namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, February 27, 2022

Santur Music in Sinhala Song world


සිංහල ගීතයේ සන්තූර් නාද මිහිර ...02

රාව ප‍්‍රතිරාව නංවමින් නැංවෙන තත් නද විසිතුර... 


 ලාංකීය ගීතලෝළීන් ඔහු මැනැවින් හඳුනති. එහෙත් එයින් අතිබහුතරය ඔහු ’ගායන ශිල්පියෙකැයි’ පවසති සෙස්සෝ එපමණකින් නොනැවතී ඔහු මධුරත්වයෙන් අනූන භාවපුර්ණ විචිත‍්‍ර ’තනු නිර්මාපකයෙකැයි කියති. ඔවූහූ නිවැරදිය. එහෙත් ඒ ඔහුගේ ප‍්‍රතිභාවය මදක්් ලඝුකොට තැකිමකැයි යන්න වෙසෙසින් සඳහන් කළ යුත්තේමැයි. ඒ කෙසේද යත් එයින් ඔවුහූ ’රෝහණ වීරසිංහ’ නම් විශීෂ්ඨ සිතාර් වාදකයා’ නොසළකා හරින බැවිනි. 



-----------
ආචාර්ය රෝහණ වීරසිංහ
- 70 දශකයේදී .....

-------------

1973 වසරේදී එනම් ’මාතර ආච්චි’ සිනමා වෘතාන්තය තිරගත වූ යුගයේ ’සඳකඩ පහනක කැටයම් ඔපලා........පාවෙන දේදුනු....’ ගී රසය පුරා ගලාගිය සිතාර් රාවය මතුකරවනු වස් එහි තත් අතර යුහුසුඵව දිව ගිය අතැගිලි ’සන්තූරයේ තත් හඬ නංවන ’දඬු’ කැබැලිති වෙත යොමුවූ අතීත පුවතක තතු විමසනු වටී.


රෝහණ වීරසිංහ, ලක්‍ෂමන් විජේසේකර ඇතුඵ පිරිස රජයේ සංගීත විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසු මානවකයන්ය. ඔවූහු සම්භව්‍ය පෙරදිග සංගිතාගාරය වු ’භාත්ඛන්ඩේ’ ප‍්‍රයෝගික පරික්‍ෂණයට බඳුන් වනු පිනිස එහි පෙනිසිටිය යුතුව තිබින. ඒ අනුව මිතුරු හවුලේ සාමාජික පිරිස ’70’ දශකයේ ලාභදායි ගමන් මාර්ගය අනුගමනය කරමින් ’තලෙයිමන්නාරම’ ජැටියෙන් සිඳු තරණය කොට භාරත දේශයේ ’දුම්රිය’ සේවාව භාවිතා කරමින් එහි ලගාවිය. එකම ’ශ‍්‍රාස්ත‍්‍රිය තක්සලාවක් ක් බඳුවන්  ’ලක්නව්’ පුරවරයේ ඔබමොබ සැරිසරන ’රෝහණ’  ’සන්තුර්’ යේ වාදනරසයෙන් මන්මත් වී එකී වාද්‍ය භාන්ඩය වෙනුවෙන් බරුපන වැයකලේ නිවසට ගොස් විවේකයෙන් එය හදාරා වාදනය කිරිමේ රිසියෙනි.


නියමිත අරමුණ සපුරා ගත් මිතුරු සමාගමය පෙරළා එන මග හමුවන ’මදුරාසි’ පුරවරයේ තාවකාලික ලැගුම් ගත්තේ එයින් පිටත්විමට නියමිතව තිබු යාත‍්‍රාවේ ගමන පමාවන බව දැන ගන්නට ලැබිමෙනි. 


කාලය ගෙවාගන්නට රිසි වූ පිරිස සිය අනන්‍යතාවය කියා පා සුප‍්‍රකට මදුරාසියේ ’වාහිනී’ චිත‍්‍රාගාරයේ ගීත පටිගතකිරීම් නරඹන්නට කතිකා කර ගන්නා ලදී. 50 දශකයේ ලක්දිව තිරගත වු ජනප‍්‍රිය සිනමා වෘතාන්ත වූ (*  ගීත ද පටිගත වුයේ එහිදීය. 


තමා සන්තකයේ තිබෙන නවතම තූර්ය භාන්ඩය පිළිබඳ තතු විත්ති සොයා දැනගනු වස් ’රෝහණ’ එහි එකී වාද්‍ය භාන්ඩයේ ශීල්ප දැක්වීමේ නිපුණයා වූ ’රාජු’ හා අල්ලාප සල්ලාපයේ යෙදුනු අතර ඔහු ඉතා කාරුණිකව අසල්වැසි දීපයේ ආගන්තුකයාගේ ඉල්ලිම ඉටු කරදෙන ලද්දේ තමා කලකට ඉහත ’මොහිදින් බෙග්’ නම් වු ගායකයා වෙනුවෙන්ද සන්තූරය වාදනය කළ බව කියමිනි.


මිතුරු ’අබේ’එනම් ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය ගේ පෙරැුත්තයෙන්, රෝහණයන් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට ’සන්තූරය’ හඳුන්වාදෙමින්  එයින් වැයුනු කුඵඳුල් වාද්‍ය රටා ඇතුළත් ගීතය ’ගුවන් විදුලි මැදිරියක්’ තුලදී නිර්මණය කරද්දී 1976 වසර ගෙවෙමින් තිබෙන්නට ඇත.

එඅයුරින්  අන්තර් සහ ආරම්භක වාදනයන් මුඵමනින්ම අඛන්ඩව සන්තූරයෙන් හැඩ කරන ලද 

 හෙළ සංගීත ඉතිහාසයේ එකම සහ පළමු සිංහල ගීතය මෙසේ බිහිකරන්නට පුරෝගාමි වුයේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. 

ඔහුගේ ප‍්‍රයන්තය සපුරා ඵලදරන්නට යෙදුනු බව එතැන් හි සිට අඛන්ඩව විවිධ සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේ බිහිවු විශාල ගීත සංඛ්‍යාවකට එකී සංගීත භාන්ඩය යොදා ඇති බව නිරික්‍ෂණය කිරීමෙන් පසක් කොට ගත හැකිය. 


ඒ පිළිබඳව ඉදිරි කොටසින් සාකච්ඡුා කෙරේ

--------

ඔහු -

කුඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි............


රන්කඳ වාගේ රන් මැණිකේ ..................


සීතල වතුරට නුහුරුද මන්දා ....


හිතට දුකයි මගේ රන් මැණීකේ ....


ඇය - 


ගිණිකන ගිනි අව්වේ කොටනවා .............


වෙල් නියරේදි මට පෙනුනා ....


අනේ හැබෑටම මොකදෑ මන්දා ...


හිතට ඉබේටම දුක හිතුනා ...


ඔහු - 


අසරණ අපිගැන අනේ එහෙමවත්....


හිතන්න කවුරුත් ඉන්නවාදෝ ...


ගතේ දුකට වැඩි හිතින් විඳින දුක ...


මා මිස කවුරුත් දන්නවදෝ....


(ගී පබැඳුම - නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනි නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය - 70 දශකය)

(ගායන සහය - විශාරද ගායන ශීල්පිනී නිර්මලා රණතුංග)

-------------------------------

මෙතැනින් සවන්දෙන්න
 

 -----------------------------------

ගීතයේ මිහිරෙන් මත් වු ශ‍්‍රාවක ඔබ ඈත වන්නිකරයේ හුදකලා ගම්මානයක නිල්කෙත්යායේ දහදිය හෙළා විඩා නිවාගනු පිණීස ’කුඹුකේ ළිඳ’ වෙත ගිය ගොවි මානවකයා සිය ළබැඳි පෙම්වතිය හා යෙදුනු පේ‍්‍රම සල්ලාපයේ චිත්තරූප තිව්ර කරනු වස් රෝහණයන් වැයූ සන්තූර් වාදනයට වසග නොවන්නේද ?


එසේ වසගයට පත් වු සහෘදයන් දහසක් අතරින්  ’කපු’ එනම් ’ගුණදාස කපුගේ’ අයෙකි. 

-------------------

සන්තූරයේ යොදා ඇති සංකීර්ණ තත් වියමන....

(එක් ස්වරයකට තත් සතරක් බැගිනි)

-------------------

’අනේ මචං................මටත් එකක් කරලා ඔ්නෑ ..................’ රෝහණයන් වෙත කෙරුණු ආයාචනයකි.  


’බලමු...බලමු....’ ඔහු පිිළිවදන් දුනි.


එක්තරා දිනයක කපුගේ සිය මිතුරෙකු හා දොඩමඵ වෙමින් ගමන් කල බස්රථය ’කොළඹ සරසවි’ බස්නැවතුම වෙතට සේන්දු විය. වහා වහා ඊට ඇතුඵ වු සරසවි මානවිකාවක් ඉදිරි අසුනක හිඳ ගත් වහාම සිය ආදරවන්තයාට තුරුඵ වෙමින් පෙම්බස් දොඩන්නට විය.


ඔය.... මගේ ගමේ ...මාත් ..එක්ක.. යාඵවෙලා ..මම බඳින්න ඉන්න කෙල්ල...............’ මිතුරා වික්‍ෂෝපයෙන් හඬා වැටෙන්නට වු අතර අවේගයෙන් විකල් සිතින්  ඉදිරි අසුන කරා පියඹා යන්නට සැරසුනු ඔහුගේ ප‍්‍රයන්තය ’කපුගේ’ විසින් වළක්වන ලද්දේ එහි නොයන ලෙසත් එසේ කිරිමෙන් සිත් තැවුල් පිටාර ගලාගොස් ඛේදවාචකයට මුල පිරිය හැකි බවත් එය නිරර්ථක කාරණයක් බව කියමින්  බෑගෑපත් ලෙස ආයචනය කරමිනි.


මතු ’සරළ ගී’ වැඩසටහනකදී එය ගීතයක් බවට පත් කරන ලද්දේ ’සුනිල් ආර් ගමගේ’ නම් වු ගි පබැඳුම් රසවතාණන් විසිනි. රෝහණයන් මිතුරු ’කපු’ ගේ ඉල්ලීම ඉටුකරදෙන ලද්දේ සන්තූර් රසමිහිරෙන් කපුගේ ස්වර සංකලනය ඔප් නංවමිනි.


ඔබ පෙම් කරනා ............


ඔබේ කුමාරි ...............


ඔබට ආදරෙයි කියනා අයුරින්......


පෙර දවසක මා පෙම් කරනා සඳ ...........


මටද ආදරෙයි කියා තිබේ...................


ඔබ පෙම් කරනා ...


ඔබේ කුමාරි ....


මටද ආදරෙයි කියා තිබේ..............


සාගර වෙරළේ ...


සොඳුරු සැඳැවක ...


රගහල කෙළවර ...


අඳුරු නිමේෂක...


අද ඔබ ලග ඉඳ සනසාලන ඇය..


සනහස සගවා ... දෙනෙත නුරාවෙන්..


