namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, January 15, 2019

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 10


එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - විදුලි සරින් ඇදී යන ඔහු අතැගිලි   -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ 
- 10 විවරණය


චන්ද්‍රසේන පවුලේ බඩ පිස්‌සිය වු බොරැල්ල ගෝතමි බාලිකාවේ 06 ශ්‍රේණීයේ  ඉගෙනුම ලබමින් සිටි දොළොස්‌හැවිරිදි දර්ශනී හා පුරා කියා හෙළ ගී කලාකෙතට බැසීමේ සුභ දිනය එදින උදාවිය ගීතයේ පදවැළ අරුත් ගැන්වී ඇති සේම කලාලොව දිගු චාරිකාවක නිරත ව සංගීත ලැදි සිසුදරුකැළ ඥානයය කරවමින් ආ මගේ මුලාරම්භය එය විය 



ක්‍ෂේත්‍රයේ අත්දෑකිම් සපිරි දෙටු දියණිය පරයමින් සිය කණිටු දියණීය මතු දුර අනාගතයේ දිනයක චන්ද්‍රසේන ගී මුතු දාමයේ අස්‌වනු මතු පරපුර වෙත උරුම කරදීමේ මහගු කර්ත්‍යයේ සියඵ වගකිම් සියකරපිට පටවා ගනිමින් තමාගේ නාමය සුරකිනු ඇති බවට ඔහු එදා නොදැන සිටියා පමණක්‌ නොව නොසිතන්නට ද ඇත

මේ අවධියේ චන්ද්‍රසේනයන් ලාංකික තැටි ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කිසියම් ස්‌ථාවරත්වයක්‌ ගොඩ නගාගනිමින් එහි කැපී පෙනන කාර්ය භාරයක්‌ ඉටුකරමින් සිටියේ  සිය නාමයෙන් ලේබල ද්විත්වයක්‌ යටතේ තැටි වර්ග 04 ක්‌ වෙළඳ පොලේ සංසරණය වන්නට ඉඩ හරිමිනි

මෙහිදි ඔහු සිය නවතම තැටිය බෙදාහැරිමේදී වෙනස්‌ පිළිවෙතක්‌ අනුගමනය කරමින් එය එවක දිවයිනේ අනික්‌ ප්‍රමුඛතම තැටි ව්‍යාපාරය වු සිමාසහිත විසාකාමාල්ස්‌ ආයතනය සිය නියෝජිතයා ලෙස පත්කරගත්තේය එය ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු රසවතෙකු වු විජයපාල හෙට්‌ටිආරච්චි මහතාගේ ජෙම්ටෝන් තැටි ලේබලය පවත්වාගෙන යනු ලැබු ආයතනයද වෙයි

දිවයිනේ සියඵ ප්‍රමුඛතම ගායක ගායිකාවන්ගේ නවතම ගී හා එවක ජනප්‍රියතම ගුවන් විදුලි පටිගතකිරිම් හි නව නිෂ්පාදන බිහිකළ ලේබලය එය විය

වාසනා නමින් වෙස්‌වළාගත් ආර් ඒ සී ලේබලය පිළිබඳව දැනුවත් කිරීම් ගුවන් විදුලිය වෙත නියමිත කලට නියමිත පරිදි ලැබි තිබුනෙන් ප්‍රතිඵලය වුයේ  සුපුරුදු ලෙසම එකී බලධාරීන්ගේ යකඩ ඇණ චිත්‍ර කලා ශිල්පයේ පහස ලබන්නට වාසනා තැටියට ද සිදුවිමයි

කෙටි කාලයකින් නැවතත් නිෂ්පාදකයන්ගෙන් වෙනත් පිටපතක්‌ එහි එවනු ලැබිය ගීත කෙටි කලකට වාදනය විය  යළිත් නිහඞ වුයේ දෙවන පිටපතද සිතුවම් කඩදාසියක්‌ බවට හැරවීමෙනි

මේ අතරවාරයේ තැටියෙන් කළඑළි බට නවතම ළමා ගායිකාව පිළිබඳව දනන් තුඩ තුඩ පැතිරයද්දී ඊට සමගාමිව  ඇයට සිය පාසලේ කෙණෙහිළිකම් වැඩි වැඩියෙන් ලැබෙන්නට විය සංගීත ගුරුතුමිය අභියෝගයට ලක්‌කිරීම පාප කර්මය ඇයගේ හිසමත කඩා වැටිණි දසත පතල ළමා ගායිකාවක්‌ බවට පත්කරවනු ලැබු ඇයගේ ගීතය  ගි ගයන්නට බැරියෑයි කී ගුරුතුමියට පරිභව කිරීමක්‌ ලෙස සලකා කටයුතු කරනු ලැබිය

