namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, July 31, 2016

එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමු

ඔබ ඔහු හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයෙකු ලෙස නම් ?

සකල වාසනා නිධාන භූමී - ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භූමී - පුන්‍ය මාතෘ ධරණී

ලංකා (වික්‌ටර් රත්නායක - නන්දා මලනී - අමිතා වැදිසිංහ ඇතුඵ කන්ඩායම)

තනු නිර්මාණය හා සංගීත සංයෝජනය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මේ නිර්මාණයේ පසුබිම් තොරතුරු සොයා රසික අප පියමං කළ යුත්තේ අදින් වසර 50 ක තරම් වන ඈත අතීතයටයි ස්‌ථානය සිංහල සංගීතයේ මහ ගෙදරයි

ඒ අනුව ඔබ දැන් මේ පිවිස සිටින්නේ 1965 වසරටයි නව රජයක්‌ බලයට පත් වී තිබේ එක්‌සත් ජාතික පක්‍ෂය එහි භාරකරුයි නියමුවා අගමැතිඳු ඩඩ්ලි සේනානායකයන්ය

රජය සතු ආයුධය මෙවළම මහජනයා ඡන්ද දායකයා හා එය යා කරන මහා පාලම ද ජනමතයේ ජීවනාලිය ද වන්නේ ප්‍රවෘත්ති අමාත්‍යංශය සතුවන ගුවන් විදුලි සංස්‌ථාවයි දැන් එහි ද නව නියමුවෙක්‌ හා අධ්‍යක්‍ෂ මන්ඩලයක්‌ පත් ව සිටී

ඔහු උත්තරීතර රජ්‍ය යාන්ත්‍රණය කොඳු නාරටිය බඳු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දක්‍ෂතම සාමාජිකයෙකු වු නෙවිල් ජයවීරයන්ය ඔහු යටතේ නව අධ්‍යක්‍ෂ මන්ඩල සාමාජිකයන් අතර සෑම් ජේ පෙරේරා මහතාද වෙයි

සුපුරුදු පරිදි වැඩසටහන් හි පෙළගැස්‌ම අන්තර්ගතය මෙහෙවයන නිලදරුවන් යන මේ සියල්ල වෙනස්‌ කරනු ලැබ තිබේ එපමණක්‌ නොව නව වැඩසටහන් මාළාවක්‌ ද එළි දක්‌වන්නට සැරසි සිටි

තවත් තෙවසරක්‌ ඉක්‌බිත්තෙන් 1968 වසර ට පිවිසෙමු

නව රජයේ කෘෂිකාර්මික නවෝදය නමින් ගොවිතැන නගා සිටුවිමේ ව්‍යාපෘතිය අරඹා තිබේ එහි ප්‍රවර්ධනය සුපුරුදු පරිදි ගුවන් විදුලයට පැවරුණි

සෑම් ජේ පෙරේරා මහතා ගේ අධික්‍ෂණය යටතේ ඇරඹුනු නැවුම් සුවඳ හමන සංගීතමය වැඩසටහනේ නාමය එඩිතර ලංකා විය නමින් ම හැගෙන පරිදි එහි ඇතුළත් විය යුත්තේ එඩිය දෑ අබිමානය වඩවන ගීතයන්ය

මෙයින් එතෙක්‌ ගුවන් විදුලිය ආ මග වෙනසකට බඳුන් කරවමින් නව ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට පටන් ගැණිනි ඒ අනුව සංස්‌ථාවේ කාර්ය මන්ඩලයද ඇතුඵ ඕනෑම බාහිර සංගීතඥයන් හා ගීත රචකයන් හට තම නිර්මාණ සඳහා දොරගුඵ විවර වූ අතර ඒ සඳහා තිබුනු සියඵ බාධක ඉවත් කරන ලදී

මෙs වැඩසටහන ද මෙහෙයවීම ගුවන් විදුලියේ එක්‌ එක්‌ නිවේදකයන් හා සම්පාදකයන් අතර බෙදා දෙනු ලැබීය ඒ අනුව නිවේදක සිරිල් රාජපක්‍ෂයන් ද හට ද අවස්‌ථාව ලැබී තිබුනි

ඔහුට ලැබුනු වැඩසටහනේ සංගීත සංයෝජකයා ලෙස රෝහිත විජේසූරියයන් නම් කර ඇත දැන් විසඳාගත යුත්තේ

ගී පද රචකයන් උපයා සපයා ගැනීමේ ගැටඵවයි

මෙවක අප කථා නායකයාණෝ ගුවන් විදුලයේ සේවයට පැමිණ්‌ පස්‌වස සපිරුණා පමණකි එක්‌තරා දිනයක සැන්දෑයාමයක 06 වන මැදිරියේ දී එහි පිවිසි සිරිල් රාජපක්‍ෂයන් ගේ හඩ අවදිවිනි

පාලී මට මොනවා හරි ඉක්‌මණට ලියලා ඕනෑ මේකට වැඩිවෙලා ගතකරන්න නම් එපා මොකද රෝහිත බලාගෙන ඉන්නවා මියුසික්‌ කරන්න පුඵවන් තරම් ඉක්‌මනට මට රෙකෝඩිං දාගන්න ඕනෑ

පාලි ක්‍රියාත්මක විය මැදිරියේ පුහුණු කුටියට පිවිස එහි මේසය මතට බරව ඉහත පද පේලිය ලියන්නට පටන් ගත්තේය පදවැළ සම්පූර්ණය එහෙත් රචකයා තෘප්තිමත් නැත ඔහු යළිත් ක්‍රියාත්මක විය


මා සාර භූමි ලංකා - මා විජය භුමි ලංකා

මා පුන්‍ය භුමි ලංකා - අප ජන්ම භුමි
ලංකා

(රෝහිත විජේසූරිය ඇතුඵ කන්ඩායම)



පාලී ??? ඔහු කවරෙක්‌ද ??? 60-70 මතුනොව 80-90 න්ද මෙපිටට විත් 2000-2010 දීද ගුවන් විදුලියට සවන් යොමුකළෝ ඔහුව කිසිවිට නොහඳුනන්නේ නොවේමය

එහෙත් ඒ රසිකයෝ අතර ක්‍රිකට්‌ ක්‍රිඩාලෝලී දනන් තුඩග ඒ නාමය අද දක්‌වාත් රැව්දෙයි ඒ ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී අදී නාලන්දීය පාලිත පෙරේරා ය


මේ වනතුරු සංස්‌ථාවේ කාර්ය මන්ඩලය වෙතින් සපයා ගන්නා ගී පද රචනා සඳහා ගෙවීමක්‌ නොකෙරිනි ඉතිහාසයේ මුල් වරට එඩිතර ලංකා වැඩසටහනේදී ඒ සම්ප්‍රදාය බිඳමින් එක්‌ ගීතයක්‌ සඳහා රු පහළොවක තරම් සැළකිය යුතු ගෙවීමක්‌ අනුමත කරනු ලැබ තිබිණි (එවකට එහි අපන ශාලාවේ බත් මුලක්‌ රුපියලක්‌ විය කොළඹ - මහනුවර බස්‌ ගාස්‌තුව රු දෙකයි විසිපහකි)

මේ නිසා මෙම වැඩසටහන වෙනුවෙන් සංස්‌ථා සේවකයන් ගේ කැපවීම ඉහළම මට්‌ටමින් සිදුවිණි කරුණාරත්න අමරසිංහ අමරබංදු රූපසීංහ පාලිත පෙරේරා ඇතුඵ කණ්‌ඩායමට නැවුම් වෙනසක්‌ සිදුකිරීම පිණිස උත්සහ ද+රූහ

සහන නිවෙදක නිව්ටන් ගුණරත්නයන්ගෙන් නව අදහසකි

අපි කේමදාස මාස්‌ටර්ව ත් ගනිමු

සියල්ලෝ එකගත්වයකට පැමිණ සිටියහ

ඒ අනුව මරදානේ වර්තමාන ජයන්ත වීරසේකර මාවතේ එනම් එදා ඩි්‍රබ්‍රෙක්‌ පාරේ පිහිටා තිබුණු සංගීත මංජරිය වෙත මෙකී ගුවන් විදුලි සගයෝ පිවිසියහ ආ කාරණය දැන්වීණි එයින් ඇරඹෙනුයේ සිංහල සංගීත වංශයේ නව පරිච්ඡේදයකි ඒ කේමදාසයන් හා පුරා කියා ගුවන් විදුලි ගී නිර්මාණකරණයට පිවිසිමේ පසුබිම් කථාවයි

කරු ද (කරුණාරත්න අමරසිංහ) ද තම පෑන් තුඩ මෙහෙයවමින්


මා දුටු මුල්හිරු පෙන්වු ලංකා - මා ගත් මුල් සුසුමක්‌ දුන් ලංකා
ඔබගේ මුත්හර සරසමු ලංකා

(නන්දා මාලනී)


එඩිතර ලංකා ගීත එකින් එක පටිගත වන්නට විය

මේ අතර ගුවන් විදුලි සගයෝ ද දිවා රෑ නොබලා ඊට උර දෙන්නට විය රෝහිත විජේසුරියයන් ගේ මා සාර භූමි ලංකා පටිගත කරන දිනය ලං වන්නට විය

පුහුණුවිම් සිදුකරමින් පැවතිණි

රෝහිත විජේසූරියන් විසින් වාදක මන්ඩලය මෙහෙයවමින් සිටීන අතරවාරයේ අඩි 06 කටත් වඩා දිග උණ බම්බුවක්‌ වැනි දැවැන්ත වාද්‍ය භාන්ඩයක්‌ වැයෙනවා දුටු පාලි ඇතුඵ පිරිස ගේ කතුහලය ඇවිස්‌සුණි

ඒකට කියන්නේ බෙසුන් කියලා වාදනය කරන්නේ නාවුක හමුදා තුර්ය වාදක කන්ඩායමේ එක්‌කෙනෙක්‌ රෝහිත ගේ පිළිතුර විය

ගීත තුනක්‌ සඳහා අප නිවේදකයාණෝ හට රු හතලිස්‌පහක මුදලක්‌ ගෙවනු ලැබීය

-------------------------------------------------------------------

මා සාර භූමි ලංකා - මා විජය භූමි ලංකා

මා පුන්‍ය භූමි ලංකා - අප ජන්ම භූමි ලංකා

නදී ඇළ දොළ අහස්‌ දියකඳ - සදා තෙතමන සෙවන දෙරණයි

කරල් බරවූ කුඹුරු යායයි - මේ බිමෙන් අප රට නිධානයි

සතුරු එඩි මැද හෙළා ලේ කඳ - නැංගු නිවහල් විජය දෙරණයි

වීර හෙළයන් පුදා ජීවය - ලැබූ නිදහස අපට උරුමයි

බුදුන් සිරිපා පියුම් නැමදූ- මගේ මේ රන් පුන්‍ය දෙරණයි

සදා කාලෙන් සදා කාලේට- අපට දළදා සමිඳු සරණයි



නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන -  එඩිතර ලංකා

වසර - 1968

අරමුණ - කෘෂිකාර්මික නවෝදය වැඩසහන - අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය - 1965  - 1970

නිෂ්පාදනය - සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව - පාලිත පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

 තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
- සංගීතඥ රෝහිත විජේසූරිය (බාහිර ශීල්පී)

සමූහ ගායනා  - රෝහිත විජේසූරිය  - අමිතා වැදිසිංහ ඇතුඵ පිරිස
වාදක මන්ඩලය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය සහ යුධ හමුදා තූර්ය වාද්‍ය වෘන්දයේ සහය

මෙතැනින් සවන්දෙන්න


Basoon


සවන්දෙන්න



---------------------------------------------------------------------------

සකල වාසනා නිධාන භූමී  -  ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භුමි - පුන්‍ය මාතෘ ධරණී