මටද ආදරෙයි කියා තිබේ....

-----------------------

ගී පබැඳුම - සුනිල් ආර් ගමගේ


තනුව සහ සංගීතය - නැසිගිය ගුණදාස කපුගේ


සන්තූර් වාදක - ආචාර්ය රෝහණ වීරසිංහ


නිපැයුම - ලංකා ගුවන් විදුලිය


--------------------------------

’60 දශකයේ සිට අඛන්ඩව නිර්මාණකරණයෙන් යෙදී පසුකාලිනව ’ඉලෙක්ට්‍රෝනික ගිටාර්’ වාදන මිහිරෙන් දැයක් වසග කල නැසිගිය සංගීතඥ ගායන ශීල්පී ක්ලැරන්ස් විජේවර්ධන තමාගේ දෙවැනි සිනමා සංගීත අදියුරු භූමිකාවේ නිරත වුයේ නැසිගිය සිනමාවේදී එච් ඩී පේ‍්‍රමරත්න විසින් හැදු ’අපේක්‍ෂා’ සිනමාපටය උදෙසාය. ’ගිටාරය’ පසෙක තබා නැවුම් රසයක් ජනිත කරනු වස් ඔහු ඒ වෙනුවෙන් නිර්මාණය කළ අසමසම ගී රසගුලාව හැඩකරදෙන්නට ’සන්තූරය’ වාදනයෙන් එක්වුයේද ආචාර්ය රෝහණයන්ය.

------------------
සන්තූරයේ තත් කම්පනය කරවමින්.... 
------------------

ඒ කර්තව්‍යය ඉටුකර ගැනීම පිනිස වඩාත් ම සුදුස්සා ඔහුම බව ’ක්ලැරන්ස්’ හට සැළවි තිබින. ඇතැම්විට ඔහු වාදනයෙන් සහය වූ ගුවන් විදුලි ගීත පිළිබඳව ද ක්ලැරන්ස් හොඳින් දැනුවත්ව සිටින්නටද ඇත. සිංහල සිනමා ගීත කලාවට ’සන්තූරය’ එසේ පිවිසෙද්දී, එය අසල්වැසි භාරතයේ ප‍්‍රචලිත වි දශක දෙකක්ද ඉක්මවා ගොස් තිබෙන්නට ඇත.


සොඳුරු ලොවට මල් වැහැලා ...........’


’තව්තිසාවේ හද රැුඳිලා.............’


’හැගුම් පහන් තාරකා.....’


’පෙමට පායලා...................’


--------------------------------

ගී පද සංකල්පනාව - ප‍්‍රවින පුවත්පත් කලාවේදී නැසිගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ 


තනුව සහ සංගීත මුසුව - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


සිනමා පටය - අපේක්‍ෂා


වසර - 1978


සන්තූර් මිහිර - ආචාර්ය රෝහණ වීරසිංහ


-----------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------------

එක් ගීයකට පමනක් සිමා නොවුනු ’සන්තූර් වාදන රසය, සිනමාපටයේ ගැයුනු තවත් පෙම් යුග ගී යුග්මයකටද ඇතුළත් කරන්නට සංගීත අධ්‍යක්‍ෂ ක්ලැරන්ස් පසුබට නොවීය. ඔහු ඒ මිහිරෙන් නොමදව කුල්මත් වන්නට ඇත.


’කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..........’


’සැසඳෙන විසිතුරු ලොවක් සොයා.........’


’බවය පුරා ආ පෙරුම් පුරාගෙන............’


’ඔබ හමුවේ නව කෙනෙක් වුනා..................’


------------------------------

ගී පද - ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය - ධර්මසිරි ගමගේ


තනුව සහ සංගීතය  - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


ගැයුම - නැසිගිය මිල්ටන් මල්ලවාරච්චි සමග නැසිගිය ඇන්ජලීන් ගුණතිලක

--------------------------------

මෙයින් සවන්දෙන්න

------------------------------


සඳ තනිවෙලා අහසේ ..............


හිරු තනිවෙලා ...............


උතුරා ගැලූ ගගුලක් ...........


අද වියළිලා .......................


-----------------------

ගී පද - ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය - ධර්මසිරි ගමගේ


තනුව සහ සංගීතය  - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


ගැයුම - නැසිගිය මිල්ටන් මල්ලවාරච්චි සමග නැසිගිය ඇන්ජලීන් ගුණතිලක

-----------------

--------------------------------

සවන්දෙන්න මෙතැනින්......

------------------------------

’අපේක්‍ෂා’ රිදී තිරයේ ඇඳුනේ 1978 නොවැම්බර් 03 දිනදී බව දත්ත වාර්තා අනුව හෙළිදරවු වේ. ඉන් යම්තම් මාස එකහමාරකට පසුව තිරගත වු ’අනුපමා’ ප‍්‍රවිණ සිත්තර ’දයා රාජපක්‍ෂ’ ගේ සිතුවම් කථාවක් අනුව සිනමාවට නැංවුයේ මහඇදුරු සුනිල් ආරියරත්න විසිනි. එහි සංගීත අදියුරු ’ආචාර්ය වික්ටර් රත්නායක’ ද, අනුපමා තේමා ගීතය ගැයු ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ’සන්තූරය’ එක්කරගනු ලැබිය.  ඒ එහි හඬ රාව ප‍්‍රතිරාව නැංවු දෙවැනි සිංහල සිනමා නිර්මාණය වන්නට ඇත. ’අනුපමා’ ශිල්පී නාමාවලිය තිරය මත ලියැවේද්දී ගැයුනු පසුබිම් ගීතයයි ඒ. සංගීතඥ ’වික්ටර’් උක්ත සංගීත භාන්ඩය සිය නිර්මාණයන් සඳහා යොදා ගත් ප‍්‍රථම අවස්ථාව එය වියහැකිදැයි විමසනු වටී.


මරු කතරේ පිපුණු මලක් ...........


වන්න අනුපමා ..............


නිල් ගුවනේ දිළෙන සඳක් .............


වන්න අනුපමා ......


යුග සවනේ කැඵම් පිපිලා ...


ආදරයේ දිය කඳුලක් වන්න අනුපමා .....................


------------------------------

ගී පද රචනය -  ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බන්ඩාර


ගැයුම - අබේවර්ධන බාලසූරිය


සිනමා පටය - අනුපමා


අදියුරු - මහාචාර්ය සුනිල් ආරියරත්න


වසර - 1978


සංගීත අදියුරු - ආචාර්ය වික්ටර් රත්නායක

------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------


මේ යුගය එනම් 1978 වසර ගතවෙද්දී, ’සන්තූරය’ ලාංකීය සංගීතඥයන් අතර අති සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වන්නට පටන් ගෙන තිබුනු අතර, එහි වාද්‍ය රසය ගැබ්වූ ගීත විශාල සංඛ්‍යාවක් නිතිපතා බිහිවෙමින් පැවතින. ඒ පිළිබඳව සවිස්තර තොරතුරු මතුවට සාකච්ඡුා කෙරෙන්නේය.


(විශේෂ තුති ප‍්‍රණාම - ප‍්‍රවිණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ වෙත)

----------------------------------------------(මෙතැන් සිට ඉදිරියට)-------------------------------------

Sunday, February 6, 2022

සිංහල ගීතයේ සන්තූර් නාද මිහිර ...

යුගත් ළෙලවා මවන තත් පෙළහර....01


දිනය නිවැරදි ලෙස සඳහන් කරන්නේ නම් මින් වසර සතළිස්පහකට එපිට දී ය. එනම් මේ 1976 වසරේ එක්තරා දිනකි. ස්ථානය අගනුවර එක්තරා සිනමාහලකි.


අසාහාය භාරතීය සිනමා තාරකාව ’අමිතාබ් භච්චන්’ ද නවක නිළි සුරුපී එසේම අහිංසක පෙනුමැති ’ඡුයා බහදූරි’ ද දැවැන්ත කැන්වස් රෙද්දක දේදුනු වර්ණපැහැගන්වනු ලැබ සිත්තම් කෙරී එහි ඉහළ මාලයේ සදඵතලයක ප‍්‍රදර්ශනය කරමින් පවතී.


සවස 6 30 දර්ශනය ඇරඹිමට පැයකටත් අධික කාලයක් ඉතිරිවි තිබුනත්, 2 30 දර්ශනය තවම අවසන් වි නොතිබූ තත්වයක, ප‍්‍රවේශපත් කවුඵ දෙසට යොමුවි ඇති පෙත්මං අතුරු සිතුරු නැතිව පිරිගොසිනි. එපමණකුදු නොව, සිනමාහලට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අවුරා ඇති අකුළන දැල් ගේට්ටු ආවරණයට එපිටින් ඇති හිස්ගොඩ ඊට තරමක් දුරින් ඇති ප‍්‍රධාන මාර්ගය දක්වා පැතිර තිබෙයි.


මේ සිනමාහලේ ප‍්‍රදර්ශනයක කෙරෙමින් පවතින ’හින්දි සිනමා වෘතාන්තයේ’ දෙබස්ද ඊටත් වඩා ගීතද ඇතුළත් ’ගුවන් විදුලි වැඩසටහන්’ සතිපතා විසුරුවා හැරේ. එහි නිවේදකයා ගැඹුරු හඬින් එහි කියැවෙන කථාංගයේ වතගොත හෙළිදරවු කරයි. සිනමාශාලාවේ ඉදිරිපිට පොරකන්නන්ගෙන් සුඵතරය පෙර කී සිනමාවිවරණයට සවන් යොමා හටගත් කුතුහළය සංසිඳවා ගනු පිනිස මුල්වරට එහි පැමිණයවුන් වියහැකි අතර නිසැකවම බහුතරය එහි මියුරු මධුර ගී පෙළටද පුවතටද වසග වී එහි පැමිණියේ කීවෙනි වරටදැයි අසාදැනයුත්තේ ඔවුන්ගෙන්ම පමණි.


මේ සිනමාපටය මෙහි පෙන්වීම ඇරඹී දැන් දින සියයද ඉක්මවා බොහෝකල් ගොසිනි. එහෙත්, එක්රොක්වන සිනමාලෝලීන්ගේ උන්මාදය බිඳකුදු සිඳිබිඳි නැති බව පසක් වන්නේ ඔවුන්ගේ අඩුවක් පෙනෙන්නට නැති බැවිනි.


’සාරවිට’ ’වඩේ - කඩල’ වෙළෙන්දන්ගේ අතමිට සරුවි ඇතිසේය. ඔවුන් යාබද මහාමාර්ගයේ ද සිනමාශාලාවට මායිම් වි ඇති පටුමාවතේද ඔබමොබ සැරසරයි. එහි එක් කොණක නවත්වා ඇති ’මුරුක්කු’ කරත්තය තුළ මොහොතකට පෙර දැල්වුනු ’පැට්‍රෝමැක්ස්’ ලාම්පුවෙන් විහිදීනැගෙන කොළ-කහ පැහැ ආලෝකය එහි කුටීර වල අසුරා පුරවා ඇති නොයෙක් වර්ගයේ මුරුක්කු මත පතිත වී ඒවා හොඳින් දිස්වන්නට සළස්වන අතර කුසගිනි නොදැනෙන්නන්ගේ මුඛය තෙත් කරන්නට එය හොඳටම සෑහෙනු ඇත.



