එදා මෙන්ම හැමකල්හීම ළපැටියන්ගේ සිට වෘද්ධයන් දක්වා... අසනු මනා .....අහසින් පොළවට බට ගී පද රස විත..............
02 පරිච්ජේදය
70 දශකයේ පෞද්ගලික තැටි ධාවන යන්ත‍්‍ර සිය නිවස් හි තබාගත් ශ‍්‍රාවක රසවතුන් ගේ තැටි ඇල්බම් එකතුවල ඇයගේ ගී තැටියක් නොතිබුනේ කලාතුරකිනි. ඒ තැටිවල ගීත වෙන්වුයේ ඒ යුගයේ ඔවුන්ගේ නිවස්වල කුඩා දරු දැරියන්ගේ රසවින්දනය උදෙසාය. ගුවන් විදුලි ළමා ගී නිරතුරුවම බිහිවෙමින් එයින් ඇසුණත්, ප‍්‍රියසම්භාෂන උපන් දින සැමරුම් උත්සවයන්හිදී රගදෙන්නට ඒවයේ ඇතුළත් රිද්මය සහ සංගීතය නොපෑහුනු විටදී, ඇයගේ වේගරිද්ම ගී පෙළ ප‍්‍රමුඛත්වයේ වැජඹුනි.
මේ අකාරයෙන් 70 දශකය එළඹෙන්නේ සිංහල ගීත කලා ක්‍ෂේත‍්‍රයේ නව පිබිදීමක නවෝදයක මල්ඵල හටගැන්වීමෙනි. ඔහු ද එතැන් හි සිට එකිනෙකට සමගාමිව සිය ගීත රචනා කලාව ද තනු සහ සංගීත සංයෝජන කටයුත්තද පුඵල් කරගන්නේය. එතැන්හිදී ඔහු වෘත්තිය ගායන ශීල්පීන් වෙත පබැඳු ගීත සංකල්පනාවන් හි පසුබිමින් දිවයන්නේ ලෝ දහමයි. බොදුණුවන්ගේ ආගමික පදනම සකස්වි ඇති අනිත්‍යතාවයයි. එහි කියැවෙන අල්පේච්ඡුතාවය ඇතැම් තැන්හිදී ඔහුගේ වදන් වැල් අතරට පිවිස සිටී. විමසනු මැනවි.
මුතු මැණීක් රන් කුමන
පලේ ............
හදවතට සහනය නැත්නම් ..,
මාලිගාවේ රාජ සම්පත් ඔ්නේ නෑ...
ජිවිතේම ප‍්‍රිතිමත් කරන්නේ ආදරේ
(අචාර්ය සුජාතා අත්තනායක - වෙළඳ තැටි ගීයකි - සංගීතය පරමේෂ් කෝණේශ් වෙතිනි) - 1975 පමණ
අවසනදී මිනිසා කිමෙක්ද අපේක්‍ෂා කරන්නේ ?. ඔහු ගේ අවසාන නිෂ්ඨාව කවරාකාරයේද ? ඔහු පැතූ පැතුම් සිතූ සිතූම් සඵලවේද? ඔහු කිසිසේත් අපේක්‍ෂා නොකළ ව්‍යාසනයකට කෙදින කවර විටක මුහුණපාන්නට සිදුවේද?
නුතන මිනිසා ගතකරන සරුවපිත්තල දිවිපෙත පිළිබඳව ඔහුගේ නිර්මාණදැළ්කවුඵවෙන් එබිබලා ලියු මනරම් අර්ථපුර්ණ පදවැළකි මේ. එය ඔහු දසවැනි සියවසේ දිවිගෙවු ඔ්මර් ඛයියාම් දර්ශනය හා සසඳයි.
-------------------තිස්ස නාෙගාඩවිතාන
--------------------
රූ රූ අංගනාවෝ - මත්පැන් - සුරාබඳුන් - සංගීතේ වේ මගේ ජිවිතේ
එයයි ඔ්මර් ඛයියාම් ගේ දර්ශනේ
ඉඩම් ගන්නවා ...ලස්සන ගෙවල් හදනවා ....
