namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, March 16, 2021

පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල - P L A Somapala Film Song Collection

යුගයක් සිහිළෙන් තෙත් කළ ගී මල් වරුසා  - 1921-1991 - පේරගස්වත්ත ලියනාරච්චිගේ සෝමපාල 

මින් සත් දශකයකට ද ඉහත යුගයකදී ’ආනන්ද සමරකෝන්’ වාද්‍ය වෘන්දයේ සිතාරය හැඞවු ඔහු ව හොඳින් හැඳිනගත්තේ සංගීත කලාවට රුචි වු වත්මන් වැඩිහිටි පරම්පරාවයි. ඔහු ’පේරගස්වත්ත ලියනආරච්චි ගේ සෝමපාල’ ය. 60-70 දශකයන්හි සිනමා සහ සංගීත ලෝලීන් ගේ හිතවතා වූ ’පී එල් ඒ සෝමපාල’ 50 දශකය එළඹෙද්දී මහ සංගීතවේදී සුනිල් සාන්තයන් ගේ මුල්කාලීන නිර්මාණයක් වූ ’බෝවිටියා දං පලුකං වාරේ....’ ගයන්නට සහය ගායනයෙන් එක්වු දැරිවිය  ’චිත‍්‍රා’ හෙවත් ’මේරි මාග‍්‍රට් පෙරේරා’  තම ජීවන සහකාරිය බවට පත් කරගැනීමෙන් නොනැවතී ඇය සිය සංගීත දිවියේ ගායන තාරකාවිය බවට පත් කලේය.


සිය උපදේශකයා ද පර්මාදර්ශි චරිතයද වූ ආනන්ද සමරකෝන් සංගීත අර අනුව යමින් ලාංකීය ගැමි සුවඳ රැුඳි නැවුම් ගීතාවලියක් නිර්මාණය කරගන්නට ඔහු  නැණ ගුණ දැනුම යොදවුයේ ද 50 දශකයේ මුල් යුගයේදීය.

එතැන් සිට එකී යොවුන් හා ළමා පරම්පරාවන් අතර නිතර මුවග රැුව් පිළීරැුව් දුන් ’චිත‍්‍රා සෝමපාල ගී’ ඉක්බිති අඩසියවසක අමරණීය රස උල්පත් මවමින් අදද යෙහෙන් වැජඹෙයි.

’පියසේන කොස්තා’ සහ ’ආටිගල සරත්චන්ද‍්‍ර’ ’ආතර් අල්විස්’ නම් වූ 50 දශකයේ ප‍්‍රවිණ ගීත ප‍්‍රබන්ධකයන්ගේ පෑන් තුඩින් ලියැවුනු චිත‍්‍රා  - පී එල් එ් ගීත විසින් ද අගයන්නේ ලාංකීය සොබාඅසිරිය, මව්ගුණය, පුරාවිදු ස්මාරක වැනි දෑ මිස පේ‍්‍රමසල්ලාප නොවේ. ’ළමා - වැඩිහිටි’ සියල්ලන් ගීත රසයෙන් සනහා ලන්නට ඔවුන් දෙදෙනා සමත්වුයේ ඒ නිසාය.

යමුනා යමුනා සෝබන ගංගා............(ආතර් ඇම් ද අල්විස්)

නුවර අලංකාරේ ......................... (පියසේන කොස්තා)

දඹුඵගලේ රංගිරි දඹුඵ ගලේ ..............(පියසේන කොස්තා)

ලලිත කලා ඔපකරනා සිගිරි ළඳුනේ .......................(පියසේන කොස්තා)

දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරි .................(පියසේන කොස්තා)

උකුළේ කළේ හොවාලා පිරි සිසිල් අමා ජලේ ................(ආතර් ඇම් ද අල්විස්)

කුරුඵ කුමාරියගේ මගුල ...............(ලලිත් එස් මෛත‍්‍රීපාල)

දුන්හිඳ හැළෙනා........(ආටිගල සරත්චන්ද‍්‍ර)

ඉසුරුමුණි හි පැතලි ගලක ............(පියසේන කොස්තා)

උඩරට කඳුකර සිරියා පරදන .........(ආටිගල සරත්චන්ද‍්‍ර)

පේමබර මාතා මා වැඩු මාතා .......... (ආටිගල සරත්චන්ද‍්‍ර)

එකී අමරණිය ගුවන් විදුලි ගීතපෙළ අතර වෙයි.