ලංකා

දේශ දේශ ජය කෙහෙළි බැන්දු - ඒක  ඡත්‍රයේ සෙවෙනෙහි රැන්දු

විරු දරුවන්ගේ රුහිරය වැගුරූ - වීර භුමියේ ප්‍රෙෘඩ උදානේ

(කන්ඩායම් සමූහය)

බුදු සිරිපා පිදූ රහතුන් වැඩසිටී - ප්‍රනභූමියයි - ධර්මදීපණී (අමිතා වැදිසිංහ - ඒකල)

දෙරණ මතින් නැගි දාගැබ් බුදු රූ - (වික්‌ටර් රත්නායක - ඒකල)

පුන්‍ය භූමියේ භක්‌ති ප්‍රණාමයි (නන්දා මාලනී - ඒකල - සමුහ)



නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන -  එඩිතර ලංකා

වසර - 1968

අරමුණ - කෘෂිකාර්මික නවෝදය වැඩසහන - අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය - 1965  - 1970

නිෂ්පාදනය - සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව - පාලිත පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

 තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
- සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (බාහිර ශීල්පී)

සමූහ ගායනා  - වික්‌ටර් රත්නායක  - නන්දා මාලනී - අමිතා වැදිසිංහ

වාදක මන්ඩලය - 

 වයලීන් - ඒලියන් ද සොයිසා මරදකොලොන්නේ රොක්‌සාමි

බටනලා - එම් ඩබ්ලිව් පීරිස්‌

තබ්ලා - විජේරත්න රණතුංග - නඩරාජා (වෙළඳ සේවා වාදක මන්ඩලය)

සිතාර්  - සරත් දසනායක - පියදාස අතුකෝරාළ

ක්‌ලැරිනට්‌ - ටි එෆ් ලතීෆ් - ඒ ජේ කරීම්

ආචාර්ය කේමදාස නිර්මාණපෙළෙහි ප්‍රථම ගුවන් විදුලි පටිගතකිරීම


මෙතැනින් සවන්දෙන්න



(තොරතුරු මුලාශ්‍රය වෙනුවෙන් ස්‌තුති පුර්වක ප්‍රණාමය - ගුවන් විදුලි ප්‍රවිණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා වෙත පිරිනම්මි)

මතු සම්බන්ධයි.....................

Sunday, July 24, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස


 
බහුතරයක්‌ ගුවන් විදුලිය ට පෙම් කරණ එදා ශ්‍රාවකයන් ද වෙළඳ තැටි කැසට්‌ රසිකයන් ද ඔහු හඳුනන්නේ ධර්මරත්න බ්‍රදර්ස්‌ කෝකිල කැළෙහි සාමාජිකයෙකු නමින් පමණක්‌ බව පෙනියයි
නමුත් එපමණකුදු නොවේ මෙල්රෝයි ධර්මරත්නයන් තනුවට වදන් ඇමිණිමේ ශිල්පයේ ශූරයෙකි කෙළ පැමිණියෙකි පසුව ගී පදමාලාකරණයෙන් ස්‌වකීය නිර්මාණ හැකියාව දියුණු තියුණු කරගත්තෙකි

 
එතැනින් නොනැවතුනු ඔහු තමාම ඒවාට මියුරු තනු සම්පාදනය කරනු ලැබ එයිනුදු ඔබ්බට ගොස්‌ සංගීත සංයෝජනය කිරීමේ කලාව ද සිරූවෙන් ප්‍රගුණ කරනු ලැබ බටහිර හාර්මනි ශිල්පය පාදක කොටගත් නිර්මාණ ගණනාවකින් තම ගායක කණ්‌ඩායම පෝෂණය කලේය

තමන්ට ලැබුනු සිමිත විවේක කාලය සම්පුර්ණයෙන්ම සිංහල ගීත කලාවේ එක්‌ ඉසව්වක්‌ වෙනුවෙන් කැපකරනු ලැබ දිවයින වටා සැරසරමින් බටහිර ගී පමණක්‌ රසවිඳින්නට පුරුදුව සිටි රසික කැළක්‌ සිංහල ගීතය වෙත කැන්දාගෙන ආ පුරෝගාමි නිර්aමාණපරපුරේ ප්‍රමුඛයෙකු විය

 
ඔහුට රසික ඔබට කියන්න ඇති දෑ තව බොහෝය

 
සවන්දෙන්න ඔහුට එතැන් සිට යළිත්


----------------
මා මතකය අවදිකරන්නේනම් ඒ කාලය ට මදක්‌ පෙරාතුව නීනා හා ෆෙඩ්රික්‌ ( NINA and FREDERIK)  යුවළ විසින් ගයා එවක නිතර ඇසුණු MARY'S BOY CHILD JESUS CHRIST .......නම් බටහිර ගීය ටද මා විසින් සිංහල වදන් පෙළක්‌ අමුණා තිබිනි ඒ අප නිවසේ හා ඥාති - මිතුරු කැළ එකතුව පැවැත්වුණු නත්තල් ගී උත්සවයන් හී ගැයිම පිණිසයි

MARY'S BOY CHILD JESUS CHRIST ....... මෙතැනින් අසන්න


ඒ ගීය ජිම් රීව්ස්‌ විසින්ද පසුව රොක්‌ ශෛලියෙන් බොනිඅම් ගායක කන්ඩායම විසින් 70 දශකයේ දී ගැයු ගීතිකා ගණයේ නිර්මාණයකි


කලකට පෙර ඒ බෙත්ලෙහෙම ශූද්ධ වූ නගරේ
ජේසු මෙළොවට බිහිවුනේ පුංචි ගවමඩුවේ


මේ ගීතය පසු අවස්‌ථාවක තැටිගත කරනු ලැබ තිබියදී මා වෙත ගලා ආ ප්‍රශංසනාත්මක සුභ පැතුම් බොහෝ විය ඒ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වර්තමානයේ ලාංකික කතෝලික ප්‍රජාවගේ නායක දුරන්දර පුජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් එදා එය පසසා මා වෙත දැක්‌වූ ප්‍රතිචාරයයි 


එහිදී එතුමාණන් ගේ නිවසේ මේ ගී තැටිය වාදනය වන්නට සළස්‌වා නිතර අසා රසවිඳින්නට පුරුදු ව සිටි බව දන්වනු ලැබීමයි

මේ අතරවාරයේදී එක්‌තරා දිනකදී නිරායාසයෙන් සිතේ ඇඳුනු අදහසක්‌ අනුව ලියෑවුනු පද පේලියකට සොයුරු රොනල්ඩ් විසින් තනුවක්‌ යොදනු ලැබ අප විසින් මුමුණමින් තිබිනි


ඈත හෙමින් වලා රොදක්‌ පාවෙනවා

අහස්‌ කුමාරයා තවම කදුඵ සලනවා
හෝ වැස්‌ස වහිනවා


ඒ අප සංගීත කන්ඩායමේ අනන්‍යතාවය තහවුරු කල හැරවුම් ලක්‌ෂ්‍යකැයි මම කියමි මක්‌ නිසාද ඒ ධර්මරත්න බ්‍රදර්ස්‌ හි මුල්ම සම්පූර්ණ ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණය නිසාවෙනි


විවහයෙන් පසු අපේ නිවසේ ම පදිංචි ව සිටි රොනල්ඩ් අයියා සමගින් අප දෙදෙනා එකතු ව ඉහත කී ගීත සාද සමරු උත්සව වෙනත් එවන් අවස්‌ථාවන් ට නිරතුරුව ම සහභාගි වෙමින්
මේ ගී යුගලය ගයන්නට පටන් ගතිමු


අපේ සංගීත භාන්ඩ වු බොංගෝ සහ බොක්‌ස්‌ ගිටාර් පමණක්‌ වු අතර ඒවා ට ලැබුනු උණුසුම් ප්‍රතිචාරය අප දිරිමත් කරන සුඵ විය

මේ කාලයේ දීම රැල්ලක්‌ මෙන් ලොවපුරා පැතිර ගිය යව්වනයේ ගායක කණ්‌ඩායම් සංකල්පය අනුව මෙහිද ක්‍රම ක්‍රමයෙන් ඒ හාර්මනි ක්‍රමවේදය අනුගමනය කළ යොවුන් ගායක කන්ඩායම් කිහිපයක්‌ බිහිවී ජනප්‍රිය වෙමින් තිබිනි


මිගමුවේ නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (LOS CABELLIROS) ඒ අතර ප්‍රමුඛයන් වූ අතර


රත්නපුරයේ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ගේ මූන්ස්‌ටෝන්ස්‌ ද කෝට්‌ටේ නොයෙල් රණසිංහ ගේ ලා සිලනියන්ස්‌ වැනි වෙනත් ගායක කණ්‌ඩායම්ද ඒ වනවිටත් ක්‍ෂේත්‍රයට පිවිස සිටි බව මතකය

ඒ අනුව යමින් අප දෙදෙනා රසිකයන් අතර ධර්මරත්න බ්‍රදර්ස්‌ නමින් හඳුන්වාගන්නට තීරණය කෙරිනි


1966 වසර ගතවෙමින් තිබු අතර අපේ යොවුන් සංගීත කණ්‌ඩායමේ ශක්‌තිය උරගා බැලීමේ මහගු අවස්‌ථාවක්‌ එළඹෙමින් තිබිණි

ඒ කොල්ලුපිටියේ මෙතෝදිස්‌ත දේවස්‌ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ගායනා තරගයකට ඉදිරිපත් වීමට අවස්‌ථාවක්‌ එළඹීමෙනි

ඊට මුල් වී තිබුනේ අපේ මවයි ඇය අප වෙනුවෙන් ඊට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබිණි


කේවල යුගල හා හර්මනි (කන්ඩායම්) ඉසව් යටතේ වර්ගීකරණය කෙරුණු එහි අප සහභාගිවන්නට නියමිතව තිබුනේ කන්ඩායම් ධාරාව යටතේය


ඒ සඳහා පෙර පුහුණුවිම් පවත්වන්නට සෙනසුරාදා සවස්‌ වරුවත් ඉරිදා දිනයත් යොදාගන්නට තීරණය කෙරුණේ අපේ රාජකාරි කටයුතු වලට බාධා නොවීම පිනිසය


තරග දිනය උදා වූ අතර සුපුරුදු ගීත යුගලය අප විසින් ගායනා කරන ලද අතර ඒකල කාණ්‌ඩයේ දී කුඩා ශීරෝමි තරග කරන ලදී

ආරාධිත ගායක කණ්‌ඩායම ලෙස එහි කැඳවා තිබුනේ එවකට නම්දරා සිටි අපේ පූර්වගාමී හාරමණි ගායකයන් වූ මූන්ස්‌ටෝන්ය

ප්‍රථිපල නිකුත්වීමේදී අප කන්ඩායම ද ශීරොමි ද අදාළ ඛන්ඩයන්හි දෙවැනි ස්‌ථාන දිනා ගන්නා ලදැයි නිවේදනය කරන ලද්දේ අප හා අප සහයක රසිකයන් ගේ ප්‍රිතිඝෝෂා මධ්‍යයේය


මුන්ස්‌ටෝන්ස්‌ කන්ඩායමේ සමාජික ක්‌ලැරන්ස්‌ ඇනස්‌ලි ඇතුඵ පිරිසගේ සුභාශිංෂන මධ්‍යයේ අප ගායක කණ්‌ඩායම් සියල්ල එකතුව මතුයම් දිනක ප්‍රසංගයක්‌ සංවිධනය කිරීමේ යෝජනාවක්‌ ඇතිකරගන්නාලදින් යළි දිනක හමුවන බලාපොරොත්තුවෙන් අප කලා දිවියේ තවත් කඩඉමක නිමාව සටහන් විය


මේ යුගයේදීම ලංකා ගුවන් විදුලියේ ද සංගීත ප්‍රතිපත්තියේ එක්‌තරා පෙරළියක්‌ සිදුවෙමින් තිබිණි ඒ කවරෙක්‌ද ?


