ගීයක් යනු කිම?..... විමසා දැන ගනු මැනවි...
මෙහිදී අඵතෙන් නිර්මාණය වූ ’ගීත’ වලට සවන්දීමෙන් (හෝ වර්තමානයේ ඊට වඩා සිදුවන ආකාරයට නැරඹීමෙන්) ’ගීතය’ නම් කලා මාධ්‍යය පවතින්නේද, එහි භූමිකාව වන්නේ ද, රූප රචනය ඔස්සේ රගදෙන්නට ’රිද්මය’ සැපයිම හා ’ප්‍රේමවියෝග අඳෝනා’ කියාපෑම ලෙසින් ළමා - යොවුන් පරපුර දුර්මතයකට පොළඹවන සුඵ බවක් හැගේ.
එහෙත්. උත්ප්‍රාසජනක ලෙස, ඉහත වයස් ඛාන්ඩයේ රූපවාහිනි සේවා ’රියැලිටි’ වැඩසටහන් උදෙසා සහභාගි වන ආධුනිකයන් විසින් ගායනා කරන්නේ සිංහල ගීතයේ මල්බර වසන්ත සමයේ නිර්මාණය කරන්නට යෙදුනු අරුත්බර, රසපූර්ණ. මධූර ගීතයන් බව පෙනියයි. එයින් ඔවුන් කෙසේ වෙතදු යටත් පිරිසෙයින් ඔවුන් ඒවා සඳහා යොමුකරවන වැඩිහිටියන් වර්තමානයේ නව පරපුරේ සාමාජිකයන් වෙතින් නිර්මාණය වන ගීත ප්‍රතික්‍ෂේප කරන බවක් වැටහී යයි.
'ඉඳහිට කිහිපයක හෝ හැරෙන්නට මෙකී නව ගීතවල කිසිලෙසකින් වත් නිරික්‍ෂනය කළ නොහැකිව පවතින නමුත්, ’ගීතය’ නම් කලා මාධ්‍යයෙන් එහි පාත්‍ර වර්ගයා වූ ශ්‍රාවකයා වෙත පිරිනැමිය යුතු වූ, ඔහුට ගතහැකි වන ඵලප්‍රයෝජන ලුහුඞින් හකුඵවා ලන්නේ නම්
![]() |
01 අර්ථපූර්ණබව
02 ගායන (ස්වර හැසිරවීම) මාධූර්යය
03 වාද්‍ය රසය
04 රිද්මය
විය යුතුයැයි හැගේ.
නවකථාවක් හෝ සිනමා කෘතියක්, චිත්‍රකථාවක්, නාට්‍යයක්, ඉගිනඵවක් රස විඳිමකට වඩා වෙනස් මානයකට රැගෙන යමින් අසන්නාට නැවුම් අත්දැකීමක් අත්කරදීමට ගීතය සමත්විය යුතු නොවන්නේද? ඉහත කලා කෘතිවලින් ’භාව ප්‍රකම්පනය’ ට පත්වන රසිකයා හට ඒවාට වෙනස් ලෙස ඉතා කෙටි කාලාන්තරයකදී එකී තත්වය විඳගන්නට ගීතය විසින් අවස්ථාව උදාකර දෙනු ලබයි. ඒ ඔහු හෝ ඇය ’ගීතය’ ට පාදක වූ අරුත එනම් එයින් විස්තර කෙරෙන අත්දැකීම හොඳින් වටහගනු ලැබ ග්‍රහනය කරගන්නට සමත්වී නම් පමණකි.
