සමන් වැළේ ජයට පිපුනු මල් ....................04 වෙනි දිගහැරුම
පාසල නිමාවී සිය පියාගේ ගීත පටිගතකිරීම් උදෙසා රේඩියෝ සිලෝන් ආයතනයට ඔහු කැටුව යෑම පුංචි ෂර්මිලා ගේ පුරුද්දක් බවට පත් වි තිබිනි. පෙර නොවූ විරූ මහත් වාදකයන් රැසක් වටකරගත් ඔහු එක්තරා ගීතයක් පටිගත කරනු ඇය දිනක් විදුරු කවුඵවෙන් මෙපිට සිට බලා සිටියේ විමතියෙනි
ඕ...කේ... රෙඩි... වන් ... ටූ ....ත්‍රී.......
සිනා සපිරි මුව කමලේයා....
සිනා පිරුනු වත බබළායා....
අමාවකට පුන්සඳ සේයා..................
සිනා පිරුණ වත බබළයා......
පුංචි මලින් පිරි දෙවැටෙයා....
මාල ගීරා ගී ඇසුනේයා...
ඈත සිට අත වැනුවේයා...
කෝල සිතින් මා බැලුවේයා......
----------------------------
ගී පද සංකල්පනාව - ධර්මසිරි ගමගේ, තනුව - සී ඩී ෆොන්සේකා
-----------------------------
--------------------
පාදක සටහන -
’සිනා සපිරි මුව......’ දේශිය ජන ගී ශෛලිය අනුගමනය කරන ලද අපුර්ව නිර්මාණයකි. ඊට මනාව අනුගතවෙමින්, එහි අරුත පණගන්වාලමින් සුප්‍රකට ජන ගීයක් වූ ’ඔළිඳ කෙළියේ’ සහ පැල්, පාරු කවි නාදමාලාවන් ඔහු ඊට එක්කර ඇතිබව පෙනෙයි. ඔහු එතුවක් අනුගමනය කරන ලද ගීත ශෛලියයෙන් මිදෙන්නට දරන ලද සාර්ථක උත්සහයක් ලෙස හඳුනාගත හැකිය. සංගීත රටා නිර්මණයේදී ද ’යක්බෙරය. (පහතරට සාම්ප්‍රදායික තොවිල් බෙරය) යොදාගෙන තිබේ.
--------------------------------------------
සවන්දෙන්න මුල් ගීතයට මෙතැනින් - 1979 ?
-------------------------------------------
ප්රවිණ සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගමයන් විසින් ඔවුන් උදෙසා සංගීතවත් කළ එකම ගීතය සඳහා පද රචනයෙන් දායක වූයේ පසුව පැවදි දිවියට පත් ’සරත් මුණසිංහ’ විසිනි.
රුවන් පොළෝ තලේ.... අපේ...
උතුම් රටයි සදා ලොවේ...
පියාණෙනි එපා යන්නට අපේ පුංචි රටින් එහා.....
ඔබ හා අම්මා හින්දා ...
මහා ඉසුරු සොයා ගන්න...
සැප සම්පත් ලබා දෙන්න...
යන්න ඕනෑ රටින් එහා....
--------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
වසර කිහිපයකට පසුව 80 දශකයේ මුල් යුගයේදී ඒ වනවිටද පාසල් සිසුවියකව සිටි ’ෂර්මිලා’ යළිදු සිය පියාණන් හා එක්ව ගයන්නී, දෙදෙනා එක්ව ගැයු තෙවන සංවාද ගීතය පටිගත කළේ කලාශූරී නැසිගිය අරිසෙන් අහුබුදු ශූරීන් ගේ විචිත්‍රවත් පදමාළාවකට පෙණපොවමිනි. 1982 දී ලංකා ගුවන් විදුලියේ පටිගත වූ මෙම ආදර්ශමත් ගීතය ඔවුන් විසින් තැටිගත කිරීමෙන් නොනැවතී තැටියකට ඇතුළත් කරන ලද අතර ’ගුවන් විදුලි ගී තැටි අංක - 06’ යටතේ වෙළඳ පොළට පවා නිකුත් කරන්නට යෙදුනි. ඒ 1983 වසරේදී පමණය.
