namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, November 10, 2022

කස්තුරි සුවඳ - දමයන්ති - ආවා සොයා ආදරේ

 රිදීතිරයේ මුල් ගී රසය ගුවන් තරංග අතරේදී බොඳව ගිය වගනම්....................



ගීතය ගැයෙන ජවනිකාවන් අනුව ඊට වැයෙන වාද්‍ය රටා ද වාදේ‍යා්පකරණද තෝරා උපරිම ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක වින්දනයට සිය නිර්මාණය නතුකරගැනීම සංගීත අධ්‍යක්‍ෂවරයාගේ වගකීමයි. එයින් සිනමාපටයේ වානිජමය අගය කිහිප ගුණයකින් තිව්ර වනවා ඇත. ඒ කෙසේද යත්, රූපවාහිනි සේවා කිසිවක් නොතිබු යුගයේ සිය සිනමා කෘතිය ජනප‍්‍රිය කරගැනීමට සඳහා ඔවුනට ඉතිරිව තිබුනු හොඳම විකල්පය වුයේ ගුවන් විදුලියයි. එහිද ඊට අවසර ලැබුනේ එකම ගුවන් විදුලි සේවාවකිනි. ඒ සිංහල දෙවැනි සේවය හෙවත් වත්මන් වෙළඳ සේවයයි.


එිහිදි ඉදිරිපත් කෙරෙන විනාඩි පහළෙවක ප‍්‍රචාරාත්මක වැඩසටහනේ වාදනය කිරීම පිණිස තෝරාගැනෙන්නේ සිනමා පටයේ වඩාත්ම ශ‍්‍රාවක ආකර්ශනයට පාත‍්‍ර විය හැකි ගීතයන්ය.  ඒවා එතැන්හි නිතර වාදනය වීම නිසා ද එහි මියුරසයෙන් ද මත්වන ශ‍්‍රාවකයා තම කුහුල සංසිඳවා ගන්නේ හැකි සමීපතම සිනමාහල කරා පිවිස අදාළ සිනමා පටය නැරඹීමයි. 


60  දෙවන භාගයේ සහ 70 දශකයේ වේගරිද්ම සිනමා ගී බොහෝ විට පෙම්වතා හෝ පෙම්වතියගෙන් එක් අයෙකු ගායනා කරමින් හෝ දෙදෙනාම පෙනී සිටින රාත‍්‍රි සමාජ ශාලා දර්ශනයන් පසුබිමින් වැයුනි. එහිදීීද බොහෝ විට කැබරේ හෝ වෙනත් ආකාරයේ බටහිර නර්තනාංගයක් ඇතුළත් වේ.  එහිදී වේගවත් රංගනයක යෙදෙන නිළියගේ ජවනිකා උද්දීපනය කරනු වස් දිර්ඝ සංගීත ඛන්ඩ ගීතය අතරතුර වැයෙයි.


එහි ප‍්‍රතිඵලය වුයේ ගීතය විනාඩි පහක ධාවන කාලය ද ඉක්මවා වාදනය වීමයි. එය අනතුරුදායකය. මක් නිසාද යත් එතරම් දීර්ඝ ගීත පුර්ණ ලෙස ගුවන් විදුලියේ වාදනය කරවා එහි කාලය කා දැමීමට බලධාරීන් ගේ එකගතාවය පළ නොවන නිසාය. එයින් සිය නිර්මාණය ගුවන් විදුලිය වෙතින් ප‍්‍රතික්‍ෂේප වේ නම්, එය නිෂ්පාදකයාට මරු පහරක් වනු ඇත්තේය. ඊට පිළියම වුයේ පෙරකී දිර්ඝ අන්තර් වාදන කපාකොටා ගීතය සාරංශගත කීරීමයි. එවන් ආකාරයෙන් ලුහුඞු බවට පෙරඵ ගීත ගණනාවක් ලාංකීය ගීත ශ‍්‍රාවකයා අතිමහත් ලෙස වස’ කරගත් නිර්මාණයන්ය. එවන් ගී මෙම සටහන දෙස විමසුම් ඇස යොමුකරන රසික ඔබේ මතක සැමරුම් අතර වේද?


1975 වසරේ දී අතිශය ජනාදරයට පාත‍්‍ර වූ ලෙනින් මොරායස් ගේ ආවා සොයා ආදරේ හි ඇතුළත් වු එක්තරා ගීයකට පළමුව අවධානය යොමු කරනු මනාය. එහි මධුරත්වයෙන් අනූන ගීතාවලියේ සත්සර සකසුවාණෝ නැසිගිය සරත් දසනායකයන්ය. 


රොන් සොයා පියඹන සමනලියකසේ ....


රිසිලෙස සරණෙමි වන පියසේ ......


