ගීයක් යනු කිම?..... විමසා දැන ගනු මැනවි... 04
1 980 වසර උදාවී, යම්කලක් ගතවන්නට වු කල්හී. වෙනත් සෙසු ප්‍රමුඛ ශිල්පීන් අනුව යමින් ගුවන් විදුලි ගායනවේදී ’ටී එම් ජයරත්න’ ද, ගීතකලාවේ ප්‍රමුඛතම වාහක මාධ්‍යය බවට අධීවේගයෙන් පැතිර යමින් සිටි ’කැසට්’ පට උදෙසා දායක විය. මේ ලිපියේ පේළි අතර නෙත්යුග ගෙනයන ඔබට එදා නුහුරු නුපුරුදු නොවු ගීයක තතු අදද හොඳින් මතකයේ රැඳි ඇතිබව නිසැකය. එය ’ප්‍රේමකීර්ති ද අල්විස්’ නම් වූ ප්‍රතිභාපූර්ණ කවියාගේ ’කඳුල’ නම් වූ පබැඳුම ඇසුරෙන් අප ගායනවේදියා ගැයූ ගීයකි. එහි ’ස්ටැන්ලී පීරිස්’ සංගීතවේදියා ගේ ස්වර-විකුම් විසින් මතුකළ, ’ඉකිගසා හඞන වයලීන් නාද පෙළහර’ මැවුයේ අන් කවරෙක් හෝ නොව ’රොක්සාමි’ ය.
හිතින් මා නොසැළී හිඳිද්දී කදුළ නුඹ ඇවිදින් ............
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනු මැනවි ..................
ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා කලෙක එනම් මීට අඩසියවසකට මදක් එපිට යුගයකදී මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ චිත්‍ර ගුරුවරයා ලෙස සේවය කරමින් සිටියේය. මෙකී 70 දශකයේ මුල් භාගයේ දී ඔහුට එහිදී සංගීතයට අතිදක්‍ෂ ප්‍රියමනාප සිසුවෙකු මුණගැසිනි. ඔහු පසුකාලීනව දසත පතල ලක්දිව ප්‍රමුඛතම සංගීතවේදියෙකු වන්නට වසනා මහිමය උදාකරගනු ඇතැයි ස්ටැන්ලී පිරීස් ගුරුතුමා නොසිතන්නට ඇත. ඔහු අන් කවරෙකුවත් නොව ප්‍රවිණ සංගීතවේදී රූකාන්ත ගුණතිලකය.
70 දශකයේ වෙළද තැටිගත කිරීම් අතිමහත් රාශියකට වාදනයෙන් සහය වූයේ ස්ටැන්ලි පිරීස් ගේ ෆෝර්චූන්ස් වාදකයන්ය. ඒ ගීත අතරින්ද ඔහුම තනු යොදා සංගීත අධ්‍යක්‍ෂණය කර වාදන සහය සැපයූ ගීතද එමටය. එදා ද එනම් එකී දශකයේ මධ්‍ය භාගයේදීද ශ්‍රී ලංකාවේ ප්‍රථම නිළී රැජිනිය වූ ’රුක්මණි දේවී’ ගේ යශෝකීර්තිය බිදකු දු හෝ පිරිහී ගොස් තිබුනේ නැත 1976 පමණ වනවිට ඇය රංගන කලාවට පිවිස තිස් වසරක් පමණ ගෙවිගොස් තිබුනු අතර ගායන දිවිය ට පිවිස 40 වසර ට ආසන්න වෙමින් පැවතිනි
අතිශය නිහතමානී නිරහංකාර චරිත ස්වභාවයකින් යුත් රුක්මණිය ගේ ඒ බව පසක් කරන සිදුවීමකට කෙළින්ම සම්බන්ධ වන්නේ ද සංගීතවේදී ස්ටැන්ලී පීරිස්ය. එක්තරා ප්‍රසිද්ධ වෙළඳ තැටි සමාගමක් උදෙසා පිළීයෙළ වූ නව ගී තැටිගත කීරීමකට ඇයගේ ගායන රසය මුසුකරවාගන්නට එකි ආයතනයේ බලධාරීන් ට රිසි විය. එවකට ගීත රචනා කලාවේ පිරිපුන් ’ලීනස් මෙන්ඩිස්’ පූජකතුමා එහි පද රචනා කළ අතර තනුව ස්ටැන්ලි පීරිස් ගෙනි. ගීතය් සහය ගායන ශිල්පියා එවකට ආධුනිකයෙකු වූ ’ෆීලික්ස් ඇන්ටන්’ ය. ඔහු එවකට ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මන්ඩල සාමාජිකයෙකි.
