namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, August 21, 2016

එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමු - 02



ඔබ ඔහු හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයෙකු ලෙස නම් ? - 02



ආරාධනා ගීතාවලිය ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ පටිගතකිරීම - පන්ඩිත් අමරදේව - පාලිත පෙරේරා
මේ 80 දශකයේදී ය එවකට ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා සිංහල සේවා අධ්‍යක්‍ෂ ධූරය හොබවමින් සිටි වකවානුවයි

සේයාරුව පිළිබඳව තොරතුරු විමසන ලදුව හෙතම මෙසේ පැවසීය

ගුවන් විදුලි නිවේදක වෘත්තියේ හා ඒ ආයතනයේ ගෞරවය හා අභිමානය රැකෙන අයුරින් ප්‍රේක්‍ෂකයා ඉදිරියේ හැසිරීමට පමණක්‌ නොව ඊට සුදුසු ඇඳුම් කට්‌ටලයකින් සැරසීමටද අප අමතක කලේ නැහැ 

මෙවන් බාහිර පටිගතකිරීම් වලදී ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූ බව කිවයුතුයි

ඒ කරුණු සලකා බලද්දී ඒ යුගය හා වර්තමානය අහසට පොළොව මේනැයි මට හැගීයයි


 x -  x - x - x - x - x - x - x - x - x - x - x - x - x - x - x - x




පාලිත පෙරේරා නම් වූ මේ සොඳුරු මිනිසා ගුවන් විදුලියේ රන් යුගය බබළවා සමුගෙන ගිය ප්‍රවිණ නිවේදකයන් අතර තම නාමයද රඳවා තබා දශක පහක ගුවන් විදුලි චාරිකාව නිමවා අදදිනයේ එයින් ඉසිඹු ලැබ අපමණ තෘප්තියකින් එය ප්‍රත්‍යවලෝකනයේ යෙදෙයි

අදින් චතුර්දශකයට ඔබ්බෙන් වූ යුගයක කුජ දිනයන්හි ගොම්මන් අඳුර ගලා ආ නිමේෂයකදී ඔහුගේ ගැඹුරු එහෙත් දැහැන් ගත වූ හඩ ශ්‍රාවක සවන් පත් සිසරා ඇසුනු මනෝරම්‍ය ගුවන් විදුලි වැඩසටහනකි 

ආරාධනා ගීතාවලිය

ආරාධනා නම් ගී රස බිළිදා ගේ ජන්ම ලාභය ට නිමිත්ත වූ රසවත් පසුබිම් කථාව වර්තමාන ගී රසිකයන්ගේ දැනුවත් වීම පිණිස ඔහු මෙලෙස හෙළිදරවු කරනු ලැබිය

එක්‌තරා දිනක අපේ ගුවන් විදුලි කාර්යාලයට දුරකථන ඇමතුමක්‌ ලැබුනා ඒ ලංකා බැංකුවේ එවක ට අධ්‍යක්‍ෂ මන්ඩලයේ සාමාජිකයෙකුව සිටි ඒ එස්‌ ජයවර්ධන මහතාගෙන්

ඒ අනුව ඔහු තම ආයතනය විසින් වෙළඳ සේවය හා සම්බන්ධව සංගීතමය වැඩසටහනක්‌ මෙහෙයවන්නට තීරණය කර ඇති බවත් එය ඉදිරිපත් කරන්නා වශයෙන් මා දැනටමත් තෝරාගෙන ඇති බවත් කියා සිටියා

තමා විසින් ඒ ඔස්‌සේ අරමුණු 02 ක්‌ සපුරාගන්නට උත්සහ කරනු ලබන බවත් 
එයින් පළමුවැන්න ලෙස ඒ වැඩසටහන මගින් පන්ඩිත් අමරදේවයන් විසින් සිංහල ගීත ක්‍ෂේත්‍රයට කළ අපිරිමිත සේවය අගයා ඔහුට මුල්‍යමය අනුග්‍රහයක්‌ දැක්‌වීමට සැළසුම් කර ඇතැයි යන්නත්

දෙවනුව ඒ මගින් වෙළඳ සේවයේ ශ්‍රාවක රසඥතාවය වැඩිදියුණු කරන්නට අතහිත දීමක්‌ සිදුකරන්නට සැලසුම් කර ඇතැයි යන්නත් හෙළිදරවු කරනු ලැබුවා

එකී වැඩසටහනේ ආකෘතිය අනුව පන්ඩිත් අමරදේවයන් යොදාගනිමින් ගුත්තිල කාව්‍යයය ගීයට නංවා එහි දී ගායනා කරවන්නට අදහස්‌ කරගෙන සිටින බව වැඩිදුරටත් කියා සිටි ඔහු ඊට මගේ අදහස කවරේදැයි විමසා සිටියා

එය හොඳ අදහසක්‌ නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටඵ පැනනැගිය හැකි බව මට වැටහි ගිය නිසා අමරදේවයන්ගේ ජනප්‍රිය ගී ප්‍රතිනිර්මාණය කරමින් ඔහු ලවා යළි ගායනා කිරීම වඩාත් ඵලදායි වන බව යෝජනා කරනු ලැබ ඊට එකගත්වය පළ කළා

එහි ප්‍රථිපලයක්‌ ලෙස එය සැලසුම් කිරීම සඳහා භාර කෙරුනේ ලංකා බැංකුවේ ප්‍රචාරක අංශය හා ගිවිසුම්ගත ෆීනික්‌ස්‌ දැන්වීම් ප්‍රචාරක ආයතනයටයි එහි හිමිකරු අර්වින් විරක්‌කොඩි මහතා ට එහි සම්බන්ධිකරණ කටයුතු පැවරී තිබුනා

එහි සංගීතය සැපයීම සඳහා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිෂ්පාදක උපාලි ද සිල්වා මහතා ගේ නම යෝජනා කරනු ලැබූ අතර

එක්‌තරා දිනක මේ පිළිබඳව ඉදිරි කටයුතු සැලසුම් කරන්නට අප කන්ඩායම ෆීනික්‌ස්‌ දැන්වීම් ආයතනය පිහිටා තිබුනු කොටුවේ ටයිම්ස්‌ ගොඩනැගිල්ලේ සතරවන මහලේදී මුණගැසුනා

ඒ වනවිටත් වීරක්‌කොඩි මහතා විසින් මේ වැඩසටහනට සුදුසු නමක්‌ යෝජනා කරන්නට අරිසෙන් අහුබුදුවන් විමසා තිබු බව දැනගන්නට ලැබුනු අතර මෙදින ඔහු විසින් ඉදිරිපත් කෙරුණු නම් අපේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවා

ඒ අතරින් ආරාධනා නාමය හොඳින් සුඛෝච්චාරණය වන අයුර අනුව එය වඩාත් සුදුසු යෑයි තීරණය වුනා

එහිදී අපගේ අදහසට පුර්ණ එකගත්වය පළකරමින් එය ලංකා බැංකුව යන නාමයේ ගණ පිහිටුවා ඇති අයුර හා ඉතා හොඳින් සැසඳෙන බව අහුබුදුවන් කියා සිටියා

මගේ මතකය අනුව මේ සාකච්ඡා වේ ප්‍රථිපලය ලෙස 70 දශකයේ මැද භාගයේ දී පමණ

ආරාධනා ගීතාවලිය ලෙසින් එය උත්සවාකාරයෙන් එළිදක්‌වනු ලැබුවා

මෙහිදී ගීතාවලිය ලෙසින් මා එය නම්කලේ බයිබලය අනුව යමින් නමුත් මගෙන් පසුව එය ආරාධනා ස්‌වර දැහැන ලෙස වෙනස්‌ වූවා

1977 ඇතිවු දේශපාලන පෙරළිය නිසා ඇති වු යම් යම් බලපෑම් නිසාවෙන් එය තාවකාලිකව අත්හිටුවන්නට සිදුවූවත් වසරකින් පමණ පසු යළි අරඹා 1996 වනතුරු පමණ පැවැත්වූයේ විශිෂ්ඨ ගණයේ ගායක ගායිකාවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් බව මහත් අභිමානයෙන් යුතුව කියනු කැමැත්තෙමි

ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා විසින් 60 දශකයේ රචනා කරනු ලැබූ ගීතයක්‌ රෝහිත විජේසූරිය සංගීත ශිල්පියා විසින් ගයනු ලැබ ප්‍රචාරය වෙමින් තිබිණි එය සවනත වැකුණු ප්‍රවිණ ශිල්පී අයිවර් ඩෙනිස්‌ ඊට මහත් සේ ඇඵම්කරනු ලැබු බව සඳහන් කෙරිණි

අයිවර් ඩෙනිස්‌ කැඳවනු ලැබ තිබු ආරාධනා වැඩසටහනකදී ඔහු විසින් එය යළි ගායනා කරනු ලැබු අතර ඊට පසුබිම් වූ සිද්ධි දාමය ද හෙළිදරවු කරනු ලැබුවේ පහත අයුරිනි

-----------------
උපුටනය ආරම්භය


මේ ගීතය මා ලියු එකම පෙම් ගීතයයි ඒ මගේ බිරිඳට පෙම් කරන මගේ තරුණ කාලේල ගුවන් විදුලියේ වැඩ කරන අවදියේදී

ඇය එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පිඨයේ උගෙනුම ලබමින් සිටියේ නමුත් මම කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරුව අයෙක් මම කොළඹ ඇය සිටියේ පේරාදෙණියේ 

දැන් වගේ නොවේ ඒකාලේ ලිපි මගින් තමයි අදහස් හුවමාරු උනේ ලිපියක් තැපැල් කර ඊට පිළිතුරු ලැබෙන්න දවස් 6ක් විතර ගත වෙනවා ඉතින් මේ ගීය ලියවුනේ ඇගෙන් ලිපියක් ප්‍රමාදවී මගේ හිතේ ඇති වූ කාන්සියටයි

ගුවන් විදුලියේ වැඩ ඉවර කොට සවස ගෙදර විත් බලන කොට එදත් ඇගෙන් ලිපියක් ‍නොලැබී ඇඳේ හන්සිවී කල්පනා කර කර ඉන්නකොට මට නින්ද ගිහින්

ඒ නින්දේදී මම ඇයව සිහිනෙන් දුටුවා ඒකයි මගේ අත්දැකීම මට මේ ගීය ලියන්න හේතු වුනු 

ගීතය ලිව්වේ රෝහිත විජේසුරියගේ සරල ගී වැඩසටහනට 1965 කාලේදී ඒ කාලේ සිංහල ස්වදේශීය සංගීත වැඩසටහනක් තිබුන වර්ෂයේ හොඳම ගීතය තෝරන හරියට ගීත ධාරා වගේ එය ඉදිරිපත් කලේ බර්ටි ගලහිටියාවයි වර්ෂ අවසානයේ හොඳම තෙවැනි ගීතය ලෙස මේ ගීතය අසන්නන් තෝරලා තිබුන 

ප්‍රථම ස්ථානය ගත් ගීතය වුනේ මහගම සේකර  සාරවිට චිත්‍රපටියට ලියු නන්දා මාලිනි ගැයූ  මේ සිංහල අපගේ රටයි ගීය දෙවැනි තැනට ආවේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හඳපාන චිත්‍රපටියට ලියු සිසිර හා ඉන්ද්‍රානි ගැයූ  හඳපානේ මල් පිපුනා  ගීය මේ ගීත තේරුවේ අසන්නන් එවූ පොස්ට් කාඩ් වලින් 

මේ මගේ ගීතයට ඇලුම් කල ගයක අයිවෝ ඩෙනිස් පසු කලකදී ඔහුගේ ආරාධනා ගීතාවලියටද මේ ගීතය ගයනා කලා 

