දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ................ සතරවෙනි අංකය......
-----------------------
ප‍්‍රවිණ සංගීතඥ මර්වින් ප‍්‍රියන්ත කැදැල්ල -
වමේ සිට ප‍්‍රභාත් රවිසර , බිරිද අනෝමා චාන්දනී , සංගීතඥ මර්වින් ප‍්‍රියන්ත , ප‍්‍රගීත් කෝකිල සමගින් ප‍්‍රතාප් රාජිත
---------------------------------------
1982 වසර ගතවෙද්දී සංගීතවේදී සරත් දසනායකයන් ගේ නිසග කලා කෞෂල්‍යය මනා සේ ප‍්‍රකට කෙරෙමින් කළඑළි බට සිංහල සිනමා මෙන්ම වෙළඳ තැටි හා ගුවන් විදුලි ගීත සමුච්ඡුය සැළකිය යුතු තරම් වු අතර ඒවා අතරින් අතිබහුතරය රසිකයන් විසින් හදවතින් වැළඳගන්නට යෙදීනි. ඒ ඔහු ක්‍ෂේත‍්‍රයට පිවිස පළමු දශකය සම්පුර්ණ වු වසරයි. එතරම් දිගු කාලාන්තරයකදී උපයා ගත් බරපැන යොදා සිය සිහින මාලිගාව යථාර්තයක් බවට පත් කරගනිමින් ඔහු හා පුරා නිපැයු අපුරු සිනමා පටය ආදයම් වර්තා බිඳහෙළමින් තිරගත වු අතර එය ’මිහිදුම් සිහින’ ලෙසින් නම් කෙරුණු අතර සිනමාවේදී දයා විමලවීරයන් ගේ අදියුරු දායකත්වය ඊට හිමිවිය. එහි ඇතුළත් වූ පසවු ජනපති සම්මානයෙන් පුද ලද ජෝතී ගීය ගැයෙද්දී ’මර්වින්ප‍්‍රියන්ත’ ගේ සුපුරුදු ’මවුත් ඔ්ගනය’ රාවය එහි මතුවි නැග ආවේය.
------
සංගීතවේදී සරත් දසනායක
සරා සඳේ සිනා සෙලේ ................
ගිලිහි වැටිලා ...
වළා තලේ ඔබේ දෑසේ ...
සිනහා මැවිලා ...
තනිවි අඳුරේ ... සුසුමේ ගෙවිලා .........
(ගැයුම - නැසිගිය එච් ආර් ජෝතිපාල ගී පද - කුලරත්න ආරියවංශ - සංගීත අදියුරු නැසිගිය සරත් දසනායක - දයා විමලවීර ගේ ’මිහිදුම් සිහින’ ජවනිකාවේ නිරූපනය නැසිගිය විජය කුමාරණතුංග - 1982)
යූතලයේදී නරඹන්න මෙතැන්හි යොමුවෙන්
--------------------------------------
බටහිර වැසියන්හට ආගන්තුක මාධ්‍යයක් නොවුවද ලාංකීකයන් හට නැවුම් සොඳුරු අත්දෑකිම් ලැබදෙමින් දීපව්‍යාප්ත රූපවාහිනි මාධ්‍යය දියත් වුයේ 1982 නවම් මසින් 15 දිනදීය. එය ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව නිලවශයෙන් සිය විකාශයන් දිපව්‍යාප්තව ඇරඹු ලාංකිය මාධ්‍ය වංශ කථාවේ නොමැකෙන සිහිවටනයක් සනිටුහන් කල දිනයයි.
නිවසින් බැහැරව ගොස් තරමක හිරිහැර කරදර තෙරපිම් වලට ලක්වෙමින් තමනට හුරු පුරුදු සිනමා වෘතාන්ත අත්දෑකිම් නිවසේ සාලයේ සිට නුහුරු ලෙස අත්විඳින්නට අවස්ථාවන් ලද ලාංකිය පේ‍්‍රක්‍ෂක සමූහයා හට ඊට ඉඩකඩ ලැබුනේ ’රූපවාහිනි වෘතාන්ත කලාව එනම් පසුව ’ටෙලි නාට්‍ය’ ලෙස හැඳින්වූ වැඩසටහන් මගින් බව ඔවුන් හොඳින් දනිති.
