namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, January 12, 2023

Sinhala Songs of 70s based on International classical Literature

ජගත් සාහිත රසයෙන් මත්වු හෙළ ගී කවි පරපුර.............02 දිගහැරුම

ආචාර්ය නන්දා මාලිනී සිය යොවුන් වියේ එනම් 70 දශකයේ ප්‍රථම යුගයේදීම විශ්ව සාහිත්‍යයෙන් උපුටාගන්නා ලද පදමාලාවක් සිය මධුර ස්වරයෙන් හෙළ බසින් ගයන ලද අතර ඒ කාර්යය ඇයවෙත සිදුකරන දෙන ලද්දේ නැසිගිය ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක ඩොල්ටන් අල්විස් ශූරීන්ය. ඒ සඳහා ඔහු   භාරතයේ ලෝ පූජිත නොවූ එහෙත් ප්‍රසිද්ධ කවියෙකු වු ’මදන්ලාල් චතුර්වේද්’ නම් වු කවියාණන් ලියූ ’පුෂ්පා කි අභිලාෂ්’ එනම් හෙළ වදනට නුහුරු නොවු සංස්කෘත වදන අනුව ’පුෂ්පයක අභිලාෂය’  නම් වූ නිර්මාණය ගුරුකොට ගත්තේය.



එහි පෙළ මෙපරිදිය

Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon.

 Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon.


 Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon.


 Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon.
 
 Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink,

 Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek.
  

ඉංග්‍රීසි පරිවර්තනය



I don't want to be a part of the necklace of the beautiful girl,
I don't want to woo the lady love,
I don't want to be spread over dead bodies,
I don't want to act snob, after someone offers me to the Gods

Just pluck me Gardner and throw me on the road,
which is taken by the brave soldiers to give away their lives for the Motherland !

උපුටනය - 1986 වසරේ පමන දිනපතා දිවයින කලා පිටුවෙනි




















උඩගු ලියන් ගොතා බඳින .........

නීල වරළ සරසන්නට .............

මා පිපුනේ නැත ..............

මේ දෙරණේ ...........


හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන ....

බොජුන් මේස මත සුවඳ හලන්නට ...........

මා පිපුනේ නැත මේ දෙරණේ............


රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට..........

යන මහජනතා පා දූවිල්ලෙන් තැගි ගැලී සැනහී මියයන්නෙම්...


මගේ පරම පැතුම එයයි............

එමගට මා විසිකරන්න.............

---------------------

සංගීත නිර්මාණය - පන්ඩිත් අමරදේව

(ලංකා ගුවන් විදුලි පටිගතකිරීමකි - 1970 පමන)

----------------

මෙතැතින් අහන්න

---------------------


--------
සෙරා්ජිනි නායිදු
---------

1879 - 1949 යුගයේ දිවිගෙවූ විශ්ව සම්භාවනාවට පත් ඉන්දිය ජතික කිවිඳිය සරෝජිනි නායිදු ගේ ’ද වීවර්’ (වියන්නා) පද්‍ය නිර්මානය  ඇසුරේ ’මහගම සේකර’ විසින් පන්ඩිත් අමරදේවයන් වෙත ප්‍රබන්ධ කරන්නට යෙදුනු ’සන්නාලියනේ’ ගීතය රසනොවිඳි ගුවන් විදුලි ගී රසිකයෙකු සිටිය හැක්කේද ?

රුවින් ණැනෙන් ගුණයෙන් සාධු චර්යාවෙන් අගතැන්පත් වූවද, නැතහොත් දුෂ්ඨත්වයෙන්, අසද්ධර්මයෙන්, වෙළි සිටියාවූ ද මේ අන්ත දෙක අතර සිටියා වූද ඕනෑම යුවතියකගේ ජීවන චාරිකාවේ ඉරණමේ මං සළකුණු ත්‍රිත්වය නායිදු කිවිඳියගේ කමනීය පරිකල්පන ජාලයට නතු වී චිත්‍රණය වූ අයුර විමසනු වටී.





