ගීතය 
------ 
සැනසුම සොයමින් යනක වැතරි 
කාන්සියේ මා සිටින වෙලාවේ 
මීදුම් පිරි මගේ සිහින වරායට 
ඔබ නැග එන නැව සෙමින් ඇදේ 

මා වෙත ඇවිදින් සියුමැලි දෑතින් 
සිහිනෙන් ඔබ මගේ හිස අත ගෑවා 
ලතවිල්ලෙන් තොර සැනසිලි සිතකින් 
මා නිදියන සැටි බලා ඉදන් ඔබ 
අවිහින්සක ලෙස හිනැහෙනු දුටුවා 

ඔබ හා මාගේ කල්පිත ලෝකයේ 
ඇති මහ පරතෙර පෙනෙන නිසා 
ඔබ දුටුවේ සිහිනෙන් කියලා 
ඒ සිහිනේදී මට හැඟී ගියානම් 
අවදි නොවන්නෙමි සිහින වලාවෙන් 


උපුටනය අවසානයි

--------------------

මෙතැනින් සවන්දෙන්න


දශක 05 ක්‌ යනු වර්තමාන මිනිසෙකුගේ සතු පූර්ණායුෂයෙන් තුනෙන් දෙකකටත් වැඩි කාලයකි එතරම් කාලයක්‌ ගුවන් විදුලි මාධ්‍යවේදියකු ලෙස රැඳී සිටිමින් මා කළ කි දෑ ශ්‍රාවක ඔබේ දිවි ගමනට අත්වැලක්‌ වූවා යෑයි මගේ අදහසයි 

එපමණට දිගු වු වෘත්තිය දිවියේදී මගේ ආදරණිය ශ්‍රාවකයන් වෙනුවෙන් මා සතු වූ වගකීම කාර්යභාරය මට හැකි උපරිම අයුරින් කැපවීමෙන් ඉටු කරන ලද්දේයැයි තෘප්තිමත් වෙමි එයින් මා උපයා ගත්තේ ඔබේ දයා-කරුණාවයි එපමණකින් ම මා සෑහීමකට පත් ව සිටිමි මා කිසියම් දිනක මෙලොවින් සමුගෙන ගියත් මගේ නාමය ඔබේ හදවත් තුලින් සමුගෙන යන තුරු මම අමරණීයය

අදද ආරධනා අපමණය එතෙකුදු වුවත් යළිත් එහි යන්නට ගොස්‌ රැඳෙන්නට මා සිත අවසර නොදේ අපමණ පළිබෝධ සහිත ජීවන සයුරේ කැළඹුනු රළ පතරින් මෑත්ව මදකට ගිමන් හරින්නට මා අවසර පතමි 



අයුබෝවන් 

                  -------------(The end)-----------------
 

Thursday, August 11, 2016

නීලා වික්‍රමසිංහ ප්‍රබුද්ධ ගී - 1973

රිජ්වේ තිලකරත්න රන් යුගය  - ප්‍රබුද්ධ ගී වැඩසටහන

නව රජයක්‌ බලයට පත්වන විට එහි පාලක දේශපාලන පක්‍ෂය ද වෙනස්‌වූයේ නම් පූර්වයෙන් පැවති රජයේ මහජන ව්‍යාපෘති අත්හිටුවීම මෙහි සම්ප්‍රදායයි

එහෙත් එයින් තමන් අපකීර්තියට පත්ව ඡන්දදායකයන්ගේ වෛරයට බඳුන්වේනමි ඊට දී තිබූ නාමය වෙනස්‌ කරමින් ඉන් අත්වන සේවාව අඩුවැඩි කරමින් පවත්වාගෙන යන්නට සිදුවේ

1965-70 රජය විසින් කෘෂිකාර්මික නවෝදය නමින් දියත් කරනු ලැබුවා යෑයි වාර්තා වන්නේ එවැන්නකි ඉන් අනතුරුව 1970-77 පත් වූ රජය  එය වගා සංග්‍රාමය නමින් නව සඵ පොරවා පවත්වාගෙන යනු ලැබීය

අදට වඩා හාත්පසින්ම වෙනස්‌ සමාජයක සංවෘත ආර්ථිකයක මෙකි නොකී ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට පැවති එකම මාධ්‍ය වුයේ රජයේ ගුවන් විදුලියයි

ඒ අනුව විශේෂ වාර්තා නාට්‍ය හා සංගීතමය වැඩසටහන් දියත් කරන්නට නියම කෙරි තිබිණි

එකී සංගීතමය වැඩසටහන් නිසා උපන් ගීත නිරතුරු ප්‍රචාරය කරවා ජනප්‍රිය කරවීමට බලධාරීන් බැඳි සිටියහ එහෙත් ඒවා එවක ගුවන් විදුලි ප්‍රතිපත්තිය අනුව උසස්‌ ප්‍රමිතියක පැවතුනු අතර ඒ නිසා රසික ශ්‍රාවක යුග යුග හද බැඳ ගත් නිර්මාණ බවට පත් විය

ඒ අනුව කෘෂිකාර්මික නවෝදයෙන් උපන් එඩිතර ලංකා වැඩසටහන වගා සංග්‍රාමය යටතේ ප්‍රබුද්ධ ගී බවට හැරිනි


ඒ ගී රස විඳිනට වරම් ලැබූ වැඩිහිටියන් දශක 04 ඇවෑමෙන් කෙමෙන් දිවියෙන් සමුගනිමින් නික්‌ම යන අතරවාරයේ එවක කුඩා ළමා ළපැටියෝ අද වැඩිහිටියන්ව සිටිති

ඔවුන්ව තම සුන්දර ළපැටි විය කරා පියමං කරවාදෙන එකී ගීතාවලිය යළිත් ඇසිය හැක්‌කේ ද අද ගුවන් විදුලියෙනි නමුත් ඊද
ඉතා සිමාසහිතවය

මෙවන් රසික හවුල් මගින් ඔහුවූ ඒවා යළි රසවිඳිනට අපේක්‍ෂා කරන්නේ ඉහත අතීතාවලෝකනය නිසාමත් නොවේ

ඒවා තම සිත් පහන් කරවා නිවා සනහන නිසාවෙනි

ඉහත සඳහන් ප්‍රබුද්ධ ගී වැඩසටහන එවක ගුවන් විදුලියේ මහ පුටුව හෙබවූ රිජ්වේ තිලකරත්නයන්ගේ මගපෙන්වීමෙන් ප්‍රවිණ ගායන ශිල්පිනි ජී එස්‌ බී රාණි පෙරේරා විසින් මෙහෙයවනු ලැබිය

සංගීත අධ්‍යක්‍ෂණය පැවරුනේ සිංහල සිනමා සංගීතයේ ඒ වනවිටත් විකුම් පෑ කේමදාසයන් හටය

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සුනිල් සරත් පෙරේරා අජන්තා රණසිංහ වැනි එවක ආධුනික ගී පද රචකයන් ඒවා පබැඳුහ

ඒ අතර මෛත්‍රි පනාගොඩ මීගොඩ විල්සන් හා තරමක නව මගක්‌ ගත් ගී ලියු ප්‍රියානන්ද විජේසුන්දර ද විය

ඔහුගේ ගී පද රචනා හෘදයාංගමය මටසිලිටිය ශ්‍රාවකයන්ගේ මානසික ආවේගයන් කුඵ ගන්වන සුඵය

එයින් ප්‍රවිණ ශිල්පිනී නීලා වික්‍රමසිංහ ගැයූ ගී වඩාත් සුන්දරය

සිතක සිතා ගන්නට බැරි දුරක නොවේ ඔබ ඉන්නේ / රන් තැඹිලිය මලේ රුවට / සදා උකුඵ තල මා සුව යහනක

එයින් කිහිපයකි

ජාතික අභිමානය ඉතිහාසය හා කෘෂිකාර්මික ජනදිවිය යා කරමින් ලියු එකී ගීතාවලියේ ආ තරමක අන්දෝලානාත්මක නිර්මාණයකි මේ

මෙහිදී ඔහු සුපුරුදු රටාවෙන් බැහැරව ගොස්‌ පවතින තත්වය විවේචනයට බඳුන් කරයි විරෝධාකල්ප හටගන්වයි

----------------xxxxxxxxxxxxxxxx------------------------

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා - ගායකයාණෙනි මන බඳිනා මන බඳිනා

සෝ ලතැවුල් හද උතුරණ අයුරින්  - පෙම් ගී නොගයන් මතු දවසේ

වැඩසටහන - ප්‍රබුද්ධ ගී 1973-1977

නිෂ්පාදනය - දිවංගත ජී එස්‌ බී රාණි පෙරේරා

අධීක්‍ෂණය - ප්‍රවිණ පරිපාලන නිලධාරී එවකට ගුවන් විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් - සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් (1973-1977) - දිවංගත රිජ්වේ තිලකරත්න (1930-1980)

පද රචනය- ප්‍රියානන්ද විජේසුන්දර

තනු හා සංගීත අදියුරු - දිවංගත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය - ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී / ආචාරිණී නීලා වික්‍රමසිංහ

මෙතැනින් සවන්දෙන්න


---------------------------
(විශේෂ ස්‌තුතිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී / ආචාරිණී නීලා වික්‍රමසිංහ මහත්මියට)



Monday, August 8, 2016

සිංහල කණ්ඩායම් ගී කලාවේ රස මුසු තැන් - 04

 අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 04 කොටස


කොටහේනේ ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයේ සාපෙ සිසු දරුවෙකුව සිටියදීම තම වැඩිමහල් සොයුරියගේ උපකාරයෙන් පුවත්පත් කලාවේදයට පිවිසි මෙල්රෝයි ධර්මරත්නයන් 60 දශකයේ මැද භාගයේ එවකට පාඨකයන් අතර අතිශය ජනප්‍රසාදයක්‌ දිනාගත් පුවත් පත් ගණනාවකට ලිපි සැපයීම සිදු කලේය

සිමාසහිත සිනමාස්‌ සමගමේ අනුග්‍රහකත්වයෙන් ආරියරත්න කහවිට (ප්‍රවිණ ගායන ශිල්පිනී මල්ලිකා කහවිට ගේ සැමියාණන්) සංස්කරණය කරනු ලැබූ කලා සගරාව (60 දශකයේ ජනප්‍රිය සගරාමය පුවත්පතකි)
මෙන්ම ආතර් යු අමරසේනයන් විසින් කර්තෘත්වය දැරූ විසිතුර හා පුවත්පත් කලාවේදයේ මහගුරු ඩී බී ධනපාලයන් යටතේ වේ වී අබේගුණවර්ධනයන් සංස්‌කරණය කළ සවස (ජනප්‍රිය සැන්දෑ පුවත්පතකි) වැනි පුවත්පත් ඒ අතර විය

පුවත්පත් කලාවෙන් දිවිය ඇරඹ ගී පද රචනා කලාව ගායනය හරහා සංගීතවේදියෙකු ලෙස විවිධ පැතිකඩයන් ඔස්‌සේ තම ප්‍රතිභාව පළකළ එකම ශිල්පියා ඔහු වන්නට ඇතැයි සිතමි

යලිත් ඔහුට සවන් දෙමු


----------------------xxxxxxxxxxxxx-----------------------------
මේ කාලවකවානුවේ එනම් 1965 දී සිදුවු දේශපාලන බල පෙරළිය ත් සමග රජය සතු එකම හා ප්‍රබලම විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලියේද මහ පුටුව ට පත්ව ආයේ කෘතහස්‌ත පරිපාලන නිලදරුවෙකු වූ නෙවිල් ජයවීර මහතාය