ගීතයේ පුහුණුවීම සිදුකෙරුනේ මහනුවර කටුගස්තොට ’ස්ටැන්ලි පීරීස්’ මහතාගේ නිවසේය. ඊට එවකට දිවයිනේ ජනකාන්ත ප්‍රමුඛතම ගායන ශිල්පිනීය රුක්මණි දේවී ද සහභාගි විය යුතුව තිබුනි. එහෙත් ඇය වන් දැවැන්ත නිළියක් ගායිකාවක් එක් ගීතයක් පුහුණු වන්නට ආධුනිකයෙකු සමග ’මීගමුවේ’ සිට දුරකතර ගෙවා මහනුවරට පැමිණේවීද ? ඒ සැකය ස්ටැන්ලි පීරීස් සංගීතවේදියා ද වෙළාගනිමින් පැවතිනි. ඔහු ඇයට ඊට ආරාධනා කර බලන්නට තීරණය කර තිබුනි.
ඇය එකහෙළාම නොපැකිළිවම මහත් සතුටින් ඒ ආරධනාව භාරගත්තේය. මහනුවරට පැමිණ ගීතය පුහුණු වී යන්නට ගියාය.
නිලම්බරේ කැඵම් පිරි සර සඳ වගේ.....
මගේ හදේ සදා රැඳී ඉන්න පියළඳේ.....
නිලම්බරේ කැඵම් පිරී සරා සඳ වගේ........
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.........
ඒ ගීතය රසවිඳ හඳුනානොගත් කිසිවෙකු ඒ යුගයේ සිටියේ නැත. අදද එය වැඩිහිටි රසිකයන් අතර එසේමය.
ඒ ගීතයට විදුලි ඕගනය වාදනය කළේ එවකට යම්තමින් පාසල් වියෙන් සමුගත් රූකාන්ත ගුණතිලකය.
’රොක්සාමි සංගීතවේදියා’ ගේ ළමැදට තුරුඵවන්නට ’වයලීනය’ හා පොරබදා නිබඳව ඒ වසනා මහිමය විඳගත්තේ ’සැක්ස්ෆෝනයයි’. ඒ අදින් අඩසියවසකටද ඔබ්බෙන් වූ යුගයකය. එදවස ගුවන් විදුලි ගායකයෙකු ලෙස කටයුතු කරමින් එහි සේවයේ යෙදී සිටි ’ෆීලික්ස් ඇන්ටන්’ අරභයා ’ප්‍රේමකීර්ති’ පබඳාලූ, මෙකී සංගීතවේදියා හැදූ ගීයකදී ඔහුගේ ගුරුහරුකම් ලබමින් ’සැක්ස්ෆෝන්’ සගයෝ එකිනෙකා හා තරග වදිමින්, ගීතය ගැයෙන කාලය පුරාවටම මනකල් සංවාදයක නිරතව සිටියහ, එහිදි සිංහල ගීයක කලාතුරකින් ශ්‍රවණය කළහැකි මෙම බටහිර වාද්‍ය භාන්ඩයේ නැගෙන ස්වර පරාසයේ විවිධ නාදසංකලනයන් ඔබට මට මොනවට රසවිඳිය හැකිවන්නේ එයින් මතුකළ මිහිරෙන් දැහැන්ගත වෙමිනි.
නෙත පිනන රුසිරු වත ඔබේ................
සිත එකග කරන සිත ඔබේ ...............
රන් දිමුතු මුතුද ළග තිබේ .....
මගේ සියඵ දෙයම මතු ඔබේ..............
