namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, September 3, 2019

සංගීතඥ එච් එම් ජයවර්ධන මතක සැමරුම් - HM Jayawardena

වෙල්ලස්සෙන් කොළොම්පුරට  - සිරිලක ගුවන සිසාරා ඇසුණු  වස්දඞුරාවය  ..............01 


සොබා සොඳුරු බව කැටිකොටගත් අදින් අඩසියවසකට පෙර ඌව වෙල්ලස්ස එහි වත්මන් පරිසරයට වඩා බෙහෙවින් වෙනස් ව තිබිනි ඉංග‍්‍රිසී පාලන යුගයේදී දිස්ත‍්‍රික්ක විසිගනනකට අධික සංඛ්‍යාවකවකට කැබැලි කරනු ලැබූ ලක්දිව විසල් බවෙන් අනුරපුර දිස්ත‍්‍රික්කයට පමණක් දෙවැනි වන මොණරාගල පෙර රජ දවස වෙල්ලස්ස ලෙසින් නම්වුයේ එහි සිතිජ ඉම තෙක් පැතිර තිබු නිල්ල ගැසුනු සුවිසල් කෙත්වතු නිසා යැයි කියැවේ

එහි වැස්සන් අතරින් බොහොමයක් අදද සිය පදෙසටම ආවේනික ප‍්‍රාදේශිය බස්වහරක් පවත්වාගෙන යන ගැමියන්ය  පරසිඳු දුටුගැමුණු - එළාර සංග‍්‍රාම යුගය දක්වා දුර ඈත ඉතිහාසයක අමිල නිධන් සගවාගත් ඒ බිමයාය උදෙසා ලියැවුනු කව් - ගී - ගැදි පැදි නිමැයුම් ද සුඵපටු නොවේ

බාහිර ලෝකය හා සිමිත සබඳතා පවත්වාගන්නට රිසි වු එහි වැසියන් හට යම්තමින් හෝ නවලොව අරුණඵ අංශු මාත‍්‍ර පමණින් විවිර වුයේ මේ පුවතට පසුබිම් වු 60 දශකයේදී වන්නට ඇත

දිවයිනේ සෙසු වැසියන් සියවසකට ආසන්න යුගයක සිටි භුක්ති විඳි තැපැල් සේවය මෙබිම වාසභූමිය කොටගත් සියඹලාන්ඩුව වැසි ගැමියන් උදෙසා දියත් වුවා පමණි එහි ගොඩගැසෙන තැපැල් මලු කර ලා බයිසිකලය පැදයන එගම් වැසි  යෞවනයා ද සිප්හලට සමුදුන්නා පමණකි 

තමනට පැවරුනු රාජකාරියෙන් ඉසිඹු ලබනට දිනකර මුදාහළ සැඩ දාහයෙන් අඳුරු පැහැගැන්වුනු ඔහු සිය ගත පුර පිපි නැගී ආ ඩා බිඳු පිසලමින් පා පැදිය ගාල් කරයි

ඊලග නිමේෂයේ සුළං කුමරිය නංවන තාලයට රගනා බන්ඩි ගොයම් අතරින් දිව යන ඔහු සිය අතරැුඳි වස්දඞුව මුවට ලංකරගන්නේ හාත්පස ගී රාවය නංවන සියොතුන් හා තරග කරන්නටය

පැටිවියේ පටන් සම් මස් ඇට නහර විනිවිද පැතිර ගිය මේ ගීනද රසයෙන් කෙසේනම් මිදෙන්නද ? ඔහු සිතන්නට ඇත

 ලොව ඇති සියඵ රාජකාරි පසේක තිබියේවා මා ලද හැකි හැම මොහොතකම මෙසේ වයන්නෙමි මේ මගේ ආත්මිය සහකරුවායි සිය අදරණිය වස්දඞුව තුරුඵ කරගනිමින් ඔහු සිතයි

ගලන ගගකි ජිවිතේ - දායඵ ලෝකයේ....

මිහිර පතා ආදරේ - ළපඵ නටයි ගං තෙරේ....

පෙරදිනක සිය සිප්හලේදී වැයු අයුර ඔහුට මැවි පෙනයි අදත් හෙටත් මතු මතුත් දිවි තිබෙන තුරා වයන්නෙමි මම එසේ ඔහු ඉටාගත්තේය

ඔහු  පියුං මහතැන් ගේ පරම ගාම්භීර කාකි ඇඳුමට සමුදෙන්නට තිරණය කලේය  පසුවදා සිට වෙල් එළියේ කුඹුක් ගස් සෙවනේ කරඹ යායේ කොනේ ගාල් වී සැඩහිරු රැුස් ගෙවියන තුරු සොමිසඳ කැන් පෙරීඑන තුරු වයන්නට හැකි නොවේද ?

එදිනෙදා ඇවැසි දෑ අල්ප වු ඒ යුගයේ කුස ගිනි නිවාගන්නට සරි යමක් සපයා ගන්නට අරගලයක් ඇවැසි නොවු ඒ යුගයේ එගම් වැස්සන් හට  මාසික වේතන ලද රැුකියා එතරම් වැදගත් නොවන්නට ඇත

යමං මැණික් ගරන්ට ....................

මිතුරු කොඵගැටයෙකු ගේ ඒ කියුම ද නරකම නැත ... ඔව් මම කැමති අපි කරමු ................... ඔහු ගේ පිළිවදනයි

මොනරාගල ඔක්කම්පිටිය බදුල්ල ලොව කාන්තියෙන් බබළවා ලූ මිණිකැට මතුවන බිම පදෙස් අතර වෙයි

රතු - නිල්  - ආරනූල් - පසිංගල් - කැට   කෙසේවෙතදු දිනපතා නිතිපතා  බොරඵ කැට කුඩා ගනනින් ලැබුනු ඔහු වහා  ඒ රඵපරඵ දිවියෙන් ද සමුගත්තේය


තමා පෙරදිනක සිය සිප්හලේ වැයු ගී නාදයේ රසමිහිර සිහිගැන්වුනු ඔහුට  පුරාන වෙල්ලස්සෙන් රුහුුණු රට මාගම් පුරයට පිවිසෙන්නට  සිත්විය ඒ ගී නාදයේ බයස්කෝප් රූපරාමුවේ දිස්වු සිහින කුමරා වසනුයේ එහි නොවේද ? 

හම්බන්තොට වීරවිල වෙරළ ඉම පේන මායිමේ දිස්වු සැනසුම නාමපුවරුව ඇසගැසුනු වහාම තම ආගිය තොරතුරු පවසා එහි හිමිකරුවා මුණගැසෙන්නට පැමිණිය වග දැන්වීය 

ගාමිණි  සර් අද මෙහෙ නෑ .........................

එසේ එක් සිහින මාලිගාවක් සුනුවිසුනු වෙද්දී තවත් එකක් එතැන ගන්නට පැමිනියේය එයින් කියවුනේ දකුනු ලකේ අග නගරයට යන ලෙසය

ගාලු පුරයේ රිච්මන්ඩ් කන්ද නැගි මේ අඳුරු පැහැ කෙසග මිනිසා ගේ ඊලග සිහිනය විජයානන්ද දහනායක මැතිඳු මුණගැසීමය

සර් මම රස්සාවක් හොයාගෙන ආවේ සියඹලාන්ඩුව ඉඳලා ......................

ඇයි එච්චර ඈත ගමක ඉඳං මෙච්චර දුර ආවේ .............රස්තියාදු ගහන්න එපා .........මේ සල්ලි අරන් ගෙදර යනවා .......................

අවවාදය ලැබුනේ රුපියල් විස්සක තරම් ලොකු මුදලක් මිට මොළවද්දීය

මාස ගණනකට පසුව සියඹලාන්ඩුවේ ගැමියන් හට යළිත් තමන්ට හුරුපුරුදු හින්දෑරි කොඵගැටයා ගේ රුව උදේ හවා දකින්නට ලැබිනි ඒ මෙවර වෙල් ඉපනැලේලේ ගසකට බරදී බටනලා වයන්නා නොවේ වැඩබිම් වල අත්උදව් කරුවෙකි

තවත් කලක් ගතවෙද්දී ඔහු බුරුත - හල්මිල්ල -  වීර -  පඵ පඵ ගසන්නෙකු ලෙස ඔවුන් දුටුවේය ......

මද කලකින් නැවතත්  සියඹලාන්ඩුවේ අපුරු වාදකයා ආගිය අතක් නොවිණි 

තම පුතු ගැන ලැබුනු පනිවුඩයකින් අනුව ඔහුගේ පියා කඩිමුඩියේ ඈත හිමයේ වන වදුල පීරා රිංගා යද්දී ඔහු නිල්ල ගැසී පිදී ගිය එක්තරා සරුයායක සිරි නරඹමින් සිටිනු දකින්නට පියා ගේ නෙත් පින් නොව පව්කර තිබුනේය  


මොනවද උඹ මේ කරන්නේ ...?

මාත් ඉතිං ජීවත්වෙන්න එැපැයැ අප්පච්චි .....

අපේ පරපුරේ උන් මේ වා කරලා නෑ නොකා මළත් මේවා කරන්න එපා ..................

ත්‍රෛලෝකවිජයපත‍්‍ර වගාව පැළ ඉදිරි අහසින් විසිවි යන්නට පටන් ගත්තේය

දැන් නැවතත් වාදකයා ගම්මානයේය ... සියඹලාන්ඩුවේ නව තැපැල් පියුං උන්නැහේ ගේ සිණු නාදය ඔහුගේ දොරකඩ නාදවීමේ අරුමය කිමද ? 


හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ..... නමට ලියුං කරදහියක් ආංඩුවේ රේඩියෝ සිලෝන් එකෙන් ......................

ඔහු පස්වනක් ප‍්‍රිතියෙන් පිනා ගියේය මෙතරම් සතුටක් .... කවර දිනක හෝ පෙර  අත්දකින්නට ලැබුනු වගක් මතක නැත.... තමන් මෑත දිනක කඩමන්ඩියේ පුවත්පත් දැන්විමට ලියු ලිපියට පිළීතුරක් ලැබි ඇත

ඔහු දුරබැහැර සිට අගනුවරට පිවිසියේය නමුත් ඒ ගුවන් විදුලි සම්මුඛ පරික්‍ෂණය මුහුණදෙන්නට නොවේ  තමන්ගේ කටයුත්ත වඩාත් හොඳින් පහසුවෙන් කරගැන්මට හැකි කෙටි ක‍්‍රමය පිළිබඳව ඔහු හොඳින්ම දැනුවත්ය 


-----------------------------------

නීල වර්ණ වන වදුලේ .....