සිනමාව හැරුණුවිට, ශ්‍රී ලාංකීය ශ්‍රව්‍ය - දෘෂ්‍ය ජනමාධ්‍යය කලාව රජයේ ඒකාධිකාරයෙන් ගිලිහෙන්නට පෙර ඒවා ප්‍රමිතිගතව, දැඩි විනයානුකූල මාධ්‍ය ප්‍රතිපත්තියකට යටත්ව පවත්වාගෙන යන ලද අතර එහිදි ලාංකීය වැඩිහිටි රසිකයන්හට අත්දැකීම් අත්කර දුන්නේ ’ගුවන් විදුලි මධ්‍යයයි’ එය ඇසුරු කරන සතරවන හෝ ඇතැම් විට පස්වන ලාංකීය ශ්‍රාවක පරම්පරාව වත්මන් ළමා පරපුරයි. එහෙත් ඒ ඔවුනරින් ඉතා සුඵ ප්‍රතිශතයක් විය හැකි බව නිසැකය. දිපව්‍යාප්ත ’රූපවාහිනි’ මාධ්‍යයක් ලෙස පැවතුනු එකම නාලිකාව ද එහි ගුණාත්මකව බව සැලකිය යුතු මට්ටමින් රැකගන්නට සමත් වීමට සාක්‍ෂි ලෙස ඔවුන් විසින් 80 දශකයේ විසුරුවා හරින ලදුව දැන් සමාජ මාධ්‍යයෙන් නතුකරගන්නා ලද විශි්ෂඨ සංගීතමය සහ වාර්තාමය වැඩසටහන්, දෙස් විදෙස් උසස් ගණයේ ටෙලි නාට්‍ය සහ කාටුන් වැඩසටහන් පෙළ ගෙනහැර දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව උඩුයටිකුරු කළ විපර්යාසය සිදුවන්නට පෙර යුගය ලෙස සැලකිය හැක්කේ ’90’ දශකයේ මුල් යුගයෙන් එපිටට දිවයන දශකයන්ය. පොදු මහජනතාවගේ ’ගීත’ රසවින්දනයේ උල්පත ලෙස පැවතියේ ’ලංකා ගුවන් විදුලියයි සහ ඊට දෙවැනි වූ ’සිනමා කලාවයි’. නාගරික මධ්‍යම පන්තියේ සාමාජික ප්‍රජාව වෙත ඊට අතිරේකව සේවා සැපයූ ’වෙළඳ තැටි සහ පසුව කැසට් නිෂ්පාදකයන්, ඔවුන් සතුව පැවති ’තැටි - පටි ධාවන යන්ත්‍ර’ සඳහා ’ගීත’ අඵතෙන් නිෂ්පාදනය කරන්නට යෙදුනි.
ඒවා ’වානිජමය අරමුනු’ පෙරදැරිකොටගෙන සිදු කළ යුතුව තිබුනත්, ’ගී තැටි’ සහ ’කැසට්’ ව්‍යාපාරිකයන් අති බහුතරය ’ගීතය’ නම් කලා මාධ්‍යයේ ප්‍රමිතිය කඩතොඵ කරන්නට උත්සුක නොවූ අතර, ඒවායේ වාද්‍ය රසය සහ ඇතැම්විට ’රිද්මය’ තිව්ර කිරීමෙන් සිය පාරිභෝගික භවතුන් ගේ අවධානය දිනා ගන්නට තැත් දැරූහ.
’ගීතය’ නම් වූ මාධ්‍යයේ, අව්‍යාජ ස්වරූපය මතුකර දක්වන ඉහත ගති ලක්‍ෂන එකිනෙක සළකා බලමින්, එදවස සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කල නිර්මාණ පිළිබඳව විමසා බලනු මනාය.
------------------Pandith Amaradeva
--------------------
01 අර්ථ රසය
කැළඹී කැළති අවුල්ව ගිය ශ්‍රාවක මනස ඒකාග්‍රතාවයට පත් කර, එහි ආවේගාත්මක බව, මිනිසා ස්වභාවයෙන්ම නැඹූරු වු ’ප්‍රචන්ඩ’ බව සංසිඳුවාලන්නටද, ඒකාග්‍රතාවයෙන් නිසසල බවට පත් වූ මනස දැහැන්ගත කරනට, භාව ප්‍රකම්පනය කරනට ගීතයක ගැබ්වු පදවැළකින් ජනිත වන අර්ථය ඉවහල් වේ. එය ඇතැම්විට වෙනත් කලා මධ්‍යයක එනම් සිනමා පටයක, නාට්‍ය ජවනිකාවක, විශේෂංගමය ශ්‍රව්‍ය වැඩසටහනක ද්විතීය ප්‍රථිපලයක් ලෙස නිර්මාණය කෙරුණා විය හැකිය. එහෙත් එය ’ශ්‍රාවකයා’ ට අදාළ නොවේ. ඔහුට ඇතැම් විට එහි මුලාශ්‍රය තබා එය ගැයූ ගායක ගායිකාවන් ගේ හෝ අවම වශයෙන් එහි ප්‍රබන්ධකයා කවුරුන්දැයි හෝ විමසා බැලීමට අවශ්‍ය නොවනු ඇත. එනමුත් එයින් කියැවෙන, විස්තර කෙරෙන අත්දැකීම, පණිවුඩය සිය ජිවිතයේ කවර හෝ අවධියක කිසියම් සිදුවිම්කට හෝ සිදුවිම් දාමයකට ආරෝපනය කරගත හැකි වන්නේය. එයින් එය ’ඔහුගේම’ අත්දැකීමක් බවට ද එයිනුදු ඔබ්බට ගොස් එය සිය දිවියේ සදාතනික සිහිවටනයක් බවටද පත් කර ගනු ලබනවා ඇත.
