ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - පන්ඩිත් අමරදේව ’පිරිත්’ ස්වරමාලාවේ ඇසුර ලබමින් ....................................... ඔබව දැහැන් ගත කරයි .....1965-1978
සිම්පනි එනම් සංධවනි ලාංකීය සංගීත රසිකයන්හට එතරම් හුරු පුරුදු නොවන බවක් පෙනෙයි. අගනුවර සහ ප්‍රධාන නාගරික පදෙස් අවට දිවිගෙවන රසිකයන් මෙන්ම විදෙස් ගත ව පෙරළා සපැමිනියවුන් එවැනි සංගීත රසයන් කරා ඇදුනද නගරයෙන් දුර බැහැර බහුතර ගීත ලෝලීන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බවක් නොපෙනේ.
ශ්‍රී ලංකීය සංගීත ක්‍ෂේත්‍රයේ සංධවනී නිර්මාණය කර සංදර්ශන පැවැත්වූ එකම සංගීතඥයා ලෙස ඉතිහාස ගත වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් බව නොදන්නෙක් නැත. ඔහු අඩසියවස් කාලයකට පමන පෙර 1967 වසරේදී පළමුවරට ’සිංහල අවුරුද්ද’ නමින් සංධවනියක් ඉදිරිපත් කරන්නට යෙදුනු අතර එය පසුව 70 දශකයේ දී එක්තරා වෙළඳ ආයතනයක ලේබලයක් යටතේ තැටිගත වී වෙළඳ පොළට පැමිණියේය.
එහි අඩපැයක පමන කාලයකට කැටි වූ සංගීත ඛන්ඩයක් අඩංගු ව තිබුනු අතර ඒ වාද්‍ය ඛන්ඩ පසුව ලංකා ගුවන් විදුලි වැඩසටහන් වල ’තේමා’ සංගීතය ලෙස යොදගන්නා ලදුව නිරතුරු අදාළ වැඩසටහන විකාශය වෙද්දී වාදනය කරන්නට යෙදුනි.
පසු කාලීනව දිවයිනේ ප්‍රමුඛතම සංගීතවේදීන් බවට පත් වූ සරත් දසනායක, රෝහණ විරසිංහ, ඩී ඩී ගුණසේන, වැන්නන් පෙරකී සංධවනියේ වාද්‍ය ශිල්පීන් ලෙස සහභාගී වී විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් අත්කර ගත් බව කියැවේ.
සංධවනියක් යනු කිම ? මසැසින් නරඹන දසුන් ද දෙසවනින් සවන් යොමන සංවාදයක් ද දැන අවබෝධ කරගැනීම පහසුය.භාෂා මාධ්‍යය හඳුනන්නේ නම් වටහා ගත හැක්කේ නම් එවිට එහි අරුත ශ්‍රාවකයා නිරායාසයෙන්ම හඳුනාගනී. නමුත් සංධවනියකදී සංගීතඥයා ගේ මනසේ ඇඳෙන රූප දසුන් ඔහු හොඳින් ප්‍රගුණ කර ඇති සංගීත ස්වර භාෂා මාධ්‍යයක් ලෙස උපයෝගී කොටගෙන එයින් ශ්‍රාවකයාට කිසියම් පණිවුඩයක් සංනිවේදනය කිරීමයි. ඒ අනුව එයින් කියැවෙන පණිවුඩය ශ්‍රාවකයා දැන හැඳින ගත්තද නොගත්තද ඔහු ද ඔහුට ආවේනික රූප දසුන් සිත්හී මවාගෙන එයින් දැහැන්ගතව කිසියම් වින්දනයක් ලබන්නේය.
මෙහි වැයෙන ’සිංහල අවුරුද්ද’ හිසින් යුත් වාද්‍ය ඛන්ඩ මාලාව අවධානයෙන් රසවිඳිමෙන් එහි වැයෙන්නා වු විවිධ සංගීත භාන්ඩ සහ ඒවයේ ස්වර රටා පළපුරුද්දෙන් පුහුණුවෙන් අවබෝධකරගැනීමෙන් එයින් සංනිවේදනය කරන්නට යන අදහස ගැන අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ශ්‍රාවකයා විසින් අත්කරගෙන ඇති සංගීත ඥානය ඔහුගේ වින්දන ශක්තිය මතය.
