namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, May 30, 2017

නාරද දිසාසේකර දිවිමග චාරිකාවෙන් පරිච්ජේදයක් - 02

බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌‌වෙමු - සමුදෙමු - 02 කොටස -ආදර නිල් දෑසේ

සති අන්ත ගණනාවක්‌ ගෙවි යද්දී නව යව්වනයේ එළිපත්තේ සිටි මේ ළමා රසිකාවිය ඔහු සමාගමය නිති ප්‍රිය කරන සේය පැදුරු සාජ්ජයේ මිහිර විඳින්නට එක්‌රොක්‌ වූ  සමවයසේ සෙසු දැරිවියන් අතරින් ඇය කැපී පෙනෙයි 



මේ සහෘද මිතුරා ගේ නිවසේ නතරව මද දුරකින් පිහිටි කඵතර බාලිකාවට අකුරු කරන්නට යනබවත්  ඇය ඔවුන්ගේ සමිප ඥාති දියණි කෙනෙකුන් බවත් මව්පිය දෙපොළ රාජකාරි කටයුතු නිසා දුර ඈත මාතර පුරවරය ඇසුරේ දිවිගෙවන බවත් ඔහුට දැනගන්නට ලැබිය

මව්පිය දෙදෙනා ගෙන් දුරස්‌ ව වෙසෙන ඇය ඔහුගෙන් පිය සෙනෙහස අයදිනවා වන්නට ඇතැයි ඔහුට වරෙක සිතෙන්නට ඇත ?


ඔහු ඇය පෑ ලෙන්ගතුකමට පෙරළා හිතවත්කම් පෑහ

මේ අවධියේ එක්‌තරා දිනයක බෙන්තොට පුරවරයේ සිනමා තරු  - ගායක ප්‍රසංගයක්‌ මහ ඉහළින් පවත්වන්නට කටයුතු පිළියෙළ වී තිබුනේ එවක ප්‍රමුඛ පෙලේ පුවත්පත් ආයතනයක අනුග්‍රහකත්වයෙනි ඇය ඇතුඵ ගී රසික පවුලේ සමාජිකයෝ ඊට සහභාගි වන්නට එහි පැමිණ තිබිණි 


අනේ අද නාරදත් සිංදු කියනවා අපි යමුද ඒ පැත්තට 


ඇය කන්ඩායමේ ඥාති සොයුරියක්‌ අමතා පිංසෙන්ඩු වූවාය


දිරැස්‌කමින් සිටි මහා රසික ජන ගග අතරට යුවතියන් දෙදෙනා මැදිවි තෙරපි යන්නට වු නිමේශයේ යමෙකු ඇයවෙත කඩා පැන්නේය


මේ කොහේද ළමයෝ සෙනග ගොඩේ  යන්නේ ? මොකද මේ කරන්නේ ?  


දෙවියනේ මේ නාරද ඇවිත් 


ඔහු ඇය ගේ අතින් අල්ලා ඇදගෙන යයි සොයුරිය අනෙක්‌ අතේ එල්ලිගෙනය  පවුලේ සමාජිකන් අතරට ඇයව තල්ලුකරදමා ඔහු නෙපෙනී ගියේය


සතිඅග නිතිපතා එහි පැවතුනු මෙකී පැදුරු සාජ්ජය අතරේ වෙනත් දිනක නාරදයන් ඇතුඵ කන්ඩායමට අම්බලන්ගොඩ පදෙසේ බැති ගී ප්‍රසංගයකට සහභාගි වන්නට අරධනා ලැබ ඒ ගමනට සුදානම් විය


ඇය ඇතුඵ පැදුරු පාටියේ පවුල් හි රසික සාමාජික සාමාජිකාවන් ද එහි යන්නට ලකලෑස්‌ති වෙමින් සිටියහ  රථපෙළ සුදානම්ය ඇයද ඥාති සොයුරිය ක්‌ද ඒ ෆෝර්ඩ් ඇංග්ලියා කුඩා මොටර් රථයේ පිටුපස අසුනේය ඉදිරිපස අසුනේ තවත් සමවයස්‌ යුවතියකි


රථය පිටත්වීමට සුදානම්ද අරුමයකි ?


දිඔහු ද දිවවිත් රථයේ පසුපස දොරහැර එහි අසුන්ගත්තේය 


විසිහත් හැවිරිදි  යෞවනයෙකු වු ඔහු මේ පැගිරි වයසේ නව යෞවනිය හා සිතින් බැඳී ගියේද ?


කලෙකට පසු කඵතර බාලිකාව හැරපියා අගනුවර නිවැසි ඇය දැන් මියුසියස්‌‌ බාලිකාවකි ඉහත මිතුරා ගේ පවුල ද අගනුවරට සේන්දු රිය යළිත් දිනක පවුල් දෙකේ සාමාජිකයන් කැළණි වෙහෙර වැඳ පුදා ගන්නට පිටත් වීය


එදිනද ඔහු එහිය ඇය ම සොයා ඔහු එහි පැමිනියේ ද ? ගැහෙන හදින් දෙදෙනා නෙත් හී සර විදගනු ලැබීද ?



විමානයේ කවුඵ දොරින් නෙත් හී සර විදලා....

කුමාරියක්‌‌ කථා කරයි කාටද අත වනලා.....


ආදර නිල් දෑසේ - මැණික්‌‌ රුවක්‌‌ ඇඳි තිබේ.......


ආදර නිල් දෑසේ......


සිනහ දෙතොල් යහනාෙව් වැතිරෙමි හද පුරලා......


හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිරකරලා .......

(
ගී පද නැසිගිය ධර්මසිරි ගමගේ - තනුව නැසිගිය ප්‍රේමසිරි කේමදාස)

මෙතැනින් සවන්දෙන්න

--------------------


පොදින් පොද හිරිමල් වියේ හදේ තෙරපි උතුරා ගලා යන චමත්කාර ජනක පෙම් හැගුම් අතර සිහින ලොවක සැරිසරන්නට වන් ඇය ට කෙමෙන් කෙමෙන් ඔහු ගේ දසුන නෙත් රසඳුන් ගැල්වීය තම විදුහල අසලම පෙනෙන තෙක්‌‌ මානයේ ඥාති නිවසකට ගොඩවැදුනු ඇය ඒ යාමයේ රාජකාරියේ යෙදුනු ඔහු හා පෙම්බස්‌‌ තෙපළන මොහොත එළඹෙන තෙක්‌‌ නොසන්සුන්ය නොඉවසිළිමත්ය 

ඒ නිවසේ දුරකථනයේ යුහුසුඵව දිවගිය අතැගිලි ඉන් යම් දුරකට ඔබ්බෙන් පිහිටි ගුවන් විදුලි කාර්යාලයේ දුරකථන සිණුව හැඩවිය දින සති මාස ගෙරි ගොසිනි පාසල් ඇරි ඇය ඔහු හා රැහැනින් බැදුනු සිහින ලොවක තනිවී  සිටි 


ඒයි කවුද ඔය අනික්‌‌ පැත්තේ ?

 කාටද ඔය කථා කරන්නේ ඇත්ත කියනවා ?


මං කාට කථා කරාම මොකද ?


ආ එහෙමද එහෙනං බලමු මිට පස්‌‌සේ ටෙලිෆොන් එකට ලගට එනවකෝ බලන්න ලොකු අය ඔක්‌කෝටම කියනවා 


අනේ අනේ එපා ........

මම මිට පස්‌‌සේ කථා කරන්නේ නෑ ..............


නිවසේ ඥාති සොයුරෙකු ගේ ගෝරනාඩුවකට ඇය ගේ පිළිවදන් ය ඒ



දින ගණනාවක නිහැඩියාවකි ගග ඇය යළිත් ඔහු අමතා ආයාචනාත්මක තමන් පත්වී ඇති තත්වය විස්‌‌තර කරමින් බැගෑපත්විය



ඇයට ඔහුගෙන් දැඩි තීරණයකට එළඹෙන්නට යෝජනාවකි ....

අදහස ක්‍රියාත්මක කිරීමට සැළසුම් මලාවකි


ඒ බැරෑරැම් යෝජනාව කෙසේ ක්‍රියාවට නගන්නද ?

 එයින් තැතිගත් ඇය යළිත් කල්පනා ලොවකය එය එසේ කළහොත් ?

 එහිදි දෙදෙනාගේම වි‍ශේෂයෙන් ‍මේ කලාකරුවාණන්ගේ අනාගත කලා දිරිය ? ඔහු වැර වෑයමෙන් කැපවීමෙන් දිනාගත් සියල්ල අහිමි ව යනු ඇත


තම අනාගතයේ මේ භවයේ මුඵ දිය දායේ හැරවුම් ලක්‍ෂ්‍යයකට එළැඹ තිෙබ් යලිදු ඔහු අමතා කුමක්‌‌ පවසන්නද ?

 මුණිවත රකිමි ඇගේ අවසන් තීරණයයයි ඒ



ආදර කිතියෙන් හද සැඵණු ඒ සිහින මල් විමන් හැරපියා පියවි ලොවට වෙතට පියමං කරන්නට දිවියේ යාථාර්ය ට මුහුණු දෙන්නට සිදුවී තිබේ පාසලින් සමුගත් ඒ හිරිමල් වියේදීම ඇය ට සරණ බන්ධන ට එළෙඹෙන්නට සිදුව තිබිනි


මුඵ හදින් මම ඇයට පෙම්කොට .......

අනාගත පෙම් සිහින මැව්වෙමි....


මගේ සොදුරිය වෙනත් කෙනෙකුට .....


අයිති වන හැටි බලා දුක්‌‌වෙමි.......