එකවට වෙළඳ සේවයේ බහුලව ඇසුනේ හින්දි ගීත හා ඒවයේ තනු උපුටා පටිගතකරන ලද සිංහල ගීතයන් බව මතකය

එහි ඉංග්‍රිසි සේවය අනුව යමින් තමන්ටද අදාළ හින්දී ගී සඳහා කර්තෘ භාගය ගෙවිමට කටයුතු පිළියෙල කරන ලෙස ඉල්ලීමක්‌ එහි බලධාරින් වෙත ලැබි තිබුනු අතර එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පිළිතුරු යවන ලදැයි කියෑවේ

තවද ඊට හේතු ලෙස දක්‌වා ඇත්තේ අදාළ ගී ඇතුළත් සිනමා කෘතියට ඒ හරහා ලැබුනු ප්‍රචාරය නිසා ඒවා මෙහිදී වාර්තා පිහිටවමින් තිරගත වීම බව වැඩිදුරටත් සඳහන්ය

ඊට එරෙහි වූ ඉන්දීය බලධාරීන් ගුවන් විදුලි හින්දි සේවයට ලබාදෙන වෙළඳ අනුග්‍රහකත්වය අත්හිටුවන බවට දන්වන ලද අතර එසේවීනම් හින්දි සිනමා පට මෙහි ප්‍රදර්ශනය ද අත්හිටුවිම සිදුවන බව ලංකා බලධාරීන්ගේ පිළිතුර විය

අවසානයේ හින්දි ගී කර්තෘ භාග මතභේදය සමථයකට පත්වුනත් සිංහල සේවාවන් ඔස්‌සේ හින්දී ගී ප්‍රචාරය කිරීම දැඩි සේ සීමා කිරීමට ගුවන් විදුලිය ගත් තීරණය අප ඇතුඵ ක්‍ෂේත්‍රයේ නවකයන්ට මහත් ම ආශීර්වාදයක්‌ වූ අතර අප වැන්නන්ට එහි දොරටු වැඩි වැඩියෙන් විවර වන්නට විය

ඒ අවධියේ ජනප්‍රිය ගුවන් විදුලි නිවේදක විජය කොරයා මහතා ගේ මැදිහත්වීමෙන් ලොස්‌ කැබැයියරෝස්‌ මූන්ස්‌ටෝන්ස්‌ හා සිලොනියන්ස්‌ ගායකයන්ගේ ගීත ගුවන් විදුලයේ ඉංග්‍රිසි සේවය ඔස්‌සේ ප්‍රචාරය වන්නට පටන් ගෙන කිසියම් කාලයක්‌ ගතවී තිබි ඇති නිසා ඔවූහු අසන්නන් අතර දැනටමත් ජනාදරයට පත් වි සිටියහ

මේ අතරවාරයේ එවකට ප්‍රසංග සංවිධාකයෙක්‌ ලෙස අතිශය ජනාදරයට පත් මැල්කම් ඇන්ඩ්රී මහතා අපේ ගීත ශ්‍රවණය කර තිබිනි

ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉලාස්‌ටෝ පාවහන් සමාගමේ අනුග්‍රහකත්වය යටතේ දියත් කළ ගුවන් විදුලි වෙළඳ වැඩසටහනකට අපව සහභාගි කරවන්නට ගිවිසිගෙන තිබුනේ ඊට නියමිත සම්මුඛ පරික්‍ෂණයෙන් අනතුරුවය

ඒ අනුව දැඩි පුහුණුවකින් හා කැපවීමකින් අපගේ කටයුතු සිදු කරමින් අදාළ වැඩසටහනට අපටද ගී ගැයීමට අවස්‌ථාව උදාකරගන්නට ලැබීම ජීවීතයේ අමතක නොවන සුන්දර අත්දැකීමකි

ඒ අනුව කලකට පෙර මේ බෙත්ලෙහෙමේ නත්තල් බැති ගීයද ඈත හෙමින් වලා රොදක්‌ පාවෙනවා (වැස්‌ස) ගී යුගලයට අමතරව වෙළඳ තැටියක්‌ උදෙසා යළි නොගැයූ ලන්තෑරුම එල්ලෙන්නේ නම් ගීය මා විසින් අඵතෙන් නිර්මාණය කරනු ලැබ පුහුණු වන ලදී

මේ අතරවාරයේදීම ශීරෝමි දියණියට අවස්‌ථාවක්‌ ලබාදෙන්නට එකග කරවා ගත් අප ඇය ව සුමනා ජයතිලකයන් විසින් අදද මෙහෙයවනු ලබන එකල අතිශය ජනාදරයට පත් හඳමාමා ළමා වැඩසටහනට යොමුකරවන්නට තීරණය කර තිබිණි 

ඒ සඳහා ඇය වෙනුවෙන් ද නව ස්‌වත්‍රන්ත්‍ර ගීතයක්‌ අඵතෙන් නිර්මාණය කරවා පුහුණු කෙරුවෙමි

වැඩසටහන පටිගත කරන අතරවාරයේ දී ඇයගේ ගැයුමෙන් මහත් සේ ප්‍රමුදිත වූ හඳමමා කාර්ය මන්ඩලයේ නොමද කිත් පැසසුම් ලැබූ ඒ ගීතය ඇයට වසනාව උදා කර දී තිබිණි

මෙකී වැඩසටහන පටිගත කරනු ලැබු වකවානුවේ සුමනා ජයතිලකයන් පුහුණුවක්‌ සඳහා දිවයිනෙන් බැහැරව ගොස්‌ සිටි බවත් ඇගේ සහයක නිවේදක ලැම්බට්‌ පෙම්මාවඩු එය මෙහෙයවන ලද බවත් සඳහන් කරමි

ඒ එවකට දිවයිනේ නමගිය දැවැන්ත ගායන ශිල්පීන් වූ සූජාතා අත්තනායක ජෝති ඇන්ජලීන් ලතා ගී ගැයු සිංහල වෙළඳ සේවයේ ගීතධාරා වැඩසටහන ඔස්‌සේ එය ද ප්‍රචාරය කරවීමට ඔවුන් විසින්ම තෝරාගැනීම නිසාවෙනි එය එකළ ප්‍රවිණ ශිල්පියෙකුට පවා ලැබෙන මහත් ආශිර්වාදයකි ආධුනික කුඩා දැරියක්‌ පිළිබඳව කියනුම කිම රෑ

පසු වසරක දී මා මතකය නිවැරදි නම් 1971 දී පමණ වෙළඳ තැටි ව්‍යාපාරයේ පතාක යෝධයෙකු ලෙස සැළකුණු ජෙරල්ඩ් වික්‍රමසූරිය (Jerald Wickramasooriya - The children's Bookshop Fort, Colombo 01) මහතා විසින් සූරිය ලේබලයෙන් ඇයගේ තැටියක්‌ එළිදැක්‌වීමට කටයුතු කරනු ලැබිය ඒ සිංහල ගීත ලෝකයේ ප්‍රථම ඒකල ළමා පොප් ගායිකාවගේ උපත සිදුවු ආකරයයි

එසේ ඇයවෙත සිරිකත කැන්දුවේ ඇයව ළදරු වියේ සිට හදාවඩා බලාකියාගත් ඇගේ මිත්තණිය වන මා මව වෙනුවෙන් මා විසින්ම වදන් අමුණා ස්‌වර මාලා පැළැන්දූ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ගීතය යි

යළිත් අපේ ධර්මරත්න සහෝදර කැළ වෙත යොමුවන්නට ඔබට ආරාධනා කරමි

මේ අතර අප කන්ඩායමටද නැවතත් වාසනාවේ රන් දොරටු විවර වුයේ ඉංග්‍රිසි සේවයේ සේලර්ස්‌ සන්ඩවුන් (Zellers' Sun dawn) නම් ගුවන් විදුලි වැඩසටහනේ ගී ගයන්නට ලැබුනු ඇරයුමෙනි

එවකට එහි ඉහළ තනතුරක්‌ හෙබවු ලිවී විජේමාන්න හා ඉංග්‍රිසි සේවයේ නිවේදක විජය කොරයා යන මහත්වරුන් විසින් අප කන්ඩායම් ගී සාමාජිකයන් වෙත දෙන ලද සහයෝගය ප්‍රණාම පූර්වකව මෙහිදී සිහිපත් නොකළොත් එය මාගේ යුතුකමක්‌ පැහැර හැරීමක්‌ වනු ඇත

එහි හින්දි ගීත වාරණයෙන් ඇතිවු ආශීර්වාදාත්මක රික්‌තයේ දී වැයෙන්නට පටන් ගත්තේ අප ඇතුඵ සෙස්‌සන්ගේ ඉහත කී නව කණ්‌ඩායම් ගීතයන්ය

ක්‍රම ක්‍රමයෙන් ධර්මරත්න සහෝදරයෝ නාමය එසේ රසික දන තුඩ තුඩ රැව් පිළිරැව් දෙන්නට වූ අතර දිවයින පුරා ප්‍රසංග වේදිකා සංදර්ශන ආරාධනා ගලා එන්නට වූ බව මහත් සතුටින් සිහි කරමි


1965 වසර එළඹ තිබිනි

ගුවන් විදුලියෙන් අපගේ ගීත ඇසෙන්නට පටන් ගත් පසුව කන්ඩායම් ගී රැල්ල මහා ප්‍රවාහයක්‌ බවට පත්වෙමින් තිබුනු අතර මේ නවමු හර්මනි ගී රටාව අනුගමනය කළ කන්ඩායම් ගණනාවක්‌ අප දිවයිනේ බටහිර මුහුදුකරය ඇසුරේ හැදී වැඩී පෝෂණය වෙමින් පැවතිනි


මේ අතර මෙතෝදිස්‌ත දේවස්‌ථානයේ සංගීත උළෙලේදී පැවති හමුවෙන් ගිවිසගත් පරිදි අප සියල්ල එකමුතුව අගනගරය ඇසුරේ මහා සංගීත ප්‍රසංගයකට සුදානම් වෙමින් සිටියහදි

ඒ අනුව කොළඹ 07 ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය හාත්පස පරිසරය ගිගුම් දෙවමින් අතුරු සිතුරු නැතිව පිරිගිය මහා ජනකායක ප්‍රිතිඝෝෂා මධ්‍යය සෝංග්ස්‌ ඔෆ් ලංකා නාමයෙන් එය වෙsදිකා ගත කෙරිනි

ධර්මරත්න සහෝදරයෝ සංවිධානයෙන් එහි ගැයුවෝ වැයුවෝ අතර

මූන්ස්‌ටෝන්ස්‌ (මංගො නැන්දා) Moonstones
ලා සිලනියන්ස්‌  (හෝයියා හෝයියා) La ceyloneanse 

ලා බම්බාස්‌ (කලේ උකුලේ තියාලා) La bambas

ලොස්‌ මුචාචෝස්‌ (යකඩ තලන්නා) Los muchachoes
ලොස්‌ ෆ්ලෙමින්කෝස්‌  (කඵ කෙල්ලේ ඔබ හරිම හැඩයි) Los flemincos
බඹරාස්‌ ළමා ගායකයෝ The Bambaras
ලොස්‌ සෙරනාඩෝස්‌ 
Rio Los Serenaders.
හමිංබර්ඩ්ස්‌ (මධු අඹරැල්ලේ) Humming Birds

ග්‍රෙන් ලෙනාර්ඩෝස්‌  (යාල යාල යාල යන්න) Gren Lenardos
ලා ලැවිනියන්ස්‌ La lavinians
ලොස්‌ කොම්පඤ්ඤගරෝස්‌ Los compannagaros


