හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාවක රසමුසුව - 01
ගීතයකට සවන් යොමා පුරුදු ශ්‍රාවකයා නිතැතින්ම එහි සම්මත ආකෘතියක් හඳුනාගනී
ඒ අනුව
01 ආරම්භක වාදනය
02 ස්‌ථායි කොටස
03 පළමු අන්තර් වාදනය
04 අන්තර කොටස
05 ස්‌ථායි කොටසේ පුනරුච්චාරණය
06 දෙවන අන්තර් වාදනය (පළමු වාදනය හා සමාන විය හැක)
07 දෙවන අන්තරා කොටස
08 ස්‌ථායි කොටසේ දෙවැනි පුනරුච්චාරණය
09 අවසන් වාදනය
ගීතයක රස මිහිර උද්දීපනය කරන්නට මේවා යේ විවිධත්වය වැයෙන නාදරටා සංකලනය කළ ඇති අයුර යන මේවා හේතු විය හැකිය
මෙහිදී මින් වෙනස් මගක් ගනු ලැබුවේ සිංහල ගැමි ජනකවි හා ගායන පාඨ ඇසුරෙන් නිර්මාණය වූ ගායනාවන්ය
ඒ සඳහා කැපවුනු පළමු හා එකම රාජ්‍ය ආයතනය ගුවන් විදුලියයි ඒ 1970 වසරේදි එහි ප්‍රධානි නෙවිල් ජයවීරයන්ගේ මග පෙන්විමෙන් පිහිටවු සංගීත පර්යේෂණ අංශයයි
ඊට මුල්වී කටයුතු කරන්නට ඇවැසි දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට පත් සමතුන් එවකට එහි සේවය කරනු ලැබීය
ඒ අතරින් කියෑවෙන ප්‍රමුඛතම නාමය වන්නේ
නැසිගිය සී ද එස් කුලතිළක යන්න යි
ජන සංගීතයට ඇඵම් කළ එය ප්‍රවර්ධනය කළ දැවැන්තයා ඔහුය
භාරතයේ විශ්ව භාරති සංගීත ආයතනයෙන් ලැබූ හින්දුස්‌ථානි සංගීතය පිළිබඳ විෂයානුබද්ධ දැනුමෙන් පරිපුර්ණව සිටියද ඔහුගේ ගත- සිත රැඳුනේ තම මව්බිමේ අනාදිමත් කාලයක් සිට පැවතෙන ජන ගීතයේය
උක්‌ත විෂය සම්බන්ධයෙන් අත්කරගෙන තිබු ප්‍රමාණත්මක දැනුමෙන් ද අනුනව සිටි ඔශු ට ලැබුනු මහගු අවස්‌ථාව වුයේ තම ආයතනයට අඵතෙන් පත්ව ප්‍රධානියා වූ රිජ්වේ තිලකරත්නයන්ය
1974 වසරේ දී දෙදෙන ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපලය වුයේ මුල්ම ගුවන් විදුලි ජන ගී දිර්ඝ ධාවන තැටිය එළි දැක්‌වීමයි ඒ ගුවන් විදුලි සංගීත පර්යේෂණ අංශය වෙතිනි
එවකට එහි පැවති හින්දුස්‌ථානි සංගීත ගුරුකුලයේ පැවැත්ම වෙනුවෙන් පෙනි සිටි කලහකරුවන් වෙතින් එල්ල වූ අභියෝගය ජයගන්නට තමා සමත් වූ බව කුලතිලකයන් විසින් පසුව සඳහන් කරන්නට යෙදිනි
ඔවුහු එකි ගී පටිගත කිරිම උදෙසා යොදාගනු ලැබුවේද දේශිය සංගීත භාන්ඩයන්ය
ඒ අනුව ගැට බෙරය / පහතරට බෙරය / තාලම් පොට / තම්මැට්‌ටම යන මේ වද්‍ය භාන්ඩයන්ගේ හඩ මුසුවූ ගීත වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ගුවන් විදුලයෙන් ඇසෙමින් තිබිණි
එකී අංශයේ නිර්මාණ පෙළ සඳහා හඩ මුසු කරන්නට වරම් ලැබුවන් අතර
රෝහන බැද්දගේ / ටී එම් ජයරත්න / නීලා වික්‍රමසිංහ / නන්දා පතිරණ වැන්නවුන් ගේ නාමය ඉහළින්ම කියෑවෙයි
එදා එකී පර්යේෂණ ගී අංශයෙන් කළඑළි බට එදා ගුවන සිසාර ඇසී අද දිනයේ සැගවී නොඇසි ගීය නිර්මාණයක රස මිහිර යළි විඳගන්නට ඇරයුමකි මේ
------------------------------------
මෙs නෙඵම් කවි ඇසුරු කරමින් එහි රසමිහිර මතු කරවාලන්නට දරනු ලැබූ උත්සහයකි
හිරු දෙවියන් වැඳ අවසර ගත්තා
සඳ දෙවියන් වැඳ අවසර ගත්තා
ඉටු දෙවියන් සැම සිහිකර ගත්තා
ගොයම් කැපුමකට දෑකැති ගත්තා
මෙහි හඩ මුසුකරනු ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පිණි නන්දා පතිරණ ගේ හෙළිදරවුවයි මේ
මේ ගීතය මට ලැබුනේ එදා මීට සංගිතය නිර්මාණය කරන්නට යෙදුනු නැසිගිය ප්‍රේමදාස අතුකෝරාළ සංගීතවේදියා හරහායි
ඒ අනුව එහි පදරචනය කොට ඇත්තේ කැළණියේ ඩබ්ලිව් විල්ෆ්‍රඩ් මහතා විසින්
එදා මෙහි වාදන සහයට පියදාස අතුකෝරාළ සංගීතවේදියා ද සම්බන්ධ වු බවට මතකයි බෙරය වාදනයය කලේ එදා ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප්‍රවිණ බෙරවාදන ශිල්පී සන්දෝරිස් ජයන්තයන් විසින්
කොහොම හරි මේ ගීතය පටිගත කරන සමයේ මගේ පසුව ඉතා ජනප්‍රිය වූ මල්වනේ රෝස කැකුඵ ගීතයට පෙරාතුවයි
ප්‍රේමදාස අතුකෝරල මහත්මයාගේ නන්දා පතිරණ ගයන තවත් මියුරු ගීයක් ..
