පිළිතුරු ගී රචනා කලාව - 70 දශකය
දිනපතාම පාහේ වෙළඳ තැටියකින්, ගුවන් විදුලියෙන්, සිනමාවෙන්, වේදිකා නාට්‍යයෙන් සිංහල ගීත කලාවට මහා ගීත ප්‍රවාහයක් කුණාටුවක් හමා ගිය 70 දශකයේ දී, එසේ බිහි වූ ගීත දිනය පුරා විසුරුවා හරින්නට ’ලංකා ගුවන් විදුලිය’ සැදී පැහැදී සිටියේය. ඒ උදෙසා එහි විවිධාංගීකරණයට ලක් වූ ගීතමය විචිත්‍රාංග දිනකට අඩ පැයක්, අඩ පැයකින් අඩක් ලෙස එකක් පසුපස එකක් පෙළගස්වනු ලැබ තිබිනි.
ළමා ගී,
කන්ඩායම් ගී,
බොදු ගී
සරල ගී
චිත්‍රපට ගී
සමූහ ගී
වේදිකා නාට්‍ය ගී
විරිදු
යුග ගී
පර්යේෂන ගී
දේශාභිමානී ගී
නිවේදක තෝරයි
සම්පාදක තෝරයි
ඒ අතරින් කිහිපයකි. රූපවාහිනි මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආගන්තුක වු අපට, එදිනෙදා විනෝදාස්වාදය සඳහා ඉතිරිව පැවති එකම මාධ්‍යය මේ රාජ්‍ය ගුවන් විදුලියයි.
පෞද්ගලික පංති නොගිය සිසු දරුවෝ හවස් වරුව පුරාම. පාසල් නිවාඩුව පුරාම, ගීත රසාස්වාදය විඳිමින් සිය රසිකත්වය වර්ධනය කර ගත්හ.
ගීතයක් අතිශයින් ජනප්‍රිය වූ විට එහි පදමාලාවෙන් අරුත් ගැන්වෙන කාරණය උදෙසා වෙනත් පදමාලාවක් ප්‍රබන්ධ කර එදවස තිබූ ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හරින්නට ලක්දිව පුරා විසිරි සිටි කවියන් කිවිඳියන් පැකිඵනේ නැත. එය අරුත්බර නම් මුලින් කී ජනප්‍රිය ගීතයට පිළිතුරු ගීතයක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් උත්සුක විය. එදවස ප්‍රකට සංගීතවේදීන් ඊට මධුර තනු සහ සංගීත රටා නිර්මාණය කර දුන්හ.
මේ කාරණයේදී ඇතැම් විට එකම ගීත රචකයා ගීත යුගළයක්ම පැන - පිළිතුරු ගීත ලෙස සකසන්නට ඉදිරිපත් වූ අවස්ථා ද නැත්තේ නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස් කවියා ගේ බිරිඳ දයා ද අල්විස් කිවිඳිය සිය සැමියාට නොදෙවෙනි ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සිය හඞ හසුරුවමින් කටයුතු කළ 70 දශකයේ ලියු ගීත යුගළයක අතීත පුවත් අඩසියවසකට පසු අදටත් රසික හදවත් වලින් වියැකි ගොස් නැත්තේය.
ප්‍රේමකීර්ති සහ දයා ද අල්විස් දෙපොළසහසක් පැතුමන් ඉපදී මියගොස් ...
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන...
ඇහැළ මහට අඩ සඳ පෑයූ දා ...
මතකද සිරි දළදා වැන්දා.......
සෙංකඩගල පුර ඉපිද හැදී වැඩුනු ’දයා’ සිය ගමිපියසේ තොරතුරු එසේ ලියා එයින් නොනැවතී ඊට මේ ගීතයෙන් පිළිඹිබු වන ’යුවතිය’ ගේ ආදරවන්තයා ට ආරුඩ වෙමින් යළිත් පදවැලක් පබැඳුවාය.
සහසක් පැතුමන් නැම මා පැතුවේ...