තවත් සුඵ මොහොතකින් මෙහි සුපුරුදු කාලගෝට්ටිය ඇරඹෙන්නට නියමිතය. මන්ද යත් පස්වරු දෙකයි තිහේ දර්ශනයේ සිනමා ලෝලීන් දැන් දැන් මහ දොරටුවෙන් මතුවෙන්නට ඉඩ ඇති හෙයිනි.


පැත්තෙන් ඇති පටුමගට මායිම් වන්නේ සිනමාශාලාවේ පේ‍්‍රක්‍ෂකාගාරයේ පැති බිත්තියකි. එහි සවිකොට කොට දැල්ගැසු ඇටවුම යොමුවි ඇත්තේ ’දෙවැනි පංතියේ’ ප‍්‍රවේශපත් කවුඵව වෙත වන අතර ඒ තුල වඳුරන් මෙන් ඇතැමුන් එල්ලී සිටිති. එය අගනගරයට එපිටින් ඇති සත්වෝද්‍යානයේ පෙරකී සතුන් ගේ නිවස්නෙන් වෙනස් වන්නේ දිග පළලින් පමණකි.


’ආ මචං දැන් ෂෝ එක ඉවර වෙන්න කිට්ටු ඇති.. අර කිශෝර් - ලතා’ ගේ ඩුවට් එක අන්න ඇහෙනවා..ඔය අන්තිම පාට් එකනේ කෙල්ලයි කොල්ලයි ආපහු සෙට් වෙනවා..’ එහි බිත්තියට සිය කනතබාගත් එකකු සිය සගයා අමතා කියනු ඇසිනි.

එහි ළතවෙන පේ‍්‍රක්‍ෂක හුදීජනයා ඊට එතරම් දුරකින් නොපිහිටන ’අසවල්’ වත්තේ ’අසවල් ලේන්’ එකේ ’කඵ අයියලා’ ද ’රතුසෝමේ’ ලාද ’කොටලාල්’ ලාද වෙති. දර්ශනය ඇරඹිමෙන් පසුව ’ඔ් ඩී සී’ සහ ’බැල්කණි’ අසුන් අරා විරාජමානව වැජඹෙන

සම්භාවනීය පේ‍්‍රක්‍ෂක භවතුන් ඉහත කී ’හුදිජනයා’ වරෙක නගන ’විසිල්’ හඬින්ද තවත් වරෙක නංවන ’හූ’ හඬින්ද සිය නිදගැට කඩා අවදිවෙති.


සිනමාදරශනයේ අතරවාරයේදී දැවැන්ත රිදීපැහැ තිරය ඒකාලෝක කරමින් එහි පතිතවන ආලෝක කදම්බයන් වඩාත් පැහැදිලිව විනිවිද යන්නේ ඔවුන් එකපෙළට නිකුත්කරන සිගරට් ධුමයයි. ඒ අලෝක ධාරාවන් එල්ල වන්නේ බැල්කනි ආසන පෙළටද ඉහතින් ඇති කවුඵ වෙතින් බව සිනමාහලකට පිවිසුනු ආධුනිකයන්ද ළපැටියන්ද ඒ නිසා හොඳින් වටහගනිති.


සිනමාශාලාව තුළින් එකවිට නැගෙන අඛන්ඩ ’සීණු නාදය’ ඇසුනු සියල්ලෝ නොසන්සුන්ය. දැල්කුඩුවේ ඇතැමුන් හැඳ නවාගත් සරම් එකපොදියට පහතට වැටෙන අතර ඇතැමුන් ඒවා තදකොට ඇඳ ගනිති.


’ඒ අඩෝ... දොරේ.. සයිඩ් වෙන්ඩකෝ අප්පා..........’ ඔය අයියා... තව ළංවෙන්ඩකෝ.. ෂයියෝ ... පනිනවා නේ.. අපේ චාන්ස් එක ... සොරි ලොක්කා.... ඉක්ුමන් කරන්ඩ අයියෝ....


පැයක් දෙකක් නොව දින ගණනක් පොරොත්තු වි සිටි හෝරාව එළඹී ඇති සේය... ගගක් ගලන්නා සේ එකපොදියට පේ‍්‍රක්‍ෂයන් ප‍්‍රධාන දොරටුවෙන් මතුවෙන්නේ කඩි ගුලකින් ඇවිස්සි ආ කඩියන් මෙනි. 


මොහොතකින් සියල්ල සන්සුන් වි ඇත්තා සේය. 


’මේ ඔයා මොකද ඔතන කරන්නේ ? ඔතනින් අහකට යන්ඩ පෝළිමට යන්ඩ නැත්තං අයින්වෙන්ඩ... අපට කරදර කරන්න එපා...’


දැල්ගේට්ටුවෙන් ඇතූලේ ආලින්දයේ සිටින ආරෝහපරිනාහ දේ හධාරීයෙකු ගෝරනාඩු කරයි. වියතකට මදක් අඩු ඉණකඩ හැඳි පටියේ මැද ගාංචුව රන්වන් පැහැයෙන් බබළයි. ගෙළමතුපිට පියවු බොත්තම් පුඵල් ටයිපටියෙන් ආවරණය වී තිබෙන අතර බුරුසුවක් වැනි උඩුරැුවුල ප‍්‍රතාපවත්බවට ආභරණයකි. 


ඔහුට පිටුපා දිස්වන  වවුල් දොරටුව තුළින් හොඳින් හැඳ පැළඳගත් මානව මානවකයන්ද නා නා විසිතුරු විලාසිතා වලින් හැඩවැඩවු ළපැටියන්ද ඇතුඵවෙයි. ඊට මදක් එපිටින් බිත්තියේ රඳවා ඇති දැවැන්ත වීදුරු ආවරණය තුල කුඩා ප‍්‍රමානයේ සමණළ වර්ණ සේයාරූ රැුසකි. ඒවායේ ’අමිතාබ්’ සහ ’ඡුායා’ ගේ විවිධ ඉරියව් දිස්වේ.


අඳුරින් පිරි උමං තුළයි දවස ගෙවෙන්නේ ...


මැණීකක් සොයා ගන්න අපේ දිවිය ගෙවේ..


හෙට කියා දිනක් එතැයි සිතට නැතෙයි සිතෙන්නේ..


දෝනාවේ.................


මිල්ටන් මල්ලවාරච්චිගේ පෙර නොඇසු නවතම ගීත පෙළක් මලානිකව ආලෝකමත් වු ශාලාවේ වාදනය වෙයි. එහි පසුපස දැඩි නිහැඬියාවකි එහෙත් ඉදිරිපස අසුන් වෙතින් මතුවන ඝොෂාවෙන් එය බිඳියයි. 


ට‍්‍රී....ට‍්‍රී....ට‍්‍රී...ං...ං...ං...ං..ං


සිණුව නාදවන්නේය. පියස්සේ ඔබ්බවා ඇති මලානික කහ පැහැ විදුලි බුබුඵ එකින් එක මිලාන වෙයි. තිරය මත පච්ච වර්ණිත අකුරු පෙළක් වැටි තිබේ...


’දුම්බිම තහනම්..............’



දෙපස ඇති දොරවල් එකිනෙක වැසියද්දී එහි ඉහතින් රක්තවර්ණයෙන් බබලන ආලෝකය ...................යන අකුරු තුලින් පෙරිඑයි.


ංංංංංංංංංංංංංංංංංංංංංංංං


මුවග මන්දස්මිතයක් තවරා ගත් ’අමිතාබ් බච්චන්ද’ සාම්ප‍්‍රදායික හින්දු යුවතියකගේ රූසිරු ලාලිත්‍යය ඔප් නංවන සාරියකින්  සැරසි ගත්  ’ඡුායා බහදුරි’ විසල් මයික‍්‍රෆෝනයක් වෙතට හැරී ගීයක් ගයති. ඇගේ නළලත තිලකය භාරතිය කුලංගනාව සිහිගන්වයි.


එය ශබ්දාගාරයක දර්ශන පෙළකි. එහි එක් පසෙක විදුරු ආවරණයකින් වෙන්වී ’වාදක මන්ඩලය’ සිය කාර්යභාරයේ යුහුසුඵව නිරත වෙති. එහි යන්ත‍්‍රසුත‍්‍ර පෙළකට මුහුණලා අසුන්ගත් කිහිපදෙනෙකු ඊට තදින් නෙත්යොමාගෙන සිටී.


ඔ්කේ වන්...ටු...ත‍්‍රී..


ලොට්කොයි මන්කනගර් බන්කිමිරා සාතී...................


(බටනලාව හැඬවෙයි)


 ලොට්කොයි මන්කනගර් බන්කිමිරා සාතී...................


ගීතයේ පළමු කොටස අවසානයේ පළමු අන්තර්වාදනය ඇරඹෙයි. වාදකයා සිය දෙඅත් මත රඳවාගත් කෙටි දඬු යුගළයකින් මේසය මත රඳවා ගත් කිසියම් තත් භාන්ඩයක් හඬවයි. එහි කම්බි දැඩිව කම්පනය වි නැගෙන නාදය කන්කඵය. 

-------------------
නරඹන්න මෙතැනින්
-------------------

21 වන සියවසේ අසමසම  අරුම පුදුම සංනිවේදන තාක්‍ෂනයට පින්සිදුවන්නට ඒ සිදුවිම පෙළ දිගහැරෙන ජවනිකා රැුගත් දර්ශනපෙළ අද දවසේ බාල මහඵ පේ‍්‍රක්‍ෂකයන්ගේ සුරත මත රුවා ගත් පුවරුවක් මතට එක්සැණින් ප‍්‍රක්ෂේපනය කරවාගත හැකිය. එදා එය නරඹනු පිනිස පෙර සඳහන් කළ පරිදි අපමණ දුක් පිඩා විඳි පේ‍්‍රක්‍ෂකයා ඉන් පරම්පරාවකට පසුව සිතූ සැණීන් එය සිය නිවසේ කාර්යාලයයේ රථයේ සිට නරඹයි.


මෙම දිරඝ පෙරවදන අවසන් කරන්නට මත්තෙන් පහත දක්වා ඇති පෙරකී ජවනිකාපෙළ විමසුම් ඇසින් නැරඹීමෙන් තොරව ඉදිරි ඡේදය කරා නෙත් යොමු නොකරන මෙන් ආයචනය කරන්නෙමි.



ලාංකිය සිනමාලෝලින් හට සදාතනික සිහිවටනයක් උරුමකරදුන්, ලාංකිය සිනමා ප‍්‍රදර්ශන වාර්තා සුණුවිසුනු කළ ඒ සිනමාපටය ’අභිමාන්’ ය. මෙකි සටහන උක්ත වාද්‍ය භාන්ඩය වු ’සන්තූර්’ හි යටගියාව සහ තතු විත්ති විමසා බැලිම පිණිස දරන ලද ප‍්‍රයන්තයකි.