මෙවැනි සංධවනී වලට සවන් යොමා දෙසවන හුරුකරගත්තවුන් හට ’සංගීතය’ නම් විශ්වීය බසේ තම නිම්වළලු පුඵල් කරගෙන එහි සරළ සංඝටකයක් වූ ’ගීතය’ වඩාත් අර්ථසම්පන්න ලෙස දැන හැඳින අවබෝධකරගැනීමේ හැකියාව ලබනු ඇත්තේය. ගීතය ’අන්තර් වාදන’ සංගීත ඛන්ඩ වෙතින් සංගීතඥයා කුමක් අදහස් කරන්නේද යන්න ශ්‍රාවකයා හැඳිනගත්තේ නම් මුලින් කී ශීල්පියාගේ ප්‍රයන්තය අපතේ නොයයි.
අවසනාවකට ලාංකීය ශ්‍රාවකයන් අදටත් එදාටත් දෙසවන හුරුකරගෙන ඇත්තේ ගීයක පදමාළාව විමසා බලා පිරික්සන්නට මිස එහි ස්වරසංකලනයෙන් සංගීත සංයෝජනයෙන් කියැවෙන අදහස පිළීබඳව නොවේ.
’70 දශකයේ’ නිකුත් වූ මෙම සංධවනී මාලාව රැගත් වෙළඳ තැටියේ කංචුකයේ සඳහන් ව ඇති සටහන මෙම ’සිංහල අවුරුද්ද’ නම් වූ සංධවනියේ එක් එක් සංගීත ඛන්ඩය වඩාත් හොඳින් හැඳිනගන්නට ඉගි සපයනු ඇත.
1979 තිරගත වූ ’වීර පුරන් අප්පු’ සිනමාපටයේ පසුබිම් සංගීත රටා නිර්මාණය භාරවුයේ ද කේමදාසයන්හටය. ඔහු විසින් ඊට දශකයට පමන පෙර පිළියෙළ කල ’සිංහල අවුරුද්ද’ සංධවනියේ වැයුනු එක්තරා සංගීත ඛණ්ඩයක් එකී සිනමා පටයේ කුඩාපොළ හිමි ඇතුඵ කිහිපදෙනෙකු ගේ විහාරස්ථාන ආශ්‍රීත ජවනිකා පෙළකට පසුබිම් වාදනයක් ලෙස භාවිත කරන්නට යෙදිනි. ඉතා සංයමයෙන් සිතාරයෙන් සහ බටනලාවෙන් වැයෙන ඊට තාලවාද්‍ය භාන්ඩ ඇතුළත් නොවේ.
(ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1967 පමණ පටිගත කරනු ලැබු සංධවනීයක ’සිංහල අවුරුද්ද’ ලෙසින් නම්කෙරුණු සංගීත පර්ච්ඡේදයෙන් මෙම නාදරූපකාව්‍යය උපුටා ගැනිනි. මෙහි ’සිංහල අවුරුද්ද’ මියැසි බසින් ඔබට කියාදෙයි. මෙම හඞ පටයේ විනාඩි 4 තත්පර 20 දී ඇරඹෙන්නේ ’හිස තෙල් ගැමේ’ චාරිත්‍රයයි’. එහි මතු වි නැගෙන්නේ රුවන් සුතුරේ නාදමාලාවයි. මෙම භාරදුර කර්තව්‍ය සඳහා අතිවිශාල වාද්‍ය වෘන්දයක් සහභාගී වූ බව කියැවේ සංගීතඥ ’සරත් දසනායක’ ද මෙහි සිතාර් වාද්‍ය වෘන්දය නියෝජනය කළබැව කියැවේ.
---------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------
මෙකී සංගීත ඛන්ඩයට ඉතා සමිප නාදමාලාවක් ඔහු විසින් සංගීතවත් කරන්නට යෙදුනු තවත් සිනමා පටයක් වූ ’විමලදාස පෙරේරා’ ශූරීන් ගේ’ ’සමනල කුමරියෝ’ හි ගැයෙන තේමාගීතය වෙනුවෙන් ඔහු භාවිතා කරන්නට යෙදිනි. ඒ ගීතය ගැයුවේ මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි සමගින් තවත් ගුවන් විදුලි ගායිකාවක් වූ ’නාලිනී රණසිංහ’ විසිනි. මේ 1972 වසරයි.
