namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, October 25, 2021

හෙළ ගී මියැසියේ වැයුනු මවුත් ඕගන් නාදරටා සංකලනය... Mouth ORGAN MUSIC in Sinhalese Songs of 70-90s

දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ................තෙවැනි  දිගහැරුම........

( මර්වින් ප‍්‍රියන්ත මවුත් ඔ්ගන් නාද ප‍්‍රතිභා ප‍්‍රභා......)

 1977 ඉල්මස 18 වැනි දාතමින් තිරයේ මතු වි නැගුනු ’නිවෙන ගින්න’ අදියුරු ’අමරනාත් ජයතිලකයන්ගේය. එසේම ගී ස්වර සංකලන රටා මැවු ආචාර්ය ෂෙල්ටන් ඒවා ශ‍්‍රාවක සවන්පත් අතරට යොමුකරවීම පිනිස තෝරාගත් වාදක මඩුල්ලේ සාමජිකත්වයට සිය ශිෂ්‍ය ’මර්වින් ප‍්‍රියන්ත’ ද ඇතුළත් කලේ ඔහු ලවා ’මවුත් ඔ්ගන්’ හඬ නංවාගනු පිණිසය.


චංචල දෑසක වාසනා ...


තරු එලියක් බබලයි


ජිවිතේ ...


මීවිතයි


ආදරේ ...


මල්සර හීයක දැවටිලා හිත ඔබවෙත ඇදුනයි...


ජිවිතේ...


ගීතයයි ..


අදරේ...


පෙම්සිහිනේ .. ඔංචිල්ලේ .. පැද්දෙන්නේ..


(ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද සුජාතා අත්තනායක - ගී පබැඳුම - සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)


------------------------------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------------------

-------------------------------------------------

දිවිමග අත්වැල දිනු දා ....................ප‍්‍රිය සම්භාෂණයේ සුභාශීංසන ලබද්දී................



තම ආදරණිය ගුරුදේව ෂෙල්ටන් පේ‍්‍රමරත්න සහ ඔහු සොයුරු විමල් ජේ ශ‍්‍රියාරත්නයන් සමග මර්වින් ප‍්‍රියන්ත සහ මනාලිය අනෝමා චාන්දනී ....1981 වසර ගතවෙද්දී

-------------------------------------------------

සංගීත සංයෝජනයේ විවිධත්වය රසය තිව්ර කරන්නට නිතිපතා වෙහෙස වූ ’ෂෙල්ටන් මාස්ටර්’ සංගීතවේදියා ඒ සඳහා සිංහල ගීත උදෙසා පෙර භාවිතා නොවූ ලෝ පුරා විවිධ ජාතින් සහ රටවල් විසින් යොදාගන්නා ලද නෙකකාර වාද්‍ය භාන්ඩ නිරතුරු සිය නිර්මාණ සඳහා යොදාගනිමින් ඒවා නැවුම් රසයකින් ශ‍්‍රාවකයා වෙත පිළිගන්වන්නට උත්සහ දෑරිය. මීට නිදසුන් ගණනාවක් ගෙනහැර දැක්විය හැකි වුවද, 1972 වසරේ තිරගත වු ’හිතක පිපුණු මල්’ සංගීතමය සිනමා පටය සඳහා සංගීතය නිර්මාණය කිරීමේදී එහි ගැයෙන ’වැදිගීය’ වු ’මා මෙනි මා දෙයියා.....’ මෙන්ම 1971 ’කළණ මිතුරෝ’ හි බෙග් විසින් ගැයුනු ’අභිමාණනිය ධිර වු අතිජාත භූමි ලංකා’ වෙනුවෙන් ’බෑග්ෆයිප්’ වාදනය කරවිම සඳහන් කළ හැකිය. තම නවතම සිසුවා ’මර්වින් ප‍්‍රියන්ත’ හට යළිත් අවස්ථාවක් ලබා දෙමින් ඔහු ගුවන් විදුලි ගීත නාටකයක් වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදුනු ගීත පෙළක ගැයුනු පහත දැක්වෙන අපුර්ව නිර්මාණය සිහියට නගාගනු වටනේය. එහි ආර්මභක - අන්තර් සියඵ වාද්‍ය ඛන්ඩ වැයෙන්නේ ’මවුත් ඔ්ගනයේ’ ආධාරයෙනි.