කුරුඵ පේ‍්‍රම ගී අතරේ ..........

සයුරු සමිඳු වැළඳ ගන්ට ...............

පෙම් දියවර ගලා හැලේ .................

පද සංකලනය - ප‍්‍රවිණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බන්ඩාර

ගැයුම - ටී එම් ජයරත්න

(තරංගා ලේබලයේ වෙළඳ තැටියකි - 1979)
--------------------------------------------------
මෙතැනින් සවන්දෙන්න

රජයේ ආයතනයන් හි රැුකියා ලබාගැනීමේ සාම්ප‍්‍රදායික නොවන ජනප‍්‍රිය හුරුපුරුදු ක‍්‍රමවේදය වඩාත් ආරක්‍ෂාකාරි මෙන්ම ස්ථිරසාර යැයි ද ඔහු සිතුවේය

දුරබැහැර සිට එන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නේවාසිකාගාරය වු ශ‍්‍රාවස්තිය කරා පිවිස  තම ප‍්‍රදේශය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මුණගැසීම එකී පහසු කෙටි ක‍්‍රමයයි නියමිත දිනය එළඹියේය  ඒ ප‍්‍රභූවරයා ගේ නිර්දේශය සහිත ලියැවිල්ල එදවස ගුවන් විදුලියේ සංගීත පාලක තනතුර හෙබවු කීර්තිධර සම්මානනීය ජ්‍යෙෂ්ඨ සංගීතවේදී සෝමදාස ඇල්විටිගලයන් අතට ලැබි ඇත

මේ මන්ත‍්‍රි ලියුම් අපිට වැඩක් නෑ ................ හෙට එනවා පරික්‍ෂණයේදී තමුන්ගේ හැකියාව පෙන්නන්න පුඵවන් .....

ලැබුනු පිළිතුරයි ........

බදුල්ලේ දී සිය ගුරුපියෙකු ලෙස කටයුතු කල වසන්ත ඔබේසේකරයන් ඔහුට සිහිවිය ඇල්විටිගල ශූරීන් සහ ඔහු සමිපතමයන්ය දෙදෙනා එක්ව වසර කිහිපයකට ඉහත දී හෙළ සිනමාවේ සිදු කළ පෙරළිය ඒ අපුර්ව සිනමා පටය වු සත්සමුදුර එහි මෝහනීය සංගීත රටා  ..සංවේදී දෙබස් ඛාන්ඩ .... ඔහුගේ මතකයේ රූප දසුන් මවමින් ඇදී ගියේය

ආත්ම ධෛර්ය සිඳබිඳනොගත් ඔහු කෙසේ කවර කැපකිරීමක් කරමින් හෝ තම උත්සහය මල්ඵල ගන්වන්නට කැස කැවීය

වසන්ත ඔබේසේකරයන් මුණ ගැසී ඔහුගේ ලියුම් කරදහියක් ද ලබාගැනීමේ ඔහුගේ  සිහිනය සැබෑ කර ගත්තේය

ඉන් ඉක්බිති ....වසර ගණනක් පුරා තැන තැන මුළා වෙමින් විඳි දුක් කම්කටොඵ ඔහුට සිහි වන්නට ඇත ... අවසානයේ තමා ගේ ආදරණිය වස්දඞුව .... ළපටි වියේ සිට ගමේ වෙල් එළියේ ඉපනැල්ලේ  ගාටමින් ගී තාල වයමින් සිදුකළ සිය ප‍්‍රියතම විනෝදාංශය සිය ජීවන මාර්ගය බවට පත් වන්නට වැඩ කටයුතු යෙදෙන තීරාණාත්මක මෙහොත හෙට උදාවනු ඇද්ද ?

පරික්‍ෂණ මන්ඩලයේ අසුන්ගෙන සිටියේ සිංහල සංගීතයේ මහ පුරුෂයාණෝය ඒ පන්ඩිත් අමරදේවයන් ය ගීයක අනුවැයිමක් සිදුකර පෙන්වන ලෙස එතුමෝ ගේ අභියෝගයකි

ඔහු ගීතයක් වයන්නට විය 

අමරදේවයන් ගේ වතකමල පිබිද නැගී එන අයුරු ඔහු ගේ නෙත්කොන් දසුනේ ඇඳිගියේය

සත් සමුදුරේදී හෙළ ගීතය නවමගකට යොමුකරමින් යුග පෙරළියක් සිදුකල  මේ මහා සංගීතවේදීන් දෙදෙනා අතර මන්ත‍්‍රනයකි

හරි .... තමුන් ව අපි තෝරාගත්තා ................. 

පසුකලදී හෙළ සරල ගීතය  වඩ වඩාත් සොඳුරු කරවන්නට අමයුරු සුමධුර රසපුර්ණ භාවපුර්ණ සංවේදී සත්සර රටා බිහිකල ගාන්ධර්වයෙකුගේ නිර්මාණ දිවිගමන එතැන් සිට එඅයුරින් ඇරඹිනි

සංගීතයේ අල - වැල - මුලගිය තැන් හදාරා නැති හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ගේ මුවින් නැගී ආ වායුදහරාව වස්දඞුව කිතිකවද්දී ඔහුගේ අතැගිලි තුඩින් හාර්මෝනියමෙන් මතුවි ආ මධුරමනෝහර තනු දහරා රසිකයන්ගේ හදවත එදා සිට කිතිකවමින් සිටී.

ගුවන් විදුලියේ ද සිංහල සංගීතයේදී වසන්ත සමය උදා වී තිබූ යුගය ’70’ දශකය ලෙසින් නම්කෙරුනේ නම් ඒ යුගයේ පරසිඳු  එකී ගී තනු අතර ඔහුගේ නිර්මාණ ද එමටය.

හාත්පස එකලු කරන්නට විදුලි මිනි පහන්ද ශබ්ද දුෂණය නංවන්නට  විවිධාකාර විද්යුත් මේවලම් ද හිඳ හිට හෝ දකින්ට නොවූ එදා ගම් පියසේ හුදකලා නිසල බව සොඳුරු ලෙස බිඳලුයේ එච් එම් ජයවර්ධනවරුන් ගේ ’වස්දඞු’ රාවයයි. සැඳැ අඳුර ගලා එද්දී විදුලි කෝෂ යුග්මයකින් පමන බලගැන්වූ කුඩා රේඩියෝවෙන් නිසොල්මනේ නැගෙන සංගීත රාවය සිත පහන් කර දැහැනට සමකරවයි. 

ඔබ හා මෙමා අතිනත් අරන් .....................

අපගේ ලොවේ තනිවූ එදා ...............

ඔබ මා දෙපා දෑතින් බදා .............

සිපගත් එදා සිහිවෙනවා ....................
--------------------------------------------
ගැයුම- ටී එම් ජයරත්න

පද සංකල්පනය  - විමලා රංජනී පීරිස් (ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න ගී සංකල්පනා උදෙසා යෙදූ අන්වර්ථ නාමයකි)

-------------------------------
මෙතැනින් සවන්දෙන්න


මතු කියවීම තෙක් විරාමය...................
(විශේෂ ස්තුතිය උපුටා ගැනීම - රස මතක අසිරිය - විජිත් කුමාර් සේනාරත්න මහතා)


Tuesday, August 6, 2019

සංස්කෘත නාද රසය හෙළ ගීයෙන්..........02

"සගිස්කුරුත" - 02 - සිංහල ගීතාවලියේ රැව්දෙන සංස්කෘත වදන් මහිම..................


තත්සම නමින් හැඳින්වෙන පාලි සංස්කෘත වදන් රාශියකින් සුපෝෂිත හෙළ බස් වහර ලොව ගීතවත් භාෂාවන් අතරින් එකකි. සුමධුර තනු උදෙසා වදන් පෙළගැස්වූ උක්ත භාෂාවන්හි නිපුණයන් වු එදවස ගී පද රචකයන් ගේ නිර්මාණ අරුත්බර බවින් නොමිදුනේ ඒ නිසා ද විය හැකිය. 

1940 දශකයේ හෙළ හවුලේ සාමාජික භවතුන් වූ රැුයිපියෙල් තෙන්නකෝන්  හියුබත් දිසානායක වැනි කිහිප දෙනෙකු හැරුනුවිට ඔවුන්ගේ පසුකාලීනයන් වූු ගී පද නිර්මාපකයන් කිසිවෙකු හටත් කිරාමැන පෙරා වෙන්කර ගත් හෙළ වදන් පමණක් ගැබ් වූ ගීත බිහිකරන්නට අපොහොසත් වී ඇති බව පෙනියයි. 

මක්නිසාද යත් පාලි සංස්කෘත වදන් වලින් බැහැරව එය ඉතා අසිරු කටයුත්තක් වූ නිසා වන්නට ඇත.

පෙර කී ලිපියේ සඳහන් වූ පන්ඩිත් විමල් අබේසුන්දරයන් 1950 දශකයේ ගුවන් විදුලියේ පැවතී පසුව අභාවයට ගිය සුවිශේෂී සංගීතමය විචිත‍්‍රාංගයක් වූ ’ගීත නටාකයන්’ වෙනුවෙන් පද එක්තැන් කරන්නට උත්සුක විය. ඔහු එයින් එකී කලාවේ පුරෝගාමි ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහයන්ගේ අනුප‍්‍රාප්තිකයෙකි.

50 දශකයේ අවසන් භාගයේ විරචිත ’ලංකා’ නම් ගීත නාටකය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන ලද මෙම නිර්මාණය ද පන්ඩිත් අබේසුන්දරයන්ගේ භාෂා ප‍්‍රවිණත්වය පාන්ඩිත්‍යයය හුවා දක්වන්නට අගනේය වටනේය. එහි ගැයුම විශාරද දයාරත්න රණතුංග ඇඵ පිරිසගෙනි. තනු නිර්මාණය පී ඩංස්ටන් ද සිල්වා සංගීතවේදියාගෙනි.


ධර්මදීපනී ලංකා ධරණී.....

පුජීත ලංකා මාතාවෝ.....

යුග යුග වන්දිත සෝබා නන්දිත....

ධීර වීර ගති පෑවෝ ....

ශෂ්‍ය සාදනී ලංකා ධරණී.....