---------------------------------------------------------
 ධර්මරත්න සහෝදරයෝ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය තේමා ගීතය - 1971 නවරගහල   කොළඹ

පුංචි කොල්ලෝ හතරදෙනෙක්‌
මව් උකුළේ නැලවුනා
දරු නැලවිලි ගීයක්‌ ඇගේ මුවින් පිටවුනා
පුංචි කොල්ලො දුරයන බව මවට තේරුණා

එකම එක කුසේ බිහිව එකට හැදෙනවා
එකට එකතු වි සංගීතය පතුරනවා
වැස්‌ස වහිනවා වැස්‌ස එළිය දකිනවා
අපි සහෝදරයෝ හතර දෙනෙක්‌ ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැගුම් මවනවා

රතුපිට රතු රෝස කුසුම් අතුරපු පාරේ
යටින් තියෙන්නේ කටු බව දෙපයට තේරේ
මවගේ ඔවා එළිය දුන්නා යද්දි කඵවරේ
ආව ගමන මතක්‌ වෙලා කඳුලැලි වැගිරේ


විසකුරු නයින් ඉන්න බෙනේ මැණිකක්‌ තිබුනා
ඒ මැණික ලබා ගන්නට අප හරිම වෙහෙසුනා
සමහර අය අපයන මග අවුරා තිබුනා
මැණික ලබා ගන්න හුග දෙනෙක්‌ උදව් වුනා


ඉහතින් දක්‌වා ඇත්තේ ක්‍රිස්‌ටි මැක්‌ස්‌වල් රොනල්ඩ් හා මෙල්රෝයි 1971 දක්‌වා පස්‌වසරක ඇවෑමෙන් එතුවක්‌ පියමං කල ඔවුන්ගේ සංගීත චාරිකාවේ වෘතාන්නයයි

ඒ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල් ශාලාවේ එනම් නවරගහලේ පැවැත්වූ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය වෙනුවෙන් නිකුත් කල සමරු කලාපයේ පූර්විකාවයි

ඉන් පසු වසරේදී ඔවූහූ එය කොළඹ ච්ල්රන්ස්‌ බුක්‌ෂොප් ආයතනය වෙනුවෙන් එහි අධිපති ජෙරල්ඩ් වික්‍රසූරියයන්ගේ ඇරයුමෙන් තැටියට නගන්නට යෙදුණි

ඒ කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේදී ය

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ එවකට වැඩසහන් අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ලිවි විජේමාන්න මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ ඉංග්‍රිසි සේවයේ නිවේදක විජය කොරයා විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කල සංවත්සර වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ අවංක ආදර ස්‌තුතිය පිරිණමන බව පැවසුව

මෙල්රෝයි ධරම්රත්නයන් එහි පටිගත කිරීමේ රසමුසු අවස්‌ථාවක්‌ මෙලෙස සිහිකරනු ලැබීය


ඕක රෙකෝඩ් කරනකොට සරසවි ස්‌ටුඩියෝ රෙකෝඩින් ඉන්ජිනියර් මර්වින් රොඩ්රිගෝ මහත්තයා ට මම උපදෙසක්‌ දුන්නා පුඵවන් නම් චියරින් සවුන්ඩ් ට්‍රැක්‌ එකක්‌ එයට එකතු කරන්නට කියලා මොකද අපි ඒ දිනවල බටහිර සජිවි පටිගතකිරීම් අසා තිබුනා මටත් එය අනුකරණය කරන්නට  සිතුණ නිසයි එසේ උපදෙස්‌ දුන්නේ

තිබුණු අවම තාක්‍ෂණික පහසුකම් යටතේ ඔහු එය හැකි උපරිම අයුරින් ඉටුකොට තිබීම සතුටට කරුණක්‌


...... මෙතැනින් අසන්න



මදකට නිහඩවෙමින් විරාමයකින් හමුවෙමි ඔබ........
 

Monday, July 11, 2016

දම්මි - සුගත් ආදර අන්දරයේ රසමුසු තැන්

දසත පතල වියතුන් සභා මැද සුගත් ද විය

ස්‌ථානය හොරණ තක්‍ෂිලා විදුහල

වකවානුව 50 දශකය

මෙහි කථානායකයා සුගත් ය පංතියේ සෙසු සෙස්‌සන් අතරින් කැපි පෙණුනු එක්‌තරා බාලිකාවක්‌ තමා කෙරෙහි උනන්දුවක්‌ දක්‌වන බවක්‌ ඔහුට හැගී ගියේය
ඇය දම්මිය

ඉගි බිගි හැරුණුවිට කතාබහ ට අවසර නැත

ඇය වෙසෙන්නේ විදුහල අසන්නයේ බවත් එක්‌තරා ප්‍රසිද්ධ වෙද මහතෙකු ඇගේ පියාණන් බවත් සුගත්ට දැනගන්නට ලැබිනි

ඇය පාසල් අවේ ඇගේ නැගණිය සමගය
පියා තම මෝටර් රථයෙන් ඔවුන් අපසු රැගෙන යයි

ඔශු ඇය වෙසෙනවා කි නිවස ආසන්නයෙන් එහා මෙහා ගමන් කලේය එය ගමේ ප්‍රභු නිවසක්‌ බඳු වැදගත් සුවිසල් නිවසකි

එහා පංතියේ සිටියේ සුගත්ගේ අතිජාත පාසල් සගයෙකි දෙදෙනා එකිනෙකා ගේ නිවස්‌ හි රාත්‍රිය ගතකිරීම අල්ලප සල්ලපයේ යෙදීම නිතර දැකිය හැකිය

යාබද පන්තියේ මිතුරා ද ඉහත කි බාලිකාව සමග සිහින පෙමක වෙළි සිටි බව සුගත් කෙසේ දනීද ?

ඒ දැරිය තම මිතුරා සමග බස්‌ තෙපළනයුරු සුගත් ද නොදුටුවා නොවේ

තමන් ඇය හා එසේ කථාකරන්නට මැළිවන්නේ ඇයිදැයි ඔහු ට සිතිණි

දිනක සුගත් ට තම හිතවත් පොත් සාප්පු කරුවෙකු අත ලිපියක්‌ ලැබී තිබුනේ මිතුරාගෙනි

වියෝදුක්‌ගින්න වදන් වලට පෙරළා සටහන් කරනු ලැබ අවසානයේ බාලිකාවගේ තීරණය බාරගන්නා බවත් දෙදෙනාටම සුභ පතන බවත් එහි ලියෑවී තිබිනි

වරෙක දෙමිතුරෝ  හොරණ දී මුණගැසිනි

මිතුරා ඉකිගසමින් හඩන්නට විය

මේ තෙකොන් ජවනිකා පෙළ ට විරාමයට තැබුනේ තිදෙනා පසුව පාසල් තුනකට බෙදී වෙන්වි ගිය පසුවය

ඒ අනුව සුගත් කොළඹ නාලන්දයට ද දම්මි විශාඛාවටද සුගත් මිතුරා නුගේගොඩ නාලන්ද ඇකඩමි නම් පාසලටද යොමු කෙරිනි

මෙතුවක්‌ විස්‌තර කෙරුණු සිදුවිමේ අමුත්ත කුමක්‌ද ?

මෙවන් සිදුවිම් එදා ද අදද හෙටද සියදහස්‌ ගණනින් සිදුවෙයි ඇත්තෙන්ම එහි වැදගත් යමක්‌ ඇද්දැයි පාඨක භවතුන් විමසනු ඇත

ඊට පිළිතුර ඔව් යන්නයි

මන්ද ඒ ?

එය ලක්‌දිව ගෙවිගිය දශක 04-05 ක යුගයේ සිංහල සාහිත - සිනමා - ගී - කලා ලොව වැඩිම අවධනයකට පාදක වූ යොවුන් හද නිති කිති කැවූ නවකථාවකට මුලික වස්‌තු බීජය වීමයි

ඒ ඉහත කි දම්මි - සුගත් ආදර අන්දරය කැටිවූ ගොඵ හදවතයි එනමින් වූ සිනමා පටයයි එනමින් ලියෑවුණු අමරණීය ගේය පද රචනාවයි

එහි රචකයා 50 දශකයේ මහ නවකථාකරු කරුණාසේන ජයලත්ය ඉහත කි දම්මිට රහසින් පෙම්කල යාබද පංතියේ මිතුරාණෝය

සුගත් ප්‍රවිණ ගත්කතුවර - කලා විචාරක ගුරුවරයෙකු වූ දොන් බෝල්ඩ්වින් කුරුප්පු ය එනම් ඩී බී කුරුප්පුය

දම්මි පද්මා ලාලනී ගුණරත්න ය

මෙතැනින් මේ පුර්විකාවේ ශෘංගාර රසය පසෙකලා වෙනත් මානයකට පිවිසෙමු


නාලන්දයේ දී ඔහුගේ මිතුරු ලැයිස්‌තුවට ලක්‌දිව ඒ ඒ ක්‍ෂේත්‍රයේ නම රැන්දු ප්‍රවිණයන් කිහිප දෙනෙකු ඇතුළත්ය

ගුවන් විදුලි නිවේදක ගීත රචක කරුණාරත්න අබේසේකර

පරිපාලන නිලධාරි ගුවන් විදුලියේ මහ පුටුව හෙබවු රිජ්වේ තිලකරත්න

සිනමා නඵ ගායක රවින්ද්‍ර රූපසේන

ලෝ පූජිත වෛද්‍ය හඩ්සන් සිල්වා

එහි ඇතුළත්ය

1949 දී නාලන්දයෙන් සරසවියට පියමං කරන්නට වාසනා මහිමය ලත් කුරුප්පු සිසුවා ගේ ගුරුදෙව් කැළ ද මහ පඩුවන් ය

මහඇදුරන් වූදු සුවහසක්‌ පාඨක දන ට ද ගුරුවරුන් වූ ද ජෝතිය ධීරසේකර රැ ජී සි මැන්දිස්‌ රැ ඩි ඊ හෙට්‌ටිආරච්චි රැ ඇම් බී ආරියපාල හා එදිරිවීර සරත්චන්ද්‍රයෝ ඒ අතරින් කිහිපදෙනෙකි

එපමණක්‌ද නොව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරන්දර ස්‌ටැන්ලි තිලකරත්න

මහා නාට්‍යවේදීන් වූ දයානන්ද ගුණවර්ධන (බක්‌මහ අකුණු නරිබැණා මධුර ජවනිකා පසුව බක්‌මහ දීගේ සිනමා කෘතියේ අදියුරු) හා ගුණසේන ගලප්පත්ති (මූදු පුත්තු)

මහ ගත්කරු පුවත්පත් කලාවේ ඇසූපිරූ තැන් ඇති මාගම් තෙන්නකෝන්

ඔහුගේ සමකාලීන සිසුන් විය

එයින් නික්‌මුණු ගොඵ හදවතේ සැබෑ සුගත්
ගේ ඊලග නවාතැන වූයේ කොළඹ ආනන්දයයි ඔහු එහි ඇදුරු මඩුල්ලට එක්‌විය

මේ කථාවේ මිලග වැදගත් පරිච්ඡේදයේ නාමාවලිය සරසන්නේ ඔබ අප හොඳින් හඳුනන වියතුන් පෙළකි