සන්නාලියනේ සන්නාලියනේ

මේ හිමිදිරි යාමේ සන්තෝසෙන් ඔබ හිනැහි හිනැහී කාටද ඇඳුම වියන්නේ 

මාලගීරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ 

මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ

ඊයේ ඉපදුනු කුඵඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ 


සන්නාලියනේ සන්නාලියනේ

මේ හැන්දෑයාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ

හැන්දෑ අහසේ රන්වන් පාටින් දිළිහෙන ඇඳුම වියන්නේ

හැන්දෑ අහසේ රන්වන් පාටීන් දිළෙීහෙන ඇඳුම වියන්නේ

ඒ කුඵඳුල් දුව දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ


සන්නාලියනේ සන්නාලියනේ 

සීතල හඳ එළියේ වේවලන දෑතින් මැළවුනු මුහුණින් කාටද ඇඳුම වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සඵව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සඵව වියන්නේ

මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සඵව වියන්නේ

---------------------

සංගීත නිර්මාණය - පන්ඩිත් අමරදේව

(ලංකා ගුවන් විදුලි පටිගතකිරීමකි - 1967 පමන)

----------------

මෙතැතින් අහන්න

---------------------

උක්ත ප්‍රබන්ධක සංසදයේ සාමාජිකයන් අතරට සිය නාමය එක්කරගන්නට වාසනා මහිමය ලද ගී තනු රචක සංගීතඥයා ’මෙල්රෝයි ධර්මරත්න’ ය. ඔහුගේ පහත නිර්මාණයට ගුරුවූයේ ඛලීල් ජිබ්රාන් ගේ ගද්‍ය නිර්මාණ පොඩියකි.

---------------
මෙල්රෝයි ධර්මරත්න
-----------------


එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි...............

එක අත්තේ උපන් වෙනස් සහෝදරයිනේ .............

සුරූපි විරූපි නම් පටබැඳුනේ ...............

මොවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුනේ ...

එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු............


කුථනු ගුනේ දයා සෙනේ පිරුනු සූරූපි......

දුදනෙකුගේ පව් සෙවනේ වැඩුනු විරූපි...

සූරුපිටයි කොයි කවුරුත් ඇඵම් කරන්නේ ...

ඉරිසියාව විරූපි ගේ හද රජවෙන්නේ ....


දොළට ගියා දිය නාන්න දවසක් දෙදෙනා ...

ඇඳි සඵපිළි මෙතෙර තබා ජලයට පැන්නා ...

සුරූපිට පෙර විරූපි මෙගොඩ පැමිණුනා ..,

සුරූපිගේ සඵ ඇඳගෙන හනික පිටවුනා ...........

එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු............


අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපි කියලා ..,

සැබෑවටම රැවටෙන්නේ විරූපි දැකලා ...

දුටු පමනින් විරූපි යැයි අහක නොබලලා ..

ඇසුරෙන් ඇය හඳුනාගනු කවුරුද කියලා .....



-----------------

තනු සහ සංගීත  නිර්මාණය - මෙල්රෝයි ධර්මරත්න


(වෙළඳ කැසට් පටයකි)

------------------------

මෙතැනින් අහන්න

---------------------

80 දශකයේ මුල් යුගයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වේගරිද්ම ශීල්පීන් දෙදෙනෙකු වූ ’උපාලි පෙරේරා’ සහ ’සමන් ද සිල්වා’ විසින් ගැයු උක්ත ගීයේ තනු සහ සංගීත සංයෝජනයන්ද මෙල්රෝයි ගේමය. ඛලීල් ජබ්රාන් දාර්හනිකයා ගේ  මුල් ගද්‍ය නිර්මාණයේ අරුත වඩාත්ම තිව්ර ව ඔප්නැංවෙන අයුරින් සරළ සුගම බස්වහරකින් සරසා එය ලාංකීය ගීත ලෝලීන්හට පිරිනැමීමේ අපුර්ව ප්‍රතිභා ගුණ මහිමයෙන් ඔහු සන්නද්ධය. 

එකී දශකයේදී ලක්වැසියන් මහත් වු ආර්ථික හා සමාජ විපර්යාසකයට පාත්‍ර වූයේ එහි සරළ ජීවන රටාවට දැවැන්ත  අභියෝගයක් එල්ල කරන ලද එහි සංස්කෘතිය නම් වූ මහාපවුරේ කඩතොඵ ඉරිතැලීම් හටගන්වන්නට හේතුභුත වන ලද ’ආර්ථික ප්‍රතිසංස්කරණ’ හේතුවෙනි. එහි යහපත් ප්‍රතිඵල ද එමටය එසේම  අතරු ප්‍රතිවිපාකයන්හී ගති ස්වභාවය ප්‍රකට වන්නට එය ඇරඹු 1977 සිට දශක දෙකක පමණ කාලයක් ගතවිය. 