පෙර කි පරිදි ’70 දශකය’ තෙක් එතරම් ප‍්‍රකට නොවී පැවතුනු මෙකී රසපූර්ණ හුරුබුහුටි තත් වාද්‍ය භාන්ඩය එකි දශකයේ මධ්‍ය භාගය වෙත එළඹිමේදී නිරතුරුවම ’මියැසි නද පතුරුවාහරින්නට යොදාගැනිම ඇරඹි අතර ඉන් දශකයක් ඉක්ම යද්දී ’සන්තූර්’ වාද්‍ය ඛන්ඩ ඇතුළත් ගීත පොකුරක් හෙළ ගීතාවලිය වෙතට එක්වුයේය.


ඒ මතු කී මධුරතර හින්දි සිනමා ගීතාවලියෙන් නැගුනු ’සන්තූර්’ නාද රසය අනුව යමිනි.



01 ඔ් මෙරේ දිල්කේ චේන් - ’මෙරේ ජීවන් සාති’ - 1972

------------------
නරඹන්න මෙතැනින්
---------------------


02 ජිස්කේ සප්නේ  - ’ගීත්’ - 1972 

------------------
නරඹන්න මෙතැනින්
---------------------

03 ගොරි තෙරා ප්යාර්  - ’චිට්චෝර්’ - 1976 - කේ ජේ ජේසුදාස්

------------------
නරඹන්න මෙතැනින්
---------------------


04 සුන් චම්පා සුන් ටාරා - ’අප්නා දේශ්’ - 1972 - ලතා මංගේෂ්කාර්

------------------
නරඹන්න මෙතැනින්
---------------------



05 බන්සුරි බනයි  - ’ගීත් - 1972’ - සුමන් කල්යානපුර්

------------------
නරඹන්න මෙතැනින්
---------------------


06 කිසි රහ මෙන් කිසි - ’මෙරේ හම්සෆර්’


------------------
නරඹන්න මෙතැනින්
---------------------


උත්තර භාරතීය සංගීත මුලධර්මයන් එහි ක‍්‍රමෝපායන් ඇතැම් ලාංකීය සංගීතඥයන් විසින් ද නොයක් අවස්ථාවන්හිදී අනුගමනය කරන්නට යෙදුනු අතර එකී නිර්මාණ ආභාෂය නොමදව ලබා තම නිර්මාණ ’හින්දි සිනමා ගී’ හා කරට කර තබන්නට උත්සුක වුහ.


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබට ආදරෙයි කියනා අයුරින් ................


පෙර දවසක මා පෙම් කරනා සඳ ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


(ගැයුම - නැසිගිය සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ)

-------------------------------------

තනු නිර්මාණය - ගුණදාස කපුගේ


නිපැයුම - ලංකා ගුවන් විදුලිය


සන්තූර් වාදන ශීල්පී - ආචාර්ය රෝහණ වීරසිංහ


වසර - 1976 පමන


ගී පබැඳුම- සුනිල් ආර් ගමගේ

------------------------------------------

නරඹන්න මෙතැනින්

-----------------------------------

මෙසේ ක‍්‍රමානුකූලව එහි නාදරටා විසිතුරු සිංහල ගීත කලාකෙත සිසාරා පැතිර ගියේය. එය මනාව හසුරුවාගනිමින් ද වාදනරසය නොමදව මතුකරගත් ශීල්පි නාමාවලියේ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය එක්තර යුගයක නියෝජනය කල නැසිගිය ’පියදාස අතුකෝරාළ’ නම් අතිදක්‍ෂ සිතාර් වාදකයාද නැසිගිය ’උපාලි ද සිල්වා’ නම් වු ’සරෝද්’ වාදන ශූරයාද  වෙති. එහෙත් ඒ ශිල්පීන් යුගළයට පෙරාතුව ශ‍්‍රී ලාංකීකයන් වෙත එය හඳුන්වාදීමේ පුරෝගාමි මෙහෙවර සිදුකළ ප‍්‍රශස්ත සංගීතවේදියා අන් කවරෙක් නොව සිංහල ගීතාවලිය වෙත අතිමහත් සංඛ්‍යාත මධුරතර තනු සහ සංගීත රටා නිර්මාණ කරදෙන්නට එක්වු ආචාර්ය රෝහණ විරසිංහයන්ය.


මෙතැන් හි සිට දිගහැරෙන්නේ ලාංකීය ගීත කලාවේ ශිල්ප දක්වන්නට ’70 දශකයේ’ සහයට ආ නවතම තූර්ය භාන්ඩ සාමාජික ’සන්තූරයේ’ පුවතයි...


මෙතැන් සිට ඉදිරියට .............................

Monday, January 17, 2022

සරත් දසනායක ගී මධු කුසලානය - 03 - Sarath Dasanayake Song Collection



භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999)  - 03 වන කලාපය


 විහාර බිමේ දී, ඇසළ පෙරහැර මංගල්‍යයේදී, පිංකම් පොළේදී  බොදු බැතිමත් ගී රසිකයන් හට ඉතා හුරු පුරදු තම්මැට්ටම්, ගැටබෙර, දවුල් සහිත පසගතුරු නාද මුසුව ’සරත් දසනායක’ නිර්මණ වෙතින් මතුවුයේ 70 දශකයේ ඔහුගේ සිනමා නිර්මණයන්හිදීමය. ’නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවයෙන් (නිල්ල සොයා - 1976* ඇරඹි එය කෙමෙන් ’බිඳු බිඳු කදුඵ ගලා’ මතින් ’මල් මල් වාරම් හෙල පුරසාරම් සිහිවේ සිහිවේ මල්කැකුඵ....’ (මල් කැකුඵ - 1980*  ඔස්සේ ගලා ගියේ තවත් බටහිර ඉංග‍්‍රිසි ගී ගැයු යොවුන් ශීල්පිනියක් වූ ’ෂ්‍යාමි ෆොන්සේකා’ ගේ ගී හඬ ඔස්සේය. ’ඩැල්රින්’ ගැයු පෙර කි නිර්මාණය වෙළඳ තැටිගත වන්නේ ද ඒ ක‍්‍රමවේදයටම අනුගතවය.


’හේවිසි නාද රටා පසුබිමේ ’ඔළිඳ කෙළිය’ ජන ගී රිද්මය සිහිගන්වන එය ඊට පෙරාතුව ’කස්තුරි සුවඳ’ , ’නිල්ල සොයා’ , ’ආශා දෑසින්’ , වැනි සිනමා කෘතින් හි ඔහු අනුගමනය කල සංගීත භාවිතාවේ දිගුවක් වැන්න.




’මගේ හදේ නැවුම් ලොවක් මැවෙන්නේ ......’


’පාවි සිතේ හැගුම් පැතුමි මැවෙන්නේ .....’


’පායා අඵත් සඳක් නැගෙයි සිනාවේ ...’


රෑනේ කිරිල්ලියක් රැුගුම් රගාවි.....’


-------------------

සමූහ ගැයුම - ඇන්ජලීන් ගුණතිලක- මිල්ටන් මල්ලවාරච්චි සමග ෂ්‍යාමි ෆොන්සේකා 


සළරුව - මල් කැකුඵ


වසර - 1980


නිපැයුම - සේන සමරසිංහ


ගී පද සැකසුම - නැසිගිය කරුණාරත්න අබේසේකර


-------------------------------------

සවන්දෙන්න මෙතැනින්


----------------------------------


ංංංංංංංංංංංංංංංංංංංං


හොරණ ශ‍්‍රීපාලි කලායතනයේ නිහඬ නිසළ බව බිඳිමින්, සියොතුන් කැදැළි කර පියඹා යන්නට අරගල කරන යාමයේ ’විශාල ගෙඩියක්’ සහිත සංගීත භාන්ඩයේ තත් අතරින් යුහුසුඵව ’දීපා සරත් දසනායක’ නම් කොඵ ගැටයාගේ දසැගිලි දිවයන්නට පටන් ගනී. එහි තත්හැඬවීම නිසල වන්නේ හිමිදිරියේ ’සැවුළන්’ හඬතලන යාමයේය.


1959 වසර සිංහල සුභාවිත ගීත ලෝලීන් කැළඹිමට පත් වූ වසරක් වුයේ එසමයෙහි ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ පළමු නියමුවා ලෙස කටයුතු කල සංගීතවේදී එඩ්වින් සමරදිවාකර දිවි ගමනින් හදිසි සමුගැනීමයි. ඔහු ඒ වනවිට යොවුන් විය ඉක්මවා යමින් සිටි අතර මේ අවධියේ  අටළොස් හැවිරිදි විය ගතකරමින් සිටි ’දිපා මිල්ටන් සරත්’ යෞවනයා,  දිනක ’හේවගේ පේ‍්‍රමදාස’ නම් වු ගාන්ධර්වයාණෝ අමතා තමන්ට ’සංගීතය’ හැදෑරිමට ඇවැසි යැයි පවසනු ලැබූ අතර, ඔහු ශ‍්‍රීපාලියේ එක්තර කුටියක් වෙත යොමුකරවන ලදී. එහි විවිධාකාරයේ විවිධ ප‍්‍රමාණයේ සංගීත භාන්ඩ පිරි ඉතිරි තිබුනි. සුරත දිගුකර 


’අන්න අතන තියන විශාල ගෙඩියක් වගේ එකක් තියෙන එක .....’ යනුවෙන් හඳුන්වා එය තමාට උගන්වන්නැයි අයැද සිටියේය.


පසුකාලිනව සිංහල සංගීත ක්‍ෂේත‍්‍රයට අනුපමේය දායකත්වයක් ලබාදෙන්නට සමත් වෙමින්, එහි දැවැන්තයන් බවට පත් වූ නාමයන් කිහිපයක් ඔහුගේ සමකාලීනයන් ගේ නාමාවලියට ඇතුළත් වන්නේය. 


’සේන ජයන්ත වීරසේකර’, ’මර්වින් පෙරේරා’ , ’ඔස්ටින් මුණසිංහ’ , ’පුන්‍යසිරි මහවත්ත’, ’නවරත්න අත්තනායක’ (ගායිකා සුජාතා අත්තනායක ගේ සැමියාණන්* ඒ අතර වේ. ඒ ’රජයේ සංගීත විදුහලේදීය’.


’බී වික්ටර් පෙරේරා’, ’එස් ඩී එස් ජයසේකර’, ’ ඩී ආර් පීරිස්’, ’බී ඇස් විජේරත්න’ , ’කේ ඒ ධර්මසිරි පෙරේරා’  වැනි පෙරදිග උත්තර භාරතිය සංගීත ගුරුකුලයේ කැපි පෙනෙන ඇදුරන් වෙතින් ’දසනායක’ හෙවත් ’දසේ’ එහිදී සිප්සතර හැදෑරිය.