මේවාට නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි නිර්මාණ මහත් රාශියක් බිහිවූයේ සිංහල ගීතයේ සමෘදිමත් යුගය ලෙස සැළකිය හැකි 70 දශකයේදීමය. ඒවායින් බොහොමයක් ’ගුවන් විදුලි ගීත’ හා ’සිනමා ජවනිකා පසුබිම්’ කොට ගැයුනු ’ඒකල’ ’යුග’ හෝ ’සමූහ’ ගීතයන්ය.
දෙම්වපිය සෙවණේ, ඔවුන්ගේ ආදර - සත්කාර ලබමින් දශක දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් රැඳෙමින් අවසානයේ පතිකුලයට පිවිස, ඔවුන් හැරදමා නික්ම යන මොහොතේ යුවතියකගේ සිතුවිලි දහරාවට එබි බලන නිර්මාණකරුවා ගේ වදන් ලාංකිය සාම්ප්‍රදායික සමාජයේ ඕනෑම යුවතියකගේ බඳුනොව ඇයගේ දෙමව්පියන්ගේ පොදු අත්දැකීමක් වනු ඇත්තේය. ඒ ප්‍රතිභාපූර්ණ ශිල්පියා ඔහුගේ යුගය විචිත්‍රවත් කළ නිර්මාණ ගොන්නක් දායද කල ආචාර්ය අජන්තා රණසිංහ නම් වු මාධ්‍ය රසවතාණන්ය.
---------------Dr. Sujatha Attanayake
---------------
පුංචි දවස්වල නින්දට යද්දී..............
පිතූපාදං නමාමහං කියලා ...........
වැන්ද දෙපා යළි අදත් වඳින්නම් ...........
මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි..............
මල් බෝනික්කන්...පූසි පැටව් ටික...පාට ගවුම් පොඩි අද තනිවෙනවා....
පියාණෙනි ඔබේ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා..........
(ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක, සංගීතය - නැසිගිය සංගීතඥ සරත් දසනායක - ගුවන් විදුලි ගී - ’කිරිකවඩි’ ගී තැටිය - 1975)
එසේ පාත්‍ර වර්ගයා ගේ ’හදවත’ ආමන්ත්‍රණය කරනට සමත්කම් දක්වන්නට තරම් ප්‍රවිණත්වයට පත්වූ ගීත රචකයන් පොකුරක පෙර නොවූ විරූ සම්ප්‍රාප්තිය එකවර සිදූවු 70 දශකය, ඒ කාරණයෙන්ම විචිත්‍රත්වයට පත් වී කැපී පෙනෙයි. ඔවුන් එකෙකු අනිකෙකු අභිබවා ගියා නොවේ. ඔවූහූ එකිනෙකා විවිධ පැතිකඩ ඔස්සේ සිංහල බසේ කාව්‍යාත්මක බව, සංස්කෘත ඇතුඵ වෙනත් ඥාති භාෂාවන් විසින් එය ලද පන්නරය මේ යැයි මොනවට ගෙනහැර පැවේය.