කන්ඩායම් ගී රැල්ල ක්‍රමයෙන් උස්‌ව නැගි එමින් පැවති ඒ යුගයේ වේග රිද්ම ගී කලාව ට පැවති ඉල්ලුම විසින් ඔහු ගේ මිලග නිකුතුව උදෙසා යෞවනයේ නිහාල් නෙල්සන් ව තෝරා ගන්නට පොළඹවන්නට ඇත  ධනපාල උඩවත්ත ට වෙන්වුනු ගීතය හැරෙන්නට සෙසු ගීත සියල්ල වෙන්කෙරුනේ නිහාල් වෙනුවෙනි

එම ගීත පෙළ ඉන්පෙර බිහිකළ සියඵ නිර්මාණයන්ට වඩා වෙනස්‌ අයුරකින් නිම කරන්නට ඔහු සිතන්නට ඇත සෞන්දර්යාත්මක සාම්ප්‍රදායික ගී පදමාලා වලින් මදකට බැහැර ගොස්‌ හුදු විනෝදාස්‌වාද ඉලක්‌කරගත් ගීත පෙළක්‌ මෙවර වෙළඳ පොළට නිකුත් කරවා එහි අලොවිය කිරාමැන බැලීමේ අවදානම් සහගත කටයුත්තට ඔහු අත ගැසීය


01  දමා කොළඹ පන්නේ.....

02  ගම නගරේ ඇවිදිනා....



03  කියයි මිහිරි කථා......

04  රෙදි වියන කෙල්ල ලස්‌සනයි.........


ධනපාල උඩවත්ත සහභාගි වු  කියයි මිහිරි කථා  පද සැකැස්‌ම  කරුණාරත්න අබේසේකරයන් විසින් සිදු කරනු ලැබු අතර එය පමණක්‌ පසුව  ඉරුදින බයිලා තීරයේ වාදනය විම නිසා ජනප්‍රිය වු අතර සෙසු ගීත සරත් මුණසිංහ ගේ පද රචනා වේ

සුපුරුදු ලෙස දඵගම සරසවි ශබ්දාගාරයේ දී 1971 නොවැම්බර් මස දී මෙම පටිගත කිරීම සිදුකරන ලදී
------------------------------------------------------
කියයි මිහිරි කථා - නිතර රසට ගොතා ................

බොළඳ සුපෙම් කථා - මලකි නාරිලතා ..................

ඔමරි කරන ලතා - සුවඳ සමන් ලතා .........................

ආවේමි හදපතා - හිනාවෙයන් ලතා .....................

රුන්ද රුන්ද ගත මලවට බඹරු නටන්නේ ...............

ඇයි මන්ද මන්ද මගේ හදවත ඔබට නොදෙන්නේ .........

සවන පිනන මන බන්දන  - ගී අසමින ඔබට ගයන ...............

මගේ පුංචි පැළ ඇතුලට එන්න දයාවී ...............

----------------------------------------------
ගී පද  - කරුණාරත්න අබේසේකර

ගැයුම - ධනපාල උඩවත්ත
-----------------------------
අසන්න මෙතැනින්.......
Music podcasts - Download Audio -

--------------------------------(සටහන)--------------------------------------
70 දශකයේ අවසන් වසර දෙකතුන සහ 80 දශකයේ දී මේ තැටියේ ඇතුළත් කර තිබූ ධනපාල උඩවත්ත ගැයු ගීතය පමණක්‌ නිරතුරු වාදනය කරන්නට ගුවන් විදුලිය පියවර ගෙන තිබු නමුදු එය නිතැතින්ම ඉරුදින පමණක්‌ මධ්‍යයන 12 30 සිට විනාඩි 15 ක කාලයකට සිමා වු බයිලා නම් ගීත වැඩසටහනට පමණක්‌ සිමාකරන්නට ද වගබලා ගත්තේය

ඒ වැඩසටහන වෙන්කෙරී තිබුනේ අනෙකුත් බයිලා ගායකයන් ලෙස හංවඩු ගැසී තිබු නිහාල් නෙල්සන් (ඔරු පදින්න පහළ ගගට බෝගන්විලා මලේ - ලස්‌සනට පිපුණු වනමල් - යුරෝපයේ අති සුන්දර  - මා ලොකු වූ පසු දොස්‌තර මහතෙකු) -  සෝමසිරි ප්‍රනාන්දු (මාගේ පැලේ අඳුර නසන්න)  ඇන්ටන් ජෝන්ස්‌ (සීගිරි ගිරි ශිඛරය කසුප් රජුගේ) එම් එස්‌ ප්‍රනාන්දු (සීත සුලං අවට හමන්නේ - රස ආහාර කවලා - සැවැන්දරා සුගන්ධයේ - පුතෙක්‌ උපන්නා - කොළඹ කාක්‌කා -කැකිරි පැලෙන ටිකිරි හිනාවයි - ටිකිරි ටිකිරි ටිකිරි ලියා ) මැක්‌ස්‌වෙල් මෙන්ඩිස්‌ (මම බොහොම බයවුනා - මහදැනමුත්තා) මයිකල් පෙරේරා (කස පුපුරන හඞ ලගම ඇසෙන විට) ජිප්සීස්‌ (ඔබ හමුවු මුල් දිනේ)  යන මේ ගීත කිහිපය යළි යළි වාදනය කරන්නට දෝ යෑයි සිතේ