සංයමයකට මනා නිති සහ ආචාර ධර්ම පද්ධතියකට අනුගතව මෙහෙයවන ලද ලාංකීය විද්යුත් මාධ්‍ය කලාවේ පදනම දෙදරා යෑම ඇරඹුනේ එය ක්‍රමයෙන් පෞද්ගලික ව්‍යවසායකයන් හට වීවෘත වීමෙන් පසුව බව පෙනීයයි. හුදු වානිජමය අරමුණු පමණක් සාක්ෂාත් කරගැනීට පෙළඹුනු ව්‍යාපාරිකයන් අතට පත් එකී මාධ්‍ය කලාව නිසා ශ්‍රාවකයන්ගේ මෙන්ම නවයුගයේ පෙරළිකාර මාධ්‍යය වූ රූපවාහිනියේ ප්‍රේක්‍ෂයන්ගේද රසඥතාවය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ඉහත පෙළගස්වන ලද උසස් ගණයේ භාවපුර්ණිත ගීත ඇතුඵ වෙනත් කලානිර්මාණයන් යටපත් වී අවිචාරවත් මාධ්‍ය සංස්කෘතියකට මග පැදී ගියේය. 

විසිඑක්වැනි සියවසේ වත්මන් යුගයේදී  විපරිත විසුකදස්සනයන්හී දුර්ගන්ධයෙන්, වින්දනය පිරිහුනු පරපුර ඉන් ඉහත ශ්‍රාවක පරම්පරාවන් අත්විඳි රසය අසංවේදී වි තීබිමේ ව්‍යාසනයට මුහුණ පාමින් සිටි. මන්ද යත් ඔවුන්ගේ සැගව යටපත් වූ රසවින්දන ශාක්‍යතාවය දියුනු තියුණූ කර ඔප මට්ටම් කරගන්නට සමත් වූ ද ඔවුන් ගේ ප්‍රඥාඇස යම්තමින් හෝ දල්වාදෙන්නට හැකියාවක් ලද්දා වූ ද නිර්මාණකරුවන්ගේ ඌණතාවයයි. 

මෙම තත්වයෙන් අයුතු ඵල ප්‍රයෝජනය ලබමින් ලාංකීය ජනසමාජයේ සාධුචර්යාව සහ ගුණධර්ම විසුරුවා කළඹා කළතා දුෂනය කර දමන්නට කැස කවන පාපිෂ්ඨයන් ගේ වසන්ත සමය දැන් එළඹ ඇත. තමන් දරුණු රැවටිමකට හසුවී ඇතිබවක් හුදීජන රසිකයන් හට දැන වටහා ගැනීමේ නුවණ නැත්තාසේය.

                                                සමාප්තයි

Special Thanks to 

http://kathandara.blogspot.com/



4 comments:

  1. සුන්දර අතීතයක මතක..! එසේම මුදල විසින් ක්‍රමයෙන් අභිබවමින් තිබෙන ගීත සාහිත්‍යය, රසවින්දනය, සිතුම් පැතුම්, මිනිස් ගුණ ධර්ම ඇතුළු බොහෝ මිනිස් වටිනාකම් අපමණයි..
    කෙසේ වෙතත් මෙවැනි ඉදිරිපත් කිරීම් ඔස්සේ ඒ සුන්දර අතීත මිහිර විඳ ගැනීමට අනාගත පරපුරට හැකිවේවා.. යළි එවන් යුගයක් බිහි කර ගැනීමට යම් කිසිවෙකුට හෝ සිත් පහළ වේවා...

    ReplyDelete
    Replies
    1. එවන් යුගයක් බිහිකර ගැනීම සාමුහික ප්‍රයන්තකි. ඊට සුදුසු රසවතුන් ජනිත විය යුතුය. ඊට ඔවුන් සාහිත්‍යය කලා ගුරුවරුන්ගේ කල්‍යන මිත්‍ර ඇසුර ලද යුතුය. එවන් ගුරුවරු පහළ කර දීමට රාජ්‍යය ඉදිරිපත් විය යුතුය. ඊට වානිජ අරමුණ බැහැර කළ යුතුය. ඒ සඳහා අධිපාරිභෝජනය බහු භන්ඩික බව දුරුකල අල්පේ්ච්ඡ මිනිසුන් සිට්ය යුතුයි

      Delete
  2. හිතේ තෙතමනය, රස වින්දනය නැතී
    අයට මෙවන් ගායනවල රහක් නැතී
    අද ගී ගොඩක නැත අරුතක්; වදන් ඇතී
    ඒ මදිවාට ගොරහැඩි music ද වෙතී!

    ReplyDelete
    Replies
    1. දින දින මෙහි අගය පිරිහෙන අයුර දැනේ...
      තැන තැන ඇසෙන අඳෝනා ගී මෙන් හැඳිනේ.....
      තව තව ඇදී යයි ආගාදයට අනේ....
      මතු මතු මිනිස් වග තිරිසන් බවට හැරේ....

      Delete