එකම පැතුම පමණකි හිත රැඳුනේ ...
හද අඹරෙහි අඩසඳ වැනි නෑනේ...
මතකයි සිරි දළදා වැන්දා ................
--------------------------
මේ යුගයේ දීම සෙංකඩගල පුරය අළලා ඇගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියු ගීයක්ද මහත් සේ රසික ජනාදරය දිනාගෙන තිබුනි.
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි....
මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි...
වැව් ඉවුරේ දියරැල පෙරසේම බිඳෙනවා...
නුග ගස් පෙළ අප නැතුවත් තව දඵ ළනවා ....
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...
නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....
----------------------------
ගායක සංගීතවේදී මර්වින් පෙරේරා - 70 දශකයේ ගීත තාරකාව
ගීතය ගුවනින් උදේ හවා තරංග මාලාවන් හා මුසුවෙමන් ශ්‍රාවක සවනත පිනවද්දී එයින් මත් වු එක්තරා ශ්‍රාවිකාවක් ඊට පිළීවදිනින් සංග්‍රහ කර ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හැරියාය. ගීතය තෝරාගත් සංගීතවේදී ’ගුණදාස කපුගේ’ ශූරීන් ගුවන් විදුලියේ සේවය කළ වැඩසටහන් සම්පාදිකාවක් ගායන ශිල්පිනියක් ලෙස අබිසෙස් ලැබ ගයන්නට නියමිත සරළ ගී වැඩසටහනක් උදෙසා ඊට මධුර තනුවක් මුසු කරදුන්නේය.
ගීතයේ ගායිකාව පුන්‍යා කත්‍රිආරච්චිය රචිකාව පාසල් ගුරුවරියක වූ සුනිලා විජේසිංහය ඇය කෘතහස්ත පුවත්පත් කලාවේදීයෙකුව ’දිවයින’ කර්තෘ මන්ඩලයේ සේවය කළ ’චන්ද්‍රසිරි දොඩංගොඩ’ ශූරීන් ගේ දයාබර බිරිඳය.
මා ඔබ මුණ ගැසුනු අයුරු සිහිකරන්නෙපා.............
මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා ..............
--------------------
එදවස වෙළඳ දැන්වීම පිටපත් රචකයෙකු ලෙසද, සාරගර්භ අරුත්බර සාහිත වදනින් සිය ගීත රචනා කලාව මෙහෙයවන්නෙකු ලෙස ද පරසිඳුව සිටි උපාලි ධනවලවිතානයන් මුදුකර ගම්මානයක තමා අත්දුටු දසුනක් ඇසුරෙන් ගීතයක් පබැඳුවේය. ඒ එදා ගුවන් විදුලියේ සංගීත පාලක සංගීතවේදී දයාරත්න රණතුංග වෙනුවෙනි.
මංගල මධු සමය පතා .......
කුලගෙට ආ රූපිකාව...
පාඵ ලොවක තනිකරදා දියඹට යනවා...
කුස ගින්දර නිවා ලන්න දියඹට යනවා.....
(සංගීතය සරත් ද අල්විස්)
ඔහුගේ බිරිඳ ගායිකා මහාචාර්ය ’අමරා කස්තුරිරත්න’ ගුවන් විදුලි අසන්නන් වෙත හඳුන්වාදුන්නේ ’අමරා රණතුංග’ නමිනි. ඇය ඊට සැපයූ පිළිතුර ලියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.
පාඵ පැලේ මට තනි නෑ හිමියනේ ...
සිත සංකා ගන්න එපා හිමියනේ ...
විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි...
සතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි...
කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා...
කාසි නැතත් හිමිසඳිනේ වැඩි ඈතක යන්න එපා.....
බාධක දුක් දුරුවිලා ගිය කාරිය හරි යනවා...
මගෙ දෙයියෝ උදැනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා....
(සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග)
ගුවන් විදුලි සංස්ථා සංගීතමය වැඩසටහන් විසින් හඳුන්වාදුන් මෙම රැල්ල එයින් ඇදීගියේ වෙළඳ තැටි කලාවටය.
