namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, October 11, 2017

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 03

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  03 කොටස


ඔස්‌ටින්- අචිරවති නැවුම් කැදැල්ලේ සුව පහස විඳි මේ අවධියේ ගුවන් විදුලියේ එක්‌ව සුසැදි ලුෂන් - ඔස්‌ටින් සුසංයෝගයේ නව මානයක මං සළකුණු මෝදුවෙමින් තිබුනි  පළමුවැන්නා ගේ නවතම වේදිකා නාට්‍යයේ ඔහු ම ලියූ පදවැල් වෙනුවෙන් තනු සහ සංගීතය දෙවැන්නා වෙත පවරනු ලැබීය  රතු හැට්‌ටකාරී නම් වූ එහි ස්‌වර රටා රෑහි හඞ නැගනු නිශා යාමයේ ඔහු අතැගිලි පහස ලැබු හර්මෝනියම් යතුරු වෙතින් මැවෙමින් තිබුනි


ඒවා ද සිංහල වේදිකා නාට්‍ය වංශයේ නොමැකෙන මං සළකුණු සටහන් කළ ගීතාවලියට ඇතුළත් ව වත්මනෙහි ද දශක 04 අයු ලබමින් රසික හදවත් සනහාලයි

දීකිරි දීකිරි ගෙනවා දීකිරි මිහිපිට කාටත් - ගුණදෙන දීකිරි

පැටියා මෝරපු දෙනගෙන් රාන්කිරි - හොඳහැටි උණුකර බීවා රන් කිරි

නැවුම් මුට්‌ටියේ වත්කළ මේ කිරි - පණමට ලාබයි මං දෙන දී කිරි

(ලුෂන් බුලත්සිංහල - අනුලා බුලත්සිංහල)

මෙතැනින් සවන්දෙන්න
------------



මෙහිදි වාදනය කෙරෙන්නේ මැටි කළගෙඩියක්‌ සහ පහතරට බෙරයකි පහත රට බලි තොවිල් ඇසුරේ යෙදෙන රොකු දෙක තිත යනුවෙන් ව්‍යාහරිත තාලයයි (සොඳුරු ගාන්ධර්වයා පිටුව 132)


ළමා කාලයේ සිය ජාත භූමි පියසේ කටුබැද්දේ පුරාණ සත්පත්තිනි දේවාලයේ ද  එහි පෙරහැර මංගල්‍යයේ ද වැයුනු බෙරපද නාදයෙන් වශීකෘතවු ඔහුට ඒවා සිය නිර්මාණ උදෙසා යොදාගන්නට නොහැක්‌කේ මන්දැයි යන්න වැටහෙන්නට ඇත


පාරම්පරික ගැමි ජනහදවත් දිනු ඔවුන්ගේ සංස්‌කෘතිය මෙන්ම එදිනෙදා දිවිය හා දැඩිව බැඳුනු  පෙරහැර උත්සවයන් හි හේවිසි  වැයෙන්නේ  දහඅට වන්නම් මාලාවේ එන ගජගා වන්නමෙනි  ඒ ඇත් ගමන සිහිගන්වමිනි 

එහි නාදරටාවෙන් මැවු අපුර්වත්වය වේදිකා නාට්‍යය ගීතය වෙත කැඳවාලුයේ ද රතු හැට්‌ටකාරි වෙතිනි

යස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව් දූ සිටින තැනා''''''

ලගම ඇතේ දුරක නැතේ - අපි යන්නේ මේ පාරේ'''''''


රජවරු රජ මැතිවරු - යස රාජ බිසෝවරු''''''

කළ කෙළි සෙල්ලමම් දැක - තව කාසි දියං මට''''''


හොඳ තෑගි දියං මට - හොඳ තෑගි දියං මට''''''


මෙතැනින් සවන්දෙන්න
-------

(ලූෂන් බුලත්සිංහල - ජය ශ්‍රී චන්ද්‍රජිත්)