1963 වසර ගතවෙමින් පවතිද්දී, සංගීතවේදී ’ආර් මුත්තුස්වාමි’ යටතේ ’හැඳල විජයා චිත‍්‍රාගාරයේ’ වාද්‍ය වෘන්දයේ අසුන් අරා සිටින්නන් අතර ’සරත් දසනායක’ ද විය. එහි ඔහු පෙරකී ’විශාල ගෙඩිය සහිත සංගීත භාන්ඩය’ උකුලේ හොවා සිටියේය.  එහි දෙඅත් රුවාගත් ඔහු ’උඩරට මැණීකේ’ සලරූ ජවනිකාපෙළ වෙනුවෙන් සත්සර හඬ මුසුකරන්නට යෙදෙනි.

----------------------------

හිමිදිරියේ හිරු එළියට ...................


මං යනවා එහා ගමට .....


නුඹ නැතිදා කෙළෙසද මා ගමේ ඉඳින්නේ ....


අඳුර වැටෙන්නා ....


ගැල පැදවෙන්නා...........


පසුබිම - 


1977 වසරේ දී පමන ’සිල්වර්ලයින් රෙකෝඩ් බාර්’ ආයතනය ස්ථාපිත වී නිකුත් කරන්නට යෙදුනු මුල්ම ඊ පී තැටි පෙළ අතරින් ’ආචාර්ය දයාරත්න රණතුංග’ වෙනුවෙන් වෙන්කළ ඇල්බමයේ ඇතුළත් අප‍්‍රකට ගීතයයි. එහි ඇතුළත් වු ’උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ.............’ සහ ’පෙම් සිළිලාරේ තුන්සිත ඉතිරි....’ ගුවන් විදුලිය ඔස්සේ අතිශය ජනාදරයට පත්ව උක්ත ගීතයේ ප‍්‍රභාව මිළින ව ගියද, සරත් දසනායක සංගීතවේදියා ගේ නාද භාවිතාව සුවිශේෂීව ප‍්‍රකට කරන මන්මත් කරවන වස්දඬු රාව ඇතුළත් වූ ගීතයකි. 


’70 දශකයේ’ සහ ඉන් එපිට සියවස් ගණනක ඈත යුගයක් කරා විහිදෙන ’ගැල්කරු’ වෘත්තියේ යෙදෙන ’කරත්තකරුවෙකුගේ’ පේ‍්‍රමවිප‍්‍රයෝගයේ ලතැවුල් ප‍්‍රකට කරන විරහ ගීතය, ගැල්ගමනේ රිද්ම ලාලිත්‍යයද ’කරත්ත කවි’ ගැයෙන ජන ගී රාවය ද චිත‍්‍රනය කරන සත්සර රටාවකින් හැඩගන්වා තිබේ.


ගී පද - නැසිගිය උපාලි ධනවල විතාන


ගැයුම - ආචාර්ය දයාරත්න රණතුංග


ලේබලය - සිල්වර්ලයින්


නිපැයුම- කෙනත් සී පෙරේරා - සිල්වර්ලයින් රෙකෝඩ් බාර් 

-------------------

මෙයින් රසවිඳින්න

----------------------------------------


සරසවිදෙවගන වරම් ලබමින්, ’සිතාරය’ හැඬවූවන් වූ ’පියදාස අතුකෝරාළ’ , ’වයි ඇම් සුමනසිරි’ හා එක්වූ තෙවැන්නා ’සරත් දසනායක’ ය.


ඉන් තෙවසරකට පසු ’බිබිල මධ්‍ය මහ විදුහලේ’ සිසුදරු දැරියන් පිරිවරා එහි සංගීත කාමරයේ සුමියුරු සිතාර් තත් හඬ නැංවු ඔහුගේ රුව  නිතිපතා අගනගරයේදී ද යමෙකුට දැකිය හැකි විය.


’සෝමපාල ලීලානන්ද’ නම් වු පුවත්පත් කලාවේදී යොවුන් සහෘද රසවතා ’දසනායකයන්’ දිනක මරදානේ ’ඩ්රිබර්ග් ඇවිනියු’ (වත්මන් ජයන්ත වීරසේකර මාවත* වෙත කැඳවාගෙන ගියේය. එතැන්හිදී ඔහුගේ සිතාරයේ තත් නිම්නාද නැංවුනේ දේශයේ සංගීත කලාවේ මහාපහන් ටැඹක් බවට පත්වූ ’පේ‍්‍රමසිරි කේමදාස’ යන් ගේ මියැසි විසිතුරු වෙනුවෙනි. එහිදි ඔහු තමන්ට මුණගැසුනු නවක සිතාර් වාද්‍ය ශීල්පියා හට ’සරිගමපධනි...’ පෙරදිග ස්වර ප‍්‍රස්ථාරයන් බටහිර රේඛා ප‍්‍රස්ථාරයන් වෙත පරිවර්තනය කිරිමේ ගුරුහරුකම් කියා දුන්නේය. එයිනුදු නොනැවතී ගීතයකට ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (හර්මනි - කවුන්ටර් මෙලඩි පොයින්ට්ස්* ආදේශ කිරීමේ බටහිර ශීල්පීයොපක‍්‍රමයේ මුලධර්මයන් කියා දුන්නේය. එතැන් හි සිට ’දසනායක’ නම් වු මියැසි මිණිකැටය’ මනාව ඔපමට්ටම් වී ප‍්‍රභාරශ්මියෙන් වඩාත් දිදුලන්නට විය.


01   ’සීතල වතුර ගලයි ....................’ (පන්ඩිත් අමරදේව) 

 

02  ’මංගල දිනයේ රසමධු පානේ ...............’

      ’ඉවකල කොමළිය .. කුලගෙට එනවා.............’

      ’කුලගෙට එනවා  - කුලගෙට එනවා..........’


(ලතා - ධර්මදාස වල්පොළ) -


රූං රූං රුං රුං මී මැස්සෝ.....


පෙම් බඹරුන් මෙන් මී මැස්සෝ.....


(වික්ටර් රත්නායක - නන්දා මාලිනී) - 


නමින් වූ අපුරු, මධූරතර ගී රටා ගැයෙන වැයෙන ’සීතල වතුර’ , ’මී මැස්සෝ’ සිනමා නාමාවලි තිරයේ ’සහය සංගීත අධ්‍යක්‍ෂ - සරත් දසනායක’ වදන් පෙළ ඒවා නැරඹූ පේ‍්‍රක්‍ෂක සහෘදයා ගේ නෙත ගැටිනි. පෙරකී අමරණීය සිංහල සිනමා ගීතයන්හි වැයෙන්නේ ඔහුගේ සිතාර් වාදනයයි.


ලක්දීපයේ මෑතකාලීන ඉතිහාසයේ, සිංහල සංගීත ලෝලීන් අත්විඳි ’ඔපෙරා’ එනම් සංගීත ස්ංධවනි වේදිකා ගතවුයේ සංගීතවේදී ’පේ‍්‍රමසිරි කේමදාසයන්’ ගේ අප‍්‍රතිහත ධෛර්යේ සහ කැපවීේම ප‍්‍රතිඵලයක් ලෙසින් බව නොදැනගත් ශ‍්‍රාවකයන් සිටිය නොහේ. ඔවූහු සිංහල සංගීත වංශ කථාවේ නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් වූ ඒ සංසිද්ධිය මහත් සොම්නස් සිතින් මෙනෙහි කරති.

1967 ඉල් මසින් 07 දාතමින්, කොළඹ කාන්තා විදුහල් ශාලාව සිසාරා නැගුනු විවිධාකාර සංගීත භාන්ඩ නාදයන් අතරේ ’සරත් දසනායක’ ද සිය සගයන් වූ ’වයි ඇම් සුමනසිරි’ සහ ’පියදාස අතුකෝරාළ’ ඇතුඵ තවත් ශීල්පීන් අර්ධ ශතකයක සංඛ්‍යාවක් ඉක්ම වූ පිරිසක්ද සමගින් සිය අතැගිලි සිතාරයේ තත් අතරේ රගදෙන්නට සළස්වා නැංවු කන්කඵ නාදරටාව ද විය.


සීතල නළවැල් තුරු අතරේ..........


මිදුම් කඳුමුදුනේ වැතිරේ .......


මේ කුඵ පියඹා යයි අඹරේ ...........


ලස්සනයි හරි ලස්සනයි..............

-----------------------------

ගැයුම - නැසිගිය ඇන්ජලීන් ගුණතිලක සමග නැසිගිය හරූන් ලන්ත‍්‍රා


ගී තනුව - නැසිගිය සංගීතඥ තිලක් කරුණාතිලක


සිනමාපටය - සඳ නැග එද්දී


වසර  - 1967

----------------------------------
මෙතැනින් සවන්දෙන්න
---------------------------------

’තිලක් කරුණාතිලක’ නම් වු සහෘද මියැසිනාදනිර්මාපකයාගේ මෝහණීය තනුවකින් හැඩ වූ ’සඳනැග එද්දී’ නමින්  සිනමාතීරය ඒකාලෝක වෙද්දී ගැයුනු ගීතයේ මිහිරෙන් සහෘදයන් වශීකෘත ව දැහැන්ගත වුයේ ’සරත් දසානයක’ ගේ සුළලිත ’සුසංවාද ප‍්‍රසංවාද’ ස්වරරටා සහ වැයුම් නිසාය.


’කේලම්   - මුසාබස්’ ඇතැම් ලාංකීකයන්හට එදාද අදද සැමකල්හීම ’රසබස්ය’ ප‍්‍රියතෙපුල්ය.  කෙතරම් ද යත් ඇතැමුන්හට එය ’සප්තස්වරයේ’ මිහිර අභිබවා රසය ගෙනදෙන්නේය. ඔවුනට පින්සිදුවන්නට, 70 දශකයේ මුල්යුගයේ දී සිංහල සිනමාවට ප‍්‍රතිභාපූර්ණ නවක සංගීතඥයෙකු ලෙස ’සරත් දසනායක’ දයාද කෙරෙන්නේය. ඒතාක් එක්ව කටයුතු කල ’කේමදාස - දසනායක’ සුසංයෝගය විරසකයක් බවට හැරෙද්දී ඔවූහු එතැන් හි සිට ස්වාධීනව කටයුතු කරන්නට පෙළඹෙන්නේය.


’ලස්සන නම් නෑ පෙනෙන්නේ....’


’ඉස්සර සුවඳයි දැනෙන්නේ...’


’මෙදා සොඳුරු පිය දසුන්...’


’එදා සිහිනයකි කසුන්....’


’මතක් උනත් අමිල සැපතකි....’