ඒ අතරින් පුජ්‍ය ප්‍රජාව නියෝජනය කළ වැළමිටියාවේ ධම්මරඛ්ඛිත හිමි, මර්සලීනු ජයකොඩි පියතුමා, සමග අදටත් මේ කර්තව්‍යයේ යෙදෙන රඹුකන සිද්ධාර්ථ හිමි, පල්ලේගම හේමරත්න හිමි සහ ලීනස් මෙන්ඩිස් පියනම යන මේ නාමයන් සඳහන් කළ යුතුය
එසේම, ලංකා ගුවන් විදුලි සේවයට සේවය කරමින් අකාලයේ මෙළොව හැරගිය කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්,චිත්‍රාන්නද අබේසේකර, ලලිත් එස් මෛත්‍රිපාල, කේ ඩි කේ ධර්මවර්ධන, ප්‍රේමකිර්ති ද අල්විස්,චන්ද්‍රා වයමන්, මහින්ද අල්ගම එසේම අදටත් ඉඳහිට නිර්මාණකරණයේ යෙදෙන දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, ලූෂන් බුලත්සිංහල, හඩ්සන් සමරසිංහ, චන්ද්‍රසේන රංගේ සහ ඊට අමතරව පුවත්පත් කලාවේදීන් ලෙස කටයුතු කරන ලදුව නික්ම ගිය ජොර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිල් ඒ සිළවිමල, සිසිර කුමාර මානික්කාරච්චි, අජන්තා රණසිංහ, මෙන්ම සැඳැ සමය ගතකරන සෝමපාල ලීලානන්දයන් ද සිහිකටයුතුය.
මෙකී ක්‍ෂේත්‍රයන්ගෙන් පරිබාහිරව නමුත් ඒ හා සමීපව කටයුතු කළ සාහිත්‍ය කලාවේ විකුමන් පෑ මහඇදුරු සුනිල් ආරියරත්න, මහඇදුරු තිලක් රත්නාකර, මහඇදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, හියුබත් දිසානයක, පියසේන කොස්තා, මහගම සේකර, මඩවල එස් රත්නායක, උපාලි ධනවල විතාන, අධිනිතිඥ ඩබ්ලිව් ඒ අබේසිංහ, හේම ශ්‍රි ද අල්විස්, සුනිල් සරත් පෙරේරා,යමුනා මාලිනි පෙරේරා, රත්න ශ්‍රී විජේස්ිංහ, ශ්‍රී නිහාල් ජයසිංහ, උදය මානවසිංහ, ප්‍රභාත් මානවසිංහ, ඇලෝයි ගුණවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල, තු ව කුසුමපාල, ප්‍රියානන්ද විජේසුන්දර, ඔගස්ටස් විනායාගරත්නම්, ගුණරත්න අබේසේකර, ී කරුණාසේන ජයලත්, බන්ඩාර කේ විජේතුංග මෙන්ම සංගීතඥයන් සහ තනු නිර්මාපකයන් මතුනොව ගායන ශීල්පීන් ලෙස කටයුතු කළ යූ ඩී පෙරේරා, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ක්ලැරන්ස් විජේවර්ධන, වර්ණන් පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, සෝමතිලක ජයමහ ද වෙසෙසා දක්වනු වටී.
40 දශකයේ සිට ක්‍රමයෙන් පරිණත වෙමින් පැවති සිංහල ගීත රචනා කලාව, එදිනෙදා ව්‍යවහර බස් වහරින් මෙන්ම පුරාණ සිංහල සාහිත්‍ය බස්වහරින්ද පෝෂණය කරන්නට උක්ත නිරමාණකරුවන් සමත් විය. ඔවූහූ කුඩා දරුවන් ලෙස පාසල් සිසුන් ලෙස ගතකල අවධියේ දිවයිනේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයට සිංහල සාහිත්‍යය සහ රසාස්වාදනය පුඵල් ලෙස ඇතුළත්ව තිබිනි. ඒ නිසාවෙන් ඔවූහූ සිංහල සංදේශ කාව්‍යය, පුරාණ ගද්‍ය රචනා හොඳින් පරිශීලනය කර, එහි ගැබ්වුනු කමනීය සංස්කෘත සහ හෙළ තත්සම තත්භව වදන් සිතෙහි ධාරණය කර, සිය වදන් කෝෂය පුඵල් කරගෙන සිටින්නට ඇත.
සැළලිහිණි. ගිරා, කොවුල්, මයුර සංදේශ කාව්‍යයන් රචනා වූ කෝටටේ යුගයේ (1400-1550) පඞිවරුන්, යතිවරුන් ඔවුන්ගේ පූර්වගාමිකයන් වූ ’ගුරුඵගෝමි පඞිවරයා’ විසින් පොළොන්නරු යුගයේ ලියූ ’ධර්මප්‍රදිපිකාව’, ’කාලිංග බෝධි ජාතකය’, ’අමාවතුර’ වැනි ග්‍රන්ථ ද කුරුණෑගල යුගයේ කාලිකාල සාහිත්‍ය පන්ඩිත පරක්‍රමබාහූ නරපතියා විසින් විරචිත රමණිය ’කව් සිඵමිණ’ කාව්‍ය සංග්‍රහය ගුරු කොට ගන්නට ඇත.
