namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, August 26, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 06

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - (1924-1980) -  නොමියෙන නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ - අංක 06  


තමන් නිරතව වු කටයුත්තේ යෙදීමෙදී ඔහු ඉතාමත් දැඩි පිළිවෙතක්‌ අනුගමනය කලේය සියල්ල නිසි ලෙසත් නිසි පිළීවෙලටත් සම්පූර්ණ වී තිබිම අත්‍යවශ්‍ය වූ අතර පුහුණුවීම් සැසි මෙහෙයවීමේදීද සුඵ අතපසුවීම් පවා නොඉවසුවේය

තම නිර්මාණයන් හා සෘජුව ද වක්‍රවද සම්බන්ධ ව කටයුතු කරන පුද්ගලයන්ගේ හැකියාවෙන් මෙන්ම නොහැකියාවන්ද මනාලෙස වටහගත් හෙතෙම තමා ප්‍රගුණ කොටගත් ශිල්පයෙන් පරිබාහිර එහෙත් ඊට සෘජුව සම්බන්ධ වූ විෂය පඨයන් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් සිටියේ දශක ගණනක අත්දෑකීම් ද අනුසාරයෙනි


ආසනයට අත තබාගෙන සිටින්නේ ආර් ඒ චන්ද්රසේනයන්ය ඔහුට අභිමුඛව වාද්‍ය වෘන්දය දෙස නත්යොමා වම් කෙළවර සිටගෙන සිටින්නේ සංගීතඥ ස්ටැන්ලි පීරිස්ය 
වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් ඒකී කටයුත්තේ යෙදීමේදී අදාළ පුද්ගලයට සරිලන ලෙස මයික්‍රපෝනයන් පවා ස්‌ථානගත කිරීම වැනි කටයුතු ද විමසා බැලීය 

මාස ගණනක පුහුණුවකින් අනතුරුව සියල්ල නිසිලෙස තමන්ට ඇවැසි පරිදි සකසා ගනු ලැබ  තැටි සඳහා ගීත පටිගකිරීමේ තීරණාත්මක  
කටයුත්ත දියත් කෙරිණි

එවකට වෙළඳ තැටි නිර්මාණ මහත් සංඛාවකට  උපත ලබා දුන් තිඹීරිගෙය වු දඵගම සරසවි ශබ්දාගාරය වෙන්කරවාගත්තේ ඊට තම හිතවත් මර්වින් රොද්‍රීගෝ ශබ්ද ඉංජිනේරුවාගේ නොමසුරු දායකත්වද දැන සහතික කරවාගැනීමෙන් පසුවය

මේ අනුව තම මංගල වෙළඳ තැටි ඇල්බමය වෙනුවෙන් ඔහු තෝරාගෙන තිබුණු ගීත පහත පරිදිය

පළමු පැත්ත

01 තේ රබර් පොල් -  සමණළයෝ 

02 කොළඹ 07 - නිහාල් නෙල්සන් 

දෙවැනි පැත්ත

01 මෝහෙන් මුලාවෙලා - වික්‌ටර් රත්නායක 

02 කැවුම් කොකිස්‌  - තිලංගනී චන්ද්‍රසේන හා චම්පා අතපත්තු 

ඉහත කී සියඵ පද රචන සිරිල් ඒ සීලවිමල ගෙනි
-----------------------------------------
මෝහෙන් මුලාවෙළා - මානෙන් උදම්වෙලා.....................

තන්හාව ක්‍රෝධ - ද්වේෂ පාරේ මිනිසා කොහේද මේ....................

රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ.....................

මිනිස්‌ ගුණේ සැමදා බැබලේ......................

එය රැකීම අප උරුමේ - වේ.....................


කේලම් කීමෙන් ඕප දූපයෙන් රට කොටවන වැඩ අවදානම්..................

අනුන් හෙළන්නට වළක්‌ කපන්නා - එහි තුල වැටිලා මියයන්නා.........................

කළ දේ පළ දේ මෙළෙසේ ...................

................................


...............................