ඔස්‌ටින් මුණසිංහ නාමය පෙරටුකොටගත් මෙකී පෙරළිකාර සංගීත නිර්මාණ උදෙසා ඔහුට නියමිත  නිසි ගරු බුහුමන නිසි අවධියේ නිසි ලෙස ලැබුනේ එය 1974 වසරේ හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය දිනගනිමිනි එයාකාරයෙන් ඔහු මැදිවිය ඉක්‌මවා යන්නට පෙරාතුවම සිය කලා දිවියේ තුරුණු මල් සමයේදීම සිය උපන් බිමේ සහෝදර ජනතාවගේ රසික දනන්ගේ කෘතවේදීත්වය ලබන්නට වසනාවන්ත විය

ඉහත ගී බිඳු ගී රසික තුඩ තුඩ බිඳ බිඳ වැහෙද්දී රතු හැට්‌ටකාරි ශිල්පි කැල සමගින් ඔහු ලක්‌දිව සිසාරා යමින් වේදිකාවේ ඉදරිපස සිට සිය වාද්‍ය භාන්ඩය වැයුවේය 

මේ වකවානුවේ එක්‌තරා දිනක රතු හැට්‌ටකාරි දර්ශන වාරයක්‌ වේදිකා ගත කරන්නට සුදානම් වී තිබෙද්දී වාද්‍ය වෘන්දය මෙහෙයවමින් සිටි ඔහු වෙත කිසියම් පණිවිඩයක්‌ ලැබුනේය

ප්‍රේක්‍ෂක ඔල්වසරන් මැද සුපුරුදු පරිදි එය නියමිත ලෙසම අවසන් වු අතර සිය නායකයාගේ මුහුණ අඳුරු වි ඇතිබව දුටු සෙස්‌සෝ 
ඒ පිළිබඳව විමසා සිටියහ

ලැබුණු පිළිතුරෙන් ඔහුවු වික්‍ෂිප්ත වුහ දැඩි ලෙස සසල වුහ එතරම්ම තැන්පත් ඉවසිලිවන්ත බවක්‌ කෙසේ අදහම්ද ?

ඒ පනිවිඩයෙන් කියෑවි තිබුනේ මුණසිංහයන් ගේ දයාබර මැණියන් මෙළොව හැර ගොස්‌ තිබුනු බවති


මෙලොව වෙසෙන මිනිසා වරෙක අසිමිතව ප්‍රිති ප්‍රමෝදය ලබයි ඊලග පැයේ දුක්‌ වේදනා අනුභව කරන්නට පොළඹවයි ඊලග වසරේ රෝ ගී සිය  දයාබර මැණියන්ද පියාණන්ගේද වියෝව අත්විඳින්නට සිදුවු ඔහු මාස ගණනක ඇවැමෙන් උතුම් පිය පදවියේ කිරුඵ දැරීය 

ඒ 1975 වස බිනර මස 04 දාතමින් මෙලොව ජනිත වූ තිසර තරුපති පුතු නිසායමතු දිනක ඉතිරි කොටසින් යළි හමුවෙමු .....
තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත

2 comments:

  1. රතු හැට්ටකාරී වේදිකා නාට්‍ය මෙරට වේදිකාවේ පෙරළි කළ නාට්‍යකිරාජ්‍ය නාට්‍ය උළෙලේ සියලු අංශයන්ගෙන් සම්මාන ලබා ගත්තද හොඳම නාට්‍ය ලෙස සම්මාන නොදුන්නේ එය රතු හැට්ටකාරී නාට්‍ය උළෙලක් වන නිසාය. ඉන්පසු සිදුවූයේ ලූෂන් බුලත්සිංහල මහතා සිය වේදිකා නාට්‍ය කිසිවක් රජය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් නොකිරීමයි.
    විචාරක දියණිය

    ReplyDelete
  2. ඔව් එය එසේ වන්නට ඇති ඔහු රතු වර්ණයේ සමාජිකයෙකු ව සිටියා ...... දේශපාලනය නිසා එවැනි කෙණෙිහිළිකම් වලට ලක් වු කලාකරැවෝ ඉතා බොහෝය මෙහි

    ස්තුතියි !

    ReplyDelete