-------------------
පද රචනය - කිවිපති විමල් අබේසුන්දර 

තනුව - පී ඩංස්ටන්ද සිල්වා

----------------------------
මෙතැනින් සවන්දෙන්න
Play Music - Embed Audio -

කලක රිවිකිරණ ලක් පොළොව සිප සනසන බොහෝ අරුණෝදයන්හීදී ගුවන් තලය සිසිරා විසිර ගිය මේ ගීතය හෙළයේ සංස්කෘත ආභාෂය මොනවට පසක් කරදෙයි.

යම් වදනක මහප‍්‍රාණ අක්ෂර ඇතුළත් වේද එය පාලි හෝ සංස්කෘත බස්වහරෙන් නිපැයෙන බව හෙළ භාෂා පඞුවන්ගේ මතයයි. තවත් අයුරකින් පවසන්නේ නම් නොඉඳුල් හෙළබසේ ’මහප‍්‍රාණ’ අක්‍ෂර තිබිය නොහැකි බවකි එයින් කියනුයේ. 

එකී තත්සම වදන් පෙළ හා ඊට අනුරූපි තෝරාගත් සිහල වදන් අතළොස්සකි මේ.

මේවා සංස්කෘතයේද පාලියේද සිංහලයේද එකලෙස සමාන අරුතෙන් යෙදෙයි.

අපර, උරග, මනහර, නගර, කුලපති, ජය, දායක, නයන, ගජ, යෝග, ගායන, ආරාම, භූමි, ගුණ, ආදර


1960 දශකයේ දෙවන භාගය ට පිවිසි ලංකාද්වීපය මෙහෙයවූ නියමුවා වුයේ එක්සත් ජාතික පක්‍ෂයේ ’ඩඩ්ලි සේනානායක’ අගමැතිඳුය. ඔහු එහි ආරම්භක සාමාජික පමණක් නොව නිදහස් ලංකාවේ පළමු අග‍්‍රමාත්‍ය ධුරන්ධර මහාමාන්‍ය ’ඩී ඇස් සේනනායක’ ගේ පුත‍්‍ර රත්නයයි.

------------------
අයි එම් ආර් ඒ ඊරියගොල්ල මැතිතුමා - අධ්‍යාපන අමාත්‍ය -  1965-1970
----------------



එකි රජයේ අධ්‍යාපන අමාත්‍ය නිලය හෙබවූයේ සාහිත්‍ය කලා පතාක යෝධයෙකු වු ’අයි එම් ආර් ඒ ඊරියගොල්ලය. අධ්‍යාපන සියවස සමරනුවස් ඔහු අතින් ලියැවෙන්නට ඇතැයි අනුමාන කරන මෙකි ගීතය ගායක ගයිකා සමූහයකගේ ප‍්‍රයන්තයකි


හැම දන මන දිනු සුජාත ධරණී.............

සෞභාග්‍ය නිධානය ලංකා.....

වොරැුඳේ වොරැුඳේ වො?ඳේවා....

සෞභාග්‍ය නිධානය ලංකා.....

---------------------------------
පද රචනය - අයි එම් ආර් ඒ ඊරියගොල්ල
-----------------------------
සවන්දෙන්න මෙතැනින්
Upload Music Files - Listen Audio -


සංස්කෘත බසේ ගායන ලාලිත්‍යය මතුකර දක්වන වදන් මාලා ඇතුලත් ගී සංකල්පනා සිංහල වේදිකා නාට්‍ය රැුගුම්බිම ගිගුම් දුන්නේ පසුගිය සියවසේ මුල් යුගයේ දී ප‍්‍රකට වු ’ටවර් හෝල්’ නාට්‍ය සම්ප‍්‍රදායේදීමය. නිතිඳ චාල්ස් ඩයස් සහ නිතිඥ ජෝන් ද සිල්වා විසින් කරලිය වෙත කැන්දූ ෙඓතිහාසික නාට්‍ය පෙළ රසගැන්වු උත්තර භාරතීය රාගධාරි සංගීත රටා අනුව ඒවා පබැඳුවේ ඔවුන් දෙදෙනාම විසිනි.

1970 දශකයේ මුල් යුගයේදී එවකට සංස්කෘතික අමත්‍ය ධුරය හෙබවු ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ සංකල්පයක් අනුව ඒවා යළි ගයා ප‍්‍රතිනිර්මාණය කෙරෙද්දීත් මෙකී ගැයුම් ඇතුලත් මුල් ග‍්‍රැමෆෝන් තැටි සහ ගීත අභාවයට ගොස් තිබෙන්නට ඇත. එවකට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළඳ තැටි නිෂ්පාදන ආයතනයක් වූ ’සූරිය’ තැටි සමාගමේ ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා එකි අභියෝගය භාරගත් අතර ඒ අනුව සංගීත් නිපුන් සනත් නන්දසිරි මල්කාන්ති - මලිනී බුලත්සිංහ - වික්ටර් රත්නායක සහ පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිසක් ඊට දායකත්වය දැක්වීය.


මේ ගැයුම නිතිඥ චාල්ස් ඩයස් ශූරීන් ගේ ’සිවම්මා ධනපාල’ නූර්තියෙනි. 


දිප ථූප විහාරා යතී පාඵවී....

යතී පඵවී අනේ පාඵවී.....

සිංහලුන්ගේ සාර සාර ශුද්ධ වු ජන්ම භුමි....

සතුරන්ගේ වේය වාස දක්නා මේ මගේ හෘදේ....

කම්පිත වේ බෝ මා සෝක නිවේය භංගා.....
---------------------

පද රචනය - නිතිඥ චාල්ස් ඩයස්


නූර්තිය - සිවම්මා ධනපාල ?

සංගීතය - විශ්වනාත් ලව්ජි

නව සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි

නව ගැයුම - මහාචාර්ය සනත් නන්දසිරි

ප‍්‍රතිනිෂ්පාදනය - සූරිය ලේබලය වෙනුවෙන් ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

උපදෙස් - අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි

වසර - 1974 පමණ
----------------------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
Listen Music Files - Audio Hosting -


මේ ප‍්‍රවණතාවය එසේම නොගිලිහි පවත්වාගන්නට මහෝපකරී වූයේ හෙළයේ වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ යුගපෙරළියක නිරත වු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍රයන් විසිනි.  ඔහු සාම්ප‍්‍රදායික ’මනමෙ’ නාඩගමේ තාලරූප අනුව අභිනවයෙන් නිපදවූ  සිය ’මනමේ’ නාට්‍යයේ ගීත උදෙසා බරසාර සංස්කෘත තත්සම වදන් යොදාගත් අතර ඊට ගෙනහැර පෑ හැකි කදිම නිදසුනකි මේ


පේ‍්‍රමයෙන් මන රංජිත වේ නන්දිත වේ....

පුෂ්පයෙන් මන සුන්දර වේ ලංකෘත වේ...

ආලයෙන් වෙලි සෑදි මේ ලතා...

මන්ඩපයෙන් චන්ඩාසැප ඛන්ඩිත වේ...

හිරු රජිඳුගේ...

කෝකිල හඞ කන් පිනවයි රන් ස්වරයයි...

?න ගිරව් දෙන ගී සිංදු අම බිංදු...

සෑම දෙසින් සංගීත ඇසේ...

පිපි තඹරන නද බඹරන....

----------------------------

ප‍්‍රවිණ කිවිවර සාහිතවේදී මහගම සේකරයන් ගේ නිර්මාණයන් අතර වැඩිමනත් සංස්කෘත පද හමුවන්නේ ඔහු විසින් 1961 වසරේ වේදිකා ගතවූ ’කුන්ඩලකේශී’ වෙනුවෙන් ලියැවුනු ගීතයකය. සෝමදාස ඇල්විටිගලයන්ගේ සත්සර නාද මාලාවකින් එය හැඩවැඩවිය.

චන්දන පල්ලව කෝකිල කුජන....

සංගීතයේ පැටලී...

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ...

ආදර බස් කියනා...

හඞ දේමිනි කන් පිනනා....

ලාංකීය වේදිකා නාට්‍ය කලාවේදී  තත්සම තත්භව සංස්කෘත පද යොදා හැඩගැන්වූ මධුර මනෝහර ගීත ඇතුළත් වූ තවත් නිර්මාණයක් වන්නේ ආනන්ද එස් විජේසිරි විසින් නිර්මාණය කරන ලද ’දෙව්ලොව යනකං’ වේදිකා නාට්‍යයයි. දක්‍ෂ ගී පද රචකයෙකු වු ඔහු 1981 තිරගත වු ’සතර පෙර නිමිති’ හා ’මිහිදුම් සිහින’ සහ 1982 ’චතු මධුර’ යන සිනමා පට සහ 1983 වසරේදී ’චුට්ටේ’ 1984 වසරේදී ’මාල ගිරවී’ වෙනුවන්ද ගීත රචනා කරන ලදී. 

මොරටුවේ ප‍්‍රවිණ සංගීතඥ ’එමිල් මෙන්ඩිස්’ විසින් මතකයෙන් නොමියෙන ස්වර මාලා පෙළකින් එය සංගීතවත් කලේය. මුල් යුගයේ ගුවන් විදුලි ගායිකා පුන්‍යා කත‍්‍රිආරච්චි සහ ටයිටස් සී පෙරේරා ගැයු මේ ගීත පසුව මාලිනි බුලත්සිංහල - ටයිටස් හඞින් ඇසෙන්නට විය.


දිව්‍ය ලෝකේ ලගයි පේන මානේ ..........

කිම්ද සංකා සිතේ මේ විලාසේ.....

චන්දනාදේ උයන් භෘංග සේනා නදින්....

පුෂ්ප මාලා වලින් රංජනාවේ...

නෛක ශ‍්‍රිනී සුරන් රංගනාදේ....

පංච මධූරි බොජුන් ස්වර්ණ විහිදේ...

ඒකේ අරුම පුදුම කියන වරුණ.....

අසන මෙමට යන්ට හිතය....

දුක්ඛ දෙවා වුව සරීරේ....