-------------------------

සේයා සළරූව - විශ්මය


වසර - 1978


ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර


-------------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------


ලෙසින් සංගීත් නිපුන් සනත් නන්දසිරි ගී නාදය මතුවුයේ ’විස්මය’ සළරුවෙනි. එය 1978 වසරේදී, සහෘද පේ‍්‍රක්‍ෂක ජනයා වෙත තිළිණ කෙරෙද්දී , ’සරත් දසනායක’ ක්‍ෂේත‍්‍රයේ බොහා් දුර පියමං කර තිබුනේ බරඅඩි තබමිනි. (මෙම සටහන් පෙළේ මුල් කොටස පරිශීලනය කරනු වටී*. එනමුදු, ඊට පදනම වැටී එය නිර්මාණය කෙරෙද්දී, එනම් 70 දශකයේ මුලාරම්භයේදී අමයුරු සත්සර රටා මවන්නෙකු ලෙස ඔහුව හඳුනගත්තෝ විරළ වූහ. එතැන්හිදීද ’සෝමපාල ලීලානන්දයන්’ ’විස්මයේ’ අර්ථපතියන් හට ’දසනායක’ පිළිබඳ තතු විත්ති හෙළිකර ඔහුගේ ගුණ වරුණාව හෙළිකර තිබුනි. ’භාත්ඛණ්ඩේ’ ඇබෑසි විදුහල වෙත අසල්වැසි භාරතය කරා යොමුවන්නට තිබු සිතැගි අකාමකා දැමූ ඔහු, ඒ වෙනුවට ’විස්මය’ ට ’උත්තරභාරතීය රාගධාරී’ සංගීත රටා පෙළක් තිළින කර දෙන්නට ඉටා ගත්තේය.



රජයේ සංගීත විදුහලේදී ’ප‍්‍රීති නීලා ජයසුන්දර’ නම් වු යුවතිය දැන හැඳින, ඇයව සිය ’ජීවන මංපෙත මලින් සරසන්නට එක්කර ගත්පසු ඔවූහු දෙපුතුන් වු ’රංග’ ’සංඛ’ සහ ’ලක්මාලී’ දියණියගේ පි‍්‍රයතෙපුළින් ජීවන ගමනේ විඩාදාහය සංසිඳවා ගත්හ.


මතු කී පරිද්දෙන්, ’විස්මය’ ට පසුව ’විස්මයජනක’ මියැසි වසන්ත සමයක උදාව සනිටුහන් කල ’සරත් දසනායක’ සංගීත යුග මෙහෙවර සම්පුර්ණ කරන්නට අත්වැල සැපයුවේ ඔහු හා සංසාරගත සෙවණැල්ලක් සේ ඇදෙමින් ආ ප‍්‍රාණසම කළණ මිතුරු ’සෝමපාල ලීලානන්ද’ ය. සදහටම හෙළ ගී කෙත සරු කරන්නට සමත් වූ, රසපූර්ණ ගීතාවලියට රන් දොරටු විවර වූ ’සදහටම ඔබ මගේ’ සිනමාපටයේ බරපැනධාරී රඹුක්කන ප‍්‍රකට ව්‍යාපාරික රසවතාණෝ ’සේන සමරසිංහ’ වෙත ඔහුව කැඳවාගෙන යන්නට ’ලීලානන්ද’යන් මෙවර සමත්විය. ඒ නිර්දේශය ලබනට, ’සරත් දසනායක’ ට වසනා මහිමය උදාකර දුන්නේ ’ජෝති’ ගැයු ’ගී තැටියයි’. ( තොරතුරු පෙර සඳහන් විය* එය ශ‍්‍රවණය කල ව්‍යාපාරික රසවතාණෝ දෙවරක් නොසිතා එකහෙළා මේ අප‍්‍රකට ආධුනික සංගීතඥයා හට සිය ’භාරදුර වගකීම’ පවරන්නට එකග වුවේය.


එතැන් හි සිට, ඒ තාක් සිංහල සිනමා ගීතාවලිය වසාගනිමින් අසල්වැසි උත්තර භාරතයෙන් ඇදී ආ ’අනුකාරක තනු’ නම් වු පොදවැසි ගෙන ආ ’අඳුරු වලා’ කෙමෙන් තුනි වී ගියේ හෙළජන ගීආර නම් වූ ප‍්‍රභාකීරණ පැතිර වු ’සරත්’ නම්වු දිනකර නිරාවරනය කරමිනි.


පෙර සඳහන් කළ ඔහුගේ සිනමා ගී රස ගගුලේ කිමිද යන්නෝ, තත්කාලීන භාරත සිනමා ගී රසය අතික‍්‍රමණය කිරීමේ භාරදුර එසේම අසීරු අභියෝගය දිනු ජයග‍්‍රාහක කිරුළට ඔහු සුදුසු වන්නේ මන්දැයි මනාව පසක් කර ගනු ඇත්තේය. එදිනෙදා බස්වහරෙන් කියු ලෙසම ’සරත් දසනායක’ රහට ගීත හැදූවේය....................’ එය එසේ මෙසේ ’රසයක්’ නොවේ ජාත්‍යන්තරය ජයගත් අති දැවැන්ත බොලිවුඩයේ සංගීත කලාවේ දැවැන්තයන් හා හුදකලාව කරන ලද සටනකි, අරගලයකි.


එදාමෙදාතුර යුග යුග ශ‍්‍රාවක සිත් සතන් සර්වකාලීනව මෝහණය කරන නිර්මාණරසයන් තිළිණ කළ ඔහු පිළිබඳව ලාංකීක ගීත ලෝලීන් මෙන්ම සිනමා නිර්මාණකරුවන් ද, රංගනශිල්පීන්ද ආඩම්බර විය යුතුවා මෙන්ම ඔහුට කෘතවේදී පුර්වකව ණයගැති විය යුතු වන්නේය. මක් නිසාද යත්, ’70’ සහ 80 දශකයේ සිනමාව පිළිබඳව කථාබහ කරද්දී, එහි සාර්ථකත්වය පිටුපස සිටියවුන් අතර ඔහුගේ නාමය අමරණිය වන හෙයිනි.

එපණකුදු නොව , ඔහු නොවන්නට, ’70 - 80  - 90’ දශකයන්හී සිනමා ලෝලීන් සැනසූ නැළවූ ජෝති හඬ මෙතරම් ජෝතිමත් නොවන්නට ඉඩ තිබුනි. 


ලක්මවගේ ඇකයේ පහස ලබන සෙස්සන් හට උරුම වූ ආයුරාරෝග සම්පත්තිය ඔහුට අහිමි වී තිබුනද, ගීතයට පෙම් බඳින ඔබටද මටද අපි සියල්ලන්හටම දිවිගමනේ දාහය විඩාව සංසිඳවා ගන්නට, සිත සැනහී සුවපත් කරවා ගන්නට මහරු මියැසි නාදරටා ගොන්නක් තිළිණකොට දී තිබේ. සටහන් මාලාවේ අන්තයට ලගා වූ මොහොතේ, මතු කී පරිදි ඔබ, ඔහුගේ ගීතාවලියෙන් වසග වි ඇතිබව නම් නිසැකය.


දීපා මිල්ටන් සරත් දසනායක වියෝ වී මේ සටහන පිළියෙළ කරන 2021 වසරේ උඳුවප් මහ දක්වා විසිදෙවසරක් ගතවි තිබේ. ඉහත ලියැවුනු සියල්ල සම්පුර්ණ කරනට ඔහු මිනිස් දිවියේ ගතකල කාලය සත්පණස්වසරක් පමණකි. හෙළ කලා කෙතේ සුවහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂක දනන්, රසිකයන්, ශ‍්‍රාවකයන් පිනවූ, නැළවූ, සෙසු මහරු නිර්මාණකරුවන් බහුතරයක් සේම, සරත් දසනායක කලාකරුවාණන්ද දිවිමගේ සැටවිය ඉක්මවා යන්නට වරම් නොලැබිය. එබඳු ශිල්පීන් ගේ අකාල සමුගැනීමෙන් හිස් වී පුරන් වී ගිය ’හෙළ ගී කලා කෙත’ සැඩහිරුරැුසින් දැවී තැවි යන නිරුදක කතරක් බවට හැරෙමින් පවතිද්දී, ඔහු වැන්නේ යළි කවදා කෙසේ මතුදින පහළවේද ?


(’සරත් දසනායක’ දිවිමග තොරතුරු මුලාශ‍්‍රය - ගාන්ධර්ව අපදාන පුස්තක පෙළ - ’සරත් දසනායක’  - මහාචාර්ය සුනිල් ආරියරත්න වෙතිනි.)

සේයා රූ උපුටාගැනීම - ’ස්වාධීන රූපවාහිනියේ ඉන්ද‍්‍රසිරි සුරවිරයන් විසින් මෙහෙයවූ ’සරත් දසනායක’ අනුස්මරණ වැඩසටහනක ’යු තලයේ’ දර්ශන පෙළකිනි


පසු සටහන


ආදරණිය සංගීතවේදියාණෙනි,

හින්දි ගී රසයෙන් මත් වි සිටි කුඩා මා, ගුවන් විදුලියේ සිනමා තොරතුරු අඩපැයකින් අඩක විකාශනය වු වැඩසටහනේදී ඒ ගී පරදවන සුඵ සුමියුරු සිංහල ගීත ශ‍්‍රවණය කරන්නට ලැබී, එයින් වසග වුනෙමි. ඒ ගී ශ‍්‍රවණය කරන්නට රිසි ව, අසිරුවෙන් සපයා ගත් බරපැන සකසුරුවමින් විය පැහැදම්  කරමින් ’සිනමාහල්’ වෙතට පිවිසියෙමි. දැවැන්ත තිරය ප‍්‍රභාමත් කරමින් ඒ මත දිදුළන  නාමාවලියේ ඔබේ නාමය දුටුවෙමි.  එතැන් හි සිට දිනක අඳූරු ශාලාවෙන් තරු විසිරුනු අහස් තලය කරා පැමිණෙන හෝරාවේදීද, දිනක අවරට යන ළා හිරු රැුස් පොපියන සන්ධ්‍යා කාලයේදීද, සිතින් යළි යළිත් සියවරක් ඒ ගී මෙනෙහි කරමින් මුමුණන්නට විය. රැුය ගෙවි පැයෙන් පැය දිනෙන් දින සතියෙන් සතිය... කාලය පියඹා ගියද, හදවතේ රැුව් පිළිරැුව් දුන් ඒ අමයුරු ගී රසය තුනි වි නොගියේය. දිනෙන් දින තව තවත් නව ගී ’ගුවන් විදුලියෙන්ද’ ’තැටි ධාවකයෙන්ද’ ’පටි ධාවකයෙන්ද’ ශ‍්‍රවණය කළෙමි. ඒ දහසක් ගී රස අතරින් ඔබේ නමින් ඉපදී ගැයුනු ගී මිහිර ද බිඳකුදු බොඳවි නොගියේය.


ඒ හැම මාධ්‍යයකින් ඇසෙන්නට ගත් නව ගීතයක අපුර්වත්වයක්, පෙර නොවිඳි රසයක් මිහිරක් දැනුනු විටදී එහි නිර්මාපකයා කවුරුන් වෙත්දැයි විමසිලිමත් වූයෙමි. ආශ්චර්යයකි, ඒ ගීතය ද ඔබෙනි. ’තැටියේ’ ද ඔබේ නාමය පැහැදිළිව ලියැ වි තිබෙනු දුටුවෙමි, කැසටයේද ඒ නාමය එසේ සටහන් වී තිබිණ. ගුවනින් ඇසෙන ගීතයක වාදනය ඇරඹුමේදී ඔබගේ නාමය කියැවිණි නම්, නිසැකවම එය මා කුල්මත් කරනු ලබන බව පසක් කොට ගතිමි.