ඒවා දොරට වැඩිමෙන් විසිපස්වැනි සංවත්සරය යෙදුනු 1978 වසරේදී අසිමිත ශ‍්‍රාවක ප‍්‍රතිචාරය හමුවේ නව බටහිර ඉලෙක්ටි‍්‍රකරණිත වාද්‍ය සංගීතය අනුව ප‍්‍රතිනිර්මාණය කරන්නට යෙදුනේ එදවස කන්ඩායම් පොප් ගීත ආරේ විශිෂ්ඨතමයා ද ගායන තරුව ද වූ ’ක්ලැරන්ස් විජේවර්ධන’ සහ ෆෝචූන්ස් වාදකයන් ගේ නායක ’ස්ටැන්ලි පීරිස්’ ගේද සහභාගීත්වයෙනි.

60 දශකයේ ගායන ශීල්පීන් ගේ බලපෑමෙන්දෝ සංගීතඥ ’පී එල් ඒ සෝමපාල’ සිය නිර්මාණ කෞෂළ්‍යය මොට කරගනිමින් ’හින්දී ඇතුඵ වෙනත් විදෙස්’ ගී නිර්මාණ තනු උපුටා ඒ වෙනුවෙන් සංගීත රටා මෙහෙයවමින් සිංහල ගීත නිර්මාණයේ යෙදුනු අතර එකී ක‍්‍රමවේදය ’සිංහල සිනමා ගීත කලාව’ වෙතද පතුරුවා හරින්නට සමත්විය. එහෙත් ඒවා අතිශය මධූර මනෝහර ගී තනු විය.

පුවත් සංනිවේදන මාධ්‍යයන් ඉතා ප‍්‍රාථමික තත්වයේ පැවති යුගයේ අති බහුතර ශ‍්‍රාවකයන් රසිකයන් ඒවා ස්වාධින නිර්මාණ යැයි සිතන්නට ඇත.


පේමබර මධු මගේ ...........

මා නැතෙයි ඔබෙන් මිදුනේ ........

සුරූපි දේහ විළාසේ ....

මැවෙයි මැවෙයි ...

නයනේ ........

පෙම්බර මධු මගේ .........

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ...

ඇසක් හොරෙන් හැංගීලා මගේ දුකත් නොපෙනී ...

අරන් යමි ඔබ සනසා ළදල්ලකින් පැමිනි ...


(වික්ටර් රත්නායක - ’පෙම්බර මධු’ - 1977) - උර්දු තනුවකි
----------------------------------
ගී පද   - කරුණාරත්න අබේසේකර

මෙතැනින් සවන්දෙන්න
----------------------------------

එයින් වඩාත්ම රසාලිප්ත එසේම අප‍්‍රකට නිදසුනකි. 

1958 වසරේදී තිරගත වු ඇල් ඇස් රාමචන්ද‍්‍රන් ගේ ’දෙයියන්ගේ රටේ’ එනමින් වූ ’ඩබ්ලිව් ඒ සිල්වා’ ගේ තිරයට නැගුනු දෙවන වඩාත්ම සුපතළ නවකථාවයි. එයින් සංගීත නිර්මාණය ට යොමුවුනු ’පී එල් ඒ’ එවකට ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප‍්‍රධානියා වි සිටින්නට ඇත.

සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා - ජෝති 
හිම බිම පාලන සුරිඳේ  - බෙග්
සිරිපාද හිමේ දෙයියන්ගේ රටේ - බෙග්
රැුල්ලේ කිරි වැල්ලේ හාදු දේවි - ජී එස් බී රාණි සමග බෙග්
මොකටද කාසි බාගේ හොයා තියා - බෙග් ඇතුඵ පිරිස

නම් වු අතිශය ජනප‍්‍රිය ගීතාවලිය කළ එළි දුටුවේ එයිනි. එතැන් සිට

මේ මෝසම් මද සුළග හමා (ජෝති  - ඇන්ජලීන්) - දීපශිඛා - 1963

පේ‍්‍රමේ දිපශීකා හෝ කාන්ති නගා (ජෝති - ඇන්ජලීන්) - දිපශිඛා - 1963

මං මුළා වෙලා අඳුරෙහි යන්නේ කොහේ (ධර්මදාස වල්පොළ) - දිපශිඛා

මාතා මාතා ශ‍්‍රී ධරිත භාග්‍ය වූ මාතා - (ලතා වල්පොළ) - හතර මහ නිධානය - 1965

උම්බෑ කිය කියා මරණ භයේ - (මිල්ටන් පෙරේරා) - හතර මහ නිධානය

හොඳ සිරියාවයි ආකාසේ (ජෝති - ඇන්ජලීන්) - ස්වීප් ටිකට් - 1966

ආවා පෙම්වතා යන්නේ (ජෝති - සුජාතා අත්තනායක) - ස්විප් ටිකට්

මෙලෝකේ සියල්ලෝ මුළා වෙන්නේ (ජෝති) - ස්වීප් ටිකට්

තරුණ නෙත් ජයමංගලේ පරම සුව දෙයි (ජෝති) - ඇතුල්විම තහනම් - 1966

මල් සුගන්දේ දම් සුගන්දේ (බෙග් - සුජාතා) - කිංකිණී පාද - 1966 (ශ‍්‍රී නිහාල් ජයසිංහ ගී පද)