ඒ හැරණුවිට මෙම සංගීතවේදයාණන්ගේ ගුරු ඇසුර ලැබ ගැයුනු ප්‍රියා සූර්යසේන ගේ ’සරතැස නිවා දිවි කතරේ...........’ , ’මුඵ මුහුදම හඞයි.....’ ’මේ අත්බැවේ පුරා................’ ’තොල ගෑ අමාවේ රහා..........’ (මේ සියල්ල ප්‍රේමකීර්ති ද අල්විස් ගී පබැඳුම් ය) හිදී ’සැක්ස්ෆෝන් වාදන රසය මනාලෙස විඳගත හැකි වන්නේය.
ග්‍රැමෆෝන් යුගයේ සිට පරපුරු දෙකක් එකට යා කළ පුරුකක් බඳු සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේනයන් 60 දශකය පසුකරයද්දී සිරිලක සපැමිනි ’විදුලි ඕගනය’ නොපමාව සිය නිර්මාණ සඳහා යොදගන්නට සමත් වූ අතර. මරදානේ පවත්වාගෙන ගිය සිය සංගීත පාසල ඇසුරේ ’ආර් ඒ සී’ තැටි ලේබලය ලියාපදිංචි කරවා තමන් විසින්ම සංගීතය නිමැයූ ගීත එළිදක්වන ලදී. ඒවයේ ඇතුළත් ’මෝහෙන් මුළාවෙල’ , ’ළිඳෙන් වතුර බීලා’, ජන්ම භූමි වන්දනා...’ (සිරිල් ඒ සිළවිමල), පුන් සඳෙන් රැස් ගං තෙරෙන් ..(පී එම් සේනාරත්න) - වික්ටර් රත්නායක, මල් කිණිත්ත වාගේ චූටි නංගි (අමර කුමාරරත්න), චිරං ජයතු මංගලම්, (කරු අබේසේකර), විලේ මලක උපන්නී (කරු අබේසේකර). සිරි ලංකා අලංකාර (සිරිල් ඒ සිළවිමල), රොන්සුනු මල්පැණි දිගන්තේ (කරු අබේසේකර) - තිලංගනී සහ දර්ශනි චන්ද්‍රසේන සොයුරියන් සහ චම්පා අතපත්තු යන මේ ගීතාවලිය වෙනුවෙන් තමන් විසින්ම විදුලි වේගයෙන් විදුලි සරපුවරුව වාදනය කරමින් ඒවාට නැවුම් රසයක් එක්කරන ලද්දේය.
-------Clarinet
---------------
එතරම් සංවාදයට පාත්‍ර නොවී පැවති එහෙත් මනහර ගී තනු සහ සංගීත සංයෝජනයක් ඉදිරිපත් කළ ’මොහොමඩ් සාලි’ හට සිනමාරූපී සංගීත රටා මවන්නට එතරම්ම වරම් නොළද නමුත් ඔහු විසින් තැනූ ගුවන් විදුලි සහ වෙළඳ ගී තැටි මියැසි නිර්මාණ අනල්පය. බටහිර සංගීතයේදී ප්‍රමුඛත්වය ලැබෙන ශුෂිර වාද්‍ය පවුලේ සාමාජික සංගීතෝපකරණ වැඩි වැඩියෙන් භාවිත කරන්නට ප්‍රියතාවයක් ඔහු සතු විය.
ආචාර්ය දයාරත්න රණතුංගයන් හටද ලාංකීය සිනමා සංගීත විෂයෙහි සුරුවිරුකම් පාන්නට ඉඩකඩ නොලැබුවත්, ඔහු සේවය කළ ලංකා ගුවන් විදුලියේ සංගීත විෂයෙහි ඉහළ නිළයක් දරමින්, ඔහු ගුවන් විදුලියෙහි සිංහල සංගීත සංයෝජනයන් උදෙසා නව මුහුණුවරක් දෙන්නට තැන් දරුවේය. ’මවුත්ඕගනයෙහි’ සහ ’බටනළාවෙහි’ හඞ එකිනෙක මුසු කරමින්. ප්‍රසංවාදී ශෛලිය අනුගමනය කරන ලද, සුවිශේෂී නිර්මාණයකි ඔහු විසින්ම ගැයූ ’ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි.................’ (ගී පද ගාමිණී ලේල්වළ) නම් වූ ගුවන් විදුලි සරළ ගීතය.
