළගස්‌වමින් ඒ කටයුත්ත සම්පූර්ණ කරනු ලැබීය
-------------------
ජන්ම භූමි වන්දනා - පුන්‍ය භූමි වූ .......

මාතෘ භූමි වන්දනා - ස්‌වර්ණ භූමි වු.......

ලොව පුන්‍ය භූමි වු ...............................

සුර්ය රාජයා ඇදී - රැස්‌ විදා වඳි පුදේ......

සිව්මහ ගගුන් ලෙසේ - ගී ගයා වයා ඇදේ.....

ලංකා භූමියේ .................

මේ බිමේ පොළෝ තලේ - පෑගුණත් ලැබේ බලේ............

සියල්ලෝම ආසාවෙන් - නෙත් විහිදේ .....................

-------------------------
නාදරටා සහ තනු - ආර් ඒ චන්ද්‍රසේන

පද - සිරිල් ඒ සීළවිමල

ගැයුම - ආචාර්ය වික්‌ටර් රත්නායක
---------------------
මෙතැනින් සවන්දෙන්න


-----------------------------(සටහන)---------------------------------
අධිවේගී සරපුරවරු වාදන මිහිර කැටිකොට නිර්මාණය කල මේ ගීතයේ විදුලි රේඛා නැගෙන විලසින් එකී නාදරටා මතුකරදෙන්නේ ආර් ඒ චන්ද්‍රසේනයන් විසින්මය එහිදි ද ඔහු සිය දියණිය ගැයු සිරිලංකා අලංකාර ලංකා ගීතයේ අතුරු වාදන ඛන්ඩ පරයා නැගෙන සුමියුරු නාදසංකලනයක්‌ මවනු ලබයි

60 දශකයේ ලංකාගමනය කල සරපුවරුව යොදා සිදුකල සිනමා සහ තැටි ගී නිර්මාණ පැවතියේය එහෙත් ඒවයේ එය අතුරු වාද්‍ය ඛන්ඩ රසවත් කිරීමට යොදා ගත්තේ  සිමාසහිතවය පුර්ණ ලෙස එය ගී අතුරු වාදන සඳහා යොදාගන්නට පෙළඹුනු පුරෝගාමි සංගීතඥයා ආර් ඒ චන්ද්‍රසේනය ඒ ඔහුගේ මෙකී ආර් ඒ සී තැටි ගී කට්‌ටලය වෙනුවෙනි 
-----------------------------------------------------------


චන්ද්‍රසේන වේගරිද්ම හර්මනි ගී ආර වෙනුවෙන් හා පුරා සහභාගිවෙන වැඩිහිටි කාන්තා හඞ වු ඇය ගේ ගායන ලතාවේ සුන්දර ඉසව්වක මං සළකුණු එසේ සටහන්වෙද්දී සියල්ලෝම සුපුරුදු ලෙසම වාද්‍ය වෘන්දය සමග මරදානේ සංගීතායතනයේ මයික්‍රෆොaන ඉදිරියේ ගීත පුහුණුවිම් කරගෙන ගියහ

දෙමසක කාලයකට යටත් වු පුහුණුවීම් සමය සහෝදරියන් දෙදෙනා හට වෙහෙසකාරි මෙන්ම සිත් කළඹන නීරස අත්දෑකීම් සපිරි අවධියක්‌ විය සුඵ අතපසුවීමකදී පවා පියා ගේ දෝෂාරෝපන තරවටු කිරීම් හා රැවුම් ගෙරවුම් අඩුවක්‌ නොවිය සියල්ල නිසි පරිදි නිසි වෙලාවට සම්පුර්ණ වී තිබිම අතවශ්‍ය විය 

ඉහත සඳහන් වු පරිදි තෙවන නිකුතුවේ පටිගතකිරීමට තෙමසක පෙරාතුව 1971 වසරේ පෙබරවාරි තුන්වෙනි දාතමෙන් චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ කැළණිය සරසවි ශබ්දාගාරයේ අසුන් අරා සිටියේ සිය නායකයා ගේ උපදෙස්‌ සහ මර්වින් රොද්‍රිගෝ පටිගතකිරීමේ ඉංජිනේරුවරයාගේ විධානය ලැබෙන තුරුය 

පළමු පැත්ත

01 සිතුම් පැතුම් මෝරා - තිලංගනී සහ දර්ශනී පද අමර කුමාරරත්න

02 ජන්ම භූමි වන්දනා - වික්‌ටර රත්නායක  පද සිරිල් ඒ සීලවිමළ

දෙවැනි පැත්ත

01 මල් කිණිත්ත වාගේ චූටි නංගි - තිලංගනී සහ දර්ශනී - ගී පද අමර කුමාරරත්න

02 සුළං සුළං - ලතා වල්පොළ - සිරිල් ඒ සීලවිමළ
----------------------------------------------------
සුළං බව ගිමන් ................

සුව නිවා දෙන සුළං................

කඳු පෙළින්  නැලවිලා.................

ගී මධු මතුවෙලා................

සුසමෙනි රාවෙනි..............