---------------------------------------------------
සවන්දෙන්න මෙම මුල් තැටි පිටපතට මෙතැනින්


--------------------------------(පාදක සටහන)---------------------------
මෙම ලිපි මාලාවේ පෙර දිගහැරුමක සඳහන් කළ පරිද්දෙන් මේ නිර්මාණයට සම්පූර්ණයෙන්ම පදනම් වුයේ ආර් ඒ චන්ද්‍රසේනයන් හට පෞද්ගලික අත්විඳින්නට සිදුවු හිරිහැර දුක්‌ කම්කටොඵ නිසා හටගත් සන්තාපයෙන් ඔහු සිත තුල පැන නැගි චිත්තාවේගයන්ය 

එනමුදු  එවකට හෙළ ගී අම්බරයේ පායා නැග එමින් ක්‍රමයෙන් සිය ප්‍රභාලෝකයෙන් හාත්පස එකලු කල එය වික්‌ටර් රත්නායක නම් වු අති සුන්දර ගායන තාරකාවේ කිර්ති කදම්බය ලක්‌ පොළා් තලය සිසාරා පතුරාව හැරි නිර්මාණයක්‌ බවට හැරිණි  

උපදේශාත්මක වදන් වැළකින් සමන්විත එය ශ්‍රාවක ඔබ ද මා ද දිවිමගේ කවර කළක හෝ සාමජයේ සෙස්‌සන් හමුවේ  අත්විඳින්නට සිදුවු සෝ තැවුල් අරභයා පොදුය වළංගුය එකරුණම එය ජාති - අගම්  - කුල භේදයන්ගෙන් තොරව සමාජයේ සියඵ වයස්‌ කාන්ඩයන් හි ගී රසිකයන් එකලෙස අදද රසවිඳින අගයන ගී මිණකි 
-------------------------(පාදක සටහනේ අවසානය)----------------


මේ අතරවාරයේ  චන්ද්‍රසේන පවුලට ඉතා හිතවත්වු ද සිනමා ගීත කලාවේ සිය නාමය රැඳවු වල්පොළ යුවලේ  ගීත කෝකිලාවිය ලතා වල්පොළ හට වෙළඳ තැටි ක්‍ෂේත්‍රයට පිවිසිනෙන්ට ඉඩකඩ සලසා දෙන්නේ නම් මැනවයි සිතාගත් ඔහු ඒ සඳහා සිය කාලය හා ශ්‍රමය යොදවන්නට තීරණය කලේය

චන්ද්‍රසේනයන් හට සිය අතීත මතක සැමරුම් සිහියට නැගිනි මින් වසර 20 කටත් එපිටදී තමා සහභාගී වු සඳකිඳුරු ගීත නාටකයේ දසබලධාරි ගීතය වෙනුවෙන් වස්‌දඞුරාවය නැගු ඒ හුරුබුහුටි යව්වනයා පසුව සිය සංගීතායතනයේ ශිල්ප හැදෑරු අයුර පසුව සිය සහය ලබමින් එච් එම් වී තැටි ලේබලයේ ගී ගැයු අයුර මෙන්ම සිය හද සසලකල සිදුවීම් පෙළ හා සබැඳි කොළඹ හාදයෝ සිනමාපටයේ ගීත ගායනයේ නිරත වු අයුරු රූ රටා ඔහුගේ මනසේ මැවි පෙනෙන්නට විය

ප්‍රකට ව්‍යාපාරික විජයපාල හෙට්‌ටිආරච්චි ගේ වෙළඳ තැටි ආයතනයේ බිස්‌වා ලේබලය වෙතින් එළිදුටු මෙකී නිර්මාණය වෙනුවෙන් 
ලතා  - ධර්මදාස පවුලේ එකම දියණි සත්හැවිරිදි පමණ වියේ සිගිති ධම්මිකා  ද පුහුණුකරවනු ලැබිය

ධම්මිකා

බඹර කුමරියන් ඇවිදින් දොරට ගසනවා.......

ලතා

සරසවියට කවි කියන්න පුතුව සොයනවා..................

ධම්මිකා

මොනර මොනරියන් නටමින් පෙළට සිටිනවා...................

ලතා

සරසවියට ගිමන් යන්න පවන් සලනවා...................