සිනමා වෘතාන්තයක මෙන් ’ශිල්පී නාමාවලිය’ මෙන්ම ’තේමා ගීතයන්ද’ ඇතුළත් වූ එය නිවසේ ආලින්දය එක්තරා ’මිනි සිනමා ශාලාවක්’ බවට පරිවර්තනය කර දෙන්නට තරම් ප‍්‍රබල විය.
තමන්ට නැරඹිය හැකි එකම රූපවාහිනි චැනලය එනම් ’ජාතික රූපවාහිනිය’ ඔස්සේ සතියකට වරක් හෝ දෙවරක් පමණක් විකාශනය කෙරුණු ’ටෙලි වෘතාන්තයන්’ අත්විඳිනට සිය පෞද්ගලික කාර්යයන් පවා අතපසු කරමින් රූපවාහිනි යන්ත‍්‍රය වටා රොඳ බඳින්නට විය. ඒතාක් ගුවන් විදුලි මාලා නාටකයන් ශ‍්‍රවණය කරමින් චිත්තරූප ඔස්සේ ඒවායේ ගැමි ආදර අන්දරයන් රසවිඳ හුරු ඔවුන් හට ඒවා දැන් සජීවිව නැරඹිමේ වරම ලැබි තිබේ.
1982 වසරේදී ජානක විමලවීර නම් වු කලාකරුවා විසින් නිර්මාණය කල ’නුඹ නාඩන් සෙනෙහලතා’ ’ටෙලි වෘතාන්තයක’ තේමා ගීතය වෙනුවෙන් නැගෙන සුමියුරු මවුත්ඔ්ගන් වාද්‍ය ඛන්ඩ අතරට හඬ මුසු කලේ සංගීත් නිපුන් මහඇදුරු සනත් නන්දසිරි විසිනි. එහි මතුවි නැගඑන්නේද සුපුරුදු ලෙසම ’මර්වින් ප‍්‍රියන්ත’ ශිල්පියාණන්ගේ වාද්‍ය නිපුණතාවයයි.
-----------------
සංගීත් නිපුන් මහඇදුරැ සනත් නන්දසිරි
සීමා බන්ධන නර්තන රේඛා............
සිතුවම් බොඳකර මියෙන වගයි...................
මායා රංගන විසිතුරු රඳවා ....
නොනිමි නිසරු මග තිබෙන වගයි .................
(ගී පද සංකල්පනා නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදක ආනන්ද සරත් විමලවීර විසිනි_
----------------------------------
පහතින් සවන්දෙන්න
---------------------------------
සුමියුරු හෙළ ගී වංශකතාවේ අතීත මතක පත්ඉරු එකිනෙක පෙරළා සැමරුම් ආවර්ජනය කරන ඔහු තම දෙතොලග රැුඳුනු ’පුංචි වුනත් හරිම සැර ගම්මිරිස් ඇටය’ බඳු වු මවුත්ඔ්ගනයේ දගකාරකම් හෙළිදරවු කර සිටියේය.
’කෙටි සංගීත ඛන්ඩ වාදනය කරද්දී නම් එතරම් අපහසුවක් නොදැනුනත් දිර්ඝ වාදනයන්හිදී තොල් පැළි යන තරම් අපහසුයි. ආශ්වාශ ප‍්‍රශ්වාසයන් පාලනය කර ගනිමින් ඉතා සංයමයකින් හා මනා පුහුණුවකින් මේ කාර්යයේ නිරත විය යුතුයි. දිගු වාදන ඛන්ඩ අවසානයේදී ආහර පාන ගන්නා විට දැනෙන අසිරුතාවය සුඵ පටු නැහැ...