සිංහල සාහිත්‍ය කලාව ඇතුඵ තමන් නියෝජනය කළ එකී ක්‍ෂේත්‍රය එදත් අදත් බබළවන ඔවූහූ සුගත් නොහොත් කුරුප්පු මහා ගුරුභවතාණෝ ගේ සිසුන් ය

ඔවූහූ කවරේද යත්

මහඇදුරු ජේ බී දිසානායක (සිංහල ව්‍යාකරණ වියතෙකි ගත් කතුවරයෙකි කලෙක තායිලන්තයේ මහ කොමසාරිස්‌ ධුරය දැරුවෙකි රැ 80 දශකයේ තුන්පත් රටා ගුවන් විදුලි වැඩසටහනේ නිර්මාතෘ


ඇදුරු සුනන්ද මහේන්ද්‍ර ගත් කතුවරයෙකි කවියෙකි ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයෙකි වියත් ලේඛකයෙකි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි

බන්ඩාර කේ විජේතුංග - ප්‍රචාරක නිලධාරියෙකි ගුවන් විදුලි ශිල්පියෙකි නිවේදකයෙකි කවියෙකි ගීත රචකයෙකි

කරු ජයසූරිය - වර්තාමන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානයක ධූරන්දර ව්‍යවසායෙකි ව්‍යාපාරිකයෙකි

ඇදුරු වික්‍රමබාහු කරුණාරත්න - ප්‍රගතිශීලි විද්වතෙකි දශක 05 ක දේශපාලඥයෙකි කථිකාචාර්යවරයෙකි

වෙදැදුරු උපුල් විජේවර්ධන - හෘද රෝග විශේෂඥ වෙදැදුරෙකි වියත් ද්විභාෂා ලේඛකයෙකි

ඇදුරු ඩි බි නිහාල්සිංහ - මහා සිනමාවේදී සිනමා කැමරාකාචය බුහුටිව මෙහෙයවූ ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවේ පුරෝගාමි නියමුවාණෝය සිංහල ටෙලිනඵ කලාවේ පුරෝගාමියාය

ගුවන් විදුලි ශිල්පී විජේරත්න වරකගොඩ - ගුවන් විදුලි ශ්‍රාවක වාර්තාලාභී රංගනශිල්පී ගායන ශිල්පී

සිනමා නඵ අදියුරු අශෝක පොනනම්පෙරුම 60 දශකයේ සිනමා තරුවකි අධ්‍යක්‍ෂවරයෙකි

මේජර් ජනරාල් ලකී අල්ගම - උතුරේ හමුදාක්‍රියාන්විතයේ කැපී පෙනෙන නිලදරුවෙකි


ලක්‌දෙරණ බැබළවූ මිණිමුතුවන් මෙවන් අසිරිමත් මිනිසුන් රැසක ඇසුර ලැබූ ඩී බී කුරුප්පු මහතා දිවියේ සැඳැසුවය ලබමින් කැන්ගරු දේශයේ වෙසෙයි

ඔහුට නිදුක්‌ නිරෝගි චීර ජීවනය පතමු

(පරිශීලනය කරුණු උපුටනය - ඒ ඩී රංජිත් කුමාර ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සිනමා ලේඛකයානන් විසින් සිඵමිණ පුවත්පතට මෑතදී සැපයූ ලිපියකිනි)

--------------------------------
මේ ආදර අන්දරය කරුණාසේන ජයලතුන්ගේ මනස කළඹවන්නට ඇත ඔහු ස්‌වකීය නවකථාව එළි දක්‌වන්නට පෙරාතුව ම ඒ පිළිබඳව මෙසේ සටහන් කර තබන ලදී ඒ 1962 තරම් ඈත කලයකදීය

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදර යයි කියා

පවුරු බැඳගෙන හිතට වදදුන් රසවතී නෑ කොයි ගියා

(අන්තර් සංගීත ඛන්ඩය)

ආදරෙයි මම ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි

අසිරිමත් ලෙස බැඳුනු ඒ රුව
කඵ වලාවෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොඵවුනා


ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ඉන්ද්‍රාණි විජයබන්ඩාර මෙසේ කියන්නීය

ජයලත් දවසක්‌ කඩිමුඩියේ අප නිවසට පැමිණියා මෙය සරල ගී වැඩසටහනක්‌ උදෙස යොදාගන්නා ලෙස පවසා සිසිර අත තබනු ලැබුවා

සිසිර විසින් එයට අතිශය සුන්දර තනුවක්‌ යොදනු ලැබුවා

පසුව ඒ ආසන්න දිනයක අප දෙදෙනා සහභාගි වූ ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකදී මෙය පටිගත කරනු ලැබුවේ 1962 වසරේදීයි

මෙහි එදා සිදුකල මුල්ම පටිගතකිරීම සඳහා වාද්‍ය වෘන්දයේ නැසිගිය එම් කේ රොක්‌සාමි වයලීන් වාදනයෙන්ද නැසිගිය
පැටි්‍රක්‌ දෙණිපිටිය ගිටාර් වාදනයෙන්ද සහභාගි වූ බව මතකය

මෙය ගුවන් විදුලි සරළ ගීතයක්‌ ඊට වසර කිහිපයකට පසු තිරගත වූ ගොඵ හදවත සිනමා පටය හා මේ අතර සබැඳියාවක්‌ නැති බව සඳහන් කළ යුතුය


(මේ ගීතය පසුව කිහිප වාරයක්‌ වෙළඳ තැටි කැසට්‌ පට හා සිඩී සඳහා පටිගත කරනු ලැබුවේ එහි අසිමිත ජනප්‍රියතාවය නිසයි)

වෙළඳ තැටියක්‌ උදෙසා 70 මැද භාගයේදීද යළිත් කැසට්‌ තාක්‍ෂණයේ ආරම්භක යුගයේ දීද එය ඔවුන් යළි යළිත් තම ආදරණිය රසිකයන් වෙනුවෙන් ගැයූහ

එහෙත් මෙහි ඔබ විඳින්නේ එදා 1962 වසරේ පටිගත කරන ලද මුල්ම ගුවන් විදුලි පිටපතේ රසමිහිරියාවයි


මෙතැනින් සවන්දෙන්න


සමාප්තයි

පරිශීලනය හා උපුටාගැනීම් (සේයාරුව ඇතුඵ) - නොව පැරණිය ලිපි සරණිය - ඒ ඩී රංජිත් කුමාර

ඩී බි කුරුප්පු සල්ලාපය - සිඵමිණ පුවත්පත - ඒ ඩී රංජිත් කුමාර (හිටපු සරසවිය කර්තෘ)

Sunday, July 3, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස


අදින් දශක හතරකට ආසන්න යුගයක අතීතයේ උදැසනකට පියමං කරමු

මේ එක්‌දාස්‌ නමසිය හැත්තෑනවය වසරයි

ශ්‍රී ලාංකික සාමාන්‍ය ශ්‍රාවක රසික දනන් හට තිබෙන එකම විනෝද මාධ්‍යයයි විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි

නිවේදක තැනගේ හඩ සවන කර ලංවෙයි මෙසේ


වේලාව උදැසන නවය පසුවි විනාඩි තිහයි

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි

මෙතැන් සිට කණ්‌ඩායම් ගී තීරයක්‌

ආරම්භ කරමින් ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්‌ඩායම ගැයූ ගීතයක්‌


එකී විනාඩි පහළොවක තරම් කෙටි කාලයකට සිමා වූ වැඩසටහන එසේ ගුවන් ගත වන තුරු ළමා ශ්‍රාවක අප නොඉවසිල්ලෙන් බලා සිටින්නට හේතුව එයින් ඇසුණු තරමක වෙනස්‌ ආකාරයක සංගීත නාද රටා ඔස්‌සේ හැඩ වැඩ ගැන්වුණු ගීත අසන්නටය

හඩවල් කිහිපයක සම්මිශ්‍රණය
වෙනත් ගුවන් විදුලි සරළ ගීයේ දී නොඇසෙන වාද්‍ය භාන්ඩ
එවයේ දක්‌නට නොමැති රිද්මය

ඒවා කෙරෙහි අප ආකර්ෂනය කරවූ හේතු යෑයි අනුමන කරමි


xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ධර්මරත්න බ්‍රදර්ස්‌ නම් එකී කෝකිලයන් කන්ඩායමේ සාමාජිකයන් වූයේ එකම පවුලේ අයියා - මලෝ සහොදරයන් හතරදෙනෙකි

මේ කණ්‌ඩායම එදා ගැයූ ගීතයන්හි පද රචකයා තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා බොහෝ අවස්‌ථාවන්හිදී පාහේ එකම අයෙකු විය

ඔහු මේ සංවාදයේ ද එකී කණ්‌ඩායමේද නියමුවාණෝ වූ එදා රසික දන තුඩග රැව්දුන් මෙල්රෝයි ධර්මරත්න ප්‍රවිණ සංගීතවේදියාණන්ය

මෙතැන් සිට පිළිවෙලින් දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

අයුබෝවන්

ප්‍රථමයෙන් අපේ මව පිළිබඳව මුලින්ම සඳහන් කළ යුතුය

ස්‌ටෙලා ධර්මරත්න නම් වූ ඇය මෙල්රෝයි ධර්මරත්න නම් ගායකයා සිංහල ගීත ක්‍ෂේත්‍රයට බිහිකරන්නට උරදුන් මහා බලවේගය ඇය බව ගෞරව පූර්වකව පළමුව සඳහන් කරමි

මාගේ ළමාවිය ගතවුයේ අප එකල දිවිගෙවු කොළඹ නගරයේම කොටසක්‌ වූ කොටහේන ප්‍රදේශයේය

අපේ පවුලේ සහෝදර සහෝදරියන් සයදෙනෙකු වූ අතර දෙටු සොයුරියන් දෙදෙනෙකුද දෙටු සොයුරන් තිදෙනෙකුට පසුව පවුලට එකතුවුනු අවසන් සාමාජිකයා වුයේ මා ය

අප පවුලේ වැඩිමහල් සමාජිකයා ක්‍රිස්‌ටි ය ඔහු හා මා අතර වයස්‌ පරතරය වසර නවයක්‌ පමණය දෙවැන්නිය දැන් අප අතර නැති ස්‌විටීය

අපේ කණ්‌ඩායමට සම්බන්ධ ළමා ගායිකාව ශිරෝමි ප්‍රනාන්දු ඇයගේ එකම දියණියයි

තෙවැන්නා මැක්‌ස්‌වෙල් ය ඔබට අතරින් පතර ඇසෙන අපේ කන්ඩායමේ ඒකල ගී හඩ ඔහුගේය තවද අපගේ නිර්මාණ අතර හමුවන වැහිදාක ගගණෝදරේ මතුවූ රිදී ඉරේ නමින් ඇරඹෙන එකම තනි ගීතයේ හඩ මුසුව ඔහු විසිනි අපේ සතරවැන්නිය වූ ෂර්ලි අප්‍රසිද්ධය ඇය කන්ඩායමේ උපතට ත් පෙර සමනල් වියේදී දෙව් මව් තුරුලේ සැතපුනේ 1964 තරම් ඈත කාලයකදීය මට ආසන්න වයසේ පස්‌වැනි සාමාජිකයා වැඩිමහඵ සහෝදර රොනල්ඩ් ද අප හැර ගොසිනි

ස්‌විටි අක්‌කා සහ ඇගේ සැමියා ජා ඇළ ප්‍රදේශයේ වෙසෙද්දී දියණිය වූ පෙර පාසල් වියේ ශිරෝමි හැදුනේ වැඩුනේ ද විසුවේ ද කොටහේනේ අපේ නිවසේය