මැරුණු දාට රියන් හතරේ පදිංචිවෙනවා ...
එකතු කරනවා ...හෙටටත් සිහින මවනවා ..
අද හවසම සිව් දෙනෙකුගේ කරඋඩ යනවා ...
නිදන් හොයනවා...සමහරු මැණික් ගරනවා ...
වාසනාව තරාදියේ කිරා බලනවා ...
පේ‍්‍රම කරනවා...සමහරු විවාහා වෙනවා ....
අනාගතය ගැන ගුවනේ ... විමන් හදනවා...
කෙනෙක් දිනනවා ඇතැමෙක් පරාද වෙනවා ..
ජිවිතයත් දාදුකැටේ බවට හැරෙනවා ..
හම්බ කරනවා - හොඳහැටි විනෝද වෙනවා
නුපන් හෙටගැන ඉබේම අමතකවෙනවා
(තිස්ස නාගොඩවිතාන - වෙළඳ ගී තැටිය සංගීතය - ප‍්‍රබන්ධකයා සතුයි)
පේ‍්‍රමසල්ලාප - වියෝග - උත්ප‍්‍රාස, ගී පබැඳුම් විසිර පැතිර පවත්නා සිංහල ගී සාහිත්‍යයේ ලෝ පුජිත ක‍්‍රිඩා ඉසව් පිළිබඳ ලියැවුනු ගීත ඇත්නම් ඒ ඉතා අල්පවශයෙනි. ඒ අතරිනිදු කරාටේ ක‍්‍රිඩාව පිළිබඳව ලියැවෙන්නට ඇතැයි සැළකෙන පළමු සහ එකම ගීතයෙන් පවා ඔහු යත්න දරන්නේ සිය ශ‍්‍රාවක රසිකයන් හට ලොව බලපවත්නා නියාම ධර්මයන් පසක් කොට දෙන්නටය.
කරාටේ රීතිය ආරක්‍ෂාවයි...
කරාටේ රීතිය යුක්තියයි..
වාසිය නම්බුව පිණිස නොවේ...
කළයුතු මාරක සටනක් නොවේ..
කරාටේ කරාටේ ශූරයා .......
අන්තර්ජාතික කඵපටි විරයා ...
සමස්ත ලංකා කරාටේ ශූරයා....
ගඩොල් ලී බඩු රට උඵ ..
අතින් පයින් ඇන දෙපඵ කරයි....
කඩුපිළි - කිණිසි - යකඩ පොලු...
අවි දරන්නෝ මෙල්ල කරයි..............
-------------------------------------------
(ඩෙස්මන්ඩ් ද සිල්වා ගීත සමුච්ඡුය - සංගීතය ද ගී රචකයා සතුය)
80 දශකයේ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ගේ දෙසවන් පිනවු නැවුම් ප‍්‍රස්තුතයක් හුවා දැක්වු ගීයක වදන් මැවිසුරු ඔහු බව දැනකියා ගන්නට ලැබිනි. එහි කිසියම් තැනක ඔහු මෙසේ සටහන් කරන්නට යෙදිණි. එහිදි ඔහු මතුකරදක්වන්නට තැත් දරන්නේ ලෝකයේ යාථාර්ථයයි. එයින් හටගැනෙන උත්ප‍්‍රාසය කොතරම්ද ? නිවිහැනහිල්ලේ ඔහුගේ පදවැළ ඔස්සේ සිත මෙහෙයවා මෙනෙහි කරන්නෙකුට, එයින් උකහගත හැකි යහපණිවුඩය කෙබඳුවේද? 19 වන සියවසේ ලෙබනනයේදී ජන්ම ලාභය ලදුව පසුගිය සියවසේ මුල් භාගයේදී නික්ම ගිය දාර්ශනික කවියෙකු කලීල් ජිබ්රාන් ගේ , "Garment" , නම් වූ ගද්‍ය කාව්‍යයේ අභාෂය ලබා ඔහු විසින් පබැඳු අපුර්ව ගීත කාව්‍යයකි මේ.