ගලනා සීත ජලේ දිළෙනා නිලට නිලේ (ලතා වල්පොල ඇතුඵ පිරිස) - අක්ක නගෝ - 1968

සොමිබරේ සඳ රාජිනී (ලතා වල්පොළ) - අක්ක නගෝ

හොඳ හොඳ ළමයින් අපි වාගේ (ඉන්ද‍්‍රානී විජයබන්ඩාර) - ප‍්‍රවේසම්වන්න - 1969

පැතුම් මල්ලකි මේ ජිවිතේ (ලතා වල්පොළ) - හතර දෙනාම සූරයෝ - 1971

කොඩිගහ යට මම උපන්නේ (ජෝති - ඇන්ජලීන් එම් එස්) - හතර දෙනාම සූරයෝ

මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි (ජෝති) - හතර දෙනාම සූරයෝ

සුසුදු රැුල්ල වැල්ලේ පෙරළි ගීත ගයයි (ජෝති ඇන්ජලීන්) - අභිරහස - 1971

රෑ දවල් ම රැුගුම් ඉගි පානා (ජෝති - ඇන්ජලීන්) - ආදරේ හිතෙනව දැක්කම - 1972

මුතු මිටක් පිරි ඇත්තේ මල් ගොඩක් (මොරිස් දහනායක) - ආදරෙේ හිතෙනවා දැක්කම

ආදරවන්ති ලස්සන ආදරවන්ති (එම් එස් ප‍්‍රනාන්දු) - ආදරේ හිතෙනවා දැක්කම

මිදුම් ගලා කන්දේ ... ඉවසන්න බැහැ සිතේ (ජෝති - ඇන්ජලීන්) - තුෂාරා  - 1973 (ශ‍්‍රී නිහාල් ජයසිංහ)

කලක් තිස්සේ හිතක් පත්ලේ (ජෝති  - ඇන්ජලීන්) - තුෂාරා (ශ‍්‍රී නිහාල් ජයසිංහ)

ජීවනයේ් මීවනයේ (ජෝති  - ඇන්ජලීන්) - තුෂාරා (ශ‍්‍රී නිහාල්*

රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් (ජෝති) - දාහකින් එකෙක් - 1973 (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

මාමේ මේ බකමුණා (ෆ්‍රෙඩී සිල්වා - ජෝති) - සුරේඛා - 1974 (පේ‍්‍රමකීර්ති)

පුතුනේ මේ අහගන්න පුතුනේ (සූජාතා අත්තනායක) - කල්යානි ගංගා - 1974 (ධර්මසිරි ගමගේ)

කවුද ඔබ කවුරුන්දේ මලක පෙති (ජෝති) - ශාන්තී - 1974 (පේ‍්‍රමකීර්ති)

මේ ජීවනයේ මුඵ සංසාරේ (ජෝති) - ඔන්න බබෝ බිල්ලෝ එනවා- 1974 

අතීත දිවියේ අනන්ත අඳුරේ (ජෝති) - රත්තරං අම්මා - 1974 

සිනහවෙන් හෝ කථාවෙන් බැහැ (බෙග්) - දමයන්ති - 1975 

මල් මල් හැගුමින් පැතුම් පිරී (ඉන්ද‍්‍රානි පෙරේරා - අනිල් භාරතී) - දමයන්ති

කවුදෝ මිනිසාගේ දෛවේ පෙරළන්නේ (මිල්ටන් මල්ලවාරච්චි) - සරදියෙල්ගේ පුතා - 1975 (ජොර්ජ් ලෙස්ලි රණසිංහ)

දේදුනු රන් ඔ්විල්ලේ නැළවෙන මල් නැළවිල්ලේ (මිල්ටන් මල්ලවාරච්චි) - ලස්සන දවසක් - 1975 (කරුණාරත්න අබේසේකර)