70 දශකයේ මධ්‍ය භාගයේ ව්‍යාපාර ගණනාවක් රජය සතු දෙපාර්තුමෙන්තු’ , ’සංස්ථා’ සහ ’මන්ඩල’ ලෙසින් ක්‍රියාත්මකව තිබිනි. ’ජාතික කිරි මන්ඩලය’ ’වැස්සියකගේ’ රක්ත වර්ණ ලාංඡනය දරා සිය නිපැයුම් වූ රසකළ කිරි සහ යෝගට් අලෙවිකරමින් සිටියේය. ඊට අයිති අලෙවි කුටි ද ’කහ සහ රක්ත වර්ණ සිරස් තීරූ මගින් වර්ණ ගන්වා පැවතියේය. චන්ද්‍රකුමාර් කඳනාරච්චි කැටුව ගුවන් විදුලිය අසල තිබුනු කිරිමන්ඩල කුටියකට ගොඩවැදුනු ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් වූ ප්‍රවිණ ගුවන් විදුලි නිවේදකයා සිය මිතුරාගේ වෙළඳ තැටියකට පෙම් ගීතයක් පබඳන්නට පටන් ගත්තේය.
’මචං මේක නම් හරියන්නේ නෑ....’
’මේක රේඩියෝ සිලෝන් එකෙන් තහනම් කරනවාමයි....
පදමළාව කියවූ ගායකයාට කියැවිනි. ඒ එදා ගීත පදරචනාවක ගුණාත්මක භාවය, සදාචාරය, ආගම, සිරිත් විරිත් මෙකි නොකී නිර්ණායක ගොන්නකින් පදමාළාවකට සිමා පැණවි තිබුනු යුගයක වු බැවින් වන්නට ඇත.
’තහනම්...? තහනම් ...?
එහෙනං මෙහාට ගනින් ඕක...
චන්ද්‍රකුමර් කඳනාරච්ච්
කියමින් කේ ඩි කේ සිය පදමළාව විසිකර දැමුවේය. යළිත් වරක් කොලයක් ගෙන තවත් එකක් ලියන්නට පටන් ගත්තේය.
ඇගේ සිනහව තහනම් ...
ගෙදරින් මට තහනම් ....
සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...
චර පුරුෂයෝ දැන් මා වටලා ...
යනඑන හැම තැන් මුරදාලා .......
(චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නන්ගර, පදබැඳුම - කේ ඩි කේ ධර්මවර්ධන)
මුලින් කී පදමාලාවට මෙය නෑකමක් තිබෙන්නට ඇත. එහෙත් එය විමසා දැනගන්නට අද ’චන්ද්‍රකුමාර්’ හෝ ’කේ ඩි කේ’ හෝ ’උපාලි කන්නන්ගර’ යන මේ කිසිවෙකුත් අප අතර නැත. දුරකථනයෙන් අසා දැනගත් දේ එපමණක්ම පමණක් විය.
'දින සති මාස ගණන් ගතවිය. ගායකයා යළිත් ඊට පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.
’සිනහව ඇගේ තහනම් වූ පසු පෙර දවසේ....’
’මා නොයනා ගුරු පාරක් ඇත මේ පදෙසේ ....
’එහි වූ තුරුවැල් මල් ගැන නොදනිමි පෙරසේ ...
එනමුදු මඟ සළකුණු තවමත් ඇත මනසේ .....
(කේ ඩි කේ - උපාලි - චන්ද්‍රකුමාර්)
---------------------------------------
අනිල් භාරති ගැයු ’අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය ද , මිල්ටන් මල්ලවාරච්චි ගේ අතිපරසිඳු ’එදා රෑ ගුවන් තොටුපොළේදී මා..............’ යන යුගළයද එළිදුටුවේ වෙළඳ ගී තැටි ඔස්සේය. ප්‍රවිණ සංගීතඳ ගායක මෙල්රෝයි ධර්මරත්න සුරස ගීත පද රචකයෙකු ද වෙයි. ඔහු මේ බව අළලා ලියුවග නම්
ගිය ඉරිදා ඔබ මා සමගයි....