(ගී පද  එඩ්මන්ඩ් ජයසූරිය  තනුව - කුලරත්න තෙන්නකෝන්)


මෙතැනින් සවන්දෙන්න

-------------


යලිත් කාලය අත්තටු ලැබ පියඹා ගොසිනි ඇය ගේ කුටුම්භයේ දැන්  තිදෙනෙකි ඇය දියණියන් දෙදෙනෙකු ගේ ළයාදර මතාවකි එවර ඇගේ දෛවය ඇයට ඒ කැදැල්ලේ උනුසුම ලබනට අවසර දි තිබුනේ යම්තම් තුදුස්‌‌වසරකට පමණි ඇගේ දයාබර සැමියාණන් ඔහු ගේ සසර ගමනේ එකී නවාතැනින් නික්‌‌ම ගියේ ඊට ඇය වෙනුවෙන් එහි මිළග පියවර ක්‍රීයාත්මක කරන්නට ඉඩ දීම පිනිසය

ඒ අනුව ඇය සසර සයුරෙන් කෙසේ වෙතත් උපන් බිමෙන් නික්‌‌ම සත් සයුරෙන් එතෙර එපිටට පිටමං කරනු ලැබිය ඒ අනුව දියණියන් දෙදෙනා හා ඇය ගේ නව නවාතැන වුයේ කැන්ගරු දේශයයි

යළි හමුවෙමු ........

විශේෂ ස්‌තුතිය - නිලංගනී දිසාසේකර මහත්මිය 

^මුදු හදවතක තතු - ඉනෝකා පෙරේරා බන්ඩාර ලියු කෘතිය ඇසුරෙනි&


Sunday, May 14, 2017

නාරද දිසාසේකර දිවිමග චාරිකාවෙන් පරිච්ජේදයක්

බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌‌වෙමු - සමුදෙමු - 01 කොටස - එන්නකො මෙහි රොක්‌වෙලා




අයියලා සහ අක්‌කලා - නංගි මල්ලි එක්‌වෙලා..............
කියන්න මේ පොඩි කථාව - එන්නකො මෙහි රොක්‌වෙලා.............


අම්මලා පුංචම්මලා මාමලා සහ නැන්දල - අප්ප කුඩප්පල ඔක්‌කොම අහගන්නකෝ ලංවෙලා.............

ගතිගුණ ඇති ආරිය - සුමනා හැඩකාරිය - දිසා තරුණයා හිතුවා කරගන්නට බාරිය.....................



යුතුකම ගරු කරනවා - හයි හත්තිය තියනවා ....................

දඩයම් කර සතුන් මරා - දිසා කාලේ ගෙවනවා..................



දඩයමටයි කෑදරේ - කැලේට හිත යා කෙරේ...................
සුමනා අවවාද දිදි - පෙන්වයි තම ආදරේ..................



පවටම ඇයි හිත ගටා - හේනක්‌ කුඹුරක්‌ කොටා..............

ඉන්නකෝ යෑයි ඇය කී වග  - පවසමි රවුමක්‌ නටා....................

.....................

මගේ පොඩි සුමනෝ දයා - දුක්‌වන්නේ ඇයි ඔයා...................

හොඳ මිනිහෙක්‌ වෙන්නම් මම කසාද බැඳගෙන ඔයා................


කේන්දරේත් පෑහුණු පොරොන්දම්ද සීහුණා - ලණුවයි කණුවයි වාගේ ................

තරිකිට තම් දා නේනා ......................

.....................
...........................


කවි කොළය විරිදු පද නිර්මාණය - බිංගිරියේ සෙනරත් විජය කුමාර කවියා

තනු හා සංගීත ස්‌වර රටාව - නැසිගිය සම්මානනීය සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

සිනමා පටය - රෑණ ගිරව් 
වසර -1967

අධ්‍යක්‍ෂණය - ප්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්ම ශ්‍රී කල්දේරා

කථා පිටපත - අනුරාධපුර කැලැත්තෑවේ මිනීමැරම ? සත්‍ය සිදුවිම ඇසුරෙනි

ප්‍රධාන චරිත නිරූපනය - නැසිගිය ප්‍රවිණ රංගනවේදී ආචාර්ය ගාමිණි ෆොන්සේකා සහ නැසිගිය රංගන ශිල්පිනී සන්ධ්‍යා කුමාරි

ජවනිකා නිරූපනය - නැසිගිය හියුගෝ ප්‍රනාන්දු රංගන ශිල්පියා විසිනි


මෙතැනින් සවන්දෙන්න

----------------------------------------------------------



ඔහුගේ අපුර්වතම හඞ පෞරුෂය අවදි කරවමින්දි මේ සුන්දර විරිඳු පෙළ මවනු ලැබ තවත් මාස කිහිපයකින් අඩසියවසක්‌ සපිරෙයි එහෙත් එය සමරන්නට මේ නිර්මාණයට දායක වු කිසිවකු අද අප අතර නැත ඔහු ම වරෙක ඉහතින් මෑත යුගයක ගැයු ලොව්තුරු බුදු වදන අනුව ඔහු ඇතුඵ ඔවුන්ගේ රූපයන් දිරා ජරාවට ගොස්‌ ඇතද රසික සහෘදයා වෙනුවෙන් ඉතිරිකර තබා ගිය නිර්මාණ සුගන්ධය ඔවුහු නාමය ද දසත පතුරුවයි


එවකදි ඉතා සුලභ දසුනක්‌ වූ මෙවකදිතරමක්‌ දුලබ වූද මගතොටේ කඩමන්ඩියේ බස්‌ නැවතුමේදි සතිපොළේ සැරිසැරු විරිදු කරුවා නම් ජනතාවගේ මාධ්‍යවේදියා ඇසුරු කොටගත් මෙයින් ඒ සිනමාසිත්තමේ කථාංගය විශිෂ්ඨ ලෙස හකුඵවා දක්‌වයි කථාන්දර කියාදෙන්නට සමත් වැඩිහිටියන් එදවස පිරිවරා සිටිමින් ඔවුන්ගෙන් කථාන්තර අසන්නට රුචිකළ ළපැටි අප හට මේ කථාන්තරය ගුවන් විදුලියෙන් ඇසෙද්දී ද ඒ අපුරු රසය බිඳකුදු අඩුනොවි විඳගන්නට ලැබුනේ ඔහු තම ස්‌වරය ලෙළවමින් ගයන මේ විරිදුව ඔස්‌සේ මැවි මැවි ආ රූප පෙළ හා මුසුවය

නිර්මාණදිවියේ එයින් කියෑවුනු සිද්ධි දාමයට සර්වසම නොවුවද සැබෑදිවියේ ඊට තරමක්‌ සමාන සිදුවිම් පෙළක කථානායකයා වන්නට තමාට සිදුවේ යෑයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇත 

මෙතැන් සිට මෙහි සැකෙවින් දිගැහැරෙන්නේ ඒ අන්දරයයි 


ශ‍්‍රි ලංකා අග‍්‍රාමත්‍ය ධුරන්ධර එස්‌ ඩබ් ආර් ඩි බන්ඩාරණායක ශ‍්‍රීමතානන්ගේ අභාවය සිදුවු 1959 වසරේ එහි අවමංගල්‍ය වැඩකටයුතු සිදුකරණ අවස්‌ථාවේ ගුවන් විදුලි මැදිරිය වෙත සෙමෙන් සෙමෙන් පියනගන රුවකි ඔහු එහි සේවකයන්ට අමුත්තෙක්‌ නොවූවත් එදා ඒ රුව එහි දිස්‌වුයේ වසර ගණනාවක පසුව නොවේදැයි ඔවුහු එකිනෙකා හා මන්ත‍්‍රණය කලේය

එයින් දස වසරකට ඔබ්බෙන් යුගයකදී එවකට පැවතුනු හෙළ ගීත කලාව නවමගකට යොමු කරමින් එය උඩු යටිකුරු කළ අපුර්ව ගීතාවලියක හිමිකරුවාණන් ගේ එකී දැවැන්තයාගේ ආගමනය ඔවුන්ගේ කුතුහලය ට හේතු වන්නට විය

ඔහු එදා පැමිණ සිටියේ තමා මහත් සේ ගෞරව කල රටේ නායකයාණන්ගේ වියෝව නිමිතිකොට ගෙන තම හඩ අවදිකරමින් උපහාර ගීතයක්‌ පටිගත කිරීම පිනිස බව දැනගන්නට ලැබිනි පටිගත කිරීමේ මැදිරියේ ක‍්‍රියාකාරි තාක්ෂණික ශිල්පියා සුදානම්ය

වාදක මන්ඩලය සහභාගි නොකරගෙනම ඔහු තම කාර්ය අරඹා තිබිණි පටිගත කිරීමේ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක විම මදකට නැවතු ශීල්පියා ගායකයා වෙත සෙමින් ලංවි මෙසේ කියයි

මාස්ටර් හුස්ම ගන්නා සද්දේ ඇහෙනවා මයික‍්‍රෆෝන් එකෙන් මොකද කරන්නේ ? තාම්පූරාවක්‌ වත් වාදනය කරමුද ?

