namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, November 14, 2017

ඔස්ටින් මුණසිංහ ගැයු ළමා ගී ......



අසනු මැනවි යොමා සවන් යුග ඔහු ගේ ම ගැයුම් මිහිර වෙත ........

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 05

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  05 කොටස















------------
සංගීතඥ
ඔස්ටින් මුණසිංහ ලංකා සම සමාජ පක්ෂයේ ‍ නායක ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතා සමග
 
--------------

දම්පාටින් ළා සඳ බැසයනවා ගයමින් වසර කිහිපයකට පෙරාතුව ගුවන් විදුලියේ දී සිය හඞ අවදිකල ඔහු යළිත් ජාතියේ ළමා පරපුර වෙනුවෙන් යළිත් එහි අධ්‍යාපන සේවයේදී ගීත ද්විත්වයකට දායක විය ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලදරුවෙකු වු එච් ඒ පියසේනයන්ගේ පදවැල් උදෙසාය 


මේ වැයෙන්නේ ජාතික ගුවන් විsදුලියේ ද වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේද බාහිර ශිල්පීන් වෙqනවෙන් මනමෝහනීය තනුරටා නිමැයු මේ අපුර්ව සංගීතඥයා සිය තනු වෙනුවෙන්ම සිය හඞ අවදිකරනු ලැබු දුර්ලභ නිර්මාණ යුගලයකි 

එයින් එකකදී සිසු දරුවන්ට පාරිභෝජනයට ගන්නා මාඵ වර්ග හඳුන්වාදෙයි


මාඵ මාඵ මුහුදු මාඵ දැනුයි ගෙනාවේ ...............

ගන්න ගන්න දැන්ම ගන්න ටිකයි තියෙන්නේ ................

තෝරු මෝරු මීවැඩියෝ - පාරව් කටිsල්ලෝ .........

ඉස්‌සෝ කොස්‌සෝ ගිම්මැටියෝ - වැඩව් - හඞල්ලෝ ....................

-------------------

මෙතැනින් සවන්දෙන්න


අනිත් ගීතය ගොවියා මාතෘකා කරගනු ලැබුවකි


කුකුළත් එක්‌කම - මං නැගිටිනවා ..........

උදැල්ල අරගෙන කුඹුරට යනවා ..............

මගේ රන් දහදිය බිමට හෙළනවා ..............

රටටම බත්දෙන ගොවියෙකි මං ..................

---------------------

මෙතැනින් සවන්දෙන්න


මෙසේ සත්සර සයුර කිමිද ගිලෙමින් යන මුණසිංහ කුටුම්භයේ දෙවැන්නිය ගේ ආගමනය නව රජයක පත්විමෙන්  ආසන්නව දින 30 ක ඇවැමෙන් සිදුවිය ඒ 1977 වසින් නිකිණි මස 23 දාතමින් උපන් ස්‌වේතකී නිරංජලාය

එසේ පත්වු නවරජයේ මතු සැලසුම් මුණසිංහ සංගීතඥයාගේ ගේ මතු දිවියට සෘජුවම බලපෑවේය

---------
ඔස්ටින් දියණිය ශ්වේතකී සහ පුතු ත‍‍ර‍ැපති සමග පවුලේ උත්සවයකදී
---------
මිතුරු ලුෂන් ගේ දයාබර බිරිඳ අනුලා මේ අවධීයේ ජාතික ගුවන් විදුලියේ  ගායන ශිල්පිනියක්‌ ලෙස ශ්‍රේණිගතව සිටියේය ඇය ට ගයන්නට නියමිත තිබු සරල ගී වැඩසටහනක්‌ වෙනුවෙන් එවකට ආධුනික කවියෙකු වු රත්න ශ්‍රී විජේසිංහයන් ගේ පබැඳුමක්‌ ස්‌වර මාලාදාමයන්ගෙන් සරසවාලිමේ වගකීම පැවරුනේ ද ඔස්‌ටින් හටය


එය දෙවන වරටද උතුම් පිය පදවියේ කිරුළ හිමිකර දුන් සිය කිරිකැටි බිළිඳිය වෙනුවෙන් ලද ගී තිලිණයක්‌ බඳුය 


ඉද්ද මල් දෙණිය වත්තෙන් ඉද්ද මල් නෙළා - පිච්ච මල් කඩා ගන්නෙම් මාලයක්‌ හදා ..........

හැන්දෑවේ මං එනකොට දූට ගේනවා - ඉන්න නාඞලා එනකල් ඉන්න නාඞලා ..............

පුංචි දුවේ බලන්න බිං තඹුරු පිපිලා - රූං කියනවා බඹරුන් රොනට ඇවිල්ලා ....

පුංචි දූට අහන් ඉන්න සිංදු කියනවා .......

-----------
මෙතැනින් සවන්දෙන්න


සිරි සරසවි දෙවි අසිරි ලබමින් ස්‌වර සප්තකයේ ඇසුර උරුමකරගත්තද සිය තුරුණු වියේ පටන් ඇඵම් ඇගැලුම් දැක්‌වු දේශපාලන දර්ශනයේද ඊට කැපවු සෙසු සාමාජික කැළගේ ඇසුර ද නොහළේය

පැවති රජයට පෙරාතුව බලයේ රැඳි සමගි පෙරමුණු රජයේ කොටස්‌කරුවෙකු වු ශ්‍රි ලංකා සම සමාජ පක්‍ෂයේ 43 වන සංවත්සර උළෙල වර්ණවත් කළ ගී නිර්මාණ පෙළහර වෙනුවෙන් ඔහු මැදිහත් විය ඒ වසර 1978 දීය