තුරුළිය අතුඉති මුකුඵ කලා ...


මල් මල් සෙමෙර සළා ...


ළිහිණි ගිරා ... කලා රසේ ..


විඳ විඳ කිචිබිචි කියනු ඇසේ....

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........


 -------------------------------


කලාශූරී ලතා වල්පොළ ගේ හඞ ඇතුළත් වූ එහි පුර්ණ ගීතය ශ‍්‍රවනය කරනට ගුවන් විදුලි ශ‍්‍රාවකයන්හට වරම් ලැබුනේ නැත. 


ඒ වසරේදීම සංගීතඥ පී එල් ඒ සෝමපාලයන්ගේ අනුකාරක නමුදු මධුර රසයෙන් අනූන ගීත පෙළක් දොරට වැඩියේ කේ වෙන්කට් ගේ දමයන්තී සිනමා පටයෙනි. සමකාලීනව ක්ලැරන්ස්ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායමේ නැවුම් හඞ පෞරුෂය අනිල් භාරතී ද ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවන්ගේ හඞ පෞරුෂය කැටිකොටගත් යොවුන් ඉන්ද‍්‍රානි පෙරේරා ද ශ‍්‍රවකයන්ගේ අතිශය ගෞරව සම්මානයට පාත‍්‍ර වෙමින් සිටියේය. නිෂ්පාදකයන් අදාළ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්නට සිතුවා සේය. ඔවූහූ බටහිර ගීතයක නාදමලාව අරභයා කරුණාරත්න අබේසේකර නම් වු ප‍්‍රවිණ ගීත නිබන්ධකයා ළවා ගී පද පෙළක් අමුණාගත්හ. ඒ ගීතයටද ගුවන් විදුලියේ පෙරකී ඉරණමට මුහුණ පාන්නට සිදු වී තිබුනද, ලුහුඞූ ගී කොටසක් හෝ වාදනය කරවාගන්නට සමත් වීම ඔවුන් ලද මහ ජයග‍්‍රහනයක් වන්නට ඇත. මන්ද යත්  ගීතා කුමාරසිංහ යොවුන් නිළිය දමයන්ති ලෙස පෙනී සිටින එකී සිනමා පටයේ ප‍්‍රදර්ශන සාර්ථකත්වයට උක්ත ගීතයේ ගුවන් විදුලි පිටපතද සම්මාදම් වු හෙයිනි.



මල් මල් හැගූමින් පැතුම් පිරී .....................


සඳෙහි රන්වන් කැඵම් දිදී .......


ආදර නැකතට සියල් සිරී ....


සැරදේ පතමී දිගාසිරී ....


පාලා කරුණා දයා ගුණේ ....


හැමදා සැමටම බෙදා සෙනේ ....


යුතුකම් ඉටුකොට මෙලෝ තලේ ...


ජයමුතු මාලා දමා ගෙලේ .....


සොම්නස සම්පත ලබන්නටයි ...


සුවසෙත ජයසිරි සැදෙන්නටයි..


මවුපිය දෙදෙනා රකින්නටයි ....


ජය ටැඹ වෙත පා තියන්නටයි....

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........

 

 -------------------------------

ප‍්‍රිය ශ‍්‍රාවක ඔබ අදද ගුවන් විදුලියෙන් ඒ ගීතය රසවිඳින්නට ඉල්ලීමක් කළහොත් ඔබහට ශ‍්‍රවණය කළ හැකි වන්නේ අබේසේකරයන්ගේ පුර්ණ පදපෙළින් ඉහත ලියැවි ඇති කොටස පමණක් බව ස්ථීරය. කෙසේ වෙතදු ගීතය ශ‍්‍රාවක සම්මානයට පාත‍්‍ර වීමේ බුහුමන් වැඩිමනත්ව හිමිවිය යුත්තේ නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී මහගුරු සුනිල් සාන්ත සිසු පැට‍්‍රික් දෙණිපිටිය වෙතයි. ඔහු සිය සුරත ළෙලවමින් වයන කමණීය හවායන් ගීටාර් නාදරටා පොකුරක් පෙරකී ගීතයේ පද අතර දැවිටි දැවටී සවන් පත් යුග පිනවන බැවිනි.