--------
cello
--------
මහඇදුරු සනත් නන්දසිරි ද සිය දස්කම් පෑවේ ’ගුවන් විදුලි’ ගී නිර්මාණයේදීය, ’වයිබ්‍රෆෝන්’ නම් වූ වාදf්‍යා්පකරණයේ නාදරසය ඔහුගේ සංගීත අධ්‍යක්‍ෂනයේදී නිරතුරුවම දක්නට ලැබිනි. එකී වාද්‍ය භාන්ඩයේ හඞ ඇතුළත් තවත් ගී ගණනාවක නිර්මාණකරුවාණෝ පන්ඩිත් අමරදේවයන්ය.
සංගීතවේදී පැට්‍රීක් දෙණිපිටිය අසාමන්‍ය ප්‍රතිභානයක් දයාද කොටගත් ශූර නිර්මාණකරුවෙකු විය. ’සී ටී ප්‍රනාන්දු’ ගායනාවන්හී නැගෙන මියුරු අන්තර්වාදන පෙළෙහි හිමිකරුවා ඔහුය. ආධාරකයක් මත රඳවා වයන ’හවායන් ගිටාරය’ හා ළබැඳි ව සිටි ඔහු තම නිර්මාණයන් සඳහා එකී සංගීත භාන්ඩයේ පිහිට පැතීය. බටහිර සංගීත විධික්‍රමයන්හී රසාලිප්ත බව මතුකරදෙන්නට ඔහුට ලැබුනු පළමු අවස්ථාව 1967 වසරේ තිරගත වූ ඩඩ්ලි වානගුරු ගේ ’සැගවුනු මැණික’ සිනමාපටයයි. එහි ලතා වල්පොළ සහ ධර්මදාස යුවළ ගැයු ’පිපිලා හද විළේ ....පිපි සුමුදු සිනිඳු....’සිංහල සිනමා ගීත රසිකයන්ගේ හදවත් හී රැඳි පවතින සදාතනික නිර්මාණයකි. (මතු සඳහන්ය)
මේ සාමාජිකයන් වයලීන් පවුලේ විවධ ’තත් භාන්ඩ’ මෙන්ම ’බටහිර - පෙරදිග’ ශුෂිර () ගණයේ භාන්ඩ ගණනාවක් විවිධ අවස්ථාවන්හිදී සිය නිර්මාණ වර්ණවත් කරනු වස්, යොදා ගන්නට පෙළඹිය. ඒවා වාදනය කරනු ලැබුවේ ද ප්‍රවිණ සංගීතඥයන් විසිනි.
-------Bassoon
--------
වයලීනය - එම් කේ රොක්සාමි, පන්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කලණි පෙරේරා, ඩී ඩී ගුණසේන, තිස්සසිරි පෙරේරා, එඩ්ගා පෙරේරා, සෝමරත්න පෙරේරා, අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා, ප්‍රින්ස් මහත්මිය, ඩග්ලස් ෆර්ඩිනැන්ඩස්. ඇන්තනි සාමි, අසෝක ජයවර්ධන. සනත් සතිස්චන්ද්‍ර. ෂෙල්ටන් විජේසේකර, වික්ටර් දඵගම, සේන වික්‍රමාරච්චි, පී කරුණාරත්න
’ෂෙලෝ’ - සෝමපාල රත්නායක
ඩබල් බේස්’- හියුගෝ ජයමහ මුදලි, නේසන් මානික්කවාසගර්
බටනලාව’ - ඩී ඩී ඩැනී, ප්‍රේමසිරි කේමදාස, පී ඩංස්ටන්ද සිල්වා, එම් ඩබ්ලිව් පීරිස්, වී හේමපාල පෙරෙරා, එච් එම් ජයවර්ධන. ජානක බෝගෝඩ,
’ෂෙණායි’ - වික්ටර් විජයන්ත, චන්ද්‍රදාස බෝගෝඩ),
ඕබෝ සහ කොර්- ඇන්ගලිස් - එම් එම් නූර්, සුගතසිරි
ක්ලැරිනට් - ඒ ජේ කරීම, ටී එෆ් ලතිෆ්, සරත් බාලසූරිය, අමරසේන