නෑ නෑ කමක්‌ නෑ මිනිස්‌සු සුනිල් සාන්ත තවමත් හුස්‌ම ගන්නා බව දැනගත්තාවේ

ගායකයා පිළිතුරු ලැබිනි

 කෙසේ හෝ අවසානයේ බන්ඩාරණායක සමරු ගීතය පටිගත කෙරිණි


තමා කරණ කාර්යයට සම්බන්ධ තාක්‍ෂණික දැනුමෙන් පමණක්‌ම සන්නද්ධ නොවී ඊට සබඳකම් පැවති සියඵ පරිබාහිර ඥාන සම්භාරයෙන්දි පරිපුර්ණව එදා එකි කටයුත්තේ ඔහු නිරතවිය ස්‌වර ඥානයදි ගායකයෙකු ගේ ගායනා පරාසය ශබ්ධ උච්චාරණය වාද්‍ය භාන්ඩ හා එයින් ජනිත වන හඩ සංකලනය යන මෙකි නොකි සියල්ල ඔහු මනා ලෙස ප‍්‍රගුණ කරමින් එහි නිපුනත්වයට පත් වි සිටි ඔහු වෙත

මෙරටට සැපත් ව එහි සපැමිණි විදේශිය සම්භාව්‍ය ගායන ශිල්පීන් හා වෙනත් සම්භාවනීය අමුත්තන්ගේ හඩ සම්මුඛ සාකච්ඡුා හා වෙනත් වැඩසටහන් පටිගත කිරීමේ කාර්යය පැවරී තිබුනේද  මෙකී සුවිශේෂී හැකියාව නිසාය

හඩ දායකත්වය සැපයු නිර්මාණ ප‍්‍රමාණාත්මකව සාපේක්‍ෂව අඩු වුවද පසුව හෙළ සිනමා ගීතයේ සරළ ගීතයේ ජයදද නැංවු ඔහු මෙරට සුභාවිත හෙළ ගීතයට පෙම්බැඳි එදා රසිකයන්ට කිසේසේත්ම ආගන්තුකයෙකු නොවීය

මේ සුමධුර හඩ පෞරුෂය දුර්ලභ ගායන ලතාව සතුකරගත් ආරෝහ පරිනාහ දේහධාරි ඔහු නාරද ලලිනාග දිසාසේකරය

මෙතැන් සිට ඔබ දෙණයන දෙසවන සනසාලන්නේ ඔහු පිළිබඳව දිගැහැරෙන ඔහුගේ දිවිමග පුවත් දාමයෙනි


මේ විසිවැනි සියවසේ තෙවන දශකයයි දසත පතල රාජකීය පන්ඩිත ඩබ්ලිව් ඞී සී වාගීශ්වර මහ පඩිවරයා ගේ එකම දියණි අධ්‍යපනඥ තමරාසා වාගීෂ්වර ඇගේදි අනාගත ආත්මිය සහකරුවා වූ රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සැලසුම්කරු ලෙස කටයුතු කල තෝමස්‌ කල්දේරා දිසාසේකර හා සරණ බන්ධනගත විමේ මහෝත්සවය මහ ඉහළින් සිද්ධ කෙරිණි

ඔවුන් දෙපොළ සංසාරිකව උරුම කරගත් වත්කම් ප‍්‍රකාරව ලැබුනු දරු කුඵඳුල් දරු සම්පතේ අසිරිය විඳගනු ලැබුවේ ස්‌වාමි දරුවානන්ගේ වසරින් 1933 ක්‌ වු පොසොන් මස සත්වැන්නේය ඔහු එවන් යුගයක දම්පතීන් ගේ සදාතනික සිහිනයක්‌ බඳුවන් පුත‍්‍රරත්නයක්ම විය

වාගීශ්වර පඩිිරුවන සතු වු කුඵඳුල් මුණුපුරාණෝ නාරද ලලිනාග ලෙසින් නම් කෙරිණි

තම මුත්තණුවන් ඇසුරේ සමවයස්‌ දරුවෙකු ලබන සිප්සතර අභිබවණය කරමින් එය මනාව ග‍්‍රහණය කරගත් කුඩා නාරද ව හා පුරා කියා ජයවද්දධනපුර කෝට්‌ටේ සාන්ත තොමසුවන්ගේ සිප්හල ට ඇතුළත් කෙරිණි

තෝමස්‌ දිසාසේකර පියාණන් ගේ රාජකාරිය මය වැඩ කටයුතු නිසා අගනුවරින් බැහැරවන්නට සිදුවු නාරදයන් ගේ දෙවැනි පාසල් මාතාව වුයේ කඵතර මහ විදුහලයි

එහිදි ලැබු සිප්සතර හා සමසමව තම ක‍්‍රිකට්‌ ක‍්‍රිඩාව ප‍්‍රගුණ කරනු ලැබු ඔහු එය ද මනාව හදාරමින් මනාව පුහුණවේ යෙදෙමින් කැපවීමෙන් කටයුතු කරමින් සිය විදුහලට මහත් කීර්තියක්‌ අත්පත් කරදෙන්නට නොපැකිළිවිය

සාහිත්‍යය විෂය අරභයා එකි විදුහලෙන් අපොස ජයකෙහෙළි නංවන ලද්දේ සම්මාන සහිතව ඒ කඩඉම පසුකර පළමුවැනියා වන්නට වරම් ලැබිමෙනි

තාක්ෂණික විෂයන් කෙරෙහි වඩාත් නැඹූරුව 1955 දෙසැම්බර් 15 දාතමින් යමෙකුට ලැබෙන දුර්ළභ වාසනාවකට උරුමකම් ලබමින් දිවයිනේ මර්මස්‌ථානයක්‌ ලෙස රජයේ අතිශය වැදගත් අයතනයක්‌ වු ගුවන් විදුලි දෙපාර්තුමේන්තුවේ තාක්‍ෂණික පුහුණුවන කාර්මිකයෙකු ලෙස ස්‌වකිය මුල්ම රැුකියාව අරඹන ලදී

එතැන්සිට තම රාජකාරිමය කටයුතු නිසාම දිවයිනේ මුල්පෙලේ සංගීතවේදීන් හා විද්වතුන්ගේ ඇසුර ලැබී තමා විසින් සසරෙහි ප‍්‍රගුණ කරමින් ආ කලාකාමිත්වය ගායන කෞෂළ්‍යයය දියුණු තියුණු කරගත්තේය ඒ යුගයේ විද්වතුන් පමණක්‌ නොව සාමාන්‍ය රසිකයන්ගේද නිති පුරුද්දක්‌ වු ග‍්‍රන්ථ පරිශීලනය තම දිවිය හා බද්ධ කරගැණීමෙන් නොනැවතී ඒවා තම දිවිමග සරුකරවාලන්නට උපයෝගි කරගනු ලැබිය

ගැඹුරු එහෙත් ඔහුටම ආවේනික රටාවකට හැඩ ගස්‌වා ගත් හඩ පෞරුෂයකට හිමිකම් ගී නාරදයන් ට ඊට නිසි අගය වටිනාකාම ලබාදෙන්නට ඉදිරිපත් වුයේ ද හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත් අමරදේවයන් ය

බි‍්‍රතාන්‍යයෙන් මෙහි සපැමිණ මෙහි පවතින ස්‌වභාව සෞන්දරයට වෙත සෙනෙහස පෑ මයික්‌ විල්සන් හා ශ‍්‍රීමත් ආතර් සි ක්ලාක්‌ ඇතුඵ කණ්‌ඩායමක්‌ විසින් බිහිකරන්නට යන ලංකාවේ පළමු වර්ණ හා ක‍්‍රියාදාම සිනමා සිත්තම වූ රන්මුතු දුවේ සංගීත අදියුරු රටා මවන්නට ඇරයුම් ලැබ සිටියේ අමරදේවයන්ය එහි පද රටා සිත්තම් කරන්නට කැඳවුයේ එවක පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වු ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ටය

දිඑහි අඩංගු කරන්නට නියමිත ගීතයන් හට ජීවය ලබාදීමේ කර්තව්‍යය පැවරුනේ නාරදයන් හටයි එවක ආධුනික යෞවණියක්‌ ව සිටි නන්දා මාලනී යුවතිය ඔහුගේ ගායන සහයිකාව ලෙස යොදා ගන්නට නියමිත යෑයි එතුමෝ නාරදයන් හට හෙළි කරනු ලැබ තිබුනු අතර නිහතමානි ගුණයෙන් සපිරි ඔහු ඊට ඉතා කැමැත්තෙන් එකග විය

යුග යුග රසවිඳින ඔහුගේ ගි පෙළ අතර තුඩ තුඩ රැුඳුනු

ගලන ගගකි ජීවිතේ - දයාඵ ලෝකයේදි.................

නම් සම්මාණනිය නිර්මාණයේ උපත සිදුවුයේ එයාකාරයෙනි


දිවි ගමනේ තෙවන දශකය ගෙවියන්නට තෙවසරකින් මෙපිට තාරුණ්‍යයේ සුන්දරත්වයේ අසිරිය විඳිමින් සිටි නාරදයන්ගේ එවක නිවහන වුයේ කඵතරයි තමන්ට වඩා දස වසරකින් පමණ වැඩිමහඵ වුවද එවකටද දිවියේ මැදිවියට පවා පියමං නොකල පන්ඩිත් අමරදේවයන් හා සල්ලාපයේ මිතුරු සංගමයේ නිරත වෙමින් දෙමිතුරෝ කඵතර වෙනත් මිතුරෙකු ගේ නිවහන ඇසුරු කරමින් සති අන්තයේ සැඳෑ ගීත රස මවන්නට පුරුදු ව සිටියහ

එවිට එහි මැවුනේ අපුර්ව ගීත රස ගුලාවකි බාල මහඵ ඥාතිහුදදි අසල්වැසියෝද එහි රොක්‌වෙමින් තමන්ට තිබුනු එකම විද්්‍යුත් මාධ්‍යය වු ගුවන් විදුලියේ නිති හඩ පතුරන මේ ගයක මිතුරන්ගේ හඩ සජිවිව රස විඳින්නට ලැබුනු අව්ස්‌ථාවන් පැහැර නොහැරීය

මේ රසික කැළ අතරින් මතුව ආ සිගිත්තියකි පෙනුමෙන් එකොළොස්‌ හැවිරිදි වියේය ඇය යොවුන් නාරදයන් අසලටම විත් දෙනුවන් අයා දෙනයන නොපියා ඔහු ලග දැවටෙන්නට පුරුදුව සිටියාය කෙමෙන් දින දින මදහස පාමින් ලංව ලංව බොළඳ බස්‌ තෙපළන්නී වරෙක ඔහු ගේ කාළාලයේ කොණකය තවත් වරෙක ඔහු පසුපස ඇදී නිවසේ ඈත වැට මායිමේ ගේට්‌ටුවේ එල්ලි පැද්දෙන්නී ඔහු හා දොඩමඵ වන්නීය ඔහු අහාර කිස පිණිස මේසයේය

ඇයද එහි කොණක වාඩිවි සිටී

මතු දිනක එතැන් සිට.....................