මෙම පරිණාමිය දාමය අනුව, 50-80 දශකයේ නූතන ගීත රචනා සාහිත්‍යයේ ස්වරණ යුගයේ අක්මුල් ඈත පොළොන්නරු යුගය දක්වා විහිදී පැවතෙන ආකාරය දැකිය හැකිය.
පෙරදිග සමාජය අගයන මානව ගුණධර්ම සහ සිරිත් විරිත් අළලා ගී කව් කලාව පුබුදුවන්නට පෑන් තුඩ මෙහෙයවූවන් අතර සීරිල් ඒ සීළවිමලයන්ගේ නාමය වැදගත්ය. අඹු-සැමි අරගලයන් හටගන්නට එකිනෙකා කෙරෙන් පිරිහි ගිය අනf්‍යා්න්‍ය විශ්වාසය සහ ගෞරව සම්ප්‍රයුක්තබව හේතුවෙයි. මින් අඩසියවසකට පෙර යුගයක ඔහු විසින් පබැඳු පදපෙළක තත්කාලින යුගයේ සිංහල ගැමි සමාජයේ අඹු-සැමි සබඳතාවයේ මහිමය කියැවෙයි.
ඇය - වෙළේ මඞේ අව් පින්නේ වේළෙනවා..........
දිවා රැයේ අප වෙනුවෙන් වෙහෙසෙනවා................
ඔබේ දහඩියෙන් අප ජීවත් වෙනවා ...........
ප්‍රියේ ඔබට මතුබුදුබව අත්වෙනවා ................
ඔහු - දවල් ඇඹුල කුඹුරට ගෙනඑයි නිතර.........
ළමුන් නිසා කරදර බොහොමයි ගෙදර ............
දුකින් කල ගියත් කිසිදින නැහැ දබර ............
බුදුන් දැක නිවන් දකිනු පිය සොඳුර ..............
(රන්ජන් ජයතිලක සහ සුජාතා අත්තනායක - සංගීතය ලාල් හිනටිගල - 1967)
ඔහු විසින් ලියූ ’ළීඳෙන් වතුර බිලා ..........’ ’මෝහෙන් මුළාවෙලා මානෙන් උදම්වෙලා.....’ - වික්ටර් රත්නායක, ගුණදහම් අගයන සමාජයක යහපැවැත්මේ මූලික තතු මතුකර පෙන්වයි.
ආචාර්ය නැසිගිය අජන්තා රණසිංහ විසින් පදබැන්දූ මෙහි, ’ප්‍රේමවියෝගය’ ක තතු කියැවෙන අතර, දෙදෙනාගෙන් අයෙකුට එයින් නිබඳවම උරුමවන සන්තාපය, ශෝකය, අපේක්‍ෂාභංගත්වය කිසිවිටක ’ක්‍රෝධ වෛර’ මානව දුබලතා, දුර්ගුණ අවුඵවාලිමේ නිමිත්තක් ලෙස නොගතයුතු මනා බව පසක් කොට දෙයි. එය සමාජයක යහපැවැත්මට හානිකරය, මානව සබඳතාවයන් තළා පොඩිකර දමයි. අවසනදී එය අතිමහත් ව්‍යාසනයකට හේතු සාධක වන බවට මෑත කාලීන නිදසුන් එමට ගෙනහැර දැක්විය හැකිය.
තම සිහින විජිතය සුනුවිසුනු කරමින් පිටුපා යන ඇයට ඔහු සුපුරුදු හෘදයාංගම සොඳුරු වදනින් ආමන්ත්‍රණය කරමින් අවසනයේ ආසිරි පතන්නේ නව දිවියේ ’මැණික් පහන් වැට’ දැල්වේවා යනුවෙනි.
විකසිත පෙම් පොකුරු පියුම් ........
ඔබේ පයට පොඩිවී ගියාදෙන් ...............
පතිකුලයට අද මට පිටුපා යන....