රන් පාට රන්වන් වලා යා වි මේ පාවේලා (ලතා - ධර්මදාස) - නයනා - 1976 (ධර්මසිරි ගමගේ*

ඔබකල පාපේ දිළිඳුකමයි (බෙග්) - ගැහැණියක් - 1979 

සෙනෙබර කුරුඵ රංචු පියාසලා (ශ‍්‍රිමතී තිලකරත්න) - රෝස මල් තුනක් - 1979 (උපාලි ධනවල විතාන)

ඔංචිල්ලා තරු  රෑනෙන් වැල් වැල් (ඇන්ජලීන් ගුණතිලක) - සවුදන් ජෙමා - 1979 (අජන්තා රණසිංහ)


අදද ගුවන් විදුලි ශ‍්‍රාවකයන් සහ සිනමා ලෝලීන් හට කිසිසේත් ආගන්තුක නොවූ ලාංකිය සිනමා ගී ඉතිහාසයේ අති සුමධුර ගීතාවලියකින් බිඳක් ’පී එල් ඒ සෝමපාල සංගීත අධ්‍යක්‍ෂණය’ නම් වු උද්ධෘතය යටතේ එසේ ඉහත ලැයිස්තු කර කරද්දී එසේම ඒවා සියල්ල අනුකාරක විදේශිය ගී තනු බව හෙළිදරවු වුවද එකී සිනමා නිර්මාණයන් ගේ වානිජමය සාර්ථකත්වය උදෙසා ලැබු පිටිවහල අතිමහත්ය.


අඩසියවසකට පසුව ද අඛන්ඩව අදද ලංකා ගුවන් විදුලියේ දිනපතා උදා ’චිත‍්‍රපට ගී’ (වත්මනෙහි ’සළරූ සේයා’* මෙන්ම වෙනත් මාධ්‍යයන්හීද මෑත කාලීනව පැතිර යමින් පවතින  සමාජ මාධ්‍යයන්හීද මතුනොව රියැලිටි තරු වැඩසටහන් හි දීද ඉහත ගී මතු වි නැගී එයි.

මුලින් කී ලෙසම ’පී එල් ඒ’ අතිශය මධූර තනු උපුටාගන්නට රුසියෙකි. ශූරයෙකි. එයින් සිය සේවාදායකයන්ගේ වානිජ සිනමා කෘතින් හි ජනප‍්‍රසාදය රඳවා තබා ගන්නට ඔහුගෙන් ලද උපකාරය ද සුඵ පටු නොවේමය.

’ස්වත‍්‍රන්ත‍්‍ර ගීත තනා ගන්නට’ හැමවිටම පැකිඵනු ඔහු 70 දශකයේදී සිය පියඹ වෙත ලැබුනු ’සරළ ගී’ වැඩසටහනකට ස්වාධීන නිර්මාණකරණයේ යෙදෙන්නට ’ආචාර්ය වික්ටර් රත්නායක’ ට ඉඩ කඩ ලබා දුන්නේය.

01 සිගිරියේ කැටපත් පවූ කස්සප නර නින්දා ..................
   මා පිළිරුව පැහැයෙන් සරසා පෙර දවසක ඇන්දා ..................
   දහසක් වනමල් ඔබ එන පෙරමග සරසනවා..................

-----------------------------------------
නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය
----------------------------------


02 පුංචි පුංචි තරුකට මැද දිළෙසෙන සඳ වත...................
   තරු මොකටද සඳු මොකටද මට මගේ දුව ඇත ..................


පේ‍්‍රමකිර්ති පද සංකල්පනයෙන් එසේ ගුවනින් ඇසුණු ගීත යුග්මයකි. ’පී එල් ඒ සෝමපාල’ ඊට දායක වු බවක් වාර්තා නොවන අතර තත්කාලිනව ගුවන් විදුලි ගී නිර්මාණය උදෙසා මහත් සේ දායක වූ ’වික්ටර් රත්නායක’ සංගීතවේදියා ගායකයා ඒවයේ තනු ද සංගීත සංයෝජනයන්ද සකස් කර දුන් බව කියැවේ.


රූපවාහිනී ආගමනය හා සමගින් 80 දශකයේ දී සිය ජනප‍්‍රියතම පැරණි ගීතාවලිය  එයින් යළි යළි ගැයූ ඔවුන් ගේ 80 දශකයේ නිර්මාණයන්ය ඉතා සිමිතය.