මා හා රොනල්ඩ් අයියා ද අපේ මව ද සමග ඇය ද හරි හරියට ගීත ගයන්නට පුරුදුව සිටියේය

මා ඇතුඵ පිරිමි සාමාජිකයන් අකුරු කලේ අපේ නිවසට යාබ\දව පිහිටා තිබුනු කොටහේන ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලේය

එහිදී මගේ කලා කටයුතුවලට ලැබුනේ අපිරිමිත සහයකි කළඑළියකි

සිංහල සිනමාවේ අමරණිය රංගනශිල්පී නැසිගිය විජය කුමාරණතුංගයන් අපේ පංතියේය එමෙන්ම රවින්ද්‍ර රන්දෙණිය රොබින් ප්‍රනාන්දු යන මේ දෙදෙනා මට වසරකින් දෙකකින් ඉහල පංතිවල අකුරු කළහ

අදට වඩා එකල නිතර සංගීත උළෙලවල් සැඳැ සාද දක්‌නට තිබුණු බව කිවයුතුයි සංගීතයට ගීයට මහත් සේ පෙම්කළ ඈ නිවසේ තිබුනු හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය වාදනය කරමින් නිතර ගායනයේ යෙදුනු අතර පවුලේ බඩපිස්‌සා වු මාද රොනල්ඩ් අයියා ද පවුලේ හා අසල්වැසි සාදයන් ගී ගැයිමට ද ඊට අමතරව පාසලේ නිතර පැවති සියඵ කලා කටයුතු වලටද යොමුකරවන ලද්දේ ඇයගේ මැදිහත්වීමෙනි

පාසලේ පහළ පංති වලදී ජම් රිව්ස්‌ හා වෙනත් s බටහිර ගායකයන්ගේ ජනප්‍රිය ගීතයන්ට සිංහල වදන් පුරුද්දා ඒවා ගායනා කිරීම එවකට මගේ ප්‍රියතම විනෝදාංශයන් අතරින් එකකි


මුලින් අරුත්සුන් බවකින් යුතුවුවද පසුව කාලයාගේ ඇවෑමෙන් කිසියම් අදහසක්‌ ඇතිවන ලෙසින් ඒවායේ පද රචනා දියුණු තියුණු කරගන්නට සමත් විනි

ක්‍රමයෙන් ඉහල පංතිවලට පිවිසීමේදී මගේ ලේඛණ කලාවද ක්‍රමයෙන් දියුණු වූ අතර පුවත්පත් සගරා ආදියට ලිපි ලිවිමේ නොනිත් ආශවෙන් පෙළෙන්නට වූයෙන් එය කෙසේ කරගනිම්දැයි විමසිල්ලෙන් පසුවිය

ඊට පිවිසීමේ දොරටු විවර කරගැනිමට යතුරු අපේ පවුල තුලින්ම සොයාගන්නට හැකිවුයේ මගේ දෙටු සොයුරියට පින් සිදුවන්නටය

ඇය ඒ අවධියේ සේවය කරනු ලැබුවේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටා තිබුණු ගුණසේන ආයතනයේය ඔවුන් එවකට දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් ගණනාවක ප්‍රකාශකයන් ද විය


ඇයගේ නිර්දේශය හා දැන හැඳිනගැනීමෙන් ඵල ප්‍රයෝජන ලබාගත් මා එයින් පළකෙරුණු සවස පුවත්පතේ කර්තෘධූරය දැරු වෙ වි අබයගුණවර්ධන මහතා ගේ අනුදැනුම මත ඊට ලිපි සපයන්නට පටන් ගත් අතර ඒවා බොහොමයක්‌ විදේශ සගZරාවන්ගෙන් උපුටාගෙන මා විසින්ම සිංහලට පරිවර්තනය කරගත් ඒවාය

එහිම පළකෙරුණු විසිතුර සිනමාකලා සගරාවේ කර්තෘත්වය දැරු ආතර් යු අමරසේනයන් ගේ අණුදැනුම මත එහිද මගේ ලිපි පළකරන ලදී

නමුත් මෙහිද සඳහන් කළයුතුම කරුණක්‌ වන්නේ මගේ පුවත් පත් කලා චාරිකාවට අත්පොත් තැබු මුල්ම ලිපිය පළකරවාදුන් නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී ආරියරත්න කහවිටයන් පිළිබඳව මතකයයි

ඔහු එවකට කේ ගුණරත්නම් නම් දැවැන්ත සිනමා ව්‍යාපාරිකයාගේ රැ නිෂ්පාදකයා යටතේ පාලනය වූ සිනමාස්‌ සමාගම විසින් පළ කෙරුණු කලා සගරාවේ කර්තෘ ධූරය හොබවමින් සිටියේය

ඔහු පිළිබඳව වැඩිමනත් හැඳින්වීමක්‌ කරනු රිසියෙමි එවකට මහත් සේ ජනප්‍රිය ගායිකාවක්‌ ලෙස කටයුතු කල මල්ලිකා කහවිට ශිල්පිණිය ගේ සැමියාණන් ලෙසද එතරම්ම ජනප්‍රසාදයට ලක්‌ව සිටි සිනමා නිළි ස්‌වර්ණා කහවිට ගේ වැඩිමහල් සොයුරාණන් ලෙසද ඔහුව ඔබට හඳුන්වා දෙන්නෙමි


1964 -65 ලෙස මගේ මතකය විසින් දැනුම් දෙන මේ කාලය සිංහල සිනමා - ගීත - නාට්‍ය - සාහිත්‍ය කලාවන්හී ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුනු අවධියයි

මේ අතරවාරයේ මා කුඩා අවධියේ සිටම පුරුදු පුහුණුකරගත් තනුවට වචන දැමිමේ ශිල්පය වඩාත් හොඳින් ප්‍රගුණකරවාගෙන තිබිණි

එවක 1960 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය පොප් ගායිකා ජොඅන් රීගන් (Joan Regan) ගේ papa he love mama ගීයට සරළ සිංහල පදවැලක්‌ මුසුකරවා ළමා ගීයක්‌ සකසාගෙන තිබු අතර එය පෙර පාසල් වියේ කුඩා ශිරෝමිට පුහුණුකරවමින් තිබිනි

listen well while I tell you a story... 
පොඩිකලේ දගකෙරුවාම
of a boy and the girl in the spring.....
at the first flower burst in the glory.....
and i heard every bird start to sing......

papa he love mama...
mama she loves papa....


‍මෙම මුල් ගීතයට මෙතැනින් සවන්දෙන්න

පොඩිකලේ දගකෙරුවාම
අඩමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

මෙතැනින් සවන්දෙන්න
නම් ඒ පදවැළ ඇය නිවසේ එහා මෙහා යමින් සුරතල් හඩින් නිතර ගැයුවාය



ඔබට ස්‌තුතියි
ඉතිරි කොටසින් යළි හමුවෙමු.....................(The end of part 02)

Wednesday, June 29, 2016

හෙළදීපයේ හෙළ ගී රසනඵ මැවූ අසල්වැසියා

හෙළදීපයේ හෙළ ගී රසනඵ මැවූ අසල්වැසියා- 26 වන ගුණසමරුව - ජූනි 27

1961 වසරට ආසන්න දිනයක වත්තල හැඳල විජයා චිත්‍රාගාරයේ දී එල් එස්‌ රාමචන්ද්‍රන්ගේ කුරුඵ බැද්ද සිනමා පටයේ ගී පටිගතවෙමින් පැවතිනි

මිල්ටන් පෙරේරා මෙන්ම ජනප්‍රියතම ගී තාරකා යුවළ වූ ධර්මදාස වල්පොළ හා ලතා ද ජී ඇස්‌ බී රාණි පෙරේරා ද එහි විය

එහි කවි ගායනාවක්‌ සඳහා තෝරාගෙන තිබුනු ඒදවස ප්‍රවිණ ගුවන් විදුලි ගායක හෙන්රි පෙරේරා කලා ලැදි සිය පවුලේ සමාජිකයන් සමග එහි පැමිණ සිටි

ඒ අතර හෙන්රි ගේ පාසල් වියේ හිරිමල් නැගණි නීලියා ද විය ඇය කුරුඵ බැද්ද සිනමා ගීතාවලියේ සංගීතවේදියා වාද්‍ය වෘන්දය හසුරුවන අයුර තනු නිර්මාණ පුහුණු කරන අයුර දෙස නෙත් යොමා සිටින්නී

තමා කලකට ඉහතදී සවන් යොමුකළ ප්‍රේමතරගය අහංකාර ස්‌ත්‍රී හා මාතලංන් ගීතාවලියේ රසමිහිර ද ආස්‌වාදනය කරනු ලබයි සිහිවෙයි

ඇයට ඔශු හැරදා යා නොහැකිය ඒ මෝහනීය තනු නිර්මාණ විසින් ඔශු වෙත ඇගේ සිත වෙන්නෙවන සේ අළවා තබා ඇති සේය

තමාට වඩා වසර ගණනාවකින් වැඩිමඵ වුවද ඇය තීරණයක්‌ ගෙන තිබුනි

දෙමව්පිය සොහොයුරු දැඩි වීරෝධය හමුවේ ඇගේ හිරිමල් සිත නොවේ බිඳකඳු වෙනස්‌ වූයේ

ඇය ඔශු හා නික්‌ම ගියාය

ඔහු ශ්‍රී ලංකාවේ ජන ගී ඇසුරුකරමින් නිමැයුණු සිනමා ගීතාවලියක මුල්ම ජනප්‍රිය ස්‌වත්‍රන්ත්‍ර සංගීතඥයා වූ ඔහු රාමයියා මුත්තුසාමිය

මේ ඔබ කියවන්නට සැරසෙන්නේ ඔහුගේ කථාවයි

හෙළ කථානාද සිනමාවේ පුරෝගාමි නිර්මාණකරුවාණෝ වූ සුන්දරම් පිල්ලේ නායගම් නම් කඳාන ප්‍රදේශය කේන්ද්‍ර කොටගත් මහා ව්‍යාපාරිකයාණෝ සතුව මදුරාසියේ කොයිම්බතුර්හි ද චිත්‍රකලා නමින් චිත්‍රාගාරයක්‌ පැවතිනි

එහි නිපදවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අංශය භාරව සිටි ආර් නාරායන් අයියර් වෙත ඒ සඳහා මුත්තුසාමි යොදවා ගන්නා ලෙස නිර්දේශ කරනු ලැබ තිබුනේ නායගම් ඒ වනවිටත් මේ අපුරු වයලින් වාදකයා ගේ දස්‌කම් හඳුනාගෙන සිටි බැවිනි

සුන්දර සවුන්ඩ් නමින් තමා ලංකාවේ ආරම්භ කරන්නට නියමිත නව චිත්‍රාගාරයේ වාදක මන්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට ඇරයුම් කරනු ලැබූ ඔශුගේ ලංකාගමනය 1950 දී සිදුවිය

ඒ සමයෙහි ම මහා සංගීතවේදී ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ වාද්‍ය වෘන්දය වෙත කැඳවනු ලැබු මුත්තුසාමි ගේ සුමියුරු වයලින් වාදන ලිලා චන්ද්‍රසේන මුල් නිර්මාණයන්හි ඇසේ

එහිදි දැනහදුනාගත් මිතුරුදම ඔසසේ වයලීනය අතදාරාගත් රොක්‌සාමි - මුත්තුසාමි යුගලය එක්‌ව තමන්ගේ නිර්මාණ සැරිසර දියත් කරනු ලැබීය


1953 දී ප්‍රේමතරගය රසික ප්‍රසාදයට ලක්‌කරමින් ඔහු නිපැයූ සිනමා ගී සඳහා දිවයිනේ ඒ ක්‍ෂේත්‍රය වෙනුවෙන් මුල්ම ජාත්‍යන්තර ඇගැයීම සම්මානයට හිමිකම් කීමට ඔශුට හැකියාව ලැබිනි ඒ ඉන්දිය පත්‍රකලාවේදීන්ගේ සංගමය වෙතිනි