80 දශකය වෙත එළඹෙද්දී ගුවන් විදුලි ශ‍්‍රාවකයන් හට ඇසුනු අභිනවයෙන් දොරට වැඩි සැළකිය යුතු ගණනක ගීත අතර එක්තරා සුවිශේෂි යුග ගීතයක් ද විය. 50 දශකයේ සිට පැවත ආ සිනමා ගී සාම්ප‍්‍රදාය ඉන් ඔබ්බට විස්ථානය කරමින් ඊට ගායක - ගායක යුගලයක් හඬ මුසුකළේය. පබැඳුම මතුනොව ගී තනු සහ ස්වර සංයෝජනයද සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නගේය. ඔහු ගේ නිර්මාණයට යළිත් වරක් මවුත් ඔ්ගනයෙන් පණ පෙව්වේ ද ’ප‍්‍රියන්ත’ ය. ඒ ද වෙළඳ තැටියක් වෙනුවෙනි. හඬ මුසුව ’සමන් ද සිල්වා සහ ’උපාලි පෙරේරා’ විසිනි.
එක ඉත්තක පිපුණ වෙනස් මල් දෙකක් වැනි...
එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ ...
’සුරූපි විරූපි’ නම් පට බැඳුනේ ..
ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුනේ..
එපා එපා රැුවටෙනු රූපෙට එපා රැුවටෙනු .....
----------------------
මෙතැන්හිදී සවන්දෙන්න
---------------------------
1987 වසර ගතවෙද්දී, සිනමා කෘතියක ඇතුළත් ගීතයන් හි රසමිහිර පිළිබඳව දැඩිව සැළකිලිමත් වූ නිර්මාණනකරුවන් අතර කැපි පෙනුනු ’එච් ඩී පේ‍්‍රමරත්න සිය පස්වැනි සිනමා කෘතිය ප්‍රෙු්ක්‍ෂකයන් වෙත තිළීණ කරන්නට යෙදුනු අතර ’මංගල තෑග්ග’ ලෙසින් නම්කෙරුණු එයින්ද ඔහු මධුරතර ගීතාවලියක රස මිහිර විඳ ගැන්මට ආදරණිය රසික ප‍්‍රජාවට අවස්ථාව ලබා දුන්නේය. 80 දශකයේ සිනමා සංගීතයේ නවමං පදා දුන් සංගීතඥයන් අතරින් කැපි පෙනෙන එච් එම් ජයවර්ධනයන් වෙතින් ඔහු ඊට මග පදාගත්තේ එකී ගාන්ධර්වයාගේ ප‍්‍රතිභාවය මොනවට හෙළිදරවු කරමිනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් වූ අතිශූර ගී පද මවන්නා එකි කටයුත්තට දායක කර ගැන්මට ඔහු නොපැකිළිය. ප‍්‍රතිඵලය වුයේ යුග යුග පවතින, මතකයෙන් බොඳනොවන තවත් සොඳුරු ගී නිර්මාණයක් හෙළ සිනමා ගීත රසිකයන් හට හිමිවීමය.
එක යායේ කකා වැටි .......................
එකා වගේ එකට හිටි................
එක පවුලේ උපන් ලෙසේ කර ආරස්සා ...
නාස් ලණුව දමනවාලු ...
කරත්තයට බඳිනවාලු ...
අපට හිටිය ළපටි කැකුඵ නාඹර වස්සා ................
------------------------------------
ගැයුම - සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර
ගී පද - නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් ගෙනි.
තනු සහ මියැසි රටා නැසිගිය එච් එම් ජයවර්ධන වෙතිනි
මවුත්ඔ්ගන වාද්‍ය රසය මතු කලේ - මර්වින් ප‍්‍රියන්ත
වසර - 1987
සිනමා කෘතියේ නම - මංගල තෑග්ග
මෙහෙයුම් නියමුවා - නැසිගිය එච් ඩී පේ‍්‍රමරත්න
--------------------------------------
මෙතැනින් රසවිඳින්න ජවනිකා පෙළ නරඹන්න
---------------------------------------------
’සේන ජයන්ත වීරසේකර’ හෙළහවුලේ මහ ප‍්‍රතාපසම්පන්නයා වූ ’ජයන්ත වීරසේකර’ ශූරීන් ගේ පුත‍්‍ර රත්නයයි. වර්තමානයේ මරදාන දුම්රිය අංගනයට සමාන්තරව ටවර් රංගශාලාව අභිමුඛව දිවයන මාවතේ ඔවූහූ විසූහ. ඒ මාවත ඔහුගේ නමින් හැඩගැන්වීම නිසා එහි ඔබ මොබ යන්නන් පිය - පුතු දෙපොළ ද නිති සිහිකරනු ඇත.