ග්‍රෙන් ලෙනාර්ඩෝස්‌ යාල යාල තැටිගත කිරීම සඳහා එවක නව යොවුන් ආධුනික ගායිකා මාලනී බුලත්සිංහලද කන්තා හඩ දෙමින් සහභාගී වූ අතර  කන්ඩායම් වූ අතර
එවකට ජනප්‍රියතාවයේ හිනිපෙත්තේ විසු ලොස්‌ කැබැයියරෝස්‌ ද සමනළයෝ ද සහභාගි නොවීය

-------------------------^^^^^^^^^^^^^^^^^---------------------


ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා - ලස්‌සන ඇස්‌ ඇති ප්‍රියංගිකා
යන්න ගියා ඈ යන්න ගියා - ඈතට නොපෙනී යන්න ගියා
නිල්මිණි පරයන ලස්‌සන උතුරණ - දිලිසෙන දෑසට හිමිකාරී
මුතුකැට දත්පෙළ පිම්බුණු කම්මුල - සුරලොව සිට ආ ලියක්‌ වගේ
මා දෙස බල බල සිනහව පෑ කල රත්තරනින් තැනු රුවක්‌ වගේ
ගමන පියකරුයි - පෙනුම මනහරයි - දණහිස තෙක්‌ ඇගේ නෙත් කළඹ
කොමල අත් දෙකයි සිනිදු පා දෙකයි - ළිඳට යද්දි සෙළවෙයි නිතඹ

පද රචනය සංගීත අධ්‍යක්‍ෂණය  මෙල්රෝයි ධර්මරත්න

තනුව - රොනල්ඩ් ධර්මරත්න

ගායක කණ්‌ඩායම - ධර්මරත්න සහෝදරයෝ

නිෂ්පාදනය - ජෙරල්ඩ් වික්‍රමසූරිය - සූරිය තැටි ලේබලය (The Sooriya Label 45 r.p.m.)

වසර - 1969

පුහුණුවිම් - ශ්‍රි ලංකා නාවුක හමුදා කඳවුර - වැලිසර රාගම

වාදක මන්ඩලය - ශ්‍රි ලංකා නාවුක හමුදා සංගීත කණ්‌ඩායම - (Sri Lanka Navy beat group)

පටිගතකිරීම - සරසවි ශබ්දාගාරය - නුවර පාර දඵගම - කැළණිය

(ශ්‍රී ලංකා නාවුක හමුදා බටහිර සංගීත කන්ඩායම වූ කලි එහි නිල තුර්ය වාදක කණ්‌ඩායමේ තෝරාගත් සමාජිකයන් පිරිසකගෙන් සමන්විත වූ වාදක කන්ඩායමක්‌ බවත් වෙළඳ පටිගතකිරීම් හා වෙනත් බාහිර උත්සව ප්‍රිය සම්භාෂණ සිනමා ගී සඳහා වාදනයෙන් සහය වූ පිරිසක්‌ බවත් සඳහන් කළ යුතුය)


තැටියේ සෙසු ගී 03
1 මෙන්න අපේ සුහද පැතුම් (උපන්දින ආසරි ගීය)
2 වාසිටි කොල්ලෝ
3 අව්ව පායලා

පසුබිම් සටහන -

සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නයන් විසින් මේ ගීතයට පාදක වූ සිදුවිම් පෙළ විස්‌තර කරමින් හෙළිදරවු කරණු ලැබුවේ මේ ගීතය ට පසුබිම් වූ නමට ඔහු ඉතා ඇඵම් කළ බවයි ඔහුගේ වැඩිමහල් සහෝදර ක්‍රිස්‌ටි ධර්මරත්නගේ බිරිඳ ගේ සොයුරියගේ දියණියගේ නම ප්‍රියංගිකා ඊට මුල්වූ බවත් කියා සිටියේය 1964 දී හදිසි අනතුරකින් මියගිය තම වැඩිමහල් සොයුරියක්‌ වෙනුවෙන් මේ ගීතය පබැඳුනු බවට කටකථාවක්‌ පැතිර තිබුනත් එය දුර්මතයක්‌ බවත් යව්වන වියේ සිටි තම කන්ඩායමේ සාමාජිකයන් විසින් හා පුරා කියා ගැයූ පෙම් ගීතය ලෙස මෙය හැඳින්විය හැකි බවත් එවකට රැල්ලක්‌ සේ ජනප්‍රිය ව තිබූ කාන්තා රුව වර්ණනාකිරීමේ ගී නිර්මාණයන් අනුව යමින් තමන්ද මෙය රචනා කළ බවත් වැඩිදුරටත් කියා සිටියේය


සවන්දෙන්න මෙතැනින්


 

යළි හමුවෙන තෙක්‌ විරාමයකට යොමුවෙමු

-----------------( to be continued )------------------------------

 

Sunday, July 31, 2016

එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමු

ඔබ ඔහු හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයෙකු ලෙස නම් ?

සකල වාසනා නිධාන භූමී - ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භූමී - පුන්‍ය මාතෘ ධරණී

ලංකා (වික්‌ටර් රත්නායක - නන්දා මලනී - අමිතා වැදිසිංහ ඇතුඵ කන්ඩායම)

තනු නිර්මාණය හා සංගීත සංයෝජනය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මේ නිර්මාණයේ පසුබිම් තොරතුරු සොයා රසික අප පියමං කළ යුත්තේ අදින් වසර 50 ක තරම් වන ඈත අතීතයටයි ස්‌ථානය සිංහල සංගීතයේ මහ ගෙදරයි

ඒ අනුව ඔබ දැන් මේ පිවිස සිටින්නේ 1965 වසරටයි නව රජයක්‌ බලයට පත් වී තිබේ එක්‌සත් ජාතික පක්‍ෂය එහි භාරකරුයි නියමුවා අගමැතිඳු ඩඩ්ලි සේනානායකයන්ය

රජය සතු ආයුධය මෙවළම මහජනයා ඡන්ද දායකයා හා එය යා කරන මහා පාලම ද ජනමතයේ ජීවනාලිය ද වන්නේ ප්‍රවෘත්ති අමාත්‍යංශය සතුවන ගුවන් විදුලි සංස්‌ථාවයි දැන් එහි ද නව නියමුවෙක්‌ හා අධ්‍යක්‍ෂ මන්ඩලයක්‌ පත් ව සිටී

ඔහු උත්තරීතර රජ්‍ය යාන්ත්‍රණය කොඳු නාරටිය බඳු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දක්‍ෂතම සාමාජිකයෙකු වු නෙවිල් ජයවීරයන්ය ඔහු යටතේ නව අධ්‍යක්‍ෂ මන්ඩල සාමාජිකයන් අතර සෑම් ජේ පෙරේරා මහතාද වෙයි

සුපුරුදු පරිදි වැඩසටහන් හි පෙළගැස්‌ම අන්තර්ගතය මෙහෙවයන නිලදරුවන් යන මේ සියල්ල වෙනස්‌ කරනු ලැබ තිබේ එපමණක්‌ නොව නව වැඩසටහන් මාළාවක්‌ ද එළි දක්‌වන්නට සැරසි සිටි

තවත් තෙවසරක්‌ ඉක්‌බිත්තෙන් 1968 වසර ට පිවිසෙමු

නව රජයේ කෘෂිකාර්මික නවෝදය නමින් ගොවිතැන නගා සිටුවිමේ ව්‍යාපෘතිය අරඹා තිබේ එහි ප්‍රවර්ධනය සුපුරුදු පරිදි ගුවන් විදුලයට පැවරුණි

සෑම් ජේ පෙරේරා මහතා ගේ අධික්‍ෂණය යටතේ ඇරඹුනු නැවුම් සුවඳ හමන සංගීතමය වැඩසටහනේ නාමය එඩිතර ලංකා විය නමින් ම හැගෙන පරිදි එහි ඇතුළත් විය යුත්තේ එඩිය දෑ අබිමානය වඩවන ගීතයන්ය

මෙයින් එතෙක්‌ ගුවන් විදුලිය ආ මග වෙනසකට බඳුන් කරවමින් නව ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට පටන් ගැණිනි ඒ අනුව සංස්‌ථාවේ කාර්ය මන්ඩලයද ඇතුඵ ඕනෑම බාහිර සංගීතඥයන් හා ගීත රචකයන් හට තම නිර්මාණ සඳහා දොරගුඵ විවර වූ අතර ඒ සඳහා තිබුනු සියඵ බාධක ඉවත් කරන ලදී

මෙs වැඩසටහන ද මෙහෙයවීම ගුවන් විදුලියේ එක්‌ එක්‌ නිවේදකයන් හා සම්පාදකයන් අතර බෙදා දෙනු ලැබීය ඒ අනුව නිවේදක සිරිල් රාජපක්‍ෂයන් ද හට ද අවස්‌ථාව ලැබී තිබුනි

ඔහුට ලැබුනු වැඩසටහනේ සංගීත සංයෝජකයා ලෙස රෝහිත විජේසූරියයන් නම් කර ඇත දැන් විසඳාගත යුත්තේ

ගී පද රචකයන් උපයා සපයා ගැනීමේ ගැටඵවයි

මෙවක අප කථා නායකයාණෝ ගුවන් විදුලයේ සේවයට පැමිණ්‌ පස්‌වස සපිරුණා පමණකි එක්‌තරා දිනයක සැන්දෑයාමයක 06 වන මැදිරියේ දී එහි පිවිසි සිරිල් රාජපක්‍ෂයන් ගේ හඩ අවදිවිනි

පාලී මට මොනවා හරි ඉක්‌මණට ලියලා ඕනෑ මේකට වැඩිවෙලා ගතකරන්න නම් එපා මොකද රෝහිත බලාගෙන ඉන්නවා මියුසික්‌ කරන්න පුඵවන් තරම් ඉක්‌මනට මට රෙකෝඩිං දාගන්න ඕනෑ

පාලි ක්‍රියාත්මක විය මැදිරියේ පුහුණු කුටියට පිවිස එහි මේසය මතට බරව ඉහත පද පේලිය ලියන්නට පටන් ගත්තේය පදවැළ සම්පූර්ණය එහෙත් රචකයා තෘප්තිමත් නැත ඔහු යළිත් ක්‍රියාත්මක විය


මා සාර භූමි ලංකා - මා විජය භුමි ලංකා

මා පුන්‍ය භුමි ලංකා - අප ජන්ම භුමි
ලංකා

(රෝහිත විජේසූරිය ඇතුඵ කන්ඩායම)



පාලී ??? ඔහු කවරෙක්‌ද ??? 60-70 මතුනොව 80-90 න්ද මෙපිටට විත් 2000-2010 දීද ගුවන් විදුලියට සවන් යොමුකළෝ ඔහුව කිසිවිට නොහඳුනන්නේ නොවේමය

එහෙත් ඒ රසිකයෝ අතර ක්‍රිකට්‌ ක්‍රිඩාලෝලී දනන් තුඩග ඒ නාමය අද දක්‌වාත් රැව්දෙයි ඒ ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී අදී නාලන්දීය පාලිත පෙරේරා ය


මේ වනතුරු සංස්‌ථාවේ කාර්ය මන්ඩලය වෙතින් සපයා ගන්නා ගී පද රචනා සඳහා ගෙවීමක්‌ නොකෙරිනි ඉතිහාසයේ මුල් වරට එඩිතර ලංකා වැඩසටහනේදී ඒ සම්ප්‍රදාය බිඳමින් එක්‌ ගීතයක්‌ සඳහා රු පහළොවක තරම් සැළකිය යුතු ගෙවීමක්‌ අනුමත කරනු ලැබ තිබිණි (එවකට එහි අපන ශාලාවේ බත් මුලක්‌ රුපියලක්‌ විය කොළඹ - මහනුවර බස්‌ ගාස්‌තුව රු දෙකයි විසිපහකි)