චීත‍්‍රා - පී එල් ඒ ගී චාරිකාවේ 25 වන සංවත්සරය වෙනුවෙන් 1978 වසරේදී ’චිත‍්‍රා’ එදවස අතිශය ජනප‍්‍රිය යොවුන් පොප් ගායන ශීල්පී ’ක්ලැරන්ස් විජේවර්ධන’ සමගින් ඇයගේ ගී ප‍්‍රතිනිර්මාණය කළාය.  මේ ගීතයේ ’පී එල් ඒ’ සෝමපාලයන්ගේ අදිකාලීන විශිෂ්ඨතම එමෙන්ම පුර්ණ ස්වත‍්‍රන්ත‍්‍ර ගී එකතුව ට ඇතුළත්ය. 70 - 80 දශකයන්හිදී ගීත ලෝලීන් සිය එදිනෙදා පෞද්ගලික සංගීතමය රස ප‍්‍රණිතාංගයන්හිදී නිතර ගැයු ගීයකි.



උඩරට කඳුකර සිරියා පරදන ..............

රූබර මුහුණ ඔබේ ............

අතැගිලි දිගුකර මදහස නංවන .........

තේ දඵ නෙළන ළඳේ ...................

------------------------------
ගී පද සැකැස්ම - නැසිගිය පියසේන කොස්තා

ගැයුම - චිත‍්‍රා සෝමපාල සමග පී එල් ඒ

නව සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

වසර - මුල් ගීතය -1952 ?
නව ගීතය - 1978

-------------------------------

ඉසුරුමුණී හි පැතලි ගලක ඒ .................

ආලය ලිලය පෑ ...............

විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට .............

අප ණයගැති නොවේදෝ ..........

තුරුළට ළංවී පෙම්රස උරනා ....

පෙමටම කැපවුනු පෙම් යුවළකි ඒ ...

සිගිරි රජ දවසේ ..............
------------------------------
ගී පද සැකැස්ම - නැසිගිය පියසේන කොස්තා

ගැයුම - චිත‍්‍රා සෝමපාල සමග පී එල් ඒ

වසර - 1951 ?

මෙතැනින් සවන්දෙන්න
-------------------------------------


1921 සැප්තැම්බර් 13 දාතමින් කොළොම්පුරවරයේ ’මාලිගාකන්දේ’ දී මව් කුසය හැරපියා පැමිණි ළදරුවා ඉන් පස්වසක විරාමයෙන් යාබද ’ලෝරන්ස්’ විදුහල වෙත අකුරු කරවීම සඳහා යොමුකරවන ලදී. මව් ආරයෙන් සත්සර නාදමිහිර වින්දිත ඔහු 40 දශකයේදී ’ආනන්ද සමරකෝන්’ වද්‍ය වෘන්දයේ ’සිතාරය’ හැඞවීය. ’මියුසියස් බාලිකාවන්’ ලක්මාතාව නිදහස් සුවයෙන් ඇළලි ගිය පළමු දිනයේදී  ’උත්සවාකාරයෙන් දෑ ගීය ගයද්දී ද හැඞවුනේ ඔහුගේ සිතාරයයි.

තිස්එක්හැවිරිදි වියේ දී ’චිත‍්‍රා’ හා සරණ බන්ධනයෙන් පුතුන් තිදෙනෙකුගේ හා දියණියකගේ පීතෘත්වය ලබනට වරම් ලදී. 

ගුවන් විදුලියේ කලක් සේවය කරමින් සිටි ඔහු 1978 වසරේදී එහි ’උප සංගීත පාලක’ ධුරයේ රැුඳී ලැගුම් ගත්තේය. එයින් විශ‍්‍රාම ලබා ළදරු ’ස්වාධීන රූපවාහිනි’ සේවයේ සංගීත අංශයේ මූලිකයා ව සිටිද්දී රාජ්‍ය අනුග‍්‍රහය සහ අශිර්වාදය ලබමින් 1987 වසරේදී සිය සංගීත කලා දිවියේ 45 වන වසර උත්සවශ‍්‍රීයෙන් සැමරුවේය. 

1991 වසරේ කැලැන්ඩරයේ මැදින් මස 29 දින එළඹ තිබියදී සසර චාරිකාවේ එක් අවධියක් නිම කරමින් සිය මිනිස් ලොව සිරුරෙන් සමුගෙන නික්ම ගියේය. ඉන් තෙවසරක කෙටි කාලාන්තරයක හුදකලා දිවියක් ගත කල ’චිත‍්‍රා’ ද සිය ඉරණම් ගමනේ යෙදුනාය.

අඩසියවසකටත් එපිට යුගයක් කරා වත්මනෙහි සිට පිවිසෙන රසවතුන්හට උක්ත යුගයේ ගී නිර්මාණය හා සම්බන්ධ පසුබිම් කථා නිර්ණායක යන මේවා වත්මන් තත්වය හා සසඳමින් විවේචනයේ යෙදීම අර්ථ විරහිත නිසරු ක‍්‍රියාවක් විය හැකිය.