ඉන් අනතුරුව තම නිජබිමේ දී ප්‍රගුණකළ කර්ණාටක සංගීතයේ මිහිර හෙළ ජන සංගීතය හා මුසුකරමින් නවමු ආකාරයේ මියුරු නාදමාලා ගැබ්කරමින් ඔහු විසින් මාතලන් හි අමරණීය ගීතාවලිය බිහිකරනු ලැබීය සම්පූර්ණ ද්‍රවිඩ ඌරුවකට නිමැයුණු එහි තිබුනු එකම හෙළ මං සළකුණ වුයේ ඒ යුග යුග රැඳුනු ගීතාවලියයි

50 දශකයේ දෙවන භාගයේදී හා 60 දශකයේ පුරාවටම හා 1973 දී තිරගත වූ කේ වෙන්කටසාලවන් ගේ ගොපඵ හඩ දක්‌වාම ඔශුගේ කන්කඵ ගී නිර්මාණ අතරින් පතර හමුවේ

පසුව ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ද වයලින් වාදකයෙකු ලෙස කටයුතු කළේය


ආර් ඒ චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ සහයක වයලීන් වාදකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පියමං කරන ලද ඔහුගේ මුල්කාලීන සහයකයන් පසුව සිංහල සිනමා හා සරළ ගීතාවලියේ අමරණිය ගී අතිමහත් රාශියක නිර්මාණකරුවන් වූ මහා දැවැන්තයන් බවට පත් වූ බව කිවමනාය

සිංහල සුභාවිත සංගීතයේ අරටුව බඳු 50-80 අමරණීය සුමියුරු ගීතාවලියේ හතරෙන් තුන්පංගුවක පීතෘත්වය ඔවුන් සතුය

ප්‍රේමසිරි කේමදාස - බටනළා
වික්‌ටර් රත්නායක - වයලීන්
සරත් දසනායක - සිතාර්
එම් කේ රොක්‌සාමි - වයලීනය රැ සැක්‌ස්‌
ටී එෆ් ලතීෆ් - ක්‌ලැරිනටය
මොහොමඩ් සාලි - සර්පිනාව


ඒ අතර කියවෙන නම්ය

සිනමා ව්‍යාපාරික කේ ගුණරත්නම් ගේ සිනමාස්‌ සමාගම විසින් නිමැයූ හැඳල විජයා සිත්තම්හලේ ශබ්ද අංශය වීවෘත කරන්නට ඇරයුම් ලැබ පහත එක්‌කර ඇති ගීතය තමා විසින්ම ගායනා කරන්නට ඔහු සමත්විය ඒ 1961 වසරේදීය

1966 වසරේදී යළිත් වරක්‌ ඔහුගේ නාමය පිළිරැව් දුනි

ජෙම්ටෝන් හා බිස්‌වා වෙළඳ තැටි හිමිකරුවාණෝ වූද විසකාමාල්ස්‌ ව්‍යාපර සමුහයේ විජයපාල හෙයට්‌ටිආරච්චි රසවතා ආනයනය කරන ලද යමහා සරපුවරුව ඒ යුගයේ පැවති අති නවිනතම තාක්‍ෂණය සංකේතවත් කරනු ලැබූ අතර එකම උපකරණයකින් වාද්‍ය භාන්ඩ ගණනාවක හඩ උපදවන්නක්‌ ලෙස එය හඳුනවාදිනි

එය සුබ මුහුර්තියකින් වාදනය කරවන්නට ආරාධනා ලැබූවේ ද මුත්තුසාමිටය එහිදී ඔහු සුදට සුදේ වළාකුලයි ගීතයේ අනුවාදනය වයා පෙන්විය

70 දශකය එළඹී තිබිණි

තමා යටතේ සේවයකල වාදනශීල්පීන් ගේ දස්‌කම් උපේක්‍ෂා සහගතව ඉවසූ මුත්තුසාමිට ලැබුනු ආරාධනා ත්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තේය

කඵ ජූලියේ දී
පසුව 80 දශකයේදී ඔහු ගැන සොයා බැලුවන් අල්පයක්‌ අතර මානව හිතවාදී විජය කුමාරණතුංගයන් ගේ නම පමණක්‌ කියෑවෙයි

පුතණුවකුගේ හා දියණියන් යුවළකගේ පියකු ලෙසින් ආර්ථික අපහසුකම් වලින් පෙඵනු ඔශුට අතදීමක්‌ ලෙස විජය විසින් නිපදවන්නට යෙදුණු සිනමාපටයේ සංගීත අධ්‍යක්‍ෂණය ඔශුට පැවරිණි ඔශු ඒ පිළිබඳව විජය කුමාරණතුංගයන්ට අපමණ කෘතවේදීත්වය පළකරන්නට ඇත

මේ වනවිට 80 දශකයෙනුත් වසර අටක්‌ ඉක්‌ම ගොස්‌ තිබිණි

කිසිවෙකුගේ අවධානයට ලක්‌ නොවීම තරමක රෝගී තත්වයකින් පෙඵනු මුත්තුසාමිට එවර අසන්නට ලැබුනේ ඔහුට ස්‌වකීය දිවිය පුරාවටම අසන්නට ලැබුණු බියකරුම ඉතාමත්ම අනුවේදනීය පුවතකි

ඒ තමාට අතහිත දුන් එකම හිතවතා කෘර ලෙස ඝාතනය කර ඇති බවකි

එයින් කම්පනයට පත් මුත්තුසාමිට සිත සනසාගන්නට ඉඩ නොතබාම සැගවී තිබු රෝගී තත්වය උත්සන්න විය

1988 ජූනි 27 දින ඔහුට මෙලොව හැර යන්නට තිරණය වී තිබිණි

-------------------------------------
මුත්තුසාමි නිර්මාණ අතර හදරැඳි ගී සමහරක්‌


ඔහුගේ ගීතයන් විමසා බලනවිට ඒවයේ ඔහුටම ආවේනික රටාවක්‌ අනුගමනය කෙරී ඇති බව පෙනීයයි එවයේ පළමු හා දෙවන අන්තරා කොටස්‌ හි තනු අසමානය ස්‌වර පරාසයන් වෙනස්‌ය

ඇවැසි විටක ඔහුද බටහිර ශිල්පිය ක්‍රම අනුගමනය කරන්නට පසුබට නොවී ඇති බවට සාක්‍ෂි ලෙස

සිලිසිළියේ නව සුවඳක්‌ පිබි\Sදී එවවා (සසරක හැටි - එම් එස්‌ ප්‍රනාන්දු ගී පද කරුණාරත්න අබේසේකර)

යුරොපයේ හිම වැටෙනා කලේට (උතුම් ස්‌ත්‍රිය - ධර්මදාස ලතා ගී පද ධර්මසිරි ගමගේ)

සුන්දර සිරිබර සිරිලංකා (ගුවන් විදුලි ගීයකි - පද හේම ශ්‍රී ද අල්විස්‌)


වැනි නිර්මාණ සැලකිය හැකිය

 හින්දී සිනමා ගී තනු උපුටාගෙන ඊට කඨෝර වදන් යොදා නිර්මාණය කෙරුණු ඒකකාරී සංගීත රටාවලින් හෙබි ග්‍රැමෆොන් ගී (ඇතැම් ප්‍රශස්‌ත නිර්මාණ අතරින් පතර ඉඳහිට බිහිවුනද) රටාවේ පැහැදිලි වෙනසක්‌ ඇති කලේ බෙංගාලි ජන සංගීතය ඇසුරේ බිහිවුනු රවින්ද්‍ර සංගීතය අනුව සිංහල දෙබස්‌ ගී නිර්මාණය කළ ආනන්ද සමරකෝන් හා පසුව එය වැඩි දියුණු කළ සුනිල් ශාන්තයන්ය

මුත්තුසාමි ඉහත ශිල්පීන් දෙදෙනා ගේ මංපෙත වඩාත් හෙළිපෙහෙළි කරමින් අනාගත නිර්මාණකරුවන්ට පහන් සිළක්‌ වූ අයුර ඔහු සිංහල සිනමා ගීයේ පර්යේෂාණාත්මකව අත්හදා බැලීම් සඳහා යොමු වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් වටහගත හැකිය

ඉන් පසුව බිහිවූ සංගීතඥයන් ඒ නිර්මාණ ගුරුතැන්හි නොතබන්නට ඇතැයි ප්‍රකාශ කරන්නට තරම් සහසික නොවිම වටී

සිංහල නැළවිලි ගී - දොයි දොයි දොයි දොයිය පුතා - මාතලන්

ජන ගී  - රන්වන් දුල් කරලින් පැසිලා - මාතලන්

කරත්ත කවි - හනික යමං පුල්ලි ගොනෝ - මාතලන්

සුදට සුදේ වළාකුලයි  (සංගීත ඛන්ඩ) - සංදේශය

බයිලා වේග රිද්මය - බටහිර හර්මනි ශිල්පීය ක්‍රමය - සිලි සිලියේ නව සුවඳක්‌ - සසරක හැටි


මෙයාකාර මනමෝහනීය තනු නිර්මාණයේ රහස කුමක්‌දැයි ඔහුගෙන් වරක්‌ විමසන ලදින්

තම ගුරුකුලයේ රැකගෙන ආ මුලධර්ම අනුව දවසේ එක්‌ එක්‌ වේලාව අනුව ඊට නියමිත ස්‌වර සංකලනය හා වැයෙන රාග සැළකිල්ලට ගෙන ඒවාට තනු යෙදු බව ද ඒවා ශ්‍රවණය කිරීමෙන් අසන්නාට ඊට නිතැතින්ම ආකර්ශනය වන බවද ඔහු විසින් පවසා තිබේ

ඔහුගේ එකම පුතු මෝහන් රාජ් තම පියාගේ අඩිපාරේ යමින් ඔහු දිවමන් වියේදීම දිවයිනේ මුල්ම කර්ණාටක සංගීත කණ්‌ඩායම වූ අප්සරාස්‌ වාදක කන්ඩායම නිර්මාණය කරන ලදී

දිවයිනේ අග්‍රගන්‍ය සරපුවරු වාදකයෙකු වන ඔහු එහි යතුරු තම පරම්පරාවෙන් පිහිටා පැවතුණු කර්ණාටක සංගීතය ඔස්‌සේ මෙහෙවයනු ලබමින් සිටී

ඔහුගේ දස්‌කම් විස්‌කම් සිංහල ගීතාම්බරයේ දිනකර හා හිමකර සරි පන්ඩිත් අමරදේවයන් හා නන්දා මාලනිය විසින්ද අගය කරනු ලැබ තිබිණි



ඇයගේ ළසොවින් හඩන්නී හඩමින් තැවෙන්නී සහ සඳට මුවා වී මල අමනාපෙන් ගීත යුගලයද පන්ඩිත් අමරදේවයන් හා සහය ගායිකා සමිතා එරන්දතී විසින් ගැයෙන සඳමම නම් හි ඔබට ඇසෙන තරමක නුහුරු වාදනමාළාවන් ඔහුගේය