ReplyDeleteතුන් ඉරි රටා දැමු පැදුරක් දෝත දරා
පෝය දාට සුදු මානෙල් මලක් වෙලා
නව ගුණ වැලෙන් බුදු කුටියෙන් පහස ලබා
බුදු ගුණ ගයයි අපෙ අම්මා උදේ හවා...
රෑ තුන් යමේ නිදි නොලබා දූ තුරුලේ
කිවු බණ කතා ලියලයි මා හද මඩලේ
ඒ පින් බෙලෙන් ඔබ සම්බුදු පදවි ලබා
මා ගොඩ ගන්න මේ සසරින් දහම් දෙසා...
බැරි බර දරා ඔබ යන මාවතට එදා
මා ලන් උනා පෙර අකුසල් නසපු නිසා
යම් මතු දිනෙක නෙත් හැර දූ දෙස බලලා
සනසනු සදා ඔබ ලොවුතුරු කිරුල දරා...
ගී පද - පිලවල බණ්ඩාර
තනුව සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
ගායනය - නන්දා පතිරණ
ස්‌තුතියි ඇණෝ
Deleteමේ ගීය නම් මා සතුව නැති හැඩයි
අතුකොරාළ මහත්තයාගේ කථාව ඉක්‌මනට ලියාලා ඕනෑ
මේ තියෙන්නේ ගීතය සවන් දෙන්න.
Deleteප්‍රභාත් මහතා.. මේකට බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න.
ReplyDeleteදැම්මා දැම්මා
Deleteනෑ මං හිතන්නෙ ප්ෆලෝවරේ කියන්නෙ මේකට
Deletelayout>add a gadget>more gadget >followers
හැබැ\ද ? මම එය ඇතුළත් කරන්නම්
Deleteසී ද එස් කුලතිලක මහතාගේ පර්යේෂණ ගී එකතුව ගුන්විදුලි සංස්ථාව සී.ඩී. වලට නගා තිබෙනවාදැයි නොදනිමි. එහෙම තිබෙනවානම් අනාගතයේදී අපේ සංගීතය කියා අහන්න යමක් ඉතුරු වනු ඇත.
ReplyDeleteඔව් ඔහු කොතරම් මේ විෂයට ඇඵම් කරන්නෙක්‌ද යන්න වග ඔහුගේ චරිතාපදනායෙන් විස්‌තර වෙනවා
Deleteඅධික ලෙස වෙහෙසීම නිසා (ඈත ගම් දනව් කරා දවස පුරා සැරිසැරීම) ඔහු අකලට රෝගී වෙනවා
වෛද්‍ය උපදෙස් නොතකා තම පර්යේෂණ කටයුතු දිගටම සිදු කරනවා
ඒ නිසාම ඔශු අකාලයේ අපට අහිමි වුණා
තමාගෙන් පසුවත් ඒ කටයුත්ත කරගෙන යන්නට අයෙකු ඉදිරිපත් වේ යෑයි ඔහු පැතූ බවත් කියෑවෙනවා
මහත්මයාණෙනි, ඔබගේ මේ blog පිටුවේ පැරණි සිංහල ගීත වල ස්වර ප්‍රස්තාර පල කිරීමට ඉඩක් නැත්ද ?
ReplyDeleteඑය ඉතා වගකීමෙන් කළයුතු කාර්යයක් ස්‌වර ලිපිය නිවැරදි නොවේ නම් ගීතය වීකෘති වන බැවින්
Deleteදැනට එය පසුවට කල් තබමු
ස්‌තුතියි
සී ද එස් කුලතිලක කියන්නේ අපේ සංගීතයට බොහොම ලොකු සේවයක් කරපු වටිනා මනුස්සයෙක්.. මමත් එතුමාගේ ගෙවල් කිට්ටුවමයි පදිංචි.. එතුමා ඇගයීමට ලක්වුනා මදියි කියලයි මට හිතෙන්නෙ..
ReplyDeleteඑසේයි එය ඉතා කණගාටුවට කරුණක්
Deleteඅපූරු බ්ලොගක්. මතක ගබඩාවක් වගේ!!!
ReplyDeleteස්තූතියි සහෘදය
Deleteඉර දෙවියන්ගේ ඉර ගල ගාවා
ReplyDeleteසඳ දෙවියන්ගේ සඳ ගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපල ගාවා
ගීතයට සවන් දෙද්දී මට සිහිපත් වුණේ මේ නෙළුම් කවිය යි. බෙර වාදනය පාසැල් කාලයේ මතක රැසක් අවදි කරවනවා.