බේස් ක්ලැරිනට් - කැනියොන් ප්‍රනාන්දු
බැසූන් - රෝහිත විජේසූරිය
------
cor - angalis
--------------
විශ්වීය බසක් එනම් භාෂා, ගෝත්‍ර, ජනවර්ග,ජාතීන් අතික්‍රමනය කළ ’සංගීත බස’ ශ්‍රවණය කර එහි මිහිර විඳගැන්මට බිලියන ගණනක රසවතුන් සැදී පැහැදී සිටී. ඒ නිසාවෙන්දෝ එක්තරා යුගයකදී, සිංහල සංගීතඥයන්ද තම ගීත නිර්මාණයන්හි අනුවාදනයන් විවිධාකාර පෙර අපර දෙදිග වාද්‍ය භාන්ඩයන් එකට මුසු කරවා වයන්නට කටයුතු සම්පාදනය කළහ. 1950-70 දශකයන් හි බිහිව, ශ්‍රාවකයන් අතර මහත් සේ ප්‍රචලිතව, ඔවුන්ගේ ආදර ගෞරව බුහුමන් ලද ගීත අනුවාදනයන් වයවා ඒවා වෙළඳ තැටි ඔස්සේ වෙළඳපොළට නිකුත් කරන ලද අතර, ඔවුන් පොරොත්තු වූ සේම, ඒවා ද අලෙවි වාර්තා තබමින් සිඝ්‍රයෙන් ජනගත විය.
---------------Double - bass
--------------------
දන්නෝ බුදුන්ගේ- (සිරිසගබෝ නූර්තිය- 1912), සිරිබුද්ධගයා විහාරේ ..(රුක්මණි දේවි සමග එච් ඩබ්ලිව් රූපසිංහ - 1939), පින්සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ (සී ටී ප්‍රනාන්දු සහ සූරියරාණී - 1952?), ඔඵ පිපිළා වෙල ළෙල දෙනවා (සුනිල් සාන්ත-1946), ඕඵ නෙඵම් නෙරිය රගලා... (රේඛාව - 1956 - සුනිල් සාන්ත, සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි), හෙළ ජාතික අභිමානේ (සී ටී ප්‍රනාන්දු - පැට්‍රික් දෙණිපිටිය), උඩරට කඳුකර සිරියා පරදන (චිත්‍රා සෝමපාල, පී එල් ඒ සෝමපාල-1952?), අන්න බලන් සඳ රන් තැටියෙන්... (කුණ්ඩලකේශී- 1961, ට්‍රිලිෂියා ගුණවර්ධන සහ බෙන් සිරිමාන්න) වැනි පැරණි ගී මෙන්ම පසුව 60-70 දශකයේ එළිදුටු ’දිල්හානී දුවණි (ඉන්ද්‍රානි පෙරේරා-1969), දුරකථනයකින් මම ඔබ අමතමි.... (එච් ආර් ජෝතිපාල - 1973), මගේ හද ඔබ ලග...(වික්ටර් රත්නායක- 1973), .. නෙත්යුග රන්තරු යුවළ ..(ත්‍රී සිස්ටර්ස් - 1971) අනුවාදනයෙන් ජනගත වූ, සදාතනික මතක සටහන් එක්තැන් කළ ගීත ගණනාවකින් කිහිපයකි. ඒ සඳහා ’ස්ටැන්ලි පීරිස් (ෆෝචූන්ස්), ගුවන් විදුලි වද්‍ය වෘන්දය (සෝමදාස ඇල්විටිගල). සූපර් ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන), වැනි එදා සුප්‍රකට තූර්ය වාදක රසවතුන් එක්විය.