සුමන සමන් දෙවි විමන කෙරෙන් එන ...................
ගිමන නිවන මහිමේ ....................
සුමුදු උදෑසන මුණිපා නමදින ...............
සමනල කඳුවැටියේ ....
පාමුල පිහිටි මනා .....
සමනල ගම සොබනා .....
---------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------
මෙකී සංගීත නිර්මාණද්වයෙන් ඔහු පර්යේෂනාත්මකව සිදුකල කටයුත්ත කුමක්දැයි සුභාවිත සංගීතයට දෙසවන් හුරුකරගත් ශ්‍රෘවකයන්හට දැන හැඳිනගන්නට අපහසු නොවන බව නිසැකය.
සංගීත ඛන්ඩයත් ගීතයත් ආකෘතියෙන් සර්වසම වෙයි. එය සිංහල බොදු සංස්කෘතියට ඉතා සමීපය. බොදු ආගමික මෙහෙයන් හි නිතර නිරත වන සංගීතලෝලීන් ඊට කේමදාසයන් විසින් ගුරුකොට ගත් මූලික නාදමාලාව කුමක්දැයි හඳුනාගනු ඇත.
එය අන්කවරක් හෝ නොව බොදු ’මහපිරිත්’ දේශනාවන්හී පැණෙන සුවිශේෂී පිරිතක් වූ ’රතන සුත්‍රය’ යි. සර්වරාත්‍රීක පරිත්ත දේශනාවන් හට සවන් යොමා ඊට දෙසවන හුරුකරගත්තෝ හට මැදියම් රැය එළඹෙන යාමයේ නිහඞ නිසසල නිශා යාමය සසල කරවමින් නිවුනු සංයමයෙන් ශාන්ත ස්වරයෙන් එය සජ්ජායනයේ යෙදෙන සගගන සමූහයා සිහියට එනු ඇත.
යානිධ භූතානි සමාගතානී .............
භුම්මානිවයා නිවහංතලික්ඛේ...............
තථාගතං දේව මනුස්ස පූජිතං ................
බුද්ධං නමස්සමා සුවත්ථි හෝතු ..................
යේ ඛීණ බිජා අවිරුහිඡාන්දා ....
නිබ්බන්ති ධීරා යථායං පදිපෝ .........
ඉදම්පි සංඝේ රත්නං පනිතං .............
ඒතෙන සජ්ජේන සුවත්ථි හෝතු ...................
ආදි වශයෙන් එකසිරුවට හෙමින් ඇදීයන ස්වරයෙන් ’රතන සුත්‍රය’ සජ්ජායනය වෙයි.
කේමදාසයන් ගේ උක්ත නිර්මාණයන්ට පෙරාතුව බොදුණුවන්ගේ ’පරිත්ත’ සඡ්ජායනාවන්ගේ ඇසුර ලබමින් නිර්මාණකරණයේ යෙදුනේ ’පන්ඩිත් අමරදේව’ විසිනි. ආචාර්ය ලෙස්ට්ර ජේම්ස් පිරිස් ගේ ’රන්සඵ’ සිනමා සිත්තම අරභයා ’මහගම සේකර’ විසින් පෙළගැස්වූ සිරිපා නමස්කාර බැති ගී වදන්, අමරදේවයන් ගේ සුපැහැදිළි හඞින් නිවුනු ස්වරයෙන් ගැයේ. ඒ ගී දැහැනට සමවදින, සවන පුරුදු පුහුණු කළ ශ්‍රාවකයා ගේ සිත පහන් වී නිවිසැනසෙයි. නිසොල්මනේ සිරිපා අඩවියෙන් කෙමෙන් පහළ ගලා බසින සිගිති මහ වාලුකා නදි තමෝ මෙන් ඔහුගේ ගී හඞ රැව් පිළිරැව් දෙයි.
සිරිපා පියුමේ රොන් සුණු තැවරේ.................
ගිමන් නිවන පහන් හමා ඒ ....................
නිවි පහන් වී ළය සැනහේ ............
නිවන් දොරට මග පානා ................
සමනොළ රන්කොත මුදුනේ .............
බැන්ද වියන් සේ ..........
අරුණු වළා රන් සඵ පැටලේ .....................
හද කිමිදී ලොව්තුරු සුවයේ ...............