(විශේෂ ස්‌තුතිය - නිලංගනී දිසාසේකර මහත්මිය 

මුදු හදවතක තතු - ඉනෝකා පෙරේරා බන්ඩාර ලියු කෘතිය ඇසුරෙනි)



Sunday, April 23, 2017

නන්දා පතිරණ පළමු හා එකම වෙළද ගී තැටිය


හෙළ ගී රැජින නික්ම යන්නට මත්තෙන් ඇය  නැළවු  නන්දා ගී  රාවය - දර්ශණ ලේබලය -1978
මේ 1978 වසරයි නව රජයක්‌ බලයට පත් වී තිබේ විපර්යාස රැසක්‌ සිදුවෙමින් පැවතිනි නව ආන්ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකින් ලංකීය ඉතිහාසයේ මුල්වරට විධායක ජනපති වරයෙකු දේශය පාලනය කරයි ඔහු යටතේ නව අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කරන්නට තෝරාගෙන සිටියේ ලංකිය ඉතිහාසයේ මුල්වරට අගනුවර මැද නාගරිකයෙකුය හෙතම රණසිංහ ප්‍රේමදාස නමිනි
විදුලි වේගයෙන් කොළොම්පූරය මහා පරිවර්තනයකට ලක්‌වෙමින් පැවතිනි නගරය සිසාර වටරවුම් ඉදිවිනි එහි නා නා වර්ණයෙන් සමලංකෘත පුෂ්පයෝ සුලගේ ලෙළදෙති ලංකිකයන්ට මතුනොව අගනුවර වැසියනට පවා අගන්තුක ව පැවති අහස්‌ පදික මාරු හතු පිපෙමින් තිබිනි
කොළඹ කොටුව දුම්රිය නැවතුම ට යාබදව කඩ සාප්පු රැසක්‌ වහ වහා ගොඩනැගිනි ඒවායේ මින්පෙර මෙහි කිසිදිනක නොතිබු නොදුටු විසිතුරු ඇඳුම් පැළඳුම් අයිත්තම් නෙක වර්ණ බහලුම් ගමන් මඵ පිරි ඉතිරී ගොසිනි
ඒ වෙනුවෙන් ගීත ද පබැඳිනි එවකට දගකාර යව්වනයේ වේග රිද්මයේ ගායන තරුව නිහාල් නෙල්සන් විසින් ඊට හඩ මුසු කෙරිණි එහි ලියෑවි ගැයුණු දෑ අතිශයෝක්‌තිය නොවේ

කොළඹ කොටුවේ කොටු දොරකඩ තිබුනු තැනට ටිකක්‌ එහා.................

ලෝකේම ඇති ඔක්‌කොම දේ තිබුනු තැනක්‌ තියනවා...........

මේක ලෝක වෙළඳ පොළ අපේ මේක ලෝක වෙළඳ පොල අපේ.....................
මේ නාමය දිවයිනේ අස්‌සක්‌ මුලලක්‌ නෑර විදුලි වේගයෙන් පැතිර යමින් තිබිනි නා නා දෙසින් ජනය එහි එක්‌ රොක්‌ වන්නට වුයේ මේ විසිතුරු බඩු කන්දරාවෙන් තමන්ට ඇවැසි දෑ පොරකමින් මිළදී ගන්නටය
මෙහි සේවය කල තරුණෙකි ඔහු ධර්මදාස දලබඩගේ නමිනි එහි යනෙනා කලාකරුවන් ඔහු ඇසුරට ද පත්වෙයි සතුටු සාමිචියේ නිරත වෙයි ඔහුගේ බිරිඳ එවක ජාතික ගුවන් විදුලියේ ජන ගී ගායන ශීල්පිනියක්‌ ලෙස පතල නන්දා පතිරණය
මේ අතර ෆෝර්චූන්ස්‌ (The Fortunes) නායක ප්‍රවිණ සංගීතවේදි ස්‌ටැන්ලි පීරිස්‌ ද වෙයි ධර්මදාසට ඔහුගෙන් යෝජනාවකි
නරකද අපි ඇල්බම් එකක්‌ කරොත් ?
ඔව් අපි කරමු අනිවාර්යෙන්ම
කලාලැදි රසිකයෙකු වු ධර්මදාසයන් ඊට එකහෙළා එකගත්වයට පළ කරයි
        xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ස්‌ථානය කොළඹ අගරදගුරැ නිල නිවස්න යාබද බොරැල්ලේ බිෂොප් හවුස්‌ - ශබ්දාගාරයයි

ප්‍රධාන පටිගත කිරිමේ ඉංජිනේරු ඩොනල්ඩ් අයිවන් ගේ සංඥාව
ලැබෙනතුරු සංගීතවේදී ස්‌ටැන්ලි පිරිස්‌ ඇතුඵ ෆෝර්චූන්ස්‌ වාදක මන්ඩලය සුදානම්ය සංඥාව ලැබී ශීල්පිනි නන්දා පතිරණ ගීතය ගැයීම පිනිස තම අවදිකරනු ලැබීය

ලන්ද දිගේ හැංගි හොරා - සැඳෑ කාලයේ ..........................

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ ..........................

ස්‌ටැන්ලි පිරිසුවන් ගේ කණිටු සොයුරු මිල්ටන් ලතාවකට බඳ ළෙලවමින් තම උරහිස රුවා ගත් විදුලි ගිටාරයේ තත් සුරතින් පිරිමදිනු පෙනේ
පළමුවන අන්තර් වාදනය ඇරඹ ශබ්දාගාරය සිසාරා දෝංකාර නංවන අතිශය සුමියුරු වස්‌දඞු රවයකි හිස පහතට රැවා ගනිමින් සදාකල් පියවුනු දෑස්‌ සහිත ඔහුගේ අතැගිලි යුහුසුඵව වස්‌දන්ඩ ඔබ මොබ සිසාරා දිවයනු පෙනේ ඔහු කවුරුද ?
ඈත දුර ඌව පලාතෙන් අගනුවර කර පියමං කරමින් මහත් සේ දුක්‌ කරදර කම්කොටඵ මධ්‍යයේ තමන් දිවි දෙවැනි කොට ඇඵම් කරණ සංගීතය හැදැරීම පිනිස ආ ඔහු දෑස්‌ අඳ යව්වනයෙකි නමින් වී හේමපාල පෙරේරා ය ඔහු ෆොර්චූන්ස්‌ වාදක මන්ඩලය වෙනුවෙන් වාදන සහය සපයයි
පටිගත කිරිම නරඹමින් සිටින නෙක දනා අතරින් එහි සිටි සියල්ලගේම නොමද අවධානයට ලක්‌වු කාන්තා රුවකි ඇය එහි රස පහසෙන් කුල්මත් වි ඇති සේය
ගායනය අවසන්ය

හරිම ලස්‌සන මෙලඩි එකක්‌ නංගී ...............

ඇය තම රන්රසුදැල් රාව පරදින කිකිණිහඩ නංවමින් පිළිවදන් දිනි
අය වන් දැවැන්තයෙකුගෙන් එවැනි වදනක්‌ ? ඒ සහතිකය අමිලය
එදා මෙදා තුර සිංහල වේදිකාවේ සිනමාවේ ජයකෙහෙළි බැඳි තම අසමසම හඞ පෞරුෂයෙන් අපමණ රසික රසිකාවින් වසග කල අදටත් නොබිඳි වාර්තාව වු තමන් පෙනි සිටි ජවනිකා වෙනුවෙන් වැඩිම වාර ගණනක්‌ තමන්ගේම හඩින් ගැයු ඇය එවකට ලංකීය කලා ක්‍ෂේත්‍රය අග රැජිනි රුක්‌මණි දේවිය ඇය 
එදින ඇය ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ අංශයේ ම සහය ගායක ටී එම් ජයරත්න ද සහභාගි කරවාගෙන ගීත 04 ක්‌ පටිගත කරනු ලැබිය
තැටි වෙළඳ ව්‍යාපාරය ට බට නවතම සාමාජිකයන් ව තම පවුලේ නිෂ්පාදනයක්‌ වූ එහි ලේබලය ස්‌වකීය ළදරු කණිටු පුතු ගේ නම යොදා දර්ශණ නමින් වෙළඳ පොළට නිකුත් කලේය
ඒ වහාම ඒ ගීත 04 ම ගුවන් විදුලියේ වෙළඳ සේවය සිසාර ගුවනට මුසුකෙරිණි
01 මල්වනේ රෝස කැකුඵ මැදින් මට පෙනේ  ....................

02 හිරු දෙවියන් වැඳ අවසර ගත්තා - ..................

03 මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා - මම සැනසෙනවා ................

රසිකයන් අන්ද මන්ද කලේ තම සුපුරුදු ජන ගී ආර හැරදා යළි ඉපදුනු නන්දා පතිරණ ගේ නැවුම් හඩ නුපුරුදු ලෙසින් සවනක වැකිමෙණි
හෙළයේ මහා ගීත කෝකිලාවිය නිළි රැජින ගේ මුවින් නැගි පැසසුම් කෙසේ සුඵකොට තකන්නද තැටිය අලෙවි වාර්තා තබමින් විකිණි යන්නට විය
එහෙත් එය අසන්නට දකින්නට ඇය මෙහි නොවිය ගීත ඇල්බමයේ ආගමනය ට පෙරාතුවම ඇය යළි නෙඑන්නටම නික්‌ම ගියාය

01 මා අමතන්න එපා පාඵ මේ රෑයේ.....................

ඔබේ ශෝකි වෙණ නදින් මා හඞවන්න එපා................

මා අමතන්න එපා.....................

සවන්දෙන්න මෙතැනින්
02  ලන්ද දිගේ හැංගි හොර සැදෑ කාලයේ .....................
   රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ .................


මෙතැනින් අසනු මැන



03   මේ වේදනා මේ චේතනා විඳිනා..............
        ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා..............
       මේ පාඵ යාමේ ආදරේ හඳුනා............
        සිත සැඵණා ..................