Shehmai
=======
එමෙන්ම වානිජමය අරමුණු දෙවැනි කොට, ගීතයේ මධුරබව රැකගැනීමට පළමු තැන දුන් ඔවුහූ, සිය නිර්මාණ සඳහ විවිධාකාර බටහිර වාද්‍ය රසයන් මුසු කරගන්නට සමත් වූ අතර, එකිනෙකා අතර සංනිවේදන ක්‍රමවේද අවම වූ 60-70 දශකයන්හීදී එකී වාද්‍ය ශිල්පීන් සොයා දුරු කතර ගෙවා ඔවුන් මුණගැසෙන්නට ගිය පුවත්ද විරළ නොවේ.
'
ඒ අනුව
මවුත් ඕගනය - කුමාර් මොල්ලිගොඩ, හර්බර් ගුණවර්ධන,මර්වින් ප්‍රියන්ත
ග්ලිකොන්ස්පිල් - සේන ජයන්ත විරසේකර
වයිබ්‍රෆෝන් ටියුලින් ජයරත්න, සේන ජයන්ත වීරසේකර
සැක්ස්ෆෝන් එම් කේ රොක්සාමි, කුමාර් මොල්ලිගොඩ, ස්ටැන්ලි පීරිස්, රංජිත් පෙරේරා, පී සුගත්සිරි, බොනී වික්ටර්
හවායන් ගිටාරය -පැට්‍රික් දෙණිපිටිය, උපේන්ද්‍ර ප්‍රනාන්දු
ලීඩ් ගිටාර් - මහින්ද බන්ඩාර,මයික් ගුණසේකර,අර්නස්ට් සොයිසා,ෂානක පෙරේරා,
රිදම් ගිටාර් - උපාලි කන්නන්ගර, ඩික්සන් ගුණරත්න,මිල්ටන් පීරිස්, පද්මසිරි පැස්කුවෙල්
ඩ්‍රම්ස් කට්ටලය - ඩන්කන් ක්ලයිඩ්, ශ්‍රී කාන්ත දසනායක, මහින්ද සිල්වා, සුසිල් පෙරේරා, නේසන් ත්‍යාගරාජා, ඊ ඒ පීටර්
කොංගෝ සහ බොන්ගෝස් - නෙවිල් සිල්වා, ප්‍රේමනාත් කොඩිතුවක්කු
ට්‍රම්ෆට් -සෙබස්තියන් ප්‍රනාන්දු, මොරිස් ද සිල්වා, නාවුක හමුදා තූර්ය වාද්‍ය වෘන්දය, පාපා මිස්කීන්, ජෝර්ජ් සිල්වා
පියානෝව - ඒලියන් ද සොයිසා
මැන්ඩලීනය - ඇන්තනි සුරේන්ද්‍ර ලෙස්ලි අසෝකා
විදුලි ඕගනය - සරපුවරුව - ක්ලෝඩ් ප්‍රනාන්දු, ආර් ඒ චන්ද්‍රසේන, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, සරත් ද අල්විස්,
එකෝඩියන්ස් - සරත් වික්‍රම
ගිටාර් - මර්වින් විජේවර්ධන, ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා, හේමපාල පෙරේරා, ඩයමන්ඩ් පෙරේරා. සරත් ප්‍රනාන්දු තිලක් පෙරේරා
පෙරදිග සංගීත භාන්ඩ
සිතාරය - සරත් දසනායක,පියදාස අතුකෝරාළ, රෝහණ වීරසිංහ, වයි එම් සුමනසිරි, ශාන්ති දිසානායක, කරුණාරත්න සිල්වා, සරත් බාලසූරිය, ගාමිනි කස්තුරිආරච්චි, එඩ්ගා පෙරේරා, ධර්මසිරි පෙරේරා