කඳනා ඩි මැසනඩ් විදුහලෙන් අකුරු කළ මෙකී මවුත් ඔ්ගන් ශිල්පියා එවකට යම්තම් විසිදෙහැවිරිදි වියේ පසුවු යෞවනයෙකි. ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ සාමජිකත්වය නිල වශයෙන් හොබවන්නට පෙරාතුව ඔහු එහි පිවිසියේ එවකට අධුනික ගායන ශීල්පිනියෙක වු නැසිගිය බී ඇස් මාලිනී එනම් මාලිනි බුලත්සිංහල හඬින් ගැයෙන්නට නියමිතව තිබින.

 

අන්තර් වාද්‍ය රටා වෙනුවෙන් සැකසී තිබුනු තම ස්වර ලිපිය වෙනත් වාද්‍ය භාන්ඩ යොදා වයන්නට උත්සහ දරා එයින් තෘප්තිමත් නොවු සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් තම කන්ඩායමට එක් වුනු යෞවනයා විමසිය.


උත්සහ කරමු ද බලන්න...............?’


’හොඳයි සර්’


පුහුණු සැසියක නිරතවන්නට සුඵ විරාමයක අවසරයක් ලබගත් මර්වින් ප‍්‍රියන්ත අතරැුඳි හුරු බුහුටි වාද්‍ය භාන්ඩය දෙතොලග රඳවා වයන්නට පටන් ගත්තේය. 


නාදරටා වාද්‍ය ඛන්ඩ හා හඬ මුසුකිරීම වෙනත් අවස්ථාවන්හිදී සිදුකරන්නට ’ගුවන් විදුලි මැදිරි පටිගතකිරීම’ හිදී එදා අවසර නොලැබුනා පමණක් නොව එසේ කිරීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්ද තිබුනේ නැත. එනම් ප‍්‍රසංග වේදිකා අත්දැකිමක් මෙන් එහිදි ගායකයා වාද්‍ය වෘන්දය සමග සජිවීව ගයනා කළ යුතු අතර අතපසුවිම් අත්වැරැුදි සඳහා අවස්ථාවක අවම කරගත යුතුමය.


ගීතය පටිගත කෙරිනි. වහා ආධුනික ශීල්පියා වෙත එළැඹි මේ මහා සංගීතවේදියා ඔහුගේ සුරත ගෙන සුභ පැතුවේය. කාරුණික දිරිගැන්විමේ වදන් තෙපළමින් ධෛර්ය නමැති ශක්තිධාරාව දැල්වූයේය. 


අඩසියවසකට ආසන්න යුගයකට පෙර බිහිවු එකී අපුර්ව නිර්මාණයේ ’මවුත්ඔ්ගන් වාද්‍ය මිහිරෙන්’ ශ‍්‍රාවකයන් අදද මත්වෙයි. ඇතැම්හූ එය නොඅදහති. තාක්ෂනික ප‍්‍රයෝගයක් යැයි කියා සිටිති. ’මාලිනි බුලත්සිංහල’ ගායනවේදිනිය එය යළි යළීත් නොයෙක් වර ගැයුවාය. නමුත් මුල්ගීයේ රසය එදත් අදත් එකලෙස මිහිර මවයි.



සඳ මඬලේ සිට .................


තරු මඬලේ සිට ......


දිවැස් හෙළන පුතුනේ ....


බලාගන්න පුත .. බලාගන්න පුත ...


ලස්සන ලක් දෙරණේ ....


පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ ...


හෙට උපදින පුතුටයි ...


කම්හල් නව නිපැයුම් නිමවන්නේ ..


ඒ සුරතල් පුතුටයි ..............


සාර කෙතේ අස්වනු පීදෙන්නේ ...


පුතුනි ඔබේ නමටයි ....


නුඹේ පියාගේ දෑත රත්තරං


පුතු ලද දෙව් පිහිටයි .................


(ගැයුම - මාලිනි බුලත්සිංහල)


------------------------------------

සම්පුර්ණ සංගීත ඛන්ඩයන් මවුත්ඔ්ගනයෙන් වාදනය කරන ලද මෙම මුල් ගීතය ට සවන්දෙන්න

-------------------------------------

නිර්මාණය කර දුන් ස්වර ප‍්‍රස්ථාරයේ එකිනෙකට දුරින් පිහිටි ස්වරයන්ගෙන් සමන්විත ’සඳ මඬලේ’ අන්තර්වාදනය තමන් එදාමෙදා තුර වාදනය කරන ලද්දාවු වඩාත් ම අසිරු වාද්‍ය අනුඛන්ඩයන්  අතරින් එකකැයි ඔහු අවධාරණය කර සිටියේය. 