චිත්ත ධෛරී වඩන් පුතුනි මාගේ

මන්ද යන්ටා එලෝ මේ ප‍්‍රමාදේ


තාම යමිය යමිය එපුර ගමන

බොහොම බොහොම දුරය එමග

සංකා සිතේ යාද ප‍්‍රනේ
-----------------------------
පද සංකල්පනය - අනන්ද එස් විජේසිරි

ගැයුම - පුන්‍යා කත‍්‍රිආරච්චි සමග ටයිටස් සී පෙරේරා

තනු නිර්මාණය - එමිල් මෙන්ඩිස්

වේදිකා නාට්‍යය - දෙව්ලොව් යනකං

වසර - 1972 ?
-----------------------------------
Podcast Hosting - Music podcasts -
සිංහල බස සියවස් ගණනකට පෙරාතුව සිට ’ද‍්‍රවිඩ’ බසින් ද 16 සියවසේ පටන් පිළීවෙළින් ’පෘතුගිසී’ ’ලන්දේසී’ බස් වහරින්ද ඉන් අනතුරුව ’ඉංග‍්‍රිසි බස් වහරින් ද පෝෂණය විය.

මෙකී හැම ආකාරයකම පදයන් සිංහල ගීත සාහිත්‍යය පෝෂනය කරනු පිනිස උපකාරී වි ඇති අතර සෑම ගී පද රචකයෙකුම පාහේ ඒවා නොපැකිළිව සිය  නිර්මාණ සඳහා යොදාගනු ලැබ ඇත.

දෙමළ

මුදල්,  අච්චුව, ඔප්පු, කඩ, පාක්කුඩම්, විලක්කු, මුරිච්චි, කෝච්චී. ඉලව්, ගෙජ්ජි, පෙට්ටගම, අඩංගු, තොප්පි, පඩික්කම්, පදක්කම්, මාලිගය, තොටිල්ල, නංගී


පෘතුගීසීපෙනේර,  අච්චාරු,  කල්දේරම්,  තාප්ප,  කරත්ත,  තාච්චි,  තෙම්පරාදු,  දෝසි,  පේර,  සපත්තු,  විස්කෝතු,  බොත්තම්,  බන්දේසි


ලන්දේසි
ලන්තෑරුම,  මුද්දර,  කලම්ප,  බාල්ක,  කොකිස්,  සොල්දොර,  ඔර්ලෝසු,  තරප්පු,  වෙන්දේසි,  කුවිතාන්සිය,  රාබු,  කන්තෝරු,  කේතල


ඉංග‍්‍රීසි
ටෙලිෆෝන්,  මයික‍්‍රෆෝන්,  බස්,  කාර්,  ගරාජ්,  ටිකට්,  එන්ජිම,  බුරුසුව,  බයිසිකලය,  බැංකුව


පාලි - සංස්කෘත වදන් සිංහල ඌරුවට සකසා ගත් විට ඒවා ’තත්භව’ නමි. මේ ලැයිස්තුව විමසන්න.


සංස්කෘත            පාලි           සිංහල

කර්ම            කම්ම            කරුමය

ප‍්‍රසිද්ධ          පසිද්ධ            පරසිඳු

ශාස්ත‍්‍ර           සාත්ථ            සතර

ශීර්ෂ             සිස                සිරස

ශරීර             සරීර            සිරුර

ජිව්හා           ජිව්හා            දිව

පුන්‍ය            පුඤ්ඤ        පින්

පුස්තක        පොත්ථක        පොත්

භ‍්‍රමන           භමර            බමන

යෞවන        යොබ්බන        යොවුන්

රාත‍්‍රි              රාත්ති            ?

ප‍්‍රථම             පඨම            පළමු

සුකුමාර        සුබ‍්‍රමාල        සියුමැලි

විද්යුත්          විජ්ජු        විදුලිය

වෘක්ෂ           රුක්ඛ        ගස්

වෛද්‍ය         භෙසජ්ජ    වෙද

මණ්ඩුක         මණ්ඩුක       මැඩියා

කිරිට             කිරිට        කිරුඵ

අග්නි             අග්ගි        ගින්දර

අප‍්‍රමාණ         අප්පමාණ        අපමණ

සත්ව             සත්ත           සත්

ආශ‍්‍රිත ග‍්‍රන්ථ - සිංහල භාෂාව සහ සාහිත්‍යයය - රත්න කොඩිකාර
විශේෂ ස්තුතිය - මනෝධ වික්රමසූරිය - සූරිය තැටි ලේබලය - සූරිය විලේජ් අධිපති
-------------------------------The end------------------

Wednesday, July 24, 2019

සංස්කෘත භාෂාව’ භාවිත කළ සිංහල ගී....රසය

 ’සගිස්කුරුත’ බසක මහිම......

’සගිස්කුරුත’ යන පදය මින් අඩසියවසකට ඉහත හා ඉන් පසු දශක කිහිපයක දී දිවිගෙවු ගැමි ජනතාවගේ එදිනෙදා ව්‍යාවහාරයට එක්ව තිබු බවට එදා කුඩාවුන් වු අද වැඩිහිටියන් සාක්‍ෂි දරනවා ඇත්තේය.


ලොව අදීතම ඉන්දු ආර්ය භාෂාවක් බවට පත් වී දැනට එදිනෙදා ව්‍යවහරයෙන් ඉවත් වි තිබුනද වත්මනෙහි පවා සජිවී බසක් ලෙස පිළිගැනෙන ’සංස්කෘත භාෂාව’ පුරාණ භාරතයේ හින්දු සාහිත්‍යයයේ මව්බසයි.  හින්දූන්ගේ පූජනීය ග‍්‍රන්ථ වු ත‍්‍රිවේදය ද හින්දු භාරතයේ මහා කාව්‍යයන්වූ ’මහා භාරතය’ සහ ’රාමායනය’ ද සංස්කෘත සාහිත්‍යය නියෝජනය කරයි.

වසර තුන්දහසක පමන අතීතයකට හිමිකම් කියන බවට මත පලවී ඇති මෙකී භාෂා මාධ්‍යය භාරතයේ මහායාන බෞද්ධ නිකායන්ගේද මූල භාෂාවයි. 

වර්තමානයේ ජාත්‍යන්තරව ’ඉංග‍්‍රීසි භාෂාව’ යම් පිළිගැනිමට ලක්වී තිබේද එපමණ පිළිගැනීමක් පුරාණ ආසියාවේ ’සංස්කෘත’ භාෂාවට ලැබි තිබුන බව කියැවේ. 

ඈත පූරාණයේ සිට පසුගිය විසිවන සියවස මැද භාගයද ඉක්මවන තෙක් ලක්දිවේ මෙකී භාෂාවේ නිපුණත්වයට පත්වූවන් හිග නොවීය.  
තමන් ලද දැනුම් සම්භාරය යොදවා එහි සුවිසල් සාහිත්‍යය කෝෂ්ඨාගාරය ඇසුරු කල එකී ප‍්‍රාඥයන්  අතර වැඩිදෙනා පැවිදි පඞිවරුය. 

ඔවුහු අවස්ථාව ලද විට සංස්කෘත භාෂා වාග්කෝෂයේ අනුසාරයෙන් තම මව්බස වු සිංහලය පෝෂණය කරන්නට පසුබට නොවිය.


විසිවන සියවසේ තාක්‍ෂණික විප්ලවයේ මුලාරම්භයේදී ම ලක්දිව ගුවන් විදුලි මාධ්‍ය කලාව ස්ඵාපිත වී ක‍්‍රමයෙන් වැඩිදියුණු වූ අතර රාජ්‍ය ආයතනයක් ලෙසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අධිකාරිත්වය යටතේ ක‍්‍රියාත්මක වී එහි දෙවන භාගයේ සිට ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසින් ප‍්‍රතිව්‍යුහගත වී අද දක්වා ක‍්‍රියාශීලි වෙමින් පැවතෙයි.

සිංහල ගීතය ප‍්‍රථමයෙන් ග‍්‍රැමෆෝන් තැටි නිෂ්පාදන ලෙස දොරට වැඩීමෙන් පසු දෙවනුව ගුවන් විදුලිය් අනුග‍්‍රහය යටතේ එහි වැඩසටහන් ඔ්සසේ නිර්මාණය වී ප‍්‍රචාරය විය.

පෙරකී සංස්කෘත බස මැනැවින් ප‍්‍රගුණ කල බහුශ‍්‍රැතයන් පඞිවරුන්  ලාංකිකයන්ට ආගන්තුක මෙකී නව විද්යුත් මාධ්‍යයේ සෙවන ලැබ සිය පාන්ඩිත්වය ප‍්‍රකට කලේ එහි පිවිස විවිධාකර වැඩසටහන් ගීත ප‍්‍රබන්ධයන් බිහිකරවාදෙමිනි.

ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍ර
පන්ඩිත් විමල් අබේසුන්දර

ඒ අතර වඩාත් ප‍්‍රකටය. 

ප‍්‍රශස්ත සිංහල ගීත රචනා කලාවේ අභිවෘද්ධිය උදෙසා සිය දායකත්වය පළකල මුල් පරපුර නියෝජනය කරන ලද මානවසිංහ සහ විමල් අබේසුන්දරගෙන් පසුව දෙවන පරපුරේ සාමාජිකයන් ලෙස දොරට වැඩි ගුවන් විදුලි නිවේදක පරපුරට අයත් කරුණාරත්න අබේසේකර- කේ ඩි කේ ධර්මවර්ධන - ලලිත් එස් මෛත‍්‍රිපාල - වැන්නෝ ද සිය නිර්මාණකරණය ඔප මට්ටම් කරගනු පිනිස සංස්කෘත වාග් කෝෂයේ පිහිට පැතුහ.

සංස්කෘත භාෂාවේ නාමපදයන් උසුරුවිමේදී ඒවයේ ඇති ගීතවත් මටසිඵටු බව සුගායනීය බව නිසා සාහිත්‍යාංගයක් වු ගීතයේ කර්ණරසායන බව වඩවාලන්නට ඊට ඇති හැකියාව කෙරෙහි ඔවුන් එහිදී වඩාත් සැළකිලිමත් වන්නට ඇත. 