ආචාර්ය එන් එම් පෙරේරා - කොල්වින් ආර් ද සිල්වා - බර්නාඩ් සොයිසා - අතාවුද සෙනවිරත්න - විවියන් ගුණවර්ධන යන ලංකික දේශපාලනයේ අති දැවැන්ත චරිත එකට එක්‌වු එකී උත්සවයේ රණ ගී පෙළෙහි මෙහෙයුම් කරුවා ද ඔස්‌ටින්ය

මේ අතරවාරයේ තෝලංගමුව මහ විදුහලට සමුදුන් ඔහු ගේ ගුරු භුමිකාවේ මිලග නවාතැන වුයේ සිය නිවසට ආසන්නව පිහිටි මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්ද තක්‌සලාවටය ඊට මැදිහත් වුයේ තම සංගීත සිසු භුමිකාවේ කටයුතු කරද්දී ඔහු හා එක්‌ව සිටි එවකට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කල ප්‍රවිණ සංගීතඥ නවරත්න අත්තනායකයන් ය එනම්  වැඩිමනත් ඔස්‌ටින් නිර්මාණයන්ට පණදුන් ගායන ශිල්පිනි සුජාතා අත්තනායකගේ සැමියා ය

හෙළ සිනමාවේ ස්‌වර්ණයුගය ගතවෙමින් පැවතියේ මේ අවධියේය භාරත ගී ව්‍යාධියෙන් සම්පුර්ණයෙන්ම පාහේ මිදුනු ලාංකිය සිංහල සිනමාවේ ඒ මියෑසිය පරයන සුඵ මෝහනීය තනු නිර්මාණය කරන්නට හෙළ ගාන්ධර්වයන් සමත් වී තිබුනි 

1976 වසරේ මුදාහළ දුහුඵ මලක්‌ නම් සිය නිර්මාණය  ඔස්‌සේ සුමධුර ගීතාවලියක්‌ තිළිණ කළ විජය ධර්ම ශ්‍රී සිය නවතම නිර්මාණය නම්කර තිබුනේ සූරියකාන්ත නමිනි එහි ගීත තනු නිර්මාණය කරන්නට තෝරාගෙන තිබුනු මියෑසි අදියුරුවරු දෙදෙනා අතර ඔස්‌ටින් මුණසිංහයන් ද විය

ඔහු සිය ගුවන් විදුලි ගී රසදහර මැවු ප්‍රවිණ ගායිකා සුජාතා අත්තනායකට තමන්ගේ  කුඵඳුල් සිනමා ගීය ට පණපොවන්නට ආරධනා කලේය 


රහසක්‌ සඳ නොදන්න - මොනර පිළක නොලියවන්න නමින් ඇරඹෙන එකී නිර්මාණය ඇය විසින් ශබ්ධාගාරයේ  පුහුණුවෙමින් තිබෙද්දී පටිගත කළ පිටපතක්‌ අවසන් පටිගත කිරිම ලෙස හගවා විජය ධර්ම ශ්‍රී වෙත යවා තිබු ජුගුස්‌සාජනක පුවතක තතු විස්‌තරය පසුව හෙළිදරවු වු ඔස්‌ටින්ට තමා අභිනවයෙන් පිවිසි ක්‍ෂේත්‍රයේ සැබැ මුහුණුවර අවබෝධ කරගන්නට එතරම් අපහසු නොවිය

ඊට මුල්වු පුද්ගලයන් ගේ නම්ගම්ද දැනගන්නට ලැබුනු ඔහු ඒවා දෙකේ කැලැසියේ බාලවැඩ ලෙසින් දුටුවේය

රංගන වේදිකාවේ මිතුරු ලුෂන් බුලත්සිංහල ලියු පිටපතක්‌ අනුව ප්‍රවිණ සිනමාවේදී නැසිගිය තිස්‌ස අබේසේකරයන් ගේ  සිටු දියණියෝ ඒ වසරේදීම තිරගත කෙරිනි එහි මියෑසි විසිතුරු මැවු ඔස්‌ටින් ගේ නිර්මාණ නිසිලෙස ජනගත නොවුයේය 


ඉතිරි කොටස මතුවට............
තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම

(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය

- අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත
ජයාරෑප 
අනුග්‍රහය  - අචිරවතී යාලගම මහත්මිය
 - හද ගී පොත  - බ්ලොග් සම්පාදක - තිස්ස දොඩංගොඩ මහතා 

5 comments:

  1. මෙවන් සොඳුරු කලාකරුවන් පිළිබඳව තැබෙන සටහන් ඉතාම වටිනවා... මේ යුගයේ ක්‍රමයෙන් අමතක වෙමින් හෝ අමතක කෙරෙමින් යන සිංහල ගීතයේ මෑත කාලීන අතීතයේ අගනා චරිතයි මේ....
    ස්තුතියි ප්‍රභාත්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... සටහන වෙනුවෙන්

      Delete
  2. ඔබ මේ සිදුකරනමෙහෙය හරි වටිනවා මෙම ලිපි පොතක් ලෙස පළකරන්න. අනාගත පරපුර වෙනුවෙන්
    විචාරක දියණිය

    ReplyDelete
  3. විචාරක දියණියනි

    ඔව් එවැන්නකට අදහසක් නැතිවා නොවෙයි

    මේ ඔස්ටින් මුණසිංහ ලිපි නම් දැනටමත් පළවි ඇති සොදුරැ ගාන්ධර්වයා නම් පුස්තකය සජිවිකරණය කිරීමක්

    ස්තුතියි මෙහි රැදී සිටිමින් අදහස් දැක්විම සම්බන්ධයෙන්

    ReplyDelete