මේ ඉරිදා ඔබ වෙන තැනකයි...
වෙන තැනකයි ඔබ වෙන රටකයි....
සෝ දුක් කඳුළැලි තවම නැගෙයි.......
ඔබ නැති පාඵව සිතට නැගෙයි.....
(ඉන්ද්‍රානී පෙරේරා ගැයුමකි - ’තරංගා’ වෙළඳ තැටි - 1976)
ක්ලැරන්ස් විජේවර්ධන ගේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ වාදක ගායක පිරිස ගැයු ’අක්කාගේ ලියුම’ ශ්‍රවණය නොකළ රසිකයෙකු 70 දශකයේ සිටියේ නම් ඔහු ගීත ලෝළියෙකු නොවනු නිසැකය.
ගමෙන් ලියුමක් ඇවිල්ලා ....
අක්කගෙන් වාගේ ....
මොකක් කියලාද දන්නෑ...
එහි ගියෙත් නෑනේ .....
පහළ කුඹුරේ නිල්ගොයම් රැල්...
හරිම සාරුසාරයි...
වැසි වැටි වැව් ළිං පිරීලා ...
හරිම සිරියාවයි....
ළඟදි එනවානං හොඳයි ...
නිවාඩුව දැන් දැන් ළඟයි...
ඔහුම ඊට පිළිවදනින් සංග්‍රහ කරමින්
දයාබර අක්කේ....
කලක් ගතවී ගියා....
තවම නෑ පිළීතුරක් ලියා ....
අදම මෙය ලියැමියැයි කියා...
ලියන්නේ වැඩ දහක් තියා...
ගමේ එන්නට සිතේ තියා..
සිටිය මුත් සති ගණන් ගියා...
ඉවරයක් නැති ලියුම් ලියා...
පළක් නෑ මම ගමේ නොයා...
--------------------------------------------
මේ අතරවාරයේ සුනිල් සාන්තයන් චිත්‍රා සෝමපාල හා ගැයු ’බෝවිටියා දං පඵ කං වාරේ..............’ නම් වු අතිශය සොඳුරු ගීතය ඔහු විසින්ම පද විපර්යාසයකට භාජනයක කොට වෙනත් ළයකින් ගායනා කරන්නට යෙදුනු අතර
මහාචාර්ය සුනිල් ආරියරත්න පබැඳූ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් -නීලා වික්‍රමසිංහ ඒකල පන්ඩිත් අමරදේවයන් හා යුග ගීයක් ලෙසද, ආචාර්ය අජන්තා රණසිංහ ගේ ’දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්’ චන්ද්‍රානි ගුණවර්ධනට පසුව වෙනස් පද පෙරළියකින් ශ්‍රීලාල් සෙනවිරත්න ගැයු වගද, කරුණාරත්න අබේසේකරයන් විසින් ඉන්ද්‍රානි විජයබන්ඩාරට ලියු ’කරුලනි කාගේදෝ මංගල්ලේ... පද පෙරළියකින් ළමා ගායිකා ලිලන්ති කරුණායක ගැයු වගද, ඔහුම ලියා ශ්‍රීමති තිලකරත්න ගැයු ’මගේ පුතා සැපට නිදයි කුටියේ ඇඳිරියේ....’ නවපද මුසුවකින් ඇන්ජලීන් ගුණතිලක විසින් ගැයු බවද වෙසෙසා දක්වනු මනාය.
ගීතය ආත්මය කරගත් රසික සමූහයකින් හෙබි එදා යුගය මෙවන් රසවත් සිදුවිම් හා සබැඳි නිර්මාණ රැසකින් පරිපුර්ණ විය. යුග යුග දශක ගණන් ශ්‍රාවක මතකයේ ලැගුම් ගත් අමරණිය ගී උල්පතක අතීත මතකාර්ජනය නිමා කරමි.