මේ නිසා මෙම වැඩසටහන වෙනුවෙන් සංස්‌ථා සේවකයන් ගේ කැපවීම ඉහළම මට්‌ටමින් සිදුවිණි කරුණාරත්න අමරසිංහ අමරබංදු රූපසීංහ පාලිත පෙරේරා ඇතුඵ කණ්‌ඩායමට නැවුම් වෙනසක්‌ සිදුකිරීම පිණිස උත්සහ ද+රූහ

සහන නිවෙදක නිව්ටන් ගුණරත්නයන්ගෙන් නව අදහසකි

අපි කේමදාස මාස්‌ටර්ව ත් ගනිමු

සියල්ලෝ එකගත්වයකට පැමිණ සිටියහ

ඒ අනුව මරදානේ වර්තමාන ජයන්ත වීරසේකර මාවතේ එනම් එදා ඩි්‍රබ්‍රෙක්‌ පාරේ පිහිටා තිබුණු සංගීත මංජරිය වෙත මෙකී ගුවන් විදුලි සගයෝ පිවිසියහ ආ කාරණය දැන්වීණි එයින් ඇරඹෙනුයේ සිංහල සංගීත වංශයේ නව පරිච්ඡේදයකි ඒ කේමදාසයන් හා පුරා කියා ගුවන් විදුලි ගී නිර්මාණකරණයට පිවිසිමේ පසුබිම් කථාවයි

කරු ද (කරුණාරත්න අමරසිංහ) ද තම පෑන් තුඩ මෙහෙයවමින්


මා දුටු මුල්හිරු පෙන්වු ලංකා - මා ගත් මුල් සුසුමක්‌ දුන් ලංකා
ඔබගේ මුත්හර සරසමු ලංකා

(නන්දා මාලනී)


එඩිතර ලංකා ගීත එකින් එක පටිගත වන්නට විය

මේ අතර ගුවන් විදුලි සගයෝ ද දිවා රෑ නොබලා ඊට උර දෙන්නට විය රෝහිත විජේසුරියයන් ගේ මා සාර භූමි ලංකා පටිගත කරන දිනය ලං වන්නට විය

පුහුණුවිම් සිදුකරමින් පැවතිණි

රෝහිත විජේසූරියන් විසින් වාදක මන්ඩලය මෙහෙයවමින් සිටීන අතරවාරයේ අඩි 06 කටත් වඩා දිග උණ බම්බුවක්‌ වැනි දැවැන්ත වාද්‍ය භාන්ඩයක්‌ වැයෙනවා දුටු පාලි ඇතුඵ පිරිස ගේ කතුහලය ඇවිස්‌සුණි

ඒකට කියන්නේ බෙසුන් කියලා වාදනය කරන්නේ නාවුක හමුදා තුර්ය වාදක කන්ඩායමේ එක්‌කෙනෙක්‌ රෝහිත ගේ පිළිතුර විය

ගීත තුනක්‌ සඳහා අප නිවේදකයාණෝ හට රු හතලිස්‌පහක මුදලක්‌ ගෙවනු ලැබීය

-------------------------------------------------------------------

මා සාර භූමි ලංකා - මා විජය භූමි ලංකා

මා පුන්‍ය භූමි ලංකා - අප ජන්ම භූමි ලංකා

නදී ඇළ දොළ අහස්‌ දියකඳ - සදා තෙතමන සෙවන දෙරණයි

කරල් බරවූ කුඹුරු යායයි - මේ බිමෙන් අප රට නිධානයි

සතුරු එඩි මැද හෙළා ලේ කඳ - නැංගු නිවහල් විජය දෙරණයි

වීර හෙළයන් පුදා ජීවය - ලැබූ නිදහස අපට උරුමයි

බුදුන් සිරිපා පියුම් නැමදූ- මගේ මේ රන් පුන්‍ය දෙරණයි

සදා කාලෙන් සදා කාලේට- අපට දළදා සමිඳු සරණයි



නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන -  එඩිතර ලංකා

වසර - 1968

අරමුණ - කෘෂිකාර්මික නවෝදය වැඩසහන - අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය - 1965  - 1970

නිෂ්පාදනය - සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව - පාලිත පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

 තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
- සංගීතඥ රෝහිත විජේසූරිය (බාහිර ශීල්පී)

සමූහ ගායනා  - රෝහිත විජේසූරිය  - අමිතා වැදිසිංහ ඇතුඵ පිරිස
වාදක මන්ඩලය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය සහ යුධ හමුදා තූර්ය වාද්‍ය වෘන්දයේ සහය

මෙතැනින් සවන්දෙන්න


Basoon


සවන්දෙන්න



---------------------------------------------------------------------------

සකල වාසනා නිධාන භූමී  -  ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භුමි - පුන්‍ය මාතෘ ධරණී

ලංකා

දේශ දේශ ජය කෙහෙළි බැන්දු - ඒක  ඡත්‍රයේ සෙවෙනෙහි රැන්දු

විරු දරුවන්ගේ රුහිරය වැගුරූ - වීර භුමියේ ප්‍රෙෘඩ උදානේ

(කන්ඩායම් සමූහය)

බුදු සිරිපා පිදූ රහතුන් වැඩසිටී - ප්‍රනභූමියයි - ධර්මදීපණී (අමිතා වැදිසිංහ - ඒකල)

දෙරණ මතින් නැගි දාගැබ් බුදු රූ - (වික්‌ටර් රත්නායක - ඒකල)

පුන්‍ය භූමියේ භක්‌ති ප්‍රණාමයි (නන්දා මාලනී - ඒකල - සමුහ)



නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන -  එඩිතර ලංකා

වසර - 1968

අරමුණ - කෘෂිකාර්මික නවෝදය වැඩසහන - අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය - 1965  - 1970

නිෂ්පාදනය - සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව - පාලිත පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

 තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
- සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (බාහිර ශීල්පී)

සමූහ ගායනා  - වික්‌ටර් රත්නායක  - නන්දා මාලනී - අමිතා වැදිසිංහ

වාදක මන්ඩලය - 

 වයලීන් - ඒලියන් ද සොයිසා මරදකොලොන්නේ රොක්‌සාමි

බටනලා - එම් ඩබ්ලිව් පීරිස්‌

තබ්ලා - විජේරත්න රණතුංග - නඩරාජා (වෙළඳ සේවා වාදක මන්ඩලය)

සිතාර්  - සරත් දසනායක - පියදාස අතුකෝරාළ

ක්‌ලැරිනට්‌ - ටි එෆ් ලතීෆ් - ඒ ජේ කරීම්

ආචාර්ය කේමදාස නිර්මාණපෙළෙහි ප්‍රථම ගුවන් විදුලි පටිගතකිරීම


මෙතැනින් සවන්දෙන්න



(තොරතුරු මුලාශ්‍රය වෙනුවෙන් ස්‌තුති පුර්වක ප්‍රණාමය - ගුවන් විදුලි ප්‍රවිණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා වෙත පිරිනම්මි)

මතු සම්බන්ධයි.....................

Sunday, July 24, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස


 
බහුතරයක්‌ ගුවන් විදුලිය ට පෙම් කරණ එදා ශ්‍රාවකයන් ද වෙළඳ තැටි කැසට්‌ රසිකයන් ද ඔහු හඳුනන්නේ ධර්මරත්න බ්‍රදර්ස්‌ කෝකිල කැළෙහි සාමාජිකයෙකු නමින් පමණක්‌ බව පෙනියයි
නමුත් එපමණකුදු නොවේ මෙල්රෝයි ධර්මරත්නයන් තනුවට වදන් ඇමිණිමේ ශිල්පයේ ශූරයෙකි කෙළ පැමිණියෙකි පසුව ගී පදමාලාකරණයෙන් ස්‌වකීය නිර්මාණ හැකියාව දියුණු තියුණු කරගත්තෙකි

 
එතැනින් නොනැවතුනු ඔහු තමාම ඒවාට මියුරු තනු සම්පාදනය කරනු ලැබ එයිනුදු ඔබ්බට ගොස්‌ සංගීත සංයෝජනය කිරීමේ කලාව ද සිරූවෙන් ප්‍රගුණ කරනු ලැබ බටහිර හාර්මනි ශිල්පය පාදක කොටගත් නිර්මාණ ගණනාවකින් තම ගායක කණ්‌ඩායම පෝෂණය කලේය

තමන්ට ලැබුනු සිමිත විවේක කාලය සම්පුර්ණයෙන්ම සිංහල ගීත කලාවේ එක්‌ ඉසව්වක්‌ වෙනුවෙන් කැපකරනු ලැබ දිවයින වටා සැරසරමින් බටහිර ගී පමණක්‌ රසවිඳින්නට පුරුදුව සිටි රසික කැළක්‌ සිංහල ගීතය වෙත කැන්දාගෙන ආ පුරෝගාමි නිර්aමාණපරපුරේ ප්‍රමුඛයෙකු විය

 
ඔහුට රසික ඔබට කියන්න ඇති දෑ තව බොහෝය

 
සවන්දෙන්න ඔහුට එතැන් සිට යළිත්


----------------
මා මතකය අවදිකරන්නේනම් ඒ කාලය ට මදක්‌ පෙරාතුව නීනා හා ෆෙඩ්රික්‌ ( NINA and FREDERIK)  යුවළ විසින් ගයා එවක නිතර ඇසුණු MARY'S BOY CHILD JESUS CHRIST .......නම් බටහිර ගීය ටද මා විසින් සිංහල වදන් පෙළක්‌ අමුණා තිබිනි ඒ අප නිවසේ හා ඥාති - මිතුරු කැළ එකතුව පැවැත්වුණු නත්තල් ගී උත්සවයන් හී ගැයිම පිණිසයි

MARY'S BOY CHILD JESUS CHRIST ....... මෙතැනින් අසන්න


ඒ ගීය ජිම් රීව්ස්‌ විසින්ද පසුව රොක්‌ ශෛලියෙන් බොනිඅම් ගායක කන්ඩායම විසින් 70 දශකයේ දී ගැයු ගීතිකා ගණයේ නිර්මාණයකි


කලකට පෙර ඒ බෙත්ලෙහෙම ශූද්ධ වූ නගරේ
ජේසු මෙළොවට බිහිවුනේ පුංචි ගවමඩුවේ


මේ ගීතය පසු අවස්‌ථාවක තැටිගත කරනු ලැබ තිබියදී මා වෙත ගලා ආ ප්‍රශංසනාත්මක සුභ පැතුම් බොහෝ විය ඒ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වර්තමානයේ ලාංකික කතෝලික ප්‍රජාවගේ නායක දුරන්දර පුජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් එදා එය පසසා මා වෙත දැක්‌වූ ප්‍රතිචාරයයි 


එහිදී එතුමාණන් ගේ නිවසේ මේ ගී තැටිය වාදනය වන්නට සළස්‌වා නිතර අසා රසවිඳින්නට පුරුදු ව සිටි බව දන්වනු ලැබීමයි

මේ අතරවාරයේදී එක්‌තරා දිනකදී නිරායාසයෙන් සිතේ ඇඳුනු අදහසක්‌ අනුව ලියෑවුනු පද පේලියකට සොයුරු රොනල්ඩ් විසින් තනුවක්‌ යොදනු ලැබ අප විසින් මුමුණමින් තිබිනි