තබ්ලා -ටී ෂෙල්ටන් පෙරේරා, විමල් ජේ ශ්‍රියාරත්න,'ප්‍රේමනාත් කොඩිතුවක්කු, විජේරත්න රණතුංග, රංජිත් බෝගොඩ, ම නෝජ් පීරිස්, ධනංජය සෝමසිරි, හේමපාල ගාල්ලගේ, සෝමසිරි බැද්දේගම, රංජිත් බෝගෝඩ
සරෝද් - උපාලි ද සිල්වා
එස්රාජ් - පියදාස අතුකෝරාළ
ඩොල්කි - ධනංජය සෝමසිරි, ප්‍රේමනාත් කොඩිතුවක්කු
සර්පිනාව - ඒලියන් ද සොයිසා, මොහොමඩ් සාලි
සන්තූර් - රෝහණ වීරසිංහ. ඇන්තනි සාමි, උපාලි ද සිල්වා,
තනුවක සේයාව හදවතේ මතුවි නැග ආ විටදී එය ’සියුම් හඞින්’ මුමුණා ගයනා කර පෙන්වීම කරනු ලබද්දී, ඒවා ස්වර ලිපි බවට පරිවර්තනය කරගැනීමේ විශේෂඥ සහජ නිපුණතාවයකින් හෙබි ශීල්පීන් එදවස ක්‍ෂේත්‍රයේ සිටියහ. ඒ අතරින් ටී එෆ් ලතීෆ්, පුන්‍යසිරි මහවත්ත සහ අමරසිරි පීරිස් ලංකා ගුවන් විදුලිය වෙනුවෙන් සේවය කරමින් ඒ කටයුත්තේ නිතරවූහ. ඔවුන් විසින් ඒ ස්වර ලිපි සකසා වාදක මන්ඩලය වෙත නියමිත පරිදි කලට වේලාවට ඉදිරිපත් කළ පසු, ඔවූහූ සංගීත අධ්‍යක්‍ෂවරයා සහ තනු නිර්මාපකයාගේ අභිමතයට අනුකූල වෙමින් අදාළ සංගීත ඛන්ඩ වයමින් පුහුණූවෙති. ඒ ඔස්සේ ස්වර දැහැනට සමවදින වාද්‍ය වෘන්ද සාමාජිකයෝ, අදාළ ගීතය සජීවීව පටිගත කරද්දී, ස්වර ලිපියේ අඩංගු නොවු විවිධාකාර වාද්‍ය ඛන්ඩ සිය සංගීත භාන්ඩයන්ගෙන් වයමින් ඊට අමුතුම අලංකරණයන් එකතු කරති. ඒවා පසුකාලීන පටිගතකිරීම් වලින් බොහෝ විට ගිලිහි යද්දී, ගීතය සමවැද රසවිඳින ශ්‍රාවක රසික පෙළ එයින් තැතිගනිති.
------------------------------
කිසියම් ගීයක් රසිකයන් ගේ හදවත් පැහැරගත්තේද, එය යළි යළිත් වේදිකාවන් සහ ප්‍රසංගයන්හිදී ගායනා කෙරෙන්නේය. එපමණකින් නොනැවතී, එය යළි යළිත් පටිගත කෙරෙන්නේය. එවිට ඒ කටයුත්තට මැදිහත් වන සංගීත අධ්‍යක්‍ෂවරයා ගේ බලාධිකාරිය ක්‍රියාත්මක වී මුල් ගීතය උදෙසා යොදාගත් වාද්‍ය භාන්ඩ පවතින තත්වයට අනුකූලව, අනුග්‍රහකයාගේ මුල්‍ය දායකත්වයට සරිළන ලෙස වෙනස් වෙයි. එ කාරණය සැළකිල්ලට බඳුන් කර, මෙතැන් හි සිට පෙළගස්වා ඇති කරුණු අදාළ වන්නේ පටිගතකර එළිදක්වන ලද ’මුල් ගීතය’ ට පමණක් බව සිහිකටයුතුය. පහත වර්ගීකරණය සිදුකර ඇත්තේ අදාළ සංගීත භාන්ඩය ගීතයේදී වැයෙන කාලාන්තරය සැළකිල්ලට ගනිමිනි.