-------------------------------------------------------
Upon a day Beauty and Ugliness met on the shore of a sea. And they said to one another, 'Let us bathe in the sea.' Then they disrobed and swam in the waters. And after a while Ugliness came back to shore and garmented himself with the garments of Beauty and walked his way. And Beauty too came out of the sea, and found not her raiment, and she was too shy to be naked, therefore she dressed herself with the raiment of Ugliness. And Beauty walked her way. And to this very day men and women mistake the one for the other. Yet some there are who have beheld the face of Beauty, and they know her notwithstanding her garments. And some there be who know the face of Ugliness, and the cloth conceals him not from their eyes.
-------------------------------------------------------------------------------------
කුඵණු ගුනේ දයාසෙනේ පිරුණු සුරූපි
දුදනෙකුගේ පව් සෙවණේ වැඩුනු විරූපි
සුරූපිටයි කොයි කවුරුත් ඇඵම් කරන්නේ
ඉරිසියාව විරූපි ගේ හද වැජඹෙන්නේ ...
එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු
දොළට ගියා දිය නාන්න දවසක් දෙදෙනා..
ඇඳි සඵපිලි මෙතෙර තබා ජලයට පැන්නා ..
සුරුපි ට පෙර විරූපි මෙගොඩ පැමිණුනා ..
සුරූපි ගේ සඵ ඇඳගෙන හනික පිටවුනා..
අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරුපි කියලා
සැබෑවට රැුවටෙන්නේ විරූපි දැකලා
දුටු පමණින් විරූපි යැයි අහක නොබලලා ..
ඇසුරින් ඇය හඳුනාගනු කවුරුද කියලා ...
එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු
එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි...
එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ ...
සුරුපී විරූපි නම් පටබැඳුනේ ...
ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුනේ ...
එපා එපා රැුවටෙනු ...රූපෙට එපා රුවෙටෙනු
------------------------------
ගී පබැඳුම සහ සංගීතය - මෙල්රෝයි ධර් මරත්න
ගැයුම - උපාලි ෙප ෙර් රා සමග සමන් ද සිල්වා
-------------------------------
ඉහත ගැයුණු ගීත එකකුදු ශ‍්‍රාවක හදින් එදා මෙන්ම අදද බිඳකුදු හෝ ගළිහි ගියේ නැත. ඒවා ලාංකීය ගීත ලෝලින් ලැබු මහරු ගීත නිධානය වෙතට එකතුවු අමිළ මිණිකැට බඳුය. යෝනිසෝමානසිකාරයෙන් කලා නිර්මාණ රසවිඳින්නට සමත් වු හැමකල්හිම විසූ වෙසෙන වෙසෙන්නට නියමිත පැණවතුන් ඒවා නිති තිනි අගයනු නොඅනුමානය. එ හැමදෙන පෙරකී ගීත මිණිමුතු ඔපළා පාදා මතුකරදුන් මෙල්රෝයි ධර්මරත්න නම් ගීත නිබන්ධකයා ද ඔහු තුළ ජීවත්වන මාධ්‍යකරුවා මෙන්ම සංගීතකරුවා සේම අගයනු මනාය.
සමාප්තය
ප‍්‍රභාත් රාජසූරිය
ගී මුතුමාලා බ්ලොග් අඩවිය
02 ඉල් මසින් 2022
//මුතු මැණීක් රන් කොමළ පලේ ............// මෙහි කොමළ වචනය කුමන යනුවෙන් නිවැරදි විය යුතුයි නේද?
ReplyDeleteසැබැවින්ම, එය යතුරු ලියන දෝෂයකි. නිවැරදි කරමි. ස්තුතියි
Deleteමෙහි මුල් ගී දෙක ඇසුවේ පළමු වතාවටය. විරල තොරතුරු සමාජගත කිරීම අඟනා සේවයකි.
ReplyDeleteමෙහි ඇතැම් ගී වත්මන් පරපුර නොහඳුනන බව දැන, ඒවා තෝරා ගතිමි.
Deleteස්තුතියි