ඈත හෙමින් වලා රොදක්‌ පාවෙනවා

අහස්‌ කුමාරයා තවම කදුඵ සලනවා
හෝ වැස්‌ස වහිනවා


ඒ අප සංගීත කන්ඩායමේ අනන්‍යතාවය තහවුරු කල හැරවුම් ලක්‌ෂ්‍යකැයි මම කියමි මක්‌ නිසාද ඒ ධර්මරත්න බ්‍රදර්ස්‌ හි මුල්ම සම්පූර්ණ ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණය නිසාවෙනි


විවහයෙන් පසු අපේ නිවසේ ම පදිංචි ව සිටි රොනල්ඩ් අයියා සමගින් අප දෙදෙනා එකතු ව ඉහත කී ගීත සාද සමරු උත්සව වෙනත් එවන් අවස්‌ථාවන් ට නිරතුරුව ම සහභාගි වෙමින්
මේ ගී යුගලය ගයන්නට පටන් ගතිමු


අපේ සංගීත භාන්ඩ වු බොංගෝ සහ බොක්‌ස්‌ ගිටාර් පමණක්‌ වු අතර ඒවා ට ලැබුනු උණුසුම් ප්‍රතිචාරය අප දිරිමත් කරන සුඵ විය

මේ කාලයේ දීම රැල්ලක්‌ මෙන් ලොවපුරා පැතිර ගිය යව්වනයේ ගායක කණ්‌ඩායම් සංකල්පය අනුව මෙහිද ක්‍රම ක්‍රමයෙන් ඒ හාර්මනි ක්‍රමවේදය අනුගමනය කළ යොවුන් ගායක කන්ඩායම් කිහිපයක්‌ බිහිවී ජනප්‍රිය වෙමින් තිබිනි


මිගමුවේ නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (LOS CABELLIROS) ඒ අතර ප්‍රමුඛයන් වූ අතර


රත්නපුරයේ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ගේ මූන්ස්‌ටෝන්ස්‌ ද කෝට්‌ටේ නොයෙල් රණසිංහ ගේ ලා සිලනියන්ස්‌ වැනි වෙනත් ගායක කණ්‌ඩායම්ද ඒ වනවිටත් ක්‍ෂේත්‍රයට පිවිස සිටි බව මතකය

ඒ අනුව යමින් අප දෙදෙනා රසිකයන් අතර ධර්මරත්න බ්‍රදර්ස්‌ නමින් හඳුන්වාගන්නට තීරණය කෙරිනි


1966 වසර ගතවෙමින් තිබු අතර අපේ යොවුන් සංගීත කණ්‌ඩායමේ ශක්‌තිය උරගා බැලීමේ මහගු අවස්‌ථාවක්‌ එළඹෙමින් තිබිණි

ඒ කොල්ලුපිටියේ මෙතෝදිස්‌ත දේවස්‌ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ගායනා තරගයකට ඉදිරිපත් වීමට අවස්‌ථාවක්‌ එළඹීමෙනි

ඊට මුල් වී තිබුනේ අපේ මවයි ඇය අප වෙනුවෙන් ඊට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබිණි


කේවල යුගල හා හර්මනි (කන්ඩායම්) ඉසව් යටතේ වර්ගීකරණය කෙරුණු එහි අප සහභාගිවන්නට නියමිතව තිබුනේ කන්ඩායම් ධාරාව යටතේය


ඒ සඳහා පෙර පුහුණුවිම් පවත්වන්නට සෙනසුරාදා සවස්‌ වරුවත් ඉරිදා දිනයත් යොදාගන්නට තීරණය කෙරුණේ අපේ රාජකාරි කටයුතු වලට බාධා නොවීම පිනිසය


තරග දිනය උදා වූ අතර සුපුරුදු ගීත යුගලය අප විසින් ගායනා කරන ලද අතර ඒකල කාණ්‌ඩයේ දී කුඩා ශීරෝමි තරග කරන ලදී

ආරාධිත ගායක කණ්‌ඩායම ලෙස එහි කැඳවා තිබුනේ එවකට නම්දරා සිටි අපේ පූර්වගාමී හාරමණි ගායකයන් වූ මූන්ස්‌ටෝන්ය

ප්‍රථිපල නිකුත්වීමේදී අප කන්ඩායම ද ශීරොමි ද අදාළ ඛන්ඩයන්හි දෙවැනි ස්‌ථාන දිනා ගන්නා ලදැයි නිවේදනය කරන ලද්දේ අප හා අප සහයක රසිකයන් ගේ ප්‍රිතිඝෝෂා මධ්‍යයේය


මුන්ස්‌ටෝන්ස්‌ කන්ඩායමේ සමාජික ක්‌ලැරන්ස්‌ ඇනස්‌ලි ඇතුඵ පිරිසගේ සුභාශිංෂන මධ්‍යයේ අප ගායක කණ්‌ඩායම් සියල්ල එකතුව මතුයම් දිනක ප්‍රසංගයක්‌ සංවිධනය කිරීමේ යෝජනාවක්‌ ඇතිකරගන්නාලදින් යළි දිනක හමුවන බලාපොරොත්තුවෙන් අප කලා දිවියේ තවත් කඩඉමක නිමාව සටහන් විය


මේ යුගයේදීම ලංකා ගුවන් විදුලියේ ද සංගීත ප්‍රතිපත්තියේ එක්‌තරා පෙරළියක්‌ සිදුවෙමින් තිබිණි ඒ කවරෙක්‌ද ?


---------------------------------------------------------
 ධර්මරත්න සහෝදරයෝ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය තේමා ගීතය - 1971 නවරගහල   කොළඹ

පුංචි කොල්ලෝ හතරදෙනෙක්‌
මව් උකුළේ නැලවුනා
දරු නැලවිලි ගීයක්‌ ඇගේ මුවින් පිටවුනා
පුංචි කොල්ලො දුරයන බව මවට තේරුණා

එකම එක කුසේ බිහිව එකට හැදෙනවා
එකට එකතු වි සංගීතය පතුරනවා
වැස්‌ස වහිනවා වැස්‌ස එළිය දකිනවා
අපි සහෝදරයෝ හතර දෙනෙක්‌ ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැගුම් මවනවා

රතුපිට රතු රෝස කුසුම් අතුරපු පාරේ
යටින් තියෙන්නේ කටු බව දෙපයට තේරේ
මවගේ ඔවා එළිය දුන්නා යද්දි කඵවරේ
ආව ගමන මතක්‌ වෙලා කඳුලැලි වැගිරේ


විසකුරු නයින් ඉන්න බෙනේ මැණිකක්‌ තිබුනා
ඒ මැණික ලබා ගන්නට අප හරිම වෙහෙසුනා
සමහර අය අපයන මග අවුරා තිබුනා
මැණික ලබා ගන්න හුග දෙනෙක්‌ උදව් වුනා


ඉහතින් දක්‌වා ඇත්තේ ක්‍රිස්‌ටි මැක්‌ස්‌වල් රොනල්ඩ් හා මෙල්රෝයි 1971 දක්‌වා පස්‌වසරක ඇවෑමෙන් එතුවක්‌ පියමං කල ඔවුන්ගේ සංගීත චාරිකාවේ වෘතාන්නයයි

ඒ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල් ශාලාවේ එනම් නවරගහලේ පැවැත්වූ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය වෙනුවෙන් නිකුත් කල සමරු කලාපයේ පූර්විකාවයි

ඉන් පසු වසරේදී ඔවූහූ එය කොළඹ ච්ල්රන්ස්‌ බුක්‌ෂොප් ආයතනය වෙනුවෙන් එහි අධිපති ජෙරල්ඩ් වික්‍රසූරියයන්ගේ ඇරයුමෙන් තැටියට නගන්නට යෙදුණි

ඒ කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේදී ය

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ එවකට වැඩසහන් අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ලිවි විජේමාන්න මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ ඉංග්‍රිසි සේවයේ නිවේදක විජය කොරයා විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කල සංවත්සර වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ අවංක ආදර ස්‌තුතිය පිරිණමන බව පැවසුව

මෙල්රෝයි ධරම්රත්නයන් එහි පටිගත කිරීමේ රසමුසු අවස්‌ථාවක්‌ මෙලෙස සිහිකරනු ලැබීය


ඕක රෙකෝඩ් කරනකොට සරසවි ස්‌ටුඩියෝ රෙකෝඩින් ඉන්ජිනියර් මර්වින් රොඩ්රිගෝ මහත්තයා ට මම උපදෙසක්‌ දුන්නා පුඵවන් නම් චියරින් සවුන්ඩ් ට්‍රැක්‌ එකක්‌ එයට එකතු කරන්නට කියලා මොකද අපි ඒ දිනවල බටහිර සජිවි පටිගතකිරීම් අසා තිබුනා මටත් එය අනුකරණය කරන්නට  සිතුණ නිසයි එසේ උපදෙස්‌ දුන්නේ

තිබුණු අවම තාක්‍ෂණික පහසුකම් යටතේ ඔහු එය හැකි උපරිම අයුරින් ඉටුකොට තිබීම සතුටට කරුණක්‌


...... මෙතැනින් අසන්න



මදකට නිහඩවෙමින් විරාමයකින් හමුවෙමි ඔබ........
 

Monday, July 11, 2016

දම්මි - සුගත් ආදර අන්දරයේ රසමුසු තැන්

දසත පතල වියතුන් සභා මැද සුගත් ද විය

ස්‌ථානය හොරණ තක්‍ෂිලා විදුහල

වකවානුව 50 දශකය

මෙහි කථානායකයා සුගත් ය පංතියේ සෙසු සෙස්‌සන් අතරින් කැපි පෙණුනු එක්‌තරා බාලිකාවක්‌ තමා කෙරෙහි උනන්දුවක්‌ දක්‌වන බවක්‌ ඔහුට හැගී ගියේය
ඇය දම්මිය

ඉගි බිගි හැරුණුවිට කතාබහ ට අවසර නැත

ඇය වෙසෙන්නේ විදුහල අසන්නයේ බවත් එක්‌තරා ප්‍රසිද්ධ වෙද මහතෙකු ඇගේ පියාණන් බවත් සුගත්ට දැනගන්නට ලැබිනි

ඇය පාසල් අවේ ඇගේ නැගණිය සමගය
පියා තම මෝටර් රථයෙන් ඔවුන් අපසු රැගෙන යයි

ඔශු ඇය වෙසෙනවා කි නිවස ආසන්නයෙන් එහා මෙහා ගමන් කලේය එය ගමේ ප්‍රභු නිවසක්‌ බඳු වැදගත් සුවිසල් නිවසකි

එහා පංතියේ සිටියේ සුගත්ගේ අතිජාත පාසල් සගයෙකි දෙදෙනා එකිනෙකා ගේ නිවස්‌ හි රාත්‍රිය ගතකිරීම අල්ලප සල්ලපයේ යෙදීම නිතර දැකිය හැකිය

යාබද පන්තියේ මිතුරා ද ඉහත කි බාලිකාව සමග සිහින පෙමක වෙළි සිටි බව සුගත් කෙසේ දනීද ?

ඒ දැරිය තම මිතුරා සමග බස්‌ තෙපළනයුරු සුගත් ද නොදුටුවා නොවේ

තමන් ඇය හා එසේ කථාකරන්නට මැළිවන්නේ ඇයිදැයි ඔහු ට සිතිණි

දිනක සුගත් ට තම හිතවත් පොත් සාප්පු කරුවෙකු අත ලිපියක්‌ ලැබී තිබුනේ මිතුරාගෙනි

වියෝදුක්‌ගින්න වදන් වලට පෙරළා සටහන් කරනු ලැබ අවසානයේ බාලිකාවගේ තීරණය බාරගන්නා බවත් දෙදෙනාටම සුභ පතන බවත් එහි ලියෑවී තිබිනි

වරෙක දෙමිතුරෝ  හොරණ දී මුණගැසිනි

මිතුරා ඉකිගසමින් හඩන්නට විය

මේ තෙකොන් ජවනිකා පෙළ ට විරාමයට තැබුනේ තිදෙනා පසුව පාසල් තුනකට බෙදී වෙන්වි ගිය පසුවය

ඒ අනුව සුගත් කොළඹ නාලන්දයට ද දම්මි විශාඛාවටද සුගත් මිතුරා නුගේගොඩ නාලන්ද ඇකඩමි නම් පාසලටද යොමු කෙරිනි

මෙතුවක්‌ විස්‌තර කෙරුණු සිදුවිමේ අමුත්ත කුමක්‌ද ?