පහත දක්වා ඇති අල්ප මාත‍්‍ර වූ සංස්කෘත වදන් කෝෂය පිරික්සීමේදී සිංහල බස ඊට කොතරම් ණයගැති වී දැයි අවබෝධ කරගත හැකිය.
එක - ඒක 
දෙක  - ද්වි
තුන - ත‍්‍රයි
හතර - චතුර්
පහ - පංච
හය - ෂඩ්
හත - සප්ත
අට - අෂ්ඨ
දහය - දස

මීට අමතරව 

ස්වාමී - බෝධි - දේවතා - ගජ - අලංකාර - විශිෂ්ඨ - බහු  - අල්ප - සර්ව - මහත් - ගුරු - පුරුෂ - මනුෂ්‍ය - භාර්යා - පති - පීතෘ - මත්ස්‍ය - සර්ප - මුඛ - දන්ඩ  - ඵල - බීජ - පත‍්‍ර - මුල - මූලය - පුෂ්ප - තෘණ - මංස - අංග - කේශ - සිරස - කර්ණ - අක්‍ෂි - දන්ත - පාද - ජංඝා - හස්ත - උදර - ගුද - හෘදය  - ස්වප්නය - ධාරණය - සූර්ය - චන්ද‍්‍ර - ජල - වර්ෂාව - නදී - පවන - ලවණ - මේඝ - ආකාශ - වාත - තුෂර - තුහින - හිම - ධුමය - අග්නි - මාර්ග - පර්වත - ලෝහිත - නීල - පීත - හරිත - ශ්වේත - රාත‍්‍රී - සංවත්සර - ශීත - පූර්ණ - ග‍්‍රාම - පාප - මිලින - ශුද්ධ - දුර - දක්‍ෂිණ - වාම - ආචාර්ය  - අධර්ම - ධර්ම - භක්ති - භාර - භෝජන - භූමි - භූපාල - බිංදු - බුද්ධ - බුද්ධි - දන්ඩ - දර්ශන - දීරඝ - ගජ - හස්ත - ජනක - ජනනී - ක්‍රෝධ - මධු - මත්ස - මූර්ති - නාටක - නේත‍්‍ර - පන්ඩිත - පවිත‍්‍ර - පුෂ්ප

ඇතුඵ නාමපද රැුසක් සිහල බස්වහර හා මුසුවි කැළතී ඇත.

සංස්කෘත - සිහල බස්වහර සම්බන්ධ මැදි අධ්‍යාපනයක් ලද්දන් හට මේ පද ආගන්තුක නොවේ. ඒවා ඇතුලත් ලියැවිල්ලක් ඒ බස්හුරු දුහුනන් වහා දැන අවබෝධ කරගනු නිසැකය.

ඉහත ලියැවි ඇති එකදු වදනක් හෝ ඇතුලත් නොවු සිංහල ගීතයක් ඇත්තේ වි නම් ඒ අල්ප ගණනක් විය හැකිය.


 එසේ නමුදු ’නාගරී’ අක්‍ෂර අනුසාරයෙන් ලියැවෙන ’සංස්කෘත’ බසේ වඩාත් සංකීර්ණ වදන් පිහිට කොටගෙන පබැඳි ගී ද ඉඳහිට හමුවේ. ඒවා නිර්මාණ කරන්නට මුල්වුයේ ඉහත කී විද්වත් ප‍්‍රබන්ධකයන්ය. 

ඒවා ගැමි වහරට අනුව අමු ’සගිස්කුරුතය’. ගැමියාට දුරවබෝධ යමක් සවන් වැකුනේද නයන රැුඳුනේද ඔහු ඒවා ඉහත පදයෙන් හඳුන්වන්නට මැලි නොවේ. එවැනි වර්ගයේ  වදන් පමණක් මුසුවු ගීතයක් මුලින්ම දොරට වඩින්නේ 1967 වසරේ කොළඹ ’අශෝකා’ සිනමාහලේදීය. ලේක්හවුස් නවතම සතිපතා සිනමා ප‍්‍රකාශනය වු ’සරසවිය’ පුවත්පත ඇල්ම බැල්මෙන් එහි දියත් වු මංගල සරසවි සම්මාන උළෙලේ සමාරම්භය වර්ණවත් කරමින් ගැයුනු ඒ සරසවි දේවි අභිවන්දන ගීතය ’පන්ඩිත් අමරදේවයන්ගෙනි’ 
--------------
ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ----------------
සංස්කෘත - පාලි - සිංහල භාෂා ත‍්‍රිත්වයේ නිපුණතමයෙකු ලෙස හැඳින්වු ’ශ‍්‍රී චන්ද‍්‍රරත්න මාණවසිංහ’ යන් එහි පද පෙළ ගැස්ම සිදු කළේ මෙපරිදිය.

ජගන් - මෝහිණී - මධුර - භාෂිනි.....

චාරූ දේහිණි - කමල - වාදිනි....

සරස්වතී දේවි - වන්දේ....

කම්පිත  - කංචන  - මාලා - පූජිත....

කිංකිණි   - නුපූර - ජාලා....

පාද සරෝදේ - කටී - තටාකේ....

චංචන - නර්තන - ලීලා.......
----------------------
ගායනය - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව

පද රචනය - ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1967

වැඩසටහන - ආරම්භක සරසවි සම්මාන උළෙල 
---------------------------
මෙතැනින් සවන්දෙන්න
Free Music - Share Audio -

මෙවැනි මුහුණුවරක් ලද දෙවැනි ගී නිර්මාණය මතු වන්නේ ගුවන් විදුලි වැඩසහනකදීය. ජී එස් බී රාණි පෙරේරා නමින් වු සිංහල සිනමා ගී කලා වේදිනිය ඊට පිවිසෙන්නේ 1950 දශකයේ දීමය. පසුව 1970 දශකයේ මුලාරම්භයේ ගුවන් විදුලිය ට සම්බන්ධ වු ඇය එහිදී පටිගත කල ’නව රසධාරා’වැඩසටහනක් වෙනුවෙන් ගැයු එහි සංස්කෘත භාෂා වෙසරද මහිම පෑවේ ’පියදාස කරඳගොල්ල’ නම් මහතෙකි.

පිළිමතලාවේ ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන විද්‍යා පිඨයේ ඒ යුගයේ ගිරාගම ගුරු ඇබැසි විදුහලය. එහි ඇදුරු මඩුල්ලේ සේවය කල සංගීතවේදී ’එම් ජී සුගතදාස’ සහ ඔහුගේ ශිෂ්‍යා ’ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න’ ජී ඇස් බී රාණි ගායනවේදිනයට අත්වැල් සහය දුන් අතර තනු නිර්මාණය සුගතදාසයන් විසින්ම සිදු කෙරිණි. 

සියවස් අඩ සියවසක්ද ඉක්මවා මනුලොව පැවත එමින් එපමණට අයු විඳි ශ්‍රේෂ්ඨ ඉන්දු සභ්‍යාත්වයේ මව්බස ව වැජඹුනු ’සංස්කෘත’ බසෙහි ගාම්භීරත්වය මෙසේ යැයි කියා පන්නට එය කදිම නිදසුනක්මය. 


ජන මන නයන වශීකල ලංකා.....

ශාන්ත සුඛදායි ජන්ම භූමි ධරණී......

මධුකර භෘංග සමූහ විභූෂීත....

මනෝහාර ගිරි ශිඛර අලංකෘත....

රම්‍ය භූමි ධරණී.....


රංග තරංග නගා මන මෝහණ.....

ශුද්ධ වර්ණ ජල ධාරා බැස යන....

වෘක්ෂ ගුල්ම පලු පල්ලව බබලන....

සාර භූමි ධරණී......


කරුණා ධර මෛත‍්‍රි ගුණ පෝෂිත....

භක්ති පූර්ණ ජනරාශි නිවාසිත....

බුද්ධ රාජ්‍ය ශ‍්‍රී පාදශ්පර්ශිත.....

පුන්‍ය භූමි ධරණී.....


දේශ විලෝපන - සතෘනිධාරණ......

ජාතභූමි අනුරෝදිපන......

කීර්ති රාව ජය ඝෝෂාලම්භන......

වීර භූමි ධරණී ...... 

--------------------
ගැයුම - ජී එස් බී රාණි පෙරේරා - එම් ජී සුගතදාස - ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න

පද රචනය - පියදාස කරඳගොල්ල

තනුව - සංගීත විශාරද එම් ජී සුගතදාස

වසර - 1970
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Embed Music - Audio Hosting - ලාංකීය ගීත රසාස්වාදය පෝෂණය කරනට එය දියුණු තියුණු කරනට පැවති එකම රාජ්‍ය ආයතනය සහ මාධ්‍යායාතනය වු ’ගුවන් විදුලිය’ 1970 දශකය කරා එළඹෙද්දී දැඩි භාෂා ප‍්‍රතිපත්තියක් මෙන්ම සංනිවේදන ප‍්‍රතිපත්තියක් පවත්වා ගෙන ගියේය. විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ මන්ඩලයකින් තෝරා අනුමත කර එවන ’ගී’ සංකල්පනා භාත්ඛන්ඩේ භාරත සංගීත නිකේතනයේ මනා පුහුණවක් ලැබූ සංගීතඥ මඩුල්ලක් ප‍්‍රමුඛ මියැසි විදුදරයන් විසින් ඊට සත්සර මුසු කළේය. 

පී ඩංස්ටන් ද සිල්වා - තිලකසිරි ප‍්‍රනාන්දු - ඩබ්ලිව් එෆ් විමලසිරි - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව - වාද්‍ය විශාරද ඩී ආර් පීරිස් - සෝමදාස ඇල්විටිගල - ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු - ආචාර්ය දයාරත්න රණතුංග ඇතුඵ පිරිසක් ඔවුන් අතර විය. 1950 දශකයේ සිට 1970 දශකය අවසානය දක්වා බිහිවුනු රසාලිප්ත රසපුර්ණ ගුවන් විදුලි ගීතාවලියේ නිර්මාණකරුවන් ඔවුන්ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන නාමයෙන් මේ රජය හැඳින්වෙන්නට මුලපිරුණු නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ 1970 බිහිවු සමගි පෙරමුනු රජයේ නායිකා සිරිමාවෝ බන්ඩාරණායක මැතිනියගේ රාජ්‍ය යුගයේ දෙවන වසරේදිය එනම් 1972 දීය. එතැන් සිට ලංකාද්වීපය බි‍්‍රතාන්‍ය කිරිටයෙන් මුඵමනින්ම ස්වාධීන වු බවද කියැවේ. 
---------------
පන්ඩිත් විමල් අබේසුන්දර
-----------------
මේ මහෝත්සවය වර්ණවත් කල විවිධ රාජ්‍ය උත්සවයන් හට රැුකුල් දෙන්නට රාජ්‍ය ගුවන් විදුලිය පෙරමුණ ගත්තේ ’ජනරජ’ සැමරුම් ගී වැඩසටහන් නිර්මණයෙනි.  ඒ යුගයේ විද්වත් ගුවන් විදුලි කාර්ය මන්ඩලයේ සාමජික කිවිපති පන්ඩිත් විමල් අබේසුන්දර ශූරීන් සිය සංස්කෘත භාෂා වෙසරද සිරි අසිරිය පෑවේ පන්ඩිත් අමරදේවයන් වෙත අනුප‍්‍රාස රසය පිරි ඉතිර යන තවත් සංස්කෘත භාෂාමය ගී පද සංකල්පනාවක් දායදා කරමිනි.



ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා......

වීර විජිත ලංකා........

සුරංජතු පුන්‍ය භූමී ලංකා......



නීල වර්ණ ගිිරි ජල චල ශාඛා......

ක්‍ෂේත‍්‍ර පංති කෝමල වන රේඛා......

සාගර රංග තරංගජ ජෝති.....

චාමර  - චංචල - චාරූ විභූති......


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත......

පුන්‍ය භූමි ලංකා.....

සෂ්‍ය භුමි ලංකා......

සුරංජතු රත්න භූමි ලංකා........


ධන්‍ය පුන්‍ය ලක්‍ෂන ප‍්‍රථිමන්ඩිත......

සදාචරගුණ ඥාන විභූෂිත.....


සාගර රංග තරංගජ ජෝති....

චාමර  - චංචල - චාරූ විභූති...


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා...

ජන්ම භූමි ලංකා...

සුරංජතු අමර අමිල ලංකා....

------------------------
ගැයුම - පන්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ

පද රචනය - පන්ඩිත් විමල් අබේසුන්දර

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1972
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Download Music - Free Audio - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම කවියා පිළිබඳ තතු විත්තී දන්නෝ වත්මනෙහි එතරම් හමු නොවේ. 60 දශකයේ වතුරේගම විමලකිත්ති තෙර නමින් පැවදි බිමට පත් වී සිට උපවැදිවු ඔහු ද පාලි - සංස්කෘත - හෙළ බස් වෙසරදත්වයෙන් පරිපුර්ණ විය. 1975 වසරේ ජාතික වෙසක් උළෙලක් සමරුනු පිනිස පැවැත්වු බැති ගී වැඩසටහනකදී මුල්තැන ගත් මෙකී බැති ගීතය ආචාර්ය නන්දා මාලිනිය ගේ ගැයුමක් බවට පත්විය.

ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා - මෝහන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා - වජ්රාසනාරූඩ වූ...

සිරිඝන මෛත‍්‍රී මූර්ති - සිරිපද පද්ම නමාමි....

කරුණා සිතල හදෙහි - වස්වා සධර්ම වරුසා....

ලෝකාලෝක සදා - තුන්ලෝකානුකම්පා....

පාරමිතා උපහාරී පුන්‍යශ‍්‍රීයා බලධාරී...

ඥානවිශේෂ සුනාරී - මාර පරාජිත සෑසී......

----------------------------------
පද රචනය - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම

ගැයුම - නන්දා මාලිනී

තනුව - නන්දා මාලිනී

වසර - 1975
---------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Upload Audio Files -
මින් පරබාහිරව වැඩිමනත්ව ගීතවත් ගම්භීර තෙදැති ’සංස්කෘත’ වදන් අනුසාරයෙන් සිය නිර්මාණ සරුසාරකරගත් සිහල ගී පද රචකයන් යුග්මයකි ’කේ ඩි කේ ධර්මවර්ධන’ සහ ’මහාචාර්ය සුනිල් ආරියරත්න’. ඔවුන් ඉන් අමරණීය ගීත රැුසක් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට දායක කරන ලද්දේය.

පහත නිර්මාණ විමසනු වටී.

කේ ඩි කේ ධර්මවර්ධන

හෝ පලු වනපෙත කම්පිත කරවන - වික්ටර් රත්නායක - වික්ටර් 
රණඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර්
කුමරියක පා සළඹ සැලුනා - පන්ඩිත් අමරදේව - වික්ටර් 
කුංකුම චන්දන අංජන තවරා  - විල්බට් ඇන්තනි - සෝමපාල රත්නායක
මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා- මිල්ටන් මල්ලවාරච්චි - ඔස්ටින් මුණසිංහ - ක්ලැරන්ස් විජේවර්ධන
උමයංගනියෝ සුරලාලනියෝ - ජෝතිපාල - පැටි‍්‍රක් දෙණිපිටිය

මහචාරය සුනිල් ආරියරත්න

මිහිළිය නලලේ අංජන තිලකේ - පන්ඩිත් අමරදේව - වික්ටර් රත්නායක
රුවන්මුවා පොළෝ තලේ ගොයම් සූනිල - නන්දා මාලිනී - වික්ටර්
සබඳ ඔබේ සිත අංජලිකරණීයයි - අමිතා දඵගම - පී ඩංස්ටන් ද සිල්වා
පේ‍්‍රමය නම් රාගයෙන් තොර - නන්දා මාලිනී - එච් එම් ජයවර්ධන
බුද්ධානුභාවෙන සිත් නෙත් පහන් වී - නන්දා මාලිනී - නන්දා මාලිනී
මේඝයක් සේ හුදකලාවේ නීල අම්බරයේ - නන්දා මාලිනී - රෝහණ වීරසිංහ
ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා - එච් එම් ජයවර්ධන
පේ‍්‍රම අසපුවේ මුණිවරයාණෙනි මලින් ගඳින් පුදනා - නන්දා මාලිනී
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - නන්දා මාලිනී
අනාථනාථයාණෙනි - වික්ටර් රත්නායක


වත්මනෙහි සිංහල ගී කෙත සරුසාර ඵල බර කෙරෙන්නාවූ මෙවන් පද්‍ය සංකල්පනා හමු නොවනා තරම්ය. ඇසූ පිරූ තැන් ඇත්න්ගේ නිහඞ නිසල බව හෝ ලැබිය යුත්තාට නොලැබුනු දෑ අත්කරගත්  නොලැබිය යුත්තන්  විළියෙන් බරව පළමු කී සද්ජනයා දුරින් දුරු කිරීම ඊට හේතුකාරණා අතර තිබිය හැකිය.

-------------------------සමාප්තයි ----------------








Wednesday, July 3, 2019

හේම ශ‍්‍රී ද අල්විස් ගී රන්දාමය......

රන්මිණිමුතු වැනි අදහස් අතමිට මොළවා ගත් ඔහු  02 දිගැහැරුම ---------මගේ පුතා රජ වෙන්නයි පැතුවේ


පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මා ළමා කාලයේ සිට හඳුනනවා 70 දශකයේ ඒ රජය බලයට පත්වු අඵත ඔහු අගමැති තනතුරේ

මට දුරකථනයෙන් කථාකලා 


හේමේ (ඔහු මට කතාකලේ එහෙමයි) දැන් මොකද කරන්නේ කෙහේද වැඩ ?

මම අර ඇඩ්වටයිසින් ඒජන්සියේ නේ 

ඇයි ගුවන් විදුලියට යන්න කැමති නැද්ද ?

අකමැත්තක් නං නෑ ඉතිං

හරි මම දැන් එහෙට කථා කරන්නං ඔයා යන්න

මම ගියා තේවිස් ගුරුගේ මහත්තයා හමුවෙන්න මට හුරු පුරුදු එතනට ගන්න ඔහු එකපාරටම කැමති වුනේ නෑ  සේවා සංචිතයේ ලැයිස්තුවට මුලින් ඇතුලත් කරන්න ඔ්නෑ කිව්වා

පේ‍්‍රමදාස උන්නැහේ ආයේ කථා කළා මොකද වුනේ දැනගන්න එයාගේ හැටි එහෙම තමයි

මම කිව්වා ගන්න බෑ කිව්වා කියලා

එහෙමද?  මම කථා කරන්නම් ඔයා ආයෙත් යන්න

දෙවන දවසේ ගුරුගේ මහත්තයා ඔලුවේ අත ගහගත්තා

තමුසේ හරි වැඩේනේ කලේ ඇයි මට කිව්වේ නැත්තේ ? දැම්මම ඇප්ලිකේෂන් එකක් පුරවලා දෙන්න '''''''

ඔ්න්න ඔහොමය මම ඒ රැුකියාවට ගියේ නමුත් අර සමාගම දෙගුණයකටත් වැඩි පඩියක් මට ගෙව්වා 

ඒ වෙනකොට මේ ගීත රචනා කලාවේ මගේ ආදරණීය ගුරුතුමා අබේසේකර මහත්තයා ගුවන් විදුලිය හා විරසක වි එයින් ඉවත්ව සිටීම කණගාටුවට කරුණක්

ඔහු ට තිබුනු පිළිගැනීම ප‍්‍රසිද්ධිය නිසා වෙළඳ ආයතනයන් වෙනුවෙන් ඔහු නිතර නිතර දායකත්වය ලබා දීම ඒ යුගයේ ගුවන් විදුලි බලධාරියා ඉවසුවේ නෑ 

 කරුණාරත්න අබේසේකර විතරද මෙතන වැඩ කරන්නේ @ එයාට විතරක් විශේෂ සැලකිළි දක්වන්න බෑ '''
මම පුද්ගලික ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම වරදක්ද@ අබේසේකරයන් පෙරළා ඔහුට අභීයෝග කරමින් ආයතනයෙන් ඉල්ලා අස්වි ගෙදර ගියා''''''''

දැන් නවරජය පත්වී වසරකට කිට්ටු කාලයක් ගතවේලා '''' දවසක් මට දුරකථන ඇමතුමක් ආවා'''

බැලින්නම් අගමැති පේ‍්‍රමදාස මහත්තයා ගෙන් එයාව වහාම ඇවිත් හමුවෙන්න කිව්වා නොවැ''''

මමත් ඉදින් කකුල් දෙක ගැහි ගැහී ගියා ....ඔහුගේ කාර්යාලයට

එදා ඔහු මගෙන් මෙසේ විමසුවා

හේම ශ‍්‍රී දන්නවාද හෙට අනිද්දාට වෙන්න යන වැදගත් සිද්ධිය ?

මම නිරුත්තර වුනේ නෑ සිදුවිම මගේ මතකයට ආවා 

ඔව් සර්......අපේ ජනාධිපතිතුමා ගේ පත්විම නේද ?

ආන්න හරි .........මට ඉක්මනට ඒ කාරණය සම්බන්ධයෙන් සිංදුවක් ලියලා ඔ්නෑ ...... පරක්කු කරන්න බැහැ......

මමත් ඉතිං ලිව්වා 

ජනපති ජයමංගල්ලේ ..............

පොදුජන යුගයක නමරැන්දේ .....

රන්හිරු එළීයේ මේ නව යුගයේ .......

ශ‍්‍රිණිවිභූෂිත ලංකා බැබලේ ..............