මගේ සොඳුරු ළඳුනේ ............
තනිකම රජයන පාඵ විමානේ ...
ගොම්මන් කඵවර හඞා වැටෙද්දී....
ඔබ දිවි අරණේ ...රුවන් විජිතයේ ...
මැණීක් පහන් වැට දැල්වේවා ....
(පන්ඩිත් අමරදේව ගැයුමේ සත්සර ආචාර්ය ප්‍රේමසිරි කේමදාස)
කේ ඩි කේ ධර්මවර්ධන සහ කරුණාරත්න අබේසේකර වැන්නෝ හෙළ සාහිත ආකාරයේ ගැඹුරට කිමිද, සංදේශ කාව්‍යයන් සහ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙන් ගුරු හරුකම් ලැබ, ඒ ප්‍රදිපාලෝකයෙන් සිය නිර්මාණාලෝක ස්ථම්භයන් දල්වා දීප්තිමත් කරගනිති.
-------------------Late. K.D.K. Dharmawardena with his late wife Samadara Kottage
-------------------
උකුළ ළැමහස මලවි කරළිය ....
මුවා කළ ඇගේ දුහුල් සඵ තිර ...
විවර කෙරුවා මනස්සළෙලුන් ..,
උමතු වූ දෙණුවන් රැහැන් මැඞ ...
මා අබියස මැවෙන තුසිතය ..,
සුරන් නැළවූ සුයාමය....
(කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණප්‍රභාව පන්ඩිත් අමරදේව - සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක - වෙළඳ ගී තැටි)
සාහිත්‍ය කලාව. සමගින් සිය ජීවන අත්දැකීම් එකට මුසුකරමින් කළතා මැවූ ගී රසාකාරයක සිංහල ගීත ශ්‍රාවකයා පා කළ ඔවුන් ගේ නිරමාණ සංයමයෙන් සීරුවෙන් අධ්‍යයනය කරන්නෙකුට, සිංහල භාෂා සාහිත්‍යයේ ගාම්භීරත්වය මැනකියා ගැනිමේ අවස්ථාවට අමතරව, එහි යෙදුම්, වදන් කෝෂය, උපමා, ප්‍රස්ථා පිරුඵ. ව්‍යාංගාර්ථයන්, යන මේ භාෂා නිපුණතාවයන් අත්කර ගැනීමේ හැකියාව ලැබෙනු නිසැකය.
අතීතයේ ගීත ප්‍රබන්ධ බලමුඵව එදා සමාජයේ බහුලව පැතිර, දන මුව තුඩ තුඩ රැව් දුන් ’ජන ගී සහ කවි’ ද සිය නිර්මාණ වපසරියට ඇතුළත් කරගත් අතර ඊට නිදසුන් එමටය. ප්‍රේමකීර්ති ද අල්විස් ඊට රැකුල් දුන් අයුරු විමසනු මනාය.
-----------------Late. Neela Wickramasinghe
------------------
අත රන්වන් පරවියනේ..............
තුඩ රන්වන් පරවියනේ .......
ගෙල රන්වන් පරවියනේ ...
පාට එරන් පරවියනේ ...ස්වර්ණදීප පරවියනේ.........
(නැසිගිය ශිල්පිනී නීලා වික්‍රමසිංහ සමග නැසිගිය සෝමරත්න පෙරේරා සංගීතඥයාගේ ගැයුම සහ තනුව)
ඔහු ඇතුඵ පිරිස ලාංකීය සමාජයේ පහළ ස්ථරවල දිවිගෙවූ සාමාජිකයන්ගේ ’සමාජ ගැටඵ’ පිළිබඳව ගීතයෙන් සාකච්ඡා කරන්නට නොපැකිඵනු බවට එළවිය හැකි නිදර්ශනයන් ද විරළ නොවේ.
------------------Late Malini Bulathsinhala
------------------
’මා එක්කලා අමනාපව...වී දබර..........
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර ..........
හඳමාමා නැගෙන තුරු අපි තරු ගනිමු...
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු..,
හඳමාමා අතම ඒ පණිවුඩ යවමු...
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු...
(අප හැරගිය මාලිනී බුලත්සිංහල ගායිකාවගේ ගැයුම, තනුව දිවංගත එච් එම් ජයවර්ධන විසිනි)
මෙතැන් සිට ඉදිරියට ................