----------------------------------
සංගීත විෂයෙහි නිමග්න නොවු සාමාන්‍ය ශ්‍රාවකයා හට ඉහත ලැයිස්තුවේ වාද්‍ය භාන්ඩ නාමයන් ආගන්තුකය එහෙත් ඒවා ඇසුරෙන් නිරමිත ගීතාවලිය එසේ නොවනු නිසැකය. අවසනාවකට මේ රසවින්දනය සොයා යන ඔවුන් හට ඒවයේ ’මුල් පටිගතකිරීම්’ සාමාජ මාධ්‍යයන් ඔස්සේ හෝ වෙනත් මුලාශ්‍ර මගින් සපයාගෙන ශ්‍රවණය කරන්නට සිදුවීම නොවැළැක්විය හැකිය.
මවුත්ඕගනය -
ඊට ආවේනික සංගීත රාවයක් නංවන එහි නාදය යම්තමින් හෝ අනුකරණය කරන්නේ ’විදුලි ඕගනය’ පමණකි. ගීතයක හෝ සංගීත ඛන්ඩයක දී වැයෙන මවුත්ඕගනයක හඞ හඳුනාගැනීම කිසිසේත් අසීරු නොවන්නේ ද එහෙයිනි. අතීතයේ ගැයුනු විවිධ වානිජමය මා සිනමාරූපී ගීත නිර්මාණ සඳහා වැයුනු එහි නාදමාලා ඇතුළත් නව ගීත නිර්මාණය නොවන තරම්ය.
අදටත් එකී වාද්‍ය භාන්ඩය පොදු මගී ප්‍රවාහන සේවාවන් හි ගීත ගයන්නන් අත රැඳෙනු දැකිය හැක්කේය. ඒ නිසා වත්මන් ළමා තරුණ රසිකයන් එය ඔවුන්ට පමණක් සිමා කරගත යුතු වාදf්‍යා්පකරණයක් යැයි දුර්මතයක සිටිනවා විය හැකිය. ගීතයක අනන්‍යතාවය රඳවා රැකගන්නට මෙම ශුෂිර සංගීතෝපකරණය සමත් වන්නේය. වැඩිහිටි රසිකයන් වූ අපගේ අතීත මතක සැමරුම් ගී සිතෙහි රුවා තබාගන්නා ’ යතුර’ වූයේ මවුත්ඕගනයයි.
ඔවුත්ඕගනය හැ සබැඳි ගී යටගියාව 60 දශකයේ මධ්‍ය භාගය දක්වා දුරාතීතයට දිවයයි. ඒ උත්තර භාරතයේ ආදායම් වර්තා තබමින් තිරගත වූ තාක්‍ෂනයෙන් ’කඵසුදු’ වුවද ’සංගීතයෙන්’ පොහොසත්ව, ශ්‍රාවක ප්‍රේක්‍ෂක රසික දනන් මෝහණයට පත් කරවූ ’දෝස්ති’ නම් වූ සිනමාපටය නිසාය. ’ලක්‍ෂමිකාන්ත්’ සහ ’ප්‍යරේලාල්’ නම් වූ සංගීතඥයන් දෙපොළ විසින් සප්තස්වරයෙන් හැඩ ගැන්වූ මධුරතර තනු නිර්මාණ ඇතුළත් දෝස්ති හි මියැසි අනන්‍යතාවය රැකදුන්නේ එහි ගීත වලදී වැයුනු ’ඔවුත්ඕගනය’ ම වේ. 1965 පැවැත්වූ 12 වෙනි සම්භාවනීය ’ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හයක් (06) දිනු එය 1964 වසරේ තිරගත වූ හොඳම සිනමාකෘතිය ලෙස නම්කරනු ලැබීය.
එවැනි සිනමාපටයක් අසල්වැසි ලක්දීපයේ වැසියන් ගේ අවධානයට ලක් නොවි පවතිද්ද ? එය එදවස ලාංකීය සිනමාහල් වල තිරගත වෙමින් සිංහල ප්‍රේක්‍ෂකයන්ද කුල්මත් කළේ ඔවුනට වසර ගණනකට මතකයේ රැඳෙන සොඳුරු සංගීතමය අත්දැකීමක් අත්කරදෙමිනි.
(’දොස්ති’ මවුත්ඕගන රසඋල්පත )
මෙතැන් සිට ඉදිරියට ................
No comments:
Post a Comment