වානිජත්වයට ලක් වූ ලක්දිවෙහි එවක අති ප‍්‍රබල රූප මාධ්‍යය වූ ’සිනමාව’ තුලට පිවිස එහි තිරව රැුඳි සිට සරුඵල නෙළා ගන්නට නම් බහුතරයක් වූ ප‍්‍රබුද්ධ නොවූ පේ‍්‍රක්‍ෂක සමූහයා පිනවා තබා ගත යුතු විය. ඔවුන් ගිළිහි යා නොදී සිය නිර්මාණයේ රඳවා ගත යුතුවිය. ඊට ඇවැසි ’වට්ටෝරුව’ ට අනුගතව සිටිය යුතු විය.

’උපහාසය’, ’විරහව’, ’ත‍්‍රාසය’, ’කුතුහලය’, ’ගැටුම්’, ’නර්තනය සහ වේගරිද්ම සංගීතය’ ’කථා රසය’ හා මද පමණට මුසු කරමින් ඒ කටයුත්තේ යෙදෙමින් සිනමා කලාවේ ජය කෙහෙළි නැංවු නිෂ්පාදන - අධ්‍යක්‍ෂවරු එමට සිටියහ.

ශ‍්‍රාවකයන්හට ආගන්තුක වූ ’නව තනු’ නිර්මාණය කරන්නට උත්සහ දරා, එයින් අවදානමක් කරා යොමුවී ආදායම් අහිමිකර ගැනිමේ අනතුර අවම කරගැන්මේ ක‍්‍රමවේදය එදවස ’හින්දි සහ ද‍්‍රවිඩ’ සිනමාවේ ජනකාන්ත පරසිඳු ගී තනු අනුකරණය කිරිම් කලාව බව ’පී එල් එ්’ අවබෝධ කරගත්තා විය හැකිය. එය එසේ බවට සාක්‍ෂි  ඔහු සිනමා සහ සංගීත ක්‍ෂේත‍්‍රයේ සමකාලීනයන් හා සිදුකරන ලද සංවාද සහ ඒ මත ලියැවුනු ලිපිමාලා මගින් ද ගෙනහැර දැක්විය නොහැක්කේ නොවේ.

ආගන්තුක ගී තනු එසේ ණයට ගත්තද ඒවා වාද්‍ය භාන්ඩ රැුසක සංකලනයෙන් රසාලිප්ත අන්තර් වාද්‍ය ඛන්ඩ රුවා කර්ණ රසායන බවින් වඩාත් ඉහල තලයන් වෙත රැුගෙන යන්නට ’පී එල් ඒ’ හෙවත් ’පාල’ අයියා සමත්විය.

ඔහු එය මනාව ජයගත්තේය. සිනමාව ලක් දිවයිනේදී කර්මාන්තයක් බවට හරවමින් මුදල් නෝට්ටු උල්පත් පාදා දෙන යන්ත‍්‍රයේ අතවශ්‍ය උපාංගය ’පි එල් ඒ’ විය.

70 දශකයෙන් පසුවද ගීත ලෝලී මතකයෙන් වියැකි නොගොස් හදවත් සනසා නළවාලූ පහත ගී යුග්මය විමසා බලනු වටී.

ල් මල් හැගුමින් පැතුම් පිරී .................

සඳෙහී රන්වන් කැඵම් දිදී ..................

ආදර නැකතට සියල් සිරි ............

සැරදේ පතමී දිගාසිරි ..................

පාලා කරුණා දයා ගුණේ ............

හැමදා සැමටම බෙදා සෙනේ .........

යුතුකම් ඉටුකොට මෙලෝ තලේ ............

ජයමුතු මාලා දමා ගෙලේ ......................

----------------------------------

සිනමා කෘතිය - දමයන්ති

වසර - 1975

ගී පද බැඳුම - නැසිගිය කරුණාරත්න අබේසේකර ශූරීන් ගෙනි

සංගීත සංකලනය - පී එල් ඒ සෝමපාල

වාදක මන්ඩලය මෙහෙයවීම සහ වාදන සහය - ප්රවීන සංගීතඥ නැසිගිය පැට්රික් දෙණිපිටිය ඇතුඵ පිරිස

ගැයුම - ඉන්ද‍්‍රානි පෙරේරා සහ අනිල් භාරතී 

මුල් ගීතය - ඉංග‍්‍රීසී ගීතයකි

මුල් ගීතය - A song I'd like to sing

මුල් ගීතයේ ගැයුම - Kris Kristofferson & Rita Coolidge

මුල් ගීතය ගැයුනු වසර - 1973

මුල් ගීතය නරඹන්න

--------------------------------------

ගීතය උපුටාගැනීම - නිකුත් වූ ඊ පී තැටියෙනි. එහි ගුවන් විදුලිය උදෙසා පිරිනමා තිබු තැටියේ ’අන්තර් වාදන’ කෙටිකර තිබුනේ එහි ගීත ධාවන කාලය වෙත පැනවි තිබු සිමා බන්ධන නිසා වන්නට ඇත.