රාමයියා මුත්තුසාමි පියමං කළ දිවි මග

ආගමනය 1928 ජනවාරි 05 දින

වාසය නාගර්කෝවිල් තමිල්නාඩු ප්‍රාන්තය

පියාණන් - රමයියා භගවතර්

මව - තංගම්මා

කලා දිවියට ප්‍රවේශය - මදුරාසිය ඒ සි රාමචන්ද්‍රන් ගුරු තැන්හී

1950 - ලංකාවට පැමිණීම

1953 ප්‍රේම තරගය සංගීත නිර්මාණය

1954 - තම මවිබිමේ පුවත්පත් කලාවේදීන් විසින් සම්මානයට පාත්‍ර කරනු ලැබීම

1955 අග්‍රමත්‍ය සර් ජෝන් කොතලාවලයන් අතින් ලක්‌ පුරවැසි බව ලැබීම

1955 - ප්‍රථම වරට සිනමා පටයක්‌ සඳහා දේශීය ජනගී රටා අනුකරණය කරමින් ගීත 11 ක්‌ නිර්මාණය කීරිම - මාතලන්

1956 තම ගම්පියසේ එනම් මදුරාසියේ වාහිනී සිත්තම්හලේදී වාදකයන් 33 දෙනෙකු ගේ වාද්‍ය වෘන්දයක්‌ මෙහෙයවමින් රම්‍යලතා ගී නිර්මාණය

1960 - මහා සිනමාවේදී ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ දෙවන නිර්මාණය වූ සංදේශයේ සුනිල් ශාන්ත තනු සඳහා සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහභාගී වීම

1960 ගායකයකු ලෙස කටයුතු කිරීම - එල් එස්‌ රාමචන්ද්‍රන්ගේ නලගන - ගිඵනා සෝක ගගේ

1961 - විවහය - නීලියා පෙරේරා

1962 - කුඵඳුල් දරු උපත - මෝහන් රාජ්

1971 - ගුවන් විදුලියේ දෙමළ වාදක මන්ඩලයේ ප්‍රධානියා බවට පත්වීම

1974 - දිපශීකා සම්මනය

1985 - ගුවන් විදුලියෙන් විශ්‍රාම ලැබීම


ශ්‍රාවකයා වසග කරවූ තනු නිර්මාණ සමහරක්‌

හොඳ හොඳම වේය ලොව - ප්‍රේම තරගය - 1953
ලංකාරෙන් මලක්‌ පිපි - අහංකාර ස්‌ත්‍රී - 1954
රන්වන් රන් කරලින් පැසිලා - මාතලන් - 1955
සඳ කොමලී තරු පිරිවරලා - මාතලන්
දොයි දොයි දොයි දොයිය පුතා - මාතලන්
උපත ලබා මේ ලෝකේ - මාතලන්
මග බල බලා ඇතිය මගේ සුදා - රම්‍යලතා - 1956
පරම රමණී අපේ ආලේ - නලගන - 1960
වී කිරිල්ලී - කුරුඵ බැද්ද - 1961
ගමන නොනිමෙයි ලෝකයේ - සිකුරු තරුව - 1963
නෙඵම් මානෙල් මඩේ - සසරක හැටි - 1964
සිතන්න දන්න හිතේ - යටගිය දවස -1965
ගග යන්නේ කොහේද බලා - යටගිය දවස
සොබා අලංකාරේ - අල්ලපු ගෙදර - 1965
මග ගන වනන්තරේ - අල්ලපු ගෙදර
ආදරේ මන්දිරේ ඔක්‌කොම හරි - 1967
පිපෙන මලක මී මධුරස - ඔක්‌කොම හරි
මද සීත නළරැල්ල =- වහල් දූපත - 1968
ඔංචිල්ලා තොටිලි කොයින්දෝ - සූර චෞරයා - 1967
ගාමිණි මෑණී සෝමා දේවී - ඉපදුනේ ඇයි - 1967
වසන්ත සමයේ මී අඹ වනයේ - ඉපදුනේ ඇයි


(කරුණාරත්න අබේසේකර රැ චිත්‍රානන්ද අබේසේකර හා බෙනඩික්‌ට්‌ ප්‍රනාන්දු - මාතලන් ගී පද රචනා)

සංගීත අධ්‍යක්‍ෂණය

පුන්සඳ එළියයි සංදේශය - 1960
කෝ හතුරෝ
රැන ගීරා රෑන අඹේ
කටේ කිරි සුවඳ
පෘතුගිසි කාරයා
රැජින මමයි


ගුවන් විදුලි නිර්මාණපෙළ අතරින්


රහසක්‌ ඇත ඔබ හට පවසන්නට - ලතා -ධර්මදාස
ශ්‍රීණිභරිත ස්‌වර්ණ භුමියයි - ලතා
සුන්දර සිරිබර සිරි ලංකා - ලතා - ධර්මදාස


ගායන ලීලාව

ගිඵනා සෝක ගගේ - නලගන
මාග් දෑසම පියවී එන්නේ - සසරක හැටි
ඔබ පානා ඔය බැල්ම - සිතක මහිම
ළිඳ තුල මැඩියා - ශාස්‌ත්‍රිය මොහිදීන් බෙග් සමග - අල්ලපු ගෙදර
මධුර යාමේ සුවදේ සාමේ (සුජාතා අත්තනායක සමග)

(වැඩිදුර විස්‌තර සඳහා කියවන්න)
උපුටා ගැනීම් රැ පරිශීලනය රැ සේයාරුව- ගාන්ධර්ව අපදාන - මහචාර්ය සුනිල් ආරියරත්න


ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව රංජිත් පීරිස්‌ - මුත්තුසාමි - 80 දශකය

-----------------------------------
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ

ගායනය - ධර්මදාස වල්පොල හා ලතා වල්පොල
කුරුඵ බැද්ද සිනමා පටය වෙනුවෙනි- 1961
පද රචනය - ප්‍රවිණ නිවේදක නැසිගිය කරුණාරත්න අබේසේකර

සවන්දෙන්න මෙතැනින්-------------------------------

වසන්ත සමයේ මී අඹ වනයේ අනන්ත සුවයකි ගෙනදෙන්නේ
ගීමන් හරින්නට සමන් වැළක්‌ යට නිරන්තරේ මේ පාවෙන්නේ


ගායනය - නැසිගිය ශිල්පී ධරම්දාස වල්පොළ
කරුණාරත්න අබේසේකර  -
ඉපදුනේ ඇයි - 1967සිනමා කෘතියෙනි
සවන්දෙන්න මෙතැනින්


--------------------------------

Wednesday, June 22, 2016

සොඳුරු ගාන්ධර්වයා - 01

හෙළයේ මෑත අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 01 කොටස

 මේ කථාංගයේ ඇරඹුමට අප කොළම් තොට එදත් අදත් ජනාකීර්ණ කලාව - වෙළඳ - අධ්‍යපනික - ආගමික මෙකි සෑම අංශයකින්ම ඉතිහාසයට ගැවී පවතින කොටහේනට පැමිණෙමු

 ඒ මෙතැනින් දශක 05 ක එපිටින් යුගයයි කවදත් කොතැනත් දක්‌නට ලැබුනු සාමාන්‍ය පවුලක සාමාජිකයන් සංඛ්‍යාත්මකව අදට වඩා ඉහළ අගයක්‌ ගත් යුගයයි

 මේ කථාවට සම්බන්ධ පවුලේ සාමාජිකාවකි එසේම  ඇයට වයසින් බාල වැඩිමහඵ සාමාජිකයන් සතර දෙනෙකු සිටියහ

 අප ඔවුන්
ක්‍රිස්‌ටි  -   මැක්‌ස්‌වෙල් -  රොනල්ඩ්  - මෙල්රෝයි නමින් හඳුනාගනිමු

 මවුත් ඕගනයේ සිට ඕනෑම වාද්‍ය භාන්ඩයක්‌ වැයීමේ සහජ දක්‍ෂතාවයකින් සපිරි ඔවුශු නිරතුරු ඒ කටයුත්තේ නිරතව සිටියහ

 මේ 1967 වසරයි

 බටහිර පොප් ගායක කන්ඩායම් අනුකරණය කරමින් මෙහිද වාදක-ගායක කන්ඩායම් බිහිවෙමින් පැවතුණු අතර ඒ වනවිටත් නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (වෙනත් ලිපියක සඳහන් ව ඇත) ද නොයෙල් බ්‍රයන් රණසිංහ ගේ ලා සිලොනියන්ස්‌ ද කරළියට පැමිණ තිබිනි

 අප කථා නායකයාණන් ද තම සොයුරන් හා එක්‌ව ගායක කන්ඩායමක්‌ බිහිකරවාගැනීමේ නොනිත් ආශාවකින් පෙඵනි

 ඉහත කී කන්ඩායම් හි සාමාජිකයන් එකිනෙකාට ආගන්තුකයන් වූ නමුදු මෙs කන්ඩායම එකම පවුලේ සොයුරන් වීම විශේෂත්වයකි

 ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරෝගාමි පවුලේ ගායක- සංගීත කන්ඩායම වූ ධර්මරත්න සහෝදරයෝ හි උපත සිදුවුයේ මේ ලිපියට මුල්වන ප්‍රවිණ ගායක - ගී පද රචක - සංගීතවේදී - සංගීත සංයෝජක මෙල්රෝයි ධර්මරත්නයන් ගේ මැදිහත් වීමෙනි

 ඔහුවූ සිංහල ගීත කලාවේ එක්‌තර පැතිකඩක්‌ ඒ රටාවේ ගීත රසවිඳි රසික කැලක්‌ කලෙක වර්ණවත් කරනු ලැබුවේ එහි නායකයා ලෙස කටයුතු කල මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියාගේ ම අපූර්ව සරල පදවැල් හා නාදරටා ගැබ්වුනු ගීතාවලියකිනි

 රසිකයා වෙතට සමිපවන්නට තිබුනු එකම විදු මාධ්‍යය වූ ද ගීත කලා ශිල්පීන් හා එහි ශ්‍රවකයන් අතර වැජඹුණු  සර්ව බලධාරියා වූද රජයේ ගුවන් විදුලියේ සිංහල සේවාවන් මගින් ඔවුන්ගේ ගායන රටාව වූ කන්ඩායම් ගීත කලාවට ලැබුනු අනුග්‍රහය අවම වූ සමයකදී එහි ඉංග්‍රිසි සේවයේ ප්‍රවිණ නිවේදක විජය කොරයා ගේ කාරුණික අනුග්‍රහය යටතේ එහිදී ඔවුන්ගේ ඇතැම් නිර්මාණ ශ්‍රාවකයා වෙතට ගෙන යන්නට සමත්විය

 එයින් පසුව ඊට තිබුනු එකම විකල්පය වූ 45 වේග යේ වෙළඳ ගී තැටි කලාවේ පුරෝගාමි පැට්‍රික්‌ කොරේරා රසවතා රැ ව්‍යාපාරිකයා ගේ මෙහෙයවිම යටතේ ගෞරී කෝපරේෂ්න් ආයතනයේ පිලිප්ස්‌ වෙළඳ ලේබලයෙන්  තම නිර්මාණ එළි දැක්‌වූහ



රාජ කුමාරි මල්සර දෝණි.......
අව්ව පායලා......
ප්‍රියංගිකා මගේ.......

වැස්‌ස වහිනවා....
අපි සහෝදරයෝ හතරදෙනා....
රොමියෝ මමයි......

වාසිටි කොල්ලෝ.....
කලකට පෙර මේ බෙත්ලෙහෙමේ (නත්තල් බැති ගීය)

මෙන්න අපේ සුහද පැතුම් (උපන්දින සුබ පැතුම් ගීය)

කඳුකරේ පෙම් කථන්දරේ.......