එය වර්තමානයේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිර්දේශිතව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව විසින් පළකළ 03 වැනි ශ්‍රේණියේ සිංහල පෙළපොතට ඇතුළත් කර ඇත.
සමන් වැලේ මල් ජයට පිපිලා ....
මුඵ මිදුලම සුවඳයි...අපේ මේ මුඵ මිදුළම සුවඳයි....
හැම ගෙදරම මල් රුවට පිපේනම් ..ගම්මානෙම සොඳුරුයි...
දුවේ මේ ගම්මානෙම සොඳුරුයි ......
------------------------------
ගී පද අරිසෙන් අහුබුදු ශූරීන් විසිනි
තනුව සහ සංගීතය - සී ඩී ෆොන්සේකා
--------------------------------------
මෙතැනින් සවන්දෙන්න
---------------------------------------
1986 වසරෙදී කොළඹ බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැතුනු සුවිශේෂී සැමරුම් උත්සවයකදී ඇය සිය පියා ළමා වියේ ගැයු ආසිරි ගීය ඔහු සමග යළිත් ගැයුවාය. ඒ ජනපති ජේ ආර් ජයවර්ධනයන්ගේ විවහමංගලf්යා්ත්සවයේ ස්වර්ණ ජයන්ති සැමරුම වෙනුවෙනි.
සී ඩී ෆොන්සේකා ගැයු ගීත ගණනින් අතිමහත් නොවේ...එහෙත් අල්පයකුදු යැයි කියන්නට ද නොහැකිය. 50 - 60 දශකයේ ගායන පහන් සිඵව දැල්වූ ඔහු 70 දශකයේදී සමකාලීන බොහෝ සගයන් මෙන්ම ’වෙළඳ ගී තැටි කලාව’ වෙත නැඹුරු වන්නට විය. ඇතැම්විට මතු අනාගතයේ තමන්ගේ නාමය රැඳෙන්නේ එහිදෝ යැයි ඔහු අනුමාන කරන්නට ඇතුවා වද්ද ?
’සිල්වර්ලයින්’ ’ජෙම්ටෝන්’ සහ ’සූරිය’ නම් වූ 70 දශකයේ ප්‍රකට තැටි ලේබලයන් හා එක්ව ගී ගැයූ ඔහු එහිදි නව නිර්මාණ අතළොස්සක් දොරට වඩමවා දුන්නේ සිය ආදරණිය රසිකයන් ගේ බලාපොරොත්තු සුන් නොකරන්නටය. එහිදි ඔහු 70 දශකයේ ප්‍රකට නැඹුරුතාව අනුව යමින් බටහිර ඉලෙක්ට්‍රෝනික වාදනයන්ගෙන් සරසාගත් ගී පොකුරක් බිහිකරදුන්නේය
-------------ආචාර්ය වික්ටර් රත්නායක ඇතුඵ පිරිස සමග ගීතයක් පටිගතකරමින්.......
--------------
ඒ මලින් පිරී වසන්තේ ...
අද අපට සිහිනයක්දෝ ...
මා අහම්බෙන් දැකීමත්
දැන් ඔබට මදිකමක්දෝ ...?
(ගී පද කරුණාරත්න අබේසේකරයන්ගෙනි- සංගීතය - සී ඩී ෆොන්සේකා)
02 කවටකමට ඔබෙයි මගෙයි නම ලියා....
යහඵ ළමයි විහිඵ තහඵ මට කියා..
ඔබ ආදරේද ඇහුවා....
මා දන්නේ නෑ යි කිව්වා...
(ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - සී ඩී ෆොන්සේකා)
03 මැණිකෙගේ කොන්ඩේ ...
ලස්සන කොන්ඩේ ... පැද්දෙන කොන්ඩේ....
(ගී පද - හඩ්සන් සමරසිංහ සංගීතය - පැට්රික් දෙණිපිටිය)
04 රහසේ කීව ප්‍රේමකතා නෑ .....
එදා දුන්න ඒ පොරොන්දු නෑ ...
හද නළවන ආදර ගී නෑ.........
එයාට දැන් මාව ඕනේ නෑ....................
( ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - පැට්රික් දෙණිපිටිය)
-----------------------------
මෙම ගීත 04 මෙතැනින් සවන්දෙන්න
----------------------------------
නැවතත් දෙසතියකින් මෙහි පිවිසෙනු මැන..........