නලලතේ රැඳි සිකුරා හිනැහෙයි
සුන්දර කන්ද උඩරට දළදා සමිඳු වැඩසිටින ඉසව්වට පෙනෙන දුරින් දම්රදයේ සිට අකුරු කළ ඔහු ගේ නිති ඇසුර ඉන් මදක් ඔබ්බෙන් වැව් ඉවුරේ මල්වතු මහ විහාරයේ මහා යතිවරුන් අතර විය
පාලි-සංස්‌කෘත ද්විභාෂා මනාව ප්‍රගුණ කළ ඔහුගේ සිත නැවතුනේ ගුවන් විදුලියේය
ඒ නොනිමි ආශාවෙන් මඩනා ලදින් පේරාදෙණිය සරසවියේ රැකියාවෙන් ඉවත්වූ ඔහුගේ මිලග නවාතැන ගුවන් විදුලි තැටි ගබඩාවයි
1967 වසරේ කැඳවනු ලැබ තිබූ සහන නිවේදක තනතුරකට අයදුම් කරනු ලැබ එයින් 1970 ස්‌ථිර නිවේදකයෙකු ලෙස සේවය කරන්නට වරම් ලැබ දිවි ගමනේ විරාමය දක්‌වා රසඋල්පතක් වන් ගී මුතු පොකුරක නිර්මාපකයාණෝ ලෙස අබිසෙස් ලැබූවේය
1978 ප්‍රථම විධායක ජනපති පදවි ප්‍රාප්තියේ විසිතුරු රටට හෙළිකරන්නට ඔහුගේ හඩ අවදිවිය
------
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපෑ හිතමිතුරාණෝ මිල්ටන් මල්ලවාරච්චිගේ පෙළඹවිම ඇවිටිල්ලක් වී එයින් මගහැර නෑසුකන්ව නොසිටින්නට සිදුව
ආදරයේ මිහිර රැඳි - වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවඳ රැඳී - මහද පැසේ පැතුම් පිරී
නමින් තම කුරුටු ගෑ ඔහු ගේය පද ස්‌වර පද හා සංයෝග කලේ මිතුරුකැළේ යාවජීව සාමාජික වික්‌ටර් රත්නායකය
එයිනුදු නොවේ ඇවිටිල්ල නිමවූයේ ........
තමන්ගේ තුරුණුවියේ සාහිත්‍ය ඇසුරේ වනපොත් කල සැළලිහිණි සංදේශය අනුව යමින් යළිත් පෑන්තුඩ මෙහෙයවමින්
දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීඳුම් සිහින වැල් පැටලේ
නමින් ලියූවේය
එයින් ලැබූ අසිමීත රසික ප්‍රතිචාරය විසින් මෙහෙයවනු ලැබ තමා කලෙක ප්‍රගුණ කල සංස්‌කෘත - සිංහල සාහිත්‍ය ඇසුර ලබමින්
උකුළ ළැමහස මලවි කරළිය මුවා කළ ඇගේ දුහුල් සඵතිර - විවර කෙරුවා
මනස්‌සළෙඵන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය - සුරන් නැළවූ සුයාමය
නම් හෙළගීකෙත උඩුයටිකුරු කල නිර්මාණය සංයමයෙන් දැහැන්ගතව රසවිඳින්නට සමත් ශ්‍රාවක පිරිසකගේ මනදොළ සැපිරීය
1990 වසරේ තම ජිවිකාව සපයා දුන් ආයතනයට 21 වන සියවසේ තාක්‍ෂණික අරුමැසි අරුමයක උදාව සනිටුහන් කරන්නට දාඩිය මුගුරු හෙඵ ඔහු එහි පුරෝගාමි නිවේදකයාණෝ බවට පත්ව ඉතිහාස ගතවිනි
ඔහුද අද නැත - ඒ ශ්‍රාවක පිරිසද වියපත් ව යමින් සිටි
ඔහු වැන්නෝද ඒ තැන ගන්නට සමත් ශ්‍රාවකයෝද පෙනෙන ඉසව්වක වත් නොමැත
ඒ හෙළ ගී කෙත කටුකොහොල් වසා පැතිර වියළි යමින් පවතී
මේ උදාවන්නට නියමිතව ඇත්තේ ඇත්තේ ඔහු සමුගත් ඉක්‌බිති සොළොස්‌වන බක්‌මහ උළෙලයි
කඵආරච්චිගේ දොන් කුලසිරි ධර්මවර්ධන ප්‍රවිණ ගී පද රචකයාණෙනි ඔබ අපට යළි හමුවේවාඇසුර - හඩ සගරාව ඩබ්ලිව් කේ ඒ ප්‍රනාන්දු සටහන
-----------------------
නිර්මාණය
ඒ යුගයේ පැවතුනු එසේම ඔහුගේ සුපුරුදු ගී පද රචනා කලාවෙන් විනිමුක්‌තව කරනු ලැබු නවමු අත්හදාබැලීමකි
තම්මැට්‌ටමක් වයමින් පංචතූර්ය නාදය නංවන්නට උපයෝගි වූ සම්ප්‍රදායික හොරණෑවට ඉතා සමීප ඕබෝව නම් සුශිර භාන්ඩය යොදාගනු ලැබ තිබෙන පදමාලාව කුඵගන්වන ඊටම ගැලපෙන සංගීත සංකලනය ගීතයේ රසය දෙගුණ තෙගුණ කරයි
----------------------------
සංගීත අදියුරු ස්‌වර සංකලනය - සිසිර සේනාරත්න
හඩ ගන්වා පණපෙවීම - ඉන්ද්‍රාණි විජයබන්ඩාර
70 දශකයේ වෙළඳ තැටියකින් උපුටාගතිමි
විශේෂ ස්‌තූතිය- ඉන්ද්‍රාණි විජයබන්ඩාර මහත්මිය
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා වෙන්න ඕනෑ ...
ReplyDeleteමහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ.......
+++++++++++++++++++++++++++++++
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
++++++++++++++++++++++++++++++
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
++++++++++++++++++++++++++++++++
කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකාවිය
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ….
--------------------
කේ .ඩි .කේ ධර්මවර්ධන ගැන නොදන්නා බොහෝ දෙනා ඔහුගේ නිර්මාණ ගැන නම් දන්නා බව කිව යුතුමය ...බොහොම ස්තුතියි ප්‍රභාත් මහත්තයෝ මේ වැනි සටහනක් ඔහු වෙනුවෙන් ගෙන එම ගැන ..ජයවේවා !!!
පමා වි උත්තර බඳින්නට සිදුවීම ගැන කමන්න ඇණෝ කුමරුණි
Deleteමා ඔබේ කමෙන්ටුවා දුටුවේ දැනුයි
ජය ශ්‍රී
අනියත බව කාමරාගය සැකය
Deleteකේ ඩි කේ ගී පද රචනා යටින් දිවයන ජීවන දර්ශනය වටහගනු සමතෙකු ඔහු ගේ සොඳුරු කවීත්වයේ නිසි රස බැඵවෙකු වන්නේය
හොද අදහස් ටිකක්....... මේ විස්තර හරහා අපි නොදන්නා බොහොමයක් දේවල් දැන ගන්න හැකියි.... ඉතින් ඔබේ බ්ලොග් රචනයට සුභ පතනවා... ජයවේවා..
ReplyDeleteකුරුටු ගෑ ගී පවුරාණෙනි ඔබටද ප්‍රණාම වේවා
Deleteමග පෙන්නුව සින්දු ඇනෝට අනේක වාරයක් ස්තූතියි. නැත්නම් මේ අනගි සටහන මගහැරෙනවා.
ReplyDeleteඔවුන් වපුල කලා කෙතේ අස්වනු නෙලා අද ගොන් නාම්බන් ඉපනැල්ලේ පිනුම් ගසති.අපි මැඩුවන් දෙස බලා සුසුම් හෙලමු...
බොහොම ස්තූතියි මෙවන් කලාකරුවන් ආපසු වර්තමානයට ගෙන ඒමට දරණ මේ උත්සාහයට.
මේa බ්ලෝග් හවුසියට ගොඩවැදී කතාබහ කරගිය ඔබට ද ස්‌තූතියි මළණුවනි
Deleteකේ ඩී කේ අන්තිමට නැවතුනේ මේ අරාබියෙ රස් අල් කයිමා ට්‍රයිකෝ එකේ කළමණාකාරකමේ. ඔන්න ප්‍රවීන රචකයන්ට රටේ තිබ්බ තැන.
ReplyDeleteසැබැවි එහි අරුමයක්‌ද නැත
Deleteඑතරම් සේවයක් කළ සුනිල් ශාන්තයන් ජා ඇළ පොළේ කරවල විකුණන්නට පෙළඹුවන් අතරින්
මේ වගේ මිනිස්සුන්ව කුනුමාලු වගේ විසිකළ පාලකයන්ට ශාප වෙනවා.
ReplyDeleteමේ හඬ, මේ ගීත රචනා, අපේ මතකය මැරෙන තුරු පවතිනවා.
දක්‍ෂයන්ට මේ කොදෙව්වේ ඉඩකඩ අවමය
ReplyDeleteඊර්ෂ්‍යාව හිස් මුදුනතම වැජඹෙන බැවිනි