පෙර සඳහන් කළ අයුරින්, ආචාර්ය දයාරත්න රණතුංගයෝ තමන් ගයන්නට නියමිත නවතම ගුවන් විදුලි ගීතාවලිය උදෙසා ’මර්වින් පි‍්‍රයන්ත’ ගේ දායකත්වය නිරතුරු ලබාගත්තේය. ප‍්‍රථිපලය වුයේ ගුවන් විදුලි සරළ ගීයේ නව හැඩතලයන් මතුකරමින්  මවුත් ඔ්ගන් වාදනයෙන් සුසැදි නැවුම් ආරක ගී පෙළක් එයින් බිහිවිමයි (පෙර ලැයිස්තු ගත වි ඇත).

මේ හුරුබුහුටි කුඩා වාද්‍ය භාන්ඩය වාදකයන් අතර අතිනත හුවමාරු කරගත යුතු නොවන්නක් බව ඔහු කියා සිටී. ඒ යමෙකු ගේ ඛේටය නිරන්තරයෙන් එහි තැවරී ඇතිවා පමණක් නොව ඒවා සිදුරු තුලින් අභ්‍යන්තරයටද කාන්දු වන නිසාවෙනැයි කියනු ලබයි. එසේම එය අන් වාද්‍ය උපකරණයන් මෙන්  වසර ගණනාවක් භාවිත කල නොහැක්කක් බවට පත්වන්නේද උක්ත කාරණය නිසාම ඊට හානි සිදුවි කාර්යක්‍ෂමතාව හින වීම නිසා බවද හෙළිදරවු කරයි.


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන් ............


පෙම්බස් දෙඩුවෙමු උයන් කොණක හිඳ ............


ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු ............


දෙපා වාරු නැත ඔබ හැර යන්නට ................



නිල් තණ පළසෙහි ගැටුන දෙපාවයි.....


කෝල බැලුම් කෙළි කවට සිනාවයි...


මල් නැටුමයි කළගෙඩි නැටුමයි ...


මගේ දෑස තුල යළිත් රැුඳේවිද .............



නෙත කඳුලින් හස කැණින් මුවාකල ..........


සොඳුරු පැතුම් පුරවා මන්මත් කල .....


මගේ කෙළිලොල් විය ගෙවුනු වගයි ...


මා හැදු පාසල් මවුනි දයාදර ..........


---------------------------

ගී පද සහ තනුව - සංගීතවේදී සෝමතිලක ජයමහ


නිපැයුම - ලංකා ගුවන් විදුලිය


සහය ගායිකාව - නීලා වික‍්‍රමසිංහ


වසර - 1978 පමණ

----------------------------


මෙම ’යුග ගී නිර්මාණය’ සෝමතිලක ජයමහ සහ නීලා වික‍්‍රමසිංහ නම් වු එදා අතිශය ජනප‍්‍රිය ගුවන් විදුලි ගායන ශීල්පීන් විසින් ගැයුවේ 80 දශකයේ එළපත්තේදීය. ගායකයා විසින් පද රචනය කරන ලදුව සංගීතවත් කල එය එදා ’ගුවන් විදුලි’ යෙන් දොරට වැඩි දහසක් ගී අතර ශ‍්‍රාවක මතකයේ නිදන්ව පවතී. එහි දී ’මර්වින් ප‍්‍රියන්ත’ තත්පර පහක පමන ඉතා කෙටි වාදනයක නිරත වෙයි.


70 දශකයේ ගෙවියද්දී ජ්‍යෙෂ්ඨ සංගීතවේදි සරත් දසනායකයන් ප‍්‍රවිණ සිනමාවේදී හර්බට් රංජිත් පීරිස් ගේ ’එක්ටැම්ගේ’ (රගපෑම් - රවින්ද‍්‍ර රන්දෙණිය - මාලිනි ෆොන්සේකා) වෙනුවෙන් ස්වර රටා සම්පාදනයේ යෙදී සිටියේය. සිඳුතෙරින් එපිට හුදකලා ’එක්ටැම්ගෙය’ මත්තෙහි පේ‍්‍රමවියෝගයෙන් දැවෙන මානවකයා ගේ චංචල සිතුවිලි මතුකරදැක්වෙන අපුරු ගීතය සඳහා හඬ මුසුකලේ නැසිගිය ගුණදාස කපුගේ සංගීතවේදී ගායන ශීල්පියා විසිනි. එහි වැයෙන සුළලිත සංගීත ඛන්ඩ මතුවි නැගෙන්නේ ද ’මර්වින් ප‍්‍රියන්තයනගේ දෙතොල් අතර රැුඳුනු මවුත්ඔ්ගනයෙනි.