මෙවන් සිදුවිම් එදා ද අදද හෙටද සියදහස්‌ ගණනින් සිදුවෙයි ඇත්තෙන්ම එහි වැදගත් යමක්‌ ඇද්දැයි පාඨක භවතුන් විමසනු ඇත

ඊට පිළිතුර ඔව් යන්නයි

මන්ද ඒ ?

එය ලක්‌දිව ගෙවිගිය දශක 04-05 ක යුගයේ සිංහල සාහිත - සිනමා - ගී - කලා ලොව වැඩිම අවධනයකට පාදක වූ යොවුන් හද නිති කිති කැවූ නවකථාවකට මුලික වස්‌තු බීජය වීමයි

ඒ ඉහත කි දම්මි - සුගත් ආදර අන්දරය කැටිවූ ගොඵ හදවතයි එනමින් වූ සිනමා පටයයි එනමින් ලියෑවුණු අමරණීය ගේය පද රචනාවයි

එහි රචකයා 50 දශකයේ මහ නවකථාකරු කරුණාසේන ජයලත්ය ඉහත කි දම්මිට රහසින් පෙම්කල යාබද පංතියේ මිතුරාණෝය

සුගත් ප්‍රවිණ ගත්කතුවර - කලා විචාරක ගුරුවරයෙකු වූ දොන් බෝල්ඩ්වින් කුරුප්පු ය එනම් ඩී බී කුරුප්පුය

දම්මි පද්මා ලාලනී ගුණරත්න ය

මෙතැනින් මේ පුර්විකාවේ ශෘංගාර රසය පසෙකලා වෙනත් මානයකට පිවිසෙමු


නාලන්දයේ දී ඔහුගේ මිතුරු ලැයිස්‌තුවට ලක්‌දිව ඒ ඒ ක්‍ෂේත්‍රයේ නම රැන්දු ප්‍රවිණයන් කිහිප දෙනෙකු ඇතුළත්ය

ගුවන් විදුලි නිවේදක ගීත රචක කරුණාරත්න අබේසේකර

පරිපාලන නිලධාරි ගුවන් විදුලියේ මහ පුටුව හෙබවු රිජ්වේ තිලකරත්න

සිනමා නඵ ගායක රවින්ද්‍ර රූපසේන

ලෝ පූජිත වෛද්‍ය හඩ්සන් සිල්වා

එහි ඇතුළත්ය

1949 දී නාලන්දයෙන් සරසවියට පියමං කරන්නට වාසනා මහිමය ලත් කුරුප්පු සිසුවා ගේ ගුරුදෙව් කැළ ද මහ පඩුවන් ය

මහඇදුරන් වූදු සුවහසක්‌ පාඨක දන ට ද ගුරුවරුන් වූ ද ජෝතිය ධීරසේකර රැ ජී සි මැන්දිස්‌ රැ ඩි ඊ හෙට්‌ටිආරච්චි රැ ඇම් බී ආරියපාල හා එදිරිවීර සරත්චන්ද්‍රයෝ ඒ අතරින් කිහිපදෙනෙකි

එපමණක්‌ද නොව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරන්දර ස්‌ටැන්ලි තිලකරත්න

මහා නාට්‍යවේදීන් වූ දයානන්ද ගුණවර්ධන (බක්‌මහ අකුණු නරිබැණා මධුර ජවනිකා පසුව බක්‌මහ දීගේ සිනමා කෘතියේ අදියුරු) හා ගුණසේන ගලප්පත්ති (මූදු පුත්තු)

මහ ගත්කරු පුවත්පත් කලාවේ ඇසූපිරූ තැන් ඇති මාගම් තෙන්නකෝන්

ඔහුගේ සමකාලීන සිසුන් විය

එයින් නික්‌මුණු ගොඵ හදවතේ සැබෑ සුගත්
ගේ ඊලග නවාතැන වූයේ කොළඹ ආනන්දයයි ඔහු එහි ඇදුරු මඩුල්ලට එක්‌විය

මේ කථාවේ මිලග වැදගත් පරිච්ඡේදයේ නාමාවලිය සරසන්නේ ඔබ අප හොඳින් හඳුනන වියතුන් පෙළකි

සිංහල සාහිත්‍ය කලාව ඇතුඵ තමන් නියෝජනය කළ එකී ක්‍ෂේත්‍රය එදත් අදත් බබළවන ඔවූහූ සුගත් නොහොත් කුරුප්පු මහා ගුරුභවතාණෝ ගේ සිසුන් ය

ඔවූහූ කවරේද යත්

මහඇදුරු ජේ බී දිසානායක (සිංහල ව්‍යාකරණ වියතෙකි ගත් කතුවරයෙකි කලෙක තායිලන්තයේ මහ කොමසාරිස්‌ ධුරය දැරුවෙකි රැ 80 දශකයේ තුන්පත් රටා ගුවන් විදුලි වැඩසටහනේ නිර්මාතෘ


ඇදුරු සුනන්ද මහේන්ද්‍ර ගත් කතුවරයෙකි කවියෙකි ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයෙකි වියත් ලේඛකයෙකි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි

බන්ඩාර කේ විජේතුංග - ප්‍රචාරක නිලධාරියෙකි ගුවන් විදුලි ශිල්පියෙකි නිවේදකයෙකි කවියෙකි ගීත රචකයෙකි

කරු ජයසූරිය - වර්තාමන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානයක ධූරන්දර ව්‍යවසායෙකි ව්‍යාපාරිකයෙකි

ඇදුරු වික්‍රමබාහු කරුණාරත්න - ප්‍රගතිශීලි විද්වතෙකි දශක 05 ක දේශපාලඥයෙකි කථිකාචාර්යවරයෙකි

වෙදැදුරු උපුල් විජේවර්ධන - හෘද රෝග විශේෂඥ වෙදැදුරෙකි වියත් ද්විභාෂා ලේඛකයෙකි

ඇදුරු ඩි බි නිහාල්සිංහ - මහා සිනමාවේදී සිනමා කැමරාකාචය බුහුටිව මෙහෙයවූ ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවේ පුරෝගාමි නියමුවාණෝය සිංහල ටෙලිනඵ කලාවේ පුරෝගාමියාය

ගුවන් විදුලි ශිල්පී විජේරත්න වරකගොඩ - ගුවන් විදුලි ශ්‍රාවක වාර්තාලාභී රංගනශිල්පී ගායන ශිල්පී

සිනමා නඵ අදියුරු අශෝක පොනනම්පෙරුම 60 දශකයේ සිනමා තරුවකි අධ්‍යක්‍ෂවරයෙකි

මේජර් ජනරාල් ලකී අල්ගම - උතුරේ හමුදාක්‍රියාන්විතයේ කැපී පෙනෙන නිලදරුවෙකි


ලක්‌දෙරණ බැබළවූ මිණිමුතුවන් මෙවන් අසිරිමත් මිනිසුන් රැසක ඇසුර ලැබූ ඩී බී කුරුප්පු මහතා දිවියේ සැඳැසුවය ලබමින් කැන්ගරු දේශයේ වෙසෙයි

ඔහුට නිදුක්‌ නිරෝගි චීර ජීවනය පතමු

(පරිශීලනය කරුණු උපුටනය - ඒ ඩී රංජිත් කුමාර ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සිනමා ලේඛකයානන් විසින් සිඵමිණ පුවත්පතට මෑතදී සැපයූ ලිපියකිනි)

--------------------------------
මේ ආදර අන්දරය කරුණාසේන ජයලතුන්ගේ මනස කළඹවන්නට ඇත ඔහු ස්‌වකීය නවකථාව එළි දක්‌වන්නට පෙරාතුව ම ඒ පිළිබඳව මෙසේ සටහන් කර තබන ලදී ඒ 1962 තරම් ඈත කලයකදීය

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදර යයි කියා

පවුරු බැඳගෙන හිතට වදදුන් රසවතී නෑ කොයි ගියා

(අන්තර් සංගීත ඛන්ඩය)

ආදරෙයි මම ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි

අසිරිමත් ලෙස බැඳුනු ඒ රුව
කඵ වලාවෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොඵවුනා


ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ඉන්ද්‍රාණි විජයබන්ඩාර මෙසේ කියන්නීය

ජයලත් දවසක්‌ කඩිමුඩියේ අප නිවසට පැමිණියා මෙය සරල ගී වැඩසටහනක්‌ උදෙස යොදාගන්නා ලෙස පවසා සිසිර අත තබනු ලැබුවා

සිසිර විසින් එයට අතිශය සුන්දර තනුවක්‌ යොදනු ලැබුවා

පසුව ඒ ආසන්න දිනයක අප දෙදෙනා සහභාගි වූ ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකදී මෙය පටිගත කරනු ලැබුවේ 1962 වසරේදීයි

මෙහි එදා සිදුකල මුල්ම පටිගතකිරීම සඳහා වාද්‍ය වෘන්දයේ නැසිගිය එම් කේ රොක්‌සාමි වයලීන් වාදනයෙන්ද නැසිගිය
පැටි්‍රක්‌ දෙණිපිටිය ගිටාර් වාදනයෙන්ද සහභාගි වූ බව මතකය

මෙය ගුවන් විදුලි සරළ ගීතයක්‌ ඊට වසර කිහිපයකට පසු තිරගත වූ ගොඵ හදවත සිනමා පටය හා මේ අතර සබැඳියාවක්‌ නැති බව සඳහන් කළ යුතුය


(මේ ගීතය පසුව කිහිප වාරයක්‌ වෙළඳ තැටි කැසට්‌ පට හා සිඩී සඳහා පටිගත කරනු ලැබුවේ එහි අසිමිත ජනප්‍රියතාවය නිසයි)

වෙළඳ තැටියක්‌ උදෙසා 70 මැද භාගයේදීද යළිත් කැසට්‌ තාක්‍ෂණයේ ආරම්භක යුගයේ දීද එය ඔවුන් යළි යළිත් තම ආදරණිය රසිකයන් වෙනුවෙන් ගැයූහ

එහෙත් මෙහි ඔබ විඳින්නේ එදා 1962 වසරේ පටිගත කරන ලද මුල්ම ගුවන් විදුලි පිටපතේ රසමිහිරියාවයි


මෙතැනින් සවන්දෙන්න


සමාප්තයි

පරිශීලනය හා උපුටාගැනීම් (සේයාරුව ඇතුඵ) - නොව පැරණිය ලිපි සරණිය - ඒ ඩී රංජිත් කුමාර

ඩී බි කුරුප්පු සල්ලාපය - සිඵමිණ පුවත්පත - ඒ ඩී රංජිත් කුමාර (හිටපු සරසවිය කර්තෘ)

Sunday, July 3, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස


අදින් දශක හතරකට ආසන්න යුගයක අතීතයේ උදැසනකට පියමං කරමු

මේ එක්‌දාස්‌ නමසිය හැත්තෑනවය වසරයි

ශ්‍රී ලාංකික සාමාන්‍ය ශ්‍රාවක රසික දනන් හට තිබෙන එකම විනෝද මාධ්‍යයයි විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි

නිවේදක තැනගේ හඩ සවන කර ලංවෙයි මෙසේ


වේලාව උදැසන නවය පසුවි විනාඩි තිහයි

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි

මෙතැන් සිට කණ්‌ඩායම් ගී තීරයක්‌

ආරම්භ කරමින් ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්‌ඩායම ගැයූ ගීතයක්‌


එකී විනාඩි පහළොවක තරම් කෙටි කාලයකට සිමා වූ වැඩසටහන එසේ ගුවන් ගත වන තුරු ළමා ශ්‍රාවක අප නොඉවසිල්ලෙන් බලා සිටින්නට හේතුව එයින් ඇසුණු තරමක වෙනස්‌ ආකාරයක සංගීත නාද රටා ඔස්‌සේ හැඩ වැඩ ගැන්වුණු ගීත අසන්නටය

හඩවල් කිහිපයක සම්මිශ්‍රණය
වෙනත් ගුවන් විදුලි සරළ ගීයේ දී නොඇසෙන වාද්‍ය භාන්ඩ
එවයේ දක්‌නට නොමැති රිද්මය

ඒවා කෙරෙහි අප ආකර්ෂනය කරවූ හේතු යෑයි අනුමන කරමි


xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ධර්මරත්න බ්‍රදර්ස්‌ නම් එකී කෝකිලයන් කන්ඩායමේ සාමාජිකයන් වූයේ එකම පවුලේ අයියා - මලෝ සහොදරයන් හතරදෙනෙකි

මේ කණ්‌ඩායම එදා ගැයූ ගීතයන්හි පද රචකයා තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා බොහෝ අවස්‌ථාවන්හිදී පාහේ එකම අයෙකු විය

ඔහු මේ සංවාදයේ ද එකී කණ්‌ඩායමේද නියමුවාණෝ වූ එදා රසික දන තුඩග රැව්දුන් මෙල්රෝයි ධර්මරත්න ප්‍රවිණ සංගීතවේදියාණන්ය

මෙතැන් සිට පිළිවෙලින් දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

අයුබෝවන්

ප්‍රථමයෙන් අපේ මව පිළිබඳව මුලින්ම සඳහන් කළ යුතුය

ස්‌ටෙලා ධර්මරත්න නම් වූ ඇය මෙල්රෝයි ධර්මරත්න නම් ගායකයා සිංහල ගීත ක්‍ෂේත්‍රයට බිහිකරන්නට උරදුන් මහා බලවේගය ඇය බව ගෞරව පූර්වකව පළමුව සඳහන් කරමි

මාගේ ළමාවිය ගතවුයේ අප එකල දිවිගෙවු කොළඹ නගරයේම කොටසක්‌ වූ කොටහේන ප්‍රදේශයේය

අපේ පවුලේ සහෝදර සහෝදරියන් සයදෙනෙකු වූ අතර දෙටු සොයුරියන් දෙදෙනෙකුද දෙටු සොයුරන් තිදෙනෙකුට පසුව පවුලට එකතුවුනු අවසන් සාමාජිකයා වුයේ මා ය

අප පවුලේ වැඩිමහල් සමාජිකයා ක්‍රිස්‌ටි ය ඔහු හා මා අතර වයස්‌ පරතරය වසර නවයක්‌ පමණය දෙවැන්නිය දැන් අප අතර නැති ස්‌විටීය

අපේ කණ්‌ඩායමට සම්බන්ධ ළමා ගායිකාව ශිරෝමි ප්‍රනාන්දු ඇයගේ එකම දියණියයි

තෙවැන්නා මැක්‌ස්‌වෙල් ය ඔබට අතරින් පතර ඇසෙන අපේ කන්ඩායමේ ඒකල ගී හඩ ඔහුගේය තවද අපගේ නිර්මාණ අතර හමුවන වැහිදාක ගගණෝදරේ මතුවූ රිදී ඉරේ නමින් ඇරඹෙන එකම තනි ගීතයේ හඩ මුසුව ඔහු විසිනි අපේ සතරවැන්නිය වූ ෂර්ලි අප්‍රසිද්ධය ඇය කන්ඩායමේ උපතට ත් පෙර සමනල් වියේදී දෙව් මව් තුරුලේ සැතපුනේ 1964 තරම් ඈත කාලයකදීය මට ආසන්න වයසේ පස්‌වැනි සාමාජිකයා වැඩිමහඵ සහෝදර රොනල්ඩ් ද අප හැර ගොසිනි

ස්‌විටි අක්‌කා සහ ඇගේ සැමියා ජා ඇළ ප්‍රදේශයේ වෙසෙද්දී දියණිය වූ පෙර පාසල් වියේ ශිරෝමි හැදුනේ වැඩුනේ ද විසුවේ ද කොටහේනේ අපේ නිවසේය

මා හා රොනල්ඩ් අයියා ද අපේ මව ද සමග ඇය ද හරි හරියට ගීත ගයන්නට පුරුදුව සිටියේය

මා ඇතුඵ පිරිමි සාමාජිකයන් අකුරු කලේ අපේ නිවසට යාබ\දව පිහිටා තිබුනු කොටහේන ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලේය

එහිදී මගේ කලා කටයුතුවලට ලැබුනේ අපිරිමිත සහයකි කළඑළියකි

සිංහල සිනමාවේ අමරණිය රංගනශිල්පී නැසිගිය විජය කුමාරණතුංගයන් අපේ පංතියේය එමෙන්ම රවින්ද්‍ර රන්දෙණිය රොබින් ප්‍රනාන්දු යන මේ දෙදෙනා මට වසරකින් දෙකකින් ඉහල පංතිවල අකුරු කළහ

අදට වඩා එකල නිතර සංගීත උළෙලවල් සැඳැ සාද දක්‌නට තිබුණු බව කිවයුතුයි සංගීතයට ගීයට මහත් සේ පෙම්කළ ඈ නිවසේ තිබුනු හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය වාදනය කරමින් නිතර ගායනයේ යෙදුනු අතර පවුලේ බඩපිස්‌සා වු මාද රොනල්ඩ් අයියා ද පවුලේ හා අසල්වැසි සාදයන් ගී ගැයිමට ද ඊට අමතරව පාසලේ නිතර පැවති සියඵ කලා කටයුතු වලටද යොමුකරවන ලද්දේ ඇයගේ මැදිහත්වීමෙනි

පාසලේ පහළ පංති වලදී ජම් රිව්ස්‌ හා වෙනත් s බටහිර ගායකයන්ගේ ජනප්‍රිය ගීතයන්ට සිංහල වදන් පුරුද්දා ඒවා ගායනා කිරීම එවකට මගේ ප්‍රියතම විනෝදාංශයන් අතරින් එකකි


මුලින් අරුත්සුන් බවකින් යුතුවුවද පසුව කාලයාගේ ඇවෑමෙන් කිසියම් අදහසක්‌ ඇතිවන ලෙසින් ඒවායේ පද රචනා දියුණු තියුණු කරගන්නට සමත් විනි

ක්‍රමයෙන් ඉහල පංතිවලට පිවිසීමේදී මගේ ලේඛණ කලාවද ක්‍රමයෙන් දියුණු වූ අතර පුවත්පත් සගරා ආදියට ලිපි ලිවිමේ නොනිත් ආශවෙන් පෙළෙන්නට වූයෙන් එය කෙසේ කරගනිම්දැයි විමසිල්ලෙන් පසුවිය

ඊට පිවිසීමේ දොරටු විවර කරගැනිමට යතුරු අපේ පවුල තුලින්ම සොයාගන්නට හැකිවුයේ මගේ දෙටු සොයුරියට පින් සිදුවන්නටය

ඇය ඒ අවධියේ සේවය කරනු ලැබුවේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටා තිබුණු ගුණසේන ආයතනයේය ඔවුන් එවකට දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් ගණනාවක ප්‍රකාශකයන් ද විය


ඇයගේ නිර්දේශය හා දැන හැඳිනගැනීමෙන් ඵල ප්‍රයෝජන ලබාගත් මා එයින් පළකෙරුණු සවස පුවත්පතේ කර්තෘධූරය දැරු වෙ වි අබයගුණවර්ධන මහතා ගේ අනුදැනුම මත ඊට ලිපි සපයන්නට පටන් ගත් අතර ඒවා බොහොමයක්‌ විදේශ සගZරාවන්ගෙන් උපුටාගෙන මා විසින්ම සිංහලට පරිවර්තනය කරගත් ඒවාය

එහිම පළකෙරුණු විසිතුර සිනමාකලා සගරාවේ කර්තෘත්වය දැරු ආතර් යු අමරසේනයන් ගේ අණුදැනුම මත එහිද මගේ ලිපි පළකරන ලදී

නමුත් මෙහිද සඳහන් කළයුතුම කරුණක්‌ වන්නේ මගේ පුවත් පත් කලා චාරිකාවට අත්පොත් තැබු මුල්ම ලිපිය පළකරවාදුන් නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී ආරියරත්න කහවිටයන් පිළිබඳව මතකයයි

ඔහු එවකට කේ ගුණරත්නම් නම් දැවැන්ත සිනමා ව්‍යාපාරිකයාගේ රැ නිෂ්පාදකයා යටතේ පාලනය වූ සිනමාස්‌ සමාගම විසින් පළ කෙරුණු කලා සගරාවේ කර්තෘ ධූරය හොබවමින් සිටියේය

ඔහු පිළිබඳව වැඩිමනත් හැඳින්වීමක්‌ කරනු රිසියෙමි එවකට මහත් සේ ජනප්‍රිය ගායිකාවක්‌ ලෙස කටයුතු කල මල්ලිකා කහවිට ශිල්පිණිය ගේ සැමියාණන් ලෙසද එතරම්ම ජනප්‍රසාදයට ලක්‌ව සිටි සිනමා නිළි ස්‌වර්ණා කහවිට ගේ වැඩිමහල් සොයුරාණන් ලෙසද ඔහුව ඔබට හඳුන්වා දෙන්නෙමි


1964 -65 ලෙස මගේ මතකය විසින් දැනුම් දෙන මේ කාලය සිංහල සිනමා - ගීත - නාට්‍ය - සාහිත්‍ය කලාවන්හී ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුනු අවධියයි

මේ අතරවාරයේ මා කුඩා අවධියේ සිටම පුරුදු පුහුණුකරගත් තනුවට වචන දැමිමේ ශිල්පය වඩාත් හොඳින් ප්‍රගුණකරවාගෙන තිබිණි

එවක 1960 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය පොප් ගායිකා ජොඅන් රීගන් (Joan Regan) ගේ papa he love mama ගීයට සරළ සිංහල පදවැලක්‌ මුසුකරවා ළමා ගීයක්‌ සකසාගෙන තිබු අතර එය පෙර පාසල් වියේ කුඩා ශිරෝමිට පුහුණුකරවමින් තිබිනි

listen well while I tell you a story... 
පොඩිකලේ දගකෙරුවාම
of a boy and the girl in the spring.....
at the first flower burst in the glory.....
and i heard every bird start to sing......

papa he love mama...
mama she loves papa....


‍මෙම මුල් ගීතයට මෙතැනින් සවන්දෙන්න

පොඩිකලේ දගකෙරුවාම
අඩමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

මෙතැනින් සවන්දෙන්න
නම් ඒ පදවැළ ඇය නිවසේ එහා මෙහා යමින් සුරතල් හඩින් නිතර ගැයුවාය



ඔබට ස්‌තුතියි
ඉතිරි කොටසින් යළි හමුවෙමු.....................(The end of part 02)