වෙළඳ තැටි ගී කලාවෙ වේග රිද්ම ගී ලතාවේ නම රැන්දු ඩෙස්‌මන්ඩ් ද සිල්වා -  මරියසෙල් ගුණතිලක - ඩැල්රීන් ආනෝල්ඩා යන මේ ශිල්පී ශීල්පීනියන් ගේ එකදු ගීතයක්‌ හෝ මේ මිනිත්තු පහළොව තුල ප්‍රචාරය නොකරන්නට ද වග බලා ගත්තේය එනමුදු පසුව තැටි නිෂ්පාදකයන් සිය බරපැණ යොදා නිෂ්පාදනය කරවා ගත්  අනුග්‍රහක වැඩසහන් අතරවාරයේ මේ දෙදෙනාගේ ගීත වාදනය නොකර සිටින්නට නොහැකි විය

ඒ කෙසේ නමුදු මෙකී බයිලා වැඩසටහන සම්පූර්ණයෙන්ම යෑපුනේ ගුවන් විදුලියේ පී ඛාන්ඩය යටතේ වර්ගීකරණය කෙරෙන්නා වු පරිත්‍යාග තැටි එනම් මෙකී වෙළඳ තැටි මගිනි එයින් අදාළ ගීත රැගත් තැටි ඇල්බමයන් වෙත නොමිළේ ලැබුනු ප්‍රචාරණය අතිමහත් විය

------------------------------------------------------------------------------

ගුවන් විදුලියේ පනින රිළවුන්ට ඉනිමං බැඳී එකිගීත පෙළ අපේක්‍ෂා කල පරිදීම වහාම වාරණය කරනු ලැබිය එවන් ගීත තැටියක්‌ නිකුත් විනැයි රසික ප්‍රජාව දැනුවත් නොවි තිබිණි ප්‍රතිඵලය වුයේ ඒ ඇණවුමේ තැටි අන් කවර නිකුතුවකටත් වඩා අලෙවි නොවි චන්ද්‍රසේන සංගීතායතනයේ ගොඩගැසිනි 

එවර ඔහු සපුරා අසාර්ථක වු සෙයකි පවුලේ ආදායම් තත්වය නරක අතට හැරෙන්නට වුයේ ආයෝජනය කල මුදල උපයා ගන්නට මේ වාරයේ ඔහු අසමත් වු නිසාය 

සිය ව්‍යාපාරය පසෙක ලා වෙනත් තැටි නිෂ්පාදකයන්ගේ නිර්මාණ සඳහා දායක වන්නට ඔහුට සිදු වි තිබු අතර වසරකටත් අධික කාලයකින් ආර් ඒ සී තැටි නිෂ්පාදනය ඇණහිට තිබිනි

1972 වසර ගෙවි යමින් තිබුනේ සිංහල සිනමාවේ වෙළඳ තැටි ව්‍යාපාරයේ සහ ගුවන් විදුලියේ ගී එකිනෙක පරයා විශාල වශයෙන් එළි දැක්‌වෙමින් තිබියදීය  ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියඵ ශිල්පීන්ට එය ඉතා කාර්ය බහුල අවධියක්‌ විය සිංහල ගීතයේ ස්‌වර්ණමය අවධිය වු 70 දශකයේද සුවිශේෂී වසරක්‌ ලෙස මෙය සටහන් විය

එවර චන්ද්‍රසේන සංගීතඥයා සිය දෙටු දියණිය  සුවිශේෂි පටිගතකිරීමක්‌ සඳහා පුහුණුකරන්නට පටන් ගත්තේය සිය හිතවතා වු මර්වින් රෝද්‍රිගෝ ශබ්ද ඉංජිනේරුවරයා වෙත සිය මනසේ මැවි තිබු නිර්මාණයේ තාක්‍ෂණික තොරතුරු පැහැදිලි කරමින් ඒවා නිරාකරණය කරගන්නා ක්‍රමවේදයන් පිළිබඳව අදහස්‌ හුවමාරු කරගත්තේය

මතු දිනයක මෙතැන් සිට ඉදිරියට ........

සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත


No comments:

Post a Comment