එක්තරා සුවිශේෂී නාදමිහිරක් ජනිත කරවු දෙඅතේ රුවාගත් රිටි කැබලි යුග්මයකින් හඬ උපදවාලූ ’ග්ලිකොන්ස්පිල්’ නම් වු වාද්‍ය භාන්ඩය ගුවන් විදුලි වාද්‍ය වෘන්දය නියොජ්නය කරමින් හැඬවුයේ ’සේන ජයන්ත’ රසවතාණෝය. ඔහු ගේ මියැසියකින් හැඩගැන්වුනු ගුවන් විදුලි ගීයක රසය දියුණු තියුණු කරනු පිනිස අප කථානායකයා හට ඇරයුම් කෙරිනි.
ස්වර ලිපියේ ’මවුත් ඔ්ගනයේ’ රසය ජනිත කරවන්නට නියමිත කොටස් යටින් ඉරිඇඳ ඉස්මතුකොට දක්වා තිබිණ. සුපුරුදු පුහුණුවිම් සැසි කිහිපයක් අවසනදී මැදිරියේ පටිගත කිරිමේ යන්ත‍්‍රය ධාවනය කරවුයේ හෙළ කලා කෙතේ විවිධ භූමිකා රග දැක්වූ රංගනශීල්පියෙකු ද වූ යූ ආරියවිමල් ය. ඒ වෙද්දී දින දසුනේ 1976 වසර සටහන් වි තිබින.
------------------------------------------------------
ප‍්‍රවිණ ගුවන් විදුලි රංගන ශීල්පි ගායක රෝහණ සිරිවර්ධන
සීත කඳුරැල්ලේ .................
පිබිදේ කුසුම් වලා ...
හිනැහේ ...
දුර කඳුයාය සුළං රොදේ ......
----------------------------------
ගැයුම - රෝහණ සිර්වර්ධන
ගී රචනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර
තනුව - රෝහණ සිරිවර්ධන විසින්මය
සංගීත රටා - නැසිගිය සේන ජයන්ත වීරසේකර
වසර - 1976
නිපැයුම - ලංකා ගුවන් විදුලිය
------------------------
ගීතය අසන්න පහතින්
---------------------------
සංගීත භාන්ඩ වාදනය කරනට ප‍්‍රියවූවෝ ඒවා හැදෑරිම සඳහා එහි නිපුණත්වය ලද ප‍්‍රවිණයන් ගේ ගුරු උපදෙස් හා ඇසුර පතති. පසුව අභ්‍යාසලාභීන් තම ගුරුදේවයන් හා සමවන ලෙස එහි ප‍්‍රවිණත්වය ලබති. නමුදු, ’මවුත්ඔ්ගන්’ එසේ හැදෑරිම ප‍්‍රඥාගෝචර නොවන බව ද එය ස්වයං අභ්‍යාසයෙන්, පුහුණුවෙන් හා දැඩි ඉවසීමෙන් වාදකයා විසින්ම හදරනු ලබන්නේ නම් සාර්ථකත්වයේ ජයටැඹ කරා පහසුවෙන් ලග විය හැකි බවද ඔහු කියා සිටී. ශ‍්‍රී ලංකීය සංගීතලෝලීන්ට නුහුරු අත්දැකීමක් වූ ’මවුත් ඔ්ගන්’ වාදකයන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන්නට යෙදෙන ’සිම්පනි’ සමූහ වාද්‍ය සැසි බටහිර ලෝකයේ අප‍්‍රකට නොවන බව ඔහු කියා සිටී.