ඉන් මතකයෙන් නොගිළිහෙන නිර්මාණයන්ය


70 දශකයේදී සිංහල පොප් ශෛලියේ හිනිපෙත්තේ ක්‌ලැරන්ස්‌ ඇතුඵ කන්ඩායම හා කරට කර සිටිමින් දිවයිනේ සංගීත සංදර්ශණයන්ට සහභාගි වෙමින් තම රසිකයා ගීයෙන් වසග කල ඔවුහු

කන්ඩායම් සංගීතයේ අවරගිර හමුවේ 80 දශකයේ දී ක්‍රමයෙන් විසිර ගියද අප කථානයකයන්ගේ ගී යාත්‍රාව හැල්මේ නිසොල්මනේ පැදවිණි

තම දෙටු සොයුරියගේ කුඩා දියණියගේ ගායන හැකියාවන් ඔප්නංවාලු මෙල්රෝයි ඇය වෙනුවෙන් විශේෂ කර්ත්‍යයක්‌ ඉටු කරනු ලැබ සිංහල ගීතාවලියේ මෑත ඉතිහාසයේ ප්‍රථම පොප් ළමා ගායිකාව බිහිවිය



ඇය 70 දශකයේ ගී රසික ඔබ අප හොඳින්ම හඳුනන ශීරෝමි ය

ශිරෝමි ප්‍රනාන්දුය

එකොළොස්‌ හැවිරිදි වියේ දී පටන් සුරතල් ළෙලවන හඩකින් තම වයස්‌ කාන්ඩයේ සිට ඉහළට සෑම තරාතිරමක රසිකයන් නැළවු ඇය ගැයු ගීතයන්හි එකක්‌ දෙකක්‌ හැර සියඵම පද රචනාවන්ද තනුරටා ද සංගීත සංයෝජනයන් රැ අධ්‍යක්‍ෂණයන්ය මෙල්රෝයිගේය



ඒවා අතිශය සරළ පදරචනාය ළමා මනස ළමා සිතුවිලි ඔස්‌සේ ගැඹුරට කිමිදී ඔවුන්ගේ ලෝකයේ විචිත්‍රත්වය ඔවුන්ගේ හඩින් කියා පෑ ගී පදවැල්ය



එදාමෙදා තුර දසදහස්‌ සංඛ්‍යාත ළමා සේනාවන් පිනවූ
පොඩිකාලේ දගකෙරුවාම / කොන්ද නමාගෙන




ගීත යුගලට අමතරව



බළල් හාමිනේ (පුඵන් කොට්‌ට අත්දෙක තබලා)


සකල බුජං කොට කලිසම්

රුවට රුවක්‌ නැත

හඳහාමි සුදු හඳහාමී

ජේසුබබා (උඳුවප් මාසේ සීතල දවසක)

බොරුවට අඩ අඩ (මෙල්රෝයි ධර්මරත්න සමග)

සීයා (කරුංකා ගෙඩියක්‌)

මං දුකින් තමයි ඉන්නේ කවුද



යන මේ ගීත යුග යුග ළමා මුවේ රැව් පිළිරැව් දෙනු ඇත



මීට අමතරව ඇය සිංහල සිනමා ගීතාවලියට දායක වුයේ එහි ගීත දෙකක්‌ ගායනා කරමිනි



ආකාසේ රැස්‌විහිදා ඉරපායා එන්නේ (ආදරේ හිතෙනවා දැක්‌කම - 1972- නීල් රූපසිංහ) - පද රචනය  - කරුණාරත්න අබේසේකර

සංගීත නිර්මාණය - පී එල් ඒ සෝමපාල


හිම කන්දේ (සිකුරුලියා - 1975 - එඩ් ඩී ප්‍රේමරත්න)  - ධර්මසිරි ගමගේ - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන


ඇයගේ ඉහත කී මුල් ගීතපෙළින් පසු තරමක විරාමයකින් පසු 1978 වසරේදි පමණ (Silverline)ලේබලයේ නිකුත්වුණු වෙළඳ තැටියක අඩංගුවූ එයුගයේ ආන්දෝලනාත්මක එහෙත් අපූර්ව ගීතයක පසුබිම් කථාව මෙල්රෝයි ධර්මරත්නයන්ගේ හෙළිකළ අයුරුයි මේ


70 දශකයේ අග භාගයේ එක්‌තරා දවසක කෙනත් පෙරේරා (එවක එනම් 70 දශකයේ සිල්වර්ලයින් නම් ජනප්‍රිය තැටි ලේබලයේ අයිතිකරු)මහත්තයා මගෙන් ඉල්ලා සිටියා ඔහුගේ ආයතනයෙන් නිකුත් කරන්නට නියමිත තැටියකට නිර්මාණකරනයෙන් දායක වන ලෙසට


ඒ අනුව එකි තැටියට (45 වේග ඊ පී තැටියක පැත්තක 02 බැගින් මුඵ ගීත සංඛ්‍යාව 04 කි) අජන්තා රණසිංහයන්ගේ ගීත 02 ක්‌ මා විසින් තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්‍ෂණය කරන්නට නියමිතව සිටියා ඒවා ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි


01 මේ මැයි ගහ යට

02 රන්මුදු රන්මුදු



ඒ ගීත යුගලයයි



මෙහි දෙවැනි පැත්තේ ගීත 02 ලියුවේ මා විසින් ඒ සඳහා මා ගීත ගායනයෙන් තරමක්‌ ඈත් වී සිටි ශිරෝමිව යොදාගන්නට සිතුවේ ඇයගේ හැකියාවන් මොට නොවී තබාගැනුමටයි ඒ අනුව


01 මං සමණළයෙක්‌ වෙලා

02 අඩන්නෙපා


යුගළය ලියා සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබ නිකුත් කරා


මෙහි අඩන්නෙපා ගීතය විශේෂයි ? එහි පදවැළ ?


ඔව් එහි කියෑවෙන්නේ පිළිකාවකින් මියයමින් සිටින කුඩා ළදැරියක්‌ තමාව ජීවත් කරවන්නට නොහැකි බව වටහගෙන ඇගේ ආදරණිය මැණියන් අමතා කරන ආයචනයක්‌


මෙය නිකුත් වූ විගස මහත් සේ ජනප්‍රිය වුනා ඒ වගේම විශාල කැළඹිමක්‌ හට ගත්තා කටකථා පැතිරුනා


ශිරෝමි ඇත්ත වශයෙන්ම රෝගි වීම නිසා එසේ ගීත ගායනයෙන් ඇත් වී සිට දැන් අසාධ්‍යව ඒ ගීතය ගැයුවා යෑයි කථාවක්‌ පැතරෙමින් තිබුනා


පසුව මේ කථාව නිවැරදි කරන්නට ඉදිරිපත් වුනේ ප්‍රවණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්තයා

එයා ඒ අවධියේ සේවය කලේ ලංකාදීප පුවත්පතට සම්බන්ධව මා විමසනු ලැබ ඡයාරූප ශිල්පියෙකු ද සමගින් ඔශු ශිරෝමිලාගේ නිවසට පැමිණ ඇය නිරෝගිව වෙසෙන බවත් එය හුදු නිර්මාණයක්‌ පමණක්‌ බවත් දන්වා පුවත්පතේ එකි ඡායාරූපය සමගින් ප්‍රවෘත්තියක්‌ මුල් පිටුවේම පළකරනු ලැබුවා එය රසවත් අත්දැකිමක්‌ ඇත්තෙන්ම

මෙය සත්‍ය සිදුවිමක්‌ පාදක කරගෙන ලියන ලද්දක්‌ වන්නට ඇති ?

නැහැ නැහැ මෙය මාගේ ප්‍රබන්ධයක්‌ පමණයි මේ කාලයේදි මා විසින් තොම්සන් වැන්දබෝනා නම් නවකථාකරුවාණන්ගේ කෘතියක්‌ කියවමින් සිටියා එහි නම

සදා සමරමු සුදු


 පිළිකා රෝගයෙන් පිඩා විඳි කුඩා දැරියකගේ අවසන් කාලය පිළිබඳව ගෙතුණු සංවේදී නවකථාවක්‌ වූ එය මගේ සිත කැළඹවනු ලැබුවා


එය ඉහත කී නිර්මාණයේ පසුබිම් කථාවයි

ස්‌තුති පුර්වක ප්‍රණාමය - ප්‍රවිණ සංගීතඥ / ගායන ශිල්පී / ගත් කතුවර / ගී පද රචක මෙල්රෝයි ධර්මරත්න (නායක  - ධර්මරත්න සහෝදරයේ හාර්මනි සංගීත කණ්‌ඩායම)

මෙතැනින් සවන්දෙන්න

Monday, May 30, 2016

කාංචනා ගේ අන්දරය - (02 කොටස)

කාංචනා ගේ අන්දරය - (02 කොටස) - භවතු සබ්බ මංගලම්


ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා පබැඳූ ගී අතර හමුවෙන සුවිශේෂී නිර්මාණයකි

තම දිවියේ එක්‌වරක්‌ පමණක්‌ අත්විඳිය හැකි අසිරිමත් මොහොතේ එනම් හෙළ කුල සිරිත ලෙස පතිකුලයට යන යුවතිය පෝරුමස්‌තක වු නිමේශයේ ගැයෙන මංගල අෂ්ඨක අතර එන ඉහත පාඨය රැගත් එකම ගී නිර්මාණය එය යෑයි අනුමාන කෙරේ

එවක 70 දශකයේ ගුවන් විදුලියේ දේශිය ගී සම්ප්‍රාදයට ප්‍රමුඛත්වයක්‌ ලැබී තිබිණි ඒ අනුව නිපැයුණු වැඩසටහන් අතරින් සිංහල විරිදු ගීත කලාවේ උන්නතිය උදෙසා එයින් සිදුවූ කාර්යභාරය ද සුඵකොට තැකිය නොහේ

ඒ අනුව ශ්‍රාවකයා අතරට සපැමිණි ශිල්පීන් වූ දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා ට පසුව කියෑවුනේ ශිලා පරණමානගේ නාමයයි

ඇයගේ ශිල්පීය දක්‍ෂතාව ඉන් ඔබ්බට විහිදවාලන්නට අතහිත දුන් ඒ ගීතය සම්බන්ධයෙන් මාලා වජිරා පෙරේරා දොඩමඵ වුයේ මෙසේය

ඕකේ මෙලඩි එක හැදුවේ අපේ ආයතනයේ සේවය කරපු බොහෝම දක්‍ෂයෙක්‌ එයා තමයි සරත් බාලසූරිය

එතකොට අපි පදිංචිවෙල හිටපු මහරගම ගෙදරට ඇවිත් පදමාලාව මගෙන් ඉල්ලාගත්තා

ආලින්දයේ පුටු සෙට්‌ එකේ වාඩිවෙලා එයා අතින් මේසයට තට්‌ටු කර කර කොල කෑල්ලක ඒවා සටහන් කරනවා මං බලාගෙන

ඒ වගේ පුදුම හැකියාවක්‌ තිබුණු කෙනෙක්‌ මට මුණගැසුනාමයි

එයා හදපු මියුසික්‌ නිසා ඒකත් බොහොම ඉක්‌මනට ජනප්‍රිය වුනා කියලයි මම හිතන්නේ

සරත් බාලසූරිය අපේ සංගීතවේදියා ත් මේ වෙලාවේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා

මෙතැනින් සවන්දෙන්න
---
(කාංචනා සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන් කල නිර්මාණයක්‌ )

සේයා  රූ  විස්‌තර

01 මලා වජිරා පෙරේරා තම දියණිවරුන් සමග



වමේ සිට
තරංගා සම්මානී

(වැඩිමහඵ දියණි)මාලා වජිරා පෙරේරා මහත්මියතුෂාරා රංගනී
(බාලම දියණි)සිතාරා පවිත්‍රානී (සුජාත දියණී රූපවාහිනී හඩ නඵව - චංගුමී හඩකැවීම් ශිල්පිනිය)

02 කඵ - සුදු සේයාරුව - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සරත් බාලසූරිය (1997)

(ඔහු පිළිබඳව තොරතුරු සඳහා පෙර ලිපි පරිශීලනය කරන්න)