’අමර පෙම් ලතාවේ ..... ’ මියැසි ලතාවෙන් අප නැළවූ ඔබගේ වේගරිද්මය කැටිවු සංගීත වාද්‍ය රටා රැුසක සංකලනයෙන් ද ගායන පෞරුෂයන් ත‍්‍රිත්වයක මුසුවෙන් ද නැගුනු ’මල් වයසේ මධු සිහිනෙන්.... සිහින ලොවකට පාවි යද්දී ගුවන් විදුලි චිත‍්‍රපට ගී වැඩසටනින් ’රොන් සොයා පියඹන සමණළියකසේ.................’ නැග ආ ළයාන්විත ලතා ගී ලතාවෙන් හදකිතිවන්නට විය.  සතිඅග නිවසේ විවේකයේදී ආලින්දය සිසාර මතුවූ ’ත‍්‍රී සිස්ටර්ස්’ ගී රාවය අතර වූ ’සාගරය පරදා උතුරා........’ .’වාසනාව දෝතට ගෙන සිනහ සලා.................’ රසයෙන් පිරී ඉතිර ගියේ ඔබගේ ඉන්ද‍්‍රජාලික මියැසි පෙළහර වෙතින් බව කෙසේ අදහා ගන්නද?


ඇසළ සැණකෙළි සමයේ නෙක වර්ණ විදුලි බුබුඵ රැුසින් එකාලෝක වූ ’සැණකෙළි බිමේ’ කොනක දිවයන’ ’මෙරි - ගෝ රවුමේ’ ’සතුටු සුළං රැුළි හමා ගියා....කදුඵ කලුව ඈත පැන ගියා............’  ගී අනුවාදනයෙන් නැගුනේ ද ඔබ ගේ රිද්ම රටා බව දැනකියාගත් දා, ඔබ සක්දෙවිඳු පිනවන ’පන්සිඵ’ පරයා මතුවි නැග ආ ගාන්ධර්වයා බව පසක් කොට ගත්තෙමි.  



එයාකාරයෙන් හෙළ සිනමාවේද, ගීතකලාවේද වසත් සමය පුබුදාලන්නට ඔබ කළ මෙහෙවර, ඔබ දෑරූ වෙහෙස මදකුදු ලඝුකොට තැකිය නොහේ. සහෘදයන් පිනවනු පිනිස, රටක දැයක දුලබව පහළ වන ඔබ වැන්නන් වෙත නිසි කල නිසි ලෙස හිමිවිය යුතු බුහුමන් ප‍්‍රණාම ප‍්‍රසාද අවසනාවන්ත ලෙස නොලැබ ගියද, මාද ඇතූඵ එක්තරා යුගයක් නියෝජනය කල සුවහස් සංඛ්‍යාත රසික දනන් ගේ හද පතුලේ ඔබගේ නාමය සදා නිධන්ව පවතිනු ඇත. 


එබැවින්, ආදරණිය ගාන්ධර්වයාණෙනි, අසාහාය සංගීතවෙදියාණෙනි, සසර ගමන නිමා කරන්නට මත්තෙන් යළිදු වරක් හෝ සහෘද අප පිනවන්නට අප හමුවේ පහළවනු මැනවි.


නිවන් පුරට යන ගමනේ ....


සහන් එළිය දෙන ගමනේ ....


මගින් මගට නතර නොවි...


පෙරුම් පුරන්නයි ...


ලක්බිම උපනුපන් ජාති මතු උපදින්නයි.......


---------------------

ගැයුම - ආචාර්ය සුජාතා අත්තනායක


නිපැයුම - ගුවන් විදුලිය


යුගය - 1977 වසර පමණදී


පදගෙතුම - ආචාර්ය අජන්තා රණසිංහ


සත්සර වියමන - සරත් දසනායක අසහාය සංගීත වේදියා වෙතිනි

--------------------
සවන්දෙන්න
----------------


   ංංංංංංංංංංංංංං සමාප්තයි ංංංංංංංංංංංංංංංං


Monday, December 27, 2021

සරත් දසනායක ගී මධු කුසලානය - 02

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999)  - 02 වන දිගහැරැම

 ආදරණිය ’සරත් අයියා.... මුඵ සිරුරම තනිකරම සංගීතයක්, ඔහු එතරම්ම දක්‍ෂ නිර්මාණකරුවෙකු බව නොපැකිළිව හැමවිටම එක සිතින් මුඵ හදින් කියා සිටිමි.




 මා ඇතුඵ අපේ කන්ඩායම වෙළඳ තැටි වෙනුවෙන් ගැයු ගීත ගණනාවකට මෙන්ම ගුවන් විදුලියේදී ගැයු ගීත වෙනුවෙන් ඔහු තැනු තනුවල ද ඒවාට මුසුකලේ සංගීතයෙන්ද නැගුනු මිහිර යුග ගණනාවක් පවතිනවා නිසැකයි. 



හොඳ හදවතක් තිබුනු කලාකරුවෙක්. උතුම් ගුණ ඇති විරළ හැකියාවක් තිබු මිනිසෙක්. 


’ත‍්‍රී සිස්ටර්ස්’ නායිකා ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය ඔහු පිළීබඳව පැවසු වදන් රැුසක් පිඬුකොට පෙර සටහන පිළීයෙළ කරන ලදී.


 ඔහු ගේ ස්වාධීන මෝහනීය ගී තනු නිර්මාණ අතර මතුවු සුවිශේෂී ගීතයක් ගයන්නට ශීල්පිනි සුජාතා අත්තනායක වරම් ලද්දීය. සරණබන්ධනයක උත්සවයේ නිමාව සනිටුහන් කරන්නා වු ’මනාලිය’ සිය ආදරණිය දෙමව්පියන් හැරදා ආගන්තුකයෙකු සමග නව දිවි ගමනකට නික්ම යන මොහොතේ ඇයගේ හදතුල නැගෙන සිතුවිලි දහරාව ගී පද වදන් බවට හැරවුයේ අජන්තා රණසිංහ නම් ශූර ගී පද රචකයා විසිනි. එදවස විවහමංගල්‍යඋත්සවයන්හිදී මේ ගීතයේ අනුවාදනය වැයුනු වාර ගණන අතිමහත් විය හැකිය. බොදුනුවන් පෝරුමස්තක විමේ චාරිත‍්‍රයේදී ගැයෙන ආශිර්වාදාත්මක පාලි ස්තෝත‍්‍ර පාඨයන් වූ ’ජයමංගල ගාථා’ නාදමාලාව සියුම්ව කැටිකොට ගත් මෙහි, භාවප‍්‍රකම්පනය ප‍්‍රබලත්වය වඩාත් තිව්ර කරනට ඊට යොදා ඇති වදන් මාලාව හේතුවෙයි. සාම්ප‍්‍රදායික පරිසරයක හැදි වැඩුනු යුවතියකගේ ජීවන රටාව චිත‍්‍රනය කරන එය, එකී උද්වේගකර අවස්ථාවට මුහුණ දෙන ඔ්නෑම ළඳකගේ ළමා - නවයොවුන් වියට අදේශ කල හැකිය. ඒ අනුව ඔවූහූ ඒ මොහොතේ එයින් වඩ වඩාත් සංවේදී වෙද්දී එය ශ‍්‍රවණය කරන ’පියාණන්ගේ’ හැගුම්බර බව ඉන් වඩාත් තිව්ර කරයි.


 ------

ඉන්ද්රානි පෙරේරා
-------

පුංචි දවස්වල නින්දට යද්දී....


පීතු පාදං නමාමහං කියලා ...


වැන්ද දෙපා යළි අදත් වඳින්නම්...


මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි.....


මල් බෝනික්කන් පූසි පැටව් ටික.........


පාට ගවුම් පොඩි අද තනි වෙනවා ...........


පියාණෙනී ඔබේ ආසිරි ඉඹ ඉඹ ......


ඉරණම් ගමනක් යන්නට යනවා .............



පියාණෙනි ඔබේ පුංචි කුමාරිය ...


පුංචි මනාලිය වි යන දවසේ ...


එපා අඬන්නට එපා අඬන්නට ..


පුංචි ’මුණුපුරෙක්’ කැන්දන් එන්නම්..


මා හෙට දවසේ ................


------------------

සරත් දසනායකයන් විසින් ගුවන් විදුලියේ මුල්වරට පටිගත කළ පිටපත මෙයින් සවන්දෙන්න

--------------------


දෙසවන පිනායන සරපුවරු වාදන, විද්යුත් ගීටාර් නාදරටා, මෙන්ම සැක්ස්ෆෝන් හඬ සංකලනයන් ඔහුගේ සිනමා සහ වෙළඳ තැටි සහ කැසට් මියැසිය සමන්විතය. එහෙත්, ගුවන් විදුලි ගීතයේදී, සිතාරයේ සහ වයලීන හඬට ඔහු වැඩි ඉඩකඩක් වෙන්කර දෙයි. 


ඉන්ද‍්‍රානි පෙරේරා ශිල්පිනිය ඇතුඵ සොයුරියන් විසින් දයානන්ද ජයවර්ධනගේ ’සමන්මලී’ උදෙසා ගැයුනු ’මන්දහාසේ මන්දහාසිනී.........’ (ධර්මසිරි ගමගේ)  ද, වෙළඳ තැටියක් උදෙසා ගැයුනු ’ආරධනා පුංචි පුංචි තාරකා’ (උපාලි ධනවල විතාන)  වාද්‍ය සංකලනය ඔවුන් ගුවන් විදුලියේ දී ගැයූ ’කුරුල්ලනේ නුඹලගේ සංතෝසය (කරුණාරත්න අබේසේකර) ගීතයේදී වඩාත් පෙරදිග සංගීත භාවිතාවයට නැඹුරු වෙයි. ’ගුවන් විදුලි වාද්‍ය වෘන්දය’ උදෙසා බාහිර බටහිර වාද්‍ය රසය මුසුකරගනු වස්, ඉන් පරිබාහිර ශීල්පීන් යොදාගැනීමෙන් වැළකි සිටි ඔහු ඒ කටයුත්ත ’ගුවන් විදුලි නිත්‍ය වාද්‍ය වෘන්දය’ ලවාම සිදුකරගැනීමට රිසි වුවා වැන්න. නමුත් එයින් ඔහුගේ නිර්මාණයන්හී රසපූර්ණබවෙහි කිසියම්ම හෝ අඩුවිමක් නැත්තේය.