දෙදෙනා

බඹරු මොනරු සිංදු කියනවා - අතුරු මිතුරු පවන් සලනවා.....................
දි
---------------------------------------------
සවන්දෙන්න මෙතැනින්

ලේබලය - බිස්‌වා
නිෂ්පාදනය - විජයපාල හෙට්‌ටිආරච්චි
වසර - 1969 පමණ
--------------------------------------------
----------------------(පාදක සටහන)-------------------------------------
ශ්‍රි ලාංකීය සංගීත රස සාගරයේ කිමිද අමිල මුතු මතුකරදුන් එකම පවුලේ සාමාජිකයන් නියොජ්නය කරන ගායන කුලකයන් අතර ධර්මදාස - ලතා  - ධම්මිකා - සුනෙත් - අමිත් පිය - මව් - දියණි  - පුතුන් යටගියාව අදින් අඩසියවසක්‌ද ඉක්‌මවා ඈතට දිවයයි එහි නියමුවා වු ධර්මදාස වල්පොළ නම් වස්‌දඞු වාදකයා - මෝහණිය මධුර ස්‌වරයකින් හඞ අවදිකල ගායකයා අදින් පන්තිස්‌වසකට පෙර 1983 වසරේදි මෙළොවින් සමුගෙන ගියද සෙසු සාමාජිකයන් අදද ක්‍රියාශීලීව හෙළ ගී වංශ කථාවට සිය දායකත්වය ලබා දෙමින් සිටිති
----------------------------------------------------------------------------- 

ශ්‍රි ලංකා රජයේ  නිලදරුවකු ද චන්ද්‍රසේනයන් ගේ ශ්‍රිලනිප දේශපාලන කටයුතු සිදුකිරීමේදීද හමුවු හිතවතෙකු වු අමර කුමාරරත්න මෙහි පදමලාවේ හිමිකරුවාය

හිස දරා තිබුනු මහත් බරකින් නිදහස්‌ වූවා සේ ඔහුට හැගිගියේය ඒa තමන් විසින් ආරම්භ කෙරුණු කටයුත්තේ අල්ප ප්‍රමාණයක නිමාව දකින්නට සමත් වු බැවිනි  එහෙත් කිසියම්ම හෝ විවේකයක්‌ නොවීය සංදර්ශන සඳහා පෙර පරිදීම තම වාදකයන් හා සහභාගි විය යුතුය  එයින් නොනැවතී ඇරයුම් ලැබෙන වෙනත් පටිගත කිරීම් සඳහා දුවපැන ඇවිදිය යුතුය 

කලායතනයේ වැඩකටයුතු බොහෙමයක්‌ සිය ප්‍රියාදර බිරිඳ ශ්‍රියානී විසින් පවරාගනු නොලබන්නට ඔවුන්ගේ ආදයම් මාර්ග සැළකිය යුතු ලෙස ඇහිරි යන්නට තිබිණි සවස්‌ යාමයේ සංගීතය ලැදි සිසු දරු දැරියන්ගෙන්ද ගොම්මන් අඳුර පැතිරෙද්දී සංගීත ශීල්ප සතර ලැබීම රිසි රැකියා වල නියුතුවුවන්ගෙන්ද එහි අඩුවක්‌ නොවීය

ඔහුට විරුද්ධව අවි අමෝරා ගනිමින් නිතිපතා සිදුකරනු ලබන කුමන්ත්‍රණ සිත් රිදවීම් අඩුවක්‌ නොවි තිබුනු තත්වයක තමන්ගේ සුඵ තරම් අතපසුවීම එකී පුද්ගලයන්ට මහමෙරක්‌ තරම් වන බව ඔහු මනාව වටහගෙන සිටියේය


මින්පෙර නිරත නොවූ නුහුරු නුපුරුදු ක්‍ෂේත්‍රයකට අතපොවනු ලැබ පහසුවෙන් ගොඩ නෙඑන මුල්‍යමය නාරවළක කරවටක්‌ ගිලෙන්නට ඉඩ නොතැබිය යුතුය තම පාසල් දරු දැරියන් තිදෙනා ගේ අනාගතය ලංසු තබන්නට ඉඩනොදිය යුතුය
පුහුනුවිම් සැසි දිනපතා ම පාහේ පැවැත්වනු ලැබුවේ වාදක මන්ඩලයද ඒ සඳහා යොදවාගනිමිනි ඔවුන්ගේ ආගන්තුක සත්කාර ද දරුවන්ගේ පාසල් වැඩ කටයුතු අදී මෙකි නොකි වැඩ කටයුතු සියල්ලම චන්ද්‍රසේන මහත්මිය ගේ කරපිට වැටී තිබිණි


මෙතැන් සිට නැවතත් දිනක ඉතිරිය ......................

විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත

3 comments:

  1. මෝහෙන් මුලාවෙලා ඉතා අග්‍රගන්‍ය ගීයක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. නිසැකවම එය ඔප්පු කරන්නේ රසිකයන්මයි දශක 05 සුඵපටුකාලයක නොවේ...

      Delete