එදවස කලාකරුවන් අතර දක්නට ලැබුනු අනොන්‍ය සුහදතාවය, සහෝදරත්වය, බැඳීම ද ප‍්‍රශස්ත උසස් ගණයේ ගී සහ වාද්‍ය නිර්මාණ බිහිවන්නට හේතු වූ බව පසක් වේ. ගීතලෝලී වැඩිහිටි ප‍්‍රජාව ඇසුරේ හැදී වැඩී ’රසිකත්වය’ වඩවා ගත් ශ‍්‍රාවක දනන් අතර කුඩා දරු දැරියන් පවා එදා සිටි අතර ඔවුන් නිරතුරුවම ’හොඳ නිර්මාණ’ කවරේදැයි මනාව අවබෝධ කර ගනු සිටියහ. ඊට බාධා අකුල් හෙළන්නට හෝ එය මොටකරදමන්නට එදවස අනේකාකාර විද්යුත් මාධ්‍යයයන් නොතිබූ අතර ලංකා ගුවන් විදුලිය විසින් පවත්වා ගෙන ලැබු උසස් සංගීත ප‍්‍රතිමිය සහ ප‍්‍රතිපත්තිය ඔවුන් හට ආශීර්වාදයක්ම විය.
1978 වසරේදී ජාතික ගුවන් විදුලියේ නිත්‍ය වාද්‍ය වෘන්දයේ සාමාජිකත්වය ලද ’මර්වින් ප‍්‍රියන්ත’ පසුකාලීනව පන්ඩිත් අමරදේව සහ වෙනත් ශිල්පීන් රාශියක් වෙනුවෙන් වාදන කර්තව්‍යයේ නිරත විම පිනිස නිරන්තරයෙන් විදේශ ගතවන්නට වු අතර එය කරණකොටගෙන පසුව එයින් සමුගෙන ගියේය. ඒ වෙද්දී ඔහු පසුව ජනප‍්‍රියත්වය ලද ගුවන් විදුලි ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණය කරන්නට යෙදිනි මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ එදා නිවහනට ආසන්නව එනම් ’ජා ඇල වැලිගම්පිටිය’ පදෙසේ දිවිගෙවමින් ඔහු අදටත් ක්‍ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරිව සිටි.
---------------------------
ආචාර්ය වික්ටර් රත්නායක
කැන්දා ඔබ එහා ගමට ගෙනගියදා සිට ...
මන්දා මගේ සිත පාඵයි බහක් නොදුන්නට ..
බැද්ද කොණේ පිපුනු මලක සුවඳ නුරාවට ..
නැද්ද ළඳේ සිත බැඳුනේ සිටිය තුරාවට ..
(පබැඳුම - ගුණසේන කඩිගමුව - තනු සහ සංගීත රටා - මර්වින් ප‍්‍රියන්ත ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක - නිපැයුම - ලංකා ගුවන් විදුලිය 1981 දී නිකුත් වු එල් පි තැටියක ඇතුළත් විය*
---------------------------
මෙතැනින් සවන්දෙන්න
-------------------------
එසේ ඔහු වැයු මධුර මනෝහර ගීතාවලියේ ප‍්‍රත්‍යවලෝකනයේ විරාමයකට ඉඩ කඩ පාදා ගනිමින් ලිපිය අවසන් කරන්නේ එහි ඉදිරි පියවර වෙත මතු පිවිසෙන අදිටනින්ය. එහෙත් ඊට පළමුව යළිදු වරක් සුපුරුදු මවුත්ඔ්ගන් ගී අනුවාදනයකින් දැහැන් ගතවනු වටී.
ගී අනුවාදනය - ඉඳුනිල් ගගුළැල් පියුමින් වටවූ.........
---------------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
ස්තුතියි - ප‍්‍රවිණ මවුත්ඔ්ගන් ශීල්පී මර්වින් ප‍්‍රියන්ත වෙත
+++++++++++
ReplyDelete👌🙏😊
සුමියුරු තනු නිර්මාණය කළ අතිදක්ෂ සංගීතවේදී සරත් දසනායකයන් හින්දි ගී තනු කොපි කළ කෙනෙක්ද?
ReplyDeleteඑවැනි අවස්ථාවන් වාර්තා වී නැහැ. "සරා සදේ සිනහ සේලේ...." ඔහුගේ සම්මානනීය තනුවයි.
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 6 කලා කෙත" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteමා හැකි අයුරින් ඔබේ ඉල්ලිම ඉටුකරන්නම්. ස්තුතියි !
Deleteහැමදාම වගේම රසාලිප්ත ලිපියක්! ජයවේවා!
ReplyDelete