  

-------
ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවෝ - 1970 - 1978
----------

1977 වසරේ  සිදුවූ දේශපාලන පෙරළියෙන්, නව අග‍්‍රමාත්‍ය ධූරය හොබවන්නට කලා හිතැති ’ආර් පේ‍්‍රමදාස’ සහෘද ජනනායකයා සමත් වු අතර, ඔහු ලංකා ගුවන් විදුලිය ඔස්සේ ’එල් පී’ ගණයේ ගී තැටියක් නිකුත්කරවා ගන්නට ද උත්සුක විය. එහි ගී නිර්මාණ ගණනාවක් සඳහා ’සරත් දසනායකයන්’ ඇරයුම් ලබන්නේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වු ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ හා සමගිනි.  තැටියේ පැහැදිලිව එහි ඇතුළත් සියඵ ගී පද රචනා ’ආර් පේ‍්‍රමදාස’ ගේ ලෙස සඳහන්ය. එය නිකුත් වු වහාම, ලංකා ගුවන් විදුලිය තමන් ගේ උදා ගී විකාශනයන් උදෙසා නිතිපතා එහි අඩංගු වු ගී වාදනය කරන්නට තෝරා ගනු ලැබූහ. 


01 මිනිසා මිනිසට එරෙහිව එන්නේ ......  සිතුවිලි නපුරට හැරෙන නිසයි .....(පන්ඩිත් අමරදේව)


02 සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි .... (ජෝති)


03 පෙරදිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නවහිරු කිරණ නැගේ ....(ජෝති)


04 අහසේ ඇවිද කවදෝ හෝ විඵඹ ගෙවී .... (දයාරත්න රණතුංග)


එහිදී ඔහුගේ තනු නිර්මාණයෙන් හැඩගැන්විනි.

ඔහු එදවස ඔවුන්ට හිතැතිව සමීපව කටයුතු කළේය 

ආර් පේ‍්‍රමදාස ශූරීන්ගේ නවකථාවන් වු ’ජීවන කදුඵ’, ’රන්මිණිමුතු’ පසුව සිනමා නිර්මාණ ලෙසින් දොරට වඩිද්දී, ඔහු ඒවා උදෙසා සිය ඉන්ද‍්‍රජාලික තනු මංජුසාව විවර කර, එයින් සිරුවෙන් තෝරාබෙරා ගත් රසපුර්ණත්වයෙන් අනූන ’ගී’ තනු යොදාගත්තේය. පහත සටහන් කර ඇත්තේ "සිතුවිලි" ගී තැටියෙන් මතුව, ගුවන් විදුලි උදා ගීතාවලිය රසගන්වන්නට නිරන්තරයෙන් යොදා ගත් "ජෝති" දෑ අභිමන් ගීයකි.


පෙරදිග අහසේ පෙරමුණ අරගෙන ................


සිතුවිලි නවහිරු කිරණ නැගේ ....


පෙර රජ දරුවන් ගිය මග යන්නට ....


සැරසෙව් පෙරමග ලකුණු දිගේ ................


මගේ රට සුරකින ජීවන දහමයි...


වැවයි දාගැබයි ඔබයි මමයි...


රන්කෙත පින්කෙත අතරින් මතුවුන...


ඉසුරු සුගන්ධය දසත හමයි......


-------------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------------

 

1978 දී ශ‍්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සිදුවු පෙරනොවු විරූ පෙරළිය එනම් ’කැසට්’ සංගීතයේ අගමනයෙන් ද පසුව ඔහු විසින් තැනු මහා ගී තනු මන්දිරයේ ඔපය දිනෙන් දින ප‍්‍රබාතයෙන් බැබළීය. ඒ යුගයේ සිට 80 දශකයේ අවසාන යුගය තෙක් බිහිවු දහස් ගනන් කැසට් පට කංචුකයන්හි ’සරත් දසනායක’ නාමය ලියැවි තිබුනු වාර ගණනද සුඵපටු නොවේ.














සරත් දසනායකයන් පන්ඩිත් අමරදේව සමග තනුවක් නිර්මාණයේදී පසුබිමින් බලා සිටින්නේ සිනමාවේදී රංගන ශිල්පී  මිල්ටන් ජයවර්ධනය (දකුණේ)

----------------------------

රැුල්ලෙන් රැුල්ලට පාවෙන ඔරුවේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

නිල්ලතා පුරා - නන්දා මාලිනි (කුලරත්න ආරියවංශ)

චූටි නංගියේ අදින් පසුව අක්කා - නීලා වික‍්‍රමසිංහ (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

සංසාර සාගරේ ජිවිතේ යාත‍්‍රාව - නන්දා මාලිනී - (සුනිල් ආරියරත්න)

දිසාපාමොක් ඇදුරුතුමනී  - ටී එම් ජයරත්න (උපාලි ධනවල විතාන)

ඔරුව වසා වැලි පුරවා එගොඩ ගොඩේ - ටී එම් ජයරත්න (උපාලි ධනවලවිතාන)

හැඩකාරයි මං පොඩිකාලේ - චන්ද‍්‍රානි ගුණවර්ධන (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රෑ දුරුරට දී හිම වරුසා  - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)

බොල් වී අහුරු - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)(

උඩවැඩියා මලක් වගේ - සුජාතා අත්තනායක   (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රන් කුරහන් හේන උඩින්  - නිරංජලා සරෝජිනී (උපාලි ධනවල විතාන)

--------------------------------

මතු කියවුනු ගී රස මිහිර බිඳිති මෙයින් ...........අසන්න

---------------------------------

සරත් දසනායක ස්වාධීන අමයුරු ගී සළකුණ දැරූ අනන්‍යතාවය කිනම් වේද?

හින්දි ගී තනු බිහිවුයේ උත්තර භාරතීය ජන සංගීතයේ ආභාෂය ලබමිනි. ඒවාට පසුව බටහිර සංගීත ශීල්පීය න්‍යයානුකුලව ’හර්මනි’, ’කවුන්ටර් මෙලඩි’ අනුගත කර ’ජනප‍්‍රිය පොප් ගී’ බිහිකරගනු ලැබිය. ලාංකීය ’ආර් ඩී බර්මන්’ ’ලක්‍ෂ්මීකාන්ත් - ප්‍යොරේලාල්’ වූ ’සරත් දසනායක’ යන් සිංහල ජන සංගීතයෙන් සිය නිර්මාණපෙළ පෝෂනය කරගන්නට යෙදුනි.


උක්ත ගී පෙළ අතර සටහන් වූ


’නිල් වන ලන්දේ මල් මකරන්දෙ’් - ’පාට පොදක් තිලකලා’ - ’මුව මදහාසේ සීපද රාවේ’ - ’නිල්ල නගන ස්වර්ණ කිකිණි’ - එවන් නිර්මාණයන් ය.


ඉංග‍්‍රිසි ගී ගයමින් රසික සමාජයේ එක්තරා කොටසකට පමණක් ගී රසය බෙදාදුන් අසමසම ගී හඬකින් පරිපෝෂිත ’ඩැල්රින් ආනෝල්ඩා සූබි’ නම් වූ බර්ගර් ජාතික ගායිකාව සිංහල ශ‍්‍රාවක රසියන් වෙත හඳුන්වාදීමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට හිමිවේ. ඒ 70 දශකයේ මැද භාගයේදීය නමුදු 80 දශකයේ උදාවේදී ඇය සිංහල සංගීතය වෙත පියවර ගණනාවකින් වඩාත් සමීප වී , ජන ගී ආර මතුකල නිර්මාණයන් උදෙසා සිය හඬ මුසුකරද්දී එහි සියඵ ගෞරව බුහුමන හිමිකරදියයුත්තේ සංගීතවේදී සරත් දසානයකයන් හටය.


’ඔළිඳ කෙළිය’ නාද රටාව සිහිගන්වන මෙහි ඇයගේ බටහිර ආරට හුරු ගී හඬින් එක්කල අපුර්වත්වය කොතරම් වේද?


බාල ගැටිස්සි කැන්දන් යන්න හදනවා...............


තරිකිට.............


දොන්ත බබක්කට ලැජ්ජයි ...


දෙන්න දෙයක් නෑ ................


------------------

නිෂ්පාදනය - සිල්වර්ලයින් රේකෝඩ් බාර් 


නිෂ්පාදක - කෙනත් පෙරේරා


ගී පද - අජන්තා රණසිංහ


වසර - 1977 පමන

-------------------------

70 දශකයේ ගී නිර්මාණකරණයේදී සමකාලීන ගුවන් විදුලි ශිල්පීන් අනුගත වි තිබුනු නව ප‍්‍රවණතාවය වුයේ ’ජන ගී’ ආභාෂය ලබන්නට රිසි විමයි. අදාල විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව මනාසේ හදාරා නිර්මාණකරණයේ යෙදුනු සරත් දසනායකයන්ද ඒ අනුව කටයුතු කලා විය හැකියැයි අනුමාන කළ හැකිය. ’පාරු කවි, නෙඵම් කවි, ජසයා ලෙන්චිනා නාඩගම, රබන් ගී ඇතුලත් වෙළඳ තැටියක් උදෙසාද ඔහුගේ දායකත්වය ලැබ තිබුනි. (ලෝටස් එල් පී තැටිය - ෆෝක් සෝන්ග්ස් ඇන්ඩ් රිදම්ස් ඔෆ් ශ‍්‍රී ලංකා)


’ජන ගී ආර’ ප‍්‍රචලිත කරන්නට යෙදී, දේශිය ජන සංගීතය ප‍්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක යෙදුනු ’70 දශකයේ’ ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් විශේෂ සංගීතමය විචිත‍්‍රාංග කිහිපයක් දියත් කර තිබුනි. සී ද එස් කුලතිලකයන්ගේ අර්ථපතීත්වයෙන් දියත් කෙරුණු ’ජන සංගීත පර්යේෂණ ඒකකය’ උදෙසා ’සරත් දසනායක’ ද, දායකත්වය ලබා දුන්නේ එවකට ආධුනික ශීල්පියෙකු වූ ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර දීමෙනි. එය පසුව ගී පද රචනා කලාවේ ප‍්‍රවිණත්වය ලද ’කුලරත්න ආරියවංශ’ ගේ කුඵඳුල් ගී සංකල්පනාව විය. ඔහුගේ මෙම අපුර්ව නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිය ශ‍්‍රාවකයන් වෙත නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී තැටියේ (1976) ඇතුළත් කරන්නට තෝරා ගන්නා ලද්දේය.


’ආදරයෙන් මා හද වට එතෙන ලතා......................’


’ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා .....................’


’දිගින් දිගට නිල් වරළස මුදන්නියා............’


’නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා.............’


’රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා.....’


’දුරින් දුරට මා සිතගෙන මටත් හොර ඇදෙන්නියා.....’


’පාන්දරින් මල් පිපුනා බඹරු දනී ....’


’සිහින් තුසර පිනි වැටුනා අහස දනී...’


’සෙමෙන් විහග ගී නැගුනා පවන දනී..’


’නුඹට බැඳුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී....’


-----------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------


සේයාරෑ උපුටාගැනීම - මුහුණූපොත ඇතුඵ අන්තර්ජාලයෙනි. ඒවා ඊට එක්කල රසවතුන්හට ස්තුති පුර්වකවයි.

සරත් සත්සර රස සරය මෙතැන් සිට ඉදිරියට...