-------------------------
1978 වසර ශ්‍රි ලාංකික බොදුනුවන්හට සුවිශේෂි මතක සැමරුම් ඉතිරි කොට තැබු වසරකි. එවකට භාරත දේශාධිපති අගමැති ’මොරාජි දේසායි’ ද එහි නියමුවා බවට පත් වි වැඩිකාලයක් ගත වි තිබුනේ නැත. ඔහුගේ ආසිරිවාදයෙන් කපිලවස්තුපුරදී කැණිම් කොට සොයාගත් බුදුන්වහන්සේගේ සර්වඥ ධාතු මුල්වරට මෙහි වැඩමවන්නට එවකට මෙහි අභිනව පාලකයන් සමත්විය. සංස්කෘතිත අමාත්‍ය ධුරය හෙබවූ ඊ ඇල් බී හුරුල්ලේ මහතා විසින් ගුවන්තොටුපළේ විශේෂ යානයකින් එය මහත් ගෞරව පූර්වකව හිසමත තබා වැඩමවූ අනතුරුව දිවයින පුරා දසත පැතිරුනු ප්‍රසිද්ධ සිද්ධස්ථානයන්හිදී එය ප්‍රදර්ශනය කරන්නට යොදුනු අතර ඒ හැම ස්ථානයක ඉතාදිගු පෝලිම්වලට එක්වූ බැතිමතුන් මහත් ශ්‍රද්ධාබැතියෙන් ඊට නමස්කාර කළහ.
ඒ අවට නගර ආශ්‍රිතව නිතර ඇසුනු බොදුගීයක් එදා ශ්‍රාවකයන්හට එතරම් හුරුපුරුදු නොවුනද බොදුගී ගායනයේ නිපුන අල්හාජ් මොහිදීන් බෙග් ගේ හඞ මුසුවූ එහි භක්ති රසය නොඅඩුවම ගැබ් වී තිබිනි.
සකල සතම බොදු බැතියෙන් ........
නමදින සුරහැර හැම බේදේ ...........
සුගත තථාගත ලෝක සිවංකර ......
සම්බුදු සිරිපාදේ ...................
සිරිපාදේ ........සිරිපාදේ .......හා හා ...සිරිපාදේ ....
දිවංගත කරුණාරත්න අබේසේකරයන් ගේ සාහිත නිර්මාණයක් ව,සංගීතවේදි නැසිගිය එම් කේ රොක්සාමි ගේ නාදමාලාවකින් ඔප් නැංවූ එය එවකට දිවයින පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුනු ’බොදු තේමාවක්’
රැගත් ’ශ්‍රී පතුල’ සිනමාපටයේ තේමා ගීය විය. පන්ඩිත් අමරදේවයන් ගේ බොදු පාලී ගාථාපාඨ සජ්ඡායනයේ අසමසම මහිමතාව විශිෂ්ඨතාවය පිළිඹිබු වන ’සිරිපතුල’ සිනමාපටයේ දී, ඔහුගේ හඞින් බොදු ජනතාව බුදු සිරිපා සටහන නමදීමේදී මුවට නංවන ’ශ්‍රි පාදලංචන ගාථාව’ ගැයෙයි.
යං නර්මාදිය නදියා ...............
පුලිනේචතිරේ ...................
යං සච්චබද්ද ගිරිකේ .............
සුමනාජලග්ගේ ....
යං සත්ථ යෝනක පුරේ ........
මුනිනොචපාදං .........
තං පාද ලාංජන මහං .....
සිරසා නමාමි...........
--------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------
සිරිපතුල සිනමාපටය උදෙසා ’බෙග්’ මාස්ටර් විසින් ගයන තවත් ගීයක පදසංකලනයෙන් අබේසේකරයන් බොදුනුවන්ගෙන් පැණයක් විමසයි.
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ .........
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...............
ඇසින් දුටුදේ බොරුවි නෙයෙයිදෝ ..........
දෙකනින් ඇසූ දේ නොවේ ....................
තන්හා පොදි ගසා ................
තව කෙනෙකුන් නසා ..........
මොනවද අවසානේදී අරගෙනයන්නේ ? ...................
බුද්ධ වර්ෂ 2566 වෙසග පුන්පොහෝ දින ඒ අසිරිය අත්විඳින ගී ශ්‍රාවක ඔබ සැමගේ සිත් නිවි පහන් වේවා.......................
No comments:
Post a Comment