සහය - ශිල්පී ටී එම් ජයරත්න

අසන්න මෙතැනින්
     

                                      xxxxxxxxxxxxxxxxxx

ලේබලය - දර්ශන (DARSHANA)

දිනය - 1978 ඔක්‌තෝබර්

නිෂ්පාදනය - ධර්මදාස ගලබඩගේ

පටිගත කිරීමේ ඉංජිනේරු - ඩොනල්ඩ් අයිවන්
ශබ්දාගාරය - බිෂොප් හවුස්‌- බොරැල්ල කොළඹ 08
ධාවන වේගය - 45 භ්‍රමණවට (45 rpm)

ගීත සංඛ්‍යාව - 04

පළමු පැත්ත (SIDE A)

01 ලන්ද දිගේ හැංගි හොරා
02 මා අමතන්න එපා


දෙවැනි පැත්ත (SIDE B)

01 මේ වේදනා මේ චේතනා (සහය ටී එම් ජයරත්න)
02 ගොම්මන් එළියේ (සහය ටී එම් ජයරත්න)

පද රචනා - කුලරත්න ආරියවංශ

තනු නිර්මාණය හා සංගීත අදියුරු - ස්‌ටැන්ලි පීරිස්‌

-----------     සමාප්තයි   -----------------

පසු සටහන් -
(විශේෂ ස්‌තුතිය - ජ්‍යෙෂ්ඨ ශීල්පිනි නන්දා පතිරණ මහත්මිය වෙත)

Tuesday, April 4, 2017

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද - හෙල පෙළපත අභිමන් දද බැන්දා


සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර -  - 04 වන කොටස
නමුදු ඔහු ගේ පරිකල්පන ය ඔස්‌සේ මුවහත් වූ නැණැස මෙහෙයවූයේ මිනිසත්බව එකී පැතිකඩ ඔස්‌සේ පමණක්‌ම නොවේ ඔහුමැවූ යොවුන් ප්‍රේමවිජිතයේ සටන් ජයලබනුයේ දෙහදක්‌ එක්‌විමෙනි


ඉක්‌බිති ඇය උත්තරීතර මව් පදවිය ලැබ අපිරිමිත දාරක ස්‌නේහයෙන් හද පුරවා ළදරු වියෙන් නික්‌මීයන තම සිගිත්තාගේ ලෝකය හා එක්‌වන අයුරුයි මේ

වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණදෝ - ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්‌ටුයිදෝ ?

කෝ අනේ පුංචි හොරා උන්නා මේ කාමරයේ නෑ සද්දක්‌ දොරමුල්ලේ එත් අනේ දොරහෙල්ලේ

(ශ්‍රීමතී තිලකරත්න - සප්තස්‌වර මුසුව මහින්ද තිලකරත්න විසිනි)

අද මානව පරිකල්පනය මොටකර මුලිනුපුටා දමන රූපයන්ත්‍රයේ ග්‍රහණයට ලක්‌වන්නට පෙරාතුව එදා ගුවන් විදුලිය මාධ්‍ය ට හුරුව සිටි රසිකයන්ගේ ගේ මනස සිසාරා දිවයන එවන් සුන්දර රූපාවලියක්‌ මැවූයේ ද කේ ඩි කේ ය

අසන්න ගීතය මෙතැනින්



පුරාණ සාහිත්‍යයේ අතැඹුලක්‌ කොටගත් මේ ගේයපද රචකයාණෝඅන්ධානුකරණය පිළිකෙව් කලේය ඒවා විචාර පූර්වක ව තර්කාණුකුල අර්ථ විවරණය කරන්නට විය තත්කාලීන කලා නිර්මාණ හා වියත් අදහස්‌ ද ඔහු සැළකිල්ලට බඳුන් කරන්නට ඇතැයි අනුමාන කිරීම යුක්‌තියුක්‌තය

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර තිබිණි

රාමායණයේ දැක්‌වෙන කථා ප්‍රවෘත්තිය හා එයාකාරයෙන්ම එකග වීම ප්‍රඥාගෝචර නෙවන්නේ යෑයි මම කියමි එය පක්‍ෂග්‍රාහි යෑයි පැවසෙන විද්වත් මත යුක්‌ති සහගත වේ යෑයි මමද සිතමි එහි කථානායකයාණෝ භාරත යේ දශරථ රජ පුත්‍රයාණන් වූ රාම චරිතය උත්කර්ෂණයට ලක්‌ කර තිබීමත් ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ ලංකාද්වීපයේ පාලකයා වූ රාවණ නිග්‍රහයට පාත්‍ර වන්නට සැලැස්‌වීමත් සිදුකර තිබෙයි එහෙත් මෙහි පවතින්නා වූ ජනකථා ජනශ්‍රැතිය හා වෙනත් මුලාශ්‍ර ඒ හා සපුරා අනුගත නොවේ

 එවර ඔහුගේ පන්හිඳ තුඩගින් මෙසේ ලියෑවී තිබිණි



සිතාවනි ඔබ හැඩරුව ඇති බව - දිවි හිමියෙන් පති දම් සුරකින බව

දනිමි ඔබත් දැනගත යුතු මේ බව - ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව

අපේ කුලගොත වත ඉහළයි හැමවිට- එහි අභිමානය රකිනෙමි හැමවිට

අන්සතු අගනක සෙනෙහස පැතුමට - දීන නොවේ මේ රාවණ පෙළපත

මගේ සොහොයුරියක්‌ පෙර දවසක්‌දා - රමා කුමරුගෙන් හිරිහැර වින්දා

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා - හෙල පෙළපත අභිමන් දද බැන්දා



රසවිඳින්න මෙතැනට පිවිස



(වින්ස්‌ටන් ප්‍රේමසිරි ගී හඞ වෙනුවෙන් ස්‌වර රටාව ආචාර්ය වික්‌ටර් රත්නායක)



රාවණ නරපති තෙම එසේ තෙපළයි ශ්‍රාවක සිත් සසල කරවයි සුපුරුදු ලෙස මෙවර ද ඔහු තම ගී රසිකයාගේ නෙතග කඳුලු නංවයි එහෙත් ?

හාත්පසින්ම වෙනස්‌ ප්‍රස්‌තුතයක්‌ ඔස්‌සේය ඒ ඔහුගේ අපමණ නිර්මාණ කෞෂල්‍යයයි
කේ ඩි කේ විසින් ඒ භූපතියාණෝ පිළිබඳව මහත් දායානුකම්පාවක්‌ ජනිත නොකෙරුවේද ඔබ තුල රෑ හදවත හඩා නොවැටුනේද ඔහු පිළිබඳව ඔබගේ ?

ඉන්දීය ආගමික සාහිත්‍යයයේ පූජාර්භ වන ලෝ තලයේ ම පතල සිමිත සංඛ්‍යාවක්‌ මහා කාව්‍ය අතරද ප්‍රමුඛත්වය ලබන මහා භාරතය මෙන්ම මේ කථාවස්‌තුව ගෙනහැර දක්‌වන රාමායණය ඇතැම්හු පුරාවෘත්තයක්‌ ලෙස ද සලකති එසේ නොවන්නේ යෑයි කියා සිටින්නෝ ද වෙති

 රාමායනයේ මේකී පුවත කියෑවෙන අයුරු මෙසේය

දුරාතීතයේ යුගයක ලංකාද්වීපය පාලනය කළ රාවණ නම් තෙදැති පාලකයා ලෝ නියාම ධර්මයට පටහැනිව ක්‍රියා කරයි ඒ අනුව ඔහු විසින් භාරතයේ ඉසුරුමත් අයෝධ්‍යාපුර පාලක දශරථ නරවරයා විසින් වනප්‍රස්‌ථ දිවියකට පිටමං කළ ඔහු පුත් රාමයන්ගේ අතිශය රූබර භාර්යා තොමෝ වූ සීතා දේවිය පැහැරගෙන මෙහි ගෙන එන ලබන්නේ සල්ලාලකම නිසයි

ඒ නිසා මෙකී දුෂ්ඨ පාලකයා හා ඔහුගේ පරපුර විනාශ කර දමන්නට පාරිශුද්ධත්වයේ සංකේතය වූ රාමයන් විසින් යුධ ප්‍රකාශ කරනු ලැබ ඊට ඇවැසි ගෝත්‍රික සේනා රැස්‌කරවා මෙහි විත් වසර ගණනක බිහිසුණු යුද්ධයකින් රාවණ තෙමේ දිවි තොර කරනු ලබයි ඒ ඔහු සොයුරු විභිෂණ ගේ සහයෙනි

ඊට ප්‍රතිඋපකාර ලෙස විභිෂණ ලක්‌ කිරුළ පවරා රාමයන් සීතා දේවිය හා නික්‌ම ගොස්‌ ඇය අමතා තමා ගේ නිකැළැල් බව ඔප්පු කර දක්‌වන මෙන් නියෝග කරයි

40 දශකයේ මුල්භාගයේදී මුණිදාස කුමරතුගුවන් විසින් බිහිකල හෙළ හවුලේ සාමාජික පිරිස්‌ වූ හරිස්‌චන්ද්‍ර විජේතුංග ජයන්ත වීරසේකර අරිසෙන් අහුබුදු මෙම සිදුවීම ප්‍රතික්‍ෂේප කරයි තම මතවාදය ජනගත කිරීම සඳහා අහුබුදුවන් සක්‌විති රාවණ නම් වේදිකා නඵව මෙන්ම ලිපි හා පුස්‌තක කිහිපයක්‌ එළිදැක්‌වීය

දිඑවකට රාවණයන්ගේ යටත් විජිතයක්‌ වූ දක්‍ෂීණ භාරතයේ දන්ඩක වනයට අනවසරයෙන් ඇතුඵවු රමා - සීතා හා සොයුරු ලක්‍ෂමණ ගෙන් කරුණු විමසන්නේ එහි අන්ඩුකාර ධුරන්දර රාවණ සොයුරිය ශුපර්ණිකාය එහිදී ඈ ට එරෙහිව ඇගේ නාසය හා කන් සිඳලනු ලබයි

රාවණ සීතා පැහරගන්නේ මීට පළිගැනීමට මිස ඇයව අපහරණය කරන්නට නොවේ

කේ ඩි කේ ගේ මෙම නිර්මාණය ට හෙළ හවුලේ මතය හා ලාංකික ගැමි ජනප්‍රවාද සාහිත්‍යයය සෘජුව හෝ වක්‍රව බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකිය

90 දශකයේ මැදභාගයට එපිටින් යුගයේ පොදුරසිකයන් වෙත නිති ගී රස ළංකරදුන් එකම විදුමාධ්‍ය වූ රජ්‍ය ගුවන් විදුලියේ එවක සේවය කළ නිවේදක මඩුල්ල කිසිම විටක එකිනෙකාට දෙවැණි නොවිනි එහෙත් ඔවුන් අතරින් වඩාත් කැපී පෙනෙන සුන්දර රූපකායක හිමිකාරුවාණෝ වූ මේ ගේයපද කවියාණන් එහි දී ආරාධන ස්‌වර දැහැන හා වෙනත් වෙළඳ වැඩසටහන් අතිමහත් සංඛ්‍යාවකට දායකත්වය සැපයීය

ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිංහල සේවා අධ්‍යක්‍ෂ පාලිත පෙරේරා හා එක්‌ව සෙවණැල්ලක්‌ මෙන් සිටිමින් සම්ප්‍රදායික ගතානුගතික එකී අයාතනය නවිණ ලෝකය වෙත කැන්දාගෙන යන්නට ඔහු ද අතහිත දුන්නේ ලාංකිය පුරෝගාමි එෆ් එම් චැනලය වූ සිටි එෆ් එම් බිහිකරන්නට දරදිය ඇදීමෙනි

දේශපාලන විපර්යාසයන් අනුව හමන සැඩ සුළගින් නිති හසුවන ගුවන් විදුලියේ 1994 හැමූ තීරණාත්ම මාරුතයකින් පෙරඵනු වෘක්‍ෂයන් ට තැළි පොඩිවී ගසාගෙන ගිය කේ ඩි කේ ට දශක තුනක්‌ තමා ගේ සොඳුරු නිවහන බඳු වු ඒ ආයතනයෙන් බැහැරව යන්නට තින්දු වී තිබිණි


ඔහු මේ කොදෙව්වෙන් බැහැරව වැඩිම ලාංකික ගී රසිකයන් රැසක්‌ එක්‌රැස්‌ වූ කලාපයක නව නවාතැනක සුපුරුදු කලාව ප්‍රගුණ කරන්නට වූයේය ඒ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ උමා අල් ක්‌වේන් ප්‍රාන්ත ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් මෙහෙයවන්නටය

නව සහස්‍රය ඈත ක්‍ෂිතජයෙන් එබි එකොළොස්‌ මසක්‌ ගතවී ගොස්‌ තිබිණි ඔහු මෙවර ජීවන චාරිකාවේ සයපනස්‌විය පසුකරමින් සිටියේය

අදින් තෙසැත්තාවකට පෙර මෙහි සපැමිණි කේ ඩි කේ ධර්මවර්ධනයෝ සුරත රැඳි පන්හිද පසෙකින් තබන්නට ඉරණම විසින් තින්දු කර තිබිණි ඔහු ඈත ක්‍ෂිතජයේ සැගව ගිය සෙයකි මතු මහල් තලයක රැඳී නෙත් පහත යොමා තම ගේයපද රසිකයන් වෙත දයාබරිත බැලුම් හෙළන්නේද ?

තමන් වසග කල එවන් අමයුරු ගීතාවලියක රසඋල්පත සිඳි ගිය බව කණවැකුණු රසිකයන් වැළනොකැඩි රෝහල් සයනය මත නිසලව නිදන කේ ඩි කේ රුව දසුන තවත් එකම වරක්‌ තම දෙඇස්‌ හි සටහන් කරගන්නට පොරකෑහ

මතු දිනක එයින් මෑත්ව යළි මෙහි පැමිණ විරාමය ලත් තැනින් ඒ සුන්දර ගීතාවලිය අරඹන තෙක්‌ ඔවුහූ නොඉසිලිමත්ව රැඳි සිටිනු ඇත

       xxxxxxxxxx     සමාප්තයි    xxxxxxxxxxxxxxxx


 අධෝලිපිය

 කේ ඩි කේ ධර්මවර්ධන සිනමා ගීතපෙළ අතරින් සමහරක්‌

ශ්‍රී මදාරා - පළිගු බඳුන් - මිල්ටන් මල්ලවාරච්චි

පෙම්බර මධු - දෙණුවන් බිගුන් - බඹරිදු රොන්සුනු එච් ආර් ජෝතිපාල - ඇන්ජලීන්

මග පෙන්වන තරු සළකුණු - චන්ද්‍රීකා සිරිව්ර්ධන

මරුවා සමග වාසේ - බඹර කලාපේ -

මිල්ටන් මල්ලවාරච්චි - ඇන්ජලීන් ගුණතිලක
සැණකෙලිය - බොල්පිණි මැද - සුජාතා අත්තනායක
වස්‌තුව - බඹර පහස - එච් ආර් ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක
අනුරාධා - තාරුකා දිහා - මිල්ටන් මල්ලවාරච්චි

මල් කැකුඵ - ලස්‌සන දෑසක්‌ ඉස්‌සර මා සෙව්වා - මිල්ටන් මල්ලවාරච්චි -
ෂ්‍යාමි ෆොන්සේකා

සහෝදරියකගේ කථාව - පැතුමන් බොඳවී- අමරදේව

සිකුරු දසාව - සසලව කැළඹී - ලතා වල්පොල මහමග තැන තැන - රූපා ඉන්දුමතී - මිල්ටන් පෙරේරා

සඳවට රන්තරු - සැගවීලා - එච් ආර් ජෝතිපාල

රන්දම්වැල් - ළංවෙන්නවාදෝ වෙන්වූයේ - එච් ආර් ජෝතිපාල - ලතා වල්පොල - වෙන්වෙන්නවදෝ ළංවුයේ - වික්‌ටර් රත්නායක
යළී හමුවෙන්නයි - ආදරේ මන්දිරේ වැසුනා - චන්ද්‍රලේඛා පෙරේරා
දුර්ගා - රසමුසු ජය කල්පනා - නීලා වික්‍රමසිංහ


 රූපවාහිනි ටෙලි නිර්මාණ පෙළ අතරින්


හිමි අහිමි හඳහඩන පණනල - සුනිල් එදිරිසිංහ

ප්‍රමාද වැඩියි - ආදර සීනුව පෙම්ලොව දොරලග- ග්‍රේෂන් ආනන්ද

සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන මහත්මිය)

Monday, March 20, 2017

කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණ මතක සුවද - 03 - හොඳ මතුවේ මරණින් පස්‌සේ...

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද  - 03 වන කොටස



මිතුරු මිල්ටන් මල්ලවාරච්චි ගේ ළගන්නා හඩට සරිලන ලෙසින් ඉහත පෙළගස්‌වා ඇති ගී පද පෙළගස්‌වා ඔහුව 70 දශකයේ යව්වනයේ සිහින කුමරාණෝ ලෙස අභිෂේක කලේ කේ ඩි කේ ය

එයාකාර ප්‍රේමයේ සොඳුරු බව මිහිරි බව ගීයට නංවා යොවුනන් හදකිතිකැවූ ඔහු වරෙක ඔවුන්හට සිහින ලොවින් පියවි ලොවට පිවිස නුවණැස දල්වාලන්නට ඔවදන් දෙන්නේ දයාදර වැඩිහිටියෙකු ලෙසිනි


එදා මෙදා තුර හිරු සඳු පසළොස්‌දහස්‌ වාර ගණනක්‌ ඉක්‌මවා උදා වී අස්‌ත ගතවෙද්දී ගී රසික ඔබ එපමණ වාර ගණනක්‌ නෙක ගී රස විඳින්නට ඇද්ද රෑ ඒ සා විශාල ගේය පද කව්‍ය ගොන්නකින් යළි යළිත් පැණ නැග ප්‍රතිරාව නගන්නේ හද පතුලටම කිඳා බසිමින් කවර නම් අල්ප නිර්මාණ සංඛ්‍යාවක්‌ද රෑ ඊට හේතුව කිම ?

ගී රසික හද කිතිකැවුණු ඔහුගේ එකී මධුරතර නිර්මාණපෙළ පෑ පෙළහර විමසිම මදකට නවත්වා මේකී අපුරු රසවතාගේ දිවිමග තොරතුරු වෙතට නෙත් යොමු කරමු

මින් දශක හයකට එපිටින් වූ යුගයකදී කන්ද උඩරට අගනගරයේ ග්‍රාමයේ පදිංචිව සිටි කඵආරච්චිගේ දොන් එඩ්මන්ඩ් ධර්මවර්ධන මහතාණෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය පොත් හා සගරා මුද්‍රණ ශිල්පය ප්‍රගුණ කර සිටි ඔහු ගේ එකී පොත් ව්‍යාපරය තිලක මුද්‍රණාලය නමින් හැදින්විනි ලිලාවතී ධරමවර්ධන ඔහුගේ දයාබර බිරිඳයි මේ යුවළට දාව උපන් දරුවන් සයදෙනා අතරින් කේ ඩි කේ ධර්මවර්ධනයන් පවුලේ වැඩිමලා වූ මෙන්ම ඔවුන්ගේ එකම පුත්‍ර රත්නයයි

දළදා සමිඳු වැඩවසන මන්දිරයට එපිටින් විරාජමානවන අගනුවරින් බැහැරව ලක්‌දිව සිසාරා සිප්සතර පතල දම්රද සෙවණේ අකුරු කරවු ඔහු ගේ නිති ඇසුර ලැබූ මිතුරු කැළ ද පොත්පත්මය

නොසංසිඳෙන ඥාන පිපාසාවෙන් පෙඵණු ඔහු උඩරට රාජධානි සමයේ හෙළයේ මහා විහාරය ලෙසින් ගරු බුහුමන් ලැබූ තම නිවස්‌නට පෙනෙන දුරකින් පිහිටි මල්වතු මහා විහාරයේ මහාපොත්ගුලෙහි නිති ඇසුර ලැබීය

එයින් බැහැරව ගුවන සිසාරා කණ වැකුණු රෙදෙව් හඩ ඔහුගේ විශ්වාශවන්තම ඥාතියා බඳුවිය කෙදිනක හෝ මතු එකී ඥාතිවරයා මුණගැසීම හා ඒ ඇසුර පැතීම හා ලැබීම තම එකම සිහිනය කරගත්තේය ඒ සිහිනය මල්ඵල ගන්වාගැනීම ස්‌වකීය එකම අපේක්‍ෂාව බවට පත්කරගනිමින් හෙළයේ අවසන් රාජධානියේ අගනුවරින් වත්මන් අගනුවරට පියමං කරනු ලැබීය

අගනුවරදී ඔහුගේ මුල්ම නවාතැන කොළඹ සරසවි පුස්‌තකාලය බවට පත් කරගත්තේය අදින් වසර 50 කට ඔබ්බෙන් රෙදෙව් පොළේ ඇබෑර්තුවකට අයදුම් කරනු ලැබීය ඇසූ පිරූවන් මනාසේ ඇසුරු කරමින් භාෂණයේ භාෂාත්‍රය මතු නොව පාලි සංස්‌කෘත භාෂාන්තර මහා දැනුම් සම්භාරයකට හිමිකම් කියූ ධර්මවර්ධනයන් එකී ආයතනයට නුසුදුසු වන්නේ යෑයි කවරහු පවසත්ද ?