මෙතැනින් සවන්දෙන්න
-----------------------------


උක්ත ගීතයේදීද එය ශ‍්‍රාවකයන් අතරට වාහනය කරන්නට සිනමා කෘතිය තිරගත වන යුගයේ බාල - තරුණ - මහඵ ගීත රසිකයන් අතර උන්මාදයක් බවට පත් වී තිබු ’කන්ඩායම් ගී කලාවේ ජනප‍්‍රියතම ශිල්පීන් යුවළ වූ ’ත‍්‍රී සිස්ටර්ස්’ හි නායිකා ’ඉන්ද‍්‍රානී පෙරේරා’ ද ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ හි ’අනිල් භාරතී’ ද තෝරා ගන්නා ලද්දේ එයින් උපරිම වානිජමය වාසිය අත්කර ගන්නට විය හැකිය.


’නීල් රූපසිංහ’ සිනමාකරුවා ගේ ’ආදරේ හිතෙනවා දැක්කම’ නම් වු වානිජමය සංගීතමය සිනමා පටය දොරට වැඩි 1972 වසරේදී භාරතීය සිනමා නිර්මාණ ද මෙහි සිංහල සිනමා කෘති හා කරට කර තරග කරමින් තිරගත කෙරිනි. ඊට වසග වු පේ‍්‍රක්‍ෂක සමූහයා හා තරග වැදී ඔවුන් ඩැහැ ගැන්මේ අතිශය අභියෝගාත්මක කර්තව්‍යය උදෙසා ’පී එල් ඒ’ ගේ ක‍්‍රමවේදය ඔහු නොපැකිළිව ක‍්‍රියාත්මක කරමින් පැවතුනි.

වසරකට පෙර භාරත රිදී තිරයේ සමණළ වර්ණයෙන් ඇඳි ’අන්දාස්’ - හි තනු නිර්මාණය උදෙසා විශිෂ්ඨ සංගීතඥ යුග්මය ’ෂංකර් - ජයිකිශන්’ දායක වු අතර ඔවුන් භාරත සිනමාවේ රිදී සිණුව ’මොහොමඩ් රාෆි’ උදෙසා තැනු ගීයක තනුවට සුඵ සුඵ පිරිද්දීමෙන් සහ අඵත්වැඩියා කිරීම් කරන්නට ’පී එල් ඒ’ යුහුසුඵ විය. ඒ සිය කර මත වැටුනු භාරදුර වගකිම වු ගීත 12 ක් ඇතුළත් ’ආදරේ හිතෙනවා දැක්කම’ වෙළඳ පොල ග‍්‍රහනයෙන් ගීළිහි යා නොදි පවත්වා ගැන්මටය.


-------------------------------
ආකාසේ රැුස් විහිදා ඉර පායා එන්නේ ..................

හඳහාමි රන් තැටියේ කිරි පැනී දෙන්නේ ..................

අපි වාගේ පුංචි ළමුන්ටයි ...................

අපි වාගේ පුංචි ළමුන්ටයි..............


ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර ශූරීන් විසිනි

සංගීත සංයෝජනය - පී එල් ඒ සෝමපාල

සිනමා නිමැයුම - ආදරේ හිතෙනවා දැක්කම

නිෂ්පාදනය - නීල් රූපසිංහ

වසර - 1972

ගැයුම - ළමා ගායිකා ශීරෝමි ප‍්‍රනාන්දු

මුල් ගීතයේ තනුව - ශංකර්  - ජයිකිශන්

සිනමා පටය - අන්දාස්

ගැයුම - මොහොමඩ් රාෆි

වසර - 1971
සේයාරුව - ’ආදරේ හිතෙනවා දැක්කම’ ගීතයක් පටිගත කිරීම (ආකාසේ රැුස් විහිදා ....)
 වමේ සිට පී එල් ඒ සෝමපාල, ළමා ගායිකා ශීරෝමි ප‍්‍රනාන්දු, සහ නිෂ්පාදක නීල් රූපසිංහ