ස්‌වර රටා බිහිවුනා.................
-----------------------

පද සංකලනය - සිරිල් ඒ සීළවිමල - දවස-රිවිරැස හිටපු ප්‍රධාන කර්තෘ

නාදරටා සහ තනුව - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - කලාශූරී ලතා වල්පොළ

-------------------------------
මෙතැනින් සවන්දෙන්න
Music Hosting - Upload Audio -
------------------------------(සටහන)-----------------------------------------
ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියා සිය වාදකයන්ගෙන් ගායකයන්ගෙන් මතුනොව නිරතුරු ලග රැඳෙමින් ඒවා තාක්‍ෂණය හා මුසුකරවන ශබ්ද මැවිසුරාණෝ වු මර්වින් රොද්‍රිගෝ ගෙන්ද ඔවුන්ගේ ප්‍රතිභාව උපරිමව පෙර  මිරිකා ගන්නට පසුබට නොවීය

සිය දෙටු දියණිය යොදවා කුඵඳුලේ සිදුකල තාක්‍ෂනික ප්‍රයෝගය යළිත් ක්‍රියාත්මක කරනු වස්‌ මේවාරයේ තෝරාගත්තේ ලතා වල්පොළ ශීල්පිනියයි  ඒ වෙද්දී ඇය තම සලරූ ගීත කලා චාරිකාවේ දිගු දුරක්‌ ගෙවා දමමින් සිටියා පමණක්‌ නොවේ  ගුවන් විදුලි සරළ ගීතයේද නෙමැකෙන මං සළකුණු සටහන් කර තිබුනාය

තමන් කරන්නට අදහස්‌ කරන කටයුත්තේ මුලීක ආකෘතිය  පැහැදිලි කර දෙද්දී ඇයගේ මැළවුනු වත කියාපෑවේ අභියෝගය භාරගන්නට සුදානම් නැති බවකි තමන් එවැන්නක්‌ මීට කලින් කර තිබුනේ නැතැයිද එහි සාර්ථකත්වය පිළිබඳව සැකසංකා ඇතැයි ද යනුවෙන් ලැබුනු පිළිතුරෙන්  පසුබට නොවු චන්ද්‍රසේනයන් නිරන්තරයෙන් සැනසිලි බස්‌ තෙපළමින් ඇයව දිරිගන්වන්නට විය

ගායකයාගේ මුවට යොමුකරවා ඇති මයික්‍රෆොaනය ට අමතරව සැලකිය යුතු වාදක මන්ඩල සාමාජිකයන් ගණනාවක්‌ වෙනුවෙන් වෙන්කරන්නට පහසුකම් තිබුනේ අමතර එකම මයික්‍රෆොaනයකි

මේ අනුව වරකදී පදමාලාවේ තෝරාගත් කොටස්‌ යොදාගෙන ගීතය පටිගත කරනු ලැබීය දෙවන වාරයේදී හිස්‌පැළඳි ස්‌පීකර් කට්‌ටලයෙන් ඒ ගීතය ඇසෙද්දී යළිත් ගීතයේ අවශේෂ කොටස්‌ ගැයිනි 

මුලින් කී පටිගතකිරීම් යුගළය පළමුවැන්න දෙවැන්න හා එකවර වාදනය වීමට සලස්‌වා එය තෙවන පටි ධාවකයකින් එක්‌කරගනු ලැබීය

මෙයාකාරයෙන් හර්මනි ශෛලිය තමාගේම හඞ  තමාම එසේ දෙවැනි වරටත් මුසුකරවා එකී ක්‍රමවේදය අනුව නිපැයු තාක්‍ෂනික ප්‍රයෝග ඇතුලත් චන්ද්‍රසේනයන්ගේ දෙවැනි නිර්මානය ද ලතා වල්පොළ ශිල්පිනිය ගේ කුඵඳුල් නිර්මාණයද ජනගත විය

බටහිර නාදමාලා ඔස්‌සේ ගීතයෙන් කියෑවෙන අදහස මතුකරන්නට මෙහිදි චන්ද්‍රසේනයන් උත්සහ කරනු ලැබ ඇති සේය ... මාරුතය හමද්දී එය වාද්‍ය භාන්ඩ ඔස්‌සේ අපුර්ව ආකාරයෙන් මවනු ලබයි

මේ නිර්මාණය පිළිබඳව ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියනිය ගායන ශිල්පිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය වැඩිදුරටත් මෙසේ කියයි

තාත්තා ඒ දිනවල ශ්‍රීලනීපයේ තනතුරු හෙබවු කාලයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු ප්‍රවිණ සිනමා ගී ගායිකා ජී එස්‌ බී රාණි පෙරේරා මහත්මිය හොඳින් හඳුනනවා

ඇය පසුව සමගි පෙරමුණු රජය විසින් ගුවන් විදුලියේ තනතුරකට පත්කර තිබුනා

70 දශකයේ මැදභාගයේ එක්‌තරා දිනක ඇය තත්තා සමග මෙසේ කියා තිබුනා

මාස්‌ටර් ගේ ගෝලයෙක්‌ ඊයේ පෙරේදා රේඩියෝ සිලෝන් එකේ සිංදුවක්‌ රේකෝඩ් කලා එයා මාස්‌ටර් ගේ තැටි සිංදුවල ඇහෙන ඒවා කොපිකරලා ඒ ස්‌ටයිල් එකට තමයි කිව්වේ.....................

මතු දිනයක මෙතැන් සිට ඉදිරියට ........
සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත

No comments:

Post a Comment