ඔහු 1967 වසරේ ඔහු නිති පැතු සිතු සිහිනය මල්ඵල ගැන්වීය එතැන් පටන් ඒ සුන්දර හඩ ලක් පොළොව සිසාර ඇසෙන්නට විය

සම වයස්‌ යව්වනයෙකු වූ ළගන්නා ළයාන්විත හඩකට උරුමකම් ලද මිල්ටන් මල්ලවාරච්චි නම් තරුණෙකු ගෙන් ආයාචනයකි ඒ තමා ට ගයන්නට නියම ව තිබුණු වැඩසටහනක්‌ වෙනුවෙන් ගේයපද පෙළක් අමුණා දෙන ලෙසය


ඔහු ගේ ඉහත ලැයිස්‌තු ගත ගීමුතු දාමය පිරික්‌සන්නේකුට මෙකී මගුල් සක්‌වළ ද නියෝජනය කරන කාම ලෝකයක්‌ වූ මිනිස්‌ ලොව මානව මානවිකාවන් සොඳුරු සිහින පරාදීසයක සතපන ප්‍රේමාලිංගනය නුරාව හා එයින් හටගන්නා විරහව වියෝගය මතු කරවන නිර්මාණයන් පමණක්‌ ම හමුවේද ?

ඔහු එපමණකින්ම ස්‌වකීය නිර්මාණකරයට සිමා බන්ධන පනවාගනු ලැබ තිබුණේද ?

යන මේ කරුණ සළකා බැලීම වටී

සමාජයේ තමන් හා ඇසුරු කලෝ කළ කී දෑ මෙන්ම ස්‌වකීය පෞද්ගලික අත්දැකීම්ද ඒ අතර නොතිබෙන්නට ඇතැයි කිව නොහේ ඒ බව සොයා බලා දැනගන්නට ඔහුව විමසන්නට පමා වූවා වැඩිය හුදු ප්‍රේම සල්ලාපයන් බැහැර ව පියවි ලෝකයට පිවිස ලෝ දහම් තතු මෙයාකාරයෑයි දැන හැඳින ගත් ඔහු තම නිර්මාණදාමයේ නිම් වළලු පුඵල් කරවාගත් එක්‌තරා අන්දමක සංවේදී පද පෙළගැස්‌මක්‌ මෙයාකාරයෙන් විය

ගුණ ගී වරුස පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්‌සේ............

කී දොස්‌ නැවතී එතුවක්‌ පැවතී හොඳ මතුවේ මරණින් පස්‌සේ..............

නොතකා සිටි ඒ වටිනා ජිවිත - පොළවේ සැගවෙනදා............

කළ මහ සේවා - සත්ගුණවත්කම් - ගුවනේ රැව්දෙනවා...

මේ ඉරහඳ පුහුදුන් වූ අප කාටත් වරදිනවා - යම් යම් තැන්වල සමහර සිතිවිලි කාටත් පැටලෙනවා.................

ගැයුම් - මයිකල් පීරිස්‌
ස්වර සිත්තම් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

මෙතැනින් සවන්දෙන්න


තමා අවට සිදුවන දෑ අත්විඳි ඔහු ස්‌වකීය ඉරණම ද මතු ඒයාකාරයෙන් විසඳීමට නියමිතව ඇතැයි ප්‍රඥාක්‍ෂියෙන් දක්‌නට ඇතැයි කිවහැකිය


තමා දෙපාරැඳි භූමියේ ආරක්‍ෂාවට සෘජුවම බලපාන වගකියයුතු ආයතනයක ඉතා භාරදුර සංවේදී වෘත්තියක නිරතව සිටිමින් කරණ කටයුත්ත වගකීමෙන් ඇදපඵදු රහිතව සිදුකරන්නට ඔහු වගබලාගත්තේ එය ලබන්නට තමා දිවා රෑ නොබලා සිදුකල අපිරිමිත උත්සහය ඔහුට හොඳින් මතක තිබෙන්නට ඇත

සෙසු කාර්යාලීය සගයන් පිරිවරාගෙන සිටිමින් වෘත්තිමය සමාජ සම්බන්ධතා ගොන්නක පැටලි සිටියදී ඇතැමුන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි ඔහු පෑ කනස්‌සල්ල ගේය පද පෙළකට කැටිකර දක්‌වන්නට පසුබට නොවීය

අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා - ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේනම්.........

අපත් එතැනමයි රටත් එතැනමයි...............

කල්ගත වී දුවිලි කුණු වැදිලා - මේසය මත ලිපිගොණු ගොඩ ගැසිලා....

ඔට්‌ටු කොලේ නුදුටු දසුන් සොයලා - සුසුම් මැදින් තව දවසක්‌ ගෙවිලා...

අපත් නැවතිලා රටත් නැවතිලා....

පැයේ විවේකය පැයතුන විලා - බමණ ගතින් නෙත්යුග රතුවිලා....

ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා - රටක පැතුම් කඳුලට මුසුකරලා....

අපත් නැවතිලා රටත් නැවතිලා...

(ගැයුම හා ස්‌වර රටාව - වික්‌ටර් රත්නායක)

මෙතැනින් සවන්දෙන්න


මිනිස්‌ මනසේ ඇතුළාන්තය ට එබිකම්කල අති ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යයේ අසිරිය විඳි නිසාදෝ වරෙක ඔහුගේ පන්හිඳ මහල්ලෙකුගේ අතීතාවර්ජනයෙන් හටගත් සෝ සන්තාපය මෙසේ පෙළ ගැස්‌වුයේ ද පන්ඩිත් අමරදේවයන් ගේ හඩ උදෙසාය සිංහල ගේයපද සාහිත්‍යයේ නිතර හමුනොවන එහෙත් සුන්දර පැතිකඩක්‌ ඔහු එසේ නිරාවරණය කලේ එකි කලාවේ බුහුටි මව මොනවට පසක්‌ කරමිනි

මහ වැස්‌සක පෙර නිමිති පෙනෙනවා - කවුඵව අතරින් හිරිකඩ එනවා...

මල් පැනි වඩියක උණුසුම ලබනට - යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත..

කබාය ඉරිලා ඊට කමක්‌ නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද ...

මා දැන් මහඵ වියේ ............................

මිවිතකින් ගත උනුසුම් වු විට - සිත උණුසුම් වේදෝ....

සිරිපොද වැස්‌සේ එකම කුඩය යට - තෙරපි තෙරපි අර යුවලක්‌ යන හැඩ..

මමත් ඔහොම ගිය හැටි මතකයි - මට හොඳ හැටි මතකයි...

පාරට බැස්‌සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී...

එපා එපා මිවිත මගේ දෙතොලට - අපසු මගේ කුටියට යනවා....

මා අපසු යනවා.....

(තනු නිර්මාණය හා සංගීතය -සංගීත් නිපුන් මහඇදුරු සනත් නන්දසිරි විසිනි)

මෙතැනින් සවන්දෙන්න




විරාමයකින් යළි හමුවෙමු.......
(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය 

Sunday, March 5, 2017

කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණ මතක සුවද - 02


සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද  - 02 කොටස
එහෙත් ඔහු යව්වන ප්‍රේමයේ සුන්දරත්වය ම ඉස්‌මතු කරමින් එහිම රැඳි සිටියේ නොවේ නව ඉසව් පැතිකඩ ඔස්‌සේ තම නිසග නිර්මාණ කෞෂල්‍යය අතුපතර විහිදුවන්නට සලස්‌වාලමින් එහි ලෞකික චමත්කාරය අත්විඳින්නට තම ශ්‍රාවකයන්ට ආරාධනා කලේය



හෝ පඵ වනපෙත කම්පිත කරවන -...............

මන්මද නර්ථන රංගන කළ මැන....................

අංජන ගල්වන පංකජ නයනී..................

වෙන චංචල කල සත්සර දියණී.................

ළැම විල පියකරු හසුන් රකින්නි.................

සිහිනිග සුවිපුල් උකුල් දරන්නී...............

මන්මද රංගන නර්ථන කළමැන....................

(තනු රටා නිර්මාණය - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගායන රස මැවුම - ආචාර්ය වික්‌ටර් රත්නායක)

හෝ පඵ වනපෙත ඇසුරු කළ සුප්‍රසිද්ධ රධා - ක්‍රීෂ්ණා පෙම් පුවත ම ද මේ ? 


වෙණ චංචල කළ සත්සර දියණියනි කළ මැනවි ඒ මන්මද රංගනය
ඔහු ගේ ආයාචනයයි කවරෙකුහටද ?