ඔහු සමගින් වික්ටර් දඵගම,මර්වින් විජේවර්ධන,ගේ‍්‍රෂන් ආනන්දයන්ද, මර්වින් පෙරේරා සහ පැට‍්‍රීක් දෙණිපිටියද සිය ළැමට තුරුඵ කරගත් ’බොක්ස් ගිටාරයන්’ හි තත් පිරිමදිමින් ඊට සහය වුහ. ගුවන් විදුලි සිනමා ගී අති විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් සිතාරයේ තත් හැඬවූ වයි එම් සුමනසිරි හා බොංගෝ කට්ටලය වයමින් කරුණාරත්න ජයසිංහ මෙන්ම ඩබල් බේස් අතදරාගත් නේසන් මානික්කවාසගර් ද යන මේ රසවතුන් ද චිත‍්‍රාගාර වාද්‍ය වෘන්දය වර්ණවත් කළහ. 



උන්මාද සිතුවම් මැවේ බිඳේ ....


මිහිදුම් වළා රැුඳි අතීතයේ ...


බිඳුනු පෙමින් ගිනිගත් හදවත් ...


තනිවේ එක්ටැම්ගේ .........................


(ගැයුම - නැසිගිය ගුණදාස කපුගේ, ගී පද-  මහාචාර්ය සුනිල් ආරියරත්න - සංගීතය නැසිගිය සරත් දසනායක, ජවනිකාවේ පෙනී සිටිම රංගනවේදී රවින්ද‍්‍ර රන්දෙණිය - ’එක්ටැම්ගේ’ නැසිගිය හර්බට් රංජිත් පීරිස් සිනමාවේදියාගේ නිමැයුමකි - 1980)

ප‍්රහර්ෂය ප‍්‍රමෝදය මතුකර දක්වනු පිනිස යොදා ගන්න ’මවුත් ඔ්ගනය’ විරහ වේදනාව මතුකර දක්වනු උදෙසා යොදාගෙන ඇති මේ නිර්මාණයේදී ’වාදකයා’ ද එකී ගීතය වැයෙන රූප රාමු පෙළෙහි චරිතයට ආරූඩ වී එය තමන් විසින් අත්දකින ලද්දකැයි යන්න සළකා සිය කාර්යයේ නිරතවීමේදී වඩාත් සොඳුරු නාදමාලා ජනිත කළ හැකි වන්නේයැයි තමන් විශ්වාස කරන බව ඔහුගේ අදහසයි

------------------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------


මුවමත රඳවා තබා වයන ’මවුත්ඔ්ගනය’ පරදන සුඵ සාක්කුවේ රුවාගෙන යා හැකි එහි නිවුන් සොයුරු බඳුවු පොදුජන රසවතුන්ගේ එදිනෙදා සංගීත රසය මවන ශූශිර වාද්‍ය භාන්ඩය ’බටනළාවයි’. ගුවන් විදුලි - වෙළඳ තැටි - සිනමා ගී - කැසට් පට ගී නිර්මාණ වංශකථාවේ නොමැකෙන ලෙස සිය නාමය රැුඳවූ ’වස්දඬු වාදකයන්’ අතර ආනන්දනීය තනු මවන  සංගීතවේදී වී හේමපාල පෙරේරා ද වෙයි. 70 දශකයේ දෙවන භාගයේ එක්තරා දිනයකදී ඔහු මිමිණු මනමෝහණිය තනුවක අසිරිය මවා එයින් ශ‍්‍රාවක දෙසවන් කුල්මත් කරවුයේ ප‍්‍රවිණ ගායිකා ආචාරිනී සුජාතා අත්තනායකය. එහි වැයෙනා ’මවුත් - ඔ්ගන්’ ස්වරරටාව රසගැන්වුයේ ද අන් කවරෙක් නොව මර්වින් ප‍්‍රියන්ත නම් වු ඔහුමය. ඒ රමණිය හෙළ පද එකතැන් කරමින් ගී කවි පබැදූ උපාලි ධනවල විතානයන්ගේ පදමාලාවක් වෙනුවෙනි.


ඔබ රජ කුමරුන් වේ මා සිතුවා ....................


යොවුන් කල්පනා ටජ්මහලේ .....................


මගේ පුංචි ලෝකේ ............................


මගේ පුංචි ලෝකේ ...................