(ශිරෝමි ප‍්‍රනාන්දු මුහුණුපොත් එකතුවෙන් උපුටාගන්නා ලදී)

මෙතැනින් සවන්දෙන්න
---------------------------------------





උක්ත ගී ද්විත්වයට හොඳින් සවන්දී ඒවයේ මුල් ගීත හා සංසදනය කරන ගීත ලෝලියෙකු හට ’පී එල් ඒ’ ඒ කර්තව්‍යය කොතරම් සූක්‍ෂම ලෙස සිදුකර ඇද්දැයි වටහ ගනු ලබනවා ඇත. ’70’ දශකයේ මාධ්‍ය සාක්‍ෂරතාවය සහ ඒවා වෙත වත්මනෙහි මෙන් ක්ෂණිකව ප‍්‍රවිශ්ෂ වි අධ්‍යයනය කිරීමේ ඉඩ ප‍්‍රස්ථා ඉතාමත්ම දුර්ලභ සහ දැඩිව සිමා වී තිබු සමයක ඒවායේ අගමුල සොය යන්නෙකු නොපමාව අධෛර්යට පත් වෙනවා ඇත. ඒ කෙසේ නමුදු පෙරකී ’පෙම්බර මධු’ ගීතය ඇතුඵ  ඒ ගී ’සිංහල අපේ’ යැයි නොපැකිළිව සළකන්නට ද ඒවා ආදරයෙන් වැළඳගන්නටද රසිකයන් එක හඞින් ඉදිරිපත් වූහ.

මේ කරුණු කාරණ සැකිල්ලට බඳුන් කිරීමේදී පී එල් එ් සෝමපාල ස්වත‍්‍රන්ත‍්‍ර සිනමා ගී තනු පවතින්නේදැයි යන කුකුස මෙයින් පසුකාලීන සංගීත ලෝලීන් අතර නිබඳව හටගනියි. එය වැඩිදුර කරුණු හදරා විමසා බැලිය යුතුය. 

ංංංංංංංංං                      ස මා ප්  ත  යි  ංංංංංංංං

විශේෂ ස්තුතිය -
ප‍්‍රවිණ සංගීතඥ ගීත රචක ගායන ශීල්පී ධර්මරත්න බ‍්‍රදර්ස් නායක මෙල්රෝයි ධර්මරත්න මහතා සහ ප‍්‍රවිණ ගායිකා ත‍්‍රී සිස්ටර්ස් නායිකා ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය වෙත.





2 comments:

  1. අගනා ලියැවිල්ලක්.. සිය නිර්මාණයන් අනුකරණ වේවා ස්වතන්ත්‍ර වේවා පී.එල්.ඒ.සෝමපාල යන නාමය සිංහල ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන ලෙස ලියැවී තිබෙන්නක්...
    අනුකාරක තනුවල පවා සංගීත සං‍යෝජනයේ දී එතුමාගේ ම වූ විෂේශ සංගීත ඛණ්ඩයන්ගේ එකතු කිරීම් සහ හැඩ ගැන්වීම් තිබුණ බවකුයි මගේ හැඟීම...
    ඒ ආකාරයෙන් එතුමාගේ නිර්මාණය මුල් විදෙස් ගීතය අභිබවා ගිය අවස්ථා එමටයි.. "පෙම්බර මධු" ගීතයම උදාහරණයක් ලෙස දකිමි..
    තමන් සතු සංගීත ඥානයෙන් එසේ හැඩ ගැන්වූ සුමධුර ගීත ගොන්නක් අපට දායාද කළ එවන් ප්‍රවීණයෙකු වෙනුවෙන් මෙසේ සටහනක් තැබීම අගය කරමි..
    (පසුව ලියමි..
    ඉහත ලිපියේ මෙතුමා නමින් වූ ස්වතන්ත්‍ර තනු ගොන්නට "නාමලෙන් දිනූ ලියක්වදෝ" යන ගීතය එකතු විය යුතු නැද්ද? මා දන්න තරමින් එය එතුමාගේ ස්වතන්ත්‍ර තනුවක් විය යුතුයි...එසේ නොවේ නම් අප දැනුවත් කරනමෙන් ගෞරවයෙන් ඉල්ලමි)

    ReplyDelete
  2. ඒ ගීතය 1967 තිරගත වු සරණ සිනමාපටය වෙනුවෙන් ගැයු මොහොමඩ් සාලි සංගීතවත් කල ගීතයක්. එය පී එල් ඒ ද ඊට සම්බන්ධ වන්නට ඇති.

    ReplyDelete