ගීතය ඇතුළත් සිනමා දර්ශනයේ දී දැඩිව වැයෙන ඩ‍්‍රම්ස් වාදන රටා පෙළකි. ඒවා රසවින්දේ දමයන්තී පේ‍්‍රක්‍ෂකයන් හෝ අදාළ ඊ පී තැටිය තමන් සතුකරගත් පෞද්ගලික තැටි ධාවක රසිකයන් පමණි


මෙවැනි අවස්ථාවන් ගණනාවක් අතරින් තවත් එක් ප‍්‍රකට නිදසුනක් ගෙනහැර දක්වනු රිසිවෙමි. මෙම සමාජ ශාලා රාත‍්‍රි ආලිංගන නැටුම් සිය සිනමාපට සඳහා පේ‍්‍රක්‍ෂයන් ආකර්ශනය කරගැනීමේ ඇමවල් අතරින් වඩාත් තියුණු එකක් වන්නට ඇත. සේන සමරසිංහයන් තමා විසින් මෙහෙයවන්නට යෙදුනු කස්තුරි සුවඳ සළරුවේදී නැවතත් සරත් දසනායකයන් ලවා කිසියම් සංගීතමය පෙරළියක් කරන්නට තැත් දැරූ අතර එයද පුර්ණ ලෙස ඵල දැරුවේ දශක ගණනක් පුරා සිනමා ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක සිත් සතන් ආලෝළනය කරන්නට සමත්වීමෙනි.


එවකට ගායන ලොවේ සැණකෙළි ප‍්‍රසංග වේදිකාවේ මෙන්ම ඒක පුද්ගල ප‍්‍රසංග වේදිකාවේ හිණිපෙත්තේ සිටි තිදෙනාම එකම ගීතයක්වටා රොද බඳවා ගන්නට ඔහු සංගීතඥ සරත් දසනායකයන් පොළඹවීය. ඒ  ස ප‍්‍රසංගයේ නියමු වික්ටර් රත්නායක ද  සැණකෙළි ප‍්‍රසංග වේදිකාවේ නියමු එම් එස් ප‍්‍රනාන්දු සහ පොදුජන ගයන ආනන්දය එච් ආර් ජෝතිපාලයන්ය.  එය එක්තරා අන්දමකින් පෙරකී දමයන්ති ගීතයේ අනුකාරක සංගීත භාවිතාවක් ලෙස පෙනීයන්නට හේුතුවූයේ එහිද අතරවාරයේ දිර්ඝ ඩ‍්‍රම්ස් වාදන ඛන්ඩ යොදා ජවනිකාවේ රගන කැබරේ  නිළියගේ නර්තන ලාලිත්‍යය හැඩගන්වන්නට තැත් දරා ඇති බවක් පෙනෙන බැවිනි. එහෙත් එය එසේම විමේ සම්භාවිතාවය අඩුය.


මල් වයසේ මධු සිහිනේ ..............


ආදර මාලිගයේ ...


පෙම් මදිරා ..ග’ පිරිලා ...


උතුරා ගලා හැලේ ...


ජීවිතේ පුරා ආදරේ පෙරා ..


දැන් බොනු මැන ජය පානේ ...


බඹරෙකි ..කුසුමෙකි ..එක්ව ගී ගැයුවේ...


මොණරෙකි උරගෙකි නෑ එහි රැු’ුවේ ....


සඳවට පරයන පුංචි කැකුඵ මල ...


එනු බොනු ජයපානේ ...

-----------------------------
ගුවන් විදුලි ගීතය..........
 

 ------------------------------
සිනමා තිරයේ වැයුණු ගීතය..........

-------------------------------

(ගී පද සෝමපාල ලීලානන්ද විසිනි)


සෝමපාල ලීලානන්ද ලියූ පුර්ණ පදපෙළ ගුවන් විදුලි චිත‍්‍රපට ගී තීරය ශ‍්‍රවණය කල රසිකයන්හට තබා වෙළඳ තැටිය මිළදී ගත්තවුන්හටද  කිසිවිට නිරාවරණය වුයේ නැත.  විනාඩි 06 ද ඉක්මවා යන  තර්ම් දිර්ඝ කාලයක වැයෙන මුල් සිනමා ගීතයට තැටියේ ඉඩකඩ සපුරා ගැනීමේ ගැටඵ එහිදි පැන නැංගා විය හැකිය.
 ---------------------------
(තැටි කවර කංචුක සේයාරුව උපුටාගැනීම)
http://srilankanrecords.com

එදා ඇසුණු ගී  - ගී මුතුමාලා බ්ලොග් එකතුව


3 comments:

  1. කස්තුරි සුවඳේ 'පාට පොදක්', දමයන්ති එකේ 'සිනහවෙන් හෝ', ආවා සොයා ආදරේ ෆිලුමේ 'රන් මසුරං පිරි' වගේ ගැනත් නාමමාත්‍රිකවවත් සඳහන් වුණා නම් කියල හිතුණා....

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්, ඇඟලූ වස්ත්‍රයේ අඩු පාඩු එය දකින අයට පෙනෙයි. ස්තුතියි පුදකර සකසා ගැනීම තමන්ගේ වගකීමයි.

      මෙහි දෙවන කොටසක් ලෙස ඒවා පළකිරීම සුදුසු යැයි සිතමි.

      Delete