---------------------------

නිර්මාණය - ලංකා ගුවන් විදුලිය විසිනි


ගැයුම - ආචාර්ය සුජාතා අත්තනායක


වසර - 1977 පමන


සංගීතය සහ තනු නිර්මාණය - සංගීතවේදී වී හේමපාල පෙරේරා


මවුත්ඔ්ගන් හඬ මාධූර්යය  - මර්වින් ප‍්‍රියන්ත (ගුවන් විදුලි වාද්‍ය වෘන්දය)

----------------------------------

මෙතැනින් සවන්දෙන්න

----------------------------------


මවුත් ඔ්ගනයේ නාද මාධූර්යය කැටිවු සිංහල ගීත සංඛ්‍යාත්මකව මෙන්ම සංසන්දනාත්මකව ද සුඵ ප‍්‍රතිශතයකි. එහෙත් ඒ සෑම ගීයකම පාහේ තනුව භාවපූර්ණය ළගන්නා සුඵය. මෙම ලිපි මාලාව සබැඳිව ඉදිරිපත් කරන ’ගීත’ ද එදවස ගුවන් විදුලියේ සැගව ගීයා නොවේ. ඒවා නිතිපතා නිරතුරු ශ‍්‍රාවක වින්දනය සඳහා ගුවන් තරංග අතරට මුදාහරින ලදී. එහි ප‍්‍රතිඵලය ලෙස ඒවා ශ‍්‍රාවක හදවත් හි නොමැකෙන ලෙස ලැගුම් ගත් අතර ’රියැලිටි වේදිකාවේ’, ’රූපවාහිනි සංගීතමය විචිත‍්‍රාංගයේදී’, කඩමන්ඩියේ, බස්පොළේ, පමණක් නොව තමන් පදවායන රථයේ ද ඒවා යළි යළිත් අසමින් රසවිඳීමට ඉන් නොනැවතී සිහින් සරින් මුමුණන්නට, උස් හඬින් ගයා දවස පුරා විඩාවට පත් සිත නිවා සුවපත් කරගන්නටද ආදරණිය ගී රසිකයා එදාද අදද මෙන්ම මතුද පෙළඹෙනු ඇත.


ගී පෙළහර මින් නිමා නොවේ...එහි රසමිහිර විඳගන්නට යළි හමුවන තුරු වෙන්ව යමු... ඔහුගේ කර්ණරසායන ගී අනුවාදනයේ දැහැන් ගත වෙමින්...


-------------------------

උපුටා ගැනීම - මර්වින් ප‍්‍රියන්ත ගී අනුවාදන කැසට් පටය - 1983?  - මෙතැනින් සවන්දෙන්න

’නංගිලා මල්ලිලා .... ඉන්නවාදෝ බලා...මං එති දැන් එති දැන් කියා.....’


ගැයුම - නැසිගිය සිඩ්නි ආටිගල - 50 දශකයේ ගුවන් විදුලි ගීතයක් වු අතර ඉන් පසු දශක ගණනාවකදී රසිකයන් විසින් සෙනෙහසින් වැළඳ ගත් නිර්මාණයකි.


------------------------------


(විශේෂ ස්තුතිය - ප‍්‍රවිණ මවුත් ඔ්ගන් වාද්‍ය ශිල්පී මර්වින් ප‍්‍රියන්ත සංගීතඥයා වෙත)

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් ලිපි ගොණු එකතුව - 2021  - ඔක්තෝබර් 26 දිනදීය.

6 comments:

  1. වඩබා මුඛය වෙත ඇදෙනා නැවක ඇතී
    මිණි මුතු වුවද සිඳු පතුලේ ගිළී යතී
    එයින් හැකි තරම් බේරා ගන්න හිතී
    කෙරෙන වෑයමක් විදිහයි, හරි වටිතී!

    ReplyDelete
    Replies
    1. මිණිමුතු කැට බොරඵ ලෙසින් හැඳින ගනී
      තිරිවානා කැට කැබැලිිතිි අගය වෙතී
      අරැමය කිමද ⁣වටහා ගනු බැරිය සකී
      පැණසර නැණවතුන් මතු නොම පහළවෙති

      Delete
  2. අප්පට සිරි ඇත්ත නේන්නම් "සඳ මඩලේ සිට...." ඉන්ටර්ලූඩ් එක ගහන්නේ මවුතෝගන් පාට් එකක් නේන්නං! ස්තූතියි! ඔබ මේ කරණ්නේ ඉතා වටිනා කියන මෙහෙයක්!

    ReplyDelete
    Replies
    1. ගීයක් යනු විවිධ ප්‍රසංගයකි

      Delete