සිංහ ධජය සෙවණේ ......

--------------------------

මෙතැනින් සවන්දෙන්න


තනු නිර්මාණය - පී එල් ඒ සෝමපාල සමග  පැටි‍්‍රක් දෙණිපිටිය'


ගැයුම - කලාශූරී ලතා වල්පොළ
-----------------------------------

ඒක ගායනා කරන්න ලතා වල්පොළ කැඳවාගන්නා ලෙසත් සංගීතය පාල අයියාට  (පී එල් ඒ සෝමපාල සහ පැටි‍්‍රික් ට (පැටි‍්‍රක් දෙණිපිටිය ලව්වා නිර්මාණය කරගන්නා ලෙසත් නියෝග කර තිබුනා

තේවිස් ගුරුගේ ගුවන් විදුලියෙන් රෑම වාහනයක් එවලා තිබ්බා අපිට... ලතා ඇතුඵ අපි යනකොට මැදිරියේ වාදක මණ්ඩලය ද සුදානම්. ගීතය රෑම පටිගත කලා.....
   ......................................................

මේ සිදුවීමෙන් ටික කාලයකට පසුව මා විසින් ලියැවුනු ගීතයකට පසුබිම් වු සිදුවිම් පෙළ ට සම්බන්ධ වෙන්නේ එතුමා''

එතුමා පිළිබඳව ඒ අවධියේ විවේචන ඔ්පදූප කටකථා හැදෙමින් තිබුනා' කිසි පදනමක් නැති ඒ කථා පතුරුවා එතුමාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් දෑරූ බවකුයි මහ හැගී ගියේ සමහරු අපහසාත්මක අන්වර්ථ නාමයන් පව ගොතා ඉන් නොනැවතී ඒවා ප‍්‍රසිද්ධියේ කියන්නටද වුනා'  මගේ සිත ද කැළඹූ ඒ අවිචාර විවේචන විසින් මා මේ ගීතය ලියන්නට පෙළඹුනා'

එතුමා බොහොම පුංචි තැනකින් පටන්අරන් බොහොම කරදර කම්කටොඵ මැද ආපු ගමනක් ඒ ඒ නිසයි මම ලිව්වේ'

Zපුංචි පැල්පතින් අද බිහිවෙනවා-පුංචි අයත් හෙට රජවරු වෙනවාZ


ඒ යුගය වෙද්දී භද‍්‍රජී මහින්ද ජයතිලක නම් ආධුනික ගායක යෞවනයා ගුවන් විදුලියේ සරළ ගී වැඩසටහන් උදෙසා සම්බන්ධ වෙමින් සිටියා' මේ මට මතක ලෙස 1982 පමන කාලය මගේ මිත‍්‍රයා ’පාල’ අයියා (පී එල් ඒ සෝමපාල' විසින් ඒ ගීතයට තනු නිර්මාණය කලා'

උගතුන් මැද උගතෙකු වෙන්නයි'''''

උපන් දැයට සෙත සලසන්නයි'''''

මගේ පැතුම් මතු ඉටුවෙන්නයි''''

පුතා උතුම් මිනිසෙකු වෙන්නයි''''


අසූ රියන් උස බුදු රූ තැනුවේ'''

සුවිසල් මහ දාගැබ් ගොඩ නැගුවේ''''

එදා පටන් පුතු ගැනමයි හිතුවේ''''

මගේ පුතා රජ වෙන්නයි පැතුවේ''

-----------------------------------------
තනු නිර්මාණය - පී එල් ඒ සෝමපාල

ගැයුම - චිත‍්‍රා සෝමපාල සමග භද‍්‍රජී මහින්ද ජයතිලක

-------------------------------------
මෙතැනින් සවන්දෙන්න




ඒ වෙද්දී මම වැඩසටහන් සම්පාදක තනතුර දැරුවා පසුව සංවිධායක දක්වා උසස්වීම් ලැබුවා ඔය විදියට මම 1996-7 පමණ වෙනතුරු ගුවන් විදුලියේ සේවය කරමින් ඉඳලා විශ‍්‍රාම ගත්තා'




මම උපන්නේ 1941 වසරේ අපේ‍්‍රල් 29 දිනකදී කොල්ලුපිටියේ පවුලේ වැඩිමලා මමයි නංගිලා දෙන්නයි මල්ලියි 


ඔහු සිය සංවාදය එලෙසින් නිම කළේය හේම ශ‍්‍රී ද අල්විස් නම් මේ විශීෂ්ඨයා විසිපස්වසක තරම් දිගු යුගයකදී  සිංහල ගීත රන්කෙත සරුසාරකරන්නට වපුළු රන් ගේය පදවැල් සුන්දරය සුළලිතය රසපූර්ණය'

නීල ජලේ යමුනා සමීරේ - අයිරින්ද අල්විස්  මොහොමඩ් සාලි

දෑස පා සිනා කියන රහස තේරුණා - අයිරින් - පේ‍්‍රමලාල් දන්වත්ත

මගේ හද පේ‍්‍රම දායාදේ  - පුදමි ඔබේ පාමුලේ සුහදේ - අයිරින් - පේ‍්‍රමලාල් දන්වත්ත

රන්තරු දෑසෙහි සැංගී උදා වේ - අයිරින් - මොහොමඩ් සාලි

හෙළ ජාතික පියුම් විළේ සුවඳ කැකුඵ මල් - අයිරින් - මොහොමඩ් සාලි

මා ඔබේ වසුන්දරා - අයිරින් -  ෂෙල්ටන් පේ‍්‍රමරත්න

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - සුජාතා අත්තනායක - හේමපාල පෙරේරා

මැණිකේ ඔබේ සිනාවේ - දියරැුල් ගලා ගියාවේ - රුක්මණී දේවි - නෙවිල් ප‍්‍රනාන්දු - නෙවිල් ප‍්‍රනාන්දු

සඳක් නැගි සඳක් දීලී සාගරේ - රුක්මණි දේවි - නෙවිල් ප‍්‍රනාන්දු

සතුට සැනසුම් සුවේ බලා - ලතා දිසානායක -  වික්ටර් දඵගම

ශ‍්‍රිණිභරිත ස්වර්ණ භූමියයි - ලතා වල්පොළ - රාමයියා මුත්තුසාමි

රහසක් ඇත ඔබ හට පවසන්නට සෙව්වෙමි සසර පුරා - ලතා වල්පොළ - ධර්මදාස - අර් මුත්තුසාමි

ශ‍්‍රීණිවිභූෂීත ලංකා බැබලේ සිංහල ධජය සෙවණේ - ලතා වල්පොළ - පැට‍්‍රික් දෙණිපිටිය - පී එල් ඒ සෝමපාල

නෙත්යුග රන්තරු යුවල තමයි - තොල්පෙති නාදඵ වලට සමයි - ත‍්‍රි සිස්ටර්ස්  - වික්ටර් දඵගම

පෑහි එක ලෙස බැඳි බොමු අපි ජයපානේ - ත‍්‍රී සිස්ටර්ස් - වික්ටර දඵගම

කුමාරියේ උදාරියේ කුමාරයා ඔබයි ප‍්‍රියේ - රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද‍්‍රිගෝ - මොහොමඩ් සාලි

හංසියක සේ රැුඳෙන්නෙමි සෝකේ  - හඞා හඞා මා ගයන්නෙමී ගීතේ - රූපා ඉන්දූමති - ටී ෂෙල්ටන් පෙරේරා

සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා - මොහිදීන් බෙග් 

ඔය හද පතාලා ආමී - ඔබේ පෙම් දායාදේ  - මොහිදීන් බෙග්

ජීවනයේ මල් පිපුණා - මේ සතර දිගන්තේ - බෙග්

හිම බිම පාලන සුරිඳේ  - ඔබේ බල ශක්ති වේ මාගේ අනුප‍්‍රනේ - බෙග් (දෙයියන්ගේ රටේ*

මාගේ මේ රට මේ රට වාසනා මුතු ඇටයකි - ලතා වල්පොළ - සරත් බාලසූරිය

කරුණු විමසා අසද්දී - නොයෙල් ගුණරත්න


එදවස ගුවන් තලය සිසාර දසත පැතිර ගිය අමයුරු ගී යාතිකාවන්ගේ පද ගෙත්තම් කරුවන් අද අප අතැර ගොසිනි' ඔවුන් ගේ එකී නිර්මාණයන්ට පෙම්බැඳි රසික දනන් නිති නිති දින දින සිය ආදරණිය ගී පද නිර්මාණකරුවන් ගේ අතීතාවලෝකනයේ නිරත වෙති ඔවුහු උත්කර්ෂනයට බඳුන් කරමින් සිය හෘදයාංගම කෘතවේදීත්වය පුද කරති එය එසේ විය යුතුමය

මේ අතරවාරයේ දිවමන් සුභාවිත ගී පද සිත්තම්කරුවන් අතරින් එතරම් දුරු කතර ගෙවා දමමින් ආ කටුක දිවි ගමනේ කෙම්බිමක ඇසුර ලබනට  කී දෙනෙකු භාග්‍යවන්ත වීද සිය දිවිගමන් මග එකලු කල දිනකර සෙමින් සමුගනිද්දී දෛවයේ කරුණාමහිමය ලබනට තරම් අදටත් ඔහු පින්නොකළ ඇති බවකි කිවයුත්තේ

 ඔහු දෙනෙත පියවි යන්නට පෙර සැනසුම් ආදරබර වදනකින් සංග‍්‍රහ කරනු මැනවි' වියපත් ඔහු ගේ දිවිමග අත්වැල නොබිඳි නොගිළිහි පවත්වා ගන්නට කෘතවේදීත්වයේ සුරත පානු මැනවි 

-----------------------
හේම ශ්‍රී ද අල්විස් ගී රන්මිණිමුතුදාමයෙන් බිඳිත්තක්..............

මෙතැනින් සවන්දෙන්න (සියඵ ගී ඛන්ඩ මුල් පිටපත්ය)
----------------------------


 එයයි ඔහු ඔබගෙන් කරන්නා වු සොඳුරු ආයචනය

ඔබට සුබි දිඝායු ......චිරං ජයතු  මහගු කලා රසවතාණෙනි ................

                                         සමාප්තයි


Tuesday, June 11, 2019

හේම ශ‍්‍රී ද අල්විස් ගීත නිර්මාණ - 1965-1985

රන්මිණිමුතු වැනි අදහස් අතමිට මොළවා ගත් ඔහු ...................... 