සත්සර දියණියටය ඈ තම උකුල මත රැඳි වෙණ චංචල කරන්නී සත්සර නංවන්නී එයින් මදක්‌ ඉසිඹුලා අප මන්මත් කරන්නට සරි නර්තනයක යෙදෙන්නට ය

මින් චතුර්දශකයටත් ඔබ්බෙන් වූ යුගයක වික්‌ටර් රත්නායකයන්ගේ ස ඒක පුද්ගල ගී ප්රසංගය  වෙනුවෙන් ඔහුගේ පෑන්තුඩ හැසිරවු අයුරයි ඒ

සවන්දෙන්න මෙතැනින්


මෙසමයේදීම මෙකී ප්‍රේමශෘංගාර ආකරයේ කුටප්‍රාප්තිය ලෙස හඳුනාගත හැකි දසත උතුරාගාලා ගිය කේ ඩි කේ නිර්මාණඋල්පතේ අග්‍රඵලය බඳුවන් ගේයකාව්‍යයක්‌ රසික සවන්පත් කර පියමං කරනු ලැබිය

කුමරියක පා සළඹ සැඵණා - වසා සිටි නෙතු පියන් ඇරුණා..............

කුමර බඹසර අසපුවේ මා - සමවැදී උන් දැහැන් බිඳුණා..............

උකුළ ළැමහස - මළවිකරළිය - මුවාකළ ඇගෙ දුහුල් සඵතිර.................

විවර කෙරුවා මනස්‌සළෙඵන් - උමතු වූ දෙණුවන් රැහැන් ඇද.................

මා අබියස මැවුනි තුසිතය - සුරන් නැළවූ සුයාමය.................

නිසල ජීවන තපෝවන මැද - හැගුම් ගජසෙන් යදම් බිදවද..................

තලා සිත කම්පණය කරවයි - ළපළු තුරුවැල් කැකූඵ මල් පෙති................

මා හඩවයි බිදුනු තුසිතය - සුරන් නැළවූ සුයාමය.......................

(තනු රටා නිර්මාණය - ආචාර්ය වික්‌ටර් රත්නායක
ගායන රස මැවුම - පද්ම ශ්‍රී නැසිගිය පන්ඩිත් අමරදේව)


මෙතැනින් සවන්දෙන්න



සිංහල ගී සාහිත්‍යය නම් මිණිආකරයේ දසත කාන්තිය විහිදුවන මරකත මිණක් බදු මේ පබැදුම මේ රචකයා‍ගේ නිසග අපුර්ව ප්රතිභාව මොනවට කියාපායි

භාෂාන්තරව පූරාණ සාහිත්‍යය ඇසුරේ ඔහු ලැබූ පන්නරය මනාව ගෙනහැර දක්‌වන මෙයින් එයාකාර සාහිත්‍යඥානයකින් හික්‌මවා ගත් මනසකින් හෙබි ශ්‍රාවක ගණයා විසින් ස්‌වකීය පරිකල්පනයෙන් කෙතරම් නම් සුන්දර සිත් රූ මවනු ලබනවා ඇද්ද ?

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පන්ඩිත් අමරදේවයෝ ඊට හඩ අවදිකරනු ලැබුවේ එහි යුවරජු වික්ටර් රත්නායකන්ගේ

මින් දශක සතරකට එපිට යුගයකින් ඇසුණු ලියෑවුණු නමුදු මතු මතු ද සිංහල ගී සාහිත්‍යයේ නොමැකෙන සිහිවටනයක්‌ ලෙස සැලකිය හැකි ඔහුගේ මෙකී නිර්මාණය ඉහත කී උසස්‌ රසඥතාවය වඩවන්නෝ අගයන්නෝ පොබයන්නෝ නිති නිති අගය කරති
යොවුන් ප්‍රේමෝන්මාදයේ විසිතුර සොබාදහමේ සංසිද්ධියකට ඇඳනු ලැබ වරෙක ඔහු මෙසේ ගීයට නැංවුයේ ශ්‍රාවකයාට එයින් විවිධ ඉසව් කරා තම සිතිවිලි මෙහෙයවන්නට ඉඩ හසර තබමිනි ඊට හඩ අවදිකලේ ගුවන් විදුලි සරළ ගී ගායන ශිල්පී විජේසිරිවර්ධන පොළොන්නෝවිටය මේ සුමධුර සුගායනයේ ස්‌වර ගෙත්තම ද එතුමෝ සතු බව කිවමනාය

උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගේ............

මලක්‌ පිපී පෙති හැළිලා - ඔබේ පෙමත් ඒ වගේ..........

ඇරඹුම අවසන කොතනද - නොදැනයි මදනළ දිවයන්නේ................

කොතැනක විසිරි යනවද - නොදැනයි මේ කුඵ පාවේන්නේ.............

යායුතු වෙනතක්‌ නැතිවද - රළපෙළ වෙරළට දිවයන්නේ...........

බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ..................

(තනු රටා නිර්මාණය - විජේසිරිවර්ධන පොළොන්නෝවිට
ගායන රස මැවුම - විජේසිරිවර්ධන පොළොන්නෝවිට)


මෙතැනින් සවන්දෙන්න


උණ පඳුරක මල් පිපිමේ අරුමය කිමද ? එය අසාමන්‍යද ?

මෙයාකාරයේ පැණපොඩි ඔස්‌සේ තමා වෙසෙන අරුමැසි ලොව පිළිබඳව ශ්‍රාවකයා දැනුවත්වනු ඇත එක තනි යෙදුමකින් අපූර්ව බුද්ධිමය සංවාදයක්‌ ගොඩනංගවාලිමට එකී නිර්මාණය දායක වනු ඇත



යළි හමුවෙමු................
(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)

Sunday, February 19, 2017

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද  - 01 කොටස

70 දශකයේ යොවුන් සිත් උන්මාද කළ

මිල්ටන් මල්ලවාරච්චිගේ සුමියුරු අමරණීය ප්‍රේම ගීතාවලිය

ඈත රන් කැඵම් අතරින්.....

ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා............


රන් එතනෝ මල් එතනෝ.............


සයුරු තෙරේදි අවන් හලේදී..............


රනඹර ඉඳුදුනු............


මා හා එදා ප්‍රිය සාදයේ...............


අතීතයේ පවා මගේ ලගින් හිදී....................


පැරදීලා පලාගියේ නෑ.......................


ඉවුරු තලා ගංගා බැස යනවා...............


මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා..............



ඉහත ගී දම - මෙතැනින් සවන්දෙන්න




xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx


බිගු වැල රොන් සොයලා (වින්සන්ට්‌ රත්නායක)..........


දිනක හිරු බැස යන වෙලාවක (වික්‌ටර් රත්නායක)................


නිලුපුල් යුවලේ රතු තොල් සගලේ (මර්වින්)..............


ආදරේ රන් බිගුන් නැසූ (මර්වින් පෙරේරා).............


කුංකුම අංජන චන්දන තවරා චන්දනි සිනහ වුනා (විල්බට්‌ ඇන්තනි)........


බඹරු මත්වෙලා මලට ලංවේලා (විල්බට්‌ ඇන්තනි)...........


අද හවසට මා හමුවනු මැනවී (සුජාතා අත්තනායක)............


සුරංගනා මල් ඇතිරූ මාවතේ (සුජාතා අත්තනායක).............


උණ පදුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වගේ (විජේසිරිවර්ධන පොළොන්නොවිට)...................


මා සනසා මා නළවා සුරංගනාවක්‌ හෙමින් ඇවිල්ලා (මර්වින් පෙරේරා)....


ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොඵවි (දයාරත්න පෙරේරා)...........


මෙකී ගී බිඳිති- පෙළ - මෙතැනින් සවන්දෙන්න



ඉහත කී ගි පෙල කලක්‌ සිංහල ගීතාවලියේ ගී රසික යව්වන සිත් මෝහනය කළ නිතර මුවග රැව් පිළිරැව් දුන් ගී පෙළ අතරින් හිනිපෙත්තේ රැදී අතර ඒවා දශක 04 තරම් කාලාන්තරයකට පසු අදත් එදා තරමටම පරම්පරා 02 කින් පසුවත් රසික හද කිති කවනු ලබයි


යව්වන ප්‍රේමයේ මිහිරියාව විවිධ පැතිකඩ ඔස්‌සේ විග්‍රහ කෙරෙන ඉහත ගී පෙළෙහි හිමිකරුවා  ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක කේ ඩි කේ ධර්මවර්ධනයන්ය


ගුවන් විදුලි ගී ද සමගින් වෙළඳ ගී තැටි හා පසුව නිකුත් කෙරුණු කැසට්‌ පට සඳහා ලියෑවුනු වඩාත් ප්‍රේමණීය ලගන්නා ශෘංගාරාත්මක ගී පෙළහි හරි අඩකඩ ත් වඩා වැඩි තරමක ගී සංඛ්‍යාවක හිමිකරුවන් වූ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස්‌ දෙපොළ අතරට තෙවනුව ඇතුළත් විය යුත්තේ ඔහුගේ නාමයයි


එදා මෙන්ම අදද ඇතැම් ගී රසිකයන් ද ඔහුගේ නම කියෑවුණු සැණින් මතකය අවදිකරන්නේ මෙකී කේ ඩි කේ - මිල්ටන් එක්‌ව මැවූ ඉහත කී ප්‍රේමගීතාවලිය පිළිබඳවයි


මෙතැන් සිට දිගැහෙරෙන්නේ ඔහු එදා මැවූ ගී රසාකරයෙන් පෙරාගත් ගී නිර්මාණ බින්දු මාත්‍රයකි


එකී නිර්මාණයන්ට පෙම්බැදි  ගී රසික යොවුන් ඔබ මේ සුන්දර
නිර්මාණකරුවා හරිහැටි හදුනන්නේද ?

ඒ පිළිබදව දැනුවත් වි සිටිද ? 



ඔහුව හදුනාගන්නට රිස‍ි ඔබටයි මේ ලිපි දාම තිළිණය 



සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)

මතු සම්බන්ධයි.......................