ඔබ කැමතී ගී තීරය අතරින් දැන් මේ අසන්නන් ප‍්‍රියකරණ ගීතයක්.........................


පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනී සුබසිංහ රීට ඉන්ද‍්‍රාණි..................... ඇතුඵ පිරිස

ඔබ වෙනුවෙන් ගයන ශීල්පිනී අයිරින්ද ද අල්විස් ගැයු මේ ගීතය පද රචනය හේම ශ‍්‍රි ද අල්විස් විසිනි


දෑස පා සිනහ - කියන රහස තේරුණා

පෙම් ලොවක් දෙපාමුලේ මාවාදී - අද වගේ හෙටත් ඔබේ ලගින් ඉමී 


 දශක 05 ක අතීතයක සිට අද දක්වාද සිය දහස්වර ගුවන් විදුලියෙන් මෙසේ නිවේදනය කරමින් වාදනය කරන මේ නිර්මාණයෙන් කුල්මත් නොවු ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ඇත්තේ නම් ඒ අල්ප සංඛ්‍යාවක් බව සහතිකය ඇළේ දොළේ ලන්දේ කෙළිදෙළෙන් දුවපැන ගිය එදා ළපැටියන් පවා මෙහි ඇසෙන නුහුරු එහෙත් නැවුම් නාදරසයෙන් වසග නොවුවා නොවේ

සුවසහක් රසික සවන් පත් සුරස රස සපිරි ගීතාවලියකින් පුරවාලන්නට එක්වු එදා ගී පද සංකල්පනා මැවු රසවතුන් අතර අල්විස් ත‍්‍රිත්වය හොබවන්නේ ප‍්‍රමුඛස්ථානයයි ඩොල්ටන් - පේ‍්‍රමකීර්ති ට පසුව  එහි ඇඳෙන්නේ හේම ශ‍්‍රී ද අල්විස් නාමයයි

ඔවුන් බොහොමයක් වත්මනෙහි  රසික ඔබ අපට සමුදී නික්ම ගොස් තිබියදී අද සිය දිවියේ සැඳෑ අඳුුර වැටෙමින් පවතින යාමයේ ජීවන මං පෙත සෙමින් පියමං කරන මෙකී අපුර්ව පද සිත්තම් කරුවා හඳුනාගනු රිසිවූවන් වෙතටය මේ සටහන

60 දශකයේ අවසන් භාගයේදී පමණ අයිරින් වෙත මේ සඳහා ඇරයුම් ලැබුවේ එදා  ප‍්‍රසිද්ධ ජනප‍්‍රිය තැටි ව්‍යාපාරිකයෙකු වු පැට‍්‍රීක් කොරේරා ගෙන් ඔහු ගේ තැටි ලේබලය වුනේ පිලිප්ස් නාමයයි එදා මම ගීත 04 ක් ලිව්වා මොකද තැටියකට ඇතුළත් කල හැකි උපරිම ගීත ගණන එපමණක් පමණක් වු නිසා

1 දෑස පා සිනා   2 සෙංකඩගල නගරේ සඳරේඛා 3 මගේ හද පේ‍්‍රම දායාදේ සහ 4 පේ‍්‍රමාදරයක සරණ සොයා 

ඒ ගීත

මෙයින් එකක් එවකට ජනප‍්‍රියත්වයේ හිණිපෙත්තේ පැවතී හින්දි සිනමා පටයක් වු ලව් ඉන් ටෝකියෝ හි ගීතයක තනුවට වචන ඇමිණු ගීතයක් 

මේවා සංගීතවත් කරන්නට ඉදරිපත් වුයේ මගේම ඥති සහෝදරයකු වු ලංකා නාවුක හමුදාවේ තූර්ය වාදක කන්ඩායමේ ප‍්‍රධානියා වු ප්‍රෙමලාල් දන්වත්ත ඔහු මේවාට තනු නිර්මාණය කිරීමෙන් නොනැවතී ඔහුගේ වාදක මන්ඩලයේ සහය ද සපයා දුන්නා ඒ හමුදා තූර්ය වාදක  සංගීත රටා ත් ඒවයේ ප‍්‍රසිද්ධියට සෑහෙන්න බලපාන්න ඇති


මා 50 දශකයේ එවකට ප‍්‍රවිණ නිවේදක වැඩසටහන් සම්පාදක කරුණාරත්න අබේසේකරයන් ගේ සරස්වතී මන්ඩපයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කලා  විජිත කුසුම්  - නෙයෙලීන් ලියනගේ සොයුරියන්  චන්ද‍්‍රානි මානෙල් වීරසිංහ - චන්ද‍්‍රානි ගුණවර්ධන  - අමිතා දඵගම - මල්කාන්ති  - නිර්මලා අපත් සමග එහි කටයුතු කළා අපි සියල්ලෝ අවු 15-16 වගේ වයස් මට්ටමේ


ගුවන් විදුලි ළමා පිටියේ ගී ගැයු දැරියක් විජිත කුසුම් ලියනගේ. 60 දශකයේ අවසන් වසර දෙක තුන ගත වෙමින් තිබුනු අතර ඒ අවධියේ ඇය වෙනුවෙන් ලියා දුන් ගීතය ගුවන් විදුලියේ සේවය කල සංගීතඥ වික්ටර් දඵගම මගෙන් ඉල්ලා ගත්තා. පසුව එය ඔහු ලස්සන තනුවක් යොදා ලතා දිසානයක යොදවා පටිගත කලා. 70 දශකයේ නිතර ගුවනින් වාදනය වු ඒ ගීතය නිසා ලතා ට ජනප‍්‍රිය ගායිකාවක් වශයෙන් පෙරට එන්නට ලැබුනු බව කිව යුතුයි. 

සතුට සැනසුම් සුවේ බලා.........

සීත සුලගට තුරුල්වෙලා ....

ඈත අහසේ පියාසළා...


එන්න කුරුලනි ඉගිල්ලිලා..........

සෙනෙහෙ නිල්වන් ගුවන් ගැබේ

ඔබේ රුව එහි ඇඳී තිබේ...

ඉවුර අසබඩ සඳුන් ගසේ...

කුරුඵ පවුලක් සුවෙන් වෙසේ.....

--------------------
තනුව සහ සංගීතය -වික්ටර් දඵගම

ගැයුම - ලතා දිසානායක
------------------------
මෙතැනින් සවන්දෙන්න
-------------------------



 
  ඒ දිනවල මා ගුවන් විදුලියේ බාහිර ශීල්පියෙක්  ස්ථීර සේවයේ යෙදී සිටියේ පුද්ගලික අංශයේ මුලින් යුනික් ඇඩ්වර්ටයිසින් පස්සේ   මෙට්‍රොපොලිටන් ඇඩ්වර්ටයිසින් ආයතනයේ පිටපත් රචකයෙකු ලෙසයි ගායක ගායිකාවන් ඇවිත් ඔවුන්ගේ සරල ගී වැඩසටහන් වෙනුවෙන් මගෙන් ගීත රචනා කර ගැනීමේ කටයුත්ත සිදුකළා

ඩේසි අක්කා (රුක්මණි දේවී) සහ එඩී අයියා (එඩී ජයමාන්න) මගේ හිතවතුන් ඔවුන්ගේ සම්බන්ධය සාර්ථක කරගන්නට උදව් දුන් විල්ෆ‍්‍රඩ් ගුණසේකර ඒ කියන්නේ අපේ සිනමා නඵ පියදාස ගුණසේකරගේ වැඩිමහල් සහෝදරයා ඒ හිතවත්කම ගොඩනගාගන්න හේතු වුනා ඔහු අයිරින් ගේ ලොකු මාමා 
60 දශකයේ අන්තිම කාලේ දවසක් ඩේසි අක්කා නෙවිල් එක්ක (නෙවිල් ප‍්‍රනාන්දු) අපේ කොළොන්නාවේ ගෙදරට ආවා කාර් එක පදවාගනෙ ආවේ නෙවිල් ..... එයා අතේ ගිටාර් එකක්

හේමේ ....මට  සිංද වගයක් ඔ්නෑ ඉක්මනට ?

මමත් ඉතිං එයාලා ගෙදර එහෙමෙහ ඇවිදිද්දී ලිව්වා

මැණිකේ ඔබේ සිනාවේ - දියරැුල් ගලා ගියාවේ.....

නාමල් පිපී උදාවේ - ආදරේ සුපෙම් ලතාවේ....

මිහිරේ ඔයා පතා නේ - මේ ගමන මේ දුර ආවේ....

එදාම තමයි මම ඩේසි අක්කාට ලිව්වේ.....

....................................


සඳක් නැගී සඳක් දිලෙයි සාගරේ.....


මලක් නැගී මලක් පිපෙයි ආදරේ....

සුදෝ ඔබේ කථා ආසා ආදරේ....

ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ......

ඒ දවස්වල එයා නෙවිල්ලාගේ ලොස් කැබියයරෝස් ගායක කන්ඩායමේ සිංදු කිව්වා මේවා ඒ යුගයේ පටිගත වු ගීත

1970 සමගි පෙරමුණු රජය බලයට පත්වී වසර 02 කින් ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමේ උත්සවය මහ ඉහළින් සමරන්නට කටයුතු සිදු කරනු ලැබු අතර ගුවන් විදුලියට එහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නට නියමවී තිබුනා.

ඒ වෙනුවෙන් ප‍්‍රචාරය විමට නියමිත සමරු වැඩසටහනකට ලතා වල්පොළ ට ද ඇරයුම් ලැබ තිබු අතර ඇය ගයන්නට නියමිත ගීතය ලියවා ගත්තේ මගෙන්. ඒ ගීතය සංගීතවත් කලේ ලතා ගේ බොහොමයක් සිනමා ගීත තනු නිර්මාණය කරන ලද මුත්තුසාමි නම් සංගීතවේදියා විසින්.


ශ‍්‍රීණි භරිත ස්වර්ණ භූමියයි.....

කමණිය විජය භූමියයි....

අසමානය ජන්ම භූමි....

සම්මානිත විජය භූමියයි......
-------------------------------
ගැයුම - ලතා වල්පොළ

සංගීතය - ආර් මුත්තුසාමි

----------------------------------
මෙතැනින් සවන්දෙන්න
------------------------------


 

  මෙහි ඉතිරි ‍ කොටස මතු දිනක පළවනු ඇත.

(විශේෂ ස්තුතිය - හේම ශ්රීද අල්විස් මහතා වෙත)